ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

56K 11.4K 1.7K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
03 කොටස ✴️
04 කොටස ✴️
05 කොටස ✴️
06 කොටස✴️
A/N
08 කොටස✴️
09 කොටස✴️
10 කොටස✴️
11 කොටස✴️
12 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
15 කොටස ✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
21 කොටස ✴️
22 කොටස ✴️
23 කොටස ✴️
24 කොටස ✴️
25 කොටස ✴️
26 කොටස ✴️
27 කොටස ✴️
28 කොටස ✴️
29 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
32 කොටස ✴️
33 කොටස ✴️
34 කොටස ✴️
35 කොටස ✴️

07 කොටස✴️

1.4K 361 70
By Kim_niru_55

පස්සෙ කතා කරමු පුතා...දැන් යමු අර ළමයත් එලියට වෙලා බලාගෙන ඇති අපි එනකන්...

අනේ අම්මා...

විකාර නොකර එනව යන්න..

අම්ම මට බල කරපු නිසාම මන් එයා පස්සෙන් හෙමීට යද්දි.. අම්ම ගිහින් ගේට් එක ලග හිටපු ආර්යාට කෝපි තිබ්බ ට්‍රේ එක දීල.. මාවත් එයා ලගට තල්ලු කරල දාද්දි.. මන් බලාගෙන ආර්යා බිම බලන් හිනා වෙනවා.

යමුද එහෙනම්..

හ්ම්...

ආර්ය ඉස්සර වෙලා යද්දි.. මම ඉතින් එයා පස්සෙන් වට පිට බල බල යන අතර දැක්ක මිනිස්සු හොරෙන් ජනෙල් වල කර්ට්න් එහාට කරගෙන මන් දිහා බලන් ඉන්නෙ කියල..

දැන්නම් මට බයත් හිතෙනවා..

ආසි මට කියල මසාල චායි එක ගෙන්නගෙන මේ අහින්සකයට මොනා කරන්නද දන් නෑ හදන්නෙ.. නිකන් මගෙ හිතත් කියනව කියනව වගේ දැන් නම් උබ යන්නෙම මෝරගෙ කටට කියල ..

යන්න ඇතුලට..

තනියම..

ආර්ය දොර ගාවදි නතර උනේ මොකද එලියෙ ආසිගෙ ගෝලයො ඔක්කොම හිටපු නිසා.. ඉතින් මට තනියම ඇතුලට යන්න කියපු ආර්යාගෙන් මම අහපු මෝඩ ප්‍රශ්නෙට එයා එක පාරටම හිනා වෙන්න ගත්තා..

නැතුව ඉතින්.. අපි හැමෝම එන්න ඕනද දැන් ආ...

එයා ඇස් වලින් ඇතුල පෙන්නද්දි.. මම ඉතින් බිම බලාගෙන මනාලය බලන්න යන මනමාලි වගේ මසාල චායි එක අරගෙන දොරෙන් ඇතුල් උනාම ආර්යා දඩාන් ගාල දොර වහල දාපු විදිහට මාව ගැස්සිලා ගියා...

මොකෝ බය උනාද...?

ඒ ගැඹුරු කටහඬ මන් ඉන්න තැන ඉදල අඩි ගානක් එහයින් ඇහෙද්දි මම ඒ පැත්ත බැලුවෙ..

ආසි තනි කළු ජැකට් එකට කළු පාටම දිග කලිසමක් ඇදල ඉන්නව දකිද්දි වෙනදට වඩා කඩවසම් කමක් එයාගෙන් දකින්න ලැබුනෙ.. හැබැයි එයා කර කර හිටපු දේ දැක්කම මාව හිරි වැටිල ගියා..

එයා ගන් එකේ කෑලි ඔක්කොම ගලවල ඒක රෙදි කෑල්ලකින් පිහිද පිහිද ඉන්නව හෙන ආසාවෙන්.. එයාට ඒක සාමාන්‍ය දෙයක් උනාට මගෙ නම් ඇගත් පන නැතුව තිබ්බෙ මේ මනුස්සය නිසා.. කවුද දන්නෙ ඔය ගන් එක ඔච්චර පිහිදන්නෙ මට ඩෝං ඩෝං ගාල වෙඩි තියන්නද කියල..

ලගට එන්න...

මගෙන් කිසිම ප්‍රතිචාරයක් නැතිම තැන.. එයා මන් දිහා නොබල අත විතරක් මගෙ පැත්තට දික් කරල එයාගෙ ලගට කතා කරද්දි.. මම බයෙන් බයෙන් එයා ලගට යන්න ගියත් ඊට පස්සෙ උනේ මම හීනෙකින්වත් නොවුන දෙයක්..

සලාං________

මගෙ පැත්තට එයා එක පාරට ගන් එක දික් කරපු විදිහට මම බය වෙලා කකුලත් පැටලිලා එයාගෙ ඇගේ ඉදන් මසාල චායි එකත් හලල මාව හෙන කදය වගේ බිම ඇදන් වැටුන...

ආව් පස්ස නෑ වගේ...

ශිට්...මගෙ ජැකට් එක කෑව...බලනව තමුසෙ කරපු වැඩේ නිසා මගෙ ජැකට් එකට වෙච්ච දේ...

මම ඇස් වල කදුළුත් පුරවන් එයා දිහා ඇස් උස්සල බලල දඩි බිඩි ගාල නැගිටල ඔලුව පහත් කරගෙන හිටියෙ එයා කෑ ගහන නිසාමයි...

ම...ම..බය උනානෙ ඉතින්..

බය වෙන්න උබ කිරි සප්පයෙක්ද ආ..දැන් මේකටත් උබ ගෙවන්න ඕන..නැත්තම් දන්නවනෙ මගෙ හැටි...

මට කේන්තියෙන් බැනගෙන බැනගෙන යන එයා දිහා බලද්දි මට හිනා යන්නත් ආවා ටිකක්.. මොකද හෙන ගැම්මෙන් හිටපු මනුස්සය දැන් පිස්සෙක් වගේ දගලද්දි කාටද අනේ හිනා යන්නෙ නැත්තෙ..

ඔයා කොහොමද මට මෙහෙම සලකන්නෙ ආ..මම මෙහෙට අලුත්..ඉතින් මන් කොහොමද ඔයාගෙ හැටි දන්නෙ..

මම එයාගෙ මූණට ඇඟිල්ලක් උලුක් කර කර කියවන්න ගද්දි...ආසි මන් දිහා පුදුම වෙලා වගේ බලාන ඉන්නවා.. එයා ඉතින් ශොක් වෙන්න ඇති.. මොකද මේ ඒරියා එකෙන්ම ආසිත් එක්ක එකට එක කියපු එකම මනුස්සය මම නිසා..

පවුලෙ අයට ඇත්තටම ආදරේ නම් මන් එක්ක පැටලෙන්න එන්න එපා ම්ම්.. මොකද මාත් ආස නෑ ගැරඬි පැටව් මරල නිකන් පව් පුරෝ ගන්න..

යා...මම ගැරඬි පැටියෙක් නෙමේ හරිද...

මම අඩි පොලේ ගගහ එයාට රවන්න ගද්දි.. එයා නෙමේ සතේකට මාව ගනන් ගත්තෙ.. ඊට පස්සෙ මෙන්න  ජැකට් එක ගලවල දාල මගෙ ඇඟට විසි කරල දැම්මා...

ජැකට් එක වෙනුවට මට තමුසෙ ඇඳුමක් අනිවාරෙන් ගෙනත් දෙන්න ඕන..

අනේ...මට කොහෙන්ද සල්ලි මේ ඇ...

මට ඒව අදාලම නෑ...

මහ නපුරු විදිහට එහෙම කියල එයා රැවුලත් උඩ ඉදන් පල්ලෙහාට අත ගගා මන් දිහා බලන් ඉන්න හැටි විතරක්..

මම එයාගෙ බැනුම් අහගෙන ජැකට් එකත් අරන් මෙතනින් යන්න හිතුවෙ  තව මෙතන හිටියොත් මටත් කේන්ති යයි කියල හිතුන නිසා..

දැන් කොහෙද ඔය යන්න හදන්නෙ..

ගෙදර...

යන්න කලින් මේකත් කරලම යනවා..

මොකද්ද ආ..

යන්න හැරුන මම ආයෙත් රවාගෙන එයා දිහාට හැරුනෙ.. ඒ පාර මොන මරාලයක් පහත් කරන්න හදනවද මේ මිනිහ කියල හිත හිත..

මේ ඔක්කොම අස් කරපන්..

අනේ..ඔච්චර නපුරු වෙන්න එපා අප්ප..

කිව්ව දේ කරහන් නැලවෙන් නැතුව..

හරි ඉතින්..

එයාගෙ කීමට පිටින් යන්න බැරි නිසා.. මම ජැකට් එක කරට දාගෙන බිමට පහත් වෙලා මගෙ කලිසමේ කැල්ලක්ම ඉරල අරගෙන මසාල චායි ගෙනාපු කෝප්පෙ බිදුනු වීදුරු කෑලි ටික ඒ රෙදි කෑල්ලට අරගෙන ඔක්කොම සුද්ද කරනකනුත්.. ආසි මගෙ ඉස්සරහ පුටුවෙ ඉදන් මන් දිහා බලන් ඉන්නවා..

දැන්වත් මම යන්නද...?

පොළොව සුද්ද කරල දාපු මම අන්තිමට බයාදු විදිහට ආසිගෙන් එහෙම ඇහුවෙ එයාගෙන් දැන්වත් බේරෙන්න ඕන උන නිසා..

යන්න..හැබැයි මම ඉල්ලපු දේ අනිවාරෙන් මට ලැබෙන්න ඕන.. එහෙම නැති උනොත්.. මම ගන්න ඕන දේ බලෙන් හරි ගන්නව කියල ඉතින් උබ දන්නවනෙ නේද...?

මගෙ උඩ ඉදන් පල්ලෙහාටම ඇස් ගෙනියන ගමන් එයා එහෙම කියද්දි.. මම වේගෙන් ඔලුව උඩ පහල කරේ මට තේරුනා කියල කටින් නොකියමයි..

යන්න...

එයා එහෙම කියපු ගමන් මම අඩියට දෙකට එලියට දුවල යද්දි..එතන හිටපු කා දිහාවත් නොබලපු මම එක පිම්මටම ගෙට දුවල ගියා..

පුතා මොකද මේ...

මන් එක්ක කතා කරන්න එපා අම්ම ඔයා...

දුවගෙන ගෙට ආපු මගෙන් අම්ම එක එක ඒව අහන්න එද්දි.. මට කේන්ති ගිය පාර එයාටත් කෑ ගහල කාමරේට ගිහින් දොර වහගෙන ඇඳට පැනල අර මෝඩ ආසියගෙ ජැකට් එක බිමට විසි කරල දැම්ම..

මහ පිස්සෙක්.. එයාට ඕන ඕන වෙලාවට මාව ගෙන්න ගන්නෙ.. මම සෙල්ලම් බඩුවක් කියල හිතලද දන් නෑ.. අනිත් දවසෙ නම් යන්නෙම නෑ මාව මැරුවත්..

ආසි එක්ක තියන තරහ මම කොට්ට රෙදි වලින් පිට කරාම තමයි මට දන්නෙම නැතුව ඇඳේ නින්ද ගිහින් තියෙන්නෙ..

-
-
-
-
-
-

පහුවදා උදේ මම නැගිටල බලද්දි අම්ම පොළට ගිහින් තිබ්බ එළවලු ගේන්න.. ඉතින් පාට්ටි තනියම කුස්සියෙ ඉදන් කෑම හදන නිසා මාත් ඉතින් එතනට ටිකක් ඔලුව දැම්ම..පාට්ටිට උදව්වක් කරන්න හිතාගෙන..

සූ මට පොල් ටිකක් ගාල දෙන්න..

අයියෝ අප්ප..

පොල් ටිකක් හරි ගාන්න ඉගන ගනින් කොල්ලො.. ආ ඉක්මනට ගාල ඕන..

හොද්දක් හැදි ගගා හිටපු පට්ටි මගෙ අතට පොල් බෑවක් දික් කරද්දි.. මම ඉතින් තව මුකුත් නොකිය හිරමනේ අරගෙන පෝල් ටික ගාන්න ගත්ත..

අනේ අතත් රිදෙනවා..

පොල් ගෙඩියක් අතින් අල්ලන් නැති උනාම රිදෙනවා තමා..

මාව ගනන් නොගෙන පාට්ටි එක එක ඒව කියද්දි නම් මට කේන්ති.. ඇයි අප්ප එක්කො පොල් ගාන මැසිමක් වත් ගන්න ඕන.. මේ මගුල් හිරමනෙන් ගෑවෙන්නෙත් නෑනෙ.. පැය ගනන් මෙතන ලැගන් ඉන්න ඕන ඉතින් පොලක් ගගා..

අත් රතු වෙලා මේ බලන්නකො..

රතු විතරක් නෙමේ නිලුත් වෙයි.. කට පියන් ගාපන් ඔය පොල් ටික...

අන්තිමට පාට්ටි මට සැර කරද්දි.. මම පැයකට වඩා කාලයක් අරගෙන පොල් ටික ගාල දැම්ම..

අත් දෙක වෙව්ලනවා මේ...

හනෙ අම්මේ ආයෙ නම් උබ පොල් ගාන්නම එපා..බලපන් ඉතින් කීයක් නම් කෑම හදල ඉවරද උබ පොල් ගාල ඉවර වෙද්දි.. දැන් ඔය පොල් ටික අපිට කන්නද බං ගෑවෙ..

ගාන්නෙම නෑ ආයෙ...

මම ගස්සගෙන කුස්සියෙන් එලියට ගිහින් බැලුවෙ මගෙ කිරි පාට අල්ල දිහා.. අනේ රතු වෙලා ඒ මදිවට මගෙ චූටි ඇඟිලි ටික වෙව්ලනවත් එක්ක.. දුකේ බෑ අප්ප....

මගෙ චූටි කට උල් කර කර මගෙම අල්ලට පිඹ පිඹ හිටපු මන් දිහා මල්ලිත් බලාගෙන හිනා වෙවී ටොයිලට් එකට යන්න යද්දි මට තවත් කේන්ති ගියා..ඇයි මට මොනා හරි උනාම ඌට හිනා.. තවම මට හිතා ගන්න බැරි ඇයි හැමෝටම මාව ජෝක් එකක් වෙලා තියෙන්නෙ කියල මෙහෙම..

සූ.......

එලියෙ ඉදන් අම්ම කතා කරනව ඇහෙද්දි..මට බයත් හිතුන ඒ හින්දම  මම දුවල ගිහින් බලනකොට අම්ම එළවළු මල්ල බිමින් තියාගෙන ගේට් එකට හෙත්තු වෙලා පපුවත් අල්ලන් ඉද්දි මම කලබල උනත්.. පස්සෙ එයා ලගම හිටන් හිටපු කෙනාව දැකල මගෙ තියන ලේ ටිකත් පිච්චිල ගියා..

අම්ම ඇයි....අමාරුද....

මම අම්ම ලගට දුවල ගිහින් බයෙන් බයෙන් එහෙම අහද්දි.. මෙච්චර වෙලා අම්ම ලග හිටපු ආසි දිහා මම හොරෙන් බලද්දි දැක්කෙ එයා මට රවනව කියල..

මරු පුතා.. අම්ම මග මලත් ඔච්චර තමා..

ඔයා මොකද්ද මෙතන කරන්නෙ ඉතින්..

මට අම්මවත් අමතක වෙලා ගියා ආසි ඒ කියපු දේට.. මැරෙන කතා මොකා කිව්වත් උගෙ නහය හතරැස් වෙන්න නෙලන්න හිතෙනවා මට...

තමුසෙ කාටද මේ සද්දෙ දාන්නෙ ආ..

අනේ පුතා ඔය රණ්ඩුව නතර කරන්න.. ආසි දරුව තමයි මම අමාරුවෙන් ඉන්නෙ කියල තේරිල ලගට දුවන් ආවෙත්..කරදරයක් උනාම බලන මනුස්සයගෙ ඇගට කඩන් පයින්න එපා ළමයො...

සමාවෙන්න අම්මා..

ආසිට මෙච්චර වෙලා රවපු මම අම්මගෙ කීමට සන්සුන් වෙද්දි.. ආසි එහෙම්ම මගෙ කනට පහත් උනේ මගෙ අතිනුත් අල්ලගෙන...

මගෙන් නේද හරි නම් සමාව ගන්න ඕන උබ...

එහෙම කියල එයා යන්න යද්දි.. මම අම්මගෙ අතින් අල්ලගෙන එයා යන දිහා බලාන හිටියෙ පුප්ප පුප්ප..

හිතන් ඇති මම සමාව ගනී කියල..

එතනම තිබ්බ ගල් කැටේකට පයින් ගහපු මගෙ අතින් අම්ම අල්ල ගත්තෙ කන් කෙදිරි ගාගෙන..

මොනාද පුතා මේ කරන්නෙ..

අරූ හිතන් ඉන්නෙ අපි උගෙ බල්ලො කියල.. නැට්...බ්ම්ම්ම්

කට..කට...දැන් ඇතුලට යමු ..

අම්ම මගෙ කට අතින් තද කරගෙනම මාව එක්කරගෙන අතුලට යන්න ගියෙ මගෙ කට නිසා අපි හැමෝටම කරදරයක් වෙයි කියල හිතල උනාට.. ආසිගෙ මේ වැඩ වලට මල පැනල ඉන්න මට නම් හිතෙන්නෙම ආසිගෙයි මායි අතර ලගදිම හොද වන්නමක් කාට කාටත් බලා ගන්න පුලුවන් වෙයි කියලමයි.


>>>>>>>>

ආසි මගේ..............😌 කවුරුත් ඉල්ලන්න නම් එපා ඔන්න...😁

2023.09.05
S.M.බඩී✍️

Continue Reading

You'll Also Like

14.3K 2.7K 20
..මං සදහටම වහලා දාපු යකඩ දොරට හේත්තු වෙලා හිස් බැල්මෙන් මිනී ගඳ ගහන කාමරේ අන්දකාරේ දිහා බලන් හිටියා.. ..ඔව්..හරියටම දවස් දහ අටකට පස්සේ අනිත් අය වගේම...
5.4K 892 21
" ඒක ජීවිතෙ වෙනස් කරන හැරවුම් ලක්ශයක් බදු ආදර චාරිකාවක් වේවි කියල මම හීනෙකින් වත් හිතුවෙ නෑ මනූ ! " " මගෙ අතින් ගිහිලුන මල් මිටට මගෙ හදවතත් හාමු වෙල...
44.2K 6.5K 47
මොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️
IRIS By NirMad238

Fanfiction

9.3K 1.2K 73
When stars collide the worlds are born And When the worlds collide the hatreds formed Yet among the cracks still love would bloom! Co Authored by - P...