My Teacher || GL ||

By shanu6rj

15.6K 1.2K 643

අවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච... More

හැදින්වීම
පලවෙනි දිගහැරුම ~
දෙවෙනි දිගහැරුම ~
තෙවන දිගහැරුම ~
සතරවන දිගහැරුම ~
පස්වන දිගහැරුම ~
හයවන දිගහැරුම ~
සත්වන දිගහැරුම ~
අටවන දිගහැරුම ~
නමවන දිගහැරුම ~
දසවන දිගහැරුම ~
එකොළොස්වන දිගහැරුම ~
දොළොස්වන දිගහැරුම ~
දහතුන්වන දිගහැරුම ~
දහ හතරවන දිගහැරුම ~
පහලොස් වන දිගහැරුම ~
දහසය වන දිගහැරුම ~
දා හත්වන දිගහැරුම ~
දහඅටවන දිගහැරුම ~
විසිවන දිගහැරුම ~
විසිඑක්වන දිගහැරුම ~
විසිදෙවන දිගහැරුම ~
විසිතුන්වන දිගහැරුම ~
විසිහතරවන දිගහැරුම ~
විසිපස්වන දිගහැරුම ~
විසිහයවන දිගහැරුම ~
විසිහත්වන දිගහැරුම ~
විසිඅටවන දිගහැරුම ~
විසිනමවන දිගහැරුම ~
තිස්වන දිගහැරුම ~
තිස්එක්වන දිගහැරුම ~
තිස්දෙවන දිගහැරුම ~
තිස්තුන්වන දිගහැරුම ~
තිස්හතරවන දිගහැරුම ~
තිස්පස්වන දිගහැරුම ~
තිස්හයවන දිගහැරුම ~
තිස්හත්වන දිගහැරුම ~ (THE END)
NEW STORY UPDATE

දහනමවන දිගහැරුම ~

344 32 41
By shanu6rj

කට්ටිය උදෙන් නැගිට්ටෙ නර්ස් ඇවිත් ඇහැරෙව්වහම

"මිස් මිස් "

ජයනි හෙමින් සැරේ ඇහැරුනා

"ඔව් දුවේ "

"ඔයාලා එක්කන් ආව පේශන් ඇහැරලා ඉන්නෙ එයා එයාගෙ අම්මව අහනවා ටිකක් බලනවද "

"අහ් හරි දුවේ මන් ගිහින් බලන්නම් "

"ඕකේ මිස් පරිස්සමට ඩොක්ටර් කිව්ව ඒවා මතක ඇති නේ"

ජයනි හොද හුස්මක් අරන් නදී ඉන්න රූම් එකට ගියා එයාගෙ පස්සෙන් ශයිනියි සනුදියිත් ගියා නදී ඉන්නෙ ඇදේ සේලයින් බඩයක් එල්ලන් ජයනි හෙමින් සැරේ ගිහින් එයාගෙ මූණ ඇල්ලුවා නදී ඇහැරුනා

"ජයනි නැන්දේ...."

නදී හිනා වෙලා කිව්වා එයා සනුදිවයි ශයිනිවයි ඇස් දෙකෙන් පරික්ශා කලා

"මේ දෙන්නා ආවෙ මාව බලන්නද "

සනුදියි ශයිනියි මූණට මූණ බලල ජයනි දිහා බැලුවා එයා ඉක්මනට බොරුවක් ගෙතුවා

"ඔව් නදී දුවේ මේ දෙන්නා ආවෙ ඔයාට කොහොමද බලන්න ඔයාව accident වුන තැන ඉදන් එක්කගෙන ආවේ "

"මොකක් accident "

නදී එයාගෙ අත් පය ඇග අල්ලලා බැලුවා තුවාලයක් නම් තේරුනේ නැහැ ඒත් ඔලුව ගොඩක් රිදුනා ඒ වගෙම එයාට ලොකු වෙනසක් එයාගෙ ශරීරේ ගැන දැනුනා

" නැන්දේ ඇයි මගෙ ඇග අවුරුදු 20 පැනලා වගේ තියෙන්නෙ මන් accident එකෙන් ගොඩක් කල් සිහිය නැතුව හිටියද "

ජයනිට කට උත්තර නැහැ ඒත් ආයෙ හිතුවා බොරුවක් කියන්න නදීගෙ හොදටනෙ කියන්නෙ

"ඔව් දුවේ ඔයා අවුරුදු 6 වගේ කෝමා එකක හිටියේ අද තමයි ඒ කෝමා එකෙන් මිදිලා ආවේ"

"වාව් මරු නේ ඔහොම ඉන්න අම්මා කෝ එයා දැනගත්තද මන් accident වුනා කියලා මන් කෝමා තත්වෙට ආවා කිව්වහම ගොඩක් දුක් වෙලා අඩන්න ඇති නේද "

"ඔව් අම්මා හොදටම ඇඩුවා ඒත් "

"මොකද නැන්දෙ වුනේ "

"අම්මා ජීවතුන් අතර නැහැ"

" විහිලු කරන්න එපා හොදේ මන් එකපාර ඇහරුන ගමන් ඔහොම බයානක විහිලු කරලා මාව අඩවන්න එපා හොදේ "

ජයනි කිව්වෙ බොරුවක් කියලා නදී හිනා වෙවී කියනවා ඒත් ඇත්ත දන්නෙ නැහැනේ මේ කෙල්ල

" බොරු නෙවෙයි අම්මා ඔයාට accident එක වුන දවසෙමයි නැති වුනෙ "

"මොකක් !!! 😭😭😭 අනේ මගෙ අම්මා "

නදී එකපාර අඩන්න ගත්තා එයාගෙ ඔලුවත් අල්ලන් අඩන්න ගත්තේ ශයිනිට තේරුනා නදීට ආයෙ අමාරු වෙන්නයි යන්නෙ කියලා ඉක්මනට ඩොක්ටර්ට කතා කරන්න ගියා ඒ අතරෙ නදීගෙ ඇඩීම නිසාම ආයෙ සිහිය නැති වුනා ජයනි ලේන්සුවකින් කට වහගෙන හෙමින් අඩනවා සනුදි නදී ලග දන ගහලා අඩනවා

මෙයාලා අඩන්නෙ නදී අම්මාව හොයන නිසා එයාට හැමෝටම බොරු කරන්න වෙන නිසා ශයිනි ඉක්මනට ඩොක්ටර්ව එක්කගෙන ආවා ඩොක්ටර් නදීව චෙක් කරලා කට්ටිය ටිකක් බැන්නා මොකද නදීට එක පාර පෙශර් එක දෙන්නා එපා කියලා ඩොක්ටර් අනතුරු ඇගෙව්වනෙ ඒත් එයාලා අම්මගෙ මරනෙ කිව්වහම නදීට ඒක දරා ගන්න බැරුවතමයි ආයෙ කනල්තෙ දැන්මේ

ඩොක්ටර් කට්ටියට එලියට යන්න කිව්වා ජයනි ගිහින් පුටුවක වාඩි වුනා

"අනේ මට මේ අහිංසක දරුවට බොරු කරන්න වෙනවනේ මට බෑ දෙයියෝ ඒ මූණ දිහා බලන් බොරු කියන්න "

"අම්මේ නැන්දලා දෙන්නගෙ කේස් එකේදි කවුරුත් හිරෙව් ගියෙ නැත්ද අක්කගෙ එකේවත් "

"මට මතක විදිහට නැත්ද කොහෙද ඒක tv යනටයි මාත් දැන ගත්තේ ඒත් ඒක එකපාර හොයන එක නැවැත්තුවා දැන් ආයෙ හොයා ගන්න පරණ ඒවා හාර අවුස්සන්න වෙනවා "

ජයනි ඒක කියලා ආයෙ අඩන්න ගත්තා සනුදි ඉක්මනට අම්මා ලගට ගිහින් අම්මව බදාගත්තා දෙන්න එක්කම අඩනවා කවිදු එයාගේ පොලිස්සියේ වැඩ කරන යාලුවෙක්ගෙන් අවුරුදු 13කට කලින් වුන මරණ වල ලිස්ට් එකක් අහන්න සැලසුම් කලා එයාට මේ දේවල් ටික දැනගන්න ඕනා මොකද එකපාර සේරම සාක්ශි නැති වෙලා කාටවත් දඩුවම් ලැබුනෙ නැත්තෙ ඇයි කියලා

" මන් ඒ ගැන හොයලා බලන්නම් අම්මේ මගෙ හොදම යාලුවෙක් පොලිස්සියේ සේවය කරනවා මට එයාගෙන් 2010 වුන සිද්දියයි 2012 වුන සිද්දියයි ගැන හෝඩුවාවක් හොයා ගන්න පුලුවන් වෙයි "

" අනේ පුතේ ඕවා හොයන්න ගිහින් ජීවිතේට අනතුරක් කරගන්න එපා "

" නැ අම්මේ මට කිසිදෙයක් වෙන්නෙ නැති වෙන්න මන් ගැන බලාගන්නම් "

"මටත් ඔයත් එක්ක යන්න ඕනා "

ශයනි කවිදුගෙ අත අල්ලලා කිව්වා

"මට ඔයාව එක්කගෙන ගිහින් අනතුරේ දාන්න බැ ශයිනි මට කරදරයක් එහෙම වුනොත් ඔයාව ආරක්ශා කරගන්න බැහැ "

"ඒත් මට ඔයත් එක්ක යන්න ඕනේ "

"ඔච්චර ඉල්ලන එකේ එයාවත් එක්කගෙන යන්න පුතේ පරිස්සමට ඔය දෙන්නම "

" ම් එහෙනම් එක්කගෙන යන්නම්කො ශයිනි ඔයාගෙ තාත්තා කතා කලාද "

"නැහැ මන් හිතන්නෙ මන් ගෙදර නැහැ කියලවත් දන්නෙ නැතුව ඇති "

"ඔයාට ශුවර්ද "

"ඔව් "

" අපි මුලින්ම කොහෙටද යන්නෙ දඹුල්ලටද , අම්පාරටද "

" අපි නන්දිනී නැන්දගෙ එක මුලින් බලමු ඒක නිසානෙ නදී අක්කට අම්ම කෙනෙක් නැති වුනේ  අපෙ අම්මගෙ එලත් ඉක්මනට දැනගන්න ඕනා"

"හරි එහෙනම් අපි අදම දඹුල්ලට යමු මන් මගෙ යාලුවට දඹුල්ලෙ පොලිස්සියෙන් විස්තර දැනගන්න කියන්නම් "

"හා මන් මගෙ කවුරු හරි යාලුවො හි‍ටියොත් කියන්නම් අදම යනවනම් ඉක්මනට කියන්න වෙයි "

" අදම යන්නද හදන්නෙ ඔය දෙන්නා "

" ඔව් අම්මේ ඔක්කොම ඇත්ත දැනගෙන නිදහස් වෙන්න ඕනේ "

සනුදිට එයාලා එක්ක යන්න ආසාවක් තිබ්බත් නදීව දාලා යන්න හිතුනෙ නැහැ ඒ නිසාම එයා සද්දෙ නැතුව හිටියා

" ගෙදර ගිහින් ඇදුම් ලෑස්ති කරන් පරිස්සමට යන්න පුතේ මට ඔයාලා එක්ක දඹුල්ලට යන්න තියා ගෙදරට යන්නවත් පණ නැහැ "

"බය වෙන්න එපා අම්මේ අපි දෙන්න පරිස්සමට ගිහින් එන්නම් අම්මයි තාත්තයි නංගියි පරිස්සමට ඉන්න නදී අක්කව බලාගෙන "

" හරි පුතේ "

කවිදුයි ශයිනියි කට්ටියට හග් කරලා අත් අල්ලගෙන හොස්පිටල් එකෙන් පිටව ගියා කවිදු ශයිනිව එක්කගෙන එයාලගෙ ගෙදර එක්කගෙන ගියේ සනුදිගෙ ඇදුම් ටිකක් පැක් කරලා එයාට දෙන්න මොකද එයාලගෙ ගෙදර යන්න බැරි නිසා කව්දු බෑග් දෙකක් අරගෙන ඉක්මනට ඇදුම් දැන්මා ඉක්මනට පෙට්ට්‍රෝල් ගැලුම් තුනකුත් කාර් එකට දාගෙන දොරවල් ලොක් කරලා කාර් එකේ නැග්ගා ශයිනිත් ඉක්මනට නැග්ගා

කවිදු කාර් එක එලියට දාපු ගමන් ලොකු ලොරියක් වේගෙන් ආවා හප්පන්න ඒත් කවිදු ඒක ලාවට දැක්කා නිසා ඉක්මනට ගේට්ටුවෙන් වැදෙන්න කලින් ඇතුලට ගත්තා දෙන්නම ශොක් වුනා කවිදු ඒ ඩ්‍රයිවගෙ මූණ දැක්ක නිසා ඩ්‍රයිවර් බය වෙලා ඉක්මනට පැදගෙන ගියා කවිදුට පස්සෙන් යන්න ඕන වුනත් එයා ඉක්මනට කාර් එක හරවගෙන දඹුල්ලට යන්න පාරට දැන්මා අනිත් පැත්තෙ ඒ ලොරි ඩ්‍රයිවර් කාටද කෝල් කලා

🤳 හෙලෝ බොස්

👤 ඔව් කියහන් වැඩේ හරිද

🤳 බැරි වුනා බොස් කොල්ලා කපටියි මන් එනකොටම වාහනේ පස්සට ගත්තා

👤ශිට් ඕයි බූරුවෝ ඒ කොල්ලට යන්න දෙන්න එපා

🤳 මන් මගෙ යාලුවොන්ට කියන්නම් එහෙ හරිය බලන්න කියලා බොස් ඒ කොල්ල එක්ක කෙල්ලෙක් ඉන්නව

👤 මොකක් කෙල්ලෙක් මට ඌව දැක්ක එකා කිව්වෙ එයා විතරයි ඉන්නෙ කියලා

🤳 නෑ සර් තරුන කෙල්ලෙක් ඉන්නවා

👤 ඔහොම විනාඩියක් හිටහන් මන් බලල එන්න ( ලොක් කරපු කාමරයක් යතුර දාලා ඇරලා කෙනෙක්ව හොයන්න අරගෙන කෑගහුවා )
ශිට් ඒ මගෙ දුව එයාට මුකුත් කරන්න එපා මට එයාව ජීවතුන් අතර ඕනේ ඔය කොල්ලව මරහන්

🤳 එහෙම වෙන්න ඕනෙනම් දෙන්නව වෙන් කරන්න වෙනවා

👤 මොනවා හරි කරලා වෙන් කරහන් උන් දෙන්නා දඹුල්ලට යන්න බැහැ

🤳 ඕකේ බොස් බය වෙන්න එපා

Phone cut

ලොරි ඩ්‍රයිව එයාගෙ යාලුවෙක්ට කෝල් කරලා ඒ පැත්තෙන් එන black ×××××××××× නමයි අංකෙයි දීලා හප්පන්න කිව්වා

" ශික් මුන්ට මදැයි කොන්ත්‍රාත් එකක් දුන්නා කොල්ලෙක්ව මරන්න මගෙ එකී මොකද ඌත් එක්ක කාර් එකේ කරන්නෙ ඒකි කොහොමද ගෙදරින් පැනලා ගියේ උබ හොද දෙයක් නෙවෙයි කලේ කවිදු මගෙ දුවව එක්කගෙන ගිහින් උබට වද්දි ගෙවන්න වෙයි හැම දෙයක්ම හාර අවුස්සන්න යන එකෙන් "

ඔව් ඔයාලා හිතුවා හරි කවිදුව හප්පන්න කොන්ත්‍රාත් එක දීලා ලොරිකාරයව යැව්වෙ ජගත් මොකද එයාට දැනගන්න ලැබුනා එයා මෙච්චර අවුරුදු 13 ක් හංගගෙන හිටිය රහස කවිදු එලියට ගන්න යන එක ඒකට ජගත් කැමති නැහැ ඒ නිසාමයි කවිදුව මරන්න කිව්වෙ ඒත් එයත් එක්ක ශයිනි ඉදී කියලා විශ්වාස කලේ නැහැ ඒක නිසාම පලවෙනි එකෙන් මිස් වුනා ඒත් ඊලග එකෙන් මිස් වෙන්නෙ නැති වෙන්න කරන්න ඕන ඔක්කොම ජගත් කරන්න පසුබට වුනේ නැහැ

කවිදු ටික දුරක් කාර් එක එලවන් යද්දි තව ලොරියක් හප්පන්න ආවා පුදුම අමාරුවෙන් ඒකෙනුත් බේරුනේ කවිදුට කිසි අනතුරන් වෙන්නෙ නැතුව බේර ගන්න කෙනෙක් එයත් එක්ක ඉන්න නිසා එයාට අනිවායෙන් බේරෙන්න ඕන කියන එක ඔලුවෙ තිබ්බා එයා විතරක් තනියෙන් ආවනම් කවිදු අනිවාර්යෙන් ලොරිකාරයා එක්ක ගහගන්නවා

ඒත් මෙතනදි ශයිනි සැර දාන නිසා කවිදු බැහැලා යන්නෙ නැතුව කාර් එක වේගෙන්ම එලෙව්වා දඹුල්ලට යනකන් එයාගෙ යාලුවගෙන් එයාට තොරතුරු ලැබුනා කියල msg එක ආවාම තව ගොඩක් සතුටු වුනා

පැය 4කින් වගේ දඹුල්ලට එද්දි ලොරි 4ක් එයාලව හප්පලා මරන්න උත්සහකලා ඒත් මොකක් හරි පිනකට ඒ සේරම වලින් දෙන්නම බේරුනා කවිදුගෙ යාලුවගෙ අයියාගෙ ගෙදරක් දඹුල්ලෙ තියෙනවා කියලා යාලුව කිව්වා ඒක නිසා එයාලා එහෙට ගියා හිමන් හරින්න පැය ගානක ඩ්‍රයිව් එකක් සහ ආක්‍රමණශීලී දේවල් එක්ක පොර බැදලා කවිදුට හාමතේ වගේ

" ඒයි බන් මට උබ හොයන්න කිව්ව තොරතුරු ටික හම්බුනා "

"අඩෙ දසුනයො තැන්ක්ස් බන් මේ කරපු උදව්වට "

" ඕක මොකක්ද බන් උබ මගෙ බොක්කනේ එක්ක නෙවේ 2010  පරණ ආර්ටිකල් පොලිස් සටහන් ගේන්න කිව්වෙ ඇයි "

"උබ මේක කියවන්න ඇති නේද "

"ටිකක් වගේ කියෙව්වා මොන්ටිසෝරි සීන් එකක් තමයි හැම එකේම තියෙන්නෙ "

"උබ ඒක කියෙව්වනම් පොලිස්සියෙ නිලධාරියෙක් හැටියට උබට මොකද හිතෙන්නෙ මේ ගැන "

" ආර්ටිකල් එකේ තියෙන්නෙ නම් ස්වාබාවික මරණයක් කියලා ඒක විස දුමක් ඇතුල් වෙලා නැති වුනේ කියලා ඒත් මටනම් හිතෙන්නෙ ඒක කවුරු හරි හිතලා කරා කියලා "

"ඇයි එහෙම හිතෙන්නෙ "

"මෙන්න මල්ලි බොන්න ගන්න නංගි "

දසුන්ගෙ අයියගෙ බිරිද කට්ටියට බීම ගෙනත් දුන්නා

" Thankyou අක්කෙ "

"මෙහෙමයි මොන්ටිසෝරියක් කියන්නෙ පුංචි දරුවන්ට උගන්වන තැනක් එතන වැඩ කරන අය හැමදේ ගැනම පරිස්සන් වෙන්න ඕනා ඔහොම මොන්ටිසෝරියක් කරන තැනක විදුලි රැහැන් කැඩෙන එක අඩුයි අනික ඔතනට කොහෙන්ද විස දුමක් එන්නෙ එහෙම වෙනවනම් ඒ විස එන්න මොනා හරි කමිකල් එකක් දාන්න ඕනේ ඔය විස දුමාරෙ කවුරු හරි පැතිරුව එකක් අහිංසක ලමයි මරන්න මහ කාලක්කනි "

"ඒකත් ඇත්ත මටත් ඒක කල්පනා කරද්දි හිතුනා එහෙම කරන්ට් ශෝර්ට් එකක් මුලින් තියෙනවනම් ඒ ගැන දැනගන්න පුලුවන් පොඩි දරුවො ඉන්න තැන්වල ආරක්ශාව උපරිම තියෙන්න ඕනා "

"ඒත් ඔහොම දෙයක් කරලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ දරුවොන්ව මරලා "

"කවුරු හරි අසහන කාරයෙක් හිටියද දන්නෙ නැහැ ලමයින්ව මරන්න ආසකරන අනික විසෙන් "

" උබ දන්නව ඇයි මන් මේ අවුරුදු 13ක් පරණ කේස් එක දැන් හොයන්නෙ කියලා "

"ඇත්‍තම කිව්වොත් නැහැ "

"අපි දන්න නැන්දා කෙනෙක් ඔය මොන්ටිසෝරියෙ ඉගැන්නුවා එයා එදා consent එකේ වුන ගින්නෙන් ඇති වුන විස දුමාරෙ ගිහින් නැති වුනා "

"අනේ දෙයියනේ... "

" ඒක ඉබේ වෙච්ච දෙයක් නෙවෙයි කියලා මට ශුවර් ඒ වුන දේට ඒක කරපු කෙනාට දඩුවම් දීලානම් කමක් නැහැ මේකේ කාටවත් දඩුවම් දීලා නැහැ මේක කාගෙහරි කුමන්ත්‍රනයක් කියන්න සාක්ශිත් තිබිලා තියනවනේ "

" මාත් ඒක කියෙව්වහම ශොක් වුනා ඒකට කාවවත් අතතඩන්ඩුවට අරගෙන නැහැ ස්වාබාවික මරණයක් කියලා දාලා ඒ අයගෙ පවුල් වලට කිසිම සහනයක් දීලා නැහැ "

"ඔයා දන්නවද මේ කේස් එක වුන දවසෙම අවුරුදු 13 වයස නදීශා කියලා ××××××× ඉස්කෝලෙ ඉගෙන ගන්න ලමයෙකුයි එයාගෙ ටීචයි ලොරියකට හැප්පුනා කියලා "

"  ඒ මන් එහෙම එකක් දන්නෙ නැහැනෙ "

" උබ මේ ගෙනාවෙ පත්තරේ තිබ්බෙ නැත්ද "

"ලොකු අකුරෙන් විසෙන් නැසූ කිරිදරුවන් කියන ආර්ටිකල් එක විතරයි කියෙව්වෙ ඔයා ඔය කිව්ව එක පොඩියට ඇති ඉන්න බලමු "

දසුන් එයා ගෙනාව පත්තරෙ හොදට සෝදිසි කරහම දැක්කා

" මේ තියෙන්නෙ ගොඩක් ප්‍රසිද්ද පාසලක ලමයෙක් නෙ නදීශා මිහිරණ්ගනී ලමයගෙ නම මෙහෙම දවල් වෙලේ කොහොමද හලෝ ඔහොම පාරෙ අයිනෙ පැත්තකට වෙලා ඉන්න ලමයෙක්ව හප්පන්නෙ "

" ඒකනෙ ඒ නදීශා කියන්නෙ මේ ආර්ටිකල් එකේ නැති වුන නන්දිනීගෙ දුව "

"වො.. වෝ.. මේ ඔක්කොම සම්බන්දයිද දැන් උබ ආයෙ එකක් බලල කියන්න එපා මේ ඉන්නෙ නන්දිනීගෙ හොදම යාලුවා කියලා "

"එහෙම කේස් එකකුත් තියෙනවා "

"WHAT!! බොරු යකො ඔක්කොම මැල්ලුමක් වගෙනෙ එතකොට "

"එහෙම තමා මන් අර උබට ගේන්න2012 සැප්තම්බර් 14 දවසෙ පත්තරෙ හරි පොලිස් නෝටිස් හරි ගෙනාවද "

"අ ඔව් බන් මෙන්න "

" මේ ගැන කියන්න කලින් නදීගෙ එක කියන්නම් එයාව හප්පන්න ඇයි එදාම ලොරිය ආවෙ අනික ඔහොම ප්‍රසිද්ද පොලිස්සියක් ඉන්න ප්‍රසිද්ද ඉස්කෝලයක් ඉස්සර වෙන්න පුලුවන් දෙයක්ද ඒකට වඩා ඒ වෙච්ච දේට කවුරුත් හිරේ ගියේ නැති එක ඊට වඩා හපන්නෙ බන් "

"අඩො දැන් දැක්කෙ යකො මුන් මේක අබිරහසක් කියලා දාලා තීන්නෙ මුන්ට ඇස් පොට්ටද ලොරිකාරයව අල්ලන් හිරේ දාන්නෙ නැතුව "

"ඒකනේ බන් කියන්නෙ මේක පිටිපස්සෙ කාගෙ හරි ලොකු කෙනෙක්ගෙ අතක් තියෙන්නෙ "

"ඒ වගේ බන් 2012 එක කියහන් "

" 2012 එකේ අම්පාරේ ××××××× මේ ආයතනයෙ වැඩ කර කර හිටිය ස්වෙතා කියන කෙනා එක පාර කරන්ට් වැදිලා මැරිලලු මන් අහන්නෙ ඒක හරි අමුතු දෙයක් නේ ඒ ආයතනෙ security එක හොදට තියෙන එකක් අනික එ ස්වෙතා කියන කෙනාගෙ ඇදුමෙ තියලා කාගෙ හරි මනුස්සයෙක්ගෙ ඇගිලි සලකුණු තියෙනවා "

ස්වෙතා ගැන ඇහෙද්දි ශයිනිගෙ ඇස් වලින් කදුලු ආවේ එයාට නොදැනිම

"උබ කොහොමද බන් ඔව්ව දන්නෙ "

"මන් උබට වගෙම තව කොල්ලෙක්ගෙන් විස්තර අහගත්තා එයාගෙ තාත්තලු මේ කේස් එකේ ගොඩක් සාක්ශි එයාලා ලග තිබිලා ශයිනි මන් මේක ඔයාට කිව්වෙ නැහැ දැන් කියන්නම් ඒ සාක්ශි විරුද්දව තියෙන්නෙ ඔයාගෙ තාත්තට"

ශයිනි එකපාර කවිදු දිහා බැලුවා

"මොකක් ! "

" මොකක් මෙයාගෙ තාත්‍තා කිව්වෙ "

"ඒ කිව්වෙ ස්වෙතට දුවෙක් හිටියා එයා තමයි මෙයා තාත්තා ගැන කිව්වෙ ස්වෙතගෙ මරණෙදි එයාගෙ මහත්තයගෙ අත් සලකුලු ස්වෙතගෙ ඇදුමෙ පිටිපස්සෙ තිබිලා හරියට කාව හරි උස්සන් එනකොට අපි අල්ලන තැන් වල හරියටම තිබ්බා "

"වෙන්න බැහැ බොරු "

ශයිනිට මේ මොකක් වත් විශ්වාස කරන්න බැහැ

"බොරු නෙවෙයි ශයිනී කාගෙ හරි බලපෑමකට ඒ සාක්ශි ඔක්කොම එයාලා විනාස කරලා ඒවා තිබ්බෙ ජයලත් හෙට්ටිආරච්චිටන් විරුද්දව "

"ඔයා කොහොමද තත්‍තගෙ ඇත්ත නම දන්නෙ එයා එයාගෙ නම ජගත් කියල වෙනස් කලානේ".

" ඒ පොලිස් නිලධාරියා තමයි කියලා තියෙන්නෙ එහෙම කෙනෙක්ගෙ Dna සලකුනු ස්වෙතගෙ ශරීරයේ තිබ්බ කියලා ඒත් මන් අහන්නෙ එහෙම වෙන්නෙ එක්කො ජගත් ස්වෙතව මැරෙන්න ඉස්සලා හම්බෙන්න ඕනේ ඒත් විහිලු දේ දන්නවද "

"මොකක්ද "

"ජගත් කටඋත්තර දීලා තියෙන්නෙ එයා ස්වෙතා මැරෙන දවස් 3 කට ඉස්සෙල්ලා ගාල්ලෙ හිටියෙ කියලා මාර විහිලුවක් නේද ආ ඒක එයා දවස් 3 වෙනමනම් හිටියෙ ස්වෙතගෙ ඇගේ එයාගෙ සලකුණු තිබ්බෙ ඉබේ අත ඇවිත් ඇල්ලුනද නැහැනේ ඒ මරණෙට එයාගෙ සම්බන්දයක් තියෙනවා "

"එ යකො පිස්සුනේ බන් මේ කේස් එක උබට පොලිස්සියට බැදෙන්න තිබ්බෙ බන් මේක විසදන්න "

"මන් නැති වුනාට උබ ඉන්නවනෙ උදව් කරහන්"

"කවිදු මට හිතා ගන්න බැහැ තාත්තට එහෙම කරන්න පුලුවන්ද එයා ආදරේ කල කෙනාට මන් අහන්නෙ මට විශ්වාස කරන්න අමාරුයි කවිදු තාත්‍තා කොච්චර නරක වුනත් මට ඒක විශ්වාඩ කරන්න අමාරුයි"

" මන් දන්නවා ශයිනි ඔයාට ඒක එච්චර ඉක්මනට විශ්වාස කරන්න බැහැ කියලා ඒකයි මන් එයාලට එහෙට හෙට එනවා කිව්වෙ දසුන් උබත් වරෙන් අපි එක්ක යන්න "

" හරි බන් යමන් යකො රෑත් වෙලා උබලා ආවට මහන්සි හරින්න හම්බුනෙත් නැහැ වොශ් එකක් දාලා වරෙන් කන්න "

එහෙම කියලා කවිදුටයි ශයිනිටයි ඉන්න රූම්ස් ටික පෙන්නලා වොශ් එකක් දාගෙන එන්න කිව්වා විනාඩි 30න් වගේ දෙන්න ඇවිත් කාලා ආයෙ නිදා ගන්න ගියා මොකද හෙට ලොකු දවසක්




හෙට දෙන්නට අබිරහසෙ ලොකු මුලක් හම්බවෙන්න යන දවස හෙට නදී ඇහැරෙයිද එයාට සනුදිව මතක් වෙයිද ඒ ගැන අපි හෙට කොටසෙන් බලමු

යන්නාන් 🌝❤ like & Comments , share කරන්න

Author Shanu

Continue Reading

You'll Also Like

1.3K 289 6
Love is not about finding the right person but creating the right relationship. It's not about how much love you have in the beginning but how much l...
64.1K 2.3K 19
What if Jiang fengmian come too late to pick up wei ying?? And our Wei ying is 10 years old who have live alone and have little to no love for the Ji...
1M 54.9K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
461 120 8
" අවසානයේ වැටහුනේ ප්‍රේමය කියන්නෙම නුබව මට දැනෙන එකකට, අප අපටම මේ භවයේ අයිතියක් නැති උනත් නුබ වෙනුවෙන්ම ජීවත් වන්නට සිත් කියන එයයි ඒ මා දකින ප්‍රේමය...