My Teacher || GL ||

By shanu6rj

15.4K 1.2K 643

අවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච... More

හැදින්වීම
පලවෙනි දිගහැරුම ~
දෙවෙනි දිගහැරුම ~
තෙවන දිගහැරුම ~
සතරවන දිගහැරුම ~
පස්වන දිගහැරුම ~
හයවන දිගහැරුම ~
සත්වන දිගහැරුම ~
අටවන දිගහැරුම ~
නමවන දිගහැරුම ~
දසවන දිගහැරුම ~
එකොළොස්වන දිගහැරුම ~
දොළොස්වන දිගහැරුම ~
දහතුන්වන දිගහැරුම ~
දහ හතරවන දිගහැරුම ~
පහලොස් වන දිගහැරුම ~
දහසය වන දිගහැරුම ~
දා හත්වන දිගහැරුම ~
දහනමවන දිගහැරුම ~
විසිවන දිගහැරුම ~
විසිඑක්වන දිගහැරුම ~
විසිදෙවන දිගහැරුම ~
විසිතුන්වන දිගහැරුම ~
විසිහතරවන දිගහැරුම ~
විසිපස්වන දිගහැරුම ~
විසිහයවන දිගහැරුම ~
විසිහත්වන දිගහැරුම ~
විසිඅටවන දිගහැරුම ~
විසිනමවන දිගහැරුම ~
තිස්වන දිගහැරුම ~
තිස්එක්වන දිගහැරුම ~
තිස්දෙවන දිගහැරුම ~
තිස්තුන්වන දිගහැරුම ~
තිස්හතරවන දිගහැරුම ~
තිස්පස්වන දිගහැරුම ~
තිස්හයවන දිගහැරුම ~
තිස්හත්වන දිගහැරුම ~ (THE END)
NEW STORY UPDATE

දහඅටවන දිගහැරුම ~

292 29 30
By shanu6rj

ශයිනිට කවිදුගෙ අම්මගෙ ඔඩොක්කුවෙ ඇඩුව නිසා එතන ඔලුව තියාගෙනම නින්ද ගිහින් සනුදි නිදිමතේ හිටියට නදී ගැන ආරංචියක් ලැබෙනකන් කෙල්ලගෙ හිතට නිදහස් නැ මෙයාලා ඉස්පිරිතාලෙට ආවේ 4  වගේ දැන් වෙලාව 8යි ඩොක්ටර් රූම් එකෙන් එලියට ආවෙ සනුදිව ඉක්මනට බිමින් නැගිටින්න ශක්තියක් දෙන ගමන් සනුදි ඉක්මනට ඩොක්ටර් ලගට ගියා

" ඩොක්ටර් කොහොමද අක්කට එයා හොදින් "

සනුදිගෙ සද්දෙට අම්මයි ශයිනියි දෙන්නම නැගිටලා ඩොක්ටර් ලගට ආවා

"එයාගේ ඔපරේශන් එක සාර්තකව සිදු වුනා බය වෙන්න දෙයක් නැහැ එයා 100%ක් සුරක්ශිතයි "

"ආයෙ එයාට මෙහෙම කිසිදෙයක් වෙන එකක් නැහැනේ "

" වෙන්නෙ නැම කියන්න බැහැ එයාට වැඩිය ඔලුව වෙහෙසන්න දෙන්න එපා එයාව පොඩි කාලෙ ඉදන් දන්න අයද ඔයාලා "

" නැහැ අපි එයාගෙ යාලුවො "

" එහෙමද එයාව පොඩි කාලේ ඉදන් දන්න අයව විතරයි දැන් එයාට මතක් වෙන්නෙ මන් කිව්ව වගේ මේ ඔපරේශන් එකෙන් එයාගෙ මොලේ ගැස්සිල තියෙන රුදිර නාල වල පීඩනය අඩු කල ස්නයු සම්බන්ද සැත්කමෙන් එයාට ඉස්සර ඒ කියන්නෙ එයාට පොඩි කාලේ වුන accident එකට ඉස්සෙල්ලා විතරයි මතක ලගදි හම්බුන අය මතක නැහැ ඒ නිසා එකපාර එයාගෙ ඉස්සරහට යන්න එපා හෙමින් හෙමින් එයාට මතක් කරන්න "

"අනේ ගොඩක් පින් සර් අපිට එයාව කීයට වගෙද බලන්න පුලුවන් වෙන්නෙ"

"දැන් ඔපරේශන් එක කරපු ගමන් නිසා දැන්මනම් යන්න බැහැ හෙට බලන්න පුලුවන් මන් කිව්ව වගේ එයාව පොඩි කාලේ දන්න කෙනෙක්ට එයාව මුලින් හම්බෙන්න දෙන්න "

ඩොක්ටර් එහෙම කියලා එයාගෙ රූම් එකට ගියා

නදීව පොඩි කාලේ ඉදන් දන්න කෙනෙක් ඕනා කිව්වහම ජයනි ටිකක් බය වුනා මොකද එයා පොඩි කාලෙ ඉදන් දන්න කවුරුත් ජීවතුන් අතර නැහැ නදී ජයනිව පොඩි කාලේ දැක්කට එයාට එයාව මතක තියෙයිද කියලා සැකයි ඒත් එයා උත්සහය අත් හැරියෙ නැහැ කවුරුහරි නැති වුනොත් එයා හරි යනවා කියලා මතයෙ හිටියෙ

"නෝනේ නදීව පොඩි කාලේ ඉදන් දන්න කවුරුත් ජීවතුන් අතර නැහැනෙ නදී අපි දෙන්නව පොඩි කාලේ ඉදන් දන්නවා වුනත් මතක තියෙයිද "

"ඒක තමයි මහත්තයො මාත් බැලුවෙ "

අම්මයි තාත්තයි එහෙම කතා වෙනකොට සනුදි අම්මා ලගට ඇවිත් අම්ම ඉස්සර දන ගහලා හෙමින් සැරේ මෙහෙම ඇහුවා

"නදී අක්කව අම්මා අවුරුදු ගානක් ඉදන් දන්නවද එයාට මොනවද වුනේ අනේ මට කියන්නකො අම්මේ "

සනුදිගෙ ඇස් වලින් කදුලු ගලනව එහෙම අම්මගෙන් අහද්දි එයාගෙ නදී අක්කට මෙහෙම දෙයක් වෙන්න පොඩි කාලේ මොකද වුනේ කියලා දන්නෙ නැහැනේ

" අනෙ ඔව් අම්මේ කියන්නකො මගෙ අක්කට මොකද පොඩි කාලේ වුනේ තාත්තා මොනා කිව්වත් එයා මගෙ අක්ක කියලා මන් පිලිගෙන ඉවරයි ලේ නෑයෝ නොවුනත් එයා මගෙ අක්කා "

" හරි මන් වුන ඔක්කොම දේවල් කියන්නම් හැබැයි ඒක නදීට දැන්ම කියන්න එපා කවිදු ඔයත් එන්න මෙතනට මහත්තයො අද තමයි මේක කියන්න වෙන්නෙ අපිට මෙච්චර අවුරුදු ගානක් තිස්සෙ හංගන් හිටපු රහස "

"අපි නදී අක්කට මුකුත් කියන්නෙ නැහැ කියන්නකො "

"ඔව් නෝනේ කියලා දන්න "

සනුදිගෙ අම්මා හොද හුස්මක් අරන් කියන්න ගත්තා

"මෙහෙමයි මීට අවුරුදු 13කට කලින් දෙයක් වුනා එතකොට ඔයාලගෙ වයස 11ක් 9ක් 5ක් වගේ ඇති මමයි ,නන්දිනියි , ස්වෙතයි හොදම යාලූවෝ අපි ඔක්කොම මොන්ටිසෝරි Teachers ලා 2010 වගේ අවුරුද්දෙ අපේ මොන්ටිසෝරියෙ කොන්සට් එකක් තිබ්බා ඒත් එකපාර මොනා හරි ශෝට් වෙලා පොඩි ලමයි හිටිය ස්ටේජ් එක ගිහි ගත්තා මමයි මගෙ යාලුවො දෙන්නයි ඉක්මනට ගියා ලමයි ටිකව බේර ගන්න මමයි ස්වෙතයි ස්ටේජ් එකේ එක පැත්තකට ගියා නන්දිනී වෙන පැත්තකට එයා ගිය පැත්තෙ ගිනි ගත්ත දුමට විසක් මිශ්‍ර වුනා ඒකෙ එයාට ගොඩක් අමාරු වුනා "

Flashback to 2010 consent day

"නන්දිනී.... නන්දිනී ඔයා කොහෙද ස්වෙතා ඔයා නන්දිව දැක්කද මට එයාව හොයා ගන්න බැහැ "

ලමයි එක්කෙනා එක්කෙනා බේරගෙන ස්වෙතගෙන් නන්දිනී පේන්න නැතුව හිටිය නිසා එයාගෙන් ඉක්මනට ඇහුවා

"මන් දැක්කෙ නැහැනේ එයා ස්ටේජ් එකේ අනිත් පැත්තටද කොහෙද ගියා මන් දැක්කා "

" පියල් ඉක්මනට මේ ලමයව ගන්න මට නන්දිනි ලගට යන්න ඕන ස්වෙතා ඉක්මනට යමු "

ජයනි ලමයව පියල්ට දීලා ස්ටේජ් එකේ එහා පැත්තට දුවගෙන ගියා එයාලා දැක්කා ලමයෙක්ව අමාරුවෙන් වඩා ගෙන එන නන්දිනීව

"නන්දිනී....! "

නන්දිනි ලමය එක්ක වැටෙන්න ගිය ජයනි ඉක්මනට නන්දිනී ලගට ගියා

"නන්දිනී මොකද වුනේ  ස්වෙතා මේ ලමයව සියත්ට දෙන්න "

ස්වෙතා ගියා ලමයව දෙන්න පස්සෙ ඉක්මනට ආවා එතනට ජයනිට කැස්ස ආවා දුමට

"එන්න මෙතන ඉන්න බැහැ දුම හොදටම "

ජයනි නන්දිනීගෙ එක අතක් කරට දාගත්තා අනිත් එක ස්වෙතා දාගෙන ඉක්මනට එයාව එක්කගෙන ආවා

"ඔහොම ඉන්න මන් ඉක්මනට වතුර එකක් අරන් එන්න "

ජයනි දුවලා ගියා වතුර ගේන්න නන්දිනී අමාරුවෙන් හුස්ම ගන්නෙ ස්වෙතා ඒක දිහා බලන් ඉදලා ඉක්මනට මොන්ටිසෝරියෙ ඩොක්ටර්ට එන්න කිව්වා ජයනිත් වතුර අරන් දුවගෙන ආවා

" අනේ මේක ඉක්මනට බොන්න "

"ජනි මන් ඩොක්ටර් එක්කගෙන ආවා නන්දිව පෙන්නන එක හොදයි නෙ "

"ඔව් ඔව් අනෙ ඩොක්ටර් ඉක්මනට බලන්න "

ඩොක්ටර් ඉක්මනට නන්දිනීගෙ ඇස් යට බැලුවා එයාගෙ හාට් එකේ සද්දෙ බැලුවා හුස්ම ගන්න මට්ටම

"ජයනි මන් හිතන්නෙ මෙයාව ඉක්මනට හොස්පිටල් එකට එක්කගෙන යන්න වෙයි විස දුමක් ඇතුල් වෙලා තියෙනවා මෙයාගෙ ඇගට ඇස් කොල වෙල ඉක්මනට වාහනයක් අරන් යන්න ලගම හොස්පිටල් එකට මන් ට්‍රීට්මන්ට් කරන්න තරම් බඩු නැහැ මෙහෙ "

ඩොක්ටර්ට ඒ විස දුම නන්දිනීගෙ ඇගෙන යවන්න තරම් විශනාසක මොන්ටිසෝරියෙ තිබ්බෙ නැහැ ජයනි ඉක්මනට පියල්ට කතා කරලා එයාගෙ වාහනේට නන්දිනීව දාගෙන ස්වෙතා එක්ක හොස්පිටල් එකට ගියා

නන්දිනී හුස්ම ගන්නෙ ගොඩක් අමාරුවෙන් කියලා ඒ දෙන්නටම තේරුනා දෙන්නට ඇඩුනා නන්දිනීගේ අත් දෙකනම් අත හැරියෙ නැහැ ඉක්මනට හොස්පිටල් එකට ආවා

ඩොක්ටර් නන්දිනීව චෙක් කරන්න අරන් ඉක්මනට එයාව ඔපරේශන් තියටර් එකට් ගත්තා ඒ යන වෙලාවෙත් නන්දිනීගෙ ඇස් යට කලු වෙලා තොල් කලු වෙලා තිබ්බෙ ජයනි ඒකට හොදටම බය වුනා

"අනේ දෙවියනෙ අපේ යාලුවට මුකුත් වෙන්න එපා පරිස්සමට ආයෙ අපි ලගට එන්න ඕනේ "

ස්වෙතයි , ජයනියි ප්‍රාර්ථනා කලා නන්දිනීට ඉක්මනට සනීප වෙන්න කියලා ඒත් ඩොක්ටර් එකපාර ආයෙ එලියට ආවා

" ඩොක්ටර් ආයේ ආවේ නන්දිනීට කොහොමද "

" සොරි එයාගෙ වකුගඩු වලට විස දුමාරේ ගොඩක් ගිහින් එයා අඩපනයි ඒ විස දුම ඇවිත් තියෙන්නෙ මොකක් හරි දැඩි දෙයක් ශෝර්ට් වෙලා ඒක මිනිස් හදවතට හොද නැති දෙයක් "

ඒක ඇහුනහම ජයනිගෙයි ස්වෙතගෙයි ඔලුවට පොල් ගෙඩියක් වැටුනවගෙ එයාලගෙ හොදම යාලුවව බේර ගන්න බැහැ කිව්වහම කොහොමද දැනෙන්නෙ

"එයා දන්නවද මේක "

" අපි එයාව චෙක් කරන්න ඉස්සෙල්ලා එයාමයි කිව්වෙ එයාට ගොඩක් අමාරුයි මේ විස එයාගෙ ඇගේ පිරිලා ඉවරයි කියලා "

"අනේ 😭😭😭 නන්දිනී "

නර්ස් රූම් එකේ ඉදන් එලියට ආවා

" ඩොක්ටර් අර පේශන් අන්තිම වතාවට එයාගේ යාලුවො දෙන්නව හම්බවෙන්න ඕනලූ "

ඒක ඇහුවහම නම් ජයනිගෙ හාට් එක නැවතුනා වගේ දැනුනේ

" හරි එයාලව එවන්නම් ඔය දෙන්නට ගිහින් එයත් එක්ක කතා කරන්න පුලුවන් "

" ඩොක්ටර්ට එයාව බේරගන්න මොනම ක්‍රමයක්වත් නැත්ද "

"එයා එන්න එන්න වීක් වෙනවා ඒ දුම එයාගෙ හදවතට වකුගඩු දෙකට ගිහින් ඉවරයි එයාව බේරගත්තත් ජීවත් වෙන්න අමාරුයි සැරින් සැරේ ලේ වමනෙ කරයි ගොඩක් දුක් විදී මන් නම් කියන්නෙ එයාට යන්න දෙන්න දුක් විදින්න දෙන්න එපා මගෙ නංගිටත් ඔහොම එකක් වෙලා මම එයාව බේරගත්තා මොකද දොස්තර අයියෙක් ඉදලා නංගිව බේරගත්තෙ නැහැ කිව්වහම එක එක ඒව කියන නිසා ඒත් නංගි මට අඩ අඩ බැන්නා ඇයි මාව බේරගත්තෙ එක පාර මැරෙන්න දෙන්න තිබ්බනෙ එහෙනම් මන් මෙහෙම විදවන්නෙ නැහැ කියලා ඒකයි මන් ඔයාලට කියන්නෙ එයාට විදවන්න දෙන්න එපා දැන් ගිහින් කතා කරන්න මන් යන්නම් "

දොස්තර කියන ඒව අහගෙන හිටියත් ජයනිටයි ස්වෙතටයි මුකුත් කියන්න හයියක් තිබ්බෙ නැ දෙන්න ඉක්මනට නන්දිනී ඉන්න රූම් එකට දුවගෙන ගියා නන්දිනී ඇදේ හරි අමාරුවෙන් හුස්ම ගන්නවා එයා එක්කන් ආව විදිහට වඩා මේ පොඩි වෙලාවෙ ගොඩක් වෙනස් වෙලා

"නන්දිනී... "

ජයනි අඩන එක නවත්තලා බොරු හිනාවක් දාගෙන නන්දිනී ලගට ආවා මොකද නන්දිනී කැමතිම නැහැ ස්වෙතයි ජයනියි අඩනවට

" හායි මැනික.. මොකද.. ඇස්රතු වෙලා ඇඩුවද ඔය දෙන්නා..."

"මොකක්ද නැහැ නැහැ අපි ඇඩුවෙ නැහැ මේ නිකන් ඇස් රතු වෙලා "

" බොරු..කියන්න එපා හොදේ "

නන්දිනී හරි අමාරුවෙන් කතා කරන්නෙ ජයනිට ඒක ඉවසන්න බැරි වුනා එයා ඇඩුවා ස්වෙතා ශක්තිමත්ව හිටියත් එයා සද්ද නැතුව ඇඩුවා

"ඇයි අඩන්නෙ මම යන නිසාද.. "

"එහෙම නැහැ දුකයි මට වෙන්නෙ නැතුව ඔයාට වුන එකට "

"පිස්සුද ජනි ඔහොම.. කියන්නෙ අ මට කෑ ගහන්නත් බැ වෙනද වගේ මේ අහන්නකො ඔය දෙන්නා මන් දන්නව මට තව වැඩි වෙලාවක් නැහැ "

"අනේ එහෙම කියන්න එපා 😭😭 ඔයා අපි දෙන්නා එක්ක සදහටම ඉන්නවා "

"අහන්නකො රත්තරන් මන් ඔය දෙන්නා එක්ක සදහටම ඉන්නවා ඒත් මන් මේ මිනිස් ලෝකෙන් යනවනේ මන් ඔය දෙන්නට වගකීමක් දෙනවා මේක අහන්නකෝ.. "

"මොකක්ද නන්දි "

"මම ඔය දෙන්නට නදීගේ බාරකත්වය දෙනවා "

"අනේ ඒ පොඩි කෙල්ලට අපි මොකද කියන්නෙ අම්ම කොහෙද ඇහුවොත් "

"නදී brave girl කෙනෙක් එයා ඔක්කොම තේරුන් ගනී මන් නදීගෙ වගකීම දෙන්නටම දෙනවා එයාගෙ බාරකත්වය ස්වෙතට දෙනවා මොකද ජයනිට ලමයි දෙන්නෙක් ඉන්නවගෙ ස්වෙතට සේමිනීගේ මතකය නදීගෙන් ගන්න පුලුවන් "

සේමිනී කියන නම ඇහුන ගමන් හෙමින් අඩපු ස්වෙතා හයියෙන් අඩන්න ගත්‍තා 😭😭 ඒ ඇයි කිව්වොත් සේමිනී කියන්නෙ ස්වෙතගෙ පලවෙනි දරුවා එයාට ලෙඩක් හැදිලා අවුරුදු 5ක ඉස්සෙල්ල නැති වුන නදියි සේමිනියි එකටමයි හැදුනෙ සේමිනී නැති වුන දවසෙ ඉදන් ස්වෙතා නදීගෙන් සේමිනීව දැක්කා එයාට ගොඩක් ආදලේ කලා

"ඔයා නදීට කොහොමත් ආදරෙයි නේ එයාට තියෙන ආදරේ ඔයාගෙන් අඩු වෙන්නෙ නැහැ "

නන්දිනීට දැන්නම් හොදටම අමාරුයි කතා කරන්නත් බැහැ හුස්ම අදිනවා ජයනි බය වුනා එයා ඩොක්ටර්ට කතා කරන්න යන්න හැදුවහම නන්දිනී එයාගෙයි ස්වෙතගෙයි අත් අල්ල ගත්තා

"මට පොරොන්දු වෙන්න ඔය දෙන්න ඔයාලගෙ ලමයි එක්ක හැමදාම සතුටින් ඉන්නවා කියල මගෙ නදීවත් පරිස්සමට බලාගන්නවා කියලා "

ජයනියි ස්වෙතයි හොදටම අඩනවා 😭😭

" අපි දෙන්නා පොරොන්දු වෙනවා නන්දිනී "

ඒක ඇහුනහම නදී දෙන්නට හිනාවක් පෙන්නලා ඇස් පියා ගත්තා ඒකෙන්ම එයගෙ හාට් රේට් එක බිංදුවටම බැස්සා නන්දිනී ස්වෙතයි ජයනියි ඉස්සරහ එයාගෙ අන්තිම හුස්ම යැව්වා

"නන්දිනී !! 😭😭 "

ජයනි බිම වැටුන එයා තවමත් අඩනවා එකපාර කාගෙ හරි phone එක්කට කෝල් එකක් ආවා ස්වෙතා ඒකේ සද්දෙ කොහෙන්ද බලද්දි ජයනිගෙ බෑග් එකෙන් එන්නෙ එයා phone එක බලද්දි ඒක නන්දිනීගෙ phone එක ඒකට unknown namber එකකින් කෝල් එකක් එනවා ජයනිටත් එයා ඒක පෙන්නලා කෝල් එක answer කරා

🤳 Hello

👤 hello මේ නදීශගෙ අම්මා නන්දිනීද

නදීගෙ නම ඇහුනහම දෙන්නම බය වුනා

🤳 අ නැහැ මන් එයාගෙ යාලුවෙක් නන්දිනී එලියට ගියා මේ කවුද

👤 අ මම නදීශගෙ පන්ති බාර මිස් නදීශා ගොඩක් වෙලා ඉදන් එලියෙ අම්මා ආවද ඇහුවහම නැහැ කිව්වා ඒකයි එයාට කෝල් එකක් ගත්තෙ

🤳 අ සොරි මිස් එය දැන් මග එනවා

👤 හරි මිස් නදීශා සැරින් සැරේ අහනවා අම්මා තාම නැත්තෙ කියල 2 නෙ මන් එයාට කියන්නම

🤳 අනේ සොරි මිස් දැන් එයි එයා

👤 ok thankyou

🤳 thankyou miss

Phone cut

" කවුද කතා කලේ "

" නදීගෙ ඉස්කෝලෙ ටීච නදී ඉස්කෝලෙ තාම එයාව ගන්න යන්න වෙනවා අපිට එයා නන්දිනීව හොයනවලු "

"අනේ ස්වෙතා මට ඒ කෙල්ලගෙ මූණ දිහා බලල මේ වුන දේනම් කියන්න බැහැ "

"මටත් අමාරුයි අපි ගිහින් බලමු "

"එතකොට නන්දිනීගෙ බොඩි එක බාර ගන්නෙ ඒක ඩොක්ටර් ගෙන් අහන්න වෙයිනේද "

"ඔව් අහලා යන් "

ජයනියි ස්වෙතයි ඩොක්ටර් ලගට ගිහින් විස්තරේ අහද්දි හෙට ඇවිත් බොඩි එක අරගෙන යන්න කිව්වා මරණ පරීක්ශනය කරන්න තියෙන නිසා

පස්සෙ ජයනියි ස්වෙතයි කාර් එකේ නදීව ගන්න ගියා එයාලා පාරෙ පැත්‍තක හිටියා නදී එහා පැත්තෙ ටීච එක්ක නදී ටීචට ජයනිව පෙන්නුවා නදී පාර පනින්න බැලුවට ටීච යන්නනම් දුන්නෙ නෑ ඒ නිසා ජයනි එනකන් නදී පාට කොනේ ටීච එක්ක් හිටියා නදීගෙ වෙලාව හොදනැති කමටද කොහෙද කොහෙදෝ ඉදන් ලොරියක් ඇවිත් නදීව හැප්පුවා එයාව පාවෙලා යනවා වගේ ඈත ඉන්න ජයනිට පෙව්නේ එයාට කෑ ගැහුනා

"නදී.....!! "

නදීව බිම වැටිලා ඔලුව පැලුනා නදී එක්ක හිටිය ටීචටත් ගොඩක් තුවාලයි ජයනි ඉක්මනට නදී ලගට දුවන් ආවා එතන මිනිස්සු කට්ටියක් ටීචවයි නදීවයි වාහනේකට දාගත්තා ස්වෙතා වාහනේ රිවස් කරන් ඇවිත් ජයනිව දාගෙන ඒ මිනිස්සු පස්සෙ ගියා එයාලා ඉස්පිරිතාලය හරියෙන් නවත්තලා නදීවයි ටීචවයි ඉක්මනට උස්සගෙන ගියා ජයනියි ස්වෙතයිද ඉක්මනට ගියා  නදීට බරපතල නිසා අනිවාර්යෙන් ඔපරේශන් කරන්න ඕන කිව්වා ජයනි දෙපාරක් හිතුවෙ නැහැ ලමයව බේරගන්න ඕන නිසා ඒකට ඉක්මනට හා කිව්වා ඩොක්ටර් ඔපරේශන් එක පටන් ගත්තා

ඒක ඉවර වුනේ පැය 2කට වගේ ආයෙ ඩොක්ටර් එලියට ඇවිත් නදීගෙ මොලේට වෙල තියෙන හානිය කිව්ව එයාට පෙර දේවල් මතක නැහැ හෙට ඉදන් වෙන දේවල් විතරයි මතක කියලා ඒක එක පැත්තකින් සතුටක් වුනාට අනිත් පැත්තෙන් දුකක් මොකද නදීට එයාගෙ අම්මා එක්ක තිබ්බ මතක එකක්වත් මතක නැති නිස නදීව දවස් තුනකින් එක්කගෙන යන්න පුලුවන් කිව්වා

ජයනියි ස්වෙතයි හොස්පිටල් එකේම නැවතුනා මොකද හෙට එයාලා යන්න ඕනෙ නන්දිනීගෙ දේහය ගන්න පස්සෙ නදීව ගෙදර එක්කගෙන යන්න

කොහොම හරි ඒ දේවල් ටිකත් කලා නන්දිනීගෙ දේහය ආදාහනය කලා නදීව ස්වෙතගෙ ගෙදර එක්කගෙන ආවා නදීට හිටියෙ එයා විතරයි සහෝදරයො නැහැ එයාගෙ තාත්තා සොල්ඩර් කෙනෙක් එයාට අවුරුදු 5දී නැති වුනා නන්දිනී නදීව හැදුවෙ ගොඩක් අමාරුවෙන් දිරිය කාන්තාවක් වගේ  ස්වෙතට අවුරුදු 9ක දුවෙක් ඉන්නව එයාගෙ නම ශයිනි හැබැයි එයත් අමතක වීමේ රෝගෙකින් පෙලෙනවා ඒකේ බෙහෙත තාම හොයාගෙන නැහැ කියලා ඩොක්ටර්ස්ලා කියන නිසා එයාට බෙහෙත් කරන්න හම්බුනෙ නැහැ

ජගත් ඒ කියන්නෙ ස්වෙතගෙ හස්බනුත් මුලදි නදීට එයාගෙම දුව වගේ සැලකුවා ඒත් දවසක් සිද්ද වෙච්ච දෙයින් ඒක වුනේ නදී නිසා කියලා එයා නදීට් ගොඩක් වෛර කලා ඒක තමයි ස්වෙතගෙ අකල් මරණය ඔව්

නදීව ස්වෙතගෙ ගෙදර එක්කගෙන ඇවිත් අවුරුදු 2 කට පස්සෙ ස්වෙතා වෙන තැනක වැඩ කරන්න ගියා මොකද මොන්ටිසෝරි මරණය නිසා ඒ මොන්ටිසෝරිය වැහුවා ලමයිට හොද නැහැ කියලා ඒක නිසා ස්වෙතටයි ජයනිටයි ජොබ් එක නැති වුනා ඕක නිසා ස්වෙතා දුර පලාතකට ආවා ජයනිගෙයි එයාගෙයි අතර තිබ්බ Contact එක එන්න එන්න නැති වුනා

ස්වෙතා ඒ පිට ගමේ වැඩ කර කර ඉද්දි හදිස්සියේ කරන්ට් වැදිලා නැති වුනා නදී එදා තමයි හිතා ගත්තේ ඒ නැති වුනෙ එයාගෙ ඇත්ත අම්මා කියලා ඒත් ජගත්ටනම් නදී ගැන ගොඩක් කේන්ති ගියා එයා නිසා මේ ඔක්කොම කියලා මොකද නදීගෙ අම්මත් නැහැ තාත්තත් නැහැ දැන් එයා නිසාම එයාගෙ නෝනත් නැහැ කියලා ජගත් නදීට වෙනස්කම් කලාට නදී ජගත්ටයි ශයිනිටයි එයාගෙම පවුලෙ අය වගේ සැලකුවෙ එයා දන්නෙ නැහැ මේකෙ ඇත්ත

End of flashback
Current time 2023

ජයනි අඩ අඩ කියද්දි අනිත් සේරමලා පුදුමෙන් අඩ අඩ අහන් හිටියා ඒක හැමෝටම ශොක් එකක් වගේ මෙච්චර දෙයක් නදීගෙ ජීවිතේට වුනාද කියලා ශයිනි මේ දේවල් ඇහුවහම එයාගෙ තාත්තා ගැනම කේන්තියි ඒත් එයාට ප්‍රශ්නයක් තියෙනවා

" නැන්දේ එතකොට ඔය මොන්ටිසෝරියෙ වුන ශෝර්ට් එක විදුලි සැරෙන් වුනා කියමුකො ඒත් විස වෙන්න තරම් මොකද වුනේ ඒක ගැන විමර්ශන කරාද තව කවී අක්කව හප්පමු ලොරි අයිතිකාරයව හිරේ දැන්මද "

"ඒ මොන්ටිසෝරියෙ සිද්දියනම් පොලිස්සිය සතියක් වගේ විමර්ශනේ කලා හෝඩුවාවනුත් හොයා ගත්තා ලොරිකාරයා ගැනත් හොයා ගත්තා  ඒත් එකපාර ඒ ඔක්කොම දේවල් අතුරුදහන් වුනා "

"අම්මෙ එහෙම අතුරුදහන් වුන එක ගැන අන්මට කවුරුත් සැකනැත්ද "

" කාවද දරුවො සැක කරන්නෙ අපි කාටවත් කරදර කරන්නෙ නැතුව හැමෝම එක්ක් ආදරයෙන් හිටිය කට්ටියක්නේ "

" ම්ම් ඒකත් ඇත්ත ඕක ගැන විමර්ශනේ කලේ මොන පොලිස්සියද ඕක වුනේ මොන මාසෙද "

" පරික්ශා කලේ දඹුල්ලෙ පොලිස්සිය ඒක වුනේ නම් 2010 ඔක්තෝම්බර් 26 ඔව් මට ඒ දවස හොදට මතකයි අද වගේ "

"අපිට ඒ ගැන හොයන්න වෙනවා අයියේ"

"ම්ම් හොයලා බලන්න වෙනවා නන්දිනී නැන්දටයි නදි අක්කටයි මේ දේවල් එකපාර වුනේ කොහොමද කියලා "

"කවිදු "

"කියන්න ශයිනි "

" මගෙ අම්මටත් ඇයි එහෙම වුනේ කියලා හොයලා කියනවද 🥺🥺 "

ඒක ශයිනි කිව්වෙනම් මුලු ලෝකෙම එපා වෙලා වගේ ගොඩක් දුකෙන් දුක ඩබල් වුනේ කවිදුයි සනුදියි නදියි එයාගෙ අම්මයි ගැන හොයන්න ලෑස්ති වුනාට එයාගෙ අම්මා ගැන හොයන්න ඇහුවෙ නැති එක

"බය වෙන්න් එපා බේබී මන් මගෙ නැන්දාම්මට මොකද වුනේ කියලා අනිවාර්යෙන් හොයලා බලනවා ඒක වෙන්නත් අපි විස්තර දැනගන්න එපැයි නේද අම්මා කතා කරලා ඉවර වුන ගමන් මන් ඔයාගෙන් විස්තර අහන්න හිටියෙ "

ඒක ඇහුනමහම ශයිනිගෙ දුක ටිකක් අඩු වුන්න

" අම්මා නැති වුනේ 2012 සැප්තැම්බර් 14 අම්පාරේ ×××××××× මේන්න මේ ආයතනෙ වැඩ කරන්න ගිහින් මන් ඕක දැන ගත්තෙ තාත්තගෙන්ම තමා ඕක ගැනත් පත්තරේ ගියා කියලා තාත්තා කිව්ව "

" හරි බය වෙන්න එපා අපි හොයන්නම් "

"පුතේ දන්නවද වෙච්ච දෙයක් "

"මොකක්ද අම්මේ"

" මගෙ හොදම යාලුවො දෙන්නා මාව මේ ලෝකෙ තනිකරලා එකට ඉන්න වෙනම ලෝකෙකට ගියා "

ඒක කියනකොට ඇත්තටම හදවතට පිහියෙන් අනිනවා වගේ හොදම යාලුවො තුන්දෙනෙක් ඉදලා දෙන්නෙග් එකපාරම ඔයාගෙන් ඈත් වෙලා සදහටම් ගියොත් ඔයාගෙ ලග ඉන්නව තමයි ඒත් ඇස් ඉදිරිපිට ඉදන් එයාලා එක්ක හිනා වෙන්න අඩන්න විනොද වෙන්න බැරි වුනහම කොහොමද දැනෙනන් හැගීම මාවනම් මැරෙයි අයියෝ

"නෝනේ දැන් මේ තුන්දෙනත් කතාව දැනගත්තා  වෙලාව පාන්දර 1යි ටිකක් නිදාගන්න ඔය කට්ටිය හෙට නදී නැගිට්ටහම අපි දෙන්නා යමු එයා ලගට දරුවනේ ඔයාලා හෙට නදී ඉස්සරහට ආවත් ඇත්ත නම ඔයාලා කාගෙ කවුද කියන්න එපා නදී ඒක හිතන්න දගලයි එයාට ඒක හෙමින් හෙමින් තේරුන් කරන්න ඕනෙ හරිද "

"හරි අම්මේ "

කට්ටිය හොස්පිටල් එකේම පුටුවෙලට හේත්තු වෙලා මහන්සි ඇරියා







ඔයාලට කියවන්න වගෙම තමා මට මේක ලියලා ඉවර වෙනකන් ඉවසිල්ලක් නැහැ ඒ නිසාම අද එපි 3ක්ම දෙනවා හොදේ මට එපි එක්රොක් කරන් ඉන්න අමාරුයි එතකොට අදහස් එන්නෙ නැහැ ඒ නිසා ඔන්න කට්ටියට ටිකක් අඩන්න වෙන කොටසක් දැන්මෙ මේක ලියනකොටත් මට පට්ට දුකයි මන් හිතනව කට්ටිය ආස වෙයි කියලා like , Comments & Share කරන්න ඔන්න ඇත්තටම අදට දෙන අන්තිම එක ආයෙ හෙටම තමා 🌝❤

Author Shanu

Continue Reading

You'll Also Like

844 86 8
කවියක් තවත් කුමට කවියක්නෙ නුඹ මෙමට ....
1.3K 289 6
Love is not about finding the right person but creating the right relationship. It's not about how much love you have in the beginning but how much l...
197K 4.1K 42
A Man forced to Kill A Man forced to become Inhuman A Man forced to Sacrifice A Man forced to Suffer One Man forced to seek REVENGE! When only V...
556K 12.3K 39
In wich a one night stand turns out to be a lot more than that.