My Teacher || GL ||

Od shanu6rj

15.7K 1.3K 643

අවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච... Více

හැදින්වීම
පලවෙනි දිගහැරුම ~
දෙවෙනි දිගහැරුම ~
තෙවන දිගහැරුම ~
සතරවන දිගහැරුම ~
පස්වන දිගහැරුම ~
හයවන දිගහැරුම ~
සත්වන දිගහැරුම ~
අටවන දිගහැරුම ~
නමවන දිගහැරුම ~
දසවන දිගහැරුම ~
එකොළොස්වන දිගහැරුම ~
දොළොස්වන දිගහැරුම ~
දහතුන්වන දිගහැරුම ~
දහ හතරවන දිගහැරුම ~
දහසය වන දිගහැරුම ~
දා හත්වන දිගහැරුම ~
දහඅටවන දිගහැරුම ~
දහනමවන දිගහැරුම ~
විසිවන දිගහැරුම ~
විසිඑක්වන දිගහැරුම ~
විසිදෙවන දිගහැරුම ~
විසිතුන්වන දිගහැරුම ~
විසිහතරවන දිගහැරුම ~
විසිපස්වන දිගහැරුම ~
විසිහයවන දිගහැරුම ~
විසිහත්වන දිගහැරුම ~
විසිඅටවන දිගහැරුම ~
විසිනමවන දිගහැරුම ~
තිස්වන දිගහැරුම ~
තිස්එක්වන දිගහැරුම ~
තිස්දෙවන දිගහැරුම ~
තිස්තුන්වන දිගහැරුම ~
තිස්හතරවන දිගහැරුම ~
තිස්පස්වන දිගහැරුම ~
තිස්හයවන දිගහැරුම ~
තිස්හත්වන දිගහැරුම ~ (THE END)
NEW STORY UPDATE

පහලොස් වන දිගහැරුම ~

325 35 24
Od shanu6rj

ඊලග දවස

අද දවස සෙනසුරාදා ඒ කියන්නෙ සනුදිගෙ ආසම දවස හැබැයි අද වෙනස් අද ආසාව ඊයේ ඉදන්ම සම්පූර්ණයිනේ බ්‍රහස්පතින්දා ඉදන් සනුදි හිටියෙ නදී එක්කනෙ

උදේ නැගිටිනකොටනම් නදීට දැනුනෙ හාල් ගෝනි දෙකක් එයාගෙ ඇගේ කියලා මොකද එයාව හග් කරන් නිදියන පුරුද්ද සනුදිට වගෙම ශයිනිටත් තියෙනවා

"දෙයියනේ මේ කෙල්ලො දෙන්නම මගෙ ඇගේ මෙච්චර ලොකුවට ඇදක් තියෙද්දි එකක් නෙවේ ඇදවල් දෙකක් තියෙද්දි මගෙ ඇගේමනේ ඉන්නෙ හනෙ හනේ මන් නිකන් බෙයා කෙනෙක් වෙන්න ගිහින් අම්මගෙ කීමට මනුස්ස දුවක් වුනා වගෙ 😒 අම්නේ තවනම් බැ කොන්ද ලෙෆ්ට් තමා "

නදී හෙමින් සැරේ සනුදිවයි ශයිනිවයි එයාගෙ ඇගෙන් ඈත් කලා පස්සෙ නැගිට්ටා ඊයේ ශයිනියි සනුදියි එකට ඉද්දි එයාට තේරුනා ශයිනි සනුදිට සලකන්නෙ මන් එයාට සලකනො වගේ ඒ කියන්නෙ එයාගෙම නංගි වගේ ඒ නිසා නදී ඊයෙන් පස්සෙ ශයිනි සනුදි එක්ක ඉන්න එකට ඕනවට වඩා කේන්ති ගත්තෙ නැහැ ඒත් ටිකක් විතර ජෙලස් ගතියක් නැත්තෙමත් නැ

කෙල්ල ඇද ලග තිබ්බ එලාම් එක බැලුවා වෙලාව 8.00 යි තාත්තා රෑ ඇවිත් නැහැ කියලා තේරුනා phone එක අරන් කවුරුහරි කතා කරලද බැලුවා කවිදු මිස් කෝල් එකක් ගහලා පස්සෙ msg එකක් දාල තිබ්බා

"අක්කේ අද අක්කගෙ class එකනේද මන් සනුදිගෙ පොත් ටික අරන් එන්නම් එතකොට එයාට ලේසීනේ මන් අම්මට කිව්වා "

කවිදුගෙ msg එක දැක්කහම තමා කෙල්ලට මීටර් වුනේ අද සෙනසුරාදා කියලා අනික එයාගේ class එක ඒකත් 1ට කියලා කෙල්ල ඉක්මනට ඒකට

"හරි කවිදු ඔයා අරන් එන්න "

Reply කරලා සනුදිවයි ශයිනිවයි ඇහැරන්න phone එක තියලා ගියා

නදී සනුදි ලගට ගිහින් එයාගෙ අතට තට්ටුවක් දාලා කතා කලා කෙල්ල නෙවේ ඇහැරුනේ පස්සෙ මූණට තට්ටු කලා ඇහැරුනෙ නැහැ පස්සෙ නදී හිතුවෙවත් නැති විදිහට සනුදි නදීගෙ අත අරන් හග් කලා බෙශ්ශීට් එකක් වගේ නදීට පුදුමෙ එක්කම් හිනා ගියා එයාගෙ අතර සනුදිගෙ කම්මුල් තැලිලා තියෙන එකට නදී එහෙම අත තියෙද්දි

"සනුදි නැගිටින්න "

"ම්ම් තව ටිකක් නිදියන්න ඕනේ...."

"වෙලා නෑ ලමයො 1ට class දැනටත් 8 යි වෙලාව"

"මොකක් ! "

සනුදි එකපාර නදීගෙ අතත් අල්ලන් නැගිට්ටා සනුදි එකපාර නැගිට්ට නිසා නදීගේ නලලෙ එයාගෙ නලල වැදුනා

"ආව්..."

සනුදි ඉක්මනට නලල අත ගෑවා නදී කලබල වුනා

"ඒ ගොඩක් රිදුනද කො පෙන්නන්න "

" නැ අක්කෙ රිදුනෙ නැහැ අද සෙනසුරාදා ද "

නදී සනුදිගෙ නලල අත් ගෑවා එයාගෙ නළල රිදුනට සනුදිව බලන්න එපැයි

"ඒකනේ අද සෙනසුරාදා තව පොඩි වෙලාවක් කාලා බීලා ලෑස්ති වෙන්න තියෙන්නෙ ගිහින් වොශ් දා ගන්න කවිදු ඔයාගෙ පොත් මෙහෙට ගේන්නම් කිව්වා ඔයාට මෙහෙ ඉදන් යන්න "

සනුදිගෙ නලලෙ තියෙන කොන්ඩෙ එහෙට මෙහෙට කර කර කිව්වා

"ආ ඒක හොදයි නැත්තන් ආයෙ ගෙදර ගිහින් එද්දි වෙලා යයි "

" ඒකනේ දැන් යන්න ඔයා මේකේ වොශ් දාන්න මන් අනිත් එකට යන්නම් සාලු ඇති වොශ් රූම් එකේ "

" හරි අක්කේ "

සනුදි නදීට ලොකු හිනාවක් පෙන්නලා වොශ් රූම් එකට ගියා නදී සනුදි යන දිහා හිනා වෙවී බලන් ඉදලා ආයෙ ඇද දිහා බැලුව දැක්කෙ ගෝරිල්ලා වගේ ගොරව ගොරව ඉන්න එයාගෙ නගාව නදී කොට්ටයක් අරන් ශයිනිට ගැහුවා

"ඒයි ගෝරිල්ලො නැගිටිනවා 8 පහු වෙලා"

"තව ටිකක් නිදියන්න ඕනා "

නදී ගහපු කොට්ටෙම බදන් ආයෙ නිදා ගත්තා නදී ආයේ ශයිනි ලගට ඇවිත් කොට්ටෙ අරන් තඩිබෑවා

"ආව් ආව් රිදෙනවා "

"නැගිටිනවා ලෑස්ති වෙන්න "

"හැ කොහෙ යන්නද තාම උදේනේ අනික මන් කොහෙට යන්නද අද "

"මමයි සනුයි class යනවා ගෙදර තාත්තත් නැ ඔහෙව තනියෙන් තියන්නෙ නැ අපි එක්ක යන් ඉක්මනට ලෑස්ති වෙන්න තව ටිකකින් කවිදුත් එයි"

"එ එයා එන්නෙ ඇයි "

ශයිනි ඉක්මනට නැගිට්ටා

"සනුදිගෙ පොත් ගෙනත් දෙන්න "

"ආ.... මන් ලෑස්ති වෙන්නම් "

නදී ශයිනිගෙ හැසිරීම දිහා ටිකක් වෙලා බලන් ඉදලා මෙහෙම කිව්වා

" හා හා මට පොඩි දෙයක් අහන්න තියෙනවා ඒක රෑ වෙලා අහන්නම් "

"අ....හරේ මන් යනෝ වොශ් දාගන්න අක්කට වොශ් දාගන්න වෙන්නෙ ගෙස්ට් රූම් එකේ තමා"

ශයිනි දුවල ගියා එයාගෙ කාමරේට නදිත් ඇදුම් ටික අරන් ගෙස්ට් රූම් එකට ගියා පස්සෙ 3 දෙනා වොශ් දාගෙන ඇවිත් ඇදුම් ඇදගෙන අනිත් දෙන්නා නදීගේ කාමරේට  ආවා  නදී තාම ගෙස්ට් රූම් එකේ සනුදි ගවුමක් ඇන්දා ශයිනි බ්ලව්ස් එකයි ඩෙනිමයි නදී සාර් අදින නිස එන්න ටිකක් වෙල ගිය ඒ වෙලේම ගෙදර බෙල් එක සද්දෙ ආවා

(ශයිනිගෙ ඇදුම )

(සනුදිගෙ ඇදුම )

"ශයිනී කවුද කියලා බලන්න ආවේ ! "

"අනේ මන්ම යන්න ඕනද !"

"ඔව් ඔයා තමා මට බාගෙට ඇදුම් ඇදගෙන එන්න බෑනේ අනික සනුදිව යන්න බැ එයා පොඩී  ඔයා ගිහින් බලන්න "

"යැයි යැයි තමා යන්නම් මන් "

ශයිනි නදීට ඇද කර කර පහලට ගියා දොර ලගට ගිහින් දොරෙන් බැලුවහම කවිදුව දැක්කෙ ශයිනිගෙ ඇස් දෙකටයි කටටයි ලොකු හිනාවක් ආවා

(කවිදුගෙ ඇදුම )

"

කවිදු නේ ඇවිත් තියෙන්නෙ "

දොර ඇරියා ඒ සද්දෙට ආයෙ නදී කෑ ගැහුවා

"කවුද ආවෙ නංගි !! "

ශයිනියි කවිදුයි දෙන්නම ගැස්සුනා

" කවිදු ආවේ අක්කේ.!! "

"ආ හරි හරි නංගි !! "

"මොකද නදී අක්කා කෑ ගහන්නෙ "

"එයා ඇදුම් අදිනවා මාව කවුද ආවෙ බලන්න එව්වා ඔය දැන් දොර අරින සද්දෙට අහන්න ඇත්තෙ "

"අ අයියේ ආවද "

සනුදිත් පහලට ආවා ශයිනිගෙ සද්දෙට

"මෙන්න පොත් ටිකයි බෑග් එකයි අඩු මොනා හරි තියෙනවද බලනවා තියෙනවනම් ඉක්මනට අරගෙන එන්න"

"කෝ බලමු අ නැ නැ ඔක්කොම තියෙනවා මන් යන්නම් උඩට ඔය දෙන්න කතා කරන්නකො "

සනුදි කවිදුට ඇහැක් ගහලා දුවන් ගියා කාමරේට

"කවිදු එන්න ඇතුලට"

"අනේ මට වැඩි වෙලානන් ඉන්න බැහැ මන් යාලුවො එක්ක මැච් එකක් බලන්න දා ගත්තා ඒ නිසා ඉක්මනට යන්න ඕනා "

" අ.. හරි කවිදු කමක් නැ "

ශයිනි දුකෙන් කිව්ව එක කවිදුට තේරුනා කොල්ලටත් දුක හිතුන ඔය වෙලේ කවිදුට කෝල් එකක් ආවා

" ඔ විනාඩියක් දෙන්න "

කවිදු එලියට ගිහින්  phone එක answer කරා කොල්ලට හැපි news එකක් හම්බුනේ මොකක් දන්නවද අද යාලුවො සෙට් එකත් එක්ක බලන්න යන්න හැදුව මැච් එක වැස්ස නිසා නවත්තලලු ඒකට කොල්ලට අවුල් ගියත් මේ වෙලාවෙ අහන්න ලැබුනු එකනම් හැපිම තමා කවිදු ඉක්මනට phone එක තියලා ආයෙ ඇතුලට ගියා

" ඒ ශයිනියෝ......."

පුටුවෙ වාඩි වෙලා ඉන්න ශයිනි ලගට හැපි එකේ ගියා

" මට අද ඉන්න පුලුවන් ටික වෙලාවක් මන් බලන්න දාගත්ත මැච් එක කැන්සල් වෙලා "

ඒක ඇහුවහම නම් ශයිනිගෙ මූණෙ මල් පිපුනා වගේ හිනාවක් ආවා

" ඇත්තටමද "

"ඔව්ව්ව් මට ඉන්න පුලුවන් ඔයා එක්ක"

"මරු නේ "

" වා මරුනේ එහෙනම් කෙල්ලට තනියක් නැති වෙයි අපි දෙන්නා class එකේ ඉන්නකොට "

නදී පඩිපෙන දිගෙ පහලට ආවේ එයාගෙ පස්සෙන් වශී වෙලා වගේ එන සනුදිවත් අල්ලගෙන

" ඒ කිව්වෙ "

"කෙල්ලට තනියන් නෑනෙ ඔයා එක්ක පැය ගාන ගෙවයි "

සනුදිව නදී ඉන්දෙව්වා කවිදු සනුදි දිහා බැලුවා කෙල්ල බලන් ඉන්නෙ නදී දිහා

" ඒ නගේ මොකෝ මේ බූතයා දැකලා වගේ එහෙමමත් නෙවේ හැබැයි උබ ආස චොක්ලට් වර්ගෙ කන්න බලන් ඉන්නව වගෙත් පේනෝ අඩෝ "

කවිදු ලගට ගිහින් තට්ටු කලා

" අ මොකො වුනෙ "

"මමයි අහන්න ඕනා මොකෝ ගල් ගැහිලා වගේ"

" හැ මන් නැ එහෙම නැ "

නදී සනුගෙයි කවිදුගෙයි රන්ඩුව හිනා වෙවී අහන් ඉදලා

" ශයිනි එන්න නූඩල්ස් එකක්වත් හදමු කන්න "

" අක්කෙ ඉන්න මන් මොනා හරි කන්න අරන් එන්නම් දැන් 9 නෙ වෙලාව ඔය හොද ඇදුන් ඇදන් මොනා හරි ගාගනී "

"මොනාද ගේන්න යන්නෙ "

"මොනාද ආස ඔයාලා "

"එහෙනම් මේව ගේන්න "

කවිදුයි , නදියි , ශයිනියි මොනාද කන්නෙ කියලා කතා කර කර හිටියට සනුදි හිටියෙ ලැජ්ජාවෙන් මොකද එයා ගල් ගැහිල වගේ හිටිය එක අයියා දැක්ක තව එයා කාමරේ ඉදන් පහලට එනකන් දන්නෙ නැ මොකද නදීගෙ සිහියෙන් හිටිය නිසා මේක වුනේ මෙහෙමයි

Flashback to nadi room

කෝ අනේ මේ නදී අක්කා අයියත් ඇවිත් පොත් දුන්නා ඒ ප්‍රේම කුරුල්ලො දෙන්නට කරදර කරන්න බැරි නිසා එතනින් ආවනම් තමා ඒත් තාම නදී අක්කා නෑනෙ

කෙල්ලා නදී නැති එක හිත හිත එයාගෙ කොන්ඩෙ පීර පීර ඉද්දි එතනට නදී ආවා සාරියෙ පොට හද හද සනුදි නදීව දැක්ක ගමන් ගල් වුනා

(නදීගේ සාරිය)


ව.......ව් මාර ලස්සනයිනේ මගෙ නදී අක්ක මේ සාරියට අනික මේකප් නැතුව ඉන්නකොට තව ලස්සනයි අක්කට මේකප් ඕනෙත් නෑ අනේ සුරංගනාවියක් වගේ ලස්සනයි අක්කා අනේ......මෙයා මගේම වෙයිනේද කවද හරි වුනෙ නැත්තන් මට පිස්සු හැදෙයිද නෑනේද වෙන එකක් නැ නේ 🤧 කියන්න බෑ හැබැයි

"සනුදි නංගි මන් කියන දේ ඇහෙනවද "

නදී එයාගෙ අත සනුදිගෙ මූණ ලගින් එහෙට මෙහෙට කරද්දි තමා පියවිසිහියට ආවෙ

"  අ මොකො වුනේ "

"මන් ඇහුවෙ ඔයා කොන්ඩෙ පීරලා ඉවරනම් මට ඔතන දෙනවද මේකප් දාගන්න "

"  අ  මේ අක්කේ අක්කා මේකප් දාන්න එපා ඔහොම ලස්සනයි "

"ම් මෙහෙම ලස්සනද "

"ඔව් ගොඩා .......ක් ලස්සනයි සුරංගනාවියක් වගේ "

"අනේ පැට්ටො thankyou "

නදී සනුදිගෙ කම්මුල් මිරිකලා හිනා වෙලා මේකප් කරන්නෙ නැතුව lipstick ටිකක් ගාලා කොන්ඩෙ පීරන්න ගත්තා

සනුදි ආයෙ නදීගේ ලෝකෙට ගියා එයා කොන්ඩෙ එහෙට මෙහෙට කරල පීරන කොට තව ඒ කොන්ඩෙන් එන සුවදට කෙල්ලව වෙනම ලෝකෙකට ගෙනිච්චා ආයෙමත් කෙල්ල ඇහැරුනෙ නදී කතා කරහම

"හරි මන් ඉවරයි යන්ද පහලට "

"අ හා යන් "

" කෙල්ල ඉන්නෙ මොන ලෝකෙද ආ class එක වෙලාවෙ ඔහොම බැ හොදේ කියන ඒවා අහන් ඉන්න හොදේ "

"හි හොදයි අක්කෙ එන්න යන් "

නදි එයාගෙ බෑග් එකයි ශූස් දෙකයි අතට ගත්තා සනුදි එයාගෙ බෑග් එක ගත්තා සනුදි ඉන්නෙ සිහියෙන් නෙවෙ කියලා නදීට තේරුන  නදී හිනා වෙලා සනුදිගෙ අතත් අරන් පහලට ගියා

End of flashback
Current time

"හරි එහෙනම් මන් ඉදිආප්ප ගේන්නම් ඔයා මොනාද කන්නෙ නගො "

"අ රෝල් එකක් ගේන්න "

"එකක් ඇතිද "

"😒 ඇති ඇති අරන් එන්න "

කවිදු හිනා වෙවී එලියට ගිහින් කාර් එකේ නැගල් කඩයක් හොයන් ගිහින් කෑම අරන් විනාඩි 30 වගෙ ආවා

" මෙන්න ගෙන්නවා අක්කයයි ශයිනිටයි මටයි ඉදිආප්ප මෙයාට රෝල් එකක් "

"කිව්ව ගානමද ගෙනාවෙ ඉතින්"

"ඔව් 😒  එකක් ගේන්න කිව්වහම වැඩියෙන් ගෙනාවහම කෑ ගහනෝනේ "

"හි එහෙම නෑ ඉතින්"

" දන්නෝ දන්නො රෝල් දෙකක් ගෙනාව තව මාලු පාන් එකකුත් ගෙනාවා කන්න"

" අලේ උම්මා....... මගෙ ශුදු අයියේ....."

" අපෝ උබෙ ඔය කෑමට තියෙන කෑදරේ මට තියෙන ආදරේ වගේ පෙන්නන්න එපා ඉක්මනට කාහන් 😒 "

"යකු මාර වැඩක් නේ මගෙ අයියට මගෙ ආදරේ පෙන්නන්න බැරිද "

"යැයි යැයි තමා මට ඕන්නැ බොගෙ ආදරේ 😒 "

"ආ එහෙමද එපානේ 😏 "

" එපා "

"ආ කමක් නැ මන් එහෙනම් අයියගෙ යාලුවට මගෙ ආදරේ පෙන්නන්නම්කො සහන් අයියා කොහොමත් ඔයාට වඩා මට ආදරෙයි 😏 "

"අ 😒 මෙ උබෙ ආදරේ එපා වුනාට බොට බැ වෙන එකෙක්ට ආදරේ උබව මන් දෙන්නෙත් නැ වෙන එකෙක්ට යකු උබ මගෙ නංගි 😒 මී හරකි කාහන් කෑම ටික ඉක්මනට යන්න "

"අන්න අන්න jealous නේ 😏 මන් වෙන අයියා කෙනෙක්ට වැඩියෙන් ආදරෙයි කරයි කියලා "

"පල පලඩෝ 😒 "

මේ අලුත් නාට්‍ය දිහා නදියි ශයිනියි හිනා වෙවී බලන් හිටියා කොහොම හරි කට්ටිය ඉක්මනට කාලා නදියි සනුදියි class ගියා කවිදු එක්ක ශයිනි ඇවිදින්න ගියා

මේ දවසෙ නම් ශයිනියි කවිදුයි ටිකක් වැඩියෙන් කතා කලා අදුර ගත්තා වැඩියෙන් බොරු කියන්න ඕනෙ නෑ ශයිනි කවිදුට කැමතියි ඒත් කෙල්ල බයයි මොකද තාත්තා නිසා තාත්තා කැමතියි එයා ආස කොල්ලෙක්ට ශයිනිව බන්දන්න නදීට මුලින් ඔය යෝජනාව ආවත් නදීට තව ටිකක් කල් ඕනේ ඉගෙන ගන්න ඕනා කියල පොඩිත් නෙවේ ටිකක් ලොකු රණ්ඩුවකුත් එයාගෙයි තාත්තයි අතරෙ ගියා ඒකෙන් නදියි තාත්තයි අතර අවුරුද්දක් වෙනකන් විතර කතාවක්වත් වුනෙ නැහැ ඒකෙන්  නදී කොච්චර දුක් වුනද ඇඩුවද කියලා ශයිනි දන්නවා එයාට ඒ බයානක අත්දකීම විදගන්න ආස නැති නිසා එයාට කොල්ලෙක් ඉන්නව කියලා බොරු කිව්වා ශයිනිටත් තේරුනා කවිදු එයාට කැමතියි කියලා ඒත් එයාට දෙන්නගෙම හිත රිද්දන්න ඕනෙ නැති නිසා ආදරයක් ඇති වෙන්න කලින්ම ඒක එන්නෙ නැති වෙන්න බාදකයක් දැන්මා

නදියි සනුදියි class ඇරිලා එනකන් දෙන්න කතා කර කර පොඩි පොඩි කෑම කාකා ඒ පොඩි වෙලාව රස වින්දා අනිත් දෙන්නා ආව ගමන් 4 දෙනා ගෙවල් වලට වෙන් වෙලා ගියා

හතර දෙනා වෙන් වෙලා ගියෙනම් ගොඩක් මතක එක්ක

ඔන්න අද එක දුන්න like & comments කරන්න ❤🌝

Author Shanu

Pokračovat ve čtení

Mohlo by se ti líbit

1.4K 135 9
ආදරේ ප්‍රාර්ථනාවක්.. ලැබෙන දේ ත්‍යාගයක්.. මතක දේ මැණිකක්.. ඔබ මගේ ලෝකයක්.. හම්බවෙන යන කෙනාට නැතුව වෙන එකෙක්ට හිත ගියොත් කොහොම තියෙද 🌝 "අඩො පගො උබ ඒ...
10.9K 282 48
Long ago there was a strange black wolf with wings. He is found shortly before what is known as the Holocaust by a young and frightened boy. On the o...
849 86 8
කවියක් තවත් කුමට කවියක්නෙ නුඹ මෙමට ....
2.3M 116K 65
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...