ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

56.7K 11.5K 1.8K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
03 කොටස ✴️
04 කොටස ✴️
05 කොටස ✴️
A/N
07 කොටස✴️
08 කොටස✴️
09 කොටස✴️
10 කොටස✴️
11 කොටස✴️
12 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
15 කොටස ✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
21 කොටස ✴️
22 කොටස ✴️
23 කොටස ✴️
24 කොටස ✴️
25 කොටස ✴️
26 කොටස ✴️
27 කොටස ✴️
28 කොටස ✴️
29 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
32 කොටස ✴️
33 කොටස ✴️
34 කොටස ✴️
35 කොටස ✴️

06 කොටස✴️

1.4K 358 47
By Kim_niru_55

ආසිට හිතින් බැන බැනම දත් අස්සෙ හිර උන සබන් කැලි අරන් දාල කට හොදට හෝදගෙන නාගෙන එහෙම ගෙදර ආවමයි දැක්කෙ ඔක්කොමල උදේට කන්න බිම ඉදගෙන මන් එනකන් බලන් ඉදල කියල..

සූ ඉක්මනට එන්න කෑම කන්න..

හ්ම්...මොනාද හදල තියෙන්නෙ..

චපාති...

එහෙනම් මම සුටුස් ගාල එන්නම්..

අම්ම මගෙ කෝලම් බලල හිනා වෙවී කුස්සියට යද්දි.. මම කාමරේට දුවල ගිහින් සුවඳ වෙන්න පව්ඩර් ගාගෙන ඕඩික්ලෝන් එහෙම ඇගේ නාගෙන සාලෙට එද්දි කට්ටිය කන්නත් පටන් අරගෙන.. හැබැයි අම්ම තවමත් නොකා බලාගෙන ඉන්නව..

එන්න සූ..

අම්මත් ඉදගෙන කන්න අනේ..

පස්සෙ කන්නම් මම...

මේ විකාර නොකර එන්න..

මම අම්මගෙ අතින් ඇදල අරන් බලහත් කාරෙන්ම ඉන්දවල එයාගෙ ප්ලේට් එකට චපාති එක්ක අල පේස්ට් එකත් දාල කන්න කියල ඇස් වලින් ඉගි කරද්දි.. අම්ම ඇස් වල කදුළු පුරවගෙන චපාති කෑල්ලක් කටේ දාගෙන මගෙ ඔලුව අත ගාන හැටි බලාගෙන හිටපු තම්බිගෙ මූණටත් ආවෙ හිනාවක්...

අම්ම ඔහොම්මමයි එයා කවදාවත් අපිට කලින්වත් අපි එක්කවත් කෑම කන් නෑ.. එයා අපි හැමෝම කාල ඉවර උනයෙන් පස්සෙ ඉදුල් ටික කන්න ඉන්නව.. සමහර දවස් වලට අපි කනකන් එයත් කන්නෙ නැතුව බඩගින්න දරාගෙන බලන් ඉන්නව.. එහෙමත් නැත්තම් ගෙදර කන්න එහෙම අඩු දවස් වලට එයා අපිට කන්න දීල එයට බඩගිනි නෑ කියල කියනවා..

ඇත්තටම එහෙම කරන්න පුලුවන් ද අම්ම කෙනෙක්ට..හ්ම් දරුවන්ට පන වගේ ආදරේ කරන හැම අම්මෙක්ම මෙහෙමයි.. ඉතින් මම හැම අතින්ම අවසනාවන්ත උනාට මට රත්තරන් අම්ම කෙනෙක් ලැබිල තියනවා.. එහෙම බැලුවොත් මන් තමයි මේ ලෝකෙ වාසනාවන්තම පුතා..

ඔක්කොමල කාල ඉවර වෙලා කාමර වලට ගිය නිසා මාත් කාමරේට ඇවිත් නිකන් ඉන්න බැරි කමට පැන්සලකුයි කොළේකුයි අරන් චිත්‍රයක් අඳින්න ගත්ත..

හිතට එන එන එක එක රූප ඇද ඇද හිටපු මට මේසෙ උඩම නින්ද ගිහින් තිබ්බෙ කොයි වෙලාවෙද කියලවත් දන් නෑ..ඒත් ටික වෙලාවකින්.......
-
_
-
_
-
_
අඩේ වරෙන් ආතාන්ගි එලියට...

මොකද උබ කෑ ගහන්නෙ..

මොනාද උබ මන් ගැන මේ තැන තැන කියල තියෙන්නෙ ආ...කාවේරි කවුද කියල නොදැනද උබ මට පද හදන්න හැදුවෙ..

එලියෙ ගෑණු දෙන්නෙක්ගෙ වලියට මාව ගැස්සිල යද්දි.. මම අත් දෙකෙන්ම කන් දෙක වහ ගත්තෙ ඉන්න බැරිම තැනයි...

මොන කරුමයක්ද අප්ප මේ..........

මම පුටුවත් තල්ලු කරල දාල නැගිටල සාලෙට ගිහින් බලද්දි අම්ම නම් ඒ රණ්ඩු වලට ඇහුන්කන් නොදී උයනවා.. පාට්ටිත් පැත්තකට වෙලා වංගෙඩිය අල්ලගෙන ඉන්නවා කොට කොට.. තම්බිත් කාමරේ දොර වහගෙන..මම හිතන්නෙ එයා සිංදු අහනව වෙන්න ඇති හෙඩ්සෙට් කනේ ගහන්.. නැත්තම් මෙච්චර ලොකු වලියකට එයා හොම්බ දාන් නැතුව ඉන් නෑ මේ වෙලාවෙ..

කවුද යකෝ පද හැදුවෙ...අහ් කියපන් බලන්න මම මොනාද උබ ගැන මෙහෙ උන්ට කියල තියෙන්නෙ කියල.. කියපන් ඉතින්..

අනේ මේ උබ දැන් බබා වෙන්න හදන්න එපා..උබ දැක්කද යකෝ මම රෑට රෑට පිරිමි ගේ අස්සෙ දාගන්නව ආ..මම කසාඳයක් කර ගත්තෙ නැති ගෑණියෙක් උනාට හිතන්න එපා මන් වේස බඩුවක් කියල යකෝ..

කනක් ඇහිල ඉන්න බැරිම තැන මම ගේට් එකත් ඇරගෙන එලියට ගිහින් බලද්දි.. ආසිගෙ ගේ එහා පැත්තෙ තියන ලැටිස් ගෙදර ගෑණියෙකුයි ඒ ගේම ඉස්සරහ ඉන්න මල හෝන්තු ගෑණියෙකුයි මේ මරා ගන්නෙ..

එතකොට මම හිතන්නෙ ආසෙගෙ ගේ එහා පැත්තෙ ඉන්න ගෑණි තමයි කාවේරි කියන්නෙ...එතකොට අර මල හොල්මන වෙන්න ඇති ආතාන්ගි කියන්නෙ.. මොනා උනත් ගෑණු දෙන්නම සාරි පොටවල් කරේ තියන් අත් උලුක් කර කර කට හද හද කෑ ගහන විදිහට මට චෙන්නයි සිටි එක ඇත්තටම අප්පිරිය හිතුන කිව්වොත් හරි...

අක්කා...දැන් ඔය වලිය නැවැත්තිව නම් තමා හොද...

ඒ හඬ..හ්ම්...එතකොටයි මම දැක්කෙ ආසි අපේ ගේ ඉස්සරහ තියන පඩිය උඩ ඉදන් ළමයිත් වට කරගෙන බෝලයක් එක්ක සෙල්ලම් කර කර ඉදල තියෙන්නෙ කියල.. කොහෙද ඉතින් මටත් වලියක් දකිද්දි හැමදේම අමතක වෙනවනෙ අප්ප..

මේකිගෙ සාරි ගලවල ගහන්න හිතෙන්නෙ ආසි මට නම්...කියල තියන කතා වල හැටියට..

හරි හරි අක්ක දැන් කේන්ති ගන් නැතුව ගෙට යන්නකො.. මම ඉද්දි ඔයා මොකටද බය වෙන්නෙ..

ආසි නිසාමයි ඉවසන්නෙ නැත්තම් මේකි අද මගෙන් මැරුම් කාල..

ආසිගෙ එක වචනෙට නිශ්ශබද උන ගෑණු දෙන්නවම දැකල මට පුදුම හිතුන.. ආසිට ඒ තරම් යටහත් පහත් මේ මිනිස්සු ඒත් මම විතරක් වෙන්න ඇති ආසි එක්ක ගේම ඉල්ලන එකම නිර්භාත කොල්ල..

කාවේරි කියන ගෑණිට අර ගෑණි පුප්ප පුප්ප ගෙට යන්න යද්දි.. කාවේරිත් ආසි දිහා බලල කට කොනින් හිනා වෙලා එයත් ගෙට යන්න ගියාමයි මගෙ කන් දෙකට නිදහසක් දැනුනෙ..

ඕයි...සබන් හොරා...

අහ්...

මෙච්චර වෙලා ඕපදූප බල බල හිටපු මම බැලුවෙ මට ජරා නමකින් කතා කරපු කාලකන්නිය කවුද කියල.. හිතුවත් හරි මන් දිහා කන්න වගේ බලාන ඉන්න ආසිව දැක්කම මම ටිකක් බය උනා නෙමේ නිකන් ඉතින් හිත ගැස්සුනා ඒ ඇස් දෙක දැකල..

ඔය බෝලෙ ගෙනෙන්..

ඈ එයා කොහොමද එහෙම මට අන දෙන්නෙ.. අනික කතා කරන කැත.. මම එයාගෙ වැඩකාරය කියල හිතලද දන් නෑ මට සද්දෙ දාන් එන්නෙ.. මගෙ හැටි දන් නැතුව මෙයා මන් එක්ක නටන්න හදන්නෙ.. දෙන්න හිතෙන්නෙ මූට බෝලෙන්ම මූණ ජුජුප්ස් වෙන්න..

කෝ..කෝ...අතට ගෙනත් දීපන්..

ඇයි ඔයගෙ අත් කකුල් වලට අන්සභාගෙ ඇවිල්ලද ගන්න බැරි ආ...

මම එහෙම කිව්ව නෙමේ කිය උනා... ආසිගෙ මූණ බලන් ඉද්දිම වෙනස් වෙද්දි.. මට හිතුනෙ බෝලෙන් දාල දුවන්න.. කවුද දන්නෙ එයා මට මේ පොඩි ළමයි ඉස්සරහ අත පුරෝල කනට ගැහුවොත් තියන නපුරු කමට..

උබ මේ පොඩි උන් ඉස්සරහ වීරය වෙන්නද හදන්නෙ ම්ම්ම්....

අනේ නෑ...මේ මට සමාවෙන්න...ඇත්තටම මම හිතල නෙමෙයි එහෙම කිව්වෙ...

ලගට වරෙන්...

ආසි ලගට ඔලුව පහත් කරන් ගිය මම එයාගෙ අතට බෝලෙ දෙද්දි.. එයා ඒක අරගෙන මගෙ ඇස් ඉස්සරහ පිටම ඈතට විසි කරල දැම්මෙ ටිකක් කේන්තියෙන් වගේ...

ගිහින් අරන් වරෙන්...

අහ්...ඉතින් ඔයානෙ දැන් විසි කරේ..

ඉතින් දැන් මොකද්ද උබ කියන්නෙ මට...

හරි හරි අනේ කේන්ති ගන්න එපාකො..

මම බුම්මගෙන ගිහින් බෝලෙ අරන් ආයෙ එයාගෙ අතට දෙද්දි.. ආසිගෙ වටේ හිටපු ළමයි මට හිනා වෙන්න ගත්ත එක එක දේවල් කියල...

මෝද අන්තා...

හරිම විහිලුයිනෙ ඔයා....

හා...හා...මූණ බලන්නතකෝ...

මට ඇත්තටම ලැජ්ජ හිතුන ළමයි ඉස්සරහ ආසි මාව විහිලුවකට ගත්ත එකට...ආසි නම් මන් දිහා බලන් ඉන්නව මිසක් ළමයි ටික වගේ හිනා වෙන්න ගියෙ නෑ.. කොහොමත් මේ මිනිහ හිනාව කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැතුව ඇති..

දැන් යනවා...

අහ්...

ඇයි කනේ ගුල්ලොද.. කියන එකක් ඇහෙන් නැත්තෙ...

මූණත් ඇද කරගත්ත මම ගෙදට්ට ගිහින් ගේට් එකත් වහල දාල කෙලින්ම කාමරේට ඇවිත් ඇඳට වැටුන...

"" බූරු ආසියා...""

එයාට ගහන්න බැරි කමට මම අත මිට මොලවල කොට්ටෙට ගහගෙන ගහගෙන ගිහින් කොට්ටෙ අව් අව් ගාල හපලත් දැම්ම.. ඒ තරමටම මට අරහන් රැවුල් ආසිව...

මොකද මම මේ ජීවත කාලෙටම පරාද උනේ ඔය ගොං වස්සට තමා..නැත්තම් මේ මම කාටත් සකන්ඩ් වෙන පොරක් නෙමේ.. ගේම නම් ගේම හොදින් නම් හොදින්.. එහෙමයි මේ සූර්..හැබැයි ඉතින් කවුරු හරි මට ගහන්න ආවොත් නම් මම දුවනවා.. ඇයි අනේ මගෙ අම්මගෙ ලස්සන හුරතල් ලොකු පුතා මම විතරයිනෙ.. ගුටි කාල මේ පියකරු මූණ කැත උනොත් එහෙම..කෙල්ලෙක්වත් මන් දිහා බලන එකක් නෑ...

ආසි එක්ක තිබ්බ කේන්තිය ටිකක් හරි නිවෙන්න කියල හිතල රොමෑන්ටික් සිංදුවක් අහන් සිවිලිම දිහා බලන් හිටපු මට දන්නෙම නැතුව ආයෙ නින්ද ගිහින් තිබ්බ..

-
-
-
-
-
-

ඉතින් මේ විදිහට සතියක් ගෙවිල ගියා හරි ඉක්මනට...ඔය දවස් ටික ඇතුලත අපේ ගෙදර රණ්ඩු සරුවල් වගේම මේ ලේන් එකේ උන්දැලගෙ රණ්ඩු සරුවල් වලින් එහෙම අඩුවක් තිබ්බෙ නෑ...

ඇයි ඒ විතරක් නෙමේ අර මෝඩ ආසියගෙන් මට බේරුමකුත් නෑ.. දකින දකින තැන මාව පචම කරල දාල හිතින් මාරම වින්දනයක් ලබන්නෙ එයා.... එවෙලෙට මට චූටි දුකක් දැනෙන් නැතුවම නෙමේ.. මොකද මම එයා ඉස්සරහ අසරණයි.. ආසි පාතාලෙ නිසා මට එයා එක්ක ගැටෙන්න විදිහක් නෑ ගෙදර අය ගැන හිතල.. නැත්තම් මම දනී ඔය රැවුල් වලාට කරන්න ඕනි දේ...

සූ..

ජනේලෙන් එලිය බලාගෙන කල්පනා ලෝකෙක ගිලිල හිටපු මම අම්මගෙ හඬට පියවි ලෝකෙට ආවෙ.. බෙල්ල හරෝල අම්ම දිහා බලපු මම හීනියට හිනා වෙලා පුටුවෙන් නැගිටල ගිහින් දොර ලගට ගියා..

ඇයි අම්මා...

මේ...පුතාට කරන්න වැඩක් තියෙනවා..

මොකද්ද...?

එන්නකො කියන්න...

අම්ම නිකන් හොර වැඩක් කරල වගේ මාවත් ඇදගෙන යද්දි.. මාත් ඉතින් එයා පස්සෙ ඇදිල ගියා..

අර පාතාලෙ දරුව ආසි කියන්නෙ..

ඉතින්...

එයා පණිවිඩයක් එවල තිබ්බ මෙහෙන් අද එයාගෙ ගෝලයො ටිකට කෝපි එවන්න කියල..

මොකක්..

හ්ම්..

අම්ම දැන් මේ එයාලදටද කෝපි හදල තියෙන්නෙ ආ...

ට්‍රේ එකක් උඩ උණුම උණු කෝපි ටික දැකල මම සද්දෙන් එහෙම අහද්දි.. අම්ම කෑ ගහන්න එපා කියල මගෙ කට එයාගෙ අතින් තද කරල අල්ලගත්ත..

ඒ දරුවගෙ තම්බි එලියෙ ඉන්නෙ.. පුතා කියන ඒව එයාට ඇහුනොත් එහෙම.....

අම්ම බයෙන් වගේ එහෙම කියද්දි.. මම අම්මගෙ අතෙන් මගෙ කට කොහොම හරි නිදහස් කරන් ආයෙත් කෑ ගහන්න ගත්ත..

ඇහිච්චදෙන් ඉතින්.. එක එකාට ඕන විදිහට අපි ජීවත් වෙන්න ඕන නෑ.. ඔයා ඉන්නකො අම්ම බය නොවී අද මම ඔය ආසිට ......................................................

මම කකුල් උලුක් කර කර කෑ ගහගෙන යන්න යද්දි.. අම්ම මගෙ අතින් අල්ලගෙන හිටියෙ තරහින් පුපුර පුපුර..

මොන විකාරයක්ද සූ මේ කරන්නෙ.. දැන් ඔය උඩ පැනගෙන අර පාතාල කාරයින් එක්ක හැප්පෙන්න යන්න හදන්නෙ.. නිකමටවත් හිතුවද අපිට මොනාද වෙන්නෙ කියල ඔයා ආ.. ඔය මොල ගෙඩිය ඇතුලෙ අබ ඇටයක් තරම්වත් මොලයක් නැද්ද පුතා ඇත්තටම...

ඒත් අම්ම...

කට වහගෙන මෙන්න මේක ගන්නවා..

අම්ම මගෙ අතට මසාල චායි එකක් දීල එයා අර කෝපි තියන ට්‍රේ එක අතට ගද්දි.. මම පුදුම වෙලා අම්ම දිහා බලාන හිටියෙ...කාටද එතකොට මේ මසාල චායි එක කියල වගේ...

ආර්යා මොකටද අම්ම ඇවිත් තියෙන්නෙ..

කෝපි ගෙනියන්න...

එතකොට මේ මසාල චායි එක කාටද...?

ආසි පුතාට...

ඈ...ඉතින් ඇයි මේක මට දුන්නෙ..

මම අම්මගෙන් එහෙම ඇහුවෙ නොරිස්සුමකින්.. අනික මේ රෑ මෙයාලට මොකටද අප්ප කෝපි.. ඒ මදිවට අරයට මසාල චායි ඕනත් වෙලා.. වෙන වලාවට ඔය මගුල් බොනවද දන් නෑ..

ආසි දරුව කියල තියනව ඔයාගෙ අතේම මසාල චායි එක එවන්න කියල...

මොනව..............................









>>>>>>>>

අපෙ කොල්ලව මඩවන්න එපා ආසි..🤭

2023.09.02
S.M.බඩී✍️

Continue Reading

You'll Also Like

3K 536 17
ආදරේ වෙනුවෙන් වෙන්වීමක්.... ඉතින් දරාගත හැකි වේවිද.... දරාගැනීමද ආදරයක් නම්.... ඉතින් කුමක් සිදු වේවිද....
86.9K 11.5K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
62.2K 8.4K 33
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
8.7K 1.2K 40
ජීවිතේ කියන දේ හරි පුදුමාකාරයි... අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩන්න වෙනවා...සතුට සැනසීම නැති වෙන්න...