"වාව්! අල ලයිට් දිලිතෙනවා..."
"ජිමින්....."
"හායි...ලේදීස් ඇන් ජෙඩ්ල්මන්...අදුනගන්න....දිස් ඊෂ් මයි ඩැඩී...ඩැඩී අපි මොකතත මෙහෙත ආවේ....."
"ජිමින්!!!!..."
"ජිමින් කවුද? මම තිමී...."
"එක සැරයක් කිව්වා...."
ජිමින් කැෆේ එකට තියපු පළවෙනි අඩියේ ඉදන් මුලු කැෆේ එකක්ම එයාලා දිහා බලාගෙන ඉන්න සලස්වලා කියෝ කියෝ එද්දි එතන අසරණ වුන එකම කෙනා වුනේ යුන්ගි.
"ඩැඩී මුනාද ඕඩල් කලන්නේ...තිමීත නම් ඕලේ ෆුල් කොක්තේල් එකක්....අලේ...වේතල්.."
ජිමින් කකුල් ගස්ස ගස්ස කෑ ගහද්දි එහා පැත්තේ ටේබල් එකේ හිටපු කපල් එකත් හැරිලා බලලා හිනාවෙවී මොනාදෝ මුමුණන්න ගත්තා. අසරණව එයාලත් එක්ක හිනාවුන යුන්ගි ජිමින් දිහාට මරාගෙන මැරෙන ලුක් එකක් දැම්මේ එයා වේටර්ටත් කතා කරපු නිසා.
"ගුඩ් මෝනින් සර්....වට් ඩූ යූ වෝන්ට්?..."
"අයි වෝන්ත් අ පුල් ග්ලාත් ඔප් කොක්තේල්...."
"සොරි?...."
"කොක්තේල්...කොක්තේල්...."
වේටර් කම්ෆියුස් වෙලා අසරණව හිනාවෙලා එහා පැත්තේ හිටපු යුන්ගි දිහාත් බලද්දි යුන්ගි ඇස් දෙකත් පියාගෙන නළල පිරිමදින ගමන් හිටියා.
"කොක්ටේල් නෙවෙයි...තව වචනයක් හරි කිව්වොත් පොවනවා මම පුන්නක්කු...නවත්තපන් දැන්වත් ඔය අලේ හුලේ ගෑවිල්ල...."
ජිමින් ඇගිල්ලකින් තමන්ගේ කට වහගෙන ශිප් එකෙනුත් වහලා හරි කියන්න තම්බ්ස් අප් එකක් දෙද්දි ආපහු සැරයක් හොඳ හුස්මක් අරගෙන ඇස් දෙක පියාගත්තු යුන්ගි වේටර් දිහාට හැරුණා.
යුන්ගිගේ ඕඩර් එක වේටර් නෝට් කරගෙන එතනින් යද්දි යුන්ගි හැරුණේ ටේබල් එකට අත් දෙකම බරකරගෙන අල්ලෙන් මූණ තියාගෙන filtering කරන්න වගේ තමන් දිහා අමුතුවට බලාගෙන හිනාවෙන ජිමින් දිහාට.
"දන්නවද ඔයා කොච්චර වාසනාවන්තද කියලා..."
යුන්ගි අහද්දි ජිමින් ඔලුව දෙපැත්තට වැනුවා.
"ඔයා තාමත් ජීවත්වෙන්නේ ඔයාගේ ඒ ලක් එක නිසා...."
යුන්ගි කියද්දි ජිමින් ආඩම්බරයෙන් වගේ කොලර් එකක් නැති ශර්ට් එකේ මවාගත්තු කොලර් එක ඉස්සුවා.
"මේකත් අමතක කරන්න එපා....ඔයත් වාසනාවන්තයි කියන එක...."
ජිමින්ගේ කතාවට ඇහිබැමක් උස්සපු යුන්ගි කටකොනින් හිනාවක් දැම්මා.
"ඔව්...මම වාසනාවන්තයි...මොකද හැම බෝයි කෙනෙක්ටම ඉරටු නවන්න බෑ...."
"යාහ් හියුන්!!!!...."
ජිමින්ගේ විහිලු කරන මූඩ් එක නැතිවෙලා ගිහින් තනිකරම කජු ලෙල්ලක් වගේ වෙද්දි යුන්ගි හිනාවෙන්න ගත්තා.
"ඇයි මම බොරුද කිව්වේ?....."
"ඔයා නිසාම ගේ වුන මට හරි නම් ඔයා වදින්න ඕනේ...."
"මම දැක්කේ නෑනේ කලින් ඉදන්ම උබේ තිබුන අමුතු ලයින්...."
"ඒ ඔයා ඉස්සරහ විතරයි...ගර්ල්ස්ලා මට නතින්....සී...."
එහෙම කියන ගමන් ජිමින් එයාලගේ කැෆේ එකට එවෙලම ඇතුල් වුන ලස්සන ෆොරින් ගර්ල් කෙනෙක්ට ඇහැක් ගහද්දි යුන්ගිගේ හිනාව තත්පරයෙන් අතුරුදහන් වුනා.
"ස්ස්ස්...You are looking so gorgeous pretty..."
ඒක ඇහිලා නැවතුන ඒ ෆොරින් ගර්ල් යුන්ගි දිහා බලලා හිනාවෙන ගමන් ආපහු ජිමින් දිහා බැලුවා.
"It's unfair...."
"What babe?...."
"Filtering others in front of your boyfriend is unfair......"
ඒ ගර්ල් එහෙම කියාගෙන එතනින් යද්දි ජිමින්ගේ මූණේ තිබුන expressions සේරම නැතිවෙලා ගිහින් ඩන් ලුක් එකක් ආවා.
"Oh... one more thing...."
යන්න ගියපු ගර්ල් ආපහු හැරිලා ජිමින්ට කතා කරා.
"You are looking sooo cute...Bye..."
ඒ ගර්ල් බායි කියලා ඇහැකුත් ගහගෙන එතනින් යද්දි එයාට ඇද කරපු ජිමින් තරහෙන් ටේබල් එක උඩින් අත් තියාගෙන අල්ලේ මූණ තියාගත්තා.එයාගේ හිතේ කැරකුණේ 'මදැයි' කියන වචනය.
"ඇතිද?...."
"ඇති...."
යුන්ගි කටකොනින් හිනාවක් දාද්දි වේටර් ඇවිත් එයාලා ඕර්ඩර්ස් කරපු කෑම එතනින් තියලා ගියා.
"මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා...."
"ම්ම්ම්?....."
කටට ගෝවා කොළයක්ම ඔබාගත්තු ජිමින් හරකෙක් තණකොළ කනවා වගේ හැපුවා.
"ඔයාට ලැබුනු චාන්ස් එකෙන් ඔයා මගෙන් ආතල් ගන්නවද?..."
ජිමින් කිසි ගානක් නැතුව ඔව් කියන්න ඔලුව වනද්දි යුන්ගි ගැඹුරු හුස්මක් ගත්තා.
"ඔයාට ගොඩක් විදවන්න වෙයි...."
තවත් ගෝවා කොළයක් කටට ඔබාගත්තු ජිමින් කැෆේ එක මැද තිබුන ලොකු ලයිට් එක දිහා බලාගෙන හා කියන්න ඔලුව වැනුවා.
"මන් කියන්නේ ඔයාට වෙන විදිහක් තිබ්බෙම නැද්ද ජිමින්....ලිට්ල් ස්පේස් ලබ්බක් තෝරගත්තේ...."
"නෑනේ....එදා ඔයා අහිංසක විදිහට නිදාගෙන ඉන්න විදිහ දැකලා ටිකක් අවුස්සලා ගන්න ඕනේ කියලා හිතුනා...අනික කවුරුත් සැක කරනෝද? නෑනේ...නෑනේ..."
ජිමින් කිසි ගානක් නැතුව කටේත් පුරෝගෙන ඔහේ කියනවා.යුන්ගි ආපහු පාරක් ජිමින් වෙනුවෙන් අයිම් සෝ ඩන් සුසුමක් හෙලලා කෑම කන්න ගත්තා
"ඒ කියන්නේ ඒ නිවුස් එක ඇත්තක්ද?....."
"ඔව්...කිම්කාරයා ටේහ්‍යුන්ගේ ඔම්මට ඩිවෝස් එක නොදීම වෙන කෙනෙක්ව මැරි කරලා ඉදලා තියෙන්නේ...වයිෆ් එක්ක ළමයි දෙන්නා ඉන්ග්ලන්ඩ්වල ප්‍රසිද්ධියක් නැතුව ජීවත්වෙලා...මිස්ටර් කිම්ට ටේටේව ඕන කළේ ඉත්තෙක් විදිහට විතරයි..."
"ඒ වුනාට මේක ඉලීගල් නිසා කේස් එකක් ෆයිල් කරන්න පුලුවන්නේ..."
"ඒත් කවුරුත් දන්නේ නෑනේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික මිස්ටර් කිම්ට හොර පවුලකුත් තියෙනවා කියලා...පෝසත් වෙන්න මූ ගහපු ප්ලෑන් කිසිම විදිහකින් ඇනෙන්නේ නැතුව වන් ශොට්ම සක්සස් වුන එකයි උගෙ ලක් එක...අනික හියුන් කොච්චර ට්‍රයි කරලා තියෙනවද එකේක විදිවලින් කිම්කාරයව අල්ලගන්න...එයා අල්ලගෙන ඉන්න ලොකු ලොකු අතුවල හැටියට මෙහෙම ගිහින් නම් අපිට එයාව ලේසියෙන් අල්ලගන්න වෙන්නේ නෑ..."
"ශිට්....මම කීයටවත් හිතුවේ නෑ ටේහ්‍යුන්ග්ට එයාගේ අප්පගෙන්...නෝප්...කිම්කාරයගෙන් මෙච්චර බලපෑමක් තියෙනවා කියලා...."
හෝසෝක් බෙහෙත් බීලා දැන් නිදාගෙන ඉන්න ටේහ්‍යුන්ග් දිහා බලාගෙන කියද්දි ජන්කුක් සුසුමක් හෙලලා ටේහ්‍යුන්ගේ ඔලුව අතගාන්න ගත්තා.
"මොනවාවුනත් දැන් ගොඩක් වෙලාවට ටේහ්‍යුන්ගේ සාමාන්‍ය කෙනා ඔයාලත් එක්ක ඉන්න එක ගැන අපිට සෑහීමකට පත් වෙන්න පුලුවන්...එයාට දැන් ඉස්සෙල්ලා වගේ හේතු හදාගෙන සතුටු වෙන්න ඕනේ නැති නිසා ටේටේ කියන කෙනා ටික ටික එයාගෙන් ඈත්වෙනවා...."
ජන්කුක්ගේ මුවේ සියුම් හිනාවක් ඇදිලා ටික වෙලාවකින් ඒක නැතිවෙලා ගියේ මොකක්හරි මතක් වුනා වගේ.
"ඩොක්ටර්....."
ජන්කුක් හෝසෝක් දිහා බැලුවා.
"අපිට ලොකු වැරැද්දක් වුනා...අපි හිතුවේ ඩොක්ටර්ත් කිම් කාරයටම වැඩ කරන කෙනෙක් කියලා..."
ජන්කුක් ඔලුවත් කස කස අහක බල බල කතා කරන්න ගනිද්දි හෝසෝක්ගේ ඇහිබැමක් ඉස්සුනා.
"මට තේරුනේ නෑ....."
"ටේහ්‍යුන්ගේ වෙඩින් එක දවස...එදා කවුරුහරි ඩොක්ටර්ව කිඩ්නැප් කරා නේද?....."
ජන්කුක් කිව්වහම හෝසෝක් දහ අතේ කල්පනා කරන්න ගත්තා.කිඩ්නැප් එකක්??? හෝසෝක්ට මතක තිබුන විදිහට නම් එයාව කවුරුත් කිඩ්නැප් කරේ නෑ.
"එහෙම දෙයක් මට මතක නෑනේ....ආහ්!!! මතක් වුනා...කිඩ්නැප් එකක් කිව්වහම මට මීටර් වුනේ නෑ.....මොකද එතන කිඩ්නැප් එකක් වුනේ නෑනේ....ඒ කියන්නේ ඒ මනුස්සයව එව්වේ ඔයාලද?....."
හෝසෝක් පුදුමෙන් අහද්දි කෙල ගුලියක් ගිලපු ජන්කුක් අමාරුවෙන් හිනාවෙන්න ගත්තා.
"ඔව්...ඇත්තටම අපි හිතන් හිටියේ ඩොක්ටර්ව ශේප් කරගන්න බැරිවෙයි කියලා....ඒකයි වෙඩින් එක පරක්කු කරන්න ඩොක්ටර්ව කිඩ්නැප් කරේ......"
"දෙයියනේ....ඒ ඔයාලගේ යාලුවෙක්ද? ඒ මනුස්සයා දැන් පිස්සෙක් වෙලාද දන්නේ නෑ....."
ජන්කුක්ට මතක් වුනේ හොසෝක් ගැන කියපු ගමන් ජැක්සන් පස්ස ගිනිඅරන් වගේ ගේ වටේම දුව දුව හැංගෙන්න තැනක් හෙව්ව විදිහ.
"මේ වෙලාවෙත් එයා ඉන්නේ අපේ ගෙදර....."
"මොකක්????....."
එකපාරටම කෑ ගහගෙන හෝසෝක් ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ ටේහ්‍යුන්ග් නිදි කියන එකත් අමතක වෙලා.
"එ...එයා දන්නවද මම ආවා කියලා...."
"ශ...ද්ද...කලන්න එපා...කුක්කා පැතියා දොයි...."
ටේහ්‍යුන්ග් නින්දෙන්ම මුමුණලා අනිත් පැත්තට ආපහු නිදාගනිද්දි හෝසෝක් ඉක්මනින් කට අතින් වහගත්තා.
"ටේහ්‍යුන්ග්ව බලලා ඉවර නිසා...එ...එහෙනම් මම යන්නම්...කි..කිව්ව විදිහට බෙහෙත් ටික ගානට වෙලාවට දෙන්න...ලිට්ල් ස්පේස් මතු වුනොත් ටිකක් සැලකිල්ලෙන් ඉන්න...."
හෝසෝක් පැටලි පැටලි කියලා කාමරෙන් එළියට ගිහින් ආපහු ගෙනාපු බෑග් එක ගන්න ඇවිල්ලා ආපහු යනකන් ජන්කුක් ගල් ගිලලා වගේ ඇහි පිල්ලම්නුත් ගහගෙන බලාගෙන හිටියා.
"මේ දෙන්නට මක් වෙලාද?..."
"ඔම්මා...එහෙනම් මම යන්නම්....."
හෝසෝක් ආපහු පහළට එද්දි ජැක්සන් ඇරෙන්න නැම්ජූන්,ජින්,ඔම්මා,එරික්,මාර්ක් හැමෝම සාලේ ඉන්නවා දැකලා කියාගෙන ඉක්මනට යන්න හැදුවා.ඒත් එක්කම පිටිපස්සෙන් ආවේ ජන්කුක්.
"ජැක්සන් කෝ? එයාට කියන්න ඕනේ සමාව ගන්න කියලා..."
"නෑ...නෑ..සස්...සමාවක් ඕනේ නෑ..."
"අහ් එහෙනම් ඩොක්ටර් යනවද? පරිස්සමින් ගිහින් එන්න......... ජැක්සන්!!! ඩොක්ටර් ගියා....දැන් එළියට එන්න...."
ජන්කුක් හෝසෝක් පෙනි පෙනි හයියෙන් එහෙම කියලා කෑ ගහද්දි එකපාරටම කුස්සිය පැත්තෙන් භාජනයක් පෙල්ලෙන සද්දයක් ඇවිල්ලා ජන්කුක් හෙමිහිට එහෙට ගියා.මේස රෙද්ද යටින් යෝධයෙක් එළියට එනවා දැකපු ජන්කුක්ට ඉබේටම හිනාවක් පැන්නා වගේම ඕපන් කිචන් එක නිසා ටිකක් ඈතින් ඒ දිහා බලාගෙන හිටපු හෝසෝක්ගේ ඇස් ලොකු වුනා.
"අම්මෝ බන්....කාලෙකින් හයිඩ් ඇන්ඩ් සීක් කරා වගේ ෆීලින් එකක් ආවා බන්......"
"මොකද බන් ඩොක්ටර්ට ඔච්චර බය...එදා කිඩ්නැප් කරපු දවසේ උබ නිකන් හැසිරුනේ බාගෙට බීලා වගේනේ......."
"අපෝ...ඕකා මහ පිස්සෙක් බන්....ඔක්කොටම ඉස්සෙල්ලා ඩොක්ටර්කාරයට බෙහෙත්..ම්හ්ශ්ව්‍රය්දිබ්ස්ජ්ග්ට්ස්‍ර........."
ජන්කුක් ඉක්මනින්ම ජැක්සන්ගේ කට වැහුවේ එයාලා සාලෙට යන ගමන් හිටපු නිසා.ඒ වුනාට සාලේ හිටපු හැමෝටම ජැක්සන් කියපු සේරම ඇහුනා කියලා දන්නවා වුනත් ජන්කුක්ටත් කරගන්න දෙයක් තිබුනේ නෑ.හෝසෝක්ව දැකලා ජැක්සන් එකතැන ස්ටක් වෙද්දි හෝසෝක් බිම බලාගත්තා.
"ඕක හිල ඇතුළට දාගන්නවත් බැරිද?..."
"ආව්ච්!!!...."
ඉඳි කට්ටට නූලක් දාන්න ට්‍රයි කරන ගමන් හිටපු එරික් කියද්දි ජින් ඇවිත් එරික්ගේ ඔලුවට එකක් ගහලා ඉඳිකට්ටයි නූලයි ඇඳලා ගනිද්දි කොහෙවත් ඉදන් තේ එකක් බොන ගමන් හිටපු ජැක්සන්ගේ කටේ තිබුන තේ ටික ෆෘස් ගාලා ගියේ හැමෝම ඒ පැත්ත බලද්දි.
"කැහ්!...කැහ්!...කැහ්!!!...."
"මොකද මේ?...."
ඔම්මා වතුර වීදුරුවක් දෙන ගමන් කිව්වා.
"පොඩි ළමයි වගේ හිර කරගන්නේ නැතුව ටිකක් පරිස්සමින් වැඩ කරන්නකෝ?..."
ඒක ඇහිලා ඒ බොන්න ගිය වතුර ටිකත් ආපහු අනිත් පැත්තට ෆෘස් ගාලා ගිහිල්ලා හොඳටම කහින්න ගත්තා.ජැක්සන්ගේ මේ හැසිරීමට සමහරු කම්ෆියුස් වෙලා ඉදිද්දි ජන්කුක් දැක්කා හෝසෝකුත් වටේ පිටේ බල බල සෝෆා එක උඩ නළියන විදිහ.
"හෙටද ඉඳිකට්ට දෙන්නේ මහන්න...මෙන්න මෙහෙට දෙනවා..."
"ජින්...පොඩි ළමයි වගේ රණ්ඩු කරන්න එපා..."
එක එකා අතට ගියපු ඉඳිකට්ට හම්බවෙනකන් හෙම්බත් වෙලා හිටපු ටේහ්‍යුන්ගේ ඔම්මා රෙදි කෑලි දෙක තුනකුත් අතේ තියාගෙන කිව්වා.
"ජන්කුක්...ජැක්සන්...අපි දැන් යමුද?...යුන්ගිත් 10ට එනවා කිව්වා....මාර්ක්ටත් එන්න කියන්න කිව්වා..."
නැම්ජූන් වෙලාව බලන ගමන් කියද්දි ජන්කුක් ඔලුව වැනුවා.
ටික ටික දවල් වෙන්න ගෙදර ඉතුරුවුනේ ඔම්මයි,ටේහ්‍යුනුයි,ජිනුයි,එරිකුයි විතරයි.එයාලා කවුරුත් ජන්කුක්ලා කරන දෙයක් ගැන ලොකුවට දැනගෙන හිටියෙත් නෑ වගේම ඒ කිසි දෙයක් අහන්න ගියෙත් නෑ.ටේහ්‍යුන්ගේ ඔම්මා දැන් ඉදන්ම පුංචි බබාට ලස්සන ලස්සන චූටි චූටි ඇඳුම් මහන්න අරගෙන.ගර්ල් කෙනෙක්ද බෝයි කෙනෙක්ද කියලා තාම දන්නෙත් නැතුව එයාලා හැමෝම ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා.එරික් සීඅයිඩී ඔෆිසර් කෙනෙක් කිව්වට ටේහ්‍යුන්ග් එයා වැඩට යන දවසක් නම් දැකලා තිබුනේ නෑ.ජන්කුක් ගෙදර නැති ගොඩක් වෙලාවට ටේහ්‍යුන්ගේ පාලුව මකන්න හිටියේ එරික් වෙද්දි ටේහ්‍යුන්ග්ට පුදුම හිතුනා එයා අපරාධ සම්බන්ධ සීරියස් වැඩ එක්ක ඉන්න කෙනෙක් කියලා.ඒ තරම්ම කතාවක් කිව්වොත් ඒක විකාරයක්.නැත්තන් මාර්ක් ගැන බොලඳ කතාවක්.මොනවා වුනත් යුන්ගි කිව්වේ ඒ අමුතු පිස්සුව ගහලා තියෙන්නේ මේ ළගදි ඉදන්ලු.දැන් තව කවුරුත් නැතුව වැඩක් කරගන්න බැරි බබෙක් වගේ හිටියට ඉස්සෙල්ලා මිනිස්සුන්ටත් වෙඩි තියලා තියෙනෝලු.දැන් එරික්ගේ මූණ දිහා බලාගෙන කවුරුහරි එහෙම කිව්වොත් ඒක නිකන්ම විහිලුවක් වෙනවා.ටේහ්‍යුන්ග් හිතුවේ වෙනස්ම දෙයක්.This is the power of love කියලා.මොනවාවුනත් එරික්ගේ පුංචි කතාවේ ඉඳන් ජන්කුක්ගේ ආදරය පිරුණු ලස්සන කතාවලට වෙනකන් ඒ හැම දේකින්ම ටේහ්‍යුන්ග් ගොඩක් හිනාවුනා.දන්න අදුරන ගොඩක් අය එක්ක එකම ගෙදරක ඉන්න එක ගැන ටේහ්‍යුන්ග් හිටියේ කියලා නිම කරන්න බැරි සතුටකින්.
දින සති එකින් එක ගත වුනා.ජන්කුක් ගොඩක් වෙලාවට හිටියේ ටේහ්‍යුන්ග් එක්කමයි.ඒ වගේම ටේහ්‍යුන්ග් දැනන් හිටියේ ජන්කුක් කවුරුහරි ලෝයර් කෙනෙක් හයර් කරගෙන මොකක්හරි කරනවා කියලා විතරයි.මොකද ජන්කුක් කියන්නෙත් බිස්නස් ෆැමිලි එකක පුතෙක්.බිස්නස් තියා එයාට එයාගේ ෆැමිලි එකම නැතිවෙලා ගියේ කිම් ජේහ්‍යුන්ගේ තණ්හාව නිසා වෙද්දි දැක්ක තැන මරලා දාන්න තරම් කේන්තියක් ජේහ්‍යුන්ග් ගැන ජන්කුක්ට තිබුනත් ජන්කුක්ට ඕන වුනේ එයා ළගින්ම ඉදන් එයාලගෙ බිස්නස් ගැන පොඩිම දේ ඉදන් සේරම හොඳට දැනගෙන ඒ වගේම තමන්ට අයිති දේවල් ටිකෙන් ටික එකතු කරගෙන හරිම වෙලාව ආවම කිම් කාරයව වට්ටන්න.හැබැයි ජන්කුක් හිතුවේ නෑ එයා ගමනට කාලෙකට ඉස්සෙල්ලා අතුරුදහන් වුන එයාගේ සහෝදරයා එකතුවෙයි කියලා.යුන්ගිගේ කීමටම තවත් අපරාධ සම්බන්ධ දේවල් කිසිම දේකට සම්බන්ධ නොවී ජන්කුක් එයාලට උරුම දේවල් පස්සෙයි අනාගතය හදාගන්න ක්‍රම පස්සෙයි යන්න ගත්තා.ඒ වගේම නීතියෙන් තවමත් බේරිලා නොහිටපු සාක්ෂි පිටින් හොයන මිනීමරුවෙක් වුන ජන්කුක්ට සමහර වෙලාවට ගොඩක් දේවල් වද දුන්නත් පොලීසියෙම වුන තමන්ගේ සහෝදරයා 'පිස්සෙක් නොවී ටේහ්‍යුන්ග්ව බලාගෙන ඉදපන්' කියලා කියද්දි ජන්කුක් එතනදිත් ගොඩක් අසරණ වුනා.එයා දැනගත්තා යුන්ගි විතරක් නෙවෙයි නැම්ජූන්, ජින්, ජැක්සන් මොනවහරිම දෙයක් හංගනවා කියලා. ඒ වුනත් ඒ කිසිම දෙයක් ගැන ජන්කුක් හාර අවුස්සලා බලන්නත් ගියේ නෑ.
"ටේයියෝඕඕඕඕ....."
ගේ දෙවනත් කරගෙන ජිමින් කාමරේ ඇතුළට කඩාගෙන පනිද්දි මේසේ උඩ ඉදන් මොකක්හරි අඳින ගමන් හිටපු ටේහ්‍යුන්ග් ඒක වැහුවා.
"කොල්ලා අද යුනි ගිහිල්ලා වගේ...."
"ගියේ නෑ...බලෙන්ම ගිහින් දැම්මා..."
ජිමින් කැප් එකයි බෑග් එකයි විසික් කරලා අත් දෙකත් දිග ඇරගෙන ඇද උඩට පත බෑවෙන ගමන් කිව්වා.
"යුන්ගි හියුන්ද?...."
ජිමින් ඔලුව වැනුවා.
"ඒක නෙවෙයි...යුන්ගි හියුන් තාම දන්නැද්ද ඔයා බොරුවක් කරන්නේ කියලා...."
මහ අමුතු කටකොනින් හිනාවක් දාගෙන ජිමින් නැගිටිද්දි ජිමින්ගේ උත්තරය ටේහ්‍යුන්ග්ට තේරුනා.
"ඒ කියන්නේ නෑනේ...පව් කියලත් හිතෙනවා අප්පා...."
"මේ එනවකෝ වැඩක් කියන්න...මන් මාර නිවුස් එකක් හොයාගත්තා...."
ජිමින් ටේහ්‍යුන්ග්ව ඇදෙන් වාඩි කරවලා ලොකු කතාවක් කියන්න වගේ එයාගේ පැත්ත හැරුණා.
"අද හවස හෝසෝක් හියුන්ට මෙහේ එන්න කිව්වද?....."
"ඔව්...."
"ජැක්සන් හියුනුත් එනවද?......."
ටේහ්‍යුන්ග් ඔලුව වනද්දි එකපාරටම වයින් වෙලා වගේ ජිමින් හිනාවෙන්න ගත්ත නිසා ටේහ්‍යුන්ග් කම්පියුස් වුනා.
"ඇයි?..."
"හෝසෝක් හියුන්..."
"ඉතින්?...."
"එයා මාර වැඩක් කරලනේ ජැක්සන් හියුන්ට...."
"ඒ මොකක්ද?...."
"අද හෝසෝක් හියුන් මාත් එක්ක කිය කිය අඬන්න ගත්තා කොහොමද මම ඒ මනුස්සයට මුහුණ දෙන්නේ කියලා...දන්නවද දෙයක්...හෝසෝක් හියුනුත් අපි හිතුව තරම් අහිංසක නෑ...."
ජිමින් පැණි හිනාවක් දාගෙන කියද්දි ටේහ්‍යුන්ග් නළල රැලි කරගත්තා.
"ආ?...."
"මෙහෙමයි....එදා අපි හෝසෝක් හියුන්ව කිඩ්නැප් කරපු දවස මතකද?....."
"ඕ......."
"හෝසෝක් හියුන් හෙන ලොකු ඇක්ට් එකක් කරලා හරිද?...කාර් එකක් එයාගේ ගේ ඉස්සරහ තියෙනවා දැකලා තමයි එයාට මුලින්ම සැකයක් ඇවිල්ලා තියෙන්නේ....මොකද හෝසෝක් හියුන් නිදහසට කැමති කෙනෙක් නිසා එයා ඉන්න හරියේ කාර් නවත්තනවා තියා ළග පාතක වෙන ගෙයක්වත් නෑ කියලා ඔයත් දන්නවනේ.....එදා ඔයාගේ වෙඩින් එක නිසා හෝසෝක් හියුන්ට ඔයාව බලන්න උදෙන්ම එන්න කියලනේ තිබුනේ...ඒ කාර් එක නිසා හියුන් ඇත්තටම ඉදලා තියෙන්නේ ගොඩක් බයෙන්....කොහොමහරි එදා එයාගේ කාර් එකත් කැඩිලා සර්විස් එකේ තිබිලා තියෙන්නේ....වෙඩින් එකට නොයා බැරි නිසාත් පයින් ගියොත් අල්ලගෙන උස්සන් යයි කියලා හිතලා එයා ගෙදර තිබුන ලදරමක් අරන් ගෙදරින් එළියට බැහැලා....හිතුවා වගේම අර මනුස්සයා එයාගේ කාර් එක හරස් කරලා කැපුවා කිව්වා වාහනේ....කවුරුත් හිටපු නැති පාලු පාර මැද එයාව එකසිය ගානට ගැහෙන්න අරන්....ඒ වෙලේම කොහෙන්දෝ මන්දා මොලේට ආපු හරබොජි කෙනෙක්ගෙයි හරූගෙයි කතාවක් ඇවිල්ලා කටට එන එන එක කියෙව්වා කිව්වා...මට තේරුනේත් නෑ ඔය කතාව....කොහොමහරි ජැක්සන් හියුන් වම දකුණ මාරුවෙලා වගේ බයෙනුත් එක්ක හෝසෝක් හියුන් දිහා බලන් ඉදලා හරිද?...අනික අපි කිව්වනේ ඩොක්ටර්ට කරදරයක් මුකුත් කරන්න එපා කියලා...ඒ නිසා ජැක්සන් හියුන් හෝසෝක් හියුන්ට බලපෑම් කරන්නත් ගිහින් නෑ....ගිහිල්ලා තියෙන්නේ හෝසෝක් හියුන්ගේ පරණ වාහනේ...අනික එයාට අර පරණ ලදරම එළවන්න තේරෙන්නෙ නැති නිසා ඩ්‍රයිව් කරගෙන ගිහිල්ලා තියෙන්නෙත් හෝසෝක් හියුන්...හැබැයි දන්නවනේ හෝසෝක් හියුන් හෙන බයයිනේ....වෙඩින් එකට ඕන මගුලක් වෙත්දෙන් කියලා එයාගේ ජීවිතය බේරගන්න තිබ්බ ඕනකමට එයා පුළුවන් උපරිම ජැක්සන් හියුන්ව රස්තියාදු කරලා....කරලා කියන්නේ කෝල් එකක් ආවට පස්සේ අන්තිමට ජැක්සේනයා කාර් එකෙන් බැහැලා පේශන්ට දැන් හොඳයි කියලා...."
"ජැක්සන් හියුන් එදා හෝසෝක් හියුන්ට පිස්සෙක් කියලා කිව්වා කියලා කුකී කිව්වා....ඒත් ඇත්තටම හෝසෝක් හියුන් පිස්සෙක් කියලා පෙන්නන්න රඟපාලද?......"
"ඔව්....එහෙම තමා වෙලා තියෙන්නේ....අනික හෝසෝක් හියුන් ඕනකමින්ම ප්‍රශ්නවගයක් අහලා හොඳේ...අහගෙන හිටපු මගෙත් මයිල් කෙලින් වුනා...."
"මොකද අනේ මුකුත් කතා කරන්නේ නැත්තේ?....."
"මට මුකුත් කියන්න දෙන්....."
"ආ...මේ ඒක නෙවෙයි මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?...."
"එප්......"
"ඔන්න අපේ හොස්පිට්ල් එකේ ඩොක්ටර්ස්ලා තුන්දෙනෙක් කියනවා එයාලගේ සහෝදරයා සුගතපාල කියලා...හරිද?...."
"එහෙම නම් තියෙන අයත් ඉන්නවද ඔයාලගෙ හොස්පිට්ල් එකේ?...."
"ප්‍රශ්නෙට විතරයි...අහන්නකෝ...හැබැයි සුගතපාල කියනවා එයාට සහෝදරයෝ නැල්ලු...හරිද?...කවුද එතකොට එතනින් බොරු කියන්නේ?...."
"මන් දන්නේ කොහොමද ගිහින් සුගතපාලගෙන් අහන්න...."
"ටිකක් ඔය ඔලු ගෙඩියෙන් කල්පනා කරනවකෝ...දෙගොල්ලොම බොරු කිව්වේ නෑ....මොකද සුගතපාලට ඉන්නේ ඩොක්ටර්ස්ලා වුන සහෝදරියෝ තුන්නෙක්....හහ්..හා හා....තේරුනාද?...."
ජැක්සන් ඉස්සරහ බලාගෙනම හුස්මක් හෙලන ගමන් තම්බ්ස් අප් එකක් දුන්නා.
"තව එකක් හොඳේ....ඔයා ළග බිත්තර හයක් තියෙනවා..."
"මන් ගණන් ෆේල්...."
"ගණන් ඕනේ නෑ මේකට...ඔයා ළග බිත්තර හයක් තියෙනවා...ඔයා දෙකක් කඩනවා...ඔයා දෙකක් බදිනවා...ඔයා දෙකක් කනවා....දැන් බිත්තර කීයක් ඉතුරුද?...."
"ම්ම්...ඒක ලේසීනේ...ඉතුරු නෑ...."
"නෑ...ඔයා බිත්තර දෙකක් අරන් කඩලා හදාගෙන කෑවා...තව ඉතුරු හතරයි...."
ජැක්සන් ඔලුවේ අත ගහගත්තා.
"මෙන්න ඔබට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය....පිටින් hairy...ඒත් ඇතුළ සොෆ්ට් වගේම තෙතයි...පටන් ගන්නේ c අකුරෙන් ඉවර වෙන්නේ t අකුරෙන්.....මොකක්ද?..."
හෝසෝක් අහපු ඒ ප්‍රශ්නෙට නම් ජැක්සන්ට දාඩියත් දාන්න ගනිද්දි තටමන්න ගත්තා.
"උ...උත්තර්ර්ර්රේද?......"
"ඔව්....දන්නැද්ද?....."
ජැක්සන් වයින් කරලා වගේ ඔලුව දෙපැත්තට වැනුවා.
"Coconut අයියෝ...."
හෝසෝක් කියද්දි ඇස් දෙක කොකනට් ගෙඩි දෙකක් සයිස්ම කරගත්තු ජැක්සන් ඔලුවට එකක් ගහගෙන ශටර් එකෙන් අහක බලාගත්තා.
"මම ඇතුළට දානකොට ඔයාට රිදෙයි...."
හෝසෝක් ඊළගට කිව්වට දේත් එක්ක හිරි වැටිලා ගිය ජැක්සන්ගේ ඔලුව ඉබේම ආපහු හෝසෝක් දිහාවට හැරවුනා.
"ම්...මොකක්ද?....."
"ඊළග ප්‍රශ්නේ...මම ඇතුළට දානකොට ඔයාට වේදනාවක් දැනෙයි....ඔයා කලබල නොකර මට ඉඩ දුන්නොත් මම ප්‍රශ්නයක් නැතුව ඇතුළ පුරවනවා...පිරෙව්වට පස්සේ මම කියනවා දැන් ගිලින්නෙ නැතුව කෙල ගහන්න කියලා....මෙහෙම කියන මම කවුද?...."
"මම්...මම්....මම......."
ජැක්සන්ට හිතින් එයාගේ අම්මා උකුල උඩ තියාගෙන කිරි බෝතලේ කටේ එබුව කාලෙත් මතක් වුනා.මොකද ජැක්සන්ට ඒ ප්‍රශ්න ඇහුවට පස්සේ එයා තාම මමාස් බෝයි නෙවෙයි කියලා තේරුන්න ගත්තා.හැබැයි ඇයි දන්නේ නෑ එයා එහෙම හිතුවේ.
"දන්නෑනේද?...."
ජැක්සන් මූණ හට්ටියක් කරගෙන ඔලුව දෙපැත්තට වැනුවේ හොඳටම දාඩියත් දාගෙන ඉදිද්දි.
"Dentist...Dentist අයියෝ...."
හිනාවෙලා කිව්ව හෝසෝක් ආපහු පාර දිහා බලාගත්තා.
"තව එකක්....."
"අ...අපි...."
"අතින් අල්ලන් අදිනකොට දික් වෙනවා.....වාහනවල ඇතුලේ තමයි පාවිච්චි වෙන්නේ...ඔයා වැරදියට පාවිච්චි කරොත් ඒක හිර වෙනවා....ඔයාගේ ඇග උඩින් ගිහිල්ලා අන්තිමට ෆිට් වෙන විදිහට හිල ඇතුළට දානවා....ඇතුළට දැම්මට පස්සේ ඔයාවත් තද කරගෙන ගානට වැඩ කරනවා...."
"හි...හිර කරගෙන....තත්...තද කරගෙන???....."
මොකද දන්නේ නෑ....ඒ සැරේ ජැක්සන් නියපොතුත් කන්න ගත්තා...ජැක්සන්ගේ බයවැඩිවුනේ හෝසෝක් තමන් දිහා ඇහිබැමකුත් උස්සන් හොර බැල්මකින් බලනවා දැකලා...
"දැනුත් ඔයා ළග ඒක තියෙනවා....ඒත් ඔයා ඒක පාවිච්චි කරන්නේ නෑ....."
හෝසෝක් කටකොනින් හිනාවකුත් දාගෙන කියද්දි ජැක්සන් සීට් එක උඩ නලියන්න ගත්තා...ජැක්සන් මේ මනුස්සයා මන් දිහා අමුතු විදිහට බලන්නේ මොකද කියලා හිත හිත ඉදිද්දි හෝසෝක් එකපාරටම කාර් එක පාර අයිනට කරලා නැවැත්තුවේ ජැක්සන් දිහා බලාගෙනමයි.
"ඩො....ඩොක්....ඩොක්ටර්...."
ඩ්‍රයිවර් සීට් එකේ ඉදපු හෝසෝක් ටික ටික තමන්ගේ පැත්තට මූණ නැඹුරු කරනවා දැක්ක ජැක්සන්ගේ පපුව ගැහෙන වේගෙත් වැඩිවෙලා දෙගුණ කරලා දාඩිය දාන්න ගත්තා.හෝසෝක් ජැක්සන් ළගටම ඇවිත් ජැක්සන්ගේ එක කනකට පාත් වෙද්දි ජැක්සන් ඇස් පියාගත්තා.
"උත්තරය තමයි....."
හෝසෝක්ගේ කටහඬ ගොඩක් ගැඹුරුයි වගේම ගොඩක් සියුම් වුනා.ඒත් එක්කම ජැක්සන්ට දැනුනා හෝසෝක්ගේ එක අතක් තමන්ගේ ශර්ට් එක දිගේ උඩට ගිහිල්ලා ආපහු ස්පර්ශයක් නැතිවෙලා ගියා.ඊට පස්සේ තමන්ගේ ඇගට මොකක් හරි තද වෙනවා තේරුන ජැක්සන් මොනවහරි ජප කර කරම එහෙම හිටියත් ටික වෙලාවකින් තමන් ළගින් දැනුන හෝසෝක්ගේ උණුහුම නැතිවෙලා යද්දි ජැක්සන් ඇස් ඇරියේ ක්ලික් සද්දයක් ඇහෙනවත් එක්කමයි.
"සීට් බෙල්ට් එක....ටංටටාං!!!!.."
හෝසෝක් ටිකක් සද්දෙන් හුරතල් විදිහට කියද්දි ජැක්සන් උඩ බිම බැලුවා.එයා ගොඩක් වේගයෙන් හුස්ම ගත්තා.හදවත අසූහාරදාහටම ගැහුනා.උගුර හිදෙනකන්ම කෙල ගිලුවා.
"අ...ආ?....."
"උත්තරේ තමයි සීට් බෙල්ට් එක....."
හෝසෝක්ගේ හුරතල් හිනාව දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ජැක්සන් එකපාරටම කලබල වෙලා වගේ කාර් එකෙන් බහින්න හැදුවත් එයාට තේරුනා තමන්ව මොකක්හරි හිර කරගෙන කියලා.ඒ සැරේ තමයි දැක්කේ මෙච්චර වෙලා දාගෙන ආවේ නැති සීට් බෙල්ට් එක දැන් ඉබේම දැමිලා කියලා.
"ඇයි මේ?....මම සීට් බෙල්ට් එක දැම්මා...."
"ඩො...ඩොක්ටර්...මේ....."
කරකියාගන්න දෙයක් නෑ වගේ හිටපු ජැක්සන් එකපාරටම මතක් වෙලා වගේ ෆෝන් එක අතට ගත්තා.
"අ...අහ්....ඕ...ඕ....ආ... එහෙමද? දැන් හොඳයිද?....හරි මන් එන්නම්....."
ෆෝන් එක ආපහු සාක්කුවට ඔබාගත්ත ජැක්සන් බැලුවේ හෝසෝක් දිහා.
"මේ....ඩොක්ටර්.....පේශන්ට දැන් හොඳයිලු....ඩොක්ටර් දැන් ඔයාගේ වැඩේට යන්න.....හහ්....හරිනේ?...."
"මානසික රෝග එහෙමත් හොඳ වෙනවද?....."
"ඔව්...ඔව් එකපාරටම හොඳ වෙලා...."
"ම්ම්ම්....කමක් නෑ...ඔයා කියන දෙයක් තමා ඉතින්....ඉන්න මන් ඔයාව ගෙදරින් ඇරලවන්නම්........."
"නෑ...නෑ...මට තනියෙම යන්න පුලුවන්....බස් ඇතිවෙන්න තියෙනවා......ම.....මන් යනවා...."
එහෙම කියපු ජැක්සන් ආපහු යන්න හැදුවත් ආපහු සීට් එකට තද වුනා.
"මිස්ටර් සීට් බෙල්ට් එක......"
ආපහු සීට් බෙල්ට් එක ගැලැව්ව ජැක්සන් වාහනේ දොරත් ඇරගෙන ආපහු පිටිපස්සවත් නොබලා එතනින් යද්දි ලොකු හුස්මක් හෙලපු හෝසෝක් සුක්කානමට ඔලුව තියාගත්තා.
මුළු කතාවම කියලා ටේහ්‍යුන්ගෙනුත් ඒ ප්‍රශ්න අහලා හිටපු ජිමින්ට මේ වෙලාවේ හිතිලා තිබුනේ කියපු කට ගිහින් මොකක්හරි ලොකු ගලක අතුල්ලගන්න.මේක කියලා දෙන්නත් එක්කම දාගෙන හිනාවෙන්න පුලුවන් කියලා හිතාගෙන කිව්වත් ටේහ්‍යුන්ග් ඒ හැම ප්‍රශ්නෙකටම හරි ගානට උත්තර දීපු නිසා වගේම ටේහ්‍යුන්ග්ට ඒ ප්‍රශ්නවල කිසි අමුත්තක් නැති වුන නිසා නිකටට අතක් තියාගෙන ඔලුව බර කරන් හිටපු ජිමින් එකපාරටම ඇඳෙන් නැගිට්ටා.නැහැ.ඔයාලා කාටවත් ජිමින්ට මේ වෙලාවේ දැනෙන ප්‍රෙශර් එක ගැන තේරෙන්නේ නෑ.
ටේහ්‍යුන්ගේ අතින් අල්ලගත්ත ජිමින් එයාව කාමරෙන් එළියට ඇදගෙන යන ගමන් කියවන්න ගත්තා.
"ඕකේ එහෙනම්....අපි යමුද?....ආන්ටි කිව්වා ඔයාගෙයි ජන්කුක්ගෙයි වෙඩින් එක ගැන කතා කරන්න ඕනේ කියලා...බබා හම්බුනාට පස්සෙද මැරි කරන්නේ?...අනේ මන්දා දැන් කාලේ හැදෙන ළමයි නම්....කලබලේනේ......."
______________________________________________________________
මන් prologue එක අයින් කරා හොඳද.ලියන්න හිතාගෙන හිටපු කතාවයි දැන් ලියන කතාවයි වෙනස්🙂
අර ප්‍රශ්න yt එකේ කැරකෙද්දි හම්බුන ටිකක් හොඳේ😂
👋❤️