ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

55.8K 11.3K 1.7K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
03 කොටස ✴️
05 කොටස ✴️
06 කොටස✴️
A/N
07 කොටස✴️
08 කොටස✴️
09 කොටස✴️
10 කොටස✴️
11 කොටස✴️
12 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
15 කොටස ✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
21 කොටස ✴️
22 කොටස ✴️
23 කොටස ✴️
24 කොටස ✴️
25 කොටස ✴️
26 කොටස ✴️
27 කොටස ✴️
28 කොටස ✴️
29 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
32 කොටස ✴️
33 කොටස ✴️
34 කොටස ✴️
35 කොටස ✴️

04 කොටස ✴️

1.5K 352 88
By Kim_niru_55

තමුසෙ දන්නවනේ මම කවුද කියල ම්ම්ම්.....

මගෙ කනට බර වෙලා රහසින් වගේ එයා කියපු දේට මට කෙල ගුලියකුත් ගිලුන.. මොකද ඒක එයා කිව්වෙ මගෙ බෙල්ලට පිහිය තියාගෙන නිසා..

ම...මම....දන්නවා.. අනේ..ඔයාව..මන් ඔයාට සබන් ඇති තරම් ගෙනත් දෙන්නම්.. නිකන් සබන් කෑල්ලකට මනුස්සයෙක් මරන්න එපා ඉතින්...

මගෙ බෙල්ල බේර ගන්න මම කටට එන එන දේ කියද්දි.. එයා මන් දිහා බලාන ඉදල පිහි තුඩට ඇඟිල්ල තියල තුවාල කර ගනිද්දිම එයා අනිත් අතින් මට එලියට යන්න කියල ඉගි කරේ මන් දිහා එක බැල්මක්වත් නොදී.. ඉතින් මම පස්ස නොබල එලියට දිව්වෙ එයාගෙ ඇඟිල්ලෙන් ගලපු ලේ දැකල මගෙ හිතම බයෙන් වෙලුන නිසා..

අන්නා.. මොකද මේ හති අරින්නෙ..

ෆුහ්..අනූ නමයෙන් දශම නමයයි නමයෙන් බේරිල ආවෙ අර විල්ලන්ගෙන්..

එක පිම්මටම මම දුවන් ආවෙ තම්බි ගාවට.. මම නැවිල දණිස් දෙක අල්ලන් හති අරින නිසාම තම්බි මන් දිහා තුශ්නිම්භූත වෙලා වගේ බලන් ඉද්දි.. මම හීනියට හිනාවක් දීල එයාගෙ අතින් කුණු බෑග් දෙක අරගෙන ඉස්සර උනා..

තම්බි එක්කම කුණු ටික කන්දට දාල.. වැනි වැනි පාර දිගේ අපි දෙන්න එක්ක එද්දි.. එක පාරටම තම්බි බ්‍රේක් ගැහුව පාරට තව පොඩ්ඩෙන් මගෙ නහය ගිහින් වදිනව එයාගෙ පිටේ..

මොකද මෝඩයො නතර උනේ..

අන්නා...අර...

නිකන් යකෙක් දැකල වගේ තම්බි උඩ බලාගෙන අර ගාද්දි.. මමත් ඒ පැත්ත දිහා බැලුවෙ මේ කොල්ල පියාඹන පීරිසියක්වත් දැකලද මේ ඇස් දෙකත් ලොකු කරන් ඉන්නෙ කියල .. හැබැයි එහෙම නෙමේ... මගෙ ඇස් ඉස්සරහම දැක්ක දෙයින් කකුල් දෙකත් පන නැති උනා වගේ දැනුනෙ..

තම්බි බලන් හිටියෙ ආසිගෙ ගේ දිහා..ආසි ජනේලෙ ලග හිටගෙන හිටියෙ හැබැයි නිකන් නෙමේ.. තව මිනිහෙක්ව ජනේලෙන් පල්ලෙහාට තල්ලු කරන්න බලාගෙන.. අනිත් අතේ දැති දැති තියන පිහියක් අතේ තියන් ආසි යක්ස මූණක් දාගෙන ඉන්න හැටි ගමේ මිනිස්සුත් බලාන ඉන්නෙ ශෝ එකක් බලනව වගේ..

ඒ මනුස්සයව මරයිද අන්නා.....

ද...දන් නෑ අමිත්....

ආසි ඒ මනුස්සයට මොනාද කිය කිය කේන්තියෙන් මූණ රතු කරන් ඉන්න හැටියට නම් මට බය හිතුන බලන්න.. නලල රැලි කරන් නහර පුප්පගෙන එයාගෙ එක අතකින් අර මනුස්සයගෙ ශර්ට් එකෙන් අල්ලගෙන ජනේලෙන් පල්ලෙහාට වැටෙන්න ඔන්න මෙන්න වගේ අල්ලන් ඉන්න හැටි දැක්කම අපි හැමෝගෙම ලේ වතුර වෙලා තිබ්බෙ..

අහ්හ්හ්හ්හ්හ්හ්හ්........................

එක පාරටම ආසි අර මනුස්සයගෙ බෙල්ල කපල පල්ලෙහාට බොඩි එක අතාරිද්දි.. චොප් ගාල අර මනුස්සය බිමට වැටුන සැනින් මගෙ පපුවත් එක්ක  හෙල්ලිලා ගියා.. මම මහ හයියෙන් කෑ ගහගෙන අත් දෙකෙන්ම කන් දෙක වහගත්තෙ මගෙ ඇස් ඉස්සරහ මේ දැක්ක දේ ඇත්තටම මට ශොක් එකක් ගෙනාපු නිසා..

විනාඩියකට වඩා මම එහෙම ඉදල.. අන්තිමට කිසිම කෙනෙක්ගෙ සද්දයක්වත් කාගෙවත් හඬක්වත් මගෙ කන් වලට ඇහුන් නැති නිසාම මම හෙමීට අත් දෙක මගෙ කන් වලින් අයින් කර ගන්න ගමන් ඇස් ඇරල වටේම බලද්දි ඒරියා එකේ හැම මනුස්සයම බලාන හිටියෙ මන් දිහා..කොටින්ම කිව්වොත් තම්බි පවා බලන් ඉන්නෙ මන් දිහා කිව්වොත් ඔයාල විශ්වාස කරනවද..?

අන්තිමට මම බැලුවෙ එයා දිහා..හිතුව වගේම එයාගෙ ඇස් තිබ්බෙ මන් ලග.. ජනේලෙ දෙපැත්තින් අත් දෙක තියල බර වෙලා මගෙ දිහා බලාන ඉන්න එයාගෙ අතේ ලේ වැක්කෙරෙන පිහිය දැක්කම මගෙ බයටමද කොහෙද තොල් වෙව්ලන්න ගත්ත..

අපි ෆිල්ම් වලින් දකින දේවල් ඇත්තටම ඇස් ඉස්සරහ අමු අමුවෙම මෙහෙම දකින්න ලැබුනොත් ඔයාලට මොන වගේ හැඟීමක් දැනෙයිද.. මනුස්සයෙක් දෙනෝ දාහක් ඉදිරියෙ මරල දාල කිසි ගානක් නැතුව ඒ මිනිහත් ඉද්දි.. ගමේ උදවියත් මිනී මැරුම් කියන එක සාමාන්‍ය දේකට අරන් තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන හැටි බලන මට කොයි වගේ හැඟීමක් දැනෙනව ඇති කියලද ඔයාල හිතන්නෙ..

මනුස්සයෙක්ගෙ ලේ බලල සතුටු වෙන්න පුලුවන් මන්ද මානසිකත්වයක් තියන කොල්ලෙක් නෙමෙයි මම.. මනුස්සයෙක්ගෙ දුක දන්න අහින්සක සාමාන්‍ය විදිහට ජීවිතේ ගැට ගහන් ඉන්න කොල්ලෙක් විතරයි මන්.. ඉතින් මේ ගමේ කාට කැක්කුමක් නැතත් මට කැක්කුමක් තියෙනවා මේ මිනිහ අතින් මැරෙන මිනිස්සු ගැන..

මන් දන් නෑ කොහොමද මේ වගේ මිනිස්සු මරන්නෙ කියල ආසි.. ඒත් මේ රටේ පාතාලෙට රජ කරන්න දෙන්න බෑ.. නීතියක් කියල දෙයක් තියෙනවා.. මිනිස්සු තැන තැන මරල දාල යන්න මේක ආසිගෙ රට වෙන්න ඕන එහෙනම් ඉතින්..මම කේන්තියෙන් උනත් අත මිට මොලවන් එයා දිහා බලාන ඉද්දි.. එයා ඊට පස්සෙ කරපු දෙයින් මගෙ කටත් බාගෙට ඇරුන..

එයා ඇයි මට ඇහැක් ගැහුවෙ...

හැමෝගෙම ඇස් වලට වැලි ගහල ආසි මට ඇහැක් ගහගෙන ජනේලෙ ලගින් ඇතුලට යන්න යද්දි.. මම තවමත් මොකෙද්ද වගේ බලාන ඉන්නව..

එයා ඇයි මට ඇහැක් ගැහුවෙ.. අනික ඇස් ගහන්න මම කෙල්ලෙක්ද අනේ.. මේ මොන විලි ලැජ්ජ නැති වැඩක්ද.. පාතාල කාරය එනව මට ඇස් ගහන්.. අම්මප මට එන කේන්‍තියට අසමජ්ජාති කොට්ට කුරුම්බ රැවුල් ආසියගෙ බෙල්ල හතකට කපල කන්දකින් පහලට දාන්න හිතෙන්නෙ..

අන්නා..මොනාද බලන් ඉන්නෙ තවත්.. යමු ගෙදර...

අහ් මොකද්ද..

මෙච්චර වෙලා ආසිව මරන්නෙ කොහොමද කියල හීන මවපු මම පියවි සිහියට ආවෙ තම්බි කතා කරපු හන්ද..

අර අම්මයි පාට්ටියි බලන් ඉන්නව.. යමුද දැන්වත් ගෙදර..

හ්ම් යමු යමු...

දැන් ටිකකට කලින් වෙච්ච හැමදේම අමතක කරල දාපු මිනිස්සු තම තමන්ගෙ වැඩ වල නිරත වෙද්දි.. මමයි තම්බියිත් බිම ලේ නෑවිල තියන ඒ අහින්සක මනුස්සයගෙ බොඩි එක දිහා බලාගෙන ගෙට ගිහින් දොර වහල දැම්ම..

මොකද්ද පුතා අර එලියෙ සිද්ද උනේ..

අම්මගෙ ඇස් බයෙන් පිරිල.. එයාලට බය හිතෙන් නැතුව තියේද මිනිස්සු ඇස් ඉස්සරහ අමු අමුවෙ මරල දාද්දි මෙහෙම..

දන් නෑ අම්ම..ඒත් මම මේක ලේසියෙන් අතාරින්නෙ නෑ.. ඔය රැවුල් ආසිව මම අල්ලලා දෙනවා පොලිසියට.. ඉන්නකො ඔයාල බය නොවී...

එහෙම කියපු මම ෆෝන් එකෙන් පොලිසියට කතා කරන්න හදදද්දිම පාට්ටි මගෙ අතින් අල්ලලා නැවැත්තුවා..

උබට පිස්සුද කොල්ලො..අර අමු තිරිසනා ගැන උබ මෙහෙම පොලිසියට කතා කරල කිව්ව කියල ඌ දැන ගත්තොත්.. අපිටත් මැරුම් කන්න වෙන්නෙ..

ඔව්.. අනික පොලිසියත් බය ඇති ඔය මිනිහට අන්නා..අපි ඕවට ගෑවෙන් නැතුව ඉමු..ආසි අපිට මුකුත් කරන්න ආවෙ නෑනෙ..

ඇත්ත තමයි මෙයාල කියන එක මොකද මම හිතුවට මැරිච්ච කෙනාට සාදාරනයක් කරන්න.. අන්තිමට මටම කැරකිලා ආවොත් ඔය ප්‍රශ්නෙ.. රැවුල් ආසිය මගෙ කටට බස්සයි අර දැති පිහිය..

හ්ම් දැනට අපි පාඩුවෙ ඉමුකො එහෙනම්.. හැබැයි ඔය මිනිහ අපිට ප්‍රශ්නයක් දාන්න ආපු දවසට තමයි මේ සූර්ගෙ රැස් පෙන්නන්නෙ ආසිට...

අහ් පෙන්නපන් එදාට දැන් ගිහින් වැඩක් බලා ගනින්කො..

පාට්ටි එහෙම කියල කාමරේට යද්දි.. මාත් කුස්සියට ගියෙ වතුර ටිකක් බොන්න කියල..

සූ.....

අම්මා..

ප්‍රශ්න වලට පැටලෙන්න එපා පුතේ.. ඔයා අහින්සක වැඩී ඒ මිනිස්සු එක්ක හැප්පෙන්න තරම්..අපි මෙහෙ ඉන්න පුලුවන් කාලයක් ඉදල යන්.. මට හැමදේකටම වඩා වටින්නෙ ඔයාල දෙන්න.. ඉතින් මේ අම්මට උබල දෙන්නවත් නැති කරන්න එපා පුතේ..

මගෙ අතකින් අල්ලගෙන මේ තරම් දේවල් අම්ම කියවන්නෙ දරු කැක්කුමට කියල මම දන්නව..මොකද අම්ම බයයි මම ආසි එක්ක හැප්පෙන්න ගිහින් ජීවිතේට මොනා හරි වැරැද්දක් වෙයි කියල..අම්මෙක් විදිහට එයා හරි.. ඒත් කොල්ලෙක් විදිහට මට පුලුවන් ද අර තිරිසනාගෙ මේ අසික්කිත වැඩ බලාගෙන ඉන්න..

බය වෙන්න එපා.. මම මගෙ පාඩුවෙ ඉන්නම් අම්මා..ඔයා මුකුත් හිතන්න එපා ඉතින් දැන්..

හ්ම්..

ඒ උනාට ඉතින් අම්ම දන්නව මම කවුද කියල.. එයාට කටින් කිව්වට මුකුත් කරන් නෑ කියල මේ කොල්ල හරි ඇට්ටරය වෙලාවකට..

දවසම ඉතින් කකා බිබී සිංදු අහ අහ කාල කන්නි විදිහට ගෙවිල ගිහින් තිබ්බ..රෑ හතත් පහු වෙලා නිසා අම්ම අද හවස ඉදන් හද හද හිටපු ඉට්ලි ටික වේලාසනින් කන්න කියල මම කාමරෙන් එලියට එද්දිම..

හාආආආආආ....හාආආආආආආ

එලියෙන් ගෑණියෙක් කෑ ගහන හඬකුයි ඒ එක්කම මහ ඝෝෂාවක් ඒරියා එක පුරාම ඇහෙන්න ගද්දි.. අපේ ගෙදර අයත් එලියට බැහැල බැලුවෙ මොකද්ද වෙලා තියෙන්නෙ කියල ඒ පාර..

වරෙන් සක්කිලි බල්ලා....

👊 👊 👊

අද මම තොට දාන්නම් පෝලිමක්..

අපේ ගෙදර ඉදන් ගෙවල් දෙකකට එහයින් තිබ්බ පුංචි ගේ කෑල්ල ඉස්සරහ අන්ඩවෙයාර් එක පිටින් පිරිමියෙක්ව එලියට ඇදන් ආපු ආසි මදි නොකියන්න ඒ මිනිහට නෙලද්දි.. ඒ ගේ දොරකොඩම බෙඩ්ශීට් එහෙකින් ඇඟ වහගෙන කොණ්ඩෙත් කඩන් ඉකි ගගහ අඬන කෙල්ලවත් අපිට කැපිල පෙනුනෙ එයා ඉන්නෙ නිරුවත්ව කියල හොදටම බැලූ බැල්මටම තේරුම් ගිය නිසා..

මගේ ඒරියා එකේ ගෑණියෙක්ට අත තියන්න තරම් උබට හයියක් ආවෙ කොහොමද පරයො...

👊

ඔච්චර හු#න අමාරුවක් තියනව නම් පලයන් බඩුවක් හොයාගෙන.. මේ වගේ අහින්සක කෙල්ලො අමාරුවෙ දාන්නෙ නැතුව හු%තෝ..

අඳුරෙ උනත් මට පෙවුන ආසි ඉන්නෙ කේන්තියෙන් කියල.. අර කොල්ලට කෙලින් හිටගෙන ඉන්න බැරි තරම් ගහපු ආසි පැත්තක තිබ්බ ගල් ගෙඩියක් උස්සගෙන අරකගෙ ඔලුව කුඩු කරන්න හැදුවෙ ඉහවහ ගිය කේන්තිය දරා ගන්න බැරි කමට වගේ..

එ....පා...ආ..සි...අන්නා..මූ...වගේ...බල්ලෙක්..මරල...ඔයාගෙ...අත්වල...ජරාව..ගාව..ගන්න...එපා..

අර කෙල්ල එක පාරටම ආසිගෙ කකුල් වල එල්ලිලා දැනටමත් බාගෙට මැරිල ඉන්න අර කොල්ලව මරන්න එපා කියද්දි..ආසි ගල් ගෙඩිය පැත්තකට විසි කරල දාල වේගයෙන් හුස්ම ගන්න අතර අර කොල්ලව කන්න වගේ බැල්මක් දාන් හිටියෙ..

මූව ඉවරයක් කරපන්..

හරි ආසි....

🗡️ 🗡️ 🗡️

ආසිගෙන් ලැබුන එක අනකින්ම ක්‍රියාත්මක උන ගෝලයො උන්ගෙ පිටේ හංගන් හිටපු කඩු එලියට අරගෙන හැමෝගෙම ඇස් ඉස්සරහ අර කොල්ලව කපල කපල දාද්දි...ආසි එයාගෙ ගෙට යන්න ගියෙ එක මොහොතක්වත් එතන ඉන්නෙ නැතුව..

මොකද්ද එතන සිද්ද උනේ දරුවො..

අර එදා අපි එක්ක කතා කරපු කොල්ලම අදත් අපේ ගේ ලගම මේ සීන් එක බලාන ඉන්නව දැකපු පාට්ටිත් ඕන නැතු මගුලක් ඒ කොල්ලගෙන් අහද්දි.. මට මාර කේන්තියක් ආවෙ..අපිට අදාල නැති දේවල්නෙ අප්ප මේ පාට්ටි එක එකාගෙන් අහන්නෙ..

අහ් ඔය ගෙදර තංගච්චි ප්‍රියාට අම්ම අප්ප නෑ.. ඒ කෙල්ලට හිටියෙ මාම විතරයි ඌව තමයි ඊයෙ ආසි මරල ගෙයින් පල්ලෙහාට දැම්මෙ..මොකද ඒ මිනිහ නිතර ප්‍රියාට කරදර කරනව කියල ආසිගෙ කනට ගිහින් තිබ්බ නිසා... එතකොට ඔය කොල්ල තමයි ශිවන් ඌ ප්‍රියාගෙ යාලුවෙක්.. මේ ලගකදි ඉදල මූ ගෙට බඩ ගාන්න අරන් තිබ්බ කෙල්ල තනියම ඉන්න නිසා.. අද ඒ කෙල්ලව රේප් කරන්න ගිහින් තමයි ඔය ආසිගෙ කොල්ලො ටිකට කියල මැරුම් කෑවෙ..

කඩවුලේ එතකොට ආසි ගැන මම හිතන් හිටපුව වැරදිද..? ආසි මෙච්චර කාලයක් මැරුවෙ නරක මිනිස්සුන්වද..? එයා එතකොට අර පාර මැද මරල දැම්මෙ මොකාවද..? දැන් මේ කොල්ල කියන විදිහට ආසි හොද මනුස්සයෙක්ද..? ඒත් එයා මැරයෙක්නෙ..මම එයාට නමකුත් දැම්මනෙ "" විල්ලන් "" කියල..

ආසි නරක කෙනෙක් නෙමෙයිද එතකොට...

මම එහෙම අහද්දි නම් අර කොල්ල හිනා වෙලා බිම බලාගත්ත..

ආසි හොදයි හැබැයි වෙලාවට නරක වෙන්නත් එයා දන්නව..

පුහ් මෙච්චර දේවල් දන්න මෙයා කවුද දන් නෑ ආසිගෙ.. ඇයි යකෝ කින්ඩියට හිනා වෙවී මම අහන ඒවට උත්තර දුන්න කැත විතරක්..

හ්ම්..එතකොට ඔයා කවුද කියල කිව්වෙ නෑනෙ..

මම ආර්යා..

                  ( ආර්යා - වයස 30 )

එයා ඇස් හීනි කරගෙන හිනා වෙලා එහෙම කියද්දි..එවෙලෙම ඒ කොල්ලගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තම අපේ ගෙදර අය ඔක්කොම ටිකක් ඉස්සිල බැලුවෙ එයා අතට ගත්ත ෆෝන් අක්‍රීන් එකේ තිබ්බ නම මොකද්ද කියල..

📲 "" ආසි අන්නා 🌏 ""






>>>>>>>>

එන්න එපා ආසි අපේ සූට ඇස් ගහගෙන...😒

2023.08.26
S.M.බඩී✍️

Continue Reading

You'll Also Like

131K 28.8K 76
හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙ...
5.5K 1K 7
ආදරේ තියෙන්නෙ කොතනද?? කවුරුහරි ඒක දන්නවද??? ආදරේ කරන්න පටන් ගන්නෙ කවදද?? කීයටද?? ඒකත් කවුරුහරි දන්නවද?? ඒක පාර්ශවිකව ආදරේ කරන එක ... මෝඩකමක්ද?? සමහර...
14.3K 2.7K 20
..මං සදහටම වහලා දාපු යකඩ දොරට හේත්තු වෙලා හිස් බැල්මෙන් මිනී ගඳ ගහන කාමරේ අන්දකාරේ දිහා බලන් හිටියා.. ..ඔව්..හරියටම දවස් දහ අටකට පස්සේ අනිත් අය වගේම...
44.2K 6.5K 47
මොන බාධක මත වුනත් මම ඔයාව පරිස්සමෙන් බලාගන්නවා.. හීරීමක්වත් වෙන්න දෙන්නේ නෑ.. 😍 ඔයා හැමෝටම කිංග් වුනත් මට ඔයා මගේ බෝ බෝ විතරමයි..💚❤️