ආසි 💣 ( ✔️ )

By Kim_niru_55

56.7K 11.5K 1.8K

අපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️ More

01 කොටස ✴️
02 කොටස ✴️
04 කොටස ✴️
05 කොටස ✴️
06 කොටස✴️
A/N
07 කොටස✴️
08 කොටස✴️
09 කොටස✴️
10 කොටස✴️
11 කොටස✴️
12 කොටස✴️
13 කොටස✴️
14 කොටස✴️
15 කොටස ✴️
16 කොටස ✴️
17 කොටස ✴️
18 කොටස ✴️
19 කොටස ✴️
20 කොටස ✴️
21 කොටස ✴️
22 කොටස ✴️
23 කොටස ✴️
24 කොටස ✴️
25 කොටස ✴️
26 කොටස ✴️
27 කොටස ✴️
28 කොටස ✴️
29 කොටස ✴️
30 කොටස ✴️
31 කොටස ✴️
32 කොටස ✴️
33 කොටස ✴️
34 කොටස ✴️
35 කොටස ✴️

03 කොටස ✴️

1.7K 351 72
By Kim_niru_55


අනුන්ගෙ සබන් අරගෙන නාන එක හරි නෑනේද...?

කඩවුලේ විලෙ ලැජ්ජාවයි කිව්වලු.. ගෙදරින් සබන් කැටේ ගේන්න තිබ්බ කම්මැලි කමට මම ටැප් එක ලග තිබ්බ සබන් කැටේ යූස් කරේ හිතන්නෙ බලන්නෙ නැතුව.. අන්තිමට මේ මිනිහ මන් ලගට ඇවිත් මගේ අතේ තිබ්බ සබන් කැටේ අරගෙන කියපු දේට මෙච්චර වෙලා මම ඇදන් හිටපු කලිසම බිමට ඇදල දැම්ම වගේ හැඟීමක් දැනුනෙ..

තමුන්...

අනුන්ගෙ පෞද්ගලික දේවල් ඔහොම හොරෙන්ම ගන්න තමුන්ට ලැජ්ජවක් නැද්ද ඇත්තටම..

මෙච්චර වෙලා වතුර මල යට හිටපු මම ශවර් එක වහල දාල කට හදාගෙන ලෑස්ති උනේ එයාට දෙකක් කියන්න කියල...ඒත්.........

ආසි...

අහ්..

කෝල් එකක්..

හ්ම්..

මෙච්චර වෙලා එතකොට මම මේ කෑ ගහල තියෙන්නෙ මේ ඒරියා එක බාරව ඉන්න පාතාලෙ ආසිටද.. කඩවුලේ සූර් උබ තව පොඩ්ඩෙන් කට වරද්දගෙන මුලු පවුලත් නැති කරන් උබවත් මේ මහ පොළොවට පස් කරගන්නවනෙ..

කළු දඩාර පිරිමියෙක් ඇවිත් ආසි කියන මනුස්සයගෙ අතට ගඩොල් බෑවක් වගේ සයිස් ෆෝන් එක දෙද්දි.. එයා ඒක කනේ ගහ ගත්තෙත් මන් දිහා බලාගෙන.

ඌව ඉවරයක් කරාද..?

...........................

හරි...උගෙ ඔලුව එතනම වළල දාල වරෙන්..

ඒක නම් එයා කිව්වෙ මගෙ ඇස් දිහා බලාගෙන.. එතකොටම වගේ මගෙ අත් දෙක බෙල්ලට යද්දි...එයා කට කොනින් හිනා වේගෙන අඩි දහයක් විතර ඈතට ගියෙ ෆෝන් එක කනේ ගහගෙනමයි..

සූර් තවත් මෙතන ඉන්නෙ නැතුව දුවපන් පුතේ.. නැත්තම් ඉතින් මේ රැවුල් වලා උබෙ බෙල්ලත් ගලෝල ශවර් එකේ එල්ලලා ප්‍රදර්ශනය කරයි..

එයා පස්ස හරවන් හිටපු නිසාම මම වතුර බේරි බේරිම ගේ දිහාට දිව්වෙ ආයෙ හැරිල බලන්නෙවත් නැතිව..

කොහෙ බලන්ද ළමයො යන්නෙ..

පාට්ටිනෙ උඩ බලාගෙන ආවෙ..

ආපු වේගෙට මාව ගිහින් පාට්ටිගෙ ඇගේ වදිද්දි.. තව පොඩ්ඩෙන් ඒ මනුස්සය වැටිල මෙතන උදේ පාන්දරම අවමගුලක් තමා වෙන්නෙ..

මොකද මේ වතුරත් බේරගෙන..

අහ් මට ටවල් එක ගෙනියන්න බැරි උනානෙ..

ඔය කරේ තියෙන්නෙ එතකොට අහවල් එකද කොල්ලො..

අහ්...හී....හී...

අනේ මන්ද මේ දැන් කාලෙ හැදෙන ළමයි නම්...

පාට්ටි ඔලුවෙත් අත ගහගෙන කුස්සියට යද්දි.. මම අම්ම දකින්න කලින් කාමරේට රිංග ගත්ත.. ඉක්මනට ඇග පිහිදගෙන ඇඳුමක් දාගෙන ගෙදර ඔක්කොමල එක්ක දෙවියන් වදින්න එකතු උනාට මගෙ හිත තිබ්බෙ නම් මන් ලග නෙමෙයි..මොකද කොයි වෙලාවෙ කඩුවක් අමෝරාගෙන රැවුල් වලා ගෙට එයිද කියන පුංචි බයකින් මම හිටියෙ..

ඉතින් අදත් වෙනද වගේම ගෙදර අය එයාලගෙ වැඩ වල බිසී වෙද්දි..මමත් මගෙ කාමරේට වෙලා සිංදු අහ අහ හිටිය..ටිකක් පරන ලකඩම් ෆෝන් එකෙන් මට විතරක් ඇහෙන්න priyamanavale Movie එකේ Enakkoru Snehidhi Song එක හරි ආසාවෙන් අහන් හිටිය..

( පෞද්ගලිකව මාත් ගොඩක් ආස කරන සිංදුවක් මේක....😌)

හිතට අමුතු හැඟීම් ගොඩක් එකතු කරන හරි අර්තවත් ගීතයක් වෙන Enakkoru Snehidhi song එකට මම සම වැදිල ඉද්දි..ඇත්තටම මට හිතට දැනුනු එක දෙයක් තිබ්බ.. මටත් ආදරේ කරන්න කෙනෙක් හිටිය නම් කියල..

ගස් බදාගෙන මල් වතු වල දුව දුව සිංදු කියන්න මට ඕන නෑ.. ඒත් මමත් ආසයි ආදරේ කරන කෙනාට තුරුල් වෙලා එයාට මගේ හිතේ තියන ආදරේ සිංදුවකින් කියන්න..එහෙම ලස්සන කාලයක් මට තියේවිද..?

මන් වගේ දෙකයි පනහෙ කොල්ලෙක්ට කෙල්ලො කැමති වෙන් නෑ.. ඒක මම දන්න නිසාමයි කෙල්ලෙක් දිහා බලන්නෙවත් නැත්තෙ..මොකද මම හිතාගෙන ඉන්නව එක දෙයක්.. මම බඳින කෙනාට දුකක් නොදී සැප සම්පත් උපරිම දීල බලාගන්නව කියන එක.. එතකන් මගෙ ලස්සන රූපෙන් කෙල්ලො අද්දගෙන ඒ හම්බවෙන කෙල්ලටත් දුකක් දෙන්න මම ආස නෑ..

ඇයි දන්නවද මම මෙහෙම හිතන්නෙ.. මොකද මගෙ අම්මගෙයි අප්පගෙයි පවුල් ජීවිතේ දැක්කම ඇත්තටම මට හිතුන මම හොද රස්සාවක් කරල ඉන්න ඕන කියල මුලින්ම.. මගෙ අම්මට අප්ප දෙන දුක් කන්දරාව දිහා බැලුවම මට හිතුන මම බඳින කෙනාට නූල් පොටක අඩු පාඩුවක් නොකර මලක් වගේ රැක ගන්නවා කියල..

ඉතින් මට සිද්ද වෙනවා ස්ථාවර වෙන්න.. මට මගේ පැත්ත ශක්තිමත්ව හදා ගන්න සිද්ද වෙනවා අනාගතේ සතුටින් ඉන්න නම්.. ඒකට මට ගොඩක් මහන්සි වෙන්න සිද්ද වෙනවා.. ඉතින් ඒ වෙනකන් තරුණ කොල්ලෙක් උන මගේ හැඟීම් මේ විදිහට තනියම කාමරේ ඉදන් විද දරා ගන්න සිද්ද වෙනව මාව සතුටු කරන්න කෙනෙක් ජීවිතේට එනකන්..

අම්මා..........

සාලෙන් ඇහුන තම්බිගෙ හඬට මෙච්චර වෙලා සිංදුවක් රස වින්ද මම බය වෙලා කාමරෙන් එලියට දුවල යද්දි.. බිම ඉදන් පපුව අල්ලගෙන ඉන්න අම්ම ලගින් ඉදගෙන තම්බි කලබල වෙලා ඉන්නව දැක්කම මාත් එයාල දෙන්න ලගට දුවල ගියෙ අම්මට අමාරුද කියල බලන්න..

ඇයි අම්ම...පපුව රිදෙනවද..?

මම එහෙම ඇහුවෙ අම්මගෙ පපුව උඩ ඉදන් පහලට අත ගාන ගමන්..

දැන් හරි සූ..බය වෙන්න එපා..

අම්ම එහෙම කිව්වත් මම වගේම තම්බිත් හිටියෙ හොදටම බය වෙලා.. මොකද අම්ම කියන්නෙ අපි දෙන්නගෙම පන ටික.. එයා නැති උනොත් අපි දෙන්නට පිස්සු හැදෙයි..අපේ හයිය අම්ම වෙද්දි අපි කොහොමද එයා නැති දවසක් ගැන හිතන්නෙවත්..

අම්ම හොදින්නෙ දරුවනේ.. බය නොවී ඉන්නකො..

පාට්ටි එහෙම කියල පඩියකින් ඉද ගනිද්දි.. අම්ම අපි දෙන්නටම හිනාවක් දීල අමාරුවෙන් නැගිටල කුස්සියට ගියා..අම්මට තව මාසයක් ඉවසන්න වෙනවා...මොකද ඊට පස්සෙ අම්මගෙ ඔපරේෂන් එක..එතකන් මගෙ අම්මට මේ එන පුංචි පුංචි අපහසුතා දරා ගන්න වෙනවා.. හැබැයි අපි දෙන්නට අම්මව ගොඩක් පරිස්සම් කරගන්න වෙනවා හැමදේකින්ම..

මොකද අප්ප එක්ක අම්ම හැප්පෙන්න ගිහින් මට බයයි එයාට මොනා හරි අනතුරක් වෙයි කියල අප්පගෙ අතින්.. එහෙම උනොත් නම් අහින්සක සූර් වෙනුවට එදාට මිනීමරු සූර් කෙනෙක් බලා ගන්න පුලුවන් වෙයි හැමෝටම..

අන්නා...

හ්ම්...

මම බැලුවෙ ජොබ් එකක් හොයා ගන්න කියල..

පිස්සුද.. ඔයා තවම පොඩි වැඩී අමිත්..

ඒත් අන්නා..

ඔයා නෙමෙයි මමයි ජොබ් එකක් කරල අම්මට බරක් නොවී ජීවත් වෙන්න ඕන තම්බි..

මම නිකමෙක් වගේ ගෙදර ඉද්දි මට බෑ තම්බිව මරවල හම්බ කරගෙන කන්න.. ඉතින් මම මොනාම හරි රස්සාවක් හොයාගෙන අම්මට සපෝට් එකක් දෙන්න ඕන ගෙදර වේදමට.. මොකද අප්ප හම්බ කරන දෙයිනුත් අඩකින්ම බීගෙන පිස්සු නටද්දි.. අම්මගෙ අතට ලැබෙන්නෙ සොච්ව්මක්..ඉතින් අම්ම කොහොමද බඩවල් හතරකට කන්න දෙන්නෙ ඒ සොච්චම් පඩියෙන්..

මොන දහන් ගැටේ දාල හරි ඉක්මනට ජොබ් එකක් සෙට් කරගන්න ඕන නැත්තම් තම්බි මට කලින් ඉස්සර උනොත් මේ මටයි පව් පිරෙන්නෙ හැමදේකටම...

අම්ම පව් නේද අන්නා..

හ්ම් මොනා කරන්නද ඉතින්.. මේ හැමදේම වෙන්න තිබ්බ දේවල්නෙ අමිත්..

හ්ම්..

හැම ප්‍රශ්නයක්ම ඉවර වෙන දවසක් එයි...එතකන් අපි ඉවසමු..

එහෙම කියපු මම තම්බිගෙ ඔලුව අත ගෑව..අපි හැම කෙනෙක්ම හිත හදාගන්නෙ අන්‍තිමට ඔහොම හිතාගෙන..ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා හැමෝ අතරම..

අමිත් යමුද අර කුණු ටික විසි කරල එන්න..

හා යමු...

මෙච්චර වෙලා කයිය ගැහුව මිසක් ගොඩ ගැහිල තියන කුණු ටික විසේ කරේ නෑ කියල මතක් උනේ දැන්..ඉතින් තම්බි එක්කලම මම කුණු බෑග් හතර අරගෙන එලියට බැස්සෙ හැමෝම කුණු විසි කරන කුණු කන්ද ගාවට ටික දුරක් පයින් යන්න තියනව නේද කියල හිත හිත..

අඩේ.....තම්බි...

අපෙ පිටි පස්සෙන් කෑ ගගහ දුවන් එන්නෙ කවුද කියල බලන්න මම පිටි පස්ස හැරිල බලද්දි.. දැක්කෙ අර ආසි පාසිගෙ කොණ්ඩ කුරුල්ලෙක් කියල..

ඇයි මොකද...?

ආසි ලොක්ක කතා කරනව...

මේ මට...

ඔව්...

මම තම්බි දිහා අසරණව බලද්දි..එයා බයෙන් වගේ මන් දිහාත් අර ඇවිත් ඉන්න එකා දිහාත් මාරුවෙන් මාරුවට බලන්න ගත්ත..

ඉක්මනට එන්න.. නැත්තම් ලොක්කට කේන්ති යයි..

හ්ම් යමු...

මගෙ අතේ තිබ්බ කුණු බෑග් දෙක තම්බිට දීල මම අර හාදය පස්සෙන්ම යද්දිත් සැරෙන් සැරේ හැරි හැරි බැලුවෙ තම්බි දිහා..ඒ අතර මම දැක්ක වට පිටාවෙ හිටපු මිනිස්සු එහෙමත් මන් දිහා බලනවා..

ඇතුලට යන්න..

ලෑලි ගෙදර දොර ගාව ඒ කොණ්ඩ හාදය නවතිද්දි.. මම බයෙන් බයෙන් ගෙට ඇතුල් උනේ ආසි හැංගිල ඉදල මගෙ බෙල්ලට පොරව පාරක්වත් දෙයිදෝ කියන විකාර දේවල් ගොඩක් හිත හිතමයි..

මාවද හොයන්නෙ..

                   ( ආසි - වයස 33 )

ජනේලෙ ලග හිටගෙන මන් දිහා හිනා පොදක් නැතුව බලාන ඉන්න හැටි විතරක්.. මම අහන්නෙ පොඩ්ඩක් මනුස්සයෙක් හිනා උනා කියල ඇගේ කෑල්ලක් අඩුවෙනව කියලද...රවාගෙන ඉන්න විදියට නම් බලන්නත් බයයි මේ මනුස්සයගෙ මූණ දිහා..අම්ම අප්ප මෙයාට හිනා වෙන්න කියල දීල නෑ මම හිතන්නෙ.. නැත්තම් හිනා වෙනව කියන එකවත් දන් නෑ මේ මිනිහ..මම මගෙ ඇස් හෙමීට එයාගෙ ඇග පුරාම ගෙනියන්න ගත්තෙ කිසිම කලබලයක් නැතුව..

ඒ එයාගෙ ලස්සනකට නම් නෙමෙයි.. එයා නම් ලස්සන නෑ ඒක තමයි ඇත්ත කතාව.. අලි රැවුලක් වවාගෙන පිස්සන් කොටුවෙන් දැන් පැනල ආව වගේ ලුක් එකක් තියෙද්දි.. කොහෙද අනෙ එයාගෙ ලස්සනක්.. මම මේ බැලුවෙ එයා ඇදන් ඉන්න ජැකට් එකට..මොකද මම ආසයි ජැකට් අදින්න.

මොකටද මට කතා කරේ...

මම කිසිම බයක් සැකක් නැතුව නෙමේ ඇග ඇතුලෙන් මී මැස් මොරේ හැදිල වගේ ගැහිලත් මම පිටතින් ඇග තද කරන් නලල රැලි කරගෙන එයාට ටිකක් කේන්තියෙන් කතා කරද්දි.. එයා කලිසම් සාක්කු දෙකට අත් දෙක ඔබාගෙන මන් ලගට ටික ටික ලන් වෙන්න ගත්ත..

කතා කරේ.. මට අලුත් සබන් කැටයක් අරන් දීපන් කියන්න...

මම මොකටද ඔයාට සබන් අරන් දෙන්නෙ ආ..

ඇයි උබ නෙමේද මගෙ සබන් කැටේ ඇගේ උලා ගත්තෙ..

ම...මම..තමයි..ඒ වැරදිලනෙ ඉතින්..

වැරදිලා...

එහෙම කියපු එයා ඉනේ ගහන් හිටපු පිහියක් අතට අරගෙන මගෙ මූණෙ ගෑවි නොගෑවී වගේ හිට ගද්දි නම් මගෙ ඇගේ ලේ වතුර වෙලා ගියා..


>>>>>>>>>>>>

සූර් කන්න වගේ හදන්නෙ..😂

2023.08.22
S.M.බඩී✍️

Continue Reading

You'll Also Like

86.9K 11.5K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
11.1K 1.8K 24
අහිමි වූ සිතක් යලි හමුවෙන තුරු පෙරුම් පුරන පෙම්වතෙක්...💚 අහිමි වූ ආදරයේ මතක අමතක කරන්න උත්සහා කරන තවත් පෙම්වතෙක් ❤️ මේ ඔවුන්ගේ කතාව...💚❤️
3K 536 17
ආදරේ වෙනුවෙන් වෙන්වීමක්.... ඉතින් දරාගත හැකි වේවිද.... දරාගැනීමද ආදරයක් නම්.... ඉතින් කුමක් සිදු වේවිද....
62.2K 8.4K 33
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...