𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)

By Dul_Shi

51K 8.1K 3.3K

ඩැඩී ... ඩැඩී ...??? ජස්ට් ෆලෝ මී ... ආෂ් මොන කරදරයක්ද මේක ... ______________________________________________... More

INTRO
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
👀
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34

Chapter 29

652 138 51
By Dul_Shi

හිරු එළිය ජනෙල් තිර රෙදි අතරින් කාමරය ඇතුළ එබිකම් කරද්දි ජන්කුක්ගේ ඇස් ගැස්සෙන්න ගත්තා.එයාගේ තුරුලෙන් එහාට ගිහිල්ලා හිටපු ටේහ්‍යුන්ග්ව ආපහු තුරුලට ගන්න අත දික් කරත් මුකුත්ම එයාට අහුවුනේ නැති නිසා ජන්කුක් ඇස් දෙක ඇරියේ දෙලෝ රත්වෙලා.

"ටේ......"

විනාඩියක් ගල් ගැහිලා වගේ හිටපු ජන්කුක්ගේ කටහඬ මුලු මැන්ශන් එකේම පැතිරිලා යන්න වැඩිවෙලාවක් ගියේ නෑ.

"ටේටේ!!!!!!!..................."



ඒ මැන්ශන් එකේම තවත් කාමරේක එකට ඇලිලා ගුලිවෙලා නිදාගෙන හිටපු ඩබලගෙන් එක්කෙනෙක් නින්දෙන්ම කෙඳිරුවේ ජන්කුක්ගේ කටහඬ ඇහිලා.

"අන්න....."

"ම්ම්ම්......"

"අද ඔයා...."

"අන්තිම පාරටත් මම තමයි ගියේ...."

"අනේ අදත් යනවකෝ...."

"නිදිමතයි...තාම ඉර පායලවත් නෑ..."

"ඇස් දෙක කටේ දාගෙනද ඉන්නේ?......."

"ම්ම්ම්....පායලනේ...."

"මට නිදිමතයි...."

"මටත්....."

"යනවකෝ හලෝ...බොස් ඇහැරුණොත් ඊට වඩා එකක්...."

"ආශ්...මොන වදයක්ද?....."

කම්මැලිකමෙන්ම නැගිට්ට මාර්ක් හොඳ ඈනුමක් ඇරලා ඇස් දෙකත් පොඩි කරලා වටපිටාව බැලුවා.ලස්සන කාමරයක් ඇතුළේ එයාලා එයාලගෙම ලෝකයක ඉන්නවා.හැබැයි ඇඳ දිහා බලපු මාර්ක්ට අත පය හිරි අරින එක නැවැතුනේ ඉබේටම වගේ.

තොල් දෙකත් නොපිට පෙරලගෙන ඇස් දෙකේ කඳුලුත් පුරවගෙන හිටියේ වෙන කවුරුත් නෙවෙයි.එරික්.

"එරික්?....."

"දැන් මම වදයක් නේද?....කලින් කිව්වා නම් වදයක් නොවී යනවනේ..."

"බ...බබා...මම වදයක් කිව්වේ ඔයාට නෙවෙයි...."

"යනවා...."

එරික් ළගට එන්න හදපු මාර්ක්ගේ අත ගස්සලා දාපු එරික් ඇදෙන් පැනලා දොර කැඩෙන සයිස් එකෙන් වහගෙන ගිහිල්ලා කාමරෙන් එළියට ගියා.



වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා මුලු මැන්ශන් එකේම එකම කාලගෝට්ටියක් හැදුනේ ටේටේව හොයන උදෑසන තවත් මෙහෙයුමක් ආරම්භ වෙද්දි.

"ටේටේ.....අදත් ඔයා හැංගි මුත්තම් කරන්න ගත්තද?...."

"ටේ බබෝ......ටේටේ!!!....."

"ටේටේ.....අද කොහෙද අතුරුදහන් වුනේ?....අනේ මැණික ඔයා ඔහොම සෙල්ලම් කරන්න හොඳ නෑ....."

"දරුවෝ!!!...අනේ මේ ළමයව ගැට ගහලා තියන්න ඕනේ...."

මැන්ශන් එකේ හිටපු ජන්කුක්,එරික්,මාර්ක් වගේම ටේහ්‍යුන්ගේ ඔම්මත් ප්‍රෙශර් නග්ගගෙන කෑ ගහන සද්දෙ ඇහුන යුන්ගි නින්දෙන්ම අතට අහුවුන කොට්ටේ කනට තද කරගෙන ආපහු නිදාගත්තා. තමන්ගේ ලවර් එක්ක ඉන්න ලස්සන දවසක් ගැන ලස්සන හීනයක් දැක දැක හිටපු යුන්ගිට ටිකෙන් ටික එයාගේ බෙල්ල හරියෙන් තෙත් ගතියක් දැනෙද්දි යුන්ගි හීනේ ඇතුළෙ ඉදන්ම හිනාවුනා.

"ඒහ්? එපා....අහ්...මම එක සැරයක් කිව්වා....ඕක නවත්තනවා....."

ඊටපස්සෙ ටික ටික ඒ තෙත ගතිය නිකට හරියට ඇවිල්ලා තොල්වලටත් ඒ තෙත් ගතිය දැනෙද්දි යුන්ගිට හීනේ ඇතුළේ ඉදන්ම ලාවට හිනාවක් ගියා.

"ඔයා දන්නවා ඔය අවුස්සන්න වැඩේට මම කැමති නෑ කියලා...."

රෙබෙට්.... රෙබෙට්.....

"ආහ්?....ඒ කවුද?....."

රෙබෙට්....රෙබෙට්.....

නිකමට වගේ ඇස් ඇරපු යුන්ගිට උදේ තරු පෙනුනේ උදේ පාන්දර ගුඩ්මෝනින් කියන්න වෙන කවුරුත් නෙවෙයි තඩි ගෙම්බෙක් එයාගේ මූණ උඩ ඉන්නවා දැකලා.

"අම්බෝ....ඔම්මා!!!!...."

කැරකිලා ගියපු පාර ඇද පල්ලටම වැටුණ යුන්ගි දණ ගහගෙනම තව ටිකක් එහාට යද්දි බාගෙට ඇරලා තිබුන කාමරේ දොර ඇරගෙන තවත් කෙනෙක් ඇතුළට දුවගෙන ආවා.

"තුතූ...අලේ ඔයා මේද හිටියේ....මන් ස්තෝ ලූම් එකෙත් හෙව්වා...."

"අහ්ම්...අහ්ම්...බ්වෑක්...."

යුන්ගිට නිකන් හාටටැක් වගේ.මෙච්චර වෙලා තෙතට දැනිලා තියෙන්නේ මොකුත් නෙවෙයි ගෙම්බෙක් කියලා තේරුන පාර සිහිය මොන තරම් නැතිවුනාද කියනවා නම් තමන්ගෙම කාමරේ වොශ්රූම් එකක් තියෙනවා කියලත් අමතක වෙලා යුන්ගි එළියටම දුවගෙන ගියේ වොශ්රූම් එකක් හොයාගෙන.

"අලේ...ටුටූ...ඔයා ටේටේ එක්ක තලාද?.... අලේ ටේටේ ළගට එල්ලකෝ... ටේටේ නෙවෙයිලේ උයාව හිල කලේ.... අල මෝද ඩැඩීනේ....ඩැඩී ආපවු ඒම කලන්න ආවොත් ටේටේ ඩැඩීගේ ඔලුව පලලා පොල් හිතෝනෝ....පොමිස්...කෝ එල්ලකෝ ටේටේ ළගත...."

කලබල සද්දෙ ඇහිලා කාමරේට දුවගෙන ආවේ ජන්කුක්.ටේටේ ඇඳ යටටත් රින්ගන්න හදනවා දැක්ක ජන්කුක් දුවගෙන ඇවිල්ලා ටේටේගෙ අත් දෙක යටින් අත් දාලා නැගිට්ටෙව්වා.

"ටේටේව අතාලින්න....ආහ්හ්හ්හ්......"

"දඟලන්නැතුව ඉන්නවා මොට්ට කොටි පැටියා.... දන්නවද ඩැඩී කොච්චර බයවුනාද කියලා...."

"අල්ල...අල්ල....ටුටූ පලිනවා...."

ජන්කුක්ගේ අත්වලින් දඟලලා දඟලලා බේරුන ටේටේ එකපාරටම ඇද උඩට පැන්නේ ජන්කුක්ට දෙලෝ රත්වෙද්දි.

"ටේටේ!!!!!......"

ටිකක් සැරෙන් කතා කරද්දි ටේටේව ගැස්සිලා ගියා.ඒ වෙලේම වගේ එරික් වගේම මාර්ක්නුත් කාමරේට දුවගෙන ආවා.

"අම්මෝ....ඇති යන්තම් මෙතන ඉන්නවා....මන් හිතුවේ අදත් ගෙම්බෙක් හොයන්න සිවිලිමේත් ඇවිදලා කියලා...."

එරික් හති අරින ගමන් කියන වෙලේ ටේටේ හිටියේ ඇස්වල කඳුලු පුරවගෙන ජන්කුක් දිහා බලාගෙන.වෙන දවස්වල සෙල්ලම් කරද්දි හිනාවෙන ඩැඩී දැන් මොකක් කරත් බනින නිසා ටේටේ හිටියේ හිත රිද්දගෙන.

"එරික්...මාර්ක්...මෙන්න මේ ගෙම්බව අල්ලලා මොහොකට හරි දාන්න කොහෙවත් යන්න බැරි වෙන්න...."

"පුංචි බේබි ඊයේ සිවිලිමෙත් ගියපු නිසා අපි ඊයෙම ගෙම්බව බෝල් එකකට දැම්මා...."

ඒ වෙලාවේ ජන්කුක්ගේ ඇහිබැමක් ඉස්සෙද්දි හෙමිහිට බැලුවේ බිම බලාගෙන හෙමිහිට ඇස් උඩින් හොරෙන් තමන් දිහා බලන ටේටේ දිහා.

"ටේටේ....ඔයාද එයාව එළියට ගත්තේ...."

එකපාරටම ටේටේ ඔලුව උස්සලා ජන්කුක් දිහා බැලුවා.

"ඔව්...ටේටේ තමා...ඇයි ගහල්ලද?....ටුටූ ටේටේගෙ යාලුවා...එයාව හැමවෙලේම ඒම හිලකල්ලා තියල්ල බෑ....."

"ඒ වුනාට නිදහස් කරාට එයාව ලේසියෙන් අල්ලගන්න ඔයාටත් බෑ කියලා ඔයා හොඳටම දන්නවා නේද? ම්ම්ම්....."

"ඩැඩී දැන් නපුලුයි ගොඩක්....එල්ල එපා ටේටේ ගාවත......"

ඔරවන ගමන් ගස්සලා පිටිපස්ස හැරුණ ටේටේ ජනේලේ ළගට ගිහින් එළිය බලාගෙන හිටියා.

ජන්කුක්ට ටේටේගේ ඒ හැසිරීමට ඇත්තටම දුක හිතුනා.තමන් ටේටේගේ වගේම ටේහ්‍යුන්ගේ ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා කියලා ජන්කුක් දැනගෙන හිටියා.ඒත් ටේටේගේ ඒ හැසිරීමෙන් ජන්කුක්ට හිතුනේ තමන් ටේටේගේ නිදහස් නැති කරලා දාන්න තරම් ඕනාවට වඩා සැලකිලිමත් වෙලාද කියලා.

ඒ අතරේ එරික් මාර්ක් කාමරේ එහෙට මෙහෙට පනින්න ගත්ත ටුටූව අල්ලන්න ගත්තා.

"අන්න ඇඳ යටට රින්ගුවා...."

"මේ පොඩි එකා ඒකව එළියට ගන්න සැරයක් ගානේ අපි අල්ලන්න එපැයි...රෙද්ද...."

"කෑ ගහන්න එපා...මෙන්න මේ ගෙම්බව අල්ලගෙන මෙතනින් යමු...."

"ටුටූ...කම් හියර් බඩ්ඩක් දෙන්න....."


හෙමිහිට ටේටේ ළගට ඇවිදගෙන ගිය ජන්කුක් ටේටේව බැක් හග් කරත් ටේටේ නම් හැරිලවත් බලන්න හිතුවේ නෑ.

"ඩැඩී නරක ටේටේට සෙල්ලම් කරන්න දෙන්නේ නැති නිසා නේද?...."

ටේටේ ජනේලෙන් එළිය බලාගෙනම ඔලුව වැනුවා.

"තව ඉස්සෙල්ලා වගේ දුවන්න පනින්න දෙන්නේ නැති නිසා නේද?...."

ටේටේ ආපහු ඔලුව වැනුවා.

"ම්ම්ම්.....තව හැමවෙලේම ඒක කරන්න එපා මේක කරන්න එපා කියලා කෑ ගහන නිසා නේද?....."

ටේටේ ඉස්සෙල්ලටත් වඩා හොඳටම ඔලුව වැනුවා.

"අහන්නකෝ...."

එහෙම කිව්ව ජන්කුක් ටේටේව තමන්ගේ පැත්ත හරවගනිද්දි ටේටේ තොල් දෙකත් ඇඹුල් කරගෙන බිම බලාගෙන හිටියා.

"මොකද ඔයා දැන් ඉන්නේ තනියම නෙවෙයි....තව කෙනෙක් එක්ක..."

ටේටේ ඇහිබැමත් අකුලගෙන ජන්කුක් දිහා බැලුවා.

"තා කෙනෙක්?....."

ටේටේ පුදුමයෙන් වගේ අහද්දි ජන්කුක් ලාවට හිනාවුනා.ටේටේට ඒ දේවල් පැහැදිලි කරන එක ලේසි නැතිවුනත් හේතුවක් නොකියා ටේටේට නීති දාන එක ටේටේට කොහොමත් හිත රිදෙන වැඩක් කියලා ජන්කුක්ට තේරුනා.

"මෙන්න මෙතන...."

එහෙම කිව්ව ජන්කුක් ටේටේගේ පුංචි බඩට ඇගිල්ලෙන් එකක් ඇනලා පෙන්නද්දි ටේටේ තමන්ගේ බඩ දිහා බැලුවා.

"මේ චූටි බණ්ඩිය ඇතුලේ ඔයා වගේම දඟ චූටි පැටියෙක් ගුලිවෙලා හැංගිලා ඉන්නවා..."

"ඒකද මදෙ බන්දිය චුත්තක් ලොකු වෙලා තීන්නේ?...."

ටේටේ අත් දෙකෙන්ම තමන්ගේ බඩ අල්ලගෙන කියද්දි ජන්කුක්ට ලාවට හිනාවක් ගියා.

"ඔව්...ඔයා ඕනාවට වඩා දඟලන්න ගියොත් ඒ පැටියට රිදෙනවනේ..."

ටේටේ තේරුනා කියන්න වගේ ඔලුව වනලා ආපහු බඩ දිහා බැලුවා.

"ඒත් එයා කොහොමද මදෙ බන්දිය ඇතුළත ආවේ?....."

ජන්කුක් සුසුමක් හෙලුවා.ටේටේගේ ප්‍රශ්න පත්තරේට උත්තර දෙන්න ලෑස්ති වෙන්න ඕනේ කියලා එයාට තේරුනා.

"ඒක....ම්ම්ම්...."

"කපුටෙක් රෝස කැලෙන් අරගෙන ඇවිල්ලා රෑට බන්ඩිය ඇතුළට දාලා ගියාලු....."

ජන්කුක් වගේම ටේටේත් කාමරේ දොරකඩ දිහා බැලුවා.හිනාවෙවී එයාලා ළගට ආපු ටේටේගේ ඔම්මා කියද්දි ජන්කුක් සුසුමක් හෙලුවා.

"ඉතින් එයා පරිස්සමින් ඉන්න එපැයි ඔයාලා ළගට එන්න....ඒකයි ඔයා ඔහොම දඟ කරන්න හොඳ නැත්තේ...."

"පැතියා ආවම ටේටේට සෙල්ලම් කලන්න පුලාම්ද පැතියා එක්ක ඔම්මා?....."

"ඔව් ආවට පස්සේ ගොඩක් පුලුවන්....ඒ නිසා දැන් එයාව පරිස්සම් කරන්න ඕනේ තේරුනාද?...."

ඔම්මා හරි ලස්සනට හිනාවෙලා ටේටේගේ ඔලුව අතගාද්දි ජන්කුක් මුකුත්ම නොකියා හරි ආසාවෙන් එයාලා දිහා බලාගෙන හිටියා.

හැමෝම හිටියේ යුන්ගිගේ මැන්ශන් එකේ.එයාලට ආරක්ෂා වෙලා ඉන්න තිබුන එකම තැන ඒක.මිස්ටර් කිම් නොදන්න තැනකට තිබුනේ යුන්ගි ඉන්න තැන.අනික මැන්ශන් එක තිබුනේ සෝල්වලට ගොඩක් දුරින් නොදන්න කෙනෙක් ඒ තැන ගැන දැනගන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි.ඒ වුනත් මිස්ටර් කිම්ගේ නිහඬබවත් එයාලට ලොකු ප්‍රශ්නයක් වුනා.මොනවාවුනත් වෙඩින් එක කඩාකප්පල් වුන විදිහත් එක්ක මිස්ටර් කිම්ටත් කැලලක් වුනා කියලා ඒ දවස්වල ගියපු නිවුස්වලින්ම තේරුනා.ඒ නිසා එයාලත් හිටියේ ඕනම දේකට සූදානම් වෙලා.ටේහ්‍යුන්ගේ ට්‍රීට්මන්ට් තාම ඉවර නැති නිසා එයාව ඈතකට ගෙනියන එකත් කරන්න බැරි දෙයක්.



එරික් මාර්ක් මුලු ගේ වටේම දෙතුන් පාරක් කැරකෙන්න ඇති.මොනවාවුනත් ටේටේට ටුටූව අල්ලන්න ටිකක් හරි ලේසි වුනත් එයාලට නම් ලේසි වුනේ නෑ.ඉතින් couch එකේ වාඩිවෙලා උපදෙස් දෙන ටේටේගේ කීමට එරික්ටයි මාර්ක්ටයි වැඩ කරන්න වෙලා තිබුනේ.

"හැමෝම එන්න කෑම කන්න! එරික් මාර්ක් ඔය ගෙම්බව පස්සේ අල්ලන්න...දැන් ඇවිත් කෑම කන්න...."

"අම්මෝ!....තැන්ක් යූ ආන්ටි......"

ඔම්මා කෑම කාමරේ ඉදන් කෑ ගහද්දි හති දදා හිටපු එරික් මාර්ක් දෙන්නා couch එකට වැටුණා.

"ගෙම්බෙක් නෙවෙයි ඔම්මා!!!!!!!...."

"හරි හරි ටුටූ....දැන් ඇවිත් කෑම කන්න...."

ඒ අතරේ එරික් මාර්ක් ඩබල කුටු කුටු ගගා හිටියා.

"එකපාරකට හරි අහුවුනොත් මම ඔය ගෙම්බව චප්ප කරලා දානවා....."

"පුදුම වෙන්න එපා...මටත් දැන් ඒකම හිතිලා තියෙන්නේ....."

"එලික් හියුන්ගි...ටේටේගෙ බන්දියෙ පැතියෙක් ඉන්නවා...."

"බලු පැටියෙක්ද? පූස් පැටියෙක්ද?...."

එරික් වැඩි ගානක් නැතුව ඔහේ කියලා දාද්දිම වගේ කොහේහරි යන්න ලෑස්තිවෙලා ජන්කුක් එතනට ආවා.

"යමු....ගිහින් කෑම කමු...."

"වදාගල්ල....මන් ඇවිද්දොත් පැතියත කරකැවිල්ල හැදෙයි...."

ටේටේ couch එක උඩට නැගලා අත් දෙකත් දික් කරන් කියද්දි ජන්කුක් මුකුත්ම නොකියා ටේටේව බ්‍රයිඩල් ස්ටයිල් එකට වඩා ගත්තා.

ටේටේ දැන් නම් ගොඩක් පරිස්සම් වෙන්න පටන් අරගෙන.ජන්කුක් හිතුවේ ටේටේට ඒක ගැන කලින්ම පැහැදිලි කරන්නත් තිබුනා කියලා.


"ජන්කුක්...අද ජැක්සන් එනවා කිවවා නේද?...."

හැමෝම හිටියේ කෑම මේසේ වාඩිවෙලා.දැන දැන අමාරුවේ වැටෙන්න බැටි නිසා එරික් මාර්ක් දෙන්නා හුම් සද්දයක් නොකර කෑම කන්න ගත්තා.ජන්කුක් හිටියේ ගෑරුප්පුවෙන් පිඟානට ගගහා ටේටේ දිහා බලාගෙන.ඒ වුනාට එයාගේ සිහිය තිබුනේ ටේටේ ළගත් නෙවෙයි.ටික වෙලාවක් ජන්කුක් දිහා බලාගෙන හිටපු යුන්ගි......

"ජන්කුක්!...."

ටිකක් වැඩි සද්දෙන් කියද්දි ජන්කුක් ගැස්සිලා ගිහින් යුන්ගි දිහා බැලුවා.ඇත්තටම ජන්කුක් හිටියේ ප්‍රශ්න ගොඩක.මේ වෙලාවේ සතුටින් වගේම ඉස්සෙල්ලාට වඩා සැනසීමෙන් හිටියත් එයාගේ ඔලුවේ ප්‍රශ්න කෝටියක් කරකැවුනා.ජන්කුක්ගේ හිතට වද දෙන ලොකුම ප්‍රශ්නෙ වුනේ 'මට ඒක අමතක වුනේ කොහොමද?' කියන එක.මොකද ජන්කුක්ට මතක් වුනා ටේටේට බඩේ අමාරුවක් හැදිලා ඩොක්ටර් ළගට එක්කගෙන ගිය වෙලේ ඩොක්ටර් ටේහ්‍යුන්ග් කොච්චර වෙනස්ද කියලා පැහැදිලි කරලා දුන්න විදිහ.ටේහ්‍යුන්ග් තාමත් ඉන්න තත්වෙත් එක්ක දරුවෙක් හදනවා කියන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි.මොකද ලිට්ල් ස්පේස් ටේයි දරුවෙක් අතරයි මහලොකු වෙනසක් නෑ.අනික ජන්කුක්වත් දන්නේ නෑ එයාලගෙ අනාගතය කොහොම එකක් වෙයිද කියලා.ජන්කුක්ට ඕන වුනේ එදාම ටේහ්‍යුන්ග්වත් අරගෙන කවුරුත් දන්නෙනැති කොහේහරි දුර පළාතකට ගිහිල්ලා නිදහසේ ජීවත්වෙන්න.ඒ තරම් කාලයක් එයා ගෙව්ව ටෙන්ශන් එකෙන් පිරුණ ජීවිතෙන් නිදහස් වෙන්න.ඒත් ටේහ්‍යුන්ග් වගේ හුරතලෙන් හැදුන කෙනෙක්ට ඒ වගේ වටපිටාවක් කොයි විදිහකට බලපායිද? කිසිම ජොබ් එකක් නැතුව ගියත් හරි හමං ජොබ් එකක් හොයාගන්න පුලුවන් වෙයිද? ටේටේ වගේම ටේහ්‍යුන්ග් එක්ක දරුවෙක් බලාගන්න එක මොන වගේ අත්දැකීමක් වෙයිද? ඒක කරන්න පුලුවන් දෙයක් වෙයිද? මේ වගේ ප්‍රශ්න දාහක් ජන්කුක්ගේ හිත නොසන්සුන් කරා.

"හි...හියුන් මොකක්හරි ඇහුවද?....."

"මන් ඇහුවේ ඔයා ජැක්සන්ට කතා කරාද කියලා...."

"ආ...ඔව්...ඔව්...එයා අද එනවා කිව්වා..."

යුන්ගි මුකුත්ම නොකියා කෑම කන්න ගත්තා.යුන්ගිටත් දැන් ටේටේ නිසා වෙන කරදර හොඳට හුරුයි.ඒ නිසා මුකුත් වුනා කියලා විශේෂයෙන් පසු විප‍රමක් යන්නේ නෑ.


"ඩැඩීඊඊඊ!!!!!......"

යුන්ගි කටට ගත්තු කෑම එක ඉස්මොල්ලෙත් එක්කම එළියට පැන්නේ මුලු මැන්ශන් එකේම රැව් පිළි රැව් දෙන්න ගත්තු සුන්දර වචනය නිසා.අනිත් විශේෂම දේ තමයි ඒ කටහඬ ටේටේගේ නොවුන එක.

"ඩැඩීඊඊඊඊඊඊ........."

යුන්ගිට එතනින් දුවන්න ඕන වුනත් ඈත ඉදන් පියාඹගෙන එන කෙනා එයා ළගටම ඇවිල්ලා තිබුන නිසා ‍යුන්ගි අසරණ වෙලා ඉබේම ඔලුව ඩෙස් එකේ ගහගත්තා.

"තිමී උයා අදත් ආවද?....."

ටේටේ අහද්දි ඒත් එක්කම ජිමින් පිටිපස්සෙන් ආවේ නැම්ජූන්.

"ජන්කුක්....මේ ජිමින්වත් අර ඩොක්ටර්ටම පෙන්නුවා නම් මොකද?.... අද එකපාරටම මරහඬ දීලා කෑ ගහන්න ගත්තා ඩැඩීව බලන්න ඕනේ කියලා...."

නැම්ජූන් එයාලා ගෙනාපු බඩු මල්ල මේසේ උඩින් තියන ගමන් කිව්වා.

"ජින් නම් තාම නිදිද කොහෙද?....අදත් නිශූ මොනවහරි එවලද?ඔයාලා මොකට මෙච්චර කරදර වෙනවද මන්දා..."

ඔම්මා කියද්දි නැම්ජූන් එයාගේ ඩිම්පල් හිනාව දාලා ඔලුව වැනුවා.

"මොන කරදරයක්ද ඔම්මා....අපෙ ඔම්මත් හරි ආසාවෙන් ඉන්නේ මෙහේ එන්න....ඒත් අපිට රිස්ක් එකක් ගන්න බෑනේ...ටේටේ අපෙ ඔම්මා හදන පෑන් කේක්වලට ආසයි කියලා දැනගත්ත දවසේ ඉදන් හැමදාම මොනවහරි එවන්න හදනවා......."

"දෝන්ත් තෙල් ලයිස්...ජූන් හියුන්ගි ඔම්මත කියලා ඔව්වා ගෙනාවේ නැන්දම්මගේ කැමැත්තත් හලි අමාලුවෙන් ගත්තු එකේ සේප් එකේම තියාගන්න ඕනේ නිසා කියලා කාල් එකේ එද්දි මාත් එක්ක කිව්වා...."

චිමී බබා අතකුත් දික් කරලා කියද්දි ඩිම්පල් හිනාව තත්පරෙන් අතුරුදහන් වෙලා ගිය නැම්ජූන්ට ඕන වුනේ එතනම වළක් කපලා ජිමින්ව ඒකට ඔබලා ඉඩ තිබ්බොත් එයාටත් වැලලෙන්න.ටිකක් වෙලා හිනාවුනු ඔම්මා නැම්ජූන් දිහාට හැරිලා වාඩිවෙන්න සන් කරා.

"පුතා දන්නවනේ....ඔයාලගේ අ'ෆෙයාර් එකට මම කැමති වුනේ නැත්තේ පුතත් බිස්නස්මන් කෙනෙක් නිසා...අනික ඔයාලා හැප්පෙන්නෙත් කිම් ඉන්ඩස්ට්‍රි එක්ක...ජිනුයි ඔයයි තාමත් ට්‍රයි කරන්නේ දේපළ ආපහු ගන්න කියලා මම දන්නවා....හැබැයි ඔයාලා දන්නවනේ මොන තරම් අඳුරු මතකයන්ද මට ඔය බිස්නස් ඩීල් අරවා මේවා ගැන තියෙන්නේ කියලා....මගේ ළමයි ලොකු ලොකු අයගේ මැදිහත් වීම් නැතුව සාමාන්‍ය ජීවිතයක් ගත කරන එකයි මට ඕන වුනේ....ඒත් ඔයාලා මෙහෙම එකට වැඩ කරනවා නම් එතනදි මට බය වෙන්න කිසිම වුවමනාවක් නෑ....මන් හිතන විදිහට ඔයාලත් එක්ක මෙහෙම ඉදලා ගොඩක් කාලෙකට පස්සේ පවුලක් කියන හැඟීම මම ගොඩක් සතුටින් අද විදිනවා...."

හැන්දෙන් ලාවට පිඟානට ගගහා කෑම එක දිහා බලාගෙන හිටපු ජන්කුක්ගෙත් මූණේ ලස්සන හීන් හිනාවක් ඇදුනා.ඒ...වචනවලට ලස්සනට පෙරලන්න දන්නේ නැතිවුනත් ජන්කුක් වුනත් ඒ හැඟීම දැන් විදිනවා කියලා එයාගේ හිත දන්න නිසා.

"ඒක නෙවෙයි...මන් නම් හිතන්නේ ජූන් කිව්වා වගේ ජිමින්වත් කාටහරි පෙන්නුවා නම් හොඳයි...."

ඒත් එක්කම කෑම මේසෙට ආවේ ජින්.යුන්ගිගේ උකුල උඩට පැනලා යුන්ගිගේ හැන්දෙන් තමන්ටම කවාගන්න චිමීව දැකපු ජින් යුන්ගිගේ අයිම් සෝ ඩන් ලුක් එක දිහා බලාගෙන කිව්වා.

"මට පරක්කු වෙනවා...."

යුන්ගි පුලුවන් තරම් සන්සුන් වෙන්න උත්සහ කරන ගමන් කිව්වා.ඒත් චිමී ඇහුනේ නෑ වගේ යුන්ගිගේ බෙල්ල බදන් උකුල උඩ චූටි පස්ස තියාගෙන එහෙට මෙහෙට දඟලන්න ගනිද්දි යුන්ගිට ඉතින් උදේම හොඳ සැප.

"ම...මම යනවා...මට පරක්කු වෙනවා...."

බැරිම තැන යුන්ගි පුටුවෙන් නැගිට්ටත් ජිමින් පුලුවන් තරම් යුන්ගිගේ බෙල්ල බදාගෙන හිටපු නිසා යුන්ගි එක්කම ජිමින්වත් නැගිට්ටුනා.යුන්ගිට බැලන්ස් එක නැති වුන නිසා ඉක්මනින් ජිමින්ව බදාගත්තා.

"තිමී කාලා ආවේ නෑ...."

"ඉතින් මම නොකා එන්න කිව්වද?....බහිනවා බිමට...."

"හියුන්....ඔච්චර නපුරු වෙන්න එපා...."

ජන්කුක් එහෙම කිව්වේ චිමී ගැන ඇත්තටම දුක හිතුන නිසා.තමන්ගේ බෙල්ල බදන් දත් සෙට් එකත් පෙන්නගෙන ඉන්න ජිමින් දිහා බලලා සුසුමක් හෙලපු යුන්ගි ජිමින්ව බලෙන්ම බිමින් තිබ්බා.ඒ එක්කම මුකුත්ම නොකියා ජිමින්ව එළියට ඇදගෙන ගියේ ටිකක් තරහෙන් වගේ වුනත් ජිමින් නම් හරි ආසාවෙන් උඩ පැනගෙන ගියා.ගෙදර දොර වැහෙන සද්දෙත් ඇහිලා ජන්කුක්ට කෙල ගුලියකුත් ගිලුනේ ටේටේත් ඇස් දෙක ලොකු කරගෙන බලද්දි.




"පූෂ් හියුන්ගි තිමීට ගහයිද?....."

ටේටේ අහද්දි ජන්කුක් බයවෙලා වගේ ටේටේ දිහා බලලා ආපහු ටිකකින් හිනාවුනා.

"අහ්...නෑ නෑ...හියුන් ඒ තරම් නපුරු නෑ......"

"අම්මෝ...දොර කැඩුනද දන්නෑ.....හේයි කුක්කා! වට් සප් බ්‍රෝ....."

කොහෙදෝ මන්දා ඉදන් කෑ ගහගෙන ආපු කෙනෙක් කෑම මේසේ ඉදගන්න ගමන් කියද්දි ජන්කුක් ඇරෙන්න අනිත් හැමෝම පුදුමෙන් බැලුවා.

"කොහොමද ආන්ටි...ගුම්මෝනින් හියුන්ලා...."

"අලේ ටේටේ බය වුනා....."

"ආහ්....සොරි සොරි ලිට්ල් බ්‍රෝ...."

"ජැකී හියුන් දල්ලෝද වැදක්?...."

"ම්ම්ම්....."

ටේටේ ලොකු දෙයක් කියන්න තියෙනවා වගේ පුටුවේ ටිකක් ඉස්සරහට එද්දි ජැක්සනුත් කුතුහලයෙන් බැලුවා.

"ටේටේගේ බන්දිය ඇතුළේ පැතියෙක් ඉන්නවා...."

"ඕ....එහෙමද?...."

"ඕ...ශෝයි බලු පැතියෙක්...."

ටේටේ රහසින් කිව්ව ගමන්ම ජන්කුක් බිබී හිටපු වතුර ටික ෆෲස් ගාලා එළියට ගියා.ඒත් එක්කම ජැක්සන් විතරක් නෙවෙයි මාරික් බඩලත් කෙකර ගගා හිනාවෙන්න ගත්තේ නිහඬව කන ගමන් හිටපු ඔම්මත් හිනාව නවත්තන්න උත්සහ කරද්දි.

"අඩෝ බන් උබට මම කුක්කා කිව්වේ නිකන් නෙවෙයි බලද්දි...."

ජන්කුක් නළල රැලි කරගන්න ගමන් නළල පිරිමදින්න ගනිද්දි ඔම්මා කතා කළා.

"ඈ ටේටේ බබා...ඔයාට දැන් සෙල්ලම් කරන්න ඕනේ බලු පැටියෙක්ද?....."

"ඔව්....පූෂ් පැටව් හෙන කම්මැලියි....පේන්නැද්ද පූෂ් හියුන්ගි ඒම....."

බඩ ඇතුලේ ඉන්නේ මනුස්ස පැටියෙක් කියලා සින්හලෙන්ම නොකිව්ව එකයි මෙතන වැරැද්ද.

ඒත් එක්කම ගෙදර බෙල් එක වදින සද්දෙ ඇහිලා හැමෝගෙම අවධානෙ ඒකට ගියා.

"අන්න ඩොක්ටර් ඇවිල්ලද කොහෙද?....."

ඔම්මා එහෙම කියන ගමන් කෑම මේසෙන් නැගිටලා ඉස්සරහට ගියාම ජැක්සන් විදුලි වේගෙන් බෙල්ල හරවලා බැලුවේ ජන්කුක් දිහා.

"ඩො?...ඩොක්ටර්?....මොන ඩොක්ටර්ද?....."

"ඇයි ටේටේව බලන ඩොක්ටර්....."

"ඩොක්ටර් හෝසෝක්?....."

ජැක්සන් ඇහිබැමකුත් උස්සලා අහද්දි ජන්කුක් ජැක්සන්ගේ හැසිරීම හිතාගන්න බැරුව ඔව් කියන්න ඔලුව වැනුවා.එකපාරටම පුටුවෙන් නැගිට්ට ජැක්සන්.......

"මාව හංගපාආආආආන්!!!!...."


______________________________________________________________

🙂👋♥️

Continue Reading

You'll Also Like

552K 8.5K 85
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
1.9M 85.8K 193
"Oppa", she called. "Yes, princess", seven voices replied back. It's a book about pure sibling bond. I don't own anything except the storyline.
140K 4.9K 39
❝ if I knew that i'd end up with you then I would've been pretended we were together. ❞ She stares at me, all the air in my lungs stuck in my throat...
600K 18.2K 75
Hiraeth - A homesickness for a home to which you cannot return, a home which maybe never was; the nostalgia, the yearning, the grief for the lost pla...