My Teacher || GL ||

By shanu6rj

15.7K 1.2K 643

අවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච... More

හැදින්වීම
පලවෙනි දිගහැරුම ~
දෙවෙනි දිගහැරුම ~
තෙවන දිගහැරුම ~
සතරවන දිගහැරුම ~
පස්වන දිගහැරුම ~
හයවන දිගහැරුම ~
සත්වන දිගහැරුම ~
අටවන දිගහැරුම ~
නමවන දිගහැරුම ~
දසවන දිගහැරුම ~
එකොළොස්වන දිගහැරුම ~
දහතුන්වන දිගහැරුම ~
දහ හතරවන දිගහැරුම ~
පහලොස් වන දිගහැරුම ~
දහසය වන දිගහැරුම ~
දා හත්වන දිගහැරුම ~
දහඅටවන දිගහැරුම ~
දහනමවන දිගහැරුම ~
විසිවන දිගහැරුම ~
විසිඑක්වන දිගහැරුම ~
විසිදෙවන දිගහැරුම ~
විසිතුන්වන දිගහැරුම ~
විසිහතරවන දිගහැරුම ~
විසිපස්වන දිගහැරුම ~
විසිහයවන දිගහැරුම ~
විසිහත්වන දිගහැරුම ~
විසිඅටවන දිගහැරුම ~
විසිනමවන දිගහැරුම ~
තිස්වන දිගහැරුම ~
තිස්එක්වන දිගහැරුම ~
තිස්දෙවන දිගහැරුම ~
තිස්තුන්වන දිගහැරුම ~
තිස්හතරවන දිගහැරුම ~
තිස්පස්වන දිගහැරුම ~
තිස්හයවන දිගහැරුම ~
තිස්හත්වන දිගහැරුම ~ (THE END)
NEW STORY UPDATE

දොළොස්වන දිගහැරුම ~

347 40 45
By shanu6rj

සනුදිගෙ පවුලෙ අය නදීගෙ ගෙදර ආව එකෙන් ඒ ගෙදර ගොඩක් එලිය වුනා කියලා නදීට හොදටම තේරුනා නදීට එකපාර හිතුනා ඒ සතුට මෙහෙ හැමදාම තිබ්බ නම් කියලා

(ඔන්න ලමයි මෙතනට වෙනකන් අපි සනුදිගෙ Pov එක විතරයි දැක්කෙ මෙතන ඉදන් ආයෙ යන්නෙ නදීගෙ Pov එක හොදට මතක තියා ගන්න )

නදී Pov

" අයියෝ මෙන්න රෑ වෙලා වෙලාව 10යි හිතා ගන්නත් බැ එච්චර වෙල ගියාද කියලා "

"ඒකනෙ මල්ලි රෑ වෙලා ඔයාලට කරදරයක් නැත්තන් මෙහෙ ඉන්න අපේ ගෙදර "

"අයියට අපිව කරදරයක් වෙයිද දන්නෙ නැ නෙ "

"නැ නැ කොල්ලො උබ මගෙම මල්ලි වගෙනෙ මොන කරදරයක්ද කොල්ලට සෙටියෙ ඉන්න කියන්න උබයි නංගියි Gest Room එකේ ඉන්න පොඩි කෙල්ලට නදී එක්ක හරි ශයිනි එක්ක හරි ඉන්න පුලුවන් නෙ "

අ මොකක් අද මේ Happy Pils ටික අපේ ගෙදරද මරුනෙ සනුදි නංගිව නම් මන් එක්ක තියා ගන්න ඕනා අර ගොන් කෙල්ල නංගිට රෑ තිස්සෙ මොනා කරයිද දන්නෙ නැ මොනා කරයිද කිව්වෙ ඒකි රෑට ගොරවනො ඔරලෝසුව වගේ කැරකෙනෝ කවුරු හරි ලග හිටියොත් බිම තමයි මන් විදල තියෙන්වනෙ

" නංගි මන් එක්ක ඉදී "

"අ මොකක් "

" මන් කිව්වෙ නංගිට ඕනෙ නම් මගෙ කාමරෙ ඉන්න පුලුවන් කියල "

"අ හරි අක්කෙ මන් අක්ක එක්ක ඉන්නම් "

අම්මො තව ටිකෙන් මාට්ටු වෙනවනෙ මගෙ Plan එක 😒 Plan එක කිව්වට ඒක වැරදි එකක් නෙවේ ලොකු එකක් ලොකුම ලොකු කතාවක් මන් ඒක පස්සෙ කියන්නම්කො

" අන්න හරිනෙ දැන් ඉන්න ඕනා හොදේ"

"හරි අයියේ කොල්ලො කාර් එක පාක් කරලා එන්න "

" පුතේ අපේ ගරාජ් එකටම දාන්න මේ මහ රෑ කොහේ යන්නද කොල්ලො "

නදියි , සනුදියි ශයිනියි ගියා නිදා ගන්න ලොකු 3 දෙනා තාම කතාව අවුරුදු ගානක සම්බන්දයක් වගේ කවිදුට මේ අයක කතා අස්සෙ නිදා ගන්න නැ පව් කොල්ලා

" නංගි ඔයා වොශ් එකක් දාගෙන එනවද මන් ඉස්සෙල්ලා දාගෙන එන්නද "

"අක්ක මුලින් දාගෙන එන්න මන් ඉන්නම් "

" අ හරි නංගි ඔයාට ඕනෙම නම් ශයිනි ගෙ කාමරේට ගිහින් වොශ් දාන්න ".

"හා අක්කෙ "

අප්පා බෑ බෑ මේ කෙල්ලව ඒකි ලගට යවන්න බැ

"අ නැ එපා මන් එනකන් ඉන්න මෙතනට වෙලා කොහෙවත් යන්න එපා"

" හරි අක්කෙ "

නදී ගිය වොශ් එකක් දාන්න කෙල්ල ආවා පස්සෙ සනුදි ගියා නදී එයාගෙ පොඩි ඇදුමක් දුන්න කෙල්ලට අදින්න දෙන්නම වොශ් දාගෙන ඇවිත් නිදා ගත්තා සනුදිට මහන්සියටද කොහෙද හොදට නින්ද ගියා ඒත් නදීට නින්ද යන්නෙ නැ

දෙයියනේ මගෙ හාටුව එදා වගේම ගැහෙනවා මන් හිතන්නෙ මේක වෙන්නෙ මෙයාට විතරයි මගෙ වෙන එක Student කෙනෙක්ටවත් මෙහෙම වෙන්නෙ නැ මන් එදාම දැන ගත්තා මෙයා ගොඩක් Special කෙනෙක් කියලා දැන් මෙයාව මන් එක්ක නිදියන්න එක්කන් ඇවිත් වැරැද්දක්ද කරගත්තේ.....කමක් නැ රොද්ද පොරවන් නිදිය ගන්නවා

දෙන්න නිදිය ගත්තා පැයක් වගේ යනකොට නදීට තේරුනා කකුලක් එයාගෙ කකුල උඩ තියෙනවා කියලා තව අතක් එයාගෙ ඉනේ කියලා කෙල්ල එකපාර ගැස්සුනෙ සනුදිගෙ මූණ නදීගෙ මූණට ගොඩක් ලග නිසා

දෙයියනේ මොකද මේ වුනේ මේ නගා මෙච්චර ලගට ඇවිත් අනේ මෙයා හා පැටියෙක් වගෙ ලෑම්ප් එකේ එලියට දිලිසෙනවා මගෙ හා පැටියො කවදාවත් මගෙන් ඈත් වෙන්න එපා ඔයා මගේනේ නදී හෙල්ලුනේ නෑ සනුදිට එයා ඉන්න විදිහට ඉන්න දීලා නිදා ගත්තා

නදීගෙයි සනුදිගෙයි ඔබ නොදන්න අතීත කතාවක් ඇත එය කතාවෙ මැදදි කොටසක් දමා ඇත 🌝❤

වෙනද වගෙ නෙවෙ අද උදෑසන අවදිය නදීට හීනයක් වගේ මොකද එයාගෙ එහා පැත්තෙ පුංචි හාපැටියෙන් එයාව බෙයා කෙනෙක් වගේ හග් කරගෙන ගොරව ගොරව නිදි නිසා නදී ටිකක් වෙලා සනුදි දිහා බලන් හිටිය පස්සෙ හෙමින් සැරේ සනුදිගෙ අතයි කකුලයි එයාගෙ ඇගෙන් අරගෙන ඇදෙන් තියලා වොශ් දා ගන්න ගියා

සනුදි නදී නැගිටල විනාඩි 10  පස්සෙ නැගිට්ටා

"අම්මේ.... ඊයෙ නම් හොදට නින්ද ගියා වෙනදට වඩා "

ඇගේ හිරි අරින ගමන් සද්දෙන් කිව්වා කෙල්ලට මීටර් නැ ගෙදර නෙවේ ඉන්නෙ කියලා

"ම් මොකද මේ අද අමුතු සුවදක් එන්නෙ කාමරෙන් හැ කොහෙද මන් ඉන්නෙ ඇස් දෙන ඇරපිය සනුදියො "

සනුදි එයාගෙම ඇස් කස කස බැලුව පස්සෙ මීටර් වුනේ ඉන්නෙ නදී අක්කගෙ ගෙදර නේ කෙල්ල ඉක්මනට වට පිට බැලුවා කවුරුත් නැ බාත් රූම් එකේ වතුර සද්දෙ ඇහෙද්දි අක්කා ඇතුලෙ කියලා හිතුනෙ කෙල්ල ඉක්මනට පහල ගියා

පහල කට්ටිය හිනා වෙවී කියනො සනුදිට හිනත් එක්ක කෙල්ල පහලට ආවා

"ආ පුතේ ඇහැරුනාද කෝ නදී අක්කා "

"අක්කා වොශ් දානවා "

"අ හරි පුතා දැන්මද "

"තාම නැ "

"පුතත් ගිහින් ඉක්මනට වොශ් දාගෙන අපෙ කෙල්ලගෙන් ඇදුමක් ඉල්ලන් ඇදන් එන්න අද අපි පාර්ක් යනවා  "

"ඇත්තමද "

"ඔව් කෙල්ලෙ අපි අන්තිමට ගිහිනුත් අවුරුදු 3ක් වගෙ වෙනවනෙ ඒ නිසා මන්  අයියගෙන් ඇහුවා අපි යමුද කියලා ඉතින් දැන් අපි යනවා අක්කටත් කියන්න "

" වාව් මරුනේ යන් යන් මන් ඉක්මනට ගිහින් වොශ් දාගෙන එන්නම් "

සනුදි ඉක්මනට කාමරේට ගියා එයා ගිය වෙලේ නදී සාලුවක් ඇදන් වොශ් රූම් එකෙන් එලියට ආවෙ සනුදිට එක පාර බිම බැලුනෙ නදී බය වුනා කවුද කියලා පස්සෙ සනුදි කියල දැන ගත්තදහ

" නංගි මන් වොශ් දාගෙන ඉවරයි ඔයා ගිහින් දාගෙන එන්න ඇතුලෙ ටවල් එකක් තියෙනවා මගෙ ඇදුමකුත් තියෙනවා "

"හරි අක්කේ "

කෙල්ල නදී දිහා බලන්නෙ නැතුව ඉක්මනට වොශ් රූම් එකට ගියා පස්සෙ කෙල්ලට මීටර් වුනේ කියන්න

"නදී අක්කේ... "

වොශ් රූම් එක ඇතුලෙ ඉදන් සද්දෙට කිව්වා

"ඔව් නංගි මොකො වුනෙ මොනා හරි ඕනද "

"අ නැ නැ අපේ අම්මා කිව්වා අපි අද පාර්ක් යනවලු ලෑස්ති වෙලා පහලට එන්න කියලා "

"එහෙමද එහෙනම් ඔයා ඔය ඇතුලෙ තියෙන එක අදින්න එපා මන් එලියෙන් හොද ඇදුමක් තියන්නම් ඒක ඇදගෙන එන්න පහලට මන් පහලට ගිහින් බලන්නම් "

"හරි අක්කෙ "

වාව් මට මතක විදිහට මන් අන්තිමට පාර්ක් එකට ගියේ අවුරුදු 3 ඉස්සෙල්ලා එදානෙ මට මේ සුරංගනාවිව හම්බවුනේ කෙල්ලට මතක නැ මාව ඒත් මට මතකයි එයාව එදා මන් ඇදන් හිටිය ඇදුමම අදිනවද අදත් ඒත් එපා නේ  කෙල්ලට කොහොමත් මාව එදා මතක නෑනේ එක්කො ඒකම අදිමු

සනුදිව කොහොමද දැක්කෙ කියලා කිව්වොත් එදා මන් හිතන්නෙ 2020 අගෝස්තු 15 ඔව් ඒ දවස තමා මන් College එකේ වැඩ ඉවර කරලා වේලස්සනින් ආව වෙලාවෙ යාලුවො සෙට් එකත් එක්ක පාර්ක් එකට ආවා ඇත්තම කිව්වොත් මට නදුන් එන්න කිව්වෙ එදා එයාව හම්බෙන්න ඒත් මට හම්බුනේ මේ කෙල්ලව

Flashback to 2020 Agust 15

" නදීශෝ ඇයි බන් නදුනව මෙතනට එන්න කිව්වෙ උබට පොඩි උන් අස්සෙ මොනා කරන්නද බන් "

"දන්නැ දිනෙත්මො උබ මන් එක්කම හිටපන් හොදේ ඔය යකාව මට අල්ලන්නෙ නැ මගෙ පස්සෙන්මනෙ එන්නෙ "

"ඔව් බන් මහ වදයක් උබේ පස්සෙන්මයි අපිට යන්නත් බැ කොහෙවත් ඒ යකා එතන "

"ඔව්ව් වරෙන් මෙතනින් වාඩි වෙමු නදුන් තව විනාඩි 5 කින් එනවලු "

දිනෙත්මයි නදීශයි දෙන්න පාර්ක් එකේ තිබ්බ ගල් බංකුවක වාඩි වෙලා පොඩි අය සෙල්ලන් කරන විදිහ බල බල හිනා වුනා

"බලහන් අපිත් ඉස්සර මෙහෙම ලොකු වෙලා වෙන කරදර  දන්නැතුව කොච්චර සතුටෙන් හිටියද "

" ඔව් බන් පොඩිකාලේ විනෝදෙයි ගෙදර අයගෙ ආදරෙයි යාලුවො එක්කමනේ "

"ඔව් මොකෝ දැන් උබයි පැතුමුයි සෙට් ද ඌ කැමැත්ත ඇහුවනේ උබෙන්"

"අ මේ 👉👈 සෙට්මත් නෑ ඒත් වෙයි වගෙ කොල්ල හොදයි වගේ බන් චාම් විනීතයි වෙන කොල්ලො වගෙ ඇග පස්සෙන්වත් සල්ලි පස්සෙන්වත් එන්නෙ නැ "

" මටත් හිතුනා පැතුමය හොද එකා කියලා උබ දන්නවනෙ මට කාව හරි දැක්ක ගමන් ඌ මොකාටද එන්නෙ කියලා මීටර් වෙනවා කියලා "

"ඔව් ඔව් දන්නො ඒකනෙ නදුනයගෙ ප්‍රශ්නෙ ඉවර කරන්න ආවෙ "

"ඔව් බන් මේ යකා නෑනේ තාම "

"අන්න එනවා "

(මෙයා තමා නදුන්
එහෙම හිතා ගන්න 🤧හොදේ )

නදුන් මල් බොකියක් අරගෙන ප්‍රේම කුරුල්ලා වගේ හිනා වෙවී නදීශා දිහාවට ආවා

" මේක ඔයාට "
මල් බොකි එක නදීශට දුන්නා

"අ දිනෙත්මා ඔයත් ආවද "

" ඔව් ඇයි මට එන්න බැරිද අ"

"නැ එහෙම නැ මන් නදීශට විතරනෙ එන්න කිව්වෙ ඒකයි "

"අ කමක් නැ උබල දෙන්න කතා කරගනින් මන් පැත්‍තට වෙලා ඉන්නම් හැබැයි පුතෝ මන් පැත්තට වුනා කියලා නදීට මුකුත් කරනව එහෙම නෙවෙ තෝව මරනො "

" 🥲 නැ නැ මුකුත් කරන්නැ "

"හා හා මන් අතනට වෙලා ඉන්නම් කෙල්ලෙ "

"හරි දිනා "

"අපි වාඩි වෙමු "

"ම් කියන්න දැන් ඇයි එන්න කිව්වෙ "

"මේකයි මට ඔයාට දෙයක් කියන්න තියෙනවා අවුරුදු 3ක් බලන් හිටියා කියන්න "

" ම් කියන්න බලන්න මොකක්ද කියලා"

"මේකයි මන් ඔයාට කැමතී අපි බදිමුද"

"මොකක් ! "

"මන් ඔයාට කැමති ඒ කිව්වෙ ආදරේ කරනවා අපි ඩේට් එකකට යන්ද පස්සෙ හොටෙල් එකක්ට යන් "

"වෝ වෝ කොල්ලො උබ මන් උත්තර දෙන්න කලින් උබම Plan කරලා මාව එක්කන් යන්න ආව් ආ තමුන් දැන් වෙනකන් තනියෙන් තීරල කරානම් ඉස්සරහටත් කරගෙන යන්න මන් නම් කැමති නැ මූණ්ටම කිව්වා "

"ඇයි එ මොකද කැමති නැත්තෙ මන් උගත් සල්ලි තියෙන්ව ඔයාට හැම සැපසම්පතක්ම දෙන්නා ඔයාට තියෙන්නෙ මගෙ වෙන්න විතරයි"

" මේ නදුන් ඔයාට මොන දේ තිබ්බත් මට වැඩක් නැ මට ආදරේ කියන හැගීම ඔයාගෙන් එන්නැත්තන් "

"ඇයි එන්නෙ නැත්තෙ අ "

"මන් කොහොමද ඒක දන්නෙ මට වැඩක් නැ ඒක දැන් මෙතනින් යනවා "

"මට බැහැ "

"යන්න නදුන් ඔයා දන්නව මගෙ හැටි කේන්ති ගියොත් සුද්ද සිංහලෙන් කියන්නෙ"

"හරි මන් යන්නම් හැබැයි ආයෙ එනවා දවසක ඔයාව කොහොම හරි මගේ කරගෙන එක්කන් යන්න "

"අපි එදාට බලමු දැන් යනවා "

නදුන් ගල් බංකුවෙන් නැගිටලා බයික් එක අර ගියා පැත්‍තක හිටිය දිනෙත්මා නදී ලගට ආවා

"මොනාද බන් ඌ කිව්වෙ "

" ඌ මට කැමතිලු මට එයාගෙ වෙන්නලු මන් බෑ කිව්වා පස්සෙ කියනො මාව කොහොම හරි එයාගෙ කරගන්නවලු "

"යකෝ මේකා Class එකේ ඉන්නෙ කොහොමද ගෑනු 10ක් එක්ක මෙතන එකෙක්වත් නැති තොත්ත බබා වගේ උබෙන් ඇහුව හැටි ශෙක් "

"ඒකනේ බන් "

මෙන්න මේ වෙලේ තමා නදී ඒ සුරංගනාවි දැක්කෙ රෝස පාට ගවුමක් ඇදලා කොන්ඩෙ කඩා දාලා හරිම චාම් ලස්සනට හිනා වෙවී අම්මගෙ ලගට වෙලා අයිස්ක්‍රීම් කනවා සනුදිගෙ ඒ හිනාව නදීට නදුන් නිසා ඇති වුනු Stress එක නැති කලා නදීලට ගොඩක් නොදුරින් ඉන්න නිසා සනුදිගෙ මූණ හොදට පෙව්නා ඒ Cute හිනාව හුරුබුහුටි පෙනුමට නදීගෙ හිත ඇදිලා ගියා නදී හිටියෙ සනුදිගෙ ලෝකේ එතකොට එයා සනුදිව දන්නෙ නැහැනෙ

(මේක තමා සනුදි ඇදන් ඉන්න ඇදුම)

කවුද මේ පොඩි කෙල්ල මගෙ හිත එයාගෙ කටහඩට සන්සුන් වෙන එක එයාගෙ ඇස් මගෙ මුහුණට එලියක් දෙන එක එයාගෙ ඉරියව් මට හිනාවක් දෙන එක මට හරිම අමුතුයි මට මෙහෙම අපෙ ඉස්කෝලෙ , College එකෙ අඩුම තරමෙ පාරෙ යන කොල්ලෙක්ටවත් දැනිලා නෑ මෙතන ඉන්න මේ පොඩි කෙල්ලට දැනෙන්න මේක වැරදි වැඩක් නේද මෙහෙම වෙන එක ඒත් එයා දිහා බලාගෙනම ඉන්න හිතෙනවා එච්චරටම ආදරනීයයි මන් හිතන්නෙ ඒ Cute පෙනුමට මන් ආස කලේ මන් හිතන්නෙ නැ මන් කෙල්ලොන්ට් කැමතියි කියලා

(මේ වගේ හැලහොල්මනක් නැතුව බලන් ඉන්නෙ හැබැයි ආකර්ශනෙන් )

නදී ඔහොම එක දිගට බලන් ඉද්දි සනුදිගෙ ඇස් දෙකත් එක්ක දෙන්නගෙ Eye Contact වුනා ඒ ඇස් වල බැල්මටනම් නදී සීතල වෙලා ගියා

"ඕයි බන් කොහෙද බලන් ඉන්නෙ මන් දිහාද අ නැ නැ මේ යකා මන් දිහා මෙහෙම බලන්නැ කාවද මේකි බලන්නෙ "

කියලා දිනෙත්මා හැරිලා බැලුවහම ෆැමිලි එකක් වාඩි වෙලා අයිස් ක්‍රීම් කනවා තමා පෙනුනෙ

"අඩො ඕයි උබට අයිස් ක්‍රීම් ඕනද මන් අරන් දෙන්නම් ඒ ෆැමිලි එක දිහා බලල කෙල ගිලින්න එපා "

දිනෙත්මා එහෙම කියද්දි තමා නදීට මීටර් වුනේ මොකක්ද ඒ කිව්වෙ කියලා

"මොකක් "

" උබ මගෙ පිටිපස්සෙන් ඉන්න සෙට් එක කන අයිස් ක්‍රීම් එක දිහා බල බල කෙල ගිලිනෝ නේ "

" එහෙම නැ මන් එයාල දිහා බැලුවෙ නැ "

"එහෙමද හාකෝ හාකෝ "

මන් එහෙම කෙල්ලොන්ට ආකර්ශනය වෙනවනම් මන් මේකිටනෙ මුලින් වෙන්න ඕනා හැම දේදිම මගෙ අස්සෙමනෙ ඉන්නෙ මේකි එක්ක හැම මගුලකම ගියා මේකිත් ලස්සනයි හුරුබුහුටියි කට ගාන්ටාරෙ වගේ නපුරු වගේ හිටියට පට්ට කෙල්ලෙක් ඒත් මේකිට එහෙම දැනුනෙ නෑනේ මේක වෙන එකක් වෙන්න ඕනා බලමුකො මේ පොඩි කෙල්ලව ආයෙ හම්බෙලා මෙහෙම දැනුනොත් අනිව මොකක් හරි මගෙ හිතේ තියෙනවා පලමු බැල්මෙන් වෙන එව්වා
අනික ඒ කෙල්ලගෙ ඇස් වලත් බලයක් තියෙනව වගේ ආකර්ශනය ගන්න මොනා වුනත් බලමු ආයෙ හම්බෙයි නෙ

End Of Flashback

නදී එදා විතරයි සනුදිව දැක්කේ එයා ඉට පස්සෙ දවස් වල පර්ක් එකට ආවත් ඒ පොඩි කෙල්ලව දකින්න හම්බුනෙ නෑ ගොඩක් දුක් වුනා හිතෙන් ඒක පොඩි ආකර්ශනයක් කියලා හිතන් දිගටම කොල්ලෙක් එක්ක යාලු වෙන්නැතුව අද වෙනකන් හිටියා ඒත් සනුදිව එයාට ආයෙ අවුරුදු 3 පස්සෙ හම්බුනා

"ඒ දවස් වල මතකෙ අද වෙනකන් මන් හිටියනේ "

නදී අවුරුදු 3 ඉස්සෙල්ලා සනුදිව දැකපු දවසෙ ඇන්ද ඇදුම අදත් ඇදලා එදා දැක්ක හැගීම ගන්න කියලා ඇදුම කබඩ් එකෙන් එලියට ගත්තා සනුදිටත් ලස්සන ඇදුමක් ගත්තා

"ම් මේක සනුදිට ලස්සනට තියෙයි "

නදී ගත්ත ඇදුම ඇදන් සනුදිගෙ ඇදුම තියලා පහලට ගියා පස්සෙ සනුදි වොශ් රූම් එකෙන් ඇවිත් නදී දුන්නු ඇදුම දැක්කා

" වෝ Pink Color අක්ක මම පොඩි එකියක් කියලා හිතනවද දන්නෙ නැ රෝස පාට ගෙනත් තියෙන්නෙ Black ගෙනාවනම් හරි නැත්තන් Blackpink හරි Korean Girl Kpop Group එක නෙවේ පාට ඒ ඇදුමෙ පාට කලු රෝස වුනානම් හොදයි කමක් නැ ඇදන් යන්කො "

සනුදි  හිනා වෙවී ඒක ඇදන් පහලට ගියා

(මේක තමා නදී සනුදිට අදින්න දුන්නෙ)

කෙල්ල පහලට ගියහමනම් කට්ටිය පුදුම වෙලා බැලුවෙ නදීට ඇස් අදහ ගන්න බැ මොකද ඒ ඇදුම සනුදි එදා ඇදන් හිටිය එකට ගොඩක් සමානයි අනික ඒ හැගීමත් එයාට ආයෙ එන නිසා

" ඒ අක්කේ මේ ඔයා ඔයාගෙ Crush එකට ගත්ත ඇදුම නේද  "

ඒක ඇහුනහම සනුදිගෙ මූණෙ වුන වෙනස නදී දැක්කා

අඩෙ මේ ගොන් නංගිටත් කට වහගෙන ඉන්න බෑනේ ඔව් ඔව් ඒක මන් මගෙ සනුදිට ගත්තෙ මෙ පොඩි කෙල්ලව මන් දැක්ක දවසෙ මට දැනුන හැගීමත් එක්ක එයාව මන් Crush එක කලා මොකද එයාව එදා දැක්කයින් පස්සෙ මට වෙන කිසි කෙනෙක් දිහා ඒ විදිහ්ට බලන්න බැරි  නිසා  කට්ටිය විහිලුනම් කරයි කෙල්ලෙක් Crush එකක් වෙනවද අනික පොඩි කෙනෙක් කියලා ඒත් මන් ආසම සනුදිගෙ දග කමට , ඉවරයක් නැතුව කියවන එකට එදා පාර්ක් එකේ එයාගෙ ගවුමෙ කොනක් ඉරුනා සනුදිට ගොඩක් දුක හිතුනා මන් එදා ගවුම ගත්තෙ එයාට දෙන්න කියලා හිතාගෙන ඒත් දෙන්න බැරි වුනා ඒත් දැන් දෙන්න බැලුවහම මේ ගොන් කෙල්ල වැඩේ කෑවනේ

"මොකක් පිස්සුද කෙල්ලෙ මේ මගෙ ඇදුමක් "

"ශුවර්ද "

"ඇයි දැන් මොකද "

" නැ නැ මුකුත් නැ ඔයා ඔය ඇදන් ඉන්න ඇදුම අවුරුදු 3 ඉස්සෙල්ලා ගත්ත එකක් නේ ආයෙ ඇන්දෙ මොකෝ "

"අනෙ මේ පණ්ඩිත ආච්චියේ මෙ මගෙ ඇදුම් කොච්චර පරන වුනත් මන් අදිනො 😒 "

"හරි හරි අනේ මන් දන්නො ඔයා පරණ වුනත් අදිනො කියලා "

ශයිනි එහෙම කිව්වහම සනුදි නදීගෙ ඇදුම බැලුවා Search පාරක් දැන්මා ඒත් කෙල්ලට මුකුත් වෙනසක් තේරුන්නැ මොකද කෙල්ලට නදීව වැඩිය එදා දවසෙ මීටර් නැ එතකොට සනුදිට හැගීමක් තිබ්බෙ නෑනේ

"මේ ඇදුම පරණ වුනත් නදී අක්කට ලස්සනට තියෙනව අක්කෙ "

"ඔව් නගේ මේ අක්කට හැමදේම ලස්සනට තියෙනවා මට තමා අලුත් ලස්සන දෙයක් වුනත් හරියට නැත්තෙ "

"හි හි "

"යන්ද අපි "

"කෝ අයියේ අම්මා "

" ඇදුමක් දාන් එන්න ගියා "

"හා හා "

සනුදිගෙ අම්මා ආවා නදීගෙ අම්මගෙ ඇදුමක් ඇදන් , නදී එයාගෙ අම්මගෙ ඇදුමෙන් ඉන්න සනුදිගෙ අම්මව එයාගෙ අම්ම විදිහට පෙව්නා කෙල්ලට අඩන්න ආවා

" අ...ම්..මා "

නදීගෙ කටින් හෙමින් පිට වුනා සනුදිගෙ අම්මා දැක්කා නදී අඩන්න වගේ කියලා අම්ම ඉක්මනට නදීව හග් කලා

"මන් අම්මගෙ ඇදුමක් දුන්නා ඒ ඇදුම් වලට වටිනා කමක් තියෙන දිරිය කාන්තාවකට "

"තාත්තෙ... "

" අඩන්න එපා දරුවො අපි යන්නෙ විනෝද වෙන්න නෙ ම් අඩන්න එපා මේ අම්මා ඔයා ලග හැමදාම ඉන්නවා "

කවිදුගෙ අම්මා නදීව හග් කරලා නලලට අම්මා කෙනෙක් වගේ උණුසුම් හාදුවක් දුන්නා ශයිනිටත් දුන්නා

"කෝ තාත්තා "

" මේ එන්නෙ ඔයාලගෙ ඉලන්දාරි කොල්ලා "

සනුදිගෙ තාත්‍තා නදීගෙ තාත්තගෙ ඇදුමක් ඇදක් පොඩි කොල්ල වගේ එන එකට ඔක්කොටම හිනා ගියා කවිදු ඇදන් ඉන්න එකට සනුදිට ඊට වඩා හිනා ගියා

" අයියේ මොකද හලෝ ඔයා ගෝනියක බැහැලා වගේ "

"කමක් නැ මෙහෙම හොදා ඇගට ෆිට් එව්ව ඕනෙ නැ පාටියට නෙවෙනෙ යන්නෙ මාමගෙ ඇදුම හොදයි "

සනුදි කවිදු දිහා බලල ඇද කලා කවිදුත් කලා පස්සෙ ඔක්කොම ගෙවල් දොරවල් ලොක් කරලා පාර්ක් එකට ගියා

ශයිනියි සනුදියිත් ඉක්මනට එකතු වුනා අක්කා නගෝ දෙන්න පොඩි දෙන්නා වගේ පාර්ක් එකේ සෙල්ලන් කර කර ඉන්න එක නදියි කවිදුයි අම්මයි තාත්තයි වගේ බලාගෙන කරන පිස්සු වැඩ වලට හිනා වෙවී හිටියා හැබැයි නදී සනුදිට වැඩි අවදානෙ දුන්නා කෙල්ල තුවාල වෙන්නෙ නැති වෙන්න නැත්තන් කෙල්ල ලේ දැකලා කලන්තෙ දානවනෙ

මේ කෙල්ල එදාවගෙමයි කිසි වෙනසක් නැ මේ කෙල්ල දන්නෙ නැ මන් මෙයා ලගට ආව දවසෙ ඉදන් කොච්චර සතුටෙන්ද හිටියෙ කියලා මෙයව හොයන්නත් මන් උත්සහ කලා කියලා මෙයා මගේ Class එකට එනව කිව්වහම පිටට නොපෙන්නුවට හිත ඇතුලෙන් මන් මල්වෙඩි පත්තුකරා කියලා මන් කියනකන් කොහොමත් දැන ගන්න එකක් නැ මෙයාට මන් ගැන මෙහෙම හිතෙන්න නැතුව ඇති මන් මේ පොඩි කෙල්ල ගැන බොරු විදිහට හිතනවද මේ ලෝකෙ හැටියට කෙල්ලො කෙල්ලො යාලු වෙන එක ගොඩක් අඩුයි මගෙ මේ පිස්සු හැගීම් නිසා මට නංගිගෙන් ඈත් වෙන්න වෙයිද අනෙ එහෙම නම් වෙන්න එපා ආදරේයි සහෝදරය කමයි අතරින් එකකට හුල්ස්ටොප් දෙන්න තිබ්බොත් මොකටද මන් දෙන්නෙ

මටනම් හිතා ගන්න බැ එහෙම වුනොත් මෙයා මගෙ පලවෙනි ආකර්ශනය වෙයි වෙන කෙනෙක් වෙනුවෙන් මට දැනුන ඒ හැගීම දැනෙන්නෙ නැති වෙයි ඒත් නංගි මට කැමති නම් ඔක්කොම අත හැරලා එයා එක්කම ඉන්නව කැමති නැත්තන් එයාව වෙන කෙනෙක්ට අයිති වෙනවා බලාගෙන ඉන්නව වඩා රට අතහැරලා දාලා යනවා

මන් ගොඩක් බොලදයි නේ මන් එහෙම වෙන්න ඇත්තෙ අම්ම කෙනෙක්ගෙ ආදරය කරුනාව සෙනෙහස නැති නිසා වෙන්න ඇති ඒත් මට තාත්තෙක්ගෙන් ලැබෙන්න ඕන හැම දේම ලැබුනා අඩුවක් නැතුව බලමුකො ඉදිරියට වෙන දේවල් සනුදි මගෙ වුනොත් මන් හැමදාම සතුටින් ඒත් එයාට එහෙම දැනෙයිද අනේ මන්දා මගෙ ඔලුවත් රිදෙනවා කාලයට පිලිතුරු දෙන්න දෙමු නදීශා ඉවසන්න ඔයා අවුරුදු 3 බලන් හිටියනේ ඉවසන්න ඔව් මන් ඉවසනවා බලමු මෙයාව මට මගෙ කරගන්න කාටවත් වරදක් හිසරදයක් දුකක් වෙන්නෙ නැත්තන් මන් එයාව කොහොම හරි මගේ කර ගන්නව ඒකටත් උත්සහයක් දෙමු

"නදී කොහෙද ගියේ "

"අ නැ නැ මේ පොඩි දෙන්න දිහා බැලුවා"

"දෙන්නා විනෝද වෙනෝ ශයිනිට අපෙ නංගිව අල්ලලා "

"ඔව් පොඩි දෙන්නා වගේ  "

කට්ටිය විනෝද වුනා අම්මයි තාත්තලයි දෙන්නයි පොඩි සෙට් එකගෙ පොඩි කාලෙ කරපු දේවල් කියව කියලා විනෝද වුනා කොහොම රෑ 6 වගේ දෙගොල්ලො ගෙදර ගියා ආයෙමත් කට්ටියට වැඩට යන්න එපැයි සදුදට කට්ටිය සිකුරාදා ඉදන් එකටම වගෙනෙ හිටියෙ

සනුදිගෙ පවුලෙ අය නදීගෙ අයට බායි කියලා කාලා බීලා ගෙදර ගියා එයාලගෙ කාර් එකේ නදීට දුකත් හිතුනා ගිය එකටනම් ඒත් කමක් නැ කියලා කෙල්ල උඩට ගියා නිදා ගන්න ශයිනිත් ගියා තාත්තා දොරවල් වහල ගියා

කවිදු ගෙදර ගිහින් නදීට එයාලා ගෙදර ආවා කියලා msg එකක් දාලා තිබ්බා නදී හොදයි කියල වොශ් එකක් දාගෙන අද රෑ තනියෙන් නෙ නිදියන්න වෙන්නෙ කියල හිතන් කොට්ටයක් බදන් නිදා ගත්තා

ඕන්න දුන්නා දිහ චැප්ටර් එකක් මේ දිග කොටසට එන්න පොඩි පොඩි කොටස් මුලින් දෙන්න වෙනෝනේ ඒකයි පරක්කු වුනේ ඔයාලා බලලා Like , Comments , Share කරන්න 🌝❤

ගොඩක් වෙලාවට දිග චැප් එකක් දීලා ආතොර්ලා දවස් ගානට මිසින් වෙනෝනේ මන් එහෙම නොවෙන්ට වග බලා ගන්නම් 🥲🤧

Continue Reading

You'll Also Like

10.9K 282 48
Long ago there was a strange black wolf with wings. He is found shortly before what is known as the Holocaust by a young and frightened boy. On the o...
2.4K 292 30
𝗜"𝗹𝗹 𝗮𝗹𝘄𝗮𝘆𝘀 𝗹𝗼𝘃𝗲 𝘆𝗼𝘂...❤️
1.1K 64 9
okay so this is one of my older books, I recently thought about republishing it, and why not? so its a star wars au with Wednesday and Enid NOT every...
1.3K 289 6
Love is not about finding the right person but creating the right relationship. It's not about how much love you have in the beginning but how much l...