My Teacher || GL ||

Par shanu6rj

15.6K 1.2K 643

අවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච... Plus

හැදින්වීම
පලවෙනි දිගහැරුම ~
දෙවෙනි දිගහැරුම ~
තෙවන දිගහැරුම ~
සතරවන දිගහැරුම ~
පස්වන දිගහැරුම ~
හයවන දිගහැරුම ~
සත්වන දිගහැරුම ~
නමවන දිගහැරුම ~
දසවන දිගහැරුම ~
එකොළොස්වන දිගහැරුම ~
දොළොස්වන දිගහැරුම ~
දහතුන්වන දිගහැරුම ~
දහ හතරවන දිගහැරුම ~
පහලොස් වන දිගහැරුම ~
දහසය වන දිගහැරුම ~
දා හත්වන දිගහැරුම ~
දහඅටවන දිගහැරුම ~
දහනමවන දිගහැරුම ~
විසිවන දිගහැරුම ~
විසිඑක්වන දිගහැරුම ~
විසිදෙවන දිගහැරුම ~
විසිතුන්වන දිගහැරුම ~
විසිහතරවන දිගහැරුම ~
විසිපස්වන දිගහැරුම ~
විසිහයවන දිගහැරුම ~
විසිහත්වන දිගහැරුම ~
විසිඅටවන දිගහැරුම ~
විසිනමවන දිගහැරුම ~
තිස්වන දිගහැරුම ~
තිස්එක්වන දිගහැරුම ~
තිස්දෙවන දිගහැරුම ~
තිස්තුන්වන දිගහැරුම ~
තිස්හතරවන දිගහැරුම ~
තිස්පස්වන දිගහැරුම ~
තිස්හයවන දිගහැරුම ~
තිස්හත්වන දිගහැරුම ~ (THE END)
NEW STORY UPDATE

අටවන දිගහැරුම ~

335 30 7
Par shanu6rj

සනුදි එයාවම පුදුම කරන් උදේ 8 එයාම හිතලා ඇහැරුනා පුදුමෙ මොකද කියන්නෙ වෙනද අම්මා කාමරේට කඩාගෙන ඇවිත් කෙල්ලව ඇහැරවනවනෙ අද නැහැ

"ඇ බොලේ මේ හීනයක්ද අද අම්මා ආවෙ නෑනෙ ඇහැරවන්න ඇවිත් මට කෑ ගැහුවට ඊයෙ මහන්සියත් එක්ක ඇහුන්නෙ නැත්ද දන්නෙත් නැ කියන්න බැ ඒත් අම්ම ගහල හරි නැගිට්ටනෝනේ වැඩේ හරි යන්නැ බයයි වගේ කමක් නැ කෝකටත් වොශ් එකක් දාගෙන යන්කො පහලට "

කෙල්ල වොශ් එකක් දාගෙන සුවද ගගහ උඩ පැන පැන සිංදු කිය කිය පල්ලෙහාට ආවේ පහල එයාව Surprise කරන කෙනෙක් ඉන්නව කියලා නොදැන

"අම්මේ............ඔබේ ප්‍රේම කිරිල්ලි නැගිටලා ආවෝ......"

සනුදි හිනා වෙවී පැන පැන ඇවිත් එක් පාර ගලාගෙන යන ගගට ලොකු පත ගලක් දැන්ම වගේ පඩිපෙලෙ අන්තිම අඩිය තියෙන කොට කෙල්ල ගැස්සුනා හූල්ස්ටොප් වුනා

" අ වැදිරි උබට කිව්ව නම් හරියටම හරි පැන පැන එන හැටි "

කවිදු කිව්ව එකට ඔක්කොම කට්ටියට හිනා ගියා

"ශු ශු කවිදු මෙහෙ එන්න කෙල්ලේ බලන්න යාලුවෙක් ඇවිත් "

"හායි නංගි "

"හායි නදී අක්කෙ "

ඔව් ඔව් ඒ ඊයෙ දැක්ක නදී අක්ක තමයි එයයි ශයිනි දෙන්නම ඇවිත් කවිදු ලග ශයිනි අම්ම එක්ක නදී වාඩි වෙලා ඉන්නෙ උදේන්ම සනූදි ගෙ ගෙදර ඇවිත් කෙල්ලට උදේ වුනාට වෙලාවනම් 8 පහුත් වෙලා කෙල්ලට පට්ට චාටර් එයාව මුලින් නදී හරියට දැක්ක එකට

අනේ ඒ ඇස් කතා කරනවා මන් දිහා බල බලා අයියෝ අක්කේ අහක බලන්නකො ඔහොම මන් දිහා බලන්න එපා අනේ ලැජ්ජයි

සනුදි කොමල කර කර හිතෙන් හිනා වෙවී චාරට් එකට අඩ අඩ ඉන්න මොහොතක අම්ම කතා කලා

"ම් මෙහෙ එනවා මන් ලගින් ඉද ගන්නවා "

අම්ම සැර පාටෙන් කිව්ව එකටනම් සනුදිට හීන් දාඩිය දැන්මා

"හි එනවා එනවා මේ එනවා ඒත් ඊට කලින් කුස්සියට ගිහින් මොනා හරි කාලා එන්නම් "

එහෙම කියලා කෙල්ල හෙමින් සැරේ දුවල ගියේ වලහෙක් කන්න තරම් බඩගින්නෙ ඉන්න බඩට මොනා හරි දා ගන්න

" දැක්කා නේද නදී දුවේ මන් කිව්වෙ පිස්සු කෙල්ලෙ අයියා වගෙමයි නංගිත් "

"අනෙ අනෙ මේ අම්මේ මට පිස්සු නෑ "

"ඒකනෙ නැන්දෙ අයිය වගෙමයි නංගි පුදුම හිතෙන වැඩ කරන්නෙ "

"මොකක්ද පුතේ එ "

සනුදි හෙමින් සැරේ කට්ටිය කතා කරන සාකච්චාව අහන් ඉද්දි නදී කිව්ව පුදුම හිතෙන එක ඊයෙ වෙච්ච සිද්දිය තමයි ඒක තමා කියන්න යන්නෙ කියලා කෙල්ලට මීටර් වුනා ඒ වෙලේම කන්න කප කප හිටිය ඇපල් ගෙඩිය ලිස්සලා කෙල්ලගෙ ඇගිල්ලත් කැපුනා කෙල්ල කෑගැහුවා

"අම්මේ................!! "

අම්ම සද්දෙට බය වුනා කට්ටියත් එක්ක ඉක්මනට කුස්සියට දුවල යද්දි දැක්කෙ කලන්තෙ දාලා ඉන්න සනුදිව කෙල්ලට ලේ දැක්කහම කලන්තෙ දානව කොච්චර පොඩ්ඩක් වුනත් කලන්තෙ දානව

"අනේ දෙයියනේ දරුවො මොකද මේ කර ගත්තෙ කවිදු ඉක්මනට Family Doctor ට කතා කරන්න "

"හරි අම්මේ ඉන්න මන් ගන්නම් "

"එපා කවිදු පොඩ්ඩක් ඉන්න ගෙදර First aid box එකක් තියෙනවද "

"අ ඔව් "

"කොහෙද "

"අර සාලෙ ටීවී කබට් එක ලග ඇති පුතේ ඉක්මනට ගෙනත් දෙන්න "

"හරි මන් ගේන්නම් "

කවිදු දුවල ගියා ගේන්න අරගෙන ආවා අම්මට ඇඩෙනව කෙල්ලව මෙහෙම කලන්තෙ දාගෙන ඉන්න විදිහට කවිදු සනුදිව උස්සලා සැටියෙන් තිබ්බ නදී සනුදිගෙ අතේ තුවාලෙට ලේ පේන්නෙ නැති වෙන්න බෙහෙත් දාලා වහලා මූණට වතුර ඉස්සා මොකද කෙල්ලට සිහිය නැති වෙලානෙ ඔහොම්ම එක්ක ගිහින් නිදියන්න දෙන්න බෑනේ අම්මට බයයි ඒ නිසා කෙල්ලට වතුර ඉස්සා

"ඒයි පිස්සි ඇහැරෙනවා "

කවිදු මූණට වතුර ගහනවත් එක්කම කෙල්ලගෙ කම්මුලටත් හෙමින් හෙමින් ගැහුවා නංගිගෙ කම්මුලට ගහන්න හම්බුණ චාන්ස් එකෙන් උපරිම දේ ගන්න අයියා කෙනෙක් රෙස්ක්පෙට් බ්‍රෝ

"ආව් නවත්තනවා මන් බෙරයක් කියලා හිතුවද ඔච්චර මූණට ගහන්නෙ ආ ගෙම්බො "

සනුදි සද්දයක් දාගෙන ඇහැරුනේ එයා ලග අයියා විතරක් ඇති කියල හිතන් පස්සෙ දැක්කෙ නදී අක්කවයි ශයිනි අක්කවයි අම්මවයි

"හි හායි කට්ටිය "

"කො නැගිටහන් මයෙ අම්මා ආයෙ ලේ දැක්කද මැණිකෙ "

සනුදිව අම්ම අත් දෙකෙන් අල්ලලා සෙටියෙ හරියට ඉන්දෙව්වා

"ඔව් අම්මෙ ඇපල් ගෙඩිය කප කප ඉන්න කොට අත කැපුනා එක පාර ඒකෙ ලේ දැක්කා ඉතින් කලන්තෙ දැන්මා "

සනුදියි අම්මයි ආදරෙන් කතා කරන විදිහ සතුටු වගේම දුක් කදුලුත් එක්ක නදී බලන් ඉන්න විදිහ ඇහැ කොනෙන් සනුදි දැක්කා

"බය වෙන්න එපා අක්කෙ මට අවුලක් නැ "

කෙල්ලට හිතුනෙ කෙල්ල නිසා නදී ඇඩුවා කියලා කොහොමද ඉතින් කෙල්ල දැන ගන්නෙ නදීට අම්ම නැති වෙනකොට අවුරුදු 15 යි එයාවයි නංගිවයි බලා ගන්න නදීගෙ තාත්තා කොච්චටර කැප කරාද කියලා

"ඔව් අවුලක් නැ ඔයාට "

"නදී පුතා තමා බෙහෙත් දැන්මෙ අතට ඒ දුවත් හොදටම බය වුනා උබ කොස් ගහක් කඩන් වැටිලා වගේ බිම පතබෑවිලා ඉද්දි "

"අම්මා.............එහෙම අපහස කරන්න එපා අනේ "

අම්ම කියපු එකට සනුදිට කේන්ති ගියෙ නැ ලැජ්ජ හිතුනා අලුතින් අදුර ගත්තු අක්කල දෙන්න ඉන්න නිසා එත් අම්ම කිව්ව එක ඇහිලා සනුදිට පොඩි හිනාවකුත් ආවා නදී අක්කා බය වෙලා එයාගෙ අතට බෙහෙත් දැන්ම කියලා

"හරි හරි දැන් වුන දේ වුනා උබට ආයෙ කුස්සියට රිංගන්න බැ පිහි අල්ලන්න බැ මොනා හරි ඕනෙ නම් මට කියහන් හොදද "

"හි හොදයි අම්මේ "

"ම් හරි හරි බලන්නකො දැන් දවල්ට කන වෙලාවත් ඇවිත් නේ එන්න අපි මොනව හරි හදමු "

" අපි දෙන්නත් එන්නද නැන්දට උදව් කරන්න "

"අනේ වද වෙන්න එපා පුතේ මන් කරගන්නම් "

"අනාගත ලේලී පොඩ්ඩට උයන්න කියලා දෙන්න අම්මේ......"

සනුදි කිව්ව එකට ඔක්කොමලම පුදුම වුනා කෙල්ල හිනා වෙවී පිටි පස්ස බැලුවහම දැක්කෙ සිංහය කකා හිටිය මස් කෑල්ල කවුරු හරි උදුරු ගෙන ගිහින් ඒ කෙනාව කන්න යන සිංහයෙක් වගේ ඒකනම් ආයෙ නෑ සනුදි හොදටම බය වුනා බය වෙච්ච පාර දිව්වා උඩ තට්ටුවට ගිය ගමන් කාමරේ හැමතැනින්ම වග ගත්තා

"මොකක්ද යකෝ උබ අර පල්ලෙහා කිව්වෙ ආ !! "
කවිදු කෑගහල ඇහුවා

"ඇත්තනේ කිව්වේ ඔයා ශයිනි අක්කට කැමතියි කියලා මම දන්නෝ......!! "

"යකො හෙමින් කියහන් ගෙදර මිනිස්සුන්ට ඇහෙයි "

"ආ ඒ කියන්නෙ මන් කිව්ව එක හරිනේ ආ ලේලිට කෑම හදන්න පුරුදු කරන්න කිව්ව එක "

" හරි තමයි ඒත් ශයිනි මට කැමති වෙන එකක් නැ "

"ඒ මොකද "

සනුදි කවිදුගෙ කටහඩේ දුක ඇහිලා දොර හෙමින් ඇරියා

"මොකද මන් පිස්සු කර කර ආතල් එකේ ඉන්න කොල්ලෙක් කිසි දෙයක බරක් පතලක් දන්නෙ නැහැනෙ "

"අඩො බ්‍රෝ මොකෝ මේ උබ කවදාවත් ඔහොම ඉදල නෑනේ "

" මෙහෙම තමා බොල මන් ඉන්නෙ මේ ප්‍රශ්නෙදි"

" කවද ඉදන්ද ලව් "

" එයාව දැක්ක මුල් කාලෙ ඉදන් "

"ම්.....එහෙමෙයි "

"ඔව් බන් නංගි කෙල්ල පට්ට අහිංසකයි , කට සැරයි , ටකරම වගේ වාචාලයි මන් වගෙම තමා ඒත් ගොඩක් හොදයි මාව එයා තමයි ගොඩක්ම තේරුන් ගන්නෙ "

"ම් ම් ලව් එක නැගලම ගිහින් බස් එකේ ඒත් කොට්ටාව හරියෙන් බැහැගෙන එන සීන් එකක් නේද තියෙන්නෙ "

"ඔව් නගේ "

"මොකෝ කේස් එක "

"එයාට ගෙදරින් Arrange marriage එකක් බලලා"

"😲 මොකක් ඇයි අඩේ මෙච්චට වේලස්සනින් "

"ඒකනෙ නගෙ නදී අක්කට මුලින් කසාදයක් කරලා ඉවර වෙලා ශයිනිට කරානම් මන් එයාව කොහොම හරි මට කැමති කර ගන්නවා ඒ වෙලාව තුල "

" ම් ඒකත් ඇත්ත හැබැයි "

නදීගෙ මැරේජ් එක ගැන කිව්වහම සදුනිට දැනෙන්න ඕනෙ නැති දුකක් දැනුනා අර අපි කියන්නෙ විහින් දා ගන්නව කියලා අන්න ඒ වගේ විහින් දුක් වෙනෝ

"ඒක වැඩක් නැ දැන් අපි බලමුකො පස්සෙ උබ වරෙන් පහලට යන්න කට්ටියට උදව් කරහන් පහලට ගිහින් ආයෙ අරහම කියන්නෙ නැ "

"හි හි නැ නැ කියන්නැ "

කවිදුගෙ හොද පිටේ පාරක් කාගෙන පහලට දුවන් ගිය සනුදි ආව ගමන් ගියේ කුස්සියට කෑම හදන්න උදව් කරන්න ඒත් අම්මා කෙල්ලව කුස්සියෙ පැත්ත පලාතෙ තිබ්බෙ නැ ආව ගමන් හැන්දකුයි , සීනී බෝතලෙයි බින්ද නිසා කෙල්ල අත තිබ්බෙ කොහෙද බඩුවක් කැඩෙනො අනිවා කවිදුත් පහලට ආව සනුදි කවිදුයි එක්ක සිංදුවක් දාගෙන හිනා වෙවී නට නට හිටිය කෙල්ලට නදී හිටියා කියලා ගානක් නෑ සිංදු ඇහුනහම ආයෙ නටනො නයා පරාදයි අම්මයි නදීයි ශයිනියි හිනා වෙවී මේ අයියා නගෝගෙ නාඩගම බල බල හිනා වෙවී ඉව්වා

රෑ 7 වෙද්දි උයලා ඉවර වුනා සනුදිගෙ තාත්ත 8 වගේ වැඩ ඇරිලා ආවා තාත්තා ආව ගමන් නදී තාත්තගෙ හිත දිනා ගත්තා මොකද නදී කතා කරන විදිහෙන් හැසිරෙන විදිහෙන් ලොකු Responsibility එකක් තියෙන දැරවියක් කියලා තාත්තට තේරුන නිසා

තාත්තා වොශ් එකක් දාලා ඇවිත් කට්ටිය එක්ක මේසෙට ඇවිත් කෑම බෙදාගෙන වාඩි වුනා

"ඔන්න අද කෑම හැදුවෙ මන් නෙමෙ මහත්තයො "

"එහෙනම් කවුද ඉව්වෙ "

"මෙන්න මේ කෙල්ලො දෙන්නො "

"එහෙමද එහෙන බලමු රස "

තාත්තා ඉක්මනට ව්‍යාන්ජනයි බතුයි බෙදාගෙන කටවල් දෙකක් තුනක් කෑවා කට්ටිය කන්නැතුව බලන් හිටියෙ තාත්ත කියන එක අහන්න

"ම්.....ම් මේකට මන් වැඩිය ආස නැ "

"ඔ.. සොරි මාමේ ටිකක් අවුල් ඇති "

"මොකද මන් මේකට ගොඩා....ක් ආසයි ගොඩක් රසයි පුතේ දෙයක් කියන්නම් ඔයාලගෙ නැන්ද හදන කෑම වලට වඩා රහයි "

"අනේ යන්න මහත්තයා "

අම්ම තාත්තගෙ අතට ගැහුවා

"මේ ලමයා කවිදුගෙ බැජ්මේට් කෙනෙක්ද "

"අ නැ මාමෙ මගෙ නංගි මේ ඉන්නෙ මෙයා කවිදු එක්ක එකම වැඩ පලේ වැඩ කරන්නෙ "

"එහෙමද එතකොට ඔය ලමයා දන්නෙ කොහොමද "

"ඊයෙ පාටි එකෙන් අදුර ගත්තෙ මන් කවිදු ගැන ටිකක් දන්නව ඊයෙ තමයි තව සනුදි ගැනත් දැන ගත්තෙ "

"ආ... එහෙම අද මෙහෙ ආවෙ "

"මොනවද මහත්තයො අහන ප්‍රශ්න ආගන්තුකයන් ආවහම ඇයි ආවෙ අහනවද "

"නැ නැ නෝනේ මොනා හරි වැඩක් තියාගෙනද දන්නෙ නැනේ ආවෙ ඒකයි ඇහුවෙ "

"නැ මාමෙ වැඩක් නම් නැ ඊයේ කවිදු එයාගෙ පර්ස් එක දාලා ගිහින් අපේ නංගි ඒක අරන් දෙන්න අමතක වුනා ඊයේ ඒ නිසා උදේ දීලා යන්න හැදුවහම නැන්දා තියා ගත්තෙ "

" ආ හරි පුතේ ගණන් ගන්න එපා නිකන් ඇහුවේ "

"කමක් නැ මාමේ "

ආ ඒක තමයි නදී අක්කයි ශයිනි අක්කයි මෙහෙ උදේන්ම ඇවිත් තියෙන්න්‍ර් කමක් නැ මගෙ දවසක් හොදට ගෙවුනනෙ එයාව දැකලම

සනුදි එහෙම හිත හිත ඉදලා නදීගෙ හිනාවෙ සද්දෙට ආයෙ සිහියට ඇවිත් මූණත් රතු කරන් කන්න ගත්තා කට්ටිය කාල බීලා රෑ 10 වෙන්න ඉස්සෙලා කවිදු දෙන්නව ගෙදර Drop යන්න හැදුවා සනුදිත් ශේපෙට අයියගෙන් අහලා දෙන්න එක්කම ගියා බස්සන්න

අද එක කොහොමද Comments , Like , Share කරන්න 🌝❤

Author shanu

Continuer la Lecture

Vous Aimerez Aussi

1M 54.9K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
1.3K 289 6
Love is not about finding the right person but creating the right relationship. It's not about how much love you have in the beginning but how much l...
197K 4.1K 42
A Man forced to Kill A Man forced to become Inhuman A Man forced to Sacrifice A Man forced to Suffer One Man forced to seek REVENGE! When only V...
679K 33.5K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...