𝑻𝒉𝒆 𝑭𝒐𝒙 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎...

By Armygirl920

1.3K 323 669

• කාලෙකට ඉස්සර ඉදන්ම මිනිස් ලෝකයෙන් වෙන්වුන තවත් ලෝකයක් තිබුනා .. • ඒක එක නොපෙනන දොරකින් එහා පැත්තේ තිබුන ගො... More

Intro 🦊
Prologue 🦊
⚜️ 1 ⚜️
⚜️ 2 ⚜️
⚜️ 3 ⚜️
⚜️ 4 ⚜️
⚜️ 5 ⚜️
⚜️ 6 ⚜️
⚜️ 8 ⚜️
⚜️ 9 ⚜️
⚜️ 10 ⚜️
⚜️ 11 ⚜️
⚜️ 12 ⚜️
⚜️ 13 ⚜️
⚜️ 14 ⚜️
⚜️ 15 ⚜️
⚜️ 16 ⚜️
⚜️ 17 ⚜️
⚜️ 18 ⚜️
⚜️ 19 ⚜
⚜️ 20 ⚜️
⚜️ 21 ⚜️
⚜️ 22 ⚜️
⚜️ 23 ⚜️
⚜️ 24 ⚜️

⚜️ 7 ⚜️

44 12 21
By Armygirl920

එයාපෝට් එකේ සෑහෙන්න සෙනඟක් එකතු වෙලා හිටියා .. ඒ වගේම සෙනග අතරින් කැමරා කාච කීපයක්මත් කෙනෙක් වෙනුවෙන් බලන් හිටියා .. හවස හතරයි තිහ .. ඇමරිකාවේ ඉදන් කොරියාවෙ inchon airport එකට එන Plane එකේ එක පැසෙන්ජර් කෙනෙක් වෙනුවෙන් මේ හැමොම හවස තුන , තුන හමාරේ ඉදන්ම මෙතන එක්‍ රැස්වෙලා ඉන්නේ ...

තවත් විනාඩි පහක් හයක් යද්දි ඇමරිකා වල ඉදන් inchon ආව ගුවන්‍ යානයෙන් බැහැලා එක ලගේජ් බෑක් එකකුත් එක්කලා terminal එකේ ඉස්සරහට එමින් හිටිය ඒ කෙනාව දැකලා රැස්වෙලා හිටිය හැමෝම යටිගිරියෙන් කෑගහන්න ගත්තා ..

සුදු පාටට හුරු සරල ශර්ට් එකක් එක්ක කළු පාට loose trouser එකක් එයා ඇඳලා හිටියා .. ඒ වගේම එයා එයාගේ කඩවසම් මූණ වැහෙන්නම කළුපාටින් මාස්ක් එකක් දාගන හිටියේ එයා වෙනුවෙන් සෙනඟ එක්ක කැමරා කාචත් මෙතන රැස්වෙන බව දැනගන වගේ ...

' White Prince '

කොරියාවෙ ඒ නම ගොඩක් ප්‍රසිද්ධයි .. හරියටම කිව්වොත් එයා ඇමරිකාවම හොල්ලපු ප්‍රසිද්ධ මොඩ්ලර් කෙනෙක් .. White prince කියන අනුවර්ත නාමය නම් ඒ කෙනාගේ සුදු හමට ගොඩක් හොඳට ගැලපුනා ...
එයා කොරියානු සම්භවයක් ගත්තට අවුරුදු ගානක් තිස්සෙ ජීවත් උනේ නම් ඇමරිකාවෙ .. ඒත් පෞද්ගලික හේතුවක් මත White Prince කොරියාවට එනව කියන ආරංචිය සෑහෙන්න ඉක්මනට පැතිරුනා .. ඉතින් ඔන්න අද එයා වෙනුවෙන් එයාගේ රසිකයින් රැස්වෙලා හිටියා ... ඒත් ඒ කෙනා ඒ තරම් කතාබහට කැමති කෙනෙක් නෙවෙයි ... පෙනුමෙන් උනත් ටිකක් ගුප්ත පාටක් ඒ කළු ඇස් වල තිබුනා...

ඒ වගේම එයාගේ ලඟින් තවත් කෙනෙක් හිටියා.. පෙනුමෙන් මැදිවයසේ උන ඒ කෙනා තවත් සූට් කේස් එකක් ඇදගන ඉස්සරහට ආවා ... හැම කෙනෙක්ම white prince කියන නම කෑගහද්දි උනත් කොල්ලා බිම බලාගනම ආවෙ අර මැදිවියේ කෙනා ඒ අහල පහලට එන කැමරාමන් ලව එහෙ මෙහෙ කරද්දි .. එයා bodyguard කෙනෙක් නම් නෙවෙයි ඒත් එයා හැසිරුනේ white prince ව ආරක්ෂා කරන විදියේ හැසිරීමකින් ..

Airport එකේ entrance එකටම කරලා නතර කරපු සුදු පාට කාර් එක white prince වෙනුවෙන් තමයි බලන් හිටියේ .. එයා කෑගැහිලි මැද එලියට එනවත් එක්කම අර වාහනේ ඩ්‍රයිවර් දොර ඇරලා දුන්නා .. ඒ හැටි සද්ද බද්ද වලටත් කැමැත්තක් නැති නිසා එයා වාහනේට නැග්ග ගමන් ටිකක් සැරට දොර වහලා දැම්මේ අනෙක් පැත්තෙන් අර මැදිවියේ කෙනාත් ඉස්සරහා පැසෙන්ජර් සීට් එකට නගිද්දි ...

" අදල් ඔයාට ප්‍රශ්නයක් නෑනේද ? "

" ම්හ් .. මේ සද්ද බද්ද එක්ක ඔලුව පැලෙන්න වගේ .. ඉක්මනට යමු "
වාහනේට නැග්ග ගමන්ම සීට් එකට ඔලුව හේත්තු කරගත්ත එයා ඇස් පියාගනම මිමිණුවම ඩ්‍රයිවර් ඉක්මන් කරලා airport එකෙන් වාහනේ එලියට අරන් ආවා ..

ඇමරිකා වල ඉදලම දැන් කොරියාව ඒ ඇස් වලට හුරුපුරුදු නැති තරම් ... වාහනේ වීදුරුවෙන් එලියේ පේන ඒ පරිසරය දිහා එයා ටිකක් වෙලා බලාගන හිටියා ..

" ශැඩෝ තාමත් නිශ්ශබ්ද ද අදල් ? "
ඉස්සරහා සීට් එකේ වාඩිවෙලා හිටිය ඒ මැදිවියේ මනුස්සයා පිටිපස්ස සීට් එකට ඔලුව හරවලා එහෙම අහද්දි සීට් එකට ඔලුව හේත්තු කරන් එලිය බලන් හිටිය කොල්ලා ගේ තොල් අග හිනාවක් මතු උනා ..

" ආනිහ් .. කාලෙකට පස්සෙ එයා ඉන්නේ කලබලෙන් අජුශ්ශී .. "
ඒ තොල් වල හිනාව , ඒ කළු ඇස් වල බැල්ම ගොඩක් තියුණු වගේම සෙල්ලක්කාර උනා ...
" Calm down baby .. ඉක්මනට ඔයාට ඔයාගේ ගොදුර අල්ලගන්න පුළුවන් okay ? "
එයා තමන්ටම එහෙම කියාගනිමින් තමන් එක්කම හිනාවෙද්දි ඉස්සරහා ශීට් එකේ හිටිය මැදිවියේ මනුස්සයත් ටිකක් සද්දෙන් හිනා වෙලා සීට් එකට හේත්තු උනා ..

" ඔව් ඉක්මනටම "
නිල් ඇස් හිමි උන ඒ මැදිවියේ පුද්ගලයා තමන්ටම එහෙම කියාගත්තා .. ඩ්‍රයිවර් වාහනේ ගොඩක් ඉක්මනට ගෙනිච්චේ සෝල් වල ලොකු Appartement එකක් ඉස්සරහට ..

******

එලීසා හිටියේ එයාගේ ගෙදර බැල්කනි එකේ ..  කැළෑවක් මැද්දට වෙන්න හදලා තිබුන ඒ ගෙදර හැම දේම වගේ ලී වලින් නිපදවලා තිබුනා .. හරියට එලීසා දැන් වාඩිවෙලා පැද්දෙන ඒ පුටු ඔංචිල්ලාව වගේ ..

බැල්කනි එකට හරි ලස්සනට කැළෑව පෙනුනා .. එලීසා කල්පනාවට වැටිලා හෙමින් පැද්දෙන ඔංචිල්ලාවට වෙලා ඒ ගහකොල දිහා බලන් හිටියා ..

" එලී ! "
හදිසියේම තමන් පැද්දෙන ඔංචිල්ලාවටම කෙනෙක් බර වෙලා තමන් ලඟින්ම ඉදගන්න ගමන් එයා එලීසගේ නම සද්දෙන් කිව්වෙ එලීසව බය කරන්න හිතාගන උනත් , එලීසා හිනාවෙලා හැරිලා බැලුවා මිස බය උනේ නම් නෑ ..

" අප්පා .. ඔයාට අමතක වෙනවද මට ඉව තියෙන බව ආ .. "
හැමදාම ජිමින් එයාගේ දල් ව බොරුවට බයකරන්න පැන්නට පස්සෙයි එයාට මතක් වෙන්නේ එයාටත් ඉන්නේ එයා වගේම දුර තියාම ඉව දැනෙන හිවල් දුවෙක් බව ..

එලිසා හිනාවෙවී කියද්දි ජිමින් හුස්මක් හලලා එලීසගේ කම්මුලකට හැලුන කොණ්ඩේ හෙමින් පස්සට කරලා රැදෙව්වා ..  එයාගේ දල් දැන් ගොඩක් ලොකුයි .. එයාටත් වඩා උසත් ගිහින් ..

" හ්ම් .. ඒකත් ඇත්ත .. මොනාද ඉතින් ඔය හැටි කල්පනා කරන්නේ ම්ම් ? "
ජිමින් එහෙම ඇහුවම එලීසා ජිමින්ගේ උරහිසට ඔලුව තියාගත්තා .. ජිමිනුත් එන්න එන්නම වයසට යනවා .. Anax කෙනෙක් නිසාම හයිය හත්තියෙන් අඩුවක් ඒහැටි නොවුනට එයාලා වයසට යන එකේ වෙනසක් උනේ නෑ ..

" ඔලුව රිදෙනවා වගේ ටිකක් අප්පා .. කෝ ජන්කුක් ලා සාලෙද ? "

" ම්ම් ඔව් .. කට්ටිය යන්න හදන්නේ .. මම ආවෙ ඔයා කොහෙද බලන්න .. ගොඩක් රිදෙනවද ? "
ජිමින් හැරිලා එලීසගේ නලලට අත තියලා බැලුවා ..

" ම්හ් නෑ දැන් අඩුයි වගේ .. "
ජිමින්ගේ උරහිසට හරිබරි ගැහිලා ජිමින්ගේ අතෙත් එල්ලුන එලීසා හිනා වෙලා කිව්වම ජිමින්ටත් හීන් හිනාවක් ආවා ...

.
.

ජන්කුක් ලා ගොඩක් වෙලා එලීසා ලා එක්ක රැදුනා .. ඒ ඉඳලා රෑ කෑමත් කාලයි එයාලා ගියේ .. හෙට උදෙන්ම ආයේ ස්කූල් යන්නත් ඕන නිසාම එලීසත් කාමරේට ආවා .. එයාලට ඒ හැටි මහන්සි දැනෙන්නෙ නෑ ශරීරෙට ඒත් කෙල්ලගේ ඔලුවට ලොකු වෙහෙසක් දැනුනා .. සාමාන්‍ය මනුස්සයෙක් කවදාවත් විශ්වාස නොකරන දේවල් ගොඩක් එලීසගේ ජීවිතේ අද දවසෙදි සිද්ධ උනා .. අඩුම තරමෙ කෙල්ල මනුස්සයෙක් වත් නෙවෙයි .. ඒත් ඒකාලේ ජීමින් කලා වගේ එලීසා කවදාවත් දුක් උනේ වත් , තමන්වම පිළිකුල් කරගත්තෙ වත් නෑ තමන් හිවලෙක් උන එකට නම් .. කෙල්ල කැමතිම දේ උනේ අනිත් අයට වඩා වෙනස් කෙනෙක් වෙන එක .. ඉතින් හරි .. එලීසා තමා මේ ලෝක දෙකටම ඉන්න එකම red Fox vixen ..

******
Next Day ...

එලීසා ක්ලාස් රූම් එකේ බෑග් එක තියලා ඒ පිම්මෙන්ම ක්ලාස් එකෙන් එලියට දිව්වා .. එයා දන්නවා මේ වෙද්දි ජන්කුක් ඉන්නේ කොහෙද කියලා ..

කෙල්ල එයාගේ හුළඟේ යන කොන්ඩේ ගැනවත් තැකීමක් නැතුව වේගෙන් බාස්කට් බෝල් කෝට් එක පැත්තට දිව්වා .. ඒ වෙද්දි ජන්කුක් තනියමම බාස්කට් බෝල් practice වෙවී හිටියා .. දැන් මැචස් ලඟ නිසා ජන්කුක් නිතරම වගේ කෝට් එකට යන්න පුරුදු වෙලා.

" Hey ! "
ජන්කුක් බවුන්ස් කර කර හිටිය බෝලේ හදිසියේම වෙන කෙනෙක් උදුරලා අරන් ගියාම ජන්කුක් කෑගැහුවා .. ඒ එක්කමයි එයා දැක්කේ බෝලේ ගානට ශූට් කරලා හැරුන එලීසව ..
" එලී ? "

" Good morning baby "
එලීසා බෝලේ ආයෙම බවුන්ස් කරලා ජන්කුක් ට පාස් කලාම ජන්කුක් හිනා උනා .. මොනා උනත් එලීසා වෙනුවෙන් ජන්කුක් පෙන්නන හිනාව වෙනස්ම එකක් .. ඒත් එලීසට තමන්ට ආදරේ කරන හිතක නැති බව ජන්කුක් දන්නවා .. කෙල්ල ජන්කුක් ට විශේෂයක් කලාට ජන්කුක් ව ආදරවන්තයෙක් විදියට කෙල්ලට නොදැනුනේ faded loom නිසා වෙන්නත් ඇති .. ඒත් මොකක්දෝ හේතුවකට ජන්කුක් එයාගේ faded loom එක්ක ආදරෙන් වෙලිලා හිටියා ..

ඒ නිසාම ජන්කුක් ආස කලා එලීසා එයාට lovely nicknames වලින් කතා කරන එකට .. හරියට දැන් කලා වගේ ..

" Good morning , මොකෝ අද කෝට් එකට බැස්සෙ ? "
එලීසා තමන්ට දාපු බෝලේ ආයෙම බවුන්ස් කරලා එලීසට පාස් කරපු ජන්කුක් එහෙම අහද්දි කෙල්ල බෝලේ බවුන්ස් කරන් ඉස්සරහට යන්න හැදුවත් ජන්කුක් එයාව බ්ලොක් වෙන්න හිටගත්තා ...

" ආ .. ඇයි අපිට හොඳනැද්ද ? "

" මාව පාස් කරන්න පුළුවන් ද ? "
ජන්කුක් එලීසගේ ඉස්සරහින් කෙල්ලගේ පැත්තට නැමීගන හිටියා .. එලීසා අමාරුවෙන් බෝලේ බිම බවුන්ස් කරන ගමන් ජන්කුක් ගෙන් ඈත් කරගන හිටියා .. දෙන්නාගෙම හුවමාරු උනේ තොල් කොනක කපටි හිනාවක් ..

" Bet එකක් දාමුද ? "
එලීසා ඇහිබමක් උස්සද්දි ජන්කුක් තොල් උල් කරලා හිනා උනා ..

" දවසෙම ලෙක්චර්ස් ඉන්නෝන .. එකක් වත් කට් නොකර "
ජන්කුක් කපටි විදියට හිනා උනාම එලීසගේ කට ලොකූවට ඇරුනා ..

" Damn no way ! "
කෙල්ල තරහින් වගේ කියලා අනිත් පැත්තට කැරකිලා ජන්කුක් ව මගෑරලා බෝලේ අරන් යද්දි ජන්කුක් හිනාවක් දාලා කෙල්ලගේ පස්සෙන් ගියා .. දෙන්නම විනාඩි දහයක් විතර bet එක වෙනුවෙන් තරඟ කලා .. ජන්කුක් ගොඩක් දක්ෂයි බ්ලොක් කරන්න .. එලීසා දක්ෂයි බ්ලොක්ස් මගාරින්න ..

කොහොම හරි එලීසා ගෙ අතෙන් ජන්කුක් ට බෝලේ හම්බුනා ... ජන්කුක් black fox කෙනෙක් නිසා හොර කිරිලි තිබ්බෙ නෑ .. ඒත් එලීසා ? කෙල්ල එක්ක ඒවා බෑ .. එයා ජන්කුක් ගේ කරේ එල්ලුනාම ජන්කුක් ට මොකුත්ම කරගන්න බෑ .. එලීසා කෝලා කෙනෙක් වගේ ජන්කුක් ගේ කරට නැගලා බෝලේ ගන්න දැඟලුවා ..

" යාහ් ! "

" ලෙක්චර්ස් ඉන්න බෑ මට මෝඩයෝ ! "
ජන්කුක් ගෙන් අමාරුවෙන් බෝලේ උදුරගත්ත එලීසා ජන්කුක් ට දිව දැම්මේ එහෙම කියමින් ...

" Cheat කරන්න බෑ එලී "

" අහ් .. අපි rules ගැන කතා උන්නෑනේ ඉතින් "
එලීසා පල් එකට හිනා උනාම ජන්කුක් ඇස් හීන් කරලා එලීසට රවලා බැලුවා .. ඒ එක්කමයි කෙල්ල හැරිලා ශූට් කරන්න try කලේ .. මේ ගෝල් එක ගත්තොත් කෙල්ල bet එකෙන් දිනුම් .. ඒ කියන්නේ දවසෙම ජන්කුක් ටත් ලෙක්චර්ස් කට් කරලා එලියේ ඇවිදින්න වෙනවා එලීසා එක්ක ..

කෙල්ල බෝලේ ශූට් කරන්න උස්සද්දිම ජන්කුක් පිටිපස්සෙන් ඇවිත් එලීසගේ අත් වටෙන් අත දාලා බෝලේ අල්ලගත්තා ..

" ඒයි ! එහෙම බෑ "

" No rules darling "
එලීසගේ කනට එහෙම කොඳුරපු ජන්කුක් එලීසගෙන් බෝලේ උදුරගන්න දඟලද්දි කෙල්ලත් ජන්කුක් ව අයින් කරන්න උත්සාහ කලා .. ටිකක් වෙලා යද්දි දෙන්නටම හිනාත් එක්ක .. ජන්කුක් එලීසව පිටිපස්සෙන් බදාගන බෝලේ අල්ලගන හිටියේ එලීසා ජන්කුක් ගේ අත් වලින් බෝලේ පන්නගන්න හදද්දි ..

දෙන්නා bet එකකට සෙල්ලම් කලාට දුර ඉඳන් බලන ඕනිම කෙනෙක් දකීවි ඒ දෙන්නා ගොඩක් මැචින් කපල් එකක් බව .. එලීසගේ හිනාව ගොඩක් ලස්සනයි .. එලීසා දිහා ජන්කුක් බලන බැල්ම ගොඩක් ආදරණීයයි ..

ඒත් හදිසියේම ඇහුන කෑගැහිලි හූ කියවිලි එක්ක එලීසත් ජන්කුකුත් ගේම් එකේ අවධානෙන් ගැල උනා .. ඒත් දෙන්නම තාමත් හිටිය විදියමයි .. එයාලා එහෙම්මම ඉදන් හැරිලා බැලුවා මොකක්ද ඒ සද්දෙ කියලා ..

අන්න එතකොටයි දෙන්නම දැක්කේ සුදු පාට මාස්ක් එකක් දාගන නිශ්ශබ්දව බෑග් එකත් උස්සන් කෝට් එක ලඟින් ක්ලාසස් පැත්තට යන කොල්ලෙක් ගේ පස්සෙන් කෑගහගන ඇදෙන සෙනඟ දිහා .. ජන්කුක් වගේම එලීසා මූණට මූණ බලාගත්තා .. ඒත් තව වෙනකන් දෙන්නම බෝලේ අතාරින්න නම් කිසිම විදියකින් අදහසක් නෑ .. Bet එකක් වෙනුවෙන් නේ ඉතින් ඔය ..

" ඒ කවුද ? "
ජන්කුක් එහෙම අහද්දි එලීසත් දන්නෙ නෑ කියන්න මූණ ඇද කලා ... ඒ එක්කම ජන්කුක් නිකමටයි බෝලේ ටිකක් තමන්ගේ පැත්තට ඇද්දෙ ..

" ආ හා .. මම තාම bet එකේ කුක් "
එලීසා හිනාවෙලා ඇහිබැම් උස්සද්දි ජන්කුක් ඇස් හීන් කරා ..
කෝට් එක ගාවින් ඉස්සරහට යමින් හිටිය අර කොල්ලා කෝට් එක ලඟින් නතර උනා .. ඒ හැරුනම එයා දැක්කා මේ කපල් එක .. බෝලේ බේරගන්න බැරුව හිනාවෙවී ඉන්න ජන්කුක් එලීසා දිහා එයා නතර වෙලා බලන් හිටියේ එයාගේ පස්සෙන් ආව කෙල්ලො හැමෝමත් එයාගේ ලඟ නතර වෙලා කෑගහන එක වත් නාහයි ..

" ඒයි ! බෑ එලී ඔයා strong ! "
ජන්කුක් කෑගැහුවේ තරහින් හිනාවෙලා .. එලීසත් හයියෙන් හිනා උනා ..

ඒත් එක්කම කෙල්ලට නිකම්ම බැලුනේ කෝට් එක ගාව නතර වෙලා හිටිය කෙනා දිහා .. කෙල්ලට මොකක්දෝ දේකට ඒ පැත්ත බලන්නම හිතුනා .. මාස්ක් එකට මූණ වැහිලා තිබුනට එයාගේ කළු ඇස් පැහැදිලිව එලීසට පෙනුනා .. ඒවා එලීසා දිහාම බලන් හිටියා .. අමුතුයි !

" අහ් .. "
එලීසා ගැස්සුනා එයාගෙ අතේ තිබ්බ බෝලෙට වැදුන පාරත් එක්ක ඒක උඩ පැනලා ජන්කුක් අල්ලගත්තම ..

" Focus එලී !"
ජන්කුක් හිනාවෙලා බෝලේ බවුන්ස් කරද්දි කෙල්ලට තේරුනා එක මොහොතකට එයාගේ අවධානේ ඒ කෙනාට ගිය බව .. ජන්කුක් දිහා ඇහැක් හීන් කරලා බලපු එලීසා ජන්කුක් ව බ්ලොක් කරන්න ඉස්සරහට පැන්නා .. එයාට ඇස් කොනින් පේනවා තාමත් අර කොල්ලා එතනම හිටගන බලන් ඉන්න වග ..

එලීසගේ හිත දිගටම කියන්න ගත්තා ඒ පැත්ත බලන්න කියලා .. බෝලේ ජන්කුක් බවුන්ස් කරද්දි කෙල්ල ආයෙත් තත්පරේකට අර කෙනා දිහා බලන්න ඇති .. ඒ ඩිංගට ජන්කුක් එලීසව මගෑරලා ශූට් කරන තැනට බෝලේ බවුන්ස් කරන් අරන් යද්දිත් එලීසා අර ඇස් දිහා බලලා අහක බලාගත්තා ..

" කුකී !! "
බෝලේ ශූට් කරන්න හැදුව ජන්කුක් ව ගැස්සිලා ගියා එලීසා කෑගැහුවම .. එයා හැරිලා එලීසා දිහා බලද්දි කෙල්ල ඔලුවත් අල්ලන් බිම දණගහන් හිටියා .. ජන්කුක් ට බෝලේ අතෑරුනේ ඉබේමයි .. එයා වේගෙන් දුවලා ගිහින් එලීසාගේ ලඟින් දණගහගත්තා ...

" එලී ?! "
ජන්කුක් කෙල්ලගේ කම්මුලක් අල්ලද්දි එලීසා අතකින් ඔලුව අල්ලන් හිටියා ..
" එලී ඇයි මේ .. මොකද උනේ ? කලාන්තයක්ද ? "

" අහ්හ් මම ... මම දන්නෑ ඒත් මොකක්ද උනා .. crimson කලබල උනා ... "
කෙල්ල ජන්කුක් දිහා බැලුවේ නොසන්සුන් බැල්මකින් ...

" Crimson ? ඇයි ඒ ? "
එලීසා ට දාඩියත් දාලා තිබුනා ... කෙල්ල දාඩිය පිහිදමින් ආයෙම වතාවක් අර නතර වෙලා හිටිය කොල්ලා දිහා බැලුවා .. එයා එලීසා දිහා තාමත් බලන් හිටියා ..

" ඌ මොනාද බලන්නේ ? "
ජන්කුකුත් දැක්කා ඒ කොල්ලා එලීසා දිහා නතර වෙලාබලන් ඉන්න බව .. එයා එලීසගේ කම්මුලක් හෙමින් අතගාන අතරේ හැරිලා ඒ කොල්ලට රැව්වා ...
ඒ එක්කම එයා එතනින් හැරිලා ආයෙත් පාඩුවේ ක්ලාසස් පැත්තට යද්දි එලීසා දිගටම ඒ කොල්ලා දිහා බලන් හිටියා ..

" එලී මොකද උනේ කියන්නකො .. ඔයාට අමාරුද ? crimson කලබල උනේ ඇයි ? "

" අහ් මම දන්නෑ කුකී .. හ්හාහ් දැන් ටිකක් හරි වගේ .. ච් ඔයා දන්නවනේ crimson හිටි ගමන් බොරුවටත් මාව කලබල කරනවා "
එලීසා අර කොල්ලගෙන් ඇස් ජන්කුක් ගේ පැත්තට අරන් කියද්දි ජන්කුක් හෙමින් එලීසව අල්ලලා නැගිට්ටුවා ...

" ශුවර් ද නිකම් කියලා ? "

" ම්හ් ඔව් .. Crimson දැන් හිතේ හැටියට ඉන්න අරන් .. බලාගමුකෝ "
කෙල්ල තරහින් එහෙම කිව්වම ජන්කුක් එලීසගේ ඉනෙන් අල්ලලා තමන්ට බර කරගත්තා ..

" කැරකිල්ල වගේද ? "

" ම්ම් ඔව් ටිකක් .. අපි වාඩිවෙමුද ටිකක් "
එලීසා එහෙම කිව්වම ජන්කුක් කෙල්ලව කෝට් එකෙන් පිට තිබ්බ බෙන්ච් එකේ වාඩි කලා ...

" ඔයා හොඳින් නේද ? ඩොක්ටර් ව හම්බෙන්න ඕනද ? "

" ඕන්නෑ කුකී .. ම්හ් දැන් හරි වගේ .. ඒක නිකන් .. අනේ මන්දා එක පාරට ආවෙ .. Crimson කලබල උනා .. A .. I mean එයා හොඳටම කලබල උනා .. "
එලීසා අතකින් නළල මිරිකගනිද්දි ජන්කුක් එලීසගේ පාමුල දණගහන් කෙල්ලගේ උරහිසක් හෙමින් මසාජ් කලේ එයාව සන්සුන් කරන්න ...

" දැන් Crimson හොඳින්ද ? "

" හ්ම් ඔව් .. ඒත් සම්පුර්ණයෙන්ම නෑ ".

'Crimson' කියන්නේ එලීසගේ inner fox .. හරියට ජන්කුක් ගේ 'කෙරි' වගේ .. එලීසාමයි එයාගේ පළවෙනි පරිවර්තනයෙන් පස්සෙ එයාගේ fox ට ඔය නම දුන්නේ .. සමහර වෙලාවල් තියෙනවා ක්‍රිම්සන් , එලීසට කීකරු නොවෙන .. එයත් එලීසා වගේම මුරණ්ඩු සැර කෙනෙක් .. ඉතින් අදත් ඒක උනා ... ඒත් අද ක්‍රිම්සන් ගොඩක් කලබල උනා .. එලීසගේ ඇඟට දරාගන්න බැරි තරමටම ..




__________________

අනේ ඉතින් පරක්කු උනා .. විභාගෙ තිබ්බනේ .. ආයේ මාසෙකින් වගේ එන්නේ විභාගෙ .. එතකන් පුළුවන් ඉක්මනට දෙන්නම් හොදේ .. 🙁

ඉතින් පැහැදිලියි නේද Crimson , කෙරි දෙන්නා ගැන තේරුනා නේද ?

කතාව බෝරිං වගේද දන්නෑ හී ..

ඔන්න දැන් ඔයාලා බලන් හිටිය කෙනාවත් ගෙන්නුවා .. 🌝

ඔයාලා හොඳින්ද .. ?

දරුවනේ ඔයාලා හරිම වටින ජීවිත හරිද ...

කවුරුත් කියලා නැති උනාට ඔයාලා දක්ෂයි ..
කිසි කෙනෙක් කැත නෑ .. ඔයාලා හැමෝම ලස්සන ළමයි..
මේ ලෝකේ ප්‍රශ්න නැති මිනිස්සු නෑ .. අපි හැමෝටම මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා ..
එහෙම කියලා සතුට නොලැබී තියෙන්නෙ නෑ .. ❤️

ඇත්තම කතාව සතුට අපිට ලැබෙන දෙයක් නෙවෙයි .. අපි ලබාගන්නෝන දෙයක් ..

දෙයක් දිහා බලන විදියෙන් , ජීවිතේ සිද්ධි පිලිගන්න විදියෙන් තමා සතුට දුක තීරණය වෙන්නේ ..

කොහොම උනත් මට කියන්න ඕන උනා මම ඉන්න බව .. ඕනිම කෙනෙක් ට කතා කරන්න පුළුවන් මා එක්ක හොදද .. 🥰

කතා කරන්න කෙනෙක් උවමනා නන් මම ඉන්නවා හොදේ ..

කාලයක් මම ඔය වචන ටික නොකියා හිටියා .. දැන් ඒ අවුල හරි .. ආයෙම මට පුළුවන් ඔයාලා එක්ක කතා කරන්න ..

ම්ම් ඉතින් මම ගිහින් එන්නම්
🦊🦊

__Candy__

Continue Reading

You'll Also Like

26.8K 1.1K 25
After a scandalous incident at her old school, Naomi moves across the country to start a new life. Afraid of people finding out about her past, she l...
27.9K 803 200
As Ninjago city fall into ruins in the hands of Emperor Garmadon, the resistance and the SOG would have to form an unwilling alliance after the disco...
1.8K 452 30
"2018 දී වුන ඒ සිද්ධිය....??ඒක කොහොමද මේකට සම්බන්ධ??" Read for more...
487 141 11
අල්ලන් යන්න බැරි අතක්..... අරගෙන ඇවීද බොහෝ දුරක්..... හංගා මතක හුස්මෙ තියන්..... තනිවීම ප්‍රේමයක්.......💔