𝑻𝒉𝒆 𝑭𝒐𝒙 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎...

By Armygirl920

1.3K 323 669

• කාලෙකට ඉස්සර ඉදන්ම මිනිස් ලෝකයෙන් වෙන්වුන තවත් ලෝකයක් තිබුනා .. • ඒක එක නොපෙනන දොරකින් එහා පැත්තේ තිබුන ගො... More

Intro 🦊
Prologue 🦊
⚜️ 1 ⚜️
⚜️ 2 ⚜️
⚜️ 3 ⚜️
⚜️ 5 ⚜️
⚜️ 6 ⚜️
⚜️ 7 ⚜️
⚜️ 8 ⚜️
⚜️ 9 ⚜️
⚜️ 10 ⚜️
⚜️ 11 ⚜️
⚜️ 12 ⚜️
⚜️ 13 ⚜️
⚜️ 14 ⚜️
⚜️ 15 ⚜️
⚜️ 16 ⚜️
⚜️ 17 ⚜️
⚜️ 18 ⚜️
⚜️ 19 ⚜
⚜️ 20 ⚜️
⚜️ 21 ⚜️
⚜️ 22 ⚜️
⚜️ 23 ⚜️
⚜️ 24 ⚜️

⚜️ 4 ⚜️

56 17 30
By Armygirl920


" එලී .. "
ජන්කුක් එද්දි එලීසා හිටියේ එයාගෙ කාමරේ .. කෙල්ලට හොඳටම තරහා ගිහින් අනික දුකත් හිතිලා .. ජන්කුක් දොර ලඟට වෙලා කතා කලත් කෙල්ල ජන්කුක් ව නෑහුනා වගේ ජනේලෙන් එලියේ ඈතින් පේන nixen එක දිහා බලන් හිටියා ..

" හ්හාහ් එලී listen to me .. "

" No කුක් .. තවත් මොකුත් අහන්න ඕන නෑ මට .. පේනවද අප්පා ඕනෙවට වඩා මාව පරිස්සම් කරනවා .. අහ් මම පුංචි එකෙක් නෙවේනේ "
ජනෙල් පඩිය උඩ වාඩි උන එලීසා ජනේලෙට ඔලුව හේත්තු කලා ..

" බබා .. අහන්නකො .. අජුශ්ශී ඔයාට ආදරෙයි ... සමහර දේවල් තියෙනවා අදාල කාලෙදි ම කියන්න ඕන .. ඉතින් මේකට හේතුවත් එහෙම එකක් වෙන්න ඇති ම්ම් .. "
ජන්කුක් ඉස්සරහා හැමදාමත් වගේ එලීසා සන්සුන් උනා .. මොකද Red fox ලව හීලා උන එකම තැන Black Fox කෙනෙක් නිසා ..

" හ්ම්හ් .. ඒත් කුකී ඔයා දන්නවනේ මට හොයාගන්න ඕන දේවල් ගොඩක් මං වටේට තියෙන බව .. "
එලීසා එයාගේ රතු ඇස් ජන්කුක් ට හැරෙව්වම ජන්කුක් හුස්මක් හලලා කෙල්ල එක්කම ජනෙල් පඩියෙ අනෙක් පැත්තෙන් වාඩි උනා ..

" ඔයා කියන්නේ අර ඔයාට පේන හීන ගැන නේද ? "

" හ්ම් ඔව් .. මට දැනෙනවා අප්පා හංගන දේවල් මට ඒ පේන දේවල් එක්ක සම්බන්ධ ඇති කියලා .. ඒකයි මට ඕන මේක ඉක්මනට විසඳගන්න කුක් "

" ඒත් එලීසා .. ඒක අනතුරුදායකයි .. ඔයාට පේන හීන ඒ තරම් ලස්සන ඒවා නෙවෙයි කියලා ඔයා හොඳටම දන්නවනේ .. ඉතින් අජුශ්ශී බය ඒක වෙන්න බැරිද .? "

" ඒත් මම බය නෑ නේ කුකී .. මම red fox කෙනෙක් .. අනික මම Nine tailed Anax කෙනෙක් ගේ දුවෙක් .. ඇයි මම බයවෙලා fox world එකෙන් ඈතට දුවන්නෝන ආ "
එලීසා හැමදාම ඔහොමයි .. කෙල්ලට කරන්න ඕන දේ කරලමයි එයා පස්ස බලන්නේ .. කෙල්ලව සන්සුන් කලාට ජන්කුක් ට වත් බෑ සමහර වෙලාවට එලීසගෙ තීරණ නම් වෙනස් කරන්න ..

" ච් එලීසා ඔයා කියන දේ අහන්න ඕන .. මේක සෙල්ලමක් නෙවේනේ .. හැමවෙලේම අපිට හිතෙන දේ කරන්න බෑ .. අපි හෙමින් හොයාගමු .. "
ජන්කුක් ට තරහා ගිය පාර එයත් කෙල්ලට කෑගැහුවම එලීසා වාඩි උන තැනින් නැගිට්ටා ..

" ඔයා මා එක්ක එනවද ? අප්පා එක්ක රහස් රකිනවද ? Choose .. "
එලීසගේ ඇස් හරි ස්ථීරයි .. ජන්කුක් හුස්මක් හලලා නැගිට්ටේ ඒ ඇස් දිහා එක එල්ලේ බලාගන ..

" එලී please .... ඔයා දන්නවා මගේ තත්වේ .. "

" චහ් .. Anax ට පිටින් යන්න බෑ කියලනේ ඔයා ඔය කියන්නේ ? Okay then .. ඔයාට බැරි උනාට මට පුළුවන් නේ ඒක "
ජන්කුක් ට ඇහිබමක් උස්සලා නක්කල් හිනාවක් දැම්ම කෙල්ල හැරිලා කාමරෙන් එලියට දිව්වෙ ජන්කුක් ට වත් හිතාගන්න බැරි වේගෙන් ..

" No ! එලී ! එලී නවතින්න .. "
ජන්කුක් ව ගැස්සිලා ගියා .. ඇයි මේ කෙල්ල කියන දෙයක් අහන්නෙම නැත්තේ ! ජන්කුක් කෑගහගන කාමරෙන් එලියට දිව්වා ..

" අනේ මන්දා අප්පා මට තේරෙන්නෑ මම__ අහ් එලීසා !? එලී කොහෙද ඔය යන්නේ ? "
අප්පත් එක්ක කතාබහේ හිටිය ජිමින් ඉක්මනට පුටුවෙන් නැගිට්ටේ එලීසා පඩිපෙල දිගේ දුවනවා දැකලා .. ඒත් ජිමින්ගේ හඬ නෑහුනා වගේ කෙල්ල ගෙදරින් එලියට බැස්සා ..

" එලී ! ටිකක් ඉන්න "
ජන්කුක් පඩිපෙල බැහැලා එනවත් එක්කම ගෙදර දොරකඩ ඉදන් ගාඩ්න් එක පැත්තට පැනපු එලීසා ඒ පිම්මෙන්ම එයාගේ red fox විදියට පරිවර්තනය උනාම ජන්කුක් ආයෙත් කෙල්ලට කතා කලා .. ඒත් නෑ ! එලීසාට යන්න ඕන තැනට එයා යනවම තමා ...

" God ! කොහෙද මේ කෙල්ල මේ රෑ යන්නේ "
ජිමින් බය වෙලා අහද්දි එතනට යූජිනුත් දුවන් ආවා ...

" ආයිශ් !! "
ජන්කුක් තරහින් පඩිපෙල ට කකුලෙන් පාරක් ගහලා ජිමින් දිහා බැලුවේ වරදකාරී මූණකින් ..

" ජන්කුක් මොකක්ද උනේ කියන්න ? "

" අහ් අජුශ්ශී එයාට හීන පේනවා .. I .. I don't know .. එයාට නිල් ඇස් දෙකක් පේනවා .. තව මහ අමුතු කෑගැහිලි කටහඬවල් , අහ් ලේ ඉහිරුන nixen එකක් ... ඒ හැමදෙයක් එක්කම අර නිල් ඇස් එයාට පේනවා "

ජන්කුක් අතකින් නළල මිරිකමින් කියද්දි ජිමින්ගේ කොන්ද දොග් ගාලා පඩිපෙලේ අත්වැටේ ඇනුනේ එයාගේ කකුල් ඉබේම අප්‍රාණික උන නිසා ..

" දෙයියනේ "
ජිමින්ගේ අප්පගෙත් ඇස් ලොකු උනා ඒ කතාව අහපුවම .. එයාලා බලාපොරොත්තු උනා එලීසාව මේ කිසිම දෙයක් නොදන්න ගානට තියන්න .. ඒත් කාලයක් තිස්සෙ ඉදන් එලීසා මේක දැනන් ඉඳලා ..

" ජන්කුක් ඇයි ඒක දැන්_ අහ් ඇයි කලින් නොකිව්වෙ !! "
ජිමින් තරහින් කෑගහද්දි එයාගේ Anax ගේ ගෙරවුම ගොඩක් සැර උනා .. ජන්කුක් තොල් හපාගන බිම බලාගත්තා ...

" අහ් .. මම .. අජුශ්ශී එලී මගෙන් පොරොන්දුවක් ගත්තා .. මම කොහොමද ඒක කඩන්නේ .. එයා මගේ loom .. මියාන්හෙයෝ "
ජන්කුක් බිම බලාගන කියද්දි ජිමින් යූ ජින්ගේ අතෙන් අල්ලගත්තා ...

" යූජිනී මම එලීව බලලා එන්නම් .. මම රෑ උනොත් ජන්කුක් ව එවන්න .. "

" නෑ ! නෑ අජුශ්ශී මාත් එනවා .. "
ජන්කුක් ට බෑ එලීසව අතාරින්න .. කෙල්ල මේ වෙලාවෙ යන්නෙ කොහෙද කියලා ජන්කුක් වගේම ජිමින් හොඳාකාරවම දන්නවා .. ඉතින් ජන්කුක් කොහොමද ගෙදරට වෙලා ඉන්නේ .. එලීසා එයාව ඈත් කරලා තිබ්බ හැමදේකටම ආයෙම අත තියන්නයි යන්නේ ..

" හ්ම්හ් හරි එහෙනන් "

" ජිමින් එලීට කෑගහන්න එපා ප්ලීස් .. "
යූජින් ජිමින්ගේ අතේ එල්ලුනාම ජිමින් හුස්මක් හලලා ගෙයින් එලියට පැන්නෙ එයාගේ Anax ස්වරූපෙන් .. ඒ වගේම ජන්කුකුත් දිග ලෝම තියෙන black fox කෙනෙක් විදියට වෙනස් වෙලා nixen එක පැත්තට දුවන්න ගත්තේ එලීසා ව නවත්තන්න ..

ඔව් .. කෙල්ල හදන්නේ nixen එකේ දොරෙන් අනවසරයෙන් ඇතුල් වෙන්න .. ඒක ජන්කුක් ජිමින් දෙන්නටම දැනුනා ... ඒත් ඒක එහෙම උනොතින් ලොකු ප්‍රශ්නයක් වේවි .. ජිමින් යටගහන්න හදන එලීසගේ දෛවය ආයෙම එලියට ඒවි .. එලීසගේ පස්සෙන් දැනටමත් ඒ නිල් ඇස් පන්නනවා .. ඉතින් දැන් කෙල්ල ඉන්නේ ලොකු අනතුරක නෙවේද ?

*******
A/N - වරහන් ඇතුලේ දාන්නේ Fox ලා අතර වෙන දෙබස් ...

ජිමින් වගේම ජන්කුක් පුළුවන් ඉක්මනට එලීසගේ ඉව දිගේ දිව්වා .. ඒ අතරේ ජිමින් නිතරම අවධානෙන් හිටියා එලීසා fox world එකේ දොරට ලංවෙනවා දැනෙයිද කියලා ...

( " කෙරී ඉක්මන් කරන්න ... ! " )
ජිමින් එහෙම කතා කලේ ජන්කුක් ට .. ඔව් .. එයාලා එකිනෙකාගේ ඇඟ ඇතුලේ ඉන්න foxව එයාලා එක එක නම් වලින් හැඳින්වුවා .. එතකොට ජන්කුක් ගේ ඇඟ ඇතුලේ හිටිය ඒ කළු හිවලව ජන්කුක් නම් කලා ' කෙරී ' කියලා .. fox world එකේ භාෂාවෙන් කළු කියන අර්ථෙ ඒ නමට තිබුනා ..

එයාලා එකිනෙකා පරිවර්තනය උනාම ගොඩක්වෙලාවට පාවිච්චි කරන්නෙ එයාලගේ inner fox ගේ නම තමා ...

(" නෝ එලීසා ඕක කරන්න එපා ")
ජිමින් ගොරවලා කියද්දි ජන්කුක් තවත් බය උනා ... ජන්කුක් ට එලීසගේ සිතුවිලි ඇහෙන්නේ නෑ .. ඒක loom ලා අතර තියෙන දෙයක් උනත් එලීසා කියන්නේ ජන්කුක් ගේ lasting loom නෙවෙයිනේ .. ඉතින් faded loom ව lasting loom වගේ එයාලට ඇහෙන්නේ නෑ .. ඉතින් ජන්කුක් ට බෑ සිතුවිලි වලින් එලීසා එක්ක කතා කරන්න .. ඒත් ජිමින් fox world එකේ දොර එක්ක ලොකු සම්බන්ධයකින් ඉන්නේ .. එයාට දැනෙනවා එලීසා දැන් දොර ලඟට ලං වෙනවා කියලා ..

ජිමින් තවත් ඉක්මන් කලා .. ඒ කළු ගස් කැලේ ගොඩක් විශාලයි .. ජිමින් වේගේ වැඩි කරද්දි ජන්කුකුත් ජිමින්ගේ පස්සෙන් දිව්වෙ ගොරවමින් ...

එයාලා fox world එකත් මිනිස් ලෝකයත් වෙන් කරන දොර ලඟට යද්දි එයාලා දැක්කා එලීසා එතනට වෙලා හිටගන ඉන්න බව ..
එයාලගේ පරිවර්තනයෙන් පස්සෙ එයාලා මනුස්ස ස්වරූපයට පරිවර්තනය වෙද්දි එයාලට ඕන කරන ඇඳුම් එයාලා nixen එකේ තැන තැන රැදෙව්වා ..
එලීසත් ජන්කුකුත් ඒක පුරුදු උනේ ජිමින්ගෙන් ..
ඉතින් එලීසා ඒ වෙද්දි එයාලා ඇඳුම් රදවන තැනකින් ඇඳුම් අරන් තිබුනා .. ජන්කුක් ලා එද්දිම වගේ කෙල්ල එයාගේ ඇඳුම් ඇඳලා ඉවර කරලා දොර ඉස්සරහා හිටගත්තේ ..

" ගර්ර්ර්ර්ර් "
ජිමින් ගේ ගෙරවිල්ල ඇහුනම එලීසා ලාවට ඔලුව පැත්තට හරවලා ජිමින් ලා දිහා බලලා ආයෙත් අහක බලාගත්තා ..
ඒ සැනින් ජන්කුකුත් ජිමිනුත් මිනිස් ස්වරූපයට පරිවර්තනය උනා ... එයාලා ඇඳුම් රඳවපු තැනකින් අරන් ඇඳගන්නකනුත් එලීසා කලේ ඒ දොර දිහා බලන් හිටිය එක ...

" එලීසා .. ඇයි මෙහෙම මුරණ්ඩු ඔයා ! "
ජන්කුක් එලීසගේ අතෙන් අල්ලගත්තම එලීසා අත ගසලා දැම්මා ..

" ඔයා දන්නවනේ කුකී ඒකට හේතුව .. "

" එලී හදිස්සි වෙලා මේවා විසදන්නබෑ දල් .. කියන එක අහලා අපි කතා කරමු ම්ම් .. ඔයාට පුළුවන් මා එක්ක ඔක්කොම බෙදාගන්න .. මම__ "

" බැහැ අප්පා.. ඔයා .. අහ් ඔයා ආයෙත් මාව මේවයින් අයින් කරන්නයි හදන්නේ ! "
කෙල්ල තරහින් කෑගහලා ජිමින් ලගේ පැත්තට හැරුනේ දොරට පිටිපස්ස පහරවලා ...

" එලී ප්ලීස් අපි අජුශ්ශී එක්ක මේක කතා කරමු .. අනවසරෙන් ඔයා එහෙට ඇතුල් වෙන එක ලොකු ප්‍රශ්නයක් "
ජන්කුක් ඉස්සරහට ආවත් ඒ එක්කම එලීසා පස්සට අඩියක් තිබ්බේ කෙල්ලගේ පිට ඒ දොරේ ගෑවී නොගෑවී බේරෙද්දි ..

" හ්හ් එලී ! අ අහ් හරී .. හරි ඔයාට ඕන එහෙට යන්න නන් okay මා එක්ක යමු .. ඒත් ඔතනින් එහාට වෙන්න .. ඔයා අනවසරෙන් ඇතුලට යන එක භයානකයි "
ජිමිනුත් ඉස්සරහට අඩියක් තියලා අත දික් කලාම කෙල්ල හුස්මක් හලලා අත්දෙකම එකට මිටමොලවන් ජිමින් දිහාත් ජන්කුක් දිහාත් බලන් හිටියා ...

" ඔයාලා දෙන්නම මට ගොඩක් දේවල් හංගනවා ... මම පුංචි එකෙක් නෙවේ ඒක නොතේරෙන්න .. "

" එලී "
ජන්කුක් ඔලුව ඇල කරලා අසරණව බැලුවේ එයා මේ හැමදෙයක්ම කලේ එලීගේ ආරක්ෂාවට නිසා .. ඒත් ඇත්තටම ජන්කුක් උනත් දන්නෙ නෑ එලීසා හොයන මේ නිල් ඇස් ගැන නම් .. ඒත් ජිමින් ! එයා දන්නවා වෙන්න යන දේ ..

" දල් අහන්න .. ඔව් ඔයා තමයි මේ හැමදේම බලාගන්න ඉන්න ඊලඟ කෙනා .. මම දන්නවා ඔයාව fox world එක බලාපොරොත්තු වෙනවා .. මට සමාවෙන්න ඔයාව මෙච්චර කාලයක් එහෙන් ඈත් කලාට .. "
ජිමින් හෙමින් ඉස්සරහට ආවා .. එලීසා එයාගෙ අප්පා දිහා බලාගන හිටියා මිස එතනින් එහාට මොකුත්ම කිව්වෙ නෑ ...

" ඔයාට පුළුවන් ද මට පොරොන්දුවක් වෙන්න .. ම්ම් "
එලීසගේ ලඟට ආව ජිමින් කෙල්ලගේ අතෙන් අල්ලගත්තම තමා ජන්කුක් ට හුස්මක් හැලුනේ..

" පොරොන්දුවක් ? අහ්හ් ආයෙත් ? ඒ පාර මොකක්ද ? "
එලීසා නළල රැලි කරාම ජන්කුක් ඉස්සර වෙලා කෙල්ලගේ වැලමිටෙන් ඇදලා එයාව nixen එකේ දොරෙන් ඈත් කරලා තමන් ලඟට ඇදලා ගත්තා ..

" ඔයා හරිම මුරන්ඩුයි ! දන්නවද ඒක ආ .. "
ජන්කුක් තරහින් කෙල්ලගේ වැලමිටෙන් තද කරලා අල්ලගන කිව්වම එලීසා බිම බලාගත්තා ...

" මියාන් "
කෙල්ල බිම බලාගන කට ඇද කලාම ජන්කුක් ඇස් පියාගන හුස්මක් හලලා කෙල්ලගේ අත අතෑරියා ....

" හ්ම්හ් අහන්න දල් .. මම දන්නවා මම ඔයාගේ පුංචි කාලෙ ඉදන්ම ඔයාගෙන් ගොඩක් දේවල් හැංගුවා.. ඒක කලේ ඔයා දුර්වලයෙක් කරන්න නෙවෙයි එලීසා .. මට ඕන උනේ ඔයාව පරිස්සම් කරන්න .. මොකද මම දන්නවා red fox කෙනෙක් ගේ හැටි .. මම දන්නවා ඔයා මේවා හාරවුස්සලා ප්‍රශ්නයක් දාගන්න බව .. ඒකයි මම__ "

" ඒතරම් දෙයක් වෙන්න තරන් මොකක්ද අප්පා මගේ වටේ තියෙන ප්‍රශ්නේ ? අහ් .. "

" අහන්න .. ඔයාට හීන පේන බව ඇයි මට නොකිව්වෙ ? "
ජිමින් එහෙම ඇහුවම බිම බලන් හිටිය කෙල්ලගේ ඇස් ලොකු උනා .. එයා සැනින් ඔලුව උස්සලා ජිමින් දිහා බැලුවා ..

" මොහ් ? කුක් ? "
ඊට පස්සෙ කෙල්ල ඔලුව හරවලා බැලුවේ ජන්කුක් දිහා .. ජන්කුක් හීන් හිනාවක් දාලා බිම බලාගත්තා ...

" අහ් සොරි එලී.. මට කියන්න උනා ඒක ... "

" ච් ග්ර්ර්ර්ර්ර්  "
එලීසා ජන්කුක් එක්ක තරහින් අහක බලලා කටෙන් සද්දයක් දාලා ගෙරෙව්වා ...

" එලීසා මට උත්තර ඕන .. ඇයි ඔයා මට ඒක නොකිව්වෙ ආ .. "

" මට ඒක තනියම හොයන්න ඕන උනා අප්පා .. ඒකයි මම නොකිව්වෙ "
ජන්කුක් ටත් රැව්ව එලීසා ජිමින්ට එහෙම කියලා කකුලෙන් එතනම තිබ්බ ගලකට ගැහුවෙ කෙල්ලගේ ශක්තිමත් පාරට ඒ ගල සැරට දුරට විසික් වෙද්දි ...

" හ්ම්හ් මට පොරොන්දු වෙන්න දල් .. ඔයාගෙ පස්සෙන් පන්නන ඒ නිල් ඇස් වලින් පරිස්සම් වෙනවා කියලා .. ම්ම් "
ජිමින් ආයෙම එලීසගේ අතකින් අල්ලගත්තා... එයා එහෙම කිව්වම එලීසා නළල රැලි කරලා ජිමින් දිහා බැලුවා ...

" අප්පා කියන්නේ ඒ නිල් ඇස් එන්නේ මගේ පස්සෙන් කියලද ? මම එයාගෙන් පරිස්සම් වෙන්න ඕනද? "

" ඔව් .. ඔව් එලීසා ඔයා අනිවාරෙන් පරිස්සම් වෙන්න ඕන ... එහෙම නොවුනොත් ඔයාට කරදරයක් වේවි .. අහ් Anax විදියට මෙච්චර කල් මම අනවසරයන් ඔයාව fox world එකෙන් ඈත් කලේ ඒකයි .. "
ජිමින් හුස්මක් හලලා අහක බලාගත්තා .. මේ කිව්වට එයාට එලීසා ගැන බයයි ..

" හ්ම්හ් හරි එහෙනම් .. එතකොට මට ඒ නිල් ඇස් කවුද කියලා හොයාගන්න ලැබෙන්නෙ නැද්ද ? "

" එලී ඒක නෙවේ මෙතන වැදගත් දේ .. ඔයා පරිස්සම් වෙන එකයි අපිට ඕන ... ඒ ගැන හොයන්න ගිහින් ඔයාට කරදරයක් වෙයි කියලයි මටත් බය .. ඔයාම දන්නවනේ ඒ හීන ඒ තරම් ලස්සන ඒවත් නෙවේ "
ජන්කුක් එහෙම කිව්වම එලීසා අප්සට් එකේ අහන් හිටියා .. කෙල්ලට ඕනිමයි ඒ නිල් ඇස් ගැන දැනගන්න , අනික ඇයි හැමදාම එයා තමන්ගේ හීනවලට එන්නේ කියලා දැනගන්නත් කෙල්ලට ඕන .. මොකක්ද ඇත්තටම ඒ ඇස් එක්ක තමන්ට තියෙන සම්බන්ධේ .. ?

" ඒත් __ අහ් .. අප්පා ඔයා දන්නවා නේද ඒ ඇස් කාගෙද ? ඇයි එයා එහෙම කරන්නෙ කියලා ? ඔයාට බැරිද ඉතින් මට ඒක__ "

" එලීසා Enough ! එකක් තෝරගන්න .. ඒ නිල් ඇස් ද fox world එකද ? "
ජිමින්ට තරහා ගියා .. එයා කෑගැහුවම එලීසා පවා ගැස්සුනා ..

" එ ඒත්__ අහ්හ් okay .. "
අකමැත්තෙන් උනත් කෙල්ල කැමති උනා එයාට පේන හීන ගැන හොයන එක නවත්තන්න .. ජිමින්ට ඒක නම් ලොකු සැනසීමක් ..

ජිමින් ලාවට හිනා උනා .. එයා එලීසට අතක් දික් කලාම කෙල්ල එයාගේ අප්පා දිහා බලන් හිටියේ පුදුමෙන් වගේ ..

" ඇත්තටම ද  ? "
ජන්කුක් දිහාත් බලලා පුදුමෙන් ජිමින් දිහා බලපු එලීසා එහෙම ඇහුවම ජිමින් ආයෙත් ලාවට හිනා උනා ..

" තවත් ඔයාව දුර්වලයෙක් කරන්න මට ඕන නෑ එලීසා ... පොරොන්දු රකිනවා නම් මම ඔයාව එහෙට එක්ක යන්නම් .. "
කෙල්ලගේ අතෙන් අල්ලගත්ත ජිමින් එහෙම කිව්වම එලීසා සතුටින් බිම බලලා හිනා උනා ...

" මා එක්කම ඇතුලට යමු .. ජන්කුක් ඔයත් එන්න "
ජන්කුක් ටත් කතා කරපු ජිමින් එලීසාගේ අත තදින් අල්ලගත්තා .. ඔන්න එලීසා පළවෙනි වතාවට fox world එකට අඩිය තියන්නයි යන්නේ .. කෙල්ලට දැනුනා එයාගේ නිදහස් අතෙන් ජන්කුක් අල්ලගන්නවා ..

ජිමින්ගෙත් ජන්කුක් ගෙත් මැදින් එලීසත් ඒ නොපෙනෙන දොරට අඩිය තිබ්බා ... ජිමින් ජන්කුක් දෙන්නටම මේක අරුමයක් නොවුනට කෙල්ලට මේක අලුත් දෙයක් .. ඒ නිසාමයි එයා ජන්කුක් ගෙත් ජිමින්ගෙත් අත් තදින් අල්ලන් දොරට අඩියතියලා ඇස් පියාගත්තේ ...

.
.

" එලීසා ... ඇස් අරින්න .. අපි ඇවිත් ඉන්නේ "
ජිමින් ගේ අතින් තදින් අල්ලගන ඇස් පියාගන ඉන්න කෙල්ලට ඇහුනා කන ලඟින්ම ජන්කුක් ගේ කටහඬ ....

වහගන ඉන්න ඇස් වලට දැනුනා තද එලියක් ..කෙල්ල හෙමින් එයාගෙ ඇස් ඇරියේ ජන්කුක් ජිමින් දෙන්නගෙම අත්වල එල්ලිලා ..

" wow !!! "
කෙල්ලගේ දුඹුරු ඇස් හරි ඉක්මනට එයාට පේන පරිසරය දිහා බලන්න ගත්තේ එයාට ජිමින්ගෙත් ජන්කුක් ගෙත් අත් අතෑරුන බව වත් නොදැනී ...







_____________________

අනේ සොරි පරක්කු උනාට .. සුට්ටක් ලෙඩ උනා මම ඊයේ දෙන්න හිටියේ මේක .. 🙁

ඉතින් ඔන්න කතාව පටන් ගත්තා .. ☺️

බෝරිං වගේද ? එහෙම නම් කියන්න හොඳද ..

සමහර වෙලාවට අපේ ජීවිතේට fantasy කියන දේත් අවශ්‍යයි .. ඒත් කවදාවත් ෆැන්ටසියයි ඇත්ත ජීවිතෙයි පටල ගන්න එපා ...

ෆැන්ටසියේ දකින මිනිස්සු ඇත්ත ජීවිතේ බලාපොරොත්තු වෙන්නත් එපා .. එහෙම පටල ගත්ත අය කීපදෙනෙක් මට මුණගැහුනා .. ඒත් ඇත්තම කතාව සාමාන්‍ය ජීවිතේ කවදාවත් ඒ ආදරණීය ෆැන්ටසිය නෙවෙයි ..
කොහෙත්ම ඒවගේ අයව බලාපොරොත්තු වෙන්න එපා .. ෆැන්ටසියේ ගොඩ නගන මිනිස්සු , ඒ සිතුවිලි , ඒ ආදරය මේ ලෝකේ හොයන්න එපා .. ඒක මෝඩ වැඩක් හොඳද පැටවු ..

යතාර්තය කියන්නේ තිත්ත දෙයක් .. ෆැන්ටසිය වගේ පැණිරස නෑ හොඳද .. ❤️

ඉතින් මම ගිහින් එන්නම් ඉක්මනට ...
🦊🦊

__Candy__

Continue Reading

You'll Also Like

15.6K 2.1K 13
කොහොමද කියුටි 😏 අවසානෙට ඔයාට මන් ගාවට එන්න වුනානේ . බුදාම්මෝ 🤧එන්න එපා ළගට එහාට යනවා Husband ට එයාගෙ Wife ගාවට එන්න අවසර ඕනිනැහැ කියලා දන්නැද්ද ඔ...
12.8K 2.4K 14
වෘකයෙක්... මනුස්සයෙක්... තරුවක්... 🥇 Best werewolf fanfiction 500- by SL_wattys (1st place) 🥈 Best werewolf fanfiction 500- (2nd place) (Cover...
27.9K 803 200
As Ninjago city fall into ruins in the hands of Emperor Garmadon, the resistance and the SOG would have to form an unwilling alliance after the disco...
810 56 18
"𝚂𝚎𝚎 𝚢𝚘𝚞 𝚕𝚊𝚝𝚎𝚛 𝚋𝚕𝚘𝚗𝚍𝚒𝚎!" IN WHICH, Leah Davis was just a normal teen girl who moved into Outerbanks with her mother to hide from he...