ටේහ්‍යුන්ග්,ජන්කුක්,ජිමින්,මින්හෝ හිටියේ හොටෙල් එකේ ගාර්ඩ්න් එකේ තිබුන බෙන්ච්වල.ටේහ්‍යුන්ග් හා ජන්කුක් එක බෙන්ච් එකක වාඩි වෙලා රෑ අහස දිහා බලාගෙන ඉදිද්දි මින්හෝ ජිමින් දෙන්නත් තවත් බෙන්ච් එකක ඉදගෙන හිටියා.
"ජිමින්....අද අහස හරිම ලස්සනයි...."
නිදි කිර කිර හිටපු ජිමින් මින්හෝ කතා කරද්දි ගැස්සිලා ගිහින් ඇහැරුනා.
"ඔ..ඕ...ඈ?..."
"මන් කිව්වේ අද අහස ලස්සනයි කියලා...."
"මොකක්ද අද තියෙන විශේෂත්වය...හැමදාම දකින අහසනේ..."
නිස්කලංක නිසා ටිකක් කතා කරන්න හැදුව මින්හෝට ඒ වෙලේ හිතුනේ කටවහෙගනම හිටියා නම් හොඳයි කියලා.ඒ වුනාට මින්හෝගේ ඇස් එකපාරටම ජිල් බෝල සයිස් වුනේ ජිමින්ගේ කතාවේ අතුරු ප්‍රථිපලයක් ගැන එයාට තේරුන නිසා.
"ජිමින් ඔයා ඒක දැක්කද?....."
"මොකක්ද?...."
"මන් කියන්නේ අහස...."
මින්හෝ කියද්දි එකපාරටම මීටර් වුන ජිමින්ගෙත් ඇස් උඩ යන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
"මට කොහොමද අහස පේන්නේ මින්හෝ හියුන්ගි...මොකද මම....."
"ශ්ශ්ශ්....."
ජිමින් කියන්න ගියපු දේ නවත්තන්න මින්හෝ ජිමින්ගේ තොල් උඩින් ඇගිල්ල තිබ්බේ ජිමින් ඇස් බෝල කරලා මින්හෝ දිහා බලද්දි.
"මට සමාවෙන්න එහෙම දෙයක් ඇහුවට....."
රෑ අහසින් වැටෙන තරුවල ආලෝකයට ටේහ්‍යුන්ගේ ඇස් දිදුලන්න ගනිද්දි ජන්කුක් නැවතුනේ වෙනම ලෝකයක.
"කුකී...."
"අ...ආ?..."
ටේහ්‍යුන්ග් අහස දිහා බලාගෙනම කතා කරපු පාර පියවි සිහියට ඇවිත් ටිකක් කලබල වුන ජන්කුක් බිම බලාගත්තා.
"මොනවහරි කියන්නකෝ...."
ටේහ්‍යුන්ග් කියද්දි ටිකක් සන්සුන් වුන ජන්කුක් අහස දිහා බැලුවේ කියන්න මොකක්හරි හිතන ගමන් වගේ.
"අ...අද අහස හරිම ලස්සනයි....න්...නේද?..."
ජන්කුක් කියද්දි ටේහ්‍යුන්ග් ජන්කුක් දිහා බැලුවේ අහිංසක හිනාවක් මුවේ රඳවගෙන.
"අද විතරක් නෙවෙයි...අහස හැමදාම ලස්සනයි...මොකද තරු කවදාවත් අහස අතාරින්නේ නෑ...සඳත් පුලුවන් නම් හැමදාම අහස එක්ක ඉදිවී කාලෙකට අතුරුදහන් වෙලා යන දෛවයක් එයාට නොතිබුනා නම්..."
එහෙම කියපු ටේහ්‍යුන්ග් ආපහු අහස දිහා බැලුවා.
"ඒත් අහස හැමදාම සඳ වෙනුවෙන් බලාගෙන ඉන්නවා...මොකද අහස දන්නවා එයා ගොඩක් ආලෝකමත් වෙන්නේ සඳ නිසා විතරයි කියලා...ඒකයි සඳ පායපු අහස වෙනදටත් වඩා ගොඩක් ලස්සන...හරියට අද ඔයා ඒ ලස්සන දැක්කා වගේ..."
එහෙම කියපු ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ උරහිසින් ඔලුව තියාගත්තේ ජන්කුක්ගේ ඇස්වල කදුලු පිරෙද්දි.
"ඒ කියන්නේ සඳ ආපහු පායනකන් අහස තරු එක්ක ඉන්නවා..."
"ඔව්...අහස හැමදාම ලස්සනට ඉන්නවා එයාගේ සඳ පායන දවසට ලෝකෙම බබළවන්න බලාගෙන..."
ටේහ්‍යුන්ග් හෙමිහිට මිමිණුවා.තමන්ගේ සහෝදරයව හම්බවෙන්න ඉස්සෙල්ලා ජන්කුක්ට ඕන වුනා ටේහ්‍යුන්ග් එක්ක ඉන්න.මොකද ඉස්සරහට වෙන දෙයක් ගැන දන්නේ දෛවය විතරයි.හැබැයි ටේහ්‍යුන්ග් ඕනම දේකට සූදානමින් ඉන්නේ කියලා ජන්කුක්ට ටේහ්‍යුන්ගේ කතාවෙන්ම තේරුනා.
"ජිමින්! ජිමින්! අන්න උල්කාපාතයක්...."
දෙන්නම ජිමින්ලා ඉන්න දිහා බැලුවේ මින්හෝගේ සද්දෙත් එක්ක.
දීප්තිමත් ආලෝකයක් විහිදුවමින් අහසින් කඩන් වැටෙන උල්කාපාතය දැකපු ගමන් ඇස් පියාගත්තු ටේහ්‍යුන්ග් පුංචි ප්‍රාර්ථනාවක් කරා.
'කුකී මෙච්චර කල් ගෙවපු ජීවිතයෙන් එයාව ඈත්කරන්න...එයාට ලස්සන ජීවිතයක් ලබා දෙන්න දෙවියනි....'
ඒ අතරේ නින්ද ගිහින් එහෙට මෙහෙට වැනුන ජිමින්ව උඩ ගිහිල්ලා ඇහැරුණේ මින්හෝගේ සද්දෙත් එක්ක.
"ආශ්...උල්කාපාතයක් වුනත් හෙනහුරා වුනත් මට මොකද?...."
"විශ් එකක් කරන්න...ඒක අනිවාර්යයෙන්ම ඉෂ්ඨ වෙනවා..."
මින්හෝ ඒක කිව්ව ගමන් නිදිමත අතුරුදහන් වෙලා ගිය ජිමින්ගේ ඇස් බෝල වුනා.....
"ඇත්තමද?......"
මින්හෝ ඔලුව වනද්දි අත්දෙක එකට බැඳගත්තු ජිමින් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.ඒ විදිහටම ඇස් පියාගෙන ප්‍රර්ථනා කරපු මින්හෝ හිතින් හිතුවේ.......
'මොනාමහරි ප්‍රාතිහාර්යකින් ජිමින්ට ඉක්මනින් පෙනීම ලබාදෙන්න දෙවියනි...ජිමින්ගේ ප්‍රාර්ථනාවත් ඉශ්ට කරන්න...'
ඒ අතරේ ජිමින් හිතුවේ........
'මෝහිනිව දැක්කට පස්සේ මම වෙන කිසිම කෙල්ලෙක් දිහා බැලුවෙවත් නෑ කියලා දෙවියෝ දන්නවනේ...ඒ වගේ දෙවියෝ මාව මේ වදකාරයගෙන් බේරලා දුන්නොත් මම ආපහු මගෙ බල්ලටවත් බොරු කරන්නේ නෑ...... ඌත් එක්ක සෙල්ලම් කරද්දි බොරුවට කෝට්ට විසික්කරලා හංගගන්න එකත් නවත්තගන්නවා..ප්ලීස් දෙවියනේ....මාව බේරගන්න...'
___________________________
බීමතින් රාගික නර්ථනය යෙදෙන තරුණ තරුණයින්ගෙන් පිරුණු ක්ලබ් එකේ bar counter එක ළග ඉදගෙන ටිකකට ඉස්සෙල්ලා ගත කරපු මොහොත ගැන හිත හිතා හිටපු ජන්කුක් පිටිපස්ස බැලුවේ එයාගේ ඔලුවට දාගෙන හිටපු හූඩ් එක කවුරුහරි පාත් කරපු නිසා. ඒ වගේම ඒ එයා බලාපොරොත්තු වුන කෙනා.
"උබට එහෙනම් අන්තිමේ මාව මතක් වුනා....."
ඒ කෙනත් කවුන්ටර් එකේ පුටුවකින් වාඩිවෙන ගමන් කිව්වා.
"මන් හිතුවේ උබ තනියෙම හැම ගේම් එකක්ම ගහන්න හදනවා කියලා ජේකේ...."
"ජැක්සන්...."
ජන්කුක් එකපාරටම කතා කරපු නිසා ජැක්සන් ඕනකමින් වගේ ජන්කුක් දිහා බැලුවේ ජන්කුක්ගේ වෙනස් වගේ හිතෙන හැසිරීම නිසා.
"මොකෝ උබ නිකන් සිරිමත් වගේ මූණ හදාගෙන?...."
"අපි මේ දේවල් නවත්තමු....."
"මොකක්?......"
ජැක්සන් පුදුමයෙන්ම අහන වෙලේ එතනට තවත් තරුණයෙක් ආවා.ජැක්සන් එයා දිහා පුදුමයෙන් බැලුවත් ජන්කුක් තමන් ඉස්සරහ හිටපු තරුණයාට එහා පැත්තේ පුටුව පෙන්නුවේ වාඩිවෙන්න කියලා සන් කරලා.මුකුත්ම නොකිව්ව ඒ කෙනා ජැක්සන්ට එහා පැත්තේ තිබුන පුටුව ඇඳලා එතනින් වාඩි වෙද්දි ජන්කුක් එයාලට ඩ්‍රින්ක්ස් ඕර්ඩර් කරේ ජැක්සන් එයා දිහා බල බල ඒ කෙනාව අදුරගන්න උත්සහ කරද්දි.
"මට කාලේ කන්න වෙලාවක් නෑ...."
ජන්කුක්ට එහා පැත්තේ හිටපු කෙනා කියද්දි ජන්කුක් කටකොනින් හිනාවුනා.
"ඉතින් සර් කොහොමත් කරන්නේ ඒකනේ....."
ජන්කුක් කියද්දි ජැක්සන් එයාගේ වම් පැත්තෙන් ඉන්න ජන්කුක් දිහා බැලුවා.
"තේරුම?...."
"මාව අතටම ඇහුවෙලත් ඇයි මාව ඇරෙස්ට් කරන්නේ නැත්තේ මිස්ටර් මින් යුන්ගි?..."
හිනාව අතුරුදහන් කරගත්තු ජන්කුක් අහද්දි ජැක්සන්ගේ ඇස් පොල් ගෙඩි සයිස් වුනේ කටකොනින් හිනාවුන යුන්ගි මත්පැන් වීදුරුවෙන් ටිකක් බොද්දි.
"ඕහ්...ඒ කියන්නේ තමුන් බලන් ඉන්නේ මන් තමුන්ව ඇරෙස්ට් කරනකන්ද?...."
ජැක්සන් ආපහු යුන්ගි දිහා බැලුවා.
"ඔච්චර ලේසියෙන් තමුන් යටත් වෙනවා නම් මේ තරම් කාලයක් පොලීසියෙම ඇස් වහලා නටපු නාඩගම්වල තේරුම මොකක්ද?...."
ඒ සැරේ ජැක්සන්ගේ හදවත ගැහෙන වේගෙත් වැඩිවුනා.එයාගේ සිතුවිලිවල තිබුනේ මේ යකා මට මෙතනට එන්න කිව්වේ මාව පොලීසියට අල්ලලා දෙන්නද කියලා විතරයි.
"මම එහෙම කරා නම් කරේ හේතුවක් ඇතුව...ඒත් තවත් ඉස්සරහට ඒක කරන්න මට හේතුවක් නෑ..."
"අන්න ඒ නිසා මම ඔයාව ඇරෙස්ට් කරේ නැත්තේ......."
යුන්ගි කියද්දි ජන්කුක් ටිකක් පුදුම වුණා.
"එදා මුකුත්ම නොකර තමුන් බාරවෙන්නම් කියලා කිව්ව දවසෙමයි මට තමුන් ගැන සැකයක් ඇතිවුනේ...ඒ නිසා ඔයා කියන විදිහට ඔය තරම් ඉලීගල් අපරාධ කරන්න ඔයාට ඒ තරම් ලොකු හේතුවක් තිබුනා නම් මට ඒ හේතුව දැනගන්න ඕනේ...."
යුන්ගි කියද්දි එකපාරින් වීදුරුව හිස් කරපු ජන්කුක් තවත් වීදුරුවක් පුරවගන්න ගමන් කතා කළා.
"මින් ජීහා...."
ජන්කුක් කියද්දි යුන්ගි පුදුමයෙන් ජන්කුක් දිහා බැලුවා.
"මින් හියුන්සික්..."
ජන්කුක් ආපහු කියද්දි යුන්ගි තවත් පුදුම වුණා.
"මින් ජන්කුක්..."
ජන්කුක් යුන්ගි දිහා බලද්දි යුන්ගියි ජැක්සනුයි හිටියේ තමන් දිහා ඇස් විසල් කරගෙන බලාගෙන.
"තමුන්ගේ පවුලේ අය නේද මිස්ටර් මින් යුන්ගි..."
ජන්කුක් කියද්දි යුන්ගි කටකොනින් හිනාවුනා.
"තමුන් මාව බ්ලැක්මේල් කරන්න හිතනවද?....සමාවෙන්න...එයාලා...."
"එයාලා කිසිම කෙනෙක් මේ ලෝකේ නෑ....ඔයා ඇරෙන්න..."
"හෝව්....හෝව්...."
එකපාරටම දෙන්නම මැද හිටපු ජැක්සන් එතනින් නැගිට්ටා.යුන්ගි දිහා බලපු ජැක්සන්.....
"එතකොට මේ ඉන්නේ......"
ආපහු ජන්කුක් දිහා බැලුව ජැක්සන්.....
"උබ මැරුණයි කියලා හිතන් හිටපු සහෝදරයා?......."
ජැක්සන් පුදුමයෙන් කියද්දි ජන්කුක් බිම බලාගත්තේ එයාගේ ඇස්වල කදුලු පිරෙන්න ගත්තු නිසා.ඒත් පුදුමයෙන් පුදුමයට පත් වුන යුන්ගි එයාගේ ඇහි බැමක් ඉස්සුවා.ටික වෙලාවකින් කටකොනින් හිනාවක් දාපු යුන්ගි......
"මොකක්ද?......"
"ඕහ්.....මට තේරෙනවා උබ මට මෙතනට කතා කරේ මොකටද කියලා ජේකේ....මන් කිව්වේ ජන්කුක්?...."
යුන්ගි හිටියේ තවමත් කිසිදෙයක් හිතාගන්න බැරුව.
එදා පළවෙනි පාරට දැක්ක පුංචි සුරදූතයා ගැන හිත හිත බැල්කනි එකේ ඉදන් ඈතට යන කාර් එක දිහා බලාගෙන හිටපු පුංචි ජන්කුක් දැක්කා ඒ පුංචි සූරදූතයත් එක්කම ආපු වාහන කිහිපයක් තාමත් එයාලගේ ගේ ඉස්සරහ තියෙනවා. එළියේ හිටපු ඒ බොඩිගාඩ් තවත් කිහිපදෙනෙක් එක්ක නැවතත් නිවස පැත්තට එනවා දැක්ක ජන්කුක් ආපහු පහළට ගියේ උස් හඩින් වෙන වචන මාරුව ඇහිලා.
"අපිට එහෙම කරන්න බෑ හියුන්සික්...එයා මිස්ටර් කිම්ගේ දේපළ වැරදි විදිහට පාවිච්චි කරන්නේ....."
"මිසිස් කිම් ජන්ග්හ්‍යුන්ට රැවටිලා ඉන්නේ....මට ඒක අහුවුන නිසා එයා කටවහගෙන ඉන්න කියලා තර්ජනය කරන්න ඔය විදිහෙ හින්ට් එකක් ගහලා ගියේ....."
"ඒත් කිම් කම්පැනි එක ඇතුලේ ඩ්‍රග්ස් ඩීල් වෙන එක ගොඩක් ලොකු ඉලීගල් කේස් එකක්...පොලීසියට නොකියා කොහොමද?..."
"කරන්න දෙයක් නෑ......මේ දේවල් පොලීසියට කියන්න ගිහිල්ලා අපේ ජීවිත ගැන රිස්ක් එකක් ගන්න බෑ ජීහා.."
"ඒත් හියුන්සික්? ආශ් මම දන්නේ නෑ...."
ඔවුන් අතර පැවතුනේ කෙටි නිහඬතාවයක්.එකවරම ෆෝන් එක අතට ගත්තු ජීහා කාට හෝ ඇමතුමක් ගන්න බව දුටු හියුන්සික්......
"ජීහා!....."
"බයගුල්ලෙක් වෙන්න එපා හියුන්සික්...ඔයා කියන්නේ මේ තරම් ලොකු ඉලීගල් වංචාවක් වෙද්දි කටවහගෙන ඉන්න කියලද?.....අනික අර අහිංසක පැටියා ජන්ග්හ්‍යුන් අතට යද්දි මට දැනුනු බය කවදාහරි මිසිස් කිම්ටත් දැනෙන්න ඉස්සෙල්ලා අපි ජන්ග්හ්‍යුන් ගැන සේරම දේවල් එළිකරන්න ඕනේ...."
ඇය අනෙක් පස හැරුණේ ඇමතුමට සම්බන්ධ වෙමිනුයි.නමුත් එකවරම ඇයගේ කොන්ද පෙදෙසට පා ප්‍රහාරයක් එල්ල වුනේ ෆෝන් එක විසික් වෙලා ගොස් ඇයව බිම වැටෙද්දි.එකවරම ඇයගේ මුහුණ අසළට පාත් වූ යම් අයෙක් ඇයගේ කොණ්ඩෙන් ඇද අල්ලගත්තා.
"කියලා කට ගන්න හම්බුනේ නෑ...ඒ ටිකට සේරම පොලීසියට මාට්ටු කරන්න නේද හැදුවේ...."
පෙර ඔවුන් සමග කතා කළ බොඩිගාඩ් නැවතත් ඔවුන් ඉදිරියේ පෙනී සිටියා.ඔහුගේ වියරු කටහඬත් සමග වූ සමච්චල් සහගත සිනහව ඇයගේ බියට හේතුවක් නොවුනත් තමන්ගේ ස්වාමියාව එවැනිම පිරිසක් ග්‍රහණයට හසුකරගෙන සිටින ආකාරය දැක ඇය බියට පත් වුනා.
"පොඩි එකා හිටපු නිසා මිස්ටර් කිම් ඒ වෙලාවේ මුකුත් කරේ නැත්තේ....මිස්ටර් කිම්ට මොලේ තිබ්බ නිසා අපිට ඉන්න කිව්ව එක හොදට ගියා එහෙනම්...."
"ඔයාලා ලොකු වැරැද්දක් කරන්නේ..."
"වැරදියි...වැරදි නිසානේ ඒක ජේහ්‍යුන් කරන්නේ....."
එහෙම කියපු ඒ බොඩිගාඩ් දැක්කේ පඩිපෙළ පාමුල ඉදන් බයෙන් ඇස් විසල් කරගෙන බලන් ඉන්න ජන්කුක්ව.තමන්ගේ අප්පව දණ ගස්සවලා , ඔම්මා පැත්තකට විසික් වෙලා බිම වැටිලා හිටපු විදිහත් දැක්ක ජන්කුක්ගේ අත් වෙවුලන්න ගත්තේ ඉබේටමයි.
"ඔම්මා...."
"ඕහ්...මේ පොඩි එකාද?..."
"යාහ්....මොකාද මගේ මූණේ බලිකුරුටු ඇන්දේ?..."
කෑ ගහගෙන උඩ ඉදන් නිදිමතේම ආවේ යුන්ගි.ඒත් එයාගේ නිදිමත අතුරුදහන් වෙලා ගියේ මැරයෝ වගේ ඉන්න අමුත්තො ටිකව දැකලා.
"එදා මුලු රටේම මිනිස්සු හිතුවේ මින් මැන්ශන් එක ගිනි අරන් මින් ෆැමිලි එකම නැතිවුනා කියලා...ඔයා ජන්කුක්ව පිදුරු මඩුවක් අස්සේ දාලා ගියාට පස්සේ එයා පාරේ තැනින් තැන ඇවිද ඇවිද ඉන්නකොට මගෙ අප්පා අහම්බෙන් මින් ජන්කුක් මැරිලා නෑ කියලා දැනගෙන ජන්කුක්ව එක්කගෙන ආවේ.... මන් දන්නවා එයාට හම්බුනේ හොඳ ෆැමිලි එකක් නෙවෙයි....අපේ අප්පත් ජේහ්‍යුන්ට දෙවෙනි නෑ ඉලීගල් බිස්නස් පැත්තෙන්....කිම්ලා හතුරො වුන අපේ ෆැමිලි එකට ජන්කුක් වගේ කෙනෙක්ට ජොයින් වෙන්න ලැබුනු එක ගැන මගෙ අප්පට තිබුනෙ ලොකු සතුටක්....මොකද පොඩි කාලේ ඉදන්ම ජන්කුක්ව අප්පට ඕන විදිහට හදන්න පුලුවන් නිසා....ඒ නිසා පොඩි කාලේ ඉදන් එයාගේ සිතුවිලිවල තිබුනේ එකම එක දෙයයි.ඒ පලිගැනීම....."
ජැක්සන් කියන සේරම අහගෙන හිටපු යුන්ගිගේ ඇස්වල් කදුලු පිරෙද්දි ජන්කුක් හිටියේ බිම බලාගෙනමයි.එයාගේ ඇස්වලින් වැටෙන කදුළු පාලනය කරගන්න එක ගොඩක් අමාරුවුනා.
_______________________________________
"නෑ...නෑ...බබා...මට මේ පොඩි ගමනක් යන්න වුනානේ...හැල්මෝනිට අසනීප වෙලා නිසා ගමට ගියා එයාව බලාගන්න...අනී නෑ නෑ එයා හොඳින්...මම ආපහු ආවම එන්නම්කෝ ඔයාව බලන්න...හරි...ගුඩ්නයිට්...ලව් යූ..බේබ්..බායි...බීඑස්..ඩීපී...ටීසී...එස්ඩී........."
ෆෝන් එක කට් කරපු ජිමින් සුසුමක් හෙලද්දි කණ්නාඩිය ඉස්සරහ ඉදන් නයිට් ෆේශල් ක්ලීනප් එකක් කරන ගමන් හිටපු ටේහ්‍යුන්ග් ජිමින් දිහා බැලුවේ ඉදකින් ලුක් එකෙන්.
"මමද දැන් ඔයාගේ හැල්මෝනි?...."
ටේහ්‍යුන්ග් අහද්දි ජිමින් අත් දෙක විහිදගෙන ඇදේ හාන්සි වුනා.ජිමිනුත් හිටියේ ෆේශල් පැක් එකක් දාගෙන.
"ටේ...මට උදව්වක් කරන්න..."
"මොකක්ද?....."
"මට මේ කෙල්ලොන්ගෙන් ගැලවෙන්න ඕනේ....මේක නම් මහ පිස්සුවක්....."
ජිමින් කියද්දි මූණට කරන සත්කාරේ තත්පරේකට නැවැත්තුව ටේහ්‍යුන්ග් ජිමින් දිහාට හැරුණේ ගොඩක් පුදුම වෙලා.
"ගැලවෙන්න?....ඔයා හොඳින්ද ජිමින්....."
"මට කෙල්ලො එපා..."
"වට්?....මොකක්ද ඔයාට එකපාරටම වුනේ?....ඔයාට මින්හෝ ගැන මොකක්හරි......."
"යාහ්!!! පිස්සුද? මට දැන් තේරෙනවා මේ විදිහට කෙල්ලො රවට්ටන එක එයාලගේ ජීවිතවලටත් හොඳ නෑ කියලා ටේ......"
ජිමින් සිවිලිම දිහා බලාගෙන කියද්දි ටේහ්‍යුන්ග් කෙල ගුලියක් ගිලුවා.මේ ඉන්නේ තමන් දන්න ජිමින්මද?එයා මෙහෙම වෙනස් වෙන්න හේතුව මින්හෝද කියලත් ටේහ්‍යුන්ග්ට හිතුනත් ජිමින් විතරයි දන්නේ එයා එහෙම කරේ මෝහිනි ඇස් දෙකටම ආපහු දකින්න බය වුන නිසා.
"මන් කියන්නම් අපි එයාලට පෙන්නමු ඔයා ගේ කියලා...."
ටේහ්‍යුන්ග් කණ්නාඩිය ඉස්සරහෙන් නැගිටලා කියද්දි ජිමින් පුදුමයෙන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.
"යාහ්! මොන විකාර කතාවක්ද ඒ කිව්වේ?... මම ස්ට්‍රේට් කියලා දන්නේ නැද්ද?...."
"ඔයාගේ මූණ බැලුවම මට එහෙම පේන්නේ නෑ....."
"අනේ මේ...මම කෙල්ලොන්ව අතෑරියේ කොල්ලෙක්ව හොයාගන්න නෙවෙයි.... "
"ඒ වුනාට ඔයාට හැන්ඩ්සම් කොල්ලෙක්ව තමයි ගැලපෙන්නේ ජිමිනි...."
ටේහ්‍යුන්ග් ඇදන් හිටපු බාත්‍රොබ් එකට චෙස්ට් එක ටිකක් ඕපන් වෙලා පේන්න ගනිද්දි කටකොනින් හිනාවක් දාපු ජිමින්.......
"ඔයා කියනවාම නම් මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ගැලපෙනවා කියලා......"
ජිමින්ගේ ලුක් එක නම් ටේහ්‍යුන්ග්ට එච්චර අල්ලුවේ නෑ.
"ශීශ්....යාහ්...ජිමිනී!!!....."
තමන්ගේ ඇදුම දැකලා චෙස්ට් එක වහගත්ත ටේහ්‍යුන්ග් ඇදට පැනලා කොට්ටයක් අරන් ජිමින්ට ගහගෙන ගහගෙන් ගියේ ජිමින්ට ඉබේම හිනා යද්දි.
"ඔන්න ඉතින් බබා....කොට්ටෙන් ගැහුවහම ඩැඩීට රිදෙනවා....තව දැගලුවොත් ඩැඩී පනිශ් කරනවා හොදෙ..."
"ඩැඩී? මන් තරම්වත් උස නෑ....ඒ මදිවට තාම බිස්කට් එක තේ එකෙ පොගවලා කන්නේ....එනෝ මෙතන ඩැඩී වෙන්න....කටවහන් ඉන්නවා පොඩි එකා...."
එහෙම කිව්ව ටේහ්‍යුන්ග් පුලුවන් උපරිම ශක්තියෙන් කොට්ටෙන් ගැහුව පාර කොට්ටේ පැලිලා ජිමින්ටත් ටිකක් ඇත්තටම රිදුනා.
"ආව්ච්....ඒයි! කාටද ඔය පොඩි එකා කිව්වේ කිව්වේ?....."
"ඔයාට තමයි....මෙතන වෙන පොඩි උන් නෑනේ.....දන්නවද මිනිස්සු හිතන්නේ ඔයාටත් ලිට්ල් ස්පේස් කියලා...."
"කවුද? කවුද එහෙම කිව්වේ ආ....."
"ඔයා යාලුවෙලා හිටපු අර කොන්ඩේ කොට කෙල්ල කිව්වේ ඔයා ගොඩක් කියුට් නිසාලු ඔයාට කැමති වුනේ....අර කොණ්ඩෙ දිග ඩිම්පල් කෙල්ල කිව්වේ ඔයාව පොඩි කරලා සාක්කුවේ දාගෙන ගෙදර අරන් යන්න හිතෙනවා කියලා කම්මැලි වෙලාවට මිරික මිරික ඉන්න....ඊටපස්සෙ ඔයාගේ ඇමෙරිකාවේ ඉදලා ආපු කෙල්ල කිව්වේ එයාට ජිමින්ව එයාගේ දරුවෙක් වගේලු....තමුන් මෙතන එයාලා හැමෝගෙම ඩැඩී කියලා හිතන් හිටියට...."
ඔව්.ජිමින්ට ඇත්තටම කෙල ගුලියක් ගිලුනා.ජිමින් හිතුවේ නෑ එයාගේ තත්වෙ එහෙම එකක් කියලා.මූණ ඇඹුල් වෙලා තොල් පෙරලිලා කම්මුල් පිම්බුන ජිමින්.....
"මම ඩැඩී කිව්වේ විහිලුවට....ඇයි ඔයා ඔය තරම් දරුණු විහිලු කරන්නේ?....."
ජිමින් සීරියස් සෑඩ් ලුක් එකෙන් අහද්දි ටේහ්‍යුන්ග්ට තේරුනා ජිමින්ට ගොඩක් දුක හිතුනා කියලා.
"ජිමින්......"
ටේහ්‍යුන්ග් කතා කරද්දි ජිමින් ආපහු නොයිවසිල්ලෙන් බැලුවේ ටේහ්‍යුන්ග් හිනාවෙලා ඒක බොරුවක් කියනකන්.
"ඒක විහිලුවක් නෙවෙයි ජිමිනි....මෙච්චර කල් මන් දැනගෙන හිටපු ඔයා නොදැන හිටපු ඇත්ත ඒක...."
ටේහ්‍යුන්ග්ට ඕනවුනේ නෑ ජිමින්ට දුකක් දැනෙනවට.ඒත් ටේහ්‍යුන්ග් හිතුවා ජිමින් ඇත්තම දැනගන්න ඕනේ කියලා.ටික ටික ඉකි ගගන්න ගත්‍තු ජිමින්.......
"හුවෑඈඈඈඈඈඈඈඈඈඈ.....ටේ....."
කියලා අඬාගෙන අත් දෙකත් දිග ඇරගෙන ගියේ ජිමින්ව බදාගත්තු ටේහ්‍යුන්ග් ජිමින්ව සනසන්න උත්සහ කරද්දි.
"ඩෝන්ට් වොරි බබී....කෙල්ලො ඕනේ නෑ....අපි ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගමු...."
"හුම්...."
ඒත් එක්කම රූම් එකේ බෙල් එක වදිද්දි ටේහ්‍යුන්ග් නහය උඩට ඇද ඇද ඉන්න ජිමින්ව ඈත් කරා.
නොයිවසිල්ලෙන් ගිහින් ටේහ්‍යුන්ග් දොර ඇරියේ එයා බලාපොරොත්තුවෙන් හිටපු කෙනා වෙන්න කියලා හිතන ගමන්.
එයා හිතපු කෙනාම එතන හිටියත් ටේහ්‍යුන්ගේ හිනාව අතුරුදහන් වෙලා ගියේ ජන්කුක්ගේ හැඟීමක් නැති මූණ දැකලා.ඇතුළට ගියපු ජන්කුක් සෝෆා එකේ ඉදගනිද්දි ටේහ්‍යුන්ග් ජන්කුක් ළගට ගියා.
"ටේ....මම එහෙනම් යන්නම්...."
ජිමිනුත් කාමරෙන් එළියට යද්දි ටේහ්‍යුන්ග් ටිකක් දෙගිඩියාවෙන් හිටියේ ජන්කුක්ගෙන් පිටවෙන වචනයක් වෙනුවෙන්.
"කුකී....එ...එයා ඔයාට සමාව දුන්නද?....."
ජන්කුක් ඔලුව දෙපැත්තට වැනුවේ ටේහ්‍යුන්ගේ ඇස්වල කඳුලු පිරෙද්දි.
"හරියටම මොනවා වෙයිද කියලා කියන්න බෑ...මම හිතන්නේ එයාට තාම විශ්වාස කරන්න බෑ..."
ජන්කුක් කියද්දි ටේහ්‍යුන්ග් එයාගේ කඳුලු පිහදාගත්තා.ටේහ්‍යුන්ග් එහෙම්ම සෝෆා එකේ හිටපු ජන්කුක්වත් පෙරලගෙන හාන්සි වෙද්දි ජන්කුක් ටේහ්‍යුන්ගේ පිට වටේ අත් යවලා වැටෙන්නේ නැතුව තදින් බදාගත්තා. ජන්කුක්ගේ උණුහුමට තුරුලු වුන ටේහ්‍යුන්ග් ඇස් පියාගෙනම මොනවදෝ මිමිණුවා.
"හැමදේම හොඳින් විසදේවි කුකී.."
________________________________________
කාමරේට වෙලා කල්පනා කර කර හිටපු යුන්ගි ඇදෙන් නැගිට්ටා.ඊයේ දවසෙම නින්දක් ගත්තේ නැති යුන්ගි හිටියේ හිසරදෙන් වගේ. අතට යතුර ගත්තු යුන්ගි කොහේ හරි ගිහින් එනවා කියලා හිතාගෙන කාමරෙන් එළියට යන්න හැදුවා.ඒත් දොර ඇරපු ගමන් ඉස්සරහෙන් තිබුන බෝල කියුට් මූණක් දැක්ක යුන්ගිට කෙල ගුලියක් ගිලුනේ එයා ඇස්වලින් හිනාවෙලා තමන් දිහා බලාගෙන ඉන්න විදිහ දැකලා.
"ගුඩ් මෝනින් සර්..."
එහෙම කියපු තරුණයා යුන්ගිවත් පැත්තකට කරගෙන කාමරේට ඇතුල් වුනේ යුන්ගි තක්බීරි වෙලා බලාගෙන ඉදිද්දි.
"ඔ...ඔයා මොකද මෙතන කරන්නේ?..."
"බෙඩ් ටී සර්..."
ඒ තරුණයාගේ අතේ තිබ්බ ට්‍රේ එක දැක්කේ ඒ වෙලාවේ.තරුණයා තරුණයා කිව්වට ඒ හිටියේ ජිමින්.යුන්ගිට මතක් වුනේ මැන්ශන් එකේදිත් මායම් හැට හතරම දාලා කිරි තේ කෝපි ඔක්කොම පොවලා අන්තිමේ තමන්ට බූට් එක තියලා පාක් එකේදි ටේහ්‍යුන්ග්වත් උස්සන් ජිමින් පැනලා ගියපු විදිහ.
"ඇයි හොටෙල් එකේ වැඩ කරන එවුන් නැද්ද?...."
තමන්ට දික් කරන් ඉන්න කෝප්පේ අතට ගන්න ගමන් යුන්ගි කියද්දි ජිමින් තොල් පෙරලගත්තා.
"නෝව්...මට හිතුනා මම ඔයාගෙන් සමාව ගන්න ඕනේ කියලා....ආම් සොලී...."
ජිමින් ට්‍රේ එක බදාගෙන දෙපැත්තට ඇඹරි ඇඹරි අඩන්න වගේ මූණක් හදාගෙන කියද්දි ජිමින්ගේ තිබුන කියුට්නස් ද මොකක්ද එක දරාගන්න බැරිවුන යුන්ගි කට ළගට ගෙනියපු කෝපි ටික ෆෲස් ගාලා එළියට පැන්නේ කැස්සකුත් එක්ක.
"කැහ්...කැහ්..."
"ඕහ් සර්...ආර් යූ ඕකේ?...."
යුන්ගි ළගට දුවගෙන ගියපු ජිමින් යුන්ගිගේ පිට අතගාන ගමන් කිව්වා.ජිමින්ගෙන් ටිකක් එහාට ගියපු යුන්ගි....
"ඔ...ඔව්...ඔව්...මම හොදින්..."
"උයාගේ තොල ඌවා වුනාද?..."
යුන්ගිගේ තොල් එක ඇගිල්ලකින් ලාවට පිරිමදින ගමන් ජිමින් කියද්දි යුන්ගිගේ හාට් එක ආපහු නතර වුනා.
"පරිස්සමින් වැඩ කරන්නකෝ....නිකන් පොඩි ළමයෙක් වගේනේ..."
ජිමින් කියද්දි ජිමින්ගේ හෙලවෙන තොල් දිහා යුන්ගි ගල් ගැහිලා බලන් හිටියා.මොනවද මේ වෙන්නේ? ලෝක විනාශේ ආරම්භය වෙන්නේ මෙහෙමද කියලා යුන්ගි හිතන්න ගත්තා.
"එහාට වෙනවා!!!...."
යුන්ගි රළු කටහඬින් කෑ ගහලා කිව්ව පාර ජිමින්ව ගැස්සිලා ගියා.
"මිස්ටර් මින්....."
"මන්....මන් තමුසෙට එක සැරයයි කියන්නේ......මෙතනින් යනවා....."
"ඒත් ඇයි මිස්ටර් මින්...."
"මන් කිව්වනේ තමුන්ට එක සැරයයි කියන්නේ කියලා...."
"හරි ඉතින් තාම එක සැරයයිනේ කිව්වේ...."
"ඉතින් කිව්වහම අහලා මෙතනින් යනවා...."
"අන්න දැන් දෙපාරක් කිව්වා...."
"හරි ඉතින් ඒක තමයි......"
මෙහෙම ගියොත් තමන්ට පිස්සු හැදෙනවා කියලා තේරුන යුන්ගි මුකුත් නොකියා කට පියාගෙන ඩන් ලුක් එකෙන් ජිමින් දිහා බලන් හිටියා.හැබැයි ඒ බැල්ම ජිමින්ට ඒ තරම් ඇල්ලුවේ නෑ.
_________________________________
වෙඩින් එක නවත්තන්න විදිහක් ගැන කල්පනා කරලම පිස්සු හැදිලා හිටපු මින්හෝ හොටෙල් එක වටේ ඇවිදිද්දි එයා එකතැන නතර වුනේ ළග කාමරේකින් ඇහුන අමුතු සද්දෙට.
"ආහ්....රි...රිදෙනවා...."
ඇහුන කටහඬ කාගෙද කියලා අදුරගත්තු මින්හෝ උඩ ගිහිල්ලා දොර ළගට කන තියාගත්තා.
"ආව්...ආව්...රිදෙනෝ...ඔම්මා...හරි...හරි යන්නම් යන්නම් ආව්....අතාරින්න..."
එකපාරටම දොර ඇරිලා මින්හෝව විසික් වෙලා ගියපු පාර තවත් කෙනෙක් එයාගේ ඇග උඩට වැටුණේ එහෙම්මම ආපහු දොර වැහෙද්දි.විසික් වෙලා ගියපු පාර වැටුණ ජිමින් ඇස් අරිද්දි දැක්කේ එයා ආසම කෙනෙක්ගේ ඇග උඩ ඉන්නවා කියලා.
"ජිමින්...ඔයා?...."
කෙල ගුලියක් ගිලපු ජිමින් කලබල වුන පාර කැරකිලා ගිහින් මින්හෝගේ ඇගෙන් බිමටම වැටුණා.
"ඔයා හොඳින්ද ජිමින්....මොකක්ද වුනේ?...."
මූණ බිමට හරවන් හිටපු ජිමින් හිටියේ කරන්න දෙයක් හිතන ගමන්.එකපාරටම මූණ ඇඹුල් කරගත්ත ජිමින්.......
"ආආආ....ඔම්මා.....හුවෑඈඈඈඈඈඈඈ......"
හයියෙන් අඬන්න ගත්තු පාර මින්හෝ බයවෙලා ජිමින්ව තමන්ගේ පැත්තට හරවගත්තා.
"ඇයි මේ අඬන්නේ? මොකක්ද වුනේ කියන්නකෝ....ඔයා මොකද අර සීඅයිඩී කාරයගේ කාමරේ ඉදන් එළියට එන්නේ...."
හොටෙල් එක මැද කකුල් දෙක බැදගෙන ඉදගෙන හිටපු ජිමින් මූණ ඇබුල් කරගෙන නහය ඇද ඇද ඉදිද්දි මින්හෝට ජිමින්ව පෙනුනේ කියුට්නස් ඕවර්ලෝඩ් තාර පැටියෙක් වගේ.
"ඔයා....හික්.... දන්නවනේ මන්....හික්.... අන්ධයි කියලා...."
"අනේ මැණික....."
"මන් වැරදිලා....හික්....අර මිස්ටර් මින්ගේ...හික්...කාමරේට ගියා....හික්..."
"ඒ නිසාද ඔයාව එළියට ඇදලා දැම්මේ......"
ජිමින් අඬන විදිහ දැකලා මින්හෝටත් අඬන්න හිතුනා.ජිමින් ඔලුව එක දිගට වනද්දි අතමිට මොලවගත්තු මින්හෝ නැගිටලා ගිහින් යුන්ගිගේ කාමරේ දොරට ගැහුවේ ඒ තරම්ම කේන්තියෙන්.
"ඒයි මිනිහෝ...රියල් පිරිමියෙක් නම් ෆේස් ටු ෆේස් එළියට එනවා....තමුන් සීඅයිඩී වුනා කියලා හිතෙන හිතෙන එකාට අත උස්සන්න ලැජ්ජ නැද්ද....හිතක් පපුවක් නැද්ද තමුන්ට...."
මින්හෝ කෑ ගහද්දි වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා කාමරේ දොර ඇරුනා.කරදරකාරී බැල්මෙන් බලන් හිටපු යුන්ගි.....
"මොකක්ද වෙන්න ඕනේ?...."
"වෙන්නේ? මේ කොල්ලා වැරදිලා ඔයාගේ කාමරේට ආවා කියලා ඔහොමත් එළියට දානවද ආහ්...එයාගේ තත්වෙ තේරුම් අරගෙන එයාට පැහැදිලි කරලා දුන්නා නම් ඉවරයිනේ..."
මින්හෝ ඔලුව ගිනි අරන් වගේ කෑ ගහද්දි යුන්ගිට ඈනුමක් ගියේ ඉබේටම වගේ.
"ඔයාට මොකක්ද වෙන්න ඕනේ?..."
යුන්ගි ආපහු අහද්දි ඇස් උඩ ගිය මින්හෝ යුන්ගිගේ කොලර් එකෙන් අල්ලගත්තේ දත්මිටි කන ගමන්.
"තමුසෙලා වගේ මිනිස්සු හින්දා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ...තමුසෙ රජයේ නිළධාරියෙක් වෙලත් මිනිස්සුන්ට ගරු කරන්න දන්නේ නැද්ද?...."
මොන අපබ්‍රන්සයක්ද කියන්නේ කියලා හිතාගන්න බැරිවුන යුන්ගි මින්හෝගේ අත ගස්සලා දාලා කෙලින්ම මූණට පාරක් ගැහුවේ මින්හෝට එලොව පොල් පෙනෙද්දි.
"තමුසෙගෙ ඔලුව කොහේහරි වැදුනද?....."
තමන්ගේ ඇහැ අල්ලගෙන පිටිපස්සට ගියපු මින්හෝත් වැඩේ අතාරින්න හිතුවේ නැත්තේ එයත් ආවේගයෙන් ආපහු යුන්ගිට ගහන්න යද්දි.
"අර මොකද බොස් ගහගන්නේ?...."
අතුත් පටලවගෙන පැද්දි පැද්දි හොටෙල් එකේ වටේ යන ගමන් හිටපු එරික් මාර්ක්ට පෙන්නලා කියද්දි මාර්ක් ඒ පැත්ත බැලුවා.
"අනේ මන්දා යමු බලන්න...."
දෙන්නම එතනට යන්න හැදුවත් ආපහු දෙන්නවම පිටිපස්සට ඇදිලා ගියේ කවුරුහරි දෙන්නගෙම කොලර්වලින් අල්ලලා පිටිපස්සට ඇදපු නිසා.
"ඒයි...."
"මොකක්ද ඔයා කරන්නේ?...."
"එයාලට ගහගන්න දෙන්න...."
ජිමින් කියද්දි දෙන්නම මූණට මූණ බලාගත්තා.
"එයාලා මාව බෙදාගන්න බැරුව ගහගන්නේ...."
"ඔයාව බෙදාගන්න? මොකටද?...."
"මැරි කරන්න...."
ජිමින් එයාගේ නියපොතුවලට පිඹින ගමන් කියද්දි නිකන්ම ඉස්මොල්ලේ ගියපු මාර්ක් කහින්න ගත්තේ ඒක වෙන්න බැරි දෙයක් වුන නිසා.
"ඔයාව බැඳගන්න අපේ බොස් තවත් එකෙක් එක්ක රණ්ඩු කරනවා? බොස්ට මොලේ අමාරුව කියලා හිතුවද?..."
එරික් කියද්දි ජිමින් වියරුවෙන් වගේ හිනාවුනා.ඒත් එක්කම ජිමින් ටික ටික එරික්ට ළං වෙන්න ගත්තේ එරික්ගේ කකුල් ඉබේම පිටිපස්සට යද්දි.
"ඇයි එයා මනුස්සයෙක් නෙවෙයිද? එයාට හිතක් පපුවක් නැද්ද? එයාට හැඟීම් දැනීම් නැද්ද? ආ?...."
තමන්ගේ මූණට එබිලා ඉන්න ජිමින් දිහා බලාගෙන එරික් කෙල ගුලියක් ගිලුවා.
"හ...හරි හරි...බොස් කාටහරි ආදරය කරන එක වෙන්න පුලුවන්...ඒත්...ඔ...ඔයා?...."
"ඇයි අපි ඔටුවොද?...."
ජිමින් කකුලේ ඇගිලිවලිනුත් ඉස්සිලා තමන්ට දවා අලුකරන බැල්මක් දාලා මූණට එබිලා කියද්දි එරික්ට හිතුනා තමන් තවත් කතා නොකරොත් හොඳයි කියලා.හැබැයි මාර්ක් නම් කට පියාගෙන හිටියේ නෑ.
"එහෙනම් ඇයි ඔයා එයාලව නවත්තන්නේ නැත්තේ?....."
මාර්ක් අහද්දි කටකොනින් හිනාවුන ජිමින් එරික්ගෙන් ඈත්වුනා.
"දිනන කෙනාට මම මගේ කැමැත්ත දෙනවා...."
"වාව් එහෙමද?...."
ජිමින් කියද්දි තමන්ගේ බොස්ට චියර් කරන්න හිතපු එරික් රණ්ඩුව වෙන තැනට දුවලා ගියා.ටික වෙලාවක් ඒ රණ්ඩුව දිහා බලාගෙන හිටපු ජිමින් හිතන්න ගත්තේ වෙනම දෙයක්.
"ඔය රණ්ඩුව නිසා එක්කෝ දෙන්නගෙන් එක්කෙනෙක් මැරෙයි...යුන්ගි මැරුණොත් මින්හෝට හිරේ යන්න වෙනවා...මින්හෝ මැරුණොත් ඉතින් මෙතන ඉන්න මෙයින් කැරැක්ටර් එක නැතිවෙනවා...නෝ මින්හෝ ඊස් නෝ වෙඩින්...නෝ වෙඩින් ඊස් ඕල් හැපීස්...කොහොමද මගෙ ටිකිරි මොලේ...."
එහෙම හිතපු ජිමින් එතන ඕන නාඩගමක් වෙත්දෙන් කියලා එතනින් ගියා.
ඒත් එක්කම අහළ පහළ කාමරවල හිටපු මිනිස්සුත් එළියට ආවේ එතන තිබුන සද්දෙට.එයාලා බයවෙලා කාට හරි කෝල් කරන්න හදද්දි එරික් එයාලව නැවැත්තුවා.
"එපා...එපා....මෙතන ස්වයංවරයක් තියෙන්නේ...."
ඔය අතරේ තාමත් නිදි දෙව්දුව වැළඳගෙන හිටපු ජන්කුක් හෙමිහිට අවදිවුනේ අහළ පහළින් ඇහෙන එකේක සද්ද බද්ද ඇහිලා.හැබැයි එයාට හෙල්ලෙන්න බැරිවුනේ එයාගේ ඇග උඩ ටේටේ සැපට නිදාගෙන හිටපු නිසා.
"ටේ මැණික...කෝ නැගිටින්න....නැගිටින්න බබා..."
ජන්කුක් ගොඩක් මුදු ස්වරයෙන් කිව්වත් ටේ නෙවෙයි නැගිටින පාටක් තිබුනේ.ජන්කුක් ටේහ්‍යුන්ග්ව හෙමිහිට සෝෆා එකෙන් තියන්න හැදුවත් ටේටේ ජන්කුක්ගේ බෙල්ල තවත් බදාගත්තු නිසා ජන්කුක්ට ආපහු හෙල්ලෙන්නවත් බැරිවුනා.හැබැයි ජන්කුක්ට තේරුනා ටේටේට එයාට යන්න දෙන්න ඕනේ නෑ කියලා.
"දැන් ඔයා මට යන්න දෙන්නේ නැද්ද?....."
"මුකද්ද ඒ සද්දෙ?...."
ටේටේ නිදිමතේම කෙදිරුවා.
"ඒක බලන්න යන්න තමයි මට යන්න දෙන්න කිව්වේ....."
ජන්කුක් කියද්දි ටේටේ ජන්කුක්ගෙන් ඈත්වෙලා ආපහු කොට්ටෙ බදාගෙන නිදාගත්තා.ඊටපස්සෙ ජන්කුක් කාමරේ දොර ඇරගෙන එළියට යද්දි දැක්කේ කීප දෙනෙක් වටවෙලා ඉන්නවා කියලා.ඒ අය අතරින් ඇතුළට ගියපු ජන්කුක්ගේ ඇස් ලොකු වුනේ යුන්ගිව දැකලා.
ඔය වෙලේ බෝගම්නුත් ඔතනට දුවගෙන ආවා.තමන්ගේ යාලුවා ගුටි කකා ගහනවා දැකපු බෝගම්ටත් ඒක දිහා නිකන් බලාගෙන ඉන්න බැරිවුනා.
"අඩෝ මින්හෝ...මොකක්ද උබ ඔය කරන්නේ?...."
"උබට පේන්නේ....අහ්...මන් මෙතන... ආශ්...රෙදි හෝදනවා වගේද?....මුට ගහපන්...."
මින්හෝ ගුටි කන අස්සෙම කියද්දි බෝගම් ඒක නවත්තන්න හැදුවත්.....
"උබ එයාට අත තිබ්බොත් මන් නරක මිනිහා කියලා කියන්න එපා..."
ජන්කුක්ගේ දරුණු කටහඬක් ඇහුනේ බෝගම්ව ගැස්සිලා යද්දි.
"ඇයි උබ බෲස්ලිගෙ පුතාද?...."
"මට කොහොමත් තියෙනවා උබ එක්ක ගණුදෙනුවක් බේරගන්න...."
එහෙම කියන ගමන් ආවේගයෙන් බෝගම් ළගට ගියපු ජන්කුක් බෝගම්ගේ මූණට හොඳ පාරක් ගහලා බිම වැටුණම එයාගේ ඇඟ උඩටත් ආවා.එතන තවත් රණ්ඩුවක් පටන් ගනිද්දි සද්දෙ තවත් වැඩිවුනා.
සද්දෙ නිසා නිදාගන්න බැරිවුන ටේටේ සෝෆා එකේ ඉදගත්තේ ඔලුවත් අවුල් කරගෙන.ඇඳෙන් බැහැලා කාමරෙන් එළියට ගියපු ටේටේට කීප දෙනෙක් වටවෙලා ඉන්න තැනක හතරදෙනෙක් ගහගන්නවා කියලා හොඳටම පෙනුනා.
නිදි මතේම වටපිට බලලා වීදුරු මල් වාස් එකක් ළග ඇස් නතර වුන ටේටේ ඒක අමාරුවෙන් උස්සගෙන ගිහිල්ලා එකපාරටම රණ්ඩුව වෙන තැනට අතෑරියේ කවුද කින්ද මන්ද කියලවත් බලලා නෙවෙයි.
"ආහ්! මමා..."
"නිදාගල්ල දෙලවා!!!!....."
වීදුරු වාස් එක මින්හෝගේ ඔලුව උඩ කුඩු වුනාට පස්සේ ටේටේ මහ හයියෙන් කෑ ගැහුවේ නිදිමතේමයි.ඒත් එක්කම ඔලුව කැරකිලා ගියපු මින්හෝව යුන්ගිගේ ඇග උඩට වැටුණේ එරික්ගේ ඇස් උඩ යද්දි.
"වාව්! බොස් දිනුවා!!!......"
ඒ අතරේ බෝගම්ට දාගෙන ගහන ගමන් හිටපු ජන්කුක්......
"තමුසෙ හිතන්නේ එදා බීලා කියෙව්ව දේවල් මට මතක නෑ කියලද ආහ්?...තමුසෙ කොහොමද මගෙ ටේහ්‍යුන්ග්ට කැමති කියන්නේ?...."
ජන්කුක්ව යට කරගත්තු බෝගම් ජන්කුක්ගේ ඇග උඩට ඇවිත් ගහන්න ගත්තා.
"උබ හිතන්නේ මම දන්නේ නෑ කියලද?....උබ ටේහ්‍යුන්ට කැමතියි කියලා මිස්ටර් කිම්වත් දන්නේ නෑ...."
"මිස්ටර් කිම් අදාළම නෑ....ටේහ්‍යුන්ග් මගෙ..."
"නෑ...එයාව මම මගේ කරගන්නවා...."
"අනෙ පලයන්...ගිහින් කණ්නාඩියෙන් මූණ බලපන්..."
"ඇයි මොකද? අපි ඉබ්බොද?..."
"බාගෙට බැඳපු බිත්තර ඔම්ලට් එකක් වගේ මූණක් තියාගෙන එනෝ මෙතන සුරංගනාවියෙක්ගේ හස්බන් වෙන්න...."
"උබ හිතන් ඉන්නේ උබ හරි ලස්සන එකා කියලද?..."
"අපෝ නෑ...මම හිතුවේ මම හැන්ඩ්සම් කියලා විතරයි...."
ජිමින් උදේටත් කාලා අතුරුපසට කෙහෙල් ගෙඩියකුත් කකා එද්දි ෆයිටර්ස්ලා දෙන්නා වෙනස් වෙලා ඉන්නවා දැකලා ඇස් උඩ ගියා.මින්හෝ හිටියේ සිහිය නැතුව බිම වැටිලා.ටේටේ හිටියේ ඇගිල්ලකුත් උර උර ළග බිත්තියට හේත්තු වෙලා නිදාගෙන.එතකොට ජන්කුක් බෝගම්නුත් අතාරින පාටක් තිබුනේ නෑ.
"ටේහ්‍යුන්ග් මගෙ...."
"මන් උබව මරනවා....ටේහ්‍යුන්ග් මගෙ..."
"උබ ගැන සේරම මිස්ටර් කිම්ට කිව්වට පස්සේ ටේහ්‍යුන්ග් නිකන්ම මගේ වෙනවා..."
"ඊට ඉස්සෙල්ලා මන් ටේහ්‍යුන්ග්වත් අරන් පැනලා යනවා....."
ජන්කුක් නම් හිටියේ හොඳටම කේන්තියෙන්.ටේහ්‍යුන්ග්ට නේද මේ දෙන්නම රණ්ඩු වෙන්නේ කියලා තේරුන ජිමින්ට තනි ඇහැට ඇඬෙන්න ආවා.
"යකෝ...ආසාවටවත් මාව බෙදාගන්න බැරුව ගහගන්න මොකෙක්වත් නැති හැටි...ඉහිම්..."
"කවුද දැන් මෙතන ටේහ්‍යුන්ග්ට අයිතිවාසිකම් කියන අප්පච්චිලා...."
එකපාරටම භයානක කටහඬක් ඇහෙද්දි බෝගම්ට ගහන්න ගියපු ජන්කුක්ගේ අත මගින් නතර වුනේ ඉබේටමයි.ජන්කුක්ට පිටිපස්සෙන් හිටපු ජින්ව දැක්ක බෝගම්ටත් කෙළ ගුලියක් ගිලුනේ බෝගම් ඒ වෙද්දිත් ඒ කෙනාගෙන් කම්මුල් පාරක් කාලා හිටපු නිසා.
"මෙන්න මුට ටේහ්‍යුන්ග්ව මැරි කරන්න ඕනලු...."
ජන්කුක් නැගිටින ගමන් බෝගම්ව පෙන්නලා කියද්දි බෝගම්නුත් අතුත් පයත් අල්ලගෙන නැගිට්ටා.
"ටේහ්‍යුන්ගේ හියුන්...මූ තමයි ටේහ්‍යුන්ග් එයාගේ ගගා අයිතිවාසිකම් කියන්නේ...."
"ටේහ්‍යුන්ග් කියන්නේ මගෙ වගකීමක්...."
"ඒ වුනාට උබේ පෞද්ගලික දේපළක් නෙවෙයිනේ...."
"කටවහනවලා....."
ජින් ආපහු කෑ ගහද්දි දෙන්නම නිහඬ වුනා.
"මෙතන මිනිස්සු බලන් ඉන්නවා...ඔය ගුලිවෙලා නිදාගෙන ඉන්න ටේ බබාවත් අරගෙන කාමරේට එනවා...."
ජින් එහෙම කියද්දි ඊටපස්සෙ දෙන්නගෙම ඇස් නතර වුනේ නිදාගෙන ඉන්න ටේහ්‍යුන්ග් ළග.
"මන් ජූන්ට කිව්වේ ටේ බබාව ගන්න කියලා...."
ජින් කියද්දි දෙන්නම දෙන්නට දෙන්නා බලන් හිටියේ ගිනි පිටවෙන ඇස්වලින්.නැම්ජූන් ටේහ්‍යුන්ග්ව වඩාගෙන කාමරේ ඇතුළට යද්දි ජන්කුක් බෝගම්නුත් ඇස්වලින් ෆයිට් කර කර කාමරේට ගියා.
බිම වැටිලා ඉන්න මින්හෝට එහා පැත්තෙන් බිත්තියට හේත්තු වෙලා අත පය හිරි ඇරගන්න ගමන් හිටපු යුන්ගි හිටියේ හොඳටම කේන්තියෙන්.
"මේක පිස්සන් කොටුවක්ද?.....ආශ්..."
"බොසා එහෙනම් අපේ වෙඩිමත් එක්කම බොස්ගෙ වෙඩිමත් ගමු...."
එකපාරටම එරික් පැනලා කියද්දි යුන්ගිගේ ඇගේ පතේ අමාරුව සේරම නැතිවෙලා ගියේ ඒ කිව්ව දේ තේරුම් ගන්න බැරුව.
"මොකක්?....."
"බොස් හොරගෙඩියා..කිව්වෙත් නෑ අර පොඩි එකා ගැන හිතක් පහළ වෙලා කියලා....
බොස් ආවේ හොරු අල්ලන්නයි....සිද්ධ වුනේ දීගෙට යන්නයි....."
එරික් අත්පොඩි ගගහා කෑ ගහද්දි ඕන එකක් කියන්න දීලා යුන්ගි හැරුණේ මාර්ක් දිහාට.
"මාර්ක්...."
"බොස්...."
"තමුසෙ කැමතිද මෙතන මිනීමැරුමක් වෙනවට?..."
"නෑ බොස්...."
"එහෙනම් මේකව මෙතනින් අරන් යනවා!!!...."
යුන්ගි කෑ ගහද්දි ගැස්සිලා ගියපු මාර්ක් එරික්ගේ කට බලෙන් වහගෙන එතනින් එක්කගෙන ගියා.ඊටපස්සෙ යුන්ගි දැක්කේ සිහිය නැතුව ඉන්න මින්හෝගේ හදවතටයි නහයටයි කන තියලා බලන ගමන් හිටපු ජිමින්ව.
"මෙයා මැරිලද?....සර් මෙයා මැරිලද?..."
ජිමින් යුන්ගිගෙන් ඇහුවා.
"මැරෙන්න තරම් දෙයක් වුනේ නෑනේ....ස්ටාෆ් එකේ කෙනෙක්ට එන්න කියලා හොස්පිට්ල් එක්කගෙන යනවා...."
"ඒත් සර්....හාට්බීට් එක තියෙනවා...හුස්ම ගන්නේ නෑ....ඒ කියන්නේ මැරිලා නේද?..."
ජිමින් අහද්දි යුන්ගිටත් හිතුනා මේවා අහනවට වඩා සිහිය නැතිවෙලාම ගියා නම් හොඳයි කියලා.
"හාට් බීට් එක තියෙද්දි මැරෙන්නේ මොන රටේද බූරු පැටියෝ? නහයට කන තියලා බලන්නැතුව ඇගිල්ලක් තියලා බලනවා හුස්ම වැටෙනවද කියලා...."
ජිමින් නහයට ඇගිල්ල තියලා බලද්දි ජිමින්ගේ මූණ ඇඹුල් වෙන්න වැඩිවෙලාවක් ගියේ නෑ.
"ශිට්...මේකා මැරිලා නෑ...."
එහෙම කියන ගමන් ජිමින් එතනින් නැගිට්ටේ යුන්ගිගේ ඇස් පොල් ගෙඩි සයිස් වෙද්දි.
"සර්ට මොකක්හරි උදව්වක් ඕනද?...."
උරහිස අල්ලන් ඉන්න යුන්ගිව දැකලා අහද්දි යුන්ගි මුකුත්ම නොකියා නැගිටින්න උත්සහ කරා.ඒත් කකුලට වැදුන පාරක් එක්ක ටිකක් වේදනාවෙන් හිටපු යුන්ගිව වැටෙන්න ගියත් ජිමින් එයාව අල්ලගත්තා.
"අනේ සර් ඉතින් මුරණ්ඩු වෙන්න එපා...අර වෙලේ මාව කාමරෙන් එළියට දැම්මා කියලා මම මුකුත් හිතන්නේ නෑ....."
යුන්ගිගේ අත තමන්ගේ කරෙන් දාගනිද්දි යුන්ගි පුදුමෙන් හිටියේ ජිමින්ගේ මේ විශේෂ සැලකිලි ගැන.
"ඔයාට මොකක්ද වෙන්න ඕනේ?....."
කාමරේට යන ගමන් යුන්ගි අහද්දි මුකුත්ම නොකිව්ව ජිමින් යුන්ගිව ඇඳෙන් වාඩි කෙරෙව්වා.
"වටෙන් ගොඩෙන් නැතුව මම කෙලින්ම කියන්නම්... කලින් මතකනේ මම හිතුවේ ඇත්තටම සර් මානසික ලෙඩෙක් කියලා...සර් කෙලින්ම ටේහ්‍යුන්ග්වම කිඩ්නැප් කරා නම් මාව මේකට මැදිහත් වෙන්නේ නෑනේ......"
ජිමින් කියද්දි යුන්ගි කටකොනින් හිනාවුනා.
"ඉතින්?......"
"ඉතින් සර් මගේ අතින් මොනවමහරි වැරැද්දක් වුනා නම් සමාවෙන්න...විඳින්න තියෙන ජීවිතේ හිරගෙයක් අස්සේ විඳවන්න බෑ සර්...."
"ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ......"
සමච්චලයට හිනාවෙලා එහෙම කිව්ව යුන්ගි අහක බලාගත්තා.
"ඒ කිව්වේ සර්?...."
"හ්ම්ම්...දැන් මෙතනින් යන්න...."
"මන් සර්ගේ උරහිසේ බාම් ගාන්නද?...."
"තමුන්ව ඇරෙස්ට් කරන්නේ නෑ...."
"ඇත්තමද!!!...."
"හ්ම්ම්......"
"ගොඩක් ස්තුතියි සර්...එහෙනම් මම යන්නම්...බායි...."
ජිමින් යුන්ගිටත් බායි කියාගෙන කාමරෙන් එළියට යද්දි ගම්මිරිස් ඇටේ වගේ හිටියට ජිමින්ගේ තියන කපටිකම ගැන හිතලා යුන්ගිට හිනාගියා.ඒත් යුන්ගි එකපාරටම හිනාව අතුරුදහන් කරගත්තේ ජිමින් ආපහු දොරෙන් එබුන නිසා.
"ඒ සැරේ මොකද?....."
"අනේ සර් සතුටට අමතකත් වුනානේ....සර්ගේ උරහිසේ බාම් ගාන්නද?...."
හැබැයි ඒ කිව්ව කතාවට නම් යුන්ගි ඇත්තටම ටිකක් බයවුනා.ජිමින් අනිත් අය ගැන හිතන්නත් දන්නවද කියන එක ගැන හිතලා.
"ආශ්....ශිට්...."
ඒත් ඇතුළට එන්න ගියපු ජිමින් නළලට අත ගහගෙන ආපහු ආපස්සට දුවලා ගියා.ටික වෙලාවකින් ජිමින් සිහිය නැතුව හිටපු මින්හෝවත් අමාරුවෙන් වාරු කරගෙන ආවේ යුන්ගිගේ ඇස් ලොකු වෙද්දි.
"මේ මොකද මේ?....."
ජිමින් මින්හෝව ඇඳෙන් හාන්සි කෙරෙව්වා.
"මොනවාවුනත් හිත හොඳ බුවෙක් සර්....කාටවත් දීලා නැති උණුවෙලා දියවෙන හදවතක් මෙයාට දීලා තියෙන්නේ...මතක් වෙද්දිත් තනි ඇහැට ඇඬෙනවා...."
ජිමින් එයාගේ ඇහැක් පිහදාන ගමන් මින්හෝ දිහා බලාගෙන කිව්වා.
_______________________________
ඔලුවට දැනුනු තදබල අපහසුවත් එක්ක නැගිට්ට මින්හෝ වටපිට බලන්න ගනිද්දි බය වුනේ වටෙන්ම එබිලා තියෙන මූණු ටික දැකලා.එයාගේ ඔලුවට බැන්ඩේජ් එකක් දාලා ඔතලා තිබුනා.තමන් අන්තිමට ගහගත්තා නේද කියලා මතක් වුනේ එතන යුන්ගිත් ඉන්නවා දැකලා
"මන් කොහෙද ඉන්නේ?...."
"මැරුනේ නෑ....ඔයා තාම පණ පිටින්....."
"ජිමින්....."
ඒ කතා කරපු කෙනාව නම් මින්හෝ හොඳටම අදුරගත්තා.
"ඔයාගේ ඇස්?...."
"මගෙ ඇස්...ඉතින්?...ආහ්...ඔයාට කියන්න මින්හෝ අයියේ මොකක්දෝ ප්‍රාතිහාර්යයක් නිසා මට පෙනීම ලැබුනනේ....ඔයා සිහිය නැතිවෙලා හිටපු කාලේ තමයි සේරම වෙනස් වුනේ...."
"මම ඒ තරම් ලොකු කාලයක් සිහිය නැතුව හිටියද?...."
"ඔව්...පැය දහයක් සිහිය නැතුව හිටියා...."
ජිමින් කියද්දි මින්හෝ උඩ බිම බලන්න ගත්තේ ඒක ඒ තරම්ම ලොකු කාලයක්ද කියලා හිතාගන්න බැරුව.ජිමිනුත් ඒක කිව්වේ මින්හෝ ඒ වගේ දෙයක් විශ්වාස කරයිද කියලා දෙගිඩියාවෙන්.ඒත් ඒකට සප්‍රයිස් නොවෙන්නත් හේතුවක් තිබුන මින්හෝ ජිමින් දිහා බැලුවේ සතුටින්.
"ඒ කියන්නේ දෙවියෝ මගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ කරලා...ස්තුතියි දෙවියනේ...."
"මොකක්ද?....."
"නෑ...නෑ....ඇයි මේ හැමෝම මෙතන ඉන්නේ....."
මින්හෝ ඇද වටේට හිටපු ජන්කුක්,ටේහ්‍යුන්ග්, යුන්ගි,ජිමින්,ජින්,නැම්ජූන්,බෝගම්,මින්හෝ සේරම දැකලා ජිමින්ගේ ප්‍රශ්නය මග අරින ගමන් ඇහුවා.
"හෙට ඔයාගෙයි ටේහ්‍යුන්ගෙයි වෙඩින් එක වෙනවා..."
ජින් ගොඩක් සන්සුන්ව කියද්දි හැමෝම තමන් දිහා බලන් ඉන්න විදිහයි නිසා මින්හෝ හිටියේ ටිකක් බයෙන්.
"ඉතින්?....."
"ඉතින්? ඉතින් ඒ වෙඩින් එක වෙන්න බෑ!!!....."
ජින් තරහෙන් කෑ ගහද්දි මින්හෝව විතරක් නෙවෙයි අනිත් අයවත් ගැස්සිලා ගියා.
එදා කට්ටියම එකතු වෙලා වෙඩින් එක නවත්තන ප්ලෑන් එකක් ගැහුවත් ඒකට ජිමින්ගේ දැඩි විරෝධයක් තිබුනේ එක හේතුවක් නිසා.කොහොමහරි බෝතල් දෙකක් විතර දීලා එයාව ශේප් කරගත්ත හැමෝම ඊළග දවසේ වෙඩින් එක නවත්තන ප්ලෑන් එක A to z ගහගත්තා.මොනවා වුනත් එදා හැමෝම සේරම අමතක කරලා එකේක ජාතියේ කෑම කකා, සමහරු හොඳටම වෙරි වෙලා, සමහරු ලාවට වෙරි වෙලා කොහොමහරි හැමෝම සතුටින් කතා කර කර කාලේ ගත කළා.ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ සම්බන්ධෙ තවදුරටත් එතන හිටපු කිසිම කෙනෙක්ට රහසක් වුනේ නෑ.ඒ වෙද්දි හිටියේ ටේහ්‍යුන්ග් නිසා ජන්කුක් ටේහ්‍යුන්ග් දෙන්නම නොබී පැත්තකට වෙලා කතා කර කර හිටියා.ටේහ්‍යුන්ග් දැනගෙන හිටියා ජන්කුක් ඉන්නේ තාමත් හිතේ කරදරෙන් කියලා.ඒත් යුන්ගි මොනාමහරි රිඇක්ට් එකක් කරනකන් එයාටත් කරන්න දෙයක් තිබුනේ නෑ.එරික් මාර්ක් දෙන්නත් ලව් බර්ඩ්ස්ලා වගේ පැත්තකට වෙලා ඇලීගෙන වෙලීගෙන හිටියා.එතකොට ජින්ගේ dad jockesවලට කවුරු නැතත් නැම්ජූන් නම් හිනාවෙන්න අමතක කරේ නෑ.ලාවට බීලා හිටපු මින්හෝත් ඇති තරම් යුනාව කන්ටෑක් කරගන්න බැලුවත් ෆෝන් එකෙන් ඇහුනේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ කටහඬ වෙනුවට වෙන කෙල්ලෙක්ගේ කටහඬක්.
"ඔබ ඇමතූ අංකය ආවරණ කලාපයෙන් බැහැරව ඇත...කරුණාකර පසුව අමතන්න..."
"ආශ්...ගෑනියේ මගෙ කෙල්ලට දීපන් ෆෝන් එක කුණුහරප කියවන්නේ නැතුව...ඔයා මොන දීපංකරේකද ගියේ මැණික...ඇයි ෆෝන් එක වැඩ නැත්තේ...."
එතකොට බෝගම් නම් හිටියේ ඒ වෙද්දිත් වීදුරු දෙකක් විතර හිස් කරලා.බෝගම් එයාගේ හිත හදාගත්තේ එයාගේ ලැබීම කියලා හිතාගෙන වෙන්නැති.
හැමෝම කපල් වෙලා ඉදිද්දි මෝහිනි නිසා ගුඩ් බෝයි කෙනෙක් වුන ජිමිනුත් හිටියේ වීදුරු කීපයක්ම හිස් කරලා.මොනවා වුනත් එයා ගොඩක්ම වෙරි වෙන්න හේතුව වුනේ හෙට වෙඩින් එක නවත්තන ප්ලෑන් එකේ එයාට භාරදුන්න ඩියුටිය මතක් වෙන සැරයක් සැරයක් ගානේ එයාට බොන්නම හිතුන නිසා.
බෝතලේත් බදාගෙන තනියම කියව කියව හිටපු ජිමින්ගේ ඇස් නැවතුනේ කාමරෙන් එළියට යන යුන්ගි ළග.ජිමිනුත් නැගිටලා පැද්දි පැද්දි කාමරෙන් එළියට යද්දි දැක්කේ බැල්කනි එකේ ඉදන් අහස දිහා බලන් ඉන්න යුන්ගිව.
"හායි මිස්ටර් සීඅයිඩී...."
යුන්ගි ළගට ගියපු ජිමින් හරිම අමාරුවෙන් වචන ටිකත් එකතු කරගෙන කියද්දි යුන්ගි එයා දිහා බලන්නවත් මහන්සි වුනේ නෑ.
"ඒ...ඕයි...මම මෙතන ඉන්නවා...පේන්නැද්ද?..."
ජිමින් එයාගේ අත යුන්ගිගේ මූණ ඉස්සරහ වනන ගමන් කියද්දි ඇස් දෙක පියාගත්තු යුන්ගි ජිමින් දිහා බැලුවා.
"ආහ්...පේනවා නේද? මන් හිතුවේ බීලා බීලා මැරිලා මම හොල්මනක් වෙලා කියලා..."
ජිමින් ආපහු කියවද්දි යුන්ගි ඒත් මුකුත් නොකියා අහස දිහා බැලුව නිසා ජිමින්ගේ මූණ ඇඹුල් වුනා.
"උයා දුකින්ද?....."
ජිමින් ඇහුවේ තොලුත් පෙරලගෙන ඇස් දෙකත් බෝල කරගෙන.මොකද ජිමින් දැක්කා යුන්ගිගේ ඇස්වල පිරිලා තිබුන කඳුලු.
"මම හිතුවේ මගේ එකම සහෝදරයා මට නැතිවුනා කියලා...ඒත් මම වැරදියි...එයා තාමත් ජීවත්වෙනවා..."
"ඉතින් ඒකට ඔයා සතුටු වෙන්නනේ ඕනේ..."
"මම දන්නේ නෑ කොහොමද එයාගෙන් සමාව ගන්නේ කියලා? මගේ ඇත්ත දෙමව්පියෝ මට නැතිවුනත් මොකක්හරි කරපු පිනකට මට හොඳ දෙමව්පියෝ ලැබුන නිසා අද මම මෙහෙම ඉන්න එක ඇත්ත...ඒත් ජන්කුක්...නැහැ ජේකේ මුලු රටක්ම හොයන දරුණු මිනීමරුවෙක් වෙලා..."
"ඉතින් ඔයාට බැරිද එයාට සමාව දෙන්න...."
"සමාව දෙන්න බැරි මටයි....මට එදා ජන්කුක්ව මග ඇරුනේ නැත්තන් අද එයාගේ ජීවිතේ මීට වඩා ලස්සන වෙන්න තිබුනා..."
"නෝප්...රෝන්ග් යු ආර් වෙරි වෙරි රෝන්ග්...."
එකපාරටම ජිමින් කියද්දි යුන්ගි ජිමින් දිහා බැලුවා.යුන්ගිගේ කම්මුල් දිගේ ඒ වෙද්දිත් කදුළු ගලාගෙන ගිහිල්ලා තිබුනා.
"බලන්න...දැක්කේ නැද්ද එයා ටේහ්‍යුන්ග් එක්ක කොච්චර සතුටින් ඉදියද කියලා? ආහ්? සමහරවිට දෙවියෝ ටේහ්‍යුන්ග්ව ලිට්ල් ස්පේස් විදිහට මවලා එයාව ජන්කුක් ළගටම එවන්නැත්තේ ජන්කුක්ට තව අවස්ථාවක් දෙන්න වෙන්නැති..."
එහෙම කියපු ජිමින් යුන්ගිගේ කනට ළං වුනේ යුන්ගිට ටිකක් පාත්වෙන්න කියන ගමන්.
"මොකද දෙවියොත් දන්නවා ජේකේ ගොඩක් දරුණුයි කියලා...ටේටේ ජේකේව පාලනය කරා...එතකොට ටේහ්‍යුන්ග් ජන්කුක්ට ආදරය කරන්න කියලා දුන්නා...හුම්...ආහ්...අනික මට ටේහ්‍යුන්ග් කිව්වා ජන්කුක් බීලා ඉදපු දවසක එයා හෙව්වෙම ටේටේව කියලා..."
ජිමින් හිනාවෙවී කියද්දි යුන්ගි ලාවට හිනාවුනා.
"ඔක්කොම අමතක වෙන්නත් එක්ක දෙන්නද ඔයාට මම ලොකූ හග් එකක්?...."
ජිමින් ආසාවෙන් අහද්දි යුන්ගි ඔලුව වැනුවේ ජිමින් කිව්ව සේරම දේවල් ඒ වෙලාවේ එයාගේ හිතට සැනසීමක් ගෙනාපු නිසා.ජිමින් අත් දෙක දික් කරලා ළගට එද්දි යුන්ගිත් ජිමින්ව වැළදගත්තා.ටික වෙලාවක් දෙන්නම එහෙම හිටියේ කාලය යන බවවත් නොදැන.ඒත් එකපාරටම වීදුරු බිදෙන සද්දයක් ඇහුන නිසා යුන්ගි කලබල වුනත් ජිමින්ගේ කිසිම සද්දයක් තිබුනේ නෑ. යුන්ගි ජිමින්ගෙන් ඈත් වෙද්දි ජිමින්ගේ බෙල්ල කඩන් වැටුන නිසා යුන්ගි ආපහු ජිමින්ව බදාගෙන අල්ලගත්තා.ඔව් ජිමින්ට හිටගෙන නින්ද ගිහිල්ලා තිබුනේ අතේ තිබුන වීදුරු බෝතලය ඉබේම බිමට අතෑරෙද්දි.
ජිමින්ව හරහට වඩාගත්ත යුන්ගි ජිමින්ව එතනින් අරගෙන ගියා.යුන්ගි කියන්නෙත් ජීවිතය විදින කෙනෙක් නෙවෙයි.ඒ නිසා යුන්ගිට ඒ දේවල් නුහුරු වුනත් එයාට කෙනෙක් ගැන ආකර්ෂණීය හැඟීමක් ඇතිවුන පළවෙනි පාර ඒක.යුන්ගිට හිතුනේ ජිමින් හොඳ සවන් දෙන්නෙක් කියලා.
________________________________________________________________________
කතාව අමතක නොකර හිටියට ආදරෙයි ඔයාලට💓
ඊළග චැප් එකත් ඉක්මනින් අරගෙන එන්නම්....
කමෙන්ට් එකට ඉස්සරහෙන් හාට් දාන්න පුලුවන් ඔප්ශන් එකක් ඇවිල්ලා නේද...මන් දාපු නෝට් එකේ සේරම කමෙන්ට්ස්වල හාට් එක ඔබ ඔබ ගියා