My ᴿᴱᴰ ᴿᴼˢᴱ Became ₕₑᵣ Mother...

By Whitie_JY

8.5K 949 132

ලේ නෑකමක් හෝ නොමැති බැදීමක් නිසා ආදර දෙකක් සමග ගැටෙන දරුණු හදවතක්... පිය සෙනෙහසට අකීකරු මවගෙ අහිමි උන ආදරේ ස... More

Chapter 01 ( Introduction )
chapter 02. ( Familiar guest )
chapter 3 (Sana's journey🥲 )
chapter 4 ( Jungkook's rules )
chapter 5 ( What should I do😔 )
Chapter 6 (My job💐)
Chapter 7 ( back home )
Chapter 8 ( Life with Suki and his father )
Chapter 9 ( letter )
Chapter 10 ( My life )
Chapter 11 ( fever )
chapter 12 (angry kookie)
AN
Chapter 13 (birthday party )
Chapter 14 (back to hospital )
Chap;15 (her) [ₚₐᵣₜ 1.ᵃᵐᵃᶻⁱⁿᵍ ᵗʳⁱᵖ]
Chap;16 (her) [ₚₐᵣₜ 2.ᵃᵐᵃᶻⁱⁿᵍ ᵗʳⁱᵖ]
Chap;17 (her) [ₚₐᵣₜ 3.ᵃᵐᵃᶻⁱⁿᵍ ᵗʳⁱᵖ]
* Bonuses chapter *❤
Chapter 19 ( party )
Chapter 20 ( News )
Chapter 21 ( Don't go )
Chapter 23 ( guest )
Chapter 24
chapter 25 ( Happy day)
Chapter 26 (Her became my wife )
chapter 27 (lovely day)
Chapter 28 (Wrong)
Chapter 29 (Happy , but ?)

Chapter 22 ( drink )

191 24 4
By Whitie_JY


ₛₑCₒₙd DₐY

_She is our baby_

🌷Sana
🐺Lee suk
🙋🏻‍♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim

☃️Jiho

👹Jinhan
🦨 jinhan's wife
☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡
.
.
.
.
.
.
බීප් බීප් බීප්

Alarm එකේ සද්දෙට පාන්දර ම ජන්කුක්ට ඇහැරුනා. සනීපෙට පපුව උඩට වෙලා නිදාගෙන ඉන්න සනාගෙ මූන දිහා බලපු ජන්කුක්ට ඊයේ දවස ගැන මතක් වෙලා නිකන් ම මූනට හිනාවක් ආවා.. ඇවිස්සිලා තිබුන කොන්ඩෙ මූනට වැටිලා තිබුන කෙස් රොදවල් හෙමීට කන පිටිපස්සෙන් රදවපු ජංකුක් සනාගෙ නලලට කිස් එකක් දීලා එයාව හෙමීට පපුව උඩින් අයින් කරලා පැත්තකින් නිදිකරවලා ඇග වැහෙන්න ඩුවට් එකත් පෙරෙව්වා..

🐰'' තෑක්ස් මැණික මගෙ ජීවිතේට ආවට... ''
සනාගෙ තොල් උඩින් පෙක් එකක් තියලා ජන්කුක් කිව්වා. වොෂ් එකකුත් දාගෙන සනාටයි එයාටයි කෑම හදන්න හිතාගෙන ම ජංකුක් පහලට ගියා. කිචන් එකට ගියපු ජන්කුක් කෑම හදන්න පටන් ගත්තා. ජන්කුක් කුස්සියට වෙලා එහෙටයි මෙහෙටයි ඇවිද ඇවිද කෑම හදන්න ලෑස්ති වෙන ගමන් ඉද්දි සනා කිචන් එකට ඇවිල්ලා ඒ දිහා බලන් හිටියේ මූනේ හිනාවකුත් රදවගෙනයි.. හිනා වෙවී බලාගෙන හිටිය සනා එහෙම්ම ම ගිහිල්ලා ජන්කුක්ගෙ ඉන වටේ අත දාලා පිටට තුරුල් උනා..

🐰" ඔයා නැගිට්ට ද... ගුඩ් මෝනින් රෙඩ් රෝස්.. "

🌷' ගුඩ් මෝනින් බනී... මම ඔයාව හෙව්වා. මෙයා ඇවිත් තනියම කෑම හදනවා... ''
සනා හුරතල් විදිහට කට උල් කර කර කීවා..

🐰" මගෙ මැණිකව ඇහැරවන්න හිතුනෙ නෑ.. ඔයා වොෂ් කරගෙන ද ආවෙ... ''
මිමිනිල්ලක් කරපු සනා ජන්කුක්ගෙ පිටෙන් ඈත් වෙලා මූනට එබිලා හුරතල් විදිහට හිනා උනා..

🌷'' ඇයි මැනික..."
ජන්කුක් සනාගෙ කම්මුලක් හෙමීට පිරිමදින ගමන් ඇහුවම සනා ජන්කුක්ගෙ පපුවට තුරුල් උනා..

🌷'' අද යනවද බනී අපි... ''

🐰'' නෑ මැණික අපි හෙට උදේට යමු. සුකීව ඔම්මා එක්ක ගියානේ. හෙට ඉරිදා නිසා සුකිත් ගෙදර එනව නේ. . ''

🌷'' හ්ම්.. මම කොෆී එකක් හදන්නං... ''
සනා එහෙම කියද්දි ජන්කුක් හිනා උනා.

🐰'' මැණික කොෆී එක හදලා ගිහිල්ල ඉදගෙන ඉන්න මම කෑම හදලා කතා කරන්නං... ''

උදේ කෑම කාපු ජන්කුක් සනා එක්ක ඒ පැත්තෙ ඇවිදින්න ගියා. ඒ පැත්තෙ නිදහස නිසා ජන්කුක් මාක්ස් එක දැම්මෙ නැ. ඒ යද්දි ජන්කුක් දැක්කා කෙනෙක්ව. හොදට දැකලා පුරුදු නිසා ම කොල්ලා ඒ පැත්තට ගියා.

🌷'' බනී.. ඒ එයා නේ.... ''

🐰'' ටිකක් ඉන්න කො මැණික අපි කතා කරල බලමු... ''

🌷'' excuse me.... ඔයා.... හන්රා ද.. අයි මීන්.. .. ''

'' ඔයා මාව දන්නව ද...
ඔහ්...
සනා.. මේ ඔයාම ද.... ''

🌷'' හන්රා... ඔයාට අපිව මතක ද... ''
හන්රා කියන කෙනා සනාව හග් කරා. එතකොට තමා එහා පැත්තෙ ඉන්න ජන්කුක්ව දැක්කෙ.

'' මේ කුකී ඔප්ප ද.. සනා.. ඔයාගෙ බනී... මට මගෙ කස් එක යාලු කර ගන්න වත් දුන්නෙ නැති අසමජ්ජාති හාවා... ''

🐰'' හන්රා.. අවුරුදු ගානකට පස්සෙ නේද ''

'' ඔව් ඔයාව TV එකෙන් නම් දැක්ක ට මෙහෙට එයි කියල හිතුවෙ නෑ මම ''

------------------------------------------------------

💃හන්රා

ජන්කුක්ගෙයි සනාගෙයි classmate කෙනෙක්. පෝසත් නැති සාමාන්‍ය පවුලක කෙල්ලෙක් උනාට හන්රට තිබුනෙ අහිංසක ගතිගුණ. හන්රා මේ වෙද්දි dancing academy එකක වැඩ කරන්නෙ.

------------------------------------------------------

💃'' කුකී ඔප්පා... මේ සනා ඔයාගේ girlfriend ද තාම... කෝ එතකොට සුකී... ''
හන්රා ඇහුවේ ජන්කුක් සනාගෙ කරෙන් දාගෙන හිටපු කොල්ලගේ අත දිහා බලලා. මොකද හන්රා නිවුස් වල දැක්කෙ තාම සුකීව විතරයි. ජන්කුක්ගෙ මැරේජ් එක ගැන කවුරුත් ම දන්නෙ නෑ.

🐰'' ඒක දිග කතාවක් හන්රා... ''

💃'' එහෙනම් රෑට අපි පොඩි පාටි එකක් දාමු.. මං හවස බංගලාවට එන්නං... ''

🌷'' ඒක හොද අදහස.. ''

🐰'' අපි බලාගෙන ඉන්නෙ.. ඔයා එන්න.. ''
ටික දුරක් යනකොට ජන්කුක් සනාගේ කම්මුලට kiss එකක් දීලා මූණට එබුනා.

🌷'' .. ''
එකපාරටම කොල්ලා කරපු දේ ගැන හිතා ගන්න බැරුව සනා ඇසුත් ලොකු කරන් ජන්කුක් දිහා බලද්දි ජන්කුක් කරේ කට කොනකින් හිනාවෙලා කෙල්ලට ඇහැක් ගහපු එක.

🌷'' බනියෝ.... ඔහොම කරන්න එපා මේ ගෙදර නෙමේ අපි පාරෙ ඉන්නෙ.. මිනිස්සු දකී.. ''

🐰'' එහෙනම් මම ගෙදර ගිහිල්ල ඔයාව lunch එකට හපලා කනවා. ''

🌷'' යා බනී...''
සනා ජන්කුක්ගෙ පිටිපස්සෙන් පැන්නුවා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හතර විතර වෙද්දි හන්රා බංගලාවට ආවා. පැය දෙක තුනක් ගෙවිලා යද්දි සනා නැති තැන හැම දේම ජන්කුක් හන්රට කිව්වා. එලියෙ පූල් එක ලගට වෙලා ජන්කුක් හන්රා එක්ක කතා කර කර හිටියෙ සනා ගේ ඇතුලෙ නිසා.

💃'' දැන් එතකොට ඔයා කියන්නෙ සනාගෙයි ඔයාගෙයි බබා නෙමේද සූකී කියන්නෙ. එයා වෙන කෙනෙක්ගෙ කියලා ද.. ''

🐰'' ඔව්.. ''

💃'' ඔයා මේක සනාට කියන්නෙ නැද්ද.. නැත්නම් ජියෝන් අන්කල් මේකට අකමැති වෙයි ''

🐰'' මටත් ඕක හිතුනා හන්රා.. කල් දාන්නෙ නැතුව කරන දෙයක් කරන්න ඕන ''

💃'' පරිස්සමට හරිද.. ඒක නෙමේ... මට කියන්න කො එයා සනීපෙන් ද.. එයත් ඔයා වගේ ගියාට පස්සෙ කෝල් කලේවත් නෑ''

🐰''ඕ ඕ... කෙල්ල තාම එයා ගැන හිතනව වගේ. හියෝන් නම් හොදින් ඉන්නව.. ඔයා සෝල් ආවොත් නම් මට පුලුවන්.... ''

💃'' ඇත්තටම නේ ද.. මම next week එකේ එනවා. ඩාන්සින් ඇකඩමි එකේ වැඩ ටිකකට.. එතකොට ඔයාලගෙ ගෙදර එන්නං.. ''

🐰'' හා එහෙනම්.. මේ සනා තනියම ඇතුලෙ ඇත්තෙ අපි යමු නේ.. අපි රෑ වෙනකන් ම මෙතන ඉදලා තියෙන්නෙත් ''
ජන්කුක් ඇතුලට එද්දි සනා පුටුවට වෙලා ඉදගෙන හිටියෙ photo වගයක් බල බල. එතන තිබුණ සෝජු බෝතල් ටිකත් ඉවර වෙලා තිබුනෙ ජන්කුක් පුදුම වෙද්දි.

💃'' සනා වැඩේ ඉවර කරල වගේ. ''

🐰'' සනා.. මට කියන්න එපා ඔයා මේ බෝතල් ඔක්කොම හිස් කරා කියලා ''
ජන්කුක් කිව්වේ වැනී වැනී හිටපු කෙල්ලව හරියට පුටුවෙන් ඉන්දන ගමන්.

🌷'' ම්..ම්ම්..ඔව්..මං තමයි... මං මේකත් බිව්වා..මේකත් බිව්වා..මේකත් බිව්වා.. ''
කෙල්ල කිව්වේ table එකේ හිස්වෙලා තිබුනු බෝතල් පහ එකින් එක අතින් පෙන්නන ගමන්.

🐰: ආයිශ්.. සනා මොන මඟුලකටද ඔච්චර කෙලින් හිට ගන්නවත් බැරි තරමට බිව්වේ ආහ්.. කෙලින් ඉන්න පුළුවන්ද... ''

🌷'' මට කෙලින් ඉන්න පුලුවන් බනී... ඔන්න බලන්න ''
පණ්ඩිතකමට කෙල්ල නැගිටින්න ගිහිල්ල වැටෙන්න ගියා. ඒ නිසාම කොල්ලගේ ඇඟට හේත්තු කර ගත්තෙ වැටෙන්න නොදී.

🐰'' ඔයා යනවද හන්රා... ''

💃'' ඔව්.. රෑ වෙලා නේ.. Next week හම්බ වෙමු.. මම කෝල් කරන්නං... යන්න කලින් කියලා යන්න... ''
හන්රා ගියාට පස්සෙ දොරත් වහගෙන ම ජන්කුක් සනාව රූම් එකට එක්ක ආවා. කෙල්ල ඇස් දෙකත් පියාගෙන ඔහේ කියවන්න ගත්තේ ජන්කුක්ගේ පපුවට හේත්තු වෙලා.

🐰'' අපි නිදාගමු හරිද මැණික.... ''
ජන්කුක් කිව්වේ කෙල්ලව කොල්ලගේ පපුවට තුරුලු කර ගන්න ගමන්. එකපාරටම සනා ජන්කුක්වත් පැත්තකට තල්ලු කරලා කටත් අතින් වහගෙන වැනි වැනීම දිව්වේ වොශ් රූම් එකට. ජන්කුක් ඒත් එක්කම කෙල්ලගේ පස්සෙන් දිව්වේ කොල්ලට වැඩේ තේරුනු හින්දා. වොෂ්රූම් එක ලඟට ගියපු ගමන් කෙල්ල කරේ දුවලා ගිහින් vomit කරපු එක.

🐰'' මැණික අමාරුද... ''
ජන්කුක් ඇහුවේ කොමඩ් එක ලඟ දනගහගෙන vomit කරන කෙල්ලගේ පිටත් අතගාන ගමන්. vomit කරලා ඉවර වුනාට පස්සේ කෙල්ලවත් නැගිට්ටවලා කෙල්ලගේ මූනත් හෝදපු ජන්කුක් කෙල්ලව වොෂ්රූම් එකෙන් එලියට එක්කන් ඇවිත් සෝෆා එකෙන් ඉදගත්තා. සනා එක පාරටම සෝෆා එක උඩ දණගහගෙන සම්පූර්නෙන් ජන්කුක්ගෙ පැත්තට හැරිලා ජන්කුක්ව බදා ගත්තා.

🐰'' සනා.. මොකද මේ... ''

🌷'' ඔ...ඔයා දන්නවද..මං ඔයාට කොච්චර ආදරේද කියලා බනියෝ..... ''
ජන්කුක්ගෙ මූන අත් දෙකෙන්ම අල්ලගෙන රතු උන මූණෙන් කියද්දි ජන්කුක්ට හිනාවක් ගියා. කෙල්ල හිටියේ වෙරි මතින් නිසා ජන්කුක්ට පෙනුනෙ කෙල්ල තවත් හුරතල් විදිහට. ජන්කුක්ගේ පපුවට කෙල්ලගේ සිහින් අත් වලින් ගහන ගමන් කෙල්ල කියවනවා.

🐰'' ඔයා සිහියෙන් නෙමෙයි ඉන්නේ බේබී රෝස්.. නිදාගන්න ''

🌷'' මං..මං ආදරෙයි ඔයාට.. මගෙ බනියෝ...... ''

එහෙම කියපු කෙල්ල එකපාරටම ජන්කුක්ගේ කොලර් එකෙන් අල්ලගෙන කොල්ලගේ මූන ලඟට පාත් කරගෙන තොල් වලට බරවුනේ ජන්කුක්ගේ ඇසුත් ලොකු කරන් බලන් ඉද්දි. ජන්කුක් ඈත් කරන්න හැදුවත් කෙල්ල නොනවත්වාම වේගයෙන් ජන්කුක්ව සිප ගද්දි කොල්ලත් අනිත් පැත්තට කෙල්ලව සිප ගත්තෙ කොල්ලගේ අතින් පාලනේ ගිලිහෙද්දි.

🐰'' මැණික stop.... ''
ටික වෙලාවක් ඒ විදියටම හිටපු කෙල්ල ජන්කුක්ගෙ උරහිසෙන් ඔලුව තියා ගත්තා. කෙල්ලගෙ හුස්ම සාමාන්‍ය විදිහට වැටෙද්දි ජන්කුක් බෙල්ල දිහා බැලුවා.

🐰'' මොකක්....මේ කෙල්ල මේ නිදිද.. මෙච්චර දෙයක් කරලත්.. පස්සෙ අල්ල ගන්නං බේබී... ''
ජන්කුක් සනාගෙ උරහිස මත සිපුමක් තියලා ඒ දිහා බලාගෙන හිටියා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

පහුවදා උදේම සුකීවත් අරගෙන ආයෙ දෙන්නා සෝල් වලට ආවා. කට්ටිය හිටියෙ ශොපින් කරන්න ගිහිල්ල.

🐰'' මේක කොහොමද? "
රෝස සුදු මික්ස් වුන ෂෝට frock එකක් පෙන්නලා ජන්කුක් අහනකොට සනා ඇස් ලොකු කරලා බැලුවා.. සුකීගෙත් මූණ ඇද වෙලා නිසා ජන්කුක්ට තේරුනා ඒකත් හරි නෑ කියල..

🌷" බනී ඒක..."
හරා මූන ඇබුල් කරගෙන ගොත ගැහුවා....

🐰" එහෙනම් අරක.. ප්‍රින්සස් ඒක හොදයි නේ මමීට.. "
තවත් ෂෝට් ඩ්රස් එකක් පෙන්නලා ජන්කුක් අහනකොට , උදේ ඉදලා දෙන දෙයක් කාලා සනාගෙ අතට වෙලා අහන අහන හැම එකටම මූණ ඇද උන සුකී හිනා උනා..

💝'' ඕකේ පපා.. සුකීටත් ඒකෙන් ම ඕන.. ''

🐰'' ඕකේ... ''

🌷" ආහ් දැන් ඇති... බනී අපි ගෙදර යමුද? "

🐰'' ඩියෝන් ඔය බෑග් පහයි අතන සෝපා එකේ තියෙන බෑග් ටිකයි මගෙ කාඩ් එකෙන් පේ කරන්න ''
ජන්කුක් එහෙම කියල එලියට යන්න ගියා. අසරණ ඩියෝන් බොඩිගාඩ්ල ටික එක්ක බෑග් විස්සක් විතර අරගෙන ඒ පස්සෙන් ම ආවා.

💝'' පපා.. සූහෝ ඔප්පාගෙ birthday party එකට මෙච්චර බඩු ඇයි.. ''

🐰'' සූහෝ කියන්නෙ මගෙ හියෝන් ජේහ්‍යුංගෙ බබා නේ.. එතකොට ඉතින් මෙහෙම තමා.. ''
ගොඩක් දෙනෙක් උවමනාවෙන් බැලුවෙ මාක්ස් එකට වැහුන මූණ ඇහැ ලග piercing එකක් එක්ක සම්පූර්ණයෙන්ම මොඩර්න් ලුක් එකක් තිබුන ජන්කුක් දිහා වගේම කියුට් මූණක් එක්ක ඒ අතක එල්ලිලා යන සනාවයි ඒ අතේ හිටපු මාක්ස් බේබී සුකී දිහා. මේ චූටී පවුල කරන විකාර වැඩ දැක්ක වැඩ කරන අයත් හිනා වෙවී හිටියා.

එක දිගට වාහනේ ඩ්‍රයිව් කරපු ජන්කුක් පාර අයිනේ තිබුන නිස්කලංක කැෆේ එකක් ලගින් කාර් එක නැවැත්තුවා. එතන ලගම පොඩි පාක් එකකුත් තිබුනා. තුන් දෙනාම ඉදගන්න ගියා.

💝'' පපා එනෝද ප්ලේ කරන්න යන්න... ''

🐰'' නෝ ප්‍රින්සස්.. පපා මමී එක්ක ඉන්නං.. ඩියෝන් අන්කල් එක්ක යන්න.. ''

🌷'' බනී බය නැද්ද.. අන්කල් ජින්හැන් තාම මාව හොයනව ඇති.. මෙහෙම එලියෙ ඉන්න කොට මාව දැක්කොත් ''

🐰'' ජස්ට් රිලැක්ස් ලව්...මං ඉන්නවනේ.. අහු වෙන්නෙ නෑ.. මම ඔයා එක්ක ඉන්නවා නේ ''
සනාගෙ උරහිස වටේ අත දාලා ලගට අර ගත්ත ජන්කුක් හෙමින් කිව්වා.

🐰'' සනා.. ආයෙ මං නැති තැන බොන්න එහෙම එපා හරිද.. ඊයෙ වගේ විකාර කරොත් ''
සුකී සෙල්ලම් කරන දිහා බලාගෙන හිටිය කෙල්ලට ජන්කුක් කිව්වා.

🌷'' බනී... ''

🐰'' මැණික රෝස මලක් වගේ රතු වෙලා. ''




_________________🌻🍃





Continue Reading

You'll Also Like

1.1K 304 9
ඔයා කොහේ කෙනෙක්ද. කොච්චර කල්ද මෙහේ ඇවිත්. ආයෙත් එයාම මගෙන් ඇහුව. මම මොනවද කියන්නෙ? මම චිත්‍රයක් ඇතුලෙන් ආවා කියන්නද? මේ මනුස්සයා හිතයි මට පිස්සු කියල.
3.8K 680 6
"අනේ ජිමින්ශි.." "මොන වදයක්ද ඕයි...තමුසෙ ඇයි මගේ පස්සෙන්ම එන්නෙ ..මට වදනොදී යනවකෝ මෙතනින්.." "මට යන්න තැනක් නෑනෙ..." "ඇයි තමුසෙලට ඉන්න තමා අච්චර ලොකු...
24.7K 6.5K 42
omegaverse oneshot 🔴 This is my 5th book Start Day - 2021.05.12 End Day - 2021.05.18 AN~ TRANSLATION OR RE PUBLISHES OF MY BOOK IS STRICTLY PROHIBI...
2.9K 208 19
"අවුරුදු 17 ක කෙල්ලෙක් අවුරුදු 28ක underworld එකම හොල්ලපු මුලු ලෝකයක් දන්න ප්‍රසිද්ද බිස්නන්මන් කොල්ලෙක්ට ආදරේ කරොත් කොහොම තියේවිද " "මං ඔයාට ගොඩක්...