𝑻𝒉𝒆 𝑭𝒐𝒙 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎...

By Armygirl920

1.3K 323 669

• කාලෙකට ඉස්සර ඉදන්ම මිනිස් ලෝකයෙන් වෙන්වුන තවත් ලෝකයක් තිබුනා .. • ඒක එක නොපෙනන දොරකින් එහා පැත්තේ තිබුන ගො... More

Intro 🦊
⚜️ 1 ⚜️
⚜️ 2 ⚜️
⚜️ 3 ⚜️
⚜️ 4 ⚜️
⚜️ 5 ⚜️
⚜️ 6 ⚜️
⚜️ 7 ⚜️
⚜️ 8 ⚜️
⚜️ 9 ⚜️
⚜️ 10 ⚜️
⚜️ 11 ⚜️
⚜️ 12 ⚜️
⚜️ 13 ⚜️
⚜️ 14 ⚜️
⚜️ 15 ⚜️
⚜️ 16 ⚜️
⚜️ 17 ⚜️
⚜️ 18 ⚜️
⚜️ 19 ⚜
⚜️ 20 ⚜️
⚜️ 21 ⚜️
⚜️ 22 ⚜️
⚜️ 23 ⚜️
⚜️ 24 ⚜️

Prologue 🦊

134 27 75
By Armygirl920


කාලෙකට ඉස්සර ඉදන්ම මිනිස් ලෝකයෙන් වෙන්වුන තවත් ලෝකයක් තිබුනා .. ඒක එක නොපෙනන දොරකින් එහා පැත්තේ තිබුන ගොඩක් ලස්සන fantasy ලෝකයක් .. ඒක එයාලා හැඳින්වුවා Fox world කියන නමින් .. Nixen කියන කළු ගස් කැලේ අඳුරුම පැත්තට වෙන්න තිබුන ඒ නොපෙනෙන දොර ඔවුන්ගේ ලෝකයේ අයටම මිස සාමාන්‍ය මිනිහෙකුට කොහෙත්ම පෙනුනේ නෑ ....

ඉතින් ඒ fox world එකට එක පාලකයෙක් හිටියා .. ඒ වගේම ඔහු වටා ඔහු එක්ක ලඟම ආශ්‍රේ කරන ඒ ලෝකයේ පාලනයට උදව් කරන පිරිසකුත් හිටියා .. ඒ වගේම ඒ ලෝකයේ වැසියනුත් දාස් ගානක් ජීවත් උනා .. හරි ලස්සන පුංචි පවුල් ගොඩක් එක්ක ...

ඔව් ... මිනිස් ජාතීන්ගෙන් හැංගිලා තියෙන ඒ ලෝකයේ ජීවත් උනේ නරි .. එහෙමත් නැත්තන් හිවල්ලු .. මිනිස්සු ඒ තරම් කැමති සත්ව කොට්ටාසයක් නොවුනත් ඔවුන් අතර ලස්සන බැඳීම් තිබුනා , ඒ හැමදේම විනාස වෙන්න කලියෙන් ... !

ඒ ලෝකයේ ජීවත් උනා හිවල්ලු වර්ග තුනක් .. ඒ වගේම ගොඩක් බලවත් පාලකයෙක් ...

මුළු fox world එකක්ම පාලනය කරන්න එයාලට හිටියා Nine tailed Red Fox කෙනෙක් .. ඔහු ඒ මුලු හිවල් ජාතියටම රජකම් කලා .. ඔවුන් එයාලගේ පාලකයව හැඳින්වුවේ Anax කියන නමින් .. පාරම්පරිකව පැවතගන එන ඒ නම ' නායකයා ' කියන අර්තය පෙන්නුවා ... ඔහුට සෑහෙන්න බලයක් , ශක්තියක් තිබුනා .. ඔහුගේ වලිග නවය එක්ක හැප්පෙන්න කිසිම සතෙකුට බැරුව ගියා .... එක් උල්කා වර්ෂාවක් සමඟ සැඟව ඉන්න nine taild anax එලියට එනවා ..

ඒ ලෝකයේ පැවැත්මේ ඉදන්ම ඒ ලෝකය පාලනය කලේ Red fox Anax කෙනෙක් .. එහෙම කෙනෙක් බිහි වෙන්නෙ red fox කියන වංශයෙන් විතරමයි ...


එතකොට red fox ලා ඒ ලෝකයේ හිටිය තවත් එක වංශයක් .. ඔවුන් ගේ හැකියාව උනේ ශක්තිමත් බව .. red fox ලගේ ශක්තිය එක්ක හැප්පෙන්න කිසිම fox කෙනෙක්ට බැහැ .. මොවුන් රාජකීයයන් නොවුනට ඔවුන් ගෙන් තමයි Anax බිහි උනේ ..

රතු ඇස් , උල් නිය වගේම කෙටි රතු ලෝම එයාලට තිබුනා .. ඒකට හේතුව උනේ ඔවුන් නිතරම රණ්ඩුව බර අය වීම .. හරිම ඉක්මනට red fox කෙනෙක් කෝප වෙන්න පුළුවන් .. ඒ වගේ වෙලාවට ඔවුන්ගේ ශක්තිමත් බව පාලනයෙන් ගිලිහිලා විනාසයක් වෙන්නත් පුළුවන් ...


Black Fox ලා කියන්නේ වංශයෙන් පහත්ම පිරිස .. එයාලට කිසිම රාජකීය බවක් තිබුනේ නෑ .. ඒත් එයාලට හොඳ හැකියාවක් තිබුනා .. ඔවුන්ට ලොකු බුද්ධියක් තිබුනා ... ඒ නිසාමයි red fox anax සමග ලෝකයේ පාලනයට black fox ලත් සහය උනේ .. මොකද red fox ලා කවදාවත් black fox කෙනෙක් ව පහත් කුළයට දැම්මෙ නෑ .. ඔවුන් දෙගොල්ලො ගොඩක් සහයෝගයෙන් ජීවත් උනා ..

ඔවුන්ට කළු දුඹුරු ඇස් වගේම , දිගු සුදු මිශ්‍ර කළු ලෝම තිබුනා ..

විශේෂම කාරණය උනේ Red fox කියන ඉක්මන් කෝපකාරයෝ black fox ලට මිස කිසි කෙනෙක් ඉස්සරහා සන්සුන් නොවුන එක .. black fox ලට ඒ හැකියාව උරුමයෙන් ලැබුන දෙයක් ..

මොවුන් තමයි නාහෙට අහන්නෙ නැති කොටස .. White Fox ලා කියන්නේ උපතින්ම රාජකීය ලේ කියලා හඳුන්වන අය .. ඒත් ඔවුන්ට රාජ්‍ය හිමි උනේ නෑ Nine tailed foxලා බිහි උන තාක් ... මොවුන්ගෙන් nine tailed ලා බිහි උනේ නෑ .. ඉතින් වඩා බලවතා උන nine tailed red fox එදා ඉදන්ම රාජ්‍ය හිමි කරගත්තා .. මොවුන් ඇත්තටම ඒ ගැන හිටියේ ගොඩක් තරහින් ...

නිල් ඇස් , දිග ලස්සන සුදු ලෝම වගේම ගොඩක් දුර්ලභ හැකියාවක් මෙයාලට තිබුනා .. ඒ ගොඩක් සැර ඉව .. එයාලට පුළුවන් ඕනෑම දුරකට ඉව කරන්න .. කාලයත් එක්ක පුහුණුවක් ඒකට උවමනයි .. ඒ වගේම කෙනෙක් එක්ක පැයක කාලයක් රැදිලා හිටපු ඕනෑම කෙනෙක් ව ඉවෙන් හොයා ගන්න මෙයාලට පුළුවන් ..

.
.

ඉතින් මේ වංශ තුන ඔවුන් විශේෂ නමකින් හැඳින්නුවා .. Skulk එකක් .. ස්කල්ක් එකක් කියන්නේ එක පැක් එකකට .. ඒ වගේම ගැහැණු හිවලුන් vixen කියන නමෙනුත් පිරිමි හිවලුන් tod කියන නමෙනුත් ඒ ලෝකයේදි හඳුන්වනවා ..

ඉතින් ස්කල්ක් තුනෙන් red fox skulk එකත් black fox skulk එකත් නිතරම සහයෝගෙන් හිටියා .. ඒ උනත් white fox ලා නිතරම වෙනම උනා .. ඒකට හේතුව උනේ ඔවුන්ගේ පරම්පරාව පවත්වගන යන්න එයාලා භාවිතා කරපු ක්‍රමය ...

ඕනිම fox කෙනෙක් ට අවස්තා දෙකක් ලැබෙනවා එයාලගේ mate ව එහෙමත් නැත්තන් fox ලගේ භාෂාවෙන් loom ව තෝරගන්න .. එකක් එයාලගේ පළවෙනි පරිවතනය .. අවුරුදු දහයෙදි වෙන පළවෙනි පරිවතනය වෙනකන් එයාලා ජීවත්වෙන්නේ මිනිස්සු විදියට .. පරිවර්තනයෙන් පස්සෙ එයාලා මිනිස් හිවල්ලු වෙනවා .. ඉතින් පළවෙනි පරිවර්තනයෙදි ඔවුන් loom කෙනෙක් ව තෝරගන්නවා .. අවුරුදු දහයේ ඉදන්ම .. පුරහඳ රාත්‍රියේ ඔවුන් විශ්වාස කලා දෛවය ඔවුන්ගේ lasting loom ව ඔවුන්ට මුණගස්සනවා කියලා.. ඉතින් පළවෙනි පරිවතනයෙදි දෛවය විසින් ඔවුන්ගේ loom ව ඔවුන් ඉස්සරහට එවනවා .. ඒ loom ගේ රූපය හැමදාමත් fox ගේ ඇස් වල සටහන් වෙනවා ..

ඒත් සමහර වෙලාවට අවුරුදු දහයේ පරිවතනයෙදි දෛවය තීරණය කරන්න පුළුවන් ඔවුන්ට loom කෙනෙක් දැන්ම අවශ්‍ය නෑ කියලා ... ඒ වගේ වෙලාවට දෙවනි පරිවර්තනය එහෙමත් නැත්තන් අවුරුදු විස්සෙදි එයාලට lasting loom ව මුණගැහෙනවා .... ඒත් ඔවුන්ට බැරි නෑ faded loom කෙනෙක් ව , ඒ කියන්නේ දෛවය විසින් තෝරන කෙනා නොලැබුනොත් වෙනත් කෙනෙක් ව skulk head ලගේ ආධාරයෙන් නම් කරගන්න ..

ඒ කාලෙ ඉදන්ම red fox ලා එයාලගේ loom ව හොයාගත්තේ black fox ලගෙන් .. ඒ නිසයි ඔවුන් ඒ තරම් කිට්ටු .. ඒත් white fox ලා බය උනා රාජකීය ලේ පිටට දෙන්න .. ඔවුන් ඔවුන්ගේම අයව loom විදියට තෝරගත්තා ඒනිසා ...

ඉතින් ඔහොම කාලේ ගෙවුනා .. ඒත් Red fox Anax ගේ මරණෙන් පස්සෙ හැමදේම එන්න එන්න වෙනස් වෙන්න ගත්තා .. මොකද red fox anax ලා බිහි උනේ ගොඩක් කලාතුරකින් .. ඉතින් රජෙක් නැති ලෝකය ආගාධයට ගියා ... මේ අතරේ හදිසියේම white fox tod කෙනෙක් එක red fox vixen කෙනෙක් ට එහෙමත් නැත්තන් ගැහැණු red fox කෙනෙක් ට ආදරය කලා .. ඔහු බලහත්කාරයෙන් ඒ vixen ව එයාගෙ loom කරගත්තා ..

ඉතින් මේ නිසා skulk අතර ගැටුමක් ඇති උනා .. ඒත් අර white fox සම්පූර්ණ වරද red fox vixen ගේ පිට දැම්ම එකෙන් red fox ලයි white fox ලයි රණ්ඩු උනා .. white fox ලාට පුළුවන් උනා Anax කෙනෙක් නැති red fox skulk එක සමූල ඝාතනය කරන්න .. මුලු fox world එකම විනාස උන රැය ඒ .. ඔවුන් බය උනා තවත් red fox Anax කෙනෙක් බිහිවෙයි කියලා .. ඉතින් අර වරද පිට දාලා ඔවුන් මුළු skulk එකම මරලා දැම්මා ..

ඒ හේතුවෙන් පහත් වංශයක් උන black fox ලට මිනිස් ලෝකෙට පැනලා යන්න උනේ red fox ලා නැතිව ඔවුන්ට කිසිම පිළිසරණක් නැති නිසා ...
ඉතින් ඔවුන් fox world එකෙන් පිට මිනිස්සු එක්ක ජීවත් වෙන්න හුරු උනා ... ඒ වගේම white fox ලා මුළු fox world එකම අල්ලගත්තා ..

ඉතින් අපේ කතාවෙ පළවෙනි කොටස පටන් ගන්නේ මෙතනින් .. red fox කෙනෙක් වගේම black fox කෙනෙක් ට දාව ඉපදුන දෝ හ්‍යුන් මිනිස් ලෝකේ ජීවත් උනා .. අවුරුදු දහයෙදි පරිවර්තනය උන එයාට එයාගේ පුංචි කාලේ හොඳම යහලුවා සේරා ව lasting loom විදියට දෛවය තෝරලා දුන්නා .. ඒත් සේරා නම් මනුස්සයෙක් .. ඉතින් මනුස්සයෙක් ගෙයි black fox කෙනෙක් ගෙයි එකතු වීමක් මේ කතාවට මුල් උනා ..

ඔවුන්ට ඉපදුනා දරුවෙක් .. එයා ජිමින් .. ඒ වගේම ජිමින්ට සහෝදරියෙක් හිටියා .. ඒත් ජිමින්ගෙම සහෝදරී නෙවෙයි .. එයාව සේරා අරන් හදාගත්ත දරුවෙක් .. ඒත් දෙන්නම එකම වයසෙ නිසා එයාලා අතර පුංචි කාලෙ ඉදන්ම ගොඩක් ලොකු connection එකක් තිබුනා .. යූ ජින් කියන්නෙ ජිමින්ගේ හොඳම යාලුවා වගේම එයාගෙ නොවන එයාගෙම සහෝදරී ...

ජිමින් අවුරුදු දහයෙදි පරිවර්තනය උනේ නෑ ... ඉතින් දෝ හ්‍යුන් ලා හිතුවා ජිමින් මනුස්සයෙක් ටයි fox කෙනෙක් ටයි දාව ඉපදුන නිසා එයා මනුස්සයෙක් වෙලා කියලා .. ඒත් ජිමින්ගේ අවුරුදු විස්සෙදි ජිමින් පුරාවෘත වලටත් අභියෝග කරලා ගොඩක් බලවත් nine tailed fox කෙනෙක් විදියට පරිවර්තනය උනා ... ඒ වගේම විශේෂ දේ උනේ ජිමින් කියන්නේ අවුරුදු ගානකට පස්සෙ ඉපදුන full blood red fox ... එයාගෙ අප්පගේ ඇඟේ තිබුන red fox ජාන ජිමින්ව සම්පුර්ණයෙන්ම red fox කෙනෙක් කලා වගේම ජිමින්ගේ lasting loom විදියට එයාගෙම සහෝදරීව තේරුවා ..

ඉතින් අවුරුදු ගානකට පස්සෙ ඉපදුන red fox ගැන white fox ලා හරි ඉක්මනට දැනගත්තා ... එයාලා ජිමින්ව හොයාගන මිනිස් ලෝකෙට ආවා .. ජිමිනුත් එයාලත් අතර සටනක් ඇතිවෙන්න පටන් ගත්තා ... මොකද ඒ වෙද්දි හිටිය white fox head හදිසියේම නැති උනාම ඒ වෙනුවට පත් උනේ එයාගෙ තරුණ අදල් .. නාහෙට අහන්නෙ නැති කොල්ලෙක් උන Jay ජීමින් එක්ක මූණට මූණ සටන් කලත් හදිසියේම ඇති උන උල්කා වර්ෂාව ජිමින්ගේ ඇඟෙ හැංගිලා හිටිය Nine tailed Anax ව අවධි කලා ...

ඉතින් අවසානයේදි ඒ fox world එක ආයෙමත් Nine Tailed Anax කෙනෙක් ගේ පාලනය යටතට වැටුනා ... white fox ලා හැම කෙනෙක් ටම සිද්ධ උනා ජීමින්ට හිස නවන්න ...

ඉතින් ජීමින් එයාගෙ කොලේජ් වැඩ වගේම Fox world එකේ වැඩත් බලාගත්තා ... ඒ වගේම ඒ වෙද්දි black fox head විදියට හිටිය ජිමින්ගෙ අප්පා ජිමින් එක්ක රාජ්‍ය පාලනයට සහය උනා ..

ඔය විදියට කාලේ ගත උනා .. ආයෙම කිසිම වරදක් නොවෙන්න ජිමින් ඒ ලස්සන ලෝකේ බලාගත්තා ... මේ අතරේ ජිමින්ට එයාගේ lasting loom ගෙන් ගොඩක් වටින තෑග්ගක් ලැබුනා ...

ඒ තමයි ජිමින්ගේ පුංචි දල් ..

එලීසා ... !!



_____________

ඉතින් මේක තමා prologue එක .. කියවන් යද්දි කම්මැලි උනාද දන්නෑ .. 🤭

The Red fox story එකත් ඒකට පාදක උන අතීත කතාවත් තමයි ඔය .. ඉතින් Sequel story එක පටන් ගන්නේ එලීසාගෙන් ....

මම පුළුවන් ඉක්මනට පළවෙනි කොටසත් අරන් එන්නම් .. prologue එකේ නොතේරුන තැන් , වචන තියෙනවා නම් comment කරලා තියෙන්න පැටවු හොදේ ... ☺️

ඉතින් මම ගිහින් එන්නම්
🦊🦊

__Candy__

Continue Reading

You'll Also Like

26.8K 1.1K 25
After a scandalous incident at her old school, Naomi moves across the country to start a new life. Afraid of people finding out about her past, she l...
35.8K 461 19
TAEKOOK Warning Fic 🔞
27.9K 803 200
As Ninjago city fall into ruins in the hands of Emperor Garmadon, the resistance and the SOG would have to form an unwilling alliance after the disco...
2.9K 114 6
𝕤𝕙𝕠𝕨𝕖𝕕 𝕞𝕖 𝕨𝕙𝕒𝕥 𝕝𝕠𝕧𝕖 𝕝𝕠𝕠𝕜𝕤 𝕝𝕚𝕜𝕖 𝕥𝕒𝕦𝕘𝕙𝕥 𝕞𝕖 𝕥𝕠 𝕪𝕖𝕒𝕣𝕟 𝕗𝕠𝕣 𝕥𝕙𝕖 𝕗𝕚𝕣𝕤𝕥 𝕥𝕚𝕞𝕖 𝕥𝕠 𝕕𝕣𝕖𝕒𝕞 𝕙𝕠𝕡�...