"ගගා.. මේ මොකද මේ වෙන්නෙ..."
කන ලග වගේ ගහපු අකුණත් එකක්ම කාන්තාරය පැත්තෙන් ලොකු සුලං සද්දයක් ආවේ හැම දෙනාව වගේ බය කරමින්..
වැලි කුණාටුක් ද....??
එහෙමනං දෙවියනේ අපි ඉවරයි..!!
අහ් එරික්ලා..!! එයාලට කූඩාරමට යන්න පුලුවන් වුනාද..
"බයවෙන්න එපා පැටියෝ.. ගගා ඉන්නවානේ.. දැන් හොද දරුවා වගේ අතනින් ඉදගන්නකෝ.."
කොල්ලා බයවෙලා මගේ ඇගේ ඇලිලා ඉදිද්දි මං එයාව චාටු කතා ගොඩක් කියලා සන්සුන් කලේ එරික්ලා ගැන බලන්න කලින්..
"බනී බබා බය නැතුව මෙතනම ඉන්න.. ගගා අනිත් අයට කොහොමද කියලා බලලා එන්නම්.. හරිද.."
එයාගෙ ඔලුවට පොඩි තට්ටුවක් දාලා මම එහෙම්මම හැරිලා එන්න හදද්දි අර කොල්ලා මගේ අතින් ඇදලා නැවැත්තුවා.. මේ මොකද මේ...? ඒ මූණ දිහා බලන්න බයයි.. අබ දැම්මොත් පුපුරන ගානයි..
"මොලේ හොද නැද්ද බොබෝ..!! කුණාටුවක් පටන්ගන්න යන්නෙ.. මේ වෙලාවෙ එලියට ගිහින් හරි යනවද.. එයාලා කොහොම හරි කූඩාරමට එන්න ඇති.."
ශාන් පුපුරන්න ගත්තේ චීනපටස් එකක් වගේ..
"හරි.. හරී.. මං පොඩ්ඩක් ඔලුව විතරක් දාලා එන්නම්.."
"ඔලුව..!! ඔලුව නෙමෙයි දාන්න ඕන.. මෙන්න මෙහෙට වෙලා ඉන්නවා.. ඔච්චරටම හොයලා බලන්න ඕනෙ නං අන්න අතන තියෙනවා වෝකි-ටෝකි එක ඒකෙන් කතා කරලා බලන්න.."
කේන්තියෙන්ම ගස්සගෙන ගිය ශාන් අනිත් පැත්ත හැරිලා පුටුවකින් ඉදගත්තා..
දෙයියනේ...!! මේකාට කේන්ති ගියාම හරි වසයි නේ.. අනේ මන්දා වෙන එකෙක් මට ඔහොම කතා කලා නං මං ඒකව කුණාටුව කියලා බලන්නෙ නෑ මේ කූඩාරමෙන් එලියට ඇදලා දානවා.. ඒත් ශාන් කියන වචනයක් ගානේ මං එයාට අවනත වෙන්නෙ බලු පැටියෙක් වගේ..
මොනවා වුනත් කේන්ති ගන්නකොට එයා හරිම ශෝයි.. නහයත් පුම්බගෙන කටත් උල්කරගෙන බනින හැටි.. ආදරේ හිතෙනවා අප්පා.. ඕ.. ඕ.. යීබෝ.. තමුන් මොනවද මේ හිතන්නෙ..
මගේ උඩුහිත මට තරවටු කරද්දි යටිහිත නං ඒ හැගීමට ගොඩක් කැමති වුනා..
කොහොම වුනත් අනිත් අය හොදින්ද කියල බලන්න ඕන නිසා මේසේ පැත්තක දාලා තිබ්බ වෝකි-ටෝකි එක අරගෙන හෙන්රිට කතා කලත් සම්බන්ධ වෙන්න පුලුවන් වෙයි ද කියලා විශ්වාසයක් තිබුනෙ නෑ..
"හෙන්රි...!! හෙන්රි...!! මාව ඇහෙනවද.."
මට ඇහුනෙ හුලං සද්දයක් විතරයි...
"හෙන්රි..!!"
"යි.. යි.. බ්.. යී.. බෝ.."
"හෙන්රි..!! ඔයාව පැහැදිලිව ඇහෙන්නෙ නෑ.. හලෝ..!! හලෝ..!!"
ශිට්.. කට් වුනානේ..
ආයෙත් හෙන්රිගෙන් ඇමතුමක් ආවේ මම එයත් එක්ක සම්බන්ද වෙන්න කූඩාරමේ එහාට මෙහාට ඇවිදින අතරෙයි..
"යීබෝ.. ඇහෙනවද මාව..?"
"යීබෝ..!!"
"ඔව් හෙන්රි.. ඔයාලා හොදින් නේද..?"
"අපි හොදින් කොල්ලෝ.. මේක මේ පොඩි හුලගක් විතරයි.. සර් එරික් තව පැය භාගයකින් වැඩ පටන් ගන්නවා කිව්වා කොල්ලෝ.. මේක අඩු වෙනකල් ඇතුලට වෙලා හිටහන්.. මේ හුලග රේඩාර් අවුල් කරනවා.. එහෙනම් පැය භාගෙකින් හම්බුවෙමු කොල්ලෝ.."
හෙන්රි එහෙම කියලා සම්බන්ධතාවය බිද දාද්දි මම වෝකි-ටෝකි එකත් අතේ තියගෙන එහෙම්මම හැරුනේ ශාන් දිහාවට.. කතා වුන දේවල් මොනවද කියල දැනගන්න ලොකු ඕනකමක් ඒ මූනෙන් පෙනුනා..
"එයාලා හොදින්.."
මන් බලාගෙන කොල්ලා සැනසුම් සුසුමක් හෙලනවා..
"මේක පොඩි හුලගක් විතරලු.. තව පැය භාගෙකින් වැඩ පටන් ගන්නවා කිව්වා.."
මම එහෙම කියද්දි කොල්ලා ඔලුව ඉහල පහල කලේ තේරුම් ගත්තා කියන්න වගේ..
ම්.. මොකක්ද වුනේ ඒ පාර.. ආයෙමත් අරයා නෝ කතා.. ලොකු කල්පනාවක වගේ.. එතන තිබ්බ අනිත් පුටුවත් අරගෙන ශාන්ගෙ මූණ හොදට පේන විදිහට තියාගෙන ඉදගත්තා.. මොනවා ගැනද අප්පා ඔච්චර හිතන්නේ.. ම්හ්ක්.. මූණත් එක්ක රතු වෙලා නේද.. කෙල්ල ගැන හිතනවද දන්නෙ නෑ..
කිව්වෙත් නැ.. අනේ මට මොකෝ.. මේක මලවිකාරයක් වුනනේ.. කොල්ලගේ මූණ එන්න එන්නම රතු වෙනකොට මට දැනුනේ ලොකු කේන්තියක්.. ඒත් ඇයි ඒ..? එයාට කවුරු හරි ඉන්නවා නම් මට මොකද.. ඒත් මගේ හිත ගොඩක් රිදෙනවා නේ..
මගේ හිතට එකපාරටම වුනේ මොකක්ද කියලා හිත හිත ඉන්නකොට මං ගැස්සිලා ගියෙ එලියෙන් ඇහුන කතා කරන සද්දෙ නිසයි..
අහ්.. සුලං සද්දෙ නැවතිලා...
"එනවා.."
ශාන් දිහා බලන්න කරදර නොවුන මම එලියට යනකොට එතන හිටියෙ හෙන්රි..
"වෝකි-ටෝකියෙන් උඹව කනෙක්ට් කරගන්න හැදුවට හුලග නිසා රේඩාර් වලට භොනවා හරි වෙලා.. ඒ නිසයි එක්කගෙන යන්න ආවේ.."
හෙන්රි එහෙම කියද්දි ඇතුලට ගිහින් බිම දාල තිබ්බ බෑග් එකත් අරගෙන ශාන්ටත් එන්න කියලා හෙන්රි පස්සෙන්ම වැටුනා..
"අහ් කොල්ලා බය වුනාද.."
අපි එතනට එනකොටම හිනා වෙවී ඉස්සරහට ආව එරික් ශාන්ගෙ කොණ්ඩෙ අවුස්සලා කිව්වෙ, එතන මම වගේ කෙනෙක් හිටියෙ නෑ වගේ හිතාගෙන..
කොල්ලා අපහසුවෙන් ඇඹරෙනවා දකිද්දි ශේප් එකේ එයාව මං ලගට ඇදලා ගත්තා.. මට ඇස් කොනින් පෙනුනා කොල්ලා ආයෙමත් රතු වෙනවා..
ඇහ්..!! මේකා එරික්ට කැමතියි වත්ද.. ඒ නිසාද රතු වෙලා ඉන්නෙ..
මට හිතුනෙ ආයෙමත් මේකව එරික් ලගට තල්ලු කරලා දාන්න..
"හහ් හා.. ඒක පොඩි හුලගක් විතරයි කොල්ලනේ.. ඔහොම දේවල් කාන්තාරෙදි සාමාන්‍යයි.."
ඒත් එක්කම වගේ හිනා වෙවී කිව්ව එරික් ආයෙමත් හැරුනේ සීල් කරලා තිබ්බ දොරටුව දිහාවට..
"ම්.. එහෙනං දැන් තියෙන්නෙ මේක ඇරලා බලන එක.."
අත් දෙක එකට අතුල්ලමින් එරික් කියද්දි ඒකට බාධා කලේ ජොනතන්..
"සර්.. අපි මේ පණිවිඩය පරිවර්තනය කලා.. ඒ.. ඒකෙ.. ම්.. මේ.."
අන්තිම ටික ඇද ඇද වගේ ජොනතන් කියද්දි හැමෝගෙම අවධානය එයාට යොමු වුනා..
"මොනවද ඒකෙ තිබුනේ.."
කේමාල් ඇහුවෙ කරදරකාරී හඩකින්..
"පාරාවෝ කුමරුන්ගෙ සහ ඔහුගෙ ප්‍රේමියාගෙ නින්දට බාධා කරනවුන්ගේ නින්ද සදාකාලිකව අහිමි වේවා..!! වස්තුවට ලොබ බදින්නන්ගෙ ආත්මය එය රකින්නෙක් බවට පත්වේවා..!!!"
ජොනතන් එහෙම්මම ඔලුව උස්සලා බැලුවේ අනිත් අයගෙ මූණු දිහා..
"මං කලිනුත් කිව්වා නේද.. ඔය විකාර ඔලුවට දා ගන්න එපා කියලා.. තමුන්ලා හැසිරෙන්නෙ ගල් යුගයේ වගේනේ අයිසේ.. මට මේවට තව වෙලාව වැය කරන්න බෑ.. මෙන්න මේක අරිනවා.."
එරික් එතන වැඩට උදව් කරන්න ඉන්න එක්කෙනෙක්ගෙ ඇගට කඩාගෙන පනිද්දි ඒ මිනිස්සු හතරදෙනා කලබලයෙන් දොර ලගට ගියා.. මගේ ඇගට කවුරුහරි බර වෙනවා වගේ දැනෙද්දි මම ඒ පැත්ත බැලුවත්..
"අන්න.. අන්න.. අර ළමයා වැටෙනවා.."
කියලා කෑගහගෙන හෙන්රි මං ලගට ඉක්මනට ඇවිදගෙන එද්දි මම වැටෙන්න ගිය ශාන්ව අල්ලගත්තා..
"ශාන්..!! ශාන්..!! ළමයෝ.. "
කම්මුල් වලට තට්ටු කර කර කතා කලත් එයා ඇස් ඇරියේ නෑ..
"යීබෝ.. ඔය ළමයව කූඩාරමට අරන් යන්න.."
එරික් මට එහෙම අණ කරලා..
"හා.. හා.. දැන් ඒක ඉවරයි.. කලන්තයක් විතරනේ දැම්මේ.. ඔයාලා වැඩ පටන් ගන්න.."
ආයෙත් අර මිනිස්සුන්ට කෑ ගහන්න පටන් ගත්තා..
"ඉන්න මාත් එන්නම් කොල්ලෝ.."
ශාන්ව හරහට අරගෙන ඉස්සරහට යන්න හදද්දි ජොනතන් එහෙම කියාගෙන මගේ පස්සෙන් එන්න ආවත්..
"ඔය කොහෙද යන්නෙ ජොනතන්.. යීබෝ ඒ ගැන බලාගනී.. ඔය කොල්ලව බලාගන්න මෙතන ඉන්න ඔක්කොම ගියහම මේ වැඩේ කරන්නෙ කවුද.."
එරික් ආයෙම බෙරිහන් දෙද්දි සමාවෙන්න වගේ බලපු ජොනතන් ආපහු හැරෙද්දි මම ශාන්වත් අරගෙන කූඩාරමට ආවා..
"ශාන්.. ශාන්.."
ස්ලීපින් බෑග් එක උඩින් එයාව හාන්සි කරලා කම්මුල් දෙපැත්තට ආයෙමත් තට්ටු කලත් එයාගෙන් කිසි ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ..
අනේ මේ කොල්ලට එකපාරටම මොකද වුනේ.. වතුර ටිකක් අරගෙන මූණ දෙපැත්තෙ තවරනකොට ලාවට වගේ ඇහිපිල්ලම් ටිකෙන් ටික එයා හෙලෙව්වා..
හෙමිහිට ඇස් අරින්න උත්සහ කරද්දි මගේ හිතට දැනුනෙ පුදුම සතුටක්.. ඇත්තටම මම ගොඩක් බය වුනා ශාන් කලන්තෙ දානකොට..
"බ්.. බෝ.. ගගා.."
ඇලවෙලා හිටිය එයාව හෙමිහිට කෙලින් කරද්දි එකපාරටම අපේ ඔලුව උඩින් අකුණක් පිපිරුවා.. ඒ සද්දෙට බය වුන කොල්ලා මාව තදින් බදාගත්තෙ මොනවද වෙන්නෙ කියලා හිතාගන්න බැරි වෙද්දි..
"එහෙනං ඔයාලව සාදරයෙන් පිලිගන්නවා.."
ශාන් මගේ බෙල්ල අස්සට මූණ ඔබන් ඉද්දි මගේ කන ලගින් කවුරු හරි මුමුණගෙන ගියේ අද දවස ඇතුලත වෙච්ච දේවල් එකපෙළට මට මතක් වෙලා ඇගේ හිරිගඩු පිපෙද්දි..
ඒ කියන්නෙ එයාලා සීල් එක කඩලා..!!
මෙතනින් පස්සෙ ගවේෂණයට එකතු වුන අපි කවුරුත් නොහිතපු දෙවල් වෙන්න පටන් ගත්තේ අපේ ජීවිත වෙනස් අතකට යද්දි..
.
.
.
.
.
🔰Ama
යීබෝටයි ශාන්ටයි සීල් එක කඩන තැන ඉන්න බැරි වුනා.. අපරාදේ 🤧🤧
මේ කතාව තව කොටස් 5කින් 6කින් ඉවර කරන්නද මීට වඩා දිගට ලියලා..
කතාව කියවන හැමෝටම ස්තූතියි..
කට්ටියම පරිස්සමින් ඉන්න..