අවසානයට පෙර...
" ඩොක්ටර් ජෝන්......අපිට ශල්‍යාගාරයට තව වෛද්‍යවරු ඕන.. තවත් හදිසි ලෙඩෙක් ගෙනාවා... එන්න පුළුවන් නේද??"
" ඉන්න මං එන්නම්..... කවුරුහරි නර්ස් කෙනෙක් මේ ලෙඩාව බලන්න... උදව් ඕන නං තව කෙනෙක් උදව්වට ගන්න................ සමාවෙන්න ඔයාට බෙහෙත් කරන්න නොවෙන එකට... හදිසි ලෙඩෙක්"
මුළු රෝහලම කූඹි ගුලක් ඇවිස්සිලා වගේ... ඔව් ඒක එහෙම තමයි දැන් දවස් කීපෙක ඉඳන්...අද ඒක වැඩියි...මරණ බය, වේදනාව, අහිමිවීමේ අඳෝනා රෝහලට පුරුදු උනත් අද ඒක දෙගුණයක් වැඩි වෙලා... අපේ නගරෙට හැතැම්ම කීපයක් එහා තිබ්බ නගරෙකට උඩින් බෝම්බ දාලා....එහේ රෝහල් වල ඉඩ නැති වෙද්දි එයාලව මෙහාටත් අරගෙන එනවා... හමුදා කඳවුරකට දාලා තිබ්බත් මිනිස්සු ගොඩකට බලපාලා ඒක........
ඔව් යුද්දෙ පටන් ගත්තා....පැය 24 ම මං ගිනිගන්නවා...එයා ගියා.. යුධ පෙරමුණට.... මං වෙනුවෙන්,රට වෙනුවෙන්, අනාගතේ වෙනුවෙන්....එයාට හිනාවෙලා සමුගැනීමක් දුන්න ට ඒ තප්පරේ ඉඳන් මං ගිණිගොඩක ජීවත් උනේ....කන කෑමක් උතුරෙන් පහලට තල්ලු කරගන්න වතුර උගුරක් ඕන උනා....සජීවීත්වයක් තිබ්බෙ නෑ මට.... අසරණයි.... ගෙදරට ගොඩ වෙන තැන ඉඳන් ම මට ඇඟේ හයිය නැති කරලා දානවා...එයා උණුහුම් කරපු හැම තැනකම සීතල රජ කරන්න පටන් අරගෙන තිබ්බා....එයා මගේ හයිය....ආපේ මතක පිරුණ තැන මං විතරක් සීතල එක්ක තනි වෙලා ඉන්නකොට කොහෙද මට හයියක්...මට උණුහුම ඕන දෙයියනේ.... මගේ උණුහුම මට ඕන...
ඒත්,
කව්ද මට එයාව ආයෙ ගෙනත් දෙන්නේ?? දෙවියන් උනත් අපේ දිහා බලන එකක් නෑ... අපි අපේ දෙවි පියාට විරුද්ධ උනා... ඉතින් එයා අපිට උදව් කරන එකක් නෑ කොහෙත්ම.... වේදනාව දරාගන්න එක විතරයි කරන්න පුළුවන් දේකට තියෙන්නේ.....
" දෙවියන් වහන්ස......!!!! "
ශල්‍යාගාරයට ගියපු මගේ කකුල් එකතැන නැවතුනේ දැකපු දේ නිසා.... සෙබළෙක්!! හොඳටම තුවාල වෙලා... මනුස්සයෙක් කියලා අඳුනගන්න බැරි තරමට! දෙවියනේ කරුණාකරලා අපිට පිහිට වෙන්න... කරුණාකරලා.....
" ඔහ් ඩොක්ටර් ජෝන්.... එන්න අපිට උදව් ඕන......"
මගේ සිහිය ආයෙත් යතා ලෝකෙට එද්දී මම අඩිය ඉක්මන් කරලා එතනට ගියා.... අත් දෙක ගැහෙනවා... බලන්නවත් බෑ ඒ කෙනා දිහා... අනේ දෙයියනේ... එයාට කරදරයක් නම් වෙන්න එපා.... කරුණාකරලා.....
ඒ මනුස්සය පිච්චිලා... සුදු හම කළු වෙලා... හුස්ම ගන්නෙ ගොඩක් දුර්වල විදියට....ඒ මදිවට කකුලක් දණහිසෙන් පහල තිබ්බෙ නෑ... ඇස් තද දම් පාටට ඉදිමිලා වැහිලම ගිහින්..කොන්ඩෙ එක කෙස් ගහක් නෑ...පිච්චුන තුවාල විතරයි..මූන විකෘති වෙලා කට පැත්තකට ගිහින්... වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ මාව ගැහෙනවා.... මගේ කකුල් පන නෑ... මං දන්නෙ නෑ මං කොහොම දරාගෙන හිටියා ද කියල... අන්තිමට අපිට කරන්න පුළුවන් උපරිමයක් කරා...එයා බේරෙයි... විකෘති වෙලා ගියපු මූනක්... පිච්චිලා ගියපු අත පය එක්ක, කකුලක් නැතුව,පණ නැති අතක් එක්ක එයා හුස්ම ගනී...
විෂබීජ හරණය කරගෙන ශල්‍යාගාරයෙන් එලියට එද්දී මං දැක්ක සර්ජරි එක කරපු ප්‍රධාන වෛද්‍යවරයා ඒ පවුලෙ අය එක්ක කතා කරනවා....ඒ මූණු බලාපොරොත්තු වලින් තප්පරයක් ඇතුලත පිරිලා යනව මං බලාගෙන හිටියා....ඒ මිනිස්සු ට ඒ කෙනා විකෘති උන එකවත්, කකුලක් නැති උන එකවත් වැඩක් නෑ.... පපුව පණ ගැහෙන එකම ඇති එයාලට....
හිස් බැල්මෙන් ඒ දිහා බලාගෙන හිටපු මං ආයෙත් වැඩ පටන් ගත්තා... සර්ජරි එකකින් පස්සේ ටිකක් විවේක ගන්න ඕන තමයි...ඒ මං විවේක ගන්න කාලය ඇතුලේ මිනිස්සු කී දෙනෙක් වේදනාවෙන් දඟලයි ද?? මට ආත්මාර්ථකාමී වෙන්න බෑ...
" ජන්කුක්! ඔය ඇති දැන්...නර්ස් ලට ඉතුරු ටික බලාගන්න දෙන්න....යමු කන්න..."
ලූකස් මගේ උරහිස් වලින් අල්ලං කියද්දි මං පිටිපස්ස හැරිලා බැලුවා... අපේ පුහුණු කාලය ඉවර වෙලා අපි ස්ථිර වෛද්‍යවරු උනා.... දැන් ලූකස් මාත් එක්ක වැඩ කරන්නේ....එයා දිහා තප්පර කීපයක් බලාගෙන ඉඳලා මං ඉතුරු වැඩ බාරදීලා එයා එක්ක කන්න ආවා... මිනිස්සුන්ට බෙහෙත් කරන්නත් මට ඇඟට පනක් ඕන
" වාහ්!! අද ජන්කුක් ගෙ මමා සුපිරි කෑමක් එවලා නෙ...."
ලූකස් මූන පුරා හිනා වෙලා කිව්වෙ මගේ මමා එවලා තිබුණ කෑම එක දැකලා.... පුච්චපු කළුකුම් මස්... මං ආසම කෑමක්.... ටේහ්‍යාන් එයාට යන්න වෙනවා කියලා දැනගත්තට පස්සේ බලෙන් ම මාව ගෙදර යැව්වා...එයා ගියාට පස්සේ ඉතිං මං ආයෙ ගෙදර ගියා... ඒත් සමහර වෙලාවට මං අපේ ගෙදර යනවා..මට අඬන්න ඕන උනාම.. හුස්ම ගන්න එක ගොඩක් අමාරු දෙයක් කියලා දැනෙන වෙලාවට මං එයාව හොයාගෙන යනවා...එයාව නෙවෙයි එයාගෙ මතක පිරුණු අපේ තැන... උණුහුම නැති වෙලා සීතල රජ කරන තැනට...
" ඉක්මනට කන්න ජන්කුක්... මං කාවි සේරම නැත්තං... අනේ හනේ කියාගෙන එන්න එපා "
ලූකස් මාව අවුස්සගන්න කිව්වත් මං එහෙම මනසක නෙවෙයි හිටියෙ...ඒ මනුස්සය දැක්ක තැන ඉඳන් ම මට එයාව මතක් වෙන එක නවත්තගන්න බැරි උනා..එයා කනවද දන්නේවත් නෑ මං...දවසකට එක වතාවක්වත්?? වතුර උගුරක් උගුර තෙමාගන්න ලැබෙනවද කියල මං දන්නෙ නෑ.... මං උගුරෙන් පහලට කෑම කටක් යවාගන්නෙ ඇඟට පනක් ඕන නිසාම විතරයි
" ජන්කුක්!"
අපි හුවමාරු කරගත්ත එයා මගේ මම එයාගෙ කියන සංකේතය උන මුද්ද දිහා බලාගෙන කල්පනාවක හිටපු මං ලූකස් ගෙ කටහඬෙන් ඇස් උස්සලා එයා දිහා බැලුවා... ලූකස් මගේ දිහා වේදනාව පිරුණු බැල්මකින් බලාගෙන හිටියා....මේක මගේ ජීවිතේ ලූකස්.... මට අනුකම්පා කරන්න එපා..අපිමයි ඒක තෝරගත්තෙ..
" ඇයි??"
" කන්න"
" අහ්? අහ් හරි හරි..."
මම ඒක කටයි කාලා තියෙන්නේ... ඉතින් මම ආයෙ කන්න ගත්තා... ආයෙත් වැඩ කරන්න තියෙනවා... යුද්දෙ එක්ක මිනිස්සු අසරණ වෙන්න පටන් ගත්තා... ආයෙමත්... හැමෝම බයෙන් ජීවත් වෙන්න පටන් ගත්තා... ගෙවල් යට වහල තිබ්බ භූගත කාමර ආයෙ ඇරලා සුද්ද කරලා ආරක්ෂිත විදියට හදන්න ගත්තා... වැදගත් ම දේ... යුදෙව් මිනිස්සු කැලෑ අස්සේ ,භූගත කුටි වල හැංගෙන්න පටන් ගත්තා.. ගෙවල් දාලා,ගම් අතෑරලා යන්න පටන් ගත්තා...
දන්නෙ නෑ සාතන් ගෙ බැල්ම මෙහෙම ලෝකයක් විනාස කරන්නේ ඇයි කියලා.. හැමෝම විඳවනවා.. හැමෝම!
" ඩොක්ටර් ජියෝන් අද දවසට ඇති නේද?? ඊයෙ හවස ඉඳන් නේද මේ...පැය 24 ක් එක දිගට වැඩ කරන එක ලොකු මහන්සියක්"
" රට වෙනුවෙන් තුවක්කු ගත්ත මිනිස්සු මාස හතරක් තිස්සේ වැඩ කරද්දි මම කරන දේ මොකද්ද ඩොක්ටර්..."
" ඔව් ඒක ඇත්ත... දැන් යන්න.. ගෙදර අය බලාගෙන ඇති.. ස්තුතියි මහන්සියට "
" ඒක මගේ යුතුකමක් ඩොක්ටර් "
ආයෙ ඉවරයක් නැතුව වැඩ කරපු මං රිපෝට් ටිකක් බල බල ඉද්දී අපේ අංශෙ සීනියර් ඩොක්ටර් ඇවිත් මට යන්න කිව්වා... ඔව් මං ඊයෙ හවස 4 ට පටන් ගත්ත ගමන්... දැන් වෙලාව හවස 3.40 යි... මං පැය 24 ක් වැඩ කරලා...ඒක මට අනුව සාමාන්‍ය දෙයක්.... මං මහන්සි වෙන තරමට මං තනි වෙන වෙලාව අඩුයි... එතකොට මට එයාව මතක් වෙන්නේ නෑ.... ඒත් මං විවේක ගන්න ඕන... ඒත් කොහොමද??? එයා!!! නිදාගත්තත් එයාලා නිදාගන්නෙ තුවක්කුවෙ උන්ඩ පුරවගෙන ඒක බදාගෙන... ඉන්න තැනම.. වකුටු වෙලා ඉන්න බංකරේම.... ඉතින් මං කොහොමද සුවපහසු ඇඳක අත පය දිගෑරලා නිදාගන්න හිතෙන්නෙවත්...
කියයි ඔය විකාර හිතන්න එපා කියලා... ඒත් ඒ හැඟීම දැනෙන්නෙ ඒකට මූන දුන්න මනුස්සයෙක් විතරයි... මං කතා කරන්නේ මං ගැන විතරක් නෙවේ... යුද්දෙට තමංගෙ ආදරණීයයන් පූජා කරපු හැමෝගෙම හැඟීම් ගැන....
අන්තිමට මම එලියට ආවා... වෙනදා වගේ එයාගෙ හමුදා කැබ් එක මාව ගන්න එනකං බලාගෙන ඉන්න බෑ මට.... එන්නේ නෑ කියලා දැන දැනමත් ටික වෙලාවක් හරි පාරෙ හිටගෙන බලාගෙන ඉන්න හිතෙනවා.. ආශ්චර්යක් වෙලා ආයෙ කාලෙ ආපස්සට ගිහින් එයා පුරුදු විදිහට ම හිනාවීගෙන වාහනේ මං ගාව නැවැත්තුවොත් කියල මගේ හිත ආයෙ ආයෙ තට්ටු කර කර කියනවා .... ඒත් මට ඒක තවත් හිතලුවක් කියල ආයෙම මතක් වෙනවා....
මොකද්දෝ දැනුන හැඟීමකට ආයෙමත් රෝහල දිහා හැරිලා බලපු මං ඒ වටේ හැම තැනකටම ඇස් යවන ගමන් හිමින් පාරෙ ඇවිදගෙන ආවා....රෝහලට ටිකක් එහායින් නවත්තලා තිබුණු පා පැදියට නැගලා ඒ පැඩල් වලට බර දීලා මං ගෙදර එන්න ආවා...
කාලකෙට කලින් මං මූන පුරා හිනා වෙලා ගමේ මිනිස්සු එක්ක විහිළුවක් කරන්, කවුරු හරි අසල්වැසි කෙනෙක් කේන්ති ගස්සන දෙයක් කියාගෙන මේ පා පැදිය ම පැද්දා... දැන් ඒ සේරම වෙනස් වෙලා..මම විතරක් නෙවෙයි.. මිනිස්සුත්... කවුරුත් වෙනදා වගේ වැටවල් ලඟට වෙලා ඕපදූප කියන්නෙ නෑ...තනපිටි වල දඟලන ලමයි දැන් නැති තරම් හොයාගන්න...ඒ හැමෝම ගිය වතාවෙ යුද්දෙ විඳපු මිනිස්සු... තමංගෙ පවුලේ අය යුද්ධයට යවපු මිනිස්සු....ඒ හැමෝම බය අඳුරන මිනිස්සු.. ආයාසයෙන් හිනා උනත් හදවතින් හිනා වෙන්න බැරි වෙලා එයාලට...හිතේ ගින්දර එයාලව පුච්චන්න පටන් අරගෙන...පව්.. මිනිස්සු පව්.. හැමෝම පව්..
හැම දෙයක් ගැනම කලකිරීමක් එක්ක ගෙදර පිටිපස්සෙන් පා පැදිය නවත්තලා මම ගේ ඇතුලට ඇවිදගෙන යද්දි ඇතුල ගොඩක් වෙනස් වෙලා තිබ්බා... මොකද්ද මේ වෙලා තියෙන්නේ???
හැමෝම විසිත්ත කාමරේ වාඩි වෙලා හිටියා....ග්‍රැනී,මමා පපා, අක්ක....හතර දෙනාම... ඇයි ඒ මූනු කලබල වෙලා!! ඒ මදිවට ලොකු ට්‍රන්ක පෙට්ටි?? ඇයි මේ හදිස්සියේ?
" ඇයි මේ???"
" ජන්කුක්!!! මගේ දරුවො....ඔයා වෙලාවට ඇවිත්... අපි බයෙන් හිටියේ"
මගේ කටහඬ එක්ක වෙනම ලෝකවල කලපනාවෙ ගිලිලා හිටපු මමා වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා දුවගෙන ඇවිත් මාව වැලඳ ගත්තේ මාව තවත් හොල්මං කරලා.
" ඇයි බය වෙන්නෙ?? මොකද්ද වෙලා තියෙන්නේ?? ඇයි ඔයාලා ඔහොම ඉන්නේ??"
" ජන්කුක්!! රටේ එක යුධ පෙරමුණක් බිඳ වැටිලා"
" ඔව් ඒත් අපේ සෙබලු ඉක්මනට ඒක ආයෙ අපේ අතට ගනී...එහෙම නෙ??"
අද උදේ තවත් යුධ පෙරමුණක් බිඳ වැටුණා කියල හැමෝම දන්නවා... ප්‍රවෘත්ති හැම එකකම ප්‍රධාන මාතෘකාව උනේ ඒක...හැමෝම ඒක ගැන කලබල උනත් ඒ එයා හිටපු එකක් නොවීම මගේ හිතට සහනයක් ගේන්න තරම් මං ආත්මාර්ථකාමී වෙලා...
"මේ වතාවෙ....ඒක එහෙම නෑ ජන්කුක්...යුධ පෙරමුණෙන් ආපු පණිවිඩයක් තියෙනවා...ඒකට අනුව අපිට මේ වතාවෙ වාසනාව නෑ...උන් තව දවස් කීපයක් යද්දි මෙහෙටත් එයි "
" ප....පපා!!"
" ඉතින් අපි අද...මේ දැම්ම මෙහෙන් යන්න ඕන!"
" පපආආආ!!!!!!!!!!!!!!!ග්‍රැනී.! මොනවද මේ වෙන්නේ??කොහෙ යන්න ද අපි!!"
ගහෙන් ගෙඩි ගන්නා වගේ පපා කිව්ව දේ එක්ක මං කෑ ගැහුවෙ මගේ ඔලුව විකාර වෙලා යද්දි... මොකද්ද දෙයියනේ ඒ කියන්නේ එයාලා
" අපි එංගලන්තෙට යන්න ඕන ජන්කුක්!! ඒක ගොඩක් කලින් කතා උන දෙයක්..තත්වෙ දරුණු වෙන්න කලින් අපි යන්න ඕන..."
" බෑ බෑ බෑ...එහෙම යන්නෙ කොහොමද!! අයියා යුද්දෙට ගියා!! එතකොට අක්ක?? එයාට මොකද වෙන්නේ?? මේ ගෙදර?? එතකොට මගේ රස්සාව!! මගේ මගේ.......ම.... මගේ........"
" අක්ක එයාලගේ මහත්තයාගේ අම්ම ගාවට ගිහින්..අයියට අපි දැන්වුවා ... එයත් මේකට මුලින්ම කැමති උනා ජන්කුක්... අපි ඉක්මන් කරන්න ඕන.. තේරුම් ගන්න පුතා... තවත් අපි හිටියොත් මැරිලා යයි.. මිනිස්සු ගම් අතෑරලා යන්න අරගෙන...ඔහොම මුරණ්ඩු උනොත් ඔයාගෙ ඇස් ඉස්සරහ අපි මැරිලා යනව ඔයාට බලාගෙන ඉන්න පුළුවන් "
" බෑ මට යන්න බෑ...මට එයාව දාලා යන්න බෑ....මට බෑ... මං යන්නේ නෑ... මං යන්නේ නෑ නෑ නෑ නෑමයි..මාව දාලා ඔයාලා යන්න... කමක් නෑ.. මට නං එන්න බෑ"
කවුරු කොහොම කිව්වත් මට යන්න බෑ,...එයාව දාලා යන්න බෑ....මමා පපා එයා ගැන දන්නේ නෑ කියන එකත් අමතක කරලා මම කෑ ගහන්න ගද්දී ග්‍රැනී මාව තදින් බදාගත්තෙ මම කෑ ගහල අඬන්න ගනිද්දී... මට බෑ දෙයියනේ...එයා මං නැතුව තනි වෙනව... අපේ මතක මං නැතුව එයා එක්ක තනි වෙනවා... අපේ කඳු යාය.. ගෙදර...අනේඒහ්...
" ජන්කුක්...!! අහන්න....කියන දේ අහන්න.. අපි යන්න ඕන පුතේ...ඔයා යන්න ම ඕන....අපි මැරෙනවා දකින්න ද ඕන?? තෝරගන්න අපිව ද ඔයා ඔය අඬන කෙනා ද?"
" බෑ මමා.. අනේ මාව අසරණ කරන්න එපා... අනේ ග්‍රැනී මට යන්න බෑ... කරුණාකරලා...මෙහේම මැරිලා ගියත් මට යන්න බෑ.. දෙයියනේ මගේ පපුව පැලිලා මැරෙයි මං... අනේ ග්‍රැනී මට බෑ...මට බෑ"
" ජන්කුක්.....දරුවො අපි ගැන හිතන්න.... අපි ගොඩක් අවදානමක ඉන්නෙ.... අපි කාලෙකට කලින් වාසගම වෙනස් කරාට අපිත් යුදෙව්වො... උන් ඒක හොයාගත්තොත් අපිට වද දීලා මරලා දාවි...ඊට කලින් අපි යන්න ඕන... තේරුම් ගන්න උත්සාහ කරන්න..අපේ ජීවිත අනතුරේ මගේ දරුවො"
" පපා... අනේ... මං මං කොහොමද!!"
" ජන්කුක්!!! ඔයා කැමති ද ඔයාගෙ මමා පපා හුස්ම අල්ල අල්ල කොහේවත් ඉන්න පව්කාරයො අතින් මැරිලා යනව දකින්න...සතුට පිරිලා තිබ්බ මේ පොලව ලේ වලින් වැහිලා යනවට?? කැමති ද ජන්කුක්?? ඔයාට ඔයාගේ පවුල අමතක වෙලා ගිහින් ද?? මෙච්චර කාලයක් ඔයාට ආදරේ දුන්න පවුල අමතක ද ජන්කුක්!!"
මමා!! අ... අනේ මා...මාව අනේ...."
" අහන්න අහන්න මගේ දරුවො...එයා මට පණිවිඩයක් එව්වා...එයයි අපිට පණිවිඩය එව්වෙ...එයයි කිව්ව ඔයා එක්ක රටින් යන්න කියලා..."
" ඒ......එයා...ග්‍රැනී...ග්‍රැනී!!! එයා....එයා... මගේ ටේහ්‍යාන්!!!"
" ඔව්.. බලන්න... බලන්න මේ ලියමන..."
හැම දෙයක්ම හීනයක් වගේ වෙලා තියෙද්දී...හැම දෙයක්ම තප්පරෙන් අතාරින්න වෙලා තියෙද්දී ත් මට...මට හිත හදාගන්න බැරි උනා...මට යන්න බෑ..මාව මැරිලා යයි.... අපි යුදෙව්වො ලු....මම දන්නේ නෑ ඒක මේ වෙනතුරු....නාසි හමුදාව යුදෙව්වෝ හිර කඳවුරු වල හිර කරල මරල දානවලු.... ඉතින් අපි යුදෙව් කියල දැනගත්තොත්!!!! මට බෑ දෙයියනේ......මමා එහෙන් මාව හිරකරනවා... හෙල්ලෙන්න බැරි තරමටම...
අපි යුද්දෙන් පරාද වෙන්න ලු යන්නෙ..එයා ඒක ෆැක්ස් පනිවිඩේකින් එවලා....
එතකොට ...මමයි එයයි හදපු මතක!! අපේ මතක ගොඩනගපු තැන් අතෑරලා දාලා කොහොමද මං යන්නේ?? එයා අනතුරේ කියල දැන දැන මං යන්නේ කොහොමද??? යන්නෙ කොහොමද දෙයියනේ... ඇයි ඇයි ඇයි මෙහෙම කරේ!!! මොකද්ද දේවියනේ අපි කරපු වැරැද්ද!!!! මොකද්ද මොකද්ද අපි මෙහෙම විදවන්න හේතුව...නොමරා මරන්න එපා මෙහෙම...
03/14/1940
තත්වය අවදානම්.. යන්න...එයාට ආදරෙයි කියන්න..මම එයාව හොයාගෙන එන බව කියන්න.. පරිස්සමින්
KTH
එයාගෙ දිග අත් අකුරෙන් ලා කහ පාට රළු කඩදාසියෙ ලියවිලා තිබුණු වචන දිහා බලාගෙන මම ඇඬුවා....මාව සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා...විනාස වෙලා ම ගියා...එයා හොඳින් ද දකින්න බැරි උනා මට...එයා තනි කරලා කොහොමද මම යන්නේ...එයා යුධ දුම අස්සේ අතරමං කරලා කොහොමද දෙයියනේ මම යන්නේ...මම යන්නේ කොහොමද... ආදරෙන් වෙලුන කඳු යාය දාලා... අපේ ආදරේ පිරුණු පුංචි ගෙදර... අපි අපේ උන ඒ ගෙදර නිදන කාමරය...එයා මගේ නමින් දිව්රපු කැලය දාලා කොහොමද මං යන්නේ.. දෙයියනේ එයා එද්දී මං ඉන්න ඕන එයාව පිලිගන්න..එයා ආසම කෑම හදලා දෙන්න මං ඉන්න ඕන... ඒත්.... ඒත්....... ඒත්.... ඒත්.... ඒත්.... ඒත්..... පරක්කුයි??? මං පරක්කුයි!!!
තෝරාගැනීමක් නැති තැනටම මං හිර වෙලා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අවුරුදු 20 කට පසු එනම් 1960 එංගලන්තයේ ලන්ඩන් වල එක්තරා තැනක..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Dear soul,
මුලින්ම කියන්න ඔයා හොඳින් නේද?? මං ලඟ නැතිව උනත්? දන්නව ඔයාට ගොඩක් ප්‍රශ්න ඇති... ඒත් ඒ හැම දෙයක්ම විසඳගන්න කාලය නෙවෙයි මේ...මේ ලියුම ඔයාගෙ අතට ලැබෙනවා කියන්නේ මං ඔයා එක්ක නෑ.සමහර විට මේ පොලවෙත් නැති වෙන්න පුළුවන්.. දන්නෙ නෑ මොකක් වෙයිද කියලා..
මං මේ ලියුම ලියන මොහොතෙ...ඒ කියන්නේ අපේ කාමරේ ඔයා නිදි දෙව් තුරුලේ... ඔයාගේ මූන පුරාම සැනසීම දිලිසෙනවා... මං කියලා හිතාගෙන කොට්ටයක් කිටි කිටියෙ අත් වලට හිර කරගෙන...මුළු රැයම උනත් නොනිදා බලාගෙන ඉන්න පුළුවන් තරම් ඔයා ලස්සනයි මගේ වස්තුව.. ගොඩක් ලස්සනයි
මට කියන්න ඕන උනේ, ඔයාගෙ ග්‍රැනී....එයාට මං මේ ලියුම දෙනවා.... අවස්ථාව ආවම ඔයාගෙ අතට ලැබෙයි..ඔයා කියවනවනම් මම ග්‍රැනී ට කියපු ඒ අවස්ථාව ඇවිත්...ඈ අපි ගැන දන්නව කියල ඔයත් දන්නව මං හිතන්නේ... ඉතින් ඇය මාත් එක්ක කතා කරලා ආපු විසඳුමක් මේක.... යුද්ධය ගිය වතාවෙ වගේ සරල නොවෙයි කියලා කවුරු කවුරුත් කතා වෙනවා....ඒ කියන්නේ ඔයාලට තියෙන බලපෑම මට තියෙන බලපෑම හා සමානයි... හිට්ලර් කියන්නෙ හිත අමු අමුවේ මරල දාපු පිසාචයෙක්... උගෙන් ජීවිතයක් අයදිනවා කියන එක අසම්භාව්‍ය දෙයක්
ඉතින් මගේ වස්තුව,මේ ලියුම ලැබෙද්දී හැම දෙයක්ම නරක අතට හැරෙන ගමන් තියේවි...මට ඕන ඔයාගේ ජීවිතේ ආරක්ෂා කරන්න... ඉතින් මමත් ඔයාගෙ ග්‍රැනී ත් විසඳුමකට ආවා.....ඔයා මේ ලියුම ලැබෙන දවස වෙද්දි ඔයා රටින් ගිහිං ඉන්න ඕන... යුද්දෙ ඉවර වෙන තුරු නෙවෙයි..සදහටම...
අහන්න..... ඉන්න සුදුසු වාතාවරණයක් නැති වෙයි කියලා මට විශ්වාසයි... මං ගාව ලොකු මුදලක් තියෙනවා...මම ඉඩම් බොහොම ප්‍රමාණයක් විකිණුවා මට ලැබුණු...තියෙන ධනයෙන් වැඩි කොටසක් මං මේ වෙද්දි එංගලන්ත බැංකුවකට හරවලා ඉවරයි....ඒ බැංකු පොත ඔයාගෙ ග්‍රැනී ඔයාට දෙයි... ඊට අමතරව සල්ලි මං දීලා ඇත්තෙ..මුළු පවුලම යන්න...මමා පපා ග්‍රැනී ඔයාගෙ අක්ක එක්ක... එංගලන්තයට...මට විශ්වාසයි මෙහේ ජීවිතය ගොඩක් භයානක වෙයි
දවසක මං හුස්ම ගත්තොත්...මම ඔයාව හොයාගෙන එනවා එහේට....මිය යන්න මොහොතක් තියා හෝ මං එනවා... මං එනකං බලාගෙන ඉන්න.... එතකං මට ඕන ඔයා සුරක්ෂිත වෙනවා දකින්න... යන්න...ආරක්ෂා වෙන්න... යන්න.... දන්නව ඔයාට ලේසි නෑ යන එක...මට ලියද්දි උනත් පපුව හිරවෙනවා වගේ... ඒත් අකාලෙට පිපුණු මලක් වගේ උන අපේ කතාවට කාලිකව හේතු සහ උත්තර හොයන්න අපිට බෑ... මගෙන් හැතැම්ම ගානක් ඈතට ගියත්.. හුස්ම නොදැනෙන දුරට...ඔයා පරිස්සම් නම් එච්චරයි මට ඕන
මගේ හිත බයෙන් තියෙයි ඔයා යන තුරු...මට පණිවිඩයක් ලැබෙයි ඔයාලා ගියාම...ඊට පස්සේ මට බය නැතුව ඔයාව මුනගැහෙන්න එන බලාපොරොත්තුව මත ඉඳගෙන සටන් කරන්න පුළුවන්.... ඉතින්.... මං දන්නව ලේසි නෑ... ඒත් මගේ වස්තුව ඔයා යන්න ඕන... යන්නම ඕන.... මං එන්නම් ඔයාව බලන්න....
අමතක නොකර මගෙන් ඔයාගෙ වම් අතේ ඇඟිල්ල පිරිලා ගියා කියලා මතක තියාගන්න.. මං ආදරෙයි... මැරුණත් ඒක නොවෙනස් වෙයි... නෑ මැරෙන්නෙ නෑ...මොකද ඔයාගේ ආදරේ මැරෙන මොහොතෙත් මට ජීවිතය දේවි.... ඉතින් නැවත මුණගැහෙන තුරු, මං වෙනුවෙන් ආරක්ෂා වෙන්න... මගේ හුස්ම මං ඔයා එක්ක එවනවා... ඒක ආයෙ ගන්න මං ආයෙත් එනවා... ආයෙමත් මං ආදරෙයි මගේ පණ..
your husband
KTH
___________________________
තව එකක් ඔන්න 😌
සොරි පරක්කු උනාට. මගේ වැරැද්දක් ඒක