සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

89K 6.7K 211

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස

පසුවදන

1K 97 51
By Rithu_Sakura

සන්තානේ-දෙහදක් 2

💜️පසුවදන...💜️

පසුවදනක් කිව්වට මේක පසුවදනක්ම නෙමේ.

ඇත්තටම සන්තානේ නමින් කතාවක් ලියන්න අදහසක් ආවේ අහම්බෙන්.ඒත් ඇත්තටම ඒකට අඩිතාලම වැටුනේ මම දෙහදක් කතාව නිර්මාණය කරගෙන යන දවස් වල.ඔයාලා කියෙව්ව දෙහදක් කතාවේ අවසානය නෙමේ මම පොතේ ලිව්ව කතාවේ තියෙන්නේ.ඒකේ අවසානය මීට වඩා වෙනස්.එතන තමා අහිංසාත් සාරංගත් බැඳෙන මුල්ම පියවර තියෙන්නේ.ඒත් දෙහදක් පළ කරනකොට ඒ කොටස ඩ්‍රැමටික් වැඩි ඇති කියලා හිතලා මම අවසානය වෙනස් කළා.

අහිංසා හා සාරංග කියන්නේ මම ආසාවෙන් ගොඩනඟපු චරිත දෙකක්.ඒ දෙන්නම විනෝදයට බරයි.කේශව වගේ සීරියස් ගන්න කොල්ලෙක් නෙමේ සාරංග කියන්නේ.ඔහුට හැමදේම විහිළු.ඒත් ඒ චරිතය ආදරය කියන හැඟීම වින්දට පස්සේ වෙනස් වෙන විදිය මට පෙන්නන්න ඕනා උනා.හැඟීම් හිර කරගෙන හිටිය කෙනෙක් විදියට ඔහු පිටට නොපෙන්වන මඳක් දරදඩු චරිතයක් ඒ හිතේ ඉන්නවා කියලා උලුප්පන්න ඕනා උනා.අනේ මන්දා මම සාර්ථකද කියලා.

එතකොට අහිංසා කියන්නේ ගෙදරටම කොටු වෙලා හැදුනු චරිතයක්.පිරිමි විතරක් ඉන්න පවුලක හුරතලේට හැදුනු කෙනෙක්.ඒ හැමෝම ඇයව ආරක්ෂා කළාට සමාජෙට අඩිය තිබ්බම ඇය තීරණ ගන්නේ තරමක් අනුවණ විදියට.තිහස්ගේ විදියට කිව්වොත් ගොන් ගහක්.තමන්ගේ සහෝදරයන්ගේ සහ පියාගේ මිම්මෙන් හැම පිරිමියවම මනින්න හදන කෙනෙක්.ඒකයි ඇය කතාව පුරාවටම අනිත් අය ගැන හිතන්නේ.අනිත් අයව ඕනාවට වඩා විශ්වාස කරන්නේ සහ ඉක්මන් තීරණ වලට එන්නේ.හැමදෙයක්ම අතට පයට ලැබිලා හැදුනු කෙල්ලෙක් නිසා ඇය සාරංගවත් ඒ විදියටම බලාපොරොත්තු වෙනවා.ඒත් එහෙම නොලැබෙන තැන හිතුවක්කාර වෙනවා.

කේශව සහ චාන්‍යා ගැන මම අමුතුවෙන් කියන්නේ නෑ.ඒත් ශාදි ගැන යමක් කියන්නම්.ඇයත් එක්තරා ආකාරයකට දෙමාපියන්ගේ සතුට වෙනුවෙන්ම කැප වුනු කෙනෙක්.තවත් විදියකට කිව්වොත් දෙමාපියන්ගේ අරමුණු වලට යන්න ඉත්තෙක් වුනු කෙනෙක්.ඇය සාරංගට බැඳෙන්නෙත් ඒ නිසා.ඒත් ඔහුගෙන් නොලැබුණු සැලකිල්ල වෙන කෙනෙක්ගෙන් හම්බෙද්දි ඇය දෙවරක් නොහිතාම සාරංගව අමතක කරනවා සහ වරංගට බැඳෙනවා.කතාවේ වරංග ඉන්නෙ සුලු තැනක උනත් සමාජයේ නම් ඕන තරම් වරංගලා ඉන්නවා.ඒ නිසා මම හිතුවා ශාදිව සින්ගල් මාම් කෙනෙක් කරන්න.පිරිමියෙක් ජීවිතයේ නැතුව හරි ගෑණියෙක්ට නැඟිටින්න පුලුවන් බව පෙන්නන්න.ඒ නිසා ශාදි ඇගේ අරමුණු වලට සින්ගල් මාම් කෙනෙක් විදියටම යාවි.දවසක ඇගේ දියණියව ඇයට වූ වැරැද්ද නොවෙන්න හදා ගනීවි.

ඒ වගේම තිහස් සහ මුතූ කියන්නේ අඩු වයසින් ආදරයෙන් බැඳුනු දෙන්නෙක්.අත්දැකීම් අඩු දෙන්නෙක්.වැඩිහිටියන්ගේ තීරණ නිසා අසරණ වුනු දෙන්නෙක්.මේඛලා සීයට සීයක්ම හොඳ නැන්දම්මෙක් නොවේවි.හැබැයි මුතූ වෙනුවෙන් තිහස් ඕනෑම වෙලාවක ඉන්න ආදරණීය සැමියෙක් වේවි.

ඉතින් සන්තානේ ගැන පොදුවේ කිව්වොත් මම සාමාන්‍යයෙන් ආසයි හැපි එන්ඩින් තියෙන සරල තේමාවක් සහිත කතා වලට.කියවනකොට හැම ශානරයකටම අයිති කතා කියෙව්වට ලියද්දි සෑඩ් එන්ඩින් ලියන්න හිත හයිය නෑ.ඒ නිසා හැමවිටම යථාර්ථයම ලියන කෙනෙක් නෙමේ මම.ඒත් පසුව කල්පනා කරද්දි හිතෙනවා යථාර්ථය කියන්නේ දුකම නෙමේ කියලා.වෙනසකට තියෙන්නේ මම ඒ යථාර්ථයෙන් සතුටු පැත්ත විතරක් තෝරගන්න එක.මගෙ කතාවල පොදු ලක්ෂණයක් වෙලා ඒක.සසර පුරා,දෙහදක්,ආත්ම දනව්ව,රූ වගේම සන්තානේ කියවපු හැමෝටම ඒක වැටහිලා ඇති.

ඉතින් කියන්න ඕනේ මම ලියන්නෙක් මිසක් කතුවරයෙක්ම නෙමේ.එච්චරටම පරිණත වෙලා නෑ.ඒත් මුහුණු පොතේ ඉන්න දක්ෂ කතුවරයන්ගේ සහ කතුවරියන්ගේ ලස්සන කතා කියවලා මාත් එයාලගේ ආභාෂය ලැබුවා.ඒත් මම විශ්වාස කරනවා කිසිම කෙනෙක්ගේ අදහස් මගෙ කතා වල වැරදිලාවත් ගෑවිලා නැතුව ඇති කියලා.

ඉතින් ඉස්සරහට ලියන කතා වලත් මට ආවේණික පොදු ලක්ෂණ තියේවි.ඒත් මම පුලුවන් තරම් උත්සාහා කරනවා වෙනස් එන්ඩින් එකකට යන්න.වෙනස් තේමාවකට ලියන්න.කවුරුත් නොලියපු තේමාවකට පද ගළපන්න.නමුත් ඔයාලා කීප දෙනෙක් ඉල්ලුවා වගේ සන්තානේ තෙවනි කොටසක් නම් ආයේ ලියවෙන්නේ නෑ.😊😊එය අවසානයක් නොවේ තවත් එක් ආරම්භයක් පමණයි කියලා කතාවේ තිබ්බට ඒ ආරම්භය ඔවුන්ට පමණයි.ඒ චරිත කතාවකින් මුණගැහෙන අවසානම දවස අද.😔

තව එක දෙයක්.මගෙ හැම කතාවකම එක් නමක් තවත් කතාවකට බැඳිලා ඇති.මම මුලින්ම ලිව්වේ කෙටි කතාවක්.ඒකේ තමා මතීශ නම මුලින්ම මුණගැහෙන්නේ.(ඒක පසුව නැවත පළ කරන්නම්)ඒ නම ම දෙහදක් හා සන්තානේ කතා වල මුණ ගැහෙනවා.එතකොට කුසුම් කියන නම දෙහදක් කතා මාලාවේ වගේම සසර පුරා කතාවෙත් තියෙනවා.දුලා කියන නම ආත්ම දනව්වේ වගේම රූ කතාවෙත් හම්බෙනවා.එකම නම උනාට එකම චරිතය නෙමේ.😉

ඒ වගේම මං ආයෙමත් ස්තූතිවන්ත වෙනවා කතාව කියවපු,කියවලා ලයික් කමෙන්ට් කරපු,ශෙයා කරපු හැමෝටම.මට තියෙන එකම වත්කම මගෙ අකුරු කියවන අගය කරන ඔයාලා තමා.

මම රිතූ...
(RRS)
💜️💜️💜️

Continue Reading

You'll Also Like

2.4K 201 79
හිතට දැනෙන පුංචි පුංචි අදහස් කවි නිසදැස් විදියට Some are Sinhala and some are English💕 Hope you enjoy thisssss
993 147 14
නොකියා හිතේ හංගන් ජීවත් වෙද්දි පපුව හත් කඩකට නෙමෙයි හතලිස් නමකඩකටත් වැඩිය ඉරි තලනවා!!...පුන්චි පුන්චි ඉරි තැලීම් හදවත පුරා යද්දි දැනෙන වේදනාව කියාගන්...
22.5K 1K 51
100 වෙනි කොටසේ සිට 149 දක්වා පළ කිරීම
30.1K 656 23
Ela Drizelle is madly in love with her boyfriend Glen Mittle, but they are suddenly torn apart by the annual event known as The Hunger Games. It is E...