සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

66.2K 6.1K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
පසුවදන

87 - අවසාන කොටස

1.3K 85 39
By Rithu_Sakura

සන්තානේ-දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️87 කොටස💜️
(අවසන් කොටස)

අලුයම දෙකට පමණ සාදයේ වැඩ අවසන්ව ස්නානය කර පැමිණි අහිංසා ඇගේ සුපුරුදු පිජාමා ඇඳුමට බැස හිසකෙස් වියලනයකින් තෙත හිසකෙස් වේලාගනිමින් සිටියේ සාරංග එනතුරුයි.ඇගේ මුහුණෙහි වූයේ වෙහෙසකර බවක්.මුල්ම දවසේ තිබූ දුක දැන් ඇයට නැහැ.හේතුව ඕනෑම වෙලාවක සිය නිවසට යාමට ඒමට හැකි දුරකින් ඇය සිටි නිසයි.බ්ලේසරයත් උරහිසේ දමාගෙන සාරංග කාමරයට ආවේ ඒ මොහොතේ.

"අම්මේ..පට්ට මහන්සියි"

සයනයෙන් වාඩි වී පාවහන් යුගල ගලවා දැමූ සාරංග එක අතකින් කමිසයේ බොත්තම් පියෙව්වා.ඔහුගෙන් දිස් වූයේද තරමක වෙහෙසකර බවක්.

"තාත්තාට මොකද දැන්?අම්මා නම් පලු යවනවා ඇති"

වියලනය පසෙකින් තබා අහිංසා සයනය මතට නඟිමින් ඇසුවා.

"කට්ටිය යනකන්ම ඉඳලා අන්න බනිනවා ගමකට..වටේ ගිහින් අම්මගෙ මල් පෝච්චියකටම වමනේ දාලා.."

"පව් අනේ.සතුටටම අද වැඩිපුර බොන්න ඇති"

අහිංසා කිව්වේ හිනැහෙමින්.ඒ දෙදෙනාත් වෙලාවකට පොඩි දෙදෙනෙක් වගේ.සාරංගට පිටුපසින් දණගසාගෙන ඔහුගේ ගෙල වටා දෑත යවමින් අහිංසා ඔහුගේ පිටට බර වුනා.

"ඒ උනාට බීලා කියවන්න ගියාම ඉවරයක් නෑ.තාම රෑට කාලා නෑ.ඔහොමම නිදාගනීවි.."

සාරංග කිව්වේ දාඩිය දමා ඇති ගෙලට මුවින් හුස්මක් පිම්ඹාට පස්සේ.

"මගෙ ගාව දාඩියයි කෙල්ල.වොශ් එකක් දාන් එන්නම්"

"තව ටිකෙන් දාගන්නකෝ"

අහිංසා කිව්වේ සිය ඉරියව්ව වෙනස් නොකරමයි.

"වෙලාව කීයද දන්නවද මැට්ටී?මීටත් වඩා රෑ වෙලා නාන්න බෑ.උරහිසත් කකියනවා අනික"

සාරංග පවසද්දී තමා අහිංසාට එය සිහි වුනේ.ඔහුගේ උරහිසින් මදක් පසෙකට වූ අහිංසා කමිසය උරහිස නිරාවරණය වන පරිදි පහතට කළා.ඔහු පැවසූ පරිදිම ඇගේ දසන් පහරට ඒ උරහිස මදක් රතු වී තිබුනා.ඔහුට එය වේදනා දෙන එක අරුමයක් නෙමේ.

"කිව්වෙ නම් කොහොමද?හපන්න ඉවසන්නම් කියලා..දැන් ඉතින් නාහෙන් අඬනවා.."

"හපපන් කිව්වට මස් කෑලි කඩලා ගන්න කීවද?"

"හරි හරි ඉතින් සොලී..පොඩ්ඩක් කන්ට්‍රෝල් නැති වුනා"

පොඩි එකියක පරිද්දෙන් නැවත ඔහුගේ පිටට බරව අහිංසා ඒ සවන පාමුලක් සිප ගත්තේ ඔහු කිතියන් පසෙකට වෙද්දී.

"මේ..ඒක නෙමේ.අපේ පොඩි අයියා චානුත් එක්ක වලියක් දාගත්තද?මං දැක්කා දෙන්නා අර එළියේ ජම්බු ගහ පැත්තට යනවා..චානු අපේ අයියගේ කන මිරිකලා පිටට පාරක් දුන්නා..ඒ වෙලාවේ ඔයාගේ නෑදෑයෝ වගයක් ළඟ උන්නු නිසා කේළම ඊට වඩා එහාට බලාගන්න බැරි වුනා"

අහිංසා අහද්දි සාරංග හිනා වුනේ තරමක් හයියෙන්.ඔහු සිනාසෙන විදියට අනිවාර්‍යෙන් මේ ගින්නට සාරංගත් සම්බන්ධයි කියලා අහිංසාට හිතුනා.

"ඔයා මොනා හරි කුපාඩි වැඩක් කළා නේද ආ?"

අහිංසා ඇහුවේ ඔහුගේ බාහුවට පාරක් ගහලා.

"පොඩි රිටර්න් එකක් දුන්නා.අහගන්නකෝ වෙච්ච දේ"

සාරංග සියල්ලම අහිංසා සමඟ කිව්වේ අහිංසා විමතියත් සිනහවත් මැද එයට සවන් දෙද්දී.

"ඔයා නම් පුදුම යාලුවෙක් තමා..දැන් චානු පොඩි අයියගෙ ඔලුව කනවා ඇති.."

"ඔය පොඩ්ඩක් ඊරිසියාවට කන මිරිකුවට චානු දන්නවා කේශ්ගේ හිත පුරාම ඉන්නේ ඒකි විතරයි කියලා..ඕනේ නම් රණ්ඩු විසඳගෙන දෙන්නා පොඩ්ඩක් රොමෑන්ටික් වෙයි..හැබැයි අවංකවම නතාශා ගැන පොඩි දුකක් දැනුනා..මොනා උනත් පව්.."

"හ්ම්ම්..පව්.හැබැයි එයා මගෙ නෑනා නොවුනු එක ගැන මට සතුටුයි"

අහිංසා කිව්වේ අවංකවමයි.

"නාන් එන්නම්.නිදිමතයි දැන් නම්.ඔයාගෙත් ඇස් රතු වෙලා.හෙට උදේ නැඟිටගෙන දඟලන්න ඕනේ නෑ හොඳද?නැඟිටුනු වෙලාවට මොනා හරි හදන් කමු.අම්මලත් උදේම නැඟිටින එකක් නෑ"

අහිංසාට මද සිනහවක් පෑ සාරංග නාන කාමරයට වැදුනේ යාමට පෙර අහිංසාගේ කම්මුල මතට සිපුමක් දී.ඔහු නැවත එද්දී පොරවනයට ගුලි වී ඇය සිටියේ සැප නින්දක.ඇගේ උවන දෙසම බලාගෙන විදුලි පහන් විසන්ධි කළ සාරංග සයනයට නැඟ ඇයව පපුවට තුරුලු කරගත්තේ අපමණ සැනසීමක් හිතට දැනෙද්දී.

........💜️........ RITHU SAKURA .......💜️........

"අනේ තිහස්..මට බයයි බයයි වගේනේ"

මුතූ දෙනෙත් විසල් කරගෙන අහිංසක මුහුණක් පෙන්වා තිහස් දිහා බැලුවේ බයාදු පාටට.තිහස් නම් ඉන්නේ ඇය දිහාට තරවටු බැල්මක් හෙලාගෙන.

"දැන් දවස් දෙකක් තිස්සේ දැඟලුවා නේද අම්මා බලන්න යන්න ඕනේ ඕනේ කිය කිය?දැන් එක්කන් ආවට පස්සේ කෝළං කරන්න එපා.."

"ඒත්..."

"අපේ අම්මා යකෙක් නෙමේ.ඔය පොඩ්ඩක් ගණන් උස්සගෙන ඒවි.අම්මලාගේ හැටිනේ.ගණන් නොගෙන ඉන්න"

තිහස්ගේ තරවටුව මැද ඇය ඔහුගේ නිවසට අඩිය තිබ්බේ අතේ වූ බෑගයත් තදින් අල්ලාගෙන.එහි වූයේ මේඛලා වෙනුවෙන් ඇය විසින්ම සෑදූ එළවලු සුප් එකක් සහ පළතුරු කීපයක්.දින කීපයක් තිස්සේ වෛරස් උණක් සෑදී සිටින මේඛලා ගැන ආරංචි වූ වහාම මුතූට ඕන වුනේ ඇගේ දුක සැප බලලා යන්න.ඒත් නිවසට එද්දී ඇය මඳකට පසු බැස්සා.තිහස් ඇයට තරවටු කළේ ඒකයි.ඔවුන් නිවසට එද්දීත් මේඛලා සිටියේ අපහසුවෙන් බත් කටවල් කීපයක් ගිලිමින්.

"මෙලෝ රහක් නෑ.මැටි ගුලි ගිලිනවා වගේ"

ඇයට ඈතට වන්නට තමාලි කුඩා පුතු සමඟ ඔට්ටු වන්නේ ඔහු දැන් කඩියා වගේ ඇවිදින නිසා.වසන්තත් මේඛලාට පසෙකින් හිඳ ඇගේ බෙහෙත් තෝරන්නේ එකින් එක බෙහෙත් කවර නිරීක්ශණය කරමින්.

"ඔයා ඕවා පැත්තකින් තියන්න.වරද්දයි..දුව තෝරලා දේවි"

"ඔය කෑම එක කාලා ඉන්න මේඛලා..මට බෑ කියලා හිතුවද?"

වැඩිහිටි යුවළගේ කතා බහ අසාගෙනම තිහස් මුතූ සමඟින් නිවස තුළට ඇවිද ආවා.

"තාත්තේ.."

තිහස් කතා කරද්දි උපැස් යුවළ යටින් බැලූ වසන්තගේ දෑස් එල්ල වුනේ කෙළින්ම මුතූ දෙසට.බියෙන් වගේ මූණ සඟවගෙන ඇය තිහස්ට මුවා වෙලා ඉන්නේ බෑගයකුත් පපුවට තුරුලු කරගෙන.

"අහ්..දුව..මොකද මේ පැත්තේ ආ??"

ඔහු මුතූට ආමන්ත්‍රණය කරද්දීයි මේඛලාත් හිස ඔසවා බැලුවේ.ඒ බැල්මට බියගුළු සිනහවක් පෑ මුතූ නැවත බිම බලාගත්තා.

"අම්මට දවස් ගාණක් තිස්සේ උණ කිව්ව නිසා බලන්න එන්න ඕන කිව්වා.ඉතින් එක්කන් ආවා.."

"ආ..මේ ලෙඩා බලන්න ආව ගමනක්ද??හා එහෙනම් මම පැත්තකට වෙන්නම්කෝ.කෑම කාලා මේ බේත් ටික දුවට කියලා තෝරගන්න"

ඉක්මනට එතනින් ඉවත් වූ වසන්ත බෙහෙත් ටික පසෙකින් තබා මුතූ දෙසට අවුත් ඇය දෙසට හෙලුවේ ප්‍රසන්න හිනාවක්.

"අර වෛරස් උණේ හැදිලා ඉන්නේ.අද තමා ඔහොමවත් ඔලුව ඉස්සුවේ.කෑම කන්නෙත් නෑ පිරියක් නෑ කියලා..බලන්නකෝ කතා කරලා"

මුතූට පැවසූ වසන්ත බැලුවේ තමාලි සිටි ඉසව්ව.නමුත් එතැන කුඩා පුතුවත් තමාලිවත් පේන්න හිටියේ නැහැ.ඒ වෙනුවට පුතු යටි ගිරියෙන් කෑ ගසන හඬත් තමාලිගේ තරවටු හඬත් මුලුතැන්ගෙය දෙසින් ඇසුනා.

"තමාලි..ඔය කොල්ලව මරන් කන්නෙ නැතිව මෙහාට එවන්න.."

"මේ කොල්ලා එක්ක බෑ තාත්තේ.අහක බලන ඇසිල්ලේ දුවන් ඇවිත් හාල් ගෝනියට අත දැම්මනේ"

"පොඩි උන් ඔහොම තමා.එක්කන් එන්නකෝ.මේ බබාගේ නැන්දා ඇවිල්ලා අපිව බලන්න"

"කවුද??මුතූද?නංගි මෙහෙ ආවද?"

තමාලි උස් හඬින් අසන්නේ පුදුමයකුත් සමඟ.

"ඔව්..ළමයව එවලා අපි සේරටම තේ ටිකක් හදන්න..දවල්ට කෑවට තේ එකක් නැතුව බෑ බෑ වගේ"

වරෙක තමාලිට උස් හඬින් කී වසන්ත අවසන් වැකිය කිව්වේ මුතූ දෙස බලාගෙන.වසන්ත ආලින්දයේ පසෙකින් වාඩි වෙද්දී තිහස් හිමීට මුතූව මේඛලා දෙසට තල්ලු කළා.මේඛලා තාමත් නිහඬයි.

"මං අක්කට හෙල්ප් එකක් දීලා එන්නම්"

මුතූට රහසින් මිමිණූ තිහස් මුලුතැන්ගෙට ඇදෙද්දී මුතූ කෙළ පිඬක් ගිල ආලින්දය වටා බැල්මක් හෙලුවේ දැනෙන අපහසුතාවය මඟ හරවගන්න.ඇය නැවත මේඛලා දෙස බලද්දී ඇය ඉක්මනට නෙතු කෑම පිඟාන දෙසට හැරෙව්වා.මුතූ දෙතොල් එකට තද කරගෙන මේඛලා දෙසට අඩිය තිබ්බේ ඇය අපුලෙන් කෑම ගන්නායුරු දිහා බලාගෙන.

"අ..අම්මේ.."

ඉතාමත් අපහසුවෙන් ඇහෙන නොඇහෙන ගාණට කී මුතූ දෙස මේඛලා බැල්මක් හෙලුවා.

"මං..මේ..සුප් එකක් හදන් ආවා.බත් කන්න බැරි නම්...අපි සුප් එක බොමු.."

ඇය අතෙහි වූ බෑගය දෙසට බැල්මක් හෙලූ මේඛලා කෑම පිඟාන දෙසත් බැලුවේ කුමක් තෝරගන්නවාද වැනි හැඟීමකින්.අපුලෙන් කන කෑම එකට වඩා සුප් එක හොඳයි යැයි සිතුණත් එක්වරම එයට හා කියන්න බැරි මාන්නයකුත් ඇය කෙරෙහි තිබුනා.

"මමමයි හැදුවේ"

මේඛලා අමුතු බැල්මක් මුතූ වෙතට පාද්දී මුතූගේ හදවත අසාමාන්‍ය විදියට ගැහුනා.තමන් කාගේ කවුද කියා ඇය දන්න නිසා ඇය තමාව පිළිකුල් කරනවාවත්ද?මුතූට හිතුනේ එහෙම.තමන් ගැනම අවතක්සේරුවක් හිතට දැනෙද්දී ඇය වේලුනු තොල කට තෙමාගත්තා.

"මං..මේක මෙතනින් තියන්නම්..අම්මාට හිතෙන වෙලාවක..අක්කිට කියලා..රත් කරන් බොන්න..හැබැයි..එච්චරම රහ නැතුවත්..ඇති.."

එය අසල ස්ටූලයක් මත තබන්නට සැරසුනු මුතූ නැවතුනේ මේඛලාගේ හඬින්.

"ඔන්න ඕක මෙහාට දෙන්න ළමයා..මේ බත් කන්න බෑ.ඕකවත් බොන්න බලන්න.."

සුහදත්වයක් නොවූවද තරහකුත් ඒ හඬේ තිබුනේ නෑ.තමන්ට එය සැබෑවටම ඇසුණාදැයි විශ්වාස කරගත නොහැකිව මුතූ තප්පරයක් දෙකක් මුව අයාගෙන බලන් උන්නා.ඊළඟ මොහොතේ පියවි සිහියට ආ මුතූ බෑගයෙන් සුප් බෝතලය රැගෙන බෝතලයේම යටින් සවි කර තිබූ කුඩා පිත්තල දීසිය ගලවා සුප් එක වත්කර ඒ කට්ටලයේම තිබූ හැන්දක් දමා මේඛලාට දුන්නේ දෑතින්මයි.සුප් බොන්න කලින් මේඛලාගේ නෙත් යොමු වුනේ සුප් භාජනය වෙත.

"මේ සුප් බෝතලේ කොහෙන්ද ගත්තේ?"

"අහ්..මේ..ඕක ගත්ත එකක් නෙමේ අම්මේ..අපේ අම්මට ඒ කාලේ හම්බෙච්ච එකක්.."

"හ්ම්ම්.."

ඉන් එහා ප්‍රතිචාරයක් නොදැක්වූ මේඛලා සුප් හැන්දක් ගෙන එයට මුවින් පිඹ එය තොල ගෑවේ මුතූ යටහත් පහත් සේවකයෙක් වගේ බලන් ඉන්නැද්දි.ඇගේ මුහුණේ කිසිම වෙනසක් නෑ.එය රසවත්දැයි මුතූට තේරෙන්නේ නෑ.ඒ තරමටම මේඛලාගේ හැඟීම් හිස්.

"මගෙ දිහා බලන් ඉන්න ඕනේ නෑ.මේක හොඳයි.සැරට තියෙනවා.ලුණු තමා පොඩ්ඩක් දැනෙන්නෙ නැත්තේ..පුළුවන් නම් මේ පිඟාන කුස්සියට අරන් යන්න"

"හා අම්මේ.."

කියන පමාවට මේඛලා අඩක් අවසන් කළ කැම පිඟාන අතට ගත් මුතූ තිහස් ගිය මාර්ගය ඔස්සේ මුළුතැන්ගෙට ඇදුනා.ඇය යන දෙස බලා සිටි වසන්ත මේඛලාට හෙලපු බැල්ම මේඛලා දැක්කා.ඔහු මුව අගින් හිනාවක් පෙන්වද්දී පවා මේඛලා සිය දරදඬු බැල්ම වෙනස් කලේ නෑ.

"අමුතුවට බලන්න දෙයක් නෑ.මට මේකෙ ගම්මිරිස් රහ හැර වෙන රහක් එන්නෙම නැති තරම්.මං නිසා මහන්සි වෙලා ඒ ළමයා හදන් ආව නිසා මේ බොන්නේ"

ආඩම්බර පාටට පැවසූ මේඛලා ඉවත බලාගෙනම සුප් දීසියම ඉවර කරද්දී වසන්ත හිස දෙපසට සැලුවේ ඇගේ හිතුවක්කාරකම් ආඩම්බරකම් වල තරම දන්න නිසා.

"නැන්දම්මා ශේප්ද?"

තේ හදමින් සිටි තමාලි ඇසුවේ ඉඳුල් පිඟාන සෝදන මුතූගෙන්.ඇය උරහිස් හැකිලුවේ එය නොදන්න බව අඟවමින්.

"හරි යයි..හරි යයි..ඉඳලා හිටලා මල්ලිගෙන් එහෙම අහනවා අර දරුවා දැන් සැලෝන් එකේ වැඩද??ඒ ළමයා ඉස්සරහට ඉගෙන ගන්නෙ නැද්ද??තව අනම් මනම් ගොඩයි..ඔය පොඩ්ඩක් ලොකුව දාගෙන ඉන්නේ ලැජ්ජාවට..ඔයා අවුලක් ගන්න එපා"

තමාලි සිය මව ගැන පැවසුවේ ඇගේ හැටි ඇයත් දන්න නිසා.

"අද හවස් වෙලා යන්න"

"අනේහ්..බෑ අක්කී.අහිංසා අක්කී සැලෝන් එකේ තනියම.මම ඒ අතරේ තමා මෙයාවත් අඬගහන් එක්කගෙන ආවේ"

මුතූ අදිමදි කරද්දී තිහස්ට නම් හිනාවක් නැඟුනා.

"අහිංසාට නම් පාලුවක් නෑ.තව දෙන්නෙක් ඉන්නවනේ.ආවට මොකෝ මේකි තාම පණ බයයි"

"එහෙම නෑ..මොකට බය වෙන්නද?"

චණ්ඩියා වගේ කීවාට මේඛලා ඉදිරියේ දැනෙන අපහසුවේ තරම දන්නේ ඇයම විතරයි.

"මූණ දැක්කා නම් තේරෙනවා බය නෑ කියලා"

ව්හිලුවෙන් පැවසූ තමාලි තේ කෝප්පය මුතූ අතට දී අනෙක් කෝප්පය රැගෙන ආලින්දයට ගියේ වසන්තට දෙන්නයි.

"ඔයා බොන්නෙ නෑ..??"

මුතූ ඇසුවේ දෑත් බැඳන් පැන්ට්‍රියට හේත්තු වී සිටින තිහස්ගෙන්.

"ඔයා බොනකන් ඉන්නේ.බීලා උගුරක් දෙනවා"

"කෝළං..බැන්ඳට පස්සේ ඔය මොනාවත් නෑනේ"

මුතූ ගස්සලා වගේ කියද්දි අමුතු හිනාවක් දැමූ තිහස් මුලුතැන්ගෙයි දොර දිහාත් බලලා මුතූට ළං වී ඇයව මැදිකර පැන්ට්‍රියට දෑත් තිබ්බේ ඇය තේ කෝප්පයත් අතැතිව දෙනෙත් විසල් කරන් තිහස් දිහා බලද්දි.

"බැන්ඳට පස්සේ කරන කියන ඒවා දැම්ම කියන්නේ නෑ.ඒ නිසා පණ්ඩිතකම් නොකියා ඕකෙන් උගුරක් දෙනවා"

ඔහු රහසින් වගේ මුමුණද්දි මුතූට කිසිවක් කරගන්න උනේ නෑ.ඇය උන්නේ ගල්ගැහිලා වගේ.

"ඉතින් එහාට වෙන්නකෝ.මම නිමලා දෙන්නම්.මෙහෙම රස්නෙන් බොන්න බෑනේ"

"හ්ම්ම්..මම තේ නම් නිමලා තමා බොන්නේ.ඒත්...අද රස්නෙන් බොන්න හිතුනා.."

ඔහුගේ බැල්ම වශියක් වගේ වෙද්දි තේ කෝප්පයට කීප වරක් මුවින් පිම්ඹ මුතූ එය තිහස් දෙසට ඇල කලේ දෑතින්ම කෝප්පය අල්ලාගෙන.ඇගේ දෑස් දෙසම බලාගෙන එයින් උගුරක් බීමට සැරසුනු තිහස් විතරක් නෙමේ මුතූත් ගැස්සිලා ගියේ දොර ගාවින් ඇසුණු හඬට.

"ආ..මල්ලි..ඔහොම තේ බොන්න තාම අවසර නෑ.."

"අහ්.."

එක්වරම තේ වතුරට තොල් පිච්චුනු තිහස් පසෙකට වෙද්දී මුතූත් තේ කෝප්පය හැලෙන්නෙ නැතිව අල්ලගත්තේ ලැජ්ජාවෙන් උවන රතු වෙද්දී.

"මොනාද බං අක්කේ??තව පොඩ්ඩෙන් පිච්චිලාම යනවා.."

කට කොණකින් හිනාවක් නඟාගෙන තමාලි දෙදෙනාව පසෙකට කර කෝප්පයක් අතට ගත්තේ ඇයටත් තේ බොන්න උවමනා නිසා.

"පිච්චුනා කියලා පාඩුවක් වෙන්නෙ නෑ ඉතින්.මේ ඉන්නේ ලිප් බාම් එක.ගාණට බේත් දායි.."

"අනේ අක්කී.."

තමාලිගෙ කතාවට දෙසවන් රත් වේගෙන එනවා වගේ දැනෙද්දී මුතූ ඉක්මනට තේ කෝප්පයත් අරන් ආලින්දය දෙසට අඩිය තිබ්බා.තිහස් පිටි අල්ලෙන් දෙතොල් පිස දමමින් තමාලි දිහා බැලුවේ රවලා.

"තමුසෙ නම් ඇණයක්"

තිහස් කිව්වේ තමාලිගෙ හිසටත් පාරක් ගහලා.

"මං ඉතින් නෙක්ස්ට් මන්ත් මෙහෙන් යනකන් තමුසෙට පරාල ඇණයක් වෙන්න තමා බලාපොරොත්තුව...ආ..තේ.අර කෙල්ලගේ එකට වග කියන්නෙ නැතුව පාඩුවේ බොනවා.."

තමාලි වෙනත් තේ කෝප්පයක් තිහස්ට දුන්නද ඔහුගේ මුවේ මනමාල හිනාවක් ඇදුනේ තමාලි කිව්ව කතාවට වෙනත් දෙයක් හිතෙද්දි.

"මම වග කියන්නෙ නැතුව ඒකට මොකා වග කියන්නද??"

ඔහු හිමීට මිමිණුවද තමාලිට එය හොඳටම ඇහුනා.

"චිහ්..මල්ලි..තමුසෙගෙ කට නම්!!"

තමන්ට වැරදුනු වචනය ගැන පසුතැවෙමින් තමාලි නැවත ආලින්දයට ගියේ තිහස්ට හොඳ හැටි රවාගෙන.

........💜️........ RITHU SAKURA .......💜️........

වසර දෙකකට පසු...

කාලය ගෙවී ගියේ සතුට,දුක මේ හැමදෙයක්ම මැද්දේ.අහිංසාත් සාරංගත් එකිනෙකාගේ සිතුම් පැතුම් හඳුනාගෙන වෙනදා වගේම සතුටෙන් කාලය ගෙව්වද දෙදෙනා රණ්ඩු වුනු අවස්ථා නැතුවමත් නෙමේ.ආදරය කිරීමට පෙර කාලයේදි ඔවුන් හැසිරුණු ආකාරයටම දැන් නැවත හුරු වෙලා.දෙදෙනාගේම කටකාර බවට එකටම පණ ලැබුනාම එයින් වඩාත්ම තැලුණේ මිහිරානියි මාලකයි.ගොඩක්ම රණ්ඩු වලට හේතු වුනේ මිහිරානි හා මාලක දෙදෙනාම සාරංගගෙ වචන වලට වඩා අහිංසාගේ වචන වලට ඇහුන්කන් දුන්නු එක.හරියටම කිව්වොත් නිවසේ දියණිය අහිංසා වී සාරංගට බෑණාගේ චරිතය රඟපාන්න සිද්ද වෙලා.

සිය කාමරයට වී තවත් දිගු වී තිබුණු කොණ්ඩය පීරමින් සිටි අහිංසාගේ බඳ වටා දෑත් යැවූ සාරංග ඇගේ උරහිස සිපගත්තේ ඇය සිනහවක් පාද්දි.ඇඳ සිටි ලා රෝස පැහැති ලේස් සහ නෙට් මිශ්‍ර ගවුම ඇගේ වත එළිය කරලා තිබුණා.

"පුලුන් බෝලයක් වගේ.මිරිකන්න හිතෙනවා"

සාරංග කිව්වේ ඇගේ උවන දිහාම බලාගෙන.පනාව පසෙකින් තැබූ අහිංසා ඔහුගේ පස හැරී ඒ උරහිස වටා දෑත් තැබුවේ ප්‍රසන්න හිනාවක්ද සමඟින්.ඇය හැදුවේ ඔහුගේ කම්මුලක් සිපගන්න වුවද ඇය ඔහුට ළං වුනේ තරමක් අපහසුවෙන්.ඒකමයි ඇගේ මුවින් කෙඳිරියක් පිට වුනේ.

"දැන් ඉස්සර වගේ ළං වෙන්න බෑනේ.."

ඇය මුහුණත් හකුලුවාගෙන කිව්වේ ඉදිරියට නෙරා තිබූ කුස දිහා බලාගෙන.ඔව්.ඇය ඒ වෙද්දිත් ගැබිණියක්.ඔහුගේත් ඇයගේත් ආදරයේ සංකේතයක් ඒ කුසට ඇවිත් මාස අටකුත් වෙලා.සිනහවක් පෑ සාරංග ඇය අසලින් දණක් නමා වාඩි වී දෑතින්ම පිරුණු කුස අල්ලාගෙන කුස මතට දීර්ඝ සිපුමක් තැබුවා.

"මගෙ පණ.."

ඇගේ අත ඔහුගේ හිසකෙස් අතර රටාවකට ගමන් කරද්දී සාරංග නැඟිට ඇගේ නළලතට සිපුමක් තැබුවේ ඇය එයින් සැනසෙද්දි.ඇය බලා සිටින බව දන්නා නිසාම ඊළඟ ඇසිල්ලේ ඇගේ රෝස පැහැති දෙතොල් ඔහු සිය දෙතොලින් අල්ලාගත්තේ එක අතකින් ඇගේ කුස සීරුවට පිරිමැදෙද්දී.ඉතින් ඒ එදා තිබූ ආදරයමයි.සමහරවිට ඊටත් වැඩියෙන්.

"යමු..කට්ටිය එළියට වෙලා ඉන්නේ..අද මම ඔට්ටුව දිනනවා කොහොමත්.."

ඇගේ දෙතොල් අතර වෙනදාට වඩා සංයමයකින් දඟ කෙරූ සාරංග කිව්වේ විනාඩි කීපයකට පස්සේ.

"නෑ.මායි දිනන්නේ..මේ ඉන්නේ දුවෙක්..ඔයාගේ පුතාව වෙන දවසක ගෙනත් දෙන්නම්.."

"ඒ උනාට මෙච්චර ලොකු බඩගෙඩියක් එන්නේ පුතාලටලු..බලමුකෝ මගෙ මදර් ඩක්..තාත්තා දිනයිද අම්මා දිනයිද කියලා..නැද්ද චෑම්ප්?"

ඇයටත් ඇගේ කුසටත් මාරුවෙන් මාරුවට කතා කෙරූ සාරංග දෙස බලා තොළ පෙරලූ අහිංසා හිතින් හිතුවෙම ඒ දුවෙක් වෙන්න කියලා.අහිංසාව වත්තම් කරගෙන ඒ වන විට රැඳී සිටි සූරියබණ්ඩාර නිවසේ පහත මාලයෙහි වූ කාමරයකින් එළියට ආ සාරංග ඇයත් සමඟම එළිමහනේ සාදා තිබූ ඔවුන්ගේ පුංචි ජෙන්ඩර් රිවීලින් සාදය තියෙන තැනට ආවා.සිටියේ දෙපාර්ශවයේම සමීපතමයන් විතරයි.එළඹෙන වසරේ මුලම යුග දිවියට යාමට බලාපොරොත්තුව සිටි මුතූත් තිහසුත් සියලුම සැරසිලි වැඩ බාරගත්තේ මේ අදහස ඔවුන්ගේ එකක් වූ නිසා.ඒකට හේතුවක් තිබුණා.ඒ වෙන මොකක්වත් නිසා නෙමේ.විහාරාත් චාන්‍යාත් අහිංසාත් තිදෙනාම එකම වසරේ මව් පදවිය ලබන්න සූදානම් වූ නිසා.ඒක හැමෝටම විශේෂ කාරණාවක්.එයිනුත් මුලින්ම මව් පදවියට සූදානම් වූයේ අහිංසායි.තවමත් මාස පහ ගත කරන විහාරාට නම් තව මාස කිහිපයක් ඒ සඳහා ඉතුරුයි.කෙසේ නමුත් එකම වසරේ ඉපදීමට නියමිත තිදෙනාම සහෝදර සහෝදරියන්ට වඩා මිතුරන් වගේ ළං වෙන බව නම් නිසැකයි.ඒ වන විට ලංකාවට පැමිණි සිටි මතීශ,ශීන් යුවළත් සිය මාස තුනක් වයසැති කුඩා පුතු සමඟ එහි පැමිණ සිටියේ ප්‍රීතිමාලිත් සේනාධීරත් ධීරවංශත් රූපිකාත් සමඟමයි.

"උඹලා තුන් දෙනා කතා වෙලාද බං එකම අවුරුද්දට සෙට් කරගත්තේ??බලපන්කෝ.තුන්දෙනාව එකට තිබ්බම පාත්තයෝ තුනක් වගේ.."

මතීශ ඇසුවේ දරුගැබත් දරාගෙන හිනාවෙවී කියවන තුන් කට්ටුව දිහා බලාගෙන.තිදෙනාම රෝස සහ ලා දම් පැහැයෙන් හැඩ වී සිටින්නේ මල් කුමාරියන් තිදෙනෙක් වගේ.

"මාව නම් බලෙන් බං සීන් එකට එන්ටර් කරගත්තේ"

මාධව හිසත් කසමින් කියද්දි අනෙක් තිදෙනාට සිනහ නොවී සිටීමට නොහැකි වුනා.

"අරුන් දෙකට පිස්සු බං.ජෙන්ඩර් එක බලන්න එපා කියලා අපි ටිකට වද දුන්නෙ නැති ටික විතරයි.අන්තිමට අපිට කළින් ඒ දෙන්නා තමා ඔක්කොම ඩොක්ටර්ලගෙන් අහගත්තේ.."

කේශව කිව්වේ තාමත් කඩියා වගේ දුවන මුතුයි තිහසුයි දිහා බලාගෙන.

"අපේ ලොකු පුතා අහනවා මට ගත්ත පාටියේ ෆොටෝස් නැද්ද කියලා.මට තමා දැන් පරිප්පුව..අරයත් අප්පච්චිගෙන් අහන්න පුතේ කියලා මාව අහුකරලා සද්ද නැතිව ඉන්නවා"

මාධව කිව්වේ චෙතෝද් සමඟ බැලුමක් උඩ දදා සෙල්ලම් කරන අකේන් දිහා බලලා.ඔවුන් අසලට වී එහෙ මෙහෙ දුවන්නේ ශාදිගේ දියණියයි.කාලය සියලු දෙනාගේම බැඳීම් නැවත නැවතත් අලුත් කර තිබුනා.දැන් ඒ පවුල් ගස මුල ශක්තිමත් මහා වෘක්ශයක් වෙලා අවසානයි.කෙදිනක හෝ මරණයෙන් වෙන් වෙන දිනයක් එනතුරු ඔවුන්ගේ බැඳීම වෙනසක් නැතුවම තියේවි.මේ දිහා පසෙක වූ ආසනයකට වී උපේක්ශාවෙන් බලා සිටි ගිරිරාජ් සැනසුම් සුසුමක් සැලුවේ කුසුම්වත් සිහියට එද්දි.

රශේන් විසින් ඡායාරූප ගැනීමෙන් අනතුරුව තුන්ගොල්ලන්ගේ අතට මුතූ ගෙනැවිත් දුන්නේ විශාල කළු පැහැති බැලුන් තුනක්.තිදෙනාටම ඕනා වූයේ දියණියන්ව.තිදෙනාම පැතුවේද දියණියන්ව.කවුරු වූවත් විශේෂයක් නොවූවද ඒ හිත් වල වූ බලාපොරොත්තු තරුණයන් තිදෙනා නොදන්නවා නොවේ.

"කාගෙන්ද පටන් ගන්නේ?"

මිහිරානිට නම් ඉවසුමක් තිබ්බේ නෑ.ඇය මුලින්ම ආච්චි කෙනෙක් වන්නේ දියණියකට බව ඇයත් එක සිතින් ඇදහුවා.

"පවුලේ වැඩිමලාගෙන් පටන් ගමු.විහාරා අක්කියි මාධව අයියයි මුලින්ම..දහයේ ඉඳන් කවුන්ට්ඩවුන් එක පටන් ගන්නේ.රෙඩි වෙන්න ඕකේ.."

ඉතින් මුතූ පවසද්දී දෙදෙනා එකිනෙකාට සිනහවක් පා කළා.ගණන් කිරීම ඇරඹෙද්දී විහාරා නම් සිටියේ දෙගිඩියාවෙන්.

"ත්‍රී..ටූ..වන්.."

මාධවත් විහාරාත් එක්ව බැලුම පුපුරවද්දී රෝස පැහැයෙන් වූ කෘතිම මල් පෙති විහිදී ගියේ විහාරා සතුටෙන් මාධවගේ ගෙල බදාගද්දී.ඉතින් ඇය පැතූ පරිදිම දියණියක් ඔවුන්ගේ ජීවිතයට ඇවිල්ලා ඉවරයි.සියලු දෙනාගේ සුභ පැතුම් මැද ඇය නෙතට ඉනූ කඳුලක් පිස දැම්මේ මාධව ඇගේ අත සිඹිද්දියි.දෙවැනි වාරය කේශවටත් චාන්‍යාටත් එද්දී කේශව චෙතෝද්වත් වඩාගත්තා.චාන්‍යා බැලුම පිපිරෙව්වේ දෙනෙත් වසාගෙන.ඇගේ බලාපොරොත්තුව දියණියක් වෙද්දී එය එසේ නොවේව් යැයි බයක් ඇයට දැනුනා.සැවොම ඕඕ හඬින් ප්‍රතිචාර දක්වද්දී ඇය උන්නේ වෙව්ලමින්.

"අනේ..දුවෙක් නේද?"

ඇය දෑස් වසාගෙනම අසද්දී කේශව ඇගේ උරහිසින් අත දමා ඇගේ සවනතට ළං වුනා.

"සෝ සොරි මයි වයිෆ්..මෙදා පාරත් කොලු පැංචෙක්"

ඇය දෙනෙත් විවර කළේ ක්ශණයෙන්.ඔහු පැවසූ පරිදිම නිල් පැහැති කෘතිම මල් පෙති බිම විසිරී තිබුනෙන් ඇය තොල පෙරලාගත්තා.

"කමක් නෑ..අපේ අප්පච්චිගේ රෙකෝඩ් එක මම කඩනවනේ..තව චාන්සස් දෙකක්ම ඉතුරුයි.."

කේශව මහ හඬින් කියද්දී සියලු දෙනාගේම සිනහව මධ්‍යයේ චාන්‍යා කේශවගේ පපුවේ මූණ හංඟගත්තා.

"දුකද??"

ඇය හිස සැලුවේ නෑ කියන්න.ඉතින් ඒ කවුරු උනත් ඇයට එකයි.චාන්‍යාට ලයාන්විත සිනහවක් පෙන්වූ කේශව චෙතෝද්ව වඩාගෙනම චාන්‍යාගේ නළලතට සිපුමක් තැබුවා.

"හරි...ඔන්න දැන් අපේ වාරේ..අප්පච්චි..මෙන්න ඔයාගේ හතරවෙනි මුණුපුරා තමා මේ ඉන්නේ.."

"නෑ..ඒ මිණිපිරියෙක්..අප්පච්චිගෙ පළවෙනි මිණිපිරී.."

අහිංසා ඔහුව නිවැරදි කරද්දී බරැති කුස මතින් අතක් තබාගෙන ඉන්න අහිංසා අතට සාරංග බැලුම දුන්නා.සාරංග මෙන්ම අහිංසාත් දෙගිඩියාවෙන් දෙනෙත් වසාගද්දී ගණන් කිරීම අවසානයේ ඔවුන් දෙදෙනාම එක්ව බැලුම පිපිරෙව්වේ සියලු දෙනාම හුස්මක් ඉහළට අදිද්දී.ඇය ඊළඟ ඇසිල්ලේම දෙනෙත් විවර කරද්දී නෙතට හසු වූයේ තාමත් අවකාශයේ පාවී බිමට වැටෙන රෝස පැහැති මල් පෙති.උද්දාමයට පත්වූ ඇය දෑතින්ම මුව වසාගත්තේ දැනුනු සතුටටමයි.ඇය දිහා තෙත් වූ නෙතින් බලාගෙන සිටියේ ගිරිරාජ්.ඉතින් සිය පළමු මිණිපිරිය පණ ගැහෙන්නේ ඇගේ කුස තුළයි.

"නිකී අයියා ඔට්ටුව පරාදයි"

මුතූ කෑ ගසා පවසද්දී පියවි සිහියට ආ අහිංසා අසරණ මුහුණක් පෙන්නගෙන සිටි සාරංග දිහා බැලුවා.

"එහෙනම් මහත්තයා..ඔට්ටුවේ හැටියට අවුරුද්දක් යනකන් බබාගේ රෙදි ඔය අත් දෙකෙන්ම හෝදලා දෙන්න ඕනා හොඳද??දුවත් සතුටු වෙයි එයාගේ තාත්තා අම්මට නොදී හැමදෙයක්ම එයාගේ අතින්ම කළා කිව්වම.."

අහිංසාගේ සරදම් සිනාව සිනාවකින්ම දරාගත්ත සාරංග ඇයව සිය පපුවට තුරුලු කරගෙන ඇගේ කම්මුල් සිපගත්තේ හැමෝම බලන් ඉද්දි.

"ඒ කියන්නේ මට තව වාර කීපයක් ඉස්සරහට ඉතුරුයි..අන්න එදාට නෝනාට තමා පසුතැවෙන්න වෙන්නේ.."

ඇගේ සවනතට සෙමින් මිමිණූ සාරංගගේ අත් බාහුව හොරෙන් මිරිකා දැමූ අහිංසා ගිරිරාජ් අසලට ගොස් ඔහුගේ පපුවට තුරුලු උනේ සැනසීමෙන්.

"අප්පච්චිගෙ කුසුම අප්පච්චිට මාව දුන්නනේ..මම අප්පච්චිට ඔන්න තව කුසුමක් දෙනවා.."

ඇය ඔහුගේ වියපත් දෑස් දෙස බලා පවසද්දී ඔහු කලාතුරකින් පෙන්වන ඒ සිනහව අහිංසාට පෑවා.

"එන්න...ෆැමිලි ෆොටෝ එකක් ගමු"

රශේන් හැමෝටම ඇසෙන්න පවසද්දී පවුල් තුනේම නෑදෑයින් එකතු වී ඡායාරූපයකට පෙනී සිටියේ ඔවුන්ගේ මුහුණු වල ඒ නිමේෂයේ තිබූ සතුට ඕනාවටත් වඩා දිස් වෙද්දී.

මේ ඔවුන්ගේ කතා වල අවසානය නොවේ.තවත් එක් ආරම්භයක් විතරයි.ඉදිරියට මොනා සිදු වේවිද දන්නේ ඔවුන්ම විතරයි.මාධවත් විහාරාත් කේශවත් චාන්‍යාත් සාරංගත් අහිංසාත් සමඟ තිහස් හා මුතූ ඔවුන්ගේ ජීවිත ඒ ඒ මාර්ග වල සතුටත් දුකත් මැද්දෙන් ඉදිරියටත් ගෙන යාවී.නමුත් ඒ මුල් හැමදාම එකම වෘක්ශයකට පෝශණය දී මියෙන දිනක් වනතුරු එකටම බැඳී තියේවි.

💜️නිමි💜️

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

පසුවදනකින් හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

4.5M 284K 105
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
36.4K 5.4K 48
හිනා වෙන්න දන්නෙ නැති බොස්ට හිනාව ගේන්න ඒ අහිංසකීට පුළුවන් වෙයිද.... තමන්ගෙ ආදරවන්තයාව ඒ නපුරු හීන වලින් ගලවගන්න ඒ දග මල්ලට පුළුවන් වෙයිද..... නපුරුක...
3.6M 289K 96
RANKED #1 CUTE #1 COMEDY-ROMANCE #2 YOUNG ADULT #2 BOLLYWOOD #2 LOVE AT FIRST SIGHT #3 PASSION #7 COMEDY-DRAMA #9 LOVE P.S - Do let me know if you...
10.9K 1.8K 32
හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩක්...❤️ හුස්ම නැවතුනත් පණ ගැහෙන ආදරයක්...