සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

66.2K 6.1K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
85
86
87 - අවසාන කොටස
පසුවදන

84

830 68 0
By Rithu_Sakura

සන්තානේ-දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️84 කොටස💜️

"නැකැත හරිද?"

"හරි.."

"එහෙනම් අප්පච්චි...රිබන් එක කපන්න"

අලුතින්ම සාදා නිම කළ අහිංසාගේ සිහින රූපලාවන්‍යාගාරය තිබුනාටත් වඩා ලස්සනට නවීන පන්නයට ඉඩකඩ ඇතිව සාදා නිම කළේ මාස හතරක් වැනි කාලයක් ඇතුළත.ළඟම හිතවතුන් කීපදෙනෙක් පමණක් සහභාගී වූ විවෘත කිරීම ඉතාම චාම් එකක් වූවා.එදා වගේම මෙදිනත් ගිරිරාජ්ගේ දෑතින් රූපලාවන්‍යාගාරය විවෘත වෙද්දී සියලු දෙනාම එයට ඇතුල් වූවා.

"කරන හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ.."

පොල්තෙල් පහන දල්වා ගිරිරාජ් කීවේ අහිංසාගේ හිස අතගාමින්.ඒ සියල්ලක්ම සුපුරුදු පරිදි කැමරා කාචයට නංවමින් සිටි සාරංග දෙසට ගිරිරාජ් යාන්තමට හැරී බැලුවා.

"දෙන්නගෙම..."

ඉතින් ඔහු ඒ ආශීර්වාදයට සාරංගවත් එකතු කරගනිද්දී අහිංසා සාරංග දෙස බලා මද සිනහවක් පෑවේ සාරංග දෙනෙතින් 'ඇයි' යනුවෙන් විමසද්දී.හිස සලා මුකුත් නැතැයි කී අහිංසා සියලු දෙනාටම කිරිබත් මේසයට ආරාධනා කළේ සතුටින්.

"මුතූ..ගයාශාවයි කෝශිවයි එක්කන් එන්න.කාලා ඉමු"

අලුතින් බඳවාගත් සහායිකාවන් දෙදෙනාව මුතූට බාර දුන් අහිංසා පිරිස සමඟ දොඩමලු වද්දී සාරංගගේ දෙනෙත් නම් තිබුනේ ඇය වෙතමයි.එදා තිහස් සමඟ පාටියට ඇන්ඳාක් මෙන් වූ නිල් පාටට හුරු ගවුම තරමක් ඇඟට ඇලී තිබුනෙන් සාරංග විටෙක ඇයට රවන්නේ ඔහුගේ කීම ඇය නොපිලිගත් නිසා.අහිංසා නම් උන්නේ ඔහුව හිතාමතාම තරහ ගස්සවමින්.ඔහුටත් එක්ක දීසියකට බෙදාගත් කිරිබත් දීසිය රැගෙන අහිංසා සාරංග දෙසට ගියේ ඔහු ඉවත බලාගද්දී.

"ආ..කිරිබත් කෑල්ලක් කාලා ඉමු"

"මට ඕනේ නෑ.."

සිය සුපුරුදු මුරණ්ඩුකම ප්‍රදර්ශනය කරමින් සාරංග ගස්සා ඉවත බලාගද්දී අහිංසා ඔහුට රැවුමක් පා කරමින් කිරිබත් කෑල්ල මුවේ රුවාගත්තේ ඔහුට පේන්නම රසකරමින්.

"ම්ම්...රසයි.."

අතේ රැඳි ඉතිරි කැබැල්ල මුවට ගන්න හදනකොටම සාරංග ඇගේ මැණික් කටුවෙන් අල්ලගත්තේ ඇය දිහාම නෙතු රඳවගෙන.අමුතු බැල්මක් හෙලාගෙනම ඒ කිරිබත් කැබැල්ල සාරංග මුවේ රුවාගත්තේ ඇගේ ඇඟිලි තුඩුත් දිවගින් ස්පර්ශ කරමින්.ඒ ස්පර්ශයට විතරක් නෙමේ ඒ බැල්මටත් සසැලී ගිය අහිංසා හුස්මක් ගන්නවත් බැරිව ඔහු දිහාම බලන් ඉද්දී සාරංග නම් උන්නේ ඇයව අවුලවමින් අමුතුම සතුටක් ලබමින්.අනිත් අයගේ බැල්ම තමන් වෙත නොවුනු බව දැනගත් සාරංග ඇගේ සවනතට මදක් නැමුනා.

"හ්ම්ම්..කිව්වත් වගේම රසයි තමා.."

හිමීට මිමිණූ සාරංග නෙතක් ඉඟිමරා ඇගෙන් මිදී පසෙකට වෙද්දී රතු වූ කම්මුල් සඟවාගන්න ඇය දැරුවේ ලොකු උත්සාහයක්.කාලය හෙමි හෙමීට ගෙවිලා යද්දි සැලෝන් එකේ ඉතිරි වූයේ අහිංසාත් සාරංගත් අනෙත් යුවතියන් තිදෙනා පමණයි.තරමක් වෙහෙසකර පැය කීපයක් ගෙවා දැමූ නිසාදෝ අහිංසා හිටියේ සෙටියේ වාඩිවෙලා.මුතූත් අනෙක් යුවතියන් දෙදෙනාත් එහා මෙහා විසිරී තිබූ බඩු අස් කරද්දී සාරංග සිටියේ පුටුවකට වී ඔහුගේ කැමරාවෙන් ගත් ඡායාරූප පිරික්සමින්.ඔහු කරමින් සිටිනා දෙය දෙස මොහොතක් බලා සිටි අහිංසා නැඟිට ගොස් ඔහුගේ කරවටා දෑත් යවා ඔහුගේ උරපත්තට බර වුනා.

"මොනාද බලන්නේ??අද ගත්ත ඒවද?"

"හ්ම්ම්..අද රෑට හිමීට බලලා හෙට පේජ් එකට දාන්නම්"

"ඉතින් ඕකේ ආයේ මොනා බලන්නද?ඔයාගේ වෝටර්මාක් එක දාලා අදම අප්ලෝඩ් කරන්නකෝ.එඩිට් කරන්න තරම් දෙයක් නෑනේ.."

අහිංසා පවසද්දී සාරංග කණ්ණාඩියෙන් පේන ඇගේ රුව දිහා බැලුවේ මුවත් ඇද කරන්.මේ දැනුත් ඇය නැමී සිටින ආකාරයට ඇගේ ලමැද මදක් නිරාවරණය වී තියෙන්නේ සාරංගව තරහ ගස්සවමින්.

"තමුසෙගෙ ඇඳුම තමා එඩිට් කරන්න ඕනේ.ඔය දැන් ඉන්නවා වගේ තමා එහෙට මෙහෙට දුවද්දි ශෝ එක දදා උන්නේ..එපා කිව්ව රෙද්දම පටලවන් ඇවිත්.."

සාරංග දොස් තබද්දී අහිංසා කෙළින් වී ඇඳුම හදාගත්තේ ඔහුගේ සරදම් සිනාව කණ්ණාඩිය මතින් ලාවට පෙනෙද්දී.

"අයියලා දෙන්නගෙන්ම ඇහුවා මං.එයාලා නම් මුකුත් කිව්වේ නෑ..."

"තව මාසෙකින් භාරකාරයා මමනේ...එතකොට මම බලාගන්නම්"

ඉතින් ඔහු සමඟ කටගහන් ගිහින් වැඩක් නැති බව වැටහුනු අහිංසා නිහඬව උන්නේ ඡායාරූපකරණයේදී නානාප්‍රකාර යුවතියන් සමඟ ගනුදෙනු කර තිබුනද සිය පෙම්වතිය සම්බන්ධයෙන් ඔහු තරමක හෝ සම්ප්‍රදායික චරිතය රඟ දක්වන බව ඒ වනවිට තේරුම් අරන් සිටි නිසා.සුපුරුදු පරිදි දෙනෙත් වලින් යුධ ප්‍රකාශ කරමින් සිටි යුවළගේ අවධානය යොමු වූයේ දොර දෙසින් ආ වින්ඩ්චිම් හඬට.සාරංගට ඒ රුව අමුත්තක් නොවුනද අහිංසා නම් හිටියේ තරමක් සතුටින්.මුතූත් ඇය වෙතට හිනාවක් පා ඉවත බලාගත්තේ තවමත් ඇගේ හිතේ ඇය කෙරෙහි සියුම් අප්‍රසාදයක් තිබුනු නිසාවෙන්.

"ශාදි..එන්න.මම හිතුවා ඔයා එන්නෙ නැති වේවි කියලා"

මාස හතක් වූ දියණියවත් රැගෙන ශාදි සැලෝන් එකට ආවේ අහිංසා දෙසට සිනහවක් පාමින්.කුඩා දියණිය සාරංගව දැක අත් පා ගසද්දී අහිංසා ඉක්මනටම ඇයව වඩාගත්තා.

"දැන් චූටි චණ්ඩියෙක් වෙලානේ අපේ මැණික..කවුරු දිහාද බලන්නේ ම්ම්ම්??"

දියණියව නලවමින් අහිංසා සාරංගගෙන් දියණියව හංඟගත්තද ඇයද හොරෙන් එබිකම් කරන්නේ සාරංග දිහාවටමයි.

"කෝ එන්න මාමා ගාවට..දවස් දෙකකින් බලලා යන්නවත් බැරි උනා.."

කැමරාව පසෙකට කළ සාරංග අහිංසාගෙන් කුඩා දියණියව රැගෙන කිරිබත් මේසය දෙසට ගියේ ඇයට කිරිබත් කටක් කැවීමේ අරමුණින්.තමන්ගේ නොවන අය අතින් නොමඳව ආදරය ලබන කුඩා දියණිය දෙස මොකක්දෝ සැනසීමකින් බලා සිටි ශාදි එවර අහිංසා දිහා බැලුවා.වෙනදටත් වඩා සතුටින් සාරංග දිහා බලන් ඉන්න ඇයව දැක ඉස්සර දවසක දැනුනු ඊර්ශ්‍යාවෙන් කෝපයෙන් දශමයක්වත් ඇයට දැනුනේ නෑ.

"අහිංසා.."

තම බෑගයෙන් යමක් එළියට ගත් ශාදි එය මිට මොලවාගත්තේ මදි පුංචිකමකුත් දැනෙද්දි.

"මට ඔයාට දෙන්න මහ ලොකු දෙයක් නෑ..මේ චූටි තෑග්ග මගෙන්..ඔයාගෙයි නිකේත් අයියගෙයි හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ"

ඇය දෙදෙනාටම එක හිතින් සුබ පතා අහිංසාගේ අතේ කුඩා ලියුම් කවරයක් ගුලි කළේ අහිංසා දෙනෙත් විසල් කරගෙන බලන් ඉන්නැද්දි.නමුත් ඊළඟ මොහොතේ ඇය පියවි සිහියට ආවෙන් ලියුම කවරය දිහ නොහැරම ශාදිගේ අතට දුන්නේ ශාදි එය ප්‍රතික්ශේප කරද්දි.

"පණ්ඩිතකම් නැතිව මේක තියාගන්න.පිස්සුද ආ??"

"අනේ එහෙම කොහොමද?ඔයාලා දෙන්නම මේ මාස ගාණෙම මට කෙරුව උදව් වලට මම මෙහෙම දෙයක්වත් නුදුන්නොත් ගුණමකුකමක් වෙනවා.."

ශාදිගේ කීම නොඇසුනාක් මෙන් ලියුම් කවරය බලෙන්ම ඇගේ බෑගයට එබූ අහිංසා ශාදිගේ අතකින් අල්ලාගෙන සැලෝන් එකේ එක කොටසකට ගියේ ශාදි පුදුමයෙන් බලන් ඉන්නැද්දි.ඇය ඊටත් වඩා පුදුම වුනේ එහි බිත්තියක එල්ලා තිබූ ඡායාරූප ත්‍රිත්වය දැකලා.ඔව්.එහි තිබුණේ සාරංග විසින් කෙරුව ෆොටෝ ශූට් එකේ ශාදිගේ සොඳුරු පින්තූර තුනක්.ඒ බිත්තිය සරසා තිබුනේ ඒ පින්තූර තුනෙන් විතරයි.

"අහිංසා..මේ..මේක.."

"ලස්සනයි නේද?ෆොටෝග්‍රැෆර්ම පිලිගත්තා එයාගේ අතින් කෙරුනු ලස්සනම ෆොටෝ සෙශන් එක මේක කියලා...ඉතින් මං ඒකෙන් ලස්සනම තුනක් එයාට කියවලාම හදාගෙන එල්ලුවා.."

තුනී කඳුලු පටලයකින් ශාදිගේ දෑස් වැසී යද්දී ඇය උන්නේ කිසිවක් පවසා ගත නොහැකිව ගොලු වෙලා.

"එතකොට අනිත් කාරණේ තමා..ඉස්සරහට මට ඔයාට කියලා බ්‍රයිඩ්ල් ශූට් එකක් කරගන්න ඕනේ..අන්න අතන ග්ලාස් එකේ ඉඩක් තිබ්බේ ඒකට.එතනට අනිවාර්‍යෙන් එන්නේ ඔයාගේ පින්තූරයක්"

ශාදි දෙනෙත් අයා එදෙස බලා සිටියේ විශ්මය කැටි වූ බැල්මකින්.

"අනේ..අහිංසා.."

අහිංසා එතරම්ම හිත හොඳ යුවතියක් යැයි ශාදිට දැනුනු ප්‍රථම වතාව මෙය නොවේ.ඇය සිය ආදරය දන් දීමට කටයුතු කළ බව ආරංචි වූ දිනයේමයි ඇය එය දැනගත්තේ.

"ඔයාට ආපිට අපිට දෙයක් දෙන්න ඕනේ නම් ඒ දේ කරලා දෙන්න.මං ඔයාට පේ කරනවා.ඔයාගේ ගාණ මට කියන්න.."

"එහෙම කරන්න එපා අහිංසා.මට මේ හැටි උදව් කරන්න එපා..සැලෝන් එකේ ඉස්සරහටම මගෙ ෆොටෝ එකක් දාන්න තරම් මම වාසනාව තියෙන කෙල්ලෙක් නෙමේ.."

"පිස්සුද??ඔයා තමා මගෙ ලකී චාම් එක.."

අහිංසා කිව්වේ මුතූ දිහාත් බලන ගමන්.මීට පෙර දවසක බුවීගේ විවාහය ගැන කතා කළ මොහොතක ඔවැන්නක් කතා කළ බව සිහි වී මුතූ මුදු සිනාවක් දෙදෙනාටම පෑවා.

"ඒත්..මම කොහොමද ඔයාගෙන්...."

"හා.ඇති ඇති..නෙගටිවි හිතන එක නතර කරන්න.මේක ඔයාගේ ඩ්‍රීම් එකනේ..ඒ ඩ්‍රීම් එකට යමු.දරුවෙක් උන්නා කියලා,සින්ගල් මාම් කෙනෙක් වුනා කියලා කෙල්ලෙක්ගේ හීන එතනින් නතර වෙන්නේ නෑ.මෙදා පාර මායි සාරංග අයියයි දෙන්නම ඔයාට උදව් කරනවා..."

අහිංසා පොරොන්දු දෙද්දී ශාදිගේ දෙනෙතින් කඳුලු කැට දෙකක් ගලා ගියේ ඇගේ පවුලේම අයවත් මෙලෙස උදව් නොකරන බව මතක් වෙලා.දීපා සහ නලින් ඇයව ඔවුන්ගේ ජීවිතයෙන් පිටමං කළේ හිතක් පපුවක් නැති අය ගාණට.දරුවා වෙනුවෙන් ජීවිතයේ හැම ආසාවක්ම කැප කළ ශාදිට අහිංසාගේ වචන දැනුනේ දිරිගැන්වීමක් හැටියට.ඉතින් කවුරු නැතත් ඇයට අහිංසායි සාරංගයි ඉන්න බව නම් නොරහසක්.

"යමු..කිරිබත් කෑල්ලක් කාලා ඉමු...සාරංග අයියේ..මට පැංචි එක්ක ෆොටෝ එකක් ඕනේ.."

කුඩා බිළිදිය දෙසට ඇවිද ගිය අහිංසා සාරංගගෙන් කුඩා බිළිඳියව අතට ගද්දී ශාදි ලං වුනේ මුතූ දෙසට.ඒ වෙද්දී ඇය මුතූ ගැන හැමදේම දන්නේ රදීශ සිය අනන්‍යතාවය සඟවාගෙන එහි පැමිණ සිය දෙමාපියන්ව බිය ගන්වපු දිනයේ ඇය සියල්ලම හොරෙන් අහන් සිටිය නිසා.

"මුතූ.."

"අක්කී...කිරිබත් කෑල්ලක් කමු.එන්න.."

මුතූ සිනහවක් පා කිරිබත් මේසය දෙසට ඇයව රැගෙන යන්න හදද්දී ශාදි ඇයව නතර කරගත්තා.

"මාත් එක්ක තරහවෙන්න එපා නංගී"

ශාදි කිව්වේ හැඟුම්බරව.ඔව්.ඇයට ඒ සිදුවීම් වලින් පස්සේ මුතූව හම්බුනු ප්‍රථම අවස්ථාව මේක.මුතූව හමු වී කතා කරන්න ඕනාකමක් තිබුනද ශාදිට එයට අවස්ථාවක් නොලැබුනු තරම්.

"ඔයා සමාව ඉල්ලන්නෙ ඇයි?"

"ඔයාගේ ජීවිතේට අහිංසාගේ ජීවිතේට ඒ වගේ දුකක් ලැබෙන්න මගෙ අම්මලා හේතුවක් උනු නිසා...ඒ අස්සෙන් මං නිසාත් ඔයාලට..."

"නෑ අක්කී..ඔයා ඒ කිසිම දේකට හේතුවක් උනේ නෑ.අඩුම තරමේ ඔයාගෙ අම්මගෙ හිතේ තිබ්බ දේ ඔයා දැනන් උන්නෙ නෑනේ.එයාලා ඔයාවත් රැවැට්ටුවා.ඒත්...ඔයාගේ ගෙදර අය කෙරුව එක උදව්වක් මම කවදාවත් අමතක කරන්නෙ නෑ.මේ අම්මයි තාත්තායි අතට මාව ලැබෙන්න ඔයාලගේ අම්මලත් උදව් කළා..ඒ උදව්ව නිසාම ඒ හැම තරහක්ම මම අමතක කරනවා.කවදාවත් ඔයාවම වැරදිකාරයා කරගන්න එපා.."

මුතූ තරහා නොගෙන කතා කිරීමම හිතට අස්වැසිල්ලක් වෙද්දී දෙදෙනාම හැරී බැලුවේ කුඩා දියණියවත් අතැතිව සිනාසෙන අහිංසා දිහා.

'එයා තමා නියම ලකී චාම් එක'

මුතූත් ශාදිත් දෙදෙනාටම නොදැනී එකම දේ අහිංසා දෙස බලාගෙන සිතුනේ ලොකු සැනසීමක් මැද.

........💜️........ RITHU SAKURA .......💜️........

"බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං
ගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරං...
දානාදි ධම්ම විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී..."

මිහිරි හඬකින් වැයෙන ජයමංගල ගාථා මධ්‍යයේ අහිංසා පෝරුවට නැඟ උන්නේ සාරංගගේ අත අල්ලාගෙනමයි.චාම් ඔසරියකින් සැරසී සිටි ඇය දෙසින් නෙත් ගන්න අමතකව උන්නේ සාරංගට විතරක් නෙමේ.ඇගේ සොහොයුරන් දෙදෙනා සහ පියා ද සිටියේ ඇය දෙසම නෙතු දල්වාගෙන.සිය පවුලේ එකම දියණිය,එකම සහෝදරිය,එකම කුසුම දීග යන දවස එළඹෙන කොට කාටත් වඩා නොසන්සුන් වුනේ ගිරිරාජ්.ඇය නැතිව නිවසේ පාලුව රජයන බව ඔහු වසරක් පුරාම අත් වින්ඳා.ඒ පාලුවට නැවත වරක් මුහුණ දෙන්න බැරි ගතියක් දැනුනද ඔහු හිත සනසාගත්තේ ඇය මේ නගරයේම කාටත් වඩා විශ්වාසවන්ත සිය සහකරුවා සමඟ සතුටින් ඉන්නා බව දන්න නිසා.

"අනේ මට ඇඬෙන්න වගේ"

මුතූ තිහස්ට මිමිණුවේ අහිංසාගේ මුහුණ දිහා බලාගෙන.අහිංසාව හැඩගැන්වූයේ අහිංසාමයි.කොණ්ඩය සැකසීම පමණක් තමා අතින් සිදු වෙද්දී සිය මංගල දිනයේදී එවැන්නක් පිට අයෙකුට නොදී ආධුනික තමා ලවාම ඒ දේ කරවාවි කියලා මුතූ හිතුවේ නෑ.සිය මෑණියන් විසින් පලන්දන්නට තිබූ තැල්ල වෙන කිසිවෙකුගේ අතින් නැතිව ගිරිරාජ් අතින්ම පැලැන්දවීමට අවශ්‍ය බව අහිංසා කීවෙන් ඒ මොහොත සංවේදීව ගෙවුනු හැටිත් මුතූට මතකයි.

"ඒ දෙන්නා සතුටින්නේ..ඊළඟට ඉතින් අපි දෙන්නා තමා.."

තිහස් මුමුණද්දී මුතූ රැව්වේ විවාහයට ආ මේඛලාද වරින් වර මේ කුරුලු ජෝඩුව දෙසට නෙත් යොමු කරද්දී.සිය අනාගත නැන්දම්මා අසල යම් චකිතයකින් පෙලුනු මුතූ තිහස් සමඟ කතා කරන්නේද අඩි දෙකක් පමණ ඈතට වෙලා.ඒත් තිහස්ට නම් ඒ කිසිවක් ගාණක් නෑ.ඔහු තව තවත් ඇයට ලං වෙන්නේ මුතූට හිතෙන දේ දැනගෙන වගේ.

"කිරිකඩ සේලය පුදන්න මනමාලියගේ මව ඉදිරියට එන්න"

අෂ්ඨක කියන්නා පවසද්දී අහිංසා සිය බොඳ වූ දෙනෙත් ගිරිරාජ් දෙසටත් සිය සොහොයුරන් දෙසටත් යොමු කරද්දී සාරංග ඇගේ අතක් තද කර අල්ලා ගත්තා.ඉතින් මේ මොහොත යුවතියට අසීරු මොහොතක් බව නම් නොරහසක්.

"නංගී..ඉස්සරහට යන්න"

ඥාතීත්වයෙන් මාමා කෙනෙකු වන කුසුම්ගේ සහෝදරයෙකු කුසුම් සූරියබණ්ඩාරගේ රාමු කළ පින්තූරයක් පුටුවක් මත තැබුවේ අහිංසාට දර්ශනය වන ලෙස.ගිරිරාජ්ගේ විදානයෙන් ඉන්දීවරී ඉදිරියට එද්දී අෂ්ඨක කියන්නා ඇය දෙසත් පුටුව මත තැබූ ඡායාරූපය දෙසත් බලා සියල්ල තේරුම් ගත්තා.මව් ගුණ ගයමින් ඔහු ඉතාම සංවේදීව කතා කරද්දී අහිංසාගේ දෙනෙත් වලට කඳුලු ආවේ සිහින් ඉකියක් ඇගේ මුවින් පිට වෙද්දී.සිය බිරිඳ කොහේ හෝ සිට සිය දියණිය දෙස බලා සිටින බව ගිරිරාජ් අදහන්නට වුනා.කවි ගායනය මැද්දෙම සාරංග සහ අහිංසා අතින් කිරිකඩ සේලය කුසුම්ව සිහියේ තබාගෙන ඉන්දීවරීගේ අතට දෙද්දී කේශව චාන්‍යාගේ අත දැඩි කරලා අල්ලගත්තේ කවදාවත් නැති තරමට සිය මවගේ අඩුව දැනෙද්දී.මාධවට නම් කේශවට තරම් දරාගන්න හැකියාවක් තිබ්බේ නෑ.ඔහු කඳුලු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දුන්නා.

පෝරුවේ චාරිත්‍ර ටිකෙන් ටික එහි අවසානයට ලං වෙද්දී පවා සාරංග අහිංසාගේ අත අත් හැරියේ නෑ.අහිංසාට ඔහුගේ අතේ උණුසුමෙන් දැනුනේ ලොකු ආරක්ශාවක්.පොල්තෙල් පහන් දල්වා කිරිබත් කපා අවසන් වූ වහාම මුතූ සමඟ හෝටලයේ කාමරයට ගිය අහිංසා නැවත මේකප් එක අලුත් කරගත්තේ කඳුලු පාරවල් පෙනුන නිසා.ඒ අතරේ කේශව ළං වුනේ සාරංග ළඟට.

"සාරා..අපේ උන් ටික තාම මඟලු..සුපිරි රැග් එකක් ලැබෙන සීන් එකක් තියෙන්නේ.."

"ඕන රෙද්දක්..හැබැයි ඇස් රතු වෙන ඒවා එපා කියපන්..ටිකක් හොයලා බලපන් කේශ්..අද මම ඉන්නේ මේ ලෝකේ නෙමේ..නිකන් පාවෙනවා වගේ.."

සාරංග නලලත දාඩිය පිසමින් කිව්ව විදියට කේශවට හිනාවක් නැඟුනා.ඔහු ඒ හිනාවෙන්ම සාරංගගේ පිටට තට්ටුවක් දැම්මා.

"මාත් එදා පාවුනා නේන්නම්..එලොව විකාරෙන් උන්නේ..දැන් තේරෙනවා නේද තනිකඩව උන්නා නම් හොඳයි කියලා..?"

"කෑ ගහන්න එපා යකෝ..උඹේ එකීට ඇහුනොත් උඹව මරන් කයි..ඊට හපන් අහිංසා..නිකමට හරි කනට ගියොත් එදා වගේ කම්මුල් පාරක් තමා කන්න වෙන්නේ.."

දෙමිතුරන් සිනහ වෙමින් කතා කරද්දී නෑදෑ හිත මිතුරන්ගෙන් ශාලාව පිරෙන්නට වුනා.අහිංසාට නම් තවමත් මේ දිනය ගැන විශ්වාස කරන්න බෑ.අවුරුදු ගාණක් ආශ්‍රය කරමින් ළඟ සිටි ඒ විනෝදකාමි සරල තරුණයා අවසානයේ තමාට මෙතරම් ආදරයෙන් බැඳී සිය අත ගනීවි යැයි අහිංසාට අදහගන්න බැරි කාරණයක්.

"තිබහද?මහන්සි පාටයි දැන්මම"

සාරංග ඇසුවේ අහිංසාගේ උවන දෙසම බලාගෙන.

"මහන්සි නෑ..අදහගන්න බැරිව ඉන්නේ..මතකද ඔයා ඒ දවස් වල මට විහිලු කරනවා ඔයාව බැන්ඳොත් මුලු වෙඩින් එකම ෆ්‍රී කරලා දෙන්නම් කියලා..?බලද්දි ඒක ඇත්තක් වෙලා..ඩ්‍රෙසින් වලට වියදමක් ගියෙත් නෑ.ෆොටෝග්‍රැෆි කරන්නෙත් ඔයාගෙම කට්ටිය.එක අතකින් බැලුවාම ෆ්‍රී වගේ තමා.."

සාරංග ඇගේ අතක් තදකර අල්ලගත්තේ ඔහුටවත් එවැනි දෙයක් මතකයේ නොවිච්ච නිසා.

"මම අවුරුදු ගාණකට කලින් කියපුවා මතක තියන් ඉන්නවා කියන්නෙ ඉදිරියට මට ගොඩක් පරිස්සම් වෙන්න වෙයි නේද??දැන් නම් බයත් හිතෙනවා.."

අහිංසා එවර ආඩම්බර බැල්මක් ඔහුට හෙලුවා.

"බය වෙන්න ඕනා තමා..ඒ කාරණේ අමතක කරන්න එපා..තේරුනාද මිස්ටර් තෙන්නකෝන්...?"

"යස්..මිසිස් තෙන්නකෝන්...මට තේරුනා.."

සාරංග මිසිස් තෙන්නකෝන් යන්න බර කර පැවසුවේ යමක් සිහි වූ නිසා.ඔහුගේ ස්වරය වැටහුනු නිසාදෝ අහිංසා දෙතොල් තදකරගෙන ඉවත බලාගත්තේ ඒ බැල්මෙන් මිදෙමින්.

........💜️........ RITHU SAKURA .......💜️........

"බලු වැඩ කරන්න එපා හු%$&..ඔය කවදා ගත්ත ෆොටෝස් ද යකෝ??කේශ් ඕක නවත්තපන් බං"

මිතුරන් විසින් සැකසූ ඡායාරූප එකතුව තිරයක් මත දිග හැරෙද්දී සාරංග කෑ ගැසුවේ සිය මිතුරන්ට.පාසලේ නේවාසිකාගාරයේ ගත කල අවදියේදී ගත් ඡායාරූප සියල්ලෙම ඒ සිටින්නේ සාරංගද කියාවත් සොයාගත නොහැකි තරමට ඔහු වෙනස්.අහිංසාගේ ඡායාරූප කිහිපයක් පෙන්වද්දී සිනාසුනු සාරංගට දැන් අහිංසාගේ සරදම් සිනාවලින් සැඟවෙන්න සිද්ද වෙලා.

"ඊ...අයියේ.ඔයා ඒ කාලේ ඔච්චරටම කැතද??"

"තමුසෙ ලස්සන එකීනේ..ඇටකිච්චි වගේ කෙට්ටුම කෙට්ටුයිනේ"

මිතුරන්ගේ හූ හඬත් සිනා හඬත් මැද්දෙන් විනෝදයෙන් විනාඩි කීපයක් ගෙවී යද්දී දර්ශනය වූයේ මෑත කාලයේ දෙදෙනාගේ ගත් ඡායාරූප පෙලක්.එහි එක් තැනක කේශව විසින් ගත් ඡායාරූපයක්ද තිබුනා.සාරංගගේ උරහිස මත හිස තියාගෙන අහිංසා නිදාගෙන සිටි හැටි දකිද්දී දෙදෙනාම මුහුණට මුහුණ බලාගත්තේ එවැන්නක් දෙදෙනාටම අමතකව තිබූ නිසා.

"කවද කොහොම ගත්ත ඒවද බං මේ??"

සාරංග මිමිණුවේ හොර බැල්මක් දාන් ඉන්න කේශව දෙසටත් රැවුමක් පා කරලා.ඒ අතරේ අවසන් වරට නුවර එළි ගිය මොහොතේදී අහිංසා හග්ගල උද්‍යානයේ ජපන් උයනේ සහ මී වණ උයනේ තනියම කල්පනා කරමින් සිටින ඡායාරූප කීපයක් දිස් වෙද්දී අහිංසා සාරංග දිහා බැලුවේ පුදුමයෙන්.

"ඔයා එදා මගෙ පස්සෙන් ආවද?"

"හ්ම්ම්...ආවා..ඈත ඉඳන් තනි රැක්කා.."

හපන්කමක් කළ අයෙකු පරිද්දෙන් සාරංග මුමුණද්දී අහිංසා ඔහුගේ කලවයක් මතට අතක් තබා පිරිමැද්දේ හිනාවක්ද සමඟින්.නමුත් ඒ හිනාව පැවතුනේ විනාඩි කීපයක් පමණයි.ඒ එක්කම වීඩියෝ එකක් ප්ලේ වූයේ අහිංසාගේ පමණක් නොව සාරංගගේද දෑස් උඩ යද්දී.පිලිවෙලට ඇඳගෙන සිටින සාරංග තමා වෙතට හෙප්පුව දිගු කරන යුවතිය දිහා විමසිල්ලෙන් බලන්නේ ඇස්පිල්ලම්වත් නොගහා.හැබැයි ඒ යුවතිය අහිංසා නොවේ.ඒ සිටියේ ශාදියි.කලව මත වූ අහිංසාගේ අත සාරංගගේ කලවය තද කර අල්ලා ගත්තේත් සාරංග කේශවට රැව්වේත් එකටමයි.නළලතට අත ගහගත් කේශව මිතුරෙකුට කෑ ගැසුවේ අනෙක් මිතුරන් හූ හඬ තියමින් විහිලු කරද්දී.

"ඕක නෙමේ යකෝ.ඔය වැරදි එක අරන් තියෙන්නේ.."

කේශව කෑ ගසද්දී මිතුරෙකු එය මඟහරවා වෙනත් ඡායාරූප පෙලකට ආවද අහිංසා උන්නේ සාරංග දිහා කන්න වගේ බලන්.

"ඔහොම බලන්න එපා රත්තරනේ..බය හිතෙනවා.."

සාරංග බයාදු හඬකින් පැවසුවේ අහිංසා මොනාවා හිතනවාද නොදැන.ඒ මදිවට ඒ ශාලාවේම ශාදිත් ඉන්න බව සාරංගට වැටහුනා.එහි උණුසුම මඟ හරවමින් සාරංග දෙසට හෙප්පුව අල්ලමින් අහිංසා ඉන්නා පුංචි දර්ශනයක් දිස් වෙද්දී කේශව බැලුවේ සිය නැඟණිය දිහා.

"අද මූව හූරගෙන කයිද මන්දා අපේ බඩ්ඩ"

කේශව හිතුවේ තමන් අතින් සිදු වූ අත්වැරදීම සිහිපත් කරමින්.මිතුරෙකු විසින් ඔහුගේ දුරකථනයෙන් ඡායාරූප ලබාගත්තද ඔවැනි වීඩියෝවක් තිබූ බවක් කේශවගේ මතකයේ තිබුනේ නෑ.

"අහිංසා..කතා කරනවකෝ..ඔහොම ඉන්න එපා..මං ශාදිව බලන්න ගිය බව ඔයා දැනන් උන්නනේ.."

"ගියා කියන්න දන්නවා.ඔහොම ඇස්පිල්ලම් නොගහා කන්න වගේ බලන් ඉන්න ගියා කියන්න දැනන් උන්නේ නෑනේ..ඉන්නවකෝ..අද මං බලාගන්නම් ඔහේව.."

හිනාවක් මුව රඳවගෙන වූවද අහිංසා මුමුණපු ස්වරූපෙට සාරංග කෙළ පිඬක් ගිල්ලා.

"කේශ් තෝ/ නම්..."

ඔහු කේශව දෙස බලා මාරාන්තික බැල්මක් පා කරද්දී සිනාව සඟවාගත් කේශව මුකුත් නොවුනා සේ ඉවත බලාගත්තා.

-මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

4.5M 285K 105
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
1K 75 16
දැනෙන තැන හරිම තැනම ද ?
1.5M 130K 45
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
2M 111K 96
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...