සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

66.1K 6.1K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

83

780 71 0
By Rithu_Sakura

සන්තානේ-දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️83 කොටස💜️

වසා ඇති දොර දෙස බලා මුවින් හුස්මක් පිට කළ සාරංග හිසකෙස් අතකින් පසුපසට කළේ මාධවගෙයි කේශවගෙයි උපහාසාත්මක වදන් සිහියට එද්දි.

'කිව්වත් වගේ මේකි අද මාව හමගහයිද දන්නේ නෑ..'

තමන්ගේ සිතටම මුමුණාගත් සාරංග දොර හෙමීට විවර කරත් ඒ සමඟම ඔහුගේ මුහුණට යමක් වැදී රිදුම් දුන්නේ ඔහු මුහුණ අතකින් වහගද්දී.කිව්වා සේම අහිංසා ඇගේ තරහවේ වාන් දොරටු විවර කරලා ඉවරයි.ඇයව මෙලෙසින් කේන්ති ගැස්සුවේ ඔහුමයි.ඉතින් මේ තරහවත් ඔහු දරාගත යුතුයි.දෙතොලට මදක් ඉහළින් වැදී බිම වැටී තිබුණේ අහිංසාගේ පනාවක්.රවුම් හැඩයක් ගත් එය තරමක් බරැති එකක් වූවා.වැදුනු පාරට නම් රතු පැල්ලමක් මතු වී ඇති බව නම් නිසැකයි.දෑස් ඔසවා බලද්දී අහිංසා සිටියේ දෙනෙත් සිහින් කරගෙන දෑත් බැඳ ඔහු දිහාම බලාගෙන.හැබැයි ඒ දෙනෙත් වල කඳුලු බිඳු එලෙසින්මයි.ප්‍රථම වතාවට සාරංගට තමන් ගැනම කේන්තියක් ආවේ ඇයට රිදවූවා වැඩියි බව සිහිවෙද්දී.

"අහිංසා..."

"එක අඩියක් ඉස්සරහට එන්න එපා..මං මේ හොඳින් කියන්නේ"

"මේ අහන්න මැණික..."

"තමුසෙගෙ මැණිකක් මෙහෙ නැහැ.ගිහින් හොයාගන්නවා ඕන දිහාවකින්"

අහිංසා දෙසට අඩි තබමින් සාරංග ඉදිරියට එද්දී අහිංසා සිටි තැනම සිට අතත් දිගු කරමින් පැවසූවත් සාරංග එය ගණන් ගත් බවක් පෙනුනේ නැහැ.ඔහුට දැන් ඕනේ මේ දුරස්ථ බව නැත්තටම නැති කරලා දාන්න.ඇයව පුදුම කරවන්න ඕනාකමක් තිබුනත් නොදැනීම එයින් ඇගේ හිත රිදවූ එකට සමාව ගන්න.කලින්ටත් වඩා ආදරේ කරන්න.ඉතින් ඇගේ මේ කේන්තිය තමා දරාගත යුතුම වන බව සාරංගට වැටහුනා.

"චුට්ටක් අහන්නකෝ.."

"මොනා අහන්නද??මොනාද තව මම දැනගන්න තියෙන්නේ අයියේ?මාව රවට්ටලා ඔයාට මොනාද ලැබුනේ??"

"මම ඔයාව රැවැට්ටුවේ නෑ..."

එයට අහිංසා පෑවේ සමච්චල් සිනහවක්.

"ශාදිව ළඟ තියාගෙන එයාගේ දරුවට තාත්තා වෙන එක රැවටීමක් නෙමේද?"

"මං කිසිම වෙලාවක කිව්වේ නැහැ මම ශාදිව මැරි කළා කියලා..ඒ දරුවගේ තාත්තා මම කියලත් කිව්වේ නෑ..තමුසෙනෙ බහුබූත හිතන් ඉන්නේ"

අහිංසා එවදන් වලින් මදක් මෙල්ල වූවත් රෝහලේදී ශාදි පැවසූ වදන් ඇයට සිහිවූවා.ඇය එදා ඒ කිව්වේ මුසාවක්ද?

"බොරු නොකියා ඉන්න අයියේ..එහෙනම් ඇයි ශාදි කිව්වේ ඒ දරුවගෙ තාත්තා ඔයා කියලා?"

"එයා එහෙම කිව්වද?"

සාරංග දෙනෙත් සිහින් කරන් අහද්දි අහිංසා හිස සැලුවේ දෙතොල් විකාගෙන.

"ම්ම්...ඒ කතාවේ වැරැද්දකුත් නෑ.ඉපදුනු දා ඉඳන් මම තමා ඒ පොඩි කෙල්ලට තාත්තා උනේ..හැබැයි ඒ මගේ ලේ නෙමේ.."

අහිංසා දෙනෙත් විසල් කරගෙන බලා සිටිද්දී අවස්තාවෙන් ප්‍රයෝජනය ගත් සාරංග ඇය අසලටම අඩිය තිබ්බා.එදා වගේම කණ්ණාඩි මේසයත් තමාත් අතර අහිංසාව මැදි කරගත් සාරංගගේ සමීපත්වයෙන් කලබල වූ අහිංසා ඔහුගේ පපුවට දෑත් තබා පවුරක් බැඳගත්තා.සාරංග ඇය දෙසත් ඇගෙ දෑත් දෙසත් බැලුවේ තීක්ෂණ බැල්මකින්.

"ඈතට වෙලා කතා කරන්න.මට කන් ඇහෙනවා..."

සාරංගට කට කොණකින් සිනහවක් නැඟුනෙන් අහිංසා කළේ රවලා බැලුව එක.

"කතා කරමු.හැබැයි මෙතන නෙමේ.යමු පහළට.."

"මම එන්නෙ නෑ..කියන දෙයක් මෙතනට වෙලා කියන්න"

සරදම් සිනාවක් මවා ගත් සාරංග කාමරය පුරා බැල්මක් හෙලා අහිංසාගේ දෙනෙත් දෙස බැලුවේ මුව අගින් හිනාවක් පෙන්නලා.

"ඔයා කැමති නම් ඉතින්...මෙතන වඩාත් සුදුසුයි..."

"ඒ පාර විහිලුවක් උනාද මාව?"

නැවත දෙනෙත් කඳුලින් පුරවාගත් අහිංසා වේදනාත්මක හඬින් අහද්දී සාරංග හැදුවේ නැවත වරක් ඇගේ කඳුලු පිහදන්න.ඒත් මෙවර ඇය ඔහුට ඉඩ දී බලා සිටියා.මහපට ඇඟිල්ලෙන් ඇගේ කඳුලු බිඳු පිස දැමූ සාරංග තමන් දෙසම බලා සිටින අහිංසාගේ දෙනෙත් දිහාම බලන් උන්නේ ඇයවත් කොහේදෝ ලොවක අතරමං කරවලා.

"මං ආදරෙයි අහිංසා..වෙනසක් නැතුවම ආදරෙයි"

සාරංග කෙඳිරුමක් පරිද්දෙන් මුමුණද්දී අහිංසා දෙනෙත් වසාගත්තේ ඒ වදන් දරාගන්න බැරිව.අවුරුද්දක් පුරාවටම අහන් ඉන්න බලාපොරොත්තු වුනු වචන නැවත වරක් ඇසේවි යැයි ඇය හිතුවේ නැහැ.පෙරුම් පිරූ දේ නැවත වරක් සවනත වැකෙද්දී අහිංසා දෙනෙත් විවර කරමින් සාරංග දෙස නැවත වරක් බැලුවේ යමක් සිහියට ආව නිසා.

"ඔයා එදා..ග්‍රෙගරියෙදි කිව්වා..මට ආදරේ කෙරුව සාරංගව මට නැති වුනා කියලා..."

සාරංගට සිනාවක් ගියේ ඇගේ මතකය ඒ අයුරින්ම තියෙනවා දැකලා.කිසිම වෙනසක් නොමැතිව ඇයට හැම වචනයක්ම මතකයි.

"ඔව්..ඒ සාරංගව නැති වුනා.ඒ උන්නේ ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්...දැන් මේ ඉන්නේ ඔයාගේ ෆියුචර් හස්බන්ඩ්"

අහිංසාගේ අතක් මිට මෙලවුනේ ඔහුගේ එවදන් වලට තමා හැඬූ අයුරු සිහි වෙලා.එසේ නම් ඔහු කර ඇත්තේ තමාව අපූරු ප්‍රහේලිකාවක පටලවපු එක.

"එතකොට ආදරේ කෙරුව කෙල්ලව අන්තිම පාරට ඉඹින්න ඕනේ කියලා මාව ඒ ඉම්ඹේ අන්තිම පාරට නෙමේද?"

එවර අහිංසා තරමක් ආවේගයෙන් කතා කළත් සාරංග ඒ කේන්තිය ගණන් නොගෙන ඉන්න උත්සාහා කළා.

"ඒ කතාවෙත් වැරැද්දක් නෑ.එදා ඒ මම අහිංසා හේශධී සූරියබණ්ඩාරව කිස් කරපු අන්තිම වතාව..ඊළඟ පාර ඉඳන් මම කිස් කරන්නේ අහිංසා හේශධී තෙන්නකෝන්ව..."

ඔහුට නම් කිසිම වගක් නෑ.එදා ඒ වචන වලින් තමාව පුච්චලා දැම්ම සාරංගට සිය වේදනාව ගැන කිසිදු තැකීමක් නෑ.හිතේ දුක යටපත් වෙමින් සියුම් කේන්තියක් ඇගේ හිතේ බුර බුරා නැඟෙන්නට වුනා.

"එහෙමද??එතකොට..තව...මාව දවසක නොමරා මරනවාමයි කිව්වේ මොකක්ද?"

"එදා කියපුවා අකුරක් නෑරම ඔක්කොම මතකද අහිංසා??පුදුම කෙල්ලෙක්නේ"

"අහපු දේට උත්තර දෙනවා..."

ඇඟිල්ලකුත් දිගු කරමින් අහිංසා තර්ජනය කරද්දී සාරංග පෙර තිබූ පරතරයත් නැති කර දැමුවේ ඇගේ ඉණ වටා අත යවා ඇයව සිය ගතටම තද කරගෙන.ඇගේ සවනතට බර වූ සාරංගගේ හුස්ම පොදට මුලු ගතම ඇකිලී ගියත් ඔහුව නොඅල්ලා ඉන්න ඇය පරිස්සම් වුනා.

"ඒක කරන හැටි මැරි කරලම පෙන්නන්නම්..."

මුලු ගතේම හිරි ගඩු නැංවෙද්දි අහිංසා දෙතොල් එකට තද කරගෙන සිය හැඟීම් වලට වාරණ දමාගත්තේ ඔහු දකින්නට පෙර.ඔහු ඉදිරියේ සසැලී ගිය බව පෙන්වන්නට අකැමැත්තක් ඇය තුල වූයේ ඔහු තමාට රිදවපු නිසාමයි.හෙමිහිට සිය මුහුණට නැඹුරුව නැවත වරක් සිය දෙතොල් ආක්‍රමණය කිරීමට මාන බලන සාරංග දෙස බැලූ අහිංසා එක්වරම ඔහුගේ කම්මුලට පහරක් එල්ල කළා.පියවි සිහියට ගැස්සිලා මෙන් ආව සාරංග කම්මුලට අතත් තියාගෙන අහිංසා දිහා බැලුවේ පුදුමයෙන්.

"ඒ ඇයි ගැ..."

ඔහුට එය අසන්නට හැකි වූයේ නැහැ.තවත් පහරක් ඔහුගේ අනිත් කම්මුලට එල්ල කළ අහිංසා දිහා සාරංග දිහා බැලුවේ රවලා වගේ.ඒ පාරවල් හයියෙන් එල්ල කල ඒවා නොවූවද ඇය එලෙසින්වත් තමාට ගසාවි යැයි ඔහු හිතුවේ නෑ.

"හැබැයි මට කියලා පාඩමක් ඉගෙන ගන්න තමා ඔය දඟලන්නේ"

"ඇයි ඔයා මගෙ ටීචර්ද මට ඔය හැටි පාඩම් උගන්නන්නේ?"

"තමුසෙට ගොඩක් දේවල් කියලා දුන්නේ මම තමා..ඉස්සරහටත් මම තමා තමුසෙගෙ ගුරා..හැමදේකදිම...එතකොට තමුසෙ මගෙ ගෝලයා..වන් ඇන්ඩ් ඔන්ලි ස්ටුඩන්ට්..."

ඔහුගේ වචන නම් තමාව අල්ලාගැනීමට එලන දැලක් වගේ.බැල්මෙහි පවා වචන වල කියූ අදහස ඕනාවටත් වඩා ලියවිලා තිබුනා.නමුත් ඒ බැල්මත් හේදිලා ගියේ අහිංසා තව පාරක් ඔහුගේ කම්මුල මතට අතහරිද්දී.

"ආව්.. ඒක නම් රිදුනා..තමුසෙට මම..."

ඇගේ ගෙල පිටුපසින් තදින් අල්ලාගත් සාරංග ඒ මුහුණ සිය මුහුණ අද්දරටම ඇදලා ගත්තේ එක අතකින් ඇගේ සුරත තදින් අල්ලාගෙන.නිදහස් අතින් සාරංගගේ අත් බාහුවක් තද කර අල්ලාගත් අහිංසා සාරංගගේ දෙනෙත් සමඟ යුධ ප්‍රකාෂ කරමින් සිටියා.අහිංසාගේ මුලු මුහුණම සියුම්ව පරීක්ශා කරමින් සිය හැඟීම් පාලනයක යෙදුනු සාරංගට තවත් සිය සිතට සීමා දමාගන්න නොහැකි බවක් වැටහෙද්දී ඔහු හැදුවේ එදා මෙන්ම ඇගේ දෙතොල් චුම්භනයෙන් මත් වෙන්න.ඒත් අහිංසාගෙන් එයට ඉඩක් නොලැබුනේ ඇය ඔහුගේ දෙතොලට ඉහලින් වූ පනාවෙන් ලද පහර නිසා රතු වූ තැන සිපගද්දී.හිතේ ආවේගයට පනාව විසි කළද ඔහුගේ මුහුණටම එය වදීවි කියලා අහිංසා හිතුවේ නැහැ.දෙතොල් අල්ලාගැනීමට ඉඩ නොදී රිදවූ කම්මුල් පවා සෙමින් සිපගන්නා අහිංසාට ඉඩ දී සාරංග සිටියේ නොඉවසිල්ලෙන්.නිමේශයකින් ඇගේ මුහුණ අල්ලා බලෙන්ම තමන් දෙසට හරවාගත් සාරංග ඇගේ දෙතොලට නැමෙද්දිම අහිංසා සිය අතකින් ඔහුගේ මුව වසා දැමුවා.

"ඒ ටිකට ඔය මෝඩ මොලේට අමතක වුනාද එදා වැව ගාවදී කියපුවා??පොර ටෝක් එකක්නේ දුන්නේ එදා නේද?අහිංසා සූරියබණ්ඩාරවයි ඒ අන්තිමට කිස් කළේ කිව්වනේ..අහිංසා තෙන්නකෝන්ව ලබාගන්න නම් මහත්තයට තව කට්ට කන්න වෙයි...මට රිද්දපුවට මා ගාව වෙන දෙන්න දඬුවමක් නෑ..බඳිනකන්ම ඉවසගෙන ඉන්න.අතකින්වත් අල්ලන්න තහනම්...බැන්ඳට පස්සෙත් මට රිද්දපුවා මතක් කර කරම ඔය කන් දෙක බීරි කරවනවා මං...කිව්වොත් කිව්වා.."

සිය අත පසෙකට කළ අහිංසා කට කොණකින් සිනහවක් පෙන්වා ඔහුව පසෙකට කළේ දෑතින්ම තල්ලු කරලා.'ඒකත් එහෙමද' වැනි බැල්මක් හෙලමින් සාරංග ඉණට දෑත් තබාගෙන බලා ඉද්දි අහිංසා ඔහුට ගස්සගෙනම කාමරයෙන් ඉවතට ගියේ යාමට පෙර ඔහුට සරදම් බැල්මක් හෙලලා.නිකටෙහි වූ රැවුල් ගස් කීපයක් අතින් ඇදගෙන ඔහු ඇගේ හැසිරීම සිහිපත් කළේ නොඉවසුම්ව.

"මේකිත් එක්ක වසන්න ලේසි වෙන්නෙ නැහැ.."

තමන්ටම මුමුණා ගත් සාරංග සාක්කුවේ වූ තෑග්ගද අතට ගෙන බැලුවේ එය දීමට ගියොත් තවත් ගුටියක් කන්න වෙනවා කියලා දැනගෙන.

........💜️........ RITHU SAKURA .......💜️........

"අම්මට හුඩූ..පෙන්නපන් මූණ පොඩ්ඩක්.."

දිවා ආහාරයත් රැගෙන අවසන්ව කේශව, මාධව හා මතීශ සමඟින් ගෙවත්තේ කෙළවරක සිටි සාරංගගේ මුහුණේ වූ රතු පැල්ලම දැක කේශව කෑ ගැහුවේ හයියෙන්.

"එපා යකෝ..රිදෙනවා.."

සාරංග කේශවගේ අත වැරෙන් ඉවතට දැම්මේ සිය මුහුණ සඟවගෙන.

"දැන්නේ යකෝ ඒක දැක්කේ...අපේ එකී කීයක් දීලවත් කරගන්න බැරි වැඩක් කළේ..හොඳ වැඩ තොට බ%&#"

කේශවගේ ගෙල වට අතක් යවා තද කර අල්ලමින් කේශව පවසන්නේ සාරංගට පාරක් දෙකක් ගහන්න උවමනාවක් හිතේ තියෙද්දි.මාධව නම් සිටියේ දෑත් බැඳන් මේ දෙදෙනා දෙස බලාගෙන.අහිංසාගේ කේන්තිය ගැන නොරිස්සුමක් නොවූවද ඇය සාරංග නිසා නැවත සතුටින් සිටින එකට ගැන නම් මාධව සිටියේ සැනසීමෙන්.ඇය ගැන දැන් බයක් නැහැ.සාරංග ගැන මාධව ඕනාවටත් වඩා දැනගෙන උන්නා.නිතරම සිනහවෙන් සිටින හරිම සරල තරුණයෙක් වූ ඔහු සිය එකම නැඟණියට හැම අතින්ම ගැලපෙන බව මාධව තේරුම් ගත්තේ බොහෝ කාලෙකට කලින්.නමුත් දෙදෙනා අතර සහෝදර බැඳීමකට වඩා යමක් නොතිබුණෙන් ඔහු ඒ පස්සේ පැන්නුවේ නැහැ.ඒත් අන්තිමට සිදු වූයේ ඔහු හිතුව දෙයමයි.

"අරකි කම්මුලටත් ගැහුවා යකෝ..උඹලා කොහොම නංගියෙක්ද හදලා තියෙන්නේ?"

"අපි හැදුව එකී නම් අහිංසකයි මල්ලි.උඹ තමා වඩිග පටුන නටන්න ගිහින් වැඩේ දෙල් කරගත්තේ..දැන් ඉතින් ඉවසා දරාගනින්.."

මාධව කිව්වේ ඔවුන් දෙස බලමින් වෙනත් කෙළවරක මිහිරානි සමඟ කතා කරමින් සිටින අහිංසා දිහාටත් බැල්මක් හෙලමින්.කේන්තියක් පෙන්නුවද ඇගේ දෙනෙතෙහි දීප්තිය මාධවට නම් හොඳටම දැනුනා.

"දුව මට සමාව දෙනවා නේද?"

මිහිරානි මේ එය ඇසුවේ දහ වෙනි වතාවටද කොහෙද.අහිංසා සමඟ කතා කරන්න ලැබුනු මොහොතේ පටන් ඇය කළේම සමාව ඇයදපු එක.

"අම්මා දැන් ඕක කී පාරක් නම් ඇහුවද?මට දෙන්න තියෙන්නේ එකම උත්තරේ..සමාව ඉල්ලන්න අම්මා වරදක් කළේ නෑ.අම්මා කළේ හැමෝම ගැන හිතුව එක.හැමෝගෙම සතුට ගැන හිතුව එක..මාත් කලේ ඒක...ඒ හැමදේම අමතක කරමුකෝ..හැබැයි අම්මගේ පුතා කෙරුව වැඩේ නම් මම දැන්ම අමතක කරන්නෙ නෑ.."

මිහිරානිට හිනාවක් නැඟුනේ අහිංසා මූණ බෙරි කරන් එය පැවසූ ආකාරයට.

"කරන්න හදන්නත් එපා.ඔය කොල්ලා මට කෝල් එකක්වත් ගන්න දුන්නේ නෑ ඔයාට..ඔහොම තව ටිකක් උන්නදෙන් කිය කියම වද දුන්නා.මට නම් දුකක් නෑ පොඩ්ඩක් ගුටියක් කෑවට.අර අයියලා දෙන්නගෙන් තමා හරි නම් හොඳම ගුටිය කන්න ඕනේ.."

මිහිරානිත් අහිංසාගේ පැත්ත ගෙන කතා කරද්දි අහිංසාට දැනුනේ අමුතුම තෘප්තියක්.සිය සහෝදරයන්‍ට මැදිව කතා බහේ සිටින සාරංග දෙස ඇය බැලුවේ ආදරයෙන්.ඇය බලන් සිටිනවා බව දැනී මෙන් ඔහුත් එදෙස බලද්දී අහිංසා ගස්සා අහක බලාගත්තේ සාරංගගේ මුවේ හිනාවක් ඇදෙද්දී.

"අම්මේ..මට ශාදි ගැන දැනගන්න ඕනේ..එයා කසාඳ බැන්ඳේ කාවද?ඇයි සාරංග අයියා ඒ දරුවව තමන්ගේ වගේ බලාගන්නේ?"

මිහිරානි ඔය ප්‍රශ්ණය බලාපොරොත්තුවෙන් සිටියා.ඒත් එයට උත්තර දෙන්න තමාට වඩා සාරංගට පුලුවන් බව ඇය විශ්වාස කළා.

"ඒක දුව සාරංගගෙන්ම අහන්න..එයා ගාව ඒකට උත්තරේ තියෙනවා..යන්න..දෙන්නා කතා කරන්න..රණ්ඩු කළාට කතා නොකර ඉන්න බෑනේ..මොනාටත් කලින් ඔය හිත් වල සැකය අයින් කරගන්න ඕනේ.."

මිහිරානි පැවසූ නිසාම සාරංගගෙන්ම හැමදේම දැනගත යුතු බව සිතූ අහිංසා හිස සලා නැඟිට්ටා.මිහිරානිත් නිවස තුළට යද්දී අහිංසා පියමං කළේ තරුණයන් සිටිනා දෙසට.

"අන්න එනවා මල්ලි.තව ගුටියක් කාලා වරෙන්..උඹේ මෑණියොත් මොකක් හරි ගුලියක් අඹරලා වගේ එවලා තියෙන්නේ"

මතීශ අහිංසා දෙස බලා පවසද්දි අනිත් දෙදෙනාත් අහිංසා දිහා බැලුවේ ඇය තියුණුව ඔවුන් දෙස බලාගෙන එද්දී.

"අපි කැපෙමු..උඹ තනියම විසඳගනින්.."

මතීශ දෙසොහොයුරන්ව බලෙන්ම මෙන් එක්කන් යද්දී කේශව අමුතු හිනාවක් අහිංසාට පෑවත් ඇය කළේ රැව්ව එක.මේ ගොනාට ඇන්ඳිල්ලට ඔවුන් දෙදෙනාත් හවුල්.ඒකමයි ඇය කේශවට රැව්වේ.

"දෙන්නවම බලාගන්නම්.."

"අනේ පල.."

අහිංසාට ටොක්කක් ඇන කේශව නිවස දෙසට අඩිය තබද්දී මාධව නම් කලේ ඇගේ හිස අතගෑව එක.ඇය කවදාවත් නැතිව ඔහුටත් රැව්වා.

"අරූගේ අතපය අඹරවන්නේ නැතිව කතා කරනවා..මොනා උනත් ඔයාගේ වෙන්න ඉන්න මනුස්සයා ඒ.."

"තරහයි ලොකු අයියේ මං.."

මාධවට හිනාවක් නැඟුනේ ඇය කිව්ව තාලෙට.

"තරහා වෙලා ඉඳීවි කියලා තමා බය..යනවා අතනට..පිස්සි.."

මාධව සමඟ කොපමණ තරහ ගන්න හැදුවද ඇයට ඒ දේ කරන්න බෑ.ඔහුත් ඇගේ පියා වගේ.ඔවුන් සියල්ලම පිටත්ව ගිය පසු ගෙවත්තේ ඉතුරු වූයේ සාරංගයි අහිංසායි පමණයි.දෙනෙත් වලින් ඉඟි කරමින් අහිංසා පියමං කලේ ගෙවතු බංකුවක් වෙතට.සාරංගත් ඇය පසුපසින් ගොස් ඇය වාඩි වූ තැනට එහා පසින් වාඩි වුනා.දෙදෙනාම බලන් සිටියේ ගෙවත්තේ ඒ කෙළවරට පේන කඳු වලල්ල දිහා.

"ශාදිගෙ බබාගේ තාත්තා කවුද?"

වැල්වටාරම් නොඅසා අහිංසා කෙලින්ම මාතෘකාවට බැස්සා.සාරංගටත් ශාදි ගැන හංඟන්න දෙයක් තිබුනේ නෑ.

"වරංග.."

සාරංග පවසද්දී අහිංසා මඳකට කල්පනා කලේ ඒ කවුද කියලා.

"වරංග අබේනායක.මතකද?ඌත් ෆොටෝග්‍රැෆර් කෙනෙක්.."

අහිංසාට ඔහුව මතක් වූයේ එවිටයි.

"ආ..ඔව්..මතක්උනා.ඒත් ඒ දෙන්නා කොහොමද හම්බුනේ?"

"අපි ශාදිව ඉන්ට්‍රඩියුස් කරලා දුන්නට පස්සේ එයාට තැන් තැන් වලින් ඉන්විටේශන් ආවානේ.ඒකෙන් එක්කෙනෙක් තමා වරංග කියන්නේ.මට ශාදි ඔය ගැන කිව්වම මම එයාට වෝන් කළා වරංගව අතේ දුරින් ආශ්‍රය කරන්න කියලා.මොකද ඌ එච්චර හොඳ එකෙක් නෙමේ.."

"ඉතින්..."

"ඉතින්...දන්නෙම නැතුව දෙන්නම දුර ගිහින්.ඒ දවස් වල තමා තමුසෙ පිස්සු නටන්න ගත්තේ.."

ඒ කතාවට අහිංසා බිම බලාගත්තා.

"ශාදි ගැන හොයන්න මට කොහොමත් උවමනාවක් තිබ්බේ නෑ.ඒ දවස් වල හිටපු තත්වෙ එක්ක මට එයාව අමතක වෙලා තිබුනේ..තමුසෙ රට ගිය දවසෙ තමා එයා යෝජනාව කැන්සල් වෙලා මුලින්ම මට කෝල් කලේ..එදා...තමා මම දැනගත්තේ ශාදි වරංග නිසා ප්‍රෙග්නන්ට් වෙලා කියලා"

අහිංසාගේ මුවින් හුස්මක් ඉහළට ඇද්දේ එය විශ්වාස කරන්න බැරිව.ශාදි එතරම්ම මෝඩ වෙයි කියලා ඇය හිතුවේ නෑ.

"මම එදා ඒකිගෙ අම්මා අප්පා මතක් කරල සුද්ද සිංහලෙන් බැන්නේ..එදා මට ශාදි කතා කලෙත් වරංගව කන්ටැක්ට් කරවලා දෙන්න කියන්න.මොකද ශාදි ප්‍රෙග්නන්ට් කියලා දැනගෙන ඌ ෆෝන් එකත් ඕෆ් කරන්.සමහරවිට සිම් එක අයින් කරන්න ඇති..."

අහිංසාට එවර නම් ශාදි ගැන දැනුනේ දුකක්.ඇගේ හිතේ හීන කොච්චරක් නම් තිබුනද?ඒ හැම එකම එක හැඟීමකට වහල් වී නැති වෙලා ගිහින්.

"මම ඌව හොයන්න ලංකාවම පීරුවේ නැති ටික විතරයි.අලුතින් ෆීල්ඩ් එකට එන කෙල්ලන්ට ඌ ඔය වගේ දෙයක් කෙරුව පලවෙනි වතාව ඕක නෙමේ.හැබැයි වැඩේ පත්තු වුනේ ශාදිගෙන්.ඌ හිතන්නෙ නැතුව ඇති ශාදි ප්‍රෙග්නන්ට් වෙයි කියලා.කොහොමහරි ශාදි ගැන ගෙදරින් දැනගෙන දීපා ආන්ටි ශාදිට ගහලත් තිබ්බා.එයාලා එක්ක ඉන්න බෑ කියලා ශාදි ගෙදරින් ගිහින් යාලුවෙක් ගාව ඉඳලත් තියෙනවා.ඒත් මට අහක බලන් ඉන්න බැරි වුනා අහිංසා.අම්මටත් දුක හිතුනා ශාදි ගැන.ඒ නිසා අපිම කුලිය ගෙවලා එයාව බෝඩිම් ගෙදරක නතර කෙරෙව්වා.ඒ ගෙදර ඉන්නේ තව ගෑනු කෙනෙක් විතරයි.අම්මා අඳුනන කෙනෙක්.දීපා ආන්ටි නිකමටවත් ශාදි ගැන හෙව්වේ නෑ.දවසක් දෙකක්ම අපේ අම්මටත් කෝල් කරලා බැනලා තිබ්බා.."

"පුදුම මනුස්සයෙක්නේ..."

අහිංසා කිව්වේ අදහගන්න බැරිව.

"එහෙම තමා තමන්ගේ අරමුණු වෙනුවෙන් දරුවෝ පාවිච්චි කළාම වෙන්නේ.ඒ අරමුණු වලට දරුවෝ එයාලව එක්කගෙන නොගියාම අම්මාලට ඒ තමන්ගේ දරුවෙක් කියන එකත් අමතක වෙනවා...දීපා ආන්ටි එක අතකින් මාවත් තුරුම්පුවට තියාගත්තේ සල්ලි නිසා...කොහොමහරි ශාදිගෙ බඩට මාස පහක් විතර වෙනකොට වගේ මට වරංගව හොයාගන්න පුලුවන් වුනා.ඌ මගෙන් ගුටි නොකෑවට කේශ්ගෙන් නම් අත පුරෝලා පාරක් කෑවා.."

"අපේ පොඩි අයියා...???එයා වරංගට ගැහුවද?"

දෙනෙත් විසල් කරගෙන අහිංසා ඇහුවේ කේශව එයට මැදිහත් වේවි යැයි නොහිතුනු නිසා.

"ඔව්..ඌ තමා ගොඩක්ම කට්ට කෑවේ මාත් එක්ක වරංගයව හොයන්න.අන්තිමට බේරිල්ලක් නෑ කියලා දැනගෙන ශාදිව මැරි කරන්න ඌ කැමති වුනා.හැබැයි එතකොටත් ඌට මැරි කරන්න කෙල්ලෙක් උන්නා.ඒකිව අතාරින්න බෑ කියලා මූ වැන්ඳේ නැති ටික විතරයි.ශාදිත් ඒක දැනගත්තේ එතකොට..ඒත් දරුවා වෙනුවෙන් ශාදි ඌව කසාඳ බැන්ඳා.හැබැයි ආයේ මලත් වරංගව එපා කිව්වා..ඌටත් ඕන උනේ ඒකෙන් ගැලවෙන්න නිසා අවුලක් තිබ්බේ නෑ..ඊළඟ අවුරුද්දේ ඌ මැරි කරනවා..ඒ නිසා ඌ එවලා තිබ්බ ඩිවෝස් පේපර්ස් වලට ශාදි ලඟදි සයින් කළා.වන්දිත් එපා කිව්වා..දැන් කෙල්ල හැම තැනම ජොබ් හොයනවා.ඒ යද්දි දරුවව අපේ දිහා තියලා යන්නේ.සතියට දෙපාරක් විතර අපිත් එක්ක ඉන්නේ...එතකන් මගෙ වියදමින් හැමදේම වුනේ..ඒකයි අදටත් කියන්නේ ඒ පොඩි එකීගේ තාත්තා මම කියලා..ඒත් ඒ ඔයා හිතන විදියකට නෙමේ අහිංසා..මොනා උනත් ශාදි හිත හොඳ කෙල්ලෙක්...මට අහක බලන්න හිත දුන්නේ නැහැ.."

සාරංග කුඩා බිළිඳිය ගැන ඇති වූ අනුකම්පාවෙන් පවසද්දී අහිංසා බලන් හිටියේ ඔහුගේ උවන දිහාමයි.ඔහු පොඩ්ඩක් දඩබ්බරගති පෙන්නන්න හැදුවට ඒ හිත තුල ඉන්නේ හරිම සංවේදි මනුස්සයෙක්.ඔහු ගැන වූ ආදරය මහා වෘක්ශයක්ව ලියලා වැඩෙද්දී අහිංසා හිමීට ඔහු අසලට රූට්ටා ගොස් ඔහුගේ උරපත්ත මතින් හිස තියාගත්තේ මීට පැයකට පමණ පෙර ඔහුට කළ තර්ජනත් අමතක කරලා.ඇගේ පහසට හිතම නිවෙනවා මෙන් දැනුනු සාරංග දෙනෙත් වසා හුස්මක් පිට කළා.

"අහිංසා..."

"ම්ම්ම්..."

"අතින්වත් අල්ලන්න තහනම් කිව්ව නීතිය පොඩ්ඩක් ලිහිල් කරලා දෙන්න බෑද?"

මුවින් පනින්නට ගිය හිනාව වලක්වාගත් අහිංසා ඔහු දිහා නොබලාම ඒ අතක් රැගෙන සිය බඳ වටා යවාගත්තා.සාරංග යටිතොල හපාගත්තේ ඇය එලෙසින්වත් ඇයව අල්ලන්නට දේවි යැයි නොසිතූ නිසා.සිය බඳ මත තෙරපෙන ඔහුගේ අතැඟිලි වල රස්නය විඳගත් අහිංසා ඔහුගේ විසල් උරහිස මත හිස තබාගෙන දෙනෙත් වසාගත්තේ හිතේ සැනසීම උතුරා යද්දීයි.

"අර හෙප්පුව උඩින් තිබ්බ තෑග්ග මොකක්ද?"

අහිංසා ඇහුවේ එක්වරම යමක් සිහිපත් වෙලා.එය තවමත් සාරංගගේ සාක්කුවේ.

"මට පාට් එක දැම්ම නිසා මැරි කරනකන් ඒක දෙන්නේ නෑ.."

"අනේ.."

"කරන්න දෙයක් නෑ..මාත් චුට්ටක් නෙමේ ගොඩක් හිතුවක්කාරයි"

අහිංසා චුක් ගාගෙනම සාරංගගෙන් මිදුනත් ඔහු ඊළඟ තප්පරේම නැවත ඇයව තමා අසලට ඇදලා ගත්තා.

"හරි..එහෙනම් ඔයාගේ සැලෝන් එක ඕපන් කරන දවසට ගිෆ්ට් කරන්නම්...එතකන් ඉවසීමෙන් බලන් ඉන්න.."

නමුත් අහිංසා පුදුමයෙන් බලන් උන්නේ ඔහු සැලෝන් එක ගැන කිව්ව නිසා.මේ වනතුරු මාධව හැර වෙන කිසිවෙක් ඒ ගැන දන්නේ නැහැ.

"ඔයා කොහොමද...සැලෝන් එක ගැන...දන්නේ"?

"මොනාද නොදන්නේ කියලා අහනවා අහිංසා..ගොඩක් දේවල් දන්නවා..මේ කොණ්ඩෙ අගිස්ස මීට කලින් කලර් කළේ තද රෝස පාටකින් නේද??ලංකාවට එන්න කලින් ආයේ කලර් එක වෙනස් කළා..එතකොට ගෙදර ඉන්න වෙලාවට වරු ගණන් මගෙ ෆොටෝස් දිහා හොරෙන් බලන් ඉන්නවා..කවදාවත් කෑම මඟ නොඇරපු කෙල්ල කෑමත් ඉතුරු කරලා මඟින් නැඟිටලා යනවා..තව...ඉතුරු කරගත්ත සල්ලි වලින් මට කැමරාවක් ගන්න ට්‍රයි කළා කියන්නත් මම දන්නවා"

මුවත් බාගෙට විවර කරගෙන අහිංසා බලන් ඉන්නැද්දි සාරංග හිනාවකින්ම ඇගේ තොල්පට ඇඟිලි තුඩගින් අල්ලා වසා දැමුවා.

"මතීශ අයියද...මේ හැමදේම කිව්වේ?"

"මතීශයා,මාධවයා ම්ම්ම් තව චානුගේ අම්මා තාත්තා...මට ඩේලි නිව්ස් රිපෝට් එක කෝල් එකක් ගත්තම කියනවා...මතීශයගේ ෆෝන් එකේ බැට්‍රි ඩෙඩ් වෙනකන් මම වීඩියෝ කෝල් අරන් තමුසෙ දිහා බලන් ඉඳලා ඇති..."

සාරංග කිව්වේ අහිංසා කම්මුලක් හිමීට මිරිකමින්.

"අසාධාරණයි..ඔයා මාව දැකලා.මගෙ කටහඬ අහලා..ඒත්...මගෙ මැසේජ් එකකටවත් රිප්ලයි නැතුව මම තනියම විඳවලා..මට තව කම්මුල් පාරක් දෙන්න හිතෙනවා ඒ කරපු වැඩේට..."

අහිංසා කිව්වේ ඇත්තටම ඔහුගේ කම්මුල දෙසට අතක් දිගුකරලා.ඒත් ඒ අත අල්ලාගෙන සාරංග සියුම් සිපුමක් ඒ අල්ල මතින් තැබුවේ සමාව අයදින බැල්මක් ඇය වෙතට හෙලලා.

"ළඟට ගන්න බැරිව මාත් විඳෙව්වා..නැතුව නෙමේ..ඒත් ඉගෙන ගන්න කෙල්ලට ඉගෙන ගන්න දීපන් කියලා මම ඉවසගෙන උන්නා.නැත්තම් මම දන්නවා මඟින් හැමදේම නතර කරලා තමුසෙ මෙහෙ එන්න දඟලනවා කියලා..."

ඉතින් අහිංසාට කිසිවක් පවසන්න දෙයක් තිබ්බේ නෑ.සියුම් නොරිස්සුමක් හිතේ තිබුනද ඇය එය සඟවාගත්තේ ඔහු ඒ අවුරුද්ද පුරාවටම තමන් ගැන සොයා බැලූ බව දැනගැනීමෙන් ඇති වූ සැනසීමට.ඒත් සාරංගට එහෙමත් ලේසියෙන් සමාව දෙයිද මේ හිතුවක්කාරී?

-මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හිතුවක්කාරී සමාව දෙයිද ඇත්තටම?

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

1.5M 111K 42
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
10.9K 1.8K 32
හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩක්...❤️ හුස්ම නැවතුනත් පණ ගැහෙන ආදරයක්...
4.5M 283K 105
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
1.7K 256 7
මිස්ටර් රුද්‍රාක්ශ ප්‍රතාප් ගජේන්ද්‍රනාත් ! " දන්නව ද මම කියවන පොතක තිබ්බේ සරීන් කියන්නේ nerve gas එකක් කියලා. විනාඩි දහයකින් වගේ මනුස්සයෙක් මරන්න පු...