සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

64.3K 6K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

82

730 65 1
By Rithu_Sakura

සන්තානේ-දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️82 කොටස💜️

නුවර එළියේ සිට නැවත බදුල්ලට ආවේ වෙනම ම අහිංසා කෙනෙක්.ඇගේ හිත මියැදෙමින් තිබෙන බවක් අහිංසාට දැනුනා.අවසන් වතාවට සාරංග සමඟ බෙදාගත් ඒ සිපගැනීම මහ දරුණු පලිගැනීමක් කියලා අහිංසාට හිතුනේ ඔහු ගැන කල්පනා කරනකොටයි.ඔහු ශාදි හා දරුවා සමඟ ගෙවන ජීවිතයට මුලු හිතින්ම ආශීර්වාද කිරීමට හිතාගත් අහිංසා වෙන්නට තියෙන දෙයට වෙන්නට ඉඩ හැරියේ වදනකින්වත් විරුද්ධ නොවී.

යෝජනාව අයින් කරගත්තා කීවාට මිහිරානි මුතූ වෙනුවෙන් නැවත ඒ යෝජනාවට කැමති වෙන්න ඇති.සාරංගත් ඒ නිසාම ඒකට කැමති වෙන්න ඇති.ශාදි නරක කෙල්ලෙක් නෙමේ.ඇයත් සාරංගට ආදරේ කරනවා.ඒ නිසා ඔවුන් දැන් සතුටින් ඉන්නවා ඇති.නිවැසියන් ඒ ගැන කිසිවක් නොකිව්වේ තමා හිත රිදවගන්න නිසා වෙන්න ඇති.අහිංසා අන්තිමට තමන්ගේම උපකල්පන හා නිගමනයන්ට ඇවිත් හිත හදාගත්තේ එහෙම.

ඉතින් කවදාකවත් විවාහ නොවී සිටින්නට ඇය දැඩි තීරණයක් අරන් තිබුනා.අවුරුද්දකටත් වඩා අඩු කාලයක් පැවතුණු ප්‍රේම සම්බන්ධතාවය ඇයගේ මුලු ජීවිතේටම බලපාලා තිබුනා.සාරංග සමඟ ආදරයෙන් වෙලුනේ කුඩා කාලයකට වූවත් ඇය ඔහුව හඳුනන්නේ වසර ගාණක ඉඳන්.ඉතින් ඇයට ඒ සම්බන්ධය ඉතාම ගැඹුරු එකක් වූයේ නිරායාසයෙන්මයි.

දින කීපයකට පසු මාධව හා විහාරා නැවත ඔවුන්ගේ නිවසට ගියේ අහිංසාගේ විශේෂ දිනයේ නැවත පැමිණෙන බලාපොරොත්තුවෙන්.ඒත් බලාපොරොත්තු නැතිව උන්නේ අහිංසා විතරමයිද කොහෙද.වෙනදා මෙන් නිවසේ ඇය සිටින බවක්වත් නොදැනෙන තරමට ඇය නිහඬ වෙද්දී ගිරිරාජ් ඉක්මන් වුනේ ඇගේ ජීවිතයේ තීරණාත්මකම දිනය සඳහා සූදානම් වෙමින්.චාන්‍යා සහ චෙතෝද් සමඟවත් වෙනදා මෙන් කතාවට නොයා අහිංසා දවස ගත කලේ කාමරය තුළමයි.නුවර එළියට ගිහින් ආ පසු ගමනේ ඇයගේ මේ වෙනස චාන්‍යාට හොඳටම දැනුනා.සාරංග සමඟත් ඇය අමනාප වූයේ ඒ ගැන කතා කරන්න ගිහින්.ඇගේ මේ නිහඬබව ඉවසන්න බැරි තරම් පාලුවක් ගෙන ආ තැන චාන්‍යා චෙතෝද්වත් රැගෙන උඩුමහලට නැඟුනේ අහිංසා සමඟ කතා කිරීමේ අරමුණින්.අගුලු දමා නොතිබූ දොර විවර කරගෙනම චාන්‍යා යද්දී අහිංසා හිසේ සිට පාදාන්තය දක්වාම පොරවගෙන උන්නේ චාන්‍යාට හිනාවක් යද්දී.ඇගේ මේ පුරුද්ද තවමත් නැති වෙලා නෑ.

"මේ මහ දවල් ඔහොම පොරෝගෙන නිදාගන්නවද ආ??ආව ගමන්ම දැක්කේ මැරිච්ච මනුස්සයෙක්ව පොරවලා වගේ"

චෙතෝද්ව අහිංසා අසලින් වාඩි කරවගෙන චාන්‍යාත් වාඩි වෙන ගමන් කිව්වේ ඇගේ මුහුණෙන් පොරවනය පසෙකට කරමින්.දෙනෙත් වසාගෙන සිටි අහිංසා ඒවා විවර කරන්නට මහන්සි වුනේ නෑ.

"නිදි නෑ නේද?"

චාන්‍යා ඇසුවේ ඇගේ අතකින් සොලවමින්.කිසිවක් නොදන්න පුංචි චෙතෝද් නම් සිය නැන්දාගේ ඇඳ ඇතිරිල්ල සමඟ වෙනම සෙල්ලමක.

"මැරිච්ච මිනිහෙකුගෙයි මගෙයි වෙනස මොකක්ද චානු?"

අහිංසා කිව්වේ තප්පර කීපයකට පස්සේ.හිමීට සිය මලානික දෙනෙත් විවර කළ ඇය චාන්‍යා දිහා බැල්මක් හෙලා කෙලින් වූයේ චෙතෝද්ව සිය කුස මතින් තබාගෙන.

"චූටි සංකුට්ටා මගේ..නැන්දි නැතුව පාලුයිද??අම්මිට යන්න කියන්න..මැණික නැන්දි එක්ක කාමරේට වෙලා කෝලම් කර කර ඉමු"

දැඟිලි සියල්ල මුවේ රුවාගන්නට තනන කුඩා පුතුව නලවමින් අහිංසා කියද්දී චාන්‍යා ඇය දෙසට රැවුමක් පා කළා.

"හැංඟිලා හිටියම ඔක්කොම හරි කියලනේ හිතන් ඉන්නේ.ඇත්තමයි මට එන තරහට අතක් පයක් අඹරවන්න හිතිලා තියෙන්නේ"

චාන්‍යා කියද්දි අහිංසා මද සිනාවකින් ඇය දිහා බැලුවා.

"කාගෙද මගෙද?"

"නෑ..අර සාරංග කියන බූරුවගේ.."

අහිංසාගේ හිනාව වියැකුනේ සාරංගගේ නම ඇහෙද්දි.චාන්‍යාගෙන් දෙනෙත් මුදවාගත් ඇය නැවත කුඩා පුතු දෙසට අවධානය යොමු කළා.

"එයා මට කිසිම වැරැද්දක් කලේ නෑනේ.මං කරලත් නෑ..අපි පටන් ගත්තේ වැරදි තැනකින්.වැරදි කෙනාගෙන්..ඒකයි වෙනස..."

කියන්න දාහක් ජාති මුවට එද්දි චාන්‍යා ඉවසගෙන උන්නේ අමාරුවෙන්.ඔහුට අවශ්‍ය දේ ඒ විදියටම වෙනතුරු මුනිවත රකින්න පොරොන්දු වූවත් චාන්‍යාට හිතුනේ එලෙසින් පොරොදු දී කරගත්තේ මෝඩකමක් කියලා.

"හා.ඕන එකක්...කොහොමත් සාරංග අයියා ගුටි කන්න ආසන්න නිසා මම මුකුත් නොකියා ඉන්නම්.."

දෙනෙත් විසල් කරගෙන අහිංසා චාන්‍යා දෙස බැලුවත් ඇය කිසිවක් අසන්න පෙර චාන්‍යා උන්නු තැනින් නැඟිට්ටා.

"මේ චණ්ඩි පැටියා එක්ක ඉන්න එහෙනම්..මට වැඩ වගයක් තියෙනවා කරගන්න.."

චෙතෝද්ව අහිංසා අසල රඳවා චාන්‍යා කාමරෙන් එළියට ගියේ කරන්න වැඩක් තිබ්බ නිසාම නෙමේ.අහිංසා මුලුගැන්විලා කාමරේටම වෙලා ඉන්න එක නතර කරන්න ඕන නිසා.දොර තිබූ විදියටම වසා දමා චාන්‍යා පඩිපෙල බහින්නට වුනේ පහළ නද දෙන ස්ථාවර දුරකථනයේ හඬට සවන් දීගෙන.තුශාරි පෙනෙන්නට නොවූයෙන් ඇය අඩිය ඉක්මන් කලේ එයට පිළිතුරු දෙන්න වූවත් නොසිතූ මොහොතක පය පැකිලුනු ඇය අවසන් අඩි කීපය මත ලෙස්සා වැටුනේ වේදනාත්මක හඬක් ඇගේ මුවින් පිට වෙද්දී.

"අහ්...අම්මා.."

පඩියක් මත ඉන්දවුනු චාන්‍යා සිය කොන්දට අත තිබ්බේ එයින් නැඟුනු කැක්කුමට.ඇය වැටුනු හඬ තුශාරිට මෙන්ම අහිංසාටද ඇහුනා.

"මගේ දෙයියනේ..චාන්‍යා නෝනා..."

කොන්දත් අල්ලගෙන වේදනාත්මක කෙඳිරිගාන චාන්‍යා ගාවට තුශාරි දුවගෙන ආවේ අහිංසාටත් හයියෙන් කතා කරගෙනමයි.

"අනේ අහිංසා නෝනා..චුට්ටක් එන්නකෝ..චාන්‍යා නෝනා ලෙස්සලා වැටුනා"

කුමක් නමුත් සිදු වී ඇති බව වැටහුනු අහිංසා චෙතෝද්වත් රැගෙන කාමරයෙන් එළියට දුවගෙන ආවා.ඒ එද්දිත් චාන්‍යා සිටියේ කොන්ද අල්ලගෙන.

"චානු..මොකද වුනේ?'

පරිස්සමට අඩි තබමින් පඩිපෙල බැසූ අහිංසා චෙතෝද්ව තුශාරි අතට දී චාන්‍යාව නැඟිට්ටවන්න හැදුවේ ඇයව වඩාත් සුරක්ෂිත තැනකට රැගෙන යාමේ අරමුණින්.

"අහ්..අනේ මට බෑ අහිංසා..කොන්ද වැදුනා..රිදෙනවා දෙයියනේ"

කඳුලු වාවාගෙන ඇය පවසද්දී අහිංසාට බයත් හිතුනා.ඇය එතරම් තදින්ම වැටිලාද?

"එහෙමයි කියලා බලන් ඉන්න පුලුවන්ද??මගෙ අතට වාරුවෙලා නැඟිටින්නකෝ..අපි සෙටියට යමු බලන්න..තුශාරි චූටියව ඔතන මැට් එකෙන් තියලා එන්නකෝ"

අහිංසාගේ අණ අනුව ක්‍රියාත්මක වූ තුශාරිද චෙතෝද් ව පසෙකින් තබා චාන්‍යාට අත් වාරුව සපයද්දී දෙදෙනාගේම සහාය ඇතිව ඇයව සෙටිය දක්වා රැගෙන ගියේ ඇය හිමීට අඬද්දි.

"මොකක්ද අහිංසා නෝනා කරන්නේ දැන්??පියල් අයියත් බයිසිකල් කබලෙන් ළඟ කඩේට ගියා.ලොකු මහත්තයත් නෑ.කේශව මහත්තයා එක්ක එද්දි හවස් වෙයි කිව්වා..කොන්ද වැදිලා නම් බලන් ඉන්න හොඳත් නෑ..තව කොහෙ වැදිලද දන්නෙත් නෑ"

දැන් චාන්‍යාට සිටින එකම පිළිසරණ තමා බව ඒත්තු ගන්වමින් තුශාරි පවසද්දී ඇය නැවත කවදාවත් නොකර සිටීමට සිතා සිටි දෙයක් කරන්න සූදානම් වුනා.

"පොඩ්ඩා එක්කම ඉන්න.අයියට කෝල් එකක් දාලා කියන්න වෙච්ච දේ.මම චානුව ........... හොස්පිටල් එකට එක්කන් යනවා.අයියට ඉක්මනට එන්න කියන්න"

පඩිපෙල නඟින අතරතුර පැවසූ අහිංසා කාමරයේ වූ සිය මුදල් පසුම්බිය සහ දුරකථනය අතට ගෙන නැවත ආවේ වේගයෙන්.සිය පියාගේ කැබ් රථයේ යතුර අතට ගත් අහිංසා තුශාරි සමඟ එකතුව ඇයව රථයට නංවා ගත්තේ ඇය වේදනාවෙන් දෙනෙත් වසාගෙන ඉද්දී.කොන්දෙන් එන වේදනාවෙන් ඇයට සිහි වූයේ සිය ප්‍රසූත වේදනාවයි.

"නංගී...අනේ...ඔයාට..පුලුවන්ද?"

"බෑ කියලා බෑ චානු..කොන්දෙට කොට්ටෙ තියාගෙන ඉන්න..මං ටිකක් වේගෙන් යනවා"

සිදු වූ රිය අනතුර සිහිවෙද්දී දෙනෙත් වසාගෙන ඒ මතකය පලවා හැරූ අහිංසා රිය ධාවනය ආරම්භ කළේ අහිංසාගේ වේදනාත්මක කෙඳිරිලි මැද්දේ.හිතට ආ ධෛර්‍ය නිසාදෝ වෙනදට වඩා වේගයෙන් ගෙන ආ රිය පුද්ගලික රෝහල ඉදිරියෙන් නතර වන්නට ගියේ විනාඩි විස්සක් වැනි කාලයක්.වහා යුහුසුලු වූ සේවක කණ්ඩායමක් චාන්‍යාව රෝහලට රැගෙන යද්දී ඇයට ඇමතුමක් ආවේ කේශවගෙන්.

"හෙ..."

"නංගී...සුදූට මොකද??තමුසෙ දැන් කොහෙද ඉන්නේ?"

ඇයට කතා කරන්නවත් නොදී කේශවගේ හඬ අහිංසාට ඇහුනා.තුශාරි ඔහුට විස්තරය පවසා ඇති බව අහිංසාට වැටහුනා.

"හොස්පිටල් එකට එක්කන් ආවා.ඩොක්ටර්ස්ලා චෙක් කරනවා.කොන්ද වැදිලා තියෙන්නේ..සමහරවිට එක්ස් රේ එකක් ගනීවී...තාම මුකුත් කියන්න බෑ..ආවා විතරයි"

අසල පුටුවකින් වාඩි වූ අහිංසා කිව්වේ නළල දෑතින් ම පිරිමදිමින්.

"මේකිට මේ ළඟදිත් මම කිව්වා උඩ පැන පැන ඔය පඩිපෙල නඟින්න එපා කියලා..පුතා අතේ උන්නෙ නෑ නේද ශුවර් එකටම??"

කලබලයෙන් වදන් හසුවරවන කේශව ඉන්නේ චාන්‍යාටත් වඩා වේදනාවෙන් කියලා අහිංසාට හිතුනා.

"පුතා ඒ වෙලාවේ උන්නේ මාත් එක්ක කාමරේ.තුශාරි කෑ ගහද්දියි මාත් දුවන් ආවේ..අප්පච්චි එක්ක ගිය වැඩේ ඉවර නම් එන්නකෝ අයියේ.."

"මං එනකොට පැයක්වත් යයි නංගී..ඔතනම ඉන්නවා.මම සාරාව එවන්නම්..මගෙ කෙල්ලට මොකද කියලා බලනවා අහිංසා..මගෙ ඔලුව ගිනි අරන් ඉන්නේ"

ඉතින් ඔහු මේ පෙන්වන්නේ ඔහුගේ ආදරයේ තරමයි.මීට අවුරුදු කීපයකට පෙරත් ඔහු දරුණු අනතුරකට ඇද දැමුවේත් ඔවැනිම දෙයක්.චාන්‍යාට දශමයක හෝ තුවාලයක් වනවා ඔහුට බලන්න බෑ.

"පොඩි අයියා කලබල වෙන්න එපා..කාවවත් එවන්න එපා.මට බැලුවෑකි..ඕනකමක් වුනොත් මම කෝල් එකක් දෙන්නම්"

එලෙසින් පිළිතුරු දුන් අහිංසා ඇමතුම විසන්ධි කර පුටු ඇන්ඳට බර දී හිස තියාගත්තේ එතරම් වේගෙන් රිය හැසිරුවේ තමාම දැයි ඇයටම හිතාගන්නට නොහැකි වෙද්දී.විනාඩි විස්සක් තිහක් ගෙවී ගිය තැන ආරංචිය ලැබී මතීශගෙන් පවා ඇමතුමක් එද්දී අහිංසා ඔහුටත් සියල්ල පැවසුවේ ඔවුන්ව කලබල නොකර.ඒ ඇමතුම් එන හැමවෙලාවෙම අහිංසාට හිතුනේ චාන්‍යා කොච්චර නම් වාසනාවන්තද කියලා.ඇයගේ ආරක්ශාවට ඉන්නේ කවුදැයි අහනවාට වඩා නැත්තේ කවුදැයි අසනවා නම් පහසුයි කියලා අහිංසාට හිතුනා.තමන් ගැනම මතු වූ ආත්මානුකම්පාවට සුසුමක් හෙලූ අහිංසා සිටි තැනම වාඩි වෙලා සිටියේ චාන්‍යාට ලොකු අනතුරක් නොවේවායි හිතින් දෙවියන්ගෙන් අයදමින්.තවත් පැය කාලක් පමණ ගත වූ තැන ඇගේ උරහිසට දැනුනු අතක පහසකට ඇය හැරී බැලුවා.ඇගේ දෙනෙත් පුදුමයෙන් විසල් වූයේ ඇය දෙස බලා සිටිනා රුව දැකලා.තමන් පුදුම වූවද ඒ රුව නම් සිටින්නේ සිනහවකින් මුව සරසාගෙන.

"ශාදි..???මේ ඔයාද?"

අහිංසා තහවුරු කරගැනීමට මෙන් ඇසුවේ ඇය සිටියාට වඩා වෙනස් වෙලා නිසා.

"අහිංසා..ඔයාව මේ දකින්නේ අවුරුද්දකට විතර පස්සේ..කොහොමද ඔයාට??ලස්සන වෙලා ඔයා"

කිසිම ලෝබකමක් නැතිව ඇයව වර්ණනා කරන ශාදි තුළ වූයේ සතුටකට වඩා මොකක්දෝ දුක් විඳීමක් බව අහිංසාට දැනුනා.ඒ ඇස් යට ගිහින්.මලානික වෙලා.අහිංසා නැඟිට ශාදි දෙසට අඩියක් තැබුවා.ඒත් හිත ගැස්සුනේ අතේ සිටි ඇගේ දියණිය දැකලා.ශාදිගේ උරපත්තට හිස තියාගෙන නින්දත් නොනින්දත් අතර සිටින කුඩා බිළිඳාගේ මුහුණ බැලීමේ ආසාවකින් ඇය පෙලුනා.ගොඩක්ම ඕන වුනේ ඇයට ඇත්තේ සාරංගගේ මුහුණුවරද කියලා බලාගන්න එක.

"මම ඔයා කලබලෙන් මෙහාට එනවා ලාවට දැක්කේ..දුවව පෙන්නන්න අංකෙ ළඟ නිසා උන්නේ.අරන් ඉවර වුනු හැටියෙමයි මේ ආවේ.මොකද වුනේ අහිංසා?කවුද හොස්පිටල් ඉන්නේ?"

"අහ්..මේ..චානු පඩිපෙලෙන් වැටිලා කොන්ද වැදිලා.අද ගෙදර කවුරුවත් නෑ.මං විතරයි.පුතාව වැඩ කරන එක්කෙනා එක්ක තියලා මම ඉක්මනට එයාව එක්කගෙන ආවා"

අහිංසා පවසද්දී ශාදිගේ මුහුණ කණගාටුවෙන් පිරිලා ගියා.

"කේශව අයියගේ වයිෆ් නේද ඒ??බයවෙන්න එපා.අවුලක් වෙන එකක් නෑ"

අහිංසාගේ හිත හදන්නට නොතේරුනත් ශාදි ඒ වචන කිව්වේ අවංකවමයි.

"ඔයා..තනියමද ආවේ?"

තප්පර කීපයකට පස්සේ අහිංසා ඇහුවේ දෙනෙත් එහා මෙහා ගෙනයමින්.සාරංගගේ ඡායාවක්වත් ඇයට දර්ශනය වූයේ නෑ.කුඩා බිළිඳිය අසනීපෙන් බව ඇය දැනගත්තේ එදා ග්‍රෙගරියේදී සාරංගට ආ ඇමතුම අසා සිටියෙන්.ඔහු ඒ මොහොතේ වද වූ ආකාරයට ශාදි තනියම සිටිය නොහැකි බව ඇයට හිතුනා.

"ඔව් අහිංසා.වීල් එකක් කතා කරන් ආවේ.දුවට සති එකහමාරක වගේ ඉඳන් හෙම්බිරිස්සාවයි උණයි.අඩුවෙන්නේ නෑ.බයෙත් බෑ.."

එතරම් අසනීපයෙන් සිටින දියණියව රැගෙන සාරංග රෝහලට නාව හේතුව අහිංසාට කුතුහලයක් එක් කළා.

"සාරංග අයියා ආවේ නැද්ද?"

"නිකේත් අයියට හැමදාම කරදර කරන්න බෑ අහිංසා.මේ දවස් ටිකේම දුව ගැන එයා වද වුනා..ඒකමයි අද නොකියාම ආවේ"

ඒ පැවසූ අප්‍රබංසය වටහාගත නොහැකිව අහිංසා උඩ බිම බැලුවත් ශාදිට එය වගක් වූයේ නෑ.ඒත් අහිංසා නම් සිටියේ නූල් බෝලෙක පැටලිලා.එසේ නම් ඔවුන් සතුටින් නෙමේද ජීවත් වෙන්නේ?මේ සම්බන්ධය රැඳී තියෙන්නේ දරුවා නිසා විතරද?

"එතකොට..දරුවගෙ..තාත්තා?"

අහිංසා ඇහුවේ දෙගිඩියාවෙන්.මොකක්දෝ දෙයක් හිතට වද දෙද්දී අහිංසා ඇහුවේ සැකයෙන්.තමාට කොතැනක හෝ වැරදී ඇති බව අහිංසාට හිතුනා.අහිංසාගේ ප්‍රශ්ණයට දුක්බර සිනහවක් පෑ ශාදි එයට පිළිතුරක් දෙන්න මඳ වෙලාවක් ගත්තා.

"එයාට ඉන්න එකම නෑදෑයා නිකේත් අයියා විතරයි..එයා තමා මගේ දරුවගෙ තාත්තා..හැබැයි ඒ ලේ වලින් න්...."

නමුත් සම්පූර්ණ විස්තරය පැවසීමට කළියෙන් දෙදෙනාම හැරි බැලුවේ දෙදෙනාටම පුරුදු හඬක් ඈති ඇසෙද්දී.

"අහිංසා..මොකද චාන්‍යාට?'

තමා මතම දෙනෙත් තබාගෙන ආ සාරංග ඇසුවත් අහිංසාට උත්තරයක් දීගන්න මතක් වූයේ නෑ.ඇය උන්නේ එවර තවත් කැළඹිලා.දෙදෙනාම දෙපැත්තෙන් තමා දෙසම බලා සිටිද්දී අහිංසාට දැනුනේ අපහසුතාවයක්.නමුත් ඊළඟ මොහොතෙම සාරංග ශාදි දෙසට නෙතු යොමු කළේ තවත් අයෙකු අසල සිටින බව සිහිවීමෙන්.ශාදිව සිය දෙනෙතට නොපෙනෙන තරමටම සාරංග ඒ මොහොතේ පවා අතරමං වී සිටියේ අහිංසාගේ රුව අතරේ.

"ශාදි...ඔයා මොකද මේ වෙලාවේ??බබාට ආයේ අසනීපේ වැඩි උනාද?"

"අහ්..නෑ අයියේ..රිපෝට් වගයක් පෙන්නන්න ආවේ.ඩොක්ටර් කිව්වා කෝකටත් ආයේ චෙක් කරන්න ඕනේ කියලා..."

"ඉතින් මට කියන්න බැරි උනාද තමුසෙට?මම එන්න බෑ කියලා තියෙනවද අද වෙනකන්?"

සාරංග තරමක් තදින් ඇසුවේ අහිංසාත් ගැස්සෙද්දී.

"ඔයාට ඔය හැටි කරදර කර..."

"මේ කිරි දරුවා ගැන වද වෙන්න මම හැර වෙන එකෙක් තමුසෙට ඉන්නවද ශාදි??තරහ අවුස්සන්න එපා.."

සාරංගගේ වදන් වලට හිත රිදුනු අහිංසා හිනාවුනේ තමාගේම සිතුවිලි වලට.ඔහු සිය දියණියට ආදරේ කරනවා.දෙදෙනා මොකක් හෝ දෙයකට මදක් රණ්ඩු කරන්න ඇති.ඒකයි මේ විරසකය.පවුලේ ප්‍රශ්ණ වලට අත දාන්න බැරි නිසාම ඇය ඔවුන්ගෙන් මිදී කොරිඩෝවේ වෙනම ආසනයකින් වාඩි වුනා.සාරංග දිහාවත් ශාදි දිහාවත් බලන්න උත්සාහ නොකළ ඇය දණිස් දෙකට වැලමිට තබා මූණ වසාගෙන උන්නේ ඒ සියල්ලක්ම අමතක කිරීමේ අරමුණින්.විනාඩි කීයක් ගත වුනාද කියලා ඇයට සිහියක් තිබුනේ නෑ.ඇය නැවත පියවි සිහියට ආවේ තමාට එහා පසින් කිසිවෙකු හෝ වාඩි වූ බව සිහිවෙලා.

"චානු ගැන බයෙන්ද ඉන්නේ?"

ඇයට හුරු ඒ ගැඹුරු හඬට අහිංසා හිස ඔසවා ඔහු දෙසට අඩමානෙට බැල්මක් හෙලුවා.

"මං ඩොක්ටර් එක්ක කතා කළා.එක්ස්‍ රේ එකක් අරන් බලන්න ඕනා කිව්වා.ආව තරම් අමාරුවක් නෑ වගේ.බලමුකෝ"

ඔහු මේ දේවල් ඒ තප්පරේට කළේ කොහොමද කියලත් අහිංසාට පුදුමයි.ඇය හිතුවේ ශාදිට සැර කෙරුව අයුරින් ඔහු ඇයව ඇරලවන්න ඇති කියලා.

"ශාදී...??"

අහිංසා ඇසුවේ ඒකමයි.

"එයාට කැබ් එකක් කතා කරලා දීලා යැව්වා..ඒකිගෙත් වෙලාවකට පණ්ඩිතකම"

ඉතින් ඔහු මේ දොස් තියන්නේ ඔහුගේම බිරිඳටයි.ඇය ඔහුටත් නොකියාම එන්නේ අනිවාර්‍යෙන්ම ඔහුගේ නපුරුකම් නිසා වෙන්න ඕනේ.

"එහෙම කියන්න එපා..ශාදි පව්..මට කෙරුව නපුරුකම් එයාට කරන්න එපා..එක ගෙදර ඉඳන් එයා වීල් එකක එනකන් ඔයා දන්නෙ නෑ කියන්නේ මෙතන වැරදි ඔයානේ"

හිතට දිරි අරගෙන අහිංසා කියද්දී මද පුදුමයකින් සාරංග අහන් උන්නා.අහිංසා ආයේ තමා සමඟ මෙලෙසින් කතා කරාවි යැයි සාරංගට නොහිතුනු තරම්.

"මං නපුරුකම් කරන්නේ මගෙ වයිෆ්ට..ඔයාට ගැටලුවක් නෑනේ ඒක??අකැමැත්තක් නෑනේ නේද?"

සාරංග සවන අසලටම වගේ නැමී අහද්දී අහිංසා තිගැස්සිලා බැලුවේ ඔහු දිහා.ඒ බැල්ම අමුතුයි.හරියටම ඔහු ආදරය හිතේ සඟවාගෙන සිටින කාලේ මෙන් සෙල්ලක්කාරයි.අහිංසා කෙල පිඬක් ගිල්ලේ ඇගේ තොල කටත් වේලුනා වගේ දැනෙද්දී.ඔහු 'මගේ වයිෆ්ට' කියා පැවසුව අයුරෙත් තිබ්බේ ලොකු ආදරයක්.අහිංසාට ඒක හොඳටම දැනුනා.

"මගෙ කැමැත්ත අකැමැත්ත ඔයාලගෙ පවුල් ජීවිතේට බලපාන්න විදියක් නෑනේ..මම ඔය කතාවේ කොතනකවත් නෑ"

ආයාසයෙන් නමුදු ස්තීරයෙන්ම පැවසූ අහිංසා දිහාට අමුතු හිනාවක් පෑ සාරංග කකුලක් පිට කකුලක් දමාගෙන එක් අතක් අහිංසා වාඩි වී සිටි පුටු ඇන්ඳ මතින් තැබුවා.

"අපේ පවුල් ජීවිතේ ගැන තමුසෙ දැනගන්න ඕන නිසා කිව්වේ"

ඇහෙන නොඇහෙන ගාණට පැවසූ සාරංගගේ මේ ප්‍රහේලිකාවක් බඳු වචන ඔස්සේ හිත වෙහෙසවන්න තිබූ අකැමැත්තටම අහිංසා කට වහගෙන උන්නා.සාරංග බාධා කරන්න කලින් ශාදි කියන්න හැදුව කතාව ඇගේ සිහියට ආවේ ඒ මොහොතේ.

'ඒ තමා මගෙ දරුවගේ තාත්තා...'

ඒ වචන සිහිවෙද්දී පවා හිතේ ඇති වෙන තුනී රිදුම මෙහෙමයි කියලා විස්තර කරන්න ඇයට බෑ.යටිපතුලේ ඇනී වේදනා දෙන කටුවක් මෙන් තබන පියවරක් ගාණේ ඒ සත්‍යය රිදුම් දෙන බවට නම් නොරහසක්.දෙනෙත් වසාගෙන පුටු ඇන්ඳටවත් හේත්තු නොවී අහිංසා සිටින්නේ සිය අතේ වඳීවි කියලා සාරංග දන්නවා.මදක් ඉදිරියට නැමී සිටින ඇය දෙස බලාගෙන සාරංග මොහොතක් ගත කළා.දාඩිය බිදු කීපයක් වේලී ඇති සලකුණු වලින් ඇගේ කම්මුල් අග පිරී තිබුණා.වායුසමනය කළ රෝහලේ පවා ඇය චාන්‍යා ගැන බියෙන් සිටි බවට නොරහසක්.

"තමුසෙද වෙහිකල් එක අරන් ආවේ?"

නිහඬබව බිඳුනේ සාරංගගේ හඬින්.ඇය එයට හූ මිටියකින් පිලිතුරු බඳින්නට ප්‍රවේසම් වුනා.

"බය නැද්ද දැන්?"

"නෑ..ඒ වෙලාවේ බයක් ආවේ නෑ"

"වේගෙන් ඇවිල්ලා හැප්පුනා නම් එදා වගේ?"

ඔහු අසද්දී ඇය සිටි ඉරියව්වෙන්ම ඔහු වෙතට ලාවට හැරිලා බැලුවා.

"හැප්පුනත් බය නොවී ඉන්න බලනවා.මෙදා පාර බය උනාට මාව ආරක්ශා කරන්න කෙනෙක් නෑ කියලා හිත හදාගන්නවා.."

හිතේ තිබූ වේදනාවටම අහිංසා කියද්දී සාරංගද ඇය පරිදිම ඉදිරියට නැමී සිය දෙපා වලට දෑත් බර කරගත්තා.

"අනිද්දට එනවනේ..එතකොට කැමැත්තෙන් උනත් තුවාලයක් කරගන්න එයා දෙන්නෙ නැති වෙයි"

ඇයට සමාන්තරව දෙනෙත් ගෙන යමින් සාරංග කියද්දි අහිංසාට එය වැටහුනේ නෑ.

"අනිද්දට එන්නේ කවුද?"

"තමුසෙගෙ මනමාලයා"

ඇයට ඒ කරුණ සිහියට ආවේ ඒ මොහොතෙයි.ඔහු කිසිම ගාණක් නැතිව එලෙස පවසද්දී අහිංසාට දැනුනේ දරාගන්න බැරි වේදනාවක්.එසේ නම් සාරංග තමාට ආදරය කළ බව එතරම් ඉක්මනට අමතක කරලා.අහිංසාට සැනසීමක් ගෙන දෙමින් ඒ සමඟම කලබලෙන් දිව එන කේශවත් ඊට පසුපසින් හෙමින් එන ගිරිරාජ්වත් දැක ඒ කතාවට තිත තැබුනා.

........💜️........ RITHU SAKURA .......💜️........

"මොන වැඩේ තිබුණත් එහෙ මෙහෙ දුවලා අහුවෙන්නේ නෑ චානු..මේ සීරියස් කියන්නේ..කියන දේ අහන්නෙ නැතුව වැඩ කරන්න හැදුවොත් අම්මපා මං තමුසෙව පුටුවක තියලා ගැට ගහනවා"

කේශව මේ චාන්‍යාට කෑ ගහන්නේ සිය වෙනි වතාවටද කොහෙද.අහිංසාව බලන්න මනමාලයා පැමිණෙන දවස නිසා නිකන් බලන් ඉන්න ඇයට හිත දුන්නේ නෑ.කොන්දෙන් සියුම් වේදනාවක් ආවද ඇය තුශාරිට උදව් කරන්න හැදුවේ ඒකයි.

"මං ඉතින් මේ එළවලු ටිකක් කපලා දෙන්න හැදුවේ..අනික හිටගෙන නෙමේනේ..ඉඳගෙනනේ.."

"අනේ කේශව මහත්තයා මම එපාම කිව්වා..චාන්‍යා නෝනා අහන්නෙම නෑනේ"

"මේකිගෙ පණ්ඩිතකම තුශාරි...මෙන්න මෙහෙ එනවා..තමුසෙව මම අද උස්සගෙන යන්නේ.."

චාන්‍යාට හිතන්නවත් මොහොතක් නොදී කේශව ඇයව හරහට ඔසවගත්තේ ඇය කලබල වෙද්දී.

"අහ්..අනේ..එපා..වැටේවි..කේශව අයියේ..අනේ ඔයා හරියටම වැදුනු තැනින් අල්ලන් ඉන්නේ.."

"හිටපිය එක විදියකට එහෙනම්"

තුශාරි ද හිනාවෙද්දී චාන්‍යා කේශවගේ ගෙල වටා දෑත් යැව්වේ වැටෙයි කියලා බයෙන් වගේ.එදින වැටුණු දිනයේ දැඩි වේදනාවක් ගෙන ආවද අභ්‍යන්තරයෙන් හානියක් තිබුනේ නෑ.තරමක් සුවය ලැබ පසු දින නිවසට ආවද කේශවගෙන් නම් ඇයට බුරුලක් තිබුනේම නෑ.වෙලාවකට ඒ සැලකිල්ල වදයක් වගේ දැනුනද චාන්‍යා ඉවසගෙන උන්නේ ඒ ඔහුගේ ආදරය නිසා බව දන්න නිසා.ඉතින් ඒ සොඳුරු වදේට ආදරේ වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ.

"අහ්..මේ අත දරුවව උඹ කොහෙද උස්සන් යන්නේ?"

පැමිණ සිටි මතීශ ඇසුවේ යුවල දෙසට සරදම් සිනාවක් පෙන්නලා.

"මේකිට කියන රෙද්දක් තේරෙන්නේ නෑනේ...ආයෙත් දරු නැලවිලි මතක් කරවලා දෙන්න හැදුවේ.එතකොටවත් එක තැනක ඉඳීවිනේ.."

"අනේ අයියේ බලන්නකෝ..."

චාන්‍යා ලැජ්ජාවෙන් පවසද්දී චෙතෝද්ව වඩාගෙන සිටි මතීශ මූණ අකුලුවා ගත්තා.

"උඹ නම් ජාතික බඩුවක්..තියපන් මගෙ කෙල්ලව බිමින්...මෙහෙ වෙන මඟුලක් වෙන්න තියෙද්දි මුන් දෙකගෙ කෝලම් බලන්න වෙලා.."

මතීශගේ වදනට හයියෙන් හිනැහුනු චාන්‍යා දිව දිගු කරමින් කේශවට ඇද කලේ කේශව රවලා බලද්දී.

"දැන් ඇති තරම් ඔච්චම් කරනවකෝ...හොඳ උනාම අමතක නොවෙන්න රිටර්න් එක දෙන්නම්...වාඩිවෙලා ඉන්නවා මෙතනින් පුතාවත් බලාගෙන...ආයේ කියන්න තියන්න එපා.."

මතීශට නොඇසෙන්න හෙමින් නමුත් දැඩිව මිමිණූ කේශව ඇයව සෝෆාව මතින් තිබ්බේ චාන්‍යාගේ දෙමාපියන්ද මේ දෙදෙනාගේ ආදරණීය රණ්ඩුව දෙස බලා සිටිද්දී.

........💜️........ RITHU SAKURA .......💜️........

නිවසේ පහත මාලයේ සිටි අය එලෙස සතුටින් සිටිද්දී ඉහළ මහලේ තනියම සිටි අහිංසා උන්නේ කියාගන්න බැරි වේදනාවකින්.කෙදිනකවත් කසාඳ නොබඳින්න තීරණය කළාට සිය පියාගේ විධානය නිසා සාරංග වෙනුවෙන් පෑමට බලාපොරොත්තුව සිටි බුලත් හෙප්පුව වෙන පිරිමියෙක් දෙසට දිගු කරන්න ඇයට සිදු වෙලා.ඇගේ ජීවිතයේ ආදරය සම්බන්ධයෙන් මුලින්ම උන්නේ සාරංග.හැමදේකම පළමුවැනියා ඔහු.අන්තිමයත් ඔහු.ඉතින් අනිත් අය මෙන් සතුටු වෙන්න හිතක් ඇයට තිබ්බේ නෑ.මේ සියල්ලක්ම කරන්නේ ගිරිරාජ්ට නැවත වරක් හිතුවක්කාරකම් පාන්න බැරි නිසා.

කණ්ණාඩි මේසය මත වූ ආභරණ පෙට්ටිය රැගෙන ඇය සිය ගෙල වටා වූ මාලය ගලවා දමා එහි පෙන්ඩනය මතට සිපුමක් තැබුවේ අවසන් වතාවට කියලා හිතලා.ඒ දෙස ආදරණීය මෙන්ම දුක්මුසු බැල්මක් හෙලූ අහිංසා එය ආභරණ පෙට්ටිය තුළට දමද්දීම කාමරේ දොර විවර වූයේ විහාරාගේ අතින්.

"කෙල්ල...රෙඩි වෙලා නේද ඉන්නේ?"

දොර අල්ලාගත් වනම සිටි විහාරා අසද්දී අහිංසා හිස සලා ආභරණ පෙට්ටිය වසා දැම්මා.එසේ නම් මේ මොහොතේ පටන් හිතට සීයට සීයක්ම දරාගැනීමට කියා දිය යුතුයි.

"එයාලා ආවා.යන්න ළං වුනාම මම එන්නම්..."

එයටත් හිස සැලූ අහිංසා කණ්ණාඩියෙන් පෙනෙන සිය රුව දෙස බලා සිටියේ හිස් බැල්මෙන්.කාලය ගෙවුනාදැයි ඇයට මතක නැහැ.හිස් අවකාශය දෙසම බලාගෙන සිටි බවක් විතරයි ඇයට මතක.විහාරා නැවත කාමරයට පැමිණෙද්දී පවා ඇය සිටියේ ඒ ගැඹුරු කල්පනාවේමයි.

"අහිංසා...යමු නංගී.ඔය හෙප්පුව අතට ගන්න.."

රොබෝවරයෙකු මෙන් හෙප්පුව අතට ගත් අහිංසා එහා මෙහා වී තිබුනු හෑන්ඩ්ලුම් සාරියේ දිගැති පොටවල් සකසා ගනිමින් විහාරා දෙසට ලං වුනා.දිගැති කෙස් වැටිය ගෙල අගට බුරුලට ගෙඩියක් වන්නට බැඳ තිබූ අහිංසා අඩුම තරමේ තොල් ආලේපනයක් ගල්වා ගන්නටවත් උත්සාහා කරලා තිබුනේ නෑ.ඒත් ඒ රුවේ තිබුනු සුන්දරත්වයට කිසිම හානියක් වෙලා තිබුනෙත් නෑ.

"මලක් වගේ මේ කෙල්ල..කොල්ලා අදම උස්සන් යයිද දන්නෙ නෑ.ඒ පණ්ඩිතයත් එසේ මෙසේ ඉවසිල්ලක් නෙමේනේ ඉවසුවේ.."

හොඳටම දැනගෙන සිටිනා අයෙකු ගැන කතා කරන පරිද්දෙන් විහාරා කියද්දී අහිංසා ඇය දෙස බැලුවේ විමතියෙන්.ඇගේ බැල්ම වටහාගත් විහාරා ඇගේ පිට හරහා අතක් යැව්වා.

"ගියාම බලමුකෝ..ඔයාගේ හිතේ ප්‍රශ්ණ ගොඩක් විසඳේවි..යමු"

විහාරාත් අනිත් අය මෙන් ඇයව පඹ ගාලක පටලවද්දී අහිංසා දෙගිඩියාවෙන් කාමරයෙන් එළියට ආවා.ඒත් පඩිපෙල බසින කිසිම මොහොතක ඇය දෙනෙත් නම් එසවූයේ නෑ.ඇයට ඇයව දැනුනේ බිලි දෙන්න ගෙනියන සතෙක් ගාණට.ඊටත් වඩා ආලින්දයේ වූ නිහඬබව අසාමාන්‍යයි කියලා ඇයට දැනුනා.විහාරාටත් ඇගේ වෙනස වැටහුණු නිසාම අහිංසාව මනමාලයා වෙතටම ගෙන ගොස් නතර කෙරෙව්වා.

"හෙප්පුව දෙන්න"

විහාරා හීන් හඬින් මුමුණා ඇගෙන් මිදී පසෙකට වෙද්දී අහිංසා කිසිම හැඟීමක් නොපෙන්වා හෙප්පුව ඉදිරියෙන් ඇති පුද්ගලයාට ළං කළේ සාරංගව මතක් වෙද්දී.තරුණයාගෙන් එන විලවුන් සුවඳ ඇයට සිහි කලේම සාරංගවයි.එතනින් පැන දුවන්න තරම් හිතක් පහළ වෙද්දී ඇය දෙතොල් එකට තද කරගෙන සිය ආවේගය පාලනය කරගත්තා.හෙප්පුව මතට දැනුනු යම් චලනයක් නිසා අහිංසාට වැටහුනා ඔහු කිසියම් දෙයක් ඒ මතින් තියන්නට ඇතැයි කියලා.ඒත් ඇය ඒ දෙසවත් බැලුවේ නෑ.

"ඔය මූණ හපුටු කරන් ඉන්නැතිව හිනාවෙලා පොඩ්ඩක් බලනවා මෝඩියේ"

හෙමින් ඇසුණු ඒ හඬට ඇයට හුස්ම ගන්නත් අමතක වුනා.මේ සිහිනයක්ද?තමා මේ සිටින්නේ හීනයකද?ඒ හඬ තම සවන අද්දරින් ඇසෙන්නේ කොහොමද?දෙනෙත් ඔසවා බලන්නට බයක් දැනෙද්දී අහිංසාගේ හදගැස්මත් වැඩි වුනා.නෑ.මෙය සිදු වන්න බැහැ.

"අහිංසා..කිව්වම මගෙ දිහා බලනවා..."

ඉතින් තවත් කොහොම නම් ඉවසන්නද?ඒ හඬ ඔහුගේමයි.ඔහු ආදරය කළ ඒ දඩබ්බර තරුණයාගේමයි.දෙනෙත් ඔසවා බැලූ අහිංසා විමතියෙන් ඇලලී ගියෙත් කට කොණකින් සිනාවක් නඟා ගත් සාරංග ඇය දෙස ආදරණීයව බලාගෙන සිටියේත් වටේ සිටි අයගේත් මුවේ සිනාවන් පිපී තියෙද්දී.නමුත් එය එහෙම වුනේ කොහොමද?ඔහු අන්සතු වූවා නොවේද?ඔහුට දරුවෙකුත් සිටිනවා නොවේද?කිසිවක් තේරුම් බේරුම් කරගත නොහැකිව පුදුමයෙන් ඇය අනෙක් අය දෙස දෙනෙත් යැව්වේ අසරණව.

"සප්‍රායිස්..."

කේශවත් මාධවත් මුමුණනවා ඇය ඇසුණේ හීනෙන් වගේ.එසේ නම් රට ඉඳන් ආ දිනයේ සිටම ඔවුන් සියල්ලම එකතු වී තමාව බරපතල විදියට රවට්ටා ඇති බව ඇයට වැටහුනා.එසේ නම් මාධව දිනක් තමා අනිත් අයව පුදුම කරනවාට වඩා පුදුමයක් තමාට ලැබෙන බව පැවසුවේ මෙයට විය යුතුයි.සතුටු වෙන්නද දුක් වෙන්නද නොතේරෙද්දි ඇය නැවත සාරංග දිහාට හැරුනා.තාමත් ඒ දීප්තිමත් දෙනෙත් තිබුනේ ඇය අසලමයි.

"සප්‍රායිස් මැණික..."

ඔහුද හිමීට මුමුණද්දී ඇගේ දෙනෙත් කඳුලින් බොඳ වුනේ හේතුවක් නැතිවමයි.ඔව්.ඇයට සතුටුයි.ඇගේ ආදරය ඈ ඉස්සරහා සිටින එකට ගොඩක් සතුටුයි.ඒත් ඒ අස්සෙන් තමාව රිදවා සතුටු වූ මේ ආඩම්බරකාර තරුණයා කෙරෙහි සියුම් කේන්තියක් ඇගේ හිතේ හටගෙන තිබුනා.ඔහුට රිද්දවූවාට ඔහු දහස් ගුණයකින් ඇගෙන් පලි අරගෙන.දෙනෙත් කඳුලු වලින් වැසී යද්දී සාරංග හැදුවේ ඇගේ කඳුලු පිස දමන්න.ඒත් ඒ අතට ඇය හයියෙන් පාරක් ගැසුවේ සියල්ලම බලන් ඉන්නැද්දි.

"එපා මාව අල්ලන්න..."

"අහිංසා.."

"කිව්වනේ එපා කියලා..ආ..හෙප්පුව..තියාගන්නවා"

හෙප්පුව සාරංග අතටම බලෙන් දුන් අහිංසා කිසිවෙකුත් දෙසා නොබලා සාරි පොටත් අල්ලාගෙන අනෙක් අතින් කඳුලු පිසදමමින් වේගයෙන් උඩු මහලේ සිය කාමරය දෙසට දිව්වා.

"අහිංසා..."

සාරංග ඇයව නතර කරන්න හැදුවත් ඇය හැරිලවත් බැලුවේ නැහැ.

"ඕක කරගන්නනේ අර අහිංසක කෙල්ලව ඔය හැටි මැඩෙව්වේ"

මිහිරානි නෝක්කාඩු තියද්දී සාරංග හෙප්පුවත් අතැතිව හැරී බැලුවේ කේශව දිහා.

"මගෙ දිහා බලන්න එපා දැන් බූරුවෙක් වගේ.මම උඹට කිව්වා කලින්ම..දැන් ගිහින් ගුටි කාලා යාලු කරගෙන වරෙන්...අපි එතකන් පහළට වෙලා තේ එකක් එහෙම බොන්නම්...නැද්ද අන්කල්?"

මාලක දෙස බලමින් කේශව කියද්දී ඔහු නොරිස්සුමෙන් බැලුවේ උඩුමහල වෙත.

"යමන් ඉතින් තවත් බලන් ඉන්නේ..ඔක්කොම උඹේ ප්ලෑන්නේ..කිව්වත් වගේ උඹ අද හොඳ සෙරෙප්පු පාරක් නම් කනවා පුතේ..අපේ එකීට හොඳට පුරුදුයි ඒ වැඩ..විහාරා..තුශාරිට කියන්නකෝ තේ හදන්න කියලා..අන්කල්..ආන්ටි...අපි එතකන් මෙතන ඉඳන් ෆිල්ම් එක අහන ගමන් කේක් කෑල්ලක් එහෙම කාලා ඉමු..."

මාධවත් කේශවටම ගැලපෙන්න උත්තර දෙද්දී සාරංග ගිරිරාජ් දිහා බැලුවා.ඔහු දෙනෙතින් අවසර දෙද්දී හෙප්පුව පසෙකින් තබා ඒ මත වූ කුඩා තෑග්ග අතට ගත් සාරංග හෙමිහිට පඩිපෙල නඟින්න වුනා.

-මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

150K 10.7K 74
Mr.අතිපණ්ඩිත කතාවේ දෙවන දිගහැරුම.
4.1M 262K 100
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
4M 166K 63
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
1.7K 249 7
මිස්ටර් රුද්‍රාක්ශ ප්‍රතාප් ගජේන්ද්‍රනාත් ! " දන්නව ද මම කියවන පොතක තිබ්බේ සරීන් කියන්නේ nerve gas එකක් කියලා. විනාඩි දහයකින් වගේ මනුස්සයෙක් මරන්න පු...