සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

89.7K 6.7K 211

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

81

950 72 1
By Rithu_Sakura

සන්තානේ-දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️81 කොටස💜️

"ඇයි චානු...එයාලා හැමෝම..මට මෙහෙම කරන්නේ??මං මොකක්ද එයාලට කෙරුව වැරැද්ද?ඔයා..ඔයා..හොඳටම දන්නවා මම අර වගේ තීරණයක් ගත්තේ...සාරංග අයියාගෙ අම්මා කිව්ව නිසා කියලා...ඒ තීරණේ කොච්චර මෝඩ එකක් උනත්...මම ඒ දේ කළේ එයාලා වෙනුවෙන්...ඒත් කවදාවත් මම සාරංග අයියට ආදරේ නොකර උන්නේ නෑ..ආදරෙයි අක්කේ..තවටත් ආදරෙයි..ඒත්...මාව වෙන කෙනෙක්ට බන්ඳලා දෙනකන්...එයා සද්ද නැතිව ඉද්දි මට මැරෙන්න හිතෙනවා.."

නිහඬ රෑ මැදියමක චාන්‍යාගේ ඔඩොක්කුවට හිස තියාගෙන අහිංසා හැඟුම්බරව මුමුණන්නේ කඳුලු වගුරවමින්.චාන්‍යා ඇගේ හිස අත ගෑවේ ඇය ගැන අනුකම්පාවෙන්.

"අප්පච්චිට..අයියලාට..මේ හැමෝටම මාව වදයක් වෙලා..එයාලා දන්නෙ නෑ..මම එයාලා නැතුව අවුරුද්දක් කොච්චර විඳෙව්වද කියලා..කාගෙවත් කීමකට අනුන්ට හොඳක් කරන්න ගිහින් අන්තිමට මමයි නරක කෙනා...වුනේ.."

"එහෙම නෑ අහිංසා.ඔයා හිතන් ඉන්නවා වගේ ඒ කාටවත්ම ඔයාව නරක කෙනෙක් වුනේ නෑ"

"බොරු..බොරු..ඔයත් ඒ බොරු වලට තවත් බොරු එකතු කරන්න එපා..මං මගේම ගෙදර අතරමං වෙලා චානු..මට දුකයි"

ඇයට කිසිවක් පහදා දෙන්න නොහැකිව චාන්‍යා අසරණව ඉද්දී අහිංසා ඔහේ ඇගේ කඳුලැලි වලට ගලන් යන්න ඉඩ දුන්නා.මේ හැමදේම ඇයට බර වැඩි බව චාන්‍යා දන්නවා.ඇයට මේ දඬුවම බර වැඩියි.වෙලාවකට චාන්‍යාට නිවැසියන් සමඟ එන්නෙත් එසේ මෙසේ තරහක් නම් නෙමේ.අහිංසාගේ හැඬුම් නැවතෙන තුරු ඇගේ හිස අත ගෑ චාන්‍යා බලෙන්ම ඇයව නැඟිට්ටවා ඇගේ කම්මුලකට අතක් තිබ්බා.

"රෑ තිස්සේ කල්පනා කර කර දුක් විඳින්න තරම් දෙයක් ඔයාගේ අප්පච්චිවත් අයියලවත් කරන්නෙ නෑ.මාව විශ්වාස කරන්න නංගී.ඔයාට දුකක් දෙන්නෙ නෑ එයාලා..."

චාන්‍යා දිව්රා පැවසුවත් එය කිසිසේත්ම විශ්වාස කරන්න අහිංසා සූදානම් නෑ.නමුත් චාන්‍යා සමඟ ඇගේ දුක පවසා තවත් ඇයව වෙහෙසට පත් කරවන්න ඇයට වුවමනා නෑ.දුක දරාගන්න බැරිම තැන නින්දේ සිටි ඇයව අවදි කර ඇමතුමක් දී ඇයව උඩු මහලට ගෙන්නා ගත්තේ අහිංසාමයි.පුතු සමඟ රැයක් දවාලක් නැතිව මහන්සි වෙන චාන්‍යාගේ නින්ද කැඩුව එක ගැන එවර අහිංසාට දුකක් දැනුනා.මේ දැන් පවා ඇය ඉන්නේ නිදිමතෙන්.

"ඔයා යන්න අක්කේ..මං ඔයාව විශ්වාස කරන්නම්..ඔයා මහන්සියෙන් ඉන්නේ..පව්..මං නිසා නින්දත් කැඩුනා.."

චාන්‍යා එයට මලානික සිනහවක් පෑවා.

"නින්ද නෙමේ මැණික...ඔයා වෙනුවෙන් මම ඔයාගේ අයියගේ අතක් උනත් කඩනවා"

අහිංසාගේ මුවඟට සිනහවක් ගෙන ඒමට සිතූ ඈ සිනහවකින් තෙපලද්දී අහිංසාට හිනාවක් නැඟුනා.

"හොඳ කෙල්ල..හිනා වෙලා ඉන්න..ඔයා දුක් වෙන්නෙ බොරුවට..ආයෙමත් කියන්නම්...අපි කවුරුත් ඔයාට නපුරක් කරන්නේ නෑ.අප්පච්චි කියනවා වගේම ඔයා මේ ගෙදර කුසුමනේ...එයා ඒ කුසුම කුසුමට ආදරේ බඹරෙකුට දෙනවා මිසක් වෙන අයට අයිති වෙන්න දෙන්නෙ නෑ...නිදාගන්න..මටත් හරි නිදිමතයි..."

ඇඳෙන් නැඟිටගත් චාන්‍යා අහිංසාගේ හිසකෙස් අවුල් කරද්දී අහිංසා ඇය දෙස බැලුවේ සමාව අයදින බැල්මකින්.චාන්‍යා ගිය පසුවද නින්දක් නොමැතිව සයනයේ එහා මෙහා පෙරලෙමින් සිටි අහිංසා දෑස පියාගත්තේ රිදුම් දෙන පපුව එක් අතකින් තද කරගෙන.එක පියවරක් හෝ වැරදුනහොත් ප්‍රේමය වේදනාවක් වන බව ඇය තේරුම් ගනිමින් උන්නා.

........💜️........ RITHU SAKURA .......💜️........

තරමක වැඩ අඩු කාලයක් ගත කළ හෙයින් සාරංග බොහෝ විට උන්නේ විවේකයෙන්.වෙනදා මෙන් පුංචි චෙතෝද්ව බලන්න යන්න හිත කිව්වත් ඔහුට මොහොතකට අහිංසාව මතක් වුනා.මේ මොහොතේ පවා ඇය ඉන්නේද කුඩා දරුවන් දෙදෙනා සමඟ බව සාරංග දන්නවා.පෙරදා රැයේ ගිරිරාජ්ගේ වදන් හමුවේ දෙනෙතෙහි කඳුලු පුරවගෙන තමා දෙස බලා සිටි අහිංසාගේ දෙනෙත් සාරංගට මේ මොහොතේ පවා මැවී පෙනුනා.නමුත් ඇය ගැන සිහිකරමින් පාවී සිටි මනෝලෝකය කැඩිලා ගියේ කුඩා දියණියගේ හැඬුම් හඬින්.

"ශාදි..ඇයි දුව අඬන්නේ?"

සිටි තැනින් වහා නැඟිටගත් සාරංග ශාදිව සොයාගෙන ඉන්නා තැනට ගියේ ඉක්මන් ගමනින්.බිළිඳිය හැඬුවේ යම්කිසි වේදනාවකින් බව හඳුනා ගැනීමට තරම් අත්දැකීමක් දැන් සාරංගට තියෙනවා.

"දුවගේ කිරි බෝතලය නළලේ වැදුනා අයියේ.."

"පරිස්සම් වෙනවා ශාදි..මේ කෙල්ලව මෙච්චර අඬවන්න එපා.හෙම්බිරිස්සාවත් තාම හොඳ නෑ නේද??"

"අත..ලිස්සුවා.."

හඬ අඩු කරමින් ශාදි පවසද්දී සාරංග හඬන බිළිඳියව ඉක්මනට අතට ගත්තා.ඔහු ඇයව නළවන්න දරන උත්සාහය දිහා ශාදි බලන් උන්නේ වේදනාත්මක දෙනෙතින්.ඉතින් වසරකට පෙර ජීවිතය වෙනස් වුනේ හිතාගන්නවත් නැති පැත්තකට.ඒ ගැන සිහි කරන එක පවා වේදනාවක් බැව් ඇයට හිතුනා.කුඩා දියණිය හැඬුම් නතර නොකරන තැන මාලක පැමිණ ඇයව අතට ගත්තේ ඔහු උස් හඬින් නිකුත් කරන අමුතු සද්ද වලට දියණිය පුරුද්දට වගේ දෙනෙත් විසල් කරමින් බලා සිටිද්දී.අතෙහි වූ කිරි බෝතලය පසෙකින් තැබූ ශාදි සාරංග අසලට ළං වූයේ ඔහු සමඟ කතා කරන්න කාරණාවක් දවස් කීපයක සිට හිතේ තිබ්බ නිසා.

"නිකේත් අයියේ.."

ඇගේ හඬට ඇය දෙසට බැල්මක් හෙලූ සාරංගගේ ඒ බැල්මෙහි වූයේ ප්‍රශ්ණාර්ථයක්.

"ඔයත් එක්ක කතා කරන්න උන්නේ.ඒත් වෙලාවක් හම්බුනේ නෑ.."

"මොනා ගැනද ශාදි?"

දෑත් එකට පටලවා ගත් ශාදි සාරංග දෙසට තව අඩියකින් ළං වුනා.

"අහිංසා..මොකද කියන්නේ අයියේ??එයා..එයා හොඳින්ද?"

සාරංග දෙතොල් එකට තද කරගත්තා.අහිංසා ගැන කතා කරන්න තරම් මානසිකත්වයක් සාරංග තුළ නොවූවත් ශාදිට නපුරු වෙන්න ඔහුට හිත දුන්නේ නෑ.

"එයා හොඳින්..කතා කරන්න තරම් නිදහසක් තිබ්බෙ නෑ.."

පැතිරුනේ මද නිහඬබවක්.

"එයා මං ගැන දන්නවද නිකේත් අයියේ??මං මේ කිව්වේ...දරුවා ගැන එහෙම..."

"දන්නෙ නැතිව ඇති..කොහොමත් අද හෙටම දැනගනීවි"

සාරංගගේ උත්තර හැමවෙලාවෙම කෙටි ඒවා වුනා.ශාදිටත් ඒක හොඳටම දැනුනා.

"මොනා වුනත් දෙපැත්තට වෙලා තවත් දුක් විඳින්න එපා අයියේ..ඔයාලා දෙන්නම පව්..මට වෙලාවකට මං ගැනම කේන්තියි අහිංසා අරහෙම දෙයක් කරන්න මාත් හේතුවක් වුනා කියද්දි"

"දැන් ඕවා ගැන හිතලා වැඩක් නෑනේ ශාදි.අපිට වදවෙන්න පොඩි දරුවෙක් ඉන්නවා..අතීතයේ කුණු වැඩක් නෑ"

"දරුවා ගැන මට දුකක් නෑ.මං දන්නවා මට මොනා වුනත් එයාට ඔයාලා ඉන්නවා කියලා.."

"ශාදි..."

සාරංග සැර කරද්දී ශාදි මලානික හිනාවක් පෑවා.ඇගේ රුවෙහි තිබූ පියකරු බව දැන් මඳකට අඩු වෙලා ගිහින්.ශාරීරිකව නැතත් මානසිකව දුක් විඳි නිසාදෝ ඒ වතෙහි සුන්දරත්වය වියැකිලා තිබුණා.

"මට ඕනේ ඔයාලා දෙන්නා එකතු වෙනවා බලන්න..."

ඇය අහිංසකව පවසද්දී සාරංග ඇගේ හිස අතගෑවේ ඇය ගැන දැනුනු අනුකම්පාවට.මඳ වෙලාවක් නිහඬව සිටි ශාදි එවර සාරංගට පැවසුවේ ඔහු නොදැන සිටි කරුණක්.

"මම ඩිවෝස් පේපර්ස් වලට සයින් කළා අයියේ..ළඟදිම මේ බොරු බැඳීමෙන් නිදහස ලැබේවි"

සාරංගට සුසුමක් හෙලුනේ කඳුලු පටලයකින් වැසී තිබුනු ශාදිගේ දෙනෙත් දැකලා.

........💜️........ RITHU SAKURA .......💜️........

කතා කරගත් ඩිනර් අවුට් එක අවසානයේ කුඩා විනෝද චාරිකාවකට පෙරලුනේ මාධවගේත් කේශවගේත් තීරණයෙන්.වෙනසකටත් එක්ක සිය ආදරණීය මතක සටහන් මැවුනු නුවර එළියට ගොස් දිනක් දෙකක් ඒ අවට ගත කර එන්න තීරණය වුනේ මතීශටත් ශීන්ටත් විවාහයට පෙර නුවර එළිය අවට ඇවිදින්න ආසාවක් තිබුනු නිසා.වැඩිහිටි පාර්ශවයන්ගෙන් බාධාවක් නොවුනු තැන තරුණ යුවල කිහිපය ආසන්නතම දිනයක් එයට වෙන් කරගත්තේ වැඩ රාජකාරිත් සමඟ නොගැටෙන පරිදි.

අහිංසා නම් සිටියේ ඒ ගමන ගැන ලොකු උනන්දුවකින් නොවේ.ඔවුන් හැමෝම හිතන්නේ ඔවුන් ගැන විතරයි.හැමෝම සිය සහකාරිය හෝ සහකරුවා සමඟ ආදරයෙන් කාලය ගත කරද්දී ඇයට සිදු වෙන්නේ සාරංග දිහා බලන් හූල්ලන්න.විසඳාගත නොහැකි ප්‍රශ්ණ ගොඩක් හිතේ මැවුනේ සාරංග දුව යැයි කිසිවෙක් ගැන පැවසුවාදැයි හිත නොදන්න නිසා.ඊටත් වඩා ඔහුගේ නිහඬබව අහිංසාට ප්‍රශ්ණයක් ගෙන ආවා.ඔහුට තමා ගැන තව දුරටත් ආදරයක් නැතිද?

අකැමැත්තෙන් වුවද ඇය ගමනට සූදානම් වූයේ ඒ දෙදින ගත කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරිව.වෙනදා මෙන්ම කුඩා වෑන් රථයක් කතා කරගත් පිරිස උදේ යාමයේ නුවර එළිය බලා පිටත් වුනා.මාධව රථය ගෙන යද්දී තිහස් ඔහුට එහා පසින් වාඩි වූයේ මුතූට පොඩි දෙදෙනා සමඟ ඉන්නට අවශ්‍ය බව පැවසුව නිසා.කේශවත් සාරංග සමඟ ඉදිරියෙන්ම වාඩි වෙද්දී මුතූත් චාන්‍යා සහ විහාරා සමඟ ඊළඟ ආසනයෙන් වාඩි වුනා.පිටුපසම ආසනයේ බඩු බෑග් සමඟින් සිටියේ අහිංසා පමණයි.කාටත් කලින් වාහනයට නැඟගත් ඇය කාටවත් ඒමට නොහැකි වන ලෙස බෑග් කීපයක් ආසනය මත අතුරාගත්තේ තනිවීම හිතට සහනයක් ගෙන දේවි කියලා.ඒ නැතත් සාරංගගේ හඬ ඇහෙන මානයේ ඉඳන් හිත තවත් රිද්දගන්න ඕනේ නෑ කියලා අහිංසාට හිතුනා.

මුතූ පුංචි චෙතෝද්වයි අකේන්වයි මාරුවෙන් මාරුවට හුරතල් කරද්දී අහිංසා හෙඩ් සෙට් එකත් සවනේ රඳවගෙන ඇගේ ගීත එකතුවෙන් එක් ගීතයක් හයියෙන් ඇහෙන්න දමාගත්තේ ඇගේම ලෝකයක් තනා ගනිමින්.කේශව සමඟ හිනා වෙවී කතා කරන සාරංග දෙසට වරින් වර ඇහැ ගියත් ඔහුට මේ රථය තුළ ඇය සිටිනවාවත් ගාණක් නොවූ බව හිතෙද්දී අහිංසා වේදනාවෙන්ම දෙනෙත් පියාගත්තා.

"මොකෝ අරයා පිටිපස්සට වෙලා මනෝ පාර ගහන්?"

"දන්නැද්ද?අප්පච්චි අරක කිව්ව වෙලාවේ ඉඳන් ශෝක මූඩ් ගහන්..කොහොමත් උඹේ ඉන්ශුවරන්ස් එක අලුත් කරගනින්.උඹ ළඟදිම අපේ එකීගෙන් මැරුම් කනවා ඔහොම පළිගන්න ගිහින්"

"මට ඒක නතර කරගන්න බෑ බං.."

"බෑ කියලා බෑ..නතර කරගනින්.උඹ කියපු නිසා මේ ඉවසන් ඉන්නේ..නැත්තම් ඒකි අඬනවා දකිද්දි මට උඹ එක්කත් මල පනිනවා.."

සාරංගගේ මුවින් හිනාවක් එළියට පනිද්දී තිහසුත් ඔහු දිහා හැරිලා බැලුවා.ආසනයට බර දී දෙනෙත් පියාගත් සාරංග ඉදිරිය ගැන කල්පනා කරන්නට වූවා.පැය කීපයකට පසුව හග්ගල උද්භිද උද්‍යානයෙන් රිය නතර කෙරුනේ අවට සිරි නරඹන්නට තරම් හොඳින් හිරු පායලා තිබ්බ නිසා.සියල්ලන්ටම පසුව බැසගත් අහිංසා දුවන අකේන් පසුපස ගියේ අනික් අයව මඟ ඇරලා.සුපුරුදු පරිදි සිය කැමරාව කරේ දමාගත් සාරංග සියලු දෙනාම සමඟින් උද්‍යානයේ ඇවිදමින් ඡායාරූප ගත්තේ අහිංසා හිතාමතාම බොහෝ තැන් වලදී ඔහුගේ කැමරා කාචයෙන් හැංඟෙද්දී.ඇත්තටම ඇයට ඕනා වුනේ තනිවෙන්න.සාරංග එක්ක කෙලින්ම කතා කරන්න හිත හයිය වෙනතුරු දැනට ඔහුගෙන් සැඟවිලා ඉන්න.හග්ගල උද්භිද උද්‍යානයේ ඇය හැමදාමත් ප්‍රිය කළ ජපන් උයන දෙසට තනියම ඇවිද යන ඇය දිහා මුතූ බලන් උන්නේ තිහස්ටත් අතින් තට්ටුවක් දමා.

"අහිංසා අක්කි සෑහෙන්න මූඩ් ගහලා ඉන්නේ..නිකී අයියා මෙච්චර රිද්දලා මොනා බලාපොරොත්තු වෙනවද මන්දා..."

"උන් දෙන්නා බලාගනීවි ඒවා..මට ඇහුනා මාධව අයියත් මස්සිනාකාරයාට මොනාදෝ කියනවා.බනින්න ඇති පොඩ්ඩක්..."

"අහිංසා අක්කිට මෙච්චර රිද්දනකන් ඔය අයියලා දෙන්නා බලන් උන්නමද කොහෙද"

මුතූ කිව්වේ අහිංසා නොපෙනී යද්දී.ඒ අතරේ තිහස්ගේ දෙනෙතට හසු වූයේ අහිංසාට තරමක් ඈතින් ඇය පසුපසින් ඇවිද යන සාරංගව.ඔහුට සිනහවක් නැඟෙද්දී මුතූට ඒ බව පෙන්නුවේ ඇයත් ඔහුගේ මේ හැසිරීම තේරුම් ගත නොහැකිව හිස දෙපසට වනද්දී.

"අනේ මන්දා මේ මෝඩ ජෝඩුව"

ජපන් වනයේ නිදහසේ සැරිසැරූ අහිංසා ඊළඟට ප්‍රිය කෙරූ තැන මීවණ උයනයි.අහස නොපෙනෙන තරමට අඳුරු බවක් උසුලද්දී ඒ හරිත පරිසරයේ අමුතුම ලස්සනක් ඇය දුටුවා.අහිංසාට අනුව මල් වලින් පිරුණු තැනකට වඩා ඒ පරිසරය සුන්දර වුනා.හිතේ ප්‍රශ්ණ ටිකකට අමතක වෙද්දී එහි වූ පඩියකින් වාඩි වූ අහිංසා අසල ගලායන කුඩා දිය දහරාව දෙස බලා සිටියේ ආසාවෙන්.ඡායාරූපයකට නඟාගන්න හදිස්සි වනවාට වඩා දෙනෙතින් පරිසරය රසවිඳගත්ත අහිංසාගේ මුවේ සැනසිලිදායක හිනාවක් මතු වුනා.තනිවම වාඩි වී සිටින යුවතිය දෙස ආ සමහර පිරිස් උවමනාවෙන් බලද්දි එක් තීක්ශණ දෙනෙතක් ඇයට නොපෙනෙන දුරකින් ගස් අතර සිට ඇය දෙසම බලා සිටියේ ඇස පියද නොගසා.

........💜️........ RITHU SAKURA .......💜️........

ග්‍රෙගරිය පෙනෙන මානයේ කේශව සහ චාන්‍යා මධුසමය සඳහා රැදුණු නිකේතනයම රාත්‍රිය ගත කිරීමට තෝරාගත් පිරිස දිවා ආහාරය රැගෙන මඳක් විවේක ගත්තේ පොද වැස්ස අවසන් වූ පසු ග්‍රෙගරියට යෑමේ අදහසින්.දරුවන් දෙදෙනා සමඟ වෙනදා මෙන් නිදහසක් නොමැති වූවද චාන්‍යා සහ විහාරාට නම් එවැනි චාරිකාවක් පවා සැනසීම ගෙන දුන්නා.තිහස් සහ සාරංග එක් කාමරයකට යද්දී අහිංසාත් මුතූත් ඔවුන්ට වෙන් වූ කුටියට ගියේ විවේකයක් ගැනීමේ අරමුණින්.

"අම්මෝ අක්කි...නෑවද ඒ ටිකට??මට අද කවදාවත් නැතිව සීතල දරාගන්න බෑ අප්පා.."

"සනීපයිනේ නෑවම.."

"එහෙනම් චුට්ටක් නිදාගමු.පොදේ නිසා පොඩි දෙන්නව එක්කන් යන්නත් බෑ"

පැය දෙකකට ආසන්න නින්දක් ගත් යුවතියන් දෙදෙනා ඇහැරුනේ දොරට තට්ටු කරන හඬකින්.ඒ සමඟම මුතූගේ දුරකථනය නාද වූයේ සුව නින්දෙන් ඇහැරුනාට ඇගේ මූණ බෙරි වෙද්දි.

"මුතූ...අහිංසා..නැඟිටිනවලා..ඈ බං..මුං සල්ලි දීලා නිදාගන්නද ආවේ?"

දොරට එපිටින් ඇසෙන්නේ කාගේදෝ මිමිණුමක්.ඒ තිහස් බව වැටහුණු මුතූ ඉක්මනින් ඇමතුමට පිළිතුරු බැන්ඳා.මුතූ ඇමතුමට සවන් දෙද්දී අහිංසා අහන් උන්නේ දොර දෙසින් ඇසෙන ඔහුගේ හඬට.

"එනවලා එළියට"

"ආ..එනවා එනවා..පොඩ්ඩක් නින්ද ගියා.."

"මරු නින්ද..මම කෝල් කීයක් ගත්තද?"

"හා හා අනේ..දොර ගාව ඉඳන් බෙරිහන් දෙන්න එපා..මට ෆෝන් එකෙනුත් ඇහෙනවා.අපි දෙන්නා ඇඳන් එන්නම්"

ඇමතුම විසන්ධි කර ඇගමැලි කඩන ටිකට අහිංසා ඇඳෙන් බැහැලත් ඉවරයි.මුහුණ කට සෝදාගත් අහිංසා සිය බෑගයෙන් එළියට ගත් කහ පැහැති දිගු ගවුම ගත ලා ගත්තා.කාලෙකින් එය ඇඳි ඇයට සිහි වූයේ සාරංග ඇයට ආදරේ ප්‍රකාශ කළ දිනය.ඔහු සමඟ ඇය පෙමින් වෙලුණු දිනය.ඒ හැමදේම සිදු වුනේ හරි ඉක්මනින් කියලා අහිංසාට හිතුනා.එදිනත් ඇය ඇන්ඳේ මේ ඇඳුමමයි.ඇය විශේෂයෙන්ම ඒ ඇඳුම ගත්තේ සාරංගට පේන්නමයි.ඊට උඩින් ජර්සියක් දමාගත් අහිංසා සූදානම් වූ මුතූ සමඟින් එළියට ගියේ සීතල තරමක් වැඩිපුර දැනෙද්දී.වර්ශාව නැතිව ගියද මීදුමෙන් දසතම වැසී තිබුණා.ජර්සි කිට් දෙකකින් සැරසුනු කුඩා දරුවන් අත දරාගෙන මාධවත් කේශවත් එළියට එද්දී සාරංගගේ නම් දෙනෙත් නැවතුනේ අහිංසා මත.ඉතින් ඇය සිතූ පරිදිම ඒ ඇඳුම ඔහුට ඒ සුන්දර අතීතය සිහිපත් කෙරෙව්වා.චාන්‍යාත් ඒ ඇඳුම දැක සිනහවක් පෑවද කිසිවක්ම නොකිව්වේ ඇය අපහසුතාවයට පත් වේවි කියලා හිතලා.

........💜️........ RITHU SAKURA .......💜️........

වැහි මන්දාරමත් මීදුම් ගතියත් නිසා තරමක අඳුරක තිබූ ග්‍රෙගරියේ වූයේ අමුතුම ලස්සනක්.විදුලි පහන් වලින් කහ පැහැති එළියෙන් පවා දැනුනේ අමුතුම උණුසුමක්.එහි වූ කුඩා කඩයකින් උණුසුම් කිරි කෝප්පයක් රස විඳිමින් සිටි චාන්‍යා නම් කේශවව අවුස්සමින් මතක් කලේ නතාශාව එහි දුටු දිනයේ කේශවගේ හැසිරීම.සියලු දෙනාම සතුටු සාමිචියේ ඉද්දි අහිංසා නම් ඒවාට ප්‍රතිචාර දැක්වූයේ ඉඳලා හිටලා.ඒ අතරේ සාරංගට ආ ඇමතුමකට ඔහු නැඟිට මදක් එහාට වී එයට පිළිතුරු දෙද්දී අහිංසා එයට සවන් දුන්නේ හිතාමතාමයි.

"ඇයි ශාදි??...දුවට උණ වැඩියිද?අම්මා එක්ක වීල් එකක යනවා බලන් ඉන්නැතිව..කලබල වෙන්න එපා..ෆිට් එකට ආවොත් දරුවටයි හොඳ නැත්තේ...එදා බේත් ගන්න ගිය හොස්පිටල් එකට යන්න.මං නම්බර් එකක් එවන්නම්.එයාට කතා කරලා කියන්න මම නම්බර් එක දුන්නේ කියලා..බය වෙන්න එපා.ඒ මගේ යාලුවෙක්.උදව් කරාවි...මම එනකන් ඉවසන් ඉන්න.හෙට එනවනේ..."

ඔහු පවසන දේ සියල්ලක්ම වගේ සවනත වැකෙද්දී අහිංසාට කිරි බීමත් එපා වුනා.එසේ නම් ඔහු ශාදිගෙ වෙලා ඉවරයි.ශාදි නැතිනම් සිය දියණියගේ අමාරුකම් ඔහුට පවසන්නේ නෑ.එසේ නම් ඔහු දැන් පියෙක්ද?හිස රිදුම් දෙනවා මෙන් දැනෙද්දී අහිංසා කෝප්පය පසෙකින් තැබුවේ දෙනෙතට ඉනූ කඳුලු හංඟගෙන.

"මං අර පැත්තට පොඩ්ඩක් ගිහින් එන්නම්"

සාරංග තවමත් ඇමතුමේ සිටිද්දී අහිංසා දෑත් බැඳගෙන සිටි තැනින් ඇවිද ගියේ අනෙක් අය එයට කිසිවක් නොපවසද්දී.කවුරුත් නොයන පැත්තකට ඇවිද ගිය අහිංසා වැව රවුම වටේ ඔහේ ඇවිදගෙන ගියේ දෙනෙතට කඳුලු වේගයෙන් උනද්දී.කුඩා පාලමත් පසු කරමින් ඇය අන්තිමට නතර වූයේ කිසිවෙකුවත් නොපෙනෙන තරම් ඈතකට ඇවිත්.වැව අසල සාදා තිබුනු කුඩා තොටුපළ දෙසට අඩිය තැබූ අහිංසා අඳුරේම දිලිසෙන වැව දෙස බලන් සිටියේ කඳුලු බිඳු කම්මුල් දිගේ ගලද්දි.

'ඔයා මට මේ මොනාද කරන්න හදන්නේ අයියේ??අනේ ඔයා එයාට අයිති වෙලා ඉවරද?ඒකද ඔයාට මාව දැනෙන්නෙ නැත්තේ?ඒකද මගෙ වේදනාව දැනෙන්නේ නැත්තේ?'

ඇගේ හිත වේදනාවෙන් හඬද්දී ඇය පයට වැදෙන සීතල ජලයට ඇඳුම තෙමෙන එකවත් මායිම් කළේ නෑ.ඒ වේදනාව හිතට බර වැඩියි.මොකක්දෝ මායාවක තමාව පැටලී ඇති බවක් ඇයට දැනුනා.මේ ලෝකෙන්ම පැනලා යන්න තියෙනවා නම් එකක් කියලා අහිංසාට හිතුනා.යටි තොල තදින් හපාගෙන ඇය සිය ආවේගය දරාගන්න දැරුවේ ලොකු උත්සාහයක්.

"හැමදේකින්ම ඔහොම පැනලා ගියාම හරි යනවද අහිංසා??එදා කෙරුව දේම නේද දැනුත් කරන්නේ?"

ඒ එක්කම පසුපසින් ඇසුනු හඬ හඳුනාගත් ඇය හැරෙන්නෙ නැතිවම උන්නේ සිය කඳුලු ඔහු දකිනවාට අකැමැත්තෙන්.

"පිස්සුද මේ කවුරුත් එන්නෙ නැති පැත්තකට කලුවරේ තනියම එන්න??"

තවත් සමීපයෙන් ඔහුගේ හඬ ඇසෙද්දීවත් ඇය සෙලවුනේ නෑ.

"තමුසෙට මම මේ කතා කරන්නේ?"

කුඩා ලෑලි තොටුපලෙන් ඇයව ඇදගෙන තමන් දෙසට හරවාගත් සාරංග ඇගේ බාහු යුගලයෙන් තදකරලා අල්ලගත්තේ ඇය දෙනෙත් ඔසවා ඔහු දිහා බලද්දි.

"කන් ඇහෙන්නෙ නැද්ද?"

"ඔව්...ඇහෙන්නේ නෑ..කතා කරන්නත් බෑ..අඩුම තරමේ..මට හුස්ම ගන්නත් බෑ..ඔයා ඉස්සරහා මට ඒ මුකුත් කරන්න බෑ..."

ඉවසීම නැතිම වූ තැන අහිංසා කිව්වේ තරමක හඬින්.

"ඔයා..ඔයා..අනේ ඇයි ඔයා ඔහොම මට කරන්නේ සාරංග අයියේ?ඔයා මගෙන් පළිගන්න අන්තිමට...අන්තිමට වෙන කෙනෙක්ගෙ උනාද??මට...ඔයාව හැමදාටම නැති වුනාද අයියේ??මට දීපු දඬුවමද මේ??"

ඔහු ඉදිරියේ කතා කරගන්න අවස්ථාව ලැබුනු මුල්ම විනාඩියේ අහිංසා ඇහුවේ ඔහුගේ ජර්සියේ එල්ලිලා.තවත් දරාගන්න පුලුවන්කමක් ඇයට තිබුනේ නෑ.ඇය ඔහුගේ පපුවට ගසමින් අඬද්දී සාරංග ඒ දෑතින්ම අල්ලගත්තේ ඇයව පාලනය කරගන්න.

"අහිංසා.."

"එපා මට ඔය නම කියන්න...මම...අහිංසක නෑ..මාව එපා නම්,මාව ඕනෙ නැත්තම්...ඔයා එයා එක්ක එච්චර දුර ගිහින් දරුවෙකුත් ඉන්නවා නම්...මොකද මගෙ ළඟ මෙහෙම ඉන්නේ?ඇයි මාව හොයන් ආවේ??ඔයාට උත්තර තියෙනවද අයියේ ඒවට?තියෙනවා නම් මට කියන්න.තවත් ඉවසන්න බෑ දෙයියනේ..මාත් මනුස්සයෙක්...හිතක් පපුවක් තියෙන කෙල්ලෙක්..."

එවර සාරංග ඇගේ දෙකම්මුල් තද කරලා අල්ලගත්තේ ඇය ඔහුගේ ජර්සියේ එල්ලෙද්දී.සීතල වී තිබුණු ඇගේ දෙකම්මුල්,වෙව්ලන දෙතොල්,කඳුලු පිරුණු දෙනෙත් දිහා බලාගෙන තප්පර කීපයක භාවනාවක සිටි සාරංග ඇයව සිය ගතට ළං කරගත්තා.

"ඔව්...ඔයාට සාරංගව නැති වුනා අහිංසා..ඔයාට ආදරේ කෙරුව ඒ කොල්ලව ඔයාට නැතිවුනා..."

ඇගේ හැඬුම් වැඩි වුනේ බලන් ඉන්නැද්දි.කොහොමද ඇය ඒ වචන දරාගන්නේ?

"ඒත්..ඊටත් වඩා හොඳ කෙනෙක් ඔයාට හම්බවෙයි..මේ සාරංගට වඩා හොඳ කෙනෙක්ව.එදාට එයාට ඔය හිතේ තියෙන ආදරේ දෙගුණයකින් තුන් ගුණයකින් වැඩි කරලා දෙන්න අහිංසා..."

"අනේ..අයියේ.."

"ශ්..ශ්..මම කියලා ඉවර නෑ..අහන් ඉන්න..ආයේ මෙහෙම කතා කරන්න මට බැරි වෙයි.ඔයා හෙප්පුව අතින් අරන් එන හැටි බලන්න මම එනවා..මම අනිවාර්‍යෙන්ම එනවා මැණික...රිද්දුවේ හිතේ තිබ්බ වේදනාවට..මං දන්නවා මං කළේ වැරැද්දක්...ඒ වැරැද්ද මට ඉක්මනටම හදාගන්න ඕනේ අහිංසා.."

සිය නළලත ඇගේ නළලතින් තබාගෙන සාරංග මුමුණද්දී අහිංසා දෙනෙත් දැඩිව තද කරගත්තා.

"මාව..මෙහෙමම මරලා දාන්න අයියේ..මේ වේදනාවට වඩා මට ඒක...සැපයි..."

"ඔව්..මරලා දානවා..දවසක මරලම දානවා..ඒත්...ඊට කළින්...එකම එක දෙයක් මට ඕනේ අහිංසා...අන්තිම වතාවට..අන්තිමම වතාවට මට මං ආදරේ කෙරුව කෙල්ලව ඉඹින්න ඕනේ..එදා මේ ගවුම ඇඳගෙන මගෙ තුරුලේ උන්නා වගේ අදත් තුරුලට අරන් මට තමුසෙව ඉඹින්න ඕනේ.."

සිය දෙනෙත් දෙසම බලාගෙන සිය ගැඹුරු හඬ අවදි කරවන සාරංගගේ දෙනෙත් දෙස බලාගෙන අහිංසා දෙතොල් එකට තද කරගත්තා.එසේ නම් මෙයද සැබෑම වෙන්වීම?එදින ගුවන් තොටුපලේදි දිය නොහැකි වූ සමුගැනීමද මේ සිදුවන්නේ?ඔහුගෙන් ආදරණීය ස්පර්ශයන් වසරක් පුරා හිත හොයද්දී ඇය සැනසුනේ ඔහු සමඟ ගෙවූ ඒ මතකයෙන්.ඉතින් ඒ මතකයන්ට අන්තිම වතාවට මතකයක් අවශ්‍ය යැයි හිත කෑ ගහද්දි අහිංසා සිය බොඳ වූ දෙනෙත් යැව්වේ ඔහුගේ දෙනෙත් පුරාවටමයි.ඒ දෙනෙතෙහි වූ ආයාචනය වැටහුණු අහිංසා දෙනෙත් පියාගන්නා ඇසිල්ලේම සාරංග ඇගේ වෙව්ලන දෙතොල් සිය දෙතොලින් අල්ලාගත්තේ ඇයව තම ගතටම තුරුලු කරගෙන.යාබදින් වූ මාර්ගයේ දිවෙන වාහන වල මද ආලෝකය හැර වෙන කිසිදු ආලෝකයක් නොපෙනෙන අඳුරේ අහිංසා පෙරලා ඔහුව සිපගත්තේ ඔහුගේ ගෙල වටා දෑතද යවමින්.යාන්තමට දෙදෙනාව තෙමන වැහි හිරිකඩෙන් ඇති වූ සීතලෙන් බේරීමට මෙන් ඒ සිපුමන් වැඩි වූයේ දෙදෙනාටම අවට ලෝකය අමතක කරමින්.අවුරුද්දක් පුරාවට ඔහුගෙන් නොලද ස්පර්ශය හමුවේ අතරමං වූ අහිංසා මෙන්ම සාරංගද වියරු වැටී සිටියා.දසන් වලට පවා ඇගේ දෙතොල් මැදි වෙද්දී ඇගේ දෑඟිලි වල නිය පහරවල් ගෙලට දැනෙද්දී එන වේදනාවෙන් පවා නොනැවතුණු දෙදෙනා සිය ආවේගය එකිනෙකාගේ ලවන් අතරේ දිය කරමින් සිටියා.හුස්මක් ගන්න ලැබුනු පලමු ඉඩෙන්ම සාරංගගේ නළලත මතින් සිය නළලත තැබූ අහිංසා වේගයෙන් හුස්ම ඉහළ පහළ දැම්මේ සිය හදගැස්ම පවා වේගවත් වෙද්දී.

"ආදරෙයි මගෙ අයියේ..මගෙ පණටත් වඩා ආදරෙයි..මං මැරෙනකන්ම..."

හතියක් මැද ඇහෙන නොඇහෙන ගාණට පැවසූ අහිංසා සාරංගව හිරිකඩ වැස්සේ තනි කර දමමින් දිගු ගවුමත් අතකින් ඔසවාගෙන අනිත් පිරිස සිටින දෙසට දිව ගියේ නෙතට ඉනූ කඳුලු බිඳුව පිටි අල්ලෙන් පිසදමමින්.

-මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

1K 92 21
"උබ අපේ එකීට කැමතිනේ ඇත්ත කියපන් බොරු නොකියා " "අහ් " "අහ් නෙමේ මං දන්නවා උබ අශිට කැමති කියලා " "ඒක දැන් වැඩක් නෑ බං උබ වෙන දෙයක් කතා කරපන් " "වෙන දේ...
69.1K 1.6K 44
What if Izuku met Igneel who appeared in his dream. what if he trained under him and became a dragon slayer. This is the story of the Fire King Drag...
9.6K 572 11
⠀ ⠀ ⠀ ͝ ⏝𝅄︶ ͝ ⏝ ⊹ ⏝ ͝ ︶𝅄⏝ ͝ 𝘔𝘪𝘳𝘢𝘤𝘶𝘭𝘰𝘶𝘴 𝘓𝘢𝘥𝘺𝘣𝘶𝘨 ✘ 𝘊𝘴𝘮! 𝘙𝘦𝘢𝘥𝘦𝘳 ⠀ ⠀ ⠀ ͝ ⏝𝅄︶ ͝ ⏝ ⊹ ⏝ ͝ ︶𝅄⏝ ͝ Warning ⚠ This book...
5.2M 466K 96
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...