සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

66K 6.1K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

80

703 64 3
By Rithu_Sakura

සන්තානේ-දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️80 කොටස💜️

මාධවත් විහාරා සමඟින් ආවේ අහිංසාව බලන්න තිබ්බ උවමනාවට.ඊටත් වඩා මාධව ආවේ අහිංසාගේ අලුත් රූපලාවන්‍යගාරයේ වැඩ ටික ගැන බලන්න.මෙදා පාර ඇය හදන්නේ ඇගේම මහන්සියෙන් දෙයක් කරන්න.කළින්ටත් වඩා හොඳට දෙයක් කරන්න.ඇය ගොඩ නඟාගත් නම අමතක වෙලා යන්න කලින් හැමදේම වසර අවසන් වෙන්න පෙර ඉවර කරන්න ඕනා කියලා හිතේ තිබ්බ නිසාම අහිංසාට ඕන වුනේ හැමදේම අඩුපාඩුවක් නැතිවම කරන්න.ලංකාවට ඇවිත් දින දෙකක් ගත වීමට පෙරම ඇය ඒ සඳහා සූදානම් වුනේ ඒ නිසා.

"ලොකු අයියේ..ඔයාලා තව සතියක්වත් ඉඳලා යන්නකෝ..මට ඒ සතියෙම ඔයත් එක්ක අර වැඩේ ගිහින් බැලුවෑකි එතකොට"

මාධව සමඟ කුඩා බිම් කැබැල්ලේ ඉදිවෙමින් තිබුණු සිය මහන්සියේ ප්‍රතිපලය බලා පැමිණෙන අතරතුර අහිංසා කිව්වේ මාධව දිහා බලලා.

"මොකද හදිස්සිය?තාම ෆවුන්ඩේශන් එක දැම්මා විතරයි.ඉවසලා ඉන්නවා ඔය උන්නා වගේම"

"ඒකනේ කරන්න බැරි...ඉගෙන ගන්න ගියේ තිබ්බටත් වඩා හොඳට හැමදේම පටන්ගන්න.දැන් නම් ඉන්න බෑ බෑ වගේ"

මාධව එයට පෙන්වූයේ අමුතු හිනාවක්.

"ඉගෙන ගන්නමද ගියේ?මං හිතුවේ කාගෙන් හරි පැනලා ගියා කියලා"

අහිංසා මුහුණ හකුලුවා ගත්තේ ඒ වචන වලට හිත රිදුනු නිසා.ඔහුත් නෑ නෑ කිව්වට කේශව වගේම ඇනුම් පද කියන්නේ වෙලාවකට ඇයව කේන්ති ගස්වමින්.නමුත් ඒ කතාවේ වරදක් නැති නිසා ඇය කරබාගත්තා.මාධව ඒ හිනාවෙන්ම ඉදිරිය බලාගත්තේ ඇයව අවුස්සා දැනුනු තෘප්තියට.වීදුරුවෙන් එළිය බලාගෙන පැමිණි අහිංසා කල්පනා කළේ සාරංග ගැන.ඔහු හොඳටම නපුරු වෙලා.අවස්තාවක් ආව ගමන්ම ඔහු සමඟ කතා කරන්න බලන් උන්නට මීට දිනකට පමණ පෙර ඔහුගේ හමුවීමෙන් ඇය උන්නේ කැළඹිලා.ඔහුගේ පපුවට තුරුලු වෙන්න තියෙන ආසාව නැති වුනේ ඔහුගෙන් එකදු ප්‍රේමණීය වදනක් නැති වෙද්දී.හතරමං හන්දියක් අසළ රතු මාර්ග සංඥා දැල්වී තියෙද්දී මාධව කාරය නතර කරගත්තේ තවත් වාහන කීපයකට පිටුපසින්.තරමක් ජනාකීර්ණ බවක් ඉසුලූ නගරය අවට අහිංසා බලන් උන්නේ විමසිල්ලෙන්.නැවත වරක් සිය ගමන ආරම්භ කළ ගොඩනැඟිල්ලට යන්න ආසාවක් ආවත් ඇය ඒ ආසාව හිත තුලම තියාගත්තා.සාරංග කඩකාමරයේ යතුර සිය අතට දුන් දවස මතක් වී අහිංසාට ඇත්තටම හීල්ලුනා.එදවස ආදරයක් නැතිවම සතුටින් ඔහුව වැලඳගත්ත හැටි ඇයට සිහිවුනා.ඒත් අද දරාගන්න බැරි ආදරයක් හිතේ තිබිලත් ඔහුට තුරුලු වෙන්න බැරිව අහිංසා වින්ඳෙත් එක්තරා වේදනාවක්.කල්පනා ලෝකෙ ඉන්නා අතරතුර මාර්ගය දිගේ ඉදිරියට ඇදුනු රථය එක් ගොඩනැගිල්ලක් පසු කරද්දීම ඇය යාන්තමට මෙන් දැක්කේ හුරුපුරුදු රුවක්.ඇය එබිලත් බැලුවේ ඇඳුම් කඩයකින් ආ රුව පිටුපා අනිත් පසට යන හැටි.

"අයියේ..අර...අර උන්නේ ශාදි නේද?"

ඇය මාධවගෙනුත් ඇහුවේ ඇඟිල්ල දිගුකරමින්.

"මට පේනවද බං මෙතන ඉඳන්?"

"ඒ ගියේ එයාම තමා...හරියට බලාගන්න බැරි වුනානේ"

"ඉතින් ඕක බලන්න තරම් දෙයක්‍ යෑ..ඒ කෙල්ල හැදුනු ගමනේ මේක"

"අහ්..ඔව් ඒකත් ඇත්ත.."

තමන්ගේ මෝඩ හැසිරීමට සිතින් සිනාසුනු අහිංසා ඇඟිල්ලක් මුවේ රුවාගෙන ඉදිරිය බලාගත්තේ මොකක්දෝ හැඟීමක් හිතේ වෙලෙද්දී.ඇය දැන් මොනවා කරනවා ඇද්ද?සාරංගව ඈත් කළේ ඔහුව ශාදිට අයිති කරවන්න ඕන නිසා උනත් අද ඇගේ එක දසුනකින්ම තමා කලබල වූ අයුරු ඇයටම හිතාගන්න බෑ.ඇයත් සමහරවිට ඇගේ නිරූපණ ක්ශේත්‍රයේ සිහිනය හඹා යන්න ඇති කියලා අහිංසාට හිතුනා.තමා රට ගිය නිසා ඇය නැවත සාරංගට ළං වූවාද කියන්නවත් අහිංසා දන්නෙ නෑ.ඒත් කටක් ඇරලා කාගෙන්වත් ඒක අහන්න බැරි තරමේ ආඩම්බරකමකුත් ඇගේ හිතේ තිබ්බා.මාධව ඇගේ කල්පනාබරිත ස්වරූපය දැක්කේ අහම්බෙන්.

"තමුසෙ ගෙදර අයව සප්‍රයිස් කරන්න බලන් ඉන්නැද්දි ඊට වඩා තමුසෙ සප්‍රයිස් වෙලා තියේවිද දන්නෙ නෑ"

ඔහු හිමීට කිව්වේ අහිංසා ඔහු දිහා පුදුමයෙන් බලද්දි.

"මං මොකට සප්‍රයිස් වෙන්නද?"

"ඔහොම යමුකෝ නංගී...අප්පච්චි අද හෙටම මාතෘකාවට බහීවි"

මාධවගෙන් කොතෙකුත් ඒ ගැන ඇසුවත් නිසි පිළිතුරක් නොලද තැන ඇය ඒ ගැන අහන එකත් නතර කර ආයේ වැටුනේ කල්පනාවටමයි.

........💜️........ RITHU SAKURA .......💜️........

"පුතත් ආස එකේ තව නංගියෙක් හරි මල්ලියෙක් හරි ගේන්නකෝ අක්කේ"

චාන්‍යා කිව්වේ සයනයේ සිය පුතුගේ අතකුත් අල්ලගෙන ඔහුගේ එහා පසින් නිදාගෙන ඉන්න අකේන් දිහා බලාගෙන.මේ අවුරුද්දට ඔහු ලොකු වෙලා ඉන්න හැටි බලද්දි චාන්‍යාට හිතාගන්න බෑ එතරම් වේගයෙන් ඔහු ලොකු වුනේ කොහොමද කියලවත්.දැන් ඇයට ඔහුගේ කුඩා කාලය මොන වගේද කියලා මතකයේ නැති තරම්.

"ගේන්න නම් ආසයි අනේ.ඒත් මාධව කියනවා තව අවුරුද්දක් ඉවසමු කියලා.එයාට නම් මොකෝ.මගෙ වයස පැන්නම දරුවො එක්ක ඔට්ටු වෙන්න ලේසි නෑ"

නිදාගෙන සිටින පුතුන් දෙදෙනා දෙස සෙනෙහස පිරි බැල්මක් හෙලූ විහාරා කිව්වේ මූණත් අකුලවමින්.

"ඔය දෙන්නගෙම තියෙනවා පුදුම පණ්ඩිතකමක්...අපි කියන දෙයක් ගණන් ගන්නෙ නෑ..මං දුවෙක්ට මාරම ආසයි අක්කේ"

ඇය සිනහව සඟවගෙන කතා කරද්දී විහාරාත් එයට එකඟවෙමින් හිස සැලුවා.

"මාත්..අයියෙක්ට ඉතින් නංගියෙක් ඕනමයි.ඒත් ඉතින් ලැබෙන කෙනාව බාරගන්න ඕනනේ..ඒ නිසා කවුරු උනත් කමක් නෑ චූටි පැංචෙක්ව ආයේ නලවන්න හිතෙනවා"

දෙදෙනා දරුවන් ගැන, සිය අනාගත අපේක්ශා ගැන අඩු හඬින් කතා කරමින් ඉන්නැද්දි ආලින්දයෙන් ආ අහිංසාගේ හඬ ඇසුනේ ඒ එක්කම මාධවගේ හඬත් ඇසෙද්දී.

"ඇවිල්ලා වගේ...අනේ මන්දා දෙන්නගෙ මොකක් හරි හොර වැඩක් තියෙනවා.අහිංසා රට ඉන්න දවස් වලත් ගෙදර ඉන්නැද්දි මේ අයියා නඟෝ එක්ක පැය ගණන් කතාව...වෙනදට එහෙම නෑනේ"

"මටත් දැනෙනවා අක්කේ.අහිංසා මොනා කරන්න හදනවද කියලා දෙයියෝ තමා දන්නේ"

"මාධව දෙයියෝ නම් දන්නවා.මට නොකිව්වට...අයියා ආව එකේ කාලා එන්නම්.බඩගිනියි.එයත් දැන් බඩගින්නෙ ඇත්තේ"

අකේන් වටා තව කොට්ටයක් තැබූ විහාරා චාන්‍යාගේ කාමරයෙන් පිටත්ව යද්දී චාන්‍යාත් මුනින් තලා පෙරලිලා ඉන්න චෙතෝද් දිහා බැලුවේ ආදරෙන්.අකේන්ව දැක්ක වෙලාවේ ඉඳන් මොනාදෝ කට උල් කර කර කියමින් චෙතෝද් දඟලද්දී චාන්‍යාට දැනුනු හැඟීම මෙහෙමයි කියන්න බෑ.ඕනෑම යුවතියක් සිය ආදරේ සංකේතයක් ඉදිරියේ ඇය මෙන්ම සංවේදී වෙනවා ඇති කියලා ඇයට හිතුනා.

"කෝ මේ සංකුට්ටලා දෙක..?"

අහිංසා කාමරේට ආවේ ටිකක් සද්දෙන් එහෙම අහගෙන.

"ශ්ශ්..."

ඇය එකට නිදන් ඉන්න පුතුන් දෙදෙනාව දැක්කෙත් චාන්‍යා මුවට දබර ඇඟිල්ල තබා ඇයව නිහඬ කෙරෙව්වෙත් එකටමයි.මාධව සමඟ ගිහින් එන අතරතුර පුංචි පැටව් දෙදෙනා වෙනුවෙන් ගත් සෙල්ලම් බඩු කිහිපය සහිත බෑගය හිමීට මේසය මතින් තැබූ අහිංසා හිමීට අඩි තබා ළං වුනේ චාන්‍යා ගාවට.

"ආසා හිතෙනවා මෙහෙම දකිද්දි..හුරතලේ"

ඇය රහසින් මුමුණමින් සිය දුරකථනයෙන් ඡායාරූපයක් ගත්තේ එය සිය වෝල්පේපරය කරගැනීමේ අරමුණින්.

"නැන්දිගෙ බබා තමා අඩු මෙතනට"

චාන්‍යා හිනාවකින් රහසින් කියද්දි අහිංසා නොරිස්සුමෙන් කට හැදුවා.

"නැන්දිට බබ්බු රෝස කැලෙන් තමා ඇහිදන් එන්න වෙන්නේ.."

"රෝස කැලෙන් මොකට ගේන්නද?මාමා පොඩ්ඩට කිව්වා නම් ඉවරනේ"

පොඩි දෙදෙනා නිදි නිසා චාන්‍යාට දෙකක් කියාගන්න බැරිව ලතවුනු අහිංසාට කරන්න තිබ්බ එකම දේ චාන්‍යාට ඔරවන එක විතරයි.

"සොරි...සොරි...මාමා පොඩ්ඩව එක්කෙනෙක් පරිත්‍යාග කළානේ..වැරදුනා මට.."

චාන්‍යා එය විහිලුවෙන් මිමිණුවද අහිංසාට එවර නම් සියුම් දුකක් දැනුනා.සිය කුලුදුල් ආදරය කාටවත් පරිත්‍යාගයක් වේවි යැයි ඇය හිතුවේ නෑ.ඒත් අහිංසා දැන් ඉන්නේ ප්‍රශ්ණ වැලක.ශාදි සම්බන්ධව වූ විවාහ යෝජනාව තව දුරටත් නෑ කියලා සාරංග පැවසූ අයුරු ඇයට මතකයි.නමුත් ලංකාවට ආ පසුවද සාරංගගේ හැසිරීම එදා වගේම නපුරු වෙලා තිබුනා.ඔහු තාමත් තරහින්ද නැතිනම් තමා වගේම කතාවට මුල පුරන්න දිනයක් එනතුරු ඉන්නවාදැයි අහිංසාට තේරෙන්නෙ නෑ.චාන්‍යා කියූ පරිදිම තමා ඔහුව පරිත්‍යාග කළාද?එසේ නම් ඔහු ශාදිට නැවත ළං වූවාද?

"මේ..දෙන්නා ළඟ ඉන්න හොඳේ.අයියගේ රෙදි ටිකක් තියෙනවා.මැශින් එකෙන් වොශ් කරන්න බෑ.ඇකිලෙනවා.හෝදලා එන්නම්..උපරිම විනාඩි විස්සයි"

චාන්‍යාගේ වදනින් ඇය දෙස බැලූ අහිංසා එයට හිස සැලුවා.

"වෙලාව අරන් වැඩේ කරගන්න.මම ඉන්නම් මෙතන.."

අහිංසාට දෙදෙනාව බාර දී චාන්‍යා රෙදි කූඩයක් රැගෙන කාමරයෙන් ඉවතට යද්දී අහිංසා හෙරක මෙන් හිමීට සයනය මතින් ඇල වුනා.පුංචි චෙතෝද් සිටියේ ඔහු වෙනුවෙන් සැකසූ කොටස ආසන්නයේ.අකේන්ට එහා පසින් ලං වී ඇලවීගෙනම අහිංසා සිය දුරකථනයෙන් ඇති තරම් ඡායාරූප ගත්තේ පුතුන් දෙදෙනා හොඳ නින්දෙන් පසුවෙද්දී.දැන් ඉතින් ඉදිරියට ඇගේ දුරකථනයේ ගැලරිය පිරී යන්නේ කුඩා පුතුන්ගේ ඡායාරූප වලින්.නැන්දෙක්ට ඊට වඩා නම් දෙයක් තියෙනවද?අකේන්ගේ පිටට තට්ටුවක් දමමින් ඇය චාන්‍යාගේ දුරකථනය අතට ගත්තේ එයට ඇමතුමක් එද්දී.දරුවන් දෙදෙනා ඇහැරේවි යැයි සිතා අහිංසා එයට ඉක්මනට පිලිතුරු බැන්ඳේ ඇමතුම කේශවගෙන් වූ නිසාවෙන්.

"හෙලෝ..සුදූ..මොකක්ද බබා අඳින ඩයපර් බ්‍රෑන්ඩ් එක??මතක නෑ"

"බබාගේ අඳින එක තාත්තා දන්නෙ නැද්ද ආ?"

"අහ්..නංගි.අක්කගෙන් අහලා කියනවකෝ..මම ටවුන් එකට ආවා වැඩකට.එදා ගිය වෙලාවේ දෙන්නටම ගේන්න අමතක වුනා..මතක් වෙච්ච වෙලාවේ ගේන්න ඕනේ.හවස එද්දි අමතක වෙනවා..බ්‍රැන්ඩ් එක අහලා කියනවකෝ "

"චී..ලැජ්ජයි අයියේ..ළමයාගේ දේවල් මතක නැද්ද?මාස හයක් මොනාද කරේ ආ??"

"උඹට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑනේ..පරක්කු වෙනවා යකෝ..කියනවා ඉක්මනට.."

"දවස් දෙකක් ළමයා ගාව උන්නු මම දන්නවා බ්‍රෑන්ඩ් එක..තමුසෙ නම් මොකෙක්ද මන්දා අයියේ..."

අහිංසා ඔහුව තරහ ඇවිස්සුවේ එය ඇගේ විනෝදාශය නිසා.කාලෙකින් ඔහුව තරහා ගැස්සවීමට ලද අවස්ථාවෙන් ඇය ගාණට ප්‍රයෝජනය ගනිමින් උන්නා.

"මේ නංගි..තමුසෙ ඔය දඟලන්නේ ගෙදර ආවම මගෙන් පාරක් කන්න හරිද?"

අමාරුවෙන් මුව වසාගෙන සිනහව තද කරන් සිටි අහිංසා එක්වරම ගල්ගැසී ගියේ දුරකථනයෙන් ගලා ආ තවත් හඬකට.

"අහිංසාද??"

"ඔව්..බං"

"දීපන්කෝ බලන්න"

ඇය දෙගිඩියාවෙන් මෙන් ඉද්දි එක්වරම ඇගේ නම ඔහුගේ මුවින් පිටවෙද්දී අහිංසාගේ හදගැස්මත් නතර වුනා වගේ.එසේ නම් කේශව මේ මොහොතේ ඉන්නේ සාරංග සමඟද?

"හෙලෝ...අහිංසා.."

ඇයට පෙරලා හෙලෝ කියන්නවත් සිහියට ආවේ නැහැ.

"කෝළම් නොකර පොඩි එකාගෙ පැම්පි වර්ගේ කියනවා..වෙන එකක් ගෙනාවොත් චානු කන්කෙඳිරි ගානවා.මතක නැති නිසයි අහන්නේ"

තරමක් දැඩි හඬින් අහද්දි අහිංසාට දුකක් නොදැනුනාම නෙමේ.හැමවෙලාවෙම මෙතරම් කේන්ති ගන්න තරම් කළ වරද නොතේරෙද්දී ඇය ඒ දුක එළියට එන්න නොදී තියාගන්න උත්සාහ ගත්තා.

" ........... බ්‍රෑන්ඩ් එක"

"සයිස් එක එතකොට...ස්මෝල්ද?"

"ඔව්..."

"හා..තියනවා ෆෝන් එක"

ඇයට පෙර ඔහුම ඇමතුම විසන්ධි කරද්දී අහිංසාට කේශවගේ හිනා හඬ යන්තම් කන වැකුනා.තුනී දුකක් දැනෙද්දී ඇය දෙනෙත් පියාගත්තේ ඉස්සරහට වෙන දේ හිතාගන්න බැරිව.වෙනදා යාලුවෙක්ටත් වඩා ළඟින් සිටි ඔහු ආගන්තුකයෙක්ටත් වඩා දැන් දුරස් වෙලා.දරාගන්නත් බැරි ඒකමයි.

........💜️........ RITHU SAKURA .......💜️........

සහෝදරයන් සියලු දෙනාම එකතු වූ සතුටට තුශාරි සිය කැමැත්තෙන්ම සැකසූ රාත්‍රි කෑම මේසය දකිද්දි හැමෝටම පුදුම හිතුනා.කාගෙවත් ඉල්ලීමකින් තොරව ඇය එලෙස කරාවි යැයි කාටවත් හිතුනේ නෑ.

"ශා..අද තුශාරිට මොනා හිතිලද මඟුල් ගෙදරකට වගේ ඉව්වේ?"

මාධව ඇසුවේ දුම් දමමින් තියෙන කෑම දිහා බලාගෙන.තුශාරි එයට පෑවේ අහිංසක හිනාවක්.

"ඒක නේන්නම්..නිවාඩුවක්වත් ඕන වෙලාද දන්නේ නෑ නේද අප්පච්චි?"

කේශවත් කියද්දී තුශාරි හිස සැලුවේ එය එසේ නොවන බව අඟවන්න.

"අනේ නෑ කේශව මහත්තයා.අද හැමෝම ඉන්නවා දකිද්දි ආසා හිතුනා..ඒකයි මම එහෙම හැදුවේ..අහිංසා නෝනාගෙනුත් මම නිකමට ඇහුවා.එයත්...හා කිව්වා"

අහිංසකකමට ඇය පැවසුවේ තමන් වරදක් කළාදෝයි හිතෙද්දි.

"බොරුවටනේ තුශාරි අක්කා මහන්සි වුනේ?මටත් අද කිචන් එක පැත්තෙවත් එන්න වුනේ නෑ.දන්නවා නම් උදව් කරනවා..හෙට අනිද්දට අපි කොහොමත් ඩිනර් අවුට් එකක් යන්න ප්ලෑන් කරන් ඉන්නේ.තුශාරි අක්කත් යමු.."

චාන්‍යාගේ වදනින් හිනාවකින් හිස සැලුව තුශාරි නැවත මුලුතැන්ගෙට යද්දි කෑම මේසයෙන් හැමෝම වාඩි වුනේ කේශව සාරංගට ඇමතුමක් ගද්දි.

"හෙලෝ...මචං..කන්නයි ලෑස්ති වෙන්නේ?උඹ එන්නෙ නැද්ද දැන්ම?"

"මේ ගේට් එක ගාව..ටිකක් ඉඳපන්"

එතකින් ඇමතුම විසන්ධි කළ කේශව ඒ එක්කම දැක්කේ තමන් දිහා පුදුමයෙන් බලන් ඉන්න අහිංසාව.මේ ගෙදරට රැයක් දවාලක් නැතිව,තමන්ගේ නිවසට වගේ යන එන යාලුවෙක් කේශවට උන්නා නම් ඒ සාරංග විතරයි.ඉතින් ඇය පුදුමයෙන් බලන් උන්නෙත් ඒකමයි.කට කොනකට හිනාවක් නඟාගත් කේශව හැරුනේ ගිරිරාජ් දිහාවට.

"සාරා එනවා කිව්වා අප්පච්චි..එදා ඌ ආව වෙලාවේ අප්පච්චි නිදන් උන්නේ කතා කරන්න උනේ නෑ කියලා.."

"හ්ම්ම්..මට කෝල් කරලා කිව්වා..අද එන එක හොඳයි..මේවා තවත් කල් දාලා තේරුමක් නෑ"

තමා නොදැන ඔවුන් මේ කතා කරන දේවල අරුත තේරුම් ගන්න බැරිව අහිංසා ඔවුන්ගේ මුව දිහා බලන් උන්නේ විමසිල්ලෙන්.ඒ එක්කම ඇසුණු රථයක හඬට අහිංසා ඉක්මනට කෑම පිඟානට ඔලුව නැඹුරු කරගත්තා.ඔහුගේ පියවර හඬ කෑම මේසය දෙසට එන හඬ ඇසුණත් අහිංසා නෙමේ ඔලුව ඉස්සුවේ.

"අම්මට...අද නම් හොඳ වෙලාව බලලා ඇවිත් තියෙන්නේ..මඟුල් ගෙදරකට වගේනේ අන්කල්"

කේශව වාඩි වී සිටි පුටු ඇන්ඳට නැඹුරු වෙලා සාරංග කිව්වේ වෙනදට වඩා පිරිලා තියෙන කෑම මේසය දිහා බලාගෙන.

"වාඩිවෙන්න පුතා.කෑම කාලම ඉමු"

ලද අවසරයෙන් කේශවට එහා පසින් වාඩි වුනු සාරංග හිස රැඳි හිස් වැසුම ගලවා දැම්මා.

"අද විශේෂයක්ද?"

"නෑ බං..තුශාරිට ආසා හිතිලා"

සියලු දෙනා නිහඬව කෑම ගද්දි සාරංග බැලුවේ දෙනෙත් ඔසවන්නේ නැතිව කෑම ගන්නා අහිංසා දිහා.හිසකෙස් උඩට කර ගුලියක් කර බැන්ඳත් අතරින් පතර ගෙලට වැටුනු කෙහෙරැලි දිහා සාරංග බැලුවේ විමසිල්ලෙන්.වර්ණ ගන්වා තිබූ කෙහෙරැලි දිහා බලද්දි ඔහුට දැනුනේ නොරිස්සුමක්.කිසිදාක ඇයට විලාසිතා වලට වාරණ දාන්න නොසිතුවත් හොර රහසේම ඔහු ඇයටත් වඩා ඒ දිගු කෙස් වලට ආදරේ කරන්න පටන් ගත්තේ යාලු වෙන්න කලින්මයි.ඒත් ඔහු නිහඬවම උන්නේ ඒ ගැන කතා කරන්න දවස අද නොවන නිසා.

"උඹ කලින් එනවා කියලා නේද කිව්වේ?අයියත් කිය කිය කාලෙකින් සෙට් වුනේ නෑ කියලා"

එවර මාධව දෙසට විහාරා බැල්මක් හෙලුවේ මාධව ඇය දිහා නොබලා ඉන්න පරිස්සම් වෙද්දි.

"වෙන දවසක සෙට් වෙමු..මට ඒගන්න වුනේ නෑ.දුව යන්න දුන්නෙම නෑ..පොඩි උනාට හොඳට තේරෙනවා"

සාරංගගේ කතාවට අහිංසා දෑස් ඔසවා ඔහු දිහා බැලුවේ ඒ කිව්ව අප්‍රබංසය නොතේරෙද්දි.

"අහන්නත් අමතක වුනා බං..දුවට කොහොමද?"

"දැන් නම් අඩුයි...ඒත් ඒ අස්සේ උණ ගන්න වගේ..ඇඟ රස්නේ තිබ්බා"

අහිංසාට කන්නවත් සිහියක් නාවේ ඒ වචන ඇහෙද්දි.කේශව ඒ දුව කිව්වේ කාටද?සාරංග මේ කතා කරන්නේ කවුරු ගැනද?"

"ඩොක්ටර් ලොකු බේතක් ලිව්වේ නෑ.මාස තුනයි කියලා..ඒත් වැඩි උනොත් එක්කන් එන්න කිව්වා..."

ඇනූ බත් කට කාගන්න බැරිව අහිංසා ගල්ගැසී බලා සිටිද්දී ඇයව අවදානයෙන් ගිලිහුනු කේශවටයි සාරංගටයි වගක් නොවුනට මාධව නම් ඇගේ වෙනස දැක්කා.මේ ඒ ගැන කතා කරන්න වෙලාව නොවන නිසා මාධව මිතුරන් දෙදෙනාට බාධා කළේ උගුර පාදමින්.

"කාලා ඉන්නවකෝ දෙන්නම"

මාධව තරමක් හඬින් පවසද්දී කේශවයි සාරංගයි හිස ඔසවා බැලුවෙන් මාධව දෙනෙතින් ඉඟි කලේ අහිංසාව.ඔහුගේ ඉඟිය වටහාගත් දෙදෙනා නිහඬ වෙද්දී සාරංග අහිංසාගේ නෙත් සිය දෙනෙතින් අල්ලාගත්තේ ඒ සතරකම්මන්ත්‍රණය තප්පර කීපයක් ගලාගෙන යද්දී.ඔහුගේ බැල්ම ඉදිරියේ අසරණ වූ අහිංසා බිම බලාගද්දි සාරංගගේ මුවේ යන්තම් හිනාවක් ඇඳී ගියා.

........💜️........ RITHU SAKURA .......💜️........

"මතීශයලා උදේමද ගියේ අන්කල්?"

"නෑ සාරංග..ටිකක් දවල් වෙලා ගියේ.මාසයයිනේ ඉතුරු.වැඩ ගොඩගැහිලා ඇත්තේ.ඒ පැත්තේ යන්න ඕනේ වෙලාවක උදව්වට.."

දෙදෙනා කතා බහේ ඉන්නා අයුරු ආලින්දයේ කොණක සිටි අහිංසා බලන් සිටියේ පුතුන් දෙදෙනාව හුරතල් කරන ගමන්මයි.මේ දෙදෙනාට මෙතරම් කතා කරන්න තිබෙන වැදගත් කාරණාව දැනගැනීමට නොහැකිව ඇය ලතවෙමින් උන්නත් කිසිවෙකුගෙන්වත් එය අසන්නට හිත් දුන්නේ නැහැ.හැමෝම කුමක්ම හෝ දෙයක් දැනගෙන තමාගෙන් සඟවනවා දැනෙද්දි ඇයට දැනුනේ මහා තනිකමක්.ගතින් පුතු දෙදෙනා අසල උන්නද ඇගේ දෙනෙත් නිතරම ගියේ සාරංග දිහාවට.එතනට කේශවත් මාධවත් එකතු වෙද්දී ඔවුන් කතා කරන කාරණය වැදගත් එකක් වෙන්න ඕනා කියලා අහිංසාට හිතුනා.

"අහ්..චානු..මෙන්න මේ කොල්ලා ටොයි ගිහින්ද කොහෙද..නෝටි බෝයි...ගඳ...ගඳ..."

නහය අකුලවමින් අහිංසා කිව්වේ පුංචි චෙතෝද්ගේ මූණත් රතු වෙලා තියෙද්දි.ඔහුව වඩාගත් ඇය කාමරය දෙසට යන්න හදද්දී චාන්‍යා පැමිණ ඔහුව වඩාගත්තා.

"මෙහෙ දෙන්න අහිංසා..ඔයාට බෑ"

"අනේ කමක් නෑ..මට පුලුවන්"

"පුලුවන් උනාට පස්සෙ කාලෙක කරගන්නකෝ ඉතින්..මම මෙහෙමම චේන්ජ් කරවලා නිදිකරවන්නම්..."

ඔහුව සිපගනිමින් චාන්‍යා කාමරයට යන්න හැරිලත් නැවත යමක් සිහි වී හැරුනේ ඇය දිහාට.

"වටලප්පන් ටික මම කප්ස් වලට දැම්මා.අයියලට ගිහින් දෙන්න.අප්පච්චි නම් දැන් කන එකක් නෑ"

දෙයියෝ බැලුවා වගේ ඕපේ හොයන්න අවස්ථාවක් එලඹෙද්දී ඇය ඉක්මනට මුලුතැන්ගෙට ගියේ තුශාරි එය රැගෙන යන්න කලින්.තුශාරිට අස්පස් කිරීමට උදව් කරමින් සිටින විහාරා දකින්නටත් පෙර වටලප්පන් දැමූ බන්දේසිය රැගෙන අහිංසා ආලින්දය දෙසට පියවර තැබුවේ ගැහෙන හිතින්.ඇය එන බව දුටු ගිරිරාජ් කතා බහ නතර කරද්දි අනෙක් තිදෙනාත් නිහඬ වුනා.

"වටලප්පන් ගෙනාවා"

පිළිවෙලින් මාධවටත් කේශවටත් අවසන සාරංගටත් බන්දේසිය පෑ අහිංසා තප්පරයක් දෙකක් කල් මැරුවද ඔවුන් කතාබහක් නැතිවම වටලප්පන් කද්දී ඇයට දැනුනේ කේන්තියක්.ඇය හොරගල් අහුලන හේතුව තේරුනු තිදෙනාම හිතින් හිනාවෙමින් ඉද්දි කේශව බැලුවේ බන්දේසියත් පපුවට තුරුලු කරගෙන බලන් සිටිනා ඇය දිහා.

"තමුසෙ යනවා.බලන් උන්නා කියලා මුකුත් හම්බෙන්නේ නෑ.."

සමච්චල් සිනාවක් මුව රඳවගෙන කේශව කියද්දි අහිංසාට තවත් ලැජ්ජා හිතුනේ එයට සාරංග හිනාවෙනවා දැකලා.ඇය ගස්සගෙන අනිත් පැත්ත හැරෙද්දීම ඇය දිහාම බලන් සිටි ගිරිරාජ් ඇයව අමතන්නට වුනා.

"දුව..පොඩ්ඩක් ඉන්නකෝ"

"ඇයි අප්පච්චී?"

යාන්තමින් වදන් පිට කරගත් අහිංසා බලන් උන්නේ ගිරිරාජ් දිහාමයි.

"මේක කියන්න වෙලාවක් එනකන් උන්නේ.ඒත් ඉතින් හැමදාම හොඳම වෙලාවල් එනකන් උන්නොත් වැඩේ වෙන්නෙ නෑ..."

"මොකක් ගැනද අප්පච්චි කියන්න තියෙන්නේ?"

ගිරිරාජ් මොහොතකට සාරංග දිහා බැලුවා.කිසිවෙකුගෙන්වත් බැල්මකින්වත් විරෝධයක් නොවුනු තැන ඔහු බැලුවේ සිය දියණියගේ විමසිලිමත් දෙනෙත් දිහා.

"ඔයා දැන් හැමදේම අමතක කරලා ඉන්න එකේ...මේ අවුරුද්දෙම ඔයාගේ මැරේජ් එක කරවන්න කියලා බැලුවේ...එයාලා ඊළඟ සතිය දිහාවේ මෙහෙ ඒවි"

මුලු ලෝකෙම කඩා වැටෙනවා මෙන් දැනෙද්දි අහිංසාගේ දෙනෙත් පුදුමයෙන් විසල් වුනේ ඒ වචන අදහගන්න බැරිව.

"අප්ප..ච්චී...මොනාද මේ ඔයා කියන්නේ?

"මම මේ ඇත්තටමයි කියන්නේ දූ..ඔයා ගැන හිතන්න කාලේ හරි..කවදා වෙනකන් ඔහොම තනිකඩව ඉන්නද අනික?"

"ඒත්..."

"දුවගේ හිතේ පරණ දේවල් දැන් නෑනේ නේද?"

සිය පියාම සිය ආදරය ඉදිරියේම ඇයව මෙතරම් අසරණ කරාවි කියලා ඇය හිතුවේ නෑ.ඒ තරම්ම අසරණකමක් දැනෙද්දි ඇගේ වේදනාබරිත දෙනෙත් යොමු වූයේ සාරංග දිහාට.වටලප්පන් දීසියද අත තබාගෙන ඔහු එක එල්ලේ ඇය දිහා බලන් ඉන්නේ අහිංසාව තවත් අසරණ කරමින්.ඔහු දන්නේ නම් තාමත් ඔහු කෙරෙහි හිතේ තියෙන ආදරය එලෙසින්ම බව ඔහු මෙලෙස තමාට අසරණ වන්නට දෙන්නෙ නැහැ.ඒත් ඒ හිස් බැල්ම අහිංසාගේ හිත බිඳලම දැම්මා.

"අප්පච්චී..මට බෑ මැරි කරන්න.මං කැමති නෑ"

ඔහුගේ පෙර ප්‍රශ්ණය මඟ හරිමින් අහිංසා පවසන්නට වූයේ හැඬුම් වාවගෙන.

"මම ඔයාගේ කැමැත්ත අකැමැත්ත ඇහුවේ නෑ.දැනුවත් කළා විතරයි"

මීට වසරකට පෙර තමා සිය පියාට දමා ගැසූ වදනින්ම අද ඔහු තමාටම ප්‍රහාර එල්ල කරනා අපූරුව!ගිරිරාජ්ගේ ඍජු බැල්ම ඉදිරියේ සිය ආත්ම අභිමානයම විනාශ වෙලා යනවා වගේ දැනෙද්දි ඇය මාධව දිහා බැලුවේ ඔහුගෙන් සහායක් බලාපොරොත්තුවෙන්.නමුත් ඔහුගේ බැල්මේද සිය පියාට වඩා වෙනසක් නැති බව දුටු ඇය තවත් අසරණ වුනා.

"අනේ මට බෑ අප්පච්චි"

ඇය එවර කතා කලේ ආයාචනයක් පරිද්දෙන්.

"මීට අවුරුද්දකට කලින් ඔයාත් ඔයාගේ කැමැත්තට තීරණ ගත්තනේ..දැන් මගේ වාරේ දුව..ඔයා වරද්දගත්ත තැන් මම හදන්න ඕනේ..ඔයාගේ මැරේජ් එකට මෙතන ඉන්න කාගෙන්වත් බාධාවක් නෑ..මේක පොදු තීරණයක්"

එහි සිටියේ සිය පවුලේ අය පමණක් වූවා නම් අහිංසා ඒ වචනය ඉදිරියේ එතරම් සැලෙන්නේ නෑ.ඒත් තමා සිය සහකරු කරගන්න හීන මවපු කෙනත් ඒ අතර ඉන්නවා දකිද්දි ඇයට හිතුනා මියැදුනා නම් හොඳයි කියලා.එසේ නම් ගිරිරාජ් ඒ නොකියා කිව්වේ අහිංසා වෙන අයෙකු හා විවාහ වනවාට සාරංගගේ විරුද්ධත්වයක් නැති බව නොවේද?ඇගේ වේදනාව සියුම් කෝපයකට පෙරලුනේ වේදනාවේ උච්චතමයට එද්දියි.

"මට බෑ අප්පච්චි..කාගේ තීරණේ උනත් මට වැඩක් නෑ...මට කසාඳ බඳින්න බෑ...කාට මාව එපා උනත් මට කමකුත් නෑ..හැමදාටම තනිකඩව ඉන්න එක මට සැපක්..බලෙන් බන්ඳන්න හැදුවොත් මම මෙහෙන් යනවා..ඔව්..හැමදාටම යනවා.."

"නංගී..."

වේදනාව මුසු වූ කෝපයකින් අහිංසා උස් හඬින් කියද්දී මාධව ඇයට සැර කළේ කේශව දෑත් බැඳන් ඇය දිහා බලන් ඉද්දී.හයියෙන් හුස්ම ගනිමින් සාරංග දෙස බැලූ අහිංසා අත රැඳි බන්දේසිය මහ හඬින් ස්ටූලය මතටම අතහැර ආපසු හැරී වේගයෙන් උඩු මහලට දෙසට අඩි තැබුවේ දෙනෙතට ඉනූ කඳුලු පිස දමමින්.

-මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

ඔන්න එහෙමලු වෙන්නේ.

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

1.7K 256 7
මිස්ටර් රුද්‍රාක්ශ ප්‍රතාප් ගජේන්ද්‍රනාත් ! " දන්නව ද මම කියවන පොතක තිබ්බේ සරීන් කියන්නේ nerve gas එකක් කියලා. විනාඩි දහයකින් වගේ මනුස්සයෙක් මරන්න පු...
36.4K 5.4K 48
හිනා වෙන්න දන්නෙ නැති බොස්ට හිනාව ගේන්න ඒ අහිංසකීට පුළුවන් වෙයිද.... තමන්ගෙ ආදරවන්තයාව ඒ නපුරු හීන වලින් ගලවගන්න ඒ දග මල්ලට පුළුවන් වෙයිද..... නපුරුක...
414 62 10
උසස් ද පහත් ද....මට අදාල නැහැ ........ මොකද ඔයා විතරයි මෙහෙ අධිරාජිණිය වෙන්නේ 🥀 Start date : 07 May 2022 Finished date : ???
1.4M 126K 44
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...