සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

65.9K 6.1K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

79

617 64 1
By Rithu_Sakura

සන්තානේ-දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️79 කොටස💜️

තරමක් ප්‍රමාදව අවදි වූ අහිංසාගේ දෑස් තිබුනේ නිදිබරටත් වඩා විඩාබරව.ඇඟමැලි කඩමින් සයනයෙන් බැසගත් ඇය නානකාමරය වෙත ඇදුනේ දිය නෑමේ අදහසින්.උණුසුම් ජලයෙන් දිය නා ගත් ඇය කාමරයට පැමිණ දණිස්ස දක්වා වූ කෙටි කලසමකින් හා ටී ශර්ටයකින් සැරසී පැමිණියේ දුරකථනයට ආ ඇමතුමකට පිළිතුරු දෙන අතරතුරමයි.

"මුතූවෝ.."

"අහිංසා අක්කී...අම්මෝ හොර ගෙඩියා.නොකියම ආවා නේද?"

"සප්‍රායිස් කියන්නේ ඒවටනේ..ඉතින් කෙල්ල..කොහොමද?"

"හොඳින් ඉන්නවා අක්කී.සැලෝන් එකට යන්න නැතුව මේ අවුරුද්දම මාරම පාලුවෙන් උන්නේ..ඔයා දන්නවනේ ඉතින්"

"අර කෙරුව ඩිප් එක ඉවරයි නේද?ආයේ මාත් එක්ක ජොයින් වෙන්න බලන් ඉන්නවා හොඳේ"

"අනිවාර්‍යෙන්ම.ඔයා නිසාමයි මාත් මෙහෙ ඩිප්ලෝමා එක කළේ.ඒත් අක්කි සැලෝන් එක??"

මුතූ ඇහුවේ සැකයෙන්.අහිංසා ගියාට පසුව මාස කීපයක් එහි වැඩ කළේ අහිංසාගේ යාලුවෙක්.ඒ මුතූ එක්කමයි.නමුත් ඇයත් පසුව මඟින් නවතිද්දී අහිංසාගේ අදහසකින් එය වෙනත් අයෙකුට ඇගේ රූපලාවන්‍ය උපකරණ සමඟම විකුණා බාර දුන්නේ ඒවා තියාගෙන ඉඳලා වැඩක් නැති නිසා.අහිංසා සතුව දැන් තියෙන්නේ අත්‍යවශ්‍යම උපකරණ කීපයක් විතරයි.ආයෙමත් මුල ඉඳන් හැමදේම පටන් ගන්න සිද්ද වෙලා.මාධව නම් කිසිවක් නොකිව්වට දරපු පිරිවැය ගැන කේශව උන්නේ අහිංසා එක්ක කේන්තියෙන්.නමුත් අහිංසා ඉගෙන ගනිමින්ම ඉදිරි කටයුතු ඔක්කොම සැලසුම් කරගෙනත් ඉවරයි.මාධවගේ මාර්ගයෙන් බදුල්ල නගරයෙන්ම ගත් කුඩා ඉඩම් කැබැල්ලක ඇයගේම රූපලාවන්‍යාගාරයක් හදන්න සියල්ල සූදානම්.

"සැලෝන් එකත් සප්‍රයිස් එකක් තමා.ඉවසගෙන ඉන්නකෝ..වෙලාව ආවම කියන්නම්"

මේ කරගෙන යන වැඩේ තවම දන්නේ මාධව සහ අහිංසා පමණයි.කිසිවෙකුටත් ඇය මේ ගැන නොකිව්වේ නිවැසියන්ව පුදුම කරන්න ඕන නිසාමයි.මෙපමණ කාලයක් හම්බකරගත් මුදලින් ඇය පියවර කීපයක් තනියම තැබූ බව පෙන්නන්නයි ඇයට ඕන වුනේ.සහෝදරයන් සතුව කොපමණ මුදල් තිබුණද ගිරිරාජ් ඇය වෙනුවෙන් ඉතිරි කර තිබුනද අහිංසා ඒ සතයක්වත් වැය නොකර මදිපාඩුව බැංකුවකින් ගත් ණය මුදලකින් පියවගත්තා.මාධවගේ මාර්ගයෙන් ගත් ණය මුදල වූවත් දවසක ඇය ඔහුට පොලියත් එක්කම ගෙවන්න මාධවට පොරොන්දු දීලත් ඉවරයි.

"ඔයා මොනා හිතේ තියන් වැඩ කරනවද මන්දා.මාත් බලන් ඉන්නේ සප්‍රායිස් වෙන්න තමා..මෙහෙ එනවා නේද?එද්දි චොකලට් ගේන්න.ඔයා නැතත් ඒවා ටික වෙලාවට ලැබෙන්න සලස්වන්න"

"කපටි කෙල්ල..ගෙනාපුවා දෙන්න මම ම එන්නම්"

මුතූ සමඟ ඇමතුම අවසන් කළ අහිංසා ඒ වෙද්දි උන්නේ පඩිපෙල පාමුල.ඇය යද්දිත් කේශවගේ පුංචි පුතු සිටියේ සේනාධීර සහ ප්‍රීතිමාලි එක්ක.ආලින්දයේ එලා තිබුණු විශාල ප්ලේ මැට් එකක් මත නානාප්‍රකාර සෙල්ලම් බඩු සමඟ ඔහු දණගාමින් පෙරලෙමින් සිටියේ අහිංසාට ආසා හිතෙද්දී.

"චූටි මැණික..උදේ පාන්දරම වැඩ අල්ලලා වගේ..කෝ එන්නකෝ නැන්දි අතට"

අහිංසාගේ නැලවිලි හඬ දුරකථනයෙන් අසාම හුරු වී සිටි පුංචි චෙතෝද් ලස්සන කිරි හිනාවක් පෙන්නද්දී අහිංසා ඔහුව වඩාගෙන වටයක් කැරකුනා.

"බලාගෙන කෙල්ලේ..දැනුයි උදේට කෑවේ..ඔක්කාරෙට ඒවි"

ප්‍රීතිමාලි පවසද්දි තමා ඇයටත් ඒක මතක් වුනේ.කේශව මෙන්ම ඇයත් ඔහුව කිහිල්ලේ හිරකරගෙන එළියට එක්කගෙන ගියේ දඟකාරයා එක්ක කාලය ගත කරනවා තරම් දෙයක් අහිංසාට නොතිබුනු නිසා.

"මාලි..කෑම කාලා ඉන්න.ඔයාලත් ඇහැරෙන්න පරක්කු වෙයි කියලා අද කෑම හැදුවෙත් පරක්කු වෙලා..සේන..යමු"

ගිරිරාජ්ගේ වදනට ප්‍රතිචාර දක්වමින් ප්‍රීතිමාලිත් සේනාධීරත් එකිනෙකාගේ වාරුවෙන් නැඟිටිද්දී ගිරිරාජ්ට සියුම් සිනාවක් නැඟුනා.අද කුසුම් සිටියේ නම් ඇයත් ඔහුට ඔය විදියටම වාරු වේවි.නමුත් ඒ අතින් තමා අවාසනාවන්ත බව ගිරිරාජ්ට හිතුනා.

........💜️........ RITHU SAKURA .......💜️........

"ලොකු උත්සවයක් එපා කියලා පුතාගෙන් වදේ.කොල්ලා නම් කැමති නෑ.ශීන් දුවත් කියනවා චාමෙට ගමු කියලා..ඒ නිසා සීමිත පිරිසකට කියලා වෙඩින් එක ගන්නයි බැලුවේ"

"දෙන්නගෙ ආසාව ඒක නම් එහෙම කරන්න සේන.කොහොමත් දෙන්නා ලංකාවේ නතර වෙන්නෙ නෑනේ.එහෙත් වියදම් සැරයි.ඒ දේවල් වලට ඉතිරි කරගන්න එක වටිනවා"

"ඒක තමා අයියේ මාත් කිව්වේ.පුතා වෙනම අපාට්මන්ට් එකක් ගත්තා.සෑහෙන වියදම්.දෙන්නා වෙනම ඉන්න ඕනයි කිව්ව නිසා අපි මුකුත් කිව්වෙත් නෑ.අපිට වඩා පැය දෙකක වගේ දුරකින් ඉන්නේ.ඕන වෙලාවක ආවා ගියෑකි"

කෑම ගෙන අවසානයේ ගිරිරාජ් සහ සිංහබාහු යුවල කතාබහක සිටියේ එළිමහනේ පුංචි පුතුව තියන් පියල් කරපටියෙන් අල්ලාගෙන සිටින රස්ටිව පෙන්නවමින් ඉන්න අහිංසා දෙසත් මාරුවෙන් මාරුවට බලමින්.රස්ටි තණගොල්ල මත කෝලම් කරද්දි පුංචි චෙතෝද් හයියෙන් හිනාවෙන්නේ රස්ටිව තවත් අවුස්සවමින්.

"සේන ඊට පස්සේ කොහෙ ඉන්නද කල්පනා කරන්නේ?ලංකාවේ ඉන්නෙ නැද්ද?"

ගිරිරාජ් ඇසුව දේට ප්‍රීතිමාලි නම් මුව ඇද කරගත්‍තා.

"මට නම් ඕනේ ලංකාවේ ඉන්න.ඒත් පුතා නිසා එහෙ ඉන්න තීරණය කළා.දුව ගැන මට බයක් නෑ.එයාට ඔයාලා ඉන්නවනේ..අනික..කේශව දාහකින් හොයාගන්න බැරි දරුවෙක්.සැනසීමෙන් ඉන්නෙ ඒකයි"

සේනාධීරට කලින් පිට වූ ප්‍රීතිමාලිගේ වදන් පිලිගනිමින් සේනාධීරත් හිස සැලුවත් ගිරිරාජ්ගේ දෙනෙත් යොමු වී තිබුනේ අහිංසා දෙසට.සේනාධීරත් ඇය දෙසට නෙත් යොමු කළේ ගිරිරාජ්ගේ හිතේ තියෙන දේ වැටහිලා.

"අහිංසා ගැන මොකක්ද දැන් ගන්න ඉන්න තීරණේ?"

සේනාධීර ඇසුවත් තවමත් ඔහු බලන් සිටියේ අහිංසා දිහාමයි.කුඩා එකියක මෙන් ඇය සිනාසෙන්නේ සතුටින් බව ඇත්ත.ඒත් ඒ හිතේ ප්‍රේමය නිසා උපන් වේදනාව තාම තියෙන බව ඔහු දන්නවා.

"සාරංග එක්ක කතා කළොත් නරකද?"

ප්‍රීතිමාලි ද ඇසුවේ අහිංසා හැමදේම දැනගත යුතු නිසාවෙන්.

"තව මොනා කතා කරන්නද නංගී?එයාට ඕන දේ ඉස්සරහටත් වෙයි.මට තවත් මේවට මැදිහත් වෙන්න දෙයක් එයා ඉතුරු කරලා නෑ"

"ඒත් අහිංසා දැනගත්තම කලබල වෙයි.කෙල්ලත් ටිකක් හිතුවක්කාරයිනේ.එහෙ ඉන්නකන්ම උන්නේ වෙනදා වගේ දඟලලා කරලා ඉන්න විදියට නෙමේ.හරියට කල්පනා කළා..තවත් එයාව ප්‍රෙශර් කරන්න එපා මම නම් කියන්නේ"

ප්‍රීතිමාලිගේ වදන් වලට සවන් දෙමින්ම ගිරිරාජ් ආසනයට හේත්තු වුනා.ඇගේ කතාව ඇත්‍ත.සාරංග තවත් මෙහෙම නිහඬව හිඳීමෙන් වෙන්නේ ඇය තවත් දුක් විඳින එක.හැමදෙයක්ම ඉක්මන් කරන්න ඕන බව ඔහුටත් වැටහුනා.

"මතීශව හම්බෙන්න සාරංග එනවා කිව්වනේ.එතකොට කතා කරන්නම්"

ගිරිරාජ් පැවසුවේ අහිංසාගෙන් නිදහස් වෙන්න ඕන කාලය පැමිණ ඇති බව සිහිවීමෙන්.

........💜️........ RITHU SAKURA .......💜️........

"ප්‍රී ශූට් එකක් ඕනේ නැති බව විශ්වාසද?"

"ඔය කෝලං ඕනෙ නෑ බං.විකාර වැඩ"

මතීශ කිව්වේ නහයත් අකුලවලා.

"ඒත් අක්කා නම් කෝල් කරලා වෙන දෙයක් කිව්වේ"

ආසනයට හේත්තු වෙමින් සාරංග අමුතු හිනාවකින් පවසද්දී මතීශ කළේ නැවත රැව්ව එක.

"ඒකිගෙත් එක හිතක් නෑ.එන ගමන් කිව්වා ඕනේ නෑ ඕවා බොරු වැඩ කියලා.ඒ උනාට උඹට ගත්තම කියන්නේ වෙන වෙන ඒවා.."

දෙදෙනාම සිනහ වූයේ කාරණාව ඇත්ත නිසා.ශීන්ටත් එක හිතක් නෑ.දකින දකින එකට ආසා වෙන්නේ මතීශව විටෙක තරහ අවුස්සවමින්.විවාහ මංගල්‍යයේ වැඩ ගැන කතා බහ කරමින් ඉන්නා අතරතුර මතීශ හිතාමතාම කතාව අහිංසා දිහාට හැරෙව්වා.

"ඩ්‍රෙසින් වලට පිට කාටවත් නොදී අහිංසාට දෙන්න හිතන් උන්නේ.ඒත් ශීන්ගේ රිලේශන් කෙනෙක් වැඩේ කරලා දෙන්නම් කිව්වා.ඒකිගෙත් හිත රිද්දන්න බැරි කමට මෙයා හා කියලා.."

සාරංග දෙස විමසිල්ලෙන් බලන ගමන් මතීශ කියද්දි හිතුවා වගේම සාරංගගේ මූණ වෙනස් වුනේ බලන් ඉන්නැද්දි.

"ඒකි කරන සැලෝන්..මහ ලොකුවට ඩිප්ලෝමා කළාට එහෙ ඉඳන් ඔක්කොම විකුණලානේ..මොලේ තියෙන්නේ මැටිද කොහෙද"

"ඒ වුනාට ඉතින් ඒ මැටි කෙල්ල ගැන අවුරුද්දක් තිස්සේ අහ අහ මට වද දුන්නෙත් උඹ වගේ තමා මට මතක.."

මතීශගෙ සරදම් හිනාවට කට කොණකට හිනාවක් නැඟුනු සාරංග ඒ හිනාව ගිලගත්තා.සාරංග හිත ගලක් කරගෙන ඉන්නා බවක් අහිංසාට ඇඟෙව්වාට ඇය ගැන සොයා බැලූ හැටි හොඳටම දන්නේ මතීශ පමණයි.

"උඹෙත් මාර බොරු ශෝ එක නේ..?පණ දීගෙන ලව් කර කර ලොකුකමත් පෙන්න පෙන්න ඉන්නේ.."

"ලොකුකම නෙමේ ඒ.පාඩමක් ඉගැන්නුවේ..දන් දීලා ඉන්න හැදුවේ තනියම දුක් විඳින්න පුලුවන් නිසානේ.ඉතින් ඒ දුක මොන වගේද කියලා ඒකිටම බලාගන්න සැලැස්සුවා.එච්චරයි"

තවමත් පෙර නොරිස්සුම හිතේ තියාගෙන කතා කළ සාරංග දිහා මතීශ බලන් උන්නේ විමසිලිමත් දෑසින්.

"ශාදි ගැන අහිංසා දන්නෙ නැති බව විශ්වාසද?"

ඉඳලා ඉඳලා මතීශ ඇහුව ප්‍රශ්ණෙට සාරංගට බරැති සුසුමක් හෙලුනා.

"දැනගත්තා කියලා මොනා කරන්නද බං?"

මද නිහැඬියාවක් පැතිරුනේ දෙදෙනාම සිටියේ කල්පනාවක නිසා.

"අද හම්බුනාම කතා කරහන්.හැමදාම මට වද දිදී කෝල් අරන් ඒකි ගැන හොයලා බලපු එකේ වටිනාකමත් නැතිව යනවා උඹ සද්ද නැතිව හිටියොත්..අනික උඹලා ඔය කියන තරම් වරදක් නම් ඒකිගෙන් මම දැක්කේ නෑ.ඒ වෙලාවේ ගොඩක් කෙල්ලො ඒ වගේ හැසිරෙනවා.උඹේ අම්මට ගරු කරලා වචනෙ රැක්ක එකම වටිනවා බං මට නම්..ඇත්තටම කිව්වොත් ඒකි උඹට හොඳ වැඩියි..."

සාරංග ඒ කතාවට රවලා බලද්දි මතීශට නම් ගාණක් උනේ නෑ.

"රවන්න එපා යකෝ..අයි ටෝල්ඩ් වට් අයි ෆෙල්ට්..හිතුනු දේයි කිව්වේ"

උරහිසත් අකුලවමින් මතීශ කියපු තාලෙට සාරංග ඉවසගෙන උන්නේ ඒ චාන්‍යාගේ අයියා නිසා.නැත්තම් මේ වෙද්දිත් ඔහුගේ මුවින් පරුශ වචන කීපයක්ම එළියට ඇවිත්.

"මුන් ටික දැන්ම එන්නෙ නැද්ද?"

"හතරදෙනා රවුම් ගහලා එද්දි තව වෙලා යයි..උඹ රෑට කන්න ඉන්නවද?"

"බෑ බං..අද බෑ.කේශ් ආවම මම යනවා.පොඩි එකාව බලන්න බලාගෙනමයි ආවේ"

"පොඩි එකාද?නැත්තම් පොඩි එකීද?"

"කිව්වා කියලා හිතාගනින්..අරයත් නැති එකේ පොඩි බඩුවක් තියෙනවා අරගන්න.ගිය සතියෙ මං අයි පොඩ් එක කාමරේ දාලා ගිහින්.ඇඳ යටට වැටෙන්න ඇති ශුවර් එකටම.දකින්න කලින් අරන් එන්නම්..."

වාඩි වී සිටි තැනින් නැඟිටගත් සාරංග මතීශ බලා සිටිද්දීම උඩු මහළට ගිහින් විවර කළේ අහිංසාගේ කාමරේ දොරයි.විදුලි පහන දැල් වූ සාරංග කාමරය වටා දෙනෙත් ගෙන ගියේ එහි වූ ප්‍රසන්න සුවඳ විඳගනිමින්.වෙනදටත් වඩා ඇගේ සුවඳ වැඩියෙන් දැනෙන බවක් ඔහුට හිතුනා.ඔහු අවසාන වතාවට එද්දී එලා තිබූ ඇඳ ඇතිරිල්ල පවා තාමත් එහෙමමයි.ඇත්තටම අහිංසාට අමුතුවෙන් දෙයක් අස් කරන්න කාමරයේ තිබ්බේ නෑ.ඒ අවුරුද්දක් පුරාම සතියට අවම දින දෙකක් හෝ සාරංග එහි තනි රැකපු නිසයි.කේශව හා දරුවා බැලීමට එන රාත්‍රීන් වල ඔහු නැවත නිවසට නොයා නවාතැන් ගත්තේ අහිංසාගේ කාමරයේයි.ඔහු ජීවත් වුනේ ඇගේ සුවඳින් හිත පුරෝගෙන.

ඇගේ සයනය දෙසට ආ සාරංග සයනය යටට එබී බැලුවේ අයි පොඩ් එක තියේවිද බලන්න.එය පෙනෙන්නට නොතිබෙද්දී බාපත්ත අසල වූ කොට්ට කීපය අවුස්සා බලද්දී එය බාපත්තත් මෙට්ටයත් අතර තැනක හිර වී තිබෙනු දැක ඔහු ඉක්මනින් එය අතට ගත්තා.එසේ නම් අහිංසා එය දැක නැහැ.එහි අයි පොඩ් ද්විත්වයම තිබේදැයි පරීක්ශා කළ සාරංග එය සාක්කුවට දමාගෙන හැරෙද්දීම දුටුවේ කණ්ණාඩි මේසය මත තිබූ අහිංසාගේ මාලය.කුඩා පුතු මාලය සමඟ ඔට්ටු වූ නිසාම අහිංසා එය ගලවා දැමුවේ දවල් වරුවේ.එහි වූ අලංකාරය නිසාම සාරංග නතර වී එය අතට අරගත්තේ ඇඟිලි තුඩගින් එහි වූ කුඩා මැණික් ගල් පිරිමදිමින්.

"අම්මෝ..මේ වසවර්තියා එක්ක බෑ..මගෙ කොණ්ඩේ ගලෝලා අතට ගන්නවා තව ටිකෙන්"

ෆුඩ් සිටියට ගිහින් සිටි කේශවත් චාන්‍යාත් පුංචි පුතුව වඩාගෙන ආ අහිංසාත් නිවසට ආවේ ඒ මොහොතේ.අහිංසා අත සිටි පුතුගේ වැඩේම අහිංසාගේ හිසකෙස් එක්ක සෙල්ලම් කරන එක.

"කෝ දෙන්න අහිංසා..ඉක්මනට ඇඟ ටිකක් හෝදගෙන එක්කන් එන්නම්.."

අතෙහි වූ බඩු කීපය කේශව අතට දුන් චාන්‍යා පුතුව අරගෙන කාමරය දෙසට යද්දී මතීශට හිනාවක් පෙන් වූ අහිංසා ඒ හිනාවෙන්ම කේශව දිහාට බැල්මක් හෙලුවා.

"ඔන්න බලාගන්න මතීශ අයියේ..මේ වගේ තමා බැන්ඳට පස්සේ ඉන්න වෙන්නේ..තනිකරම නාට්ටාමි කෙනෙක් වගේ.."

අත් දෙකේම මලු කීපයක් තියාගෙන සිටිනා කේශව පෙන්වා සමච්චල් ස්වරකින් පැවසූ අහිංසාගේ හිනාවට මතීශත් එකතු වෙද්දී කේශව නම් උන්නේ රවමින්.

"ඔය හිනා වුනු උන්ට ඉස්සරහට අඬන්න වෙයි"

දෙදෙනාටම පැවසූ කේශව තුශාරිව අමතමින් මුලුතැන්ගෙය දෙසට යද්දී අහිංසා මතීශට පහේ පාරක් දැම්මේ සිනාවෙන්මයි.රට සිටි කාලයේ එක කුස උපන් සහෝදරයන් තරමටම එකතු වූ අහිංසා හා මතීශ දැන් සහෝදරයින්ටත් වඩා හොඳම යාලුවෝ වගේ.

"ශීන් අක්කටත් කියන්න ඕනේ සිස්ටම් එක.."

"උඹ හිතන් ඇති..මාත් එක්ක ඔය සෙල්ලම් බෑ.එහෙදි ඒකි තමා නාට්ටාමි වෙන්නේ"

"එහෙ මෙහෙ වෙනසක් නෑ අයියේ..අපේ අයියත් සිංහයා වගේ තමා උන්නේ.ඔයාගේ නංගි බලු කරලා ගත්තට.ඔයාටත් ඉතින් ඒකම වෙයි බොහෝ විට"

"පලයන්න"

මතීශ ඇයට පාරක් ගසන්න අත දිගු කරද්දී අහිංසා ඉවතට පැන්නේ එයින් බේරීමට.

"මේ..අහන්න උන්නේ.කාගෙද අර කාර් එකක් නවත්තලා තියෙන්නේ?කවුද ආවේ?පේන්න කවුරුවත් නෑනේ"

හදිසියේ යමක් සිහි වී ඇසූ අහිංසා දෙස මතීශ බැලුවේ උඩු මහලටත් මොහොතකට දෙනෙත් යොමු කරමින්.ඇත්තටම අහිංසා විතරක් නෙමේ අවුරුද්ද තුල යම් යම් දේවල් ලබාගත්තේ.අවුරුදු ගාණක් තිස්සේ ගන්න ආසාවෙන් සිටි කාරය සාරංග මිලදීගෙන තිබුනේ සිය මයික්‍රෝ පැන්ඩා රථයද විකුණා දමා ගත් මුදලුත් දායක කරගෙන.ඉතින් සාරංගගේ වාහනය හඳුනා නොගත් අහිංසා ඇසූ පැණයට කුමක් පවසන්නදැයි සිතමින් සිටියදී එය වැලකුණේ කේශවගේ නැවත පැමිණීමෙන්.

"ආ..කේශ්..මේ උඹලගෙ ඩෙකෝ කෙරුව උන්ගේ නම්බර් එක පොඩ්ඩක් දීපන්කෝ.කන්ටැක්ට්ස් වලට දාගන්න බැරි වුනා"

ඉක්මනට කේශවව කතාවට අල්ලගත්ත මතීශ අහිංසා දිහාට හොර බැල්මක් හෙලුවා.දෙදෙනාගේ කතා බහ දැන් ඉතින් නතර වෙන්නේ වෙනම තැනකින් බව දන්න නිසාම අහිංසා දෙවුර හකුලා ගෙන හිමීට පඩිපෙල නඟින්නට වුනා.ඒ දෙස කේශව මෙන්ම මතීශද බලා සිටියේ හොරෙන්.

"අරූ කාමරේද?මං දැක්කා කාර් එක නවත්තලා තියෙනවා"

ඒ ඇසුවේ කේශව.

"හ්ම්ම් කාමරේ..අයි පොඩ් එක කාමරේ දාලා ගිහින්ලු.අහිංසා දකින්න කලින් ගන්න ඕන කියලා ගියේ"

"ඕක ගහගන්න කනක් ඉතුරු වුනොත් හොඳයි"

කේශව පවසද්දී මතීශට කට කොණකින් සිනාවක් නැඟුනා.සාරංග කාමරේ බව නොදැන අහිංසා ගිය ගමන්ම දොර විවර කර වසා දැමුවේ සාරංගව මදකට තිගස්සවමින්.ඒ මොහොතේම හැරී බැලූ අහිංසා ද ඔහු හා සමානව තිහැස්සුනේ ඇගේ දෙනෙත්ද පුදුමයෙන් විසල් වෙද්දී.

ඉතින් මොහොතකට කාලය නතර වෙන්න ඇති.අවට ශබ්දයන් දෙදෙනාටම නෑසි යන්නට ඇති.හදගැස්ම නතර වෙන්නත් ඇති.බලාපොරොත්තු නොවූ ලෙස සිය කුටියේ සිටිනා සාරංගව දැක අහිංසා උන්නේ ගල්ගැහිලා වගේ.අවුරුද්දක් තිස්සේ බලන්නට,අයිති කරගන්නට පෙරුම් පිරුව රුව එක්වරම කාමරයේ සිටිනවා දකිද්දී අහිංසා උන්නේ අදහගන්න බැරිව.ඇගේ හදගැස්ම වේගවත් වුනේ ඒ දෙනෙත් වල බැල්ම දරාගන්න බැරිව.

"සා..රංග අයියේ..ඔයා..මෙතන??"

අමාරුවෙන් වචන කිහිපයක් ගැටගසා ගත් සාරංගද පියවි සිහියට ආවේ ඒ වෙලාවේ.මෙතරම් වෙලා ඇගේ රූ කැල්මන්හි සාරංගද අතරමං වෙලයි උන්නේ.ඒ තරමටම ඒ රුව ඉස්සරහා ඔහුත් කැළඹිලා.ඒත් ඒ බවක් නොපෙන්වා ඉන්න ඔහු උත්සාහ ගත්තා.

"මං වෙන කොහෙද ඉන්න ඕනේ?"

පැහැදිලි හඬකින් පැවසූ සාරංගගේ දෙනෙත් ඇගේ දෙනෙත් වලින් නම් කිසිම වෙලාවක මිදුනේ නෑ.පුදුමයෙන් විසල් වෙන ඇගේ දෙනෙත් ඒ තරමටම ඔහුව මායාවකට හසු කරගෙන.

"වැරදිලා ආවේ කියලා හිතාගන්නකෝ"

කිසිම ගාණක් නැතිව නැවත ඔහු කියද්දී ඔහු බලා ඉන්නැද්දිම ඒ වත මැලවුනා.ඔහු කියන්නේ බොරුවක්.කිසිම හේතුවක් නැතිව ඔහුට මේ කාමරයට එන්න උවමනාවක් නෑ.ඒත් ඒ බවක් කෙළින් අහන්න බැරි ගතියක් අහිංසාට දැනුනා.අහිංසාගේ දෑස් එවර නතර වූයේ සාරංග අතෙහි වූ සිය මාලය වෙත.එහි පෙන්ඩනය ඔහුගේ අල්ල මත හිර වෙලා.

"මගේ මාලේ.."

ඇය කලබලයෙන් මෙන් ඉදිරියට ගියේ ඔහුගේ අතෙහි වූ මාලය ගන්න.පෙන්ඩනය ඇතුලත දමා තිබූ සිය ආදරණීය සිහිවටනය ඔහු දකිනවාට අකැමැත්තක් ඇගේ හිතේ ජනිත වී තිබුනා.ඒත් සිය සමීපයටම ආ අහිංසාට එය ගත නොහැකිව සාරංග අත මිට මොලවා එය තද කරගත්තා.

"අනේ ඕක මගේ.."

ඔහුගේ සුවඳ නාස් පුඩු මතට තදින් දැනෙන මායිමේ නතර වූ අහිංසා කිව්වේ මූණත් බෙරි කරන්.එයට සාරංග කලේ කට කොණින් හිනාවක් පෑව එක.

"ශුවර්ද තමුසෙගෙ කියලා..?"

"ඔව්..මගේ කාමරේ තියෙන්නේ මට අයිති දේවල්.මෙතන වෙන කාගෙවත් ඒවා නෑ"

වැඩිය නොහිතා ඒ වචන පිට කළ අහිංසාට එහි අරුත තේරුනේ අමුතු හිනාවකින් මෙන්ම දීප්තිමත් දෙනෙතින් සාරංගගේ බැල්ම තමන් වෙතම තියෙන හැටි දැකලා.මුවින් නොඇසුවද ඔහුගේ දෙනෙත් ඇසූ ප්‍රශ්ණය ඇයට වැටහුනා.

'මාත් ඔයාගෙද?'

ඔව්.එහි ලියැවී තිබුනේ එහෙම කතාවක්.

"මං..මං..කිව්වේ මාලෙ ගැන විතරයි"

කලබලෙන් මෙන් අහිංසා කිව්වේ හරියට ඔහු කුමක් හෝ පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේ.ඇය හිතින් මවාගත් පැනයට දන්නෙම නැතිව ඇය පිළිතුරු බැඳලා.

"මං මුකුත් ඇහුවේ නෑ ඒ ගැන"

අර සිනාවෙන්ම අහිංසා දෙසට අඩියක් තැබූ සාරංගගේ සමීපත්වය නුහුරට දැනුනු අහිංසා පිටුපසට අඩියක් තැබුවා.ඒත් ඇය හිතන්නත් පෙර කණ්ණාඩි මේසය අතර ඇයව හිර කරගත් සාරංග ඇගේ මුහුණ අද්දරටම ආවේ ඇයට හුස්ම ගන්නත් අමතක කරලා.අවුරුද්දකට පමණ පසු උවන අසලින්ම දැනෙන ඔහුගේ උණුසුම් සුසුම් වලට සිය ආත්මයම දිය වී යනවා වගේ දැනෙද්දී අහිංසා කණ්ණාඩි මේසයේ දාරය දෑතින්ම තද කර අල්ලාගත්තා.ඔහුගේ ආදරය නැවත හිත බලාපොරොත්තු වෙන බව ඇත්‍ත.ඒත් මේ දුරස්බව නැති කිරීමට ඔහු ක්‍රියා කල යුත්තේ මෙසේ නෙමේ.ඊට පෙර ඔහු තමාට සමාව දුන්නද කියලා දැනගෙන ඉන්නා ඕනා නේද?ඒ ප්‍රශ්ණ ටික හිතේම හංඟාගත් අහිංසා දෙනෙත් වසාගත්තේ තවත් ඔහුගේ බැල්මට දියවෙන්න බැරිව.ඒත් එක්කම ඇගේ ගෙලට දැනුනේ කිසියම් ස්පර්ශයක්.ඔව්.මාලයේ ගාංචුව ගලවා සාරංග ඇය දෙසටම නැඹුරුව එය ඇගේ ගෙලේ නැවත පැළඳුවේ අතරින් පතර දැනෙන ඔහුගේ ඇඟිලිතුඩුවලට මුලු ගතේම හිරිගඩු නංවමින්.

"දන්නවද??පණට පණ වගේ ආදරේ කෙරුව කෙනාව එකපාරටම ආගන්තුකයෙක් වගේ මුණගැහෙද්දි දැනෙන හැඟීම මොන වගේද කියලා??"

ගාංචුව දමමින්ම සාරංග සවන අද්දරින් කොඳුරද්දි අහිංසා කළේ කණ්ණාඩි මේසයේ දාරය කොනිති ගහපු එක.ඇය ඒත් දෑස් විවර කරන්න උත්සාහ කළේ නැහැ.ඇයටත් ඕනේ ඒ ආගන්තුක බව නැති කරගන්න.පෙරටත් වඩා ඔහුට ළං වෙන්න.ඒත් කොහොම නම් කටක් ඇරලා එය පවසන්නද?ඔහුගේ හිතේ තවටත් තමා ඉන්නවද කියලවත් ඇය දන්නේ නැහැ.

"අහිංසා.."

එවර ඔහු ඇගේ නම මුමුණද්දී ඇය හිමීට නෙතු පියන් විවර කළා.කුමක්දෝ හැඟීමකින් සිය උවන පුරා දෙනෙත් ගෙනියන සාරංග ඉදිරියේ අසරණ වූ අහිංසා දෙතොල් එකට තද කරගත්තේ ඔහු එවර ඇගේ දෙතොල් දෙස බැලූ බව දැකලා.යටිතොල හපාගෙන සිනහව සඟවාගත් සාරංග ඇයව ගතින් ස්පර්ශ නොකළද එක් සුසුමකින් පවා ඇගේ ආත්මයම ස්පර්ශ කරමින් සිටියා.

"මතකද එදා යන්න කළින් මම කිව්වා තමුසෙ අවුලවලා ගිය ගින්දරට මම තමුසෙව පුච්චලා අලු කරලාම දානවා කියලා...ම්ම්ම්?"

ගැඹුරු හඬකින් සාරංග අසද්දී අහිංසා හිස මදක් සැලුවේ ඇයටත් එවදන් ඒ ලෙසින්ම මතකයේ තිබ්බ නිසා.එවර ඇගේ සවනතට ලං වුනු සාරංග ඇගේ සවන මත දෙතොල් ගෑවෙන නොගෑවෙන තරමට ලං වුනා.

"කිව්වා වගේම මං තමුසෙව පුච්චලා අලු කරලම දානවා.."

ඒ මුවින් පිට වන මිමිණුමට හැකිලී ගිය අහිංසා ඉවසිය නොහැකි තැන ඔහුගේ පපුවට දෑත් තැබුවේ මේ සමීපත්වයෙන් මිදෙන්න තිබ්බ උවමනාවටමයි.ඔහු අවුරුද්දක් තිස්සේ කලේ ඇයව තනිකමින් පුච්චපු එක.දැන් කරන්නේ වචන වලින් දවන එක.ඔහු තවමත් තමන්ව දවා සෑහීමකට පත් වෙලා නැද්ද?නමුත් ඒ සියලුම ප්‍රශ්ණ හිත තුලම මිහිදන් වූයේ ඔහුගේ වේගවත් හදගැස්ම ඇගේ දෑතටම දැනුනු නිසා.ඇය මෙන්ම ඔහුද නොසන්සුන්බව පැවසීමට ඒ හදගැස්මේ වේගය ප්‍රමාණවත්.ගෙලට දැමූ මාලයේ පැත්ත මාරු වී තිබූ පෙන්ඩනය සැකසූ සාරංග ඇගෙන් අඩියක් පසුපසට වූයේ රතු වී තිබෙන ඇගේ වත දෙස බලාගෙන.සමුගැනීමක් නොදීම ඔහු කාමරයෙන් පිට ව දොර වසා දමද්දී අහිංසා ලොකු හුස්මක් පිට කළේ පපුවට අතක් තබාගෙන.ඔහුගේ මේ හැසිරීම ඇයට තේරුම් ගන්න බෑ.වෙනදා මෙන් ඔහු තවටත් ඇයට ආදරේද?නැතිනම් ඔහුට රිද්දුවට තවමත් පළිගන්නවද?ඒවා දැනගත හැක්කේ ඔහුගෙන්ම පමණයි.ඒත් ඔහුගේ එක් බැල්මකින්ම සිය මුව ගොලු වී ගිය විදියට අහිංසාට තමන් ගැනම නොරිස්සුමක් දැනුනා.ඊළඟ නිමේශයේ ගෙල පැලදි මාලයේ පෙන්ඩනය විවර කර බැලූ අහිංසා එහි වූ සිය සිහිවටනය සුරක්ෂිතව තිබෙනු දැක සැනසුම් සුසුමක් හෙලුවා.

ඔව්.එහි තිබුනේ දළදා මාළිඟාවේදී සාරංග සිය දකුණත බැඳි පිරිත් නූලයි.එහි කැටි වී තිබුණේ පිරිත් බලය විතරක් නෙමේ.අහිංසාට අනුව නම් එහි සාරංගගේ ආදරයද අඩුවක් නැතිව ගැබ් වී තිබුනා.

-මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

1K 75 16
දැනෙන තැන හරිම තැනම ද ?
1.3K 187 20
"" මන් අසලියා එක්ක එෆෙයා එකක් පටන් ගත්තේ කිසිම දැනහැදුනුම්කමකට නෙවේ.......... ගෙදර අය ගේන්න හදන ප්‍රපෝසල් වලින් බේරෙන්න........."" "" එයාලගේ ස්ටඩි හව...
1.5M 110K 42
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
4K 886 19
පික්පොකට් ගහන රස්තයාදුකාර කෙල්ලෙක්... අහින්සක පෝසත් ශීලාචාර කොල්ලෙක්... සගවත්ත ලොකු රහසක්... ★★★★★★★★★★★★★★★★★ "මම පොඩ්ඩක්වත් ආස නෑ අර ඩාර්ක් ෆෙයරිට...