සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

64.3K 6K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

78

632 59 0
By Rithu_Sakura

සන්තානේ-දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️78 කොටස💜️

වසරකට පසු...

"අනේ කේශ් අයියේ...බබාව චුට්ටක් ගන්නකෝ...මෙයාගේ කෑම එක හදන්න ඕනේ"

චාන්‍යා කිව්වේ තාමත් මුනින් තලා පෙරලිලා ඉන්න කේශවගෙන්.ඇය දන්නවා ඔහු ඉන්නේ ඇහැරිලා බව.ඒත් අහක බලාගෙන ඉන්නේ හරියට ඇයට රිද්දන්න වගේ.

"අනේ කේශ්..ගන්නකෝ අනේ..මම ටක් ගාලා එනවා"

"බෑ..මම තරහයි"

කේශවගේ මන්ද්‍ර හඬ චාන්‍යාට ලාවට ඇහුනේ ඔහු කොට්ටයට මූණ ඔබන් උන්නු නිසා.ඉතින් මේ මුරණ්ඩුකමට හේතුව ඇය දන්නවා.සිහින් සිනාවක් මුවේ ඇදෙද්දී චාන්‍යා බලෙන්ම සිය කුඩා පුතුව කේශවගේ පිටට හේත්තු කළා.හුරතලේට කට උල් කර කර මොනාදෝ කියවන මාස හයක් වයසැති කුඩා පුතු කේශවගේ බඳට හේත්‍තු වී රූට්ටා වැටෙන්න ගියේ ඔහුට තාමත් කෙළින් ඉඳගන්න අමාරු නිසා.

"චානු..."

වහා කෙළින් වුනු කේශව පුතුව අල්ලගත්තේ චාන්‍යා දිහාටත් රවලා බලලා.

"මුරණ්ඩුකම් කළොත් අද මම බලෙන්ම පුතාව ඇහැරවලා දෙනවා ඔයාට නලවන්න..පිස්සා.."

වහාම සයනයෙන් බැස කාමරයෙන් එළියට ගිය චාන්‍යා දෙස හිනාවකින් බලා සිටි කේශව ඇඳ විට්ටමට හේත්තු වී සිය කුඩා පුතු චෙතෝද්ව සිය ඔඩොක්කුවට ගත්තේ ඔහු කේශවගේ රැවුල් ගස් අතරින් කුඩා ඇඟිලිතුඩු යවද්දී.

"අප්පච්චිගෙ නෝටි බෝයි..ඊයේ අම්මිට උම්මා එකක්වත් හරියට දෙන්න නොදී අඬාගෙන නැඟිට්ටා නේද ම්ම්..?අම්මිව ඔහොම අයිති කරගත්තම හරි යනවද??"

කිසිවක් නොතේරෙන පුංචි පුතුව ඔසවාගෙන හුරතල් කරන කේශව ඔහුගේ පිරුණු කම්මුලක් සිපගත්තේ ඔහුගේ මුවින් හුරතල් හිනාවක් පිටවෙද්දි.සිය කුඩා කාලයේ අනුරූපයක්ම වූ පුංචි චෙතෝද්ගේ දෙනෙත් පමණක් චාන්‍යාගේ වගේ වෙද්දී කේශව නම් සිටියේ ඒ ගැන ආඩම්බරයෙන්.තමන්ගේම කාබන් කොපියක් වූ චෙතෝද්ව දකින වාරයක් පාසා ඔහුට දැනෙන සෙනෙහස අපමණයි.ඔහු හැඳ සිටි පිජාමාවේ බොත්තම් කීපයක් ගලවා ඒ ඩයපරය මාරු කෙරූ කේශව ඔහුත් සමඟ ආලින්දයට ආවේ වඩාගෙන නම් නෙමේ.වෙනදා වගේම සිය සවිමත් බාහුවක හා බඳ අතර හිර කරගෙන.

"අනේ මං කියලා තියෙනවා කිහිල්ලේ ගහන් එන්න එපා කියලා..වැටෙයි අනේ.."

තුශාරි උදෑසනම උණුසුම් ජලය දමා තිබූ කුඩා වතුර බෝතලය රැගෙන එනගමන් චාන්‍යා නෝක්කාඩු තියන්නට උනා.

"එහෙම වට්ටනවද මගෙ කොල්ලව?"

නැවත ඔහුව ඔසවාගෙන කේශව මුමුණද්දී ඒ දෙස සිනාමුසු මුහුණින් බලා සිටියේ ගිරිරාජ්.

"කෝ මට දෙන්න"

ආලින්දයේ සෙටියක වාඩි වී උදෑසනම පත්තරය බලමින් සිටි ගිරිරාජ් එය පසෙක තබා කේශවගෙන් කුඩා පුතුව රැගෙන නැවත වාඩිවුනේ පුතු සමඟ දවස පටන් ගන්න එක දැන් ඔහුගේ ප්‍රධාන රාජකාරිය වෙද්දි.කේශවත් ඔහු අසලින් වාඩි වී පුතුගේ ග්‍රහණයට හසු වූ පත්තරය රැගෙන කියවන්නට වූයේ ඈනුමක්ද යවමින්.අහම්බෙන් මෙන් ඔහුගේ දසුනට අහු වූයේ එක් සිරස්තලයක්.

'ස්ත්‍රී දූෂණ,මංකොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට අපරාධකරුවෙකු වූ කුඩු චමින්ද සිරමැදිරිය තුළම මිය ගිහින්...මරණයට හේතුව හෘද්‍යාබාධයක්??'

ප්‍රශ්නාර්ථයක් සමඟින් නතර කර තිබූ සිරස්තලය දැක කේශව නළල රැලි කරගත්තා.කුඩු චමින්ද යන නාමය ඔහුගේ මනසේ තැන්පත් වූයේ මුතූ ගැන හැමදේම දැනගත්තාට පස්සෙයි.ඒ මුතූගේ සැබෑම පියා බව ඒ වෙද්දි ඔහු දන්නවා.මෙතරම් කලකට ඔහු කවදාවත් මාසෙකට වඩා හිරගෙදරක හිඳ නැහැ.එයට හේතුව වූයේ ඔහුගේ ජාවාරම් හසුරුවන මහමොළකාරයින් හා අත්උදව්කරුවන් එකතුව නීතිය නමන එක.ඒ නිසා ඔහු නිදහස් වන්නේ කිසිවෙකුටත් කිසිවක් කරගත නොහැකි වෙද්දී.ඒත් මෙවර සිදුවීම විශේෂයි.මීට මාස දහයකට පමණ පෙර ඔහුව වැටලීමකදී අත්ඩංගුවට ගත් පසු සුපුරුදු පරිදි දවසෙන් දෙකෙන් නිදහස් වූයේ නෑ.ඒ වෙනුවට ඔහු වසර පණහක දඬුවමකට යටත් වූවා.නමුත් එයින් වසරක් ගත වෙන්නටත් පෙරම සිදු වූ ඔහුගේ මරණය සැකයට පාත්‍ර කරමින් ලිපියක් ලියැවී තිබුනේ කේශවටත් සැකයක් දැනෙද්දි.

"අප්පච්චි..මේක දැක්කද?"

කේශව පුවත්පත ගිරිරාජ් දෙසට ඇලකර පෙන්වද්දී එයට බැල්මක් හෙලූ ගිරිරාජ් හූ මිටියකින් පිළිතුරු බැන්ඳා.

"මැරිලද?මරලද?"

කේශව ඇසුවේ ගිරිරාජ්ට ඔය සම්බන්ධයෙන් ඉව තියෙන බව දන්න නිසා.

"මරනවා නම් ඌව මරන්න ඕන තරම් කල් තිබ්බා.ස්වභාවික මරණයක් වෙන්න ඕනේ..හැබැයි ඌව ඔහොම හිරේ විලංගුවේ වැටුනු එක නම් සැකයි.කවුරුහරි ඉහළ අත්තක් මිනිහට එළියට එන්න නොදී හිරකරන් ඉඳලා තියෙනවා වගේ"

ගිරිරාජ්ගේ ප්‍රතිචාරයෙන් මුව උල් කරමින් මද කල්පනාවකට වැටුණු කේශවටත් එය නිවැරදි බව හිතුනා.

........💜️........ RITHU SAKURA .......💜️........

මේ අතරේ රූපවාහිනියේ දවසේ පුවත් වැඩසටහන නරඹමින් සිටි සිසිරගෙ සවනට ඒ පුවත වැටෙද්දී මොකක්දෝ හේතුවකට ඔහුට සැනසුම් සුසුමක් හෙලුනා.මීට කලින් හිත සැනසුනේ ඔහු හිරභාරයට ගත් බව ආරංචි වෙද්දී.දැන් හිත සැනසුනේ ඔහු මියගිය නිසාවෙන්.මනුස්සයෙකුගේ මරණයෙන් සැනසෙන්න තරම් දුශ්ඨ සිතක් නොවූවද මුතූ ගැන මොකක්දෝ ආරක්ෂාවක් ඔහුට දැනුණා.තවත් රූපවාහිනිය බලන්න හිත් නොදුන් සිසිර එය වසා දමා පුටුවෙන් නැඟිටිද්දීම දුටුවේ තේ එකත් අතේ තියන් අමුතු බැල්මකින් හිස් අවකාශය දෙස බලන් සිටිනා මුතූව.ඒ දෙනෙත් වල වෙනදා නොතිබුණු අමුතු දුකක් ගැබ් වෙලා කියලා සිසිරට හිතුනා.

"දූ..මොකද ඔතන හිටගෙන කරන්නේ?"

සිසිරගේ හඬට තිගැස්සුනු මුතූ ආයාසයෙන් හිනාවක් මුවඟට නඟා ගත්තා.

"අහ්..මේ..තේ එක ගෙනවා තාත්තේ.."

සිසිර අතට තේ එක දුන් මුතූ සිය දෙනෙත් ඔහුගෙන් සඟවාගන්න උත්සාහ කළා.

"අද තිහස් පුතා එනවා කිව්වද?"

"ඔව් තාත්තේ..ඉරිදනේ..අම්මගෙන් දවල්ට කාලා යන්න එනවමයි කිව්වා..අම්මත් අන්න එයා ආසම විදියට චිකන් හදනවා...මං ආස විදියට දැන් උයන්නෙම නෑ"

මුතූ කිව්වේ තරමක නෝක්කාඩුවක් ආරූඪ කරගෙන.තිහස්ව නිවැසියන් පිළිගත්ත දා ඉඳන් මිහිරි තමාට වඩා ඔහුට සලකන එක ගැන ඇයට තිබුනේ සියුම් ඊර්ශියාවක්.සිසිර සමඟ නැවත වරක් සිනාසී මුතූ කාමරය තුළට වැදුනේ නෙතට ඉනූ කඳුල ඉක්මනට පිසදමමින්.නැහැ.ඇයට සිය සැබෑම පියා ගැන ආදරයක් නෑ.ඔහු වන් තිරිසන් මනුස්සයෙකුගේ ලේ කැටියක් වූවාට දුකක් විතරමයි තිබුනේ.ඒත් ඔහුගේ මරණය ගැන දැකගත් මොහොතේ හිතට දැනුනේ අමුතුම වේදනාවක්.අවශ්‍ය වූයේ ඔහු කළ පාප කර්මයන්ට දඬුවමක් දෙන්න විතරයි.සිය මව ව හා තවත් අසරණ යුවතියන්ව රවට්ටා ඒ ජීවිත අකාලයේ මිලින කළාට දඬුවම් කරන්නයි ඇයට ඕන වුනේ.නමුත් ඔහුගේ මරණය ඇය අපේක්ශා නොකළ එකක්.නීතියෙන් නැතත් ස්වභාවධර්මයෙන් එයට දඬුවම් ලැබීම නම් නතර කරන්න බැරි දෙයක්.මීට මාස දහයකට පමණ පෙර කුඩු චමින්දව හිරේ විලංගුවේ දැමීමට කටයුතු කළ රදීශගෙන් ආ ඇමතුම ඔහුගෙන් ඉල්ලූ දෙවන උදව්වේ ප්‍රතිපලයක්.ඉතින් ඔහුට එළියට එන්න නොදී සදහටම හිර කළ ඒ අදෘශ්‍යමාන හස්තය කාගෙද කියන්න දන්නෙ මුතූ හා රදීශ පමණයි.එය මේ අධම මිනිසාගේ මරණයත් සමඟ වැළලෙන එක ගැන ඇයට අන්තිමට සැනසීමක් දැනුනා.

........💜️........ RITHU SAKURA .......💜️........

පුද්ගලික රෝහලේ එක්තරා ළමා රෝග විශේෂඥයෙකුගේ කාමරය ඉදිරියේ වූ ආසනයක වාඩි වී සිටි සාරංග ආසනයට හිස තබාගෙන බලා සිටියේ කුඩා දරුවෙකු වඩාගෙන මවක සිනාසීගෙන සිටින විසල් පෝස්ටරයක් දෙස.ඔහුගේ නෙතු රැඳී තිබුනේම ඒ කුඩා බිළිඳා මතයි.අවට සිටින අනෙක් මව්වරුන් අත සිටින හෝ පියෙකු ඉඳහිට ඇවිදමින් නලවන කුඩා දරුවන් දැක ඔහුගේ මුවගේ සියුම් සිනාවක් ඇදුනා.ඔහුට මතක් වූයේ කේශවගේ පුතාව.චාන්‍යා දරුවා බිහි කළ දවසේ ඉඳන්ම ඔහුගේ දෙවන පියා විදියට පුතු අසලින්ම උන්නේ සාරංග.සමහර වෙලාවට පුංචි චෙතෝද් කේශවට වඩා සාරංග අසල හුරතල් වෙද්දී කේශව සාරංගට බනින්නේ ඊරිසියාවටමයි.නමුත් සාරංග එය කනකට නොගෙන ඉඩක් ලැබෙන ඊළඟ දවසෙත් එහෙට යන්නේ පුංචි පුතු නොදැක ඉන්න බෑ කියලා හිතෙද්දිමයි.

"යකෝ..කසාඳයක් බැඳගෙන ළමයෙක් හදාගන්කෝ...මගෙ ළමයට ඇත්ත අප්පච්චි කවුද කියලා හොයාගන්න බැරි වෙයි මූ හුරතල් කරන කිරිල්ලට"

කේශව වරක් දොස් තැබූ අයුරු සිහි වී සිනහවක් ඒ උවනේ මෝදු වෙද්දී ඔහුගේ අවධානය යොමු වූයේ සාක්කුව තුළ දෙදරන දුරකථනය දෙසට.කීප වරක් නාද දී නතර වුනු දුරකථනය ගත් සාරංග ආ කෙටි පණිවිඩය කියවා බැලුවා.මතීශ දෙවන වරට එවා තිබූ පණිවිඩය කියවූ සාරංග සුසුමක් හෙලා නැවත ආසනයට හිස බර කර සිවිලිම දෙසට නෙත් යොමු කළේ ඇගේ උවන දෑස් අද්දර මැවෙද්දී.මතීශගෙන් මීට පෙර පණිවිඩය ආවේ මීට පැය දහයකට පමණ පෙර.එය එවූ මොහොතේ සිට ඒ හිත කලබලෙන්.සිය කල්පනා දැහැන බිඳිමින් ඇසුණු යුවතියගේ හඬට සාරංග කෙලින් උනා.

"නිකේත් අයියේ..මේ නේසල් ඩ්‍රොප් එක අරන් දෙන්න කිව්වා.පොඩි හෙම්බිරිස්සාවක්ලු තියෙන්නේ..බබා පොඩි නිසා බේත් ලිව්වේ නෑ"

මාස තුනක කුඩා බිළිඳියෙකු අතැතිව සිටගෙන සිටිනා යුවතියගේ උවන දිහා සාරංග බැලුවේ විමසිල්ලෙන්.

"අවුලක් නෑ කිව්වනේ?"

"ඔව්..හැබැයි තව සතියක් ඇතුළත අඩු නොවුනොත් එක්කන් එන්න කිව්වා"

ඒ පිළිතුර භාරගත් සාරංග ආසනයෙන් නැඟිට්ටා.

"ඔය බෑග් එක දෙන්න.මං ගන්නම්"

තව බෑගයකුත් අතැතිව අපහසුවෙන් මෙන් දරුවාව වඩාගෙන සිටිනා යුවතියගෙන් ඇසූ සාරංග ඇය කිසිවක් කීමට පෙර ඇගේ කරෙහි වූ බෑගය අතට ගත්තා.ඇය දරුවා සමඟින් පසෙකට වී සිටිද්දී සාරංග බෙහෙත රැගෙන ගෙවීම සිදු කර නැවත ආවේ පාර දෙස බලාගෙන සිටින යුවතිය මත නෙතු රඳවගෙන.

"ශාදි.."

කල්පනාවක සිටි ඇය මඳක් තිගැස්සුනා.

"ඔයා ගත්තද?"

"ඔව්..යමු.දරුවට ඔය දූවිල්ල හොඳ නෑ"

සිහින් සිනාවක් පෑ ශාදි සාරංග පසුපසින් ගොස් ඔහුගේ කාරයට නැඟ දරුවාව පහසු ලෙස තබාගත්තා.තාමත් නින්දේ සිටින ඇගේ සුරතල් මුහුණ ඇය සිපගත්තේ සාරංග එහා පසින් නැඟ වාහනය පණ ගන්වද්දී.නිහඬවම රිය ගෙනගිය සාරංගට බාධා කරමින් ඩෑශ් බෝඩය මත තැබූ ඔහුගේ දුරකථනය නද දෙන්න ගත්තා.එය අතට රැගෙන බැලූ ඔහු ඇමතුම එලෙසම තිබියදී නැවත ඩෑශ් බෝඩය මත තැබුවේ එයට පිළිතුරු බැඳීමට පරිසරයක් නොමැති වෙද්දී.ඒත් නැවත වරක් එය නද දෙද්දී සාරංග දැරිය ඇහැරේවි යැයි බියෙන් එය නිහඬ කර දැමුවද ඔහු අඩමානෙට අල්ලාගෙන සිටි දුරකථනයේ වූ නම ශාදිගෙ බැල්මට නම් මඟ ඇරුනේ නෑ.

"කේශ් අයියා නේද?"

ශාදි ඇසුවේ ඔහු දුරකථනය නිහඬම කර පසෙකින් තබද්දී.

"හ්ම්ම්..."

"ඉතින් ආන්සර් කරන්න.මං උන්නට කමක් නෑ"

ශාදි කිව්වේ සිනහවක් මුව රඳවගෙන.ඇය නිසා ඔහු ඇමතුම විසන්ධි කළ බව සිතුණු ශාදිට එය අපහසුවක් ගෙන දුන්නා.ඔහුගේ නිදහසට තමා නිසා වූ බාධාවට ඇයට දැනුනේ වරදකාරී හැඟීමක්.

"ගෙදර ගිහින් නිවාඩුව කතා කරන්නම්"

නොසැලකිල්ලෙන් මෙන් පැවසූ සාරංගගේ උවන දෙස බැලූ ශාදි ඒ බැල්ම ඔහු වෙතම රඳවගෙන ටික මොහොතක් ගත කළා.ඔහු ඉන්නේ කුමක් හෝ දෙයක් ගැන කල්පනා කරමින්.ඒ මුහුණේ තියෙන්නේ සතුටක්ද දුකක්ද කියලා කියවන්න ශාදිට හැකියාවක් තිබුනේ නෑ.ඒත් ඇයට සැකයක් දැනෙමින් තිබුනා.

"නිකේත් අයියේ.."

"ම්ම්ම්?"

සාරංග මිලි තප්පරයකට ඇය වෙතට බැල්මක් හෙලුවේ ඉදිරියෙන් ආ වාහන ගැනත් අවදානයෙන්.

"අහිංසා ගැනද කල්පනා කළේ?"

ශාදිගේ පැනයට සුලු මොහොතක් ඇය දෙස බැලූ සාරංග එක් අතකින් නිකට පිරිමදිමින් දෙතොල් එකට තද කරගත්තා.ඉතින් තව මොනා හංඟන්නද?පැය විසි හතරේම සිය මතකයෙන් නොයනා එකම රුවේ අයිතිකාරිය ඇය බව ශාදිට කෙලෙසින් කියන්නද?

"එයා ගැන තමා ඔයා කල්පනා කරන්නේ.."

ශාදි ඇගේම පැනයට පිළිතුරු දීගද්දී පවා සාරංග උන්නේ නිහඬව.එතනින් එහා කිසිවක් නොඇසූ ශාදි නැවත ඉදිරිය බලාගත්තේ සාරංග සමඟ ඊට වඩා කතා කිරීමෙන් පලක් නැති බව හිතිලා.ශාදි ගැන අනුකම්පාවක් මතු වුනු සාරංග ඉදිරිය බලාගෙනම පැවසූ දෙයට ශාදි සාරංග දෙස බැලුවේ දෙනෙත් සිහින් කරගෙන.

"එයා ලංකාවට ඇවිත්"

........💜️........ RITHU SAKURA .......💜️........

රාත්‍රී ආහාරය ගෙන අවසානයේ චාන්‍යා උන්නේ නිදන කාමරය සූදානම් කරමින්.ඇඳටම අල්වා පුතු වෙනුවෙන්ම සෑදූ කොටසේ පුංචි පුතු නිදාගත්තේ මුල් මාස කීපය විතරයි.තනියම පෙරලෙන්න පටන්ගත් දා පටන් ඔහු මහ රෑට රෝල් වී චාන්‍යා අසලට එන්නේ තව දුරටත් ඒ අමතර කොටස සයනයට අනවශ්‍ය බව හඟවමින්.පුංචි පුතුට ගැලපෙන ලෙස ඇඳට එලූ නිල් පැහැති ඇඳ ඇතිරිල්ල රැල්ලක්වත් නැති වෙන්න සැකසූ ඇය ඇඳ විට්ටමට සහ පුතු නිදාගන්නා පැත්තට ඒවා තැබුවේ ඇය නිදන් ඉන්නා මොහොතක හෝ ඔහු ඇඳෙන් පෙරලේවි යැයි බියෙන් මෙන්.පුතු සිටින්නේ කේශව ගාව නිසා සෑහෙන වෙලාවක් රැගෙන ඇඳුම් පවා නමා දමා චාන්‍යා දොර දෙස බැලුවේ කිසිවෙකුගේ හෝ උස් සිනා හඬක් ඇහිලා.ඒ දෙසට අවධානයෙන් සවන් යෙමූ චාන්‍යා අත රැඳි ඇඳුම් කීපය ඇඳ මතම දැම්මේ ඒ හඬවල් කීපයේ අයිතිකරුවන් කවුද බව දැනගෙන.වේගයෙන් ආලින්දය දෙසට පියමැනූ චාන්‍යාගේ මුව සිනහවෙන් පිරුනේ සිය කුඩා පුතුව වඩාගෙන නලවන සේනාධීරව දැකලා.

"ඔයාලා හිතුවට වඩා ඉක්මනටම ඇවිත්"

චාන්‍යා කිව්වේ ප්‍රීතිමාලිව වැළඳගෙන.ඇය හිතුවේ ඔවුන් පැමිණෙද්දි පාන්දර වේවි කියලා.

"ඉක්මනට එන්න පුලුවන් වුනා..අනේ සේන..ආව පිටින් දරුවව ඉඹින්න එපා..වොශ් එකක් දාගෙන ඉන්නකෝ..මොන මොන විසබීජ ඇඟේ තියෙනවද දන්නෑ.."

ප්‍රීතිමාලි කිව්වේ බෝල ගෙඩියක් මෙන් ඉන්න පුංචි චෙතෝද් දිහා සෙනෙහසින් බලාගෙන.නිදිමතක් ගෑවිලාවක් නැති ඔහු තමන්ට නුහුරු ආච්චියි සීයයි දිහා උවමනාවෙන් බලන්නේ දෙනෙත් පවා විසල් කරගෙන.

"මේ බෝලෙව දැක්කම ඔක්කොම අමතක වෙනවනේ..ආ..ගන්න..අත්තා මේ මැණිකව හෙට දවසම හුරතල් කරන්නම්"

පුතාව නැවත කේශව අතට දුන් සේනාධීර ගිරිරාජ් අසලින් වාඩි වුනේ තුනටියෙන් තුනී රුදුමක් ඇති වෙද්දී.

"දැන් නම් නාකියි කියලා හොඳටම දැනෙනවා..තුනටිය කැක්කුමක් අල්ලනවා ඉඳලා හිටලා..ඉවසන්න බෑ"

සේනාධීරගේ වත දෙස බැල්මක් හෙලූ චාන්‍යා ප්‍රීතිමාලි දෙස බැලුවේ විමසිල්ලෙන්.

"අම්මා...තාත්තා බේත් ගන්න ගියේ නැද්ද ඔය අමාරුවට?"

"යයි මේං කියලා.අයියා එක්කන් ගියා එකපාරක්.ටිකක් අඩුවෙද්දි බේත් නතර කරනවා.."

චාන්‍යා තරවටු බැල්මක් සේනාධීරට හෙලද්දී ඔහු සිනාවකින් ඉවත බලාගත්තා.

"මෙහෙන් බෙහෙත් කරලා බලමු අපි.තාත්තලා වොශ් එකක් දාන් නිදාගන්න..මහන්සිත් ඇති එක දිගට ඇවිල්ලා...කෝ මතීශ?"

"පියල් එක්ක බඩු ටික බානවා.."

"ඕවා නම් පස්සේ ගත්තෑකිනේ.මං එක්කන් එන්නම්..සුදූ..අම්මලට තිබහද දන්නෙ නෑ..අහලා තේ ටිකක් දෙන්න"

අවසන් වැකිය චාන්‍යා දෙසට හැරී පැවසූ කේශව දොර දෙසට යන්න හදද්දී ඒත් එක්කම ඇසුණු හඬට ප්‍රීතිමාලිත් සේනාධීරත් හැරෙන්න අනිත් සියලුම දෙනා පුදුමයෙන් බැලුවා.

"තේ බොනවා නම් මටත් ඕනේ..මගෙ බඩටත් තේ කැපයි..."

දොර අසලම සිටියේ අහිංසා.තරමක බෑගයක් ඔසවාගෙන සුන්දර සිනහවක් සමඟින් සිටි යුවතිය දැක සියලු දෙනාටම පුදුම වෙනවා ඇරෙන්න සිනහ වෙන්නවත් මතක් උනේ නෑ.

"නංගි...??"

"අනේ..අහිංසා..මේ කෙල්ල...දෙයියනේ එනවා කිව්වේ තව මාසෙකින් නේද?"

"ස'ප්‍රා..යිස්..."

කුඩා පුතුවත් අරගෙනම චාන්‍යා ඉදිරියට යද්දී අහිංසා දෑත් දිගුකරගෙනම එක පිම්මේ ඇවිත් චාන්‍යාව පුතාවත් එක්කම වැළඳගත්තා.

"ඔයා ආවා එහෙනම්...මේ බලන්න මැණික..ඔයාගේ නැන්දි ඇවිත්"

අවුරුද්දකට පසු අහිංසාව දැකීමේ සතුටට චාන්‍යාගේ දෙනෙත් සතුටු කඳුලු වලින් වැසී යද්දී අහිංසා බෑගය පසෙකින් තබා කුඩා චෙතෝද්ගේ දෙකම්මුල් තදින් සිපගත්තේ ඔහු චාන්‍යාගේ අතේ ඉද්දිමයි.

"මගේ බෝල ගෙඩිය..අන්තිමට නැන්දි ආවා පුතු කැටේව බලන්න..අනේ...මට අල්ලලා මිරිකන්න හිතෙනවා...අපේ අයියමයි..."

ඇගේ දෙනෙත්ද කඳුලින් වැසී තිබුනා.පුතුව නිදහසේ වඩා ගැනීමට නොහැකිව ඇය ලත වෙද්දී ඇය ඒ කුඩා පාද සිපගෙන සිපගෙන ගියේ සෙනෙහසින් හිත පිරිලා යද්දී.

"මෙච්චර දවස් ෆෝන් එකෙන්නේ දැක්කේ..අනේ..ඒකෙන් පේනවට වඩා මේකා ලොකුයිනේ..."

"තවත් ලොකු වෙන්න කලින් ආව එක හොඳයි..."

ඒ එක්කම ඇසුණු කේශවගේ ගැඹුරු හඬට කෙලින් වූ අහිංසා ඔහු දිහා නෙත් යෙමුවේ බයෙන් වගේ.ඉඳහිට ගන්නා ඇමතුමකින් පවා ඇනුම් පදයක් කියන්න පසුබට නොවුනු කේශව මොන විදියකට හැසිරේවිදැයි බයක් ඇයට දැනුනා.ඒත් ඒ බිය නැති කරමින් කේශව ඇගේ අතකින් ඇද තුරුලට ගෙන ඒ හිස් මුදුන සිපගත්තේ කාලෙකට පසුව ඇය දැක ගැනීමෙන් ඇති වූ සතුටට.පසුව ගිරිරාජ් දෙසට ඇවිද ගිය ඇය නැමී ඔහුව වැළඳගත්තේ ඒ නිහඬබව ගැන අරුමයක් නොවෙද්දී.

"අප්පච්චි...නොකියම ආවේ පුදුම කරන්නනේ..චුට්ටක් හිනාවෙන්නකෝ"

අහිංසා හඬ බාල කරමින් පවසද්දී ගිරිරාජ්ගේ මුවින් නිකම්ම හිනාවක් පැන්නා.අහිංසාත් පුලුල් හිනාවක් පෙන්වද්දී මතීශත් ආලින්දයට ආවෙන් සියලු දෙනාගෙම අවධානය ඒ වෙත යොමු වුනා.

"ආ..වරෙන්..වරෙන්...මනාලයා..එනකන් උන්නේ..බලන්නකෝ අම්මේ..මුගේ පෙම්පාට"

කේශව මතීශව වැළඳගනිමින් ඔහුව විහිලුවට ගෙන පවසද්දී අහිංසා ඒ දෙස මද වෙලාවක් නිහඬව බලන් උන්නා.එලැඹෙන මාසයේ සිය විවාහ මංගල්‍යය සඳහා කටයුතු සූදානම් කරගත් මතීශ ලංකාවට එද්දි ශීන් ද ඔවුන් සමඟ ආවා.ඇය ගුවන් තොටුපලේදිම ඔවුන්ගෙන් සමුගෙන ගියේ ඉදිරියේදී විවාහ මංගල්‍යයේ කටයුතු වලට සූදානම් වීමේ අදහසින්.ගමන් මහන්සිය අමතක කර සියලු දෙනාම කතාබහට වැටෙද්දී චාන්‍යා කාමරයට ගියේ පුතුට කිරි දී නිදිකරවන්න ඕනා නිසා.තුශාරි විසින් සාදාගෙන ආ තේ කෝප්පය පානය කර අවසානයේ අහිංසා හිමීට පඩිපෙල නැග්ගේ ඇය නැඟිට ආ බවක් කිසිවෙකුට ගාණක් නොවෙද්දී.අඩ අඳුරේ වූ උඩු මහල ඒ විදියටම අඳුරේ තබන්නට දී ඇය සිය කාමරයේ දොර විවර කළා.එහි විදුලි පහන දල්වා දොර වසා දැමූ අහිංසා දොරට හේත්තු වී මද වෙලාවක් සිය කාමරය දෙස බලා සිටියේ සැනසිලිදායක හැඟීමකින්.එහි හැමදේම තාමත් තිබූ තැන් වලමයි.කිසිම වෙනසක් වී තිබූ බවට සලකුණක්වත් නෑ.අලුතෙන් අස් කරන්නට තරම් දෙයක් එහි නොවුනත් ඇයට කිසියම් හෝ අමුත්තක් කාමරයෙන් දැනුණා.ඒ කුමක්ද කියා වටහාගන්නට හැකි නොවෙද්දී ඇය සයනය මතින් වාඩි වුනේ අසලම ඇති කණ්ණාඩියෙන් සිය උවන දෙස බලාගෙනමයි.

ඔව්.බාහිර රූපයෙන් ඇය මඳක් වෙනස් වෙලා.දිගු කොණ්ඩය අග පෙනෙන නොපෙනන ගාණට වර්ණ ගන්වලා.වසරකට පසුව ඇය හිටියාට වඩා තරමක් සිහින් වෙලා.පැහැපත් වෙලා.ඒ සුලු වෙනස්කම් ඇරෙන්න ඇතුලාන්තයෙන් නම් ඇය පුරුදු අහිංසාමයි.දෙනෙත් වසාගෙනම අසල කොට්ටය මත මඳකට හිස තබාගත් අහිංසා කල්පනා කළේ ගෙවුණු අවුරුද්ද ගැන.ජීවිතයේ පෙරලියක් කල අවුරුද්දක්.ජීවිතයට මතක හිතෙන පාඩමක් ඉගෙනගත් අවුරුද්දක්.බොහෝ දේ මඟ දමා ගිය අවුරුද්දක්.ඉතින් ඒ හැමදේම නැවත පටන් ගත යුතුයි.නැවත අයිති කරගත යුතුයි.ලංකාව දමා ගිය දවසේ දැනුනු වේදනාව දැන් නොවුනද ඒ වේදනාව මොන වගේද කියලා ඇයට අමතක නෑ.අයිති කරගන්න ඕනේ ඒ වේදනාවෙන් ඇති වූ තුවාල කැළල සුවකරගැනීමට ඉන්න එකම කෙනාවයි.ඒ සාරංග.

ඒත් අහිංසාට බයයි.මේ වසර පුරාවටම ඔහුගෙන් එකදු හෝ කෙටි පණිවිඩයක්,එකදු ඇමතුමක් තිබුනෙ නෑ.හැමදේටම සමාව අයදමින් ඇය යැවූ කෙටි පණිවිඩ වලට පවා ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැහැ.අඩුම තරමේ ඇය විවිධ අංක වලින් ගත් ඇමතුම් වලටවත් ඔහු සම්බන්ධ වූයේ නැහැ.ඉතින් ඔහු කියූ පරිදිම ඇය කෙරූ වරදට ඔහු ඕනාවටත් වඩා දඬුවම් දීලා අවසානයි.තමා ගැන නොසොයා සිටීමට තරම් ඔහු අවසානයේ හිත ගල් කරගෙන.සාරංග ගැන සිහි වී දැනුනු වේදනාවටම ඇගේ සුරත නිරායාසයෙන්ම ගියේ සිය ගෙල පැළඳි මාලයට අමුණා තිබූ රවුම් හැඩැති පෙන්ඩනය වෙතට.රත්‍රං පැහැයෙන් දිලිසෙන පෙන්ඩනය වටා අල්ලා තිබුණේ ඉතාම කුඩා දම් පැහැති මැණික් ගල් කීපයක්.තමාගේම වියදමින් අවශ්‍ය ආකාරයට සාදවාගත් ඒ පෙන්ඩනය පැත්තෙන් වූ කුඩා අල්ලුවක් වැනි යමක් තෙරපද්දී විවර වන ලෙස සාදා තිබුනා.ඇඟිලිතුඩඟින් එය විවර කර එහි වූ සිහිවටනය දෙස ඇය බලා සිටියේ දෙතොල් එකට තෙරපවාගෙන.එහි වූ දේ අතට ගත් අහිංසා ඒ මතට සිපුමක් තැබුවේ සාරංගවම සිහියට එද්දී.

-මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

5.3K 933 35
ඇත්තටම ම⁣⁣ගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට....... ඒත් ඉ...
1.3M 116K 42
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
3.1K 464 16
මේක ගොඩක් වෙනස්..කතාවක්....රතු පැංචි....රතු චූටි....නැත්තම් Miraculous ladybug කියන කතාව ඔයාලා අනිවාරෙන්ම බලලා ඇති....ඒකේ kwami ලාව මතකද...ඒ අය ගැනයි...
36.2K 1K 27
Battles to the death, new enemies, more mystery. Will The Elite Force be able to rescue Chase and if so will they loose him? COMPLETED P.S. This is a...