සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

66.1K 6.1K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

74

637 62 0
By Rithu_Sakura

සන්තානේ-දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️74 කොටස💜️

"මං ඇඳගෙන එන්නම්.ඔයාලා යන්න"

ටිකකට තනිවෙන්න උවමනාව තිබ්බ සාරංග එහෙම කිව්වේ අහිංසා පහළට ගිහින් මොහොතකට පස්සේ.මිහිරානි මුලින්ම නැඟිටලා යද්දි ශාදි ටික වෙලාවකට බලන් උන්නේ නෙතු බිමට බර කරන් ඉන්න සාරංග දිහා.මෙච්චර කල් සැකයක් විතරක් වෙලා තිබ්බ දේ දැන් තහවුරු වෙලා.ඒත් ඇයට ඒ දේ සාරංගගේ මුවින්ම අහලා දැනගන්න උවමනාවක් තිබ්බ නිසා ඇය ඔහු දිහාට අඩියක් තිබ්බත් සාරංග උන්නේ කල්පනාවක.

"නිකේත් අයියේ"

දෙනෙත් පමණක් ඔසවා සාරංග ඇය වෙත හෙලුවේ හිස් බැල්මක්.

"දෙයක් අහන්නද කේන්ති ගන්නෙ නැත්තම්?"

ඇය මොනා අහන්න යනවද කියලා හිතන්නවත් ඔහු හිත වෙහෙසෙව්වේ නෑ.

"අහන්න"

ඔහුගේ හඬ මලානික වෙලා තිබුනා.

"ඔයා අහිංසාට ආදරේද?"

එවර ඔහුගේ බැල්ම විමසිලිමත්ව ඇය මතට වැටුනා.හරිනම් ඇය ඒ දේ අහන්න ඕනේ මීට කළින්.ෆොටෝ ශූට් එක කරද්දි පවා ශාදිට දෙදෙනාගේ සම්බන්ධය ගැන ඕන තරම් ඉඟි ලැබෙන්න ඇති.සාරංග සුසුමක් හෙළලා අතෙහි වූ කමිසයේ බොත්තමක් පිරිමදින්න පටන් ගත්තා.

"ඔයාලා දෙන්නට දෙන්නා ගොඩ කාලෙක ඉඳන් ආදරේ කරනවා නේද?ඔයාලා දුකෙන් ඉන්නේ ඒකට මම බාධාවක් හින්දා නේද?"

ශාදි ඇහුවේ සාරංග ළඟටම ගිහින්.ඉතින් තවත් නිහඬව ඉන්න සාරංගට හිත දුන්නේ නෑ.

"මං ආදරෙයි...ඒත්..එයා තවදුරටත් මට ආදරේද මං දන්නෙ නෑ"

ශාදි ඇහුව අවසාන ප්‍රශ්ණෙ මඟ ඇරලා සාරංග උත්තර දුන්නේ අඩු හඬකින්.ශාදිට හිනාවක් නැඟුනා.එහෙනම් ඇගේ සැකය හරි.මීට සති කීපයකට කලින් ඔය උත්තරේ අහන්න උනා නම් ඇය වැලහින්නක් වගේ අඬන්න තිබ්බා.ඒත් නොදැනීම අන් අයෙක් ළඟ හිත නැවතුනු නිසාම ඇයට ඒ ගැන දුකක් දැනුනේ නෑ.ඇය උදේම ආවෙත් ගමනක් යන ගමන් සිය මව දුන්නු රසකැවිලි පාර්සලයක් ලබා දෙන්න මිසක් සාරංග අනතුරකට මුහුණු දුන්නු බවක් ඇය දැනන් උන්නෙ නෑ.

"මං හිතුවා හරි එහෙනම්"

ශාදිගේ ප්‍රතිචාරය මෙච්චර නිවුනු එකක් වෙයි කියලා සාරංගට නිකමටවත් හිතුනේ නෑ.

"හැබැයි ඔයාට හෙම්බිරිස්සාවක් හැදුනත් එයා මෙහෙ දුවන් එන්නේ ආදරේ නැති නිසා නම් වෙන්න බෑ.."

ශාදි හිනාවක් සමඟින් එහෙම කියලා එළියට යන්න හදද්දි සාරංග කිසිවක් හිතාගන්න බැරිව ඇය යන දිහා තප්පර කීපයක් බලන් උන්නා.ඇය මෙතරම් සන්සුන්ව ඉන්නේ ඇයි?කිසිවක් තේරුම් බේරුම් කරගන්න පුලුවන් මට්ටමක නොවුන්නු සාරංග ඒ වෙනුවෙන් හිත වෙහෙසන්න උත්සාහ කළේ නෑ.ඒත් යමක් මතක් වෙලා ශාදි නැවත ඔහු දිහාට හැරුනා.

"නිකේත් අයියේ..ඇත්තටම මට තව දෙයක් කියන්න අමතක උනා"

ඇගේ බැල්ම යොමු උනේ සාරංගගේ අතෙහි වූ කමිසය වෙතට.

"ඔයාගේ ළඟ තියෙන ශර්ට් එක ඇත්තටම එදා තේරුවේ මම නෙමේ..ඕක තෝර තෝර උන්නේ අහිංසා"

සාරංගගේ දෙනෙත් විසල් වුනේ පුදුමයෙන්.ඔහු නැවතත් දෙනෙත් යොමු කළේ අතෙහි වූ කමිසය වෙතට.

"ඒ වෙලාවේ මාත් ඕකටම ආසා හිතිලා අතට ගත්තා...ඒ ඔයාට ගන්න කියලා හිතාගෙන.ඔයාගේ ශර්ට් සයිස් එක පවා මට ඒ වෙලාවේ කිව්වේ අහිංසාමයි.අන්තිමට එයා ඒක නොගෙන මගෙ අතට දුන්නා..ඒත් දැන් මට හිතෙනවා...එයත් එදා ඕක තෝරන්න ඇත්තේ ඔයාට කියලා.."

ඇය කිව්වේ මඳක් කණස්සල්ලෙන්.ඇය ආසාවෙන් අතට ගත්ත දේ සිනහවකින්ම දෙවරක් නොසිතා තමා අතට දුන්නු හැටි ශාදිට මැවිලා පෙනුනා.

"සමහරවිට..ඔයාට ජීවිත කාලෙටම ඇඳුම් තෝරන්න මට සිද්ද වෙන එකක් නෑ"

අමුතු හිනාවකින් එහෙම කිව්ව ශාදි කාමරෙන් එළියට ගියේ සාරංග කමිසය වෙතම නෙතු යොමන් ඉද්දී.ඇය එහෙනම් හැමදාම කළේ දන් දෙන්න හැදුව එක.කමිසය විතරක් නෙමේ තමාවත් වෙනත් යුවතියකට දීලා තනියම දුක් විඳින්න හැදුව එක.ඒ දුන්නු ගින්දරට නම් ඇයට සමාවක් දෙන්නෙ නෑ කියලා සාරංග හිතුවේ අහිංසාගේ හිතුවක්කාරකම් එක්ක දැනුනු කේන්තිය නිසාමයි.

........💜️........ RITHU SAKURA .......💜️........

සාරංග ඇඳගෙන කරගෙන පහළට එද්දි මුතූත් ඇවිල්ලා උන්නා.කාගේ නැතත් අහිංසාගේ දෑස් ගියේ සාරංගගේ වත පුරා.ජීවිතේ ප්‍රථම වතාවට පිරිමියෙක්ට තේරූ කමිසය සීයට සීයක්ම ඒ වතට ගැලපී තියෙන අයුරු දැකලා ඇයට ඇය ගැනම දැනුනේ ආඩම්බරයක්.ඒත් ඔහු මේක ඇන්ඳේ තමාට රිද්දන්න බව තේරුම් ගත්ත අහිංසාගේ ඒ සතුට එහෙම්ම වියැකුණා.ශාදිටත් හිනාවක් නැඟුනේ මේ කමිසයත් එක්ක බලද්දී ඇය මුල්ම වතාවට තෝරපු කමිසය ඔහුට දශමයක්වත් ගැළපෙන්නේ නෑ කියලා සිහිවෙලා.

"මේකා ලෙඩා දුකා මූඩ් එකේ උන්නත් එන්න එන්න හැන්ඩ්සම් වෙනවද මන්දා ලොකු අම්මේ..බලන්නකෝ..බේත් ගන්න එන්නෙත් කිට මරලා"

කමිසයේ අතත් හදමින් පඩිපෙල බහින සාරංග දෙසට නෙත් යොමු කරමින් මුතූ කිව්වේ විහිලුවෙන් උනත් එයට හිනාවකින් හෝ ප්‍රතිචාර දැක්වූයේ ශාදි විතරයි.මුතූව දකින වාරයක් ගාණේ දැන් මිහිරානිට දැනෙන්නේ මොකක්දෝ නොරිස්සුමක්.වෙනදා මෙන් ආදරයෙන් ඇය එක්ක කතා කරන්න ඇයට නොහිතෙන්නේ අහිංසාගෙන් අර වගේ ඉල්ලීමක් කරන්න මුතූ හේතුවක් උනු නිසා.අන්තිමට ඒකෙන් සිය පුතුම දුක් විඳින හැටි දකිද්දි මිහිරානි උන්නේ ඒ තරහව මුතූගේ පිටින් වක්‍රාකාරව හෝ යවමින්.

"හරි කෙනා අතින් ඇඳුමක් තේරුනාම එහෙම තමා.."

ශාදි ඒක කිව්වේ අහිංසා දිහාත් හොරෙන් බලලා.අහිංසා තිගැස්සිලා වගේ ශාදි දිහා බැලුවා.ඇය ඒ කතාව කිව්වේ ඇයටද නැත්තම් තමාටමද කියන්න අහිංසාට තේරුනේ නෑ.මොකද ඒ කමිසය ඇත්තටම තේරුවේ ශාදි නෙමේ අහිංසා.

"ඇත්තට??ඉතින් කවුද ඒක අරන් දුන්නේ?"

"අරන් දුන්නේ මං...හැබැයි තේරුවේ මම නෙමේ..."

ශාදි ඇහෙන නොඇහෙන ගාණට මුතූට විතරක් ඇහෙන්න කියද්දී මුතූ දෙනෙත් විසල් කරගත්තා.ශාදි වෙනදා මෙන් පුපුරන්නේ නැතිව අහිංසා ඉදිරියේ සන්සුන්ව ඉන්න විදිය මුතූවත් පුදුම කරලයි තිබුනේ.

"ඒ කිව්වේ ඒක..."

"ම්ම්ම්....ආන්ටි...මම යන්නම්.තව ගමනක් යන ගමන් ආවේ..නිකේත් අයියා අසනීපෙන් කියලා දන්නවා නම් මොනාහරි අරගෙනමයි එන්නේ.ඒත් ආන්ටි නිකමටවත් කිව්වේ නෑනේ...එන ගමන් වෙලාවක් තිබ්බොත් එන්නම්...මං එහෙනම් යන්නම්...නිකේත් අයියේ...අහිංසා..පස්සේ හම්බෙමුකෝ...බායි"

තවත් ඒ ගැන මුතූට කතා කරන්න ඉඩ නොදී ශාදි හැමෝගෙන්ම සමුගත්තේ අත්බෑගයත් අතට රැගෙන.ඇය පැවසූ එක දෙයකින් නම් අහිංසාට දෙයක් වැටහුනා.එසේ නම් ශාදි ඇවිල්ලා තියෙන්නේ අහම්බෙන්.මිහිරානිවත් කවුරුවත් ශාදිට ඇමතුමක් දීලා නෑ.හදවතේ කොටසක් සැනසෙනවා වගේ අහිංසාට දැනුනත් ප්‍රශ්ණය තාමත් එතනමයි.ශාදි හැමෝගෙන්ම සමු අරගෙන කලබලයෙන් වගේ යද්දී මිහිරානි ඔවුන් වෙනුවෙන් තේ සාදන්න මුළුතැන්ගෙට ඇදුනේ මුතූත් ඇය පසුපසින් ඇදෙද්දී.ආලින්දයේ ඉතුරු උනේ අහිංසායි සාරංගයි විතරයි.ඩෙනිම් කලිසමේ සාක්කුවකට අතක් දමාගෙන අමුතු බැල්මක් තමන් වෙත හෙලන සාරංග දෙසම අහිංසා වශීවෙලා වගේ බලන් ඉද්දි සාරංගගේ මුවේ හීන් හිනාවක් ඇදුනා.ඒ හිනාවට පියවි සිහියට ආව අහිංසා ඉවත බලාගෙනම උන්නු තැනින් නැඟිට්ටත් ඒ ටිකට සාරංග ඇය ගාවට ඇවිල්ලා ඉවරයි.

"ඇස් ලොකු කරන් කට ඇරන් බලන් ඉන්න එපා..මේක අරන් දුන්නු කෙනා ඉන්නවා නේද??ඒ කෙල්ලගෙ හිත තමුසෙට වඩා මාරෙටම අවංකයි..කොහොමත් ඉතින් මේක තේරුව කෙල්ලට පණටත් වඩා මම ආදරේ කරනවා..."

අහිංසාගේ දෑස් ගැස්සුනා.ඒ දෑස් වල ගැස්ම සාරංගටත් දැනුනා.

"මං මේ කිව්වේ...ආදරේ කරන්න ට්‍රයි කරනවා කියලා..."

අමුතු හිනාවක් දාගෙන සාරංග අහිංසාගේ උරපත්තත් වද්දගෙන ඉවතට ගියේ අහිංසා ගල් ගැහිලා වගේ බලන් ඉන්නැද්දිමයි.මෙය තේරුවේ තමා බව ඔහු දන්නේ නෑ.එසේ නම් ඔහු ශාදි ගැන හිතන්න පටන් අරගෙනද?පුරුදු විරහ වේදනාවම හිත වෙලා ගද්දී අහිංසා නොඅඬා ඉන්න උත්සාහා කළා.ඇයට ඕනේ උනෙත් මේ දේම නේද?ඒත් මෙතරම් ඉක්මනට ඔහුගේ හිත ශාදි වෙනුවෙන් ඉඩක් වෙන් කරගනීවි කියලා අහිංසා බලාපොරොත්තු උනේ නෑ.

මේ අතරේ මිහිරානිට තේ හදන්න උදව් කරන්න කියලා හිතාගෙන මුතූ කෝප්ප පීරිසි කීපයක් අතට ගද්දි ඒවා එකට ගැටෙමින් හඬ නැඟෙද්දී මිහිරානි මුතූ වෙත හෙලුවේ නොරිස්සුම් බැල්මක්.

"ඕවා ඔහොම තියලා අර අහිංසා දුව එක්ක ඉන්න ළමයෝ..හැමදේම කැඩිලා බිඳිලා තියෙන වෙලාවේ කෝප්ප ටිකත් නොකඩා"

මිහිරානිට සිය වචන පාලනය කරගන්න බැරිබවක් දැනුනා.හිතේ කැකෑරෙමින් තිබූ වේදනාව එහෙම එළියට එද්දි මුතූ ඇය දිහා බැලුවේ විමසිල්ලෙන්.

"මං ඉතින් වෙනදත් උදව් කරනවනේ ලොකු අම්මේ..මොකෝ අද මේ ඩෝං ගිහින්..?"

මුතූ ඇහුවේ වෙනදා හිනාවෙන්මයි.

"මුකුත් නෑ..යන්නකෝ කිව්වම"

ඇගේ අතෙහි වූ කෝප්ප කීපය බලෙන්ම අතට ගත් මිහිරානි කිසිම විටෙක මුතූ දිහා නොබලන්න ප්‍රවේසම් උනා.වේදනාත්මක හිනාවක් හිස් අවකාශයට යොමු කළ මුතූ පැන්ට්‍රියට හේත්තු වුනේ මිහිරානිගේ කලබලකාරී හැසිරීමත් නිරීක්ෂණය කරන ගමන්.

"අහිංසා අක්කියි නිකී අයියයි දුක් විඳින කාලේ ඉක්මනට ඉවර වේවි ලොකු අම්මේ..ඔයා දැන් හැමදේම දන්නවනේ නේද??ශාදි අක්කිත් හැමදේම තේරුම් අරන් ඉන්නේ මං හිතන්නේ"

මිහිරානි ඒත් කරමින් උන්නු වැඩේ නතර කළේ නෑ.ඒ මාතෘකාව ගැන මුතූ එක්ක කතා කරන්න අකැමැති වගේ හැසිරීමක් පෙන්නුම් කළ මිහිරානි මුතූ නිසා ළඟට ගන්න බැරි සීනි බෝතලය අතට ගත්තේ මුතූව මඳක් එහාට තල්ලු කරමින්.තමන් ගැනම දැනුණු ආත්මානුකම්පාවට දෙනෙත් බොඳ වෙනවා වගේ තේරුනු මුතූ එක ළඟ ඇහිපිල්ලම් ගසමින් ඒ කඳුලු වලක්වාගත්තා.

"මමත් ඔයාලගෙම ලේ උනා නම්!"

මුතූ එක්වරම මුමුණද්දි මිහිරානිගේ අතින් හැන්ද පැන්ට්‍රිය මතට වැටුනේ ඇය තුශ්නිම්භූතව මුතූ දිහා බලද්දී.

"ම්ම්..මොකක් හරි කිව්වද ඔයා?"

තමන්ට ඇසුණු දේ නිවැරදිව ඇසුණා දැයි මිහිරානිට විශ්වාසත් නෑ.ඒකමයි ඇය කලබල උනේ.කිසිම වෙලාවක මේ ඇත්ත මුතූවත් මිහිරිවත් දැනගත යුතු නෑ.

"අර ශාදිට වඩා අහිංසා අක්කි ලොකු අම්මට හොඳම හොඳ දුවෙක් වෙනවා කියලා අනේ කිව්වේ..හරියටම මේ මං වගේ..ඔයාලගෙම ලෙයින් ඉපදුනු දුවෙක් වගේ ඔයාලට ගොඩාක් ආදරේ කරාවි..."

මුතූ මිහිරානිගේ උරපත්තකට බරව ඇගේ කම්මුලක් වැරෙන් සිපගෙන මුලුතැන්ගෙයි එළියට ගියේ මිහිරානි විස්මයෙන් යුතුව ඇය ගිය දිහා බලන් ඉන්නැද්දි.ඇය ඇත්ත දන්නවාවත්ද?ඒත් එහෙම වූවා නම් මෙතරම් සැහැල්ලුවෙන් ඇය හැසිරෙන්නේ නෑ.ඒත් තම සවනට වැකුණු ඒ වචන ඇය ඇත්තටම පැවසුවා නොවේද?නැතිනම් ඒ ඇයට ඇසුණු හැටිද?සිය කලබලකාරී හිත සන්සුන් කරගන්න ක්‍රමයක් මිහිරානිට තේරුනේ නෑ.

........💜️........ RITHU SAKURA .......💜️........

දින කීපයක් ගෙවී ගියේ කිසිදු විශේෂයක් නොමැතිවමයි.සේනාධීර සහ ප්‍රීතිමාලිගේ පැමිණීම නිසා ගිරිරාජ්ට සාරංගගේ නිවසට යාමට අවස්ථාව ඇහිරුනත් ඔහු පසුව තීරණය කළේ සේනාධීර සමඟත් මඳකට මේ කාරණේ ගැන සාකච්ඡා කරන්න.මොකද අනිත් දරුවන් දෙදෙනාටම වඩා ඔහු අහිංසාගේ කාරණයේදී තරමක් නොසන්සුන් උනා.සේනාධීරත් ඔවැනිම දුශ්කර කාල පරිච්ඡේදයක් ගත කෙරුව නිසා ඔහුට සිය තත්ත්වය තේරුම් ගන්න පුලුවන් බව ගිරිරාජ්ට වැටහිලයි තිබුනේ.ඒ අතරේ අහිංසා කිසිම වෙනසක් නොමැතිව සිය විදේශ ගමන සඳහා මහන්සි වෙද්දි ඇගේ හිතේ වැඩ කරනා දෙය ගැන හිතාගන්න බැරිව ගිරිරාජ් පසුතැවුනේ ඇගේ හැසිරීමේ සැලකිය යුතු වෙනසක් පෙනෙන්නට වෙද්දී.

මේ අතරේ දීපා සහ ශාදිගේ නිවසට උදා වෙලා තිබුනේ සුභ කාලයක් නෙමේ.සති දෙකක් තිස්සේ නිතර නිතර එන තර්ජනාත්මක ඇමතුම් වලින් දීපා හා නලින් හෙම්බත් වෙලා හිටියේ ශාදිට ඒ බවක් නොපෙන්වා ඉන්නත් ඔවුන් උත්සාහ දරද්දී.සාරංගව ඇයට විවාහ කරදීමේ අඩිතාලම දැමුණු හැටි ශාදි දන්නේ නම් ඇය කෝපගන්නා බව දීපාට වැටහුණා.ඇගේ හැසිරීමත් ටික දිනෙක පටන් වෙනස් බව වැටහුණු දීපා උන්නේද ශාදිට නිතරම අවවාද කරමින්.ඇය වෙනදා මෙන් සාරංග සමඟ විවාහයට උනන්දු නොවන බව වැටහුණු නිසාදෝ දීපා උන්නේ තවත් නොරිස්සුමෙන්.

ගෙවී ගියේ එක්තරා රාත්‍රියක්.නිදන්නට සැරසෙමින් සිටි දීපා සහ නලින් කාමරයේ විදුලි පහන නිවා දමා සයනයට වූයේ ගොරවමින් වහිනා ඒ වර්ශාවටද සවන් දීගෙනයි.නින්දක් නොමැතිව හෙඩ් සෙට් එකත් සවනේ රඳවගෙන වෙනත් කාමරයක වරංග සමඟ ඇමතුමක සිටියේ වෙන කවුරුත් නෙමේ ශාදි.ටිකෙන් ටික ඉදිරියට යන නමක් නැති බැඳීමක ශාදි පැටලිලා උන්නේ හරියට ආලෝකය දෙසට ඇදෙන කෘමියෙක් ගාණට.වර්ශාව නිසත් හෙඩ් සෙට් එක පැළඳගෙන සිටි නිසාත් අවට ශබ්ද ගැන ශාදිට සිහියක් නොතිබුණත් දීපාට නම් වාහනයක හඬක් යාන්තමට එළියෙන් ඇසුණා.ඇය දෑස් විවර කරගෙන මඳක් එයට සවන් දුන්නේ ඒ වාහනය ඇසුනේ සිය ගෙවත්තෙන්දැයි දැනගැනීමටයි.ඒ එක්කම දොරවල් දෙකක් වැහෙන හඬ මෙන්ම දොරට තට්ටු කරනා හඬක් ඇසී දීපා සයනයෙන් නැඟිට්ටා.

"නලින්...නලින්..මේ මනුස්සයෝ..නැඟිටිනවකෝ..කවුද දොරට තට්ටු කරනවා..."

ඒ වනවිටත් නින්දට වැටිලා උන්නු නලින් සියුම්ව ගොරවමින් සිටියා.

"මේ මිනිහෝ...අනේ මන්දා මේ යකාගේ නින්ද...නැඟිටිනවා මනුස්සයෝ...අර කවුද දොරට තඩිබානවා..ගිහින් බලනවකෝ"

හීනෙන් අවදිව මෙන් නලින් උඩ ගිහින් දෑස් විවර කළා.

"කවුද??කවුද??"

"මම මනුස්සයෝ..ගිහින් බලනවකෝ..දොරට කවුද තට්ටු කරනවා..හොරුද මන්දා"

නින්ද කැඩුනු තරහටම ඇඳෙන් නැඟිට්ට නලින් සරම නැවත ගැටගහගෙන ගත දවටා තිබුණු කමිසය හදාගත්තා.තරමක සීතලක් දැනුණෙන් ලබාගත් සනීප නින්ද කැඩුණු තරහට ඔහු දීපා දිහාත් බැලුවේ ඇය ඇඳම අයිති කරන් වාඩි වෙලා ඉද්දී.

"හොරු එනවද ගෑණියේ කිය කිය?තමුසෙත් එනවා බලන්න.."

අඩ අඳුරේම දීපාත් ඇඳෙන් බැස නිදන ඇඳුම සකසාගෙන ඔහු පසුපසින් වැටුණේ කිසිම තැනක විදුලි බල්බයක් නොදල්වා.කිසිවෙකුගේවත් ආමන්ත්‍රණයක් නොමැතිව එක දිගට දොර තඩි බාන හඬට දීපාට අමුත්තක් දැනෙමින් තිබුනා.

"කවුද මේ දොර කඩන්න හදන්නේ?"

නලින් ඇසුවේ දොර විවර නොකරමයි.එහා පසින් ඇසුණේ පිරිමි කටහඬක්.

"මේ නලින් මහත්තයලගෙ ගෙදරද?"

"ඔව්..කවුද මේ?"

"අපි පොලීසියෙන්.පොඩ්ඩකට දොර අරිනවද?"

එය ඇසුණු දීපා හොඳටම කලබල උනා.

"පොලීසියෙන් මොකටද මේ වෙලාවේ??දොර අරින්න එපා නලින්..මට බයයි"

"ටිකක් ඉන්නවා කලබල නොකර"

දීපාත් නලිනුත් කුටුකුටු ගාද්දී නැවත දොරට කිසිවෙකු තට්ටු කළා.

"පොලීසියෙන් මේ වෙලාවේ ඇයි??හේතුව කියන්න පුලුවන්ද?"

"කලබල වෙන්න එපා..මේ අවට සිද්ද වෙච්ච සිද්දියකට කට උත්තරයක් ගන්නයි ආවේ.අවේලාවේ කරදර කළාට සමාවෙන්න..දොර අරින්න පුලුවන්ද?"

නලින් දොරඟුලට අත තබද්දී දීපා ඔහුගේ අතේ එල්ලිලා එය වලක්වන්න හැදුවත් නලින් එය ගණන් ගත්තේ නෑ.බාගෙට දොර විවර කර බැලූ ඔහුගේ නෙතට හසුවූයේ පොලිස් නිළධාරීන් දෙදෙනෙක්.ඔවුන් ඇඳ සිටියේ කාකි ඇඳුම්.එතකින් බිය තුනී වුනු නලින් ආලින්දයේ විදුලි පහන් දල්වා ආලින්දයේ දොර සම්පූර්ණයෙන්ම විවර කළා.

"කියන්න සර්.මොකක්ද දැනගන්න ඕනේ?"

නලින් ඇහුවේ යටහත් පහත්ව.බැලූ බැල්මට තව පුද්ගලයින් කීප දෙනෙක් එළියේ සිටින බව පෙනුනත් ඒ කවුද කියලා නලින්ට පෙනුනේ නෑ.දීපාත් නලින්ගේ උරහිසින් ඉස්සී එබිකම් කළත් ඇයටත් කිසිවෙකුත් හරියට පෙනුනෙ නෑ.

"අපි ඊට කළින් ඇතුළට එන්නද?මේ වැස්ස තදයි"

හිරිකඩ පෝටිපෝවට පවා එද්දී පොලිස් නිළධාරියා ඒ බව අඟවද්දී නලින් එයට හිස සලා ඔවුන්ව නිවස තුළට ගත්තා.මෙතෙක් වෙලා උන්නු පිරිස දෙදෙනාම දැක්කේ දැනුයි.එහි හරියටම පුද්ගලයින් පස් දෙනෙකු සිටියා.නිළ ඇඳුමින් උන්නේ මුල්ම දෙදෙනා පමණයි.තවත් දෙදෙනෙක් දොරකඩ ගාවින් හිටගද්දී ඔවුන්ට වඩා කැපී පෙනුනු වෙනස් ඇඳුමකින් සැරසී සිටි හැදිදැඩි පුද්ගලයෙකු පොලිස් නිළධාරීන් පසුපසින් පැමිණ අනවසරයෙන්ම වාඩි වුණේ තනි සෝෆාවක.කළු පැහැති ජැකට් එකකින් හා කළු පැහැති කලිසමකින් සැරසී සිටි ඔහුගේ මුහුණ හඳුනාගැනීමට නොහැකිව ගියේ පැළඳ සිටි මුඛවාඩම නිසා.එහි සිටි පස් දෙනාම මුඛවාඩම් පැළඳ සිටිනවා දුටු දීපාට දැනුනේ බියක්.බැලූ බැල්මට ඔවුන් රාජකාරියකට ආ බවක් පෙනෙන්න නෑ.

"වාඩිවෙන්න සර්"

අනෙක් නිළධාරින් දෙදෙනාද වාඩි වෙද්දී මුලින්ම අසුන්ගත් පුද්ගලයා නලින් සහ දීපා දෙසට හෙලූ බැල්මට දීපාගේ දෙපතුළේ පටන් සීතල වී ගියා.

"කෙළින්ම මාතෘකාවට බහින්නම්..මෙහෙ එක්තරා ගෙදරක හෙරො/යින් බිස්නස් එකක් ජයටම වෙනවා කියලා අපිට විශ්වාසවන්ත මාර්ගෙකින් සාක්ෂියක් ලැබුනා.."

කතා කළේ පොලිස් නිළධාරියෙක් නෙමේ.මුලින්ම ඉඳගත්ත පුද්ගලයායි.හඬින් නම් ඔහු තරුණයෙකු බව දෙදෙනාටම වැටහුණා.

"මේ පැත්තේ...එහෙම දේවල් වෙනවා කියලා ආරංචියක් නම් කවමදාකවත් ඇවිල්ලා නෑ සර්.."

එවර ඔහුගේ මුහුණේ ඇඳුණු අවඥාසහගත හිනාව කිසිවෙකුටත් නොපෙනී ගියේ මුඛවාඩම හේතුවෙන්.

"කවදාකවත් නොවිච්ච දෙයක් අද..මේ මොහොතේ ඉඳන් වෙන්නයි යන්නේ.."

නලිනුත් දීපාත් මුහුණට මුහුණ බලාගත්තේ ඒ කිව්ව කතාව නොතේරුනු නිසා.එවර ඔහු දෑතින් කළ සංඥාවකට එක් නිළධාරියෙකු කිසියම් කොළයක් නලින් වෙතට දිගු කළා.

"මේ තියෙන්නේ ඒ මනුස්සයා ගැන විස්තරයක්.අඳුනනවද බලන්න"

නලින් තම වෙත දිගු වී තිබෙන කොළය අතට ගද්දී දීපාත් ඒ දෙසට නැමුනේ කේළම බලාගැනීමේ අරමුණින්.නමුත් ඊළඟ නිමේෂයේ දෙදෙනාම භීතියෙන් ඇලලී ගියේ එහි නලින්ගේ නම සමඟින් නිවසේ ලිපිනය සඳහන් වී තිබෙනායුරු දැකීමෙන්.

"ස්..සර්...මේ..මේකේ තියෙන්නේ මගෙ නමයි ඇඩ්‍රස් එකයිනේ..ඒක වෙන්නෙ කොහොමද?මම...එහෙම දේවල් කරන මනුස්සයෙක් නෙමේ..."

සිය වෙව්ලන දෑඟිලි වලින් අතඇරෙන්න යන කොළය නැවත නිළධාරියෙකු අතට පත් වෙද්දී වාඩි වී සිටි පුද්ගලයා හිනාවුනේ තරමක හඬින්.

"තමුසෙට විශ්වාසද?"

"ඔව් සර්...අනේ අපි එහෙම මිනිස්සු නෙමේ.."

එයට පිළිතුරු බැන්ඳේ දීපා.ඇයද සිටියේ බියෙන් වගේ.එවර ඒ අද්භූත මිනිසා දෙනෙතින් ඉඟි කරද්දී අනෙක් නිළධාරියා සිය සාක්කුවෙන් කුඩා බ්‍රවුන් පේපර් උරයක් රැගෙන නලින් වෙතට දිගු කළා.

"ඕක ඇරලා බලනවකෝ"

නලින් තුශ්නිම්භූතව ඒ දිහා බලන් උන්නේ මුකුත් නොතේරෙද්දි.

"ගන්නවා ඉතින්"

මිනිසාගේ ගිගිරුමෙන් බියට පත්ව නලින් එය අතට ගෙන දිගහැර බැලුවේ කරකියාගන්න දෙයක් නොමැතිව.හැදිදැඩි මිනිසුන් පස් දෙනෙක් සමඟ හැප්පෙන්න ඔවුන්ට බෑ.ඒ නැතත් කලබලයක් නොකර නලින් උන්නේ ශාදිවත් මතක් වෙලා.ඔවුන් ආවේ නපුරකට බව ඔවුන් දෙදෙනාටම වැටහී අවසන්.නලින්ගේ අතෙහි වූයේ කුඩා ඉටි බෑගයක ආවරණය කර තිබූ සුදු පැහැති කුඩු වර්ගයක්.

"මේ..මේ...මොනාද?"

"අර තමුසෙ ළඟ නැහැයි කිව්ව ඩ්‍රග්ස් ටික...එහෙනම් තමුසෙ ඩ්‍රග් ඩීලර් කෙනෙක් නේද?"

නලින් අතෙහි වූ පැකට් එක බිමට අතෑරියේ කලබලයෙන්.

"මොනාද සර් මේ කියන්නේ?මේක දැන් මගෙ අතට දුන්නෙ මේ සර්නේ.."

එවර තරුණයාගේ දෑස් යොමු වුණේ ඒ නිළධාරියා දිහාටයි.

"තමුසෙ ද මේ මනුස්සයට බෑග් එක දුන්නේ ඔෆිසර්?"

"නෑ සර්..මම සර් එක්කමනේ උන්නේ..."

"එතකොට තමුන්ද දුන්නේ?"

ඒ ඇසුවේ අනෙක් නිළධාරියාගෙන්.

"කොහෙත්ම නෑ සර්.මේ ටික තිබ්බේ මේ මනුස්සයා ගාව.."

දීපා සහ නලින් බය බීරාන්තව බලන් ඉන්නැද්දි තරුණයා නලින් දිහා බැලුවේ තියුණුව.

"ඩ්‍රග්ස් ලඟ තියන් ඉඳලා තමුසෙලා ඒ පාර මගේ ඔෆිසර්ස්ලාට චෝදනා කරනවද ආ?"

මුළු නිවසම දෝංකාර දෙන්න ඔහු කෑ ගසද්දී ශාදිටත් ඒ හඬ ලාවට ඇසුණා.ඇය හෙඩ් සෙට් එක ගලවා සාලෙන් ඇසෙන හඬට සවන් දුන්නේ වර්ශාව හඬ අස්සෙන් තමාට සත්‍ය වශයෙන්ම කිසිවෙකුගේ හෝ උස් හඬක් ඇසුනේදැයි විපරම් කරන්නයි.

"මගෙ දෙයියනේ..මේ මොනාද සර් කියන්නේ??මේක මගෙ අතට දුන්නේ මේ සර්නේ..සර්ලා ඒක හොඳටම දැක්කනේ..මේ...මේ...මොකක්ද වෙන්නෙ කියලා පැහැදිලි කරන්න කරුණාකරලා..ඔයාලා කවුද??මොනාද අපෙන් ඕනේ?"

නලින්ගේ හඬ වෙව්ලද්දී ඒ හඬ යාන්තමට සවනත වැකුණු ශාදි සයනයෙන් බැස දොර රෙද්ද මෑත් කරද්දිම දැක්කේ කවදාවත් නොදැකපු පුද්ගලයින් සමඟ බියමුසුව පසෙකට වී සිටින සිය දෙමාපියන් දෙදෙනාව.ඇය එහෙමම දොර රෙද්දට මුවා වුනේ කුමක්දෝ බයක් හිත වෙලාගද්දි.

"තමුසෙලගෙන් මට මොනාද ඕනා නේද??ම්ම්ම්...ඕනේ එකම එක දෙයයි...ඒක මහලොකු දෙයක් නෙමේ.."

තරුණයා සිටි තැනින් නැඟිට නලින් දෙසට අඩියක් තැබුවේ ඔහු අඩියක් පසුපසට යද්දී.දීපාත් නලින්ගෙ අතකින් අල්ලාගත්තේ ඔහු ඉණේ සඟවාගෙන සිටි පිස්තෝලයේ කොණක් නෙත ගැටීමෙන්.තරුණයා සිය ගැඹුරු හඬින් පැවසූ වදන් යුවල මෙන්ම ශාදිද හොරෙන් අසාගෙන සිටියේ ඇගේ දෙනෙත් පුදුමයෙන් විසල් වෙද්දී.
.
.
.
එළඹ තිබුණේ මධ්‍යම රාත්‍රියයි.සිය දුරකථනයට ඇමතුමක් එනතුරු මුතූ නිදිවර්ජිතව බලා සිටින්නේ නොඉවසිල්ලෙන්.ඊටත් පැය භාගයකට පමණ පසු බලාපොරොත්තුවෙන් සිටි ඇමතුම එද්දී ඇගේ දෑස් බැබලෙන්නට වුනා.

"හෙලෝ අයියේ.."

"ඔයා ඉල්ලපු එක වැඩක් සාර්ථකයි නංගි.කරපු විදිය අහන්න එපා..කිව්ව විදියටම ඔන්න එළි වෙන්න කලින් මම වැඩේ කරලා දුන්නා..ඊළඟ වැඩේත් ඕන විදියටම සිද්ද වේවි..ආයේ එළියට නොඑන්නම හිර කරන්නම්"

ඉතින් ඒ ඇමතුමෙන් සැනසුනු මුතූ දෙනෙත් වසාගෙන සැනසුම් සුසුමක් හෙලුවා.

........💜️........ RITHU SAKURA .......💜️........

පහුවදා නිවසේ සියලු රාජකාරී සියල්ල සිදු කළ මිහිරානි උන්නෙ පෙරදා වැටුණු ධාරානිපාත වර්ශාවට තරමක් මඩ වී ගිය පෝටිපෝව පිරිසුදු කරමින්.ඇය ඒ කාර්‍යය කරන අතරතුර මාලක ආලින්දයේ සිට කෑ ගැසුවේ ඇයට ඇමතුමක් බව පවසමින්.

"මිහිරානි...මේ කෝල් එකක්.."

"අරන් බලන්නකෝ"

"මට බෑ.තමුසෙගෙ යාලුවා කතා කරන්නේ..දීපා.."

එවර අත රැඳි මොප් එක පසෙකින් තැබූ මිහිරානි වැඩේට බාධා වුනු නිසාම නොරිස්සුමෙන් ඒ දෙසට අඩිය තිබ්බා.

"කියන්න දීපා"

වෙනදා මෙන් දීපා සමඟ කතාකරන්න කැමැත්තක් නොතිබුණු මිහිරානි එයට පිළිතුරු දුන්නෙත් ඒ අකැමැත්ත හංඟානොගෙනමයි.

"ආ...මිහිරානි..වැදගත් දෙයක් කියන්න මං මේ ගත්තේ"

"කියන්න"

"මිහිරානිට පුළුවන්ද අපි අර මුතූ වෙනුවෙන් දුන්නු සල්ලි ටික අපිට ආයේ දෙන්න?"

අනපේක්ශිත ඉල්ලීමෙන් තුශ්නිම්භූත වෙච්ච මිහිරානි අසල වාඩිවෙලා උන්නු මාලක දිහාත් බැලුවේ පුදුමයෙන්.ඔහුත් විමසිල්ලෙන් අහන් ඉන්න බව දැනුනු මිහිරානි ඉක්මනට ස්පීකර් ඔන් කළා.

"මේ හදිස්සියේම??ඇයි දීපා මේ හදිස්සියේ ඒ සල්ලි මතක් කළේ?"

ගනුදෙනුව සිදුවන්නට තිබුනේ එහෙම නෙමේ.දීපා මෙතරම් කාලයක්ම ඒ සල්ලි පසුපස නොපැන්නුවේ එය තුරුම්පුවට තියාගෙන සාරංගව ඔවුන්ගේ දියණියට ලියවගන්න බලාපොරොත්තුවක් තිබුණු නිසා.

"නෑ..නෑ..මේ..හදිස්සියක් නෙමේ..ඒ සල්ලි ටික ඉල්ලගෙන ගනුදෙනු ඉවර කරගන්නයි අපි මේ බැලුවේ"

"ගනුදෙනු ඉවර...කරනවා කිව්වේ??"

මිහිරානි තවමත් කිසිවක් තේරුනේ නෑ.ඇය මාලක අසලින් වාඩි වුනේ දෙගිඩියාවෙන්.

"මේ..මේකයි...අපි...මේ අපේ ළමයින්ව බලෙන් බන්ඳලා කරන්නේ දෙන්නටම වරදක් නේද?මං මේ කල්පනා කළේ මේ...අපි මේ යෝජනාව ඔහොම්මම නොකර ඉන්න කියලා..මේ..නිකේත් පුතාට හොඳ ගැණු ළමයෙක් දැනටම ඉන්නවානේ...වැඩේ නොවෙනවට මිහිරානිගේ අකැමැත්තක් නෑ නේද?"

එවදන් අදහගන්න බැරිව මිහිරානිගේ පමණක් නෙමේ මාලකගේ දෙනෙතුත් විසල් වෙද්දී දෙදෙනා එකිනෙකා දෙස බැලුවේ ඒ ඉරියව්වෙන්මයි.

"මේ...දීපා ඇත්තටමද කියන්නේ?"

"ඔව්..ඔව්..ඇත්තටමයි.අකැමැත්තෙන් දේවල් කරන්න ඕනේ නෑනේ..අපේ යාලුකම් වල වෙනසක් වෙන්නෙ නෑ එහෙම උනාට.අර...අර සල්ලි ටික ලැබුනොත් ඇති...මේ දවස් වල පොඩ්ඩක් සල්ලි වලින් කරදරයි...ඒකයි...එහෙනම් මම තියන්නම් මිහිරානි..අහිතක් හිතන්න එපා හොඳද?"

එහා පසින් ඇමතුම විසන්ධි උනේ මිහිරානි කිසිවක් කියන්න කලින්මයි.දුරකථනය දිහා මුවත් බාගෙට ඇරගෙන බලා සිටි මිහිරානි මාලක දිහා බලද්දී ඒ මුවේ ප්‍රීතිමත් බැල්මක් තියෙනවා මිහිරානි දැක්කා.

"ඒ මොකක්ද මහත්තයා ඒ උනේ?"

"ඒ මොකක් උනත් කෝටියක් දීලවත් කරගන්න බැරි වැඩක් උනේ.ගත්ත සල්ලි පොළියත් එක්ක හරි දීලා කොල්ලව එතනින් ගලවගන්න ලැබුණු එක නම් සැනසීමක්..."

මාලක කියද්දී මිහිරානිගෙ මුවෙත් සිහින් සිනාවක් ඇඳුනා.වුනේ කියලවත් කරගන්න බැරි වැඩක්.ඊයේ දිනය වෙනකන්ම එහෙම වෙනසක් නොපෙන්වූ දීපා එක්වරම වෙනස් වුනු හේතුව හිතාගන්න ඇයට නොහැකි වුවත් වූයේ හොඳ දෙයක්.සාරංග සහ අහිංසා එකතු වෙන්න කිසිම බාධාවක් නැති බව වැටහුණු මිහිරානිගේ හිත ප්‍රීතියෙන් ඉපිල ගියා.ඉක්මනටම අහිංසාව හමු වී සියල්ල පවසන්න ඕනේ.මේ දින කීපයට අහිංසාගේ හිතට දුන්නු ගින්දරට ඇගෙන් සමාව ගන්න ඕනේ.නැවත වරක් අහිංසාගේ මුවේ මැවෙන ඒ අව්‍යාජ හිනාව සියැසින් දැකගන්න ඕනේ.බලාපොරොත්තු ගොඩක් හිතේ ඇදෙද්දී මිහිරානි සැනසුම් සුසුමක් හෙලුවේ දෙවියන්ට පිං දෙමින්.

-මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

කරදරේ ඉවරයි.දීපා ලෙෆ්ට්.

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

10.9K 1.8K 32
හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩක්...❤️ හුස්ම නැවතුනත් පණ ගැහෙන ආදරයක්...
1K 75 16
දැනෙන තැන හරිම තැනම ද ?
1.7K 256 7
මිස්ටර් රුද්‍රාක්ශ ප්‍රතාප් ගජේන්ද්‍රනාත් ! " දන්නව ද මම කියවන පොතක තිබ්බේ සරීන් කියන්නේ nerve gas එකක් කියලා. විනාඩි දහයකින් වගේ මනුස්සයෙක් මරන්න පු...
5.5K 933 35
ඇත්තටම ම⁣⁣ගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට....... ඒත් ඉ...