සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

64.2K 6K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

69

583 68 1
By Rithu_Sakura

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

සන්තානේ - දෙහදක් 2

💜️69 කොටස💜️

ශාදි උන්නේ ඇත්ත කියන්නද බොරු කියන්නද කියලා හිතාගන්න බැරිව.ඇයට මතක් උනේ ඇය සමඟ ගමන් කළ තරුණයා ඇයට පැවසූ කාරණාවක්.

"සාරංග කියන්නේ කොලිටියට වැඩ කරන එකෙක්.හැබැයි ඌ අමුතු පොරක්...අපි ෆීල්ඩ් එකට ආවේ එකම කාලේ..ඒ නිසා ඌ ගැන මං තරම් වෙන කවුරුත් දන්නෙ නැතිව ඇති...ඔයාවයි එයා මැරි කරන්නෙ ඉන්නෙ කියද්දි මට විශ්වාසත් නැති උනා..ඒත්..මං කැමතියි ඔයා මගෙ රික්වෙස්ට් එක ගැන ඌත් එක්ක නොකියා ඉන්නව නම්"

ශාදි ඇත්තටම හිතන් උන්නේ ඇයට හමු වූ තරුණයා ගැන නොකියා ඉන්න.ඒත් අනපේක්ශිත විදියට සාරංග ඇය ඔහු සමඟ දුටු නිසා ශාදිට බොරු කියන්න හිතක් දුන්නෙ නෑ.

"අහ්..ඔව්..මං..ඒ ගියේ ඔයා දන්න කෙනෙක් එක්ක..වරංග අ..."

"වරංග අබේනායකද?"

වරංගගේ නම ඇහෙද්දිම සාරංග තරමක් කලබල උනා කියලා ශාදිට හිතුනා.මිහිරානි නම් මේ කතාබහ දෙස බලන් උන්නේ ශාදි ගැන පැහැදීම මඳක් අඩුවෙද්දී.

"ඔ..ඔව්..අර ශූට් එකෙන් පස්සෙ එයා මාව කන්ටැක්ට් කරගත්තා.එයත් එක්ක ශූට් එකක් කරන්න රික්වෙස්ට් කළා.මම ඒ ගැන කතා කරගන්නයි...අද ගියේ...සොරි නිකේත් අයියේ.මට ඒ ගැන කියන්න අමතක උනා"

"අමතක උනා කියලා කියන්නෙ මොකක්ද දරුවෝ?සාරංග ඔයා මැරි කරන්න ඉන්න කෙනා.අනික...ඔයා නොදන්න පිරිමියෙක් එක්ක එහෙම ගමන් යනවද රික්වෙස්ට් කළ පලියට...?"

කවදාවත් ශාදි මිහිරානිගෙන් එවැනි වාග් විලාසයක් බලාපොරොත්තු උනේ නෑ.ඉතින් ඇය බිම බලාගත්තේ වැරැද්ද ඇගේ අතේ නිසා.නමුත් මිහිරානි වගේ තරහ අරගෙන කෑ ගහන්න තරම් උවමනාවක් හෝ හැඟීමක් සාරංගට තිබ්බෙ නෑ.

"ශාදි මොනා කළත් මට අදාල නෑ අම්මේ..ශාදි...හැබැයි මම ඔයාට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම්.වරංග එක්ක පරිස්සමින් වැඩ කරන්න.සීමාවක් තියාගෙන..."

සාරංග ඊටත් පසු කිසිත් නොඅසාම කාමරයට වැදුනේ ශාදි දිහා මිහිරානි අමුතුවට බලන් ඉද්දී.ශාදිට ඒ කියන සීමාව තේරුම් ගන්න උවමනා උනේ නෑ.මොකද ක්ශේත්‍රයේ ප්‍රසිද්ධියක් උසුලන වරංග සමඟ වැඩ කිරීම තමා ඇගේ ඊළඟ හීනය.

"මෙච්චර දවසක් ඔයාව මගෙ කොල්ලා දිහාටම තල්ලු කළේ ඔයා හොඳ දරුවෙක් කියලා හිතලා ශාදි..ඒක වෙනස් වෙන තැනට වැඩ කරන්න එපා"

මිහිරානිත් එසේ පවසා මුලුතැන්ගෙට යද්දි ශාදි නොරිස්සුමෙන් චුක් ගාගෙනම වාඩි උනා.

'අර රත්තරන් කෙල්ලව මගෙ කොල්ලාගෙන් අයින් කරවලා මම කරගත්තේ මෝඩකමක්ද දෙයියනේ?අන්තිමට මායි පව්කාරයෙක් උනේ'

මිහිරානි හිතුවේ දුක්මුසුව.කටපුරා අම්මේ යැයි පවසා තමා අසල ඇඬුව අහිංසාගේ දෙනෙත් මිහිරානිට එදා ඉඳන් තාමත් වද දෙනවා.

........💜️........ RITHU SAKURA .......💜️........

සිය මිත්තණියගේ දේහය දිහා බලාගෙන චාන්‍යා උන්නේ හූල්ලමින්.සිය ජීවිත කාලයෙන් ඇය සමඟ ගත කරන්නට චාන්‍යාට හම්බුනේ ඉතාම සුලු කාලයක් විතරයි.ඉතින් කටපුරා කිරි අම්මා යැයි පවසන්නට හිටි අන්තිම පුරුකත් මෙලෙස නැති වී යද්දී චාන්‍යාට දැනුණේ ලොකු වේදනාවක්.

"සේන කීයටද පුතා ලෑන්ඩ් කරනවා කිව්වේ?"

ගිරිරාජ් ඇසුවේ අසල උන්නු කේශව සමඟ එළියේ උන්නු මතීශගෙන්.

"පාන්දර වෙයි අන්කල්.එහෙමම කැබ් එකක් දාගෙන එන්නම් කිව්වා..වැඩිය කතා කළෙත් නෑ.."

සේනාධීර ඉන්නේ දුකෙන් බව ගිරිරාජ්ට අමුතු කාරණයක් නෙමේ.සිය මවගේ අන්තිම කාලයේ ළඟින් ඉන්න බැරි වූ එකට ඔහු දුක් වෙන බව නොඅනුමානයි.

"ලොකු තාත්තත් අපේ තාත්තා එනකන් ඉන්නේ..හෙට වෙද්දි අවසන් කටයුතු කරලා ඉවර කරන්න ඕනේ කිව්වා"

ගිරිරාජ් හිස සැලුවේ නිවසේ ප්‍රධාන දොරටුව අසලම සිටින ධීරවංශ දෙසට බැල්මක් හෙළලා.ප්‍රීතිමාලි මෙන්ම රූපිකාත් ඉන්නේ පසෙකට වී කඳුලු සලමින්.ඔවුන් වැනි ලේලියන් දෙපලක් ලැබීමට තරම් මිය ගිය මිත්තනිය වාසනාවන්ත වීම ගැන ආ සියලු දෙනාම සිටියේ පැහැදීමෙන්.පිරිස කෙමෙන් කෙමෙන් වැඩි වූයේ ධීරවංශට තිබූ හිතවත්කම් අනුව.ප්‍රභූවරු කීප දෙනෙක්ද එහි පැමිණෙද්දී මතීශ හැරුනේ කේශව දිහාට.

"නංගි කෝ??"

"අර ඉන්නේ හූල්ල හූල්ල..මට බෑ අඬනවා බලන්න...ඒකයි මේ ඉන්නේ"

කේශවගේ හඬ පොඩි හිතුවක්කාරකමකින් පිරිලා.

"නොකිව්වට මාත් නොයන්නේ ඒකයි.."

මතීශ කිව්වේ කේශවගෙ පිටට පාරක් ගසමින් එතනින් ඉවත් වෙලා.ආ මොහොතේ ඉඳන් චාන්‍යා ඉන්නේ දෙනෙත් රතු කරගෙන.අඩුම තරමේ කෑම කෑවෙවත් නෑ.වතුර ටිකක් පොවාගත්තෙත් අමාරුවෙන්.දේහය නිවසට අරන් ආ මොහොතේ ඇගේ හැඬුම් හඬ වැඩි වෙන අයුරු කේශව බලන් උන්නේ ඔහුගේ හදවතත් රිදුම් දෙද්දී.මොන දේ උනත් අවමංගල උත්සවයකට ආවම ඔහුට මතක් වෙන්නේ සිය මව මිය ගිය දිනය.ඒ මූසල හැඟීමට කේශව කැමති නෑ.සේනාධීර ආවම ඒ හැඬුම් තව තවත් වැඩි වෙන හැටි කේශවට මැවිලා පෙනුනා.අඳුරේ අහස පුරා මලානිකව පැතිරී තියෙන තරු දිහා බලන් උන්නු අහිංසා ළඟට මතීශ ඇවිදන් ආවේ ඇය මතම නෙතු රඳවගෙන.

"නංගි.."

සාරංග ගැන කල්පනාවක උන්නු ඇය තිගැස්සී ගියේ මතීශගෙ හඬට.නොහැඬූ නමුත් අහිංසාගේ උවනත් තිබුණේ මලානිකව.මෙහි ඒමට පෙර තමන්ගෙන් එක බැල්මක් බලාපොරොත්තුවෙන් සාරංග හැසිරුනු හැටිත් එයට තමන් දැක් වූ දරදඬු ප්‍රතිචාරයත් මතක් වෙලා අහිංසා උන්නේ තමන් ගැනම කේන්තියකින්.

"කාලද ඉන්නේ?"

"නෑ අයියේ..අප්පච්චිලා එක්කම කනවා.චානුත් බඩගින්නෙ ඇත්තේ"

ඇය කිව්වේ සිය කුසගින්න සඟවගෙන.ඊට වඩා හදේ ගින්න විශාලයි.

"නංගිට කේශ් කවාගනියි.උඹ බඩගින්නෙ ඉන්න එපා..හෙට යන්නත් ඕනා නේද?මේ වැඩ අස්සේ සැලෝන් එකේ වැඩ පාඩු කරගන්නත් උනා නේ?"

"නොයා ඉන්නෙ නෑ අයියේ..ඒත් වෙඩින් එකට තව දවස් කීපයයි.සාරි එකෙත් වැඩ තව පොඩ්ඩක් ඉතුරුයි.හෙට බ්‍රයිඩ්ගෙ ෆයිනල් ෆේශල් එකත් එක්ක වැඩ ටිකක් තියෙනවා..ඒකමයි යන්නේ...අනේ අහිතක් හිතන්න එපා.."

මතීශ සිනාවකින් ඇගේ හිස අතගෑවා.

"පිස්සුද බං??මොනා කියනවද මන්දා..මට පස්සෙ අහන්නත් බැරි උනා.අර මං කිව්ව වැඩේ තත්වෙ මොකද?"

ඔහු ඒ ඇහුවේ ඔහු යෝජනා කෙරුව කෝස් එක ගැන.

"මම ඒකට ඇප්ලයි කළා.හෙට අනිද්දම පොසිටිව් රිප්ලයි එකක් ඒවි..."

"ශා..මරුනේ..ගෙදරින් දන්නවද?"

"මම ඇප්ලයි කළා කියන්න දන්නවා.හැබැයි ඊට වඩා දෙයක් කිව්වේ නෑ..ශුවර් නෑ ඉතින් තාම"

"අන්කල් ඕකේ කළොත් බය නැතිව ඉඳින්..මම ඉන්නවානේ..අනික ශීනුත් ඉන්නවා..අපි එක්ක උන්නෑකි.."

"හා අයියේ..ඒකමයි බය නැතිව ඇප්ලයි කළේ"

දෙදෙනා අතර මොහොතකට පැවතුනේ නිහඬබවක්.මතීශ දුරකථනයට ආ පණිවිඩයක් පිරික්සමින්ම අහිංසා වෙත හැරුනා.

"එකොළහටත් කිට්ටුයි.කෑම කාලා ඔයා නිදාගන්න නංගි.එහා ගෙදරට යනකොට අපේ නංගිලා කාව හරි එක්කන් යන්න හරිද?"

ඔහු එලෙස පැවසුවේ කෑම පිලියෙල කර තිබුණේ අසල්වැසි නිවසක නිසයි.මේ නිවසට පෙනෙන මානයේ උනත් අහිංසාව තනියම ඒ නිවසට නොයන ලෙස මතීශ ඉඟි කළේ ඔහුට ඇයවත් සිය නැඟණිය මෙන් දැනෙන නිසා.චාන්‍යාව ආරක්ෂා කරන පරිද්දෙන්මයි මතීශ අහිංසා ගැනත් හිතුවේ.සිනාවකින් මතීශට ප්‍රතිචාර දැක්වූ අහිංසා මතීශ ගිය පසුත් උන්නේ ඈතින් පෙනෙන හන්තාන කඳු වැටිය දෙසට නෙත් යොමාගෙන.

........💜️........ RITHU SAKURA .......💜️........

චාන්‍යාටත් වදෙන් පොරෙන් බත් කටක් කවාගත් කේශව ඇයව ධීරවංශගේ නිවසට රැගෙන ගියේ ඇය මහන්සියෙන් බව පෙනුනු නිසා.ඔවුන් වෙනදා රැඳෙන කාමරයට ආ විගසම චාන්‍යා කේශවගේ පපුවට තුරුලු උනේ ඔහුත් ඇයව වැළඳගද්දී.

"දුකයි තමා..මොනා කරන්නද ඉතින්?එක්තැන් වෙලා දුක් විඳිනවට වඩා වේදනාවක් නැතිව කිරි අම්මා ඇස් පියාගත්ත එක හොඳ නැද්ද ම්ම්ම්??"

කේශව ඇහුවේ ලයාන්විත හඬකින්.

"ඒත්...දුකයි..."

"අපිට මරණය නතර කරන්න බෑනේ බබෝ.."

කේශව එවර ඇගේ විඩාබර මුහුණ දෑතින්ම අල්ලාගෙන ඇගේ දෑස් වලට එබුනා.විවේකයක් නොලද දෑස් රතු වෙලා යන්තමට.

"අපිත් දවසක දරු මුණබුරෝ දැකලා මේ ලෝකෙන් යනවා..ඒක අපිටත් පොදුයි..මගෙ අම්මත් මම ගොඩක් තරුණ කාලෙම මාව දාලා ගියේ..දැන් අපි තුන්දෙනා එයාගෙ මතකෙන් ජීවත් වෙනවනේ..ඒ වගේ හිත හදාගමු හොඳද?යන්න..වොශ් එකක් දාන් නිදාගන්න.."

කේශව අවසානයේ ඇගේ නළලත තදින් සිපගත්තා.වේදනාව මඳක් තුනී වූවත් ඇය උන්නේ තෝන්තුවෙන් වගේ.

"මට නින්ද යනකන් ඉන්නවද?"

නාන කාමරයට යාමට පෙර චාන්‍යා අහද්දී කේශව හිස සැලුවේ ඇය ගැන අනුකම්පාවෙන්.චාන්‍යා පිරිසිදු වී පැමිණ ඇයට නින්ද යනතුරු ඇය අසලම උන් කේශව පහළට යන්න සැරසෙද්දී ඒ කාමරයට ආවේ අහිංසායි.ප්‍රීතිමාලිගේ සහ රූපිකාගේ වදේටම ආහාර ගෙන ආ ඇය ඉක්මනට කාමරයට ආවේ හෙට දිනයේ ඇය නැවත යාමට පෙර නින්දක් ගත යුතු නිසා.

"නංගි...කෑවද?"

"ඔව් පොඩි අයියේ..නිදාගන්න කියලා හැදුවේ.හෙට යන්නත් ඕනනේ"

"හ්ම්ම්..පියල් උදෙන්ම ඒවි.චානුව බලන්න පොඩ්ඩක්...නිදාගන්න එහෙනම්..මම පහළට යනවා"

කේශව නොපෙනී යනතුරු සිටි අහිංසා කාමරයේ දොර වසා දමා තුවාය රැගෙන නාන කාමරයට වැදුනේ නිදන් සිටින චාන්‍යා දෙසට බැල්මක් හෙලලා.

පාන්දර එකටත් කිට්ටුයි.ඒත් අහිංසාට නින්ද අහලක තියෙන බවක්වත් දැනුනේ නෑ.වෙනදට සාරංගගෙන් එන ඇමතුමක්වත් කෙටි පණිවිඩයක්වත් නැතුව ඇය උන්නේ වේදනාවෙන්.මේ දින කීපයට ඔහුට ගොඩක් රිදවපු බව අහිංසා දන්නවා.ඔහුගෙන් වෙන් වෙන්න වෙන ක්‍රමයක් නොතිබුණත් අහිංසාට ඔහු නැතුව ඉන්න බැරි ගතියක් දැනුනා.ඉවසිය නොහැකිම තැන ඇය සිය ජංගම දුරකථනය රැගෙන අඳුරෙහි ගිලී ඇති බැල්කනියට ගියේ මඳක් ඈතින් පෙනෙන සෙනඟ දෙසට නෙත් යොමාගෙන.වෙලාව ගැනවත් වගක් නොවූ ඇය සාරංගගේ අංකයට ඇමතුමක් ගත්තත් එය කීපවරක් නාද වද්දී ඇය ඇමතුම විසන්ධි කළා.

'මම මේ මොකද කරන්නේ??ඒ හිත මම ආයෙම තලාවි..සැනසීමේ නිදාගන්නවත් නොදී මේ පාන්දර කෝල් ගන්නේ මට පිස්සුද අප්පා??'

ඇය දුරකථනය පපුවේ සඟවගෙන දෙනෙත් වසාගෙන හිතුවේ කණස්සල්ලෙන්.සුසුමක් පිට කර නැවත කාමරයට යාමට සැරසුණු අහිංසා නතර උනේ ඊළඟ ඇසිල්ලේ දුරකථනය නාද වෙද්දී.ඇමතුම සාරංගගෙන්.එයත් වට්ස් ඇප් වීඩියෝ කෝල් එකක්.මඳක් කලබල උනත් තමා අවදියෙන් බව ඔහු දැන් දන්න නිසාම තවත් ඒ හිතට දුකක් දෙන්න අහිංසාට හිත් දුන්නෙ නෑ.ඒ නිසාම ඇය නැවත බැල්කනියට ගොස් එහි එක් මුල්ලකින් වාඩි උනේ ඇමතුම රැගෙනමයි.දුරකථනයේ ආලෝකය වැදී යන්තම් දෙදෙනාට දෙදෙනාගේ මුහුණු පෙනෙද්දී අහිංසා සිය දෙතොල් එකට තද කරගත්තේ ඔහුගේ බැල්ම දරාගන්න බැරිව මඳකට ඉවත බලාගනිද්දී.

"දැන්වත් මං දිහා බලන්න බැරිද?"

සාරංගගේ ගැඹුරු හඬ සවනත වැකෙද්දී අහිංසා ගැස්සිලා වගේ ඔහු දිහා බැලුවා.ඔව්.ඔහු ඉන්නේ වේදනාවෙන්.තරුණ හිත් දෙකක් දෙතැනක අවදියෙන් තියන්නට තරම් ඒ හිත් දෙකම වේදනාවෙන්.

"මාව අමතක කරන්නද ඔයා හදන්නේ අහිංසා??"

සුලු මොහොතකට පස්සේ සාරංග අහද්දී අහිංසාට ඇඬෙන්න වගේ ආවා.ඇය හිස දෙපසට වැනුවේ නෑ කියන්න.

"බොරු..තමුසෙට මොනාද වෙලා...මං දිහා එක තප්පරේකට හැරිලා බලන්න බැරි තරම් මාව එපා වෙලා..යනකොට මම කී පාරක් නම් බැලුවද?දන්නවද අහක බලාගෙනම ගිය වෙලාවේ මට දැනුණු වේදනාව ආ???පේනවද තමුසෙ මාව පුච්චන තරම?"

"අනේ අයියේ..."

අහිංසා ඉකිය වාවගන්න මුව වසාගත්තත් දෙනෙතින් ගලන කඳුලු නවත්තන්න ඇයට පුලුවන් උනේ නෑ.මද අඳුරේ දිලිසෙන කඳුලු බිඳු සාරංග හොඳටම දැක්කා.

"තමුසෙත් මේ පාන්දර ඇහැරිලා ඉන්නේ තමුසෙ මට තියන්න යන ගින්නට මට කළින් තමුසෙම පිච්චිලා නිසා අහිංසා...ඔය ගින්දරෙන් තමුන්ව පුච්චගෙන අලු වෙලා යන්න කළින් මට වෙච්ච දේ කියනවා..."

ඒ හඬේ තිබ්බේ වේදනාවක් විතරයි.ඒත් අහිංසාට තාමත් හිත හදාගන්න බෑ සාරංගට ඇත්‍ත කියන්න.මිහිරානි කිව්ව විදියට අන්තිමට ඒකෙන් මුතූ දුක් වින්ඳොත් අහිංසා ඒ වරදකාරී හැඟීමෙන් හැමදාම දුක් විඳීවි.

"අහිංසා..."

ඇයට නිදහසේ කඳුලු වගුරුවන්නට ඉඩ දී නිහඬව බලා උන්නු සාරංග කතා කළේ ගොඩක් මෘදුව.

"මට ආදරෙයි නේද?......මට දුකයි ඕයි ඒ ප්‍රශ්ණෙ ආයෙ ආයෙම අහන්න වෙන එකට..."

ඉතින් අහිංසා සසැලී ගියා.ආදරෙයි කිය කිය ඈත් වෙන එක තරම් වේදනාවක් අතඇරලා දාන එක තරම් වංචාවක් තවත් කොහෙද?

"ඔයා...ඔයා..හොඳින්ද?"

ඔහුගේ ප්‍රශ්ණය මඟ ඇරලා අහිංසා අහද්දි සාරංගගේ මුවේ ඇදුනේ උපහාසාත්මක හිනාවක්.තුනී වේදනාවක් ඔහුගේ හිතට දැනෙන්නට උනා.

"ඔයාට හිතෙනවා නම් පේනවා නම් මම හොඳින් කියලා..මම හොඳින් ඇති...තියන්නම්..නිදාගන්න ඇහැරන් ඉන්නෙ නැතිව"

නොසිතූ ඉක්මනට සාරංග ඇමතුම විසන්ධි කළේ අහිංසාව තිගස්සවමින්.ඉතින් ඔහු ඉන්නේ වේදනාවෙන් වගේම කේන්තියෙන්.මොන දේ උනත් තමා ඔහුට ආදරේ නැතැයි ඔහු සිතනවාටත් අහිංසා කැමති නෑ.මේ මොන දේ අතරිනුත් අහිංසාට ඕනේ ඇය ආදරේ කරන්නේ ඔහුට පමණක්ම බව තේරුම් කරවන්න.ඇය ඒකමයි කෙටි පණිවිඩයක් ඉක්මනට ටයිප් කළේ.

"එදා මම ආදරෙයි කියලා කිව්වේ මුලු ජීවිත කාලෙටමයි අයියේ...ඉතින්...දැනුත් ඒක එහෙමමයි..මං මැරෙනකන්ම එහෙමමයි"

ඇය යැවූ වට්ස් ඇප් පණිවිඩය ඔහු දුටු බවට නිල් පැහැති හරි සලකුණු ද්විත්වය සාක්ශි දැරුවත් ඔහුගෙන් ප්‍රතිචාරයක් තිබ්බෙ නෑ.ඔහුගේ කෝපයෙන් පිරුණු උවන සිහි වී මඳහසක් නැඟුණු අහිංසා කඳුලු පිස දමා සයනයට ආවේ බැල්කනියේ දොර වසා දැමුවාට පස්සෙයි.

........💜️........ RITHU SAKURA .......💜️........

උදෙන්ම යන්න ලෑස්ති උනු අහිංසා අන්තිම වතාවට දේහයට ගෞරව දක්වලා එළියට ආවේ ඇඳුම් බෑගයත් අසල මඩුවක් යටට ගෙනත් තියමින්.අනිත් අය සමඟ කතා බහේ යෙදෙමින් ඇය මොහොතක් ගත කළේ පියල් එනතුරුයි.

"සුදූ...තාත්තා මඟ එන ගමන්.හොඳ කෙල්ල වගේ ඉවසගෙන ඉන්න හොඳද?එයා ඉන්නේ ගොඩක් දුකින්..දන්නවනේ තාත්තට ඇඬුනාම තමුසෙට හපන් කියලා.."

අහිංසා සවන් දුන්නේ එහා කොණක සිටි මතීශ චාන්‍යාට උපදෙස් දෙන විදිය.චාන්‍යාත් දුක්මුසුව හිස සලන්නේ එයට එකඟ වෙමින්.මේ වෙද්දිත් ඔහු කඩා වැටිලා.නිවසට එන අතරමඟට ඔහු හොර රහසේම අඬන බව නම් චාන්‍යා දන්නවා.ඒ තරමටම ඔහුට තියෙන්නේ සංවේදී හිතක්.ඒ අතරේ අහිංසා බලන් උන්නේ ගිරිරාජ් සමඟ කතා බහක සිටින මාධව දිහා.ඔහුව ඇය දැක්කේ දැනුයි.ඒ නිසාම ඇය හිමින් හිමින් මාධව දෙසට අඩිය තිබ්බා.මාධවත් අවමංගල්‍යට ඇවිත් තිබුණේ අසනීපෙන් ඉන්න විහාරාව පුතු සමඟ ගෙදර නවත්තලා.ඔහු උදේ හත පමණ වෙද්දී නිවසට ආවේ එදින දවසම එහි ගත කරන්න බලාගෙන.නමුත් මාධව හා ගිරිරාජ් කතා බහ කරන ආකාරයෙන් ඔවුන් ඉන්නේ වෙනම පුද්ගලික කාරණයක් ගැන සාකච්ඡා කරමින් බව අහිංසාට නිකමට හිතුනේ තමාව දැක කතාව නතර කළ මාධවගේ හැසිරීමෙන් මෙන්ම ගිරිරාජ්ගේ ඉරියව්වෙන්.

"ලොකු අයියා දැන්ද ආවේ?"

අහිංසා ඇහුවේ ඔහුගේ අතක එල්ලිලා.

"ටිකක් වෙලා.කාලද ඉන්නේ?"

"ම්හ්ම්ම්..බඩගිනි නෑ තාම"

අහිංසා කිව්වේ අවංකවමයි.වෙනදා කෑම කන වෙලාව ලං වෙද්දි නලියන අහිංසාට අද බඩගින්නක් නොදැනුනු තරම්.

"පියල් මඟ එද්දි කාර් එක බ්‍රේක් ඩවුන් වෙලා..ඔයාට ගෙදර යද්දි ටිකක් හවස් වෙයි දුව"

ගිරිරාජ් පවසද්දී අහිංසාට දැනුනේ නොරිස්සුමක්.ඇය අද වේලාසන නිවසට යා යුතුමයි.මනමාලියගේ සාරියේ වැඩ අවසන් කරන එක මෙන්ම ඇය වෙනුවෙන් අහිංසා කාලයත් වෙන් කරලා අවසානයි.

"අයියෝ අප්පච්චි...දොළහ වෙන්න කලින්වත් මම සැලෝන් එකේ ඉන්න ඕනේ...මම කැබ් එකක් කතා කරගෙන යන්නද?"

අහිංසා ගිරිරාජ්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු උනත් ඒ වෙනුවට කතා කළේ මාධව.

"ඕනේ නෑ..අරූ මඟ එන ගමන්.තව පැය භාගෙන් මෙතනට එනවා කිව්වා..එයත් එක්කම ගියෑකි"

"අරූ කිව්වේ??"

"සාරංග"

මාධවගේ වදනින් වෙනස් වන අහිංසාගේ මුහුණ දිහා කවුරු නැතත් ගිරිරාජ් නම් බලන් උන්නේ උවමනාවෙන්.

"එ..එයා ඇයි..??ආපු ගමන් එයා යන එකක් නෑ...අවසන් කටයුතු කරලා ඉවර වෙනකන් ඉඳීවි..."

අහිංසා කිව්වේ වචනත් පැටලෙද්දි.

"නෑ..ගොඩක් වෙලා ඉන්නෙ නෑ කිව්වා.හවස වැඩ වගයක් තියෙනවා කියලා මල්ලි එක්ක කිව්වලු..ඔයා එයා එක්ක යන්න"

ඉතින් තවත් එය ප්‍රතික්ශේප කිරීමට කාරණා නොමැති වෙද්දී අහිංසා ඉවත බලාගෙනම හිස සැලුවා.පෙර දා රැයේ ඔහු ඇමතුම විසන්ධි කළේ කේන්තියෙන්.ඉතින් අද දින පැය ගාණක් බදුල්ල දක්වා යන ගමනේදී ඔහු කෙසේ හැසිරේවිද?එය ආදරණීය හමුවක් නොවන බව නම් විශ්වාසයි.

........💜️........ RITHU SAKURA .......💜️........

සේනාධීර නිවසට එද්දී උදෑසන නවය කිට්ටු කළා විතරයි.ඒ වෙද්දී සාරංග සමඟ අහිංසා සියල්ලන්ගෙන්ම සමුගෙන පිටත් වී පැය භාගයක් පමණ ගත වී තිබුණා.ඔහුව දැක චාන්‍යා හඬා වැටෙද්දී ඇය ඔහුට තුරුළු උනේ දුවගෙන වගේ ඇවිල්ලා.ඔහුව දැක සතුටු වනවාට වඩා ඔහුගේ නෙතේ කඳුලු දැක චාන්‍යාගේ හිතම තැලුනා වගේ උනේ සිය පියාගේ දෙනෙතේ කඳුලු දකින්න ඇයට අමාරු නිසා.

සිය මවගේ දේහයේ දෙපා අල්ලාගෙන නිහඬව ඉකිබිඳින සේනාධීරව කවුරුත් වැළක්වූයේ නෑ.ධීරවංශ ඔහුගේ උරහිසට අත තබා ඔහුව පැත්තකට කළේ ඔහු බොහෝ වෙලාවක් එසේ සිටියායින් පස්සේ.

"අන්තිම..මොහොතෙවත් මට ළඟින්...ඉන්න උනේ නෑ අයියේ..අම්මා මාව හොයන්න ඇති"

සේනාධීර කිව්වේ නාසය ඉහළට අදිමින්.

"මැරෙන මොහොතේ අම්මාට අපි කාවවත් මතක තිබ්බේ නෑ...දුක් නොවී ඉන්න.ඔයා ඔයාගේ යුතුකම් ඉටු නොකරපු පුතෙක් නෙමේ"

ධීරවංශ සිය සහෝදරයාගේ හිත හදද්දී ප්‍රීතිමාලිත් ඔවුන් දෙස බලා සිටියේ කඳුලු පිරි දෑසින්.

"සුදූ...යන්න උදේට කාලා ඉන්න.තමුසෙ නිසා අර කොල්ලටත් හරිහමන් කෑමක් නෑ.දෙන්නම එක්ක කාලා ඉන්න"

නිමේශයකට අනතුරුව මතීශ චාන්‍යාට ළං වී කිව්වේ කේශවත් බඩගින්නේ නිසා.ඔහුව සිහිපත් වී හිස සැලූ චාන්‍යා එළියට ආවේ කේශවව සොයමින්.ඒ වෙද්දිත් අඩ නින්දක පසු වූ කේශව උන්නේ වත්තේ කෙළවරක පුටුවක හාන්සි වී පාදයන් තවත් පුටුවක් මතින් තබාගෙන දෙනෙත් වසාගෙන.එළි වනතුරු නිදි මැරූ ඔහු ඒ වෙද්දී උන්නේ තරමක නිදිමතින්.ඔහු අසලට ළං වූ චාන්‍යා ඔහුගේ උරපත්ත මතින් අත තබා ඔහුට කතා කළා.

"කේශව අයියේ..."

"අහ්...ඇ..ඇයි චානු??"

අඩ නින්දෙන් ගැස්සී ඇහැරුනු ඔහු දෙනෙත් විවර කාලේ චාන්‍යාගේ සිහියෙන්.රතු වී තිබෙන ඔහුගේ දෙනෙත් දකිද්දි ඇයට දැනුනේ ඔහු ගැන අනුකම්පාවක්.

"කාලා පොඩ්ඩක් නිදාගමු...පව් ඔයා"

මූණම දෑතින් පිස දමා ඇඟමැලි කඩමින් ඈනුමක් යැවූ කේශව නැඟිට්ටේ ඇයට කෙසේ හෝ කෑම කටක් කවාගන්න අවස්ථාව මෙය බව වැටහිලා.

"ඔයත් කන්න ඕනේ බඩ පිරෙන්න"

ඇගේ අතින් අල්ලාගෙන පොඩි දරුවෙකු එක්කගෙන යනවා මෙන් එහා නිවසට ගිය කේශව පිඟානක් අතට ගද්දී චාන්‍යා උන්නේ ඔහුගේ පිඟානෙන්ම කනවා කියලා හිතාගෙන.නමුත් කෑම වල සුවඳ වෙනදට වඩා වැඩියෙන් දැනෙද්දී චාන්‍යා උන්නේ මොකක්දෝ අපුලකින්.වෙනදා කන්න ආසා කරන කෑම වල සුවඳ පවා ගන්ධයක් මෙන් දැනුනත් ඒ හැඟීම තිබ්බේ ටික වෙලාවකට විතරයි.කේශව සමඟ ගසක් යටට ගිය චාන්‍යා පුටුවෙන් වාඩි වෙද්දී කේශවත් ඇය ඉදිරියෙන් වාඩි වී ඇයට මුල්ම කෑම කට ඇනුවේ කාටත් කලින් ඇගේ කුසගින්න නිමන්න ඕන නිසා.අමාරුවෙන් උනත් කෑම මුවට ගත් චාන්‍යා එක්වරම නැඟී සිටියේ මෙතරම් වෙලා අමාරුවෙන් දරාගෙන උන් අපුලට කුස කැලැත්තීගෙන එන බව දැනිලා.

"බබා...ඇයි?"

කේශවට පිළිතුරු දෙන්නට නොරැඳුනු චාන්‍යා ගසට අඩි කීපයක් එහාට දිව ගොස් වමනෙ කළේ කුස පවා රිදුම් දෙද්දී.හිස්ව තිබූ ආමාශයෙන් පිට වූ වමනය නිසා තිත්ත රසක් දිවට දැනෙද්දී රිදුම් දෙන හිස අල්ලාගෙන ඇය දෙනෙත් වසාගත්තේ සිහිසුන්ව වැටෙන්නට ගිය යුවතියව කේශව වත්තම් කරගද්දී.

-මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

රෝග ලක්ෂණ හරියටම ලිව්වා නේද මං?
🙈🙈 චානුට මොනාද වෙලා.

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

334K 7.6K 17
Rachael Potter is James Potter younger by 10 minutes twin sister. She hates sirius black. Yes I bet that sounds familiar to every other story. But th...
5.3K 933 35
ඇත්තටම ම⁣⁣ගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට....... ඒත් ඉ...
36.2K 1K 27
Battles to the death, new enemies, more mystery. Will The Elite Force be able to rescue Chase and if so will they loose him? COMPLETED P.S. This is a...
823K 69K 34
"Excuse me!! How dare you to talk to me like this?? Do you know who I am?" He roared at Vanika in loud voice pointing his index finger towards her. "...