සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

89.6K 6.7K 211

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

64

896 77 0
By Rithu_Sakura

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️64 කොටස💜️

"හැපි බර්ත්ඩේ චානූ..."

උදෑසන කෑම මේසෙදි අහිංසා කිව්වේ චාන්‍යාව වැළඳගෙන සිපගනිමින්.

"ඔන්න අද ඔයා නිසාම කිරිබත් හැදුවා..."

"තැන්ක්‍යූ මැණික..."

"අපි ඉතින් අම්මා නැති උනාට පස්සේ කේක් කපලා පාටීස් ගන්නෙ නෑනේ..."

අහිංසා මිමිණුවේ හිමීට.ඔව්.කුසුම් නැති උනාට පස්සේ උපන්දින පාටි ගන්න එක ගැන නිවැසියන් කවදාවත් හිතලා නෑ.ඇය ජීවත් වූ කාලයේදී ඇය විසින්ම සිය දරුවන් වෙනුවෙන් කේක් එකක් සාදා සුලුවෙන් සාදයක් දැම්මත් ඇයත් එක්කම ඒ සම්ප්‍රදායත් නිවසෙන් නැති වෙලා ගියා.කිසිවක් පවසාගන්න නොතේරුනු චාන්‍යා දෙතොල් තද කරගෙන සුලු සිනාවක් පෑවේ කේශව දෙසත් බැල්මක් හෙලලා.

"චාන්‍යා..හැපි බර්ත්ඩේ දුව...පාටියක් ගන්න ආසාවක් තියෙනවා නම් අම්මලටත් කතා කරලා...."

"ඕනෙ නෑ අප්පච්චි..අද මායි චානුයි දවස් දෙකකට විතර එළියට යනවා.."

"හ්ම්ම්ම්...එහෙනම් කමක් නෑ..අම්මලා කතා කළාද දුව?"

"ඔව් අප්පච්චි.අම්මයි තාත්තයි දෙන්නම උදෙන්ම කෝල් කළා..කේශව අයියා මේ හදිස්සියේ ගමනක් දාන් නිසා අම්මයි අයියයි අනිද්දට වගේ එන්නම් කිව්වා"

එයට හිස සැලූ ගිරිරාජ් නිහඬවම ආහාර ගනිද්දී අහිංසා මුවත් උල් කරන් බලන් උන්නේ චාන්‍යායි කේශවයි දිහා.කේශවත් ඇගේ හොර බැල්ම දැක්කා.

"මොකද තමුසෙ?"

කේශව ඇහුවේ බැරිම තැන.

"මාවත් එක්කන් යනවකෝ පොඩි අයියේ..."

නැලවිලා වගේ අහිංසා අහද්දි කේශව කළේ ඇයට රැව්ව එක.

"පිස්සුද?මට තමුසෙව පරිස්සම් කරන්න බෑ..."

"මගෙ මොනා පරිස්සම් කරන්නද අනේ??මම මගේ පාඩුවේ ඉන්නම්...ප්ලීස්..ප්ලීස්ස්"

කුඩා දැරියක පරිද්දෙන් අහිංසා ඇවිටිලි කරද්දි ගිරිරාජ් දෙසටත් බැල්මක් හෙලූ කේශව ඔහු ඉවත බලාගෙන ඉන්නා බව දැනගෙන අහිංසාගේ පාදයක් පෑගුවේ සුපුරුදු විදියට රණ්ඩුවකට මුල පුරමින්.

"කට වහගෙන ඉන්නවා"

දෙතොල් පමණක් සෙලවෙන්න පවසමින් කේශව මරුමෝස් පාට බැල්මක් ඇය වෙතට හෙලද්දී අහිංසා දෙනෙත් සිහින් කරමින් පෙරළා ඔහුට රැව්වේ චාන්‍යා දෙතොල් තද කරගෙන සිනහව හංඟගද්දි.කෑම ගෙන අවසන් වූ ගිරිරාජ් එතනින් ඉවත් වෙද්දීම අහිංසා උවමනාවෙන් බැලුවේ නැඟිටලා යන්න හදන කේශව දිහාවේ.

"අයියේ..."

"අනේ මේ අහිංසා..ගෑණි එක්ක තනියම පොඩ්ඩක් නිදහසේ ගමනක් යන්න දෙනවකෝ...තමුසෙට යන්නම ඕනෙ නම් බැඳපු කාලෙක මනුස්සයා එක්ක ඕන තරම් ඇවිදිනවා"

අහිංසා මුකුත් කියන්න කලින්ම කේශව කියවගෙන ගියේ චාන්‍යා ඔවුන්ගේ රණ්ඩුව දිහා බලාගෙන හිනා වෙද්දී.

"හරි ඉතින්..මම වදයක් නොදී ඉන්නම්..ළඟකදි ගියෙත් නෑ කොහෙවත්.."

"කිව්වනේ සැරයක්..ඇණයක් වෙන්න හදන්න එපා.."

"දවසක් දෙකක් නතර වෙන නිසානේ ඇහුවේ"

"දවසක් දෙකක් නතර වෙන්නේ උඹව ආයේ නැන්දෙක් කරන්න ඕන නිසා.."

කේශව තරවටු හඬකින් අහිංසාට කිව්ව දේට චාන්‍යා ඔහු දිහා බැලුවේ පුදුමයෙන්.ඒත් අහිංසාට සුපුරුදු විදියට ඒ කිව්ව දේ එකවරම තේරුනේ නෑ.

"ඉතින් ඒක මෙහෙ ඉඳන් උනත් කරන්න බැරිකමක් නෑනේ...සල්ලි වියදම් කරගෙන ඇවිදින්න යන්න ඕනයෑ..."

"බෑ..මේකි කෑ ගැහුවොත්???"

'ආ..මම ඇවිල්ලා කට වහ...ඈ...??ඔයා මොකක්ද ඒ කිව්වේ??"

අහිංසාට කේශව කතාවේ අර්ථය තේරුනේ ඒ වෙලාවේ.චාන්‍යා මෙන්ම ඉණට අතක් තබාගෙන 'seriously?' යැයි පවසන බැල්මකින් තමා දෙස බලන් සිටිනා කේශවව දකිද්දි අහිංසාට කැස්සක් ඉබේටම පැන්නා.

"හ්හා...හරි..හරි.වැටහුනා අයියේ..ගැත්තාට සමාවෙන්න එකට එක කියන් ආවට...ටිකක් සැර බර්ත්ඩේ ගිෆ්ට් එකක් දෙන්න නේද යන්නේ??ආයෙමත් සොරි හරස් ප්‍රශ්ණ ඇහුවට..එහෙනම්...මම ගියා නෑනෝ..."

ඉක්මනට අත සෝදගෙන වතුර උගුරක් බී අහිංසා උඩු මහළට ගියේ චාන්‍යාට අමුතු හිනාවක් දාගෙන.චාන්‍යා ඉන්නේ තාමත් තක්බීරි වෙලා වගේ.ඇය ඒ පුදුමයෙන්ම කේශව දිහා බලද්දි අර රැවිල්ලෙන්ම ඔහු චාන්‍යාට බැල්මක් හෙලුවේ ඇය සීතල වෙලා යද්දී.

"ඒ පාර තමුසෙ මොකද??එනවා යන්න.පරක්කු වෙනවා"

ඔහු පිටත්ව යාමට පෙර අමුතු හිනාවක් දැම්ම බව නම් චාන්‍යා හොඳටම දැක්කා.ඔහු එළියට යන දිහා බලන් උන්නු චාන්‍යා ලොකු හුස්මක් ගත්තේ ඔහු ඒ අහිංසාට කළේ විහිලුවක්ද නැද්ද කියලවත් නොතේරෙද්දි.

........💜️........ RITHU SAKURA .......💜️........

අහිංසා නිවසින් පිටත්ව යාමට පෙර සාරංගගෙන් ඇමතුමක් ආවෙන් ඇය එහෙමම නතර වී කුඩා අත් බෑගයෙන් සිය දුරකථනය අරගෙන සවනේ තියාගත්තා.

"ගුඩ් මෝනින්..දැන්ද නැඟිට්ටේ?"

ඇය සිනාසෙමින් ඇසුවත් ඇයට ඇසුනේ වෙනදා මෙන් ඔහුගේ ජීවයෙන් පිරුනු හඬ නොවේ.

"එන්න බැරිද??"

මිමිණිල්ලක් පරිද්දෙන් සාරංග අහද්දි අහිංසාට ඒ හඬෙන් දැනුනේ ඔහු කිසියම් වේදනාවක ඉන්න බවක්.

"අ..අයියේ..මොකද උනේ?ඔයා කතා කරන්නෙත් අමාරුවෙන් වගේනේ"

"බාතෲම් එකේ ලෙස්සලා වැටුනා පණ.දණිස්ස වැදුනා කොහෙහරි..දැන් ඉන්න බෑ..හිරිවැටිලා වගේ.."

ඒ වචන ඇහෙද්දි ඇය කලබල උනේ හදගැස්මත් වැඩි වෙද්දි.

"අනේ..ඔයා බොරුවක් නෙමේ නේද මේ කරන්නේ??ගොඩක් රිදෙනවද??බේත් මුකුත් ගත්තෙ නැද්ද?"

ඇය කලබල වෙලා උන්නේ ජීවිතේ කවදාකවත් නොවිච්ච තරමට.ඕන දේකට හිනාවෙන්ම ඉන්න සාරංගගේ ඒ වේදනාත්මක හඬ අහිංසාට ගෙනාවේ හදවත මිරිකන විදියේ වේදනාවක්.

"අම්මා මොනාද ගෑවා..බේත් ගන්න යන්න බෑ බං...තමුසෙ ළඟ උන්නා නම් කියලා හිතුනා.."

ඉතින් ඒ මොහොතේ පවා ඔහු හොයන්නේ ඇගේ ආදරය මිසක් වෙන දෙයක් නෙමේ.

"ඉන්න..මම එන්නම්...ඇඳෙන් බහින්න එපා හොඳද?"

සාරංග කිසිවක් කීමට පෙර ඇමතුම විසන්ධි කළ අහිංසා අඩියට දෙකට දිව ගොස් පියල්ට කතා කළේ ඉක්මනට යන්න තිබ්බ උවමනාව නිසා.පාදයට පොඩි ව්‍යායාමයක් දීමේ අරමුණින් ගෙවත්තෙහි එහා මෙහා ඇවිදිමින් උන් ගිරිරාජ්ගේ නෙතට අසු උනේ කලබලයෙන් එළියට දිව එන අහිංසාව.ගිරිරාජ්ගෙන් සමු නොගෙනම පියල් සමඟින් කාරයෙන් පිටව යන අහිංසා දිහා ගිරිරාජ් බලන් උන්නේ සැකමුසු බැල්මකින්.

පියල්ව පිටත් කර යැවූ අහිංසා සාරංගගේ නිවසට ඇතුලු උනේ කලබලෙන් උනත් ආලින්දය අතුගාමින් උන් මිහිරානිව දැකලා ඇගේ ගමන අඩාල උනා.

"ආන්ටී..."

බිමට නැඹුරු කරන් සිටි හිස මිහිරානි එසෙව්වේ අනපේක්ශිත දසුන හමුවේ පුදුමයෙන්.

"අහිංසා දුව??මේ වෙලාවේ??"

ඇයගේ ප්‍රශ්ණය ඉදිරියේ අහිංසා මඳකට අසරණ උනා.වෙනදා සාරංගට උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් ඔහුගේ සුවදුක් විමසා නැති ඇය හදිසියේ නිවසට පැමිණි හේතුව මුවින් පිට කරගන්නට බැරි ගතියක් අහිංසාට දැනුනා.

"ආන්ටී..මේ...සාරංග අයියා..."

ඇය මඳකට දෙනෙත් එහා මෙහා යැව්වේ මාලකවත් උදව්වට ඉඳීවිද බලන්න.නමුත් අවාසනාවට ඔහු පෙනෙන්න උන්නේ නෑ.

"සාරංග අයියා වැටුනා කියලා කිව්වා..ඒකයි මං මේ ආවේ"

අමාරුවෙන් නමුත් ඇය ඒ වචන ටික පිට කළේ බොරුවක් කියලා තේරුමක් නැති නිසා.

"ආ...ඔව්නේ දුව.උදේ බාතෲම් එකේ වන්නමක් නටලා..දණිස්ස කොටාගෙන ඔය ඉන්නෙ දැන් ඇඳට වෙලා..මේ තාත්තලා පුතාලට මොකක්දෝ අපලයක් තියෙනවාද කොහෙද...බාරයක්වත් වෙලා බලන්න ඕනේ"

මිහිරානි පැවසුවේ අත රැඳි කොස්සෙන් ඉක්මනට අතුගාමින්.අහිංසා උඩු මහළ දෙස එබී බලද්දී ඇගේ බැල්ම මිහිරානි දැක්කේ අහම්බෙන්.

"දුව මේ තකහනියේ ආවේ පුතාව බලන්නමද?"

නැවත මිහිරානි වෙත දෑස් රැන්ඳූ අහිංසා සිහින් සිනාවක් පෑවේ චකිතයෙන් වගේ.මිහිරානිගෙ හිතට අහන්න දාහක් ප්‍රශ්ණ නැඟුනත් ඇය නිහඬවම අහිංසා දිහා බලන් උන්නේ ඇගේ මුහුණේ හැම ඉරියව්වක්ම නිරීක්ෂණය කරන ගමන්.

"කාමරේ ඉන්නේ දුව..යන්න..මම දුවට තේ එකක් හදලා කතා කරන්නම්"

මඳ වෙලාවකට පස්සේ මිහිරානි කියද්දි ඇය දිහා යටැසින් බැලුව අහිංසා හිමීට පඩිපෙල නඟින්න උනේ මිහිරානි ඇය දිහාම බලාගෙන ඉද්දී.මෙතරම් උවමනාවෙන් මේ තරම් සුළු දේකට තකහනියේ එන්න තරම් අහිංසාට ඇති උවමනාව නොවැටහුනු මිහිරානිට ප්‍රථම වතාවට කුමක්දෝ හැඟීමක් ඇය ගැන දැනෙන්නට උනා.

සාරංගගේ කාමරයේ දොර විවර කර බැලූ අහිංසා දුටුවේ නළල හරහා අතක් තබාගෙන ඇඳ විට්ටමට අඩමානෙට හේත්තු වී හාන්සි වී සිටින සාරංගවයි.දොර බාගෙට විවරව තබාගෙනම අහිංසා සෙමින් සෙමින් සාරංග දිහාට අඩිය තිබ්බේ ඔහුගේ තුවාල වූ පාදය දිහා බලාගෙනමයි.මිහිරානි විසින් ගැල්වූ තෙලකට යන්තමට දිලිසෙන දණිස්ස රත් පැහැ ගැන්වී මඳක් ඉදිමී තිබූ බව අහිංසා දැක්කේ ඔහු අසලටම ළං උනාට පස්සෙයි.දිගු පටියක් සහිත වූ අත් බෑගය ඇඳේ පසෙකින් තැබූ අහිංසා ඔහුගේ පාදය අසලින් අඩමානෙට වාඩි වී ඔහුගේ දණිස්ස වටා යාන්තමට ඇඟිලි තුඩු ගෙනිච්චේ ඔහු ගැන අවංකවම දැනුනු වේදනාවෙන්.ඇගේ සියුම් ස්පර්ශයට සිටි අඩ නින්දෙන් ගැස්සී අවදි වූ සාරංග අත පසෙකට කොට දෙනෙත් විවර කළා.ඔහුගේ දෙනෙත් රැඳුනේ දුකෙන් ඔහුගේ පාදය දිහා බලන් ඉන්න අහිංසා දිහාවේ.

"මැණික..දැන්ද ආවේ?"

යාන්තමට තෙත් වූ ඇගේ දෙනෙත් දිලිසෙන්නට උනා.කඳුලු හංඟගෙනම ඇය හිස සැලුවේ ඔව් බව අඟවමින්.

"ඒ ටිකට පොඩි නින්දක් ගියා..."

සාරංග හොඳටම කෙළින් වී ඇඳ විට්ටමට හේත්තු වෙද්දී අහිංසා නැඟිට ඔහුට උදව් කළේ පිටත් හිසත් අහුවෙන ලෙස කොට්ටයක් තබමින්.සාරංගගේ මුවේ යාන්තමට හිනාවක් ඇදුනේ ඇය කළ දේට.ඇය ඔහු දිහා බලන් උන්නේ ඒ හිනාවට හේතුව අහන්න වගේ.

"ඔයාගෙ කකුල තුවාල වෙච්ච දවස මතක් උනා.අදත් නිකන් එදා වගේ...වෙනසකට තියෙන්නේ අද තුවලා වෙලා ඉන්නේ මම..."

අහිංසාටත් එදින ඔහුගේ හැසිරීම සිහි වී හිනාවක් යද්දී සාරංග ඇයට දෙනෙතින් ඉඟි කළේ ඔහුගේ එහා පසින් වාඩි වෙන්න කියලා.ඇයට ඉබේම බැලුනේ දොර දිහාවේ.

"බෑ..ආන්ටි ආවොත්...වැරදියට තේරුම් ගනීවි..අද මම ඔයාව බලන්න හදිස්සියෙන් වගේ ආව නිසාද කොහෙද මගෙ දිහා බැලුවෙත් අමුතුවට..."

ඒත් අහිංසා කිව්ව දේ ගණන් නොගෙන ඔහු ඇයගේ අතින් ඇද ඔහු අසලින් වාඩි කරවගත්තා.ඒ තප්පරේම ඇගේ අතක ඇඟිලි සිය ඇඟිලි අතර රඳවාගත් සාරංග ඇය දිහා බැලුවේ මොකක්දෝ හැඟීමකින්.

"අහිංසා...දෙයක් කියන්නත් එක්කමයි එන්න කිව්වේ..."

"මොකක්ද අයියේ??"

"මම කේශ්ට අපි ගැන කියනවා.."

"දැන්ම???"

"අද හෙටම..ඌ මගේ බෙස්ටා අහිංසා...මගෙ හැමදේකදිම දන්න කාලේ ඉඳන්ම ළඟ උන්නු එකා.ඊයේ නිකමට කල්පනා කර කර ඉද්දි මට හිතුනා කාගෙන් නැතත් උගෙන් මේ දේ හංඟලා මම කරන්නේ වැරැද්දක් කියලා..ඔයා එයාගේ එකම නංගි..ඔයා නොදන්නවා උනාට මාධවටත් වඩා කේශ් ඔයා සම්බන්ධයෙන් ඕවර් ප්‍රොටෙක්ටිව්...ඒ නිසා කේශ් අපි දෙන්නා ගැන දැනගත්ත දවසට රියැක්ට් කරන විදිය ටිකක් නපුරු වේවි"

අහිංසාට ඒ කතාවට දැනුණේ බයක්.

"පොඩි අයියා අකැමැති වෙයි කියලද ඔයා කියන්නේ සාරංග අයියේ??"

"න්..නෑ අහිංසා..අකැමැති වෙන එකටත් වඩා උගෙන් අපේ එෆෙයාර් එක හංඟන් උන්නට ඌට තරහා යාවි..ඒ නිසා කේශ්ව හම්බෙන ඊළඟ දවසෙම මම ඌ එක්ක මේ දේ කියනවා..ටිකක් කෑ ගහයි..බනියි..ඒත් මං දන්නවා තමුසෙව මට නොදී ඉන්න තරම් තීරණේකට ඌ එන්නේ නෑ...අවුලකට තියෙන්නේ මම තාමත් ගෙදරින් හිර වෙලා ඉන්න එක තමා"

දෙන්නටම පිට උනේ බරැති හුස්මක්.

"ආන්ටි දැනගත්ත දවසකට මොනා වේවිද අයියේ?"

ඇය ඇහුවේ ඉදිරියේ වෙන්න තියෙන දේවල් ගැන බයක් දැනෙද්දී.

"මං දන්නෙ නෑ අහිංසා..ඒත්...එක දෙයක් දන්නවා..මම තමුසෙව අත ඇරගන්නෙ නම් නෑ.."

ඔහු කිව්වේ ඇඟේ අතැඟිලි තවත් තදට අල්ලගෙන.සිහින් සිනාවක් පෙන්වූ අහිංසා ඔහුගේ උරපත්තෙන් හිස තියාගත්තේ ඔහු අසල ඉද්දි හිතට දැනෙන සැනසීම හිත පුරා විඳගෙන.

"හදිස්සියකට මොනාවත් අරන් එන්නවත් බැරි උනා.."

අහිංසා කිව්වේ සුලු මොහොතකට පස්සේ.

"මොනා අරන් එන්නද බං??අබ්බගාත වෙලා නෙමේනේ..මේක දවසින් හරි යයි..කේශ් දන්නෙ නැද්ද අද ඔයා මෙහෙ ආවා කියලා?"

"නෑ..එයාලා ගියාට පස්සෙනේ ඔයා මට කෝල් කළේ..මුතූටත් මෙහෙ එන ගමන් මැසේජ් එකක් දැම්මා.එයත් කෙළින්ම මෙහෙට එන්නම් කිව්වා.ආවම එයා එක්කම සැලෝන් එකට යනවා...ආ...කියන්න අමතක උනානේ..අද චානුගේ බර්ත්ඩේ එක..දෙන්නා අද හවස කොහෙද යනවා කිව්වා..."

"එහෙමද??මං පස්සෙ කෝල් එකක් දීලා විශ් කරන්නම්..කේක් කපන්නෙ නැද්ද ඉතින්?"

"ඔයා දන්නවනේ අයියේ අපි දැන් ඒවට වැඩිය පන්නන්නෙ නෑ කියලා..අප්පච්චි නම් කිව්වා පොඩි පාටියක් ගන්න කියලා.ඒත් පොඩි අයියා වෙන ප්ලෑනක් ගහගෙන.දෙන්නා සෙකන්ඩ් හනිමූන් යන්නද කොහෙද හදන්නේ...මාවත් එක්කන් යන්නකෝ කිය කිය මම පොඩ්ඩක් එයාව ඇවිස්සුවා.එතකොට දන්නවද කිව්ව දේ??මාව ආයේ නැන්දෙක් කරන්න ඕන නිසාලු යන්නේ...බලන්න තිබ්බේ ඒ වෙලාවේ චානුගේ මූණ රතු උනු විදිය"

අහිංසා ගිරවි වගේ කියව කියව ගියේ තනියම හිනාවෙවී.ඉතින් සුපුරුදු සැහැල්ලුව මොහොතකින් ඇයව වෙලා ගත්තා.ඇස් වලිනුත් හිනා වෙවී වචනයක් ගාණේ වෙනස් වෙන ඇගේ මුහුණේ ඉරියව් දිහා සාරංග බලන් උන්නේ ආසාවෙන්.ඇය කතා කරන අතරම ඇගේ කරවටා අතක් යැවූ ඔහු හිනාවකින් ඇයව තමා වෙතටම ළං කරගත්තා.

"ඌව මාමෙක් කරන්න මටත් ආසයි"

මිමිණුමක් පරිද්දෙන් පැවසූ සාරංගගේ වදන් වලට අහිංසාගේ හිනාව කෙමින් කෙමින් වියැකී ඒ වෙනුවට ඇති වූ ලැජ්ජාවෙන් දෙකම්මුල් රතු වෙන්න ගත්තා.

"මොකෝ කියන්නේ??බඳින්න කළින්ම වැඩ අල්ලමුද?"

"චි..පිස්සුද අනේ??"

ඔහුගේ බාහුවකට පාරක් ගසමින් අහිංසා තරවටු කරද්දී සාරංග හයියෙන් හිනා උනා.ඇය නම් බයේ උන්නේ මිහිරානි කොයි මොහොතක හරි ඒවි කියලා.

"ඔය දණිස්ස වෙනුවට මේ කට තමා කැඩෙන්න තිබ්බේ..."

"ඉතින් ඔය නෝනාටම පුලුවන්නේ කට කඩලා දාන්න..මම ක්‍රමේ උගන්නලනේ තියෙන්නේ"

ඔහුගේ කවටකම් වල නම් අඩුවක් නෑ.ඒත් ඒවට හිනා යනවා වෙනුවට ඇය උන්නේ ලැජ්ජාවෙන්.ඇය අමුතු හිනාවකින් බිම බලාගෙන ඉද්දී සාරංග ඇගේ සවනක් සිපගත්තේ ඇය කිතියෙන් ඇඹරෙද්දි.

"තමුසෙව මතක් නොවෙන වෙලාවක් නෑ අහී..කේශවයා චානු එක්ක ආදරෙන් ඉන්න විදිය දකිද්දි ඊරිසියත් හිතෙනවා වෙලාවකට..මටත් ඕනේ ඒ වගේ ළඟ තියන් තමුසෙට ආදරේ කරන්න.ආරක්ෂා කරන්න.පොඩි රණ්ඩුවක් වෙලා පොඩ්ඩක් තරහා වෙලා පස්සේ යාලු කරගෙන ඊට වඩා දෙගුණයක් ආදරේ කරන්න...ඒත්..බයයි වෙලාවකට..."

"ඒ ඇයි ඒ?"

"මටත් තව තිහස් කෙනෙක් වෙන්න වෙයි කියලා බයයි...කරන්නම දෙයක් නැති තැන අම්මා වෙනුවෙන් ආදරේ කරන කෙල්ලව ෆයිට් එකක් නොකරම දාලා යන්න වෙයි කියලා බයයි..කොච්චර හිත හයිය කරන් උන්නත් පිරිමි අපිත් වැටෙන තැන් තියෙනවා"

ඔහු ඉන්නේ මොකක්දෝ චකිතයකින් කියලා දැනෙද්දී අහිංසාට දැනුනේ වේදනාවක්.ඔහු ගැන අනුකම්පාවක්.ආදරේ වැඩි වෙද්දි ඒ එක්කම වෙන් වෙන්න සිද්ද වේවි කියන බයත් සමානව වැඩි වෙනවා.තනියම කල්පනා කරන මොහොතක වෙන්නේ ඒ බය දෙගුණ වෙන එක.ඉතින් අහිංසාට සාරංගව හොඳටම තේරුනා.ඒ නිසාම ඔහුගෙ කම්මුල මතින් අතක් තිබූ අහිංසා බැලුවේ ඔහුගේ ඇස් දිහාමයි.

"ඔයාට එහෙම දෙයක් වෙන්නෙ නෑ..මම ඉන්නවනේ ඔයත් එක්ක"

සාරංගගේ මුවේ යාන්තමින් හිනාවක් ඇඳෙද්දී ඔහු ඇගේ ලවන් සිය දෙතොලින් අල්ලා ගත්තේ ඇය මඳකට තිගැස්සෙද්දී.නමුත් ඔහුගෙන් මිඳෙන්න ඇයට හිත දුන්නෙ නෑ.මෙච්චර වෙලා කතා කෙරුව දේවලුත් එක්ක හිත උමතුව යනවා වගේ දැනෙද්දී ඇය ඔහුව ගතටම ළං කරගත්තේ පෙරළා ඔහුව සිපගනිමින්.ඔහුගේ දෙතොල් වලින් නොමිදීම ඔහුගේ ගතේ වූ කමිසය අතරින් අත යවා අහිංසා ඔහුව තදින් වැළඳගත්තේ ඇගේ ස්පර්ශයට සාරංගව හිරි වැටිලා යද්දී.දෙතොලින් මිදී ස්ඇගේ මුලු මුහුණම උමතුවෙන් වගේ සිපගත් සාරංග ඇයව සිය පපුවට තුරුලු කරගත්තේ ඇයත් දෑතම යවා ඔහුගේ පපුවෙන් හිස තියාගද්දි.

"මට කකුලත් අමාරු වෙලාවේ තමුසෙව ඕනවට වඩා අවුස්සගන්න බෑ අහී...තමුසෙ හිතන් උන්නට වඩා පිස්සුවක්..."

ඇගේ හිස මත සිපුම් තබමින් සාරංග කියද්දී අහිංසා දෙනෙත් වසාගෙනම ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන හඬට සවන් දීගෙන උන්නේ සිහින් සිනාවක් මුවේ ඇඳෙද්දී.මොහොතක් ගත වෙද්දී අහිංසා සාරංගගෙන් මිදුනේ මිහිරානි අහිංසාට කතා කරමින් පඩි නැඟෙගෙන එන හඬ ඇහෙද්දී.

"ආන්ටි එනවා වගේ.."

ඇය තේ බන්දේසියත් රැගෙන එන බව ඇයට ඇහුනේ දීසි එකට ගැටෙන හඬින්.ඉක්මනට අසල පුටුවක් ඇදගෙන අහිංසා වාඩි උනේ සාරංග යටි තොල හපාගෙන ඇගේ කලබලය දිහා බලාගෙන.සුලු ස්පර්ශයකින් පවා තමාව අවුස්සලා දැන් ඇය ඉන්නේ ලෙඩාගේ ලෙඩේ බලන්න විතරක් ආව වගේ අහිංසක විදියට වාඩි වෙලා.සාරංගට ඒකමයි හිනාවක් නැඟුනේ.

"අහිංසා..දරුවෝ...තේ ටිකක් බීලා ඉමු"

දැනටම විවර වී තිබූ දොර වැලමිටෙන් තල්ලු කරමින් ඇතුළට පැමිණි මිහිරානි කිව්වේ ඇය දෙසට එන ගමන්.

"ආන්ටි පහළට කතා කළා නම් මම එනවනේ..ආන්ටිට වදේ මං නිසා"

"තේ එකක් අරන් එන එකේ වදේ මොකක්ද ළමයෝ??ආ..ඔයත් බොන්න"

මිහිරානි සාරංග දෙසට කෝප්පය දිගු කරද්දී ඔහු එය ගත්තේ මිහිරානි ඔහුගේ දණිස්ස දිහාම බලාගෙන ඉද්දි.

"කකුල උදේට වඩා ඉදිමිලා පුතේ..අත් බෙහෙත් කරලා හරි යන්නෙ නෑ..ඩොක්ටර් කෙනෙක් ගාවට යමුද?නැත්තම් ඇවිදගන්නම බැරි වෙයි..."

මිහිරානි කිව්වේ ඔහුගේ දණිස්ස වටා ඉදිමී ඇති සම මඳක් ඇඟිල්ලෙන් තෙරපමින්.

"ඕන වෙන එකක් නෑ.හෙට වෙද්දි බැහැලා යාවි"

"බැහැලා යාවිද නැද්ද කියන්න ඔයා දන්නවද??තුවාලේ අමාරු වෙන්න කළින් බේත් කරලා නැති කරලා දාන්න ඕනේ..නැත්තම් ඔයාම තමා දවසක විඳවන්නේ..මං ත්‍රී වීල් එකක් කතා කරන්නම්..තාත්තට බේත් කරපු ඩොක්ටර් ගාවටම යමුකෝ බලන්න"

"ඕනෙ නෑ කිව්වනේ අම්මේ..."

"සාරංග අයියේ...තව ටිකකින් මුතූ ඒවිනේ..අපිත් එක්කම වීල් එකේ ගිහින් බේත් ටිකක් දාගෙන එමු..ආන්ටි කිව්වා වගේ ඔයාටමයි අමාරු වෙන්නේ"

එවර අහිංසා කිව්වේ සාරංගත් වෙලාවකට මුරණ්ඩු නිසා.ඇගේ කීමට එකඟ වූ සාරංග හිස සලා හූ මිටියකින් පිළිතුරු දෙද්දී අහිංසා දෙසට බැල්මක් හෙලා මිහිරානි කාමරයෙන් පිටත් වූයේ අහිංසාටයි සාරංගටයි එකිනෙකා දෙස බලාගෙන සිනාවක් පිට වෙද්දී.

........💜️........ RITHU SAKURA .......💜️........

මුතූ ආ පසු සාරංගවත් වත්තම් කරගෙන අහිංසායි මුතූයි ත්‍රී රෝද රථයට නැග්ඟේ මිහිරානි ඉස්තෝප්පුවට වෙලා බලන් ඉන්නැද්දි.

"ඔයාලගෙ පවුලටම අපලයක් තියෙනවද නිකී අයියේ??බැලුවොත් කවුරුහරි අණ්ඩක් කඩාගෙන"

"ආන්ටිත් ඕකම කිව්වා.."

අහිංසා කිව්වේ මිහිරානිගේ වදන් සිහිවෙලා.

"ආ..ඔය කියන කෙනත් එහෙම තමා..ඔලු පලාගෙන අඩු කඩාගෙන උන්නේ.මතක නැද්ද?"

යුවතියන් දෙදෙනාට මැදිව උන්නු සාරංග අහිංසාගේ අතක් පටලවගත්තේ මුතූ බලන් ඉන්නැද්දිමයි.

"පුදුමයි අර සමයම ආවේ නැති එක.ලොකු අම්මා කිඹුහුමක් ගියත් එයාට කෝල් කරලා කියනවනේ"

"නෑ..මම අහගෙන කෝල් කරනවා..හැබැයි කතා වෙච්ච දේවල් වලින් නම් තේරුනේ ශාදිට එන්න විදියක් නෑ කියලා තමා.."

"හොඳ වෙලාවට..නැත්තම් ඔයාගේ කකුල අමාරුව අස්සෙන් ඔලුවෙ අමාරුවකුත් හදවලා යන්නේ"

සාරංගට සිනාවක් නැඟුනේ මුතූගේ කතාවට උනත් අහිංසා නම් උන්නේ ඔහුගේ උරපත්තෙන් හිස තබාගෙන නිහඬවමයි.සාරංගට පාදයට බෙහෙත් බැඳගෙන එද්දි පවා අහිංසා උන්නේ නිහඬව.මුතූටත් ඒක දැනුනා.ඒත් ඇය මුකුත් නොකියා උන්නේ සාරංගගේ තත්වේ නිසා ඇය දුකෙන් ඉන්නේ කියලා හිතමින්.

"ඔයා ඔහොමම යනවද නිකී අයියේ?"

"මං ස්ටූඩියෝ එකට වෙලා ඉඳලා ටිකකින් යන්නම්"

"හා..එහෙනම් මම සැලෝන් එකට වෙලා ඉන්නම්.ඔය දෙන්නා නිදහසේ ටිකක් ඉඳලා වෙන්නකෝ..."

සාරංගටයි අහිංසාටයි තනි වෙන්න ඉඩක් දී මුතූ යතුරු කැරැල්ලත් රැගෙන සැලෝන් එකට යද්දී සාරංග විවර කළේ ස්ටූඩියෝ එකයි.අහිංසාත් ඔහු සමඟම ඇතුළට ගියේ ඔහුට ඇවිදින්නට උදව් දෙමින්.

"බැන්ඩේජ් එක නිසා දැන් අඩිය තියද්දි සෑහෙන්න අමාරුයි"

"ඉදිමුම බහිනකන් වැඩිය ඇවිදින්න යන්න එපා අයියේ...

"එහෙම කරන්න ඕන උනත් බැරි වෙයි අහිංසා.මට අනිද්දට ඉවෙන්ට් එකක් කවර් කරන්න යන්න තියෙනවා.."

"ඕකනේ බැරි..අණ්ඩක් කැඩුනත් රාජකාරිය ලොකුයි.ඔයාගේ කෲ එක යවන්නකෝ..ඔයා අඳුනන අයත් කී දෙනෙක් නම් ඉන්නවද?"

"බය වෙන්න එපා..මට පේන තරම් අමාරුවක් නෑ..ඒත් මට මේක කියන්න.වීල් එකේ එනකන්ම මූඩ් ගහන් උන්නෙ ඇයි??මොනාද එකපාරටම කල්පනා කරන්න ගත්තේ?"

සාරංග ඇහුවේ මෙතෙක් වෙලා ඔහුගේ හිතේ තෙරපුනු ප්‍රශ්ණයක්.ඔහු එහෙම අහනකන්ම අහිංසාට හිතුනේ නෑ සාරංගට ඇගේ වෙනස පේන්න ඇති කියලා.ඒත් ඇයට ඒ සිතුවිල්ලට මඳහසක් නැඟුනා.ඔහු තරම් ඇගේ වෙනස වෙන කවුරු තේරුම් ගන්නද?

"ඒ පාර හිනාවෙනවා..මෙහෙ එනවා..මෙතන ඉඳගන්නවා"

ඒ අණට කීකරුව අහිංසා ඔහු අසලින්ම වාඩි වෙද්දී සාරංග ඇගේ අතක් සිය අතක පටලවාගෙන ඇගේ දෑස් දෙස එක එල්ලේ බැලුවා.

"දැන් කියන්න"

ඔහුගේ චලනයන් වල සංයමයක් තිබ්බට හිත නම් තිබ්බේ නොඉවසිල්ලෙන්.අහිංසා ලොකු හුස්මක් පිට කරලා නැවත හුස්මකින් සිය ළය පුරව ගත්තා.

"ඔයාලගෙ ගෙදරින් එළියට බහිද්දි මොකක්දෝ හැඟීමක් දැනුනා අයියේ..කියන්න නොතේරෙන බයක් දැනෙන්න ගත්තා..නිකන්...නිකන්...ඉස්සරහට අපි දෙන්නම දුක් විඳින දෙයක් වේවි කියලා හිතුනා...අනේ මන්දා..."

ඇය බිම බලාගෙන හඬ බාල කරගෙන කියද්දී සාරංග ඇගේ කරවටා අතක් යැව්වේ ඇගේ හැඟීම් ගැන අනුකම්පාවෙන්.

"පිස්සු කියවන්න එපා කෙල්ල..ඔයා අද කිව්වේ මොන දේ උනත් මට ඔයා ඉන්නවා කියලා.මටත් කියන්න තියෙන්නේ ඒකම තමා..මම ඉන්නවනේ..විකාර නොහිතා ඉන්න"

ඇගේ හිස අතගාමින් සාරංග කිව්වත් අහිංසා උන්නේ ඇගේ හිතට දැනුනු ඒ හැඟීමෙන් මිදෙන්න බැරිව.

-මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

22.6K 1K 51
100 වෙනි කොටසේ සිට 149 දක්වා පළ කිරීම
8.4K 1.7K 20
පවිත්‍ර ලේ තියන සුදු මකරියක්...... මකර වංශ තුනේම අදි රජු වෙන්න මකර කුමරියව හොයන කලු මකරෙක්...... මේ මුකුත් නොදන්න මොංගල් කෙල්ලෙක්
589 212 11
හදවතෙහි දොරගුළු විවර කර ඇහුම්කන් දෙන්න තාලයට ගැහෙන හදවතේ ශබ්දයට ලස්සන කවි පද වැල් ගෙතේවී ඔබගේ සිත තුළින් ඉතින් ඔබගේ හදවතට ඉඩ දෙන්න සිත තුළ තෙරප...