සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

89.1K 6.7K 211

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

63

869 77 5
By Rithu_Sakura

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️63 කොටස💜️

"එහෙනම් ඔයාලා හැමෝම මගෙ ඇස් වහලා අරකිගෙ ගෙදර ගියා නේද ආ??මේ අම්මව මැරුනට කාටවත් දුකක් නෑ.මගේ කියලා හිතන් උන්නු හැමෝම බලද්දි මගේ නෙමේ..මං ඇත්තටම මැරුනා නම් කාටවත් මේ දුක නෑනේ නේද???අර කෙල්ලව ලේලි කරලා ගේන්න ලේසියි එතකොට.."

මේඛලා අඬමින් කෑ ගැහුවේ තිහස් හා පිරිස මුතූගේ ගෙදර ගිහින් ඇවිත් නිවසට අඩිය තියද්දිමයි.තිහස් වචනයක්වත් කිව්වෙ නෑ.සිය මව ගැන දුකක් දැනුනත් නැවත හැරෙන්න බැරි තරම් ඔහු දුර ගිහින් ඉවරයි.මුතූගේ ඇත්තම මව්පියන් මොන වගේ උනත් එහි මුතූගෙ වරදක් නැති බව මේඛලාගේ හිත පිළිගන්න කැමති නෑ.තමාලිත් අතේ නිදන පුතුව රැගෙන කාමරේට ගියේ තිහසුත් සිය මවව මඟ ඇරලා කාමරේට යද්දි.ඉතුරු උනේ වසන්ත විතරයි.පිස්සියෙක් වගේ සෙටියට වෙලා අඬන මේඛලා ගාවට ගිය වසන්ත බරැති සුසුමක් හෙළලා ඇගේ එහා පසින් වාඩි උනා.

"ඇයි ඔයත් මෙහෙම කළේ වසන්ත??ඇයි එහෙම කළේ?"

මේඛලා ඇහුවේ වසන්තගේ පපුවට පාරක් ගහමින්.වසන්ත එය වැළක්වුයේ නෑ.ඇයට සිත් සේ අඬන්න දීලා ඇය මඳක් සන්සුන් උනාට පස්සේ ඔහු නිහඬබව බිඳලා දැම්මා.

"බය වෙන්න එපා..ඒ කසාඳේ වෙන්නෙ නෑ..."

වසන්ත එකපාරටම කියද්දි මේඛලාට අඬන්නත් අමතක උනා.ඇය දෑස් දල්වගෙන ඔහු දිහා බැලුවේ හිතට දැනුනු සතුට පෙන්නන්නෙ නැතුව.

"වෙන්නෙ නෑ???ඔයා...ඔයා ඇත්තටමද නේද ඒක කිව්වේ??"

වසන්ත හිස වැනුවේ ඇය දිහා තීක්ශණව බලන් ඉඳලා.මේඛලාගේ මුවේ පුලුල් හිනාවක් ඇඳෙද්දි ඇය දෝතින්ම මූණ පිස දැමුවා.

"මං දන්නවා...මං දන්නවා මගේ පුතා මගේ කීමට පිටින් යන්නෙ නෑ කියලා..මං දැනගත්තා..."

ඇය සතුටින් මුමුණද්දී වසන්ත කිව්ව දේ ඇහුනු තමාලිත් කාමරෙන් එළියට ආවේ පුදුමයෙන්.වසන්ත එහෙම දෙයක් කිව්ව හේතුව ඇයට තේරුනේ නෑ.

"හැබැයි..පුතා ඒ වෙනුවෙන් දෙයක් ඉල්ලුවා.."

"හා..ඕන දෙයක්...ඒ කෙල්ලව අතාරිනවා නම් මම ඕන දෙයක් කරනවා..පුතා ඉල්ලන ඕන දෙයක් දෙනවා.."

ප්‍රීතියෙන් පිස්සු වැටුනු මේඛලා කියවගෙන යද්දී වසන්තට ඇය ගැන අනුකම්පාවක් නොදැනුනාම නෙවේ.ඒත් මෙවර ඔහු උන්නේ තිහස්ගේ පැත්තේ.

"කවදාවත් එයාව කසාඳ බන්ඳන්න හදන්න එපා කිව්වා.හිත හදාගන්න බැරිම උනොත් මේ ගිහි ජීවිතේ දාලා යනවා කිව්වා...එයා ඉන්නේ ගොඩක් කළකිරිලා.."

හිතාමතාම දුක් මූණක් වසන්ත හදාගද්දි තමාලි අතකින් මුව වහගත්තේ හිනා යයි කියලා බයට.සිය පියා එවැනි මුසාවක් ගොතයි කියලා තමාලිට නිකමටවත් හිතුනේ නෑ.ඒත් ඒ හැම එකක්ම ඇත්ත කියලා හිතුනු මේඛලා උන්නේ ගල් ගැහිලා වගේ බලාගෙන.පිම්බිලා තිබ්බ බැලුමක් එකපාරටම පුපුරවලා දැම්මා වගේ හැඟීමකින් ඇගේ සතුටත් පිපිරිලා ගියා.

"පුතා...එහෙ..ම කිව්වද??එයාට...මහණ වෙන්..."

"එයා කළකිරිලා ඉන්නේ මේඛලා..ඔයයි එයාගේ ආදරේ අතරෙයි අතරමං වෙලා..අපි නම් අද හෙට මැරිලා යයි..ඒත් කොල්ලාට මුලු ජීවිත කාලෙම ළඟින් ඉන්න කෙනෙක් ඕනේ..අච්චර ආයාලේ ගිය කොල්ලා එක කෙල්ලෙක් ගාවම නතර වෙලා ඒ කෙල්ලටම පේ වෙලා ඉන්නවා කියන්නේ ඒ ආදරේ කොච්චර නම් ශක්තිමත් ඇත්ද??ඒත් ඔයා ගැන හිතලා එයා මුතූව තව පාරක් අතාරින්න ලෑස්තියි...බලද්දි අපේ ආදරේ හරි ආත්මා‍ර්තකාමී මේඛලා..මං හිතන්නේ තිහස්ව නැති උනොත් ඒ දරුවත් හැමදේම අතාරීවි..ජීවිතේ උනත්...ඒත් කමක් නෑ..ඔයාට ඕන දේ වෙනවා නම්...ඒ වගේ ජරා ලේ වලින් ඉපදුනු කෙල්ලෙක් අපේ කොල්ලට ඕනෙ නෑ තමා...හැබැයි...අපිට කොහොමත් තිහස්ව නැති වෙනවා.ඒක නවත්තන්න සක්‍රයටවත් බෑ..."

මේඛලා බාගෙට මුවත් ඇරගෙන කම්පනයෙන් වගේ කල්පනා කරද්දි වසන්ත ඇය දිහා බලාගෙනම නැඟිට්ටා.ඒත් ඒ එක්කම මේඛලාත් නැඟිට්ටේ ඇස් වල කඳුලු පුරෝගෙන.

"මට බෑ මගෙ කොල්ලව නැති කරගන්න...අනේ ඇයි මෙහෙම ගින්දර දෙන්නේ මට?තිහස්...තිහස්..."

මේඛලා තිහස්ව හොයාගෙන උඩු මහලට දුවද්දී වසන්ත බලන් උන්නේ ඇය යන දිහා.ඇගේ හිත වෙනස් කරන්න නම් තරහා අරගෙන හරියන්නෙ නෑ කියලා හිතුනු නිසාමයි වසන්ත ඒ වගේ බොරුවක් කළේ.තිහස් ගාවට ගිහින් ඇය මොනවා කියෙව්වත් වසන්ත දන්නවා ඔහු කටවහගෙනම ඉඳීවි කියලා.

"තාත්තේ..."

තාම දොර ගාවට වෙලා බලන් ඉන්න තමාලිගෙ හඬට වසන්ත ඇය දිහා බැලුවා.තමාලි ඇස් ලොකු කරන් බලන් ඉන්න බැල්මට වසන්තගේ මුවේ ඇදුනේ හිනාවක්.

"තාත්තා නාට්‍ය හා රංග කලාව එහෙම ඩිග්‍රියක් ගහලද ඉන්නේ අපිටත් හොරෙන්?"

තමාලි ඇහුවේ හිනාව හංඟගෙන.

"හැම ස්වාමි පුරුෂයෙක්ම ඒ ඩිග්‍රිය ගහන්නේ කසාඳ බඳින දවසෙ දුව..අවශ්‍ය වෙලාවට ප්‍රැක්ටිකල් පාට් එක කරගන්න ඕනේ..."

වසන්ත කිව්වේ සැහැල්ලුවෙන්.

"මල්ලි කිව්වොත් එහෙම දෙයක් කිව්වෙ නෑ කියලා..??"

"න්..නෑ...ඕකා මොනා නැතත් කපටියා.අවස්ථාවෙන් ගාණට ප්‍රයෝජනේ ගනීවි"

ඒ සැහැල්ලුවෙන්ම හිනාවක් පාලා වසන්ත ඉවතට යද්දී තමාලි හිනා උනේ හිස් අවකාශයට.

........💜️........ RITHU SAKURA .......💜️........

කාලය ගෙවී ගියේ ඇවිලෙමින් තිබූ හිත් මදක් සුවපත් කරමින්.අන්තිමට මේඛලා මුතූව පිළිගත්තේ තිහස් නිසාමයි.යටි හිතේ කොච්චර අකැමැත්තක් තිබ්බත් මේඛලා ඒ බව නොපෙන්වා තිහස්ගේ සතුට වෙනුවෙන් අන්තිමට හිත හදාගත්තේ ඔහුට ජීවිතේ කළකිරිලා හැමදේම අතාරිවි කියන බයට.ඒ තරමටම ඇය වසන්තගේ වචන විශ්වාස කරලයි උන්නේ.වසන්ත ඒ බවක් පැවසූ බව නොදැන උන්නත් තිහස් උනත් ගාණට අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගත්තේ සිය මව සමඟ තවත් බහින් බස් වෙන්න තිබ්බ අකැමැත්තටමයි.

මේ අතරේ මුතූ උන්නේ සැලෝන් එකට පැමිණි යුවතියට ෆේශල් එකක් දමමින්.අහිංසා ළඟ ඉඳන් දෙන උපදෙස් වලට අනුව ඇය හැමදේම කළේ කැමැත්තෙන්මයි.

"තව වේකන්සි එකකට නෝටිස් එකක් දාන්න කියලා හිතන් ඉන්නේ මුතූ.එක්පීරියන්ස් තියන කෙනෙක්ව ඕනේ.."

"හ්ම්ම්..මාත් කියන්න උන්නේ අක්කී.මේ යන විදියට ඉස්සරහට තව එක්කෙනෙක් නෙමේ හතර පස් දෙනෙක්මත් ඕන වෙයි..මොනා නැතත් බුවී අක්කි ලකී චාම් එකක්.එයාව බ්‍රයිඩ් කෙනෙක්ට ඇන්ඳුවා විතරයි අක්කිට එක ළඟ වෙඩින් තුනක්ම සෙට් උනා..."

"ඒකෙ නම් ඇත්තක් නැතුවම නෙමේ.."

අහිංසා කිව්වේ සිනාසෙමින්.ඔව්.බුවීගෙන් පස්සේ අහිංසාට බ්‍රයිඩ්ල් කීපයක්ම එක ළඟ යෙදුනේ ඇයවත් පුදුමයට පත් කරමින්.

"ඒත් වෙලාවකට හිතෙනවා ශාදිගෙ ෆොටෝ ශූට් එක නිසා වෙච්ච දෙයක්ද කියලා..."

අහිංසා එහෙම කියද්දි මුතූ ඒ කතාවට නම් රැව්වා.

"අනේ මේ ඉන්න.එයාගේ ඇති ෆෝචූන් එකක් නෑ..අක්කිට නොකිව්වට එයා ඔයා දිහා බලන විදිය මම නෝට් කලා.එයා ඔයාට ඊරිසියයි"

අහිංසාට හයියෙන් හිනා නැඟුනේ මුතූ මූණ බෙරි කරන් ඒක කිව්ව විදියට.

"ඊරිසියා කරන්න තරම් දෙයක් මගෙ ළඟ නෑනේ..හැබැයි...අපි එයාට අකැමැතියි කියලා එයා අන්ලකී කෙනෙක් නම් වෙන්නෙ නෑ...එයා ලකී ඇති..."

මුතූ ඊටත් එහා අහිංසා එක්ක කටගහන්න ගියෙ නෑ.ශාදි ගැන කියද්දි ඇගේ මූණේ මැවෙන වේදනාව මුතූට දැනෙනවා.තේරෙනවා.

'එයාට ඊරිසියා හිතෙන්න දෙයක් ඔයා ගාව තියෙනවා අහිංසා අක්කී..ඒ තමා නිකී අයියා..අනේ..මට ඔයාලට උදව් කරන්න විදියක් තියේ නම්...'

මුතූ හිතුවේ ඊළඟ පැක් එක ලෑස්ති කරන අහිංසා දිහාම බලාගෙන.

........💜️........ RITHU SAKURA .......💜️........

කේශව උන්නේ එසේ මෙසේ කල්පනාවක නෙමේ.හෙටට යෙදිලා තියෙන චාන්‍යාගේ උපන්දිනේට දෙන තෑග්ග හිතාගන්න බැරිව ඔහු උන්නේ ගැඹුරුම කල්පනාවක.විවාහ උනාට පස්සේ එක්ව සමරන මුල්ම උපන්දිනය මේක.ඉතින් ඇයට මේ උපන්දිනය විශේෂ කරන්නයි කේශවට උවමනා උනේ.ඒ කල්පනාවෙම උන්නු කේශවට මාධව කැබින් එකට එනකන්ම තේරුනේ නෑ.

"මල්ලි...අර අලුත් ලෑන්ඩ් එක ගන්න වැඩේ ගැන හෙව්වද?"

මාධව ඇතුළට ආවේ එහෙම කියාගෙනමයි.ඒත් කේශව උන්නේ වෙනමම ලෝකෙක.ඔහුගේ ඔලුවේ ඒ ක්ෂණයේ වැඩ කළේ චාන්‍යාගේ හිතේ තියෙන අහිංසක හීනේ.පිය පදවියක් ලබන්න හිතේ කොණක අලුත් හීනයක් දලු දාන්නේ ඇය ඒ ගැන එක ළඟ දින කීපයකම කතා කෙරුව නිසා.දන්නෙම නැතිව ඔහුගේ හිතත් ඒ ගැනම හිතන්න අරගෙන.

"ඒකට කීප දෙනෙක් ඇහැ ගහන් ඉන්නවා කියලා ආරංචියක් ආවා..තමුසෙ පොඩ්ඩක්...."

මාධව කියමින් උන්නු එක නතර කලේ හිස් අවකාශෙ රැඳිලා තිබ්බ කේශවගේ බැල්ම දැකලා.

"මේ..ඕයි..."

බැරිම තැන මාධව කේශවගේ අතට තට්ටුවක් දැම්මේ ඔහු ගැස්සිලා 8 යද්දි.

"මේ ලෝකෙට එනවා..මොනාද ඔය තරම් කල්පනා කරන්නේ?"

මාධව එහෙම අහද්දි කේශවගේ මුවේ ලස්සන හිනාවක් ඇදුනා.ඒ හිනාවෙන් මාධව ගොඩක් දේවල් තේරුම් ගත්තා.

"අනේ මන්දා..තමුසෙ චානු ගැන හිත හිත ඉන්නෙ ගෙදර ගියාම ඇති තරම් බලාගන්න බැරිවද?ෆෝකස් මෑන්..."

මාධව ටිකක් තදින් කියද්දි කේශව දෑත් දිගු කර එහි හිරි ඇරියේ නොසැලිකිලිමත් බැල්මක් මාධවට යොමු කරමින්.

"ලෑන්ඩ් එකේ වැඩේ ගැන බය වෙන්න එපා..මම ඒක අපේ අතට අරගන්න ඔක්කොම රෙඩි කරන් ඉවරයි.පේමන්ට්ස් තමුසෙ බලාගන්නවා.මම ඉන්දිකට ඔක්කොම ෆයිල්ස් ටික දීලයි තියෙන්නේ"

සුපුරුදු කතා විලාසයෙන් කේශව කියද්දි මාධව ඔහු දිහා බැලුවේ අමුතුවට.කේශවටත් ඒ බැල්ම තේරුනා.

"මම ඔක්කොම අහන් උන්නේ..ඕකේ පුදුම වෙන්න දෙයක් නෑ..."

"ඒකත් එහෙමද???හාකෝ..හාකෝ..මම ඉන්දිකට කතා කරන්නම්..ආ...තව දෙයක්..අප්පච්චි මට ඊයේ කෝල් කරලා දෙයක් කිව්වා..."

"මොකක්ද?"

"තිහස් ගැන..පුලුවන් නම් තිහස්ව පරණ පොසිශන් එකටම ආයේ ගන්න කිව්වා.සැලරි ඩබල් කරලා හරි කමක් නෑ..මටත් හිතෙනවා මිනිහා මෙතනට ඕනම කරන එකෙක් කියලා...නංගි එක්ක කෝන්තර ඔක්කොම විසඳිලානේ තියෙන්නේ..ඌ කොහොමත් නරක එකෙක් නෙමේ..."

ගිරිරාජ් එවැනි දෙයක් තමන් සමඟ පැවසූ බවක් කේශවට මතක තිබ්බේ නෑ.ඇත්තටම ගිරිරාජ් ඒ ගැන කියලා තිබුනේ මාධවට විතරයි.තිහස් සමඟ බරපතල විදියට පැටලෙන්න තිබ්බ කෝන්තරේ ඉබේම නිමිලා ගියත් සීයට සීයක් ඔහු තිහස් කෙරෙහි පැහැදිලා නෑ.ඒත් සාරංගත් ඔහුව පිළිගත්තාට පස්සේ ගිරිරාජ්ගේ කීමට පිටින් වැඩ කරන්න කේශවට හිත දුන්නෙ නෑ.

"මම එයාට කෝල් එකක් දීලා බලන්නම්..තිහස් ඕකේ නම් මටත් ගැටලුවක් නෑ..."

කේශවගේ බසට හිස සැලූ මාධව කැබින් එකෙන් එළියට ගියේ කේශව නැවතත් චාන්‍යා ගැන කල්පනා කරද්දියි.

........💜️........ RITHU SAKURA .......💜️........

රාත්‍රිය එළඹුනේ හීයක වේගෙන් වගේ.කේශවගේ දෑස් ගමන් කරන්නෙම චාන්‍යා දිහාට.කාමරයේ පුටුවක ඇති සෝදා වේලා ගත් ඇඳුම් කීපය ඇය නමන්නේ ගීතයක්ද මුමුණමින්.හෙට ඇගේ උපන්දිනය බව ඇයටම අමතකයි වගේ.ඇඳට වෙලා ඇය දිහා බලන් උන්නු කේශවගේ මුවේ ඇදුනේ හීන් හිනාවක්.කාර්‍යාලයේ ඉඳන් නිවසට එන අතරතුර ඇය වෙනුවෙන් ගත්ත තෑග්ග සුරක්ෂිතව හංඟලා තියෙන්නේ ඇයට හොයාගන්න බැරි තැනක.පොඩ්ඩක් අවුස්සන්නත් එක්ක ඇය වැඩේ ඉවර කරන්නත් කළින්ම කේශව ඇළයට හැරී දෙනෙත් පියාගත්තේ නිදි බව අඟවන්න.කාමරේ සියල්ල අස් කර නැවත මුව දොවාගෙන පැමිණි චාන්‍යා ක්‍රීම් බෝතලය අතට ගත්තේ කේශව දිහා බැල්මක් හෙලමින්.කවදාවත් නැතිව වේලාසනම නිදාගෙන සිටින ඔහු දෙස චාන්‍යා බලන් උන්නේ පුදුමයෙන්.බෝතලය පසෙකින් තැබූ චාන්‍යා ඇය නිදන පසින් ඇඳට නැඟ ඔහු අසලට ගොස් ඔහුගේ නලලතට අතක් තිබ්බේ සැකයක් හිතට එද්දී.

"ඇඟ රස්නෙත් නෑ..ඇයි මේ වේලාසන නිදි?"

ඇය තනියම මුමුණද්දී කේශව හිනාව පාලනය කරගත්තේ ආයාසයෙන්.

"කේශව අයියේ..මහත්තයෝ...මොකද මේ අද කලින්ම නිදි??නැඟිටින්නකෝ අනේ..."

චාන්‍යා ඔහුගේ බාහුවෙන් සෙලෙව්වේ කේශව විහිලුවක් කරනවා යැයි හිතිලා.

"කේශව අයියේ...මොනාද අනේ?"

කොච්චර ඇවිටිලි කළත් ඔහු නෙමේ ඇස් ඇරලා බලන්නේ.වෙනදා වගේ තුරුල් වෙන්නෙ නැතිව ඔහු තනියම නිදාගන්න හැටි දැකලා චාන්‍යාට දැනුනේ හීන් දුකක්.දෙවරක් නොහිතුව චාන්‍යා කේශවගේ බඳ වටා අතක් යවා ඔහුව කිතිකැව්වේ කේශව ගැස්සිලා යද්දි.

"අහ්...චානු..නතර කරනවා අයිසේ..."

"හොර ගෙඩියා..නිදි නෑ නේද??"

ඇය ඔහුගේ ගතට තුරුලු උනේ හිනාවක්ද සමඟින්.ඒත් කේශව හිතාමතාම ඇයව ගණන් නොගන්නා බැල්මක් හෙලද්දී චාන්‍යාට දැනුනේ අමුත්තක්.

"ඇයි මේ??තරහ වෙලාද?"

"නිදිමතයි චානු...නිදාගන්න දෙන්න"

"ඉතින්...තුරුලට අරන් නිදාගන්නකෝ වෙනදා වගේ..."

"එපා..අද මෙහෙම හොඳයි..."

ඔහු නැවත දෙනෙත් පියාගද්දි චාන්‍යා බලන් උන්නේ දුකෙන්.

"කේශ්..."

"ඔය ලයිට් එක ඕෆ් කරලා දාලා නිදාගන්න"

අණ දෙන පරිද්දෙන් කේශව කියද්දි ඇය තිගැස්සී ගියේ ඔහුගේ ස්වරයේ විහිලුවක ලකුණක් පෙනෙන්නට නොතිබ්බ නිසා.වෙනදට ආදරයෙන් කතා බහ කරමින් තුරුලට අරගෙන සිපගනිමින් කාලය ගත කරන්නට ඔහුට හිතක් නැති උනු හේතුව හිතාගන්න බැරිව චාන්‍යා කාමරයේ විදුලි පහන නිවා ටේබල් ලෑම්ප් එක දල්වා ඇලවුනේ දෙනෙතට ඉනූ කඳුලු පිස දමමින්.

........💜️........ RITHU SAKURA .......💜️........

ගැඹුරු නින්දක පසු වී සිටි චාන්‍යා උඩ ගිහින් ඇහැරුනේ සවන අසලම නාද දෙන දුරකථනයේ හඬින්.කිනම් මොහොතක නින්ද ගියාදැයි වගක් නොවුනු චාන්‍යා දුරකථනය අතට ගත්තේ අසිහියෙන් වගේ.

"හ්..හෙලෝ..."

ඇය පිළිතුරු දුන්නේ දෙනෙත් බාගෙට විවර කරගෙන.නිදිබර නෙතු පියන් සම්පූර්ණයෙන් විවර කිරීමට පවා ඇයට කම්මැලියි.

"අපි වෙනදා හම්බුණු තැන මම බලන් ඉන්නවා.එනවා ඉක්මනට"

එවදන් කවුරු කිව්වද කියලා හිතාගන්න ඇයට තප්පර කීපයක් ගත උනා.සම්පූර්ණයෙන්ම දෙනෙත් විවර කර එහා පස බැලූ චාන්‍යාට ඉන්ඳවුනේ පුදුමයක් දැනෙද්දි.

"කේශව අයියේ...??"

"ඔව්..ඔව්..කේශව තමා.තමුසෙගෙ මිනිහා.අඳුනගන්නත් බැරිද දැන්?විනාඩි පහයි දෙන්නේ.වෙනදා හම්බුනු තැනට දැන්ම එනවා"

ඉතින් ඇමතුම විසන්ධි වෙලා ගියේ චාන්‍යා අන්දුන් කුන්දුන් වෙලා වගේ බලන් ඉන්නැද්දි.අවුල් වූ හිසකෙස් එකතු කර හිස මුදුනට කර ගැට ගැසූ චාන්‍යා වෙලාව පිරික්සුවේ අඩ අඳුරේ තිබූ කාමරයේ එල්ලා තිබූ බිත්ති ඔරලෝසුවෙන්.

"දොලහටත් කිට්ටුයි...මෙයාට මේ මොනා වෙලාද?"

මුමුණමින් අඳුරේ ගිලී තිබූ නිවසේ ඇය ඇවිද්දේ හඬක් නොනැඟෙන ලෙස.ඉදිරිපස දොර බාගෙට විවරව තිබෙන බව ඈත තියාම දුටු චාන්‍යා එබී බැලුවේ කේශව වෙනදා සිටින තැනම ඉන්නවද බලන්න.සීතල ගලාගෙන යන පරිසරය දෙස බලාගෙන අත් වැටට බර දීගෙන සිටින කේශව දෙසට ගිය චාන්‍යා ඔහුට ළං වෙද්දීම හැරී බැලුවේ කිසිම සිනහවක් නැතිව.

"කේශව අයියේ..මේ සීතලේ මහ රෑ කවදාවත් නැතිව එළියට ආවේ ඇයි?"

ඇය ඇසුවේ දෑතින්ම සිය ගත බදාගෙන.එළියට ආ විගස හමා ගිය සුළගෙන් ඇගේ ගතේ හිරිගඩු පවා නැංවුනා.

"දෙයක් කතා කරන්න තියෙනවා"

කිසිම තෙතමනයක් නොතිබුනු ඔහුගේ හඬට චාන්‍යා තිගැස්සී ගියා.

"ඇයි අද තරහ ගිහින් කේශව අයියේ?"

"ඔය ප්‍රශ්ණ ඇහිල්ල නතර කරගන්නවා චාන්‍යා...ඇති වෙලා තියෙන්නේ කියවිල්ල..මං දවස් ගාණක ඉඳන් තමුසෙට දෙයක් කියන්න බලන් උන්නේ..මං හිතන්නේ ඒකට සුදුසුම වෙලාව තමා මේක.."

"ඔයා ඇයි මෙහෙම....'

"ශ්ශ්ශ්...කතා කරන්නේ මම විතරයි"

කේශව කිව්වේ අතකුත් මඳක් ඔසවමින්.චාන්‍යා එතකින් නිහඬ උනේ හිත් වේදනාවට දෙතොල් පවා වෙව්ලද්දි.

"තමුසෙ මගෙ ජීවිතේට ආ දා ඉඳන් හැමදේම වෙනස් උනා චාන්‍යා.හිතුවටත් වඩා.මේ මාස ගාණට මං හිතන් උන්නු ජීවිතේ නෙමේ මට තමුන්ගෙන් ලැබුනේ.ඊටත් වඩා වෙනස් එකක්...මෙහෙම දෙයක් දැනන් උන්නා නම් මම තමුසෙව මේ අවුරුද්දේ මැරි කරන්නෙත් නෑ..."

බලාපොරොත්තු නොවූ වදන් වලින් හිත පෑරුනු චාන්‍යාට දෙනෙත් වලට ඉනූ කඳුලු කම්මුල් දිගේ ගලා ගියේ කේශවව මඳකට නිහඬ කරවමින්.

"අද...දවසෙම...මාත් එක්ක..හිනා වෙලා ආදරෙන්...උන්නු ඔයා...ඔයා ඇයි මෙහෙම...කියන්නේ අයියේ???මම මොකක්ද...කෙරුව වැරැද්ද??"

ඇගේ හඬ වෙව්ලද්දී කේශව ඉවත බලාගත්තා.

"ඔයා අද...ඔෆිස් ගිහින්...ආව වෙලාවේ ඉඳන්ම වෙනස්..මොකක්ද උනේ කියලා..ඇයි මට කෙළින්ම...කියන්නෙ නැත්තේ?"

"කෙළින්ම තමා කිව්වේ චාන්‍යා..කෙළින්ම තමා කිව්වේ.ඒත් මම තමා හොඳම ටික කිව්වේ නෑ....ඒ ටික තමුසෙට අහලා දරාගන්න බැරි වේවි.."

එහෙම කියද්දිම චාන්‍යාට ඉකි ගැහුනා.නිහඬ රාත්‍රියේ නිවැසියන් කිසෙවෙකුට හෝ ඇහෙයි කියලා බයෙන් වගේ ඇය දෑතින්ම මුව වසාගත්තේ නෙතු බිමට නැඹුරු කරගෙනමයි.තවත් ඇයට රිද්දන්න හිත නුදුන්න කේශව හිනාව නවත්තගෙන ඇය ආසන්නයෙන්ම හිටගත්තේ අඳුරට දිලිසෙන ඒ කඳුලු බිඳු දිහා බලාගෙනමයි.කේශව ඇය අසලටම ආවත් ඇය උන්නේ බිම බලාගෙනමයි.

"ඔලුව උස්සනවා"

ඒත් චාන්‍යා එලෙසින්ම සිටියේ වේදනාවත් එක්කම දැනුනු හිතුවක්කාරකම නිසා.

"බලනවා මගෙ දිහා..."

බලෙන්ම ඇගේ හිස තමන් දෙසට හරවාගත් කේශව බලන් උන්නේ යටි තොලත් හපාගෙන දෑස් වසාගෙන කඳුලු වාවගන්න අපහසු උත්සාහයක යෙදෙන චාන්‍යා දිහා.හීන් හිනාවක් ඔහුගේ දෙතොලතට ඇදී යද්දී ඔහු සාක්කුවේ දමාගෙන උන්නු දුරකථනයෙන් ක්ශණිකව වෙලාව පරීක්ෂා කළා.

"තමුසෙ මගෙ ජීවිතේට ආව දවසෙ ඉඳන් මගෙ ජීවිතේ වෙනස් උනා.ඒක ඇත්ත.හිතන් උන්නටත් වඩා ලස්සන උනා.මෙහෙම දෙයක් වෙනවා කියලා දන්නවා නම් මේ අවුරුද්දෙ නෙමේ බඳින්නේ..ඊට කළින්..."

හිමීට හිමීට දෙනෙත් විවර කළ චාන්‍යා කේශවගේ දෑස් දිහා බලන් උන්නේ පුදුමයෙන්.ඔහු මේ කියන්නේ කුමක්ද?මීට සුලු මොහොතකට පෙර තමන්ට දොස් කිව්වේ ඔහුම නොවේද?

"කේශව අයියේ..."

ඇය මිමිණුවේ ඒ පුදුමයෙන්මයි.

"මම කිව්වනේ හොඳම දේ කිව්වම තමුසෙට දරාගන්න බැරි වෙයි කියලා..එහෙනම් අහගන්න..."

ඒ එක්කම ඔහුගේ දුරකථනයෙන් 'හැපි බර්ත්ඩේ' ගීතයේ තාලයට අලාර්ම් එකක් වදිද්දී චාන්‍යාගේ දෙනෙත් විසල් උනා.

"හැපි බර්ත්ඩේ ඩියර් චානු...හැපි බර්ත්ඩේ ටූ යූ..."

අන්තිම පද පේලි දෙක විතරක් මිමිණුව කේශව ඇගේ දෙනෙත් සිපගත්තේ දෙතොලින් ඇගේ කඳුලු පිස දමමින්.ඇගේ විශ්මය පිරි බැල්ම හමුවේ කේශවට හිනාවක් නැඟෙද්දී චාන්‍යා උන්නේ ඇත්තටම පුදුමයෙන්.ඒ එක්කම සාක්කුවෙන් යමක් එළියට ගත් කේශව එහි වූ දිලිසෙන යමක් එළියට ගත් බව චාන්‍යා දැක්කා.ඇය කිසිවක් ඇසීමටත් පෙර ඇගේ දකුණත ගත් කේශව සිහින් බ්‍රේස්ලට් එකක් ඇගේ අතේ පැළඳවූයේ ඇය දෙතොල් තදින් විකාගද්දි.එහි ඉංග්‍රීසි සී අකුර හා කේ අකුර තියෙන වග ඇය දැක්කේ කොරිඩෝවේ දැල්වුනු එලියෙන්.

"කේශ්..."

ඇය ඊළඟ ඇසිල්ලේම කේශවගේ පපුවට තුරුලු උනේ ඔහුත් දෑතින්ම ඇයව බදාගද්දි.

"බය උනාද?"

ඔහුට දැනුනේ ඇය හිස සොලවන බව පමණයි.නැවත ඇගේ මුහුණ දෑතින්ම අල්ලාගත් කේශව ඇගේ දෑසට එබුනේ ආදරණීය බැල්මක් දෑස් වල ලියාගෙන.

"කිව්ව හැම වචනයක් ගාණෙම ඇත්ත...ඔයා තරම් ලස්සන දෙයක් මට ආත්ම හතකට ලැබෙන එකක් නැති වේවි...ආදරෙයි..."

තාමත් වචන නැතිව ගොලු වෙලා ඉන්න චාන්‍යා හිනා උනේ මුලු හදවතින්මයි.ඇගේ දෙතොල් මහපට ඇඟිල්ලෙන් පිරිමැද්ද කේශව ඇගේ දෙතොල් සිය දෙතොලින් අල්ලගත්තේ ඇගේ දෑස් පියවී යද්දී.සීතල පරදා ඔවුන්ගේ සිරුරු එකිනෙකාගේ සිරුරු වලින් උණුසුම් වෙද්දී කේශව ඇයව සිය පපුවට තුරුලු කරගත්තේ තම ආවේගයන් පාලනය කරගන්න බැරුව.ඇගේ දෙතොලින් මිදුනු කේශව ඇයව හරහට වඩා ගත්තේ ඇගේ දෑත් ඔහුගේ ගෙල වටා එතෙද්දි.

"අදට මෙතනින් පෝස් කරමු..හෙට රෑට...අහ්..නෑ...අද රෑට පොඩි ට්‍රිප් එකක් යන්න තියෙනවා...එතකොට ඊළඟ තෑග්ග දෙන්නම්..."

"තව තෑගි තියෙනවද?"

චාන්‍යා ඇසුවේ පුදුමයෙන්.

"හ්ම්ම්...ඒක තමා වටිනම තෑග්ග.. කොහොමහරි දීලා තමා නතර වෙන්නේ..."

අමුතු හිනාවකින් කේශව කිව්වත් කිසිවක් නොවැටහුනු චාන්‍යා උන්නේ කල්පනාබරිත බැල්මක් ඔහු වෙත හෙලාගෙන.

"ටියුබ් ලයිට්...යමු කාමරේට..හිත පිරෙන්න උම්මා එකක් දෙන්න ඕනේ..."

චාන්‍යාගේ නළලතට නළල තබා කේශව සෙල්ලක්කාරකමින් කියද්දී චාන්‍යාත් හිනා උනේ ඔහුගේ ආදරය ඉදිරියේ වචන නැති වෙද්දි.

-මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

22.5K 1K 51
100 වෙනි කොටසේ සිට 149 දක්වා පළ කිරීම
4.2K 602 18
නිවාස සහ ඉඩම් ව්‍යාපාරිකාවක් වන දිනාදි චන්දූපා දිසානායක, තම පැරණි පාසල් මිතුරෙකුගේ ඉල්ලීමක් පරිදි ඔහුගේ වලව් පන්නයේ පැරණි නිවසක් විකුණා දීමට ඉදිරිපත්...
30.1K 656 23
Ela Drizelle is madly in love with her boyfriend Glen Mittle, but they are suddenly torn apart by the annual event known as The Hunger Games. It is E...
587 212 11
හදවතෙහි දොරගුළු විවර කර ඇහුම්කන් දෙන්න තාලයට ගැහෙන හදවතේ ශබ්දයට ලස්සන කවි පද වැල් ගෙතේවී ඔබගේ සිත තුළින් ඉතින් ඔබගේ හදවතට ඉඩ දෙන්න සිත තුළ තෙරප...