සන්තානේ - දෙහදක් 2

Von Rithu_Sakura

66K 6.1K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... Mehr

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

61

685 70 2
Von Rithu_Sakura

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️61 කොටස💜️

"තෑන්ක්ස් එයාගේ හිත හැදුවට...දිනේ ඉන් අනිද්දා..රෙජිස්ට්‍රේශන් එක උදේ නවයයි දහතුනට...මගේ බූ..තමුසෙගෙ මුල්ම බ්‍රයිඩ් වෙයි..."

රදීශ එව්ව ඒ මැසේජ් එක අහිංසා විසි වෙනි වතාවටත් කියෙව්වද කොහෙද.තුනී සතුටක් හිතම වෙලා ගද්දි අහිංසා ඒ කෙටි පණිවිඩය සාරංගට යොමු කළා.පණිවිඩය දුටු සැනින්ම ඔහු ඇමතුමක් ගත්තේ අහිංසාට.

"හෙලෝ...අහිංසා...රදීශ දැන්ද එව්වේ?"

"ඔව් අයියේ..අද උදේ බුවී සැලෝන් එකට ආවේ.කැමැත්ත දුන්නු ටිකට රදීශ දිනත් දාගෙන.පුදුම හදිස්සියක් තිබිලා තියෙන්නේ"

අහිංසා ඒක කිව්ව තාලෙට සාරංගට හිනාවක් නැඟුනා.

"රදීශ වගේ දැන් නම් මටත් හදිස්සියි හදිස්සියි වගේ...එදාටම අපිත් හොරෙන්ම රෙජිස්ට්‍රේශන් එක ගමුද?"

"ගමු..ගමු..මෙහෙ සූරියබණ්ඩාරලා තුන්දෙනා අවි අමෝරාගෙන ඉඳී අපිව පිළිගන්න"

දෙදෙනාම හයියෙන් හිනාඋනේ ඒ දසුන දෙදෙනාගේම හිතේ මැවිලා පේද්දී.

"අවි අමෝරාගෙන උන්නත් මං තමුසෙව ඇර වෙන එකෙක්ව මගෙ ජීවිතේට ගන්නෙ නෑ..හැබැයි...ඔයාගේ අයිතිකාරයෝ තුන්දෙනාගෙන්ම අවසර අරන් තමා කැන්ඳන් යන්නේ"

සාරංගගේ හඬේ විහිලුවක් ගෑවිලාවත් තිබ්බෙ නෑ.අහිංසා මොහොතකට ඒ හීනේ අතරමං උනා.ලස්සන මනමාලියක් වෙලා සාරංග එක්ක පෝරුවට නඟින දවසක් උදාවෙනකන් ඒ හිත කොච්චර පෙරුම් පුරනවද කියලා දන්නේ අහිංසාම විතරයි.

"රදීශ ඔයා කෝල් එකක් ගන්න කළින් මට ගත්තා..මිනිහාගේ රැස් වල අඩුවක් නෑ.ගහගන්න වගේ කතාව.හැබැයි...කතා කරලා කිව්වා උඹේ කෙල්ලගේ අතින් මුලින්ම හැඩ වෙන්නෙ මගෙ කෙල්ල.ඒ නිසා ෆොටෝ ගහන්නත් ඕනේ උඹ කියලා...බෑ කිව්වොත් දැනට උනත් අපි දෙන්නව ගෙදරට මාට්ටු කරලා දෙන්න බැරිකමක් නෑලු...මං ඉතින් ගොනා සේ අහන් උන්නා..."

ඒ කතාවට නම් අහිංසාට රදීශ එක්ක ආවේ කේන්තියක්.

"ඒ මනුස්සයා මොන වගේ එකෙක්ද කියලා මට නම් හිතාගන්න බෑ..හැබැයි එදා මෙහෙ ඇවිත් අයියටවත් අප්පච්චිටවත් මුකුත් කියලා නැද්ද කොහෙද..."

"බලමුකෝ කෙල්ල.දෙන්නා මැරි කළාට පස්සේ ඔය සද්ද දාන්න එන එකක් නෑ"

අහිංසාට සුසුමක් හෙලුනේ ඒ කරදරෙන් ඉක්මනටම මිදෙන්න පුලුවන් නේද කියලා මතක් වෙලා.

........💜️........ RITHU SAKURA .......💜️........

මේ අතරේ තිහස් උන්නේ තමන් දෙස එක එල්ලේ බලන් ඉන්න වසන්ත දිහා තියුණු බැල්මක් හෙලාගෙන.තිහස්ගේ දෙනෙත් වල කිසිම බියක්වත් චංචල ගතියක්වත් නෑ.ඒත් පපුවට අතකුත් තියාගෙන මේඛලා ඉන්නේ ඉකි ගසන අතර තිහස්ට බැන වදිමින්.

"මං දැනගත්තා...මං දැනගත්තා ආයේ අර අනාත කෙල්ලව කරගහයි කියලා...මොන සාපයක්ද මේ ඒකි අපේ පවුලට කරන්නේ??මං ඕකිට ඇත්ත කියලා තමා නතර වෙන්නේ.මතක තියාගනින් තිහස්...ඒකිගේ ඇත්ත අම්මා තාත්‍තා කවුද කියලා දැනගත්තම ඒකිට සියදිවි නහගන්න හිතෙයි...ඒ වගේ ජරා ලේ තියෙන එකියක් මේ ගෙදර ලේලි වෙන්නෙ නෑ...මතක තියාගනින්...ඕකිට තමන්වම මරාගන්න තැනට වැටෙන්න සිද්ධ වෙනවමයි..."

මේඛලා කියන දේවල් වලට තිහස්ගේ අත මිට මෙලවුනත් ඔහු වචනයවත් කිව්වේ නෑ.වසන්ත තාමත් බලන් ඉන්නේ තිහස් දිහාවේ.වෙනදා කේන්ති අරන් ගේ උඩු යටිකුරු කරන කෙනා අද සන්සුන්ව ඉන්න හැටි දකිද්දි වසන්තට දැනුනේ පුදුමයක්.තිහස්ගේ සන්සුන් විලාසය දරාගන්න බැරිව මේඛලා තිහස් අසලට පැමිණ ඔහුගේ කමිසයෙන් තද කර අල්ලගත්තා.

"මේ අම්මා මැරුනට උඹට දුකක් නැද්ද තිහස්??ඒ අනාත එකීව ලොකු වෙන්න තරම් උඹට මේ අම්මාගේ ආදරේ මදි උනාද?මෙදා පාර මට මොනාහරි උනොත් උඹයි උඹේ චිංචිමානවිකාවයි දෙන්නම මගෙ මරණෙට වග කියන්න ඕනේ..දැනගනින්..."

මේඛලා කියන්නේ වරින් වර ඔහුගේ පපුවට ගසමින්.ඇගේ මුලු මූණම කඳුලින් තෙත් වෙලා.තිහස් ඇයව පාලනය කරගන්න ඇගේ දෑතින් අල්ලාගත්තා.තිහස් ඇය දිහා බැලුවේ අනුකම්පාව මිශ්‍ර බැල්මකින්.ඒත් කිසිම වෙලාවක තම තීරණය වෙනස් කරන්න ඔහු සූදානම් නෑ.

"අම්මා එදා ඇත්තටම අසනීප උනාද අම්මේ??"

තිහස් සන්සුන් හඬකින් මේඛලා දිහා බලාගෙනම අහද්දී ඔහු හොඳටම දැක්කා මේඛලාගේ දෑස් ගැස්සෙන හැටි.

"පු..තා...??"

"මං ඇහුව දේට උත්තරයක් දෙන්න අම්මේ"

මේඛලා වසන්ත දිහාත් කුඩා පුතුව අත දරන් පසෙකට වී නිහඬව සිටි තමාලි දිහාත් බැලුවේ මාරුවෙන් මාරුවට.

"දැක්කද???දැක්කද...අර කෙල්ල කවලා තියෙන ඉනාවේ තරම...?අන්තිමට මං ලෙඩ උන එකත් බොරුවක් කියලා හිතන්න තරම් ඒ කෙල්ල උඹට මොනාද කළේ තිහස්?"

ඇය සිටියේ උමතුවෙන් වගේ.වසන්තයි තමාලියි නිහඬව සිටීමත් ඇයට දරාගන්න බෑ.කවුරුත් ඇයගේ පැත්තට නෑ.

"අම්මාට එදා මයිල්ඩ් හාට් ඇටෑක් එකක් ආවා කියලා ඩොක්ටර් කිව්වේ බොරුවක් නේද??ඔයා නේද ඩොක්ටර් ලව්වා එහෙම කියවන්න එයාට ගාණක් දුන්නේ??"

තිහස් අහද්දි මේඛලා අසල සෙටියට කඩන් වැටුනා.වසන්තත් පුදුමයෙන් බැලුවේ ඔහුත් ඒ බව දන්නෙ නැති නිසා.තිහස්ගේ ප්‍රශ්ණය හමුවේ මේඛලා කළේ දෑතින්ම මූණ වහන් ඉකිබිඳපු එක.

"තිහස්...මොනාද මේ කියන්නේ??ඒ පාර තමුසෙට ඕනේ අම්මාව මරාගන්නද?"

වසන්ත අහද්දී තිහස් කළේ කට කොණකින් හිනා උනු එක.

"මට නෙමේ අම්මටමයි එහෙම කරගන්න ඕනා වෙලා තියෙන්නේ.ඔයා මීට සති කීපයකට උඩදි නීතා ආන්ටි එක්ක කෝල් එකකින් ඔය සිද්දිය ගැන කියනවා මං අහන් උන්නේ අම්මේ...මං හැමදේම හෙව්වා.අම්මා මෙච්චර දවසක් අපිව රැවැට්ටුවා කියද්දි දන්නවද මට දැනුනු හැඟීම???මගෙ ආදරේ අයුතු විදියට පාවිච්චි කලේ ඒ කෙල්ල නෙමේ...ඔයයි.ඇයි අම්මේ මං ඔයා වෙනුවෙන් මුතූව අතෑරලා මෙහෙම නාස්ති වෙද්දිවත් ඔයාගේ හිත උණු නොවුනේ?ඔයාට මට වඩා ඔයාගේ නම්බුව ලොකු උනා නේද??මුතූව එයාගෙම අතින්ම මරාගන්න හිතෙන තැනට පත් කරනවා කියලා කියද්දි මට ඇත්තටම ඔයා ගැන කළකිරුනා...අම්මා දන්නවද ඇත්තටම අසනීප උනේ කවුද කියලා??ඔයා මං නිසා බොරුවට අසනීප වෙද්දි අර අහිංසක කෙල්ල මං නැතිව අවුරුදු දෙකක් ඩිප්‍රෙශන් වලට බේත් ගත්තා.එක පාරක් සූසයිඩ් කරගන්න හැදුවා..එහෙම කෙල්ලවද ආයේ මරාගන්න තැනට පත් කරනවා කිව්වේ?එහෙනම් හොඳට අහගන්න..එදාට ඒ කෙල්ලත් එක්ක මේ තිහසුත් යන්නම යයි...."

එවර මේඛලාගේ හැඬීම තීව්‍ර වෙද්දී තිහස් මඳකට සන්සුන් උනා.

"මං ඔයාලා දෙන්නව තියාගත්තේ මගෙ හදවතේ දෙපැත්තේ අම්මේ..ඔයාගේ ආදරේ කවදාවත් එයාගේ ආදරේ එක්ක සන්සන්දනය කලේ නෑ...ඔයාට මුතූව ලැජ්ජාවක් උනාට මට ඒ කෙල්ල මැණිකක්...අක්කාගේ ජීවිතේටත් අම්මා කැමති කෙනාව ගෙනැල්ලා එයාව අසරණ කෙරෙව්වා වගේ මාව අසරණ කරන්න හිතන්නවත් එපා...මුතූගේ ගෙදරට මම තනියම හරි යනවා..එච්චරයි"

තිහස් වසන්ත දිහාත් තප්පරේකට බලලා සිය කාමරයට යද්දී වසන්ත උන්නේ වචන නැතිව.මේඛලා ගැන කළකිරීමක් ඔහුට දැනෙන්නට උනා.තිහස් ගිය බව වැටහුනු මේඛලා කඳුලු පිසමින්ම බැලුවේ වසන්ත දිහා.ඔහුගේ බැල්ම හරිම හිස්.

"වසන්ත...මං එහෙම කළේ...."

ඒත් මේඛලාට ඊට වඩා දෙයක් කියාගන්න හම්බුනේ බෑ.එකපාරටම නපුරු බැල්මක් ඇයට හෙලුව වසන්ත එතනින් ඉවතට ගියේ මේඛලා අන්ත අසරණ තැනට පත් වෙද්දී.ඉතුරු උනේ තමාලි විතරයි.හැමවෙලාවෙම තිහස්ගේ පැත්ත අරගෙන උන්නු තමාලිට ඒ වෙලාවේ හඬා වැලපෙන සිය මවව තනි කරන්න හිතුනේ නෑ.ඒ නිසාම ඇය දරු පැටියාවත් වඩාගෙන මේඛලා අසලින් වාඩි උනා.හැඬීම වාවගෙන මේඛලා සිය දියණියගේ උරපත්ත මතින් අතක් තබාගෙන තොල්පොට හපාගෙන උන්නේ අපේක්ශාභංගත්වයෙන්.

"ඇයි අම්මේ එහෙම දෙයක් කළේ???ඇයි මල්ලිගෙ ජීවිතේ එහෙම සෙල්ලමකට ගත්තේ?"

තමාලි ඇහුවේ තරහින් නෙමේ.ඒත් ඇගේ හිත කිව්වෙම මේඛලාට ඈ අතින් වෙච්ච වැරැද්ද පෙන්නන්නම ඕනා කියලා.

"ඒ පාර ඔයාටත් මාව අප්පිරියා උනාද??"

කඳුලු පිස දමමින් මේඛලා ඇහුවේ නොරිස්සුමෙන්.ඒත් තමාලි කළේ කට කොනකින් සිනාසුනු එක.

"අම්මාව මේ ගෙදර කාටවත් එපා වෙලා නෑ අම්මේ..හැබැයි...මුතූගෙන් වෙන් කරන්න කියලා ඔයා කෙරුව රඟපෑම ඇත්තටම වැරදියි...ඔයා දන්නවද ඔයා හොස්පිටල් ඉද්දි මල්ලි හැසිරුනු විදිය??ඒ කොල්ලා මට කෝල් කර කර කොච්චර ඇඬුවද?මල්ලි නාස්ති වෙද්දි අම්මා දුක් නොවී මුතූගෙන් මල්ලි වෙන් වෙච්ච එක ගැන සතුටු උනා නම් ඒක මහ ආත්මා‍ර්තකාමී සතුටක් අම්මේ...මුතූ නිසයි මල්ලි අර නාස්තිකාර ජීවිතෙන් අයින් වෙලා මනුස්සයෙක් වගේ තමන්ගේ දෙපයින් නැඟිටින්න හදන්නේ.ආයේ ඒ කොල්ලව වට්ටන්න එපා...එහෙම උනොත්...එයත්...එයත්...මං වගේ නීති පොතට විතරක් සීමා වෙච්ච කිසිම ආදරයක් නැති බැඳීමක ඔහේ හිර වෙලා ඉඳීවි...පුලුවන් නම් තේරුම් ගන්න"

කියන්න දාහක් දේවල් තිබ්බත් කියන්න අවශ්‍ය දේ විතරක් කියලා තමාලි පුතාවත් රැගෙන කාමරයට වැදුනා.මේඛලා උන්නු තැනම උන්නේ හරිම හිස් හැඟීමෙන්.ඇයට දැනුනේ ඇය තනි උනා වගේ හැඟීමක්.මුතූ ගැන අසීමාන්තික තරහක් හිතට දැනුනත් ඇය ඉවසගෙන උන්නේ තිහස්ව කවදාවත් වෙනස් කරන්න බැරි බව හිත කියද්දී.

........💜️........ RITHU SAKURA .......💜️........

අහිංසා මේකප් බ්‍රශ් එකත් අතේ තියාගෙන මඳක් පිටුපසට වෙලා බලන් උන්නේ ඇගේ අතින් මුලින්ම හැඩ වුනු මනමාලි දිහා.මීට කළින් යුවතියන් කීප දෙනෙක්වම මනමාලියන් විදියට හැඩ ගැන්වූවත් ඒ පුහුණුව සඳහා විතරමයි.ඒත් බුවී ඇයට විශේෂයි.ඒ තමයි ඇගේ දෑතින් හැඩ වී යුග දිවියට යන මුල්ම මනමාලිය.ඔව්.කාලය ඉක්මනින් ගෙවී ගියේ බුවී හා රදීශ විවාහ වෙන දවස උදා කරමින්.සරල කොණ්ඩා මෝස්තරයකින් හා චාම් මේකප් එකකින් සැරසුණු යුවතියට රෝස සහ රත්තරන් පාට මිශ්‍ර වෙච්ච බතික් සාරිය ගෙනාවේ හරිම චාම් සුන්දරත්වයක්.ඇගේ ගෙල සරසා තිබුනේ රදීශ දුන් වටිනා රත්තරන් මාලයෙන් පමණයි.රෝස මල් වලින් සැකසූ කුඩා මල් පොකුර අහිංසා බුවී අතට දුන්නේ ඇය අහිංසකව සිනාසෙද්දී.

"හරිම ලස්සනයි බුවී අක්කී..."

මුතූ කිව්වේ කණ්ණාඩියෙන් පේන තම ප්‍රතිභිම්බය දිහා බලන් ඉන්න බුවී දිහාම බලාගෙන.ඇගේ දෙනෙත් බොඳ වෙලා තියෙන හැටි යුවතියන් දෙදෙනාම දැක්කා.මේ විවාහය කිසිම වැඩිහිටියෙක් නැතිව සිද්ද වෙන නිසා ඇය දුකින් බව තේරුම්ගත් අහිංසා ඇගේ උරපත්තෙන් අතක් තිබ්බේ අඬන්න එපා යැයි ඇයට හිසින් ඉඟි කරමින්.

"තව පැයක් වගේ ඉතුරුයි..යමු...ඔයාගේ මැරයා ඔයා එනකන් පහළට වෙලා නොඉවසිල්ලෙන් ඉන්නේ කියලා සාරංග අයියා කිව්වා..එයා කුපිත වෙන්න කළින් ෆොටෝස් ටිකක් ගහගමු"

අහිංසා හිනාවකින් කියද්දී හිස සැලූ බුවී නැඟිට එළියට ආවේ මුතූත් අහිංසාත් ඇය පසුපසින් එද්දි.ස්ටූඩියෝ එකේ දොර විවර කෙරූ අහිංසා මුලින්ම ඇතුළට යද්දී ඇය දුටුවේ එහි වාඩි වී සිටි රදීශවයි.යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි ඔහුගෙන් පෙනුනේ කඩවසම් බවක්.තරමක් තළෙලු අයෙකු වූ රදීශගේ මුහුණේ වූයේ තරමක ආඩම්බර ගතියක්.ඔහුගේ දෑස් හොයන්නේ බුවීව බව වටහාගත් අහිංසා ටක් ගාලා මෑත් උනා.ඇගේ පිටුපසින් ඇතුළට පැමිණි බුවීව දැකලා රදීශව නැඟිට්ටුනේ ඔහුගේ දෙනෙත් දීප්තියෙන් බබලද්දී.අහිංසා බලන් උන්නේ රදීශගේ ඉරියව් දිහා.මොන තරම් මැරයෙක් වගේ උන්නත් බුවී දිහා බලාගෙනම ඉන්න ඔහුගේ දෙනෙත් වෙව්ලන හැටි ඇය හොඳටම දැක්කා.ඇඟිල්ලකින් දෙනෙත් පිසදැමූ රදීශ ඉදිරියට පැමිණ බුවිනිව වැළඳගත්තේ බුවිනිත් ඔහුට තුරුලු වෙද්දී.

"මෙහෙම නෙමේ ඔයාව එක්කන් යන්න උන්නේ...ඒත් දැන් කරන්න දෙයක් නෑ...මොන දේ සිද්ද උනත් දැන් අපි...අපේ...තේරුනාද?"

රදීශ ඇගේ මුහුණට එබී පවසද්දී බුවී කළේ හිස සලපු එක.දෙදෙනාට දෙදෙනා දෙනෙත් වලින් කතා කරගනිද්දී අහිංසාට දැනුනේ සතුටක්.රදීශ කළ තර්ජනයක් පුස්සක් බව අහිංසාට වැටහුනේ ඒ මොහොතේ.මොකද ඒ තරමටම ආදරණීය විදියට ඔහු ඇය දිහා බලන් උන්නේ.සාරංග ස්ටූඩියෝ එකේ ඇතුළත ඇති කුඩා කොටස ඔවුන්ගේ ඡායාරූප ගැනීමට සුන්දර අයුරින් පසුබිම් එලා අලංකාර කර තිබුණා.ඇතුලත ඡායාරූප ගැනීමෙන් අනතුරුව ඔවුන් පිටතට ආවේ නැකැත් වෙලාව එළඹෙන නිසා.

"අර නංගිව සැලෝන් එකෙන් තියලා තමුසෙත් එනවා අපිත් එක්ක...පෙම්වන්තයාට පාලු නෑනේ එතකොට..."

රදීශ අහිංසා ළඟට ඇවිල්ලා කිව්වේ පසෙක ඉඳන් කැමරා බෑගය සකසන සාරංගට හොරෙන්.ඇය ඇහිබැම කුඩා කළේ රදීශගේ මුහුණේ තියෙන සෙල්ලක්කාර හිනාව දිහා බලාගෙනමයි.කිසිම අවුලක් වෙන්න ඕනේ නැති නිසා මුතූ සැලෝන් එකේ නතර වෙද්දී රදීශ සහ බුවී ඔහුගේ පුද්ගලික වාහනේනුත් අහිංසාත් සාරංගත් සාරංගගේ වාහනේනුත් ගියේ රෙජිස්ට්‍රාර් කාර්‍යාලයට.ජනාකීර්ණ ප්‍රදේශයෙන් මඳක් ගම්බද පෙදෙසකට රදීශ රිය ගෙන යද්දී සාරංගත් ඒ දිහාට වාහනය හැරෙව්වා.

"සාරංග අයියේ...දැන් ජයසිංහ ඇමති මේ ගැන දැනගත්තොත් දෙන්නව පණපිටින් එල්ලයිනේ.අපි දෙන්නවත් අහු වේවිද දන්නෙ නෑ...."

"අවුලක් වෙන එකක් නෑ.මට හිතෙන හැටියට රදීශ සිද්දිය අන්කල් එක්ක කියලා තියෙනවා.උදේ කේශ් ගත්‍තා.නංගි රදීශයගේ කෙල්ලට අද ඩ්‍රෙස් කරනවා.පොඩ්ඩක් බලපන් කියලා...ඒ වෙලාවේ තමා මාත් කිව්වේ මට ෆොටෝස් ගන්න කිව්වා කියලා..කේශ් ඒ ගැන දැනටම දන්නවා කියන්නේ රදීශ විස්තරේ කියලනේ..."

"එතකොට අපි ගැනත්....?"

අහිංසා ඇහුවේ බයෙන්.

"පේන විදියට ඒක කියලා නෑ...ඒත් මට තේරෙන්නෙ නැති එක දෙයක් තියෙනවා..ඌ ආවේ අපිව මාට්ටු කරන්නත් නෙමේ නම් උගෙ කසාඳෙ ගැන අන්කල් එක්ක කියන්න තියෙන උවමනාව මොකක්ද කියලා...කොහොමහරි අන්තිමට තේරුනේ එක දෙයයි..මූ උගෙ කසාඳෙට බුවීව කැමති කරගන්න අපි දෙන්නව තුරුම්පුවට තිබ්බා..."

සාරංග කිව්වේ විවර වූ ගේට්ටුවකින් වත්තකට ඇතුලු වන රදීශගේ කාරය දිහා බලලා.

"ඔයා ඔහොම කියද්දි මට ඒ මෝඩයට උඩ පැනලා ටොක්කක් අනින්න හිතෙනවා..."

ආසන පටිය ගලවමින් අහිංසා කියන්නේ කාරයෙන් බසින රදීශ දිහා බලාගෙන දත් මිටිත් කමින්.සාරංග ඇය වෙත බැල්මක් හෙළලා කාරයෙන් බැස්සා.සාරංග සහ අහිංසා දෙදෙනාම කාරයෙන් බැසගත් පසුවයි හරියටම දැක්කේ ඇවිල්ලා තියෙන්නේ රෙජිස්ට්‍රාර් කාර්‍යාලයකට නොවන බව.

"අයියේ...මේක ගෙයක්නේ...කොහෙටද මේ අපිව එක්කන් ආවේ...?"

"ඇමතියට අහු වෙයි කියලා වෙන්න ඇති..ඒකනේ කවුරුත්ම නැතිව මේ වගේ රහසින් කරන්නේ"

සාරංග ඇයට හේතු ඉදිරිපත් කරද්දී අහිංසාත් එය පිළිගත්තා.ඒ වනවිටත් පැමිණ සිටි විවාහය ලියාපදිංචි කිරීමේ නිළධාරිනිය රදීශ දුටු වනම ආසනයෙන් නැඟිට්ටේ ඔහුට බයෙන් වගේ.ඔහු ඇයත් සමඟ වචන කීපයක් හුවමාරු කරගනිද්දී අහිංසා විපරම් කර බැලුවේ නිවස ඇතුළතයි.බැලූ බැල්මට එය රදීශටම අයිති නිවසක් බව වැටහුණේ ආලින්දයේ කෙළවරක බිත්තියේ එල්ලා තිබූ රදීශගේ සේයාරුවක් දකිද්දී.

"එයාලා මඟ එන ගමන්...තව විනාඩි පහෙන් ඒවි..."

රදීශ බුවීට ඇසෙන්නට පැවසුවත් අහිංසාට ඒ කවුද කියලා වැටහීමක් තිබ්බෙ නෑ.හරියටම නැකැතට විනාඩි පහක් තියෙද්දී වත්තෙන් වාහනයක් නතර කළ බව අහිංසාට වැටහුනා.

"සාක්ෂියට දෙන්නා එනවා වගේ..."

අහිංසා මිමිණුවේ සාරංගගේ සවනට ළං වෙලා.ඒත් සමඟම ටයිල් පොළවේ පාවහන් ගැටෙන හඬක් ඇසෙද්දී සාරංගත් අහිංසාත් ඒ දිහා බැලුවේ වෙනසක් නැතිව.ඒත් නිවසට ඇතුළු වූ තිදෙනා දැක අහිංසා විතරක් නෙමේ සාරංගත් තුශ්නිම්භූත උනා.

"අප්..පච්චී..."

අහිංසාට මුලින්ම නෙත ගැටුනේ ගිරිරාජ්වයි.ඔහු අහිංසා දිහා බලලා සුහද සිනහවක් පාද්දි අහිංසාට එයට ප්‍රතිචාර දක්වන්න සිහි උනේ නෑ.මොකද ඊටත් පිටුපසින් එන රුව දැක්කම ඇයට කලන්තේ දාන්න වගේ.ඒ නිසාමයි ඇය සාරංගගේ අතකින් අල්ලගත්තේ.

"ජයසිංහ ඇමතිතුමා..."

අහිංසා මිමිණුවේ සාරංගත් ඔවුන් දෙස බලා සිටිද්දී.ඒත් එහෙම වෙන්නේ කොහොමද?සිය පියා බුවිනිට අකැමැති බව පැවසුවේ රදීශම නොවේද?ඒ නිසාම අනතුර සිදු වීමෙන් පසුව අහිංසාව දුටු නිසා ඔහුට තමාව යෝජනා කරන්නට හදන බව පැවසුවේ රදීශමයි.බුවීව රහසින්ම විවාහ කරගැනීමට තමාගෙනුත් ඔහු උදව් ඉල්ලුවේ ඒ නිසා නෙමේද?ඒත් සිනාමුසු මුහුණින් පැමිණෙන ඇමතිතුමා සහ සිය පියාව දැකීමෙන් අහිංසා උන්නේ නූල් බෝලෙක පැටලිලා වගේ.

"සාරංග අයියේ...මේ මොකක්ද මේ වෙන්නේ?"

"මටත් හිතාගන්න බෑ අහිංසා...කරකෝලා අතෑරලා දැම්මා වගේ උනේ"

දෙදෙනා පුදුමයෙන් බලන් ඉද්දී ඔවුන්ගේ කතාබහට තිත තබන්නට සිද්ද උනේ රදීශ සාරංගට කතා කළ නිසා.අහිංසා ඒ නූල් බෝලය ලෙහාගන්න බැරුව ලතවෙද්දී ඔවුන්ගේ විවාහය සමාජයට හොරෙන්ම සිද්ද උනා.රදීශගේ පැත්තෙන් සාක්ශියට ආ පුද්ගලයා ඔහුගේ මාමා කෙනෙකු බව අහිංසා දැනගත්තේ රදීශ ඔහුට කතා කරද්දී.නමුත් අහිංසා තවත් පුදුමයට පත් උනේ ගිරිරාජ් බුවිනිගෙ පාර්ශවයෙන් අත්සන් කරද්දීයි.සාරංග ඔහුගේ රාජකාරියේ නිරත වෙච්ච නිසා ඔහුට මේ පටලැවිල්ල ලෙහාගන්න කාලයක් තිබ්බෙ නෑ.විවාහයේ වැඩකටයුතු අවසන් වී නිළධාරිනිය පිටත්ව යද්දී පවා අහිංසා උන්නේ ගල් ගැහිලා වගේ.ඇගේ කල්පනා ලෝකය බිඳුනේ බුවිනිගේ හඬින්.

"තාත්තා..."

අහිංසා දොර දෙස බැලුවේ ඔහුගේ පියාවත් ඇවිත්ද කියා තහවුරු කරගන්න උනත් ඇය දණ ගසා වැන්ඳේ ඇමතිතුමාටයි.ඔහු ඇයට පෙරළා ආශීර්වාද කරද්දී අහිංසා උන්නේ තක්බීරි වෙලා වගේ.අහිංසාගේ මතකය ඇදිලා ගියේ බුවීව සැලෝන් එකේදි මුණ ගැහුණු මොහොත.

"එයාට ගෙදරින් කෙනෙක් හොයලලු..මං ගැන හිත හිත දුක් විඳින වෙලාවේ තාත්තා ඒ වගේ තීරණයක් ගත්ත එක ගැන මට සතුටුයි..."

"තාත්තාට දැන් උනත් පුලුවන් එයාගේ පවර්ස් පෙන්නලා අපේ...."

බුවී එදින පැවසූ දේ අහිංසාට හරියටම තේරුම් ගියේ දැනුයි.ඒ වෙලාවේ ඇය තාත්තා යැයි පැවසුවේ ඇගේ පියාට නොව ජයසිංහ ඇමතිට බව අහිංසාට තේරුම් ගියේ ඇගේ මුවත් බාගෙට විවර වෙද්දී.

'අනේ දෙයියනේ...එතකොට...රදීශ මාව ගොනාට ඇන්ඳුවද??'

අහිංසා හිතුවේ සමූහ ඡායාරූපයකට පෙනී සිටින පිරිස දිහා බලමින්.බුවී අහිංසාවත් ඇදගෙන ඡායාරූපයකට පෙනී සිටියේ අහිංසා ආයාසයෙන් සිනාවක් මුවට නඟා ගද්දී.රදීශ නම් උන්නේ අහිංසාගේ මූණේ ඉරියව් දිහා බලාගෙන හිනාව හංඟගෙන.

"අපි යනවා දුව..ලස්සනට මගෙ ලේලිව ඩ්‍රෙස් කරලා තිබ්බා..ගුඩ් ලක්...යන්නම් පුතා..මේ දෙන්නගෙත් මැරේජ් එක ඉක්මනට ගත්තා නම් හොඳයි සූරියබණ්ඩාර...මැචින් කපල්..."

ජයසිංහ ඇමති සාරංගත් අහිංසාත් දිහා බලමින් කියද්දී ගිරිරාජ් කලේ සිනහවක් පෑව එක.එදින ජයසිංහට පැවසූ බොරුව බොරුවක්ම බව දන්නේ රදීශ විතරයි.එය නිවැරදි කරන්න ගිරිරාජ් ඒ මොහොතේදීවත් උත්සාහ කළේ නෑ.

"අහිංසා..."

"අහ්...අප්..පච්චී???"

හීන ලෝකෙන් වගේ මෙලොවට ආව අහිංසා ගිරිරාජ් දිහාට ළං උනා.

"මාත් එයාලා එක්ක ආවේ..දුව සාරංග එක්කම එන්න..."

ඔහු අහිංසාගේ හිස අතගා පවසා යන්නට හැරෙද්දී අහිංසා ඔහුව නතර කරගත්තා.

"අප්පච්චී...අප්පච්චී මෙතනට ආවේ කොහොමද??මට තේරෙන්නෙ නෑ.."

අහිංසා හඬ අඩු කරමින් අසද්දී ගිරිරාජ් හැදුවේ ඇයට පවසන්නට බැරි වූ විස්තරය කියන්න.ඒත් එයට බාධා උනේ රදීශගේ හඬින්.

"ඒක මම කියන්නම් අන්කල්...පේන්නෙ නැද්ද මොංගල් වෙලා තාම බලන් ඉන්නේ..."

රදීශ සැහැල්ලුවෙන් කියද්දී ගිරිරාජ් සිනහවක් පාමින් ඔවුන්ගෙන් සමුගෙන යද්දී අහිංසා දෑත් බැඳන් හැරුනේ රදීශ දිහාට.

"මොකක්ද මේ වෙන්නෙ ආ???තමුන්ගේ තාත්තා මේ කසාඳෙට අකැමැතියි කියලා නේද තමුන් කිව්වේ???එතකොට අර ආවේ කවුද?"

අහිංසා අහද්දී රදීශ හයියෙන් හිනා උනා.බුවීත් ඒ ප්‍රශ්ණෙට රදීශ අසලට ආවේ පුදුමයෙන්.

"රදීශ...මොකක්ද මේ අහිංසා අහන්නේ??ඔයා මේ කෙල්ලට මොකක් හරි බොරුවක් කිව්වද?"

බුවිනිගෙ ප්‍රශ්ණයට පිළිතුරු නොදී ඔහු කළේ බුවීගේ ඉන වටා අත යවා ඇයව තුරුලට ගත්ත එක.

"ඔයාව මගේ කරගන්න චූටි බොරුවක් කළා රන්..."

රදීශගෙ සැහැල්ලු හැසිරීමට එවර සාරංගටත් කේන්ති ගියා.

"රදීශ...මේක ජෝක් එකක් නෙමේ..මොකක්ද තමුන් කළේ කියනවද?"

සාරංග බැරෑරුම් හඬකින් අසද්දී රදීශ හිනාවෙන එක පැත්තකින් තියලා අසල සෙටියකින් බුවීව අත් නොහැරම වාඩි උනේ අනෙක් දෙදෙනාටත් වාඩි වෙන්න කියලා අතින් සන් කරලා.

"මේකයි...දෙන්නම තරහා ගන්න එපා..අපේ තාත්තා අහිංසා ගැන එහෙම කිසිම යෝජනාවක් ගෙනාවේ නෑ.ගේන්න හිතේ තිබ්බෙත් නෑ..එයා මගෙයි බූගෙයි අෆෙයාර් එකට කැමැත්තෙන් උන්නේ ඒක පටන් ගත්ත කාලේ ඉඳන්මයි.ඇත්තටම කිව්වොත් මට අකැමැති උනේ බූගේ ගෙදරින්..මොකද...එයාලා විරුද්ධ පාක්ශිකයෝ...හරියටම කිව්වොත් විරුද්ධ පක්ශයේ දාර බයියෝ ටිකක්..."

රදීශ කියද්දී බුවී නෝක්කාඩුවෙන් රදීශගේ කලවයක් මිරිකුවා.

"එයාලා අපිට තදින්ම විරුද්ධ වෙද්දී බුවී හැදුවේ මගෙන් ඈත් වෙන්න.මොකද ගෙදර අය අකැමැත්තෙන් කසාඳ බඳින්න එයා කැමති උනේ නෑ..ඒත් මං අතාරින්න ලෑස්ති නෑ.එදා ඇක්සිඩන්ට් එක උනෙත් ඔය ගැන හිත හිත යද්දි..."

අහිංසාට සිහි උනේ එදින රදීශගෙ තිබ්බ වියරු හැසිරීම.එදා වෙච්ච සිදුවීම නිසා අහිංසා නැවතත් රිය ධාවනය කරන එක නැවැත්තුවා.ඒ කම්පනය තාමත් ඒ හිතේ එහෙම්මමයි.

"එදා කොහොමහරි ඒ ඇක්සිඩන්ට් එකේ වීඩියෝ වගයක් සෝශල් මීඩියා වල වයිරල් වෙද්දී බූත් ඒක දැකලා තිබ්බා.මතකද බූ ඔයා ඒක දැකලා මට හොඳටම බැන්නා අහිංසාගෙන් සමාවගන්න කියලා?ඇත්තටම ඡන්දෙ කටේ අවුලක් දාගන්න බැරිකමටම විතරක් නෙමේ මම ඔයාලගෙ දිහා එදා ආවේ.බූ මට බැනපු නිසා.ඒ දවස් වල බූට ඔයාව බලන්නවත් එළියට බහින්න නොවුනේ ගෙදරින් එළියට බහින්න එයාට තහනම් කරලයි තිබ්බේ.ඒ මම එහෙට ගිහින් පොඩි වලියක් දාගත්ත නිසා..."

රදීශ මොහොතකට බුවී දිහා බලද්දී ඇය උන්නේ ඇගේ අතේ වූ මංගල මුදුව පිරිමදිමින්.

"පස්සෙ කල්පනා කරල කරලම මම තීරණය කළා ඔයාගෙන් හෙල්ප් එකක් ගන්න...ඒකට තුරුම්පුව කරකවගන්න මට ගොඩක්ම පුලුවන් උනේ ඔයා සාරංග එක්ක කහකිරිල්ලි වගේ ඇඳගෙන ගමනක් යනවා දැකලා..එදා මට තේරුනා දෙන්නා අතරේ අෆෙයාර් එකක් තියෙනවා කියලා.."

සාරංග යටි තොල හපාගෙන අහිංසා දිහා බැලුවේ දෙදෙනා මුලින්ම ආදරේ බෙදාගන්න ඇල්ලට ගිය ගමන මතක් වෙලා.

"දෙන්නා යාලුයි කියලා මං ඇත්තටම කළේ අනුමානයක් විතරයි.."

"එතකොට පොඩි අයියයි චානුයි යාලු වෙච්ච විදිය දැනගත්තේ??"

අහිංසා ඇහුවේ ඇයට ඒක නොතේරුනු නිසා.රදීශ ඒකට කළෙත් හිනා උනු එක.

"ඒක ගැන දේශපාලන ලෝකේ ඕන එකෙක් දන්නවා වැස්සියේ...තිසරයා ගැන නොදන්න එකෙක් නෑ..."

රදීශ අහිංසාට වැස්සි කියලා කියද්දි ඇය ඔහුට රැව්වෙත් බුවී නැවතත් රදීශගේ අත කෙනිත්තුවෙත් එකටමයි.

"ඉතින් මං එදා සැලෝන් එකට ඇවිල්ලා ඇත්ත නොකියා බොරුවක් ගොතලා ඔයාව මේකට අල්ලගත්තේ බුවීට දැනට ළඟින්ම ආශ්‍රය කරන්න පුලුවන් එකම කෙනා ඔයා නිසා.ඔයාගේ තාත්තා ගැන බුවීගේ ගෙදරිනුත් දන්න නිසා ඔයාව මීට් වෙන එකේ කිසිම ගැටලුවක් තිබ්බෙ නෑ.ඒ වගේම ඔයාගේ අප්පච්චි එක්ක මේ ගැන කතා කරන්න කියලා මමයි තාත්තට කිව්වේ.ඒ නිසා තමා මම ආයේ කසාඳ දිනේ මතක් කරන්න එදා ඔයාලගෙ දිහාට ආවේ..ඒ වෙලාවේ උදව්වට ඉන්න සුදුසුම පුද්ගලයා ඔයාගේ තාත්තා කියලා මට හිතුනු නිසායි එහෙම කලේ..අපිව තේරුම් අරන් ඔයාගේ තාත්තා වැඩේට සහයෝගය දුන්නා...ඔන්න ඕක තමා උනේ..."

ඇඟට පතට නොදැනි රදීශ කියද්දි අහිංසා නම් උන්නේ ඇවිලෙමින්.තමන්ටත් අහිංසා ගැන බොරුවක් රදීශ කිව්ව බව මතක් වෙලා බුවී උන්නෙත් කේන්තියෙන්.

"එතකොට ඔයා දැන් කියන්න හදන්නේ තාත්තා අහිංසාව ඔයාට ප්‍රපෝස් කරන්නයි යන්නෙ කියලා ඔයා කළේ බොරුවක් කියලද?"

"ඔව්...."

‍රදීශ උත්තර දුන්නේ ඇඟට පතට නොදැනී.නමුත් අහිංසාට නම් කටවහන් ඉන්න අමාරු උනා.

"එතකොට මාවයි සාරංග අයියවයි ගෙදරට අහු කරවලා දෙනවා කියලා මාව බය කරවගත්තෙත් බොරුවටද?"

"ම්ම්..ඔව්..."

"දැන් ඒ කියන්නේ තමුන් මේ කෙරුව බොරුවෙන් බුවීගේ ගෙදර අය වෛර බඳින්නෙ මායි අප්පච්චියි එක්ක නේද ආ?"

"ම්ම්ම්...නෑ..ඔයාලා උදව් කළා කියලා කිසිම විදියකින් එළි වෙන්නෙ නෑ..."

එතනින් එහා රදීශ කියන කිසිම දෙයක් අහන්න අහිංසාට උවමනාවක් තිබ්බෙ නෑ.බුවී දිහා තප්පරේකට බැලුව අහිංසා සෝෆාවේ දමා තිබූ කුශන් එකක් රැගෙන නැඟිට කළේ රදීශ බලාපොරොත්තු නොවුනු දෙයක්.බුවී දෙනෙත් වලින් අවසර දෙද්දී අහිංසා රදීශට කුශන් එකෙන් ගහගෙන ගියේ රදීශ මූණ දෑතින් ආවරණය කරගනිද්දී.

"තමුසෙ මහ හිතක් පපුවක් නැති මනුස්සයෙක් අයිසේ..මාව මේ බය කෙරුව කෙරිල්ලට මට තමුසෙව මරන්න හිතෙනවා..."

"අහ්...අහිංසා...එපා අයිසේ...සාරංග...ගනින් යකෝ උඹේ එකීව..."

"අහිංසා..එපා.."

"බෑ...මට කේන්තියි මේ මනුස්සයා එක්ක..."

සාරංග නැඟිට අහිංසාගෙ බඳ වටා දෑත යවා ඇයව අහකට ගත්තේ අහිංසා කේන්තියෙන් බනිද්දී.

"රදීශ..ඔයා ඒ කෙල්ලව බය කරපු එක හරිම වැරදියි..ඒ මගේ යාලුවා...මං දැක්ක හිත හොඳම කෙල්ල..ඔයාට ඇත්ත කියලා උදව් ගන්න තිබ්බේ.ඒ මදිවට මටත් බොරු කළා.."

බුවීත් එසේ පවසමින් නැඟිටිද්දී රදීශ ඇයව අල්ලගත්තා.

"ඒක හරිම අහිංසක බොරුවක් බූ..තමුසෙව නැති කරගන්න බැරිකමට මම අවස්ථා සේරම ගලපගෙන මගෙ වැඩේ කරගත්තා..."

"ඒක මහ ආත්මා‍ර්තකාමී වැඩක්...සමාව ගන්නවා අර දෙන්නගෙන්.."

බුවී අණ කරලා වගේ කියද්දී රදීශ මූණත් බෙරි කරන් නැඟිට්ටා.ඔහු එළියට යද්දී අහිංසා උන්නේ සාරංගගේ පපුවට මූණ තියාගෙන ඉකි බිඳිමින්.

"අඬන්න දෙයක් උනේ නෑ මැණික..කෝ...බලන්න මගෙ දිහා.."

"මට දුකයි..ඔයා හොඳටම දන්නවා මේ දවස වෙනකන් මං කොච්චර ගින්දරකින්ද උන්නේ කියලා..ඇයි අනේ බලන් ඉන්නේ...අරූට දෙකක් අනින්නේ නැතුව?"

"කියන දේ අහන්න අහිංසා...එහෙම අත උස්සලා ගහන්න පුලුවන් ඔයාගේ අප්පච්චිත් මේ දෙන්නට උදව් නොකළා නම්..."

"ඒත්..."

"ඇති ම්ම්ම්ම්...ඒක අමතක කරමු...අඬන්න එපා...ප්ලීස්"

සාරංග පුලුවන් තරම් ඇයව සනසන්න උත්සාහා කරද්දී රදීශ ඔවුන් දෙදෙනා අසලට ආවේ හිසත් කසමින්.ඔහුව දුටු අහිංසා සුපුරුදු පරිදි රදීශට රවද්දී රදීශ ආයාසයෙන් හිනාව නවත්‍තගත්තා.

"අපි යන්නම් මිස්ටර් රදීශ..ෆොටෝස් ටික මං ඉක්මනටම මේල් කරන්නම්..මට ඔබතුමා එක්ක රණ්ඩු කරගන්න ඕනේ නෑ.ඒත් පුලුවන් නම් ඔයාගේ වයිෆ්ගේ පැත්තෙන් ගැටලුවක් ආවොත් ඒකට මේ අහිංසක කෙල්ලව ඉන්වෝල්(ව්) නොකරගෙන ඉන්න.."

සාරංග පුලුවන් තරම් රාජකාරී මට්ටමෙන් රදීශට කතා කළේ අහිංසාවත් රැගෙන එතනින් ඉක්මනට එන්න අවශ්‍ය නිසා.

"කමෝන් සාරංග..ඔය මිස්ටර් කෑලි අවශ්‍ය නෑ..මං බොරුවක් කළා තමා.ඒකට ගොඩක් සමාවෙන්න.හැබැයි ඔයාලටවත් අහිංසාගේ ගෙදර අයටවත් කිසිම ගැටලුවක් වෙන්නෙ නෑ..ඒක මට ගැරන්ටී කරලා කිව්වෑකි...අපි හෙටට එළිවෙද්දි ඩුබායි යනවා..බූගේ ගෙවල් වලින් දැනගෙන පොඩ්ඩක් වලි දායි..ඒත් ආයේ කවදහරි මට ඒ ගෙදරත් එක්ක සමාදාන වෙන දවසක් ඒවි...එයාලා බයියෝ මිසක් එච්චර පවර්ෆුල් අය නෙමේ...සෝ..ඩෝන්ට් වොරී...ඔයාලා දෙන්නගේ සර්විස් එකට අදාල ගෙවීම මම ඔයාලගෙ අකවුන්ට්ස් වලට ඩිපොසිට් කරන්නම්..."

"මගෙ බල්ලටවත් එපා.."

අහිංසා මුමුණා කිව්වත් රදීශට ඒක හොඳටම ඇහුනා.

"සෝ සොරි ස්වීටි..මට ණයකාරයෙක් වෙන්න බෑ.ඒ නිසා මං ඒක ගාණට සෙට්ල් කරන්නම්...මොනා උනත් මේ වැස්සි හරිම හිත හොඳ වැස්සියෙක්..."

රදීශ සෙල්ලක්කාරකමට අහිංසාගේ කම්මුල මිරිකද්දී සාරංග ඔහුගේ අත පැත්තකට කළේ ඔහුට රවා බලමින්.

"ඩෝන්ට් ක්‍රොස් යුවර් ලිමිට් රදීශ..."

සාරංගගේ තර්ජනාත්මක හඬට රදීශ යටිතොල හපාගෙන හිනා උනේ අහිංසාට ඔහුගේ හිනාව දැකලම අප්පිරියා වෙද්දී.

"තමුසෙලා දෙන්නා මොනා නැතත් හරි කියුට් කපල් එකක්..."

"තෑන්ක්ස්..අපි දැන් යන්නම්..හැපී වෙඩඩ් ලයිෆ්.."

එපමණක් පැවසූ සාරංග ආලින්දයට ගියේ ඔහුගේ බඩු ටික අරගෙන එන්න.බුවීටත් සුභ පතන්නට මොහොතක් ඔහු පමා වෙද්දී රදීශ එබුනේ අත් බැඳන් අහක බලන් ඉන්න අහිංසා දිහාට.

"මේ...බට්ටී...සොරි තමුසෙව බය කරලා ඒ වගේ දෙයක් කරවගත්තට.මට එහෙම ප්‍රපෝසල් එකක් ආවා නොකීවා නම් බූ මේ වැඩේට කැමති වෙන්නෙම නෑ.එයා එහෙනම් පවුලෙ අය නිසා මාව අතාරිනවා.ඒ වීක් පොයින්ට් එකට මම කැමති නෑ.කෙල්ලෝ කියලා ගෙදර තීරණ වලටම නැමිලා ඉන්න ඕනේ නෑ...ඒකයි.."

අහිංසා තාමත් ඉන්නේ තමන්ට නෑහුනා වගේ.

"ඒ වගේම මේ කරපු උදව්වට මම තමුසෙට ඕනම උදව්වක් කරන්න ලෑස්තියි...මට තමුසෙලා දෙන්නව කවදාවත් අමතක වෙන්නෙ නෑ..."

"නෝ තෑන්ක්ස් මිස්ටර්...මේ කෙරුව දේවල් හොඳටම ඇති"

හරි උඬඟු පාටට අහිංසා කියද්දී රදීශට හිනාවක් නැඟුනා.ඒ සමඟම සාරංග එළියට එද්දී අහිංසා බුවීට සුභ පැතුවේ බුවීත් රදීශ කෙරුව දේට ඇගෙන් සමාව ඉල්ලද්දී.ඔවුන්ගෙන් සමුගත් අහිංසා සහ සාරංග මඟ දුරක් එනතුරුම කතා බහ නොකළේ අහිංසාගේ හිත ඒ තරමටම චංචල වෙලා තිබ්බ නිසා.ඇයට මතක් උනේම ගිරිරාජ්ව.කිසිම වෙලාවක ඔහු රදීශට උදව් කරාවි යැයි ඇයට හිතුනේ නෑ.වාහනය ගෙන යන අතරතුර සාරංග අහිංසාගේ හිස අතගෑවේ ඇය ඉන්න කල්පනා ලෝකයෙන් ඇයව මුදවමින්.

"ඕක අමතක කරන්න දැන්"

සාරංග මිමිණිල්ලක් පරිද්දෙන් පවසද්දී අහිංසා කළේ සිනාවක් පා කෙරුව එක.

"කියන්න අමතක උනා..ඔයා බුවීව ඩ්‍රෙස් කරලා තිබ්බා හරිම ලස්සනයි.මම දන්නවා මගෙ කෙල්ල දක්ශයි කියලා..."

ඔහුගේ අගය කිරීමට ඇගේ හිත ඔහු ගැන ආදරයෙන් පිරී යද්දී අහිංසාට ඔහු ගැන දැනුනේ අසීමිත සෙනෙහසක්.ඒ ආදරය දරා ගැනීමට නොහැකිම වූ තැන කිසිවෙකුත් නොවූ පාලු මාවතක් දිගේ වාහනය ඇදෙද්දීම අහිංසා සාරංගගේ අතකින් අල්ලා ගත්තා.

"කාර් එක චුට්ටක් නතර කරන්න"

"ඇයි අහිංසා???"

"නතර කරන්නකෝ..."

කිසිවක් නොවැටහුනු සාරංග කාරය මාවත අයිනෙන් නතර කරද්දී අහිංසා ආසන පටිය ගලවා ආසනයට බර දී ඔහු දෙසට පැන ඔහුගේ බඳ වටා දෙපා යවා වාඩි උනේ සාරංගට මුකුත් හිතාගන්න බැරි වෙද්දී.ඒ තප්පරයට අහිංසා තමාගේ ඔඩොක්කුවට ආවා කියලා ඔහුට හිතාගන්නවත් බෑ.

"අහිංසා...බබා...ඇයි මේ?"

එයට පිලිතුරක් නොදුන් අහිංසා සාරංගගේ කම්මුල් වටා දෑත් යවා ඔහුගේ දෙනෙත් තම දෙනෙතින් අල්ල ගත්තා.

"ඔයාට විතරක් නෙමේ මටත් ඕනේ හැම හැඟීමක්ම ඔයා මතින් දිය කරලා දාන්න..දැන් මං ඉන්න ටෙන්ශන් එකට මේ දේ තරම් හොඳ බේතක් තවත් නෑ..."

"අහි.."

සාරංගට වචනයක්වත් කියන්න නොදී අහිංසා ඔහුගේ දෙතොල් තදින් සිපගත්තේ සාරංග තප්පරයකට නිරුත්තර වෙද්දී.ඒත් ඒ ඇත්තටම බොහොම පොඩි වෙලාවකට විතරයි. ඇගේ බඳ වටා දෑත් යැවූ සාරංග ඇයව පෙරළා සිපගත්තේ ඉන්නේ පාරේ කියලත් අමතක වෙද්දී.විනාඩි කීපයක් ගලාගෙන ගිය උණුසුම් හාදුවට සාරංග මත් වීගෙන එද්දී අහිංසා ඒ දෙතොලින් මිදුනේ ඔහුගේ යටි තොල සිය දසන් වලින් යාන්තමට අල්ලගෙන.සියුම් හතියක් සමඟින් අහිංසා ඔහු දිහා බලන් ඉඳ්දී සාරංග උන්නේ ගල් ගැහිලා වගේ ඇය දිහාම බලාගෙන.අහිංසා ලැජ්ජාවෙන් බිම බලාගද්දී සාරංග ඇගේ කම්මුලකට අතක් තබා ඇයව ඔහුගේ දිහාට හරවගත්තා.

"තමුසෙ මාව දවසින් දවස සප්‍රයිස් කරනවා අහී.."

ඔහු ඇයට දුන්නු අලුත් නමට අහිංසා ඇහිබැමක් යාන්තමට ඔසවා ඔහු දිහා බැලුවා.

"අහී???ඒ මොකක්ද?"

"ඒ තමා තමුසෙගෙ රොමෑන්ටික් නම...අහී...ප්‍රෙශර් උනාම තමුසෙ මෙච්චර ෆෝවර්ඩ් කෙල්ලෙක් වෙනවා කියලා දන්නවා නම් මං....."

අහිංසා ටක් ගාලා ඔහුගේ මුව අතින් වැහුවා.

"කියන්න ඕනේ නෑ...බූරුවා..."

අහිංසා රවාගෙන වගේ කිව්වේ ඔහුගේ මුවින් මොනා පිට වෙයිද බයෙන් වගේ.සාරංග මහ හඬින් හිනා වෙද්දී අහිංසාත් ඇගේ හැසිරීම නිසා ඇය ගැනම දැනුනු පුදුමයෙන් ඔහුගේ පපුවට තුරුලු උනේ දවස් කීපයකට පස්සේ දැනුනු ඔහුගේ උණුසුමේ සැනසෙමින්.

-මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

දෙන්නව පොඩ්ඩක් විතර ස්ටීමි කරලා ගත්තා ඔන්න.🤭🤭

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Weiterlesen

Das wird dir gefallen

1.7K 256 7
මිස්ටර් රුද්‍රාක්ශ ප්‍රතාප් ගජේන්ද්‍රනාත් ! " දන්නව ද මම කියවන පොතක තිබ්බේ සරීන් කියන්නේ nerve gas එකක් කියලා. විනාඩි දහයකින් වගේ මනුස්සයෙක් මරන්න පු...
152K 10.8K 75
Mr.අතිපණ්ඩිත කතාවේ දෙවන දිගහැරුම.
1.5M 111K 42
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
1.4M 128K 45
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...