සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

63.9K 6K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

60

751 72 9
By Rithu_Sakura

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️60 කොටස💜️

දින කීපයක් ගෙවී ගියේ අහිංසාව සුව අතට හරවමින්.නමුත් මාධවවත් කේශවවත් ඇයට සම්පූර්ණයෙන්ම සුව වන තුරු එළියටවත් බහින්න නුදුන්නේ ඇයට ඔවුන්ගේ තීරණයට පිටින් තීරණයක් ගැනීමට නොහැකි වෙද්දී.දින කීපයක් නිවසේ රැඳී සිටි මාධව හා විහාරා සූදානම් වූයේ නැවත බණ්ඩාරවෙල බලා පිටත් වෙන්න.පුංචි අකේන් ආසා නිසාම තුශාරි සමඟ එකතු වී සෑදූ කිරි ටොෆී බෝතලය ඇය විහාරාගේ අතට හොරෙන්ම දුන්නේ අකේන් දකින්න කලින්.

"දැක්කොත් ඔක්කොම එක කටට ඉවර කරනවා.එයාට හොරෙන් දාගන්න"

"පුතන්ඩියගෙන් නෙමේ අප්පච්චිගෙන් තමා බේරගන්න ඕනේ"

විහාරා කිව්වේ මාධවත් පැණි රස කන්න ආසා බව දන්න නිසා.

"එයාට එහෙම දෙන්නෙ නෑ..මං හැදුවේ මගේ සංකොටේට"

අතට දුන් වීදුරු බෝතලය ඇය පරිස්සමින් බෑගයට දැම්මේ අකේන් දකින්න කලින්.විහාරා බෑගය අස් කරගනිද්දී අහිංසා ආවේ අකේන්ව හොයාගෙන.ඒ වෙද්දිත් මාධව උන්නේ සාලේ එහෙ මෙහෙ දුවන අකේන්ව අල්ලගන්න උත්සාහයක.

"අකේන්..ස්ටොප් රයිට් නව්..ආයේ කියන්න තියන්න එපා..කෝ..එනවා මේ සූට් එක දාන්න..."

ඉස්සා පනිනවා වගේ එහෙට මෙහෙට දුවන අකේන්ව අල්ලගන්න බැරිව මාධව නම් උන්නේ හොඳටම හති දදා.කෑ ගසමින් හිනා වෙන අකේන් අන්තිමට නතර උනේ අහිංසාගේ කකුල් දෙකම බදාගෙන.

"අප්ප..ත්‍තී...එන්..නෝ.."

චූටි තුවා කෑල්ල පුංචි අකේන්ගේ වතින් ගැලවිලා යද්දි අහිංසා හිනාවේගෙන අකේන්ව වඩා ගත්තා.

"චී...මේ කොල්ලා..කෝ ඇඳුම්?"

ඇය අහන්නේ ඔහුගේ ලපටි උවන සිපගන්න ගමන්.ඉණට අතකුත් තියාගෙන මාධව අහිංසා ළඟට ආවේ හති දමමින්.

"බෑ බං මේක කරන්න.රොකට් එකක් හයි කරන්ද මන්දා මේකා දුවන්නේ..."

"අප්පච්චි වගේම නැතෑ..මතකද අම්මා ඒ දවස් වල කියනවා...කොච්චර හීමිජ්ජා වගේ උන්නත් ඔයාටලු ඇඳුමක් අන්ඳන්න අමාරුම...ඒ ජාන තමා මේ සංකුට්ටටත් ඇවිල්ලා තියෙන්නේ"

ඉස්සර කුසුම් නිතරම කියන දෙයක් අහිංසා මතක් කරද්දි මාධවටත් එය සිහි උනේ හිනාවක් සමඟින්.

"මෙන්න මේක අන්ඳනවා නංගි..මට බෑ දුවන්න..."

මාධව දිගු කළ පුංචි අකේන්ගේ ඇඳුම අතට ගත් අහිංසා ඔහුව මාධව වාඩි වී සිටි සෙටියෙන්ම ඇල කෙරෙව්වා.

"අපි සූට් දාමු හොඳද?අම්මියා කාමරේ රෙදි අස් කරනවනේ..ඔයා ගියොත් ඒ ඔක්කොම ආයේ හැඩි කරනවා..නැන්දි අන්ඳනකන් ඉන්නවා නේ??"

ඇය කියන දේ පිළිගත්තා වගේ අකේන් හිනාවක් පා ඒ විදියටම ඉද්දී මාධව බලන් උන්නේ සීරුවට අකේන්ට ඇඳුම් අන්ඳන සිය නැඟණිය දිහා.ඇය එක්ක කතා කරන්න ලොකු උවමනාවක් තිබ්බත් ගිරිරාජ් අවස්ථාව එනතුරු බලා ඉන්න යැයි කිව්ව නිසා මාධව උන්නේ අමාරුවෙන් උනත් ඉවසගෙන.ඒත් වදනකින් හෝ ඉඟියක් ඇයට සැපයිය යුතු යැයි මාධවගේ හිතට වද දුන්නේ ගිරිරාජ්ගේ ඉදිරි පියවර ගැන ඔහුට මෙවර නිගමනය කරගන්න බැරි වෙද්දී.

"මේ..නංගී..."

"ම්ම්ම්ම්??"

අහිංසා මාධව දිහා නොබලාම උත්තර දුන්නා.

"තමුසෙට මැරි කරන්න අදහසක් ඇවිල්ලම නැද්ද?"

මාධව අහද්දී අහිංසා ඔහු දිහා බැලුවේ දෙනෙත් විසල් කරගෙන.මාධවගේ මුහුණේ නම් තිබුනේ අර අමුතු බැල්මමයි.අහිංසාට දෙන්න උත්තරයක් එකපාරම මතක් උනෙත් නෑ.

"ඇස් ලොකු කර කර බලන්න ඕනේ නෑ.අහපු දේට උත්තරයක් දෙනවකෝ"

"එකපාරටම මොකද?"

"එකපාරටම නෙමේ..සති කීපයක වෙලේ ඉඳන් හිතිච්ච දෙයක්...එහෙම අදහසක් නැද්ද?"

අහිංසා මූණ බෙරි කරගත්තා.සාරංග ගැන කියන්න නලියන මුව ඇය පාලනය කරගත්තේ අමාරුවෙන්.

"අදහසක් තියෙන්න එහෙම කෙනෙක් ඉන්න එපැයි"

හිතට අවංක නැති ඒ වචන අහිංසා පිට කළේ අමාරුවෙන්.දුකට සැපට හැමදේටම ලඟින් ඉන්න මාධවට බොරු කියන්න වෙන එක පවුලේ අනිත් අයට බොරු කියන්න වෙන එකට වඩා දුකක්.ඒකමයි ඇය මාධවගෙන් නෙතු හංඟගෙන පුංචි අකේන් දිහාම බලන් උන්නේ.

"එහෙම කෙනෙක් නැත්නම් ඉතින්...අපි කෙනෙක්ව හොයලා බලන්නම්..."

"මොකක්??"

අහිංසා ගැස්සිලා වගේ මාධව දිහා බැලුවේ.හරියට හිත කියවන්න වගේ ඔහුගේ බැල්ම අහිංසා මතම නතර වෙලා.

"ඇයි ඉතින්..කොල්ලෙකුත් නැත්තම් ඉතින් ඒකට බාධාවක් නෑනේ?"

එවර නම් අහිංසාට කේන්ති ගියේ ඒ මාතෘකාව වදයක් වගේ වේගෙන එද්දි.ඒකට පොහොර දාන්න වගේ කේශවත් වෙලාවටම එතනට ආවේ අහිංසාව තවත් අවුස්සමින්.

"මටත් තමුසෙ ගැන අහලා ප්‍රපෝසල් එකක් දෙකක් ආවා.මං නිකමට හොයලා බැලුවා.වරදක් නෑ.ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකත් හොඳයි"

කේශව ඔවුන්ට ඉදිරියෙන් ඇති සෙටියෙන් වාඩි වෙද්දී අහිංසා අකේන්ව වඩාගත්තේ තප්පරේට.

"ඔව්..ඔව්..දෙන්නටම දැන් මාව මේ ගෙදරින් එළවගන්න ඕන වෙලා තියෙනවා කියලා පේනවා.ඉස්සෙල්ලා එක්කෙනෙක් කොල්ලෙක් ගැන කියෙව්වා.දැන් අනිකත් පටන් ගත්තා..යමු පැංචෝ අපි..අප්පච්චිලා බාප්පලා ඕන එකක් කරගත්තදෙන්..ඒ දෙන්නා මේ නැන්දිට ආදරේ නෑ..."

කොහෙවත් නැති තරහක් මවාගෙන අහිංසා අකේන්වත් වඩාගෙන ඉක්මන් ගමනින් විහාරාව හොයන් යද්දි මාධව නම් නිකටට අතක් තියාගෙන බලන් උන්නේ ඇය යන දිහා.

"දැක්කද ලිස්සලා ගිය විදිය?දැන් නම් හිතෙනවා ඇත්තටම එකෙක් ඉන්නවවත්ද කියලා"

මෙච්චර දවසක් විහිලු කලාට කේශව කිසිම වෙලාවක අහිංසාට සම්බන්ධයක් ඇති කියලා හිතුවේ නෑ.

"ඒත් එහෙම දෙයක් තිබ්බ නම් සාරාට අහු නොවී තියෙන්නෙත් නෑ..."

කේශව ආයේ කියද්දි මාධවගේ මූණේ ඇදුනේ පුළුල් හිනාවක්.

"යාලුවව ඇස් කන් වහන් විශ්වාස කරලා මදිවට දැන් නරියට කුකුල් කොටුව දුන්නා වගේ තමා"

මාධව තමන්ටම මිමිණුවත් කේශවට ඒ දේ නෑසී ගියේ ඔහු ඒ මොහොතට දුරකථනයටම අවධානය දීගෙන උන්නු නිසා.මාධවහා විහාරා දිවා ආහාරය සඳහා විහාරාගේ නිවසට යාමට තීරණය කෙරූ නිසා ඔවුන් හැමෝගෙන්ම සමුගෙන කාරය දෙසට යද්දී අහිංසා නම් උන්නේ පුංචි අකේන්ව වඩාගෙන අතොරක් නැතිව සිපගනිමින්.

"නැන්දිව බලන්න ආයේ එන්න හොඳද?පාලුයි මගේ සංකොටේ නැතිව..."

ඒ අතරින් චාන්‍යාත් අහිංසා ළඟට කිට්ටු උනේ කේශව ගෙනල්ලා තිබුණු චොකලට් කීපයක් අතැතිව.

"යන ගමන් අම්මියටත් දීලා කන්න.කෝ...පුංචිට කිස් එකක්???"

චොකලට් කීපය අකේන් හුරේ පාරක් දමා අතට ගද්දී චාන්‍යා කම්මුල දික්කලේ ඔහු දිහාට.ඔහු ක්ශණිකව ඇගේ කම්මුල සිපගෙන සිය පුංචි දෙතොල් ඒ තප්පරේම පිහලා දැම්මේ හැමෝම සිනහා සයුරේ ගිල්වමින්.

"දැනට කට පිහපන් කොල්ලෝ..ලොකු උනාම බලාගන්න බැරියෑ..."

කේශව උස් හඬින් කියද්දී අහිංසා විහාරාගේ අතට අකේන්ව දුන්නා.

"නංගි..චුට්ටක් එනවකෝ.."

ඒ අතරේ රියදුරු අසුනට වෙලා උන්නු මාධව අහිංසාව පිරිස අතරින් වෙන් කරගන්නට මෙන් ඇයට කතා කරද්දී ඇය ඔහු සිටින පැත්තට ගොස් ඔහු දෙසට නැමුනා.

"ඇයි ලොකු අයියේ?"

"අහන්න එපා මං මෙහෙම කියන්නේ ඇයි කියලා...කරන දෙයක් අප්පච්චිට කියලා කරනවා හොඳද?එයා ඔහොම නපුරු පාටට උන්නට තමුසෙට පණ ඇරලා"

අගක් මුලක් නැති කතාව හමුවේ අහිංසා උන්නේ තක්බීරි වෙලා.

"මට...තේරුන්නෑ..මං මොනාද අප්පච්චිට නොකියා කළේ...?අනේ කියන්නකෝ බය නොකර..."

අහිංසාගේ කම්මුල් පවා රතු වෙලා ගිහිල්ලා.ඇයට සිහි උනේම සාරංගව.

"හරි හරි..මූණ එල්ලගන්න දෙයක් කිව්වේ නෑ.හැමදේම විසඳගත්තම තමුසෙට ඕන දේ සිද්ධ වෙයි.හැබැයි ඒකට පරක්කු කරන්න එපා...ආ..තව දෙයක්..ෆෝන් එකේ පාස්වර්ඩ් මාරු කරගන්නවා..තමුසෙට ගාණක් නැති උනාට මැසේජ් කියවලා 'මාක් ඈස් අන්රීඩ්' කියලා දාන්න පුලුවන් ඔප්ශන් එකකුත් තියෙනවා කියලා මතක තියාගන්නවා"

අහිංසා තොලත් පෙරලගෙන ඒ ප්‍රහේලිකාව විසඳගන්න බැරිව ලත වෙද්දී මාධවට හිනාවක් නැඟුනා.ඒ හිනාවෙන්ම ඔහු ඇගේ කම්මුලක් මිරිකලා දැම්මා.

"තමුසෙ ටියුබ් ලයිට් එකක්නේ.තව ටිකකින් පත්තු වෙයි...පරිස්සමින් සැලෝන් එකේ වැඩ කරගෙන ඉන්න.දාංගලේ අඩු කරගෙන වගකීමෙන් වැඩ ටික කරනවා.ඕන කරන දෙයක් තියේ නම් හිත හිත ඉන්නෙ නැතිව මට කියන්න...ආයේ ඩ්‍රයිව් කරන්න පටන් ගන්න.බය වෙන්න එපා..අපි ඉයර් එන්ඩ් එකේදි පොඩි කාර් එකක් ගන්න බලමු"

එවර ඔහු දැනමුතුකම් දුන්නේ අහිංසාගේ හිතේ මැවුනු ප්‍රශ්ණ කීපය මොහොතකට යටපත් කරමින්.හැමෝගෙන්ම සමුගෙන මාධවගේ කාරය පිටත් වෙද්දී අහිංසා උන්නේ ඔවුන් යන දිහාම බලාගෙන.

'ලොකු අයියා මොකක්ද ඒ දෙඩෙව්වේ??ඒ කිව්ව කිසිම දෙයක් නිකන් කිව්වා වෙන්න බෑ.එයා ආවට ගියාට දේවල් කියන කෙනෙක් නෙමේ...අනේ දෙයියනේ..අයියා සාරංග අයියයි මායි ගැන හැමදේම දැනගෙනද?මැසේජ් ගැන කියෙව්වේ ඒකද???ඒත් එහෙම කියෙව්වා නම් එයා මගෙන් කෙළින්ම අහනවා..මොකක්ද මේ වෙන්නේ අප්පා?'

තනියමම සිතමින් අහිංසා උන්නේ ලෝකේ පෙරලන්න වගේ කල්පනාවක.මාධව ඒ දේවල් කිව්වේ හැමදේම දන්න නිසාද නැත්තම් අනුමානෙකටද කියලා හිතාගන්න බැරිව අහිංසා උන්නේ නූල් බෝලයක් වගේ පැටලිලා.

........💜️........ RITHU SAKURA .......💜️........

සාරංග අධික කාර්‍යබහුලත්වයක උන්නු නිසා නිදහසේ ඔහු එක්ක කතා බහ කරන්නවත් විදියක් අහිංසාට තිබ්බෙ නෑ.ඔහුගේ රාජකාරියට බාධා කරන්න තිබ්බ අකැමැත්තටම අහිංසා ඉවසගෙන උන්නේ ඔහු අවුල් වේයැයි කියලා හිතලා.නැත්තම් මාධව අර වගේ කතාවක් කවදාවත් නොකියන බව අහිංසාට විශ්වාසයි.

'ලොකු අයියට හැමදේම තේරිලා නම් මගේ ෆෝන් එකේ මැසේජුත් බැලුවා නම් ඇයි එයා වචනයකින්වත් මට බැන්නෙ නැත්තේ?එයා හැමදේම දැනගෙනයි ඒ කතා කළේ.එයා දැනගෙනත් සද්ද නැතිව ඉන්නේ සාරංග අයියට කැමති නිසාද?දෙයියනේ...මගේ ඔලුවත් විකාර වෙන්න වගේ...චානු එක්ක මේ ගැන කතා කරන්නම ඕනේ...'

කාමරේ බැල්කනියට වෙලා එහාට මෙහාට ඇවිදිමින් ලොකු කල්පනාවක උන්නු අහිංසා චාන්‍යාව හොයාගෙන පහළට යන්න හදනකොටම ඇය නතර උනේ ගෙවත්තට ඇතුලු කල කාරය දැකීමෙන්.වැඩිය දැක හුරු නොවූවත් අහිංසාට එක්වරම මතක් වූයේ ඇය අතින් හැප්පුනු රදීශගේ කාරය.මේත් ඒ වගේම කාරයක්.ඇය කුතුහලය පිරි බැල්මෙන් බැල්කනියේ බැම්මට වාරු වෙලා බලන් උන්නේ ඒ රදීශ නොවේවායි පතමින්.නමුත් නිවසට දැමූ කාරයෙන් බැසගත් ඒ රුව දැකලා අහිංසාට හුස්ම ගන්නත් අමතක උනා.නොහිතුව ලෙසට ඒ නිවසටම ඇවිල්ලා උන්නේ රදීශයි.

"දෙයියනේ...මේ මනුස්සයා ඇයි ගෙදරට ආවේ??"

ඇය පපුවට අතක් තියාගත්තේ බයෙන් වගේ.ඔහු තර්ජනාත්මක අයුරින් පැවසූ දේ ඉටු කිරීමට තියා බුවිනිට නිකමට හෝ ඇමතුමක් ගැනීමටවත් අහිංසාට මතකයේ තිබ්බෙ නෑ.එසේ නම් ඔහු මේ තකහනියේ නිවසටම ආවේ සාරංග හා තමාගේ සම්බන්ධය නරක විදියට උලුප්පවා සිය පියාව ඇවිස්සවීමටද?ඇය යටි තොලත් හපාගෙන කිරීමට දෙයක් හිතා ගත නොහැකිව ලත වෙද්දී රදීශ වටපිට බලා එක්වරම බැලුවේ උඩු මහල දෙසයි.හරියටම අහිංසා එහි සිටිනා බව ඉවෙන් දැනුනාක් මෙන් ඔහුගේ ඒ බැල්ම ඍජුවම ඇය මතට වැටෙද්දී අහිංසාට හැංඟෙන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ.ඇය ගල් ගැසී මෙන් සිටිද්දී රදීශ ඇය වෙතට අමුතු සිනහවක් පා නිවස තුළට යන අයුරු අහිංසා බලන් උන්නේ ගැහෙන හදින්.

කාමරයේ එහා මෙහා ඇවිදිමින් කලබලකාරී හිත පාලනය කරගන්න ව්‍යර්ථ උත්සාහයක යෙදුනු අහිංසා ඉවසාගත නොහැකිම තැන කාමරයෙන් එළියට හිස දමා බැලුවේ රදීශ තාම ඉන්නවද බලන්න.නමුත් කිසිවෙකු කතාබහ කරන හඬක් පහත මාලයෙන් නොඇසෙන තැන ඇය පඩි කීපයක් පහළට බැස්සා.නෑ.කිසිවෙකු ආලින්දයේ සිටින බවක් පෙනෙන්නටත් නෑ.ඒ අතර තුශාරි බන්දේසියක් රැගෙන ආලින්දය හරහා යනවා දුටු නිසා අහිංසා එක පිම්මට පඩිපෙල බැස්සා.

"තුශාරි...තුශාරි...ඔහොම ඉන්න..."

තේ බන්දේසියත් අතැතිව තුශාරි ඇය දිහාට හැරුනා.

"අහිංසා බේබි..??"

"ඔය..තේ අරන් යන්නේ කාටද?"

ඇය ඇහුවේ හඬ බාල කරගනිමින්.

"ආ..අර එදා ආව ඇමතිතුමාගේ පුතා අදත් ඇවිත්...එයාට මේ..."

"කවුද තව එළියේ ඉන්නේ?අප්පච්චි විතරද?"

"නෑ බේබි.පොඩි මහත්තයාත් ඉන්නවා"

අහිංසා වෙන කිසිවක් නොඇසූ තැන තුශාරි එළියට යද්දී අහිංසා යටි තොල හපාගනිමින් උන්නේ හදවත ගිනි ගද්දී.කේශවත් එතන ඉන්නවා කියන්නේ රදීශට ගිනි ඇවිලවීමට තවත් ලේසියි කියන එක.ඒත් එතන ඔවුන් කතා කරන්නේ මොනවාදැයි දැන ගන්නේ කෙසේද?චාන්‍යා සමඟ විස්තරය කිව යුතු යැයි සිතා ඇයව සොයාගෙන යද්දී චාන්‍යා සිටියේ පොත් අතර අතරමංව පුස්තකාල කාමරයට වෙලා.කිසිවෙකු හෝ පැමිණීමට පෙර ඇයට විස්තරය පැවසිය යුතු යැයි සිතූ අහිංසා ඉක්මනට චාන්‍යා ගාවට ගියා.

........💜️........ RITHU SAKURA .......💜️........

රදීශ පිටත්ව ගිය පසු කේශව සහ ගිරිරාජ් නැවත ආලින්දයට එනතුරු චාන්‍යා සහ අහිංසා බලාගෙන උන්නේ නොඉවසිල්ලෙන්.අහිංසා කිව්ව දේවල් ඇහුවට පස්සේ
රදීශගේ පැමිණීම ගැන චාන්‍යාටත් දැනුනේ සැකයක්.නමුත් ඇතුළට ආවේ කේශව විතරයි.අහිංසා ඇඟිලිතුඩක් දත් වලින් විකුවේ චාන්‍යා නැඟිට කේශව ගාවට යද්දී.

"කේශව අයියේ..රදීශ ගියාද?"

"හ්ම්ම්..ගියා.."

"මොනාටද ඒ ඇවිල්ලා තියෙන්නේ?"

චාන්‍යා එහෙම අහද්දි කේශව තප්පරේකට අහිංසා දිහා බැලුවේ රකුසු බැල්මක් දාන්.ඒ බැල්මට අහිංසාව සීතල වෙලා ගියා.

'අනේ දෙයියනේ...අර පොල් බූරුවා කිව්ව විදියටම ගිනි තියලද?'

ඇගේ ගත පුරාම සීතලක් ගලාගෙන යනවා වගේ දැනෙද්දී අහිංසා අහක බලාගත්තේ කේශවගේ බැල්මට පිච්චෙයි කියලා බයෙන් වගේ.

"කියන්නකෝ..එයා මොකාටද දැන් ඔය එන්න හදන්නේ?"

චාන්‍යා කතා කරද්දියි කේශව අහිංසාගෙන් නෙතු මුදවගත්තේ.

"කසාඳේ ගැන කතා කරන්න.වෙන දේකට නෙමේ.."

එවර අහිංසා උන්නු තැනින් නැඟිට්ටා.රදීශ ගැන කේන්තියකුත් නිවැසියන් හැමදේම දැනගත්තා කියන සිතුවිල්ලට බියකුත් ඇයව වෙලාගත්තා.

"ක්...කාගේ ක..සාඳේ ගැනද?"

අහිංසා ඇහුවේ වෙව්ලමින්.

"රදීශගේ මිසක් වෙන කාගෙද ඉතින්?"

කේශව ඇඟට පතට නොදැනී කියද්දී චාන්‍යාත් පුදුම උනා.මොකද කේශව ඒක කිව්ව විදියෙන් ඇයටත් හිතුනේ රදීශ අහිංසා ගැන කතා කරන්න ආවා වගේ.කේශවගේ සන්සුන් විලාසය දැකලා බියක් ආව අහිංසා උඩු මහළට දිව්වේ කේශව පුදුමයෙන් බලන් ඉන්නැද්දි.

"අර මොකද අරයා පස්ස කැඩිච්ච කඩියා වගේ දිව්වේ??"

කේශව ඇහුව දේට පිළිතුරක් තිබුණත් චාන්‍යාත් උන්නේ කිසිම දෙයක් නොදන්නවා වගේ.

"ඇත්තටම රදීශ ආවේ මැරේජ් එක ගැන කතා කරන්නද?එතකොට මෙහෙට ආවේ එයා අහිංසා ගැන අදහසක් තියන් එහෙම නෙමේනේ??

එවර කේශව හයියෙන් හිනාවෙන ගමන් චාන්‍යාගේ කරවටා අතක් දා ගත්තේ චාන්‍යා තක්බීරි වෙලා වගේ බලන් ඉන්නැද්දි.

"අර බඩ්ඩ එහෙනම් බය වෙලා දිව්වේ ඒකයි නේද??හොරගල් අහුල අහුල දෙන්නා මෙතනට වෙලා උන්නු හේතුව දැන්නේ තේරුනේ..."

කේශව තාමත් හිනාවෙන්නේ චාන්‍යා ඔහුගේ හිනාව දිහා වශීවෙලා වගේ බලන් ඉන්නැද්දි.

"කේළම කියන්නම්.හැබැයි ඊට කලින් මට රසම රස කෝපි එකක් ඔයාගෙ අත් දෙකෙන්ම හදලා ඕනේ"

කේශවගෙන් කේළම සවිස්තරාත්මකව අහගන්න කියලා හිතාගෙන චාන්‍යා ටක් ගාලා මුලුතැන්ගෙට වැදුනේ ඔහුට කෝපි එකක් හැදීමේ අරමුණින්.

........💜️........ RITHU SAKURA .......💜️........

උඩු මහළට ගිය අහිංසා කේන්තියටම ඇමතුමක් ගත්තේ රදීශට.නිවසින් පිටත්ව මහා මාර්ගයට පිවිසෙමින් සිටි රදීශ දුරකථනය සවනේ තබා ගත්තේ සිනහවක්ද සමඟින්.

"හෙලෝ මිස් අහිංසා...මොකෝ මාව මතක් උනේ?"

රදීශගේ හඬේත් තිබ්බේ මොකක්දෝ අවඥාසහගත බවක් කියලා අහිංසාට දැනුනා.

"මට තමුන්ව මතක් කරන්න උවමනාවක් නෑ.දෙයක් දැනගන්නයි ගත්තේ...තමුන් මෙහෙ ආවේ මම බුවීට කතා නොකරපු එකට පළි ගන්නද??මට කියනවා අයියටයි අප්පච්චිටයි මොනාද කිව්වේ??මැරේජ් එකක් ගැන කිව්වද ආ??"

අහිංසා අහගෙන අහගෙන යද්දි රදීශගේ මුවේ සියුම් සිනාවක් ඇදුනා.

"ඒ බය තියෙනවා නම් මටත් වැඩේ ලේසියිනේ අහිංසා..තමුසෙට වෝනින් එකක් දෙන්නත් එක්ක තමා ආවේ...ම්ම්ම්ම්...කේළම දැනෙන නොදැනෙන ගාණට කිව්වා...මං තව අතිනුත් දාලා තමුසෙගෙයි සාරංගගෙයි ලව් එක නතර වෙන තැනට ඔය ගේ ගිනි තියන්න කළින් මට අද හෙටම බුවීව කැමති කරවලා දෙන්න ඕනේ..නැත්තම්...ඉතින් තමුසෙට මැරි කරන්න වෙන්නේ මාව තමා..."

"තමුසෙ බූරුවෙක්..."

රදීශට හයියෙන් හිනා ගියේ ඇය එය කීව තාලෙට.

"මේ අහනවකෝ අහිංසා..තමුසෙ දැන්...."

රදීශ කියවන් ගියත් අහිංසා උන්නේ ඇඬෙන්න ඔන්න මෙන්න වගේ.කේන්තියටම ඇමතුම විසන්ධි කරලා ඇය දුරකථනය ඇඳට අතෑරියේ රදීශ ගැන වෛරයක් හිතට දැනෙද්දී.අහිංසා ඇමතුම විසන්ධි කළ බව වැටහුනු රදීශට දුරකථනය දිහා බලාගෙන හිනාවක් නැඟුනා.ඒ අහිංසා පරල වෙලා වගේ කිව්ව දේවල් සිහි වෙලා.

"මේකිව අවුස්සලා වෙනමම ආතල් එකක් ගත්තෑකි.පිස්සු කෙල්ලෙක්"

දෙනෙත් වලට කඳුලු උනාගෙන එද්දී අහිංසා උන්නේ පුදුම තරම් අසරණ වෙලා.බුවිනිව මොනම විදියකින් හරි මුණ ගැසිය යුතුමයි කියලා හිතාගත්ත අහිංසා බුවිනිට ඇමතුමක් ගත්තේ රදීශ නැවත සිය නිවැසියන්ට බොරුවක් ප්‍රචාරය කරන්න කළින්.

........💜️........ RITHU SAKURA .......💜️........

කල්පනා කරමින්ම නොදැනීම නින්දක සිටි අහිංසා ඇහැරුනේ දුරකථනය නාද වෙන හඬින්.නිදිබර දෙනෙත් යාන්තමට විවර කරගෙන අහිංසා පසෙකින් තිබූ දුරකථනය සවනේ තබාගත්තේ ඇමතුම කාගෙන්දැයි නොබලා.

"හෙ..ලෝ..."

"හෙලෝ...සුදූ...නිදිද මෝඩියේ?"

දුරකථනය ඔස්සේ සවනතට වැටුනු සුපුරුදු හඬට අහිංසා දෑස් සම්පූර්ණයෙන්ම විවර කරමින් ඇඳ විට්ටමට හේත්තු උනා.

"සාරංග අයියේ..."

"අප්පෝ...නිදිකුම්බා මල..මේ නිදාගන්න වෙලාවක්ද ආ?"

සාරංග එය පැවසූ තාලෙට අහිංසාට හිනාවක් නැඟුනා.

"නින්ද ගියා.ඔයාට ෆ්‍රීද දන්නෙ නැති නිසා ඔයාම කෝල් එකක් දෙනකන් උන්නේ..දැන් කොහෙද??"

"දැන් ඉන්නේ නිගම්බො වල.ෆොටෝග්‍රැෆි ටීම් තව එකක් ඉන්නවා මාත් එක්ක.ලංකාවේ රිච්,හයි ක්ලාස් ෆැමිලි වෙඩින් එකක්.ගෙස්ට්ලා හිටියා සෑහෙන්න.ෆෝන් එක බලන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ.හෙට හෝම්කමින් ඉවර වෙලා මං ආයේ එද්දි අනිද්දා හවස් වෙයි...පාලුයි දකින්නෙ නැතිව..."

"ඉතින් වීඩියෝ කෝල් එකක් ගන්නවකෝ මැට්ටෝ..."

"තාම ලොබි එකේ ඉන්නේ..හෙඩ් සෙට් එක දාපු දිහාවක් නෑ.කොල්ලො ටිකත් එක්ක රූම් එකට ගියාම මං රෑ වෙලා ගන්නම්"

"හ්ම්ම්.."

අහිංසා වටේ පිටේ ශබ්ද වලට සවන් දීගෙනම මඳක් නිහඬව උන්නා.සාරංග ඒ අතරේ අතරින් පතර කිසිවෙකු සමඟ හෝ කතා බහ කරන හඬ ඇය අහන් උන්නේ දෙනෙත් පියාගෙන.

"හරි..කොල්ලෝ ටික රූම් එකට ගියා..මං පහළ"

ඒත් අහිංසා හූමිටියකින් පිළිතුරු දුන්නා මිසක් වෙන ප්‍රතිචාරයක් දැක්වූයේ නෑ.සාරංගට ඇගේ වෙනස හොඳටම දැනුනා.

"අහිංසා..."

"ම්ම්ම්ම්??"

"මොකක්ද ප්‍රශ්ණෙ කියලා කියන්න බැරිද?"

ඇගේ හිත තේරුම් අරන් හරියටම සාරංග අවශ්‍ය තැනට එද්දි අහිංසාට දැනුනේ ඔහු ගැන අධික සෙනෙහසක්.තම සුසුම් පොදෙහි සුලු වෙනස්වීමක් පවා ඔහුට වැටහෙන බව දැනෙද්දී අහිංසාට ඔහු ගැන දැනුනේ ලෝබකමක්.

"ඔයා වොශ් එකක් දාන් ඩිනර් අරන් පොඩ්ඩක් රෙස්ට් කරලා එන්නකෝ...නිදාගන්න කලින් ගොඩාක් වෙලා කතා කරමු"

"දැන් කියන්න කෙල්ල.මං පහළ නතර උනෙත් නිදහසේ කතා කරන්න ඕනා නිසා"

"ඒකට කමක් නෑ...මං විස්තරේ රෑට කියන්නම්..දැන් යන්නකෝ...වොශ් එකක් දාන් ඉන්න"

අහිංසාගේ පෙරැත්ත කිරීම නිසාම සාරංග ඇගේ කීමට අවනතව ඇමතුම විසන්ධි කලේ තව විනාඩි දහයක් පමණ කතා බහ කළාට පස්සේ.

........💜️........ RITHU SAKURA .......💜️........

කේශව පැවසූ දේවල් අහිංසාට පැවසීමට උවමනාවක් තිබුනත් චාන්‍යාට එයට අවස්ථාවක් නොලැබුනේ කේශව හදිසියේම සැලසුම් කර තිබූ ඩිනර් නයිට් එක නිසා.චාන්‍යා එවැන්නක් ඔහුගෙන් බලාපොරොත්තු උනේ නෑ.ඒ නිසාම ඔහුගේ කීමට අවනතව ඇය ලෑස්ති උනේ ඔහු මීට පෙර තෑගි කළ රතු හා සුදු මිශ්‍ර වූ ගවුමකින්.අත් රහිත වූ ගවුම නිසා සීතල වැඩිපුර දැනෙන්නට වූයෙන් ඇය ඊටම ගැළපෙන ඕවර් කෝට් එකක් ඇඳගෙන කාමරයෙන් පිටතට ආවේ ගිරිරාජ් සමඟ ආලින්දයට වී සිටින කේශව දිහාම බලාගෙන.

"මං ලෑස්තියි"

කේශව ඇය දෙස බැලුවේ හරිම ආදරණීය සිනහවක් සමඟින්.ගිරිරාජ් ද බලා සිටියේ දෙනෙත් වලින් කතා කරන මේ තරුණ ජෝඩුව දිහා.

"අපි ගිහින් එන්නම් අප්පච්චී..නංගි නිදිද කොහෙද.නැඟිට්ටම අර විස්තරේ කියන්න.බය වෙලා ඇත්තේ.."

ගිරිරාජ්ගේ මුවේ සිනහවක් නැඟෙද්දී චාන්‍යාද හිස සැලුවේ ඇය නැතත් ගිරිරාජ් හෝ රදීශගේ ආගමනයේ ඇත්ත විස්තරේ අහිංසාට පවසාවී යැයි සිතුනු නිසා.

"ගොඩක් රෑ වෙන්න කළින් එන්න...පරිස්සමින් දෙන්නම"

තරුණ යුවල ගිරිරාජ්ට වැඳ පිටත් වෙද්දී චාන්‍යා කේශවගේ බාහුවක එල්ලුනේ ආසාවෙන්.

"ඉතින්..අපි කොහෙටද යන්නේ කියන්නකෝ..."

"ඒක සප්‍රයිස් එකක්...ෆුල් රොමෑන්ටික් ප්ලේස් එකකට එක්කන් යන්නේ...එච්චරයි දැනට කියන්න පුලුවන්..."

"ඔයත් එක්ක මේ ලෝකේ ඕනම තැනක් මට ෆුල් රොමෑන්ටික් අනේ..."

කේශව රියදුරු අසුනට යාමට පෙර චාන්‍යා ඔහුගේ කම්මුලක් මිරිකමින් පැවසුවේ ඔහු සමඟ ගත කරන පුංචි තප්පරෙත් ඇයට වටින බව පෙන්නන්නයි.ඒත් කේශව දෙනෙත් සිහින් කරමින් ඇයට පැවසූ දෙයට චාන්‍යා රතු උනා.

"එහෙනම් කාර් එක උනත් අවුලක් නෑනේ??"

"චිහ්...වල් කොල්ලා.."

තම දෙතොල් දිහා බලාගෙනම රහසින් වගේ කේශව මුමුණද්දී චාන්‍යා ඔහුව තල්ලු කර දැම්මේ ඔහු හයියෙන් හිනා වෙද්දී.

........💜️........ RITHU SAKURA .......💜️........

නොඉවසිල්ලෙන් උන්නු අහිංසා උදෙන්ම සැලෝන් එකට ගියේ බුවීත් උදෙන්ම එනවයි කිව්ව නිසා.මුතූ එන්න ටිකක් වෙලා යන නිසා ඇය උන්නේ හිත එකළස් කරගන්නත් එක්ක බුදු පහන තියන ගමන්.ඒත් ඒ හිතේ සැනසිල්ල නැතිව ගියේ රදීශගෙන් ආව පණිවිඩේකට.

"බූගේ හිත තමුසෙ හදන්නම ඕනේ අහිංසා.මගෙ කෙල්ලව මට ඕනේ.එයාගේ අකැමැත්තෙන් බලෙන් එයාව මැරි කරන්න මට බෑ.එහෙම උනොත් අපි දෙන්නම මුලු ජීවිත කාලෙම පසු තැවේවි.ඒ නිසා මේ මාසෙ ඇතුළත එයා මාව මැරි කරන තීරණේට එයාව අරන් එන්න.ඒක කරන්න බැරි උනොත් දන්නවනේ???"

ඉල්ලීමක් කරන තප්පරේ පවා ඔහු කර තිබුනේ තර්ජනයක්.අහිංසාට ඒකමයි පෙන්නන්න බැරි.ඔහු තනිකරම මේ කරන්නේ බුවී තමාගේ මිතුරියක් වෙච්ච එකෙන් අයුතු ප්‍රයෝජන ගන්න එක.ඇයව බය කරගන්න තුරුම්පුවක් ඔහු ළඟ තියෙන නිසා අහිංසා උන්නේ ඔහුගේ ඉල්ලීම ඉටු කරන්නම වෙන තත්ත්වෙක.ඊටත් පැයකට පස්සේ මුතූ සැලෝන් එකට ආවේ අහිංසා ඉන්න ප්‍රශ්ණෙ ගැන නොදැන.බොහෝ රෑ වෙන තුරු සාරංග සමඟ සියලු දේ පවසා හිත නිදහස් කරගත්ත නිසා බුවීව මුණ ගැහෙන එක ගැන ගැටලුවක් නොතිබ්බත් මුතූ සමඟ ඒ දේවල් කියන්න ඇය වෙලාවක් ගත්තෙ නෑ.මොකද බුවී තව ටිකකින් සැලෝන් එකට පැමිණ කතා බහ කරද්දී ඇය ඒ හැමදේම දැනගන්න නිසා.

"අක්කී..පහන තිබ්බද?"

"ඔව් පැට්ටෝ..ආව ගමන්ම තිබ්බා.අද අපොයින්ට්මන්ට් මොනාද තියෙන්නේ බලන්නකෝ"

අහිංසා පවසද්දී මුතූ ඩයරිය පරීක්ශා කරන්න පටන් ගත්තා.කතා බහේ ඉන්නා අතරතුර දෙදෙනාගේම අවධානය යොමු උනේ වින්ඩ් චිම් හඬ නැඟුනු දොර දිහාවට.බුවීව හඳුනාගත් මුතූ ඇය සමඟ සිනාසෙද්දී බුවීත් දෙදෙනා වෙතම හෙලුවේ සුහද සිනාවක්.

"බුවී..එන්න.ඔයා එනකන් මං බලන් උන්නේ"

අහිංසා කතා කරද්දී මුතූත් ඇය සමඟ කතාවට වැටුනා.

"අක්කිව සැලෝන් එකේ ඕපනින් එකෙන් පස්සේ දැක්කේ අදනේ..."

"ඒකනේ..එහෙට මෙහෙට යන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ නංගෝ.අද තමා මේ කාලෙකට පස්සෙ එළියට ආවේ.."

බුවී සමඟ කතා බහ කරන්නට තිබූ අවශ්‍යතාවය නිසාම අහිංසා බුවීට දෙනෙතින් ඉඟි කළා.

"මුතූ..කවුරුහරි ආවොත් කතා කරන්න හොඳද?බුවී...එන්න යමු..ඇතුළට වෙලා කතා කරමුකෝ"

මුතූ සිනහවක් පා එයට එකඟ වෙද්දී අහිංසා බුවී සමඟ එහා කොටසට ගියේ නිදහසේ කතා කරන්න උවමනා නිසාමයි.මුතූට ඒ දේවල් ඇහුනත් නැතත් අහිංසාට ගැටලුවක් තිබ්බෙ නෑ.ඇතුළට ගිය ගමන්ම එහි තිබූ සෙටියෙන් බුවී වාඩි උනේ අහිංසාගේ අතකින් අල්ලගෙනමයි.

"රදීශ මේ මොනාද අහිංසා කරන්න හදන්නේ?"

පෙරවදනක්වත් නොමැතිවම බුවී මාතෘකාවට බැස්සේ මීට පෙර සති කීපයක ඉඳන් රදීශ පැවසූ දේවල් මතකෙට ආව නිසා.

"එයා හොඳටම දන්නවා ගෙදර අය අකැමැත්තෙන් මට මේ දේ කරන්න බෑ කියලා"

බුවීගේ හඬේ රදීශ ගැන කළකිරීමක් තියෙනවදෝ කියලා අහිංසාට මොහොතකට හිතුනා.

"ඔයා එයාට ආදරේ නැද්ද බුවී?"

අහිංසා එහෙම ඇහුවේ සැකයක් හිතේ තියාගෙන.මොන දේටත් කළින් ඇගේ හිත දැනගෙන ඉන්න ඕනා.රදීශ බොරු කියනවද නැද්ද කියලා දැනගන්න වෙන්නේ එතකොටයි.

"මං ආදරෙයි අහිංසා.කවුරුත් හිතනවට වඩා මං රදීශට ආදරෙයි.ඒත්...මං ගෙදර අයටත් ආදරෙයි.එයාලගෙ කැමැත්තට පිටින් මං කොහොමද මේ කසාඳෙට කැමති වෙන්නේ?"

අහිංසාට දැනුනේ සහනයක්.ඇය ඔහුට එතරම්ම ආදරෙයි නම් මේ ගැටලුව විසඳගන්න තවත් ලේසියි.

"එයාට ගෙදරින් කෙනෙක් හොයලලු..මං ගැන හිත හිත දුක් විඳින වෙලාවේ තාත්තා ඒ වගේ තීරණයක් ගත්ත එක ගැන මට සතුටුයි..."

බුවී කිව්වේ ඇහැට උනපු කඳුලක් පිහින ගමන්.ඒ කියන්නේ රදීශ ඒ කියන ගැහැණු ළමයා තමා බව බුවී තාමත් දන්නෙ නැතිද?අහිංසාගේ හිතට ආව මුල්ම ප්‍රශ්ණය ඒක.

"තාත්තාට දැන් උනත් පුලුවන් එයාගේ පවර්ස් පෙන්නලා අපේ...."

"ඒ ගෑණු ළමයා කවුද කියලා ඔයාට රදීශ කිව්වේ නැද්ද?"

බුවී කියන්නට ගිය දේ වලක්වමින් අහිංසා කිව්වේ රදීශගේ අරමුණ දශමයක්වත් නොතේරෙද්දී.

"නෑ..එයා කිව්වේ නෑ"

අහිංසා ලොකු සුසුමක් හෙලුවේ දැන් කියන්නට යන දෙයින් අසරණ වෙන්නේ තමාම නිසා.

"එයා ඒ කිව්වේ මම ගැන..."

අහිංසා කිව්වේ බුවීගෙන් දෙනෙත් හංඟගෙන.බුවීගේ දෙනෙත් විසල් උනේ ඇය ඒ කිව්ව දේ විශ්වාස කරගන්න බැරි වෙච්ච නිසා.

"ඔ..ඔයා??"

"ඔව් බුවී.ඔයාලගෙ ප්‍රශ්ණෙට මාව සම්බන්ධ උන විදිය මටත් හිතාගන්න බැරිවයි උන්නේ...එදා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ....."

අහිංසා රදීශව මුලින්ම මුණ ගැහුනු දවසේ සිට ඊයේ දිනයේ ඔහු නිවසට පැමිණීම දක්වා සියල්ල බුවී සමඟ පැවසුවේ බුවීගේ කඳුලු අලුත් වෙද්දි.

"ඉතින් මේ හැමදේම අස්සෙන් උනත් රදීශට ඕනේ ඔයාව.එයා මටවත් මං එයාටවත් කැමති නෑ.මොකද...මම ආදරේ කරන්නේ සාරංග අයියට...මට එයාව නැති කරගන්න බෑ බුවී...නැත්තම් මං දන්නවා රදීශට ඕන තරම් පවර්ස් තියෙනවා මාව බලෙන් හරි බැඳගන්න.එයා මට අද උදෙත් වෝන් කළා ඒ ගැන කියලා.ඔයාව නැති උනොත් එයා ඔයාගෙන් පළිගන්න ඒ වගේ දෙයක් නොකර ඉන්නෙ නෑ.ඒ තරම් උමතුවක් මං එයාගේ වචන වලින් දැක්කා.ඒ තරමටම එයා ඔයාට ආදරෙයි.ඔයාව කැමති කරවලා දෙන්න කියලා ඔයාගෙන් ඉල්ලන්න කියලා කියනවට වඩා මට දැන් ඔයාට කියන්න වෙලා තියෙන්නේ වෙන දෙයක්...මේ වෙන්න යන විනාසයෙන් මාව බේරලා දෙන්න බුවී...ප්ලීස්...ඇමතිතුමාට තියෙන හයිය ඔයා දන්නවා.අපේ අප්පච්චිට උනත් රියැක්ට් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා.ඒ දුර්වලකමින් රදීශගෙ තාත්තාට රිංඟන්න බැරිකමක් නෑ..ප්ලීස් බුවී...රදීශව මැරි කරන්න කැමති වෙන්න.ප්ලීස්..."

අහිංසා බැගෑපත් උනත් බුවී උන්නේ ගොඩක් අසරණව.

"ඒත් අපේ ගෙදරින්..."

"අනේ ප්ලීස් බුවී...ඔයාගේ ගෙදරින් මේකට අකැමැති රදීශලා පොලිටික්ස් වලට සම්බන්ධ නිසානේ...ඒක එහෙම වෙන්න තිබ්බා රදීශ නරක කෙනෙක් උනා නම්.ඒත්...එයා ඔයාට විතරමයි ආදරේ..සෙල්ලක්කාරයෙක් නෙමේ...අනේ රදීශගේ ඉල්ලීමට කැමති වෙන්නකෝ....මායි සාරංග අයියගෙයි ෆියුචර් එක තීරණය වෙන්නේ ඔයා අද දෙන්න හදන උත්තරේ මත...ප්ලීස්"

බුවී බලන් උන්නේ තම මිතුරිය දිහා.කවදාවත් ආදරයක නොපැටලුනු ඇය අහිංසක නිහතමානී චරිතයක්.සල්ලිකාර අත්තක එල්ලිලා වැජඹෙන්න ඕන තරම් අවස්ථාවක් තිබ්බත් ඇය මේ තරම් ආයාචනා කරන්නේ ඇගේ අවංක ආදරය වෙනුවෙන්.තප්පර කීපයක් නිහඬව ගත කෙරූ යුවතියන් දෙදෙනාට කිසිවෙකුගෙන්වත් බාධාවක් උනේ නෑ.අඩුම තරමේ මුතූවත් ඔවුන්ට බාධා කළේ නෑ.ඕනකමින් ඇහුන්කන් නුදුන්නත් දෙදෙනාගේ කතා බහින් මුතූට හැමදේම වැටහිලයි තිබුනේ.තම ආදරයත් දෙමව්පියනුත් අතර දෝලනය වෙමින් උන්නු බුවී අන්තිමට එක තීරණයකට එලඹුනේ මොන දේ නිසාවත් ඒ තීරණය වෙනස් නොකරන්නට තමන්ටම දිවුරුම් දෙමින්.ඒ තීරණය වදන් වලට පෙරලෙද්දී අහිංසාට දැනුනේ කියාගන්න බැරි විදියේ සැනසීමක්.

"මං රදීශව ඉක්මනින්ම මැරි කරන්නම් අහිංසා.එයාට මාව ඕන වගේම මටත් එයාව ඕනේ...මං නිසා ඔයාගේ ආදරේට බාධාවක් උනොත් ඒක මට දරාගන්න බැරි වේවි..."

-මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

973 73 16
දැනෙන තැන හරිම තැනම ද ?
150K 10.6K 74
Mr.අතිපණ්ඩිත කතාවේ දෙවන දිගහැරුම.
4K 886 19
පික්පොකට් ගහන රස්තයාදුකාර කෙල්ලෙක්... අහින්සක පෝසත් ශීලාචාර කොල්ලෙක්... සගවත්ත ලොකු රහසක්... ★★★★★★★★★★★★★★★★★ "මම පොඩ්ඩක්වත් ආස නෑ අර ඩාර්ක් ෆෙයරිට...
5.3K 933 35
ඇත්තටම ම⁣⁣ගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට....... ඒත් ඉ...