සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

66.1K 6.1K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

58

691 70 0
By Rithu_Sakura

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️58 කොටස💜️

කිසිම දෙයක් නොදන්න මුතූ තිහස් එක්ක පැත්තකට වෙලා කතා කරන දිහා සාරංග බලන් උන්නේ සැනසීමකින්ද දුකකින්ද කියන්න ඔහුටත් තේරෙන්නෙ නෑ.ශාදිගෙ ඡායාරූප අරගෙන ඉවර වෙන්නත් කිට්ටුයි.ඒත් සාරංගගේ මනසේ තාමත් දෝංකාර දෙන්නේ තිහස්ගේ වචන.පිටින් බලලා ඔහුගේ චරිතය තීරණය කළාට ඔහුත් ඔහුගේ මවගේ තීරණයක් නිසා අසරණ වෙනා උන්නේ හරියට සාරංග අසරණ උනා වගේමයි.මූඩ් ගහන් තමන්ගෙ පාඩුවේ බඩු අස් කරන සාරංග දිහා අහිංසා බලන් උන්නේ සෑහෙන වෙලාවක ඉඳන්.ඔහුගෙන් එකම බැල්මක්වත් තමන්ට ලැබුනේ නෑ.ඒ තරම්ම බර කල්පනාවක සාරංග උන්නේ.

"තිහස්...ඔයා මොනාද අනේ ඔච්චරටම අරයට කිව්වේ?දෙන්නා රණ්ඩු උනේ නෑ නේද?"

අහිංසා අහද්දී මුතූ අසල උන්නු තිහස් සාරංග දිහා බලලා සුසුමක් පිට කළා.ඔහුටත් තේරෙනවා ඔහුගේ හිතේ තියෙන වේදනාව.හැමෝම එකතු වෙලා හංඟගෙන උන්නු කාරණාව මේ විදියට දවසක මුතූගේ ජීවිතේට බලපෑමක් වේවි කියලා සාරංග කවදාවත් හිතන්නෙ නැතිව ඇති.ඒත් ඒ රහස මේ වෙද්දි කීප දෙනෙක්ම දන්න නිසා සාරංග උන්නේ බයෙන්.මොකද මුතූගේ ඇත්තම දෙමාපියන් ගැන ඇය නොදන්නවා වගේම මුතූ තමන්ගේ දරුවා නොවන බව මිහිරි දන්නෙත් නෑ.ඒ ඇත්ත මිහිරි දැනගත්තොත් ඇය මීට අවුරුදු ගාණකට පෙර අසනීප උනා වගේ වෙයි කියලා සාරංගට ඊටත් වඩා බයයි.සුලු කාරණයකදී පවා කම්පනයට පත්වෙන මිහිරි ගැනයි මුතූ ගැනයි හිතලා තිහස් එදා ගත්ත තීරණය අද සාරංගට දැනුනේ සර්ව සාධාරණ දෙයක් හැටියට.

"රණ්ඩු උනේ නෑ.මං ඉතින් මස්සිනාට හිතට දැනෙන්න කතා කළා...මිනිහා ශොක් වෙලා ඉන්නේ.ඒකයි ඒ"

තිහස් එහෙම කිව්වට අහිංසාට නම් දැනුනේ එතන ඊට වඩා දෙයක් තියෙනවා කියලා.සාරංග එක්ක කතා කරන්න ඕන කියලා හිත කිව්ව නිසා එතනට යන්න හැදුවත් ශාදි සාරංග අසලම ගැවසිලා හුරතලේට කතා කරන හැටි දකිද්දි අහිංසා උන්නු තැනම නතර උනා.හිතට වේදනාවක් දැනුනත් ඇය දරාගත්තා.ඔවුන් දිහාම බලන් උන්නු අහිංසා ගැස්සිලා ගියේ තිහස් ඇගේ කරට අතක් දාද්දි.

"ටිකක් ඉවසගෙන ඉන්න.සාරංගයා ශාදිව මොන ක්‍රමේකින් හරි අයින් කරගනීවි.ඌ නම් ඒ හෝන්තුව බැඳගන්නෙ නෑ කියලා මට සීයට දෙසීයක් ශුවර්..."

අහිංසා ඊට පෑවේ මලානික හිනාවක්.මුතූත් අහිංසාගේ හිත හැදෙන්න කතා කරද්දි බෑග් එක කරේ දාන් හැරුනු සාරංග දැක්කේ තිහස් අහිංසාගේ කරට අතක් දාන් ඉන්න හැටි.තිහස් ආදරේ කරන්නේ මුතූට බව දැන දැනත් සාරංගගේ හිතට ආවේ සියුම් කෝපයක් එක්ක ලොකු ඊර්ශියාවක්.ඔහු දෙදෙනාට රවද්දී එය අහිංසා නුදුටුවත් තිහස් නම් හොඳටම දැක්කා.

"අන්න මස්සිනා මට රවනවා..ඉන්නවකෝ පොඩ්ඩක් ජෙලස් කරවලා ගන්න..."

තිහස් කියද්දී අහිංසා ඒ පැත්ත බලන්න හැදුවත් තිහස් ඇගේ කම්මුලකට අතක් තබා එය නතර කරගත්තා.

"අනේ එපා අනේ...එයාට කේන්ති ගියාම යක්කු පරාදයි..."

"ඒ යකාව පොඩ්ඩක් අවුස්සමු ඉතින්...ඔහොම උන්නට හරි ඊරිසියකාරයා මූ"

තිහස් එවර අහිංසාගේ උරපතු දෙකටම අත් යවා ඇය ඉදිරියෙන් හිටගෙන කතා කරද්දී සාරංගගේ අත මිට මෙලවුනේ කේන්තියෙන්.මුතූත් ගාණක් නැතිව හිනාවේගෙන ඒ දිහා බලන් ඉන්න තාලෙට සාරංගට හිතට ආවේ සුද්ද සිංහල.

"ආං බලන්නකෝ නිකේත් අයියේ අර දෙන්නා..මං මෙච්චර වෙලා හිතන් උන්නේ එයා මුතූගේ බෝයි කියලා..බලද්දි එයා කැමති අහිංසාට වගේ...අනේ දෙන්නා මාර මැචින්..."

ශාදිත් නොදැනුවත්වම ඒ කේන්තියට පෝර දාද්දි සාරංග ඇයටත් රවාගෙන ඔවුන් ඉන්න දිහාට ගියේ බර අඩි තබමින්.සාරංග එන බව ඇස් කොණට දැක්ක තිහස් ඒ විදියටම උන්නත් අහිංසා නම් හැදුවේ තිහස්ගෙන් මිදෙන්න.ඒත් ඊට කළින් සාරංග ඔවුන් කිට්ටුවට ආවේ විදුලි වේගයෙන්.

"තමුසෙලා ලව් කරලා ඉවරයි නම් බඩු පැක් කරගෙන පහළට එනවා...තව ඉන්න ඕනේ නම් ඔය ඉන්න එකෙක් එක්ක ඉඳලා එනවා.."

මුතූටත් රවාගෙන සාරංග එතනින් යද්දි තිහස්ගෙ මුවේ ඇදුනේ සෙල්ලක්කාර හිනාවක්.

"අන්න දැක්කද මචී??මං මගෙ කෙල්ලට පණ ඇරලා ආදරෙයි කියලා දිව්රලා කියලත් ඌට කේන්ති ගන්න ගියේ එක තප්පරයයි...පේන හැටියට මස්සිනා බොක්කෙන්ම තමුසෙට ලව්"

තිහස් එවර අහිංසාව අතැර මුතූ ගාවට කිට්ටු වෙද්දි අහිංසා තිහස්ටත් රැව්වා.

"ලව් තමා..දැන් මම එපැයි යාලු කරගන්න.මෝඩයා..."

මුතූ හා තිහස් ඇයට හිනා වෙද්දී අහිංසා සාරංග පසුපසින් යන්නට හැදුවේ ඔහු එක්ක තනියම එක වචනයක් හරි කතා කරන්න ඕනා නිසා.ඒත් සාරංග ඇය තමා පසුපසින් එන බවක් ගණන් නොගෙනම පහළට යන්න හැදුවේ අහිංසාත් තිහස්ව වැලැක්වුවේ නෑ කියන සිතුවිල්ල නිසා ඇති වූ කේන්තියෙන්.

........💜️........ RITHU SAKURA .......💜️........

සාරංග පිරිස එනතුරු අතැර දමා තිබූ මඩුව අසල මඳක් රැඳෙද්දී නෙත ගැටුනේ ගස් කොළන් අතරින් පහළට එන පිරිසව.අහිංසා එක්ක තනියම කතා කිරීමේ ලොකු අවශ්‍යතාවක් තිබ්බත් සාරංග පාඩුවේ උන්නේ තාමත් හිතේ තියෙන කේන්තිය නිසා.තවත් බඩු ටිකක් රැගෙන රශානුත් ඔහු සමඟ ඊට පිටුපසින් ශාදි සහ අහිංසා ගල් පඩි මතින් බහින්නේ ශාදිගේ දිගු ගවුමත් අතින් රඳවගෙන.ඊට පසුපසින් තිහස් හා මුතූ ඔවුන්ගේ ලොවක තනි වෙලා අත් පටලවගෙන කන්ඳ බහිද්දී සාරංගට සුසුමක් හෙලුනා.

මුතූගේ අනාගතය ගැන දැන් ඇත්තටම ඔහුට බයක් නෑ.තිහස් ආයේ කිසිම හේතුවක් නිසා ඇයව අත් අරින්නෙ නැති බව නම් ඔහුට විශ්වාසයි.ඒ අතරින් ඔහුට තිහස් ගැන යම් තරමක පැහැදීමක් තිබ්බත් සීයට සීයක් සැනසීමක් තිබ්බෙ බෑ.තිහස්ට සිය මව ව මේ සම්බන්ධයට කැමති කරවගන්න සෑහෙන යුද්ධයක් කරන්න වෙන බව නම් නොරහසක්.මේඛලා මෙයට තදින්ම විරුද්ධ වී මුතූට හෝ මිහිරිට ඇත්ත කිව්වොත් ඒ හිත් හැම එකක්ම පෑරිලා ජීවිතය කණපිට ගැහෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ.ඔහුට ඒ අතරේ මතක් උනේ තිහස් කිව්ව දේවල්.

"මුතූගේ ඇත්තම අම්මා අනාත නිවාසෙක හැදිලා ඒ ගමේම මනුස්සයෙක් එක්ක පැනලා ගියා කියලා මං දැනගත්තේ අම්මා කිව්වට පස්සේ.ඒ අනාත නිවාසේ පාලිකාව...නීතා ආන්ටි අම්මාගෙ යාලුවෙක්.දවසක් එහෙට දානයක් දෙන්න ගිය වෙලාවේ අම්මා කතාවෙන් කතාව අපි දෙන්නගේ ෆොටෝ එකක් පෙන්නලා.ඒ වෙලාවේ තමා එයා අම්මට ඇත්ත කියලා තියෙන්නේ...."

තිහස් සිය මතකය ආවර්ජනය කරද්දී සාරංග සාවධානව අහන් උන්නා.

"ඔයා දන්නවද සාරංග??අම්මා ඒ කාරණාව කියද්දි මට මුතූ ගැන ආදරේ වැඩි උනා.මේ හිතින් ඒ කෙල්ලව කවදාවත් අතාරින්නෙ නෑ කියලා මම හිතාගත්තා.ඒත් අම්මා ඉතුරු ටිකත් කියද්දි මාව ශොක් වෙලා ගියා සාරංග..."

තිහස් හුස්මක් ඉහළට ඇද්දේ මුතූ ගැන දැනුනු අවංක වේදනාවෙන්.

"ඒ ඒරියා එකේ උන්නු කුඩු චමින්දට දාව ඉපදුනු ඒ මිනිහාගේ කී වෙනි දරුවද කියලවත් නොදන්න දරුවෙක් තමා මුතූ කියන්නේ.ඒ මිනිහා කුඩ්ඩෙක්..පාතාලෙට සම්බන්ධ එකෙක්..ඒ මදිවට අහිංසක කෙල්ලන්ව දැලේ දාන් එයාලව අනාත කරලා පැනලා ගිය තිරිසනෙක්...ඌ මුතූගේ අම්මට කලෙත් ඒක...මුතූගේ අම්මා ඌ එක්ක පැනලා ගියේ අවුරුදු දාසයෙන්.මුතූ බඩට ආවම ඒ මිනිහා එයාව දාලා ගියා.කාත් කවුරුත් නැතිව අසරණ වෙච්ච මුතූගේ අම්මා ආයේ අනාත නිවාසෙට ආවත් නීතා ආන්ටිට එයාව භාරගන්න පුලුවන්කමක් තිබිලා නෑ.ඔයා දන්නවද සාරංග...?කන්න බොන්න අතේ සතේ නැතිව,බඩේ හැදෙන දරුවට පෝශණයක් දෙන්න බැරිව මුතූගේ අම්මා අන්තිමට නතර උනේ කොතනද කියලා???මගෙ කෙල්ලව බඩේ තියාගෙනම එයා..එයා...."

තිහස්ගේ ඇස් වලට ඒ වෙද්දි කඳුලු උනලා.මුතූ මිහිරි අතට පත් උනු යටගියාව දන්නවා උනත් ඇගේ ඇත්තම දෙමාපියන් ගැන සත්‍යම කතාව සාරංග දැනගන්නෙත් දැන්.තිහස් ඒ කියන වචනයක් ගානේ සාරංගගේ හදගැස්මත් වැඩි උනා.

"එයා වෙන මිනිස්සුන්ගේ කාමාශාවන් සම්පූර්ණ කරන්න උන් එක්ක ඒ මාස ගාණෙම නිදි වැදුනා...ඔයාට හිතා ගත්තෑකිද සාරංග ඒ කතාව මගෙ අම්මා මට කියද්දි මට දැනුනු වේදනාව??ඒ ගෑණි වෙන මිනිස්සු එක බුදියෑවේ..මගෙ අහිංසකීගේ ජීවිතෙත් අවධානමේ දාගෙන කියන එක කොහොමද මං දරාගන්නේ?තමන්ට උපත දුන්නු ඇත්තම අම්මා ගණිකාවක් තාත්තා කුඩුකාරයෙක්,වනචරයෙක් කියලා දැනගත්තොත් මට මෙහෙමවත් දරාගන්න බැරි දේ මගෙ කෙල්ල කොහොම දරාගන්නද බං අයියේ?"

සංවේදී වූ තිහස්ගේ හඬ වෙව්ලද්දී සාරංගගේ මුලු හදම වේදනාවෙන් ඇදුම් කන්න ගත්තා.ටික වෙලාවක් යනකන් තිබ්බේ නිහඬ බවක්.

"නීතා ආන්ටි මේ හැමදේම දැනන් උන්නේ..ඒත් අර වගේ පාතාල මිනිහෙක්ට දාව ඉපදුනු මුතූවවත් එයාගේ අම්මාවත් නීතා ආන්ටි පිලිගත්තේ නැත්තේ ගොඩක්ම ඒ මිනිහාට තිබ්බ බයට.ඒත්...එයා පුලුවන් හැම වෙලාවෙම මුතූගේ අම්මා ගැන හොයලා බලලා.අන්තිමට මුතූව හම්බෙන්න යද්දී මුතූගෙ අම්මා නැති උනා.එයාව ඔයාලගේ පුංචිගෙ අතට ලැබුනේ ඊට පස්සේ...එදා ඒ ෆොටෝ එක නීතා ආන්ටි දැකලා මුතූව අඳුනගත්තේ එයා මුතූ උපන් දා ඉඳන් එයා ගැන හොයලා තිබ්බ නිසා.ඒත්...එයා අපේ අම්මා එක්ක ඒ හැම ඇත්තක්ම කියලා අම්මාව ඇවිස්සුවේ මුතූ වගේ කෙල්ලෙක් මට ගැලපෙන්නෙ නෑ කියලා හිතලා..ඒත් ඒකෙන් අන්තිමට උනේ...මගෙ හීන ඔක්කොම බිඳිච්ච එක..."

ඒ වෙද්දි සාරංගගේ දෙනෙතුත් කඳුලු පටලයකින් වැහිලා තිබ්බා.ඔහුට මුතූ ගැන දැනුනේ අනුකම්පාවක්.

"ඒක ඇහුවම උඹට මගෙ නංගිව එපාම උනාද තිහස්??"

සාරංග වේදනාවෙන් අහද්දි තිහස් හිස දෙපසට වැනුවේ උමතුවෙන් වගේ.

"නෑ..ඒ කිසිම හේතුවක් එයාව අයින් කරන්න තරම් වැදගත් උනේ නෑ...ඒත් මම මුතූවම ඕනා කියද්දි අම්මා මං ඉස්සරහම අසනීප උනා.එයාට දෙවෙනි වතාවටත් අසනීප වෙලා කරදරයක් උනොත් මං ගොඩක් අසරණ වෙනවා සාරංග..ඒ නිසාම...මං මගේ කෙල්ලව අඬවලා බොරු හේතු පෙන්නලා එයාව අතෑරියා...එහෙම කළේ අම්මා වෙනුවෙන්...මගෙ පණව මම ඈත් කළේ මගෙ අම්මා වෙනුවෙන්..."

තිහස්ට උනේ මේ මොහොතේ තමන්ට සිද්ද වෙලා තියෙන දේම බව සාරංගට තේරුනා.ඒ තරම් අසරණකමක් මේ ලෝකේ වෙන කොහෙවත්ම නැතිව ඇති.

"ඒත්...මට ඕන උනේ නෑ වෙන කෙනෙක්ට ආදරේ කරන්න.ඒ නිසාමයි අම්මා ගත්ත තීරණේ වැරදියි කියලා පෙන්නන්න මම හිතාමතාම නාස්ති උනේ.අන්තිමට මට ඒක පුරුද්දට ගියා එකම එක දවසක් එනකන්...එදා තමා මං අවුරුදු දෙකකට පස්සේ එයාව ආයේම දැක්කේ..ෆුඩ් සිටිය ගාව...ඔයා එක්ක...එතකොට ඒ ඔයා කියන්න මං දැක්කෙ නෑ...එදා මුතූ කුඩේ යටින් වෙන කොල්ලෙක්ට තුරුලු වෙලා ඉන්නවා දකිද්දි මට මැරෙන්න හිතුනා...කවදාවත් මුතූ මගේ හිතින් මැකුනේ නෑ කියලා මං තේරුම් ගත්තේ එදා...මං පරණ තිහස්ම උනේ එයා වෙනුවෙන්.මගෙ කෙල්ලට ආයේ කිසිම දෙයක් නිසා විඳවන්න දෙන්න මට බෑ..."

දීර්ඝ විස්තර කිරීමක් අවසානයේ තිහස් නිහඬ උනා.තෘණ භූමිය හරහා හමා යන සුළං හඬ අමුතු තාලෙකට හමද්දී ඒ රටාව බිඳුනේ තරුණයන් දෙදෙනාගේ ගැඹුරු හුස්ම හඬින්.

"තිහස්..."

සාරංග එවර හොඳටම සන්සුන් වෙලා.තවත් කේන්ති අරන් මුතූව තිහස්ගෙන් වෙන් කරන්න සාරංගට උවමනාවක් දැන් නෑ.

"මේ අහපන් මල්ලී..මුතූ මගේ පුංචාගෙ දරුවෙක් නෙමේ කියලා දැනගද්දි මම පොඩි කොල්ලෙක්.ඒත් මං දැනගත්තා ඒ රහස පුංචා හරි මුතූ හරි දැනගන්න එක හොඳ නෑ කියලා.මොකද පුංචා දරුවො දෙන්නෙක්ම නැති උනු කෙනෙක්....පළවෙනි දරුවා එයාගේ අතේ උන්නේ එක දවසයි.ඒක දැනගත්තම පුංචා පිස්සියෙක් වගේලු හැසිරුනේ.දෙවෙනි කෙනා නැති උනේ ඉපදෙද්දිමයි.....පුංචා ඒක දැනගත්තම ජීවිතේ නැති කරගනීවි කියන බයෙන් ඉද්දි තමාලු බාප්පට මුතූව හම්බෙලා තියෙන්නේ.ඒ හැම ඇත්තක්ම දැනගෙන අපි හැමෝම මුතූට ආදරේ කරන්නේ අපේම කෙනෙක් හැටියට....මලක් වගේ හුරතලේට හැදුනු කෙල්ලට ආයේ අඬන්න සිද්ද වෙන්නෙ නෑ කියලා උඹට විශ්වාසද?"

සාරංග ඇහුවේ සහෝදර කැක්කුම හිතට වද දෙද්දී.

"අඬන්න වෙයි..මං නෑ කියන්නෙ නෑ...ඒත් මං මැරුනත් මගෙ කෙල්ලව අතාරින්නේ නෑ.ගෙදරින් අකැමති උනොත් මං එයා එක්ක වෙනම තැනක හරි ජීවත් වෙනවා...ඒක මං ඔයාට දෙන පොරොන්දුවක්"

මූණෙන් නොපෙන්නුවට සාරංගට ඒ වචන ගෙනාවේ පොඩි සහනයක්.

"පළවෙනි වතාවට මම උඹව විශ්වාස කරනවා..ඒ විශ්වාසේ කඩ කරන්න හිතන්නවත් එපා..."

සාරංග කිව්වේ තිහස්ගේ උරපත්තට අතක් තබා තරමක් තදින් තෙරපන ගමන්.තිහස් හිස සලා ඉඟි කලේ එහෙම කිසිම නරකක් නැවත මුතූට නොවන බවට සපත කරමින්.

තිහස් සමඟ සිදු වූ ඒ කතා බහ ආවර්ජනය කරමින් සිටි සාරංග උන්නේ වෙනමම ඉසව්වකට දෙනෙත් යොමාගෙන.නමුත් එක්වරම ඒ කල්පනාව බිඳී ගියේ කිසිවෙකුගේ කෑ ගැසීමක් ඇහුනු නිසා.

"ඊයා...අනේ...කූඩැල්ලෙක්..."

සාරංග ගැස්සිලා වගේ ඔවුන් එන දෙස බලද්දී ශාදි උන්නේ ගල් වලින් සමන්විත වූ මාවතේ දිගු ගවුමත් ඔසවාගෙන කෑ ගසමින්.ඒත් සාරංග කලබල උනේ ඇගේ කෑ ගැසීමට නෙමේ.ශාදිගේ දිගු ගවුම ඔසවාගෙන ඇය පිටුපසින් සිටි අහිංසාගෙන් සමබරතාවය ගිලිහුනේ ශාදි ඇගේ ඇඟේත් එල්ලෙද්දී.ඉතින් ඊළඟ මොහොතේ කිසිවෙකු කිසිවක් කිරීමට පෙර ශාදි අහිංසා සමඟ ගල් පර අතරම ලිස්සා වැටුනේ සාරංග ඒ දෙසට දුවන් එද්දී.

"අහ්..ආව්...."

"අහිංසා..."

"අක්කී..."

මුතූත් කලබලයෙන් පහළට දුවන් එද්දී බඩු අතැතිව සිටි රශාන් සිටියේ කිසිවක් කරගැනීමට නොහැකිව.ගල්පතුරකට කැපී වලලකර රිදුම් දෙද්දී අහිංසාව වත්තම් කරගත්තේ සාරංග.බිම වැටුනු ශාදිගේ පාද වලට තුවාලයක් නොවුනේ ඇගේ දිගු ගවුම නිසාමයි.නමුත් ඇගේ වැලමිට සීරී ගොස් තිබුනත් ඇය උන්නේ කූඩැල්ලාගේ සිහියෙන්.

"අනේ...මේකව අයින් කරන්නකෝ...මට අප්පිරියයි අප්පා..."

ඇය කෙදිනකවත් කූඩැල්ලන්ව දැක නොමැති පරිද්දෙන් දඟලද්දී මුතූ පැමිණ ඌව ගලවා අයින් කර දමා හැරුනේ අහිංසා ගාවට.

"අහිංසා..කෝ...කකුල පෙන්නන්න..."

සාරංග කලබලයෙන් ඇගේ පාදයට අතක් තියද්දී අහිංසා වේදනාවෙන් ඇඹරෙමින් ඔහුගේ කමිසයෙන් එල්ලුනා.

"අනේ එපා...කැක්කුමයි..."

දෙනෙතේ කඳුලු පුරෝගෙන අහිංසා සාරංගගේ පපුවේ මූණ හංඟගද්දී සාරංග හිමීට ඇගේ වලලුකර පරීක්ශා කලා.වෑස්සී තිබූ ලේ බිඳු ඒ ටිකට ඇය ගත ලා සිටි ක්‍රීම් පැහැති ට්‍රව්සරයේ දාරයෙත් වැදී තිබුනා.

"සාරංග..ලේ එනවා..හරියටම වලලුකරේ ඇටේ ළඟින් කැපිලා තියෙන්නේ...බේත් දාගන්න යමු ඉක්මනට..."

තිහස් කියන පමාවට සාරංග රශාන් සතුව තිබූ ලේන්සුවක් ගෙන ඇගේ පය වෙලුවේ ඇය වේදනාවෙන් ඇඹරෙද්දී.මුතූගේ උදව්වෙන් ඒ වෙද්දී නැඟිටගත් ශාදි නම් උන්නේ අතේ තුවාලෙට වඩා හිතේ ඇති වූ තුවාලෙන් පීඩා විඳිමින්.සාරංගගේ දෙනෙත් ඇය දිහාට නොආව තරම්.ඔහු තමන්ට අයිති වස්තුවක් ගාණට අහිංසාව තුරුලු කරන් ඉද්දී ඇයට ඉවසුම් නැති උනා.

"නිකේත් අයියේ..මගෙ අත....."

නෑ.ශාදිට කියන්න හම්බුනේ නෑ.අහිංසාව හරහට වඩාගෙන නැඟිටගත් සාරංග ඇය දිහාට හෙලුවේ දවා අළු කරවන බැල්මක්.

"කූඩැල්ලෙක් එල්ලුනා කියලා ඔහොම යකෙක් දැක්කා වගේ කෑ ගහනවද අයිසේ??ටිකක් කල්පනාවෙන් වැඩ කරනවා..."

සාරංග කෑ ගහද්දී ශාදිට කට උත්තර නැති උනා.ඇය දෙතොල් එකට තද කරගත්තා.

"අනේ මං හිතලා කලේ නෑ.චූටි කාලේ ඉඳන්ම මම උන්ට බයයි"

"තිහස්..අනේ බං මගෙ බෑග් එක අතනින් ගනින්...රශාන් මෙයාව එක්කගෙන වරෙන්.මං ඉක්මනට පහළට යනවා.."

ශාදි කිව්ව දේ නෑහුනා වගේ සාරංග අහිංසාව හරහට වඩාගෙන පහළට යන දිහා ශාදි බලන් උන්නේ කඳුලු වාවගෙන.

........💜️........ RITHU SAKURA .......💜️........

මෙඩිකල් සෙන්ටර් එකකින් අහිංසාටත් ශාදිටත් බේත් දමාගත්තට පස්සේ නැවත සැලෝන් එකට යනකන්ම ශාදි උන්නේ අහිංසා දිහාටත් සාරංග දිහාටත් නොරිස්සුම් බැල්මන් පා කරමින්.ශාදිට තුවාල වෙද්දී සාරංග එක තප්පරයක් ඇගෙන් සුව දුක් විමසුවේ නෑ.ඒ අස්සෙන් මුතූගේ වදන් සිහි වෙද්දී ශාදිට හිතුනේ කෑ ගහලා අඬන්න.සැලෝන් එකට ආ විගස මේකප් බඩු සහ සාරංගගේ සියලුම ආම්පන්න තබා සාරංග රශාන්ව පිටත් කෙරෙව්වා.

"තිහස්...මුතූ එක්ක ශාදිව එයාලගෙ ගෙදරට ඇරලවලා ආවෑකිද?මං අහිංසාව එක්කගෙන යන්න ඕනේ..."

එවිට කලබල උනේ වෙන කවුරුත් නෙමේ ශාදියි.

"අනේ නිකේත් අයියේ..මම ඔයාලා එක්කම එන්නම්..."

ශාදි ඇවිටිලි කරද්දී සාරංග ඇය දෙසට හෙලුවේ නොපහන් බැල්මක්.

"කෝලම් කරන්න හදන්න එපා ශාදි..මෙයාලා දෙන්නා එක්ක යනවා..අහිංසා මේ ඉන්න තත්වෙ එක්ක මට එයාව තනියම යවන්න බෑ..."

"එතකොට මම???"

"තමුසෙගෙ කකුල කැඩිලා නෑනේ...කිව්වම අහලා මුතූලා එක්ක යනවා.."

කිසි දිනෙක අපේක්ශා නොකල පරිද්දෙන් සාරංගගේ හඬ උස් වෙද්දි පිටුපස ආසනේ උන් ශාදි ඉදිරිපස ආසනයට වී හිස තියාගෙන දෙනෙත් වසාගෙන ඉන්න අහිංසා දිහාට හෙලුවේ මාරන්තික බැල්මක්.හඬ නැඟෙන ලෙස ගමන් මල්ලද රැගෙන දෙදෙනාට ස්තූතියක්වත් සමු ගැනීමක්වත් නොකරම ඇය වාහනයෙන් බැස හයියෙන් දොර වසා දැම්මා.

"තිහස්...ශාදිව එයාගෙ ගෙදරටම ඇරලවන්න.ඇරලවලා උඹ මේ කෙල්ල එක්ක රෝන්දේ නොගහා පරිස්සමින් ගෙවල් පාර ගාවින් බස්සලා යමන්...අහු වෙන්නෙ නෑ රවුම් ගහලා..මං පස්සේ කෝල් එකක් දෙන්නම්"

තිහස්ට එයට හිනා නැඟුනත් ඔහු එය ආයාසයෙන් වලක්වා ගත්තේ මුතූ දිහාටත් හොර බැල්මක් දාලා.සාරංග හා අහිංසා රැගත් රථය ප්‍රධාන මාවතට පිවිස වාහන අතර නොපෙනී යද්දී ශාදි එදෙස බලා හිටියේ මුලු හදවතින්ම දැවෙමින්.

........💜️........ RITHU SAKURA .......💜️........

සූරියබණ්ඩාර නිවස ඉදිරියෙන් නතර වූ රථයෙන් සාරංග බැස ඉක්මන් ගමනින් අනෙක් පසට ආවේ අහිංසාව වත්තම් කරගැනීමේ අරමුණින්.

"අයියේ එපා...අප්පච්චි දකීවි..මට පුලුවන් තනියම යන්න"

"පුලුවන් රෙද්ද..."

අහිංසාගේ වදන් මායිම් නොකළ සාරංග ඇය හිතන්නටත් කළින් ඇයව හරහට වඩාගත්තේ අහිංසා තිගැස්සෙද්දී.තාමත් නිවසේ නතර වී සිටින විහාර ඔවුන්ව දුටුවාට ඇයට කමක් නෑ.ඒත් බය තිබුනේ ගිරිරාජ්ගේ නෙත ගැටුනාම මොනා වෙයිද කියලා.හිතූ පරිදිම ආලින්දයට වී සිටි ගිරිරාජ් දොර දෙස බලා සිටි තැනින් කලබලයෙන් නැඟිට්ටා.

"සාරංග..මොකද මේ???"

ගැඹුරු හඬින් ගිරිරාජ් අහද්දී සාරංග නම් උන්නේ තිගැස්ම සඟවගෙන.සම්බන්ධයක් නොතිබුනා නම් අහිංසාට කරදරයක් වෙද්දී ඔහු එවිටත් හැසිරෙන්නේ මෙලෙසින්ම නිසා ඒ තිගැස්ම වැඩි වෙලා තිබ්බෙ නෑ.ඒත් අහිංසා නම් සාරංගගේ පිට හරහා වැටී තිබූ අතින් ඔහුගේ කමිසය තද කරලා අල්ලගත්තේ බයටමයි.

"අහිංසා...මේ කකුල තුවාල උනේ කොහොමද?"

ගිරිරාජ් ඇගේ වෙලුම් පටි දැක්කේ පස්සෙයි.සාරංග ප්‍රවේසමෙන් ඇයව සෝෆාව මත ඉන්ඳවද්දී ගිරිරාජ් වාඩි උනේ ඇය අසලින්.

"ශූට් එක ඉවර වෙලා කන්ද බැහැගෙන එද්දි මෙයාව ලිස්සලා ශාදි එක්කම වැටුනා අන්කල්...ඩොක්ටර් නම් කිව්වේ ගැඹුරට කැපිලා නෑ කියලා...ටිකක් ඇවිදින්න අමාරු වෙයි ඇන්කල් ගාවින්ම කැපිලා නිසා"

කොන්දට අතත් තියාගෙන සාරංග කියද්දී ගිරිරාජ් අහිංසාගේ හිස අතගෑවේ ඇය ගිරිරාජ් දිහා පොඩි එකෙක් වගේ බලද්දි.

"දුවට කරදරයක් වෙන හැම වෙලාවෙම සාරංග ආරක්ශකයා වගේ ඉන්නවානේ...හ්ම්ම්...දැන් මොනා කරන්නද ඉතින්?දවසක් දෙකක් රෙස්ට් කරන්න"

ගිරිරාජ් ඒ පැවසුවේ මීට පෙරත් ඔහුට හිතුනු දෙයක්.ඔහු සිටි තැනින් නැඟිටිද්දී අහිංසා මූණ බෙරි කරගත්තා.ගෙදරට වෙලා ඇවිදින්නෙවත් නැතුව නම් දැන් ඇයට ඉන්න බෑ.

"කෝ අන්කල් විහාරා අක්කා?අහිංසාව උඩට එක්කගෙන යන්න කිව්වා නම් හරි..."

"එයායි පොඩ්ඩයි තුශාරිවත් එක්කගෙන ෆුඩ් සිටියට ගියේ...දැන්ම එන එකක් නෑ..."

"හප්පා..එහෙමද???අන්කල්ටත් මෙයාව එක්කගෙන පඩි නඟින්න අමාරු එකේ එහෙනම් මම ම උස්සන් යන්නම්..."

අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනේ ගත්ත සාරංග ඊළඟ තප්පරේ අහිංසාව දෝතින්ම ගත්තේ ගිරිරාජ් බලා ඉන්නැද්දි.

"හහ්...අම්මේ..මේකි අලි බිත්තර කාලද මන්දා මෙච්චර බර?"

සිය සුපුරුදු කටකාරකමට පණ දුන්නු සාරංගගේ කතාවට අහිංසා ඔහුගේ උරපත්තට පාරක් ගැහුවා.

"මං බර නෑ මෝඩයෝ...බලන්නකෝ අප්පච්චී...කිලෝ පනහක් උස්සගන්න බැරිව මගෙ අඩුපාඩු කියනවා මෙතන"

"අනේ උඹේ පනහ...ටොන් වලින් වෙන්න ඇති..."

දෙදෙනා එකිනෙකාට නොදෙවෙනි ලෙස තර්ක කරමින් පඩිපෙල නඟිද්දී ගිරිරාජ් පහලට වෙලා බලන් උන්නේ සිනාමුසු මුහුණින්.අහිංසාගේ කාමරයට පිවිසි සාරංග ඇයව ප්‍රවේසමෙන් ඇඳෙන් වාඩි කරවා ඇඳ විට්‍ටමට කොට්ටයක් තබා පසුව ඇයව එහි හේත්තු කෙරෙව්වා.ඇගේ තුවාල සහිත පාදය තවත් කුඩා කොට්ටයක් ගෙන ඒ මත තැබුවේ ඇයට නොරිදෙන විදියට.

"රිදෙනවද තාමත්?"

"ඇදුම් කනවා වගේ"

"අඩු වෙයි ඉක්මනට.රෙස්ට් කරන්න දවසක් දෙකක්...අන්කල් උන්නෙ නැත්තම් ඇඳුම් ටික ගලවලා වොශ් එකක් දාගන්න උදව් කරන්නත් තිබ්බා ඔන්න"

සාරංග කිව්වේ ඇසක් ඉඟි මරලා.ඇය ඔහුට රැව්වේ දෑස් සිහින් කරමින්.

"ඔයාට නම් බයක් කියලා නාමයක් නෑ..අප්පච්චිව දකිද්දි මාව ගැහිච්ච විදියට මට හිතුනෙම මාව මැරෙයි කියලා.."

එවර සාරංග ඇයට සමාන්තරව ඇය අසලින්ම වාඩි වෙලා ඇගේ කරට අතක් දාගත්තා.

"ටිකෙන් ටික බය ඇරගන්නත් වෙනවනේ පණ..කවදා වෙනකන් මේක හංඟන්නද?"

සාරංග කිව්වේ තම උරහිස මත තබා ගත් අහිංසාගේ හිස පිරිමදිමින්.මඳ වෙලාවක් නිහඬව සිටි අහිංසා කෙලින් වී සාරංග දිහා බැලුවා.

"ඔයා අරහෙම ශාදිට කෑ නොගහා ඉන්න තිබ්බේ අයියේ..එයා ඒක හිතලා කලේ නෑනේ"

"අනේ මේ ඉන්න අහිංසා..එයා ඇයි කූඩැල්ලෝ ජීවිතේට දැකලා නැති කෙල්ලෙක්ද?යටිගිරියෙන් බෙරිහන් දීලා දැඟලුවේ හරියට මුලු ඇඟේම කූඩැල්ලෝ බඩගෑවා වගේනේ..."

"ඒ උනාට එයා..."

"ඇති...එයා ගැන කතා කරන්න ඕනේ නෑ..අඩුම එයාගේ වැඩේ කරලා දුන්නට ස්තූතියක්වත් කළාද?දැක්කේ නැද්ද මගෙන් පලි ගන්න වගේ කාර් ඩෝ එක දඩස් ගාලා වහලා ගිය හැටි?"

ශාදි ගැන කතා කරද්දී සාරංගට කේන්ති ගිය නිසාම අහිංසා ඊටත් වඩා මුකුත් කිව්වෙ නෑ.ඒ වෙලාවේ වේදනාව නිසා දෙනෙත් වහගෙනම උන්නට සාරංග ශාදිට කියපු හැම වචනයක්ම අහිංසාට ඇහුනා.ඇගේ වේදනාබරිත මූණ ඒ වෙලාවේ නොදැක්කත් අහිංසාට දැනුනා ශාදි ඉන්න ඇත්තේ දුකින් කියලා.විනාඩි කීපයක් ගෙවී ගියේ අහිංසා සාරංගගේ උරහිස මත හිස තබාගෙන ඔහුගේ එක අතක ඇඟිලි සමඟ කුමක්දෝ සෙල්ලමක නිරත වෙද්දී.ඒත් සමඟම ඔහුගේ දුරකථනය නද දෙද්දී ඇමතුම මිහිරානිගෙන් බව දැක ඔහු එය නිහඬ කර දමා සිටි තැනින් නැඟිට්ටා.

"මැණික...මම යන්නම්..අරයා අම්මට විස්තරේ කියලා ඇති.ඒකයි අම්මා කෝල් ගන්නේ..ඔයා රෙස්ට් කරන්න.තවත් මම කාමරේ ඉන්න එක ඔයාට හොඳ නෑ..."

එයට අහිංසාගේ මුවේ ඇදුනේ හීන් හිනාවක්.

"මගෙ කාමරේ ඉන්න තමා නරක...ඒ උනාට බලන්න එපෑයෑ මාව ඇදගෙන මෙයාගේ කාමරේට එදා ගිය ලස්සන..."

අහිංසා නෝක්කාඩු තියද්දී සාරංග හිනාඋනේ හයියෙන්.සාරංග ඇඳ විට්ටමට අතක් තබා ඇය දෙසට නැමී ඒ නාසය මිරිකුවේ හිමීට.

"ඒ එදානේ..මේ අද...හැබැයි...මේ කාමරේටත් ආව එකේ ඔන්න ඔහේ පොඩි එකක් දෙන්නත් හිතෙනවා..."

සාරංග අදහස් කෙරුව දේ වැටහුනු අහිංසා ඔහුගේ අත් බාහුවකට පාරක් ගැහුවේ හප් යනුවෙන් ඔහුට තරවටු කරමින්.හිනාවකින්ම ඇගේ හිසකෙස් අවුල් කල සාරංග නැමී ඇගේ හිස සිපගත්තේ මොන දේ සිද්ද උනත් ඇය තමාව සතුටින් තබා තමාව නිවන අපූරුව සිහිවෙද්දී.දෙනෙත් වසාගෙන ඔහුගේ පහස විඳගත් අහිංසාට ඒ පහසින් මිදෙන්න ලෝබ හිතුනා.දෙනෙත් විවර කර බලද්දී මොකක්දෝ මන්දා අමුතු හැඟීමකින් තම ඉහ ඉද්දරම සිට බලන් සිටිනා සාරංගගේ බැල්ම හමුවේ අහිංසාට කෙල පිඬක් ගිලුනා.තමාට මෙන්ම ඔහුටත් ඒ පහස ඕන බව ඇය දන්නවා.ඔහුගේ සිතැඟි තේරුම් ගත්තා වගේ අහිංසා නැවත දෙනෙත් වසාගද්දී මුවේ හීන් හිනාවක් ඇඳුනු සාරංග ඇගේ දෙතොල් තම දෙතොලින් සියුම්ව අල්ලගත්තා.මඳින් මඳ විරාම තබමින් මල් පෙත්තක් සිපගන්නවා මෙන් සියුම්ව සිපුම් තබනා සාරංගගේ උණුසුම අහිංසාට ගෙනාවේ දරාගන්න බැරි විදියේ ආදරයක්.ඒ උණුසුමින් මිදෙන්න ලෝබකමක් දැනෙද්දී සාරංග ඇගේ දෙතොලින් මිදුනේ තව වරක් සියුම් සිපුමක් ඇගේ නළලත තබමින්.

"ගිහින් එන්නම් මැණික...ගිය ගමන්ම කෝල් එකක් දෙන්නම්..එහෙ මෙහෙ ඇවිදින්න එපා..සැරින් සැරේ පඩිපෙල බහින්න යන්නත් එපා..කිසිම පණ්ඩිත වැඩක් බෑ හොඳද?"

තාත්තා කෙනෙක් වගේ සාරංග දෙන උපදෙස් වලට දෙතොල් එකට තදකරගෙන අහිංසා හිස සලද්දී නැවත වරක් සාරංග ඇගේ කම්මුලක් සිපගත්තේ ලෝබකමින් වගේ.ඇගෙන් සමුගෙන නැවත වරක් නද දෙන දුරකථනය දෙස බලාගෙනම දොර විවර කර එය වසා දමා හැරෙද්දීම සාරංග තිගැස්සුනේ දොර අසලම උන් කෙනාව දැකලා.සාරංගට මඳ චකිතයක් දැනුනේ ඒ තියුණු බැල්ම හමුවේ.

-මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

414 62 10
උසස් ද පහත් ද....මට අදාල නැහැ ........ මොකද ඔයා විතරයි මෙහෙ අධිරාජිණිය වෙන්නේ 🥀 Start date : 07 May 2022 Finished date : ???
26.2K 475 9
To everyone around her, Stiles Stilinski was just an average HUMAN teenage girl. Okay, she might be way more sarcastic than the average person, and...
4K 886 19
පික්පොකට් ගහන රස්තයාදුකාර කෙල්ලෙක්... අහින්සක පෝසත් ශීලාචාර කොල්ලෙක්... සගවත්ත ලොකු රහසක්... ★★★★★★★★★★★★★★★★★ "මම පොඩ්ඩක්වත් ආස නෑ අර ඩාර්ක් ෆෙයරිට...
1.5M 111K 42
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...