සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

89.2K 6.7K 211

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

55

916 77 0
By Rithu_Sakura

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️55 කොටස💜️

"අයියේ..ඇයි මේ?"

සාරංග කාමරේ දොර අඟුළු දාලා අහිංසා දිහා බැලුවේ කවදාවත් නැති විදියේ නපුරු පාටට.කවදත් සැහැල්ලුවෙන් ඉන්න ඔහුගෙන් ඒ වගේ බැල්මක් අහිංසා කවදාවත් බලාපොරොත්තු උනේ නෑ.එදා තිහස් එක්ක පාටි එකේදි දැක්කටත් වඩා ඒ බැල්ම නපුරුයි.

"සාරංග අයි..අහ්හ්හ්..."

අහිංසා තව මොනවත් අහන්න කලින් සාරංග ඇගේ අත් බාහුවකින් තද කරලා අල්ල ගත්තේ අහිංසා තව තවත් පැටලෙද්දි.මේ විදියට තරහ ගන්න තරම් වෙච්ච දේ මොකක්ද කියලා ඇයට හිතාගන්න බෑ.

"මං බොහොම ඉවසීම අඩු එකෙක් අහිංසා..තමුසෙ හිතනවටත් වඩා මට නපුරු උනෑකි...ඒ නිසා මගේ මාරයා අවුස්සන්නේ නැතිව මට ඇත්තම කියනවා...අරූ ආවද තමුසෙව මීට් වෙන්න?"

සාරංගගේ කේන්තිය ඉස්සරහා තුශ්නිම්භූතව උන්නු අහිංසාට ඒ කවුරු ගැන කියනවද කියල අහන්නවත් පණක් තිබ්බෙ නෑ.හඬ අඩු කරලා ඇහුවත් ඒ ස්වරෙ තිබ්බ තරහව අහිංසාට හොඳටම දැනුනා.

"ක්..කවුරු ගැනද ඔ....."

"නොදැන ඉන්න තමුසෙ තොත්ත බබෙක් නෙමේනේ...මං අහන්නේ රදීශ ගැන.."

ඉතින් මොන විදියකින් හරි සාරංග හැමදේම දැනගෙන කියලා අහිංසාට තේරුනා.සමහරවිට රදීශ නැවත ඇයට ඇමතුම් ගන්න ඇති.ඒවට පිළිතුරු දෙන්න තියා අහිංසා තාම බුවී එක්ක ඒ කිසිම දෙයක් කතා කරලවත් තිබ්බෙ නෑ.

"කට වහන් ඉන්නෙ නැතුව කියනවා අහිංසා..ඌ සැලෝන් එකට ආවේ ඇයි?එතකොට කියපු දේට කැමති වෙන්නයි,කසාඳ බඳින්න ලෑස්ති වෙලා ඉන්නයි කිය කිය මැසේජ් කරන්නෙ ඇයි?"

අහිංසා හැම අතින්ම නිවැරදි උනත් ඇය උන්නේ බය වෙලා.කතා කරන වචනයක් ගානේ ඔහුගේ ග්‍රහණය තද වෙද්දි රිදුම් දුන්නේ ඇගේ අත විතරක් නෙමේ.ඒ හිතත් රිදුම් දුන්නා.ඇත්තටම අහිංසා දකින්න අකැමැතිම දේ තමා පිරිමියෙක් ඕනාවට වඩා තරහ අරගෙන වියරුවෙන් වගේ හැසිරෙන එක.ඇය කුඩා කාලයේ ඉඳන්ම කේශවට වඩා මාධවට ළං උනෙත් ඒ නිසාමයි.ඉතින් කේශව ගාව තියෙන කේන්තිය අඩුවක් නැතිව සාරංග ගාවත් තියේවි කියලා ඇය හීනෙන්වත් හිතුවේ නෑ.ඒ නිසාමයි ඇගේ දෙනෙත් වලට කඳුලු ඉනුවේ.

"අඬන්න දෙයක් ඇහුවේ නෑ.තවත් ඔහොම පිට්ටු ගිල්ලා වගේ ඉන්නෙ නැතිව කතා කරනවා.නැත්තම් මේ ගෙදර තව කට්ටිය ඉන්නවද බලන්නෙ නැතිව මට කෑ ගැහෙයි තේරුනාද?"

ඇඟිල්ලත් දිගු කරමින් සාරංග අහද්දි අහිංසා හැදුවේ ඔහුගේ ග්‍රහණයෙන් ගැලවෙන්න.

"ඔයා හිතන විදියෙ නරක දෙයක් එතන සිද්ද උනේ නෑ සාරංග අයියේ..මං ඒ හැමදේම යන ගමන් කියන්නම්.මාව අතාරින්නකෝ..මට රිදෙනවා.."

ඒත් ඇගේ වේදනාව දශමයක්වත් ගණන් නොගත් සාරංග ඇයව හුස්මක් දුරට ඇදලා ගත්තේ ඒ දෑස් වලටම එබිලා.

"මං රැවටෙන්න ආසා එකෙක් නෙමේ අහිංසා.මට මේ තියෙන ප්‍රශ්ණ වලින් ගැලවෙන්න විදියක් නැතිව ඉද්දි තමුසෙ මාව නොමරා මරන්න එපා.මං පටන් ගත්ත දවසෙම කිව්වා..මං ඉවසීම අඩු එකෙක් කියලා..හැම හැඟීමක්ම තමුසෙ පිටින් යවයි කියලා..ඒ හැඟීම් අස්සේ කේන්තිය කියන හැඟීමත් තියෙනවා.ඒ නිසා මට ඇත්තම කියනවා..නැත්‍තම් තමුසෙව වෙන එකෙක් උස්සන් යනකන් ඇස් කන් පියන් ඉන්නද තමුසෙ මට කියන්නේ?"

සාරංගගේ හඬේ පෙර තිබූ කේන්තිය ටිකක් අඩු වෙලා තිබ්බත් අහිංසාගේ හිතේ වේදනාව නම් අඩුවෙලා තිබ්බෙ නෑ.ඒත් සාරංග අවසානෙට කිව්ව වචන වලට අහිංසාගේ මුවේ ඇදුනේ හරිම වේදනාත්මක හිනාවක්.

"එහෙනම් මම ඉන්නේ මේ..ඔයා වෙන කෙනෙක්ගේ කියලා දැන දැන ඇස් කන් පියාගෙන..."

හඬ වෙව්ලද්දි අහිංසා හිතට හයිය අරගෙන කිව්වේ ශාදි ආව වෙලාවේ ඉඳන් ඇගේ සහ මිහිරානිගේ හැසිරීම මතක් කරන ගමන්.නිහඬව හැමදේම දරාගෙන උන්නට හිත රිදුනෙ නෑ කියලා පෙන්නගෙන උන්නට අහිංසා ඇත්තටම උන්නේ වේදනාවෙන්.ඇය තේරුව කමිසය ශාදි අතින් සාරංගට දෙද්දි අහිංසාට දැනුනේ හිත කැඩුනා වගේ හැඟීමක්.'ඔයාට දෙන්නෙ නැති ගිෆ්ට් වෙන කාට දෙන්නද?' කියලා ශාදිගෙ මුවෙන් පිට වෙද්දි කැඩිලා තිබ්බ හිත බිඳිලා විසිරිලාම ගියේ අනාගතේ ගැන අවිනිශ්චිත බියක් දැනෙද්දි.ඉතින් ඒ බිදුනු හිතටම තවත් වේදනා දෙන විදියට සාරංග හැසිරෙද්දි ඇයට හිතුනේ හැමදේම දමලා ගහලා ගෙදර දුවන්න.

"මොකක්ද ඒ කතාවේ තේරුම ආ?තමුසෙ හොඳටම දන්නවා මං ශාදිට කැමති නෑ කියලා"

"ඔයත් හොඳටම දන්නවා මං ආදරේ ඔයාට විතරයි කියලා අයියේ...ඒත් ඔයා ඒ කතා කෙරුව විදියට මට දැනුනේ එකම එක දෙයයි.ඔයා රදීශගේ ඒ වචන ටිකට මට ඇහුන්කන් නොදීම මාව අවිශ්වාස කරලා ඉවරයි...යූ ඩෝන්ට් ට්‍රස්ට් මී..."

සාරංගගේ දෑත් ඇගෙන් මිදුනේ ඉබේමයි.කම්මුල් දිගේ රූට්ටලා යන ඇගේ කඳුලු බිංදු දැක්කම ඔහුට දැනුනේ පසුතැවීමක්.ඇයට ඒ විදියට කේන්තියෙන් කතා කෙරුව එක වැරදියි කියලා ප්‍රථම වතාවට සාරංගට හිතුනෙන් ඔහු හැදුවේ ඒ කඳුලු පිහදන්න.ඒත් ඊට කළින් අහිංසා ඔහුගෙන් ඈත් උනේ ඒ අත පැත්තකට කරලා.

"අහිංසා..මේ බලන්න..මට තරහා යන එක සාධාරණ නැද්ද?කොහෙවත් ඉන්න එකෙක් තමුසෙව කසාඳ බඳින කතා කියද්දි මට මොනාද හිතුනෙ කියලවත් තමුසෙ දන්නවද?අඩුම තරමේ ඌ තමුසෙව හොයන් සැලෝන් එකට ආවා කියන්නවත් මම දන්නවද?"

සාරංග කේන්ති නොගෙන ඉන්න උත්සාහා කලාට ඔහුගේ මුවින් පිටවන ආමන්ත්‍රණ කවදාවත් නැතිව ඇගේ හිත රිදෙව්වා.

"නෑ..මම කිව්වෙ නෑ තමා.ඔයාට විතරක් නෙමේ මම කාටවත් කිව්වේ නෑ..මගෙ වැරැද්ද..ඒත් ඔයා කතා කෙරුව විදියට මම කැමති නෑ සාරංග අයියේ..ඔයා ඔහොම යකෙක් වගේ කේන්ති ගද්දි මට..මට බයයි...මං ඇත්තටම බයයි..."

අහිංසාගේ මුවින් ඉකියක් පිට වෙද්දි ඇය ඉක්මනට අතකින් මුව වසාගත්තේ එළියට ඇහෙයි කියලා බයෙන් වගේ.සාරංග ඇගේ අතකින් අල්ලන්න හැදුවත් අහිංසා ඔහුව මඟ ඇර දොර දිහාට යන්න හැදුවත් සාරංග ඊට ඉඩ දුන්නෙ නෑ.

"අයින් වෙන්න අයියේ..මට ගෙදර යන්න ඕනේ.."

"හිතුවක්කාර වෙන්න එපා අහිංසා.මගෙ කේන්තියට මුල ඔයාගෙ වැඩ.මම නෙමේ මෙතන කේශ් උන්නත් ඌ හැසිරෙන්නෙත් මේ වගේම තමා.."

"මම ඔයාගෙන් හෙව්වේ මගෙ අයියව නෙමේ සාරංග අයියේ...අයියාව දරාගන්න චානුට පුලුවන් ඇති.ඒත්...මට කාගෙවත් කේන්තිය දරාගන්න හයියක් නෑ..මට යන්න දෙන්න ප්ලීස්"

"කිව්වනේ..හිතුවක්කාර වෙන්න එපා..වැරැද්ද කලේ මම නෙමේනේ.."

"හරි.මං තමා වැරදි.ඔයාට ඇත්ත කියන්න ඉවසන් උන්නෙත් ඔයාට කේන්ති යයි කියලා හිතලා.බලද්දි මං හිතුවා හරි.ඔයා ගිනි කන්දක් අයියේ..සන්සුන්ව ඉන්නවා වගේ පෙන්නලා ඔයා පිපිරෙන්නෙ මාවත් පුච්චගෙන...ඔයා ශාදි එක්ක ඉන්න.මං වීල් එකක යන්නම්...තරහ නිමුනු වෙලාවක කතා කරමු..."

අහිංසා ඔහුව පැත්තකට තල්ලු කරලා දොර දිහාට ගියත් ඇය කිව්ව දේවල් වලින් සාරංගට ඉවසුම් නැතුව ගියා.හයියෙන් ඇගේ අත අල්ලගත්ත සාරංග ඇයව දොර අසලම බිත්තියට තද කරලා හිර කරගත්තේ ඇය මඳකට කලබල වෙද්දී.

"අහ්..අනේ..."

ඔහුගේ සමීප බව කවදාවත් ඇයට බයක් චකිතයක් එක් කලේ නෑ.ඒත් අද ඒ රතු වෙලා තියෙන ඇස් දකිද්දි අහිංසාට හිතුනා ඔහුව තරහ ගස්සගෙන කළේ වැරැද්දක් කියලා.

"මං තමුසෙගෙ අයියගෙ බෙස්ටා විතරක් නෙමේ අහිංසා..මං දැන් තමුසෙගෙ කොල්ලා.තමුසෙට ආදරේ කරන තමුසෙ ආදරේ කරන කොල්ලා.අරූ ඊළඟ පාර සැලෝන් එකටම හොයන් ඇවිත් කරදරයක් කළොත් තමුසෙ හිතනවද මට ඉවසන්න පුලුවන් වෙයි කියලා...?තමුසෙට පොඩි දෙයක් වගේ පෙනුනට අමතක කරන්න එපා රදීශ කියන්නේ කාගෙ කවුද කියන එක...අනික...ශාදි එක්ක ඉන්න කියලා තමුසෙ වීල් එකක හරි යන්නම් කියන්නේ තමුසෙ හිතුවද මට ශාදිව දැක්කට තමුසෙව එපා උනා කියලා ආ??මගේ ඉවසීම පරීක්ශා කරන්න එපා අහිංසා හොඳද?"

"ඔහොම කෑ ගහන්න එපා දෙයියනේ...මට..බ..යයි ඔයාට කේන්ති ගියාම..."

අහිංසා හරි සිහින් හඬින් කිව්වේ දෑස් නැවතත් කඳුලින් තෙත් වෙද්දී.ඒත් සාරංගගේ අවධානය ක්ශණයෙන් වෙනස් උනේ පඩිපෙල නැඟගෙන කවුරුහරි එන සද්දෙ ඇහිලා.

"ඔයාට ඔච්චරටම මාව අවිශ්වාස නම් මං...ම්ම්ම්ම්"

ඒත් අහිංසාට කතා කරන්න ඉඩ නොදී සාරංග අතකින් ඇගේ මුව වැහුවේ ඒ එක්කම දොරට තට්ටු කරන හඬක් ඇහෙද්දී.

"නිකේත් අයියේ...ඔයා ඇතුළෙද අනේ??"

කාමරේ දොරට තට්ටු කලේ වෙන කවුරුත් නෙමේ.ඒ උන්නේ ශාදි.අහිංසාට බරැති සුසුමක් පිට උනේ ඇය පුරුදුකාරියෙක් වගේ ඔහුගේ කාමරේ ගාවටම ආව නිසා.දොර ඇරලා තිබ්බා නම් ඇය කාමරේට එන්නත් බැරිකමක් නෑ.ඒ හැමදේම කල්පනා වෙද්දී අහිංසාගේ දෑස් වලින් උතුරපු කදුලු සාරංගගේ අතට වැටුනේ ඔහු ගැස්සිලා අහිංසා දිහා බලද්දී.

"නිකේත් අයියේ...දොර අරින්නකෝ අනේ..කාමරේට වෙලා මොනා කරනවද මන්දා...කෑම තව විනාඩි පහෙන් රෙඩි..ආන්ටි කිව්වා කන්න එන්න කියලා..එන්නකෝ අනේ"

"මං ඇඳුම් මාරු කරන ගමන් ඉන්නේ ශාදි.තව ටිකෙන් එන්නම්"

ඇය වරින් වර දොරට තට්ටු කරමින් කෑ ගසන්නේ ඒ වෙද්දිත් සාරංගගේ කමිසය මත තිබ්බ අහිංසාගේ අතින් ඒ කමිසය තදින් පොඩි වෙද්දී.සාරංග ඇගේ මුව වසා තිබුනු අත පැත්තකට කරද්දී අහිංසාගේ මුවින් ඉකියක් පිට උනේ හැරිලා යන්න ගිය ශාදි නැවත දොර දෙස විමසිල්ලෙන් බලද්දි.

"නිකේත් අයියේ..අහිංසා පේන්න උන්නෙ නෑ..එයාව දැක්කද?"

"පහළ ඇති ශාදි..."

ඒත් ශාදිට දැනුනේ සැකයක්.කාමරේට වෙලා ඇඳුම් මාරු කරනවා කිව්වත් සාරංගගේ හඬ දොර අසලින්ම ඇහෙන හේතුව ශාදිට හිතාගන්න බැරි උනා.ඔහු ඇතුලේ ඉන්නේ තනියම නෙමේ කියලා හිතෙද්දි ශාදිට ඉවසුම් නැති උනා.ඒ නිසාමයි ඇය දොර ගාව ටික වෙලාවක් උන්නේ.මිහිරානි හෝ මාලක ඉන්නවාදැයි බලමින් ඇය දොරට කන් තිබ්බත් ශාදි නැවත පඩිපෙල බැස්සෙ නැති වග තේරුනු සාරංග තාමත් බරැති සුසුම් සලමින් ඉකිය වලක්වා ගන්න දඟලන අහිංසාගේ මුහුණ දෑතින්ම අල්ලගත්‍තා.අහිංසාට හිතන්නවත් කාලයක් නොදී ඔහු ඒ දෙතොල් සිය දෙතොල් අතරට ගත්තේ අහිංසාගේ දෑත් තරයේ ඔහුගේ අත් බාහු වල එතෙද්දි.සාරංග ඇගේ හිස පිටුපසින් අත තබා සියුම් ඉඩක්වත් නොමැති වෙන්න අහිංසාව තමා වෙතටම ඇදලා ගත්තේ සිප ගැනීම නතර නොකරමයි.ශාදි තවමත් එහා පස බව වැටහුනු සාරංගට ඕන උනේ අහිංසාගේ සුසුමන් හෝ හැඬීම් ඇයට ඇහෙන්න නොදී වලක්වගන්න.ඊටත් වඩා ශාදි නොගිය බව තේරුම් නොගෙන අහිංසා කතා කරයි කියලා ආව සිතුවිල්ල නිසාමයි සාරංග එහෙම කළේ.එහා පසින් නැවත සැක හිතෙන විදියේ කිසිම හඬක් නොආවත් සාරංග එළියට එනතුරු පහලට යන්න ශාදිට හිත දුන්නෙ නෑ.

"ශාදි දුව...එන්නකෝ ටිකක්"

ඒත් පහලින් ඇහුනු මිහිරානිගෙ හඬට චුක් ගාගෙනම ශාදි වේගයෙන් පහලට යද්දී සාරංගට වගේම අහිංසාටත් ඒ හඬ ඇහුනා.සාරංග මේ වගේ එක්වරම තමාව සිපගත්ත හේතුව අහිංසාට වැටහුනේ එතකොටයි.ඔහුගෙන් මිදෙන්න උත්සාහ කළත් ඇගේ පහස හමුවේ මත් වෙලා උන්නු සාරංග ඇයව සිපගත්තේ උමතුවෙන් වගේ.දෙතොල් වලට ලේ රස දැනුනත් ඔහුගෙන් මිදෙන්න අහිංසාට පහසු උනේ නෑ.ඒ සිපගැනීමේ ආදරයකට වඩා තිබුනේ කේන්තියක්.දඬුවම් දීමක්.ඉතින් එදා ඔහු කිව්ව විදියටම ඔහු හැම හැඟීමක්ම දිය කරන්නේ තමා මතින්.ඒ හැඟීම ආදරය විතරයි කියලා හිතන් උන්නු ඇයටයි වැරදුනේ.ඔහුගේ අසීමාන්තික ආදරය වගේ කේන්තියත් වේදනාවත් තමාට දරාගන්න වෙන බව යුවතියට පළමු වතාවට තේරුනා.

අහිංසාගේ දෙතොලින් මිදුනු සාරංග ඇගේ ගෙල මත සිපුම් තියන්නට උනේ අහිංසා කලබල වෙද්දී.ඔහුට ඉන්නේ කොහෙද කියලවත් සිහියක් තිබ්බෙ නෑ.ඊළඟ වතාවේ මිහිරානි ආවොත් ලොකු ගැටලුවක් වෙන බව දන්න නිසාම අහිංසාට ඕන උනේ සාරංගගෙන් මිදෙන්න.

"අහ්...සාරංග..අ..යියේ..ප්ලීස්..මට යන්න දෙන්න.."

ඔහු ඇයට ඇහුන්කන් දෙන පාටක්වත් නෑ.ඇගේ සුවඳ සහ උණුසුම අතරේ ඔහු උන්නේ ඔහුගේම ලෝකෙක.

"අයින් වෙන්නකෝ...ප්ලීස්.."

අහිංසාගේ ආයාචනය හමුවේ ඉස්සී ඇගේ දෙනෙත් දෙස බැලූ සාරංගගේ බැල්ම හමුවේ අහිංසාගේ මුලු ගතම සීතල වෙලා ගියා.ඔහු හුස්ම ගන්නේ ආයාසයෙන්ම ඔහුව පාලනය කරගෙන.

"මගෙ සීමාව අනිත් දවසේ පන්නන්න එපා අහිංසා..ඔයාට මගේ ආදරේ දරාගන්න අමාරු වෙන එකක් නෑ.ඒත් කේන්තිය දරාගන්න ඔයාට අමාරු වෙයි.මං කේශව නෙමේ..මං ඊටත් වඩා නපුරු කොල්ලෙක්...ඒ නිසා එකක් මතක තියාගන්නවා.මේ හිතට වගේම කාමරේටත් අඩිය තියන්න පුලුවන් එකම එක කෙල්ලටයි.ඒ තමුසෙ...ඒ නිසා ශාදි ගැන කියව කියව මට රිද්දන්න එපා..හැබැයි රදීශ ගැන මට හැංඟුවොත්...මං තමුසෙ හිතනවටත් වඩා නපුරු වෙයි..."

ඔහුගේ දිහා ඇය දෑස් අයාගෙන බලාගෙන ඉද්දි ඇය හිස සැලුවේ බයටමයි.සාරංගව අහිමි කරගන්න තුන් හිතකවත් බලාපොරොත්තුවක් නොවුනත් ශාදි නිසා ඇගේ හිතට දැනුනේ බයක්.රදීශ ආව දවසෙම ඒක සාරංගට නොකියා කළේ වැරැද්දක් බව තේරුනත් සමාව ගන්න ඇගේ දිව නැමෙන්නෙ නෑ.මොකද සාරංගගේ නපුරු හැසිරීම ඉස්සරහා ඇය උන්නේ ටිකක් කම්පනයෙන්.ඇගේ නළල මතට සියුම් සිපුමක් තැබූ සාරංග දොර විවර කර පහළට එබී බැලුවේ මිහිරානි හෝ ශාදි ඒ අවට ගැවසෙනවද බලන්න.කිසිවෙක් නොඋන්නු නිසා ඔහු අහිංසාට අතින් ඉඟි කරද්දී ඇය හිමීට එළියට ආවා.

"මං ඇඳන් එන්නම්.කෑව ගමන් යමු...මූණ පිහාගන්න කෙල්ල.."

කුණාටුවක් වගේ හමා ගිය ඔහු එවර කුණාටුවකට පසු ඇති වෙන සන්සුන්බවට සමාන වෙන්නම ආදරයෙන් කතා කරද්දී අහිංසා ඔහු දෙස බැලුවේ පුදුමයෙන්.කොල්ලෙක්ට මෙච්චර ඉක්මනට මුකුත් නොවුනා වගේ හැසිරෙන්න පුලුවන්ද?ඇගේ හිතට ආව පලවෙනිම ප්‍රශ්ණේ ඒක.සාරංග නැවත කාමරේට යද්දී අහිංසා දෑතින්ම කම්මුල් පිස දා කොණ්ඩයත් ඇඳුමත් හදාගෙන පහළට ගියේ කාටවත් ඇස ගැටෙන්නෙ නැති වෙන්න ඉක්මනට ආලින්දයට යන්න හිතාගෙන.ඒ අතරින් ඇයට මිහිරානිගෙ හඬත් ඇහෙද්දි ඇය පඩිපෙල බහින වේගය ඉක්මන් කළා.

"කෝ ඒ පාර මේ අහිංසා දුව??බලන්න ශාදි ගාඩ්න් එකේද කියලා"

ශාදි දකින්න කළින් අහිංසා පඩිපෙල බැස්සත් ඇය නතර උනේ පඩිපෙල අවසන් වෙන තැනම කිහිලිකරුවේ ආධාරයෙන් හිටගෙන උන්නු මාලකව දැකලා.ඇයට උන්නු හිටි තැනුත් අමතක වෙද්දී මාලකගේ දෑස් ගියේ උඩු මහල වෙතට.ඇය ආවේ සාරංගගේ කාමරේ ඉඳලා කියන්න මාලකට වැටහුනු බව තේරුම් ගත් අහිංසාගේ හදවත ගැහෙන වේගය වැඩි උනේ බලන් ඉන්නැද්දි.ඇගේ දෑත් පවා වෙව්ලන්න ගත්තේ ඊළඟට ඔහුගේ බැල්ම අහිංසා මත නතර වෙද්දි.හඬා රතු උනු ඇගේ මුහුණේ වෙනස මාලකට හොඳටම පෙනුනා.ඒත් ඔහු කිසිවක් පවසන්නට කළින් ශාදි එහි ආවේ ඇගේ හඬට අහිංසා තිගැස්සෙද්දී.

"ආ..මේ ඉන්නේ ඔයා..මං හැමතැනම හෙව්වා..කොහෙද අනේ උන්නේ?"

අහිංසා තාම ඉන්නේ පඩිපෙල ආසන්නයේ.ගෙවත්තේ උන්නු බවක් පවසන්න විදියක් ඇයට නෑ.

"මං..මේ.."

මාලක ඉදිරියේ බොරුවක් පවසන්න බැරිව ඇය වචන අහුලද්දී අහිංසා නොහිතුව විදියට ඇය වෙනුවෙන් කතා කළේ මාලක.

"අහිංසා දුව මගේ කාමරේ මං ටෙලිෆෝන් අංක ලියන ඩයරිය හොය හොය උන්නේ..දවසක් පුතා ඕක මොකක්ද නම්බර් එකක් හොයාගන්න උස්සන් ගියානේ.."

එවර මාලක හැරුනේ අහිංසා දිහාවට.

"ඒක පුතාගෙන් අහන්න යන්න ඕනේ නෑ දූ..ඇඳ විට්ටමේ තිබිලා හම්බුනා..."

මාලක කිසි වෙනසක් නොපෙන්වා හිනාවක් මුව රඳවගෙන කතා කරද්දී අහිංසා මුවඟට හිනාවක් ගත්තේ ආයාසයෙන්.එහි අමුත්තක් දැනුනු ශාදිගෙ හිතට ප්‍රශ්ණ දාහක් ආවත් මාලක ඉන්න නිසාම ඇයට නිහඬව ඉන්න සිද්ද උනා.

"ආ..ඒක මිසක්.මං ඒත් බැලුවා ඔයා කෝ කියලා..කෑම නම් රෙඩි.එන්න කන්න යමු..අද ඔන්න අන්කල් චිකන් කරියයි අල කරියයි හැදුවේ මම.එන්නකෝ...කාලා බලලා රහද කියන්න හොඳේ"

බොරු හුරතලයක් මවාගෙන ශාදි මාලක ගාවට කිට්ටු වෙද්දි අහිංසා නිහඬවම මුහුණ බිමට බර කරගත්තා.ඇයට ඕනේ නොපෙනී යන්න.හැමෝගෙන්ම වසන් වෙලා තනි වෙන්න.ඒ තරමටම ඇය උන්නේ අසරණ වෙලා.

"මං අහිංසා දුව එක්ක එන්නම්..."

මාලක ව්‍යංගයෙන් ශාදිගෙ උදව් ප්‍රතික්ශේප කරද්දි මුහුණ බෙරි කරගත් ශාදි බොරු හිනාවක් පෙන්වා කෑම මේසේ දිහාට ඇදුනා.අහිංසා හිස බිමටම නැඹුරු කරගෙන ඉද්දි මාලක ඇය දිහාට අඩියක් තිබ්බෙත් ඔහුගේ කිහිලිකරු තමා සිටින දෙසට ගැටෙන හඬ ඇසෙද්දී අහිංසා තිගැස්සුනේත් එක්වරවමයි.

"අහිංසා දුව..."

මාලකගේ හඬට අවනතව අහිංසා හිස ඔසවා බැලුවත් ඔහු දෙස එක එල්ලේ බලන්න අහිංසාට හයියක් තිබ්බෙ නෑ.

"මගෙ කොල්ලගෙ තේරීම කවදාවත් වරදින්නේ නෑ...ප්‍රශ්ණ ඒවි..අඬන්න ඒවි..ඒත් ඒකව තේරුම්ගන්න දූට තරම් එයාගේ අම්මටවත් බැරි වෙයි..ඒ නිසා ඉවසන් ඉන්න..."

කිසිසේත්ම අහන්න බලාපොරොත්තු නොවුනු ඔහුගේ වචන වලට අහිංසාගේ දෙනෙත් විසල් උනේ පුදුමයෙන්.

"අ..අන්කල්..."

ඇගේ මුවින් මිමිණෙද්දී මාලකගේ මුවේ ඇදුනේ සිහින් සිනාවක්.ඉතින් ඒ හිනාවේ හැමදේම අපූරුවට ලියවිලා තිබුනා.ඔව්.ඔහු හැමදේම තේරුම් අරන්.සාරංග ආදරය කරන්නේ අහිංසාට බව ඔහු තේරුම් අරගෙන ඉවරයි.

"පුදුම වෙන්න දෙයක් නෑ...මට ඒ දේ තේරුනේ ගොඩ දවසකට කලින්...අම්මා මොනා කිව්වත් මට මේ ගෙදර ලේලි දුව මිසක් ශාදි නෙමේ..අපි මේ ප්‍රශ්ණ ඉක්මනට විසඳගමු.."

තාත්තෙක් වගේ ඔහු තම හිස අතගා කියද්දී අහිංසාගේ මුවේ සිනහවක් ඇදුනේ දෑසට කඳුලුත් උනද්දී.ඒ එක්කම සාරංග ඇඳුම් මාරු කරගෙන අඩියට දෙකට පහලට එද්දී ඔහු දැක්කේ හිස බිමට නැඹුරු කරගෙන ඉන්න අහිංසාවයි ඇගේ හිස අතගාන මාලකවයි.හිතට අමුත්තක් දැනෙද්දී ඔහු ඒ දෙසට අඩිය තිබ්බේ කදුලු පිහන අහිංසා දෙසම බලාගෙන.

"ඇයි මේ??මොකද උනේ?"

අහිංසා මූණ පිහාගද්දී සාරංග නම් උන්නේ මාලක දිහාත් ඇය දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන්.

"ඒක මගෙයි මගෙ ලේලියි අතර ගැටලුවක්.."

"ඉතින් ඒක තමා මාත් අහන්නේ..මෙයා අඬන්න තරම් ඔයා මොකක්ද කිව්වේ?"

මාලක ඇයව ලේලි යනුවෙන් ඇමතුව බව සාරංගට නොතේරුනේ අහිංසා මාලක ඉදිරියේ අඬන බව දැක හිත ඒ තරමටම කලබල වෙලා තිබ්බ නිසා.

"ඒ...නාම්බා..."

ඒත් මූණ පිහන ගමන්ම අහිංසාට හිනාවක් ගියේ මාලක ඒක කිව්ව තාලෙට.මාලකත් ඒ හිනාවට හවුල් වෙද්දී සාරංග දෙදෙනා දිහාම බලන් උන්නේ අමුතුවට.

"අහිංසා දුව..කෑම කන්න එන්න.."

මිහිරානිගෙ හඬට එදෙස බැලූ අහිංසා සාරංග දෙසටත් මාලක දෙසටත් බැල්මක් හෙලා කෑම මේසය දෙසට ඉක්මන් ගමනින් යද්දී තාමත් කිසිවක් නොවැටහුනු සාරංග බැලුවේ මාලක දිහා.

"තාත්තේ..මොකද උනේ කියන්නකෝ...ඇයි අහිංසා ඇඬුවේ?"

එවර මාලක සාරංග දිහා බැලුවේ දෙනෙත් සිහින් කරගෙන.

"ඒ කෙල්ල මුලින්ම ඇඬුවේ තමුසෙගෙ කාමරේ ඉඳගෙනනේ...මොන ප්‍රශ්ණෙ තිබ්බත් ඒ අහිංසක කෙල්ලව අඬවන්නෙ නැතිව කතා බහ කරනවා..මොළයක් කියලා දෙයක් නැද්ද අම්මා ගෙදර ඉද්දි ඒ ළමයව කාමරේට එක්කගෙන යන්න??"

ඒ වදන් වලට එවර පුදුම උනේ සාරංග.ඔහු කිසිසේත්ම හිතුවෙ නෑ මාලක මෙච්චර ඉක්මනට අහිංසා ගැන දැනගනීවි කියලා.

"තාත්තේ මං..."

"ශාදිගෙ අතට තව පොඩ්ඩෙන් අහු වෙනවා.මමයි බොරුවක් කියලා බේරගත්තේ..ආව වෙලාවෙ ඉඳන්ම තමුන්නාන්සෙ ඇස් වලින් ඒ කෙල්ලව ගිලින හැටි මං දැක්කා...අනික...තමුසෙගෙ හිතේ ඉන්නේ අහිංසා කියලා මං දැනගෙන ගොඩක් දවස්...මගෙ හිතේ කිසිම අකැමැත්‍තක් නෑ සාරංග...පුලුවන් නම් නම්බු පිටින් සූරියබණ්ඩාරගෙන් එයාගේ එකම දුවව ඉල්ලගන්න පුලුවන් විදියට ශාදිගෙ ප්‍රශ්ණෙ විසඳගන්නවා...නැත්තම් මේ කෙල්ලව අඬවලා කේශවගෙන්වත් තමුසෙට බුරුලක් ලැබෙන එකක් නෑ..."

මාලක කියන වචනයක් ගානේ ඇත්ත වෙද්දි සාරංගට වෙන දෙයක් කියන්න ඉතුරු වෙලා තිබ්බෙ නෑ.ඔහු මෙතරම් උපදෙස් දෙන්නේ ඔහු අහිංසාව ලේලි විදියට බාරගන්න කැමති නිසා බව සාරංගට දැනුනා.ඔහුගේ සහායට සිය පියා ඉන්න නිසාම තරමක සහනයක් සාරංගගේ හිතට දැනුනේ හිතේ තිබුනු පීඩනය මඳකට අඩු වෙද්දී.

-මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

4.2K 602 18
නිවාස සහ ඉඩම් ව්‍යාපාරිකාවක් වන දිනාදි චන්දූපා දිසානායක, තම පැරණි පාසල් මිතුරෙකුගේ ඉල්ලීමක් පරිදි ඔහුගේ වලව් පන්නයේ පැරණි නිවසක් විකුණා දීමට ඉදිරිපත්...
1.6M 91.9K 46
|𝐑𝐨𝐬𝐞𝐬 𝐚𝐧𝐝 𝐂𝐢𝐠𝐚𝐫𝐞𝐭𝐭𝐞𝐬 - 𝐈| She was someone who likes to be in her shell and He was someone who likes to break all the shells. "Jun...
12.2K 1.9K 32
හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩක්...❤️ හුස්ම නැවතුනත් පණ ගැහෙන ආදරයක්...
587 212 11
හදවතෙහි දොරගුළු විවර කර ඇහුම්කන් දෙන්න තාලයට ගැහෙන හදවතේ ශබ්දයට ලස්සන කවි පද වැල් ගෙතේවී ඔබගේ සිත තුළින් ඉතින් ඔබගේ හදවතට ඉඩ දෙන්න සිත තුළ තෙරප...