සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

66K 6.1K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

52

670 66 0
By Rithu_Sakura

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️52 කොටස💜️

"ඔ..ඔයා...?"

අහිංසා කතා කළේ බයෙන් වගේ.රදීශගෙ මූණෙ හිනා පොදක් නෑ.ඒ නැතත් අහිංසාට මතක් උනේම අනතුර සිද්ද වෙච්ච දවසේ ඔහු හැසිරුනු විදිය.ඔහුගේ තියුණු බැල්මට දැනුනු අපහසුතාවයටම අහිංසා අත රැඳි බෑගය තද කරලා අල්ල ගත්තේ හිත චකිතයෙන් පිරිලා යද්දි.

"මම තමයි..මේ දොර අරිනවද ඇතුළට යන්න?"

හරියට ඔහු සිටින්නේ ඔහුගේ දේපලක වගේ අණ දෙද්දි අහිංසාට දැනුනේ නිම්හිම් නැති කෝපයක්.

"මේ මිස්ටර් රදීශ ජයසිංහ..මේ සැලෝන් එක මගේ.මං දොර අරින්නේ මට ඕන වෙලාවට..තමුන්ට කැමති නම් ඇති තරම් වෙලාවක් එළියට වෙලා හිටන් ඉන්නවා"

අහිංසා තරමක දැඬි හඬකින් කියද්දි ඇය දෙසට අවඥා සහගත බැල්මක් හෙලුව රදීශ එක්වරම ඇගේ කරෙහි වූ කුඩා අත් බෑගය ඇද්දේ අහිංසා කලබල වෙද්දී.

"ඒ...යි...ඔය මොකද කරන්නේ?මෙහෙ දෙනවා මගෙ බෑග් එක...."

කෙතරම් කෑ ගැහුවද අහිංසා ඔහු අසලට ළං නොවූයේ හිතට බයකුත් දැනෙද්දි.තරමක් උස තරුණයෙකු වූ රදීශ ඇයව මායිම් නොකර යතුර සොයාගෙන බෑගය අහිංසා දෙසට විසි කලා.තුශ්නිම්භූතව බලා සිටි අහිංසා කරන්න දෙයක් හිතාගන්න බැරි වෙද්දී රදීශ සැලෝන් එක විවර කර ඇතුළට ගියේ අහිංසා දොරකඩම ගල් ගැසී මෙන් බලා ඉද්දී.ඇය දෙසට නැවතත් ඔච්චම් සිනාවක් පෑ ඔහු ඇයට පෙනෙන ලෙසම ඉදිරියෙන්ම වූ සෙටියේ වාඩි වූයේ ඔහුව කිසිම විදයකින්වත් එළවන්න වෙන්නෙ නෑ කියලා අහිංසාට වැටහෙද්දී.

"මට මුලු දවසම මෙතන ඉන්න බෑ.ඇතුළට එනවා.වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා"

ඇගේ ප්‍රමාදය හමුවේ උරණ වූ රදීශ උස් හඬින් කියද්දී අහිංසා අඩියට දෙකට ඇතුළට පැමිණ ඔහු ඉදිරියෙන් සිටගත්තේ අත් දෙකත් බැඳගෙන.

"මේ අහන්න රදීශ...එදා මං..ඒ ඇක්සිඩන්ට් එක කළේ හිතාමතා නෙමේ.ඔයා වැරදි පැත්තට සිග්නල් දැම්ම නිසා වෙච්ච දෙයක් ඒක.ඔයා..මෙහෙම ඇමතිතුමාගෙ හයිය අරගෙන මේ විදියට..මට බලපෑම් කරනවට මම ආසා නෑ..ප්ලීස්..ඔ..ඔයා හිතන..විදියේ..කිසිම..දෙයක් වෙන්නෙ නෑ..මෙතනින් යන්න..."

විසල් ධෛර්යයක් හිතට ගත් අහිංසා බැරෑරුම් හඬකින් කියද්දී ඇය දිහා එක එල්ලේ බලා සිටි රදීශ සුලු මොහොතකින් සිනහ වීමට පටන් ගත්තේ අහිංසාව තව තවත් කළඹවමින්.

"හිනා වෙන්න තරම් දෙයක් මං කිව්වෙ නෑ"

ඔහුගේ සිනහව බොරුවක් නොවන බව නම් අහිංසාට පැහැදිලියි.ඇගේ වදන් හමුවේ ඔහු මේ සිනාසෙන්නේ අවංකවමයි.නමුත් ඒ වදන් වල ඔහුට සිනාවීමට තරම් තිබුන දේ ඇයට වැටහුනේ නෑ.

"හි...හිනා යනවනේ අයිසේ..කියන දේවල් වලට.."

හිනා හඬ මැද්දෙන් ඔහු කතා කළේ අපහසුවෙන්.ඔහුගේ හැසිරීම දිහා අහිංසා බලන් උන්නේ අප්‍රසාදයෙන්.

"මේ අහනවා අහිංසා..මගේ හිතේ තියෙන දේ සිද්ද වෙන්නම ඕනේ..හැබැයි...ඒ තමුසෙ හිතන් ඉන්න දේ නම් නෙමේ.."

ඇයට එහි අරුතක් වැටහුනේ නැහැ.කකුලක් පිට කකුලක් දමාගෙන හරිබරි ගැහී වාඩි වූ රදීශ ලොකු හුස්මක් පිට කළේ හරියට ලොකු කතාවක් කියන්න තියෙනවා වගේ.

"තමුන් දැන් හිතන් ඉන්නේ මම මගේ තාත්තාගේ පවර්ස් පෙන්නලා තමුසෙව කසාඳ බඳින්න ගේමක් ගහන්න හදනවා කියලා නේද..ම්ම්ම්?"

තමාගේ හිතේ තිබ්බ සැකය ඒ විදියටම ඔහු අනුමාන කර කියද්දී ඇය මඳක් අපහසුතාවයකට පත් උනා.

"තමුසෙව බඳින්න ඉන්න කොල්ලගෙන් වෙන් කරලා මගෙ කරගන්න තරම් අහේනියක් මට නෑ...හැබැයි එහෙම පිස්සුවක් අපේ තාත්තාට හැදීගෙන එන්නේ..."

"මො...මොකක්ද??

යන්තමට ඒ කියූ දේ වැටහුනු අහිංසා බියෙන් සලිත උනා.

"වෙච්ච සිද්දියත් එක්ක තමා අපේ තාත්තාට තමුසෙ ගැන ඉව වැටුනේ..තමුසෙ කාගෙ කවුද කියලා දැනගෙන ගෙදරටම හොයන් යද්දි මට හිතුනා එයා මොකක් හරි ප්ලෑනක් ගහනවා කියලා..හැබැයි තමුසෙගෙ අප්පච්චිට තියෙන්නේ බළල් ඉවක්ද කොහෙද...හැමදේම මීටර් වෙලා ඒ වෙලාවෙම තමුසෙගෙ අයියගෙ යාලුවව තමුසෙගෙ වෙන්න මනමාලයා කලේ ඒ නිසානේ..."

අහිංසා කෙළ පිඬක් ගිල්ලා.මේ වගේ දෙයක් ඇය කිසිසේත්ම බලාපොරොත්තු උනේ නෑ.එසේ නම් ජයසිංහ ඇමතිගේ පැමිණීම හැමෝම අනුමාන කළ පරිදි සැලසුමකට අනුව සිද්ද වෙච්ච දෙයක්.

"මං සුදු චරිතයක් නෙමේ අහිංසා..හැබැයි මගෙ තාත්තා තරම් කලු චරිතෙකුත් නෙමේ...තාත්තා තව අඩියක් ඉස්සරහට තියන්න කළින් මම ම තමුසෙව හොයාගෙන ආවේ මං හිතුවෙවත් නැති විදියට තමුසෙත් එක තැනකට සම්බන්ධ වෙන නිසා...අනික...තමුසෙව තමුසෙගෙ ආදරවන්තයාගෙන් වෙන් කරන්න මට උවමනා නෑ"

හැමදේම දැන් වගේ රදීශ කතා කරද්දී අහිංසා මඳක් කලබල උනා.

"අහ්..එහෙම..දෙයක්..."

"එහෙම දෙයක් නෑ කියලා නම් කියන්න එපා අහිංසා..මං දන්නවා තමුසෙගෙ තාත්තා එදා සාරංග ගැන බොරුවක් ගොතලා කිව්වට තමුසෙලා දෙන්නා අතර ඇත්තටම අෆෙයාර් එකක් තියෙනවා කියලා...තමුසෙගෙ අයියා ඒක තාම දන්නෙත් නෑනේ..."

අහිංසාගේ තොල කට වේලිලා ගියා ඒ දේ අහද්දි.ඒත් රදීශගේ මූණෙ නම් තිබ්බේ සරදම් හිනාවක්.

"එතකොට තමුසෙගෙ නෑනා පොඩ්ඩ මීට අවුරුදු ගාණකට කලින් ලංකාවට ආවේ අර පරලොව ගිය සුමින්ද ඇමතියගේ පුතා තිසරගෙන් බේරෙන්න...ඒ ආව ගමනෙන් පස්සෙ තමා තමුසෙගෙ නෑනයි පොඩි අයියයි ආදරේ කරන්න ගත්තේ..මම හරිද?"

පේන කියන්නා වගේ රදීශ නිවැරදිවම හැමදේම කියද්දි අහිංසාට බය හිතුනා.ඔහු ඔවුන්ගේ පවුලේ දේවල් කෙතරම් දුරට දන්නවාද කියන්නවත් ඇය දන්නෙ නෑ.

"ඔ..ඔයා..මේ දේවල් දන්නෙ කොහොමද??"

ඇගේ හඬේ තිබ්බෙත් බියක්.

"කිව්ව හැමදේම හරිනෙ ඒ කියන්නේ??තමුසෙගෙ පවුලට ඇමති පවුල් වලින් හෙණයක් තියෙනවද කොහෙද අහිංසා..."

පැතිරී ගියේ ඔහුගේ උස් සිනා හඬයි.අහිංසාට නම් කලන්තේ දාන්න තරම් පීඩනයක් දැනුනේ.

"බය වෙන්න එපා..මම තිසරයා වගේ වලත්තයෙක් නෙමේ..අපේ තාත්තා අර සුමින්ද ඇමතියා වගේ මැරයෙකුත් නෙමේ..හැබැයි...එයා බලයට,සල්ලි වලට කෑදරයෙක්..ඒකට තමුසෙවවත් තමුසෙගෙ ගෙදර අයවවත් ගාවගන්න මං කැමති නෑ...මොකද මට මගේ ජීවිතේට ළං කරගන්න ඕන කෙනාව මම තෝරගෙන ඉවරයි..අන්න එතනදි මට තමුසෙගෙන් උදව්වක් ඕනේ"

"ම්ම්..මට තේරුනේ නෑ..."

ඔහු කියනා දේවල් වල හරි අරුතක් තෝරගන්න බැරිව අහිංසා ලත උනා.

"මං එක කෙල්ලෙක්ට ආදරේ කරනවා.හැබැයි එයාට ගෙදරින් කැමති නෑ.විශේෂයෙන්ම තාත්තා...මට කවුරු නිසාවත් එයාව අත ඇරගන්න බෑ..."

"ඉතින්..මම කොහොමද ඔතනට සම්බන්ධ වෙන්නේ?"

තවමත් කිසිවක් නොතේරුනු අහිංසා මෙවර කතා කලේ මඳක් සන්සුන්ව.ජංගම දුරකථනය සාක්කුවෙන් ගෙන යමක් පිරික්සූ රදීශ එය අහිංසාට පෙනෙන ලෙස ඇල්ලුවේ අහිංසා ඉදිරියට නැමී එදෙස බලද්දී.එය සෙල්ෆි ඡායාරූපයක්.නමුත් අහිංසා පුදුම උනේ රදීශව දැක නෙමේ ඔහුට තුරුලු වී සිටින යුවතියව දැකලයි.

"දෙයියනේ..මේ..බුවී නේද?"

පුදුමයට පත්ව අහිංසා අහද්දී රදීශ කළේ හිස සලපු එක.ඔව්.ඒ සිටියේ වෙන කවුරුත් නෙමේ අහිංසාට සැලෝන් එකට බඩු ගන්න උදව් කෙරුව ඇගේ යෙහෙලිය බුවිනියි.එදිනද ඇය බෝයි ෆ්‍රෙන්ඩ් ඇවිත් කියා පිටව ගිය බව අහිංසාට මතකයි.එසේ නම් එදින ඇය හමු උනේ රදීශවද?

"එතකොට..එයාගේ බෝයි ඔයාද?"

රදීශ එයටත් හිස සැලුවත් අහිංසා තවමත් සිටියේ පුදුමයෙන්.

"අවුරුදු බර ගාණක අෆෙයාර් එකක් ඒක.හැබැයි..මම එයාට මුල්ම දවස් වල එක බොරුවක් කළා..මං කිසිම වෙලාවක මගෙ තාත්තා ගැන එයාට කිව්වෙ නෑ.ඒත් තාත්තා ඡන්දෙන් දිනලා පස්සෙ කාලෙක ඇමති කෙනෙක් උනාම තමා එයාට මං ගැන දැනගන්න ලැබුනේ..එයා බය වෙච්ච පාර අෆෙයා එක නතර කරන්නත් හැදුවා.ඒත් මායි ඉඩ දුන්නෙ නැත්තේ.ඒත් තාත්තාට හැමදේම ආරංචි වෙලා බුවීගේ ගෙදරටත් බලපෑම් කරලා තිබ්බා.ඒ අස්සේ තමා මට තමුසෙව පටලවන්න හදන්නේ...ඒත් තමුසෙගෙ යාලුවා ඇර කවුරුත් මට ඕනේ නෑ...ඒ නිසා මං තීරණය කලා මේ හැමදේම දුර දිග යන්න කලින් එයාව මැරි කරන්න"

පෙර තිබූ සැහැල්ලු බව ඒ වෙද්දි රදීශගෙන් දකින්න තිබ්බෙ නෑ.

"ඒත් බූ ඒකට කැමති නෑ.කවදහරි එයා නිසා එයාගේ ගෙදරට කරදරයක් වෙයි කියලා බයක් බූට තියෙන්නේ..තාත්තා ගැන දන්න කිසිම කෙනෙක් මේ මැරේජ් එකට හෙල්ප් කරන්නෙත් නෑ..."

"ඒක එහෙම නම් මං කොහොමද උදව් කරන්න ඕනේ?ඒ ප්‍රශ්ණ ඒ විදියටම මටත් එල්ල වෙයිනේ.."

අහිංසා එහෙම කියද්දි රදීශගේ මුවේ ඇදුනේ සිහින් සිනාවක්.

"තමුසෙ හිතනවට වඩා තමුසෙගෙ තාත්තා පවර්ෆුල් අහිංසා..අපේ තාත්තා ඇමතියෙක් වෙන්න කලින් ඉඳන්ම කරපු කියපු හැමදෙයක් ගැනම වගේ තමුසෙගේ තාත්තා දන්නවා..අනික තමුන් හිතන තරම් අපේ තාත්තා දරුණු කෙනෙක් නෙමේ.එයා කලු චරිතයක් උනත් සමහර තැන් වල එයා සීමා වෙනවා.මනුස්සයෙක් මරන්න තරම් තීරණේකට එයා කවදාවත් යන්නෙ නෑ..."

රදීශ කෙතරම් විශ්වාසයකින් කිව්වත් අහිංසා උන්නෙ නම් බයෙන්.ඔහුගේ පියා ඔහුට හොඳ උනාට ඇයට නම් කිසිම ප්‍රසන්න හැඟීමක් ඔහු කෙරේ දැනුනේ නෑ.

"තමුසෙට කරන්න තියෙන්නෙ එකම එක දෙයයි..බූගෙ හිත හැදෙන විදියට කතා කරන්න ඕනේ..අනිත් හෙල්ප් එක බූ මැරේජ් එකට කැමති උනාම කියන්නම්...දැට්ස් ඕල් ෆො නව්"

දණිස් දෙකට තට්ටුවක් දමා රදීශ නැඟිටිද්දී අහිංසා මඳක් පසෙකට උනා.ඔහු ඇගේ බියගුළු හැසිරීමට හිනා උනේ හිතෙන්.ඇයව බියපත් කර රදීශ ගත්තේ තෘප්තියක්.

"ඔයාගේ ප්‍රශ්ණ වලට..මාව පටලවගන්න එපා...ප්ලීස්"

අහිංසා වචන ගැටගසමින් කිව්වේ ඔහු දිහා එක එල්ලේ නොබලා.ඔහුව දැකුමෙන් කෙනෙකු බියට පත් වන එකට ඔහු අකැමැති උනත් අහිංසා බියෙන් ඇකිලෙන විදියට රදීශ ඇත්තටම ආසයි.ඒ නිසාමයි ඔහු ඇය අසලටම ළං උනේ.අනපේක්ෂිත ළං වීමෙන් කලබල උනු අහිංසා ගිහින් හේත්තු උනේ අසල තිබ්බ විශාල කණ්ණාඩියට.

"වන් තින්ග්..මේ හෙල්ප් එක කරනකන් මං තමුසෙව ෆලෝ කරනවා..උදව් කලේ නැත්තම්..."

රදීශ මොහොතකට ඇගේ විසල් වෙච්ච දෙනෙත් දිහා බැලුවා.

"තමුසෙගෙයි සාරංගගෙයි අෆෙයා එක ගැන මං දෙක කරලා තමුසෙගෙ අයියගෙ කනේ තියනවා..ඊළඟට තමුසෙගෙ අප්පච්චිවත් අවුස්සනවා..දන්නවනේ..තමුසෙගෙ පවුලෙ දේවල් දන්න මට ඒ දේ කරන්නත් අමාරු නෑ..."

අහිංසා කෙළ පිඬක් ගිල්ලා.වෙන කෙනෙක්ගෙ මුවෙන් ඒ වගේ දෙයක් ආරංචි උනොත් කේශව නම් නිකන් ඉන්නෙ නෑ.ඔහු ඇත්ත කියන්න එක අවස්ථාවක් ලබා දී තියෙද්දිත් අහිංසා හැමදෙයක්ම සඟවගෙන උන්නේ සාරංගගේ පැත්තෙන් හැමදෙයක්ම විසඳගන්නකන්.ඒත් රදීශ හැමදේම අවුල් කරයි කියලා හිතෙද්දි ඇගේ දෙනෙත් වලට කඳුලු ඉනුවේ රදීශත් බලන් ඉන්නැද්දී.එයින් කලබල වෙච්ච ඔහු ඇගෙන් ඈතට උනෙත් ඒ එක්කම සැලෝන් එකේ දොර විවර උනෙත් දෙදෙනාම කලබල වෙද්දී.අහිංසා සහ ඇය අසලම උන්නු ආගන්තුකයා දැකලා උන් තැනම නතර වුනු මුතූ හිනාවක් නඟා ගත්තේ ආයාසයෙන්.අහිංසා ඉක්මනට කඳුලු පිහාගත්තත් මුතූට ඒ වෙද්දි සැකයක් දැනිලා ඉවරයි.

"මං යන්නම්..කිව්ව දේ ගැන හිතලා බලනවා.."

මුතූ ආව නිසා වැඩි දෙයක් නොකියූ රදීශ ඉවතට යද්දී මුතූ අහකට උනේ තමාව පසු කරන් යන ඔහු දිහා අමුතුවට බලමින්.කලබල වෙච්ච හිත සන්සුන් කරගෙන අහිංසා බොරු හිනාවක් මුතූ දෙසට පෑවත් මුතූ නම් උන්නේ ප්‍රශ්ණ දාහක් හිතේ තියාගෙන.

"කවුද අක්කී ඒ??මට දැකලත් හුරුයි..ඒත් කවුද කියලා මීටරේට වැටෙන්නෙ නෑ.."

හැමදේම මුතූ එක්ක කියන්න හිතලත් අහිංසා බය උනේ ඔහු මුතූටත් තර්ජනය කරාවි කියලා.ඇය කරන කියන හැමදේම දන්න ඔහුට මුතූ පසුපස පැන්නීමද අමාරු දෙයක් නොවේ.ඒ නැතත් ඇය ඒ දේවල් සාරංග එක්ක කිව්වොත් ඔහුත් නැති ප්‍රශ්ණ වල පැටලේවි කියලා බියක් ඇයට දැනුනා.

"ආ..මේ..ඒ මගෙ යාලුවෙක් බෝයි ෆ්‍රෙන්ඩ්..මෙහෙන් යන ගමන් බලන්න ඇවිත්"

අහිංසා මුතූට උත්තර දුන්නෙත් අහක බලාගෙනමයි.ඒත් මුතූට නම් ඒ කාරණාව විශ්වාස කරන්න බෑ කියලා හිතුනා.

"ඒ උනාට ඔයා දිහා බලන් උන්නු බැල්ම මට ඇල්ලුවේ නෑ..නිකන්..මැරයෙක් වගේ"

"ඒ..එයාගේ හැටි අනේ...එයාව දකින හැමෝම එහෙම තමා කියන්නේ..මේ..අතුගාලා ගමුකෝ..බුදු පහන තියන්නත් ඕනේ"

ඉක්මනට මාතෘකාව වෙනස් කෙරුව අහිංසා ගෙදරින් ගෙනා මල් කීපය කුඩා වට්ටියට අසුරද්දී මුතූ සැලෝන් එක අතුගෑවත් ඇගේ මනසින් රදීශව නම් මැකුනේ නෑ.

........💜️........ RITHU SAKURA .......💜️........

සැලෝන් එකට ආ යුවතියකට ෆේශල් එකක් දමමින් සිටි අහිංසා සෑහෙන වෙලාවක ඉඳන් බලන් උන්නේ පැත්තකට වෙලා මූණත් දෙක කරන් ඇමතුමක ඉන්න මුතූ දිහා.ඇය රහසින් මෙන් කතා කරන විදියට හිතුනෙම ඒ ඇමතුම තිහස්ගෙන් කියලා.යුවතියට ෆේස් පැක් එක දමා ඇයට එලෙසින්ම සිටින්නට පැවසූ අහිංසා අතත් පිසදමමින් ආවේ මුතූ අසලට.ඒ වෙද්දී ඇමතුම විසන්ධි කර මුතූ සිටියේ දුරකථනය නිකටේ තබාගෙන ලොකු කල්පනාවක.

"මොකද අර ඉත්තෑවා දැන් කියන්නේ?"

අහිංසා ළඟටම ඇවිල්ලා අහද්දි මුතූ ගැස්සිලා ගියා.ඇය ඒ තරම්ම ගැඹුරු කල්පනාවකයි උන්නේ.

"නෑ අක්කී..එයා අද හෙටම අපේ ගෙදර එන්න ඕනෙ කියනවනේ"

"ඉතින් ඒක හොඳයිනේ ළමයෝ..කෙලින් වැඩ කරන කොල්ලෝ එහෙම තමා.අනික කවදා වෙනකන් ඕක රහසින් කරන්නද?"

"ඒත් අක්කී...මට බයයි..මං දුක් වින්ඳ හැටියට අම්මලා තිහස්ට අකැමති වේවි කියලා...එයා එයාගේ අම්මගෙ ප්‍රශ්ණෙ තාම විසඳගෙනත් නෑ.අනික...මේ..නිකී අයියාත් එයා එක්ක අවුල්නේ"

සාරංග තිහස් එක්ක තියෙන කේන්තිය එළියට නොදැම්මත් තාමත් ඔහු ඉන්නේ ඒ දේවල් මතකෙ තියන් කියන්න අහිංසා දන්නවා.ඇයට මුතූ ගැන දැනුනේ දුකක්.කාරණාව මොකක් උනත් තිහස් අවංකවම මුතූට ආදරෙයි කියලා මේ ටික කාලෙට අහිංසාට දැනුනා.ඒ ගොඩක්ම මුතූගෙම හැසිරීමෙන්.ඇය ඉන්නේ වෙනදටත් වඩා සතුටින්.ඇය ළඟින්ම උන්නු නිසා අහිංසාට ඒක හොඳටම දැනෙනවා.

"මං සාරංග අයියට කතා කරන්නම්.කාටත් කළින් ඒ දෙන්නා කතා බහ කරලා මේ ප්‍රශ්ණ විසඳගන්න එක හොඳයි"

"තිහසුත් කියන්නේ ඒකමයි.එයාටත් නිකී අයියා එක්ක කතා කරන්න ඕනලු.ඒත් මට බයයි දෙන්නා මරාගනීවි කියලා...අනේ අක්කී..නිකී අයියාට කියන්නකෝ..එයා ඔයාගෙ කීමට පිටින් යන්නෙ නෑනේ..අනේ මගෙ හොඳ නෑනානේ..."

මුතූ අහිංසාගේ කම්මුලක් මිරිකමින් කියද්දී අහිංසාට හිනාවක් ගියා.

"අයියලා නංගිලා දෙන්නම එකයි..නලවලා වැඩේ කරගන්න හදන්නේ"

ඒත් ඒ වචන ටිකට නම් මුතූගෙ මුවේ ඇදුනේ සෙල්ලක්කාර හිනාවක්.

"ඇත්තද???අපේ අයියා ඔයාව නලවගෙන මොනාද කරගන්න වැඩේ එතකොට ආ?"

මුතූගෙ කටත් සාරංගට දෙවෙනි නෑ.ලැජ්ජාවෙන් මුලු මුහුණම රතු වෙද්දී අහිංසා නැඟිට්ටේ මුතූට රවමින්.

"මේ කටවල් දෙකම එකයි බලන් යද්දී"

ඉතින් එයින් හිනා නැඟුනු මුතූ අමාරුවෙන් හිනාව පාලනය කරගත්තේ තවත් යුවතියක සැලෝන් එකේ ඉන්නා බව සිහිවීමෙන්.අහිංසා ඊළඟ ආලේපනය කුඩා භාජනයක සකසන්නට ලෑස්ති වෙද්දී මුතූ ඇය අසලට ආවා.

"මේ...නිකී අයියාට අරක කියලා බලනවා නේ??ප්ලීස්...බෑ කියන්න එපා"

මුතූ පිංසෙණ්ඩු වෙද්දී අහිංසා බැලුවේ ඇගේ අසරණ මූණ දිහා.

"සාරංග අයියාගේ නංගි දැන් මගෙත් නංගි තමා...ඒ නංගිගෙ සතුට වෙනුවෙන් මම ඕනම දෙයක් කරනවා..ඒකෙ සැකයක් තියාගන්න එපා"

අහිංසාගේ වදන් වලට ඇය ගැන දැඩි සෙනෙහසක් දැනුනු මුතූ කඳුලු වාවගෙන ඇගේ අතක් පිරිමැද්දා.මුතූ හැමවෙලාවෙම පැතුවේ අහිංසාව ඇගේ නිකී අයියටම ලැබෙන්න කියලා.ඉතින් ඒ දේ හැබෑ වෙලා තියෙද්දී ඇයට දැනුනේ අපිරිමිත සතුටක්.

-මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

4.4M 280K 104
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
1.7K 256 7
මිස්ටර් රුද්‍රාක්ශ ප්‍රතාප් ගජේන්ද්‍රනාත් ! " දන්නව ද මම කියවන පොතක තිබ්බේ සරීන් කියන්නේ nerve gas එකක් කියලා. විනාඩි දහයකින් වගේ මනුස්සයෙක් මරන්න පු...
4.1M 169K 63
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
1.5M 110K 42
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...