සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

89.7K 6.7K 211

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

44

960 75 1
By Rithu_Sakura

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️44 කොටස💜️

අහිංසා රිදුම් දෙන හිස අල්ලාගෙන ආසනයට හේත්තු උනේ සිද්ද උනේ මොකක්ද කියලා හිතාගන්න බැරිව.ඇය දෑතින්ම හිස බදාගද්දි ඇඟිලි තුඩු වලට දැනුනේ උණුසුම් දියරයක ස්පර්ශයක්.වෙව්ලන ඇඟිලි දිහා ඇය බලාගෙන උන්නේ බයෙන් වගේ.තිරිංග තද කෙරුව විදියට වාහනය නතර උනේ ඇගේ හිස තදින් සුක්කානමේ වදිද්දී.ඒ වැදුනු වේගෙට ඇගේ නළල පැලී ලේ ගැලුවේ ඇයට ක්ලාන්ත ගතියක් දැනෙද්දී.නමුත් ඇයට මහ වෙලාවක් එහෙම ඉන්න උනේ නෑ.ඇය සිටි පැත්තෙ ශටර් එකට කවුරුන් හෝ තට්ටුවක් දැම්මේ ඇයව හොඳටම තිගැස්සෙමින්.ඇය දොර අන්ලොක් කර වාහනයෙන් බැස්සේ මහ වැස්සට තෙමෙනවා කියලවත් ගණන් නොගෙන.

"ඔහොමද අයිසේ ඩ්‍රයිව් කරන්නේ??දකුණට හරවනවා දැක දැක ඕවර් ටේක් කරන්න හැදුවේ තමුසෙට මොංගල්ද?"

තරුණයෙකු ඇයට බැණ වදින්න ගත්තේ ඇය තුශ්නිම්භූත වෙලා වගේ බලන් ඉන්නැද්දි.ඔහු කුඩේ අල්ලගෙන ඇය දිහාට රකුසු බැල්මක් දමාගෙන උන්නේ අහිංසාට වචනත් නැති වෙද්දි.

"බලනවා කාර් එකට වෙලා තියෙන ඩැමේජ් එක.පස්සෙ අලවගෙන වගේ ඩ්‍රයිව් කළාම හරි යනවද?මේ ගෑණුන්ට වාහන අතට දුන්නම ගොන්නු වගේ හැසිරෙන්නේ"

ඔහු බනින දිහා ඇය බලන් උන්නේ කටට වචනත් නැති වෙද්දී.වැරැද්ද ඇගේ නෙමේ කියන්නවත් ඇයට සිහි උනේ නෑ.ඒ තරමටම ඇගේ හිසෙන් ආවේ ලොකු වේදනාවක්.

"මේක ලේසියෙන් අතාරින්නෙ නෑ මං..."

ඔහු කාටදෝ ඇමතුමක් ගත්තේ ඇය තුවාල වෙලා කියලවත් ගණන් නොගෙන.ඇඬෙන්න වගේ එද්දි ඇය හැදුවේ දුරකථනය අතට ගන්න.ඇය ඉදිරිපස ආසනයට ගොඩ වී දුරකථනය අතට ගෙන කේශවට ඇමතුමක් ගත්තේ කලබලයෙන්.ඇගේ අත වෙව්ලන්නේ ඒ තරම් අසරණබවක් මීට පෙර නොදැනුනු නිසා.කේශව දුරකථනයට පිළිතුරු දුන්නේ කාර්යාලයේ ඉද්දී.

"හෙලෝ අහිංසා..ඇයි?"

"අනේ පො..ඩි...අයියේ..."

අහිංසාට ඉකි ගැසුනේ කතා කරගන්න බැරි තරමට.මේ වගේ අවස්ථාවකට කවදාවත් මූණ දීලා නැති නිසා ඇයට තේරුනේ නෑ මොනා කරන්නද කියලා.කේශව ඉඳන් උන්නු තැනින් නැඟිට්ටේ කලබලෙන්.අහිංසා අඬන විදියට ඔහුට දැනුනේ බයක්.

"නංගී..මොකද අඬන්නේ?මොකද උනේ ආ?"

ඔහු සද්දෙන් අහද්දි චාන්‍යාත් ඔහු අසලට ආවේ කරමින් උන්නු වැඩේ නතර කරලා.

"අ..අයියේ...අනේ..එන්නකෝ.කාර්..එක....
හැප්පුනා.මං..මං...අද තනියම..ආවේ.එන්නකෝ..."

ඇයට මේ වෙලාවේ ඉන්න එකම පිහිට කේශව.මොකද නගරයට ආසන්නයෙන්ම ඉන්නෙ ඔහු නිසා.

"මොකක්??තමුසෙ කොහෙද ඉන්නෙ කියනවා??තමුසෙට තුවාල නෑනේ??කතා කරනවා අහිංසා මාව බය නොකර"

කේශව හයියෙන් කියද්දී චාන්‍යා ඔහුගේ අතක එල්ලුනේ ඔහු හැසිරෙන විලාසයෙන් අහිංසාට කරදරයක් වෙලා කියලා වැටහිලා.

"ටවුන් එකේ ඉඳලා..මහ දුරක්..ආවේ නෑ.අනේ ඉක්මනට එන්න.මට බයයි ගොඩක්.එක මනුස්සයෙක් ඇවිල්ලා..මට හොඳටම කෑ ගැහුවා.."

"හරි..මං ඉක්මනට එන්නම්..කාර් එක ඇතුළට වෙලාම ඉන්නවා හොඳද?කා එක්කවත් කතාවට යන්නෙ නෑ...මං ඉක්මනට එනවා"

කේශව ඇමතුම විසන්ධි කරද්දී චාන්‍යා බැලුවේ ඔහුගේ මුහුණ දිහා.

"නංගි කාර් එක වද්දගෙන.අද තනියම ගිහින් තියෙන්නේ.."

"අනේ දෙයියනේ..තුවාල වෙලා නෑ නේද?"

"නෑ වගේ.හැබැයි බය වෙලා...මං ඉක්මනට යන්නම්.ඔයා අයියා එක්ක නිවාඩුව එන්න"

කේශව කාර් කී එකත් අරන් එළියට වේගයෙන් යද්දි චාන්‍යා පපුවට අත තියාගත්තේ බයෙන්.

"අනේ..ඔයා මේ වැස්සේ පරිස්සමින්"

ඒත් ඒ ටික අහගන්න කේශව උන්නෙ නෑ.ඔහු වේගයෙන් එළියට ගියේ ගිරිරාජ්ට ඇමතුමක් ගන්න ගමන්.

කඳුලු වගුරවමින් දෑත් වෙව්ලමින් මූණත් වහගෙන අඬන අහිංසා උන්නේ දරාගන්න බැරි පීඩනේක.අර තරුණයා නිතරම වාහනයේ ශටරයට වේගයෙන් ගහන්නේ ඇය බියෙන් මුලු ගැන්වෙද්දී.වැරැද්ද ඔහුගේ අත බව හොඳටම දන්නවා උනත් බය වෙච්ච පාරට තනි ඇයට ඔහු එක්ක හැප්පෙන්න හයියක් තිබ්බෙ නෑ.ඒ අස්සෙන් හිසෙන් එන වේදනාවට සිහිය නැති වෙන්න යනවා වගේ දැනුණත් ඇය උන්නේ ආයාසයෙන් දරාගෙන.පාර අවහිර වෙලා තිබුනු නිසා පිටුපස වාහන එක දිගට නාද කරන හෝන් වල හඬ පවා ඇගේ හිසරදය දෙගුණ කළා.එක්වරම අර තරුණයා නිහඬ වූයේ අහිංසාගේ මනසට සහනයක් දෙද්දී.නමුත් ඔහු කිසිවෙකු හෝ උස් හඬින් කතා බහක නියැලෙන බව අහිංසා දැක්කේ අඩමානෙට.වතුර බිඳු වලට අපැහැදිලි වුනු ශටරය දෙසට නැමී බලද්දී ඇය සාරංගගේ මුහුණ දැක්කේ අහම්බෙන් වගේ.නිවන් දැක්කා වගේ හැඟීමක් එද්දී අහිංසා දොර විවර කලේ හිසින් ආ වේදනාවද මොහොතකට අමතක කරලා.

"අනේ..සාරංග අයියේ..."

වාහනයෙන් බැස්ස ගමන් ඇය වැස්සේම සාරංගට තුරුලු උනේ වටේ පිටේ කිසිවෙකුවත් මායිම් නොකර.

"අනේ අයියේ...මට බයයි..."

ඇය ඔහුව තදින් අල්ලගෙන ඉන්නේ ඒ පපුවේ මූණ හංඟගෙන.

"අහිංසා..ඔයා හොඳින් නේද??කෝ..ඔලුව උස්සලා බලන්න"

සාරංග බලෙන්ම එක අතකින් ඇගේ මුහුණ ඔහු දෙසට හරවගත්තේ අනිත් අතෙහි වූ කුඩෙන් ඇයව ආවරණය කරගෙන.ඒ වෙලාවෙයි ඇගේ නළලෙ තිබ්බ තුවාලය ඔහු හරියටම දැක්කේ.

"මේ ලේ...ඔයාගේ නළලෙන් ලේ එනවා...අහිංසා...ඔයාට අමාරුද ආ??"

ඔහු ඒ මුහුණ අල්ලමින් හිසකෙස් හදමින් අහන්නේ ලොකු කලබලේකින්.ඇය වේදනාවෙන් ඉද්දී කාටත් වඩා රිදුනේ සාරංගට.

"මේ..මිස්ටර්...මගෙ වාහනේ ඩැමේජ් එක ගෙවලා ඉන්නවා..ගෑණිට වාහනේ දෙන්න කළින් දෙපාරක් හිතන්න තිබ්බෙ නැද්ද?"

අර තරුණයාගෙන් බාධා වෙද්දී අහිංසා සාරංගගේ බඳ වටා දෑත් යවලා තද කරගත්තේ ඔහුගේ හැසිරීමට ඇති වෙච්ච බයට.

"මේ මිස්ටර් ජයසිංහ..ඉස්සෙල්ලා මනුස්සයෙක් විදියට හැසිරෙනවා.වැරැද්ද කාගෙ උනත් මනුස්ස ජීවිතයක් ඔය යකඩ ගොඩට වඩා වටිනවා.මෙතන කෙල්ලෙක් තුවාල වෙලා අසරණ වෙලා ඉද්දි ඔය කටේ සද්දෙ දාලා තමුන්ගේ තාත්තාගෙ පොලිටිකල් පවර්ස් පෙන්නන්න එන්න එපා.."

සාරංග හයියෙන් කියද්දි අහිංසා ඒ තරුණයා දිහා බැලුවේ බයෙන්.

'දෙයියනේ....මේ අර ජයසිංහ කියන පොලිටීශියන්ගෙ පුතාද??'

ඇය හිතුවේ මනස අවුල් වෙද්දී.

"මේ අයිසේ...මං මේ බොහොම ඉවසීමෙන් කතා කරන්නේ...මට..."

"මාත් ඉවසීමෙන් තමා ඉන්නේ.මෙතන සිද්දිය දැක්ක මිනිස්සු කිව්ව විදියට තමුන් වමට හරවන්න සිග්නල් දාලා එකපාරටම දකුණට කපලා තියෙනවා..එහෙම බැලුවාම වැරැද්ද තමුන්ගේ"

සිද්ද උනේ එයම බව අඟවන්න වගේ අහිංසා සාරංගගේ කමිසය තද කරලා අල්ලගත්තා.

"එහෙනම් මගෙ වෙහිකල් එකේ රයිට් සිග්නල් එක පත්තු වෙවී තියෙන්නෙ කොහොමද මිනිහෝ?"

අහිංසා ඔහුගේ නවීනතම මෝටර් රථය දිහා බලන් උන්නේ පුදුමයෙන්.ඇයට වැරදෙන්න විදියක් නෑ.ඔහු වම් පසට සංඥා එලි දැම්ම බව ඇයට විශ්වාසයි.

"වෙච්ච දේ ඩෑශ් කැම් එකේ රෙකෝඩ් වෙලා ඇතිනේ.ඒ නිසා හරියටම වැරැද්ද කාගෙද කියලා ඒකෙන් බලමු"

සාරංග කියද්දි අර තරුණයා කෝපයෙන් බැණ වදින්න පටන් ගත්තේ අහිංසා තව තවත් සාරංගගේ ගතට තුරුලු වෙද්දී.කේශව එනතුරු අහිංසා වාහනය ඇතුළට වෙලා උන්නේ සාරංග මතම දෙනෙත් රඳවගෙන.ඔහු සැරින් සැරේ අහිංසා දිහා බලන්නේ ඇමතුමක ඉන්න ගමන්.අහිංසාගේ දෑස් පියවෙන්න ඔන්න මෙන්න.කේශව එද්දි පවා ඇය උන්නේ අසිහියෙන්.අන්තිමට ඇයට මතක කවුරුන් හෝ ඇයව දෝතට ගත්තා කියන එක විතරයි.

........💜️........ RITHU SAKURA .......💜️........

අහිංසා උන්නේ සිහිය නැති වෙලා.හිසට දැමූ වෙලුම් පටි සහිතව වැතිරිලා ඉන්න අහිංසා දිහා සාරංග බලන් උන්නේ වේදනාවෙන්.ඔහුට දැනුනේ හදවත උදුරා දැම්මා වගේ හැඟීමක්.කේශව තත්ත්වය සමථයකට පත් කරන් තිබුණා කියලා දැනගත්තේ දැන් ටිකකට කලින් ලැබුනු ඇමතුමකින්.මාධවත් එතනට ආව නිසාත් ගිරිරාජ් සහ ජයසිංහ ඇමතිවරයා අතර ඇති හැඳුනුකම් මත ජයසිංහගේ පුත්‍රයා වූ රදීශ ජයසිංහගේ කට වහලම දැම්මේ වැරැද්ද ඔහුගේ බව ඩෑශ් කැම් එකේ අපූරුවට පටිගත වෙලා තියෙද්දි.මාධව හා චාන්‍යා රෝහලට ආවේ කේශව අනතුර සිදු වූ තැනට වී රක්ෂණ නියෝජිතයා සමඟ අදාල වැඩ කොටස කරද්දී.ඒ එද්දිත් අහිංසාගේ අතක් තම අතක පටලවාගත් සාරංග හිටියේ අනිත් අතින් ඇගේ හිස පිරිමදිමින්.කිසිවෙකු නොමැති රෝහල් කාමරයේ ඇගේ හිස සිපගත් වාර ගණන සාරංගට මතක නැති තරම්.තවත් නම් ඉවසන් ඉන්න බැරි ගතියක් ඔහුට දැනුණා.හිතේ ඇය වෙනුවෙන් තියෙන ආදරය ඇය සනීප උනු විගසම කියන්න ඕනෙ කියන හැඟීම ඔහුගේ හිත තදින් වෙලා ගත්තා.

මාධව ඉක්මන් ගමනින් රෝහල් කාමරය වෙත ඇවිත් දොර විවර කරද්දී සාරංග උන්නේ අහිංසා දිහාම දෙනෙත් රඳවගෙන.මාධව මොහොතකට නතර උනේ ඔහුට පිටුපසින් ආව චාන්‍යාත් මඟ නතර වෙද්දී.ඇය එබී බලද්දී වටපිටාව ගැන අවධානයෙන් නොසිටි සාරංග අහිංසාගේ අත සිපගත්තේ මාධවගේ දෙනෙත් නළලට යද්දී.චාන්‍යා දෙතොල් තද කරගත්තේ මාධව සිද්දිය දැකලා දක්වන ප්‍රතිචාරය හිතාගන්න බැරිව.මාධව හිතාමතාම දොර හඬක් නැඟෙන ලෙස වැහුවේ සාරංග තිගැස්සී ගිහින් අහිංසාගේ අත අතාරිද්දී.සාරංග ඉද්ද ගැහිලා වගේ නැඟිට්ටේ හිතේ තිබ්බේ හොරේටමයි.

"සාරංග..නංගිට කොහොමද?"

කිසිවක් නොදැක්ක ගාණට මාධව කතා කරද්දි සාරංගට දැනුනේ සහනයක්.

"අහ්..බේත් දැම්මා.වේදනාවට සිහි නැති වෙලා තියෙන්නේ.පේන් කිලර්ස් දුන්නා.තව ටිකෙන් සිහිය එයි.අමාරුවක් නැත්තම් අද ඩිස්චාජ් කරන්න පුලුවන් කිව්වා"

ඔහු පැවසුවේ මාධවටයි චාන්‍යාටයි ඇය අසලට එන්න ඉඩ හරිමින්.චාන්‍යා අහිංසා අසලින් වාඩි උනේ ඇගේ හිසත් අතගාමින්.

"අප්පච්චිට එන්න විදියක් නැතිව ඉන්නේ.නංගි තනියම යන්න බයයි කියද්දිත් අප්පච්චි තනියම ගිහින් පුරුදු වෙන්න කියලා.එයාටත් අවුල් ගිහින්"

"අහිංසාගෙ වැරැද්දක් නෑ මාධව අයියේ.අරූ තමා වැරැද්ද කරලා සද්දෙ දාලා තියෙන්නේ.අනික සිද්දිය දැක්ක අය කිව්වෙ අහිංසා වේගෙන් වාහනය ගෙනිහිල්ලා නෑ කියලා.කෙල්ලෙක් කියලා දැනගත්ත ගමන් මිනිහා සද්දයක් දැම්මා.මෙයත් බය උනු පාරට මුකුත්ම කියලා නෑ..ඌ නම් මහ තිරිසනෙක්.නළල පැලිලා ලේ එනවා දැක දැක උගෙ වාහනේ ඩැමේජ් එක ගැන විතරයි කතා කළේ...අහිංසා වාහනෙන් බැහැලා ආවේ නැත්තම් උගෙ දත් සෙට් එක එතනම ගලෝනවා..ඇත්තමයි"

සාරංග කිව්වේ ආවේගෙන්.ඇත්තටම ඔහු උන්නේ රදීශට ගහන්න තරම් කේන්තියෙන්.අහිංසා වාහනෙන් බැහැලා ඇවිත් වැස්සෙම ඔහුට තුරුලු වෙද්දි ඒ හිතේ තිබ්බ ගින්දර නිමුනේ ක්ශණයෙන්.ඒත් ඒ නළලේ තුවාලෙ දැකලා සාරංගගේ හිතේ ඇති වුනේ ඊටත් වඩා කේන්තියක්.මාධව ලොකු හුස්මක් පිට කළේ අවට කතාවෙන දෙයක් ගැන කිසිම හැඟීමක් නැතිව දෙනෙත් පියාගෙන ඉන්න අහිංසා දිහා බලාගෙන.

"සාරංග අයියට නංගිද කෝල් කළේ?"

චාන්‍යා ඇහුවේ ඔහුත් හරිම වෙලාවට එතනට ආව විදිය නොතේරුනු නිසා.

"නෑ චානු..මං අද ඔයාලගේ වෙඩින් ඇල්බම් එක හදන්න දුන්නු තැනට ගිහින් ඒකත් අරගෙන අහිංසාවත් සැලෝන් එකෙන් දාගෙන එන්නයි හැදුවේ.ඊට කළින් කෝල් එකක් ගත්තේ ගෙදර ගියාද අහන්න.අහිංසා ආන්සර් කළා.එතකොට තමා එයා කෑ ගහන සද්දෙයි කාර් එක හැප්පෙන සද්දෙයි ඇහුනේ.එයා ගෙදර යන ගමන් වෙන්න ඇත්තේ ඉන්නෙ කියලා හිතලා මං ඒ පාරෙන්ම ආවා.එනකොටත් අරූ ශටර් එකට ගගහා මහ හයියෙන් කෑ ගහනවා"

සාරංග එක හුස්මට කියාගෙන ගියේ ඔහු එතනට ආව විදිය විස්තර කරමින්.මොන දේ උනත් ඒ මොහොතේ සාරංග ආව එක ගැන මාධවයි චාන්‍යායි හිතින් සැනසෙද්දී මොහොතක නිහැඬියාවකින් කාමරය පිරී ගියා.ඊටත් විනාඩි කීපයකට පස්සේ මාධව ඇමතුමක් ගෙන ගිරිරාජ්ට සියල්ල පැවසුවේ ඔහුත් කලබලයෙන් ඉන්න බව දන්න නිසා.චාන්‍යා ඒ තප්පරේට බැලුවේ සාරංග දිහා.ඒ දෙනෙත් තාමත් තියෙන්නේ අහිංසා දිහාවටමයි.ඔහුගේ හිතේ ඇය වෙනුවෙන් තියෙන ආදරය චාන්‍යාට ඒ වෙලාවෙ හොඳටම දැනුනා.හරියටම කේශව ඇය දිහා බලනකොට දෙනෙත් වල තියෙන ආදරණීයබව ඒ විදියටම සාරංගගෙ දෙනෙත් වලත් අහිංසා වෙනුවෙන් මැවිලා තිබ්බා.

........💜️........ RITHU SAKURA .......💜️........

අහිංසා කාමරේට වෙලා උන්නේ පුදුම අමාරුවෙන්.හිසේ වේදනාව පෙර තරම් නැති උනත් තාමත් හිතට දැනුනු කම්පනය එහෙමමයි.සිහිය ඇවිල්ලා හොස්පිටල් එකෙන් ඩිස්චාජ් වෙලා නිවසට එනකන්ම ඇය අසලම දැවටි දැවටි සාරංග උන්නු හැටි අහිංසාට හොඳටම මතකයි.යන්න කළින් ඒ දෑස් ආදරයත් අනුකම්පාවත් පුරෝගෙන ඇය දිහාට යොමු වෙලා තිබ්බ හැටි ඇයට අමතක කරන්න බෑ.සාරංගව දැක්ක වෙලාවේ හිතට දැනුනු සැනසීම මේ විදියයි කියලා විස්තර කරන්න වචන ඇයට නෑ.

ඒ අතරේ ගිරිරාජ් උන්නේ ගොඩක් කනස්සල්ලෙන්.ඇයට නිදහස දෙන්න හිතන හැමවෙලාවෙම නතර වෙන්නෙ ඇයට කරදරයක් වෙලා.ඒ හැමතැනකම ඇය වෙනුවෙන් සාරංග ඉන්න විදිය මතක් වෙද්දි ඔහුට දැනුනේ අමුත්තක්.ඇයව ආරක්ශා කරන්නම මැවුනා වගේ ඒ හැම තැනකම සාරංග ඉද්දි ගිරිරාජ්ට හිතට ආව අමුතු හැඟීම නිසාම ඔහුට ඉබේම බැලුනේ කුසුම්ගේ ඡායාරූපය දිහා.

'මෙච්චර කල් අපි නොදැන අපි ළඟම උන්නේ අපේ කෙල්ලගේ උරුමක්කාරයද කුසුම්?'

ඔහු මනසින් ඇහුවේ ප්‍රසන්නව සිනාසෙමින් ඔහු දෙසම බලා සිටිනවා මෙන් සිටින කුසුම්ගේ රුව දෙසම බලාගෙන.ඇගෙන් පිළිතුරක් අපේක්ශා කළද කෙදිනකවත් නැවත ඇගේ දසුනක්වත් නෑ නේද කියලා දැනුනු හැඟීමට ගිරිරාජ්ට දැනුනේ මුලු මනසම හිස් උනා වගේ හැඟීමක්.

........💜️........ RITHU SAKURA .......💜️........

අඩ නින්දේ උන්නු අහිංසා ගැස්සිලා ඇහැරුනේ ඇගේ සවන අද්දර මුණු මුණු ගාන හඬක් ඇහිලා.අමාරුවෙන් හිස හරවලා බලද්දි ඇය දැක්කේ ඇඳ ගාව වාඩි වෙලා ඉන්න චාන්‍යාවයි මුතූවයි.ආයාසයෙන් හිනාවක් නඟාගත්ත අහිංසා නැඟිට්ටේ මුතූයි චාන්‍යායි ඇයට උදව් කරද්දි.

"ඔයා කොයි වෙලාවෙද ආවේ?"

"ගොඩක් වෙලා..එනකොට ඔයා නිදි.ඔයා ඇහැරෙනකන් අපි දෙන්නා මෙතනට වෙලා කියව කියව උන්නා..නේද චානු අක්කී?"

මුතූගේ හඬ වෙනදට වඩා ජවයෙන් පිරිලා.දීප්තිමත් වෙලා.සමහරවිට ඇය තිහස් එක්ක හැමදේම විසඳගන්න ඇති කියලා අහිංසාට හිතුනා.

"දැන් කොහොමද අක්කී?නළල තාමත් රිදෙනවද?"

"ඊයේ තරම් නෑ පැට්ටෝ.දැන් නම් අඩුයි...හෙට වෙද්දි හොඳටම හොඳ වෙයි"

අහිංසා කිව්වේ ඉක්මනටම නැවත සැලෝන් එකට ගිහින් වැඩ කරන්න තියෙන උනන්දුවට.

"හොඳටම හොඳ උනත් ඔයාගේ අයියලා දෙන්නා සතියක් දෙකක් යනකන් ඔයාට ගෙයින් හෙල්ලෙන්නවත් ඉඩ දෙන්නෙ නැති වෙයි..."

චාන්‍යා කියද්දි අහිංසාගේ මූණ මැලවුනේ බලන් ඉන්නැද්දි.ඉස්සර වගේ ගෙදරටම වෙලා ඉන්න අහිංසා දැන් කැමති නෑ.

"ඇයි අනිත් කෙනා..අයියලා දෙන්නට හපන් එයා"

මුතූ ඒ කිව්වේ කවුරු ගැනද කියන්න අහිංසා දන්නවා.ඔහු ඇයව ආරක්ශා කරන්න උත්සාහ කෙරුව හැටි මතක් වෙද්දි ඇගේ මුහුණේ ඇදුනේ සිහින් සිනාවක්.ඒත් ඒ ටික වෙලාවකට විතරයි.සාප්පු සංකීර්ණයේදි ශාදිව මුණ ගැහුනු හැටි,ඔහු වෙනුවෙන් ඇය තමා තේරුව කමිසය අරන් ගිය හැටි මතක් වෙලා ඒ මූණ ආයෙමත් අඳුරු උනා.ඔහු ගැන කතා නොකරම අහිංසා ඇඳෙන් නැඟිට්ටේ අත පයේ හිරි අරින ගමන්.

"යමුකෝ පහළට.කාමරේටම වෙලා ඉඳලා ඇති වෙලා.."

මාතෘකාව වෙනස් කෙරුව අහිංසා කොණ්ඩෙ හදාගද්දි අනිත් දෙදෙනාත් නැඟිට්ටා.

"යමු..අන්න ඇල්බම් එකයි වීඩියෝ එකයි ගෙනැල්ලා.."

තුවාලෙත් අමතක කෙරුව අහිංසා හොඳ හිනාවක් පෙන්නලා පහළට ගියේ චාන්‍යායි මුතූයි ඇගේ පසුපසින් හිමීට එද්දි.සාරංගයි කේශවයි එළියට වෙලා උන්නේ වෙනම කතා බහක.

"අර ඇමති පුතා කේස් එකක් දැම්මෙ නෑ නේද?ඌට ඒ වෙලාවෙ දෙකක් දෙන්නමයි හිතුනේ..මාර රැඟිල්ලක් රැඟුවේ.හොඳ වෙලාවට අන්කල් එක්ක උගේ තාත්තාගෙ කනෙක්ශන් තිබ්බේ..වෙන අහිංසක එකෙක් උන්නා නම් කොච්චර අසරණ වෙනවද?පා..හර බ$&@&@..."

සාරංග රදීශට බනින්නේ සුද්ද සිංහලත් කළවම් කරලා.කේශවට නම් සාරංගගේ කේන්තිය දැකලා මහලොකු වෙනසක් තේරුනේ නෑ.කොහොමත් අසාධාරණයක් දැක්ක තැන තනියම හරි කතා කරන එක සාරංගගේ පුරුද්දක්.කේශවගේ ඔලුවේ වැඩ කලේ වෙනමම දෙයක්.කාර් එක හදන්න ගිය වෙලාවේ මිකැනික් ඇවිත් එහි දාලා ගිය අහිංසාගේ බෑගයයි අත් ඔරලෝසුවයි තවත් බඩු මුට්ටු කීපයක් කේශවගේ අතට දුන්නා.අනිත් කිසිම දෙයක් ගැන සැකයක් නොහිතුනත් කේශව කල්පනා කළේ ජෙන්ට්ස් වොච් එකක් අහිංසා ගත්තේ ඇයි කියලා.ඒකේ තිබ්බ බිලේ දාලා තිබ්බෙත් ඊයේ දිනේ.අනික එහි මිලත් තිස්දාහකට කිට්ටුයි.එතරම් වටින දෙයක් කා වෙනුවෙන් අහිංසා ගන්න ඇද්ද කියලා කේශවට තාම හිතාගන්න බෑ.තනියමම රදීශට දෙහි කපමින් උන්නු සාරංග බැලුවේ කල්පනාවක ඉන්න කේශව දිහාවේ.

"මොනාද උඹ අහස පොළව ගැටගහන්න වගේ කල්පනා කරන්නේ?"

ඔහුගේ නිහඬබව සාරංගට ගෙනාවේ පුදුමයක්.

"නෑ බං මේ දෙයක් කල්පනාවට ආවා..ඉඳපන්කෝ ටිකක්"

සාරංග බලන් ඉන්නැද්දිම කේශව ඔහුගේ කාරයේ දමා තිබූ පුංචි ඉටි බෑගය අරගෙන ආවේ සාරංග දිහාවට.

"නංගි ඊයේ ගෙදර එන්න කළින් ශොපින් කරලා තියෙනවා...ඒකි කවදාවත් අපිට දෙයක් තෝරන්න දන්න කෙනෙක් නෙමේ.එහෙම දෙයක් අරන් දෙන්න විශේෂ හේතුවකුත් නෑ.මං මේ කල්පනා කළේ මෙයා තනියමම ගිහින් මේ ජෙන්ට්ස් වොච් එක ගත්තේ කාටද කියලා..මේකි අපි කාටත් හොරෙන් කොල්ලෙක්ව සෙට් කරන්ද මන්දා"

කේශව ඉටි බෑගය සාරංග දිහාට දික් කරලා කියද්දි සාරංගගේ හදගැස්ම වැඩි උනේ බලන් ඉන්නැද්දි.ඉටි බෑගය අරගෙන එහි තිබූ කුඩා බොක්ස් එකේ දමා තිබූ මිල අධික අත් ඔරලෝසුව දිහා සාරංග බැලුවේ අඩමානෙට.ඔහුටත් හිතාගන්න බෑ අහිංසා මේක කා වෙනුවෙන් ගත්තද කියන්න.අමුතු වේදනාවක් හිතට දැනෙද්දි ඔහු එය පැත්තකට කළේ කේශවගෙන් ඇස් හංඟගෙන.

ඇල්බම් එක බලමින් උන්නු අහිංසා සාරංගව හොයාගෙන ආවේ ඔහුට කියලා ගත්ත ඇගේ තනි ඡායාරූප ටික කොහෙද කියලා දැනගන්න.ඇය ඈත තියාම 'සාරංග අයියේ' යැයි කෑ ගසමින් ඔහු ඉන්න ඉසව්ව දිහාට ගියේ සිනාවක් මුව රඳවාගනිමින්.

"ඔය එන්නේ..බලමුකෝ කියයිද කියලා"

කේශව කිව්වත් සාරංග නිහඬවම උන්නා.

"ඔයා මගේ තනි ෆොටෝස් ටික හැදුවෙ නෑ??මං හිතුවා මේකත් එක්ක හදලා ඉවරයක් වෙයි කියලා.ඉක්මනට ෆ්‍රේම් කරලා ගෙනත් දෙන්නකෝ අප්පා..."

සාරංග බලන් උන්නේ මලානිකව තියෙන ඇගේ දෙනෙත් දිහා.බොරු සැහැල්ලුවක් මවාගෙන ඇය මේ කරන්නේ රඟපෑමක් කියලමයි ඔහුට හිතුනේ.

"ආ..ගෙනාව ගෙනාවා..මේ තියෙන්නේ..අරන් බලනවා"

කේශව ඉටි බෑගය ඇය වෙතට යොමු කරද්දී අහිංසා එය ඇදලා ගත්තේ සතුටින්.ඒත් බෑගය විවර කරලා බලද්දිම දැක්ක දෙයින් ඒ හිනාව නැති උනේ ඇගේ මුහුණ වෙනස් උනු බව තරුණයන් දෙදෙනාටම වැටහෙද්දි.අහිංසා කෙළ පිඬක් ගිල්ලේ පුදුම අමාරුවෙන්.

"ලස්සනට එඩිට් කරලා තියෙනවා නේද?අවුලක් නෑනේ නේ??"

කේශව කැපිල්ලට වගේ අහද්දි අහිංසා දෙනෙත් උස්සලා බැලුවේ හොර පූසියෙක් ගාණට.කියන්න බොරුවක්වත් ඇයට මතක් වෙන්නෙ නෑ.

"පොඩි අයි..යේ..මේ..."

කේශව අතක් උස්සලා ඉඟි කලේ ඇයට කතා කරන්න එපා කියලා.

"මේ..මේ..මේ..තමුසෙ ගල් පැලෙන බොරු නම් කියන්න හදන්න එපා.මේක මටවත් අයියටවත් අප්පච්චිටවත් නෙමේ කියන්න මං දන්නවා.මොකද අපිට ගන්නවා නම් තමුසෙ තුනක්ම ගන්නවා.ඒත් මෙතන තියෙන්නේ එකයි.ඒකත් හොඳම වොච් එකක්...කෙලින්ම අහන්නම් අහිංසා..කවුද ඒ කොල්ලා?"

කේශව රහස් පොලීසියෙන් වගේ ප්‍රශ්ණ කරද්දි අහිංසා ගල් ගැහුනා.ඇගේ ඇස් සාරංගගේ දෙනෙත් සමඟ පැටලෙද්දි ඔහුගෙ දෙනෙතේ තියුණු බවට ඇයට නිකන්ම ඉවත බැලුනා.දෙන උත්තරේ හිතාගන්න බැරිව ඇය උන්නෙ ලත වෙවී.

'සාරංග අයියට ගත්තේ කියලා කොහොමද කටක් ඇරලා කියන්නේ?අයියා මොනාහරි හිතයි..සැලෝන් එකට ගිය වෙලාවක දෙන්නනේ හිතන් උන්නේ...'

අහිංසා කල්පනා කරන්නෙ කටත් හද හද.ඇය මූණෙන් මවන කෝළම් දිහා කේශව දෑත් බැඳන් බලන් ඉද්දි සාරංග නම් උන්නේ දත්මිටි කමින්.

"බොරුවක්ද ඔය හැටි කල්පනා කර කර ගොතන්නේ?"

අහිංසා මනෝ ලෝකෙන් එළියට ආවේ කේශව සැරෙන් කතා කරද්දි.මුවැත්තියක් වගේ තිගැස්සුනු අහිංසා කෙළ පිඩක් ගිල්ලා.කේශවගේ කෙසේ වෙතත් සාරංගගේ තියුණු බැල්ම තමන් වෙතම තියෙනවා දැකලා අහිංසාට දැනුණේ යටි පතුලෙ ඉඳලා ඇවිලෙන හැඟීමක්.මේ වගේ දේකට මෙහෙම ගැහෙනවා නම් ඇත්තටම හිතේ තියෙන දේ කියන්න උනොත් මොනා වෙයිද කියලා අහිංසාට හිතාගන්න බෑ.

"බො..රු කියන්නේ මොකටද??"

"එහෙනම් කල්පනා නොකර කියනවකෝ බලන්න ඕක ගත්තෙ කාටද කියලා"

කේශවගෙන් නම් ගැලවීමක් නෑ.අහිංසාට හිතුනෙම උඩ පැනලා ටොක්කක් අනින්නමයි.

"ගත්තේ ඉතින්...මේ..."

"කොල්ලටද?"

කේශවගෙ ඉවසීම පනින්න ඔන්න මෙන්න.

"කොල්ලෙක්ට"

ඇය ඉක්මනින් ඒක නිවැරදි කළේ දවසක සාරංග ගාව ඒ අත් ඔරලෝසුව තියෙනවා දැකලා ඔහු වැරදියට හිතයි කියලා.ශාදිව අන්තිමට මුණ ගැහුණු මොහොතට පස්සේ අහිංසා හිත දැඩි කරගන්න තීරණය කළේ මිරිඟුවක් පස්සෙ ගිහින් දුක් විඳින්න බෑ කියලා තේරුනු නිසා.

"ඒක තමයි අයිසේ මාත් අහන්නේ..කවුද කො..."

"කේශව අයියේ...පොඩ්ඩක් එන්නකෝ"

කේශවට බාධා කළේ වෙන කවුරුත් නෙමේ චාන්‍යා.දොරකඩට වෙලා මුතූ එක්ක අත් බැඳගෙන දෙදෙනා බලන් ඉන්නෙ ඔවුන් දිහාවේ.

"පස්සෙ අල්ලගන්නම් උඹව"

අහිංසාට හිමීට මුමුණගෙන කේශව චාන්‍යා දිහාට යද්දී අමුතු හිනාවක් දාන් උන්නු මුතූ හොරෙන් අහිංසාට ඇහැක් ගැහුවේ සාරංග දිහාට දෙනෙත් වලින් ඉඟි කරලා.දැන් නම් අහිංසාට පැහැදිලියි කේශවව එතනින් ගෙන්නගත්තේ බොරු හේතුවක් නිසා කියලා.මෙතන සිද්ද වෙච්ච දේ අකුරක් නෑර චාන්‍යායි මුතූයි අහන් ඉන්න ඇති කියලා අහිංසාට හිතුනා.මොකද කේශව කතා කළේ උස් හඬින් නිසා.සාරංගට තෑග්ගක් අරන් දෙන කතාව දැනන් උන්නේ මුතූ විතරයි.චාන්‍යාත් එක්ක අත් පටලවන් ඇස් ඉඟි මැරුව විදියට දැන් ඒ කතාව චාන්‍යාත් දැනන් ඇති කියලා හිතුනු අහිංසාට දැනුනේ සියුම් ලැජ්ජාවක්.අහිංසා නිහඬව බලන් ඉන්නැද්දි සාරංග උන්නු තැනින් නැඟිට්ටා.වචනයක්වත් නොකියා ඇයව පහු කරන් යන්න හදද්දි අහිංසා අල්ලගත්තේ ඔහුගේ අත් බාහුවක්.

"අයියේ.."

"මොකද?"

සාරංග කතා කළේ නොරිස්සුමක් මුසු වෙච්ච ස්වරෙකින්.දෙතොල් එකට තද කරගත් අහිංසා ඉටි බෑගය ඔහු දෙසට දිගු කලේ අහිංසක සිනාවක් පාමින්.සාරංග ඉටි බෑගය දිහායි අහිංසා දිහායි මාරුවෙන් මාරුවට බැලුවා.

"ඕක මොකද මට දික්කරන්නේ?"

"ආ..ඔයාට ගත්තේ"

අහිංසා කියද්දී සාරංගගේ මුවේ ඇදුනේ ඔච්චම් හිනාවක්.

"තමුසෙ කේශ්ගෙන් බේරෙන්න නම් ඕක ශේප් එකේ මගේ ඇඟේ ගහන්නේ ඒවට මම නෑ අහිංසා...ගත්ත කෙනාටම ඕක දීලා දානවා"

මෙතරම් දවසක් ඊර්ශ්‍යාව දැනුනේ අහිංසාට.ශාදි ගැන කියව කියව රිද්දුවේ අහිංසා.ඒත් දැන් පළවෙනි පාරට සාරංගට දැනුනේ දරාගන්න බැරි ඊර්ශ්‍යාවක්.ඇය වෙන අයෙකු වෙනුවෙන් තෑගි ගත්තා කියද්දි හිතට දැනුනු තිගැස්ම දරාගන්න සාරංගට තේරුනේ නෑ.

"ගත්ත කෙනාට තමා මං මේ දික්කරන් ඉන්නේ.."

"අහිංසා බොරු නොකි...."

"ඔයාට ගත්තේ සාරංග අයියේ..අයියා ඉන්න නිසා කිව්වෙ නැත්තේ...ආකෝ..ගන්නකෝ"

ඒත් අහිංසා කියන දේ විශ්වාස කරන්න සාරංගට හිතුනෙ නෑ.ඇයට ආදරේ ප්‍රකාශ කරන්න හිත හදන් ඉන්නැද්දි හෙණයක් වගේ හිතට ආව සිතුවිල්ල ඔහුව කළඹලා ඉවරයි.

"ඔය විහිලුව කරනවා කොණ්ඩෙ බැඳපු චීනෙක්ට..මට තෑගි ගන්න හේතුවක් නෑනේ. කොල්ලට ගත්තා නම් ඒක කෙලින්ම කියනවකෝ...අහක ඉන්න මාව පටලවගන්නෙ නැතිව"

සාරංග දෙනෙත් සිහින් කරලා දරදඬු හඬින් කියද්දී ඉදිරියට දිගු කරන් උන්නු ඇගේ අත නිකන්ම පාත් උනා.හිතම කුඩු පට්ටම් කරලා දැම්මා වගේ හැඟීමක් එද්දී ඇය දෙනෙත් බිමට බර කරගත්තේ ඇහැට උනපු කඳුලු ඔහු දකීවි කියලා බයෙන් වගේ.සාරංග මුව අගින් හිනාවක් පෙන්වා එතනින් ඉවත් උනේ වේදනාවෙන්.

........💜️........ RITHU SAKURA .......💜️........

"මොකෝ මූණ අවුල්?"

මුතූ සෑහෙන වෙලාවක ඉඳන් සාරංගගේ ඉරියව් දිහා බලන් උන්නේ ඔහු කවදාවත් නැතිව අසාමාන්‍ය විදියට නිහඬ වෙලා ඉද්දී.ඔහු එකම ඉරියව්වෙන් මනෝ ලෝකෙක ඉඳන් වගේ රිය පදවන්නේ මෙතරම් වෙලාවක් මුතූ අහන දේවල් වලට හූ මිටියකින්වත් ප්‍රතිචාරයක් නොදී.

"මුකුත් නෑ.."

කනට ඇහෙන නොඇහෙන ගාණට කිව්ව සාරංග ඒ වෙලාවෙයි තමන්ගෙ ඉරියව්ව වෙනස් කළේ.මුතූට හිතාගන්න බෑ සාරංග මූඩ් ගහලා ඉන්න හේතුව.අහිංසා ඉටි බෑගය ඔහුට දිගු කරනවත් මුතූ ලාවට දැක්කා.

"මේ..ඒක නෙමේ..කෝ අහිංසා අක්කි දුන්නු තෑග්ග?"

"මොන තෑග්ග??"

මුතූ පුදුමෙන් සාරංග දිහා බැලුවේ ඔහු එහෙම අහයි කියලා නොහිතුනු නිසා.

"මොන තෑග්ගද කියලා අහන්නෙ අනේ..එයා ඔයාට එළියෙදි ඒක දුන්නෙ නැද්ද??අහිංසා අක්කි කොල්ලෙක්ට වොච් එකක් අරන් කියලා කේශ් අයියා චානු අක්කා එක්ක කියෝ කියෝ උන්නලු...චානු අක්කා තමා මටත් කිව්වේ..ඒක අහපු ගමන්ම මම දැනගත්තා අහිංසා අක්කි ඒක ගත්තේ කාටද කියලා"

මුතූ කිව්වේ තමන් විතරක් දැනන් උන්නු රහස ගැන උදම් අනමින්.සාරංගගෙ හිත දැන් හොඳටම පැටලිලා.ඇය ඒ තෑග්ග දිගු කලේ තමාට නම් ඇය එය මිලදී ගත්තේ තමා වෙනුවෙන්මද?සාරංගගේ හිතට නැඟුනේ කුතුහලයක්.

"ක්..කාටද??"

"ඔයාටනේ අනේ..ඔයා වෙනුවෙන්ම සැලෝන් එක ඕපන් කෙරුව දා ඉඳන් අහිංසා අක්කී හම්බ කෙරුව හැම සතේම කැටේකට එකතු කළා.එයාගේ ගෙදර අයටත් කළින් එයාගෙ ළඟින්ම උන්නු,එයා වෙනුවෙන්ම කැප උනු ඔයාට මුල්ම තෑග්ග අරන් දෙනවා කියලා..අම්මෝ...ඒක කාටවත්ම කියන්න එපා කියලා මාව පොරොන්දුත් කරවගත්තා..."

මුතූ ගිරවි වගේ කියව කියව යද්දි සාරංග අතින් වාහනයේ වේගය අඩු උනේ නිකන්මයි.

"නංගී...තමුසෙ..ඔය ඇත්තමද කියන්නේ ආ?"

ඔහුගේ හඬෙහි වූ මවිතය ඒ මූණෙනුත් පැහැදිලිව පෙනුනා.

"බොරු කියලා තෑගි ගන්නද අනේ?අනික අහිංසා අක්කිට වෙන කොල්ලො කොහෙන්ද? ගත්තොත් ගෙදරට හරි ඔයාට හරි තමා...මේ..අගේ නොකර පෙන්නනවකෝ...තිස්දාහක විතර වොච් එකක් මොන වගේද කියලා බලන්නත් ආසයි"

මුතූ කිව්වේ ජීවිතේට ඒ තරම් වටින අත් ඔරලෝසුවක් ඇයවත් අඩුම තරමේ සාරංගවත් මිලදී නොගන්න නිසා.සාරංග වාහනය අයිනකින් නතර කරලා සුක්කානමට ඔලුව තියාගෙන ලොකු හුස්මක් පිට කළා.මුතූට නම් ඔහුගේ මේ හැසිරීම තේරුම් ගන්න බෑ.

"නිකී අයියේ...මොකද මේ??ඔයා..ඒ තෑග්ග ගත්තෙ නැද්ද?"

සැකෙන් වගේ මුතූ අහද්දි සාරංග ඔලුව උස්සලා ඇය දිහා බැලුවේ වරදක් කෙරුව කෙනෙක් ගාණට.හිස දෙපසට වනලා ඔහු නෑ කියද්දි මුතූගේ දෙනෙත් විසල් උනා.

"ඒ මොකද බූරුවෝ එහෙම කළේ??එයා ඔයාට තෑග්ගක් ගන්න සෑහෙන දවසක ඉඳන් ඔට්ටු උනේ..තමුසෙ මොනාම හරි කියලා හිත රිද්දෙව්වා නේද?අපි යන්නත් කලින් ඔලුව රිදෙනවා කියලා එයා කාමරේට ගියේ තමුසෙ මොනාම හරි කියලම තමා...මොකද උනේ කියනවා"

ඉවෙන් වගේ දෙයක් වැටහුණු මුතූ සාරංගගේ අතටත් ගගහා අහද්දි ඔහු හිසකෙස් පසුපසට කළේ කණස්සල්ලෙන්.වෙච්ච දේ අකුරක් නෑර මුතූට කියද්දි ඇය කේන්තියෙන් සාරංගගේ බාහුවකට ගැහුවේ අහිංසා ගැන දැනුනු දුකටමයි.

"තමුසෙ නම් මහ මෝඩයෙක් නිකී අයියේ..හිතක් පපුවක් නැතිව ඒ වගේ කතාවක් කිව්වේ අඩුම ඒක ඇත්තද බොරුද කියලවත් හොයලා බැලුවද??මට නම් ඇත්තමයි...."

තමන්වම පාලනය කරගනිමින් මුතූ ඉවත බලාගත්තේ සාරංග ගැන කේන්තියක් එද්දී.

"අහිංසා එහෙම මට තෑගි අරන් දීලා නෑ...ඒ නිසා මම.."

"ඒ නිසා ඔයා හිතුවා අහිංසා අක්කී ඒක ගත්තේ වෙන කොල්ලෙක්ට කියලා..එහෙම නේද?"

සාරංග කරබාගත්තේ ඇත්තටම හිතුනේ ඒ දේ නිසා.මුතූට දැන් නම් ඉවසුමක් තිබ්බෙම නෑ.මේ විදියට බලන් උන්නොත් දෙන්නා දෙපැත්තකට වෙලා විඳවනවා කියලා දන්න නිසාම මුතූ සාරංගගේ අතකින් අල්ල ගත්තා.

"නිකී අයියේ...මේ අහන්නකෝ..ඔයාට අහිංසා අක්කිගේ හැසිරීමේ වෙනසක් පේන්නෙ නැද්ද?එයා ඔයා ඉස්සරහා කතා බහ කරන විදියෙන් ඔයා දිහා බලන විදියෙන් කවදාවත් ඔයා වෙනුවෙන් නොකරපු දේවල් දැන් කරන එකෙන් ඔයාට එයාගේ කිසිම වෙනසක් පේන්නෙ නැද්ද?"

ඒ හැමදේම ඒ විදියටම දැනෙනවා කියලා මුතූට කියාගන්න බැරිව සාරංග තොල් එකට තද කරගත්තා.

"හරි..අහිංසා අක්කිව පැත්තකින් තියමුකෝ..ඔයාට දැනෙන දේ කියන්න.තාමත් ඔයාට අහිංසා අක්කී කේශ් අයියගෙ නංගි විතරමද?ඊට වඩා දෙයක් ඔයාට දැනෙන්නෙ නැද්ද?අර ශාදි හෝන්තුව පැත්තකින් තියලා අහිංසා අක්කී ගැන හිතෙන දේ මට අවංකව කියන්න..චානු අක්කි කිව්වා මට දෙයක් ඔයා ගැන...ඒ නිසයි මම මේ බය නැතිව අහන්නේ"

ඉතින් තවත් මේ දේවල් හංඟගෙන ඉඳලා තේරුමක් නෑ කියලා හිතුනු සාරංග සීට් එකට හේත්තු වෙලා ගෙල ඇල කරලා මුතූ දිහා බැලුවා.ඔහුගේ මුවේ හිනාවක් ඇදුනේ ඇය උවමනාවෙන් බලන් ඉන්න විදිය දැකලා.නැවත ඉදිරිය බලාගත්ත සාරංග යටි තොල හපාගත්තේ අහිංසා වෙනුවෙන් ලොකු ආදරයක් හිතේ ඇති වෙද්දී.

"තමුසෙගෙ අහිංසා අක්කට මම තමුසෙ හිතනවටත් වඩා ආදරෙයි මුතූ..."

සාරංග කියද්දි අහිංසා හුරේ යැයි කියමින් අත්පුඩියකුත් ගහලා පැනලා සාරංගව බදා ගත්තේ ඊටත් වඩා දෙයක් අහන්න ඇයට උවමනා නැති නිසා.

- මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

69.1K 1.6K 44
What if Izuku met Igneel who appeared in his dream. what if he trained under him and became a dragon slayer. This is the story of the Fire King Drag...
4.3K 602 18
නිවාස සහ ඉඩම් ව්‍යාපාරිකාවක් වන දිනාදි චන්දූපා දිසානායක, තම පැරණි පාසල් මිතුරෙකුගේ ඉල්ලීමක් පරිදි ඔහුගේ වලව් පන්නයේ පැරණි නිවසක් විකුණා දීමට ඉදිරිපත්...
1K 92 21
"උබ අපේ එකීට කැමතිනේ ඇත්ත කියපන් බොරු නොකියා " "අහ් " "අහ් නෙමේ මං දන්නවා උබ අශිට කැමති කියලා " "ඒක දැන් වැඩක් නෑ බං උබ වෙන දෙයක් කතා කරපන් " "වෙන දේ...