සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

66.2K 6.1K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

41

678 70 0
By Rithu_Sakura

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️41 කොටස💜️

අහිංසාගේ කාමරේ පුරා පැතිරී තිබ්බේ නිහඬබවක්.ඒ නිහඬබව ඉඳලා හිටලා හරි නැති උනේ මුතූගේ සුසුම් හඬින්.

"අපි දෙන්නා ගොඩක් ආදරේ කළා අක්කී..මටත් වඩා එයා..එයා මට මාවම අමතක වෙන්න ආදරේ කළා.මගෙ තත්වෙ,තරාතිරම එයාට ගාණක් උනේ නෑ.ඒ ආදරේ කවදාවත්ම වංචාවක් තිබ්බෙ නෑ..මම..මම හිතුවේ මම තරම් වාසනාවන්ත කෙල්ලෙක් කොහෙවත් නැතිව ඇති කියලා..මං පුංචි කෙල්ලෙක් කියලා දන්න නිසාම එයා මාව සෑහෙන්න පරිස්සම් කළා..කොච්චර කොහෙ ඇවිදින්න ගියත් මාව මලක් වගේ බලාගත්තේ...ඒත්..."

මුතූට දැනුනේ ඉතිරි ටික කියාගන්න බැරි ගතියක්.ඒ මූසල දවස මතක් වෙන වාරයක් ගාණේ මුතූට දැනෙන්නේ මුලු හදවතම ගිනි ගන්නවා වගේ.

"ඒත්..එයා ටික ටික වෙනස් වෙන්න ගත්තා..මාව මඟ ඇරියා.මීට් වෙන්න ආවත් කතා නොකර මාව පපුවට තුරුලු කරන් උන්නා විතරයි.හරියට සෑහෙන ලොකු ප්‍රශ්ණයක් හිතේ තියන් උන්නා වගේ.ඇහුවට කිව්වෙත් නෑ.ඒ එක්කම කේන්ති ගන්න වාර ගාණත් වැඩි උනා.මං කෝල් ගත්තත් බනිනවා.නැති උනාමත් බනිනවා..මට හිතුනෙම එයා ප්‍රශ්ණෙක ඉන්නවා කියලා..ඒ වෙනස්කම් ඒ විදියටම මට දැනෙද්දී දවසක් මාත් එක්ක වෙනදා වගේම මාළිඟාවට ගිහින් ගාඩ්න් එකේ ඇවිදින්න පවා එක්කන් ගියා.එදා..එදා...එයා.."

මුතූට නිකන් ඇඬෙන්න වගේ.අහිංසා ඇගේ කලවයකින් අතක් තිබ්බේ ඒ වේදනාව ඇයටත් තේරෙනවා කියලා අඟවන්න වගේ.

"එදා එයා..මේ සම්බන්ධෙ නතර කරන්න ඕනේ කියලා මගෙ මූණටම කිව්වා අක්කී.."

මුතූගේ අත වෙව්ලන අයුරු අහිංසාගේ අතකට දැනුනා.ඇය සිටින්නේ විසල් වේදනාවක් දරාගෙන.

"මං ඇඬුවා.කෑ ගහලා ඇඬුවා..අච්චර ආදරයක් පෙන්නලා එකපාරටම මාව එපා උනේ ඇයි කියලා ඇහුවා...මාව එයාගෙ පවුලට ගැලපෙන්නේ නෑ කිව්වා.මං හිඟන්නියෙක් කිව්වා...මට වඩා හොඳ කෙනෙක් එයාට හම්බුනා කිව්වා..එයා..එයාට...මාව එපාම කිව්වා අක්කී...මං..මං..."

ටිකෙන් ටික වැඩිවෙන හැඬීම නිසා මුතූ ඉකි බිඳිද්දී අහිංසා ඇයව තම පපුවට වාරු කරගත්‍තා.

"අඬන්න එපා නංගී...ඔයාට අපි ඉන්නවනේ"

"බ්..බෑ...අක්කී..අද මට මගේ හිත නිදහස්..කරගන්න...ඕනී..."

ඉකි ගසමින්ම මුතූ පවසද්දී අහිංසා කිසිවක් කිව්වේ නෑ.චාන්‍යාගෙ දෙනෙතුත් කඳුලින් පිරිලා තිබුනේ මුතූගේ වේදනාව ඇයට හොඳටම දැනුනු නිසා.

"එයා...මගෙ ජීවිතේම..අරන්..ගියා අක්කී.මාව පිස්සියෙක් උනා.ගෙදරට හොරෙන්...කරන් ගිය අෆෙයාර් එක..මං අසනීප වෙච්ච නිසා...අහු උනා.නිකී අයියා..මගෙන් හැමදේම දැනගන්න ගොඩක් ට්‍රයි කලා.ඒත් මං කිව්වේ නෑ.මට බෑ...එයා කාගෙන්වත්...ගුටි කනවා බලන්න.ඒ මගේ ආදරේනේ.මං කොහොමද...ඉවසන්නේ?"

අහිංසාගේ පපුව මුතූගේ කඳුලු වලටම තෙත් වෙලා.ඇය දෙතොල් එකට තද කරගත්තේ ඇයටත් ඇඬෙයි කියලා බයට.

"අන්තිමට..එයා මගෙ ඉස්සරහට ආවා අක්කී...ඒත්...එයා වෙන කෙනෙක් එක්ක ගොඩක් දුර ගිහින්.මට ඒක දරාගන්න අමාරුයි"

ඇය කඳුලු සැලුවේ ටිරන්‍යාගේ අතින් එදින විසි උනු උපත් පාලන බෙහෙත් වර්ග සිහියට එද්දී.මුතූට දැනුනේ මුලු ලයම ගිනි ගන්නවා වගේ හැඟීමක්.සිය දෙතොල් මුලින්ම ඉඳුල් උනේ තිහස්ගේ පහසින්.සිය ගත මෙන්ම හිතත් අයිති කරගන්න පුලුවන් අන්තියමත් ඔහු කියලා හිතාන ඇය ඔහු නමින්ම පේ වෙද්දී තිහස් ඇත්තටම ගොඩක් දුර ගිහින් නේද කියලා ඇස් දෙකෙන්ම දකිද්දී මුතූට හිතුනා මැරුනා නම් එකක් කියලා.

"මං ඩිප්‍රෙශන් වලට බේත් ගන්න තරම් හුදෙකලා උනත්..මට මැරෙන්න හිත හදාගන්න බැරි උනා අක්කී.මගෙ අම්මගෙයි තාත්තාගෙයි අහිංසක මූණු මැවිලා පේද්දී මට ඒ තීරණේට යන්න හිත ඉඩ දුන්නේ නෑ.එකම එක පාරක් මං සූසයිඩ් කරගන්න හැදුවා අක්කී.ඒත් මගේ අම්මා එදා මාව බේරගත්තා"

"අනේ මුතුවෝ"

අහිංසාට තවත් ඒ වේදනාව අහන් ඉන්න හිත දුන්නෙම නෑ.

"එදා අම්මාගේ කඳුලු දැකලා මං හිත හයිය කරගත්තා.මං එයාලට පේන්න හිනා වෙලා ජීවත් උනා.ඒත් සමහර වෙලාවට එයාව මතක් වෙලා මාව ලෙඩ වෙන එක මට පාලනය කරගන්න උනේ නෑ.අන්තිමට මං එයා ආස කරන හැමදේම අයින් කළා අක්කී.එයා දුන්නු තෑගි හැම එකක්ම මං පිස්සුවෙන් වගේ පුච්චලා දැම්මා.අඩුම තරමේ එයා ආසා කෙරුව මගෙ කොණ්ඩෙත්...."

මුතූ වාක්‍යය සම්පූර්ණ නොකර ලොකු හුස්මක් පිට කරේ ඉකිය වාවගෙන.තුන්දෙනාම ටික වෙලාවක් සද්ද නැතිව නිහඬවම උන්නා.ඇත්ත.මුතූටත් තිබ්බේ අහිංසාගේ වගේම ලස්සන කොණ්ඩයක්.තිහස් ඒ කොණ්ඩෙට ආදරේ කළේ මුතූට කරනවාටත් වඩා.ඒත් ඒ කොණ්ඩේ ඇය වියරුවෙන් වගේ කපලා දැම්මේ වේදනාව ඉවසගන්නම බැරි උනු දවසක.ඒ ටිකට මුතූ කඳුලු පිහාගෙන කෙලින් වෙලා බැලුවේ අහිංසා දිහා.

"නිකී අයියා කිව්ව කතාවේ තේරුම මොකක්ද අක්කී??තිහස් ඔයාට කරදරයක්වත්...."

"අනේ නෑ පැට්ටෝ..ඔයා හිතන කිසිම දෙයක් උනේ නෑ...ඒක...ඒක අමතක කරමු"

"අනේ..ප්ලීස්..මට දැනගන්න ඕනේ"

අහිංසා එවර අසරණව බැලුවේ චාන්‍යා දිහා.ඇගේ බැල්ම තේරුම් ගත්ත චාන්‍යා අහිංසා වෙනුවට සිදු වූ සියල්ල පැවසුවේ මුතූ තිහස්ගේ හැසිරීම ගැන කලකිරෙද්දී.

"ඒ ඉන්නේ මම ආදරේ කෙරුව තිහස් නෙමේ අක්කී..එයා..දැන් සෑහෙන්න වෙනස් වෙලා"

හිතට දැනුනු කලකිරීම මුතූගේ හඬෙත් ඒ විදියටම තිබ්බා.

"ඔයාගේ හිත නිදහස් උනාද පැට්ටෝ?"

චාන්‍යා ඇහුවේ මුතූගේ නිකටින් අල්ලගෙන.මුතූගේ මුවේ ඇදුනු මලානික හිනාව දකිද්දී චාන්‍යාට හිතුනා ඇගේ හිතේ බර ටිකක් හරි නිදහස් වෙන්න ඇති කියලා.මේ වෙලාවේ තවත් දුක් වෙලා වැඩක් නෑ කියලා හිතුනු නිසාම චාන්‍යාට ඕන උනේ වෙන සතුටු හිතෙන දෙයක් ගැන කියවලා මුතූගේ හිත හදන්න.

"හැබැයි නංගී..තිහස් කෙරුව වැඩේ නරක උනාට දෙන්නෙක්ට නම් ඒකෙන් වාසියක් තිබ්බා"

චාන්‍යා කියද්දී අහිංසා ගැස්සිලා වගේ බැලුවේ චාන්‍යා දිහා.චාන්‍යාට හිනා නැඟුනේ අහිංසාගේ බැල්ම දැකලා.මුතූටත් හැම වේදනාවක්ම අමතක වෙලා වගේ හොඳ හිනාවක් නැඟුනේ අහිංසාගේ මූණ රතු වෙනවා දැකලා.

"එක්කෙනෙක් එක්කෙනෙක්ට හිතින් ආදරෙයිනේ...ඉතින් කොච්චර තිහස්ට බැන්නත් එදා දවසට පිං දෙනවා ඇති..."

"අනේ මේ චානු..මම කාටවත් ආදරේ නෑ.."

ඉතින් අහිංසාට දැනුනේ ලැජ්ජාවක්.ඇගේ මතකේ තාමත් තියෙන්නේ සාරංගව සිපගත්තා වගේ දැනෙන හැඟීම.ඒක ඇත්තක් වගේ දැනුනත් සාරංගගේ හැසිරීමෙන් කිසිම වෙනසක් තාමත් නෑ.ඉතින් හීනයක් වෙන්න ඇති කියලා අමතක කරන්න හැදුව සිතුවිල්ල චාන්‍යා කිව්ව දේ නිසා ආයෙත් මතක් උනේ අහිංසාව රතු කරමින්.

"කවුද කිව්වේ ඔයා කාටවත් ආදරෙයි කියලා..?මං කතා කළේ සාරංග අයියා ගැන"

චාන්‍යා එහෙම කිව්වම අහිංසාගෙ ඇස් පුදුමයෙන් විශාල උනා.මුතූ නම් උන්නේ දෙන්නගේ කෝලම් දිහා බලමින් හිනාවෙමින්.

"සාරංග අයියා ගැන??එතකොට එයා...කාටද ආදරේ කරන්නේ??"

අහිංසා ඇහුවා නෙමේ ඒ වදන් ඉබේම පිට උනා.චාන්‍යා මේ දේවල් හරියටම කියන්නේ සාරංග ඇයත් එක්ක මොනාහරි කිව්ව නිසාමයි කියලා අහිංසාට හිතුනේ ඇගේ කුතුහලය වැඩි කරමින්.

"ඇත්තටම කාටද නංගෝ ඔයාගේ නිකී අයියා හොරෙන් හොරෙන් ආදරේ කරන්නේ?"

චාන්‍යා කට හද හද කියමින් මුතූවත් සම්බන්ධ කරගත්තේ අහිංසාට හොරෙන් ඇයට ඉඟි කරමින්.චාන්‍යාට ඕනේ අහිංසාව අවුස්සන්න විතරක් නෙමේ මුතූගෙ හිතත් පොඩ්ඩක් හදන්න.

"ම්ම්..කවදහරි එයා කසාඳ බඳින්න හීන මවන කෙනාට වෙන්න ඕනා අක්කී"

මුතූ නම් ඒක කිව්වේ අහිංසාව ඔලුවෙ තියාගෙන උනත් අහිංසාට මතක් උනේ ශාදිව.අහිංසාගේ මූණ මැලවුනේ බලන් ඉන්නැද්දි.

"එයා කසාඳ බඳින්නේ ශාදිවනේ..හ්ම්ම්..සාරංග අයියා එයාට ගොඩක් ආදරේ කරාවි...ඔයාලා දෙන්නා මේ උඩ පැන්නට එදා දවස ගැන සාරංග අයියා තාමත් ඉන්නේ මාත් එක්ක ඔරොප්පුවෙන්..එයා මැරි කරන්න ඉන්න ගර්ල් දැනගනියි කියලා බය ඇති"

"අනේ අක්කී මං කිව්වේ..."

"අනේ ඒවගෙන් වැඩක් නෑ..මං උණු උණුවෙන් කෝපි එකක් හදන් එන්නම්..අද රෑ එළි වෙනකන් තුන්දෙනා පචයක් හලන් ඉමු"

ඉතින් කාටවත් වදනක්වත් කියන්න ඉඩක් නොතබා අහිංසා කාමරෙන් එළියට දුවද්දී චාන්‍යායි මුතූයි මූණට මූණට බලාගත්තා.දෙන්නගෙන් කාටවත්ම ඇත්තටම ඒ වෙලාවේ ශාදිව මතකයේ තිබ්බෙම නෑ.

"මදැයි කොලා..."

චාන්‍යා තොල් පෙරලුවේ අන්තිමට නොහිතපු දෙයක් උනු නිසා.

........💜️........ RITHU SAKURA .......💜️........

දින කීපයක් ගෙවුනේ සාමාන්‍ය විදියට.මුතූ ආයේ සැලෝන් එකට ආවේ සාරංග ඇය ගැන තව වැඩිපුර උනන්දු වෙද්දී.තිහස් නිහඬව ඉන්න එක ගැන ඔහුට තිබ්බේ සැකයක්.ඒත් පැය විසිහතරෙම මුතූ ගැනම බලන්න වෙන්නෙ නැති බවත් සාරංග දන්නවා.විවාහ මංගල්‍යයකට අන්ඳගන්න කීප දෙනෙක් එනවා කිව්ව නිසා එදින අහිංසා සැලෝන් එකේ ටිකක් රෑ වෙනකන් උන්නේ මුතූත් ඇගේ සහයට ළඟ ඉද්දී.මාලකගේ කකුල පෙන්නන්න ඩොක්ටර් ගාවට ගිහින් උන්නු සාරංග මුතූව ගන්න තකහනියෙම නැවත සැලෝන් එකට එන්නම් කිව්ව නිසා ගෙදර යන එක ගැන ඇයට බයක් තිබ්බෙ නෑ.අන්තිම ගෑණු ළමයවත් අන්ඳලා ඉවර වෙද්දී රෑ හතහමාරට විතර ඇති.වෙනදට වඩා හවස් යාමය ඉක්මනට කරුවල වෙන නිසා යුවතියන් දෙන්නාම සාරංග එනකන් එළියට බැස්සෙවත් නෑ.

"අක්කී...දැන් නම් පොඩි බඩගින්නක් දැනී දැනෙනවා..තේ තිබහකුත් එනවා"

මුතූ කිව්වේ ඈනුමකුත් යවන ගමන්.

"මටත් අප්පා..සාරංග අයියට එන ගමන් ගේන්න කියමුද?"

"අපෝ..එයා එන්නේ දැන් ආව ගමන් දුවන්න බලන්.නිදහසේ කන්න වෙන්නෙත් නෑ එතකොට..අර බොතේජු එකේ රහම රහ පේස්ට්‍රි තියෙනවා..මං අරන් එන්නද?"

මුතූ රහ කර කර කියද්දි අහිංසාටත් ඉබේම කෙළ ගිලුනා.

"ඒකට පාර පැනලා ටිකක් දුර යන්න ඕනනේ..ඔයාව එළියට යවලා අහු උනොත් ඔයාගේ අයියා පොඩ්ඩ ආව ගමන් මටයි බනින්නේ..ඔයා ඉන්න මේකටම වෙලා.මං ගිහින් අරන් එන්නම්"

අහිංසා සිය මුදල් පසුම්බිය අතට ගත්තේ මුතූත් ඔලුව වනද්දී.වෙලාවකට අහිංසා ළඟ තියෙන නිහතමානීකමට මුතූට දැනෙන්නේ පුදුමයක්.තව කෙනෙක් වෙනුවෙන් වියදම් කරන්නවත් කාලය කැප කරන්නවත් අහිංසා දෙපාරක් හිතන්නේ නෑ.තමන්ගේ ආදරය අහිමි උනත් අහිංසාට නම් සාරංගව අහිමි වෙලා ශාදිව මැද්දට එන්න දෙන්නේ නෑමයි කියලා මුතූ හිතාගත්තේ දැන් ඒ තරමටම ඇය අහිංසාට සහෝදරියෙක්ට වගේ ආදරේ නිසා.මෙතරම් දවස් සාරංගටවත් අඩුම තරමේ ගෙදර අයටවත් නොකියා හිතේ තියන් උන්නු දුක අහිංසායි චාන්‍යායි ඉදිරියේ දිය කරලා හැරියාට පස්සේ මුතූ ඇත්තටම උන්නේ තරමක් සැහැල්ලුවෙන්.තිහස් ගැන හිතේ තියෙන ආදරයේ දශමයක්වත් වෙනස් නොවුනට ඒ ආදරේ එක්කම මොකක්දෝ ලොකු කළකිරීමක් ඇයට දැනෙන්න ගත්තේ සෑහෙන දවසක ඉඳන්.නමුත් වෙනදා පපුව උඩ බරක් තියන් ඉන්නවා වගේ දැනෙන හැඟීම දැන් ඇයට දැනෙන්නෙම නැති තරම්.අහිංසා එනතුරු මුතූ සැලෝන් එක අතු ගාලා අස් කරන්න පටන් ගත්තේ නිකන් ඉන්න බැරිකමටමයි.ඒ එක්කම සැලෝන් එකේ දොර ඇරුනේ එහි කෙළවරක එල්ලා තිබූ වින්ඩ් චිම් එකත් නද දෙද්දී.

"ඈ...ඔයා ඔච්චර ඉක්මනට ආවද අනේ?"

මුතූ හැරුනේ අහිංසා එච්චර ඉක්මනට ඒවි යැයි නොහිතුනු නිසා.ඒත් දොර ගාව හිටන් උන්නු කෙනාව දැකලා මුතූගේ හද ගැස්ම වැඩි උනේ මුවත් බාගෙට විවර වෙද්දී.මුතූ දිහාම බලාගෙන හිටියේ වෙන කවුරුත් නෙමේ තිහස්.ඒ බැල්ම වෙනදා වගේම ආදරණීයව ඇය දිහාට යොමු වෙලා තියෙද්දී මුතූ හිටියේ ගල් ගැහිලා වගේ.

"මුතූ..මැණික..."

තිහස් ඇයව අමතමින් අඩියෙන් අඩිය ඇය දිහාට තියද්දි මුතූ පසුපසට ගියේ වැටෙන්න ඔන්න මෙන්න කෙනෙක් ගාණට.අන්තිමට ඇය දන්නෙම නැතිව බිත්තියට හේත්තු වෙද්දී තිහස් ඇය අසලට ඇවිල්ලත් ඉවරයි.ඒ හුස්ම ඇගේ මුහුණට වැදෙන ගාණට තිහස් ළං වෙද්දී වතුරෙ ගිලෙන්න හදන කෙනෙක්ගේ වගේ මුතූට හුස්ම හිරවෙන්න ගත්තා.

"මැණික..ප්ලීස්...අසනීප වෙන්න එපා..මම ආයේ ඔයාව දාලා යන්නෙ නෑ..."

තිහස් ඇගේ දෙකම්මුල් වලට අත තියද්දී මුතූ ඔහුගෙ පපුවට අත් දෙක තිබ්බේ ඔහුගෙන් මිදෙන්න ඕන නිසා.

"ඔ..යා...යන්න...මට එපා..ඔයාව..."

අසනීප වෙන හැම වෙලාවකම තිහස්වම ඉල්ලලා අඬන මුතූ ඔහු ඉදිරියේ ඒ වචන පිට කළේ අමාරුවෙන්.ඒත් ඇයව ආයේ අතරින්න ඔහු ලෑස්ති නෑ.

"මං ආයේ යන්නෙ නෑ..යන්නේ මං මැරුනුදාට විතරයි...ආයේ මං යන්නෙ නෑ..මට යන්න කියන්නත් එපා"

ඒ වදන් හමුවේ මුතූගේ දෙනෙත් තෙත් වෙද්දී තිහස් ඇයව පපුවට තුරුලු කරගන්නයි හැදුවේ.ඒත් අවුරුදු දෙකක් තිස්සේ වින්ඳ වේදනාව මුතූට අමතක නෑ.ඒ නිසාමයි ඇය පුලුවන් තරම් වෙර දාලා තිහස්ව තල්ලු කළේ.

"එපා..මට ඔයාව එපා..ආයේ විඳවන්න බෑ..කිව්වම අහලා යන්න..ප්ලීස්..."

"කියන දේ අහන්න මැණික..මට එකපාරක් කතා කරන්න දෙන්න"

"බෑ..ඔයා..ඔයා..එදා මාව අතාරිද්දි කියපු කතා හොඳටම ඇති අයියේ...මට..ආයේ දරාගන්න බෑ..ආයේ විඳවන්න මගේ හිත හයිය නෑ..කිව්වම අහලා යන්නකෝ"

කඳුලු මැද්දෙන් උනත් ඇය ඇයවම පාලනය කරගෙන කතා කළේ උස් හඬින්.

"ඒ කිව්ව කිසිදෙයක් ඇත්ත නෙමේ පණ..මට එකපාරක් පැහැදිලි කරන්න දෙනවද??ප්ලීස්"

තිහස් හැදුවේ ආයේ මුතූ ගාවට යන්න උනත් ඔහු නතර උනේ මුතූ එකපාරටම අතට ගත්ත දෙයක් නිසා.ඔව්.ඇගේ අතේ තිබුනේ දිගටි කතුරක්.

"එක අඩියක් තියන්න එපා..ඔයා ආදරේ කියලා මාව රවට්ටපු දාමයි මගෙ ආදරේ මැරුනේ..මටත් වඩා ඔයා ආදරේ කෙරුව මගෙ කොණ්ඩේ කපලා දැම්මා වගේ මං මාවම මරන්න උනත් දෙපාරක් හිතන්නේ නෑ...එන්න එපා..ප්ලීස්..යන්නකෝ...මට පාඩුවේ ඉන්න දීලා යන්නකෝ"

වියරුවකින් පටන් ගත්ත ඇගේ වේදනාව අන්තිමට හැඬීමකින් ඉවර වෙද්දී තිහස් හෙල්ලෙන්නෙවත් නැතිව එහෙමම උන්නා.ඔහුගේ දෑස් බොඳ උනේ බලන් ඉන්නැද්දී.මුතූ කළා වගේම අසල තිබ්බ කතුරක් අතට ගත්ත තිහස් ඇය දිහාම බලන් උන්නේ වේදනාත්මක හිනාවක් එක්ක.

"ඔයා මැරෙන්න ඕනෙ නෑ මැණික..ඔච්චර චූටි වයසින් ඔයා ආදරේ නිසා දුක් වින්ඳා හොඳටම ඇති..ඔයාට කළින් මං යන්නම් මැණික..ඔයාට දුන්නු වේදනාවට ඊට වඩා දඬුවමක් මට තේරෙන්නේ නෑ..මම යන්නම්"

තිහස් කිව්ව දේට මුතූ කලබල උනේ ඔහුගේ ඒ වචන වල බොරුවක් ගෑවිලාවත් නෑ කියලා තේරෙද්දී.ඇය එක්වරම ඉකි ගගහා අඬන්න ගත්තේ අත් දෙකෙන්ම මූණත් වහගෙන.

"ඇ..යි..ඔයා..මට තවත්..මෙහෙම රිද්දන්නේ තිහස්..?අනේ...ඇයි??"

ඇය ඉකිගගහා අඬද්දී ටිකකින් ඇයට දැනුනේ ඇයව උණුසුම් පපුවකට හිර වෙනවා වගේ.ඇගේ හිස හා පිට ඒ දෑත් වලින් පි‍රිමැදෙද්දී මුතූ අඬමින්ම ඒ පපුවට තුරුලු උනේ ඒ උණුසුමෙන් ඇය සැනසෙද්දී.හිමින් සීරුවේ මුතූගේ අතේ තිබ්බ කතුර පැත්තකට කෙරුව තිහස් ඇගේ හිස කීපවරක්ම සිපගත්තේ වචනයක්වත් නොකියා.

"මට..ඔයාව..ඕනේ..."

ඉකි බිඳුම් අතරින් මුතූ මුමුණපු වදන් වලට සිහින් සිනාවක් තිහස්ගේ මුවේ ඇඳිලා මැකී යද්දී ඇගේ දෙකම්මුල් වටා දෑත් යවා ඔහු එබුනේ ඇගේ මුහුණට.ඒ ඇස් ඒ ටිකට රතු වෙලා.අඬලම ඉදිමිලා.කඳුලින් පිරිලා තිබ්බ මුතුගේ දෙනෙත් සීරුවට සිපගත්ත තිහස් බැලුවේ ඇගේ වෙව්ලන දෙතොල් දිහා.

"ආයේ...යන්නෙ නෑ.යන්න කිව්වත් යන්නෙ නෑ..."

සෙමින් මුතූගේ මුහුණට බර උනු තිහස්ගේ දෙතොල් ඒ දෙතොල් ස්පර්ශ කරද්දීම දෙන්නාම ගැස්සුනේ දොර විවර උනු හඬත් එක්කම ඇසුණු උස් හඬකට.

"ඒයි...නතර කරනවා ඕක"

- මතු සම්බන්ධයි -

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

කවුද ආවේ?තිහස් ගුටි කාලම චුත වෙයිද මන්දා.

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

5.5K 933 35
ඇත්තටම ම⁣⁣ගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට....... ඒත් ඉ...
1.7K 256 7
මිස්ටර් රුද්‍රාක්ශ ප්‍රතාප් ගජේන්ද්‍රනාත් ! " දන්නව ද මම කියවන පොතක තිබ්බේ සරීන් කියන්නේ nerve gas එකක් කියලා. විනාඩි දහයකින් වගේ මනුස්සයෙක් මරන්න පු...
152K 10.8K 75
Mr.අතිපණ්ඩිත කතාවේ දෙවන දිගහැරුම.
757 119 14
නොකියා හිතේ හංගන් ජීවත් වෙද්දි පපුව හත් කඩකට නෙමෙයි හතලිස් නමකඩකටත් වැඩිය ඉරි තලනවා!!...පුන්චි පුන්චි ඉරි තැලීම් හදවත පුරා යද්දි දැනෙන වේදනාව කියාගන්...