සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

65.2K 6K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

38

658 62 0
By Rithu_Sakura

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️38 කොටස💜️

"මොකද ඒ පාර?"

ඇමතුම ගත්ත ගමන්ම තිහස් ඇහුවේ නොරිස්සුමෙන්.ඒත් පිට අය ඉස්සරහා වෙනසක් පෙන්නන්න ඕනේ නැති නිසා ටිරන්‍යා වෙනසක් නැතිව හිනා උනා.

"අනේ බබී..මගෙ පර්ස් එක කාර් එකේ දාලා ඇවිල්ලා.හොඳ ළමයා වගේ උඩට ගෙනත් දෙන්නකෝ..මට ආයේ බැහැලා නඟින්න බෑ අනේ"

ටිරන්‍යා නලවලා කියද්දී තිහස්ට දැනුනේ පුදුම කේන්තියක්.අහිංසාට නොපෙනී ඉන්න හදද්දී ඇය ඉන්න තැනටම එන්න කියද්දි ඔහුට කේන්ති නොගෙන ඉන්න බැරි උනා.ඒ මූණ රතු වෙලා තියෙන්නේ ගින්දර වගේ.

"මට කියලා කුණුහරුප අහගන්නෙ නැතිව ඕනෙ නම් ඇවිල්ලා ගන්නවා ඕයි..."

"අනේ..තරහා ගන්න එපා අනේ...මේ පඩි පහළව විස්ස මම හති දාගෙන නඟින බහින වෙලේ ඔයාට එන එක ලේසි..."

"ටිරන්‍යා මේ...මං මේ ඉන්නේ ඉවසීමේ අන්තිමේ අඩියේ..උඹ එක්කෝ මේක අරන් යමන්.නැත්තම් මම මෙහෙමම යන්නම්...එච්චරයි"

තිහස්ට යකා නැඟ්ගා කියලා තේරුනු ටිරන්‍යා අහිංසාටයි මුතූටයි පිටුපාලා හිටගත්තා.

"බනින්න එපා බබී..එන්නකෝ..අනික මේ ඔයා අඳුනන කෙනෙක් නම් මොකටද ඔච්චර බය වෙන්නේ?අනික මම පහළට ආවොත් එයාලා හිතයි මම සල්ලි නොදී හොරාට යන්න හදනවා කියලා..."

"ඒකට මට කරන්න දෙයක් නෑ.තව විනාඩි පහයි දෙන්නේ.ඕනෙ නම් ඇවිත් ගන්නවා"

තිහස් කෝල් එක කට් කරද්දි ටිරන්‍යාට නිකන්ම චුක් ගෑවුනා.කණස්සල්ලෙන් ෆෝන් එක දිහා බලන් උන්නු ඇය මවාගත් හිනාවකින් හැරුනේ අහිංසා දිහාවට.

"අනේ ඩාලින්..බෝයි කියනවා ඕනෙ නම් ඇවිත් පර්ස් එක අරන් යන්නලු.එයා ඔහොමමයි..මං පහළට ගිහින් අරන් එන්නද?මං බෑග් එක තියලා යන්නම්..නැත්තම් ඔයාලා හිතයි මම හොර පාරෙන්ම යයි කියලා"

ටිරන්‍යා කිව්වේ හිතට සියුම් ලැජ්ජාවක් දැනෙද්දි.චරිතය මොන වගේ උනත් ඇය කා ඉස්සරහවත් අසරණ වෙන්න කැමති කෙනෙක් නෙමේ.අහිංසාටයි මුතූටයි ගාණක් නැති උනාට ටිරන්‍යාට ඒක අපහසුවක් උනා.

"අනේ එහෙම හිතුවේ නෑ.ඔයා අරන් එන්න"

ටිරන්‍යා ලද තප්පරේම සැලෝන් එකෙන් එළියට ආවේ ඇගේ අත් බෑගය සෙටිය උඩින් තියලා.ඉක්මන් ගමනින් අඩිය තියලා තිහස්ගේ කාර් එක ළඟට යද්දි ඔහු උන්නේ සීට් එක මඳක් ඇල කරගෙන නළල ඇඟිලි වලින් පිරිමදිමින්.ටිරන්‍යා ආ විගසම දොර ඇර පර්ස් එක ගත්තේ තිහස්ට ඔරවගෙන.

"ඉක්මනට එනවා...තව විනාඩියයි බලන්නේ"

"ඔයා නම් නෝටි බබී..."

තිහස්ට කට කොණකින් හිනාවක් නැඟුනේ ඇය බනින එකත් නළවලා බනිද්දී.නැවත සැලෝන් එකට ගිය ටිරන්‍යා අහිංසාට මුදල් දුන්නේ නැවත සැලෝන් එකට එන බවට පොරොන්දු වෙලා.

"ආයේ මං එන්නේ ෆ්‍රෙන්ඩ්ස්ලවත් එක්කගෙනමයි..."

"තැන්ක් යූ ටිරන්‍යා..ඔයා සැටිස් උනා නම් එච්චරයි"

අහිංසා සුහදව සිනා සෙද්දී ටිරන්‍යා බැලුවේ මුතූ දිහා.

"එහෙනම් අම්බ්‍රෙල්ලා ගර්ල්...මං ගිහින් එන්නම් ස්වීටි..පස්සෙ හම්බෙමුකෝ"

මුතූ අහිංසකව හිනා වෙද්දී තිහස් කිව්ව විනාඩිය ඉවර වෙන්න කළින් ටිරන්‍යා ටක් ගාලා සැලෝන් එකෙන් එළියට ගියේ තිහස් එක ළඟ දෙපාරක් හෝන් එක ගහද්දී.ඇය ගාල කඩාගෙන වගේ දුවන් එන හැටි දිහා බලන් තිහස්ට ගියේ ඔච්චම් හිනාවක්.

"ටිකක් නැලවිල්ල උනාට හොඳ පාටයි"

අහිංසා කිව්වේ ටිරන්‍යාගේ කතා විලාසය මතක් කරන ගමන් උනත් මුතූ උන්නේ සෙටිය මත දාලා ගිහින් තියෙන ඇගේ හෑන්ඩ් බෑගය අතට ගන්න ගමන්.

"අයියෝ අක්කී..එයා ඒ පාර බෑග් එක මෙහෙ දාලා ගිහින්..එයාගේ බෝයි නේද හෝන් එක ගැහුවේ...ගියාද දන්නෙ නෑ??"

"කලබලේට දුවන්න ඇති..."

"ඉන්නකෝ..මම ගිහින් බලලා එන්නම්"

අහිංසා කිසිවක් පැවසීමට පෙර මුතූ ටිරන්‍යාගේ හෑන්ඩ් බෑගය රැගෙන පහළට දිව්වේ කාර් එකට නඟින්න ඔන්න මෙන්න ඉන්න ටිරන්‍යා දිහා බලාගෙන.

"අයියෝ...යන්නයි යන්නේ..."

තමන්ටම මුමුණා ගනිමින් මුතූ වේගයෙන් දිව්වේ තිහස් කාරය පාරට දැමීමට පෙර දෙපස වාහන යනතුරු රැඳී සිටිද්දීයි.කොහොමහරි කාරය පිටත් වීමට පෙර ටිරන්‍යා සිටි පැත්තේ වීදුරුවට තට්ටු කළ ඇය හති ඇරියේ ටිරන්‍යා වීදුරුව පාත් කරද්දීයි.

"ඇයි ඩාලින්??"

ටිරන්‍යා ඇහුවේ තාමත් ඇගේ හෑන්ඩ් බෑගය අමතක වෙලා කියලා නොදැන.ප්‍රධාන මාවත දෙසට බර වී නෙත් යොමා සිටි තිහස් දිහා මුතූ අවධානෙන් බැලුවෙ නැත්තේ ඔහු සිටියේ ටිරන්‍යාට මඳක් මුවා වෙලා නිසා.

"මිස් බෑග් එක දාලා ගිහින්නේ..ඒක දෙන්නයි දුවන් ආවේ"

හති යවමින් මුතූ කියද්දී වාහන ගැන සිහියෙන් සිටි තිහස් ගැස්සිලා වගේ බැලුවේ මුතූ ඉන්න දිහා.ටිරන්‍යාට වැහිලා ඉන්න මුතූව බලාගන්න බැරිව ලත වෙවී ඉද්දී ටිරන්‍යා එකපාරටම තිහස් දිහා බැලුවේ මුතූගෙ අතින් බෑග් එක අරගෙන.

"අනේ බලන්නකෝ බබී..ඔයාගේ හදිස්සියට මම බෑග් එකත් අමතක කරලා ඇවිල්ලා..හොඳ වෙලාවට ස්වීටි දැකලා ගෙනාවේ"

ටිරන්‍යා ශටර් එක ගාවින් මඳක් ඈත් වෙලා තිහස්ගෙ අතට තට්ටුවක් දාමින් කියද්දී එපිටින් පෙනුනු රුවට තිහස්ට දැනුනේ අකුණක් හිස උඩ පිපිරුවා හා සමාන හැඟීමක්.තමන් වෙතම නෙතු දල්වන් සිටි යුවතියගේ මුවේ මෙතෙක් වෙලා රැඳී තිබුණු හිනාව කෙමෙන් කෙමෙන් වියැකෙන විදිය දකිද්දී තිහස්ට දැනුනේ ලෝකෙ කැරකෙන එකත් නතර උනා වගේ.

"ති..හ..ස්"

ඇගේ දෙතොල් සෙලවෙද්දී තිහස්ගේ උරපත්ත මතින් අතක් තබාගෙන සිනාසෙන ටිරන්‍යාවත් ඇයට මොහොතකට නොපෙනී ගියා.අවුරුදු දෙකකට පස්සේ දකින තමන් පණ වගේ ආදරය කරන ඒ පිරිමි රුව ඇස් අද්දරින්ම ඉඳලත් සතුටු වෙන්න කාරණා මුතූට මතක් උනේ නෑ.ඔහුගේ උරපත්ත මත තියෙන අන් යුවතියකගේ අත,ඇය ඔහුට බබී ලෙස අමතපු විදිය විතරක් නෙමේ මුල්ම වතාවට ටිරන්‍යාව හමු වූ දවසේ ඇගේ අතින් බිම වැටුණු උපත් පාලනය සඳහා දෙපාර්ශවයම භාවිතා කරන දේවල් දැක්ක හැටි ඇයට සිහි වුනා.ඒ විතරක් නෙමේ බොරු හේතු මවලා තිහස් ඇයව අතඇරිය හැටි මුතූගෙ දෙනෙත් ඉස්සරහා මැවි මැවී පෙනෙද්දී ඇයට සිහිමද ගතියක් දැනෙන්නට ගත්තේ ඒ දෙනෙත් කඳුලු පටලයකින් වැහෙද්දී.වේගයෙන් හුස්ම ගනිමින් ටිකෙන් ටික පසුපසට යන මුතූව දැක පියවි සිහියට ආව තිහස් කාර් එකෙන් බැස්සේ ටිරන්‍යා පවා කලබල වෙද්දී.

"බබී..කොහෙද යන්නේ??"

ටිරන්‍යාද කාර් එකෙන් බැස ගත්තද තිහස්ට ඇය ගැන දශමයක සිහියක් තිබ්බෙ නෑ.ඔහු බලා සිටියේ මුතූ දිහා.ඔහු පණ වගේ ආදරය කරන යුවතිය දිහා.

"පණ..."

තිහස් ඇය දිහාට ළං උනේ ඔහුගේ දෙනෙත් වලට පවා සතුටට කඳුලු උනද්දී.ඇය වෙනුවෙන් නැවත පරණ ජීවිතයට හුරු වෙන්න අඩිතාලම දැම්මා විතරයි.ඇයව හොයාගන්න පටන් ගත්තා විතරයි.ඒ හැමදේම අනපේක්ශිත ලෙස වෙනස් උනේ ඇගේ හදිසි මුණගැසීමෙන්.ඒත් ඒ ගැන හිත සතුටු වෙද්දී ඒත් එක්කම තිහස් කලබල උනේ ටිරන්‍යා එක්ක ඔහුව දැක්ක නිසා මුතූගේ හිතේ ඇති වෙච්ච වැරදි වැටහීම ගැන කනස්සල්ලෙන්.කැඩපතක් වගේ ඒ මුහුණේ හැඟීම් කියවන එක තිහස්ට අමාරු නෑ.මේ දැන් පවා ඇය තිහස්ගෙන් ඈතට යන්නේ සැරින් සැරේ ටිරන්‍යා දිහා බලමින්.

"බබී..."

ටිරන්‍යාගේ හඬින් පියවි සිහියට ආව මුතූ හැරිලා දුවන්න හදද්දී ඇය සිර වී ගියේ තිහස්ගේ හැඩි දැඩි දෑත් අතරට.

"මුතූ..ප්ලීස්...යන්න එපා පණ..."

"අ..තා..රින්න..."

ඇගේ හඬ පිට නොවුනු තරම්.ඉකි ගසා හඬන්නට හිතන තරම් හිත වේදනා දෙද්දී ඇය හැදුවේ ඔහුගෙන් කෙසේ හෝ පැන දුවන්න.

"බෑ..ඒ මෝඩ වැඩේ මං ආයේ කරන්නෙ නෑ..."

"අන්..නේ..මට...ය..න්න...ඕනා.."

හුස්ම ගැනීමට නොහැකි තරමට ඇගේ පපුව හිර වේගෙන එද්දී මුතූ හෙව්වේ තිහස්ගෙන් ගැලවෙන්න ක්‍රමයක්.

"බබී...මෙතන මොකක්ද වෙන්නේ ආ??"

නැවත ටිරන්‍යා ඔවුන් අසලටම ඇවිත් අහද්දී තිහස්ට දැනුනේ එය වදයක් ගාණට.වෙර දාලා තිහස්ව තල්ලු කරපු මුතූ වැනි වැනී මෙන් පඩිපෙල නඟිද්දී ඇය පසුපස යන්න ගිය තිහස් නතර උනේ ටිරන්‍යා ඔහුගේ අතේ එල්ලුනු නිසා.

"තිහස්...බබී...මොකද මේ වෙන්නෙ කියන්නකෝ..ඔයා ඒ ගර්ල්ව දන්නවද?ඇයි ඔයාව දැකලා එයා දිව්වේ??"

ටිරන්‍යාව වදයක් ගාණට දැනුනු තිහස් ටිරන්‍යාගේ අත් බාහුවකින් අල්ලලා ඇයව තල්ලු කළේ මුතූගෙ වැරදි වැටහීමට ටිරන්‍යාත් හේතුවක් උනා කියලා දන්න නිසා.

"යන මංගල්ලෙක පලයන් යකෝ තවත් මාව කන්නෙ නැතිව...මාව මාරයා කරගන්නෙ නැතිව මගෙ දෑහැට නොපෙනී පලයන්"

ඇය තිගැස්සී ගියේ තිහස්ගේ හඬේ ආවේගෙට.ඔහුව ආශ්‍රය කෙරුව කාලයේම ඔහු ඇයට කෙතරම් සැර කළත් මෙවැනි වියරුවක් ඇය කවදාවත් දැකලා තිබ්බෙ නෑ.කිසිම හෙවිල්ලක් බැවිල්ලක් නැතිව ජීවිතේට ළං කරගත්ත යුවතියක්ම ඔහුගේ ජීවිතේ මේ වගේ වෙනස් කරන්න හේතුවක් වෙයි කියලා තිහස් ජීවිතේට හිතුවේ නෑ.තමන්ව තල්ලු කරලා දාලා සැලෝන් එක දිහාට යන තිහස් දිහා ටිරන්‍යා බලන් උන්නේ මූණත් ඇඹුල් කරන්.තව කරන්න වැඩත් තියෙන නිසාම ටිරන්‍යා පාරට ආවේ තිහස්ගෙන් මේ ගැන පස්සෙ අහනවා කියලා හිතන්.ළඟට ගිහින් මේ ප්‍රශ්ණෙ මොකක්ද කියලා බලන්න තරම් සෙනෙහසක් ටිරන්‍යාගේ හිතේ නෑ.ඇයගේ හිතේ තියෙන්නේ තිහස් ගැන,ඔහුගෙ පහස එක් වරක් හෝ විඳගැනීමේ ආසාවක් විතරයි.වේගයෙන් සැලෝන් එක ඇතුළට ආව මුතූ තමන්වම පාලනය කරගන්න බැරිව බිම ඇදගෙන වැටුනේ අහිංසාව තිගැස්සිලා යද්දී.

"මුතූ...අනේ පැට්ටෝ...මොකද උනේ?"

හයියෙන් හුස්ම ඉහළ පහළ ගනිමින් ශරීරය දරදඬු කරගෙන වගේ ඉකි ගහන මුතූ ගාවට අහිංසා දුවගෙන ආවේ අඩියට දෙකට.

"අනේ දෙයියනේ...කෙල්ල...ඇයි මේ???කතා කරන්නකෝ"

මුතූ ගාවම දණ ගහගෙන අහිංසා අහන්නේ ඇගේ හිස අත ගාමින්.

"අක්කී...එ...එයා...අ..නේ...එයා.."

කතා කරගන්න බැරිව ඉකි ගහන මුතූගේ වේදනාවෙන් බර වූ මුහුණ දිහා අහිංසා බලන් උන්නේ බය වෙලා වගේ.ඇගේ ඒ හැසිරීම හරිම අසාමාන්‍යයි.

"පැට්ටෝ...අනේ..ඔයා ඇයි මෙහෙම??මට බයයි මුතුවෝ.නැඟිටින්නකෝ...එන්න..අපි සෙටියෙන් වාඩි වෙමු"

"එයා..ව...ඕනේ...අක්..කී...අ..නේ...ම..ට...මැ..රෙන්න...බෑ...ම..ට...මට..."

හිතේ තියෙන වේදනාව,දැනෙන පීඩනය දරාගන්න බැරිව මුතූගෙ අත් පවා වෙව්ලද්දී අහිංසාට කරකියාගන්න දෙයක් මතක් උනේ නෑ.ඇය උන්නේ බය වෙලා.බෑග් එක දෙන්න පහළට ගිය කෙල්ල මේ විදියට අඬාගෙන ආව හේතුව හිතාගන්න බැරිව අහිංසා අසරණ වෙද්දී ඒ එක්කම සැලෝන් එක දොර ඇරියේ තිහස්.

"මුතූ..."

දොර ගාවම බිම වාඩිවෙලා අසාමාන්‍ය විදියට ගැහෙන ඇය දිහා තිහස් බැලුවේ වෙව්ලන දෙනෙතින්.අහිංසා හදිසියේම ආව තිහස් දිහා බැලුවේ පුදුමයෙන්.

"තිහස්..??ඔයා මොකද මෙහෙ??"

අහිංසා තිහස්ගේ නම කියලා කතා කරද්දි අසිහියෙන් උනත් මුතූට ගොඩක් දේවල් තේරුම් ගියා.අහිංසාගෙ ගෙදර නතර වෙලා උන්නු තිහස් කියන්නේ ඇය ආදරය කළ කෙනාම බව මුතූට තේරුනා.ඇය තිහස් දිහා බැලුවේ වේදනාවෙන් පිරිච්ච දෑසින්.අහිංසාගේ ප්‍රශ්නෙ මඟ ඇරිය තිහස් මුතූ ගාවින් දණ ගහගත්තේ ඇගේ අතක් අල්ලාගනිමින්.

"පණ...ඔයා හිතන විදියෙ දෙයක් එතන නෑ..ප්ලීස්..මගෙන් ඈතට දුවන්න එපා..මම...මම ඔයාට හැමදේම තේරුම් කරලා දෙන්නම්...මුතූ...ප්ලීස්...කතා කරන්නකෝ"

වේදනාබරිත හඬකින් මුතූ එක්ක කතා කරන තිහස් දිහා අහිංසා බලන් උන්නේ තක්බීරි වෙලා වගේ.ඔහු මෙතරම් ආදරණීයව ඇයට කතා කරන්නේ ඇයි?ඔවුන් අඳුනන්නේ කොහොමද?

'දෙයියනේ...එතකොට පොඩි අයියා සාරංග අයියාගේ නංගි ගැන කියලා තිහස්ට ගැහුවේ ඇත්තටම ඒ මුතූ නිසාද??ඒ කියන්නේ..තිහස් මුතූට???'

අහිංසාගේ සැකේ සීයට සීයක් ඇත්ත වෙද්දි ඇය පියවි සිහියට ආවේ තිහස්ගේ හඬින්.

"කතා කරනවා මුතූ...ඇයි...ඇයි මෙහෙම බය වෙලා???වස්තූ....මාව බය නොකර කතා කරනවා ඕයි..."

තිහස් කියන්නේ මුතූගේ මූණ අත් දෙකෙන්ම අල්ලන්.අහිංසා ඇගේ මූණ දිහා බලද්දී මුතූ උන්නේ ඇස් දෙකත් උඩ ගිහින් ෆිට් එක හැදිලා වගේ වේගයෙන් ගැහෙමින්.කම්පනයට පත් වුනු පාර අහිංසා උන්නෙ ගල් ගැහිලා වගේ.මේ වගේ අත්දැකීමකට ඇය කවදාවත් මූණ දීලා නෑ.බලාගෙන ඉන්න බැරිම තැන තිහස් මුතූව හරහට වඩාගත්තා.

"බලන් ඉන්නැතිව මේ දොර අරිනවා අහිංසා..මගෙ කෙල්ලට මොනාද වෙලා අයිසේ...හොස්පිටල් යන්න මේ දොර අරිනවා.."

අහිංසාටත් වඩා බය වෙලා උන්නු තිහස් කෑ ගහලා කියද්දී අහිංසා ටක් ගාලා නැඟිට්ටා.අත් බෑගයයි දුරකථනයයි අතට ගත්ත අහිංසා තිහස්ට දොර ඇරලා ඔහුගේ පසුපසින් ඇදුනේ සැලෝන් එකවත් ලොක් කරන්න අමතක වෙද්දී.අහිංසා තිහස්ට පසුපස ආසනය විවර කරලා දුන්නේ මුතූ කිසිම ප්‍රතිචාරයක් නැතිව දෙනෙත් පියාගෙන ඉද්දී.

"අහිංසා...නඟිනවා ඉක්මනට"

මුතූගේ හිස ඔඩොක්කුවෙන් තබාගෙන අහිංසා වාඩි උනාට ඇයවත් වෙව්ලන්නේ බයටමයි.

"අනේ පැට්ටෝ..නැඟිටින්නකෝ"

අහිංසාට ඇඬුනේ මුතූ ගැහෙන එක නතර වෙලා මළ කඳක් ගාණට ඉද්දී.වාහනයට නැඟි තිහස් වේගයෙන් වාහනය පාරට දැම්මේ ඉක්මනට රෝහලට යන්න ඕන නිසා.

.....💜....... R I T H U S A K U R A .......💜️......

රෝහලේ කොරිඩෝවට වෙලා අහිංසා බලන් උන්නේ නොසන්සුන්ව එහා මෙහා යන තිහස් දිහා.ඔහු ඉන්නේ තම දෑතින්ම හිසකෙස් අවුල් කරගනිමින් ඔහුටම වෙන් වුනු ලෝකෙක.මුතූ සිටි පෞද්ගලික රෝහලේ කාමරේ ගාවින් තිහස් මේ එහා මෙහා යන්නේ සියවෙනි වතාවටද කොහෙද.අහිංසාට ඔහුගේ මේ හැසිරීම විශ්වාස කරන්නත් බෑ.ඇය දැනට දන්න විදියට තිහස්මයි මුතූව අතෑරියේ.ඇය මේ වෙනතුරු ඇගේ ආදර සම්බන්ධතා ගැන කතා කෙරුව කෙනෙක් නෙමේ.ඒකට හේතුව අහිංසාට තේරෙන්නේ දැනුයි.ඇය ඉකි ගසමින් හයියෙන් හුස්ම ඉහළ පහළ ගනිමින් පාලනයෙන් ගිලිහී යද්දී ඒ හැමදේටම හේතුව තිහස් බව අහිංසාට තේරුනා.අසිහියෙන් වූවත් මුතූ කිව්වේ තිහස්ව ඕනා කියලා.දැන් උනත් තිහස්ගේ හැසිරීමෙන් මුතූ වෙනුවෙන් තියෙන ආදරය මිසක් වෙන දෙයක් ඇයට පේන්නේ නෑ.දෙන්නට දෙන්නා මෙච්චරටම ආදරෙයි නම් තිහස් මුතූව අත ඇරලා දැම්ම හේතුව බරපතල එකක් වෙන්න ඕනා ඇති කියලා අහිංසා හිතුවේ තිහස් දිහාම බලාගෙන.තවත් විනාඩි කීපයකට පස්සේ මුතූගේ කාමරෙන් වෛද්‍යවරයෙකු එළියට එද්දී කාටත් කළින් ඉස්සර උනේ තිහස්.

"ඩොක්ටර්...මගෙ..මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට දැන් කොහොමද?එයාට...ඇයි එහෙම උනේ??එයා හොඳින් නේද?"

තිහස්ට ඉවසීමක් තිබ්බෙම නැති තරම්.තිහස්ගේ කලබල ස්වරූපය දෙස බැලූ වෛද්‍යවරයා ඊළඟට බැලුවේ අහිංසා දිහා.

"ඩොක්ටර්..ඒ මගේ කසින් කෙනෙක්..එයාට ප්‍රශ්ණයක් නෑ නේද?"

අහිංසාටත් බය හිතුනා වෛද්‍යවරයා නිහඬව ඉද්දී.

"බය වෙන්න දෙයක් නෑ.එයා හොඳින්..එයා එකපාරටම මොකක් හරි දෙයක් නිසා කම්පනයකට ලක් වෙලා තියෙනවා.එයාට ඒක දරාගන්න පුලුවන් වෙලා නෑ.සිහිය ආව වෙලාවෙ එයාම කිව්වා එයා බෙන්සෝඩයෑසපින් වර්ගයක් යූස් කරනවා කියලා"

"ඒ කිව්වේ?"

අහිංසාට ඒක තේරුනේ නෑ.

"ඒ කියන්නේ ඇන්ටි-ඇන්ශයිටි ටැබ්ලට් එකක්...එයා එක්ක කතා කෙරුව විනාඩි කීපයට මට තේරුනු දෙයක් තමා එයා කාලයක් තිස්සේ ඩිප්‍රෙශන් වලට බේත් ගන්නවා...ඒ දේට හේතු වෙච්ච දේම වෙන්න පුලුවන් එයාව අදත් අසනීප කෙරෙව්වේ...එයාට තව ට්‍රීට්මන්ට් කරන්න නම් අපි ඒ ගැන කන්ෆර්ම් කරගන්න ඕනේ.ඒ නිසා එයාගේ ෆැමිලි එකේ කෙනෙක්ව එක්කන් එන්න...දැනට එයාට ගැටලුවක් නෑ..ඇතුලට නොයා දැනට එයාට ටිකක් රෙස්ට් කරන්න දෙන්න.ඩෝන්ට් වොරි"

ඔහු එතනින් ඉවතට ගියේ තිහස්ගේ මනස අවුල් කරලා.ඔහු ඇය සමඟ සිටි කාලයේ ඇයට එහෙම කිසිම විදියක මානසික පීඩනයක් නොතිබූ බව තිහස්ට විශ්වාසයි.

"මගේ කෙල්ල...එයාට එහෙම උනේ මං නිසාද එතකොට???මං..මං..මොකක්ද මේ කළේ?"

තිහස් මිමිණුවේ බිත්තියකට වාරු වෙලා දෝතින්ම මූණ වහගෙන.අහිංසා උන්නේ හිතේ දෙගිඩියාවෙන්.මෙච්චර දෙයක් වෙලත් මුතූගේ ගෙදරට කියන්නවත් ඇයට මතක් උනේ නෑ.ඒත් ඔවුන්ගේ අංකයක් නැති තැන ඇය හිතුවේ සාරංග මාර්ගයෙන් විස්තරේ කියන්න.ඇය දුරකථනය අතට ගන්න හදනකොටම තිහස් එකපාරටම මුතූ සිටි කාමරේට යන්න හැදුවේ අහිංසාවත් කලබල කරලා.

"තිහස්...ඔයා ඇතුළට යන්න හිතන්නවත් එපා"

අහිංසා කිව්වේ තිහස්ව කවර් කරගෙන.ඒ මොහොතේ ඔහුගේ මුහුණේ තිබ්බේ මහා අසරණ පාටක්.

"මට යන්න දෙන්න අහිංසා..ඒ ඉන්නේ මගේ කෙල්ල...මට බලන්න ඕනේ"

කවදාවත් නැතිව ඔහු පිංසෙණ්ඩු වෙද්දි අහිංසාට දුක නොහිතුනාම නෙමේ.ඒත් තිහස්ව විශ්වාස කරන්න තරම් සාධාරණ හේතුවක් ඇයට තිබ්බෙ නෑ.

"ඔයා ගහෙන් ගෙඩි එන්නා වගේ කියන දේවල් මං දැන් කොහොමටවත් විශ්වාස කරන්නෙ නෑ තිහස්...හොඳට උන්නු කෙල්ල එකපාරටම අසනීප උනේ ඔයා නිසා කියන්න මම දැන් දන්නවා..මේ කිසි දෙයක් හරියට නොදැන ඔයාව ආයේ මුතූ ඉස්සරහට එක්කගෙන යන්න මට උවමනාවක් නෑ..අනික සාරංග අයියා දැනගත්තොත් ඔයාව ඉතුරු කරන එකක් නෑ..."

සාරංගගේ නම ඇහුනා විතරයි තිහස් ගැස්සුනා.කේශව එදා ඔහුට ගැහුවේ මුතූ නිසාම බව ඒ වෙද්දි ඔහුට වැටහිලා ඉවරයි.මෙතරම් කාලයක් සාරංග ළඟ ඉඳලත් ඔහුට වචනයක්වත් නොකිව්වේ ඔහුගේ නංගිව රැවටූ පුද්ගලයා තිහස් බව නොදැන සිටි නිසා.ඒත් ඉස්සරහට කාගෙන් නැතත් සාරංගගෙන් නම් ලොකු බාධාවක් එන බව තිහස්ට වැටහුනා.

"මට එකපාරක් එයාව බලන්න දෙන්න අහිංසා...ප්ලීස්..."

"ඩොක්ටර් කිව්ව දේවල් ඔයාට මතක නැද්ද ආ?එයා ආයේ අසනීප උනොත් ඒ වගකීම ඔයා ගන්නවද?"

ආයේ අසනීප උනොත්??ඉතින් තිහස් ඒ වචනෙ ඉස්සරහ මෙල්ල උනා.ආයේ ඇය වේදනාවෙන් අඬන හැටි බලන්න තිහස්ට බෑ.මඳකට සන්සුන් වෙච්ච තිහස් ආයේ උන්නු තැනටම ගිහිල්ලා උන්නේ කරන්න දෙයක් හිතාගන්න බැරිව.අහිංසා ඒ අතරේ සාරංගට ඇමතුමක් ගත්තේ දෙගිඩියාවෙන්.ඔහු ඇමතුම ගත්තේ දෙතුන් පාරක් ඇමතුම් ගත්තට පස්සේ.

"ඔව් අහිංසා කියන්න..."

"සාරංග අයියේ..ඔයා බිසීද?"

"වෙඩින් එකක ඉන්නෙ අහිංසා..."

ඔහුගේ වැඩේට බාධා වෙන එක ගැන ඇයට දුකයි.ඒත් ඔහු ඇර මේ කාරණාව කියන්න වෙන කවුරුවත් ඇයට නෑ.

"අයියේ...ඔයා කලබල වෙන්න එපා..දෙයක් කියන්න තියෙනවා.."

"කියනවා ඉතින්..මොකක්ද?"

එහා පසින් ඇසෙන සංගීත රාවයත් පරද්දලා ඇසෙන සාරංගගේ හඬට අහිංසාට බයක් නොදැනුනාම නෙමේ.ඒත් පුලුවන් තරම් තිහස්ගෙ නම මඟ ඇරවලා අසනීපය අහම්බයක් බව පෙන්නලා අහිංසා මුතූට වෙච්ච දේ කිව්වේ ඔහුව කලබල කරන්න ඕනෙ නැති නිසා.

"තමුසෙ දැන්ද අහිංසා කියන්නේ??ඉන්න මං එනවා..එයා ගාවම ඉන්න"

සාරංග ඇමතුම විසන්ධි කරලා හදිසියේම පිටත් උනේ එතන උන්නු ඔහුගේ ගෝලයෝ දෙන්නට වැඩේ පවරලා.හොස්පිටල් එකට එන්න සාරංගට ගියේ පැය භාගයක් වගේ කාලයක්.ඒ වෙද්දිත් තිහස් සහ අහිංසා උන්නේ කොරිඩෝවටම වෙලා.ආව වේගෙට ඔහු තිහස්ව දැක්කේ නෑ.ඒ ඇස් තිබ්බේ අහිංසා දිහාවටමයි.

"අහිංසා..කෝ මුතූ??"

ඔහු ඇහුවේ අහිංසාව පවා ගැස්සිලා යද්දී.එච්චර ඉක්මනට ඔහු ඒවි කියලා අහිංසාටවත් හිතුනේ නෑ.තිහස් පැත්තකට වෙලා බලන් උන්නේ කොයි මොහොතක හරි සාරංගගෙන් බර පාරක් මූණට වැදෙයි කියන බලාපොරොත්තුවෙන්මයි.

"මේ කාමරේ නේද?"

සාරංග කලබලයෙන් ඒ කාමරේට යන්න හදද්දි අහිංසා ඔහුව නතර කරගත්තා.

"මං එකපාරක් ගිහින් බැලුවා.එයාට නින්ද ගිහින්.ඩොක්ටර් කිව්වා එයාට රෙස්ට් කරන්න දෙන්න කියලා.ඇහැරුනාම යමු"

ඉතින් සාරංග සන්සුන් උනේ අහිංසාගේ වචන ඉස්සරහා.ඔහු අත් දෙකෙන්ම කොණ්ඩෙ පසුපසට ඇදගත්තේ මුතූගේ අම්මට මේ කාරණාව කියන්නේ කොහොමද කියලා.වෙඩින් එකකට ගිහින් උන්නු සාරංග ඇඳගෙන උන්නු කළු කමිසයේ අත් දෙක මදක් නමා ගත්තේ මුතූ අසනීප වුනා කියලා මිහිරිට කියද්දි ඇගේ හැසිරීම ගැන හිතලම දැනුනු අපහසුතාවය මඟ ඇරගන්න වගේ.

"මුතූට එහෙම අසනීපයක් තියෙනවා කියලා ඇයි මට කලින් කිව්වේ නැත්තේ සාරංග අයියේ?"

අහිංසාගේ ප්‍රශ්ණෙට දෙන්න උත්තරයක් සාරංග ළඟ තිබ්බෙ නෑ.එක අතකට අහිංසාට හැමදේම කියන්න තිබ්බේ.එහෙම උනා නම් අහිංසාත් කලබල වෙන්නේ නෑ.ඒත් සාරංග හිතන් උන්නේ සැලෝන් එකට ගිහින් බිසී උනාම මුතූ ආයේ පරණ දේවල් ගැන හිතන එකක් නෑ කියලා.

"මගේ වැරැද්ද අහිංසා..ඒත් මට හිතාගන්න බෑ එයාට එකපාරටම ආයෙමත් අසනීප උනේ කොහොමද කියලා..එයා...සැලෝන් ගිය එකෙන් ඇත්තටම සැහැල්ලුවෙන් උන්නේ..."

"ම්ම්..මේ...ඒක..."

සාරංග අහිංසා මතම නෙත් තියන් අහද්දි නොදැනීම අහිංසාගේ ඇස් තප්පරේකට යොමු උනේ තිහස් දිහාවට.උත්තරයක් දී ගන්න බැරිව අහිංසා ළත වෙද්දී ඇගේ නෙත් ක්ශණයකට ගමන් කරන බව සාරංගට තේරුනා.ඔහු එකපාරටම පිටුපස හැරී බැලුවේ අහිංසා බලන දිහාවේ කවුද ඉන්නේ කියලා බලන්න.කොණ්ඩෙත් අවුල් කරගෙන කණස්සල්ලෙන් ඉන්න තිහස්ව සාරංග හරියටම දැක්කේ ඒ වෙලාවේ.

"තිහස්????මූ මොනාද මෙතන කරන්නේ?"

ඔහු ඇහුවේ අහිංසාගෙන්.තිහස් එක්ක තියෙන කේන්තිය දෙගුණ උනේ ලැජ්ජාවක් නැතිව ඔහු නැවතත් අහිංසා ඉන්න තැන ඉන්න නිසා.

"තමුසෙ මොනාද මෙතන කරන්නේ අයිසේ?"

අහිංසාගෙන් පිළිතුරක් නැති තැන සාරංග ඇහුවේ තිහස් දිහාට පැනලා.කලබල උනු අහිංසා සාරංගගේ අතක එල්ලුනේ මේ වෙලාවේ රණ්ඩුවක් වෙයි කියලා බයට.

"උඹේ කටේ පිට්ටුද මිනිහෝ??බලු වැඩ කරලා තව උඹ අහිංසා ඉස්සරහා ඉන්නේ ලැජ්ජාවක් නැද්ද ආ?"

"අනේ..සාරංග අයියේ...දැන් ඒවට රණ්ඩු කරන්න එපා..මං කියන දේ අහන්නකෝ"

ඒත් සාරංග සන්සුන් වෙන බවක් පේන්න තිබ්බෙ නෑ.

"ඊට කළින් මට මේක කියනවා අහිංසා.මුතූ එක්ක තමුසෙ හොස්පිටල් ආවේ කොහොමද?මූ එක්කද??මූ ඒ වෙලාවේ එතන උන්නේ කොහොමද??කතා කරනවා ඉතින්"

අහිංසාගේ සන්සුන් හැසිරීම සාරංගට දරාගන්න බෑ.තමන්ව ලැජ්ජා කරන්න හැදුව එකෙක්ව ආයේමත් අහිංසා ළං කරගත්ත එක ගැන සාරංගට දැනුනේ කළකිරීමක්.දුකක්.සාරංගගේ අතට පොඩි වෙන අත් බාහුව වේදනා දෙද්දී අහිංසාට ඇඬෙන්න වගේ.

"සාරංග...අහිංසාව අතාරින්න..මං කියන්නම් වෙච්ච දේ"

"උඹගෙන් උපදෙස් මට මළත් ඕනේ නෑ තිහස්...අනික මගෙ එකීව අතාරින්න කියන්න උඹ කවුද?"

ආව ආවේගෙට සාරංගගේ මුවින් පිට වෙච්ච වදන් වලට අහිංසාට ගෙනාවේ පුදුමයක්.ඇය දෙනෙත් විසල් කරගෙන සාරංගගේ මූණ දිහා බැලුවේ ඒ වචනෙ ඔහු කිව්වේ ඇත්තටමද කියලා හිතාගන්න බැරිව.සාරංගටත් ඔහුගේ මුවින් පිට වූ ඒ වදන් ගැන වගක් තිබ්බෙ නෑ.ඔහු තිහස්ව දැකලා ඒ තරම්ම කේන්තියෙන් උන්නේ.මේ වෙලාවේ සතුටු වෙන්නද හිනා වෙන්නද කියලා හිතාගන්න බැරිව අහිංසා ඔහු මතම දෑස් තියන් ඉද්දි දෙදෙනාගේ ආවේගශීලී කතා බහ නතර උනේ එක හඬක් නිසා.

"නි..කී...අයි..යේ..."

මුතූගේ දුර්වල හඬ සවනත වැකෙද්දී තිහස්ව අතැර දමා සාරංගයි අහිංසායි කාමරයට යද්දි තිහස් උන්නේ එකතැන ගල් ගැහිලා වගේ.

- මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

සටන ඇරඹුනා... 👊

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

521K 7.8K 32
Rajveer is not in love with Prachi and wants to take revenge from her . He knows she is a virgin and is very peculiar that nobody touches her. Prachi...
1.4M 121K 43
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
1.2K 187 20
"" මන් අසලියා එක්ක එෆෙයා එකක් පටන් ගත්තේ කිසිම දැනහැදුනුම්කමකට නෙවේ.......... ගෙදර අය ගේන්න හදන ප්‍රපෝසල් වලින් බේරෙන්න........."" "" එයාලගේ ස්ටඩි හව...
3.1K 464 16
මේක ගොඩක් වෙනස්..කතාවක්....රතු පැංචි....රතු චූටි....නැත්තම් Miraculous ladybug කියන කතාව ඔයාලා අනිවාරෙන්ම බලලා ඇති....ඒකේ kwami ලාව මතකද...ඒ අය ගැනයි...