සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

66.2K 6.1K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

35

661 70 0
By Rithu_Sakura

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️35 කොටස💜️

රෑ කෑම වෙලාව පහු වෙලත් කාටවත් බඩගින්නක් තිබුණෙ නැති පාටයි.ගිරිරාජ් අසනීප වෙලා රෝහලේ ඉද්දි කාටවත් හිත නිදහසේ කෑමක් කන්න නොහිතුණු තරම්.එන ගමන් ගිරිරාජ්වත් බලාගෙන ආව මාධව වොශ් එකක් දාගෙන එද්දිත් කෑම මේසේ කවුරුත් නෑ.ඒත් තුශාරි කෑම මේසේ හදලමයි තිබුණේ.මොකද හරියටම වෙලාවට කෑම මේසය පිලියෙල කරන එක ඇගේ රාජකාරියක් නිසා.

"කෝ මේ කට්ටිය තුශාරි?"

මාධව ඇහුවේ තාමත් කෑම මේසේ අඩුපාඩු හදන තුශාරිගෙන්.

"කවුරුත් එලියට ආවේ නෑ මාධව මහත්තයා.චාන්‍යා නෝනත් අහිංසා නෝනා එක්ක.කේශව මහත්තයාත් කාමරේ"

මාධව තෙත කොණ්ඩය පිහමින් සිටි තුවායත් කරේ දාගෙන එබුනේ කේශවගෙ කාමරේට.ඒ යද්දිත් ඔහු කාත් එක්කදෝ ඇමතුමක.

"එහෙමද??....හරි මචං..තැන්ක් යූ ෆො ද හෙල්ප්..ආ..ඔව් බං..අප්පච්චි නම් හොඳින්...."

කේශව ඇමතුම ඉවර කරන තුරු මාධව බලන් උන්නේ පුටුවක් ඇදලා වාඩිවෙලා.

"ඩීටේල්ස් ටික හම්බුනා"

ඇමතුම ඉවර කෙරුව වහාම කේශව කිව්වේ නිහඬව බලන් ඉන්න මාධවට.

"මොකාද ඌ?"

මාධව කවදාවත් නැතිව කේන්තියෙන් කතා කරද්දි කේශවටත් තේරුනා ඔහු ඉන්න තත්වය.සමහරවිට කේශවටත් වඩා කේන්තියෙන් ඉන්නේ මාධව වෙන්න ඕනේ.ගිරිරාජ්ටත් වඩා අහිංසා ගැන දුක් උනෙත් ඔහු වෙන්න ඕනේ.අහිංසා කියන්නේ මාධවගේ පණ.ආදරේ කරන අය ඕන තරම් හිටියත් අහිංසා වෙනුවෙන් මාධවගේ හිතේ තියෙන්නේ ලොකු ඉඩක්.ඔවුන්ගේ අම්මා මිය ගියාට පස්සේ ඒ ආදරය,රැකවරණය වැඩි උනා මිසක් කවදාවත් අඩු උනේ නම් නෑ.හිතේ තිබ්බ ආවේගෙට ගෙදර ආව ගමන්ම අහිංසාට බැනගෙන බැනගෙන ගියේ තමන්ව දැකලා පපුවට තුරුලු උනු ඇයව පැත්තකට තල්ලු කරලා.මූණ බිමට බර කරගෙන ඉකි ගගහා ඇඬුව අහිංසා කොච්චර ලාමක චරිතයක්ද කියලා ඔහුට තේරුනේ ඒ වෙලාවේ.ගෙදර චණ්ඩියා වගේ උන්නට,මහ ලොකු දේවල් ඉගෙන ගෙන උගතෙක් වගේ උන්නට අහිංසා කියන්නේ සමාජයක් හරියට දැකලා නැති නමටම ගැලපෙන විදියේ අහිංසක චරිතයක් කියලා මාධව දැනගෙන ගොඩක් කල්.ඒත් මේ තරම්ම අහිංසක වෙයි කියලා,සමාජය ගැන දැනුමක් තේරුමක් නැහැයි කියලා විශේශයෙන්ම කොල්ලෙක් හැරෙන්නේ මොන වගේ දේකටද කියලා අඳුනගන්න බැරි තරමටම ඇය ආදුනික චරිතයක් කියලා මාධවට කවදාවත් හිතුනේ නෑ.

"ලයනල් කියලා කෙනෙක්ගේ නමට සිම් එක තියෙන්නේ.සර් නේම් එක බණ්ඩාර.."

"ලයනල් බණ්ඩාර???ඒ කවුද?"

දෙන්නම කල්පනා කළේ ඒ කෙනා කවුද කියලා.අහිංසා හරි ගිරිරාජ් එක්ක තියෙන ඊරිසියාවකට කවුරුහරි එහෙම වීඩියෝස් එව්වත් තිහස් එතනට සම්බන්ධ වෙච්ච විදිය මාධවට හිතා ගන්න බෑ.

"සිම් එක රෙජිස්ටර් වෙලා තියෙන කෙනාම කළා කියන්නත් බෑ.බලමුකෝ..ඒ නැතත් කොහෙන් ගියත් තිහස් මේකට සම්බන්ධයි.මම ඊයෙ ඉඳන් කෝල් ගන්නේ.ඒ එකකටවත් රෙස්පොන්ඩ් කරන්නේ නෑ"

"ඒ වගේ පහත් වැඩක් කරන්න තිහස්ට තියෙන උවමනාව මොකක්ද මල්ලී?අනික එයා හොඳටම දන්නවා අප්පච්චිගෙ හැටි.වසන්ත අන්කල් උනත් ටිකක් ටෆ් කෙනෙක්...මට හිතෙන්නෙ නෑ කන්න දුන්නු අත හපාකන්න තරම් තිහස් ගුණමකුවෙක් වෙයි කියලා"

ඇත්තටම මාධවට තිහස්ව හම්බෙන්නේ ඔෆිස් එකේදි විතරයි.ඔහු කැපවීමෙන් වැඩ කරන විදියට කාටවත් හිතෙන්නෙ නෑ තිහස් ඒ වගේ දෙයක් කෙල්ලෙක්ට කරයි කියලා.ඒත් මාධවට ඇත්තම කරුණු කාරණා පැහැදිලි කරන්න කේශව උත්සාහ ගත්තේ නෑ.දෙදෙනාම උන්නේ සුලු නිහඬ බවක.

"නංගිට බැන්නේ හිතකින් නෙමේ.එයාගෙ තියෙන මෝඩකමට.ඒත් අඬද්දි දුක හිතුනා සෑහෙන්න.පව්"

මාධවට තාමත් අවුල්.අහිංසා එක්ක කොච්චර බොරුවට රණ්ඩු උනත් ඇගේ කඳුලක් ඉස්සරහා මුලින්ම හිත උණු වෙන්නේ මාධවගේ.

"ටිකක් ඇඬුවා කියලා මුකුත් වෙන්නෙ නෑ.අඬපුදෙන්...තමුසෙ තමා නළවන්නෙ ඔය හැටි"

"අම්මා වගේම ඉද්දි කොහොමද බං ගහන්නෙ බනින්නේ?තමුසෙත් ඔහොම පුස් පාට් දැම්මට තමුසෙත් අම්මව මතක් කරගන්නේ නංගි දිහා බලලනේ නේ?"

මාධව තර්ක කරද්දි කේශව සද්ද නැතිවම උන්නා.මොනා උනත් ඒ කතාව ඇත්ත.ගිරිරාජ් කිව්වා වගේම ඇය ගෙදරට ආව දෙවනි කුසුම.දෙදෙනාගෙම කතාවට තිත තබමින් කාමරේ දොරට තට්ටු කළේ තුශාරි.

"මාධව මහත්තයා...ලොකු මහත්තයගෙ ෆෝන් එකට කෝල් එකක්..."

තාමත් නාද වෙන දුරකථනය අල්ලගෙන තුශාරි උන්නේ දොරකඩට වෙලා.මාධව නැඟිටලා එන ටිකට කෝල් එක නතර උනා.

"හවසත් සැරෙන් සැරේ කෝල් ආවා වගේ ඇහුනා.මට ඕවා බලන්න තේරෙන්නෙ නෑ මාධව මහත්තයා..."

නොදන්නකමටත් වඩා ඇය බයයි ගිරිරාජ්ගෙ ජංගම දුරකථනයට එන ඇමතුම් වලට සම්බන්ධ වෙන්න.ගෙදර ස්ථාවර දුරකථනයට එන කෝල් ගත්තත් කාගෙවත් පෞද්ගලික දුරකථනයක් උනත් තුශාරි අල්ලන්නෙ බයෙන්.

"ආ කමක් නෑ.තුශාරි යන්න"

මාධව බැලුවේ ඒ ඇමතුම කාගෙන්ද කියලා.ඒ වෙන කාගෙන්වත් නෙමේ වසන්තගෙන්.කිව්වත් වගේම ඔහු ඇමතුම් පහකට ආසන්න ගාණක් අරගෙන තිබුණා.මාධව පෙරළා වසන්තගේ අංකයට ඇමතුමක් ගත්තේ කුමක් හෝ හදිස්සියක්ද කියලා හිතලා.

"හෙලෝ.."

"හෙලෝ අන්කල්..මම මාධව.අන්කල් කෝල් එකක් අරන් තිබුණේ.....??"

"අහ්..ඔව් පුතා.පණිවිඩයක් දෙන්න ගත්තේ..කෝ සූරිය නැද්ද?මං සෑහෙන වතාවක් උත්සාහ කළා කන්ටැක්ට් කරගන්න"

කේශව දිහාත් බැල්මක් දාලා මාධව ගිරිරාජ් අසනීප වී රෝහල්ගත කළ බව කිව්වේ තිහස්ගේ කාරණාව ගැන නොකියා.එය දුරකථනයෙන් කියන්න පුලුවන් කාරණයක් නෙමේ.

"ප්‍රෙශර් වැඩි වෙලා??ඒත් මේ හදිස්සියේ???සූරිය හොඳ ෆිට්නස් එකෙන් උන්නනේ"

වසන්තගේ හඬේ තිබ්බේ තම මිතුරා ගැන අවංකවම දුක් වෙන ස්වරයක්.

"දන්නැද්ද ඉතින් අන්කල්?ඔය වයසට දැන් පොඩ්ඩක් ලෙඩ මතුවෙන්න බලනවනේ.එහෙම අමාරුවක් නෑ.හෙට උදේම ඩිස්චාජ් කරනවා කිව්වා...අන්කල් ඉතින් ගත්තේ මොකක් හරි හදිස්සියකටද?"

"හදිස්සියක්මත් නෙමේ පුතා.තිහස් දැන් ඔහෙ ඉඳලත් මාසෙකට දෙකකට කිට්ටුයිනේ.අපිත් මෙහෙ උන්නා ඇති වගේ.මායි මේඛලායි දුවයි බබාත් එක්ක අද ලංකාවට එනවා...දැන් එයාපෝට් එකේ ඉන්නේ"

වසන්ත කිව්ව විස්තරේට මාධව ඇහුන්කන් දුන්නේ සාවධානව.හැබැයි ඒ කිසිම වෙලාවක ඔහු තිහස් ගැන විස්තරේ කියන්න ගියෙ නෑ.මොනා උනත් වසන්තව අපහසුතාවයට පත් කරන්න මාධව කැමති නෑ.එහෙම උනා නම් ඔහු ලංකාවට එනකන්ම කරන්නේ ඒ ගැන කල්පනා කරන එක.එය තිහස්වත් ඉදිරියේම තියාගෙන කතා කරන්න ඕන දෙයක් නිසා මාධව ඉවසුවා.

"හා අන්කල්..එහෙනම් පරිස්සමින් එන්න.මීට් වෙලාම කතා කරමුකෝ"

මාධව ඇමතුම විසන්ධි කරලා හැමදෙයක්ම කේශවට කිව්වේ අකුරක් නෑර.

"පවුලම එන එක හොඳයි.පුතාගෙ හපන්කම් මං දිග ඇරලා දෙන්නම්කෝ"

"තමුසෙ ඒ පණ්ඩිතකම් කරන්න ඕනේ නෑ.අප්පච්චි ඒක බලාගනීවි.එනවා යන්න කන්න.මට බඩගිනියි.මම අහිංසාව එක්කගෙන එන්නම්"

මාධව සැර කරලා වගේ කේශවට කිව්වේ කේශව වෙලාවකට කුකුල් කේන්තිකාරයෙක් වෙන නිසා.තිහස්ට තවත් හැංඟිලා ඉන්න වෙන්නෙ නෑ කියලා තේරුනු කේශවගේ මූණේ ඇදුනේ හිනාවක්.මොන දේ උනත් තිහස්ව ලේසියෙන් අතාරින්න කේශව සූදානම් නෑ.

.....💜....... R I T H U S A K U R A .......💜️......

"මාධව...ඔයා අද ගෙදර යනවද?"

ගිරිරාජ් ඇහුවේ හෙදියක් ඇවිත් ඔහුගේ ප්‍රෙශර් චෙක් කරලා ඉවර වෙන ගමන්මයි.

"ඔව්..අප්පච්චි.විහාර තනියම..මං ඔෆිස් එකට ගිහින් එහෙමම ගෙදර යනවා"

"හ්ම්ම්...දුවවත් එක්කගෙන සතියකට දෙකකට එන්න.පොඩි එකාවත් මතක් උනා හරියට..නංගිටත් ඔයා ළඟ ඉන්න එක හොඳයි.මල්ලිට හොස්ස ළඟින් මැස්සා යන්න බෑ.චාන්‍යාගෙන් අහිංසාගෙයි දෙන්නගෙම ඇඟට කඩන් පනිනවා"

මොනා උනත් කේශව හැමවෙලාවෙම අහිංසාට බනින එකට ගිරිරාජ්ගේ හිතේ තිබ්බේ පොඩි අකැමැත්තක්.ඒ ඔහු නොකියා කිව්වේ ඒක.අහිංසාට මාධවත් බැන්නා කියලා මාධව ඒ වෙලාවේ කියන්න ගියේ නෑ.

"එන්නම්කෝ අප්පච්චි...විහාරත් දවසම ගෙදර තනියම.මෙහෙ ටික දවසක් එමු කියලා වද දුන්නා.මං උන්නේ අලුත් ජෝඩුවට අපිත් ආවම වදේ නිසා.ගොඩක්ම පුතාගෙන්"

"එහෙම වදයක් නෑ...දැන් කෝ මල්ලි?"

"ඩොක්ටර්ව මීට් වෙන්න කියලා ගියා.බිල් එකත් පේ කරලා ඒවි.අපි හිමීට ලෑස්ති වෙමු"

ගිරිරාජ්ගේ වාර්තා වල කිසිම අවුලක් තිබ්බෙ නැති නිසා කිව්ව විදියටම ඔහුව උදෙන්ම ඩිස්චාජ් කරලා තිබ්බා.කේශවයි මාධවයි දෙන්නම ආවේ ගිරිරාජ්ව එක්කන් යන්න.වෛද්‍යවරයා කිව්ව විදියට ඔහුට බය වෙන්න කිසිම දෙයක් තිබ්බෙ නෑ.ප්‍රෙශර් වලට අවශ්‍ය බෙහෙත් ලබා දීලා වෛද්‍යවරයා ගිරිරාජ්ට සමුදුන්නේ සුහද කතා බහකට පස්සේ.උදෑසනම රෝහලෙන් දුන්නු බෙහෙත් නිසා ගිරිරාජ් යනකන්ම කළේ නිදාගත්ත එක.ඒ බෙහෙත් වලට ඔහුට දැනුනේ අධික නිදිමතක්.

"අප්පච්චි..නැඟිටින්න.අපි ආවා"

නිවසට ළං වත්ම මාධව කිව්වේ පසුපස ආසනයේ සිටින ගිරිරාජ් දිහා බලාගෙන.ඒ තප්පරේම ඇහැරුණු ගිරිරාජ් ඇඟිලිතුඩු වලින් දෑස් පිරිමැද්දේ බෙහෙත් වල මතට හිසද රිදුම් දෙද්දී.පියල් ඇවිත් වාහනයේ ඇති ගමන් මල්ල එළියට ගද්දී මාධවට හා කේශවට පිටුපසින් ගිරිරාජ් ආවේ ඉක්මනට උණු වතුරෙන් නාගැනීමේ අවශ්‍යතාවයක් තදින්ම දැනෙද්දී.අහිංසාත් ගිරිරාජ්ව දැකලා දුවගෙන ඇවිත් ඒ අතක එල්ලුනේ ඔහුව දැකලා ඇති වෙච්ච සතුටට.

"අප්පච්චී...දැන් හොඳයි නේද?"

"හ්ම්ම්..දැන් මට හොඳයි..මං වොශ් එකක් දාගෙන එන්නම්"

සිනහවකින් අහිංසාගේ හිස අත ගෑ ගිරිරාජ් කාමරයට යද්දී අහිංසාත් හිනා උනේ පොඩි එකෙක් වගේ.ඒත් ඒ හිනාව නැති උනේ හැරිලා බලද්දී රවාගෙන වගේ උන්නු ඇගේ අයියලා දෙන්නව දැකලා.

"බූරුවෝ හත් දෙනෙක්ගේ වයසේ එකියක් හුරතල් වෙනවා දැක්කද අයියේ??"

කේශව පලවෙනි බෝම්බය අතෑරියා.

"හහ්..දැක්කා දැක්කා..දැන් අප්පච්චිට දෝණිව ලොකු වෙලානේ..අපි තමා වැරදි"

කවදාවත් නැතිව මාධවත් කේශවගේ පැත්‍ත අරගෙන.අහිංසා මූණ ඇද කලේ මේ ඇනුම් පද කියන්නේ ඇයට කියලා තේරිලා.

"තමුසෙලා දෙන්නා වගේ අප්පච්චි නැට්ට පාගගෙන දැඟලුවේ නෑ..මට හරිම ආදරෙන් කරුණාවෙන් තේරුම් කළේ..කොහෙද ඉතින්...තමුසෙලට ගිනිපුක් ගායනේ"

ගිරිරාජ්ගේ ආගමනයත් එක්ක ටිකක් පණ ගහලා ආව අහිංසා කිව්වේ වෙනදා තිබ්බ කටකාරකමෙන්මයි.

"ආ...ඇත්තද නංගී???තව නලවන්නද කියන්නේ එතකොට ආ?"

කේශව ඇහුවේ අහිංසාගෙ ළඟටම ඇවිත්.ඒ ඇයට ටොක්කක් අනින්න වගේ අතත් හදාගෙන.

"මාව නලවන්නේ මොකටද?අර ඉන්නේ එක්කෙනෙක්..මගෙ වැරදි වලට එයානේ බැනුම් ඇහුවේ..දැන් ඉතින් කට කාලවත් යාලු කරගන්නවා...ගෙම්බා..."

බ්‍රේක් නැති කටෙන් හයියෙන් කෑ ගහලා අහිංසා අඩියට දෙකට උඩු මහලට දිව්වේ කේශව අඩි දෙක තුනක් ඇගේ පස්සෙන් පන්නද්දී.

"මොකක්ද අර කිව්වේ?චානු තරහ වෙලාද?"

"හ්ම්ම්..මම බැන්නනේ.ගාණට යාලු කරන් එද්දිම සාරංගයා බාල්දියක් දැම්මා..දැන් ආයේ යාලු කරගන්න ඕනේ"

ඒ කියද්දියි මාධවට අහිංසාගේ කතාව හොඳටම තේරුනේ.

"ආ...ඒකද එහෙනම් මේ???හා...හා...එහෙනම් ගිහින් කට කාලා හරි යාලු කරගන්නවා..තමුසෙට පුරුදු නැති වැඩකුත් නෙමේනේ"

මාධව කට කොණකින් හිනා වේගෙන කාමරේට යද්දී කේශවට හිතුනෙම අහිංසාගේ කට තලලා එන්න.

.....💜....... R I T H U S A K U R A .......💜️......

මුලු සාලයම තිබ්බේ නිහඬ බවින් පිරිලා.කේශව වචනයෙන් වචනය සීරුවට කිව්ව කතාව කවුරු නැතත් වසන්ත අහන් උන්නේ දරාගන්න බැරි විදියේ ලැජ්ජාවකින්.ලංකාවට ආව ගමන්ම ගෙදර ආව වසන්ත ආයේ පොඩි විවේකයක්වත් නොගෙන ආවේ ගිරිරාජ්ව බලන්න.ඒ යද්දිත් තිහස් ගෙදර උන්නේ නෑ.ඕන දේකට මූණ දෙන්න බලන් උන්නු තිහස් ඒ වෙද්දිත් උන්නේ මිතුරෙකුගේ නිවසේ.ඒ කලින් දවසේ සාදයකින් හොඳ හැටි මත් වෙලා ගෙදර එන්න පණක්වත් තිබ්බෙ නැති නිසා.බණ්ඩාගෙ නම්බර් එකෙන් වට්ස් ඇප් අකවුන්ට් එකක් හදාගෙන ගිරිරාජ්ටත් වීඩියෝ යැව්වට පස්සේ වෙච්ච කිසිම දෙයක් තිහස් හෙව්වෙ නෑ.තමන්ව හිරකරගෙන වසන්තට සහය දුන්නු එකටයි අහිංසාගේ එකට එක කියවිල්ලටයි දඬුවමක් දුන්නා කියලා ලොකුකමකින් උන්නු තිහස්ට ඔහු කෙරුව දේ ගැන කිසිම පසුතැවීමක් තිබ්බෙ නෑ.වසන්ත ගෙදර අය එක්ක හදිස්සියේම ලංකාවට එනවා කියලවත් නොදැන උන්නු තිහස් පුරුදු ජීවිතේම ගත කරන්න ලෑස්ති උනේ මිතුරන් එක්ක වෙලාවක් කලාවක් නැතිව විනෝද වෙමින්.

"අන්කල් ගැන හිතලා අපි තාමත් නිහඬව ඉන්නේ..තිහස් ගැන තියෙන කේන්තියට එයාට අතක් පයක් උස්සලා මේවා විසඳන්න අපිට පුලුවන්..ඒත් ඒ නිසා අන්කල්ගෙයි අප්පච්චීගෙයි යාලුකමට මොනවත් වෙනවට මම කැමති නෑ"

මාධව කියද්දී වසන්ත ලොකු හුස්මක් පිට කළා.තිහස්ට මේ වගේ දෙයක් කරන්න හිතෙන තරමට ඒ මනසට විස පිරෙව්වේ ඔවුන්මයි කියලා හිතෙද්දී වසන්තට දැනුනේ පසුතැවීමක්.ඒත් කිසිම විටෙක තිහස් වෙනුවෙන් අනුකම්පාවක් ඒ හිතේ ඇති උනේ නෑ.ගිරිරාජ්ගේ දුව එක්ක පැටලෙන්න එපා කියලා වසන්ත තිහස්ට වෝනින් එක දුන්නේ කේශවගේ වෙඩින් එක දවසෙමයි.

"අපි අපේ නංගි නිවැරදියි කියන්නෙ නෑ...එයත් වැරදියි...ඒත්...මේ හැමදේකම ආරම්භය තියෙන්නේ තිහස් ළඟ..."

කේශව පැනලා කිව්වේ අහිංසා මූණ බිමටම බර කරන් ඉන්නවා දැකලා.ඇය හිතින් වින්ඳ දඬුවම් හොඳටම ඇති.තවත් ඇයව අසරණ කරන්න කේශවට හිතක් නෑ.ගිරිරාජ් වචනයක්වත් කිව්වෙ නෑ.ඒ අතරේ තේ බන්දේසිය අරගෙන ආව චාන්‍යා එය ටීපෝව මතින් තියද්දි තමා කල්පනා ලෝකෙක උන්නු වසන්ත පියවි සිහියට ආවේ.

"මට මුකුත් හිතාගන්න බෑ සූරිය...ඒත් මං කිසිම වෙලාවක තිහස් හරි කියලා කියන්නෙ නෑ..එයා මං එද්දිත් ගෙදර උන්නෙ නෑ.මං හිතුවා ඔෆිස් එකේ ඇති කියලා..ඒත් මේ වගේ දෙයක් මං බලාපොරොත්තු උනේ නෑ"

ඒ හඬේ තියෙන කලකිරීම ගිරිරාජ්ට හොඳටම තේරුනා.

"මමයි වැරදි.පුතාගේ හිතුවක්කාර ගති නවත්තගන්න කියලා එයාව මෙහෙ එක්කන් ආව මායි වැරදි...ඒකෙන් සූරියට උනේ අවනම්බුවක්...මට සමාවෙන්න සූරිය.."

"පිස්සු කතා කරන්න එපා වසන්ත..මගෙන් සමාව ගන්න කිසිම උවමනාවක් නෑ..ඒත් අපි මේකට විසඳුමක් හොයන්න ඕනේ..ඒ වීඩියෝ එව්වේ තිහස්මයි කියන්න අපි දන්නෙ නෑනේ"

"වෙන කවුරුත් නෙමේ..ඕකම තමා එවන්න ඕනේ..අහිංසා දුවට හොඳ හිත පෙන්නලා ඒ වගේ තැනකට එක්කන් යන්න අපේ එකාට කිසිම උවමනාවක් නෑ.ඒකාට ඒවට ඕන තරම් කෙල්ලො ඉන්නවා..."

එවර වසන්ත කතා කලේ ආවේගෙන්.කතා කරන්න බොහෝ දේ තිබ්බත් පැතිරී ගියේ නිහඬ බවක්.

"වීඩියෝස් එව්ව නම්බර් එක රෙජිස්ටර් වෙලා තිබ්බේ ලයනල් බණ්ඩාර කියලා කෙනෙක්ට අන්කල්..ඒ කෙනා නංගි අඳුනන කෙනෙකුත් නෙමේ..ශුවර් එකටම සිම් එක වෙන කෙනෙක් පාවිච්චි කරලා තියෙන්නේ..."

"ලයනල් බණ්ඩාර....?"

ඒත් ඒ නම ඇහෙද්දි වසන්ත ගල් ගැහුනා වගේ උනා.ඔහුගේ මුවින් ඒ නමත් පිට වුනේ පුදුමයෙන්.වසන්තගේ මුහුණේ ඇඳුනු පුදුමය ගිරිරාජ් හොඳටම දැක්කා.

"ඇයි වසන්ත??ඔයා ඒ කෙනාව දන්නවද?"

ගිරිරාජ්ගේ ඉවට වැරදෙන්න විදියක් නෑ.වසන්තගේ මුහුණේ තියෙන පුදුමයෙන් හැමදේම පැහැදිලියි.

"ඒ අපේ ගෙදර වැඩට ඉන්න කෙනා සූරිය..අපි කියන්නේ බණ්ඩා කියලා.දන්න කියන කාලෙම අපි එක්ක ඉන්නේ.."

ඉතින් තවත් සාක්ශි අනවශ්‍යයි.මේක කලේ තිහස්මයි කියන්න දැන් සාක්ශි තියෙනවා.සැනෙකින් බණ්ඩාට කෝල් එකක් ගත්ත වසන්ත උන්නේ පුදුම තරමේ අපහසුතාවයකින්.මේ තරම් ලැජ්ජාවක් ඔහු ජීවිතේට විඳලා නෑ.

"හෙලෝ බණ්ඩාර..."

"මහත්තයා කියන්න"

"අපේ එකා ඔයාගේ සිම් එක ඉල්ල ගත්තද ඊයේ පෙරේදා දවසක?"

"ආ...සිම් එක නම් නෙමේ මේ ෆෝන් එක නම් ඉල්ල ගත්තා...ආයේ පහුවෙනිදම දුන්නා..ඇයි මේ කලබලෙන් වගේ?"

බණ්ඩා ඇහුවේ හිතවත්කමට.වසන්ත ගෙටවත් හරියට ගොඩ නොවී ආ පයින්ම ගිය හැටි බණ්ඩාට මතක් උනා.

"ඔය බ$&# ගෙදරට ආවොත් එළියට බහින්න දෙන්න එපා...අද මං ඕකව පට්ට ගහනවා..."

බණ්ඩාට මුකුත් හිතාගන්න බැරි උනා.ඒ එක්කම ඇමතුම විසන්ධි වෙද්දී බණ්ඩාට හිතුනෙම තිහස් මොකක්ම හරි නරක වැඩක් කරලා කියලා.ෆෝන් එක ඉදිරියෙන් ඇති ස්ටූල් එක මතට අත ඇරිය වසන්ත උන්නු තැනිනුත් නැඟිට්ටේ එක තැනක ඉන්න තරම් හිත එකලස් නැති නිසා.

"මූ මාව මරන්න ඉපදුනු එකෙක්...ඔය කවුරුත් අතින් නෙමේ සූරිය..අද ඌ මැරෙන්නේ උගෙම තාත්තා අතින්...අහිංසා දුවට අච්චර අසික්කිත කතා කියලා කැත විදියට හැමදේම උලුප්පවලා පෙන්නලා මූ කරන්න හැදුවේ හොඳ දෙයක් නෙමේ...මට...මට ලැජ්ජයි ඒ මගේ පුතා කියන්නත්..."

එහා මෙහා ඇවිදින ගමන් වසන්ත කිව්වේ හිතේ දුක,කේන්තිය මේ හැමදේම තෙරපවාගෙන.

"කලබල වෙන්න එපා වසන්ත..අපි පුතාව මෙහෙට ගෙන්නගෙනම හැමදේම අහගමු...ඔයා දන්නවා පුතා මෙහෙම වෙන්න හේතුව..එයා නරක කෙනෙක් නෙමේ"

"එයාගේ ලව් පලහිලව් වලට මගෙ නංගිවත් සාරංගවත් පලි නෑ අප්පච්චි...ඌ ඒ කෙල්ලටත් කලේ බලු වැඩක් කියන්නත් ඔයාලා දෙන්නම හොඳටම දන්නවා"

ගිරිරාජ් තවටත් තිහස්ට බුරුලක් දෙන්නේ ඒ ඔහුගේ හොඳම මිතුරාගේ පුතා නිසා කියන්න කේශව දන්නවා.ඒ දේ ඉවසගන්න බැරිව කේශව කෑ ගහලා කියද්දි වසන්තයි ගිරිරාජුයි දෙන්නම කේශව දිහා බලන් උන්නේ පුදුමයෙන්.කේශව තිහස්ගේ අතීත කතාව දන්න බවක් දෙන්නම දැනන් උන්නේ නෑ.ඒත් තිහස් මුතූව අත ඇරිය ඇත්තම හේතුව කේශව දන්නෙ නෑ වගේම මුතූ කියන්නේ කේශවගේ යාලුවා සාරංගගේ නංගි බව ගිරිරාජ්වත් වසන්තවත් දන්නෙත් නෑ.හැමෝම ඒ කතාව දන්නේ බාගෙට.

"ඒ කාරණාවෙදි තිහස්ගේ අතේ වැරැද්දක් න්...."

"එපා සූරිය...මේ ඒ ගැන කතා කරන්න වෙලාවක් නෙමේ..මට විසඳගන්න ඊට වඩා ලොකු දෙයක් තියෙනවා"

ගිරිරාජ් පැහැදිලි කරන්න යද්දී වසන්ත ඒ දේ නතර කළා.අතීත කතා වලට වඩා තම ප්‍රාණ සම මිතුරාගේ දියණියට හා ඇගේ අයියාගේ මිතුරාට ඔහු කරන්න හැදුව අවනම්බුව ඊට වඩා ප්‍රබලයි.තවත් ඉවසිය නොහැකිම තැන වසන්ත දෙවරක් නොසිතාම තිහස්ට කෝල් එකක් ගත්තා.තිහස් පිලිතුරු දුන්නේ කීපවරක්ම එක දිගට ඇමතුම් ගත්තාට පස්සේ.

"හලෝ...ඇයි??"

තිහස්ගේ හඬේ තිබ්බේ අධික නිදිමතක්.එහෙමත් නැත්තම් නිදාගෙන නැගිට්ට ගමන්ම තියෙන විදියේ ගොරෝසු හඬක්.

"කොහෙද ඉන්නේ?"

වසන්ත ඇහුවේ අලු යට ගිනි තියෙනවා වගේ හිත අස්සේ කෝපය හංඟගෙන.

"ම්ම්..මං මේ...ගෙදර ඉන්නේ"

පවුලේ අය රට ඉඳන් ලංකාවට ආ බවක් නොදන්න තිහස් කිව්වේ වචන අහුලමින්.වසන්තගේ මුව අගට ආවේ උපහාසාත්මක සිනහවක්.

"එහෙමද??පැයක් දෙන්නම්...ඒ පැය ඇතුළත සූරිය අන්කල්ගේ ගෙදර ඉන්න ඕනේ"

මෙතරම් වෙලා නිදිමතයි වෙරිමතයි එක්ක ඇස් වහන් උන්නු තිහස් ඇස් දෙක ඇරියේ කලබලයෙන්.වැඩේ පත්තු වෙලා කියලා තිහස්ට තේරුනා.ඒත් ඒ දේ ඔහු බලාපොරොත්තුවෙන්මයි උන්නේ.

"ඒ මොකටද?"

මුකුත් නොවුනා වගේ බයක් හැකක් නැතිව තිහස් අහද්දි වසන්තගේ අත මිට මෙලවුනා.

"උඹ කරලා තියෙන විලි ලැජ්ජා නැති වැඩෙන් ඒ පවුලට වෙලා තියෙන දේ බලන්න...උඹ නාවොත්...මේ තාත්තා තිරිසනෙක්ටත් වඩා අන්ත වෙයි...දැනගනින්"

එපමණක් කියලා වසන්ත ඇමතුම විසන්ධි කළා.තාමත් සිය මිතුරාට එහා පසින් ඇලවෙලා දුරකථනය කනේ ගහන් ඉන්න තිහස් ඇඳෙන් නැඟිට්ටේ වසන්ත කිව්ව වචන ගැන කල්පනා කරන ගමන්.

'පවුලට වෙලා තියෙන දේ කියලා නේද තාත්තා කිව්වේ??මලලසේකරයි...මේකි සූසයිඩ්වත් කරගෙනද??එහෙනම් අප්පච්චිලා අයියලා එකතු වෙලා මෙලහකට මාව සම්බෝලයක් කරලා..ඒත් මොනාම හරි වෙලා තියෙනවා..."

මොහොතකට ඔහුගේ හිත නොසන්සුන් වෙන්න ගත්තා.හිතේ තරහ පිරිමහගන්න ඒ වගේ දෙයක් කළාට දරාගන්න බැරි විදියෙ දෙයක් ඔහු කලේ නෑ.අඩුම තරමේ ඒ වීඩියෝස් සෝශල් මීඩියා වලටවත් ඔහු මුදා හැරියේ නෑ.මොකද එතරම් බරපතල දෙයක් කරන්න තරම් නරකක් ඔවුන්ගෙන් නොවුනු නිසා.ඔහුට ඕන උනේ සූරියබණ්ඩාර පවුලේ හැමෝම ගාව තියෙන ආඩම්බරකම ටිකකට අඩු කරන්න.ඒ විතරක් නෙමේ අනුන්ගේ නිවසක නවතින්න කියලා කරගත්තේ ලොකු වරදක් බව වසන්තය අඟවන්න.දෙන දඬුවම ගැන බයක් ඔහුට දැනුනෙම නෑ.ඒත් බය හිතුනේ අහිංසා මොනාහරි කරගෙනවත්ද කියලා.ඒ ක්ෂනයෙම ඇඳෙන් නැඟිට්ට තිහස් ලෑස්ති උනේ ගිරිරාජ්ගේ ගෙදරට යන්න.

ඒ වෙන ඕනම දේකට මුහුණ දෙන්න බලාගෙන.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

1.3K 187 20
"" මන් අසලියා එක්ක එෆෙයා එකක් පටන් ගත්තේ කිසිම දැනහැදුනුම්කමකට නෙවේ.......... ගෙදර අය ගේන්න හදන ප්‍රපෝසල් වලින් බේරෙන්න........."" "" එයාලගේ ස්ටඩි හව...
152K 10.8K 75
Mr.අතිපණ්ඩිත කතාවේ දෙවන දිගහැරුම.
4.1M 169K 63
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
10.9K 1.8K 32
හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩක්...❤️ හුස්ම නැවතුනත් පණ ගැහෙන ආදරයක්...