සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

66.1K 6.1K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

34

687 70 0
By Rithu_Sakura

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️34 කොටස💜️

පෞද්ගලික රෝහලේ කොරිඩෝව අසල සාරංග සිටියේ බිත්තියට පිට දීගෙන.අසල පුටුවක වාඩි වී හඬන අහිංසාව පපුවට තුරුළු කරගෙන චාන්‍යා ඇගේ හිස අතගාන්නේ ඇයව සනසන්න මොනා කිව්වත් වැඩක් නැති නිසා.වෛද්‍යවරයා රෝහල් කාමරයෙන් එනතුරු සියලු දෙනාම බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්.කොරිඩෝවේ තවත් කෙළවරක සිටි කේශව උන්නේ මාධව එක්ක ඇමතුමක.වෙච්ච දේ කෙටියෙන් කිව්ව කේශව ඇමතුම විසන්ධි කරලා ඇවිදින් බලන් උන්නේ චාන්‍යාට වාරු වෙලා අඬන අහිංසා දිහාවේ.

"දැන් වැලහින්න වගේ ඇඬුවට වැඩක් නෑ නංගී.මම තමුසෙට කිව්වා හැමදේම අප්පච්...."

"කේශව අයියේ.."

කේශවගෙ බැනිල්ලට අහිංසාගේ හැඬීම වේගවත් වෙද්දී චාන්‍යා ඔහුව නතර කළේ මේ ඇයට සැර කරන්න වෙලාව නෙමේ නිසා.කේශව අහිංසා දිහා රවලා බැලුවේ ඇගේ හැඬීම ඉස්සරහා පොඩ්ඩක්වත් හිත උණු නොවෙද්දි.

"අයියා එන ගමන්.තමුසෙ එයාටත් උත්තර බඳින්න ලෑස්ති වෙලා ඉන්නවා"

මාධව එනවා කිව්වම අහිංසාගේ හිතට දැනුණේ සහනයක්.කේශව වගේ කේන්ති අරන් හැසිරෙන කෙනෙක් නෙමේ මාධව කියන්නේ.අහිංසා ගොඩක්ම එකතුත් ඔහුට.ඒත් මේ දේවල් ගැන දැනගත්තම ඔහු කොහොම හැසිරේවිද කියන්න අහිංසා දන්නෙ නෑ.කේශව කිට්ටු උනේ සාරංග ගාවට.ඔහුත් ඩෙනිම් සාක්කු දෙකට අත් දෙක ඔබාගෙන බිත්තියට හේත්තු වෙලා ඉන්නේ වෙච්ච දේවල් ගැන කළකිරීමකින්.තිහස් ගැන හොඳටම දැන දැනත් ඔහුගේ කීමට අහිංසාව එක්කන් රූම් එකකට නොගිහින් බැනුම් අහන්න හරි ඇයව ගෙදර ඇරලෙව්වා නම් මේ කිසි එකක් නෑ කියලා සාරංගට අනන්තවත් හිතුනා.

"ඉවසන් උන්නා ඇති සාරා.අරූව හොයන් හරි ගිහින් දෙකක් ඇනලා ඔක්කොම අහගන්න වෙනවා"

කේශව කිව්වේ තිහස් ගැන කේන්තියෙන්.ඒත් සාරංග මුකුත්ම කිව්වෙ නෑ.ඔහුගේ හිත කැළඹිලයි තිබ්බේ.ගිරිරාජ් කවදාවත් නැතිව ඔහුට සැර කෙරුව හැටි මතක් වෙලා සාරංග උන්නේ අහිංසා ගැන හැඟීම් හිත ඇතුළේ තව තවත් හංඟ ගන්න ගමන්.කේන්තිය ඉදිරියේ කේශව වගේම ගිරිරාජුත් හැසිරෙන්නේ එකම විදියට.මෙච්චර ලඟින් ආශ්‍රය කරලත් කේශව උනත් කළේ විස්තරේ අහන්න කළින් ඔහුට ගැහුව එක.ගිරිරාජ් සාරංගට අත නොඉස්සුවට ඒ ඇස් වල තිබ්බ කේන්තිය සාරංග ඕනාවටත් වඩා දැක්කා.කවදාවත් නැති විදියට දැන් සාරංගගේ හිත චංචලයි.අහිංසා සම්බන්ධව කවුරු නැතත් ගිරිරාජ් මහා පවුරක් වගේ ඇය ඉස්සරහා ඉන්නවා කියලා සාරංග දැන් දන්නවා.ගිරිරාජ් සිටි කාමරයෙන් ඒ එක්කම ආවේ වෛද්‍යවරයා සහ හෙදියක්.බේත් දැමූ ට්‍රේ එක රැගෙන හෙදිය එතනින් ඉවත් වෙද්දී කේශව ළං උනේ වෛද්‍යවරයා ළඟට.

"ඩොක්ටර්..අප්පච්චිගෙ කන්ඩිශන් එක කොහොමද දැන්?"

කේශව වෛද්‍යවරයා ළඟට ලං වෙද්දී අහිංසාත් හිස ඔසවා බැලුවේ ඒ දිහා.

"කලබල වෙන්න දෙයක් නෑ.ප්‍රෙශර් වැඩි වෙලා මිසක් වෙන අවුලක් නෑ.අපි ෆුල් බොඩි චෙකප් එකක් කළා.දැනට ලැබුණු රිපෝට්ස් අනුව එයා සනීපෙන් ඉන්නවා.ටිකක් රෙස්ට් එකේ තියාගන්න.මිස්ටර් සූරියබණ්ඩාර කොච්චර ෆිට්නස් එකේ උන්නත් මෙන්ටලි ඩවුන් උනොත් නැති ලෙඩත් ඇති වෙනවා.අනිත් රිපෝට්ස් ආවම හෙට උදේට ඩිස්චාජ් කරන්න පුළුවන්"

ඒ වචන වලට සියලු දෙනාම හෙලුවේ සැනසුම් සුසුමක්.කාටත් වඩා සතුටු උනේ අහිංසා.ඇය හිතුවෙම ඔහු පපුව අල්ලගද්දි ඊට වඩා දරුණු දෙයක් වෙලා කියලා.එහෙම උනා නම් ඇය ඇයටම සමාව නොදෙන්න තිබ්බා.ඒත් තාමත් අහිංසා උන්නේ ඇය ගැනම කළකිරීමෙන්.හොඳින් උන්නු ගිරිරාජ්ගේ රුධිර පීඩනය වැඩි වෙලා පොඩ්ඩක් හරි අසනීප උනේ ඇය නිසා.

"ඔයාලට ගිහින් බලන්න පුළුවන්.හැබැයි කතා කරලා වෙහෙසවන්න එපා"

"තැන්ක් යූ ඩොක්ටර්"

"ශුව(ර්) තින්ග්"

සුහද සිනහවක් පාමින් වෛද්‍යවරයා ඉවතට යද්දී කේශව ඇතුළට ගියේ සාරංගත් ඔහු පස්සෙන් වැටෙද්දී.

"ඔය මූණ පිහාගන්න.දැන් අඬන්න දෙයක් උනේ නෑනේ.යමු.අප්පච්චිට විස්තරේ කියමු"

චාන්‍යා කිව්වේ අහිංසාගේ කම්මුලක් මෘදුව පිරිමදිමින්.

"අනේ මට බයයි චානු.අප්පච්චි අසනීප උනේ මං නිසා.මං නිසා එයාටයි ලැජ්ජා උනේ.මට අප්පච්චිට මූණ දෙන්න බෑ"

"පිස්සුද දරුවෝ?අප්පච්චි තරම් ඔයාව තේරුම් ගන්න කෙනෙක් මේ ගෙදර නෑ.ඒ වෙලාවේ අප්පච්චිට තරහකට වඩා දැනුණේ දුකක්.ඒ නිසයි අසනීප උනේ.ඒත් එයා එහෙම පටු විදියට හිතන කෙනෙක් නෙමේ.ඔයා හොඳටම දන්නවා එයා ප්‍රශ්ණ විසඳන විදිය...නේද??"

චාන්‍යාගේ ලයාන්විත හඬට ඇහුන්කන් දීගෙන අහිංසා බිම බලන් උන්නේ සුසුම් සලමින්.කවදත් ගිරිරාජ්ට බියක් දක්වපු අහිංසා පොඩ්ඩක් හරි ඒ බිය නැති කරගත්තේ සැලෝන් එක දාන්න ඔහුගෙන් අවසර ලැබෙද්දි.ඒත් දැන් කළින්ටත් වඩා අහිංසා ගිරිරාජ්ට බයයි.හිත හයිය කරගත්ත අහිංසා චාන්‍යාගේ අතකින් අල්ලගෙන ඉඟි කළේ ඇතුළට යමු කියන්න.මඳ සිනහවක් පෑව චාන්‍යා ඇගේ හිස අතගාගෙනම ඒ අතක් අල්ලගෙන ගිරිරාජ් සිටි කාමරයට එබුනේ අහිංසා මූණ බිමට නැඹුරු කරගෙනම පස්සෙන් එද්දී.ඒ වෙද්දිත් කේශව අසල පුටුවකින් වාඩි වෙලා ගිරිරාජ්ට සියල්ල පැහැදිලි කරමින් උන්නේ ගිරිරාජ් ඒ දේවල් වලට සාවධානව ඇහුන්කන් දීගෙන ඉද්දී.වෙච්ච ඇත්තම සිද්දිය පස්සෙ කියන්නම් කියලා කේශව කිව්වත් ගිරිරාජ්ට ඒ තරම් ඉවසීමක් තිබ්බෙ නෑ.ඒකමයි ඒ වෙලාවෙදිම හැමදේම අහගත්තේ.සාරංගයි කේශවයි හැමදේම පැහැදිලි කරලා කියලා ඉවර වෙනකන්ම චාන්‍යාට මුවා වෙලා අහිංසා බිම බලාගෙනම උන්නේ පසුතැවීමක් එක්කම ලැජ්ජාවක් දැනෙද්දී.

"ඔන්න ඕකයි උනේ.චානුත් ඒ වෙලාවේ බොරු කිව්වේ අප්පච්චිට කේන්ති යයි කියලා හිතලා.සාරංග ඒ වෙලාවේ එහෙම දෙයක් කළේ නංගි අසිහියෙන් පිස්සු නැටුව නිසා මිසක් වෙන දේකට නෙමේ.අනික...තිහස්ගේ වචනේ විශ්වාස කරලයි සාරංග රූම් එකට ගිහින් තියෙන්නේ.අප්පච්චි...මම සද්ද නැතිව උන්නේ තිහස් වසන්ත අන්කල්ගෙ පුතා නිසා.ඒ නිසයි අප්පච්චිටත් නොකියා එයා ගැන හොයලා බැලුවේ.මෙහෙම වීඩියෝස් එවන්න තරම් වෙන තරහකාරයෝ නැති නිසා මට හිතෙන්නෙම මේක තිහස්ගෙම වැඩක් කියලා...වසන්ත අන්කල්ගේ සමහර ඩිසිශන් වලට එයා අපිත් එක්කත් කේන්තියෙන් ඉන්න ඇත්තේ"

කේශව සාරංගව උපරිමයෙන් බේරලා තිහස්ව පුලුවන් තරම් ඒකට පටලවලා කතා කළේ තිහස්ව ඇර සැක කරන්න වෙන කෙනෙක් නැති නිසා.ගිරිරාජ් ඒත් නිහඬයි.තිහස්ගෙ චරිතෙ ගැන වසන්තම ඔහුගේ මුවින් ඕන තරම් නිදසුන් සහිතව පැහැදිලි කරලා තියෙද්දිත් ඔහුට බුරුලක් දෙන්න එපාම කියලා වසන්ත කියද්දිත් පොඩ්ඩක් මානූශීයව හිතලා ගිරිරාජ්මයි තිහස්ව ඕනවට වඩා හිර නොකර තියාගත්තේ.එහෙම තියෙද්දිත් අහිංසාට බොරු හිතවත්කමක් පෙන්නලා ඇයට මේ වගේ මඩ ගහන්න තරම් තියෙන තරහව මොකක්ද කියලා ගිරිරාජ්ට ඒ වෙලාවේ සිහියට ආවේ නෑ.

"අපේ එකීවත් අන්ඳන්න ලේසියිනේ.ඒ වගේ තැනකට එක්කන් යන්න තිහස්ට ඕන තරම් කෙල්ලො ඉන්නවා.ලස්සන වචන දාලා අනුකම්පාව ගන්න හදද්දි මේ කරන්නෙ බොරුවක් කියලවත් තේරුම් ගන්න තරම් සමාජ දැනුමක් නංගිට නෑ.ඒ උනාට ලක්ෂ ගණනින් වියදම් කරලා සැලෝන් දාගෙන ඉන්නේ...."

කේශව තරහින් කතා කරද්දි තොල් පට හපාගෙන අහිංසා කඳුලු පාලනය කරගත්තේ චාන්‍යාගේ අතක් හයියෙන් මිරිකගෙන.චාන්‍යා කේශවට රැව්වේ ඒ කිව්ව කතාව සැර වැඩි නිසා.අහිංසාට දැනුණේ තමන් ගැනම දුකක්.සල්ලි නැතිකමට නෙමේ සැලෝන් කරන්නේ.ගොඩක්ම හිතේ තියෙන ආසාවට.ඒත් ඒ ආසාවට අඩිතාලම දැම්මේ කේශවගෙයි මාධවගෙයි සල්ලි වලින්.කොච්චර පෝසත් පවුලක ජීවත් උනත් ඉල්ලපු තප්පරේට සල්ලි හම්බුනත් ඒ කිසිවක් ඇය මහන්සි වෙලා හම්බ කෙරුව දේවල් නෙමේ.පොඩ්ඩක් ස්වාධීනව ජීවත් වෙන්න තිබ්බ ආසාව නිසා සමාජෙට එළි බැස්සා මිසක් සල්ලි හොයන්නම තිබ්බ ආසාවක් නෙමේ ඒක.ඒත් කේශව කිව්ව කතාවට ඇගේ හිත රිදුනත් ඇය නිහඬවම උන්නා.

"අපේ වැරැද්ද අප්පච්චි.ගෙදර ඉන්න එකම කෙල්ල කියලා ඕනවට වඩා හුරතලේට හැදුව එක...ලෝකේ එක්ක ගැටෙන්න දෙන්නෙ නැතිව මලක් වගේ පරිස්සම් කරලා පොඩ්ඩක් නිදහස ලැබුනම ඒ නිදහස හරියට පාවිච්චි කරන්න දන්නෙ නෑ.දහ අතේ කෝස් කරලා ඉගෙන ගත්තත් මනුස්සයෙක්ව අඳුනගන්න බෑ...ගෙදරට විතරයි චණ්ඩිකම්.අනිත් වෙලාවට ගොන් වැස්සියෙක්"

තැන කොතනද බලන්නෙ නැතිව කේශව අහිංසාට බැන්නේ බනින්න ඕන නිසාම නෙමේ.ඔහුට ඕන උනේ කෙල්ලෙක් උනත් ගෙටම කොටු කරගෙන නීති දාගෙන ඕනවට සීමා මායිම් පනවලා හදන්න ඕනේ නෑ කියලා ගිරිරාජ්ට අඟවන්න.දවසක සමාජෙට ගියාම මනුස්සයෙක්ව අඳුනගන්න තරම් අත්දැකීමක්,ඉවක් කාට උනත් එන්නේ සමාජෙ එක්ක ගැටුනම.ගිරිරාජ් තම පුතාලා දෙන්නව ඒ විදියට හැදුවට දුවව ඕනවට වඩා ගේ ඇතුළෙ හිර කරලා හැදුව එකෙන් උනේ ඇය අනිත් අයට ඉක්මනට රැවටෙන එක.කොච්චර කෙළින් කතා කරන කෙනෙක් උනත් ඒ දේ ගිරිරාජ්ට කෙලින්ම කියන්න කේශවට හිත දුන්නේ නෑ.ඒකමයි අහිංසාටම දොස් කිව්වේ.

"තිහස්ගෙ ප්‍රශ්ණෙ විසඳගත්තම මෙයාට වෙනම ලෙක්චර් එකක් දෙන්න ඕනේ.අයියා උනත් මෙයා ලොකු අයියේ කියලා නලවලා හුරතල් වෙද්දි ඕනම දේකට සමාව දෙන්න බලන් ඉන්නේ.ඒ හුරතලේ තමා ඔය නරකට හිටියේ...බලද්දි අප්පච්චිටයි අපිටයි පෙන්නගෙන ඉඳලා තියෙන්නේ බොරු බයක්...."

කේශව ආවේගයෙන් කියද්දී අහිංසාට හයියෙන් ඉකි ගැහුනා.ඇගේ වේදනාව කාට නැතත් සාරංගට බලන් ඉන්න බැරි උනා.

"කේශ්...ඔය ඇති"

සාරංග කිව්වේ කේශවගේ උරපත්තට පාරක් ගහලා.එතකින් නිහඬ උනු කේශව අත් දෙක බැඳගෙන පැත්තකට උනේ ලොකු හුස්මක් පිට කරලා.විනාඩි කීපයක් ගෙවුණේ නිහඬව.කාමරේ පුරා ගලා ගියේ අහිංසාගේ සුසුම් හඬ විතරයි.ගිරිරාජ්ගේ හිත උණු නොවුනාම නෙමේ.ඒත් වැරැද්දක් කළා නම් දඬුවමක් තියෙනවමයි.ඒත් ඔහු ලතවුනේ හැමෝම වෙනුවෙන් දාන නීති ඒ වෙලාවේ අහිංසා වෙනුවෙන් ක්‍රියාත්මක කරගන්න බැරිව.මොනා උනත් අහිංසා සම්බන්ධව ගිරිරාජ් සංවේදීයි.ඒ සංවේදීබව එන්න එන්න වැඩි උනා මිසක් අඩුවක් වෙලා නෑ.

"සාරංග..."

"අන්කල්??"

නිහඬබව බිඳී ගියේ ගිරිරාජ්ගේ හඬින්.සාරංග අඩියක් තියලා ලං උනේ ගිරිරාජ් ගාවට.

"ඒ වෙලාවේ කේන්ති ගිහින් බැන්නට මට සමාවෙන්න පුතා...මට ඒ වීඩියෝස් ටික දකිද්දි මාවම පාලනය නැති උනා"

වැඩිහිටියෙක් උනත් අතපසුවීමකදී සමාව ගන්න ගිරිරාජ් දෙවරක් හිතුවේ නෑ.ඒත් සාරංගට ගෙනාවේ අපහසුවක්.

"සමාව ගන්න එපා අන්කල්..එදා මං උනත් මෝඩයෙක් වගේ හැසිරුනේ..."

"නෑ සාරංග.ඒ වෙලාවේ ගන්න තිබ්බ හොඳම තීරණේ ඔයා ගත්තේ.සමහරවිට දුව අර විදියට ගෙදර ආවා නම් මගෙ අත මුලින්ම ඉස්සෙන්න තිබ්බේ ඒ වෙලාවේ.."

අහිංසා දෙනෙත් පියාගෙන නෙතට ඉනුව කඳුලකට ඔහේ ගලන්න ඉඩ දුන්නේ ඒ හඬේ තිබ්බ කළකිරීම දැකලා.

"තාත්තා කෙනෙක් වෙච්ච දවසක ඔයාලට තේරෙයි දුවෙක් ගැන හිතේ තියන බය මොන වගේද කියලා..අන්න ඒ බය තමා මට ඒ වෙලාවේ දැනුණේ..නැතුව පුතාව සැක කළාට නෙමේ..අනික මං දන්නවා...මාධවට කේශවට පස්සේ අයියා කෙනෙක් වගේ අහිංසාව බලාගන්න ඉන්න ඊළඟ කෙනා ඔයා කියලා"

ගිරිරාජ් ඒ අවසානයට කිව්ව වචන වලට හිත් දෙකක් වේගයෙන් ගැහෙන්න ගත්තා.සාරංග තප්පරේකට අහිංසා දිහා බලද්දී කඳුලු පිරුණු ඒ නෙතුත් තිබ්බේ ඔහු දිහාවේ.දෙන්නට දෙන්න නොදැන දෙන්නම දෙදෙනා කෙරෙහි ආදරෙන් බැඳිලා ඉද්දී ගිරිරාජ්ගේ ඒ වචන දෙන්නටම දැනුණේ හදවතේ හැඟීම් මරන්න ආපු පිහි තුඩක් ගාණට.කේශවත් ඔය අදහසම ඔය විදියටම කියද්දි දැනුණු හැඟීමට වඩා ගිරිරාජ් ඒ දේ කියද්දි සාරංගගේ හිතට දැනුණේ බරක්.අයියා කියන චරිතෙකට වඩා චරිතයක් අහිංසා වෙනුවෙන් හිතේ තෙරපවන් ඉද්දි කේශවයි ගිරිරාජුයි ඔහුගෙන් දකින්නේ අහිංසාට ඉන්න තවත් සහෝදරයෙක් ගාණට.ඒකමයි ඔහුගේ හිතට මෙච්චරටම දුක.අහිංසාගෙන් දෑස් මුදවාගෙන ගිරිරාජ් දෙස බැලුව සාරංග හිනා උනේ ආයාසයෙන්.

"අන්කල්ගේ ඒ විශ්වාසය මං කඩ කරලත් නෑ කරන්නෙත් නෑ අන්කල්.අහිංසා මට මගේම..න..නංගි වගේ"

ඔහු ඒ වචනය කිව්වේ හිතට එකඟව නෙමේ.කාට නැතත් ඒක චාන්‍යාට දැනුණා.අහිංසාගේ අතකින් චාන්‍යාගේ අතක් මිරිකුණේ සාරංගගේ වදන් වලට ඒ හිතටත් වේදනාවක් දැනුණ නිසා.ඇගේ වෙනස චාන්‍යාටත් ඒ වෙලාවේ දැනුණත් ඇය නිහඬවම උන්නේ ඒ දැනිච්ච දේ ඒ වෙලාවෙම අමතක කරලා.පැයක් පමණ ගත වෙද්දී ගිරිරාජ්ගේ බලකිරීමටම සියලු දෙනාම ගෙදර යන්න ලෑස්ති උනේ ඔහුගේ තනියට කිසිවෙකුගේ සහායක් අනවශ්‍ය බව පවසමින්.

"මම හෙට උදේම එන්නම් අප්පච්චි..මොනාහරි උවමනාවක් උනොත් කෝල් එකක් දෙන්න"

"මගෙ ෆෝන් එක මගෙ ළඟ නෑ කේශව"

"අහ්..මං ගෙනත් දෙන්නද?"

"එපා..එපා..තව පැය කීපයනේ.ඕන උනොත් මෙහෙන් කෝල් එකක් ගන්නම්.අයියත් ඒවිනේ තව ටිකකින්"

"හ්ම්ම්ම්..එහෙනම් අපි ගිහින් එන්නම් අප්පච්චි"

ගිරිරාජ්ගෙන් සමුගෙන සියලු දෙනාම එළියට එන්න හැරෙද්දී තාමත් චාන්‍යාගේ අතේ එල්ලිලා ඉන්න අහිංසාගේ අතේ මැණික් කටුව ගාවින් කේශව අල්ල ගත්තේ ඇය ඔලුව උස්සලා බලද්දී.

"තමුසෙ කොහෙ යන්නද??අපි එළියෙ පාකින් එකේ ඉන්නම්.ගිහින් අප්පච්චිට කතා කරලා සමාව අරන් එනවා"

කේශව සැරෙන් කියලා චාන්‍යාවත් බලෙන්ම ඇදගෙන එළියට යද්දි ඇය ගාවින් නතර උනේ සාරංග.ඒ හිත බිඳිලා කියන්න රතු වෙච්ච ඇස් ඕනවටත් වඩා සාක්ශි දරද්දි සාරංග අල්ලගත්තේ ඇගේ ඇඟිලි තුඩු වලින්.

"බය නැතුව කතා කරලා සමාව ගන්න අහිංසා.ඒ ඔයාගේ අප්පච්චි.පිට එකෙක් වෙච්ච මට එයාගෙම පුතෙකුට වගේ සළකද්දි එයාගෙම ලේ වෙච්ච ඔයාට බැනලා එළවගන්න තරම් අන්කල් නපුරු නෑ...යන්න.."

කේශවගේ වදන් වලට තැලුණු හිත සාරංගගේ ලයාන්විත වචන ඉස්සරහා සුවපත් උනේ ක්ශණයකින්.අහිංසා සාරංග දිහාම බලාගෙන උන්නේ ඒ අතැඟිලි අතර ඇගේ අත තව තවත් දවටගද්දී.සාරංගටත් ඕනේ ඇයව ළඟට අරන් සනසවන්න.ඒත් ඔවුන් දෙදෙනා දිහා ගිරිරාජ් බලන් ඉන්න බව වැටහුණු සාරංග ඔහුගේ අත මුදවගෙන අහිංසාව ගිරිරාජ් සිටින දෙසට මඳක් තල්ලු කළේ ඔහුගේ හැසිරීමේ වෙනසක් නැති බව පෙන්නන්න.ඔහු පිටත්ව යද්දී දොර ස්වයංක්‍රීයව ක්‍රීස් ගා වැහෙන හඬ අසාගෙනම අහිංසා ගිරිරාජ් දෙසට අඩිය තිබ්බේ හොරෙක් ගාණට.ගිරිරාජ් ඈ මතම නෙතු තියන් උන්නේ කොයි මොහොතක හරි ඇය දෙනෙත් ඔසවා තමා දෙස බලයි කියන අරමුණින්.සාරංගගේ වචන දෙසවන දෝංකාර දෙද්දී අහිංසා හිමීට ගිරිරාජ් දෙසට නෙත් යොමු කළා.ඒ වෙද්දිත් තමන් මතම තිබූ ගිරිරාජ්ගේ දෙනෙත් වල තියෙන්නේ කෝපයක්ද කළකිරීමක්ද වේදනාවක්ද කියලා අඳුනගන්න තරම් දැනුමක් අහිංසාට නෑ.

"අ..අප්පච්චි...අනේ මට ස..මාවෙන්න"

හිතට ධෛර්ය ගත් පළමු නිමේශයේම ඇය මිමිණුවේ ඇඬුම් වාවගෙන.බියෙන් හිත සලිත වෙන්නේ ඔහු බනීවි කියන හැඟීමට.ඊටත් එහා වචනයක්වත් කියාගන්න බැරිව ළතැවෙන අහිංසා දිහාට ගිරිරාජ් අත දිගු කලේ තමා අසලට ඇයට එන ලෙස ඉඟි කරමින්.හෙමි හෙමින් ඔහු අසලට ගිය අහිංසාට ඇඳෙන් වාඩි වෙන ලෙස ගිරිරාජ් ඉඟි කරද්දී ඇය ඒ විදියටම කළේ ගිරිරාජ් ඇගේ අතක් අල්ලා ගනිද්දී.

"අප්පච්චි..එදා මම ඒ දේ කළේ මනුස්සකමට මිසක් අප්පච්චිව රවට්ටන්න හිතාගෙන නෙමේ...මං ඒකේ බරපතලකමක් දැක්කේ නෑ.තිහස් එදා..."

"ඕනේ නෑ අහිංසා.මට එකම කාරණේ දහ දොලොස් දෙනෙක්ගෙන් අහන්න ඕනේ නෑ.මං දැන් හැමදේම දන්නවා"

ගිරිරාජ් කියද්දී අහිංසා නිහඬ උනා.ගිරිරාජ් අහිංසාගේ අත ගෙන සිපගත්තේ ඇයව දෝතට ගත් පළමු දවස සිහි වෙලා.කවදාවත් ගිරිරාජ් ඇයට මෙතරම් සමීප වෙලා නෑ.නීති මැද්දෙ දරුවන්ව හැදුවා මිසක් ඔවුන්ට එතරම් ළං උනේ නෑ.අහිංසා චූටි කාලේ ඉඳන්ම වෙන දරුවන් වගේ සිය පියාගේ සෙනෙහස හෙව්වත් ඒ කාලයේ ඉඳන්ම ගිරිරාජ් තුළ තිබ්බ දැඩි ගති නිසාම ඇය ඔහුට බය උනා.ඒ බය තාමත් ඇගේ හිතේ තිබ්බ නිසා ඇයට දැනුණේ චකිතයක්.නමුත් හිත යටින් හැමදාම බලාපොරොත්තු වෙච්ච ඒ සෙනෙහස ටික ටික ඔහුගෙන් ලැබෙද්දී යටි හිත සතුටු වෙච්ච තරම දන්නේ ඇයම විතරයි.

"ඔයා මගේ දෙවෙනි කුසුම අහිංසා.අම්මගෙන් පස්සේ මට හම්බුනු දෙවෙනි මල ඔයා.."

ගිරිරාජ් කිව්වේ ඇගේ අතක් සිය පපුව මත තියාගෙන.

"ඔයාව මේ වගේම කාමරේකදී මම තොටිල්ලෙන් අතට ගද්දී ඔයා චූටිම චූටියි.පුතාලා දෙන්නෙක්ට පස්සේ තුන් වෙනියට දුවෙක්ට ආසා වෙද්දී හිතුව විදියටම දුවෙක් ලැබෙද්දි කුසුම්ට වඩා සතුටු උනේ මම.ඒත් රස්සාවත් එක්ක මට ඔයාලා ළඟ රැඳෙන්න බැරි උනා.ගෙදරට නීති දාගෙන දරුවො හැදුවට මගෙ හිතේ ඔයාලා වෙනුවෙන් තියෙන ආදරේ වෙනසක් නෑ දුව"

කවදාවත් නැතුව ගිරිරාජ් ඔහුගේ දරු සෙනෙහස අකුරු කරන්න අරන්.අහිංසා ඒ හැමදේම අහන් උන්නේ නිහඬව.

"මේ මම දරුවන්ට ආදරේ කරන විදිය.තාත්‍තලා අප්පච්චිලා ආදරේ හිතේ පුරෝගෙන දරුවන්ව ආරක්ශා කරනවා මිසක් ඒක එළියට දෙන්නෙ නෑ.සමහරවිට මම එතන වැරදි ඇති.ඒත් ඒ මේ අප්පච්චිගෙ විදිය"

එහෙම කියපු ගිරිරාජ් ලොකු සුසුමක් පිට කළා.

"කුසුම් නැති උනාට පස්සේ මම කුසුම්ව දැක්කේ ඔයාගෙන් අහිංසා.දුවෙක්ට හොඳ නරක කියලා දෙන්න අම්මා ළඟ ඉන්නම ඕනේ.ඒත් ඔයාට ඒ රැකවරණය නැති වෙද්දිත් මම දරාගෙන උන්නා.මොකද ඔයාගෙ අයියලා දෙන්නම ඔයාව රකිනවා කියලා දන්න නිසා.අයියලා දෙන්නම බඳිද්දි ඔයාවත් දවසක මේ ගෙදරින් යවන්න ඕන නේද කියලා දැනෙද්දි මේ අප්පච්චිගෙ හිත රිදෙන තරම ඔයා දන්නෙ නෑ.කවදහරි ඔයාගෙ මහත්තයගෙ නීති වලටත් යටත් වෙන්න වෙනදා නේද කියලා හිත වද දුන්නු නිසාමයි ඔයාට නිදහස දෙන්න තීරණය කළේ.මොකද ඔයා කවදාවත් ඒ නිදහස නරක විදියට යොදවගන්නෙ නෑ කියලා දන්න නිසා.ඒත්..."

ගිරිරාජ් ඒත් කියලා නතර කරද්දි අහිංසාගෙ හිතම මොනාද උනා.මහා පසුතැවීමකින් හිත පෙලෙද්දි අහිංසා කඳුලු වැකුණු දෙනෙත් වසාගෙනම ගිරිරාජ්ව බදාගත්තේ ඒ පපුවේ මූණ හංඟගෙන.

"අනේ...මට සමා..වෙන්න අප්පච්චි.මං ඒ දේ හිතලා කළේ නෑ.මට අප්පච්චිට අවනම්බු කරන්න ඕන උනේ..නෑ...තිහස් කතා කෙරුව විදියට...මට..දුක හිතුනා.පාටියට වෙලා..පාඩුවේ..ඉන්නවා කියලා හිතන් මං ගියේ..ඒත්.. ෆෘට් ජූස් එකට ඩ්‍රින්ක්ස් දාලා කියන්න මම..දන්නෙ නෑ...සාරංග..අයියත් උන්නු නිසා..මං..මං බය නැතුව උන්නේ..මෙහෙම..දෙයක් වෙයි කියලා හිතුවෙ නෑ..මගෙ අතින්...ආයේ..ආයේ එහෙම දෙයක්..වෙන්නෙ නෑ අප්පච්චී...මං ආයේ කවදාවත්..අප්පච්චිට බොරු...කියන්නෙ නෑ..ප්‍රොමිස්..."

ඉකි ගගහා සමාව ගත්ත අහිංසාව සනසන්න ගිරිරාජ් දෙනෙත් පියාගෙන ඇගේ පිට අතගෑවා.විනාඩි කීපයකට පස්සේ අහිංසා කෙළින් වෙලා නහය පිහින ගමන් ගිරිරාජ් දිහා බැලුවා.

"සොරි අප්පච්චි"

ඇය ආයෙත් කිව්වේ නහය ඉහළට ඇදලා.ඇය හැසිරුනේ අවුරුදු විසි පහක නෙමේ අවුරුදු දහයක දරුවෙක් ගාණට.මඳ සිනහවකින් ඇගේ බොළඳ හැසිරීම දිහා බලන් උන්නු ගිරිරාජ් ඇගේ හිසට අත තිබ්බා.

"සමාව දුන්නා.හැබැයි...එක දෙයක්....."

ඒ තප්පරේට ඔහුගේ හඬ ගැඹුරු වෙලා.

"මේ ඔයාගෙන් උනු පළවෙනි වැරැද්ද..දෙවෙනි වතාවටත් මේ වගේ දෙයක් උනොත් මං ළඟ සමාවක් නැති වෙයි..එහෙම උනොත් එදාට....."

මෙච්චර වෙලා උන්නු සංවේදී ගිරිරාජ් වෙනුවට පරණ ගිරිරාජ්ම ආයේ එළියට එද්දි අහිංසා කෙළ පිඬක් ගිල්ලා.දෙවෙනි වතාවකට වැරැද්දක් කරන්නත් තියා හිතන්නවත් ඇය බයයි.එදාට කියලා ඔහු නතර උනේ නොකියපු අනතුරු ඇඟවීම ඇයටම හිතාගන්න ඉඩ දීලා.

"ආයේ වැරැද්දක් වෙන්නෙ නෑ අප්පච්චී..ආයේ බොරු කරන්නේ නෑ"

අහිංසා සපථ කරලා කියද්දී ගිරිරාජ් හිස සැලුවේ ඒක පිළිගන්න වගේ.ගිරිරාජ්ගෙන් සමු අරගෙන ඇය රෝහල් කාමරයෙන් එළියට ගියේ ඔහුගේ ආදරණීය වචන විතරක් නෙමේ අවවාදයත් නැවත නැවත මතක් කරන ගමන්.

- මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

1.5M 111K 42
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
1K 75 16
දැනෙන තැන හරිම තැනම ද ?
414 62 10
උසස් ද පහත් ද....මට අදාල නැහැ ........ මොකද ඔයා විතරයි මෙහෙ අධිරාජිණිය වෙන්නේ 🥀 Start date : 07 May 2022 Finished date : ???
1.3K 187 20
"" මන් අසලියා එක්ක එෆෙයා එකක් පටන් ගත්තේ කිසිම දැනහැදුනුම්කමකට නෙවේ.......... ගෙදර අය ගේන්න හදන ප්‍රපෝසල් වලින් බේරෙන්න........."" "" එයාලගේ ස්ටඩි හව...