සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

64.2K 6K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

24

654 66 0
By Rithu_Sakura

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️24 කොටස💜️

දවස් කීපයක් ගෙවිලා ගියේ අහිංසාට සාරංගගේ දසුනක්වත් දකින්න නොමැතිව.ෆොටෝ ශූට් වලට බිසී වෙලා උන්නු සාරංගට තව සති දෙකක් වගේ ඉදිරියට එක දිගට වැඩ තිබ්බ එකෙන් උනේ අහිංසා එක්ක හරියට කතා කරගන්නවත් බැරි වෙච්ච එක.ඇය සැලෝන් එකට යන හැමවතාවෙම ස්ටූඩියෝ එක තිබ්බේ වහලා.අහිංසාට එක අතකින් හිතුනා හිත හදාගන්න ඒ විදියට නොදැක ඉන්න එකත් ලොකු දෙයක් කියලා.ඒ වෙද්දි හිතේ දුක අමතක වෙලා ඇය උන්නේ සාමාන්‍ය විදියටම සැහැල්ලුවෙන්.

"බලන්න මේ ගාණට අඩු උනාම ඇතිද කියලා"

සැලෝන් එකට ආව ගෑණු ළමයෙක්ගෙන් අහිංසා ඇහුවේ ඉදිරියෙන් තිබුණු කණ්ණාඩියෙන් බලාගෙන.ඇය මූණ ඒ පැත්‍තට මේ පැත්තට හරවලා බැලුවේ කටත් උල් කරගෙන.

"තව ටිකක් අඩු කරමුකෝ අක්කේ.මං ආසයි හීනි වෙනවට"

"ඒ උනාට ඔයාට ලස්සන අයිබ්‍රෝස් මහතට තියෙනකොට..හරිම තික් අයිබ්‍රෝස් තියෙන්නේ.ශුවර්ද අඩු කරන්න ඕනි කියලා?"

අහිංසා කෝකටත් ඇහුවේ ඇගේ මූණ දිහා බලාගෙන.ආසාවට එහෙම දෙයක් ඉල්ලුවට ඇගේ මුහුණේ හැඩේට අයිබ්‍රෝස් ගොඩක් හීනි කරන එක ගැළපෙන්නේ නෑ.

"අඩු කරමු අක්කේ...එක පාරක් ට්‍රයි කරලා බලන්න ආසයි"

ඊටත් පස්සේ අහිංසා මුකුත් නොකියම ඇය ඉල්ලූ විදියට ඇහිබැම සැකසුවේ ගෑණු ළමයගේ මුහුණේ තෘප්තිමත් සිනහවක් ඇදෙද්දී.

"දැන් හොඳද?"

"ම්ම්ම්...ඒ ගාණත් ලස්සනයි.හැබැයි ඔයා කිව්වා වගේ මහතට තිබ්බා නම් තවත් ලස්සනයි"

අහිංසාට සතුටු හිතුනේ ඇගේ තේරීම නොවැරදුනු නිසා.

"ඒකනේ මං කිව්වේ.ඊළඟ පාර මහතට හදමු.ඔහොමම වැවෙන්න දෙන්න"

දෙදෙනා දොඩමළු වෙන දිහා බලාගෙන උන්නු මුතූටත් සිනහවක් නැඟුනා.අහිංසා වෙනදා වගේම සැහැල්ලුවෙන් ඉන්න එක ගැන අවංක සතුටක් මුතූගේ හිතේ තිබුණත් සාරංගවයි අහිංසාවයි ජෝඩු කරන අදහස නම් ඇගේ හිතෙන් මැකිලා තිබ්බෙ නෑ.මුතූ ඒ වෙද්දිත් අහිංසා එක්ක සාරංග කිව්ව හැමදෙයක්ම කියලා තිබ්බට අහිංසා තාමත් ඉන්නේ ටිකක් නොරිස්සුමෙන්.නමුත් ඒ බවක් ඇය පෙන්නන්න ගියෙ නැත්තේ සාරංග මොනා කළත් ඇයට ගාණක් නෑ කියලා මුතූට පෙන්නන්න ඕන නිසා.ආව ගෑණු ළමයා සල්ලි දීලා ගියාට පස්සේ අහිංසා සුපුරුදු විදියටම ඒ සල්ලි දැම්මේ සාරංග වෙනුවෙන් ඉතිරි කරන ගොඩටමයි.අහිංසා ඒ සල්ලි පරිස්සමට තියලා හැරිලා බලද්දි ඇය දිහා බලන් උන්නේ මුතූ.ඒ මූණෙ තිබ්බේ අමුතු හිනාවක්.

"මොකද ඔහොම බලන්නේ?"

අහිංසා ඇහුවේ ඇහිබැමකුත් උස්සලා.

"නෑ...ඉතින් එක්කෙනෙක් නෑ කිය කිය කරන හැටි බැලුවේ"

මුතූ ගස්සලා පද්දලා නලවලා කිව්ව දෙයින් දශමයක්වත් අහිංසාට තේරුනේ නෑ.

"කරන හැටි කිව්වේ???"

මුතූ ඒ පාර ඉන්න තැනින් ඉස්සරහට ඇවිත් අහිංසාගෙ පිටිපස්සෙන් ඇවිත් ඇගේ උරහිසට නිකට තිබ්බේ රහසක් කියන්න වගේ.

"ආදරේ...ආදරේ...ආදරේ ඒ..ඒ...ආදරේ.."

ඇය ඒක කිව්වේ ගීතයක තාලයකට.කන ගාව සිංදු කියන මුතූගෙ හිසට අහිංසා ටොක්කක් ඇන්නේ ඇගේ කෝලම් එන්න එන්න වැඩි නිසා.මුතූ රිදුම් දෙන හිස අල්ලගත්තේ මූණත් ඇද කරගෙන.

"ඕනවට වඩා වැඩියි දැන්"

"ඉතින් අනේ ඇත්තනේ කිව්වේ..නිකී අයියා එක්ක තාමත් කේන්තියෙන් උන්නට තෑගි දෙන්න සල්ලිත් එකතු කරනවා"

"ඒ කළගුණ සළකන්න මිසක් වෙන දේකට නේමේ හරී???"

"හා..හා..බලමුකෝ...බලමුකෝ..."

මුතූ ගාණක් නැතිව කියද්දි අහිංසා ඇයට රවලා පැත්තකට උනේ මුතූ එක්ක කතා කරලා දිනන්න බැරි නිසා.කොච්චර කටකාර උනත් මුතූ සාරංග ගැන කියවන හැම වතාවෙම ඇගේ මුව වැහෙන්නේ හිතට අමුතු හැඟීමක් දැනෙද්දිමයි.

.....💜....... R I T H U S A K U R A .......💜️......

මුතූ වෙනදා වගේම බස් එකෙන් යද්දි අහිංසා පියල් එක්ක ගියේ පොද වැස්සකුත් පටන් අරගෙන තියෙද්දී.පියල් වාහනේ එළවන දිහා අහිංසා බලාගෙන උන්නේ ආසාවෙන්.

"මාත් මේ අවුරුද්දෙ කොහොම හරි කාර් එකක් ගන්නවා.එතකොට පියල්ට මගෙන් වදයක් නෑ"

අහිංසා එකපාරටම කියද්දි පියල් මඳක් පිටිපස්සට හැරිලා හිනා උනා.

"අනේ ඉතින් අහිංසා නෝනාව එක්කන් යන එන එක මට වදයක් නෙමේ"

"ඒ උනාට හැමදාම අයියලාගෙනුයි අප්පච්චිගෙනුයි යැපෙන්න බෑනේ...ආසාවට හරි එකක් අරගන්න මට්ටමට දියුණු වෙන්න ඕනේ"

"එහෙනම් ගන්න කළින් බය ඇරෙන්නත් එක්ක මේක තනියම පැදගෙන යන්න..."

එක පාරක් කාර් එක අරගෙන ගිහින් ගහක හැප්පුනාට පස්සේ ඇති වෙච්ච කම්පනේට අහිංසා කාර් පදින එක නතර කරලයි තිබ්බේ.ඒ බය ඇරගන්න කාලේ හරි කියලා අහිංසාට හිතුනේ පියල් කෙරුව යෝජනාවට.

"හා..එහෙනම් හෙට ඉඳන් පියල් එහා පැත්තට වෙලා පොඩ්ඩක් මාව ගයිඩ් කරන්න.මං ඩ්‍රයිව් කරන්නම්"

ලොකු උනන්දුවකින් අහිංසා කියද්දි පියල්ට සතුටු හිතුනා ඒ වගේ ඉල්ලීමක් ඇය කෙරුව එකට.ඔහු එයට එකඟ උනෙත් ඒ සතුටෙන්මයි.ගෙදර ගිය ගමන් අහිංසා උණු වතුරෙන් නාගෙන පහළට ආවේ ගීතයක් මුමුණන ගමන්.නා ගත්ත ගමන් දැනුණු පොඩි බඩගින්න නිසාම අහිංසා කුස්සියට ගිහින් තනියමම කිරි එකක් හදාගත්තේ තුශාරි රෑ කෑම හදන ගමන් උන්නු නිසා.

"අහිංසා නෝනා කාලෙකින් කෑමක් හැදුවෙත් නෑනේ අපිට රහ බලන්න"

එළවලු කපන ගමන් උන්නු තුශාරි ඇහුවේ පැන්ට්‍රියට හේත්තු වෙලා කිරි එක බොන අහිංසා දිහාත් බලලා.

"ඔව්මයි නේද?මේ සැලෝන් එකේ වැඩ එක්ක ඔට්ටු වෙලා මට ඒකත් අමතක උනා..මතක් කෙරුව එක හොඳයි.හෙට වරුවෙන් ගෙදරනේ.රහ කෑමක් හදලා බලමු"

කිරි එක බොන ගමනුත් අහිංසාට මතක් උනේ වෙනදට ගෙවන නිදහස් ජීවන රටාව සැලෝන් එක නිසා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා නේද කියලා.ඒත් ඒ වෙනසට ඇය ආසයි.තව කෙනෙක්ව හැඩ ගන්වලා ලබන තෘප්තිය ගෙදරට වෙලා කෑමක් බීමක් හදලා ගන්න තෘප්තියට වඩා වැඩියි කියලා ඇයට හිතුනා.කුස්සියෙන් ඉස්තෝප්පුවට ඇවිත් වාඩි වෙලා සෑහෙන්න වෙලා කල්පනා ලෝකෙක උන්නු අහිංසා පියවි සිහියට ආවේ පියල් ගේට්ටුව අරින සද්දෙට.ඒ ආවේ තිහස්ගේ කාර් එක.ඇය ඒ දිහා බලලා ඊට පස්සේ අහක බලා ගත්තේ ඔහු එක්ක තියෙන තරහටමයි.ඔහු ඇවිල්ලත් මාසෙකට කිට්ටුයි.ඒ දවස් ගාණටම දෙන්නා හොඳින් කතා කෙරුව දවස් තිබුණේ අතේ ඇඟිලි ගාණට.තිහස් කාර් එක නවත්තලා බැහැලා එද්දී අහිංසා අවධානෙන් උන්නේ කේශවගේ කාර් එකේ සද්දෙත් එනකන්.මොකද වෙනදා කට්ටියම එන්නේ එකට.ඒත් කේශවගේ කාර් එක නැති තැන අහිංසා ඔලුව උස්සලා බැලුවේ තිහස් එතනින් යද්දිමයි.ඇය ඔලුව උස්ස උස්ස බලන්නේ කාවද කියලා තේරුනු තිහස් ටිකකට ඇය අසලින් නතර උනා.

"කේශවයි චාන්‍යායි තාම ඔෆිස් එකේ.එන්න ටිකක් ලේට් වෙයි"

අහිංසා තිහස්ගේ මූණ දිහා බලන් හිටියේ ගණන් නොගන්නා බැල්මකින්.ඇය ඇහුවෙත් නැතිව කවදාවත් නැතිව පැනලා උත්තර දෙන ඔහු දිහා අහිංසා බැලුවේ සතෙක් දිහා බලන ගාණට.ඇය ඔහුව ගණන් නොගත්ත තැන තිහස්ට හිතුනේ අත පුරෝලා ටොක්කක් අනින්න.ඒත් ඉවසන් උන්නේ හිතේ තියෙන දේ තරහ පෙන්නලා කරගන්න වෙන්නෙ නැති නිසා.

"මොකද අද සැලෝන් එකේ ඉඳන් වේලාසනම ආවේ?"

වෙනදට වඩා සුහදව තිහස් කතාවට එද්දි අහිංසා බැරිම තැන උන්නු තැනින් නැඟිට්ටා.තිහස්ට ගස්සගෙනම අහිංසා ඇතුළට යන්න හදද්දි ඔහු කළේ ඇය යන මාර්ගය හරස් කෙරුව එක.

"මේ මොකද?පිස්සුවක් හැදීගෙන එනවද?පැත්තකට වෙනවා"

ඒත් තිහස් තරහ නොගෙන උන්නේ හරිම සාමකාමී මුණක් පෙන්නලා.

"අහිංසා ප්ලීස්...තරහ ගන්න එපා.සොරි..මං එදා සැරෙන් කතා කළාට.මූඩ් අවුල් වෙලා තිබ්බේ.ඔයත් ඒ අස්සේ බනිද්දි මට තරහා ගියා.සොරි"

අහිංසා උතුර දකුණ මාරු උනා වගේ බැල්මකින් තිහස් දිහා බලන් උන්නේ.ඔහු සමාව ගත්තා කියන එක අහිංසාට විශ්වාස කරන්න බෑ.

"මට සමාව ඕනේ නෑ.තරහ ගිහින් කතා කළත් ඔයා කිව්ව දේ ඇත්ත.ඔයාට මගේ දේවල් වලිනුත් මට ඔයාගෙ දේවල් වලිනුත් වැඩක් නෑ"

අහිංසා නම් බුරුලක් පෙන්නුවේ නෑ.ඒත් තිහස් ඒකට සුහදව හිනා වෙලා එකපාරටම අහිංසාට අත දික්කළේ ඇගේ ඇස් සිහින් වෙද්දී.

"ෆ්‍රෙන්ඩ්ස්????"

තිහස් කරන ඉල්ලීම අහිංසාට තේරුනත් එකපාරටම සමාව දීලා සෙකන්ඩ් වෙන්න ඇගේ හිත ඉඩ දුන්නේ නෑ.ඔහුගේ අත දිහා බලලා ඔච්චම් හිනාවක් පෙන්නුව අහිංසා ගස්සගෙන ගියේ තිහස්ගේ අතේ හිතා මතාම හැප්පිලා.ඇය යන දිහා බලන් උන්නු තිහස් කට කොනකින් හිනා උනේ ඇගේ තියෙන ආඩම්බරකම දැකලා.ඒත් පරදින්න ඔහුගේ හිත ඉඩ දෙන්නෙ නෑ.ඒ නිසා අහිංසාව දැලේ දාගන්න වැඩේ නතර කරන්නත් ඔහුගේ හිතේ පොඩ්ඩක්වත් කැමැත්තක් නෑ.

.....💜....... R I T H U S A K U R A .......💜️......

ඉරිදා දවස නිසා කේශව හිටියේ ටිකක් දවල් වෙනකන් නිදාගෙන.චාන්‍යා ඔහුව අවදි කරන්න හැදුවෙත් නෑ.තුශාරිට උයන්න උදව් කරලා ඇය පුස්තකාල කාමරය පැත්තට ගියේ පොතක් කියවන්න තිබ්බ ආසාවට.මේ අවුරුදු තුනට පුස්තකාල රාක්ක වලට අලුතින් එකතු වෙලා තියෙන පොත් ටික දැක්කම චාන්‍යාට පිස්සු නොහැදුනා විතරයි.කේශවගෙන් නම් පොතක් කියවන්න ඉඩක් තිබ්බෙම නැති තරම්.ඇය පොත්ගුල්ලි වගේ පොත් අස්සෙ අතරමං වෙලා ඉද්දි කේශවට තරහ යන නිසාම ඔහු මේ වගේ නිදන් ඉන්න වෙලාවක ඇර පොතක් කියවන්න වෙලාවක් හම්බෙන්නෙම නැති තරම්.ඉතින් ඇය ටක් ගාලා ඒ පැත්තට යද්දි එකපාරටම දොරකඩ නතර උනේ පුස්තකාල කාමරයේ හිටිය රුව දැකලා.

"ආ..මල්ලි..මොකද මේ උදේම පොත් අස්සෙ අතරමං වෙලා?"

ඒ හිටියේ වෙන කවුරුත් නෙමේ තිහස්.පොත් කියවන්න ඔහුට කිසිම ආසාවක් නෑ.ඒත් ඔහු හොඳ චරිතයක් කියලා පෙන්නන්න ගහන්න පුලුවන් හැම තුරුම්පුවක්ම අත්හදා බලන්න තීරණය කරලා ඉවරයි.

"ආ..චාන්‍යා..ගුඩ් මෝනින්"

"ගුඩ් මෝනින්.මෙහෙට ආවත් හරි මේ කාමරේට ආවාමයි නේද?"

ඇය කිව්වේ කාමරේට එන ගමන් සුහදව හිනා වෙලා.

"ඔව්නේ.සූරිය අන්කල් පොත් අරන් ඇවිත් කියවනවා දැකලා තිබ්බට මෙහෙම කලෙක්ශන් එකක් තියේවි කියලා හිතිලා නෑ.මං එච්චර පොත් වලට ආසා නෑ.ඒත් මෙහෙම දකිද්දි කියවන්න ආසා හිතෙනවා"

වශී කරවන හිනාවක් පෙන්නලා තිහස් කිව්වේ ලොකු පොත් කීපයක් තෝරගෙන මේසෙට හේත්තු වෙලා.

"කියවලා බලන්න.ඔයා ඇඩික්ට් වෙලා තමා නතර වෙන්නේ.මං මෙහෙ නතර වෙලා හිටිය කාලේ මං සෑහෙන්න පොත් ටිකක් කියෙව්වා.වෙරි ඉන්ට්‍රස්ටින්ග්"

චාන්‍යා ඇගේ අත්දැකීම් ගැන කිව්වේ හරිම ආසාවෙන්.ඒත් තිහස්ට නම් ඒ කිසිවකින් වැඩක් උනේ නෑ.ඔහුගේ පරමාර්ථය වෙනම එකක්.ඔවුන් දෙදෙනා ආගිය තොරතුරු කතා බහ කරමින් වෙනදට වඩා සුහදව සතුටු සාමිචියේ හිටියේ තිහස්ගේ හිතේ වැඩ කරන දේ ගැන හාංකවිසියක්වත් නොදැන ඉද්දී.

"මේ...චානු.ඔයාට දෙයක් කියන්නමයි උන්නේ"

ටික වෙලාවක් කතාබහ කරමින් ඉද්දි තිහස් මාතෘකාවට බැස්සේ චාන්‍යාටවත් නොදැනී.

"කියන්න මල්ලී"

මොනා නැතත් චාන්‍යා කට පුරෝලා මල්ලි කියලා කතා කරද්දි තිහස්ට මතක් වෙන්නෙ ඔහුගේම අක්කාව.ඒ තරම්ම ඒ හඬ ලෙංගතුයි.ඒ නිසාමයි ඔහුට චාන්‍යා එක්ක කේන්තියක් එන්නෙ නැත්තේ.

"අහිංසා මාත් එක්ක තාමත් තරහින් ඉන්නේ.මං එයාට එදා කතා කෙරුව විදිය වැරදියි.මොනා උනත් එයා කිව්ව කතාව ඇත්ත.මං සමාව ගත්තට එයා සමාව දෙන එකක් නෑ.කොහොමත් ආඩම්බරයිනේ"

තිහස් හරිම නිමුණු හඬකින් කියද්දී චාන්‍යා එයට සාවධානව ඇහුම්කන් දීගෙන උන්නා.

"කෙල්ලො එහෙම තමා.ආඩම්බරයි.අනික අහිංසා එයාට කවුරුත් සැර කරනවට ආසා නෑ.එයා හැමෝගෙම හුරතලීනේ"

'වෙන නැත්තම්..'

තිහස්ට හිතුනත් ඒක කියන්න කට හෙල්ලුවෙත් නෑ.

"ඒ උනාට අහිංසා කියන්නෙ ගොඩාක් හිත හොඳ කෙල්ලෙක් මල්ලී.ඔයාත් කුකුල් කේන්තිකාරයෙක් වගේ එයා එක්ක එල්ලෙන්නෙ නැතිව කතා බහ කරලා බලන්නකෝ.එතකොට තේරෙයි මං කිව්වේ ඇත්‍ත කියලා"

චාන්‍යා කිව්ව දේ අහන් ඉන්නවා වගේ පෙන්නුවට අහිංසා ගැන කිසිම හොඳක් තිහස්ගේ හිතට දැනුනේ නෑ.ඔහුගේ එකම පරමාර්ථය මේ සූරියබණ්ඩාර පවුලට පොඩ්ඩක් හරි ලැජ්ජා කරන එක විතරයි.

"හ්ම්ම්..ට්‍රයි කරලා බලන්නම්කෝ"

සුහදව හිනා වෙලා තිහස් පොතක් පෙරලුවේ ඕනවට වඩා අහිංසා ගැන කියවන්න ගියොත් වැඩේ දෙල් වෙයි කියලා හිතලා.ඒ අතරේ චාන්‍යා පොත් රාක්ක අතරින් ඇය වඩාත් සිත්ගත් පොතක් තෝරගෙන තිහස්ට දික්කළා.

"මේ පොත කියවලා බලන්නකෝ.ඔයාට හිතේවි පොත ඉවර උනු එක අපරාදේ කියලා"

තිහස් පොත් වලට දක්වපු උනන්දුව දැකලා චාන්‍යා ඒ පොත තෝරලා දුන්නේ ගොඩක් ආසාවෙන්.තිහස් හිනා වෙලා ඒ පොත අතට ගත්තේ බොරු උනන්දුවක් පෙන්නලා.

"අනිවාර්‍යෙන්ම කියවලා බලන්නම්.තෑන්ක්ස්"

"කියවලා දැනිච්ච දේ කියන්නකෝ..ඒ තරමටම ලස්සනයි.සම්ප්‍රදායික ආදර කතාවකට වඩා වෙනස් කතාවක්.අනික ඕකේ....."

"චානූ...."

පොත ගැන විස්තර කරමින් උන්නු චාන්‍යා අතරමඟ නතර උනේ කේශවගේ හඬින්.

"චානූ...කොහෙද ඕයි ඉන්නේ?"

කලබල වෙච්ච පාර චාන්‍යා අතේ තිබ්බ පොත් ටික ආයේ රැක් එකෙන් තිබ්බේ කේශව දැක්කොත් බනින නිසා.

"අන්න...මගේ ආදරණීය ස්වාමි පුරුෂයා ඇහැරිලා.මෙතනට එන්න කළින් එහෙනම් කොල්ලෝ මම ගියා..."

චාන්‍යා විහිලුවෙන්ම කියලා ඉක්මනට ගියේ තිහස්ට ඒක කිව්ව විදියට ඇත්තටම සිනහවක් නැඟෙද්දී.චාන්‍යා හා කේශව අතර තියෙන ආදරය,බැඳීම දකිද්දී තිහස්ට මතක් වෙන්නේ මුතූව.කවදාහරි මුතූව කසාඳ බැඳලා මේ වගේම ආදරණීය ජීවිතයක් ගත කරන්න ඔහුගේ හිතේ තිබ්බ ආසාව තාමත් එහෙමමයි.මුතූව නැවත හොයාගෙන යන වැඩේ තාමත් ඔහුට කරගන්න බැරි උනත් ඒකට කොහොමහරි අඩිතාලම දාගන්නවා කියලා තිහස් හිතාගෙන ඉවරයි.හැබැයි ඒ හැමදේම කරන්න නම් සූරියබණ්ඩාර නිවසින් පිටමං වෙලා ඉන්න ඕනෙ කියලා තිහස්ට හිතුනේ අනිවාර්‍යෙන්ම ගිරිරාජ් ඔහු ගැන ඇහැ ගහගෙන ඇති කියලා හිතලා.චාන්‍යා එළියට ගියා විතරයි තිහස් ඒ පොත පැත්තකට විසි කරලා දැම්මේ ඔහුට පොත් වලින් කිසිම වැඩක් නැති නිසා.

.....💜....... R I T H U S A K U R A .......💜️......

ඉරිදා දවසක් නිසා වරුවෙන් සැලෝන් එක වහල ආව අහිංසා හිටියේ අධික බඩගින්නක.මෙදා පාර ඇය මෝටර් රථය පදවගෙන ආවේ පියල් ඉදිරි ආසනයේ ඉඳන් ඇයට උපදෙස් දෙද්දී.අහිංසාට අමුතුවෙන් දෙයක් ඉගෙන ගන්න නොතිබ්බත් කාලෙකින් වාහන පදවන නිසා ඇයට තිබුණේ පොඩි චකිතයක්.

ආව ගමන්ම ඇය දවල් ආහාරය ගත්තේ ඇඟපත හෝදගන්නවත් සිහියක් නොවෙද්දී.අනිත් හැමෝම ආහාර අරගෙන ඉවර වෙලා නිසා කෑම මේසයේ උන්නේ ඇය විතරයි.

"මේකි සාගතේට අහු වෙලා වගේ"

කෑම මේසෙට වෙලා ඉක්මනට ඉක්මනට කෑම ගිලින අහිංසා දිහා බලලා කේශව කියද්දී අහිංසා කළේ ඔහුට දිව දික්කරපු එක.අහිංසාව කොහොමහරි කතාවට අල්ලගන්න ඕන නිසාම තිහස් ඇය අසලින් එහාට මෙහාට කීපවරක්ම ගියත් අහිංසා ඇස් උස්සලවත් ඔහු දිහා බැලුවේ නෑ.ඒත් එක්කම කාගෙන ගිය වේගෙට අහිංසාට කෑම හිරවුනේ ඇය එක දිගට කහින්න ගද්දී.ඒ සැනෙන් ක්‍රියාත්මක වෙච්ච තිහස් මේසේ උඩ තිබ්බ වතුර වීදුරුවක් ඇයට ළං කළේ අහිංසා අඩියට දෙකට ඒක බොද්දී.

"හිමීට කනවා මෝඩියේ.කවුරුත් ඕක උස්සගෙන යන්නෙ නෑ"

තිහස් කිව්වේ ඇය අසලටම ළං වෙලා.ඒත් අහිංසා උන්නේ වචනයක්වත් තාම කතා කරගන්න බැරිව.වතුර ටිකත් උගුරෙන් පල්ලම් බහිද්දී අහිංසා ළය සැහැල්ලු කරගත්තේ අතින් පපුව පිරිමදිමින්.

"තව වතුර ටිකක් දෙන්නද?"

අහිංසා ඇස් වලට පිරුණු කඳුලු පටලය අතින් පිහින ගමන් හිස සැලුවේ තාමත් ඇගේ උගුරයි පපුවයි දන නිසා.ජෝගුවෙන් වතුර පුරවලා තිහස් තව වීදුරුවක් ඇයට ළං කරද්දී අහිංසා ඒක අතට ගත්තේ ඔහු දිහාම බලාගෙනයි.

"තෑන්ක්ස්"

ස්තූතියක්වත් නොකර හරි නැති නිසා අහිංසා එහෙම කිව්වේ ඒ වතුර වීදුරුවත් එක දිගට බිව්වට පස්සේ.

"සුලු දෙයක් අහිංසා.හිමීට කන්න හිර කරගන්නෙ නැතිව"

වැඩි කතාවක් නැතිව තිහස් ඒ ටික විතරක් කියලා ගියේ අහිංසා ඔහු දිහාම බලන් ඉද්දී.හුළඟක් වගේ වෙනස් වෙන තිහස්ගේ හැසිරීම අහිංසාට ගෙන ආවේ පුදුමයක්.කවදාවත් නැතිව සමාව ගද්දි ඔහුට සමාව නොදීපු එකට දැන් දැන් අහිංසාගේ හිතට දැනෙන්නේ තුනී පසුතැවීමක්.ඊළඟ පාර කතාවට ආවොත් ලොකුකම් නොපෙන්වා සාමාන්‍ය විදියට ඔහු එක්ක කතා කරන්න ඇය හිතාගත්තේ ඒ තරම් දරදඬු කෙනෙක් වෙන්න අහිංසා දන්නෙ නැති නිසා.

දවල්ට කෑම කාලා වෙනදා වගේ නිදාගන්නේ නැතිව අහිංසා ලෑස්ති උනේ මොනා හරි කෑමක් හදන්න.ගෙදර අන්නාසිත් තියෙනවා දැකපු නිසා ඇය හැදුවේ අන්නාසි වලින් හදන කේක් එකක් කරන්න.යූ ටියුබ් එකෙන් වීඩියෝ එක බලන ගමන් අහිංසා ඕන කරන බඩු ටික අරගෙන කෑම මේසෙට ආවේ චාන්‍යාත් එතනට ළං වෙද්දී.

"ආ..ළමයා.අද රස කෑමක් හදන්න වගේ නේද හදන්නේ?"

"කාලෙකින් මුකුත් හදලා බලන්න බැරි උනා.පයිනැපල් කේක් එකක් ට්‍රයි කරන්න බැලුවේ"

"ම්ම්ම්...මගෙන් උදව් ඕනෙද?"

අහිංසා ඒ පාර චාන්‍යා දිහා බැලුවේ ඇය කවදාවත් අහ අහ උදව් කරන්නෙ නැති නිසා.

"පුදුමයි.වෙනදා බලෙන්මනේ හෙල්ප් කරන්නේ"

"නෑ..නෑ..බැරිකමකට නෙමේ.ඔයාගෙ අයියා පොඩ්ඩ ලැප් එකයි ෆයිල් වගයකුයි උස්සන් සාලෙට ගියා ඔෆිස් එකේ වැඩකට.අලුත් පොත් සෙට් එක කියවනකන් නින්ද යන්නෙ නෑ වගේ.මං ලැබිච්ච චාන්ස් එකෙන් පොතක් බලලා එන්නම්..."

චාන්‍යා කියන්නේ සැරින් සැරේ සාලෙ දිහාට එබිකම් කරලා.අහිංසාගෙ කට කොනට හිනාවක් නැඟුනේ ඇය ඒක කිව්ව විදියට.

"අපෝ..බයගුල්ලි..දැන් පොත් කියවන්නත් අපේ ඒකාගෙන් අවසර ගන්න ඕනද?"

"ඔව්නේ.දැන් මාරම නීති දාන්නේ"

"මට නම් එහෙම ඔය මොකෙක් හරි නීති දාගෙන ආවොත් දෙන්නේ හොම්බට"

අහිංසා කිව්වේ රඟ පපා.

"ඇත්තද නංගී?දැන් එහෙම කිව්වට බැන්ඳම නීති දාලා පරිස්සම් කරද්දි ආසා හිතෙයි...මං මේ පෙන්නන්නෙ නැතිව ඉන්නේ"

චාන්‍යා එහෙම කියලා ඇහැක් ගහගෙන ඉක්මනට එතනින් මාරු වෙද්දී අහිංසාට හිනා ගියේ කටකොනකින්.

"නීති දාන්න??මේ මට???කවදහරි යාලු වෙච්ච එකා නීති දාන් කන්ට්‍රෝල් කරගෙන ආවොත් බෙල්ල ගලෝලා අතට දෙනවා අම්මපා...මේ චානුටත් පිස්සුනේ.මම එහෙම නම් ඔහේ වැඳගෙන පුදගෙන ඉන්නෙ නැතිව ඉස්සරහටම ගිහින් පොත් කියවනවා....ඕ යෑස්.."

අහිංසා තනියම කියවන්නේ අන්නාසි ගෙඩියක නැට්ට අඹරවන ගමන්.ඒත් ඒ වෙද්දිත් ඇය වටේ කැරකුනු තිහස්ව ඇය දැක්කෙ නෑ.වටේ පිටේ පොඩ්ඩක් එබිකම් කෙරුව තිහස් ඇය ළඟටම කිට්ටු උනා.

"මොනාද තනියම කුටු කුටු ගාන්නේ?"

එකපාරටම සවන අසලින් තිහස්ගේ ගැඹුරු හඬ ඇහෙද්දි අහිංසා ගැස්සුනු පාර අන්නාසි ගෙඩියත් පැත්තකට විසි උනා.

"මොනාද මනුස්සයෝ කරන්නේ?තව ටිකෙන් පණ යනවා"

අහිංසා එකපාරටම වෙච්ච තිගැස්ම හංඟගෙන තිහස්ට කෑ ගැහුවත් තිහස් හිනා උනේ වෙනදා වගේ තරහ නොගෙන.

"සොරි සොරි..මං හිතුවෙ නෑ බය වෙයි කියලා..ම්ම්ම්ම්...උදව්වක් ඕනෙද?"

"එපා..මට කරගන්න පුලුවන්"

ආඩම්බර පාටට කිව්ව අහිංසා ඒ පාර අන්නාසි ගෙඩිය අතට අරගෙන කටු සහිත කොටස අල්ලද්දිම සූස් ගෑවේ එහි කටු සහිත කොටස සැරට අතේ වදිද්දී.

"අහ්.."

"මෙන්න මෙහෙ දෙනවා මෝඩියේ.තදියම විතරයි.වැඩක් කරගන්න බෑ ඒ උනාට"

අහිංසාව මඳකට එහාට තල්ලු කරලා තිහස් ගාණට අන්නාසි ගෙඩිය සුද්ද කරන්න ගත්තේ අහිංසා වචනයක්වත් නොකියා බලන් ඉද්දී.ඒ අතරතුරත් ඇය හොරෙන් බැලුවේ තිහස් දිහා.නපුරු පාටට හිටියට මොකෝ තිහස්ගෙ මූණේ තියෙන්නේ අමුතුම කඩවසම් බවක්.ඒ මූණ දිහා මෙච්චර කාලෙකට ඇය සන්සුන්ව බලලා නෑ.ඉතින් අද ඇය අසලින්ම ඉන්න තිහස් දිහා අහිංසා බලන් උන්නේ සුපරික්ශාවෙන්.කෙල්ලො එක්ක විකාර නට නට යාලුවෝ එක්ක බිබී දැඟලුවට අහිංසාට හිතුනේ තිහස් විහින් නාස්ති වෙලා කියලා.මොකද තිහස් කියන්නේ හොඳට ඉගෙන ගත්ත කොල්ලෙක්.

"ඔයාට ගර්ල් කෙනෙක් නැද්ද?"

ඔහු ගැනම සිතුවිල්ලෙ උන්නු අහිංසාට ඒක ඇහුනේ ඉබේමයි.ඒ එක්කම කර කර උන්නු වැඩේ නතර කරලා තිහස් ඇය දිහා බැලුවේ පුදුමයෙන්.බ්‍රේක් නැති කටින් ඇහුව දේ ගැන අහිංසාට ඒ වෙලාවේ දැනුනේ පොඩි අපහසුවක්.ඇගේ රතු වෙච්ච මූණ දිහා බලලා ඒ පාර තිහස්ට හීන් හිනාවක් නැඟුනා.

"නැත්තම් තමුසෙ යාලු වෙන්නද ඇයි?"

"පුහ්!වැඩේමයි"

අහිංසා මුවත් ඇදකරගෙන කිව්වේ මේ ලෝකේ ඉන්න අන්තිම කොල්ලා තිහස් උනත් යාලු නම් වෙන්නේ නෑ කියන්න වගේ බැල්මකින්.

"ඇයි එහෙම ඇහුවේ?"

තිහස් ආයෙම අහද්දි අහිංසාට එකපාරටම උත්තරයක් කටට ආවේ නෑ.ඒත් නිහඬව උන්නොත් ඔහු වැරදියට තේරුම් ගනිවී කියලා අහිංසාට හිතුනා.

"හිතලා ඇහුවේ නෑ.නිකන්මයි ඇහුනේ...අනික ඔයා ඔහොම එක එක කෙල්ලො එක්ක පිස්සු නැටුවට මට හිතුනා ඔයා එහෙම නරක චරිතයක් වෙන්න විදියක් නෑ කියලා.අනික වසන්ත අන්කල් වගේ කෙනෙක් ඔයාව ඒ වගේ නාස්තිකාර විදියට හදන්න විදියකුත් නෑ"

ඒ එක්කම අහිංසා ඇගේ සිතැඟි ප්‍රකාෂ කරද්දි තිහස්ට බර සුසුමක් පිට උනේ මුතූව මතක් වෙලා.ඒත් තිහස් ඒකට ප්‍රතිචාර නොදක්වා නිහඬවම අන්නාසි ගෙඩිය කපද්දි අහිංසාට හිතුනා ඔහු එක්ක කතා කරලා ටිකක් දැන අඳුනගත්තා නම් හොඳයි කියලා.

"ඇත්තටම කෙල්ලෙක් නැද්ද?"

අහිංසා කතාවකට මුල පුරද්දි තිහස් අන්නාසි කෑල්ලක් මුවේ රුවාගෙන අහිංසා දිහාට හැරුනා.

"හිටියා.ඒත් පුද්ගලික හේතුවකට ඒක නතර කරන්න උනා"

"එතකොට අර වීඩියෝ එකේ කිස් කරන්න ගිය කෙල්ල???"

"ඒක නිකන් කොක්කක් විතරයි"

කිසිම ගාණක් නැතිව තිහස් කියද්දි අහිංසාට පුදුමත් හිතුනා.

"ඒ වගේ කොකු කීයක් ඉන්නවද?"

"ගොඩක්"

ඒ වෙලාවෙ නම් අහිංසාට තිහස් ගැන දැනුනේ පුරුදු කේන්තියමයි.

"ලැජ්ජා නැතිව කියන ලස්සන.අර කෙල්ල බේරුනු එකමයි හොඳ..."

ඒ කතා කරන්නේ මුතූ ගැන කියලා නොදැන අහිංසා කියද්දී තිහස් කිසිම වෙනසක් නොකර සද්ද නැතිව වැඩේ කරන් උන්නා.හිතේ තියෙන වේදනාව අහිංසා එක්ක කියන්න ඔහුට කිසිම උවමනාවක් නෑ.නිහඬවම තිහස් එක්ක අන්නාසි ටික කපලා වැඩේට බැස්ස අහිංසා එතනින් එහා තිහස් එක්ක විශේෂ දෙයක් කතා නොකළත් ඔහු ඇය අසලින්ම උන්නේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා හිතන්.

"අහිංසා..."

"ම්ම්ම්..."

"පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා.පුලුවන්ද යාලුවෙක් විදියට මට ඒ හෙල්ප් එක කරලා දෙන්න?"

තිහස් නිමුණු හඬින් එහෙම අහද්දි අහිංසා ඇස් දෙකත් පුදුම කරන් ඔහු දිහා බැලුවේ ඒ උදව්ව මොකක්ද කියලා හිතාගන්න බැරිව.

- මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

තිහස් දැල එලන්න සූදානම්.අහිංසා අහු වෙයිද නැද්ද?

ඊළඟ කොටසින් හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

10.8K 1.8K 32
හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩක්...❤️ හුස්ම නැවතුනත් පණ ගැහෙන ආදරයක්...
1.2K 187 20
"" මන් අසලියා එක්ක එෆෙයා එකක් පටන් ගත්තේ කිසිම දැනහැදුනුම්කමකට නෙවේ.......... ගෙදර අය ගේන්න හදන ප්‍රපෝසල් වලින් බේරෙන්න........."" "" එයාලගේ ස්ටඩි හව...
334K 7.6K 17
Rachael Potter is James Potter younger by 10 minutes twin sister. She hates sirius black. Yes I bet that sounds familiar to every other story. But th...
1.3M 116K 42
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...