සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

89.7K 6.7K 211

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

20

1K 79 0
By Rithu_Sakura

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️20 කොටස💜️

දවසේ වැඩ ටික ඉවර කරලා චාන්‍යා කාමරේට එද්දි රෑ එකොළහත් පහු වෙලා.නාගෙන තෙත කොණ්ඩේ පිහන ගමන් චාන්‍යා කණ්ණාඩිය ඉස්සරහට වෙලා හීන් හඬින් සිංදුවක් මිමිණුවේ කේශව දිහත් හොරෙන් බලන ගමන්.දුරකථනයට රවාගෙන ඔලුව පිටිපස්සෙන් අතකුත් තියාගෙන ඇඳ විට්ටමට බර වෙලා ඉන්න කේශව දිහා චාන්‍යා බැලුවේ උවමනාවෙන්.සැරින් සැරේ චාන්‍යා දිහා නතර වෙන ඇස් දිහා ඇය ටික වෙලාවක ඉඳන් නෝට් කරන් උන්නේ.ඒ බැල්මේ තියෙන්නේ සිහින් තරවටුවක්.ඔහුගේ මූණ දකිද්දි චාන්‍යාට පොඩි හිනාවක් ගියා.

'එහෙනම් මගෙ මහත්තයා ඉන්නේ කේන්තියෙන් නේද??දැන්නේ මං දැක්කේ මට රවනවා කියලා...උම්මා එකක් දීලා යාලු කරගන්නවද නැත්තම් ගණන් නොගෙනම නිදාගන්නවද???'

කට කොණකට හිනාවක් එද්දී චාන්‍යා හිතුවේ ඩ්‍රයර් එකෙන් කොණ්ඩෙ වේලන ගමන්.තුවායෙන් පිහුවට වේලගන්න බෑ.තෙත කොණ්ඩය පිටින් නිදාගන්න ගියොත් විසුමක් වෙන්නෙත් නෑ.විනාඩි දහයක් වගේ යනකන් චාන්‍යා කොණ්ඩෙ වේලද්දි කේශවගේ ඉවසීමේ සීමාව පනින්න ඔන්න මෙන්න.

"තමුසෙ මහ රෑ නාලා පණ දාගෙන කොණ්ඩෙ වේලන්නේ මට බයේ නම් පාඩුවෙ ඉන්නවා චාන්‍යා...තමුසෙට බනින්න මට උවමනාවක් නෑ.රෙද්ද..."

ෆෝන් එකත් පැත්තකට දාලා කේශව මුණින් තලා පෙරලිලා කොට්ටෙට මූණ ඔබාගත්තේ චාන්‍යා එක්ක කේන්තියෙන්.තුශාරිත් ඉන්නැද්දි පස්සෙන් පන්න පන්න ගෙදර වැඩ කරද්දි කේශවට දැනුනේ තරහක්.ඒ මදිවට ඇගෙන් සිපුමක් හිත බලාපොරොත්තු වෙද්දි රෑ එකොළහත් පහු වෙනකන් චාන්‍යා කාමරේට නේද්දී ඒ තරහව දෙගුණ උනා.දෙතොල් තද කරගෙන චාන්‍යා ඩ්‍රයර් එක පැත්තකින් දාලා වෙනදා පුරුද්දට ක්‍රීම් ඇඟේ තවර ගත්තේ දැනුණු සුවඳට චාන්‍යා කරන දේ කේශවට තේරෙද්දී.

'මේකි තරහ අවුස්සන්නමනේ හදන්නේ.ඒ මදිවට ක්‍රීම් උලනවා...එනවකෝ බලන්න අද...පස්සෙන් ගෙන්න ගත්තෙ නැත්තම් මං කේශව නෙමේ'

ක්‍රීම් වල ප්‍රසන්න සුවඳ විඳගෙනම කේශව නොරිස්සුමෙන් හිතුවේ මුනින් තලා පෙරලීගෙන ඉද්දිමයි.චාන්‍යා ටක් ගාලා ලයිට් ඕෆ් කරලා ඇඳට ආවේ ටේබල් ලෑම්ප් එක අඩු එළියකින් දල්වන ගමන්.කේශවගෙන් සද්දයක් නෑ.මෙච්චර ඉක්මනට ඔහුට නින්ද යන්නෙ නෑ කියලා දන්න නිසාම චාන්‍යා ඔහුගේ පිට උඩින් නැමිලා ඔහුගේ මූණට එබුනා.ඇගේ වතින් දැනෙන උණුසුම විඳගෙන ගාණක් නෑ වගේ ඉන්න කේශව දැරුවේ ලොකු වෙහෙසක්.

"ඒ...නපුරා..නිදිද මෙච්චර ඉක්මනට"

දෑස් වහන් ඉන්න කේශව කිසිම ප්‍රතිචාරයක් දක්වන්නෙ නැතිව එහෙමම උන්නා.ඇහි පිය යටින් දඟලන ඇස් බෝල දකිද්දිම චාන්‍යාට තේරුනා කේශව ඉන්නේ බොරුවට නිදාගෙන කියලා.හිතාමතාම ඔහුගේ පිටට තවත් තුරුළු වෙච්ච චාන්‍යා ඒ සවනට ළං උනේ ඇගේ දෙතොල් වැදෙන නොවැදෙන ගාණට.ඉවසගෙන දරාගෙන උන්නට මොකෝ කේශවගෙ හිත කිව්වෙම ඇගේ තුරුළෙ සැතපෙන්න කියලා.ඇයව රතු වෙනතුරු සිපගන්න කියලා.ඒත් එකපාරක් හරි කේන්තිය පෙන්නුවෙ නැති උනොත් චාන්‍යා හැදෙන්නෙ නෑ කියලා දන්න නිසාම කේශව හිත දැඩි කරගෙන එහෙමම උන්නා.

"තරහද ම්ම්ම්ම්???සොරි ඉතින්"

කටහඬ හිතාමතාම සරාගී කරගෙන චාන්‍යා කිව්වේ වචනයක් ගානේ කේශවගේ කන් පෙත්ත සිපගෙන.තරහවත් පරද්දගෙන හිතට දැනෙන ආදරණීය හැඟීම් පාලනය කරගෙන කේශව ඉන්නේ පුදුම අමාරුවකින්.

"ආදරෙයිනේ මං මගෙ කේශ් බබාට..."

චාන්‍යා කවදාවත් නැති විදියට හුරතලේට කතා කරද්දී කේශවට නැඟීගෙන ආව හිනාව ආයාසයෙන් පාලනය කරගත්තා.

"ආදරෙයි"

චාන්‍යාගෙ ආදරණීය හඬ කේශවව කොහේදෝ අතරමං කරනවා වගේ.තවත් මේ විදියට ඇය සවන අද්දරින් උන්නොත් හිතේ ගතේ දෙකේම පාලනය ගිලිහෙනවා කියලා තේරුනු කේශව ගැස්සිලා වගේ ඇගේ හිසට පාරක් ගැහුවා.එකපාරටම වෙච්ච දෙයින් චාන්‍යා ඉස්සිලා කේශවගේ මූණ දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන.

"ඇ..ඇයි ඒ ගැහුවේ?"

"ආ...තමුසෙද උන්නේ?මට මේ මදුරුවෙක් කන ගාව කූං කූං ගානවා තේරුනා.ඒකයි ගැහුවේ.කන් කරච්චලේ"

කේශව එහෙම කිව්වා විතරයි චාන්‍යාගේ මූණ ඇඹුල් උනේ බලන් ඉන්නැද්දී.දුකක් හිතේ තෙරපුනත් ඒක පෙන්නන්නෙ නැතිව චාන්‍යා කේශවගෙ ඇඟට පැනලා ඔහුගෙ බඳ වටා කකුල් දෙක දාලා ඉඳගත්තේ කේශවට හිතාගන්නවත් වෙලාවක් නොඳී.

"ම්ම්ම්..මේ මොකද??"

"මටද මදුරුවා කිව්වේ ආ??දැන් මං කතා කරන එකත් කරච්චලයක්ද?හහ්...මං මදුරුවනේ...එහෙනම් ලේ බීලා තමා මං නතර වෙන්නේ..."

"අහ්..."

කේශවට ගගහා කොණ්ඩෙන් ඇද ඇද රණ්ඩු ඇල්ලුව චාන්‍යා එකපාරටම නැමිලා ඔහුගේ ගෙල පාමුලට නැමිලා හයියෙන් හැපුවේ ආව කේන්තියටමයි.

"ආව්ව්...ගෑණියේ"

කවදාවත් නැතිව දඟ කරන චාන්‍යාගේ මේ හැසිරීම කේශවට අලුත්.ඒ මොනා උනත් ඇඟටම නැමිලා ඉන්න චාන්‍යාව ගලවගන්න කේශවට ලේසි උනේ නෑ.

"මදුරුවෝ විද්දම රිදෙනවා තමා"

චාන්‍යා කියවන ගමන්ම කේශවගේ කන් පෙත්තක් දසන් අතරට ගද්දී ඇගේ හැසිරීම ඉවසන්නම බැරි තැන කේශව වෙර දාලා ඇයව ඇඳට පෙරලගත්තේ ඇයව තම ගතට යට කරන්.ඇයට දඟලන්න බැරි වෙන්න ඒ අත් දෙකම ඇඳට තියලා තද කරලා අල්ල ගත්ත කේශව චාන්‍යාගේ මුණට එබුනේ ඇගේ හදගැස්ම වැඩි වෙද්දී.කේශවගෙ ඇස් ඉස්සරහා චාන්‍යා හැමදාමත් අතරමං වෙන්නේ ඔහුගේ ආදරේ පිළිගත්ත දවසෙ වගේ.මනමාල හිනාවක් දාලා චාන්‍යාගෙ ඇස් දිහාම බලන් උන්නු කේශව ඇගේ සවනට ළං උනේ ඇය කිතියෙන් ඇකිලෙද්දි.

"මගෙ ලේ බොන්න තමුසෙ හිතුවා මදි.ඕනේ නම් මගෙ ලේ කැටියක් තමුසෙට දුන්නෑකි...ඒත් තාම වේලාසන වැඩියිනේ..ඒ නැතත් හැමදාම එපා කියන දෙයක් කරලා දැන් නැලවෙන්න හදන්න එපා.මං අහුවෙන්නෙ නෑ තමුසෙගෙ කපටි මායම් වලට..."

කේශවගේ හඬ ගොඩක් දැඩියි.ඒත් ඔහු තරවටු කෙරුව දේවල් අස්සෙන් චාන්‍යාගෙ ඔලුවට ගියේ එකම එක දෙයයි.ලේ කැටියක්.කේශව ඒ කිව්වේ දරු පැටියෙක් ගැනද?ඒ හීනේ තදින්ම හිතේ තිබ්බත් බඳින්නත් කළින්ම කේශව තීරණය කරන් උන්නේ අවුරුද්දක්වත් යනකන් නිදහසේ ඒ ආදරේ විඳගන්න.ඒත් හදිස්සියේම ඔහුගේ මුවින් පිට වෙච්ච වචනෙට චාන්‍යාගේ මූණ රතු උනා.

"අනේ ඉතින්..සොරි..එහෙම නිකන් ඉන්න හිතෙන්නේ නෑ..තුශාරි අක්කත් පව්නේ..තනියම ඔක්කොම..."

"ඔක්කොම තනියම තමා මෙච්චර කාලෙකට තුශාරි කළේ.ඒකට තමා පඩි ගෙවන්නේ.තමුසෙ අදින් පස්සේ මහ රෑ වෙනකන් කුස්සි අම්මා වගේ එතනට රිංඟගෙන උන්නොත් තුශාරිව රස්සාවෙන් අස් කරලා මං තමුසෙව කුස්සියට දානවා.මං කිව්වොත් කිව්වා...ඒ ගෑණිට රස්සාව නැති උනොත් තමුසෙ තමා පලි"

කේශව කියවගෙන කියවගෙන ගියේ චාන්‍යාට කිසිම දෙයක් ආපිට කියන්න ඉඩ නොතියා.ඉතින් ආයෙ නම් කේශව ඉන්න වෙලාවට ඕනවට වඩා ගෙදර දොරේ වැඩ කරලා අහු උනොත් ඉවරයි.

"හ්ම්ම්..සොරි.ආයේ එහෙම කරන්නෙ නෑ"

මූණත් දෙක කරන් චාන්‍යා කියද්දී කේශව අත්පුඩි ගැහුවේ හිතින්.ඇය ගෙදර දොරේ වැඩ කරගෙන ඉන්නවා දකින්න කේශවගෙ හිතේ අකැමැත්තක් නෑ.නොදන්න දේවල් ඉගෙනගෙන ගෙදර පොඩි ලේලි හැටියට වගකීම් ගන්න ඇය ආසයි.ඒත් කේශවට පේන්නම බැරි දේ ඔහු ඉද්දි චාන්‍යා ඔහුවත් ගණන් නොගෙන වැඩ කරන එක.ඔහුට ඕනේ ඇයව ළඟින් තියාගන්න.නිදන්න යනකොට ඇයව තුරුල් කරගන්න.ඒකයි කේශවට එක විනාඩියක්වත් බලාගෙන ඉන්න බැරි.

"ඉතින්..සමාව දුන්නා නේද?"

කට කොනකින් හිනාවක් නැඟුනු කේශව ඇගෙන් මිදිලා අහකට යන්න හදද්දිම කලබල උනු චාන්‍යා පැනලා වගේ වගේ කේශවගේ බෙල්ලෙ එල්ලුනා.

"අනේ..ඕක ඔච්චරටම තරහ ගන්න දෙයක්ද?"

"ඔව්"

ගහගන්න වගේ කේශව කියද්දි චාන්‍යාටත් කේන්තියේ බෑ.තරහ වෙන හැටි ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න ඕනේ කේශවගෙන්.හොස්ස ළඟින් මැස්සා යන්න බෑ.ඒත් කේශවගේ තරහව එක තප්පරේකටවත් ගණන් ගන්නෙ නැතිව චාන්‍යා ඔහුගෙ ගෙල වටා තිබ්බ ග්‍රහණය බුරුල් නොකරම ඉස්සිලා වගේ කේශවගේ තොල් අල්ලගත්තේ ඇගේ දෙතොලින්.මුවින් නොකිව්වට මොකෝ මේ පහස ලබාගන්න කේශව බලන් උන්නේ ගොඩක් වෙලාවක ඉඳන්.

ඇගේ දඟකාර හැසිරීම ඔහුගේ හිත අවුස්සන්න වැඩි වෙලාවක් ගත්තේ නෑ.පෙරළා ඇයව සිපගත්ත කේශව ඇයට හුස්මක්වත් ගන්න නොදී ඒ දෙතොල් මත දඟ කරද්දී චාන්‍යා ඔහුගේ හිසකෙස් අතර ඇඟිලි යැව්වේ නොසන්සුන්ව.ඒ හා සමානව නොසන්සුන් උනු කේශවගේ දෙතොල් වල ස්පර්ශයන් ඇගේ මූණ,ගෙල හා ලමැදේ සීරුවට තැන්පත් වෙද්දී චාන්‍යා ඒ පහස විඳ ගත්තේ දෑස් පියාගෙන.හැබැයි ඒ ටික වෙලාවකට විතරයි.එකපාරටම ඇගේ වතින් ඈත් උනු කේශව දිහා චාන්‍යා බලන් උන්නේ ඇස් දෙකත් ලොකු කරන්.ඒ මුවේ තිබ්බේ හීනියට ඇඳිච්ච ඔච්චම් හිනාවක්.

"කේශව අයියේ ඇ..ඇයි එහෙ..ම"

"බලන් ඉන්නවා.තමුසෙ එනකන් මගේ හිතෙත් හැම වෙලාවකම තියෙන්නේ නොසන්සුන්කම විතරයි.වෙනසකටත් එක්ක තමුසෙ ඒක විඳලා බලනවකෝ"

"අනේ..."

කේශව එහෙම කියද්දි හිතම වෙලුනේ දුකකින්.ඔහුගේ පහසින් මත් උනා විතරයි.ඔහුගේ අණසකට යටත් වෙන්න හිත පෙරුම් පිරුවා විතරයි.එහෙම තිබ්බ හිත එකපාරටම හෙල්ලිලා ගියේ කේශවගේ වචන වලට.ගෙදර වැඩ වලට උදව් කරලා ඇය කළේ ඒ තරමටම ලොකු වැරැද්දක්ද?නෑ.මේ නපුරා ඔය පළිගන්නේ බලන් ඉන්න සිද්ද කළාට.චාන්‍යාගේ බැල්ම ඉස්සරහා හිත දිය කරගන්න ඕනෙ නැති නිසාම කේශව ඇයට පිටුපාලා අනිත් ඇළයට හැරෙද්දී චාන්‍යා ටික වෙලාවක් බලන් උන්නේ ඔහු දිහා.ඇගේ හිතට දුකයි.ඒත් අද තරහ ගිහින් උන්නු විදියට නම් ආයෙ මොනවා කළත් යාලු කරගන්න වෙන්නෙ නැති නිසා චාන්‍යා දුකෙන් උනත් පොරවනයට ගුලි උනා.

'බලමුකෝ මහත්තයෝ.මට පාඩමක් උගන්නන්න ගිහින් මට්ටු වෙන්නෙ කවුද කියලා...ඔයාට තමා මගෙ පස්සෙන් එන්න වෙන්නේ...'

හිතට ආව තරහටයි දුකටයි චාන්‍යා හිතා ගත්තා කේශව ඇයට කරන්න හැදුව දේ ආපිටට ඔහුටම කරන්න.හරි කපටි හිනාවක් මුහුණේ ඇදෙද්දී චාන්‍යා ඇස් දෙක පියාගත්තේ ක්ශණයෙන් ඒ දුක නැති වෙලා යද්දී.

.....💜....... R I T H U S A K U R A .......💜️......

"පුතා..නැඟිටින්නකෝ"

කොට්ටෙ බදාගෙන හොඳට නිදාගෙන උන්නු සාරංග ඇස් දෙක අරින්නෙ නැතිවම උන්නේ කම්මැලිකමේ.

"කිව්වම නැඟිටින්නකෝ..ස්ටූඩියෝ එකට යන්නෙ නැද්ද?"

මිහිරානි ආයෙ පාරක් සාරංගට තට්ටු කරද්දි සාරංග චුක් ගාගෙනම හැරුනා.මිහිරානි දිහා ඔහු බැලුවේ ඇස් දෙකත් බාගෙට ඇරන්.

"තව වෙලා තියෙනවා අනේ..වේලාසන ගියේ නෑ කියලා ඇයි මට රතු ඉර වදිනවද?"

නොරිස්සුමෙන් මුමුණපු සාරංග ආයෙත් ඇස් පියාගද්දි මිහිරානිට ආවේ පොඩි කේන්තියක්.වෙනදට ස්ටූඩියෝ එකට යන්න කියලා සාරංගව කූද්දන පුරුද්දක් මිහිරානිට තිබ්බෙ නෑ.ඒ වෙනස සාරංගට තේරුන් නැත්තේ ඔහු තාමත් ඉන්නේ නිදිමතෙන් නිසා.ඒත් අද මිහිරානි කවදාවත් නැතිව සාරංගව වේලාසන අවදි කරවන්න හැදුවේ හේතුවක් ඇතිව.

"නැඟිටිනවකෝ ළමයෝ"

"මොන වදයක්ද අම්මේ???"

ඒ පාර මිහිරානි ඉණට අත් දෙක තියන් බලන් උන්නේ පොඩි එකෙක් වගේ ඇඳට තව තවත් ගුලි වෙන සාරංගගේ හැසිරීම දිහා.නැඟිට්ටවන්න දැන් තියෙන්නේ එකම එක ක්‍රමයයි.

"තව පැය භාගෙකින් ලෑස්ති වෙලා එන්න.අද ශාදි දුව එනවා කිව්වා ඔයා එක්ක යන්න"

කිව්වත් වගේම වහන් උන්නු ඇස් දෙක ඇරලා සාරංග මිහිරානි දිහා බැලුවේ ගැස්සිලා වගේ.

"ම්..මොකක්?"

මිහිරානිට කට කොනකට හිනාවක් නැඟුනේ නැඟිට්ටවගන්න දැම්ම ක්‍රමේ හරි ගිය නිසා.

"අද ශාදි දුව එනවා කිව්වා.එයා දැන් මඟ එනවා ඇති.නැඟිටින්නකෝ"

ඇහැරවගත්තා වගේ නෙමේ දැන් කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ කියලා දන්න නිසාම මිහිරානි ඒ බැනුම් අහගන්නත් ලෑස්ති පිටමයි උන්නේ.

"මේ මොන කරුමෙ ශාදියෙක්ද අම්මේ?අම්මට පිස්සුද ඇත්තටම ආ?මං මොකටද එයාව එක්කන් ස්ටූඩියෝ එකට යන්නේ?අනේ මේ...කෝළං නොකර එයාට එන්න එපා කියන්න..පුදුම වදයක් උනා මේක"

සාරංග කියවගෙන කියවගෙන ගියේ කේන්තියෙන්.නැඟිට්ට ගමන්ම අහන්න වෙච්ච කතාවට සාරංගට හිතුනේ දවසම මුස්පේන්තු උනා කියලා.ඒත් මිහිරානි තරහ ගන්න ගියෙ නෑ.ඒ වෙනුවට මූණත් හදාගෙන සාරංගගේ ඇඳේ කොණකින් වාඩි උනා.

"ඒ ළමයා ආසයි කිව්ව නිසා මගෙන් ඇහුවේ.මං බෑ කියන්නෙ කොහොමද පුතේ?අනික ආවා කියලා ඔයාට වදයක් වෙන්නෙ නෑ.අහිංසා දුවගේ සැලෝන් එකට ගිහින් චුට්ටක් බලන්නත් ඕනෙ කිව්වා"

"ඒ මොකටද??"

සාරංගගේ හදවත ගැහෙන වේගය වැඩි උනේ එකපාරටම.ඒ ප්‍රශ්ණෙත් ඔහුගේ මුවින් පිට උනේ ටිකක් කලබලෙන්.

"මොකටද කියන්නෙ ළමයෝ පොඩ්ඩක් අහිංසාගෙ වැඩ කොහොමද බලන්න ඕනලු.තාම ඉතින් සැලෝන් එක දැම්මා විතරනේ"

"අහිංසාගේ වැඩ වල කොලිටිය බලන්න ශාදි එන්න ඕනේ නෑ.අච්චර වියදම් කරලා ඒ කෙල්ල සැලෝන් එකක් දැම්මේ වැඩ බැරිව නෙමේනේ"

වක්‍රවවත් අහිංසාට මොනාවත් කියනවා අහන්න හිත අකැමති නිසාම සාරංග ඒක කිව්වේ ටිකක් සැරෙන්.

"එහෙම හිතලා කිව්ව දෙයක් නෙමේ ළමයෝ.හැම කෙල්ලටම හැම සැලෝන් එකම හරි යන්නෙ නෑනේ.සමහර අයට හොඳ තැන් තවත් කට්ටියකට හොඳ නෑ.අනික ෆොටෝ ශූට් එකක් කරන්නත් ශාදි දුව ආසයිනේ...ඔන්න ඔහේ චුට්ටක් ගිහින් බලන්නකෝ පුතේ..පව්..ඒ දරුවගෙත් ආසාවනේ"

ගාණට බටර් පාර ගෑව මිහිරානි ඉක්මනට නැඟිට්ටේ සාරංග ආයෙත් පරල වෙන්න කළින්.ඔහු මේ දේට අකැමැතියි කියලා හිත කොච්චර දන්නවා උනත් මිහිරානිට ඕන උනේම ශාදිව ඔහුට ළං කරවන්න.කේන්තියෙන් ඇය යන දිහා බලන් ඉන්න සාරංගට කේන්තිය වැඩිකමට වචන පිට වෙන්නෙත් නෑ.ඒත් එකපාරටම දෙයක් මතක් වෙලා වගේ මිහිරානි ආයෙම සාරංග දිහාට හැරුනා.

"ශාදි කවුද කියලා මුතුවා ඇහුවොත් දැන්මම කියන්න යන්න එපා.මං හෙට පුංචලාගෙ දිහා යනවා.එතකන් ඉවසගෙන ඉන්න"

මිහිරානි ඉක්මනට කියලා ටක් ගාලා එළියට ගියේ සාරංගගේ ඇස් වල තියෙන කේන්තිය දැකලා.

"ඔව්..ඔව්..රට වටේම ඕක කිය කිය යන්න මට හෙනම ගායනේ..ශිට්...මේ අම්මත් නම්...කවදා මේ කරුමෙන් ගැලවෙන්න වෙයිද මන්දා"

තරහින් මුමුණපු සාරංග ඇඳේ තිබ්බ කොට්ටයක් උස්සලා පොළවේ ගැහුවේ කේන්තිය පිට කරගන්න බැරිව.

.....💜....... R I T H U S A K U R A .......💜️......

"මුතුවෝ..අද බස් එකේ එනවද??මං චුට්ටක් ලේට් වෙයි එද්දි"

ශාදිව කාර් එකේ එක්කන් යනවා මුතූ දකී කියන බයටම සාරංග මුතූට මැසේජ් එකක් යැව්වේ කෝල් කරලා කියන්න ගියොත් ප්‍රශ්ණ අහලම වද දෙන නිසා.ෆෝන් එක පැත්තකට දාලා ලෑස්ති වෙන්න හදනකොටම මුතූගෙන් කෝල් එකක් ආවේ හැරෙන තැපෑලෙන්.

"හෙලෝ මුතූ...ඔයා....."

"ඕක නැඟිට්ට ගමන්ම කියන්න තිබ්බෙ නැද්ද මෝඩයෝ?මං මේ ඔයා මඟ එනවා ඇති කියලා හිතලා ඇඳගෙන බලන් ඉන්නවා.අපරාදෙ මගෙ වෙලාව..පව් අහිංසා අක්කී.බලන් ඇති එනකන්.අනිත් දවසේ කියන්න තියෙන දෙයක් වේලාසනක කියනවා..බායි..සමයම"

මුතූ බැනගෙන බැනගෙන ගිහින් කෝල් එක කට් කළේ සාරංග තක්බීරි වෙලා වගේ බලන් ඉද්දී.

'යකෝ මේකි..අහිංසා එක්කම ඉඳලද කොහෙද නයි කොච්චි වගේ වෙලා..'

සාරංග හිතින් මිමිණුවේ අහිංසකකමට නිහඬව උන්නට මුතූගෙ සැබෑම ස්වරූපය මේක නේද කියලා මතක් වෙලා.ඒ දඟ ගති සමහර වෙලාවට උඩට ආවත් විරහ වේදනාව සැරෙන් සැරේ මුතූගෙ හිතට වද දෙනවා.එතකොට වෙන්නේ අර දඟ කෙල්ල මතු වෙන්න කළින්ම නැති වෙලා යන එක.

සාරංග ලෑස්ති වෙලා සාලෙට යන අතරේ මිහිරානිගෙ අතේ වෙලිලා වගේ කතා කරන කෙනාව දැකලා ගැස්සුනා.හිත කිව්වෙම බොරුවක් කියලා මඟ ඇරපන් කියලා.ඒත් ඊට කළින් ශාදී සාරංගව දැකලා දුවගෙන වගේ ආවේ ඔහු ළඟට.

"නිකේත් අයියේ...ගුඩ් මෝනින්"

තමන් ළඟට එන ශාදි දිහා සාරංග බලන් උන්නේ විපරම් දෑසින්.එදා සාරියට දැක්ක සංවරකම අද ඇය ළඟ නෑ.ටයිට් ඩෙනිමට ඇඳගෙන උන්නු ක්‍රොප් ටොප් එකේ කියන්න තරම් අසංවරකමකුත් නෑ.ඒත් සාරියෙන් උන්නු චරිතය දැන් ඩෙනිමට සම්පූර්ණයෙන්ම වෙනස්.

"ඔයා හා කිව්ව නිසාම මං ආවා ඔන්න..අම්මෝ...මං හිතුවේ බෑ කියයි කියලා"

ආව ගමන් ශාදි කියාගෙන ගිය කතාවට සාරංග උන්නේ හොල්මන් වෙලා.ඒ එක්කම ඔහු මිහිරානි දිහා බලද්දි මිහිරානි කලබලෙන් ඔහුගෙන් ඇස් හැංඟුවා.

"මං කොයි වෙලාවෙ මොනාටද හා කිව්වේ??"

සාරංග ඇහුවේ ශාදිගෙන් උනත් බැලුනේ මිහිරානි දිහාවේ.

"ඇයි අනේ මං...."

"හා..හා..දැන් ඕවා වැඩක් නෑ.ආව එකේ කෑම කාලා ඉමුකෝ.මේ ළමයා උදේටවත් නොකා මෙහෙට ඇවිල්ලා තියෙන්නේ.අත සෝදගෙන එන්නකෝ පුතේ..."

ශාදි කියන්න ගිය එක වැළක්කුව මිහිරානි ඇයව කුස්සිය දිහාට පිටත් කරද්දි සාරංග ළං උනේ මිහිරානි ගාවට.

"අම්මා කිව්වද මං එයාගෙ වැඩේට හා කිව්වා කියලා??"

හිමින් නමුත් සැරෙන් සාරංග ඇහුවේ මිහිරානි දිහාම බලාගෙන.

"මට කියන්න පූලුවන්ද ඔයා ගත් කටටම අකැමති උනා කියලා?ඒ ළමයගෙ හිත රිද්දන්න බැරිකමට මං කිව්වා ඔයා හා කිව්වා කියලා"

සාරංගගේ අත මිට මෙලවුනේ ඉබේමයි.

"අම්මට මං සැරයකුත් කිව්වා මගෙන් නාහා...."

"නිකන් කේන්ති ගන්නෙ නැතිව ඉන්න ළමයා.ඒ කෙල්ලගෙ හීනෙනේ...ආසාවෙන් කරන්න ඉන්න වැඩේනේ"

"මං ඉන්නෙ එක එක්කෙනාගේ හීන ඉශ්ඨ කරන්න නෙමේ"

ගත් කටටම සාරංග කිව්වේ ශාදි ගැන හිතේ උපන් කේන්තියෙන්.ඒත් ඒ කතාවට මිහිරානි ඔහු දිහා බැලුවේ රවලා.

"එතකොට අර අහිංසා දුවගේ හීන ඉශ්ඨ කරන්න පිස්සෙක් වගේ එහා මෙහා රෑ දවල් නොබලා දිව්වේ මොකටද?කේශවට ඒවා බලාගන්න දීලා පාඩුවේ ඉන්න තිබ්බනේ"

මිහිරානි කිව්ව කතාවට සාරංගගේ කට ඉබේම ලොක් උනා.ඒකට කියන්න හේතුවක් සාරංගට තිබ්බෙ නෑ.කලබලයෙන් ඇස් එහාට මෙහාට ගෙනිච්ච සාරංග ශාදි එනවා දැකලා ඉක්මනට මිහිරානි ළඟට තවත් කිට්ටු උනා.

"අහිංසාගෙ තැන ගන්න ශාදිට බෑ.මගෙ අකැමැත්තෙන් මේ දේවල් කරලා අම්මා ඔය ගන්න හදන්නේ ආත්මාර්තකාමී සතුටක්.ඒක මතක තියාගන්නකෝ"

මිහිරානි ගල් ගැහිලා වගේ ඉද්දි සාරංග කෑමටවත් වාඩි නොවී එළියට ගියේ කේන්තිය පාලනය කරගන්න බැරිව.ශාදිත් ඇයට ළං උනේ සාරංග එළියට යන දිහාම බලාගෙන ඉඳලා.

"නිකේත් අයියා කන්නෙ නැද්ද?"

"ම්ම්..මේ..මේ..පුතාට උදේ කෑමට වැඩිය පන්නන්නෙ නෑ.අද බඩගිනි නෑලු.දුව කන්නකෝ ටක් ගාලා"

ශාදිට දැනුනේ දුකක්.ඒ මූණ ඇයව දැකලා කිසිම සතුටකින් පිරුණේ නෑ.ඒක ඇයට තේරිලයි තිබුනේ.

"අයියා අකැමතිද මං ආවට?"

ඇය ඇහුවේ දුකෙන්.බොරු හිනාවක් ගත්ත මිහිරානි ඇයව බලෙන්ම වාඩි කෙරෙව්වා.

"පිස්සුද දරුවෝ?ඔය අපේ කොල්ලගෙ හැටි.කෑම කන්න බෑ කිව්වොත් බෑම තමා.දුව කන්නකෝ ඉක්මනට.අයියා බලන් ඇති එනකන්"

මිහිරානි ඇගේ හිත සනසලා කෑමත් බෙදලා දීලා වතුර එකක් ගේන්න යන්න හැරෙනකොටම රෝද පුටුවත් තල්ලු කරන් එළියට ආවේ මාලක.ඔහු හැමදේම තේරිලා වගේ මිහිරානිට රවද්දී ඇය ඔහුගෙන් බැල්ම හංඟගෙන කුස්සියට ගියේ සාරංගගේ හිතුවක්කාරකමට හිතින් බනින ගමන්.

.....💜....... R I T H U S A K U R A .......💜️......

සාරංග ස්ටූඩියෝ එකට ගියේ ශාදිව එක්කගෙන.යනකන්ම ඇගේ නිමක් නැති කියවිල්ල සාරංගට දැනුනේ කරච්චලයක් ගාණට.කාර් එක නැවැත්තුවා විතරයි සාරංගටත් කළින් ශාදි බැස්සා.සාරංගත් බැස්සේ හොරෙන් හොරෙන් අහිංසාගෙ සැලෝන් එක දිහා බලන ගමන්.

"මේකද අයියේ ස්ටූඩියෝ එක?හරිම චූටියිනේ"

"මේකෙ ඇතුලෙ ක්‍රිකට් ගහන්නෙ නෑ.මෙහෙම හරි තැනක් හදාගත්තේ කස්ටමර්ස්ලාට කන්ටැක්ට් කරගන්න ලේසි වෙන්න"

නොරිස්සුමෙන් කියල දැම්ම සාරංග ස්ටූඩියෝ එක ඇතුළට ගියේ සපත්තු දෙකත් ගලවලා.ශාදිත් ඔහු කරන දේම බලලා සෙරෙප්පු දෙක ගලවලා ඇතුළට ආවේ ස්ටූඩියෝ එකේ වටේටම කැමරාව දාන ගමන්.එළියට පොඩියට පෙනුනට හිතන තරම් පොඩි නෑ.ඇතුළෙ වෙනම කොටසක් තියෙනවා ඉන්ඩෝ ෆොටෝස් වලට.

"ඔයා විතරද ඉන්නේ?ගෝලයෙක්වත් පේන්න නෑනේ"

"එයි තව ටිකෙන්"

සාරංග උත්තර දෙන්නේ හරහටමයි.ශාදිටත් ඒක තේරුනා.එන්න කළින් මිහිරානි කිව්වේ සාරංග වෙලාවකට ආඩම්බර පාට් දාන නිසා බටර් පාර දාලා කතා කරන්න කියලා.ශාදිට හිතුනා ඒ කතාව නම් හරි කියලා.අද නම් සාරංග කතා කරන්නේ පුදුම ලොකුකමකින්.

"ඔයා සැලෝන් එකට යන්න.හැබැයි එක දෙයක්.එතන ඉන්නේ මගෙ පුංචගෙ දුව.එතකොට සැලෝන් එක එදා ආව මගෙ යාලුවගෙ නංගිගේ.එයාලා තාමත් ඔයා ගැන දන්නෙ නෑ.එයාලට මුකුත් දැන්ම...."

"ආන්ටි කිව්වා අයියේ.තාම පුංචිලට කිව්වෙ නෑලු නේද?මං නොකියා ඉන්නම්කෝ දැනට.හැබැයි ඉක්මනටම මං අපේ රිලේශන්ශිප් එක අනව්න්ස් කරනවා හොඳද?"

චාටු හිනාවක් දාගෙන ඇස් දෙකත් චූටි කරන් ශාදි සාරංගට බාධා කරලා කියද්දි ඔහුට අහක බලාගෙන ඔච්චම් හිනාවක් ගියා.

"රිලෙශන්ශිප්????රෙද්ද තමා"

ඇයට ඇහෙන්නෙ නැති වෙන්න සාරංග තමාටම මුමුණ ගත්තා.දැන් ඉතින් එක්කන් ආව එකේ සැලෝන් එකට යන්නම වෙනවා කියලා දැනගත්ත සාරංග අකැමැත්තෙන් උනත් ශාදිව උඩ තට්ටුවට එක්කන් ගියා.ඔවුන් දෙන්නා එතනට යනකොට අහිංසායි මුතූයි උන්නේ පොඩි මේකප් ට්‍රයල් එකක් කරන ගමන්.

"දෙන්නා වෙන කාටවත් මේකප් කරන්න කලින් මේකප් බඩු ටික ඉවර කරගනියි වගේ"

කිසිම වෙනසක් පෙන්නන්නෙ නැතිව සාරංග එහෙම කියාගෙන සැලෝන් එකට ආවා.මේකප් දදා උන්නු අහිංසායි ඉඳගෙන උන්නු මුතුයි ඒ හඬට හැරිලා බලද්දි සාරංග උන්නේ දොරකඩමයි.මුතූ ඔහුව ගණන් නොගෙන ඉද්දී අහිංසා නම් සාරංග දිහා බලලා හිනා උනේ ලස්සනට.ඇගේ හිනාව දැක්ක සාරංගටත් උන්නු හිටි තැන් අමතක උනා.එකපාරටම නිකන් මුස්පේන්තු වෙලා තිබ්බ හිත එළිය උනා වගේ හැඟීමක් ඒක.සාරංගව දකින්න හිතේ පොඩි ආසාවක් තිබ්බ නිසා අහිංසාගෙ ඇස් තිබ්බෙ සාරංග දිහාවෙමයි.ඒත් මුතූ දැක්කේ ඔහුට පිටිපස්සෙන් ඉන්න ශාදිව.

"කවුද ඇවිල්ලා"

මුතූට ටිකක් හයියෙන් ඒක කියවුනා.එතකොට තමා අහිංසාත් ඇයව දැක්කේ.සාරංගට දැන් තමා අමාරුම වැඩේ තියෙන්නේ.ඒත් කිසිම අමුත්තක් පෙන්නන්නෙ නැතිව සාරංග ශාදිව හොඳටම පේන විදියට මෑත් උනා.

"ආ..මට අමතක උනානේ.මේ මං අඳුනන නංගි කෙනෙක්.අපේ අම්මගෙ යාලුවෙක්ගෙ දුවෙක්.හොඳ සැලෝන් එකක් අම්මගෙන් අහලා අම්මා මේක ගැන කියලා.ඉතින් මං එක්කන් ආවා"

සාරංගට ඒ වෙලාවෙ නම් වෙනදට වඩා චකිතයක් දැනුණා.වෙනදා කතා කරන විදියට නෙමේ කතා කෙරෙන්නෙත්.ශාදිට නම් ඇයව අඳුන්නලා දුන්නු විදිය ගැන ගාණක් තිබ්බෙ නෑ.මොකද දැන්ම ඇත්ත කියන්නෙ නෑ කිව්ව නිසා.ඒත් ඇය බලන් උන්නේ අහිංසා දිහාවේ.සාරංගව දැක්ක වෙලාවෙ ඇගේ මූණෙ ඇදුනු හිනාව ඇය හොඳටම දැක්කා.තමන්ටත් වඩා හරිම ස්වභාවික ලස්සනක් තියෙන අහිංසා ගැන ශාදිගෙ හිතට එකපාරටම දැනුනේ ඊරිසියාවක්.ඒත් ඒ කිසිම දෙයක් නොදන්න අහිංසා ශාදි ගාවට කිට්ටු උනේ හිනා වෙලා.

"අනේ එන්න පැට්ටෝ ඇතුළට.මෙතනින් වාඩි වෙලා ඉන්නකෝ"

අහිංසා ශාදි එක්ක ලස්සනට හිනා වෙලා සාරංග දිහාට හැරුනේ සැලෝන් එක රෙකමන්ඩ් කලාට මිහිරානිට ස්තූති කළා කියලා කියන්න.

"ආන්ටිට තැන්ක්‍යූ කිව්වා කියනවා හොඳද?මං උම්මා එකකුත් දුන්නා කියන්න"

"තැන්ක්‍යූ එක නම් කිව්වෑකි.ඒත් තමුසෙගෙ උම්මා එක කොහොමද ඕයි යවන්නේ?"

සාරංග ඇහුවේ පුරුදු දඟකාරකමින්මයි.ඉඳගෙන උන්නත් ශාදි බලන් උන්නේ අහිංසා එක්ක ලස්සනට හිනා වෙලා කතා කරන සාරංග දිහා.මෙච්චර වෙලා ඇය එක්ක ඉද්දි නැති සැහැල්ලුවක් අහිංසා ඉස්සරහා සාරංගගේ මූණෙ මැවුනේ.ඒක ශාදිට හොඳටම දැනුනා.

"ඒකත් ඇත්ත නේද?ඒකට ක්‍රමයක් නෑනේ අප්පා"

"එක ක්‍රමයක් නම් තියෙනවා..."

සාරංග කිව්වේ පැනලා වගේ.

"ඒ මොකක්ද?"

"ඒක මේ...න්..නෑ..එක්කෝ ඕනෙ නෑ"

සාරංග කිව්වේ හිනාවක් මූණෙ මැවෙද්දී.ඔහුට ශාදි ඉන්නවා කියලවත් ගාණක් තිබ්බෙ නෑ.අහිංසාට ඒක නොතේරුනාට මුතූට නම් ඒ කතාව තේරුනා.තවත් මෙතන හිටියොත් මොන මොනා කටින් පිට වෙයිද කියලා බයකුත් දැනුනු සාරංග යන්න හැරුනා.

"මං පහළ ඉන්නවා.වැඩේ ඉවර වෙලා කියන්න"

ඔහු ඒක කිව්වේ ශාදිට.ඒත් ඔහු දැක්කා මුතූ ඇස් දෙකත් හීනි කරගෙන ඔහු දිහාම බලන් ඉන්න විදිය.මුතූ හිටියෙ සැකෙන්.සාරංග ඉක්මනට ඇස් බිමට නමාගෙන එළියට ගියේ මුතූගෙ ඉව ගැන බයකින්.ශාදි එක්ක කතා කර කරම ඇගේ ඇහි බැම සකසලා කොණ්ඩෙත් ටිකක් ට්‍රිම් කරලා අහිංසා ඇයව තවත් ලස්සන කළා.ශාදිටත් තේරුනා ආධුනිකයෙක් උනාට අහිංසාගෙ වැඩ හොඳයි කියලා.

"ඔයා නේල් ආට්ස් කරනවද?"

ශාදි ඇහුවේ ඇතුළෙ ගහලා තිබ්බ ෆොටෝස් වගයක් දිහා බලාගෙන.

"ම්ම්..වැඩේට තාම අලුත්.ඒත් කරන්න පුලුවන්.ඔයාට මං ෆ්‍රී කරලා දෙන්නම්කෝ"

කිසිම කහටක් නැතිව අහිංසා කිව්වේ හරිම නිහතමානීව.ශාදි ඒකට හිනාවෙලා අහිංසා ළඟ තිබ්බ නේල් ආට්ස් ඩිසයින් තියෙන ඇල්බම් එකක් දිග ඇරගත්තා.ඒත් මුතූ තාමත් වචනයක්වත් නොකියා බලන් උන්නේ හරියට ඇගේ හොර අල්ලන්න වගේ.ඒ බැල්ම ශාදි දැක්කේ ගොඩ වෙලාවක ඉඳන්.

"ඔයා නිකේත් අයියගෙ පුංචිගෙ දුව මුතූ නේද?"

ශාදි ඇහුවේ මුතූගෙ බැල්ම ඉවසගන්න බැරි තැන.ඒත් ඇය නිකේත් අයියා කියලා කියද්දි මුතූ විතරක් නෙමේ අහිංසාත් ඇය දිහා බැලුවේ ටිකක් පුදුමෙන්.

"ම්ම්..ඔව්..ඔයා මාව දන්නවද?"

"ඔව් අනේ.මට නිකේත් අයියා ඔයා ගැන කියලා තියෙනවා"

ඒ දේවල් ගැන කියන්න තරම් ශාදි එක්ක සාරංගට තියෙන සම්බන්ධෙ මුතූට තේරුනේ නෑ.සාරංග ඇයව අඳුන්නලා දුන්නු හැටියට එහෙම ලොකු බැඳීමක් ඇයට දැනුනෙත් නෑ.අහිංසාගෙ මූණ දිහාත් බලලා මුතූ ආයෙමත් ශාදි දිහාට හැරුනා.

"ඔයාගෙ නම අහන්නත් බැරි උනානේ අක්කියෝ"

මුතූ කිව්වේ බටර් පාරක් ගාලා.

"අනේ ඔව්නේ.මං ශාදි"

ශාදි..ඒ නම මුතූටයි අහිංසාටයි මතක් උනේ එකපාරටමයි.එතකොට එදා කෝල් එකෙන් නිකේත් අයියේ කියලා කතා කරපු කෙනාද මේ?අහිංසා ශාදිගෙ මූණ දිහා බැලුවේ කළින්ටත් වඩා උවමනාවෙන්.එදා ස්පීකර් දාපු ෆෝන් එක උදුරගෙන ඔහු එළියට ගිහින් හොරෙන් කතා කළේ ශාදි එක්ක.එතකොට ඒ දෙන්නා අතරෙ තියෙන සම්බන්ධෙ මොකක්ද?අහිංසාගෙ හදගැස්ම වැඩි උනේ බලන් ඉන්නැද්දි.මුතූටත් දැන් නම් මේ පටලැවිල්ල ලෙහාගන්නෙ නැතිව ඉන්න බැරි ගාණයි.

"එ..එතකොට ඔයා අපේ නිකී අයියව ඔච්චර හොඳට අඳුනන්නෙ කොහොමද?"

නේල් ආට්ස් ඇල්බම් එකේ සිහියෙන් උන්නු ශාදිට ඒ ප්‍රශ්ණෙ ඇහෙද්දි මුවේ ඇදුනේ හීන් හිනාවක්.

"නිකේත් අයියව මැරි කරන්න ඉන්නෙ මං"

ඒ වචන ටික ඇහෙද්දි අහිංසා අත තිබූ නිය ආලේපන බොක්ස් එක බිම වැටුනේ හයියෙන්.

"මොකක්???"

අහිංසාටයි මුතූටයි එකටම කියවෙද්දී තමන්ගෙ මුවින් පිට උනු උත්තරේ මොකක්ද කියලා ශාදිට සිහි උනේ එතකොටයි.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

671 74 7
මම හරියට අහස වගේ,🍃 එතකොට,🔥 එයා පොළොව වගේ,🍂 ඉක්මන් එක් වීමක් නොමැති,🥀 නමුත් දෙදෙනා දෙදෙනාම වෙනුවෙන් බලා හිදින,👩‍❤️‍👨 මේ අපේ කතාව💞 . . . . ☪️රිෆ...
353K 5.9K 45
I never thought to write a book about my favorite show I hope u enjoy ✨KEEP THIS BOOK IN YOUR LIBRARY IF YOU WANT TO BE UPDATED💖
1K 160 14
නොකියා හිතේ හංගන් ජීවත් වෙද්දි පපුව හත් කඩකට නෙමෙයි හතලිස් නමකඩකටත් වැඩිය ඉරි තලනවා!!...පුන්චි පුන්චි ඉරි තැලීම් හදවත පුරා යද්දි දැනෙන වේදනාව කියාගන්...
53.3K 1.7K 10
[Completed] You don't understand why. You don't understand why your relationship is over. You don't know what you did wrong. You don't know why he w...