සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

66.1K 6.1K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

13

691 70 0
By Rithu_Sakura

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️13 කොටස💜️

නිවාඩු දවසේ චාන්‍යායි කේශවයි උන්නේ ගෙදර.ඒ නිසා පාන්දරම ඇහැරෙන්න දෙන්නටම උවමනාවක් තිබ්බෙ නෑ.ඒත් කසාඳ බැඳලා ආව දා ඉඳන් චාන්‍යා පාන්දරම නැඟිටින්නේ තුශාරි එක්ක උයන්න ඕන නිසා.උදේ හයට විතර අලාම් එක එකදිගට වදිද්දි චාන්‍යා ෆෝන් එක හෙව්වේ අත දිගඇරලා.ඒත් ඇයට හෙල්ලෙන්නවත් විදියක් නෑ.කේශව උන්නේ චාන්‍යාගෙ පපුවට ඔලුව තියාගෙන.

"ඔය මඟුල ඕෆ් කරනවකෝ.."

කේශව කියන්නේ චාන්‍යාව තවත් තුරුළු කරගන්න ගමන්.

"ඉතින් අහකට වෙන්නකෝ.ෆෝන් එක ගන්න අත දිග නෑ"

චාන්‍යා කිව්වේ කේශවව එහාට කරන්න උත්සාහ කරන ගමන්.ඒත් ඔහු කිසිම ගාණක් නැතිව එහෙමම ඉන්නේ ඒ උණුසුමින් මිදෙන්න තියෙන ලෝබකමට.

"එහෙනම් ඔහෙ වැදෙද්දෙන්"

"අනේ යන්න අනේ.උයන්න යන්න ඕනේ"

"තමුසෙ ඉව්වේ නෑ කියලා මේ ගෙදරට කන්න නැති වෙන්නෙ නෑ.තුශාරි ඉන්නෙ ඒකට තමා"

නිදිමතේම කේශව කිව්වේ චාන්‍යාගෙ අත් දෙකම බලෙන් හිර කරගෙන.ඒත් චාන්‍යාට හිත දෙන්නෙ නෑ උදව්වක්වත් නොකර ඉන්න.කේශව හෙල්ලෙන්නෙ නැතිම තැන චාන්‍යා දඟලලා වගේ අතක් නිදහස් කරගෙන කේශවගේ පිට කෙනිත්තුවේ කේශව කරන්ට් එක වැදිලා වගේ විසිවෙද්දි.

"මොනාද ගෑණියේ කරන්නේ?කොටි දෙන වගේ සූරන්නේ"

කේශව කිව්වේ අත පිටුපසට යවලා කොනිත්තපු තැන පිරිමදින්න අමාරු උත්සාහයක යෙදෙන ගමන්.චාන්‍යා හිනා වේගෙනම ඇඳෙන් ටක් ගාලා බැස්සේ කේශව අවුස්සගෙන වැඩ වරදින්න කළින්.

"එකපාර කියද්දි අයින් උනා නම් ඔහොම වෙන්නෙ නෑනේ.නිදිකුම්බයා..නිදාගන්න එහෙනම්"

"බලාගන්නම් තමුසෙව.."

කේශව නිදිමතේම මූණ ආයේ කොට්ටෙට ඔබා ගද්දි චාන්‍යා ඔහුට දිවත් දික්කරගෙන පිජාමා එක උඩින් ඕවර් කෝට් එකකුත් දාගෙන කුස්සියට ගියා.ඒ යද්දිත් තුශාරි උයන්න පොල් ගානවා.

"අම්මෝ..සීතලයි අද..තුශාරි අක්කා මොනාද අද හදන්න හිතන් ඉන්නේ?"

"මුං කිරිබතක් හදන්න කියලා බැලුවේ.ලොකු මහත්තයත් ඊයේ කිය කිය කාලෙකින් කෑවේ නෑ කියලා"

ඒ අහද්දිත් චාන්‍යාගෙ කටට කෙළ ඉනුවා.මුං කිරිබත් කන්න ඇයත් ආසයි.

"මරු මරු.මං එහෙනම් හොඳ ලුණු මිරිසක් හදලා ගන්නම්"

දෙන්නාම එකතු වෙලා ඔක්කොම කෑම හදලා ඉවර වෙද්දි පැයක් විතර ගියා.තුශාරි කෑම මේසෙට කෑම ටික යවන ටිකට චාන්‍යා ගිහින් නා ගත්තේ සීතල වෙනුවට ඒ වෙද්දි ඇයට දාඩිය දාන්න ගත්ත නිසා.කෑම වෙලාව ළඟ නිසා චාන්‍යා ටක් ගාලා දුවන් ගියේ උඩු මහළට.ඒ අහිංසාව ඇහැරවගන්න.කළින් දවසෙ මහ රෑ වෙනකන් අහිංසා සාරිය වර්ක් කළා කියන්න චාන්‍යා දන්නවා.ඒ නිසා අහිංසාට නින්ද ගිහින් තිබ්බ නම් අදත් ඇයට කෑම නෑ.ඒත් චාන්‍යා ගිහින් කාමරේ දොර අරිද්දිම ගිහින් හැප්පුනේ ඒ එක්කම එළියට ආව අහිංසාගෙ ඇඟේ.

"මේ මොකද මේ?ගාල කඩා ගත්ත හරකි වගේ කොහෙද දුවන්නේ?"

"ඊයේ පාන්දර වෙනකන් ඇහැරිලා උන්නු නිසා ඔයා තාම නැඟිටලා නැතුව ඇති කියලා හිතලයි ආවේ.එදා වගේ අදත් කෑම නැති උනොත් පව්නේ"

චාන්‍යා කියද්දී අහිංසා ලස්සනට හිනා උනා.

"අම්මේ..මගේ පොඩි නෑනගෙ තියෙන ආදරේ.මට මෙහෙම ආදරේ නම් අයියට කොච්චර ආදරේ ඇත්ද නේද?"

ඇස් නටව නටව අහිංසා කියද්දි චාන්‍යාට හිනා ගියා.ඒ ආදරේ තරම කියන්න නම් ඇයට වචනත් මදි.

"ආදරෙයි නේන්නම්.නැත්තම් කසාඳ බඳිනවයෑ.එන්න යමු.අද මුං කිරිබත් හැදුවා.මට දැනටම බඩගිනියි"

ඇය අහිංසා එක්ක පහළට යද්දි පුරුදු විදියටම නියමිත වෙලාවට ගිරිරාජ් ඇවිල්ලා උන්නා.කේශව උන්නේ චාන්‍යාට රව රව.හරියට කෙනිත්තුව එකට වාඩුව ගන්නම් කියන්න වගේ.චාන්‍යා අහක බලාගෙනම කෑම මේසෙට ආවේ ඒ බැල්ම එච්චර හොඳ නැති නිසා.අහිංසා බැලුවේ තිහස් කෝ කියලා.තිහස් පේන්නවත් නෑ.

"කෝ තිහස්?"

ඇයට හිතුනු දේම කේශව අහද්දී අහිංසාට ඉබේම බැලුනේ ගිරිරාජ් දිහා.

"කතා කරන්න අවශ්‍ය නෑ.එයා දන්නවා කෑමට එන්න ඕන වෙලාව"

ගිරිරාජ්ගෙ එක වචනෙට ආයෙ කවුරුත් ඒ ගැන ඇහුවේ නෑ.ඒත් අහිංසාගෙ හිතට හරි මදි.මොනා උනත් එදා ඇය වෙනුවෙන් ඔහු බය නැතිව කතා කළා.ඒ නිසාමයි ඇයට කෑම කන්නත් හම්බුනේ.අහිංසාට නොදැනීම නිතර නිතර ඔහුගේ කාමරේ තියෙන පැත්ත බැලුනේ දැන්වත් කෑමට එයිද කියලා හිතන ගමන්.ඒ ආවත් පරක්කු උනා කියලා ගිරිරාජ් නොකා ඉන්න දෙන එකක් නැති වෙයි කියලා අහිංසාට හිතුනා.කෑම කාලා ගිරිරාජ් හා කේශව එතනින් ඉවත් උනා විතරයි කෑම මේසේ අස් කරන්න කළින් අහිංසා පිඟානක් අතට අරන් කිරිබත් කෑලි කීපයක් බෙදුවේ චාන්‍යායි තුශාරියි පුදුමෙන් බලන් ඉද්දිමයි.

"මේ මොකෝ?ආයෙත් කන්න හිතුනද?"

චාන්‍යා ඇහුවේ ඉඳුල් පිඟන් අතට ගන්න ගමන්.

"මං බඩගින්නෙ ඉද්දි තිහස් මොනා නැතත් මං වෙනුවෙන් කතා කළානේ.එයා කෑමට නොආවේ හිතා මතා උනත් එහෙම නොකා ඉන්න එක හරි නෑ කියලා හිතුනා"

අහිංසා කියද්දි චාන්‍යාට හිනාවක් නැඟුනේ අහිංසා කොහොමත් හිත හොඳ කෙල්ලෙක් කියලා දන්න නිසා.තුශාරිත් අහිංසා අල්ලන් උන්නු පිඟානට ලුණු මිරිස් බෙදුවේ හිනා වෙලා.ගිරිරාජ් මුකුත් කියන්නෙ නෑ කියලා හිත දන්නවා උනත් අහිංසා ඔහුගේ කාමරය පහු කරලා ගියේ හොරෙක් ගාණට.තිහස් උන්නු කාමරේ ගාවට ගිහින් අහිංසා දෙපාරක් විතර දොරට තට්ටු කළා.ඒ අතරත් ඇය වටපිට බැලුවේ ගිරිරාජ්වත් එයිද කියලා.පුස්තකාල කාමරේට යන්න ගිරිරාජ්ට හිතුනොත් අනිවාර්‍යෙන්ම ඔහු අහිංසාව දකිනවා.එහෙම වටපිට බල බල ඉද්දි එකපාරටම දොර ඇරෙද්දි අහිංසා ගැස්සිලා ගියා.

"මොකද?"

තිහස් ඇහුවේ ටිකක් සද්දෙන්.අහිංසා ඔහු දිහා බලන් උන්නේ ඇස් දෙකත් ලොකු කරගෙන.උඩු කය නිරුවත්ව කෙටි කලිසමක් විතරක් ඇඳන් උන්නු තිහස්ව දැකලා අහිංසාට වචනත් අමතක උනා.

'මේකාට ඇඳුම් නැද්ද මන්දා.අයියලවත් මෙහෙම ඉඳලා නෑ මෙච්චර කාලෙකට"

අහිංසා හිතුවේ ඔහුගේ නිරුවත් උඩුකය දිහා හොරෙන් බලන ගමන්.තිහස්ට තේරුනා අහිංසා ඉන්නේ අපහසුවෙන් කියලා.ඔහු බැලුවේ අහිංසාගෙ අතේ තියෙන කෑම පිඟාන දිහා.කෑම වෙලාව පහු වෙලා කියන්න තිහස් දන්නවා.යන්තමට බඩගින්නක් තිබ්බත් කන්න පිරියක් ඔහුට තිබ්බෙ නෑ.ඒත් කිරිබත් දීසියෙන් එන සුවඳ දැනෙද්දි තිහස්ගෙ බඩ නිකන්ම ගුරු ගුරු ගෑවා.

"මොකද දොරට තට්ටු කළේ?"

තිහස් ආයෙම අහද්දි තමා අහිංසා පියවි සිහියට ආවේ.

"ආ..මේක කන්න.උදේට කන්න ආවේ නැති නිසා නින්ද ගිහින් ඇති කියලා හිතුනා.ඒකයි කවුරුත් කතා නොකළේ"

අහිංසා කිව්වේ තිහස් දිහාට කෑම පිඟාන දික්කරලා.වහලා තිබ්බ පිඟාන දිහාත් අහිංසා දිහාත් තිහස් බැලුවේ මාරුවෙන් මාරුවට.

"තමුසෙගෙ අප්පච්චිගෙ නීති නොදැනද ඕක උස්සන් ආවේ?"

කෑම එක නොගෙන හරස් ප්‍රශ්ණ අහද්දි අහිංසාට තරහේ බෑ.ඇයට ඕනේ කෑම එක දීලා ඉක්මනට එතනින් පිටත් වෙන්න.

"මට එකපාරක් හරි වචනෙකින් හරි උදව් කෙරුව කෙනෙක්ව මං කවදාවත් අමතක කරන්නෙ නෑ.මේ එදා මං වෙනුවෙන් කතා කළාට කරන ප්‍රතිඋපකාරයක් කියලා හිතාගන්න..ආ..ගන්න"

අහිංසා එක එල්ලේ කියද්දි තිහස් බලන් උන්නේ ඇගේ ඇස් දිහා.කොච්චර කටකාර කෙල්ලෙක් උනත් අහිංසා ගිරිරාජ් තරම් දැඩි හිතක් තියෙන කෙනෙක් නෙමේ කියන්න තිහස් තේරුම් අරගෙනයි උන්නේ.

"මං ඉල්ලුවේ නෑනේ.අනික කාගෙන්වත් නැවත උදව් බලන් මං උදව් කරන්නෙ නෑ"

තිහස් කියද්දි අහිංසාගෙ ඇස් දෙකට පුරුදු එරවිල්ල ආවේ බලන් ඉන්නැද්දි.

'මාත් මොකට මේක උස්සන් ආවද මන්දා මේ හෝතඹුවට දෙන්න.පාඩුවෙ ඉන්නැතිව පණ්ඩිත වැඩ කරන මටත් පිස්සු'

නොරිස්සුමෙන් එහෙම හිතුව අහිංසා තිහස්ට තවත් වැඩිපුර රවාගෙන ගස්සගෙන වගේ හැරෙද්දිම තිහස්ට තේරුනා අහිංසා යන්නයි හදන්නෙ කියලා.මොනා උනත් එහෙම කරන එක හොඳ නැති නිසා තිහස් ටක් ගලා ඇගේ වැලමිටෙන් ඇද්දේ ඇයව ඔහුගේ පපුවට ඇවිත් වදිද්දී.

"අහ්..."

අහිංසා කලබල වෙද්දි තිහස් ඇගේ අතේ තිබ්බ කෑම පිඟාන උදුරලා වගේ ගත්තා.

"තෑන්ක්ස්"

අහිංසා දිහා තව එකපාරක්වත් බලන්නෙ නැතිව තිහස් හයියෙන් දොර වැහුවේ හරියට අහිංසාගෙ මූණට දමලා ගහන්න වගේ.ඒත් අහිංසා ගල් ගැහිලා වගේ තාම එතනමයි.

'මනුස්සයෙක් ගහගන්න වගේ ස්තූති කළා දැක්කමයි.හැබැයි ආයෙ නම් ජීවිතේට මෙහෙම ඇදගෙන නාන්නේ නෑ.මදැයි මමත් පිං අතේ වැඩක් කරගන්න හිතුවා'

තිහස්ගේ හැසිරීමට දොස් තිය තිය අහිංසා එතනින් ඉවත් වෙද්දී තිහස් නම් තාමත් උන්නේ පිඟාන අතේ තියාගෙන දොරට හේත්තු වෙලා.අහිංසා ගියා කියලා ඔහු දැනගත්තේ ඇගේ අඩි සද්දෙන්.අහිංසා අහිංසකයි.කටකාර උනාට එතන අවිනීතකමක් නෑ.ඒත් වසන්ත ගිරිරාජ් එක්ක එකතු වෙලා ඔහුව මේ විදියට හිර කෙරුව එකට ඔහුගේ හිතේ ඇති වෙච්ච කේන්තිය තාමත් එහෙමමයි.ගිරිරාජ්ට පොඩ්ඩක් හරි ලැජ්ජා කරවන්න හොඳම තුරුම්පුව අහිංසා.මේ මාස දෙක ගෙවෙන්න කළින් මොනාම හරි දෙයක් කරන්න ඕනේ කියලා තිහස් අදිටන් කරගද්දි ඒ මූණේ ඇදිලා මැකී ගියේ අවඥා සහගත හිනාවක්.

.....💜....... R I T H U S A K U R A .......💜️......

කේශවයි චාන්‍යායි එළිමහනේ තණගොල්ල උඩ වාඩි වෙලා උන්නේ රස්ටිවත් ලෙහාගෙනමයි.වත්ත වටේම දඟලලා දඟලලා රස්ටි කේශව ගාවින් දිගා වෙලා හති අරින්නේ දිගට දිගේ දිවත් එළියට දාගෙන.චාන්‍යා බලන් උන්නේ උගේ තියුණුව තියෙන දත් දිහා.ඇයට මතක් උනේ රස්ටි ඇයව දැකපු මුල්ම දවසේ ඇගේ ඇඟට කඩන් පැන්න හැටි.

"පුදුමයි රස්ටි තිහස්ව හැපුවෙ නෑ කියද්දි"

"තිහසයත් එළියට ආවේම නෑනේ.මං හිතන්නේ මේකා තාම දන්නෙ නෑ පිට කෙනෙක් මේ ගෙදර ඉන්නවා කියලා"

කේශව කිව්වේ බල්ලාගේ බඩ මිරිකන ගමන්.ඒ අතරේ තමා කේශවට කෝල් එකක් ආවේ.ඒ සාරංගගෙන්.

"ආ..මචං.මොකෝ වෙන්නේ?"

කේශව ඇහුවේ හිනා වෙලා.සාරංග මොනා කිව්වද කියලා චාන්‍යාට ඇහෙන්නෙ නෑ.

"හ්ම්ම් ඉතින්..දැන් මොකද කියන්නේ?...එහෙමද?...හා.වරෙන්කෝ.මං ගෙදර දවසම"

සාරංග එක්ක කතා කරලා කේශව කෝල් එක කට් කළේ ලොකු හුස්මක් පිට කරලා.

"මොකෝ??"

චාන්‍යා ඇහුවේ කෝල් එක කට් කළාට පස්සේ කේශවගේ මූණ බැරෑරුම් උනු නිසා.

"මුකුත් නෑ.අරූ එනවලු තව ටිකකින්"

කේශව ගාණක් නෑ කියලා කිව්වට චාන්‍යාට නිකමට හිතුනා කෝල් එකෙන් සාරංග කිව්ව දෙයක් නිසා කේශව අවුල් උනා කියලා.ඒත් ඇය ඒ ගැන අහලා කේශවට වද දෙන්න ගියෙ නෑ.කේශව කියන්න තියෙන දෙයක් චාන්‍යාට කවදාවත් නොකියා ඉන්නෙත් නෑ.නිය ආලේපන කීපයක් පෙට්ටියකට දාගෙන අහිංසා ඇගේ කාමරේ ඉඳන් පහළට ආවේ ඒ අතර.

"චානු..ඔයා කොහෙද?"

ඇය පහළට ආව ගමන්ම හෙව්වේ චාන්‍යාව.ඒත් දෙතුන් පාරක් කතා කරලත් ඇගෙන් ප්‍රතිචාරයක් තිබ්බෙ නෑ.

"චානුවෝ.."

"බෙරිහන් දෙන්න එපා අයිසේ.එයාලා එළියේ"

අහිංසා ගැස්සිලා ගියේ කෙළවරකින් ඇහුනු හඬකට.සාලේ තවත් කෙළවරක තිබ්බ සෙටියක දිගා වෙලා ඉන්න තිහස්ව අහිංසා දැක්කේ එතකොටයි.ගෙදර අයිතිකාරයා වගේ තිහස් කකුල් දෙකත් උඩ දාගෙන සැතපිලා ඉන්න හැටි දකිද්දි අහිංසාට හිතුනෙම බැනගෙන බැනගෙන යන්න.ඒත් ෆෝන් එකටම මූණ ඔබාගෙන තිහස් ඉන්නේ අහිංසාව ගණන් නොගෙන.

"මොන හැලි වඳුරෙක්ද මන්දා"

අහිංසා හිතා මතාම ටිකක් සද්දෙන් කිව්වේ තිහස්ට ඇහෙන්නමත් එක්කමයි.ඒත් ඒකට ඔච්චටමට කට කොණකින් හිනා උනු තිහස් බැල්මකින්වත් අහිංසා දිහාට අවදානයක් දුන්නෙ නෑ.ඒ කිව්ව දේ තිහස් තඹේකට මායිම් කළේ නෑ.තිහස්ට රවාගෙනම අහිංසා චාන්‍යාට කෝල් එකක් ගත්තා.

"එළියෙද ඉන්නේ?එන්නකෝ පොඩි වැඩකට"

චාටුවෙන් වගේ අහිංසා එහෙම කියලා කෝල් එක කට් කරලා සෙටියෙන් වාඩි උනා.විනාඩි කීපයකින් චාන්‍යා එද්දි ඒ පස්සෙන් ආවේ කේශව.තිහස් ගේ ඇතුළෙ නිසා රස්ටිව කූඩුවෙන් දාලමයි කේශව ආවේ.

"මොකෝ එන්න කිව්වේ?"

චාන්‍යා ආවේ ඈත තියාම අහිංසාගෙන් අහගෙන.ඒ එද්දිත් අහිංසා නිය ආලේපන ටික පෙට්ටියෙන් එළියට අරගෙන ස්ටූල් එක උඩ ලස්සනට අතුරලා.

"මේකෙන් ලස්සන පාටක් කියන්නකෝ.හිතාගන්න බෑ මොකක්ද හොඳ කියලා"

අහිංසා අහද්දි චාන්‍යා හිනා වෙලා ඇය ඉස්සරහින් වාඩි උනා.

"ඕක අහන්නද තකහනියේ එන්න කිව්වේ?මෙහෙමත් මෝඩියෙක්"

කේශවට කියවුනා.ඔහුගෙ හිතට දැනුනේ නොරිස්සුමක්.චාන්‍යා එක්ක නිදහසේ ඉන්න තිබ්බ වෙලාව.කේශවට හිතුනේ එහෙම.චාන්‍යා උන්නේ පාට අතර අතරමං වෙලා.අන්තිමට ඇය අහිංසාගෙ අතට දුන්නේ ලස්සන ලා රෝස පාට නිය ආලේපනයක්.

"මට හිතුනා වට ගහල ගහලා මේ වගේ පාටක් ගනීවි කියලා"

"ඉතින් අනේ තෝරලා දෙන්න කිව්වට මං ඔයාගෙ චොයිස් එක දන්නවයෑ.මට හිත ගියේ මේ පාටට"

"හ්ම්ම්.හා..හා කමක් නෑ.දැන් ඔහොමම වාඩි වෙලා ඉන්නවා.කොහෙවත් නොයා"

"ඒ මොකටද?"

අහිංසා කියද්දි කේශවටයි චාන්‍යාටයි දෙන්නටම කියවුනේ එකට.

"මොකටද අහන්නේ?මං කලර් එකක් තෝරන්න කිව්වේ මට නෙමේ.ඔයාට"

අහිංසා චාන්‍යාගෙ අත බලෙන්ම ඇදලා අරගෙන ස්ටූල් එකෙන් තියාගත්තා.

"අපි නේල් ආට් එකක් ට්‍රයි කරලා බලමු"

"අනේ මේ නංගි.මෙඩිකල් කොලේජ් වලට ඩෙඩ් බොඩීස් එක්පරිමන්ට්ස් වලට දෙනවා වගේ තමුසෙට මගේ ගෑණිවද අහු උනේ ටෙස්ට් කරලා බලන්න?තව ටික දවසකින් කොණ්ඩෙත් කපල බලමු කියයි.ඊටත් පස්සේ ෆේස් පැක් එකක් දාලා බලමු කියයි.මෙන්න මෙහෙ ඉන්නවා ලස්සනට තියෙන නියපොතු කන්නෙ නැතිව"

කේශව සැරින් කියද්දි ඒක අහන් උන්නු තිහස්ටත් හිනා ගියා.අහිංසා ඔහුට රැව්වේ දැවිලා අලු වෙලා යන්න.

"සොරි..මං මේ ෆෝන් එකේ වීඩියෝ එකකට හිනා උනේ"

තිහස් ඒ හිනාවෙන්ම කිව්වට අහිංසාගෙ රැවිල්ල නම් නැති උනේ නෑ.

"මේ පොඩි අයියේ.වැරදුනොත් ඒවා මකන්න ජාති තියෙනවා.වැඩිය පුප්පගෙන එන්න එපා හොඳද?තමුසෙ නිදන් ඉන්න වෙලාවක් බලලා ඇඟිලි විස්සෙම නේල් ආට් දාලයි මං නතර වෙන්නේ.දන්නවනේ මගෙ හැටි"

අහිංසා කිව්වේ ඇඟිල්ලකුත් කේශවට දික්කරලා.කේශව පැන්න ගමන් අහිංසාගෙ ඇඟිල්ල අල්ලලා ඇඹරුවේ අහිංසා වේදනාවෙන් කෑ ගහද්දී.

"ආ..ව්...අනේ.."

"වරෙන්කෝ බලන්න මං ලව්වා ඔය එක එක බියුටි කචල් ටෙස්ටින් කරන්න.එල්ලන්නෙ කකුල් දෙකෙන් අතන තියෙන මොළේ මෙතනට එන්න"

අනිත් අතින් අහිංසාගේ ඔලුව පෙන්නලා කේශව කියද්දි චාන්‍යාටත් හිනා ගියා.කේශව එතන රැඳෙන්නෙ නැතිව කාමරේට යද්දි අහිංසා මුමුණ මුමුණ කේශවට බැන්නේ රිදුනු ඇඟිල්ලත් අතින් පිරිමදිමින්.

"ඔය බොරුවට අනේ බනින්නේ.කෝ...අත් දෙකට ජාති දෙකකින් ආට්ස් ට්‍රයි කරලා බලමු"

චාන්‍යා කිව්වේ අහිංසාගෙ ආසාවට ඉඩ දීලා.ඒ නැතත් චාන්‍යා දන්නවා අහිංසා ඒ වැඩේ මොනම විදියෙන් හරි ලස්සනට කරනවා කියලා.සෑහෙන වෙලා වැරදුනු ඒවා මක මක යූ ටියුබ් එකෙන් වීඩියෝ බල බල අහිංසා චාන්‍යා එක්ක එකතු වෙලා නේල් ආට්ස් දාද්දි එළියෙන් ඇහුනේ බයික් එකක සද්දයක්.දෙන්නගෙන් කවුරුත් ඒ ආවේ කවුද කියලා බලන්නවත් ඔලුව ඉස්සුවේ නෑ.

"ආපෝ...ඒ කියන්නේ උඹ දැන් විද්‍යාගාර මීයා උනා නේද චානුවෝ?දැන් නම් මේකිගෙන් උඹට ගැළපෙනවා බොරු.බලපන් ඇඟිලි වලට කරලා තියෙන අපරාදේ"

ඒ ඇවිල්ලා හිටියේ වෙන කවුරුත් නෙමේ සාරංග.ඈත තියාම ඔහු දැක්කා අහිංසා කරන වැඩේ.තිහස් ඒ තප්පරේට සාරංග දිහා බැලුවේ දකින දකින පාර සාරංග ඔහුට ඔරවන නිසා.ඒත් මෙදා පාර සාරංග කෙළවරක ඉන්න තිහස්ව දැක්කෙ නෑ.ඒත් තිහස්ගේ ඇස් රැඳිලා තිබ්බෙම අහිංසායි චාන්‍යායි එක්ක හිනා වෙවී ඉන්න සාරංග දිහාවේ.

"ඔයත් නම් අපේ අයියටම හොඳයි සාරංග අයියේ.කිසිම අගය කිරීමක් නෑ"

අහිංසා අඬන්න වගේ කිව්වම සාරංග හයියෙන් හිනා උනා.ඇයව අවුස්සලා ගන්න ආතල් වෙන කොහෙන්වත් ගන්න බෑ.ඒත් චාන්‍යාට නම් අහිංසා දැම්ම ආට්ස් ඔක්කොම ලස්සනයි.හරිම පිළිවෙලට ලස්සනට අහිංසා වැඩේ කරනවා.

"තමුසෙව දැන්ම අගය කළොත් අපේ කරේ ඉඳියි.පුලුවන් නම් අර තුශාරිවත් අල්ලගනින්"

සාරංග එහෙම කියාගෙන කේශව ව හොයාගෙන කාමරේට යද්දි කේශව උන්නේ ලැප් එකේ වැඩක.

"මචං.."

"ආ..ආවද?වරෙන්"

"බෑ..එළියට යමු පොඩ්ඩක්"

කතා කරන්න විශේෂ කාරණයක් තියෙන නිසාම සාරංගට ඕන උනේ පොඩ්ඩක් නිදහසේ කවුරුත් නැති තැනකට වෙලා කතා කරන්න.ඒ ප්‍රශ්ණෙ කලින් ඉඳන්ම කේශව දැනගෙන උන්නත් ඒ ගැන කතා බහ කරන්න තරම් උවමනාවක් මේ වෙනකන් තිබ්බෙ නෑ.

"හ්ම්..යමං"

දෙන්නම එළියෙ බෙන්ච් එකට ආවේ එතැන නිදහස් නිසා.සාරංග ලොකු හුස්මක් ගත්තේ හිතේ තියෙන ප්‍රශ්නෙ හිතට සෑහෙන්න වද දුන්නු නිසා.මිහිරානි ඉඳලා ඉඳලා යට ගිහිල්ලා තිබුනු මාතෘකාව ඇදලා ගද්දි හිතේ තියෙන සැනසීම මේ තරමටම නැති වෙයි කියලා ඔහුට හිතුනෙ නෑ.

"කියපන්.දැන් මොකක්ද වෙන්නේ?මොකෝ උඹ ඒකට කරන්න ඉන්නේ?"

කේශව ඇහුවේ සාරංග මුකුත් නොකියන තැන.සාරංග කේශව දිහා බැලුවේ ඇහිබැම යුගලය ඇඟිලි තුඩු වලින් තෙරපන ගමන්.

"පේන හැටියට මට ඒකිව බඳින්නම වෙනවා බං"

- මතු සම්බන්ධයි -

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

26.2K 475 9
To everyone around her, Stiles Stilinski was just an average HUMAN teenage girl. Okay, she might be way more sarcastic than the average person, and...
4K 886 19
පික්පොකට් ගහන රස්තයාදුකාර කෙල්ලෙක්... අහින්සක පෝසත් ශීලාචාර කොල්ලෙක්... සගවත්ත ලොකු රහසක්... ★★★★★★★★★★★★★★★★★ "මම පොඩ්ඩක්වත් ආස නෑ අර ඩාර්ක් ෆෙයරිට...
4.1M 169K 63
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
1.5M 129K 45
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...