සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

89.8K 6.7K 211

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
5
6
7
8
9
10
11
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

12

984 77 0
By Rithu_Sakura

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️12 කොටස💜️

"ඔයා මොනාද මේ කියන්නේ?අම්මා හොඳටම දන්නවා මගේ ජීවිතේට...."

තිහස්ට එතනින් එහා කියාගන්න හම්බුනේ නෑ.මේඛලා මැද්දට පැන්නේ තිහස් කියන්න හදන දේ දැනගෙන වගේ.

"මෙහෙ අක්කගෙ යාලුවෙක්ගෙ දුවක් ඉන්නවා.එයත් තාම සින්ගල්.හොඳට ඉගෙන ගත්ත කෙල්ලෙක්..මට හිතෙනවා පුතාට ඒ ළමයව කතා කරලා බලන්න"

තිහස්ට වචනයක්වත් කියන්න දෙන්නෙ නැතිව මේඛලා කියවන් යද්දි තිහස් උන්නේ කේන්තියේ උපරිම සීමාවේ.ඔහුගේ ජීවිතේට සිද්ද උනු දේ නොදන්න ගාණට මේඛලා කතා කරද්දි ඔහුට දැනුනේ කලකිරීමක්.

"අම්මා ප්ලීස්.අපි ඔය මාතෘකාව ගැන කතා නොකර ඉමු"

තිහස් කතා කලේ වේදනාවයි කේන්තියයි දෙකම හංඟගෙන.මේඛලා තකහනියේ කෝල් එක ගත්තෙත් මේ දේ නිසා කියලා තිහස් දැන් දන්නවා.ඒත් මේඛලාට ඕනේ ඇගේ හිතේ තියෙන දේ ඉශ්ඨ කරගන්නමයි.

"ඒ ගැන කතා නොකර කොහොමද?ඔයාගෙ වයසත් යනවා.අනික මේ වගේ රත්තරන් කෙල්ලෙක් ලේසියට හම්බෙන්නෙත් නෑ.සද්ද නැතිව උන්නොත් කොහෙවත් යන අනාත කෙල්ලෙක් ඇවිල්ලා ආයේම ඔයාගෙ ඇඟේ එල්ලේවී"

මේඛලා ඒ කිව්ව දේට තිහස්ගේ ඉවසීමේ සීමාව පැන්නුවේ ඔහු ඉන්නෙ කොහෙද කියලවත් මතකෙට නොඑද්දී.මේඛලා ඒ වගේ අපහාස කලේ මුතූට කියන්න තිහස් හොඳටම දන්නවා.

"අම්මා ඔයා..."

"ඔයා අම්මට ආදරේ නම් කිව්ව දේ ගැන හිතලා බලන්න තිහස්.ඔයාට ඕනේ මං ආයෙත් විඳවනවා දකින්නද?"

කියන්න ගිය වචන ටික තිහස් එහෙමම ගිලගත්තේ මේඛලා කිව්ව දේට.තිහස් උන්නේ පුදුමාකාර ඉවසීමකින්.හැමෝම තම තමන්ට ඕන විදියට තිහස්ව නැටෙව්වා මිසක් කාටවත් ඔහුගේ හැඟීම් තේරුම් ගන්න පුලුවන් උනේ නෑ.ඒ ගැන ඔහුගේ හිතේ තිබ්බෙ කළකිරීමක්.

"හ්ම්..බලමු.තාත්තා ළඟ ඉන්නවා නම් ෆෝන් එක දෙන්නකෝ"

පුලුවන් තරම් ඉවසීමෙන් තිහස් එහෙම කිව්වේ මේඛලා එක්ක තවදුරටත් කතා කරලා වැඩක් නැති නිසා.

"ඒ මොකටද?"

"සූරිය අන්කල්ගේ පණිවිඩේකට"

තිහස් කිව්වේ බොරුවක්.තිහස්ට ඕනේ මේඛලා තවත් ඔහුගේ ඔලුව අවුල් කරන එකෙන් බේරෙන්න.මේඛලා තව මොන මොනවදෝ කියමින් වසන්තව හොයාගෙන යන හඬට තිහස් සවන් දීගෙන උන්නා.

"හෙලෝ..කියන්න"

වසන්ත ඇමතුමට සම්බන්ධ උනු වහාම තිහස් ලොකු හුස්මක් ගත්‍තා.තවත් ඔහුගේ හිතට වද දෙන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ කියන මතේ තිහස් උන්නේ.

"අම්මට මට මේක කියන්න බෑ.ඔයාම මේක එයාට කියලා තේරුම් කරලා දෙන්න.මගෙ ජීවිතේ මේ විදියට අවුල් කරන්න මුල් උනේ අම්මාමයි.ආයේ මට මඟුල් හොයලා මං මෙහෙම හරි ජීවත් වෙලා ඉන්න එක අම්මට නැති කරන්න එපා කියන්න.මෙදා පාර මට බලපෑම් කළොත් ඔයාලට තිහස් කියලා පුතෙක් නැති වෙයි"

වසන්ත මුකුත් කියන්න කළින් තිහස් කෝල් එක කට් කළා.හිතේ තියෙන දේ කියාගත්තට පස්සේ ඔහුට දැනුනේ සැහැල්ලුවක්.ඒත් ඒ සැහැල්ලුව මේඛලා ලංකාවට ආවම නැති වෙන බවත් තිහස් දන්නවා.තිහස් කියවගෙන ගිය දේවල් වසන්ත අහන් උන්නේ කුතුහලය පිරි මනසින්.

"මේඛලා..ඔයා පුතාට මොනාද කිව්වේ?"

දුරකථනය මේඛලා අතට දෙන ගමන් වසන්ත අහද්දි මේඛලා ඔහුගෙන් ඇස් හංඟගත්තා.

"වැඩි දෙයක් නෑ.පුතා ඉතින් හැමවෙලාවෙම කේන්ති ගිය ගමන්නේ ඉන්නේ"

මේඛලා නොකිව්වට වසන්තට තේරුනා ඇය මොනාම හරි දෙයක් තිහස්ට කියලා තියෙනවා කියලා.තිහස් කේන්තියෙන් කිව්වේ මඟුල් හොයලා තිබ්බොත් තිහස් කියලා පුතෙක් ඔවුන්ට නැති වෙයි කියලා.ඒ කියන්නේ මේඛලා අනිවාර්‍යෙන්ම විවාහය සම්බන්ධ කරුණක් තිහස්ට කියලා තියෙනවා.

"මොනාද තිහස් කිව්වේ?සූරිය මොකක්ද දුන්නු පණිවිඩේ?"

මේඛලා අහද්දි වසන්ත කල්පනා ලෝකෙන් මිදිලා මේඛලා දිහා තියුණුවට බැලුවා.සූරිය මොන පණිවිඩයක්වත් නොදුන් බව ඔහු මේඛලාට කියන්න හිතුවෙ නෑ.

"විශේෂ දෙයක් නෙමේ"

මේඛලා හිස වනාගෙනම යන්න හදද්දි වසන්ත ඇයව නතර කරගත්තා.

"මේඛලා..ඔයා පුතා සම්බන්ධව මොනා හරි තීරණයක් ගන්න හදනවා නම් මෙදා පාර ගොඩක් පරිස්සමින් වැඩ කරන්න වෙයි.ඉස්සර උන්නු තිහස් නෙමේ දැන් ඉන්නේ.වැරදි පියවරක් තිබ්බොත් ඔයාට තියා කාටවත් මෙදා පාර දරාගන්න බැරි වෙයි"

වසන්ත කිව්වේ දැඩි හඬින්.මේඛලාට තේරුනා තිහස් මොනාම හරි වසන්ත එක්ක කියලා තියෙනවා කියලා.ඒත් මේඛලා වසන්ත එක්ක කට ගහන් ගියේ නෑ.මොකද ඒ වෙලාවේ ඔහුගේ මූණ තිබ්බේ කේන්තියකින් පිරිලා.වසන්ත කිව්ව දේ නෑහුනා වගේ මේඛලා එතනින් පිටව ගියත් හිතේ තියෙන අදහස නම් නැති කරගන්න ඇගේ හිතේ කැමැත්තක් නෑ.

.....💜️ ....... R I T H U S A K U R A .......💜️.....

සැලෝන් එක හදන්න පටන් ගත්ත නිසා අහිංසා ගොඩක් වෙලාවට උන්නේ ගෙයින් පිට.කිසිම දේක අඩුවක් වෙනවා දකින්න ඇය කැමති නෑ.සුදට සුදේ බාගෙට පේන්ට් කරලා තියෙන කාමරය දකිද්දි අහිංසාට ආසාවේ බෑ.පේන්ට් කරන්න තව මහ ලොකු දෙයක් නෑ.ඒ වැඩ කරන අය දිහා අහිංසා අත් දෙකත් බැඳගෙන බලාගෙන ඉද්දියි සාරංග එතනට ආවේ.

"හෙට මිරර් සෙට් එක ගෙනල්ල හයි කරයි.අර පැත්තට බට ලයින් එකකුත් ගත්තා.සෝෆා සෙට් එක තව දවස් දෙකකින් ලැබෙයි.එතකොට බැනර් එක අනිද්දට ඉවර කරලා දෙයි"

ෆෝන් එක දිහා බලාගෙන සාරංග කියවගෙන යද්දි අහිංසා අහන් උන්නේ ආසාවෙන්.සාරංග වෙන කාටත් වඩා උවමනාවෙන් මේ දේවල් ගැන හොයලා උදව් කරන එක ගැන අහිංසාගෙ හිතේ තිබ්බෙ පැහැදීමක්.

"ඔයා නැත්තම් මට මේ තරම් දුරක් එන්න වෙන්නෙ නෑ සාරංග අයියේ"

අහිංසා කියද්දියි සාරංග දුරකතනයෙන් ඇස් දෙක අයින් කරලා ඇය දිහා බැලුවේ.

"මේ ආව දුර ගොඩක් පොඩ්ඩයි.තව දුර ගමනක් යන්න තියෙනවා.කේශ්ටයි මාධවටයි නිතරම මෙහෙට එන්න බෑනේ.උන්ගෙ වැඩත් මම කරනවට දවසක මට සළකපන් නංගි හරියෑ..."

අහිංසා සාරංගගේ හිනාවට එකතු උනා.

"වෙලාවක් එහෙම බලන්න යමන් අන්කල් එක්ක.තව සති දෙකකින් ඔයාට වැඩේ පටන් ගත්තෑකි"

"අප්පච්චි වෙනදා යන තැනෙන් බලවලා දෙන්නම් කිව්වා.මුතූ වැඩේට කැමතියි නේද?එයා එක්ක වැඩිය කතා කරන්නත් බැරි උනා"

"ඒකි කැමතියි.එදා මඟ දිගට යනකනුත් කිය කිය ගෙදර ඉඳලා ඇති වෙලා කියලා.ඔහොම සද්ද නැතිව උන්නට බලනවකෝ සෙට් උනාම කට කටර් එක වගේ.තමුසෙටම හොඳයි"

සාරංග එහෙම කිව්වට අහිංසාට නම් ඒ දේ විශ්වාස නෑ.මොකද බැලූ බැල්මට මුතූව පේන්නේ හරිම නිහඬ චරිතයක් විදියට.ඒ අතරෙ සාරංගට ඇමතුමක් ආව නිසා ඔහු ඉවතට ගියේ අහිංසා ජනේලට හේත්තු වෙද්දී.

"ඇයි?....ඉතින්....හා...හා..ගෙදර ආවම ඔය ගැන කතා කරමුද?ඈ...ඒ කවද්ද???පිස්සුද ඔයාට???....මගෙන් නාහා ඇයි හා කිව්වේ??.....ඇවිත් කතා කරමු කිව්වනේ.."

වෙලාවකට නොරිස්සුමෙන් වෙලාවකට කලබලෙන් කතා කරන සාරංගගේ හඬට අහිංසා ඇහුන්කම් දුන්නේ ඔහු දිහාම බලාගෙන.කවදත් සැහැල්ලුවෙන් ඉන්න සාරංගගේ මූණ වෙනස් උනාම හොඳට හොයාගන්න පුලුවන්.ඔලුවත් කස කස කියවන සාරංග දිහා අහිංසා බලාගෙනම උන්නේ හිතට අමුතු හැඟීමක් දැනෙද්දී.වෙන කවරදාකටවත් වඩා සාරංගව මේ දවස් ටිකේ ඇයට ළඟින් ආශ්‍රය කරන්න හම්බුනා.ඒ නිසාමදෝ මන්දා වෙනදා දැකලා නැති ලස්සන චරිතයක් සාරංග තුළ ඉන්නවා කියලා අහිංසාට හිතුනා.

සාරංග ඇඳන් උන්නු අත් දිග කොටු කොටු කමිසය,ඩෙනිම් කලිසම,ගාණට කපලා තිබ්බ රැවුල,ජෙල් ටිකක් ගාලා ටිකක් උස්සලා තිබ්බ කොණ්ඩය නිසා වෙනදාට නොදකින මොකක්දෝ ලස්සනක්,කඩවසම්බවක් අහිංසාට ඔහු තුළින් පෙනුනා.ඔහුගේ ජීවිතේට ගෑණු ළමයින්ගේ ආගමනයක් ගැන අහිංසා මෙච්චර කාලෙකට අහලා තිබ්බෙ නෑ.ඒත් ඔහු දිහා බලන් ඉද්දි අහිංසාට දැනුනේ කුතුහලයක්.ඇත්තටම සාරංගට කෙල්ලෙක් ඉන්නවාද කියන ප්‍රශ්ණය එකපාරටම ඇගේ හිතට වද දෙන්න ගත්තා.ඇමතුම ඉවර වෙලා සාරංග ඇය ළඟට ආයේ එනකන්ම අහිංසා උන්නේ ඔහු දිහාම බලාගෙන.

"අහිංසා..."

"අහ්..."

ඔහු දිහා බලාගෙන උනත් ඇය උන්නේ කල්පනාවක.අහිංසාගෙ බැල්ම සාරංගට ගාණක් නොවුනත් අහිංසාට හිතුනෙම සාරංග දිහා බලන් උන්නු එක ඔහු දකින්න ඇති කියලා.ඇගේ හිතට දැනුනේ පොඩි අපහසුතාවයක්.

"මං පහළට යනවා.මෙතන කරන්න වැඩකුත් නෑනේ.පියල්ට කෝල් කරලා ගෙන්නගෙන තව ටිකකින් ගෙදර යන්න.මං එතකන් කන්න මොනාහරි ගෙන්න ගන්නම්"

සාරංග කියවගෙන ගියත් ඇගේ ඔලුවට ඒ කිසි එකක් වැටුනේ නෑ.ඇගේ හිතේ වැඩ කළේම සාරංගට ආව ඇමතුමයි.සාරංග කඩ කාමරෙන් එළියට එද්දී අහිංසාත් ඔහු පසුපසින් වැටුනා.දැන් නම් හිතේ නලියන ප්‍රශ්ණය අහන්නෙ නැතිව ඉන්න බැරි ගාණයි.

"කා එක්කද අනේ එච්චර වෙලා කතා කළේ?කෙල්ලද?"

වෙනදා අහන විදියටම අහිංසා ඇහුවත් ඇගේ හිතට දැනුනේම ගැස්මක්.හිත පැතුවෙම ඒ කෙල්ල නොවේවා කියලා.ඇයටත් හිතාගන්න බෑ ඒ ඇයි කියලා.

"හ්ම්ම්..කෙල්ල තමා"

අහිංසා අහන ප්‍රශ්ණයේ අමුත්තක් සාරංගට දැනුනේ නෑ.ඒත් අහිංසාගෙ හිතට දැනුනේ ඊර්ශියාවක් වගේ හැඟීමක්.

"එහෙමද???අපි දන්නෙත් නෑ"

අහිංසා එහෙම කිව්වට මොකෝ හිත නම් තිබ්බේ කලබල වෙලා.

"තමුසෙ නොදන්න විදියක් නෑ.දැනටම දන්නවා ඒ කවුද කියලා"

සාරංග කියද්දි අහිංසාට පඩිපෙළ බහින්නත් අමතක උනා.ඇය දන්න සාරංගගේ කෙල්ල කවුද?

"මං දන්න කෙනෙක්??මගෙ යාලුවෙක්ද?"

"නෑ"

සාරංගත් නොදැනිම කරන්නේ අහිංසාගෙ කුතුහලය අවුස්සන්න එක.

"එහෙනම්???කියන්නකෝ අනේ අගය නොකර"

අහිංසා ඒ පාර අන්තිම පඩියට බැහැලා සාරංගව හරස් කරගත්තා.සාරංගට හිනාවක් ගියා අහිංසාගේ මූණ දැකලා.

"උඹටත් ඕනෙ නැති ඕපයක් නෑ.මට මොන කෙල්ලොද බං?ගෙදර ඉන්න කෙල්ල කතා කළේ..මදර් ස්වීටි"

සාරංග කියද්දියි අහිංසාට ඒ කවුරු ගැනද කියන්නෙ කියලා තේරුනේ.සාරංග එහෙම කියලා ස්ටූඩියෝ එකට යද්දි අහිංසාට ඉබේම හිනාවක් පිට උනා.

'මමත් මහ මෝඩියෙක් අප්පා'

අහිංසා ඇගේ හිසටම පහරක් ගහගත්තේ හිතට නොතේරෙන සැහැල්ලුවක් එක්ක සතුටක් දැනෙද්දී.

.....💜....... R I T H U S A K U R A .......💜️......

අහිංසා ගියාට පස්සේ සාරංග උන්නේ කල්පනා ලෝකෙක.ඔහුගේ අම්මා මිහිරානි කිව්ව දේට ඔහුගේ හිත වෙනදාටත් වඩා කලබල වෙලා.කේශ් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන නිසා සාරංග කා එක්කවත් මුකුත් කියන්න ගියෙත් නෑ.කේශවගෙයි චාන්‍යාගෙයි වෙඩින් එකේ වීඩියෝ එකයි ඡායාරූප ටිකයි හදල ගන්නත් ඕන නිසා.ඡායාරූප එඩිට් කරන වැඩේ ගෝලයා කරන නිසා සාරංග බැලුවේ වෙඩින් එකේ වීඩියෝස් ටික.පැයක් පමණ වීඩියෝ එකේ වැඩ ටික බලන අතරේ සාරංගගේ දෑස් වලට අහු උනේ ඔහුට ඒ වෙද්දි පොඩ්ඩක් මතකෙන් ගිලිහුනු රුවක්.

'තිහස්..මේ ඉන්නේ පොර'

ඔහු හිතුවේ වීඩියෝ දිහා බලන ගමන්.චාන්‍යායි කේශවයි නෑයන් එක්ක කතා බහ කරද්දියි ඩාන්ස් ෆ්ලෝර් එකේ නටද්දියි හා සිංදු කියද්දි එහෙන් මෙහෙන් තිහස්වත් කැමරා කාචයට හසු වෙලා තිබ්බා.ඒත් එක තැනකදි සාරංග ඒ වීඩියෝ එකේ එක කොටසකට අවධානය වැඩිපුර යොමු කළා.එතනදී ඔහු දැක්කේ තිහස් අහිංසා දිහාම බලාගෙන ඉන්න විදිය.ඒ බැල්ම එක තප්පරේකටවත් අහිංසාගෙන් මිදුනේ නෑ.තිහස් ඉන්න හැම තැනකම ඔහුගේ බැල්ම යම් තැනක රැඳිලා තියෙනවා කියලා සාරංගට තේරුනා.ඔහුගේ හිත කිව්වෙම ඔහු අවදානෙන් බලන් ඉන්නේ අහිංසා දිහා කියලා.

"ශිට්..."

ඔහුට නොදැනිම කේන්තියෙන් මුවින් පිට වුනේ තිහස්ගේ චරිතෙ මොන වගේද කියලා දන්න නිසා.තිහස්ගේ මුහුණේ තිබූ ඒ බැල්ම සාරංගට ඇල්ලුවේ නෑ.එදා අහිංසා එක්ක දාගත්ත කෝන්තරේ ගැන පොඩ්ඩක්වත් සාරංග දැනන් උන්නෙ නෑ.ඒ නිසාම සාරංගට හිතුනෙම තිහස් හදන්නේ අහිංසාව අමාරුවෙ දාන්න කියලා.එදා ඔහු සූරියබණ්ඩාර නිවසට ආව වෙලාවෙත් කාමරේට යන්න කළින් අහිංසාට හෙලුවේ අමුතුම බැල්මක්.අහිංසා ගැන නොතේරෙන බයක් හිතට එද්දි සාරංගට හිතුනෙම කේශව එක්ක හැමදේම කියන්න.ඒත් තප්පරේකට දෙකකට ඔහු කල්පනා කළා.කේශවවත් ගිරිරාජ්වත් තිහස් ගැන මොනා කිව්වත් මේ මොහොතේ පිළිගන්න එකක් නෑ කියලා සාරංගට හිතුනේ තිහස් ඔවුන්ගේ දිහාම නතර වෙලා ඉන්න නිසා.ඒ මදිවට තිහස් වැඩ කරන්නෙත් කේශවගේම ආයතනයේ.ඒත් මොන දේ සිද්ද උනත් අහිංසා ගැන අවදානෙන් ඉන්න ඕනෙ කියලා සාරංගගේ හිතට තදින්ම දැනුනා.

වීඩියෝ එකේ වැඩේ කරන අතරතුර සාරංගට නැවතත් ඇමතුමක් ආවේ මිහිරානිගෙන්.

"අම්මේ ඔයා ආයෙත් ඔය ගැන කතා කරන්න නම් හදන්නේ ෆෝන් එක තියන්න.මං වැඩක්.ගෙදර ඇවිත් කතා කරමු"

සාරංග කියවගෙන ගියේ මිහිරානි ඔලුවට දැම්ම කාරණය බරක් වගේ දැනුනු නිසා.

"නෑ..නෑ ළමයෝ.පුංචා කතා කළා..මුතූට ආයෙමත් ෆිට් එක වගේ ඇවිල්ලලු.බාප්පත් ගෙදර නෑ.අනේ පුතේ ඔය වැඩ පැත්තකින් දාලා චුට්ටක් ගිහින් බලන්න"

මිහිරානි කියද්දි සාරංගව පුටුවෙන් නැඟිට්ටුනා.ඊයේ පෙරේදා අපූරුවට උන්නු කෙල්ලට ආයෙමත් අසනීප වෙන්න තරම් හේතුව සාරංගට තේරුනේ නෑ.

"හා.ඉන්න මං බලන්නම්"

සාරංග ඒ තප්පරේම පිටත් උනේ රශාන්ටත් විස්තරේ කියාගෙන ස්ටූඩියෝ එකේ වැඩ ටික පවරලා.එක පිම්මේ සාරංග මුතූගෙ නිවසට වාහනය ධාවනය කළේ මුතූගෙ තත්ත්වය ගැනත් සැරෙන් සැරේ කෝල් කරමින් දැනගන්න ගමන්.මුතූගෙ නිවස ඉස්සරහින් වාහනය නතර කෙරුව ගමන්ම සාරංග ගේ ඇතුළට දිව්වා.ඒ වෙද්දි සාරංගගේ පුංචි උන්නේ සාලෙට වෙලා.

"පුංචා..කෝ නංගි?ඇයි ඒ එකපාරටම?"

සාරංගගේ පුංචිගේ මූණේ තිබුනේ වේදනාවක්.ඒ ඇස් අඬලා රතු වෙලා.

"කාමරේ පුතේ.උදේ හොඳට හිටියා.දවල්ට කාලා ආයෙත් කාමරේට වෙලා උන්නේ.සද්දයක් නැති නිසා නිකමට ගිහින් බලද්දි කෙල්ල ඇඳෙනුත් බිමට වැටිලා ගැහි ගැහි උන්නා පුතේ..."

ඇය හඬන්නට ආසන්නයි.සාරංග කාමරේට ගියේ අඩියට දෙකට.ඒ යද්දිත් මුතූ හිටියේ ඇඳ විට්ටමට ඔලුව තියාගෙන හේත්තු වෙලා ජනේලෙන් එළිය බලාගෙන.සාරංග කාමරේට එන හඬ ඇහුනු මුතූ හැරිලා බැලුවේ ගැස්සිලා වගේ.ආ වේගෙන්ම සාරංග ඇවිල්ලා වාඩි උනේ මුතූගෙ එහා පැත්තෙන්.

"මොකද උනේ?"

සාරංග ඇහුවේ හිතට ආව කේන්තිය හංඟගෙන.ඔහු දන්නවා මුතූගෙ මේ හැසිරීමට හේතුව.වෙනසකට තිබ්බේ මුතූ මෙහෙම අසනීප උනේ අවුරුදු එකහමාරකට පස්සේ උනු එක විතරයි.

"මුතූ..මොකද උනේ කියනවා.තමුසෙ දන්නවා තමුසෙගෙ නිකී අයියා හොඳට හොඳයි වගේම නරකට නරකයි කියලා"

සාරංග කියද්දි බිමට බර කරන් උන්නු ඇස් උස්සලා ඇය ඔහු දිහා බැලුවේ බයෙන් වගේ.

"එයාව මතක් උනා"

ඇහෙන නොඇහෙන ගාණට එහෙම කියලා මුතූ ආයෙම ඇස් දෙක බිමට බර කරගත්තා.සාරංගට අතක් මිට මෙලවුනේ කේන්තියටමයි.

"තමුසෙව එපා කියලා දාලා ගිය එකෙක් ගැන ආයේ හිතන්න තමුසෙට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද ආ??"

සාරංග කියද්දි මුතූට ඇඬුනා.ඔහුව මතක් නොවිච්ච දවසක් නෑ කියලා කෑ ගහලා කියන්න හිතෙන තරම්.ඒත් ඇය නිහඬවම ඉකි බින්ඳා.එදා නුවර ගිය එකෙන් හිතේ වලදාලා තිබ්බ මතකය නැවත උඩට ආ හැටි දන්නේ මුතූ විතරයි.ඒ හැඟීම නිසා වෙඳෙව්ව හැටිත් දන්නෙ ඇයම විතරයි.මුතූගෙ ඇස් වලින් වැටෙන කඳුලු දරාගන්න සාරංගට බෑ.ඒ ඔහුට ඉන්න එකම සහෝදරිය.එක කුසේ උපන්නෙ නැති උනාට ඒ බැඳීම ගොඩක් ශක්තිමත් බැඳීමක්.මුතූ ගාවටම කිට්ටු වෙලා සාරංග ඇගේ කර වටා අත දාලා ඇයව පපුවට තුරුලු කරගද්දි ඇයත් ඔහුගේ පපුවේ මූණ හංඟගත්තා.

"හදාගෙන හිටිය හිත ආයේ කැඩුනේ ඇයි කියලා මං අහන්නෙ නෑ නංගී.ඒත් තමුසෙ ඔහොම වැටෙන වාරයක් ගානෙම තමුසෙත් එක්ක පුංචායි බාප්පයි කඩා වැටෙනවා.තමුසෙට කාවවත් නැති උනේ නෑ.ඒ රැවටිලිකාරයාට තමුසෙව නැති උනු එක විතරයි උනේ.තමුසෙ තාම චූටි කෙල්ලෙක්.මහ ලොකුවට ආදරේ කළාට තමුසෙට පිරිමි කියන්නෙ මොන වගේද කියලා තේරුමක් නෑ.හිත හදාගමු කොහොමහරි.කල්පනා කරලා ආයේ දුක් විඳින්න එපා.අවුරුදු එකහමාරකට කළින් බේත් වලින් ජීවත් වෙවී විඳවපු මුතූව ආයේ ගේන්න හිතන්න එපා.තමුසෙට මං මේ වැඳලා කියන්නේ"

සාරංග ඒ ටික නම් කිව්වේ තරහින් නෙමේ.ඇගේ හිත හැදෙන විදියට.ඒ වෙද්දි මුතූගෙ ඇඬීම නතර වෙලයි තිබ්බේ.ඒත් හිතේ දුක නම් එහෙමමයි.මුතූගෙ අම්මත් කාමරේ උළුවස්සට හේත්තු වෙලා බලන් උන්නේ ඔවුන් දෙදෙනා දිහා.සෑහෙන වෙලාවක් යනකන් සාරංගගේ පපුවට හේත්තු වෙලා උන්නු මුතූට දන්නෙම නැතිව නින්ද ගිහින්.එහෙමම ඇයව ඇල කරවපු සාරංග කාමරෙන් එළියට ආවේ ඇගේ හිස අතගාගෙනමයි.

"වෙනදා තරම් අමාරු උනේ නැද්ද පුංචා?"

සාරංග ඇහුවේ කුස්සියට වෙලා කේතලෙත් ලිපේ තියලා වෙන කල්පනාවක උන්නු මුතූගෙ අම්මා මිහිරිගෙන්.

"නෑ පුතේ.මං අත් දෙකෙන්ම අල්ලලා හොල්ලපු පාර ටිකක් නතර උනා.ඒත් පිස්සුවෙන් වගේ කියෙව්වෙම මට එයාව මතක් වෙනවා අම්මේ කියලා.බය හිතුනු පාර මං කම්මුලටත් පාරක් දුන්නා පුතේ.එතකොටයි කෙල්ල හරි සිහියට ආවේ"

මිහිරි කිව්වේ ඇහැට උනපු කඳුලක් පිහින ගමන්.

"ඒ බ#$#$# මොකාද කියලා මට හොයාගන්න විදියක් ඇත්තෙම නෑනේ.නමවත් ඔලුවට එන්නෙ නෑ"

සාරංග කිව්වේ නොරිස්සුමෙන්.මුතූගෙ සම්බන්ධෙ ගැන ගෙදරින් දැනගත්තේ ඒ සම්බන්ධෙ නතර වෙලා ඇය අසනීප උනාටත් පස්සෙයි.ඒ වෙද්දි ඇය උමතුවෙන් වගේ ඔහුගේ ඡායාරූප රැඳි දුරකතනයත් පොළවේ ගහලා තිබ්බා.තිහස්ගේ නම ඇගේ මුවින් පිට උනෙත් බොහොම කලාතුරකින්.

"දැන් ඕවා ගැන හොයලා වැඩක් නෑ.ඒ ළමයා ඉන්න තැනක සතුටින් ඇති.මට මගේ කෙල්ලව සනීප කරගන්න තිබුනොත් ඒ හොඳටම ඇති.ආ..මේ තේ එක"

මිහිරි දුන්නු තේ එක සාරංග ගත්තේ ලොකු කල්පනාවක ඉන්න ගමන්.මුතූව ආයෙත් මානසිකව වැටුනොත් කියලා සාරංගට බයයි.බලෙන් හරි ඒ කවුද කියලා අහගෙන ඒ කොල්ලව මරලා දාන්න තරම් සාරංගට කේන්තියි.

"අහිංසාත් සැලෝන් එකේ වැඩ ඉක්මනට පටන් ගනීවි.මුතූව එතන වැඩ වලට ගියාම ඔය කෙහෙල්මල් මුකුත් හිතන්න වෙලාවක් නැති වෙයි.තනියම කල්පනා කරන නිසානේ මේ හැමදේම.මමත් ස්ටූඩියෝ එකේ ඉන්න වෙලාවට හොයලා බැලුවෑකි"

"ඒක තමා මාත් බාප්පා එක්ක කතා කළේ.ඒ වගේ වැඩක් ආසාවෙන් කරද්දි ඕවා අමතක වෙයි"

බී අවසන් කළ තේ කෝප්පය මිහිරි අතට දුන් සාරංග නැවතත් මුතූගෙ කාමරේට එබුනා.ඒ විදියටම ඇය තාමත් නිදි.

"මං ගිහින් එන්නම් පුංචා.අරූ ස්ටූඩියෝ එකේ තනියම.මොනා හරි ඕන උනොත් කෙළින්ම මට කෝල් කරන්න.නංගිට තනි වෙන්න දෙන්න එපා"

මිහිරිට වැඳ සමුගත් සාරංග නැවත ආවේ ස්ටූඩියෝ එකට.ඒත් හිත එකලස් කරගෙන වැඩක් කරගන්න ඔහුට හිතෙන්නේම නෑ.ඔහුගේ හිතේ වැඩ කළේ මුතූට මෙවැනි දුකක් දුන්නු කෙනාව අහු කරගන්න එක විතරයි.නැවත මුතූ අසනීප උනු එකෙන් උනේ සාරංගගේ හිතේ තිබ්බ තරහව තවත් වැඩි උනු එක.ඒත් මේ හැමදේටම හේතුව ඔහුගේම මිතුරාගෙ නිවසේ නතර වෙලා ඉන්න තිහස් නිසා කියලා සාරංගට නිකමටවත් හිතුනේ නෑ.

- මතු සම්බන්ධයි -

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

අදහසක් කියාගෙනම යමු.මල්සරා මුලින්ම කාට ඊතලෙන් විඳියිද?
💘💘💘

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

353K 5.9K 45
I never thought to write a book about my favorite show I hope u enjoy ✨KEEP THIS BOOK IN YOUR LIBRARY IF YOU WANT TO BE UPDATED💖
12.2K 1.9K 32
හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩක්...❤️ හුස්ම නැවතුනත් පණ ගැහෙන ආදරයක්...
1.6M 92.5K 46
|𝐑𝐨𝐬𝐞𝐬 𝐚𝐧𝐝 𝐂𝐢𝐠𝐚𝐫𝐞𝐭𝐭𝐞𝐬 - 𝐈| She was someone who likes to be in her shell and He was someone who likes to break all the shells. "Jun...
592 212 11
හදවතෙහි දොරගුළු විවර කර ඇහුම්කන් දෙන්න තාලයට ගැහෙන හදවතේ ශබ්දයට ලස්සන කවි පද වැල් ගෙතේවී ඔබගේ සිත තුළින් ඉතින් ඔබගේ හදවතට ඉඩ දෙන්න සිත තුළ තෙරප...