පෙම්බර වැද්දා

By AnjanaKumarasiri

21K 4.8K 1.2K

නාරද හිතේ තියෙන දේවල් බෙදාගන්න කියලා බොරු ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවා. ඒකට ආපු පලවෙනි මැසේජ්එකේ නම තිබුණේ "... More

එක
දෙක
තුන
හතර
පහ
හය
හත
අට
නවය
දහය
එකොළහ
දොලහ
දහතුන
දාහතර
පහලොව
දාසය
දාහත
දාහඅට
දහනවය
අවසාන කොටස

විස්ස

779 216 38
By AnjanaKumarasiri


තේමිය නාරදට එතන ඉදගෙන ඉන්න කියලා පොඩ්ඩක් එහෙමෙහෙ ඇවිදලා හොයලත් බැලුවා චානක පේන තෙක් මානෙක ඉන්නවද කියලා.

චානක නැහැ... හරියට හොල්මනක් අතුරුදහන් වෙනවා වගේ කොහේ ගිහිල්ලාද කියලා හොයාගන්න විදිහක් නැහැ. බැරිම තැන චානක කොහේ ගිහිල්ලා ඇතිද කියලා පාර්ක්එකේ පිරිසිදු කිරීම්වලට වැඩට ආපු තවත් කෙනෙක්ගෙ තෙමිය අහලා බැලුවා.

"ආ... චානකව පානදුර හොස්පිටල් එකක කට්ටිය මදිවෙල එහෙට යැව්වා..." මැදිවියේ ගෑනුකෙනා උත්තර දුන්නේ තේමියගේ මූණවත් බලන්නෙ නැතුවමයි. "සමහර වෙලාවට එහෙම කරනවා... ඇයි මොකක්ද උවමනාව?"

සැකෙන් වගේ ගෑනු කෙනා අහනකොට "මොකුත් නැහැ... නිකං..." කියලා තේමිය එතනින් මාරු උනා

නාරදට විස්තරේ කියලා එයාවත් හිට ගස්සව ගෙන තේමිය පාර්ක් එකෙන් එලියටගියේ එයාට උදව් කරපු අලුත්ම යාළුවා ආයෙමත් සැරයක් හම්බවෙලා කතාබහ කරන්න තිබුණ නම් කොච්චර හොඳයිද කියලා කල්පනා කරන ගමන්. ඒ අතරේ, නාරද කියපු විස්තරේ තේමියගේ හිත ඇතුලෙ කැරකෙනවා. ඉන්නේ කොහෙද කියල චානක කිව්වේ බොරුවක්ද... ඒහෙමත් නැත්තං ඇත්තක්ද? නාරද කිව්වවගේ පාලමට එහායින් තියෙන්නේ ගොහුරු බිමක් විතරක් නම්?

චානක එහෙම කිව්වේ ඉන්න තැන වෙන කාටවත් කියන්න තිබුණු අකමැති කමකටවත්ද කියලා ඊළඟට තේමිය හිතුවා.

"ඔච්චරම හිතන්න දෙයක් නැහැනේ... අපි යනකොට ඒ පාරෙන් ගිහිල්ලා බලාගෙන යමු...."

නාරද යෝජනා කරනකොට ඒ දෙන්නා රිස්වාන් වාහනය නවත්තගෙන හිටපු තැනට ඇවිල්ලා ඉවරයි.

රිස්වාන් වාහනෙන් එලියට පැනගෙන බැස්ස නෙමෙයි. පැනගෙන ආවා.... තමන්ගේ හොඳම යාළුවා මූණෙ හිනාවකුත් නැතුව එන විදිහ දැකපු තේමියට හිතුනෙ රිස්වාන් ළඟට ඇවිල්ලා මූණකට සමතලා වෙන්න අත මිට මොලවලා පාරක්දෙයි කියලයි. තේමිය දත් ඇඳිදෙක එකට තදකරගෙන එයාගේ හොඳම යාළුවාග්‍රෙ මුහුණේ තිබුණු හැඟීම්, කේන්තියෙන්.... සැනසිලිදායකබවට හැරෙන හැටි බලාගෙන හිටියා.

"ආයෙ ඔය වගේ මෝඩ වැඩක් කලොත් හොයාගෙන ඇවිල්ලා ගහන්නේ!" රිස්වාන් කිව්වේ තේමියව බදාගන්න ගමන්.

"ආයෙ ඒ වගේ මෝඩ වැඩක් කලොත් අනිවාර්යෙන් උඹට මම කියන්නම්." තේමිය ඇඬුම්බර ස්වරයකින් එයාගේ යාලුවට කිව්වා.

රිස්වාන් එකපාරම තේමියව අතහැරියොත් නැහැ.

යාලුවො දෙන්නට එහෙම ටික වෙලාවක් ඉන්නදීලා නාරද හෙමින්සැරේ රිස්වාන්ගේ කාර්එකේ එකෙ පිටිපස්සෙ ආසනේට ගොඩ උනා.

තේමියගේ අම්මයි තාත්තයි හොඳටම බයවෙලා. නාරදට තිලක් මහත්මයාගේ නාලිකා නෝනගෙයි බයවීම තේරුම්ගන්න පුළුවන්. ඉන්න එකම දරුවා... කොහෙද කියලවත් නොදන්නකොට දෙමවුපියන්ගේ හිතට දැනෙන හැඟීම අනෙක් හැම කාරණාවක්ම යටපත්කරලා දාන්නඇති කියලා නාරදට හිතුනා.

"ඉතිං තේමිය ඇයි අපිට බොරු කිව්වේ?" අන්තිමේදී තිලක් මහත්මයා ඇහුවේ එයාගේ පුතා බොරුවක් කිවුවා කියලා විශ්වාස කරන්නත් බැරි හඬකින්.

නාරද ටිකක් කේන්තිත් ගියා.

ඇත්තටම තිලක් මහත්මයාට හිතාගන්න බැරිද තේමිය ඇත්ත හංගලා බොරුවක් කරන්න නාරදට බලකරේ ඇයි කියලා?

අනෙක් අතට තේමිය එයාලගේ ජීවිතෙන් ඈතටයන්න තීරණය කරන්න හේතුව, දෙමව්පියන්ගේ ආදරය... ආරක්ෂාව... අවශ්‍යම මොහොතකදී ඒ රැකවරණය නැතිවීම කියලා නාලිකා නෝනටයි තිලක් මහත්මයාටයි හිතෙන්න ඇති. දෙන්නම උගත් මනුස්සයෝ... තමන්ගේ අතින් වැරැද්දක් සිද්ධ වෙනකොට... වැරැද්ද වැරැද්දක් හැටියට පිළිගන්න තරම් නිහතමානීකමක් තේමියගේ අම්මගෙයි තාත්තගෙයි ලග තිබීම ගැන නාරද සතුටුවුණා.

තේමිය තමන් ඉන්නතැන දන්වලා මැසේජ් එකක් එව්වට පස්සේ එයාගේ හිතේ එතෙක් වේලාවක් තිබුණු බය යන්තම් අඩුවෙලා යනවා නාරදට දැනුනා.

සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියේ තේමිය ඇස් දෙකෙන්ම දැක්කට පස්සේයි. එච්චර ටික කාලයකදී තේමියට කොච්චර ප්‍රමාණයක් කිට්ටු වෙලාද... ලංවෙලාද... කියලා නාරද තේරුම් ගත්තේ අන්න ඒ මොහොතේදීයි.

නාරදගේ අම්මයි තාත්තයි එතෙක් වෙලාවක් එයාගෙන් වැඩිදුර ප්‍රශ්න අහන්නගියේ නැහැ. ඒ දෙන්නත් තේමියගේ අම්මයි තාත්තයි ගානටම තේමියගැන වදවෙවී හිටියේ. නමුත් නාරද දන්නවා ගෙදර ගියාට පස්සෙ ප්‍රශ්න කෝටියක් ඒ දෙන්නගෙන් තමන්ට ලැබෙන විත්තිය.

නාරද ඒවට මුහුණ දෙන්න සූදානම්.

තාත්තා මුලදී දැක්වුව ප්‍රතිචාරය දැක්ක නාරදට ඒ බව හිතට දැනුනා. අම්මා සමහරවිට එයාව තේරුම්ගන්න බැරිකමට ටික දවසක් මූණනරක් කරගෙන ඉඳීවි.

'එහෙත් තාත්තා ඉන්නවානේ...'

නාරද සැනසුම් හුස්මක් හෙලුවා.

🍀🍀🍀🍀🍀🍀🍀

"තාත්තට තවම මා එක්කලා හරියට කතාකරන්න වෙලාවක් ලැබුනේ නැහැ..." නාරද හීන් හඬකින් කිව්වේ තේමියගේ ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්නයි.

තේමියටත් ටිකක් ලැජ්ජයි. කිසිම දෙයක් හිතලා නොබලා... දුරදිග කල්පනා නොකර හදිස්සියෙම ගෙදරින් පිටවෙන්න ගත්ත තිරනයගැන. හැබැයි දෙන්නම පාඩමක් ඉගෙනගෙන.

"අපේ තාත්තා බනීවිද?" තේමිය ආයෙමත් ඇහුවා.

"මම හිතන්නේ නැහැ...." නාරද දෙන්නා එකට පටලවාගෙන හිටිය අත්දෙක දිහ බලාගෙන කිව්වා.

"මම හින්දා දැන් ඔයත් කරදරේ..."

"පිස්සු නොකියා ඉන්නවා තේමිය!" නාරද කිව්වේ කෙන්තිගත්ත හඬකින්. "අපි කවුරුවත් කරදරේ වැටුනනම් ඒ නිශාදිගේ තිබුන මෝඩකම නිසයි... මේක නිශාදිට අයිති රහසක් නෙමෙයි... නිශාදිගේ සම්බන්දයකුත් නැහැ. කොල්ලො දෙන්නෙක් ආදරය කරන්වා තෙරුම්ගන්න බැරිනම් එක්කො ඒගැන ඉගෙනගන්න ඔනේ... නැත්නම් තමන්ට අයිතිදෙයක් නෙමෙයි කියලා හිතලා පැත්තකට් වෙන්න ඕනේ... අපේ අම්මටයි තාත්තටයි මංගැන කියන්න එයාට අයිතියක් නැහැ!"

එතෙක් වෙනකල් ඉස්සරහට වෙලා කිසිම දෙයක් ඇහෙන්නේ නැතිගානට වාහනේ එලවමින් හිටිය රිස්වාන් නාරදගේ කතාව අනුමත කරන්න වගේ ඔලුව ඉහලපහල වැනුවා. සැරින් සැරේ රිස්වාන්ගෙ ෆොන්එකට මැසෙජ්එන සද්දේ ඩියොන්.. ලසිත්ලා විස්තර අහලා එවන පණිවිඩ කියලා නරද දන්නවා. නිශදි ඇරෙන්න හැමෝම තෙමියගැන වදවෙනවා. තවමත් නිශාදිගේ මැදිහත්විමට සමාවක් දෙන්න නාරද සූදානම් නැහැ.

හැමදාම ඇත්ත හංඟගෙන ඉන්න බැහැ... නාරදයි තේමියයි එකට ජීවත්වෙනවා නම් කවදාහරි දවසක ඒදෙන්නට සමාජය ඉස්සර එලිබහින්න වෙනවා. ඒක ඇත්තක්... ඒත් එහෙම ඇත්ත කියනවානම්, ඒක තමන්ගේ හිතේ එකඟතාවයකින්... තමන් තීරණයකරන වෙලාවක... සුදුසු පරිසරයකදී කරනවා මිසක්... තවකෙනෙක්ගේ උවමනාවට බලකරලා කියන්න පුළුවන් දෙයක් නෙමේයි.

"මේතන තමයි තැන නම්..."

හිරණ පාලම පහුකරනකොට නාරද වටපිට බලලා කිව්වා.

ඇත්ත තමයි. වටේටම වගුරු බිමක් වගේ කඩොලාන ගස් වැවිලා මිසක් මිනිහෙක් පදිංචිපාටක් පේන්නවත් නැහැ. පාලම පටන්ගන්න තැන නම් ඇතුලට වෙන්න තිබුණු පාරක් කාපට් කරලා. ඒත් ගෙයක වහලක් පෙනුනෙත් බොහොම ඈතකින්.

"පාලම පහුකරලා ටික දුරක් යන්න ඕනේ කිව්වා..." තේමිය බොහොම බලාපොරොත්තු සහගත ස්වරයකින් කිව්වා.

"පහුකරලා ගියත් මේවගෙම තමයි තෙමිය..." නාරද පහල ගලාගෙන යන වතුරදිහා බලාගෙන යන්ත්ම් ඇහෙන හඬකින් කමිමිනුවා.

තේමියට උවමනාවෙලා තිබුණේ චානක එයාට බොරුවක් කරේ නැහැ කියලා විශ්වාස කරන්නයි. කිසිම කෙනෙක් උදව්වට නාපු වෙලාවක චානක ජීවිතේට කඩාපාත්වෙලා උදව්කරලා... එයාගේ හිත හැදුවාට කළගුණ සැලකීමක් හැටියට අලුත් යාලුවට ප්‍රතිඋපකාරයක් කරන්න තේමියට තිබුණෙ ලොකු උවමනාවක්.

ඒත් චානක කරලා තියෙන්නේ බොරුවක් නම් ?

පාලම පහුකරගෙන වාහනේ ඉස්සරහට ඇඳුනා. නාරද තේමියගේ අතකින් ආයෙමත් අල්ලගත්තේ තෙමියගෙ මුණ ටිකෙන්ටික අදුරුවෙනවා දකිද්දියි. සමහරවිට චානක කියන්න ඇත්තේ බොරුවක් වෙන්න ඇතියි කියලා නාරදට හිතුනා....

තේමිය ඉන්න තත්වේ දැක්කම එයාට වෙන්න පුළුවන් දේවල්වල භයානකකම පෙන්වන්න අහිතක් නැති බොරුවක් කියන්න ඇති... චානක සමහරවිට මේ වෙනකොට එයාගෙ ගෙදර අම්මයි තාත්තයි එක්කද දන්නෙත් නැහැ.

ඉස්ස්‍රහින් තිබුණු පුංචි ලොතරැයි කුඩුවක් කාර් එකට පේන්න ගත්තේ එතකොටයි.

"ඔතන නවත්තන්න!" තෙමිය රිස්වාන්ගේ පිටට තට්ටු කරලා වෙගෙන් කිව්වා.

රිස්වාන් වාහනේ පැත්තකට කරලා නතරකලේ මුහුනේ දෙගිඩියාවක් තියෙද්දියි.

ලොතරැයි කුඩුවේ කවුරුත් ඉන්න පාටක් නැහැ. හතට පැත්තෙන්ම වහලා. ඉස්සරහ කැල්ලෙන් තිබුණු දැල්වලට කොලපාට පොලිතීන් කොලයක් හතර කොනේ ගැටගහලා. වටෙටම තිබුනේ කානුවක් පල්වෙලා නැගෙනවා වගේ ගඳක්. දවල්වරුවේ රස්නෙට මැස්සො... මදුරුවෝ... ඇවිස්සිලා වටේට කැරකැවෙනහැටි කාර්එකෙන් බැහැපු තේමිය දැක්කා.

ලොතරැයි කුඩුවට ඉබ්බෙක්වත් දාලා නැහැ. පොඩි යක්ඩ කම්බියකින් දොර යන්තම් ඇදලා වහලා. තෙමිය රිස්වාන පස්සෙන් එනකොට දොර යන්තමින් ඇරලත් ඉවරයි. පරන බෙඩ්ශිට් එකක බිමට එලලා... පැත්තක ට්‍රැවලින් බැග්එකක්... ට්‍රැවලින් බෑග්එකට එහායින් ඇතුලට වෙන්න පොඩි මුල්ලක ඝනකම් ඉටිකොලේකින් ඔතපු ක්ලීනින් සර්විස් එකේ ශර්ට්දෙකකුයි තව්ත් කලුපාට කලිසමකුයි දකිනකොට චානක නැවතිලා ඉන්න බෝඩිම මේක වෙන්න ඕනි කියලා තෙමියට තෙරුනා.

"අඩෝ!" රිස්වාන් කිව්වේ නලලට අතකුත් තියාගන්න ගමන්.

"මම හිතන්නේ චානක කිව්වේ ඇත්ත...." තෙමිය අන්තිමේදි බිදුණු හඬකින් කියලා ඇස්වලට මතුවුණු කඳුළු බින්දුවක් පිහිදාගත්තා.

🍀🍀🍀🍀🍀🍀🍀

හොස්පිටල් එකේ වැඩ ඉවරකරලා චානක පුළුවන් තරම් ඉක්මනට පාක්එකට ආවේ එයාගේ අලුත් යාලුවට මොකදවුනේ කියලා දැනගන්න තිබුණු ලොකු උවමනාවෙන්.

අවසන් වතාවට තේමියව දැක්ක මාළු තෑග්ටැංකි ලඟට එනකොට එතන හිස්ව තියෙනවා දැක්කහම තේමිය අනිවාර්යෙන්ම එයාගේ යාළුවත්එක්ක පිටවයන්න ඇති කියලා චානක තේරුම්ගත්තා.

පුංචි හිත් වේදනාවක් නොදැනුනාම නෙමෙයි.

ඒත් චානක කියන්නේ තේමියට ආගන්තුකයෙක්... හරියට වැස්ස වෙලාවකට නවාතැන් ගන්න ගොඩවුනු අම්බලමක් වගේ තැනක්. වැස්ස ඉවරවුණහම අම්බලමෙ බැහැල යනව මිසක්... අම්බලමේ වහලෙ කැඩුණුබිඳුණු තැන් සෙවිලි කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ.

"කමක් නැ.... අඩුගානේ මටවගේ පාරටම නොබැහැ ඉන්න තත්ත්වයක් තේමියට ඇතිවුණා නම් එච්චරයි."

හිතේ දුක යටක්රගෙන අන්තිමේදී චානක තමන්ටම කියාගත්තා.

බස්එකෙන් බැහැලා හිරණ පාලමගාවට ඇවිදගෙන යන පාර දිගේ ඇවිදගෙන එනකොට හොඳටම හවස් වෙලා.

යන්න එන්න තැනක් නැතිකමයි... උදව් ඉල්ලගන්න කෙනෙක් නැතිකමයි... හිතේ තියන හයියයි නිසා ගොහුරු බිමක පැත්තක තනිවුනු ලොතරැයි කූඩුව ගෙදර කරගෙන හිටියා මිසක් චානක ගෙව්වේ ලස්සන ජීවිතයක් නෙමෙයි. උදේවෙනකල් චානක බලාගෙන හිටියේ සමහර දවව්වලට නිදි නැතුවමයි. කබරගොයි තලගොයි වටේට බඩගාන සද්දේ එක්ක ගඟ ගලාගෙන යන සද්දේ චානකව අවදියෙන් තිබ්බා. නාන්න කරන්න තැනක් නැහැ... උදේ පාන්දර නැගිටින චානක එයාගෙ වැඩට ගෙනියන බැග්එකේ පොඩි බුරුසුවකුයි ටූත් පෙස්ට්එකකුයි දාගෙන ගිහිල්ලා පාක්එකේ බාත්රුම් එකකින්ම මුහුණ හෝදගන්නවා. ලඟ කඩේකින් කැමකාලා... ටොයිලට්යන්න ඕනෙ වුනොත් එතන ටොයිලට්එකකට යනවා.

මේගෙවන ජිවිතේ කිසිම ලස්සනක්... රසවිඳීමක් නැහැ කියල චානක නොදන්නවා නෙමෙයි.

ඒත්... උත්සහයෙන් දයිර්‍යෙන් ජයගන්න අඩුගානේ තල්ලුවක්වත් දෙන්න කවුරුත් නැතිකොට කොහොමද ජීවිතේ ජයගන්නේ?

තේමියට ඒගන වටහලාදීලා අයෙමත් එයාගේ ගෙදරට යවන්න පුළුවන්වීම ගැන චානක සතුටුවුනේ ඒනියි.

ඇතින් නවත්තලා තිබුනු කාර්එකගැන චානක් එකටම මුකුත් හිතුවේ නැහැ. මේපාරේ කාර් නවත්තගෙන ඉන්නවා චානක ඕනෙ තරම් දැකලා තියෙනවා. පාලුපාරවල්වල වාහන නවත්තලා තියෙනකොට එතනට ගිහිල්ලා මොකද කියලා බලන්න තරම් චානක මෝඩයෙක් නෙමෙයි.

ඒවගේ වෙලාවට කරන්න තියෙන හොඳම දේ වාහනෙ පහුකරගෙන හිමින් සැරේ ඇවිදගෙන ගිහිල්ලා නොපෙනන දුරකදි හැඟිලා ඉඳලා ආයෙමත් සැරයක් ලොතරැයි කූඩුවට ඇවිදගෙන එන එකයි. චානක එදත් එහෙම ඉස්සරහට අමුත්තක් නැතුවවගේ ඇවිදගෙන ගියා. යකඩ කම්බියෙන් වහලාදාපු ලොතැර්‍යි කූඩුවෙ දොර දකිනකොට එයාට දැනුනේ කියාගන්න බැරිබයක්.

වටින දෙයක් තිබුනා කියලා නම් නෙමෙයි....

ඒත් කවුද වහලාදාපු ලොතරැයි කුඩුවක් ඇරලා බලන්නේ?

චානක මොහොතකට එකතන නතර්වුනා.

අඩි දහයක් පහලවක් ඉස්සරහ වෙන්න නවත්තපු වාහනේ දොරවල් ඇරිලා කවුද එන්නේ කියලා දකිනකොට චානකට වෙගෙන් හුස්ම වැටෙන්න පටන්ගත්තා. එක්කෙනෙක් තරමක් උසමහත කොල්ලෙක්... අනිත් එක්කෙනා කිහිලිකරුදෙකකින් ඇවිදින කෙට්ටු කොල්ලෙක්... ඒ දෙන්නගේ මැද්දේ උදේ උඳන් එයා එක්ක කතාකරකර හිටිය තේමිය!

තේමිය එයාව හොයාගෙනම ඇවිල්ලා!

චානකට ලොකු සැනසිල්ලක් දැනෙන්න ගත්තා.

එකම එක්කෙනෙක්.... මේ ලෝකෙ එකෙම එක්කෙනෙක් එයාගැන පොඩියට හරි හිතනවා කියලා දැනුණු චානකගේ ඇස්වලට සතුටු කඳුළුමතුවුනේ ඉබේටමයි.

මතු සම්බන්දයි....


ඊලඟ කොටස: 2023/03/06 සවස 5.00ට.

ඒක අවසන් කොටස ලමායි... 🙂 

Continue Reading

You'll Also Like

85.7K 16.1K 31
මානසට ඉස්කෝලේදි බිමදාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙකපුරාම ඔරවගෙන බලාහිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්න...
300K 7.4K 76
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
1.4K 215 8
Abandoned Hands 2 මහ වැස්සක් බිමට හෙලා නිදහස් වූ අහසක් සේ ඔබ නිසොල්මනේ එපා හිදින්න අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න ♡
39.2K 5.9K 16
ඇත්තටම සල්ලි නැති තැන ජීවිතයක් තියෙද....නෑ...මට අනුව නම් නෑ....මොකද සල්ලි තමයි ජීවිතේ....සල්ලි තියේ නම් මොනවද කරන්න බැරි....මොනවද ගන්න බැරි.... . . ...