සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

65.9K 6.1K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
2
3
4
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

5

964 81 0
By Rithu_Sakura

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️5 කොටස💜️

"චානු...මං ඇතුළට එන්නද?"

අහිංසා ඇහුවේ කේශවගේ කාමරේට එබිලා.චාන්‍යා උන්නේ එයාගෙ රෙදි අල්මාරියට දාන ගමන්.වැඩේ නතර කෙරුව චාන්‍යා අහිංසා දිහා හැරිලා බැලුවේ අමුතුවට.

"කන්න වගේ බලන් ඉන්නේ මොකද ආ?මං ඇතුළට එනවා හරිද?"

අහිංසා ඇහුවේ චාන්‍යා පොඩි හිනාවක් දාන් ඉන්න නිසා.

"කෙල්ල සෑහෙන්න දියුණු වෙලා නේද?ඉස්සර නම් කාමරේට ඇවිල්ලානේ ආවට කමක් නැද්ද අහන්නේ.දැන් පොඩ්ඩක් ඩීසන්ට් වෙලාද මන්දා"

චාන්‍යා කිව්වේ අන්තිම ඇඳුමත් අල්මාරියට දාන ගමන්.චාන්‍යා මහ ඇඳුම් ගොඩක් පැක් කරන් උන්නේ නෑ.පේරාදෙණි ගියාම ඔක්කොම ඇඳුම් අරන් එන්නයි ඇය හිතන් උන්නේ.ඒ නිසා චාන්‍යා පැක් කරන් ආවේ අත්‍යවශ්‍යම ඇඳුම් කීපයක් විතරයි.

"මගෙ ඇති ඩීසන්ට්කමක් නෑ වදේ.අලුත බැඳපු ජෝඩුවනේ.ආයේ කොටු කොටු සීන් දැකලා මගේ අහිංසක හිත නරක් කරගන්නේ මොකටද?ඒකයි එන්න කළින් ඇහුවේ"

අහිංසා ඇස් නටව නටව කියද්දි චාන්‍යා හප් කියන්න වගේ තොල් හැදුවේ.කේශවට ඇහෙයි කියලා ලැජ්ජාවකුත් චාන්‍යාට දැනුනා.කේශව ඒ වෙද්දි උන්නේ ගමන් මහන්සියටම ඇඳ බදාගෙන නිදාගෙන.

"මේ අලි පැටියා ඇඳම අයිති කරගෙන"

අහිංසා කිව්වේ කේශව අත් පය හතරම දිග ඇරන් ඉන්න විදිය දැකලා.

"එක දිගට ඩ්‍රයිව් කරලා මහන්සියි කිව්වා.කෑවට පස්සේ ඇඳට වැටුනා ඉතින් වැටුනම තමා.සැපට නිදි"

චාන්‍යා කිව්වේ ඔහු නිදන් ඉන්න දිහා හරි ආදරණීයව බලන ගමන්.අහිංසාත් ඇගේ බැල්ම දැක්කා.අහිංසා දන්නවා දෙන්නට දෙන්නා කොච්චර ආදරේද කියලා.ඒත් ඒ ආදරේ මොන වගේද කියන්න අහිංසාට අත්දැකීම් නෑ.එකිනෙකාගෙ පොඩි පොඩි හැසිරීම් වලින් පවා ආදරේ පෙන්නන්න පුලුවන් කියන්න අහිංසා දන්නෙ නෑ.

"එහෙනම් අපිට පැයක් දෙකක් පච හල හල හිටියෑකි.ඔයාට මහන්සි නෑනේ නේද?පොඩ්ඩක් කතා කරන්න ඕනේ"

අහිංසාට ඕනේ චාන්‍යාගෙනුත් උදව් ඇතිව සැලෝන් එකක් දාන අදහසට ගිරිරාජ්ගේ කැමැත්‍ත ගන්න.අහිංසාට බයයි ගිරිරාජ්ට තනියම කතා කරන්න.ඇය මෙච්චර කාලෙකට මොනා හරි දේකට අවසර ගත්තේ මාධවගෙ හරි කේශවගෙ මාර්ගයෙන්.

"මොනා ගැනද?"

චාන්‍යා ඇහුවේ ඇඳේ වාඩි වෙලා කේශවගේ යටිපතුලක් හිමීට ස්පර්ශ කරන ගමන්.අහිංසාත් පුටුවෙන් වාඩි උනා.

"මං ඔයාට කිව්වා නේද මං සැලෝන් එකක් කරන්න ආසයි කියලා?"

"ම්ම්ම්...මට මතකයි"

"ඉතින් සාරංග අයියා ඊයේ ආවා.එයාගෙ ස්ටූඩියෝ එකට උඩ තට්ටුවේ සැලෝන් එකකට තැනක් හම්බෙලා.එතන හොඳටම ඉඩ තියෙනවලු.හෙල්ප් එකට ගර්ස්ලා දෙන්නෙක්වත් එයා හොයලා දෙන්නම් කිව්වා"

"අනේ..ඉතින් හොඳයිනේ.අම්මා වගේ සැලෝන් එකක් දාන්න ආසයි කිව්වනේ.ඉතින් අපි වැඩේ පටන් ගමු.ඕන උදව්වක් මගෙනුයි අයියගෙනුයි"

චාන්‍යා කිව්වේ අවංකවමයි.ඉගෙන ගත්ත දේවල් වලින් අහිංසා ප්‍රයෝජනයක් ගන්න හදන එකට නම් චාන්‍යා ඇත්තටම කැමතියි.

"අන්න ඒ ඕන උදව්ව ඉල්ලගෙන තමා මේ ආවේ.අනේ චානුවෝ...මට අප්පච්චිගෙන් අවසර අරන් දෙන්නකෝ.මට බයයි අප්පච්චි බෑ කියයි කියලා.අනික මගෙ ගාව මහලොකු සල්ලියකුත් අතේ නෑ.ඒවට සල්ලි ඉල්ලන්නත් බයයි.ලොකු අයියටත් ආව වෙලාවෙ මං කිව්වා.එයා නම් කිව්වේ අප්පච්චි අකැමති වෙන එකක් නෑ කියලා.ඒත් මට බයයි.පොඩි අයියත් එක්ක එකතු වෙලා අහන්නකෝ ප්ලීස්"

අහිංසා පොඩි එකෙක් වගේ ඇවිටිලි කරද්දි චාන්‍යාට ඇත්තටම දුක හිතුනා.සේනාධීර ඉස්සරහ චාන්‍යා හරිම විවෘතයි.ඒ උනාට අහිංසායි ගිරිරාජ් අතර එහෙම බැඳීමක් නෑ.ගිරිරාජ් තමන්ගෙ දරුවන්ට කොච්චර ආදරේ උනත් ඔහු ගොඩක්ම ළං උනේ පුත්තු දෙන්නට.අහිංසා ළං උනේ කුසුම්ට.ඒත් කුසුම්ගෙ වියෝවෙන් පස්සේ අහිංසාට ඒ තැන දෙන්න කෙනෙක් හම්බුනේ නෑ.හම්බුනා නම් ඒ චාන්‍යා විතරයි.

"ඕක අහන්නත් දෙයක්ද?අයියා නැඟිට්ටම මං අයියට කියන්නම්.සල්ලි ගැන වද වෙන්න එපා දැන්මම.ඔයාට නොදෙන දෙයක් මේ අයියලා දෙන්නයි අප්පච්චියි ළඟ නෑ"

එහෙම කියද්දි නම් අහිංසාගෙ මූණෙ ඇදුනේ හරිම අහිංසක හිනාවක්.ඒ හිනාවේ බලාපොරොත්තු ගොඩක් ගැබ් වෙලා කියලා චාන්‍යාට හිතුනා.දෙන්නා තව පැය භාගයක් වගේ කියව කියව ඉද්දි තමා චාන්‍යාට මතක් උනේ අද ගිරිරාජ්ගේ යාලුවෙක් එනවා කිව්වා නේද කියලා.

"දැන්නේ මතක් උනේ.අප්පච්චිගෙ යාලුවෙක් එනවා කිව්වා නේද?රෑට කෑම හදන්න වෙයි නේද?"

මෙච්චර වෙලා අමතක වෙලා තිබ්බ දේ අහිංසාටත් මතක් උනේ දැන්.අහිංසා නම් කැමති නෑ තිහස්ව ආයේ දකින්න ලැබෙන එකටවත්.ඒ වගේ රවල ඔරවන පිරිමි ළමයින්ට අහිංසා කැමති නෑ.කේශවත් ඉස්සර පුප්පගෙන එද්දි අහිංසාට කේන්ති යන්නේ ඒකයි.

"ඕන වෙන එකක් නෑ.මට ඇහුනා අප්පච්චිට තුශාරිට කියනවා එයාලා අපිටත් එක්ක කෑම අරන් එන්නෙ කියලා.අපිට උයන්න ඕන වෙන එකක් නෑ"

නොකීවට මොකද චාන්‍යාට ඒක ඇහුවම සැහැල්ලුවක් දැනුනා.තුශාරිට උයන්න උදව් වෙන්න ආසා උනාට ඇය උන්නෙත් ටිකක් මහන්සියෙන්.

"වෙන දවසක එන්න ඕනේ එක්කෝ.වද දෙන්න දැන්ම එනවනේ"

අහිංසා හිමීට මිමුණුවේ තිහස්ව ඔලුවෙ තියන් මිසක් වසන්ත එන එකට අකැමැත්තෙන් නෙමේ.ඇය කවදත් කැමතියි අමුත්තො එනවට.ආවම එයාලට සංග්‍රහ කරනවට.ඒත් දැක්ක මුල්ම දවසෙ ඉඳන්ම තිහස්ගෙ බැල්මයි හැසිරීමයි අහිංසාට ඇල්ලුවේ නෑ.ඒත් ඇය ඒ ගැන චාන්‍යා එක්ක කියන්න ගියේ නෑ.චාන්‍යා උන්නේ ඒ වෙනකොටත් කේශවගේ කකුලේ ඇඟිලි හිමීට පිරිමදින ගමන්. චාන්‍යාට මහන්සි ඇති කියලා අහිංසා කාමරෙන් එළියට ආවේ ආයෙත් සැලෝන් එක ගැන කාරණේ මතක් කරන ගමන්මයි.

අහිංසා ගිය ගමන් චාන්‍යා හැදුවේ නැඟිටින්න.මහන්සියට ඇයටත් පොඩි නිදිමතක් ඇවිත් තිබුනේ.ඒත් ඊට කළින් ආයේ වොශ් එකක් දාගත්ත නම් හොඳයි කියලා චාන්‍යාට හිතුනා.ඒත් ඇඳෙන් නැඟිටිද්දිම චාන්‍යාව ආයෙත් ඉන්ඳවුනේ කේශව ඉස්සිලා ඇගේ අතකින් ඇද්ද නිසා.

"ඔයාට ඇහැරුනාද?"

චාන්‍යා හිතුවේ කේශව ඉන්නේ තද නින්දේ කියලා.ඒත් ඒකට මුකුත් නොකියම කේශව මුණින් තලා පෙරලිලා චාන්‍යාගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා.

"කකුල අල්ල අල්ල එක්කෙනෙක් මාව ඇවිස්සුවනේ.ඉතින් ඇහැරුනා"

කේශව කිව්වේ චාන්‍යාගෙ කුසට හිමීට සිපුමක් තියලා.ඇහැරුනා කිව්වට කේශවට කට හඬ තාමත් නිදිමතෙන් බර වෙලා.කේශවගේ සිපුමෙන් මුලු ඇඟම හිරිවැටිලා වගේ යද්දි චාන්‍යා හැදුවේ කේශවව අයින් කරලා නැඟිටින්න.

"දැන් කොහෙද යන්නේ ම්ම්ම්?නිදිමතයි.ඔලුව අතගාන්නකෝ"

ඒ හඬ නිදිමතෙන් පිරිලා.එහෙම ඉල්ලද්දි චාන්‍යාට හිත දුන්නේ නෑ එතනින් නැඟිටින්න.හරිම මෘදුවට කේශවගේ ඝණ හිසකෙස් අතරින් රටාවකට ඇඟිලි ගෙනිච්ච චාන්‍යා බලන් උන්නේ ඔහු සනීපෙට ඇගේ ඔඩොක්කුවට ඔලුව තියන් ඉන්න හැටි.

.....💜️ ....... R I T H U S A K U R A .......💜️.....

වොශ් එකක් දාගෙන ආව අහිංසා කොණ්ඩෙ හෙයා ඩ්‍රයර් එකට ඇල්ලුවේ පහළට යන්න කලින් කොණ්ඩෙ හොඳට වේලගන්න ඕන නිසා.බාගෙට වේලිලා කොණ්ඩෙ පිටට ඇලෙද්දි අහිංසාට අපහසුයි.ඒ අතරෙ තමා චාන්‍යා උඩ තට්ටුවේ තිබ්බ අහිංසාගෙ කාමරේට ආවේ.

"අහිංසා...පහළට එන්නෙ නැද්ද?වසන්ත අන්කල් ආවා"

චාන්‍යා කියද්දි අහිංසාට චුක් ගෑවුනේ නිකන්මයි.ඒ වෙලාවෙ නම් අහිංසාට හිතුනා කොණ්ඩේ වේලෙන්නෙම නැතිව තිබ්බ නම් එකක් කියලා.

"මං කොණ්ඩෙ පිහාගෙන එන්නම්"

ඒ පාර චාන්‍යා අහිංසාගෙ අතින් හෙයා ඩ්‍රයර් එක අරගෙන අහිංසාව ඇඳෙන් වාඩි කෙරෙව්වා.

"මේ අයියලා නංගිලගෙ හොඳ පුරුද්ද හවස නාන එක.ඉඳලා හිටලා නම් කමක් නෑ.හැමදාම හවසට නානවා.ලෙඩක් හැදිලා නතර වෙන්නේ"

කොණ්ඩය වියලන ගමන් චාන්‍යා හරියට අම්මා කෙනෙක් වගේ උපදෙස් දෙද්දි අහිංසාට ආසා හිතුනා.

"නෑවා කියලා ලෙඩ හැදෙන්නෙ නෑ හලෝ.අනික මං පණ දාගෙන අද සාරියක් ඩිසයින් කළා.ඒක ඇඳලා ඉවර වෙද්දි හොඳ පණ ගිහින්"

අහිංසා කිව්වේ මේසෙ උඩ තියලා තියෙන ලොකු ඩිමයි ශීට් එක පෙන්නලා.කළින් අරන් තියාගත්ත ලේස් සාරියකට ඉතිරි වෙලා තිබ්බ බඩු වලින් වර්ක් එකක් කරලා බලන්න අහිංසාට හිතිලයි තිබ්බේ.

"අහ්..දවල් තිස්සෙ ඒකද කළේ?ඕක වර්ක් කරලම පෙන්නන්නකෝ.එතකොටයි අගේ.මටත් ඔයා ගියාට පස්සේ නින්ද ගියා මහන්සියට.කේශව අයියා තේ එකක් ඉල්ලලා කතා කරනකන්ම මට ඇහැරුනේ නෑ"

අහිංසා අහන්න ගියේ නෑ කේශව තුශාරිට කියලා තේ ඉල්ලගෙන බිව්වෙ නැත්තේ ඇයි කියලා.ඕනම කොල්ලෙක් ආසයිනේ තමන්ගෙ බිරිඳගේ අතින් හදලා දෙන තේ එකක් බීලා බලන්න.ජීවිතේ පළවෙනි වතාවට අහිංසාට ආසා හිතුනා ඒ ආදරේ මොන වගේද කියලා විඳලා බලන්න.

"ආදරේ ලස්සනද චානු?"

අහිංසා අහද්දි චාන්‍යා ඇස් උස්සලා ඇගේ මූණට එබිලා බැලුවා.අහිංසා ඒ වගේ දෙයක් අහයි කියලා චාන්‍යාට හිතුනේ නෑ.

"අපේ අයියගෙ ආදරේ ලස්සනද?"

ඔලුව උස්සලා අහිංසා අහද්දි චාන්‍යාගෙ මූණට ආවේ ලස්සන හිනාවක්.ඒ හිනාවේ තිබ්බ උත්තරේ අහිංසා දන්නවා.

"වචනෙන් කියන්න ඕනේ නෑ.ඔයාගේ මූණෙන් පේනවා ආදරේ ලස්සනයි කියලා.අම්මට අප්පච්චි කරන ආදරේ..විහාරා අක්කට ලොකු අයියා කරන ආදරේ...එතකොට මගේ මේ පොඩි නෑනට පොඩි අයියා කරන ආදරේ දකිද්දී ආදරේ ලස්සන ඇති කියලා හිතෙනවා..."

අහිංසා කියද්දී චාන්‍යාට අහිංසා ගැන දැනුනේ පොඩි අනුකම්පාවක්.අහිංසා දැන් පොඩි කෙල්ලෙක් නෙමේ.එහෙම ඉන්න හැදුවට තුරුණු වියේ හැඟීම් ඇයටත් දැනෙනවා.ඒත් ඇය කවදාවත් ඒ වගේ දේකට පෙළඹිලා නෑ.කවදාවත් ඒ වගේ ආදරේක අවශ්‍යතාවයක් අහිංසාට තිබ්බෙ නෑ.ඒත් අද අහිංසා කතා කෙරුව දේවල් වලින් චාන්‍යාට හිතුනෙම අහිංසා එක පැත්තකින් තනිවෙලා ඉන්නෙ කියලා.

"ඔයාගෙ ඉරණම්කාරයා ඔයා ළඟම ඇති දන්නෙ නැති උනාට.මට විශ්වාසයි ඔයා කිව්ව ඒ ආදර කතා ගොඩට ඔයාගෙ කතාවත් එකතු වෙයි කියලා.එතකොට ඔයාම බලන්නකෝ ආදරේ ලස්සනද නැද්ද කියලා"

චාන්‍යා කිව්වේ අහිංසාගෙ කම්මුලක් හිමීට මිරිකන ගමන්.අහිංසාට නැඟුනේ පොඩි හිනාවක්.ඇගේ අම්මට පස්සේ ඒ තැන අරන් ඇයව තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ට චාන්‍යා තරම් වෙන කෙනෙක් නම් ගැළපෙන්නෙ නෑ කියලා අහිංසාට කී වෙනි වතාවටද මන්දා හිතුනා.

.....💜️ ....... R I T H U S A K U R A .......💜️.....

"ඉතින් කේශව පුතා.ෆැක්ටරියෙ වැඩ එහෙම කොහොමද?"

"හොඳයි අන්කල්.වෙඩින් එකේ වැඩ නිසා මට වඩා අයියා තමා මේ දවස් ටිකේ වැඩ වලට මහන්සි උනේ.ඊළඟ සතියේ ඉඳන් ආයේ වැඩ ටික බලන්න යන්න ඕනේ"

වසන්ත හිටියේ සාලෙට වෙලා කේශවයි ගිරිරාජුයි එක්ක කතා බහක.තිහස් නම් මූණත් දෙක කරන් තව පැත්තක වාඩි වෙලා උන්නේ ෆෝන් එකෙන් ඇස් අහකට ගන්නෙ නැතිවමයි.තිහස් හිතන් උන්නේ රෑ වෙලා යාලුවෝ එක්ක ක්ලබ් ගිහින් විනෝද වෙලා ඉන්න.වසන්ත නිසා ඔහුට වෙනදා වගේ යාලුවෝ එක්ක විනෝද වෙන්න හම්බුනේ නෑ.ඒත් වසන්ත තිහස්ට වඩා කපටියි.කොහොමහරි තිහස්ගෙ ගමන් බිමන් අඩු කරගන්න වසන්ත දන්නවා.

"මේඛලා බැන බැන එයා ආවම මෙහෙ එන්න තිබ්බනේ කියලා.චාන්‍යා දුවව බලන්න එයා ආසාවෙන් හිටියේ"

"ආන්ටිවත් එක්කන් ආයේ දවසක එන්න පුලුවන්නේ"

"ආයේ එන්න මාසයක් දෙකක් යයි.දුවව බලන්න ආයේ එහෙ යනවා මං මේ සතියේ.ඒකයි ඊට කළින් බලලා යන්න කියලා ආවේ"

ඔවුන් කතා බහේ ඉන්න අතරේ තමා අහිංසයි චාන්‍යායි පහළට ආවේ.හිනා වෙවී අත් පටලවන් එන දෙදෙනා දිහා මුලින්ම බැලුවේ වසන්ත.

"නෑනලා දෙන්නා හොඳ යාලුවෝ වගේ"

වසන්ත ඒක ඇහුවේ ගිරිරාජ්ගෙන්.

"හ්ම්ම්..දෙන්නා එක වයසෙ වගේනේ.අනික චාන්‍යා කාලයක් මෙහෙ නතර වෙලා උන්නනේ.ඒ නිසා යාලුවන්ටත් වඩා එකතුයි"

චාන්‍යා හිනා වෙලා ඇවිත් කේශව වාඩි වෙලා උන්නු සෙටිය ගාවින් හිටගත්තා.වෙඩින් එක දවසේ ඇ‍යත් එක්ක වසන්ත ඇවිත් ටිකක් කතා කෙරුව නිසා ඒ මූණ චාන්‍යාට මතකයි.

"කොහොමද අන්කල්?"

ඇය හිනාවෙලා අහද්දි වසන්ත හිනා උනේ සුහදව.

"මම නම් හොඳින්.අලුත් ජෝඩුවට වද දෙන්න අපි අදම ආවා"

අහිංසා පැත්තකට වෙලා හිටගෙන බලන් උන්නේ තිහස් දිහා.ඒ මූණ කිසිම වෙලාවක ෆෝන් එකෙන් නම් අහකට උනේ නෑ.හරියට කාගෙවත් කතා බස් ඔහුට වැඩක් නෑ කියන්න වගේ ඒ මූණ බිමටම නැඹුරු වෙලා තිබ්බේ.

"තිහස්..."

ඒත් එකපාරටම වසන්ත ඔහුට කතා කරද්දී ඒ ඇස් ඉස්සුනේ නොදැනුවත්වම උනත් අහිංසා දිහාට.අහිංසා ඇස් හීනි කරලා රවලා වගේ අහක බලාගත්තා.අහිංසාගෙ බැල්ම ඔහු ගාව තිබ්බා කියන්න තිහස්ට නිකමට වගේ හිතුනේ අහිංසා අහක බලාගත්ත විදියට.

"ඇයි තාත්තා?"

තිහස් ඊට පස්සෙයි වසන්ත දිහා බැලුවේ.

"කේශවලා එක්ක කතා කර කර ඉන්න ඔය ෆෝන් එක පැත්තකින් තියලා.මං සූරියත් එක්ක ඉස්තෝප්පුවට යනවා"

වසන්ත කිව්වේ සැරෙන් නෙමේ.ඒත් ඒ බැල්ම නම් තිහස්ට තේරුනා.වසන්ත ගිරිරාජ් එක්ක ඉස්තෝප්පුවට ගියේ කතා කරන්න දාහක් ජාති තියෙන නිසා.කෝකටත් කියලා තිහස් ෆෝන් එක පැත්තකින් තියලා කේශව දිහා බැලුවේ බුම්මට්ටයා වගේ කතා නොකර ඉන්න එක හොඳ නැති නිසා.

"ඉතින්..කොහොමද මල්ලි?"

කේශවම පොඩ්ඩක් කතාවට මුල පිරුවේ තිහස් ඉන්නේ අපහසුතාවයෙන් කියලා හිතුනු නිසා.කේශව මොහොතකට තිහස්ගෙන් දැක්කේ ඔහුවමයි.ඒ ආඩම්බරකම හිතුවක්කාරකම තිහස්ගෙ මූණෙත් ටිකක් තියෙනවා.චාන්‍යා අහිංසාට ඇස් වලින් ඉඟි කරලා එතනින් ඉවත් උනා.

"තේ හදමු නේද?තව කන්න වෙලා තියෙනවනේ"

චාන්‍යා එහෙම කියාගෙන අහිංසා එක්ක කුස්සියට යද්දි තුශාරි වතුර එක කෙට්ල් එකට ගහලත් ඉවරයි.දෙන්නා තුන්දෙනා එකතු වෙලා කේක් සහ කෙසෙල් දාපු තසිමකුයි පිලියෙල කරලා තේ කෝප්ප ටිකත් හෝදලා ගත්තා.

"වසන්ත අන්කල් නම් හරි හොඳයි.අපේ තාත්තා වගේ කතා කරද්දී"

චාන්‍යා කිව්වේ ඉඟුරු කෑල්ලක් තලන ගමන්.

"හ්ම්ම්...හැබැයි පුතා නම් හෝතඹුවෙක් වගේ"

අහිංසා ඒක කිව්වා නෙමේ කියවුනා.චාන්‍යා අහිංසා දිහා බැලුවේ ඇය ඒ වගේ කිව්වේ ඇයි කියලා බලන්න.

"ඒ මොකද එහෙම කිව්වේ?ඔය ඉන්නේ නිකන් රිතික් වගේ ලස්සනට"

"හැන්ඩියා උනාට කට හොඳ නෑ"

"ඔයා කතා කරලා තියෙනවද එයා එක්ක මීට කලින්?"

"කතා කරලා නෑ.වෙඩින් එක දවසෙ තමා දැක්කේ.එදා වෙච්ච දේ මට ඔයාට කියන්න බැරි උනානේ"

"ඒ මොකක්ද?"

තේ හදන ගමන් අහිංසා වෙඩින් එක දවසෙ වෙච්ච ඒ පොඩි සිදුවීම කිව්වේ මූණෙනුත් ඇක්ශන් දදා.චාන්‍යා ඒ දේවල් අහන් උන්නෙ හිනා වෙවී.

"එහෙනම් ඒක තමා ඔයාව දැකලා එයාගෙ මූණ අමුතු උනේ.රිදෙන්න අත මිරිකුවද?"

"මිරිකුවා නෙමේ ඇඹරුවා මං.මට කතා කෙරුව විදියට වෙන තැනක උන්නා නම් උඩ පැනලා ගහන්නේ"

අහිංසාට තවත් කේන්තියි.චාන්‍යා බලන් උන්නේ පොඩි එකෙක්ගෙ වගේ ඉරියව් වෙනස් වෙන අහිංසාගෙ මූණ දිහා.

"හා..හා..ඉරණම්කාරයද දන්නෙ නෑනේ.නම්බු දීලා කතා කරන්න"

කේක් බන්දේසිය අරන් අහිංසාගෙ කනට ලං වෙලා චාන්‍යා කියද්දී අහිංසාට තවත් කේන්තියි.

"ඉරණම්කාරයා නෙමේ කරුමක්කාරයා...අනේ මේ යන්න ඔයත් මාව විහිලුවට ගන්නෙ නැතිව"

චාන්‍යා හිනාවෙලා එලියට යද්දී අහිංසා තේ හැදුවා.තේ එකක් ඇඟේ හලන්න හිතෙන තරමට අහිංසාට තරහක් එන්නේ තිහස්ගේ මූණ දකිද්දී.තේ බන්දේසියත් අරන් සාලෙට යද්දී කේශව සාලෙ නෑ.එයායි චාන්‍යායි වසන්තයි ගිරිරාජ් ගාවට වෙලා කතා කර කර උන්නේ.ආයෙමත් ෆෝන් එකට මූණ ඔබාගෙන ඉන්න තිහස්ව පාස් කරන් අහිංසා තේ එක අරන් ගියේ එයාලා ගාවට.

"ආ..දුව.තේත් හැදුවද?අර අපේ ඉලන්දාරියටත් තේ එක දීලා කෑම ටික කාර් එකෙන් අරන් එන්න කියලත් කියන්න.මට තව පොඩ්ඩෙන් ඒක අමතක වෙනවා"

"හා අන්කල්"

තේ දෙක එතනින් තිබ්බ අහිංසා තිහස් ගාවට ගියේ පණිවිඩේ කියන්න හිතාගෙන.තේ එක ස්ටූල් එකෙන් තිබ්බ සද්දෙට තමා තිහස් අහිංසා දිහා බැලුවේ.බුරුලට බැඳන් ඉන්න කොණ්ඩෙන් කොටසක් අහිංසාගෙ මූණට වැටිලා වෙනදට වඩා ඒ මූණ වෙනස්.එදා වෙඩින් එකේදි දැක්කට වඩා අහිංසා කොච්චර වෙනස්ද කියලා තිහස්ට හිතුනා.අහිංසාගෙ ඝණකම් කොණ්ඩෙ දකිද්දි තිහස්ට මතක් උනේ ඇයව.ඇගේ කොණ්ඩෙත් මේ වගේම ඝණකම් නිරෝගී කොණ්ඩයක්.ඒ මූණ දකිද්දි හිතට අනිත් රුව මතක් වෙන එක තිහස්ට නතර කරගන්න බැරි උනා.

"තේ බොන්න.වසන්ත අන්කල් කිව්වා කාර් එකෙන් කෑම ටික අරන් ගේන්න කියලා"

මොනා උනත් අහිංසා ඒ වෙලාවේ සැරෙන් කතා කෙරුවෙ නෑ.මොකද තිහස් ඇය දිහා බලන් උන්නු විදියට ඇගේ හිතට පොඩ්ඩක් අපහසුතාවයක් දැනිලයි තිබ්බේ.

'මගෙ මොනාහරි පේනවද මේ යකා කන්න වගේ බලන් ඉන්නේ?'

අහිංසා හිතුවේ ඇඳුම පොඩ්ඩක් හදාගන්න ගමන්.

"එනවා මාත් එක්ක.නාට්ටාමියෑ මං ඒවා අතින් කටින් උස්සන් එන්න"

තිහස්ට නොදැනිම ආයෙ ඒ මුවින් ආඩම්බර වචන පිට වෙන්න අරන්.අහිංසා රැව්ව විදියට තිහස්ට හිත යටින් හිනා.තේ එකටවත් අත නොතියා තිහස් නැඟිටිද්දි අහිංසාගෙ හිතට මොනා උනත් හරි නෑ.

"තේ එක බීලා එන්න.හදිස්සියක් නෑ"

ඒ පාර නම් අහිංසාත් චුට්ටක් සැරෙන් කිව්වේ.

"මං තේ නිමලා බොන්නේ"

කාර් කී එක අරන් යන ගමන් තිහස් කියද්දි අහිංසාට බකස් ගාලා හිනාවක් ගියා.කොල්ලෙක් පොඩි එකා වගේ තේ නිමලා බොනවා කියද්දි හිනා නොයන්නෙ කාටද?තිහස් පොඩ්ඩක් පිටිපස්ස හැරිලා අහිංසාට රැව්වේ එහෙම කිව්ව මෝඩකම් කියලා හිතාගෙන.තිහස්ගෙ පස්සෙන් අහිංසා ගියේ කාර් එක නතර කරලා තියෙන දිහාට.කේශවගෙ කාර් එක තිබ්බ නිසා තිහස්ලගෙ කාර් එක තිබ්බේ තව ටිකක් වත්තෙ කෙළවරට වෙන්න.ඩිකිය ඇරලා කෑම පාර්සල් ඔක්කොම වගේ අහිංසාගෙ අතට දුන්නේ අහිංසා පුදුමෙන් වගේ බලන් ඉද්දි.

"දැන් මමද නාට්ටාමී?"

තාමත් රස්නෙට තියෙන කෑම පාර්සල් වල උණුසුම බ්‍රව්න් පේපර් බෑග් අතරින් අහිංසාගෙ අත් දෙකට දැනුනා.ඒ මදිවට කෑම වල බරට ඒ බොක්සස් ටික වැටෙන්න ඔන්න මෙන්න වගේ.අහිංසා ඇහුව දේට තිහස් කට කොණකින් හිනා උනේ හරියට තොප්පිය හරි නම් දාගන්න කියන්න වගේ බැල්මකින්.අහිංසා අඩියක්වත් එහෙට මෙහෙට නොවෙද්දි තිහස් සෑහෙන්න වෙලාව අරගෙන ඩිකිය වහලා දාලා අහිංසා දිහාට හැරුනා.බොක්සස් කීපය නිසා ඇගේ මූණ වැහිලා තිබ්බේ.එකපාර බොක්සස් තුනක්ම අත ගත්ත තිහස් කට කොණකින් හිනා වෙලා බැලුවේ අහිංසා දිහා.දැන් අහිංසාගෙ අතේ තියෙන්නේ බොක්සස් දෙකක් විතරයි.රස්නෙට අත අමාරු උන අහිංසා ටක් ගාලා බොක්සස් දාලා තිබ්බ උරේ කාදුවෙන් අල්ලගත්තා.ඒ අත් කෑම වල රස්නෙ එක දිගට වැදිලා ටිකක් රතු වෙලා.තිහස් කෙරුව වැඩේ නිසා අහිංසා උන්නේ කේන්තියෙන්.ඒත් ඇය නිහඬවම ඉවසගෙන එතනින් යන්න හැරෙද්දි තිහස් ඇයව නතර කරගත්තා.

"මේ..මිස් අහිංසා..."

අහිංසා තිහස්ගෙ දෑස් දිහා එක එල්ලේ බැලුවේ දෙගුණයක් රවාගෙන.

"මගෙ අතේ නියපොතු පාරවල් දවසක් යනකන් අඩු උනේ නෑ.ඒවා දැන් අතේ නැති උනාට මගෙ හිතේ නම් තියෙනවා.ඒකට රිටන් එක තමා දැන් මං මේ ගත්තේ"

හරි හපන්කමක් කෙරුව ගාණට තිහස් කියද්දි සිය පියාගෙ යාලුවගෙ පුතා කියලා බලන්නෙ නැතිව හොඳවයින් දෙකක් කියන්න අහිංසාගෙ කටට ආවත් අහිංසා ගොඩාක් ඉවසගෙන උන්නා.ඒ රිටර්න් එක දෙන්න හොඳම වෙලාව එනකන් ඉවසන්න ඕන නිසා.

"තේ ටිකක්වත් උණුවෙන් බොන්න බැරි මිනිහා රිටර්න් දෙන්න කල්පනාව"

ඔච්චම් තාලෙට එහෙම කියාගෙන අහිංසා ගස්සගෙන යද්දි තිහස් අත මිට මොලවගත්තේ අහිංසාගෙ කටකාරකම ඉස්සරහා මුකුත් කරගන්න බැරි වෙද්දී.

-මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

757 119 14
නොකියා හිතේ හංගන් ජීවත් වෙද්දි පපුව හත් කඩකට නෙමෙයි හතලිස් නමකඩකටත් වැඩිය ඉරි තලනවා!!...පුන්චි පුන්චි ඉරි තැලීම් හදවත පුරා යද්දි දැනෙන වේදනාව කියාගන්...
4.1M 169K 63
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
5.5K 933 35
ඇත්තටම ම⁣⁣ගේ ආදර කතාවත් ෆික්ශන් එකක් උනා නම්.. මම අනිවාර්යයෙන්ම.. ඒකට ලස්සන අවසානයක් ලියාගන්නවා. අපි තුන්දෙනාටම ලස්සන අවසානයක් එන විදියට....... ඒත් ඉ...
1.4M 126K 44
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...