සන්තානේ - දෙහදක් 2

By Rithu_Sakura

65.6K 6.1K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... More

1
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

2

1.3K 80 3
By Rithu_Sakura

සන්තානේ
(දෙහදක් 2)

කතු අවසරයකින් තොරව කිසිම අයුරකින් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️2 කොටස💜️

විවාහ මංගල්‍යයේ සොඳුරු පැයක් දෙකක් ගත වූ පසුව උත්සව ශාලාව පුරාම දෝංකාර දෙමින් තිබුණේ කේශවගේ හා චාන්‍යාගේ මිහිරි හඬින් ගැයුණු ගීතයක්.ශාක්‍යාගේ විවාහයේදී නයි වෛරෙන් උන්නු කාලෙදී දෙන්නටම අහම්බෙන් වගේ කියන්න සිද්ද වෙච්ච ගීතයම තමා දෙන්නම ගායනා කළේ.ඒ ගීතය ඔවුන් දෙන්නගෙම මතකයන් ආයෙත් අලුත් කළා.එදා දෙන්නට දෙන්නා කේන්තියෙන් උන්නට අද ඔවුන් ඒක ගායනා කළේ හරිම ආදරෙන් අත් පටලවගෙන.හැමෝගෙම අත්පොළසන් නාදය මැද්දේ ගීතය ඉවර වෙද්දී කේශව සෙනඟ මැද්දෙම චාන්‍යාගේ නළලත සිප ගත්තා.කේශවගේ මිතුරන්ගේ උසුළු විසුළු මෙන්ම විසිල් පාරවල් මැද්දේ චාන්‍යා ඔහුගේ පපුවේ මූණ හංඟගත්තේ ලැජ්ජාවෙන්.

"අනේ...හරිම ස්වීට් අනේ"

"දෙන්නා හරිම ආදරෙන් ඉන්නේ.මැචින් කපල්"

වටේ පිටේ ඉන්න අය කියන කතා කන වැකුණු එරන්දතීට දත්මිටි කැවුනේ ඊර්ශ්‍යාවේ උපරිමයෙන් උන්නු නිසා.

"මළ කෝළම්.මෙච්චර සෙනඟක් මැද්දේ එහෙම හැසිරෙනවද?"

හිතේ පිරී ඉතිරෙන ඊර්ශ්‍යාවටම එරන්දතීට එහෙම කියවුනා.ඒක ඇහුණු ඉන්දීවරීට හිනාවක් ගියේ තම නංගිගෙ හැටි ගැන දන්න නිසාමයි.

"ඒකෙ මොකක්ද තියෙන වරද නංගී?පොඩි පුතා චාන්‍යා දුවට ආදරෙයි.අනික අද තමන්ගේ වයිෆ්ට නළලට කිස් එකක් දුන්නා කියලා මොකක් වෙනවද?මේ ජෙනරේශන් එකට ඕවා අලුත් දේවල් නෙමේනේ"

ඉන්දීවරී කියද්දි ඊට ඉහළින් එරන්දතී මොකක්වත් කියන්න ගියේ නෑ.ඒ ඔවුන්ට විරුද්ධව මොනා හරි කියලා පවුලෙන් කොන් වෙන්න තිබ්බ අකැමැත්තට.ඒ නැතත් එහා පසින් නීල් වාඩි වී ඉන්න නිසා එරන්දතී ආයාසයෙන් කට පාලනය කරගත්තා.අහිංසා නම් උන්නේ කඩියා වගේ එහෙට මෙහෙට දුව දුව.චාන්‍යාගේ නෑදෑ නංගිලා,ඇගේ මිතුරියන්,ඔවුන්ගේ නෑයන් සියල්ලම සමඟින් ඇය හිනා වෙවී කතාව.හැමෝම සමඟ තොරතෝංචියක් නැතිව කියවන ඇය දෙස එක් දෑසක් නිතරම එල්ල වෙලා තිබුණා කියලා ඇයට තේරුමක්වත් තිබ්බෙ නෑ.

තිහස් උන්නේ ශාලාවේ කෙළවරම ආසනයක වාඩි වෙලා බියර් වීදුරුවක් තොල ගාන ගමන්.ඕන තරම් කෙල්ලන් වටේ හිටියත් ඔහුගේ දෙනෙත රැඳී තිබුනේම අහිංසා ගාව.ඒත් ඔහු ඒ වනතුරුත් අහිංසා කියන්නේ ගිරිරාජ්ගෙ දුව කියන එක දැනන් උන්නේ නෑ.තම පියාගේ මිතුරු සමාගමය ගැන දැනගන්න ඔහුට කවදාවත් උවමනාවක් තිබුනේ නෑ.ගිරිරාජ්ගෙ පවුලේ තතු දැනන් හිටියත් ඒ ඇගේ හැප්පුනේ ගිරිරාජ්ගෙ දුව කියන්න ඔහු දන්නේ නෑ.

"ඒක නේන්නම්.නැද්ද පුතා??"

කාගෙදෝ අතක් තිහස්ගේ පිටට වැටෙද්දී ඔහුට බිබී හිටිය බියර් උගුරත් හිර උනා.ඔහු සමඟ උන්නේ වසන්තගේ මිතුරන් පිරිසක්.තිහස් ඉන්නේ බොහොම අමාරුවෙන් කියලා වසන්ත දැනගෙනයි උන්නේ.ඔහුට හිනා නැඟුනේ කජු ලෙල්ලක් වගේ තියෙන තිහස්ගේ මූණ දැකලා.අසල උන්නු කෙනා කිව්ව දේ ගැන හාංකවිසියක්වත් නොදැන උන්නු තිහස් බොරුවට හිනා උනේ වෙන කරන්න දෙයක් තිබ්බෙ නැති නිසා.

'මේ නාකියෝ ටික මගෙ ඔළුව කාලා තමා නතර වෙන්නේ'

එහෙම හිත හිතම තිහස් බියර් වීදුරුව හිස් කළේ තව ටිකකින් එළියට යන්න හිතාගෙන.

"සූරිය.මාධව ව නම් දැක්කා.කෝ මේ අහිංසා කෙල්ල?"

වසන්ත කිව්වේ සෙනඟ අතරින් අහිංසාව හොයාගන්න බැරි උනු නිසා.කුසුම්ගෙ අවමංගල්‍යයෙන් පස්සේ වසන්ත අහිංසාව දැක්කෙම නෑ.ඔහුගේ මතකයේ තාමත් තියෙන්නේ තම මවගේ මිනිය දිහා බලාගෙන අහිංසා ඇඬූ කඳුලින් උන්නු හැටි විතරයි.

"ඉන්න මං කතා කරන්න.කෙල්ලට අද නෑයොයි යාළුවොයි දැකලා පිස්සු හැදිලා ඉන්නේ"

එහෙම කිව්ව ගිරිරාජ් ද හෙව්වේ අහිංසාව.අසල උන්නු හිතවතෙකු අත පණිවිඩයක් යැවූ ගිරිරාජ් බලන් උන්නේ අහිංසා එනකන්.මිතුරියන් එක්ක හොඳට හිනා වෙවී කතා බහේ උන්නු අහිංසා පණිවිඩේ ලැබුනු ගමන්ම ගිරිරාජ් ගාවට ගියේ අවස්ථාව මොකක් උනත් ගිරිරාජ්ගේ නීති ගැන දන්න නිසා.

"අප්පච්චී එන්න කිව්වද?"

"ආ..ඔව්.කෙනෙක්ව අඳුන්නලා දෙන්න තියෙනවා.දුවට මතකද මේ අන්කල්ව?"

ගිරිරාජ් වසන්තව පෙන්නා අහද්දී අහිංසාත් ඔහු දිහා බැලුවා.සිය පියාගේ යහලුවන් අතරින් ඇයට වසන්තව යාන්තමට මෙන් මතකයේ තිබුණා.

"පොඩි මතකයක් නම් තියෙනවා.අප්පච්චි එක්ක ඉන්න ෆොටෝ එකක් තිබ්බා මතකයි"

වසන්තගේ මුවගට නැඟුනේ හීන් හිනාවක්.ඇයට ඔහු ගැන මතකයේ තිබ්බ එක ගැන සතුටකුත් ඔහුගේ හිතට ඇති උනා.

"දුව නම් අම්මා වගේමයි.මට නම් මතක් වෙන්නෙ කුසුම්වමයි"

වසන්ත කිව්වේ ඔහුගේ අවංකම හැඟීම.තම මිය ගිය මව ව සිහි වී ඇයට ඒ වෙලේ දුකක් දැනෙනවට වඩා ඔහු කිව්ව දේ ගැන දැනුනේ සතුටක්.ඇය කොහොමත් කැමතියි ඇය අම්මා වගේ කියලා කියනවට.එහෙම ඇහෙද්දී ඇයට දැනෙන්නේ කියාගන්න බැරි විදියේ ආඩම්බරයක්.මොකද කුසුම් කියන්නේ පෙනුමෙන් ගමනින් බිමනින් කතාවෙන් හරි ගාම්භීර නිහතමානී චරිතයක්.හරියට ගිරිරාජ් වගේමයි.

"හ්ම්ම්..දැන් නම් කුසුම් ම තමයි.හැබැයි වසන්ත ඒ පෙනුමෙන් විතරයි.කෙල්ලගෙ කට නම් කවුරු වගේද මන්දා"

ගිරිරාජ් වෙන කවදාටවත් වඩා නිදහසේ තම හැඟීම් ප්‍රකාශ කරද්දී අහිංසාටත් පුදුම හිතුනා.ඒත් අහිංසා ඒ වෙනසට ආසයි.බොහොම කලාතුරකින් තම පියාගෙන් දකින්න ලැබෙන ඒ සැහැල්ලුවට අහිංසා ඇත්තටම කැමතියි.

"ආ..ඉන්නකෝ.අපේ හාදයව පොඩ්ඩක් අඳුන්නලා දෙන්න.දුවට මතකත් ඇති.ඔයාලා චූටිම කාලේ එක පාරක් දෙපාරක් මුණ ගැහිලා තියෙනවා"

වසන්තට හදිස්සියෙන් වගේ තිහස්ව මතක් උනේ.ඒ වෙද්දි තිහස් උන්නේ තම යාලුවෙක් එක්ක මැසේජ් කරගන්න ගමන්.තිහස්ගේ යාලුවෝ හැමෝම වගේ සෙට් වෙලා පාටියක් දානවා කියලා තිහස් දැනගත්තේ ටිකකට කළින්.ඔවුන් තිහස්ව අවුස්සන්න කන බොන ඒවගේ පින්තූර පවා ඔහුට එවද්දී ඒවා දැක තිහස් උන්නේ පස්ස කැඩිච්ච කඩියෙක් ගාණට.දන්න සුද්ධ සිංහල ඔක්කොම පාවිච්චි කරලා තිහස් උන්නේ ඔවුන්ට කේන්තියෙන් පණිවිඩයක් යවන ගමන්.තමා මෙතරම් වෙලා ඇස් යොමු කරන් උන්නු කෙල්ල ළඟටම ඇවිත් කියලාවත් ඔහුට තේරුමක් තිබ්බේ නෑ.තමා නැතිව පාටි දාන යාලුවෝ එක්ක ඒ තරම් කේන්තියෙන් ඔහු උන්නේ.

"පුතා..තිහස්..."

කේන්තියෙන් උන්නත් වසන්තගේ හඬ ඇසෙත්ම තිහස් ගැස්සිලා වගේ ඒ දිහා බැලුවා.ඔහු ඔලුව උස්සද්දි තමා අහිංසත් දැනගත්තේ ඇඟේ හැප්පුනාට බැන්න කොල්ලා ළඟම උන්නා කියලා.

'මේ හෝතඹුවා එතකොට මේ අන්කල්ගෙ පුතාද?'

නොරිස්සුමක් හිතට දැනෙද්දී ඇය ඔරවන් බලන් උන්නේ තිහස් දිහා.ඒත් තාමත් තිහස් ඇය දෙස බැලුවේ නැත්තේ ඔහුගේ බැල්ම තිබ්බේ වසන්ත දිහාවේ නිසා.

"ඇයි තාත්තා?"

"සූරිය අන්කල්ගේ දුවව ඔයාට මතකද බලන්නකෝ.අහිංසා දුව..මේ තිහස්.මගෙ පුතා"

වසන්ත කියද්දී තිහස් ඇය දිහා බැලුවේ පුදුමයක් හිතට එද්දී.මෙතෙක් වෙලා ඇය දෙසම නෙත් යොමන් ඉඳලත් ළඟට එනතුරු ඔහු දැනන් උන්නේ නෑ.ඒ මදිවට ඇඟේ හැප්පුනු වෙලාවේ ටිකක් තරහින් ඇයට කෑ ගැහුව හැටිත් ඔහුට ඒ වෙලාවේ මතකෙට ආවා.

'මෙයා සූරිය අන්කල්ගෙ දුවද?කෙළියයි.මං ඕයි කියලත් බැන්නා නේද?තාත්තා දැනගත්තොත් ඉවරයි'

තිහස් හිතුවේ අහිංසා තමන් දිහා රවන් ඉන්න හැටි දැකලා.අහිංසත් රවන එකේ අඩුවක් කළේ නැත්තේ ඔහු කතා කෙරුව විදිය හොඳටම මතකයේ තිබ්බ නිසා.තිහස් අතට අත දෙන්නෙවත් නැතිව අහිංසා දිහා ගල් ගිල්ලා වගේ බලන් ඉඳ්දී වසන්තට හිතුනෙම තිහස්ට ටොක්කක් අනින්න.ඒ කෙල්ලො කියන මාතෘකාවට තිහස් ප්‍රතිචාර දක්වන විදිය දන්න නිසාමයි.තිහස්ගෙ හිතේ වෙන ඕනෙ නැති අදහසක් ඇති වෙයි කියලා බයටම වසන්ත උගුර පෑදුවා.ඒ සද්දෙට තිහස් වසන්ත දිහා බැලුවේ ගැස්සිලා වගේ.තම පියා ඇස් වලින් කරන තරවටුව තිහස්ට තේරුනේ ඒ වෙලාවෙයි.

"හායි.නයිස් ටු මීට් යූ"

ටක් ගාලා අත දික් කෙරුව තිහස්ගේ අත දිහා අහිංසා බැලුවේ ඇස් දෙකත් චූටි කරලා.

"නයිස් ටු මීට් යූ ටූ"

තම පියාත් පියාගෙ මිත්‍රයාත් බලන් ඉන්න නිසා අහිංසා හිනා වෙලා අත දික් කළාට අහිංසා කාටත් නොදැනෙන විදියට තිහස්ගේ අත මිරිකුවේ තිහස්ට සූස් ගෑවෙද්දී.ඇගේ නියපොතු වලට හම වේදනා දෙද්දී තිහස් බොරු හිනාවක් පෙන්නලා ඉක්මනට අත අහකට ගත්තා.අත බලද්දී නියපොතු පාරවල් කීපයක්ම පිටි අල්ලේ තියෙනවා තිහස් දැක්කා.ඔහු ඇය දිහා බැලුවේ ඇයව කන්න තරම් බැල්මකින් උනත් අහිංසා නම් උන්නේ පොඩි එකෙක් වගේ හිනාවක් දාගෙන.

'හොඳ වැඩේ හෝතඹුවට.දැන්වත් දැනගනීනේ මගේ හැටී'

අහිංසා හිතුවේ ඔහුට පොඩි ඔච්චම් හිනාවක් පෙන්නලා.කාටත් හොරෙන් තමාට නෝන්ඩි හිනාවක් දාන අහිංසාගෙ බෙල්ල මිරිකන්න තරම් කේන්තියක් තිහස්ට ආවත් ඔහු ඉවසන් උන්නේ ඇයට අතක් උස්සන්නට ඔහුට කවදාවත් වෙන්නෙ නෑ කියලා දන්න නිසා.සූරිය කියන්නේ කවුද කියලා විතරක් නෙමේ තම පියා කියන්නේ කවුද කියලත් දන්න නිසා තිහස් ඉවසන් උන්නා.

"දෙන්නටම මතක නැතිව ඇති සමහරවිට.දුවගෙ බිග් ගර්ල් පාටි එකටත් අපි හතර දෙනාම ආවා"

වසන්ත කිව්වේ අහිංසා දිහා බලලා.තිහස්ට පෙන්නන් උන්නු ඔච්චම් හිනාව හංඟගෙන අහිංසා හරි ලස්සන හිනාවකින් මුව සරසගෙන බැලුවේ වසන්‍ත දිහාවේ.

"අනේ මට එහෙම ලොකු මතකයක් නෑ අන්කල්"

"ඔව් හැබැයි.එතකොට ඔයා පොඩි කෙල්ලනේ"

තව සුළු මොහොතක් ආගිය තොරතුරු කතා කෙරුව අහිංසා හැදුවේ එතනින් වෙන තැනකට යන්න.තිහස්ගේ බැල්ම අහිංසා වෙතම තියෙනවා කියලා ඇයට තේරිලයි තිබුණේ.එතනින් යන්න කළින් අහිංසා එක් වරක් තිහස් දිහා බැලුවා.ඒ වෙද්දිත් ඔහු හිටියේ ඇස් දෙක හීනි කරගෙන ඇයට රවමින්.නොහිතා උනත් ඔහු ඕයී කියලා කතා කෙරුව එකට අහිංසා අත මිරිකලා හරි පළිගත්තා කියලා තේරෙද්දී තිහස්ට දැනුනේ හරිම පරාජිත බවක්.ඇය නැවතත් අර නෝන්ඩි හිනාව පෙන්නද්දී තිහස්ට දත්මිටි කැවුනා.ඒ අතරේ වසන්ත තිහස් දිහාට නැමුනේ ඔහු අහිංසා දිහාම බලන් උන්නා කියලා තේරිලා.

"මේ මිනිහෝ...කුකුළා වගේ කෙල්ලො දිහා බලන් ඉන්න එපා.එකක් මතක තියාගන්නවා.අහිංසා දුව අනිත් කෙල්ලො වගේ නෙමේ.ඒ වගේම අහිංසා දුවගේ තාත්‍තා කවුද කියන එකත් ඔලුවෙ තියාගත්තොත් හොඳයි"

වසන්ත සැරෙන් වගේ කිව්වේ තිහස් ඕනෙ නැති වැඩක් කරයි කියලා හිතට ආව සැකේට.තිහස් තම පුත්‍රයා උනත් ඇඳුම් මාරු කරනවා වගේ කෙල්ලො මාරු කරන ගතිය තාමත් වසන්තට වෙනස් කරන්න බැරි උනා.හිතවත්කමට අහිංසාව අඳුන්නලා දුන්නට තිහස් අහිංසා දිහා බලන් උන්නු විදියට වසන්ත උන්නේ දෙගිඩියාවෙන්.

"තාත්තට පිස්සුද තාත්තේ?මොනා කියනවද මං දන්නෙ නෑ"

හිතේ තිබ්බ කේන්තියටම එහෙම කියලා තිහස් පුටුවත් හයියෙන් පස්සට කරලා වේගයෙන් ඇවිදගෙන ශාලාවෙන් එළියට යන හැටි වසන්ත බලන් උන්නේ නොරිස්සුමෙන්.

"හිතුවක්කාරයා..මේකව නම් කෝවක දාලා හරි මකලා ගන්න වෙනවා"

තම බිරිඳ ඔහුව ඕනාවට වඩා හුරතල් කර ඔහුව හොඳටම නරක් කරලා කියන්න වසන්ත දන්නවා.තැනකට ඇවිල්ලත් එක විදියකට ඉන්න තරම් තිහස්ට ඉවසීමක් නැත්තේ ඇයි කියන එක කල්පනා කරන ගමන් වසන්ත ආයේමත් ගිරිරාජ් එක්ක කතාවට වැටුනා.

.....💜️ ....... R I T H U S A K U R A .......💜️.....

ලස්සන රතු ගවුමකින් සැරසී සිටි චාන්‍යා හා ඊටම ගැළපෙන යුරෝපීය ඇඳුමකින් සැරසුනු කේශව ලෑස්ති වෙලා උන්නේ මධුසමය සඳහා පිටත්ව යන්නයි.ඔවුන්ව පිටත් කරන්න ඉද්ද මල් පුරවාපු වතුර වීදුරුවක් අත තියාගෙන ඉන්න ප්‍රීතිමාලිව දකිද්දී චාන්‍යාට ඇඬුනා.කේශව ඇගේ අත තද කරලා අල්ල ගත්තේ ඇයගේ හිතේ මේ වෙද්දී තියෙන හැඟීම් තේරුම් ගත්ත නිසා.දෙන්නාම නැකැතට එළියට බහිද්දී ප්‍රීතිමාලී චාන්‍යාට වතුර උගුරක් පෙව්වේ ඇස් වල කඳුලු කඩන් වැටෙද්දී.ඒ තප්පරේම චාන්‍යාව වැළඳගත්ත ප්‍රීතිමාලි චාන්‍යාගේ පපුවට ඔලුව තියාගෙන ඉකි බින්ඳේ හැම අම්මා කෙනෙක් වගේම ඇයටත් තම දියණියව ඇස් මානෙන් ඉවත් වෙද්දී දැනෙන වේදනාව දරාගන්න අමාරු නිසා.ඒත් චාන්‍යා ඇගේ ඉකිය ආයාසයෙන් නවත්ත ගත්‍තා.

ඔවුන්ට එකතු වුණු සේනාධීරත් මතීශත් ඒ දෙදෙනාව වැළඳගද්දී බලා සිටි බොහෝ දෙනෙක්ට ඒ මොහොත හරිම ආදරණීය එකක් කියලා හිතුනා.ඔවුන් අඬන්නේ දුකකට නෙමේ.නමුත් ඒ මොහොත හැම අතින්ම සංවේදීයි.සේනාධීර අත දික්කර කේශවව ළඟට ගත්තා.

"මගෙ කෙල්ලව පරිස්සමින් බලාගන්න කියලා මං අමුතුවෙන් කියන්නෙ නෑ.මොකද මං දන්නවා අපිටත් වඩා හොඳට පුතා ඒක කරනවා කියලා.ඒත් තාත්තා කෙනෙක් විදියට මේක කියන්නේ.මගෙ කෙල්ලත් එක්ක හැමදාටම සතුටින් ඉන්න.දැන් එයාගෙ භාරකාරයා ඔයා"

දියණියක් ඉදිරියේ අතිශය සංවේදී වන ඒ පිය සෙනෙහසට සේනාධීර එහෙම කියද්දී කේශව කළේ හිස වනා ඒක පිළිගත්ත එක.පසෙක සිටි අහිංසාටද නොදැනුවත්වම කඳුලු ආවේ කවදා හෝ දවසක ඇයට මේ වගේ මොහොතක් විඳින්න වෙනවා නේද කියලා මතක් වෙලා.

"තමුසෙ අඬන්නේ අහවල් එකටද?ඒකට තව කල් තියෙනවා"

කැමරාව උස්සන් ඒ අසලම උන්නු සාරංග විහිළුවෙන් වගේ කිව්වේ අහිංසා කඳුලු පිහිනවා දැකලා.

"කල් නම් තියෙනවා.ඒත් මං යනකොට අඬන්න අම්මා ළඟ නෑනේ"

අහිංසා එහෙම උත්තරයක් දෙයි කියලා සාරංගට නිකමටවත් හිතුනේ නෑ.තප්පරේකට අහිංසා දිහා බැලුව සාරංගට අහිංසා පව් කියලා හිතුනේ කඳුලු අස්සෙන් උනත් හිනා වීගෙන චාන්‍යාගේ පවුලෙ අය දිහා අහිංසා බලන් ඉන්න විදියට.ඒ බැල්ම හරිම අහිංසකයි කියලා සාරංගට හිතුනා.

"ඔහොම කෙල්ලගෙ පාර්ශවේ විතරක් අඬලා හරි යන්නෙ නෑ.කෝ මේ අන්කල්?මාධව...කේශවව බදන් අඬන්න ගිහින්.අපි සම්ප්‍රදාය කඩමු.ඇයි වදේ මනමාලිට වඩා මනමාලයා අඬන්න ඕනෙ හරි නම්.යනවා තමුසෙත් එතනට"

අහිංසාගෙ මූඩ් එක වෙනස් කරන්නමයි සාරංග අහිංසාවත් ටිකක් ඉස්සරහට තල්ලු කරලා එහෙම කිව්වේ.කොහොමත් සාරංගගේ හැකර කට දන්න නිසාම චාන්‍යාටයි ප්‍රීතිමාලිටයි හිනාවක් නැඟුනේ අඬන අස්සෙන්මයි.සාරංග කිව්ව නිසාම නෙමේ ඒ පවුලෙත් මදි නොකියන්න ආදරේ පිරිලා තියෙන නිසා මාධව හා අහිංසා කේශවව වැළඳගත්තේ ගිරිරාජ් සිනාමුසු මුහුණින් ඔවුන් දෙස බලා ඉද්දීයි.

.....💜️ ....... R I T H U S A K U R A .......💜️.....

කේශව හා චාන්‍යා ආවේ නුවර එළියේ ලැඟුම් හලකට.ග්‍රෙගරි වැව පේන ඉස්මත්තේ තිබූ වැඩිය විශාල නොවූවත් හරිම හුරුබුහුටි නවාතැනක් ඔවුන් තෝරගත්තේ ඒ පරිසරය හරිම නිස්කලංක නිසා.දෙන්නාම උන්නේ තරමක මහන්සියකින්.

"මට නම් දැන් මේක ඇඳන් ඉඳලා ඇති වෙලා.කසනවා වගේ"

චාන්‍යා කිව්වේ තරමක් බර ගවුම එක අතකින්ද මල් කළඹ අනිත් අතින් ඔසවාගෙන කාමරය දෙසට යන ගමන්.

"ආ...ඒක අවුලක් කරගන්න එපා.මං ගලවලා දෙන්නම්"

කේශව කිව්වේ හිනාවක්ද සමඟින්.හිත පුරා පැතිරෙන ලැජ්ජාව හංඟගන්න චාන්‍යා කළේ කේශවට රැව්ව එක.

"මෝඩයා"

කේශවට ඇහෙන නොඇහෙන ගාණට චාන්‍යා මිමිණුවත් කේශවට එය ඇහුනා.ඔහුගේ හිනාව තව තවත් වැඩි උනේ ඇගේ මූණ දැකලා.ඔහු දන්නවා මේ වෙලාවේ චාන්‍යාගේ හිතේ වැඩ කරන්නෙ මොනාද කියලා.ඇත්තටම ඔහුගේ හිතත් පොඩ්ඩක් කලබලයි.මෙච්චර කාලයක් තමන්ගේ පෙම්වතිය වෙලා උන්නු කෙල්ල අද තමන්ගේ බිරිඳ වෙලා තමන් එක්ක එක වහලක් යටට යන එක කේශවට නිකන් හීනයක් වගේ.අනිත් හැමෝටම දැනෙනවා වගේම දෙන්නා එකට ගත කරන පළමු රාත්‍රිය කේශවටත් චාන්‍යාටත් විශේෂ දවසක්.ඒ වගේම දෙන්නගෙ හිත් වල තෙරපෙන්නේ නැවුම් බලාපොරොත්තු.කේශව කාමරේ දොර අරිද්දී චාන්‍යාට දැනුනේ නිකන් අතරමං උනා වගේ.විශාල සුවපහසු කාමරය ඇත්තටම සිත් ඇඳගන්නා සුලුයි.ඒ වගේම හරිම පිළිවෙලයි.

"ශා..ඇත්තටම ලස්සන රූම් එකක්"

තම ගතේ වෙහෙසත් චාන්‍යාට අමතක උනා ඒ ටිකට.

"එහෙම තමා මගේ වැඩ"

කේශව කිව්වේ ගමන් මල්ල ඇතුළට තල්ලු කරන ගමන්.චාන්‍යා තාමත් ඒ ලස්සනට වශී වෙලා.අසල ජනේලයේ තිර රෙදි අයින් කර බලද්දී ඇයට පෙනුනේ මීදුම් අතරින් දිලිසෙන ග්‍රෙගරි වැවයි ඈතට දිවෙන කඳු පන්තියයි.තරමක් අඳුර වැටී තිබුණු නිසා දල්වා තිබුණු අවට විදුලි පහන් වලට ඒ පරිසරය පෙනුනේ අතිශයම සුන්දර විදියට.

"නෝනා හාමුට දැන් මහන්සි නැද්ද?"

පරිසරයට වශී වෙලා වගේ උන්නු චාන්‍යාගේ පිටුපසින් පැමිණ ඇයව වැළදගෙන කේශව අහද්දී චාන්‍යාට පොඩි හිනාවක් නැඟුනා.

"කොච්චර කඳු දැකලා තිබ්බත් ග්‍රෙගරිය දකිද්දි මුළු හිතම නිමෙනවා.මතකද අහිංසාගෙ ශූට් එකට ආව දවස.එදා ඔයා ඉස්සරහට නතාශා එද්දි තමා මට තේරුනේ මාත් ඔයාට ආදරෙයි කියලා.ඒ නිසා ග්‍රෙගරිය මට විශේෂයි"

චාන්‍යා කිව්වේ තම බඳ වටා එතිලා තියෙන කේශවගේ දෑතම තම දෑතින් අල්ලගන්න ගමන්.කේශව චාන්‍යාගේ ගෙල පාමුල සිපගත්තේ ඇය ගැන දැනුනු ආදරයටයි.

"යන්න.වොශ් එකක් දාන් එන්න"

කේශව කිව්වේ තව සුළු මොහොතක් ඇයව තුරුළු කරන් උන්නට පස්සේ.කොණ්ඩා මෝස්තරයට ගහලා තියෙන කටු ගලවන්න කේශවත් ඇයට උදව් උනා.ඉක්මනට නාන කාමරයට වැදුනු චාන්‍යා උණුසුම් වතුරෙන් නාගත්තේ සනීපෙට ඇස් දෙකත් වහගෙන.දෙදෙනාම ඇඳ පැළඳගෙන එළියට ගියේ සීතලත් දෙන්නට තදින්ම දැනෙද්දී.නාගත්තට පස්සේ චාන්‍යාට දැනුනේ එසේ මෙසේ බඩගින්නක් නම් නෙමේ.වෙඩින් එක වෙලාවේ හරියට කන්නවත් හම්බුනේ නැති නිසා චාන්‍යා කෑම කාවේ සාගතේට අහු වෙලා වගේ.

"හිර වෙයි මෝඩියේ.හිමීට කනවා"

කේශව කිව්වේ චාන්‍යා කන වේගෙ දැකලා.කේශවත් උන්නේ තද බඩගින්නක.ඒත් චාන්‍යා තරම් නම් නෙමේ.

"යකෙක් කන්න බඩගින්නක උන්නේ"

චාන්‍යා කිව්වේ අහිංසක විදියට හිනා වෙලා.ඒ හිනාවට කේශවට ඇය පව් කියලත් හිතුනා.මොකද චාන්‍යා වෙඩින් එකේදී බත් කටවල් දෙකකට වඩා කෑවේ නෑ.කාලා ඉවර වෙලා වැව පේන මානයේ හදලා තිබ්බ චූටි ගාඩ්න් එකට කේශවයි චාන්‍යයි ගියේ මීදුමත් පැතිරිලා පරිසරය ටිකක් වැඩිපුර සීතල වෙලා තියෙද්දී.අත්වැට ගාවට වෙලා වැව දිහා බලන් ඉද්දි හිතම පිරෙනවා.කේශව සුපුරුදු විදියටම ඇගේ කර වටා අත දාගෙන ඔහුගේ ගතට ඇයව ළං කරගත්තා.ඔහුගේ සිරුරෙන් එන උණුසුම චාන්‍යාට ගෙනාවේ සුවදායිබවක්.

"කේශව අයියේ.නතාශා කතා කළේ නැද්ද?"

ඇයට වැව දිහා බලන් ඉද්දි මතක් උනේ නතාශාව.

"කතා කළේ නම් නෑ.විශ් කරලා මැසේජ් එකක් එවලා තිබ්බා"

නතාශා ගැන කතා කරන එක කේශවට ඒ වෙද්දි අපහසුතාවයක් උනේ නෑ.මොකද චාන්‍යා ඔහුගේ අතීත කතාව හොඳට තේරුම් අරන් උන්නේ.

"පව් එයා.එයා මැරි කරන එකක් නැති වෙයිද?"

"දන්නෙ නෑ.ඒත් දන්න තරමින් එයා දැන් සැලූන් එක හොඳට කරන් ඉන්නවා"

"හ්ම්ම්...එයාට හොඳ කෙනෙක් හම්බෙයි"

"ඔහොම කිව්වට හිත යටින් සතුටුයි නේද එයා මාව අතඇරිය එකට?"

කේශව ඇහුවේ අමුතුවට හිනා වෙලා.මොකද මුලු සංසාරෙටම තමන් ආදරේ පිරිමියා තමාට අයිති උනත් ගෑණු අතීතය මතක් කරලා හිත රිද්දගන්න දස්සයිනේ.කේශව දන්නවා චාන්‍යාටත් ඒක පොදු දෙයක් කියලා.

"අනේ නෑ.එහෙම මම නම් මං වෙන හොඳ කෙනෙක්ව හොයාගෙන කසාඳ බඳිනවා"

ඔහුට දෙවෙනි වෙන්න තිබ්බ අකැමැත්තට චාන්‍යා එහෙම කියද්දී කේශවට කට කොනකින් හිනාවක් නැඟුනා.

"ඊරිසියාකාරී"

කේශව කිව්වේ ඇගේ හිසකෙස් අතින් අවුල් කරන ගමන්.තව සුළු මොහොතක් එතන ගත කරලා දෙන්නම කාමරය දෙසට ගියේ මීදුම් ගතිය ටිකක් වැඩි උනු නිසා.නැවත උණුසුම් ජලයෙන් ගත සෝදාගත්ත චාන්‍යා එළියට ආවේ සැහැල්ලු රාත්‍රී ගවුමකින් සැරසිලා.ඒ වෙද්දී කේශව උන්නේ මුහුණු පොතේ ඔවුන්ට එක් කරලා තිබ්බ සුභ පැතුම් කියවන ගමන්.මේ දැන් පිපිච්ච මලක් වගේ ඉන්න චාන්‍යාව දකිද්දී කේශවට හිතුනේ ඇයව සිපගෙන යන්න.කේශවගේ බැල්ම මඟ ඇර චාන්‍යා කණ්ණාඩිය ඉදිරියට වී කොණ්ඩය පීරන්න ගත්තේ එය තාමත් තරමක් හැඩ වෙලා තිබ්බ නිසා.ඒවා ඒ විදියටම තියාගෙන නිදාගත්තොත් උදේ වෙද්දි හොඳටම ගැට ගැහෙන නිසා චාන්‍යා පරිස්සමට කෙස් ගස් අග පීරුවා.ඇගේ මේ පරක්කුව කේශවට ගෙනාවේ නොරිස්සුමක්.

"ඕක ඔච්චර පීරන්න ඕනද ආ?දැන් නිදාගද්දි කොහොමත් අවුල් වෙනවනේ"

"බෑ අනේ.ගැට හොඳටම.ඉස්සෙල්ලත් හරියට පීරගන්න බැරි උනා.ඉන්නකෝ මේ ටික නිවාඩුව පීරලා ගැට කඩා ගන්නකන්"

චාන්‍යා එහෙම කිව්වට ඉවසුම් නැති වෙච්ච කේශව ඇඳෙන් පැනලා ඇවිත් චාන්‍යාගේ අතින් පනාව උදුරගත්තා.

"දැන්ම ගැට කැඩුවට වැඩක් වෙන්නෙ නෑ.මෙන්න මෙහෙ එනවා"

චාන්‍යාව උස්සලා මෙන් දෝතට ගත්ත කේශව ඇයව ඇඳෙන් පෙරලගත්තේ ඇය හිනාවෙවී කෑ ගහද්දියි.

"ඒයි මෝඩයෝ.එහාට වෙනවා"

ලැජ්ජාවට කම්මුල් රතු වෙද්දී චාන්‍යා කිව්වේ කේශවගෙ උරපත්ත තදින් මිරිකලා.

"අද දවසෙ ඔය මන්තරේ මතුරන්න වෙන්න නෑ"

කේශව කිව්වේ ඇගේ අත් දෙකම ඇගේ හිසට ඉහළින් උස්සා තද කරලා අල්ලගන්න ගමන්.තම මූණ මතට වැටෙන කේශවගේ උණුසුම් සුසුම් වලට චාන්‍යාගේ ලේ ගමනාගමනය වැඩි වූවාක් මෙන් සිරිරුම අමුතු කිතියකින් ඇලලී ගියා.ඔහුගෙන් ආදරණීය සිපගැනීම් අනන්තවත් විඳ තිබුණත් මේ ස්පර්ශය ඇයට ගෙනාවේ කෝළ බවක්.

"අද වෙන මන්තරයක් මතුරමු"

ඇගේ සවනතට කේශව එහෙම මුමුණද්දී චාන්‍යාගෙ උරපතුත් ඇකිලුනේ ගෙලට දැනුනු කිතියට.ඒ එක්කම ඇගේ ගෙල මෘදුව සිපගත් කේශව ඇගේ දෑත් වල ග්‍රහණය ලිහිල් කළා.ඒ එක්කම චාන්‍යාගේ දෑත් ඔහුගේ පිට පුරා වෙලෙද්දී කේශවගේ සිපගැනීමත් වැඩි උනා.තම දෙතොලින් චාන්‍යාගේ දෙතොල් උණුසුම් කරන්න කේශවට මහ වෙලාවක් ගියේ නෑ.චාන්‍යාගේ සිහින් ඇඟිලි කේශවගේ හිසකෙස් අතර දඟ කරද්දී කේශව ඒ දෑත තදින් අල්ලාගෙන චාන්‍යා දිහා බැලුවේ ආදරය පිරිච්ච දෑසින්.

"ඇයි?කොණ්ඩෙ ඇදුනද?"

චාන්‍යා ඇහුවේ ඔහු එකපාරටම එහෙම කළේ ඇයි කියලා හිතාගන්න බැරි වෙද්දී.

"නෑ..දෙයක් කියන්න අමතක උනා"

"මොකක්ද?"

හීන් හඬින් චාන්‍යා අහද්දී කේශව ඇගේ දෙතොල් මෘදුව ඇඟිල්ලෙන් පිරිමැද්දා.

"මං ඔයාට ගොඩාක් ආදරෙයි"

කේශව මිමිණිල්ලක් වගේ කියද්දී චාන්‍යාගෙ මුවේ ඇඳුනේ හරිම සුන්දර හිනාවක්.ඒ හිනාවේ ගැබ් වෙලා තිබ්බේ ඇයත් ඔහුට ඒ තරමටම ආදරෙයි කියන්නා වගේ හැඟීමක්.ඊළඟ මොහොතේ කේශවගේ දෑතින් චාන්‍යාගේ වතින් රෙදි පිළි ඉවත් වෙද්දී කේශව ඇගේ වත සිපගත්තේ මලක් සිපගන්නවා මෙන් සියුම්ව.උණුසුම් සුසුම් මැද්දේ ඒ සිපගැනීම් ටික ටික රළු වෙද්දී දෙදෙනාගේම හදවත් ගැහෙන වේගය එකම රිද්මයකට අනුගත වෙමින් තිබුණා.හිතේ තෙරපෙන ආදරය සියුම් ක්‍රියාවන් වලින් හිමි හිමීට එකිනෙකාට පෙන්වමින් දෙන්නාම අනුරාගී හෝරාවකට ඇතුල් උනේ තම දෙදෙනාගේම සිරුරු සීතලත් පරදා තව තවත් උණුසුම් වෙද්දී.

- මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

කතාව කියවලා අදහස් කියන්න.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continue Reading

You'll Also Like

2.9M 83K 25
"Stop trying to act like my fiancée because I don't give a damn about you!" His words echoed through the room breaking my remaining hopes - Alizeh (...
3.1K 464 16
මේක ගොඩක් වෙනස්..කතාවක්....රතු පැංචි....රතු චූටි....නැත්තම් Miraculous ladybug කියන කතාව ඔයාලා අනිවාරෙන්ම බලලා ඇති....ඒකේ kwami ලාව මතකද...ඒ අය ගැනයි...
848K 70.5K 34
"Excuse me!! How dare you to talk to me like this?? Do you know who I am?" He roared at Vanika in loud voice pointing his index finger towards her. "...