A Moment Of Slience || Taekoo...

By MH_BOND

2.5K 727 104

ɪ'ᴍ ʜᴇʀᴇ. ɪ ʟᴏᴠᴇ ʏᴏᴜ. ɪ ᴅᴏɴ'ᴛ ᴄᴀʀᴇ ɪꜰ ʏᴏᴜ ʜᴀᴠᴇ ᴛᴏ ꜰɪɢʜᴛ ꜰᴏʀ ᴛʜᴇ ᴄᴏᴜɴᴛʀʏ , ɪ ᴡɪʟʟ ꜱᴛᴀʏ ᴡɪᴛʜ ʏᴏᴜ. ᴛʜᴇʀᴇ'ꜱ ɴᴏᴛʜɪ... More

Prologue......
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 12
Chapter 13.
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 END

Chapter 11 .

104 35 12
By MH_BOND



All I do is dream of you
The whole night through
With the dawn I still go on
Dreamin' of you

You're every thought, you're everything
You're every song I ever sing
Summer or winter, (?) and spring
And were there more than twenty-four hours in a day
They'd be spent in sweet content just dreamin' away
When skies are grey, when skies are blue
Morning, noon and night-time, too

All I do the whole day through is dream of you, oh (?)
When skies are grey, even when they're blue
And were there more than twenty-four hours in a day
Oh that'd be spent in sweet content, dreaming away
Oh, when skies are grey, when skies are blue
In the morning (night-time too)

All I do the whole day through is dream (I'm dreaming, dreaming a dream)
Of (just dreaming I dream a little dream) you, yu-yu-yu, yu-yu-yu, yu-yu-yu

සැනසීම කියන දේ අපි නිතර පාවිච්චි කරත් ඒකෙ ඇත්තම හැඟීම විඳල තීද??? හරියටම කිව්වොත් කඳු මුදුනක තණකොළ ගොඩක වැතිරිලා තමං ආදරේ කරන කෙනාගෙ උණුහුම ට වෙලා වසන්තය එක්ක පීදිලා තීන මල් ගොමු අස්සෙන් නිල් පාට අහස දිහා බලාගෙන තමං ආදරේ කරන කෙනාගෙ හඬින් ලස්සන සිංදුවක් අහන ගමන් කාලය ගත කරන එක නෙමෙයි ද සැනසීම කියන්නෙ???

මට අනුව නම් ඒක තමයි සැනසීම.........මම ඒක දැන් විඳිනවා.......කියනව නේද හීන මාලිගා හදන්න එපා ඒව සැබෑ නොවෙන දේවල් කියලා.. මමත් ඒ මතේ හිටපු කෙනෙක්..ඒ නිසා කවදාවත් මම එයා එක්ක ගොඩනගන ජීවිතයක් ගැන හිතුවෙ නෑ.... ඇත්තම කිව්වොත් මම මෙහෙම හීන කතන්දර ගෙතුවෙ නැතත් එයා එහෙම ඒව ගොතලා තිබ්බා....ඒව තමයි මේ ඇස් ඉස්සරහ ඇත්ත වෙලා තියෙන්නේ......... ඒක හරි ලස්සන හැඟීමක්....

" All I do is dream of youuuu......"

එයා මගේ කන් පෙත්තක් තොල් අතරට ගන්න ගමන් කිව්වා.....එයාගෙ කටහඬ ගැඹුරුයි.... ඒත් හිතාගන්න බැරි තරම් ලස්සනයි..........මාව මත් කරනව වගේ.....මම හිටියෙ එයාගෙ පපුව උඩ....තාලෙකට ඇහෙන 'ලබ් ඩබ්' සද්දෙත් එක්ක එයාගෙ කටහඬ එකතු උනාම........ ඒකයි මම හොයන සැනසීම.....

එයා මෙච්චර වෙලා මගේ කොන්ඩෙ අතරෙ ඇඟිලි යවන එක නවත්තලා තොල් අතරෙ තිබ්බ කන් පෙත්ත උරන්න ගත්තෙ මගේ මුළු ඇඟම හිරි වට්ටලයි....එයාගෙ මේ පුංචි පුංචි වැඩ මාව හැම වෙලාවෙම පිස්සු වට්ටනවා.....එයා ආදරණීයයි....මම හිතුවටත් වඩා.....ඒ වගේම රාගිකයි....එයා ඒ ගින්නෙ ලොකු බැතිමතෙක්..... ඒත් ඒ හැම දෙයකම අවසානයේ එයා කොඳුරන වචන කීපය මගේ සර්වාංගයම හිරි වැටෙන්න තරම් භයානකයි

" මගේ....ඔය හැම හුස්මක් ම මගේ...ඔය හැම හිනාවක් ම මගේ....ඔය හැම වේදනාවක් ම මගේ.....උඹේ හැම අංශුවක් ම මගේ..... මගේ හැම අංශයක්ම උඹේ..... ඉතින් මගේ ටියුලිප් මල......උඹ නැතුව මට ජීවිතයක් වත් මම නැතුව උඹට ජීවිතයක් වත් නැහැ......."

ආයෙ එයා ඒ වචන ටික කිව්වා.... මගේ කම්මුල් වලට තද හාදුවක් තියන ගමන් එයා කෙඳිරුවා.....ඒ වෙලාවට මගේ මූනෙ අනිච්චානුගව ම හිනාවක් ඇඳෙනවා.... එයා ඒ හිනාවට ආසයි

" ටේ~......"

" ම්ම්....."

" දැන් පැය දෙකක් මෙතන"

" ඉතින්"

" ගෙදර යන්න ඕන නැද්ද??"

" නෑ..මට වැඩ තියෙන්නේ හවස.....මෙහෙන්ම ම මම යනවා... එතකම් ඉමු"

එයා අණ දෙන්නම ඉපදුන කෙනෙක්....මම ඒ අණ පිළිපදින්න ම ඉපදුන කෙනෙක්....හිතේ කොච්චර තද අදහසක් තියාගෙන කතා කරත් එයාගෙ එක වචනෙකින් මගේ ඒ හැම අදහසක් ම බිඳලා දානව....මම මුරණ්ඩුකම කියන දේ ආත්මය කරගත්ත ජීවියෙක් උනත් මේ මාස තුනට මම තරම් කීකරු කෙනෙක් මේ මුළු ලෝකෙම ඉන්න නැතුව ඇති....එයා මාව වෙනස් කරා....ඒක තමයි උනේ....

මම ගැන මටත් වඩා පුදුම ලූකස් ට....වෙනද කොච්චර ටේහ්‍යොන් ට කෑ ගැහුවත් දැන් ලූකස් ට ටේහ්‍යොන් තරම් හොඳ කෙනෙක් මේ මුළු ග්‍රහ මණ්ඩලයේ ම නෑ

" ඔයාට විශ්වාස ද ඒ නිකන් ම නිකන් ගුරුවරයෙක් විතරයි කියලා??? මොකද මම දැකලා නෑ ගුරුවරු එහෙම ළමයි එක්ක හැසිරෙනවා... ඒක ඕනවට වැඩියි"

ඔන්න ආයෙ පටන් ගත්තා....එයා ඉරිසියයි.......මම සම්බන්ධ හැම දෙයකටම ඉරිසියයි..... අලුතෙන් පත්වීම ලබපු කාන්තා ගුරුවරියක් ගැන එයාට ලොකු ප්‍රශ්නයක්..... මොකද ඒ කථිකාචාර්යවරිය මාත් එක්ක විනාඩි දහයක් විතර මිනිස් මොළය සම්බන්ධ අලුත් සොයාගැනීමක් ගැන කතා කරා.....එයාට අනුව ගුරුවරුයෙක් සිසුවෙක් එක්ක විනාඩි පහකට වඩා කතා කරන්න බැහැ.....ඒක මට විතරක් විශේෂයි

" ඕහ් ටේහ්‍යොන්..... අපි ඒක ගැන කතා නොකර ඉඳිමු.... ඒක මොළය සම්බන්ධ නව සොයාගැනීමක් ගැන දෙයක්...ඔයා දන්නෙ නැහැ"

" හ්ම්......"

" ඔන්න කේන්ති අරන්...... මගේ හැම දෙයක්ම ඔයාගෙ කියල ඔයාමනෙ දැන් කිව්වෙ..... ඉතින් තවත් වද වෙන්නෙ ඇයි??"

" මට ඔයාව විශ්වාසයි.... ඒත් වෙන කිසිම කෙනෙක් විශ්වාස නෑ...... කිසිම කෙනෙක්"

එයා නාහයෙන් සද්දෙකුත් දාන ගමන් කිව්වා .......එයා හැම වෙලාවෙම කිව්ව දෙයක් 'මට ඔයාව විශ්වාසයි '

" ටේ~"

" හ්ම්....."

" ඇයි ඔච්චර මාව විශ්වාස??"

මම අහද්දි එයා මගේ මූනට එබුණා.....ඒ ඇස් වල තිබ්බෙ තෘප්තිමත් බවක්.....ඒව දිලිසෙනවා..... ජීවිතේ දැකපු හැම දීප්තිමත් දෙයකටම වඩා එයාගෙ ඇස් දීප්තිමත්

එක සැරේම එයා මාව තණගොල්ලෙ පෙරලගෙන මගේ ඇඟ උඩට ආවා......එයා ගොඩක් තැම්පත් පෙනුමකින් මගේ මුළු මූන පුරාම අඟලක් අඟලක් නෑර ඇස් ඇරගෙන ගියා... ඇස් හා සමානවම ඇඟිල්ලක් මූන පුරා අරගෙන ගියා....මූනට දැනෙන නොදැනෙන ගානට......

" ඔයා අවුරුදු ගානක්.....ලැබීම නොලැබීම ගැන නොහිතා මං වෙනුවෙන් ජීවත් උනා....ඔයා තරම් ආදරය කියන දේට දෙන්න පුළුවන් උදාහරණ නෑ ජන්කුක්....ඔයාම විතරයි...උඹටම විතරයි ජන්කුක් ආදරේ කියන වචනෙට සාධාරණයක් කරන්න පුළුවන්..... එහෙම එකේ මම මගේ ආදරේ අවිශ්වාස කරයි ද??? මම ඔයා ලඟ නොයිඳියත් හොරෙන් බලාගෙන හිටපු හැම තප්පරයක් ගානෙම ඔයා ගැන ඉගෙනගත්තා.....ඔයා මුකුත් නොකිවවා උනත් මට ඒක තේරුම් ගන්න පුළුවන් තරමට....."

" විශ්වාස ද??"

" ඔව්..... ආදරේ ගොඩනැගෙන්නේ එකිනෙකා එකිනෙකා ගැන දන්න තරමින්.. එකිනෙකා ට තමංගෙ ආදරය දැනෙන්න දෙන තරමින්....ඔයා මට ඔයාගෙ ආදරේ දැනෙන්න දෙනවා....මාව තේරුම් ගන්නවා... ඉතින් මමත් ඒ විදිහට ම ආදරේ දෙන්න උත්සාහ කරනවා....ඒකෙ එක කොටසක් විශ්වාසය "

ඔව් එයා හරි.....මම එයාට ආදරේ කරේ ආයෙ බලාපොරොත්තුවක් නැතුවම යි.... ඒත් ආදර කතා බොහෝමයක් එහෙම නෙවෙයි.... කෙනෙක් කප්පරක් ආදරය දෙද්දි අනෙකා කොච්චර ආදරය හිතේ තියාගෙන හිටියත් පෙන්නන්නෙ නැත්තම්, දැනෙන්න දෙන්නෙ නැත්තම් වෙන්නෙ අර කප්පරක් ආදරය නිකන් ම හෑල්ලු වෙන එක නෙමෙයි ද?? ඒ අග ඇතිවෙන්නෙ කලකිරීම නෙවෙයි ද?? එතකොට ආදරේ ගැන කියන්න මතක් උනාට වැඩක් නෑ.. පරක්කුයි

මම හිනා උනා.... අතක් පුහුණුවීම් නිසා ගිලා බැහැපු කම්මුලක තියන ගමන් මම හිනා උනා.... තොල් අතර මැවුනු එයාට විතරක් පෙනුන හිනාවක් ඒක....එයා කියන විදියට ආදරේ ප්‍රතිමූර්තිය මමලු..... දෙවියන් ට නොදෙවෙනි ලු මගේ ආදරේ ශක්තිය......

එයා හිමින්....හරිම හිමින් මගේ තොල් වලට බර උනා....එයා හරි දක්ෂයි මගේ තොල් එක්ක සෙල්ලම් කරන්න...එයා ඒ රසට ආසයි ලු....එයා ඈසම රසලු තියෙන්නෙ...

" ඒව රසයි"

එයා ඇහෙන නොඇසෙන ගානට කෙඳිරුවෙ ආයෙත් තොල් වලට බරවෙන ගමන්....එයා තොල් මාරුවෙන් මාරුවට පුදුම ලාලිත්‍යයකට සිප ගන්න ගමන් මේ වෙනකොටත් පණ නැති වෙලා ගියපු මගේ ඇඟ පුරා අත් යවන්න ගත්තෙ පිස්සුවෙන් වගේ....තව තවත් ඇඟට බර වෙන ගමන් එයා මගේ ඇඳුම් අතරින් ඉන මිරිකන්න ගත්තෙ මට කෙඳිරි ගෑවෙද්දි... ඒ අත් වලට හැඟීම් තීනවා... නැත්තං කොහොමද මාව මෙහෙම ඒ ස්පර්ශයෙන් විතරක් පිස්සු වට්ටන්නෙ??එයාගෙ අත් එන්න එනනම රළු විදිහට මගේ උණුසුම් වෙලා තිබුණු පපුව පුරා යද්දි මම එයාගෙ බෙල්ල වටේ වවාගෙන තිබුණු අත් තව තවත් හිර කරගත්ත.... ඒත් මොහොතකින් එයාගෙ තොල් මගෙන් ඈත් වෙලා නිකට දිගේ පහලට බහිද්දි මාව හරි සිහියට ආවා

යකෝව් කඳු මුදුනක ඉඳන් කුරුල්ලන් ට සංදර්ශන පෙන්නන්නද හදන්නෙ???

මට ඉන්න තැන මතක් උන ගමන් කලබලෙන් එයාව තල්ලු කරා..... මොහොතක් මොකද්ද උනේ කියලා හිතාගන්න බැරිව හිටපු එයා ඊලඟ මොහොතෙ මගේ දිහා රවලා බැලුවා....ඒ ඇස් කොන් රතු වෙලා.....

" මොකද?? "

එයා සද්දෙන් ඇහුවා....හරිනෙ කේන්ති ගිහින්... එහෙමයි කියල මෙයාට ඉඩ දීල මෙතන මොන මොන දේවල් වෙයිද?? අන්තිමට සත්තුත් අපි නිසා නරක් වෙයි....මේ මනුස්සයට ඉන්න තැන අදාල නැති උනාට මම වැදගත් වෛද්‍යවරයෙක්..... රෙද්ද

" මොකද අහන්නෙ??? මේ ඉන්නෙ කොහෙද කියලා මතකද?? "

" ඉන්න තැන මතකද?? පිස්සු ද???මට ඕන...කෝ...~"

එයා ආයෙ මගේ බෙල්ල ට නැවෙද්දි මම ආයෙ එයාව තල්ලු කරා

" මොකද වෙලා තියෙන්නේ??"

එයා කෑ ගහන්න ගත්තා... මටත් අහන්න තියෙන්නෙ ඒක තමයි...ඇයි අනේ

" මටත් ඒකම තමයි අහන්න තියෙන්නෙ?? ගස් ගල් අස්සෙ යන්න කාමර වල ඉඩ මදි වෙලා ද?? "

" වෙනසකටත් එක්ක උත්සාහ කරමු"

මේ මිනිහට පිස්සු!!! පුහුණු වෙන වෙලාවක ඔලුව වැදිලා.....එයා කියපු දේ එක්ක මගේ මූන ඇඹුල් වෙලා යද්දි එයා ඒක දැකලද කොහෙද හයියෙන් හිනාවෙන්න ගත්තා

" මොකද දැන් ඒ පාර අහ්!!!! ඇත්තටම හමුදාවට ගියාට පස්සේ මේ මනුස්සයගෙ ඔලුව විකාර වෙලා....වෙනසකට උත්සහ කරන්න!!!!! තනියම කරගන්න එකයි.... මම නම් නෑ"

මම තරහෙන් කෑ ගහගෙන යද්දි එයා හිනාවෙන එක නවත්තලා අමුතු විහිලු පෙනුමකින් මගේ දිහා බලාගෙන ඉඳල මගේ ඉනෙන් ඇදලා එයාගෙ උකුල උඩ මාව වාඩි කරවගත්තා

" ටේහ්‍යොන් !!!!!!! "

" හරි හරි වදේ .. මුකුත් කරන්නෙ නෑ....අපෝ දොස්තර මහත්තයා ට හරියට කේන්ති යනවනෙ...."

එයා නොරිදෙන්න මගේ කම්මුල් හපන ගමන් කිව්වෙ මම ඔරවගෙන ඉද්දි....මේකට සේරම විහිලු

" කෝ ඉතින් මගේ දිහා බලන්න "

මම එයාගෙ උකුලෙ හිටියත් එයා දිහා නොබලා ඉද්දි එයා බලෙන් ම එයා දිහාවට ඔලුව හරවන්න හැදුවත් මම ඒ අතට ගැහුවා

" ඔන්න දැන් මට කේන්ති යනව හොඳේ... හොඳින් කිව්ව එක වතාවක්!! "

" මොකද වදේ "

" මම ඕනවට වැඩි ඇති වස්තුව.... ඒත් මම හැම තප්පරයකම හොයන්නෙ ඔයාගේ ආදරේ, උණුහුම.... අවුරුදු ගානක් අපි දෙන්නට ම මග ඇරුන ජීවිතේ....මම සෙබළෙක්.... සෙබළෙක් කියන්නෙම ජීවිතේ කෙටි කෙනෙක්...මේ නිළ ඇඳුම දා ගත්ත මොහොතෙම අපේ ජීවිතේ රට වෙනුවෙන් පරිත්‍යාග කරා.....මට එදා කරන්න දෙයක් තිබුණෙ නෑ කුක්.....පපාගෙ අණ මගේ මුළු ජීවිතේ පුරාවටම තිබ්බෙ... ඉතින් මට එයාට විරුද්ධ වෙන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ.....ඕන තරම් හිතුන හැම දෙයක්ම අතෑරලා ඔයා ගාවට දුවගෙන එන්න... ඒත්......මට බැරි උනා....

අපි ඉන්නෙ යුද්ධයක් කොයි වෙලේ ඇති වෙයි ද කියලා හිතාගන්න බැරි කාලෙක.....දැනට අනතුරු අඟවල තීන විදියට තව අවුරුදු දෙකක් යන්න කලින් හැම දෙයක්ම කනපිට හැරෙයි..... ඒ කියන-"

එයා කතා කරන එක නැවැත්තුවා.....එයා මෙච්චර වෙලා කතා කරේ අහස දිහා බලාගෙන උනත් මගේ පැත්තට ඔලුව හැරෙව්ව ගමන් එයා මගේ ඇස් වල කඳුළු දැක්කා......එයා හරිම සරල විදියට කිව්වත් කොහොමද දෙයියනේ මම ඒ දේවල් දරාගන්නෙ....? කොහොමද?? එයා නොකියා කියනව එයාගෙ ජීවිතේ යුද්ධයක් ආවොත් අවුරුදු කීපෙකට සීමා වෙයි කියලා, අපි දෙන්නට ඒකට ඉන්න තව ටික කාලයක් කියල එයා නොකියා කියනව.....එයා කැමැත්තෙන් නොයිඳියත් ආයෙ හැරෙන්න බෑ කියලා නොකියා කියනව....මම කොහොමද දරාගන්නෙ??

එයා මුකුත් ම නොකියා මාව තද කරල බදා ගත්තා....ඒ පපුව හයියෙන් ගැහෙනවා...එයා බයයි....එක අතකින් මාව හයියෙන් තද කරගෙන අනිත් අතින් මගේ ඔලුව අතගෑවා...මම ඒ පපුව අස්සෙම ගුලි වෙලා හයියෙන් අඬන්න ගත්තෙ එයා ලොකූ හුස්මක් පිට කරනව ඇහුනත් එක්කමයි....එයා ඒකෙන් කිව්වෙ ' මට කරන්න දෙයක් නෑ' කියල නෙවෙයි ද??

" ඇ...ඇයි එහෙම කරන්-නෙ ....ම-මම..... තමුසෙට.... තමුසෙට හිතුනෙ නැද්ද මං ගැන....ම-මං බලාගෙන ඉන්නවා කියලා....අමත-ක අමතක උනාද..... ගෙදරින් පැනල යන්න තිබුණා....මම කො-ච්චර...දේ-දේවල් කරාද තමුසෙව නවත්තන්න.... ඇයි.... ඇයි එහෙම කරේ..... ඇයි ටේහ්‍යොන්...... ඇයි එහෙම කරේ.... තමුසෙට ජීවත් වෙන්න පුළුවන් තව ටික කාලයක් කියල හරි උජාරුවට කියද්දි මමයි.....මමයි ඇතුලෙන් පිච්චෙන්නෙ.... තමුසෙ යන බව දැන දැනම ඇයි ලං උනේ.... ඇයි ඇයි එහෙම කරේ!!!? මට මෙච්චර වේදනාවක් නෑ තමුසෙ ලං නොවුන නම්..... මෙච්චර දේවල් උනාට පස්සේ....කො-කොහොමද මම තමුසෙට යන්න දෙන්නේ??? කොහොමද කියනව කොහොමද "

මම හිතේ තීන වේදනාව නැති වෙනකම් ම කෑ ගහ ගහ ඇඬුවා.... නෑ හිතේ තීන දුක නිවන්න බෑ එකෙන්... ඒක කවදාවත් නිවන්න බැරි වෙයි.... ඒත් මට අඬන්න ඕනෙ..... කොහොමද මේ මිනිහ එහෙම දෙයක් කරන්නෙ මට??? මේ මාස තුන තමයි මගේ ජීවිතේ සතුටුම කාලය.....මම ජීවත් උනේ මේ මාස තුනේ....ඒක ඉක්මනට ඉවර වෙනව කියන්නෙ??? කොහොමද මම දරාගන්නෙ???

මම ඒ පපුවට ගහ ගහ කෑ ගහල ඇඬුවත් එයා කරේ මගේ ඔලුව අතගාපු එක විතරයි.....ඒ අතරෙ හිමින් මිමිණුවා "මට සමාවෙයන් වස්තුව" කියල... එච්චරයි එයා කරේ...... විනාඩි ගානක් මම අඬන්න ඇති..... සමහර විට පැය බාගෙකටත් වඩා......

" හරිද මගේ වස්තුව...ම්ම්....ඉවරද අඬලා??"

මම අන්තිමේ ඇස් වල කඳුළු හිඳිලා ගිහිල්ලත් ඉකි ගගහා ඒ පපුවෙ ඔලුව තියාගෙන ඉද්දි එයා අන්තිමට කතා කරා

" මම හිත රිද්දන්න හිතාගෙන කිව්වෙ නෑ පණ....මම හැම තප්පරයකම විඳවනවා.... හැම මොහොතකම..... ඒත් මම අසාර්ථකයි.... මගේ කඳුළු වලට එලියට එන්න අවසරයක් නෑ......මම රටට අයිති වෙලා ඉවරයි...මට මං ගැනවත් අයිතියක් නෑ දැන්"

"ටේහ්‍යොන්...අ-අනේ.... මං-මං කොහොමද....?"

" මේ අහන්න.....මම ඔයා අපි දෙන්නම දැන් වැඩිහිටියො... අවුරුදු 22ක් අපිට දැන්...ම්ම්....ඒ කියන්නේ අපිට වගකීම් තීනවා... බොළඳ වෙලා අපි වටේ ඉන්න දාස් ගානක් අනතුරේ දාන්න අපිට බෑ.....මම හැමදාම ලං නොවී ඉන්න හිතලා ආයෙ උඹ ගාවට ආවෙ මැරෙන මොහොතේ සතුටින් මැරෙන්න හේතුවක් ඕන නිසා....උඹේ ගාව මෙහෙම ඉන්න මම හැමදාම හීන මැව්වේ.... ඇස් පියවෙන මොහොතෙත් ඒක මතක් කරගන්න ඕන උනා මට...මැරෙන මොහොත හිනාවෙන්-න ඕ-න උ-නා "

එයාගෙ කටහඬ කැඩිලා ගියා....එයාගෙ කටහඬ වෙව්ලනවා......එයා දරාගන්න බැරි තරම් වේදනාවකින්.....

" අනේ~~"

මම ආයෙ එයාට තුරුල්වෙලා අඬද්දි එයා මාව අත් දෙකෙන් ම කිටි කිටියෙ බදාගත්තා...එයා හූල්ලනව...එයාට අඬන්න බෑ....එයා වෙනුවෙන් මම වෙනුවෙන් එයාට අඬන්න බෑ...... ජීවත් වෙන අපි හැමෝම මැරෙන බව අපි දන්නවා.... ඒත් මැරෙන දවස දැන දැනම ජීවත් වෙන මිනිහෙක් ගෙ හැඟීම් තේරුම් ගන්න පුළුවන් ද??? එයා විඳවනවා....

මම ඉක්මනට අඬන එක නැවැත්තුවා....එයා කියනව තව අවුරුදු දෙකක් යන්න කලින් යුද්ධයක් එයි කියල....ඒ කියන්නේ අපි දෙන්නට එකට ඉන්න පුළුවන් තව අවුරුද්දක් විතර...... එතකම්.... එතකම් එයාගෙ ජීවිතේ සතුටෙන් තියන එක මගේ වගකීම..එයා යුධ බංකරේක තනි වෙන වෙලාවට මතක් කරලා හිනාවෙන්න තරම් මතකයක් මම හදන්න ඕන...එයා වෙනුවෙන්....මම වෙනුවෙන්..... අපි දෙන්න වෙනුවෙන්

මම කඳුළු පිහදාගන්න ගමන් එයාගෙ තුරුලෙන් ඈත් වෙද්දි එයා ඇස් ලොකු කරගෙන මගේ දිහා බලාගෙන හිටියා....ඒ මූන දකිද්දී හිනාවක් මූනට ගත්ත මම එයාගෙ කඳුළු හංගගන්න හපාගෙන හිටපු තොල් වලට ලං උනේ එයාගේ ඇඟ උඩ සම්පූර්ණයෙන්ම දිගා වෙන ගමන්

එයා පුදුම උනා...ඒ නිසාම තප්පර ගානක් මගේ හාදුවට උත්තර නොදුන්නත් ඊලඟ මොහොතේ එයා වේගෙන් මගේ තොල් උරන්න ගත්තෙ මාව තණතිල්ලෙ දිගා කරලා මගේ ඇඟ උඩට එන ගමන්....ඒ හාදුව හෙමින් ආදරණීයව උන දෙයක් නෙවෙයි... වේදනාව,බය,දුක,තනිකම... හැම දෙයක්ම පිරිලා තිබුණු හාදුවක්.... තොල් එක්කම අපේ දිවවල් එකට පැටලෙද්දි එයාගෙ අත් හරි නොසන්සුන් විදියට මගේ ඇඟ පුරාම යද්දි මම එයාගෙ ශක්තිමත් අත් ගොබ තද කරල අල්ලගත්තා....

අන්තිමට අපි දෙන්නට ම හුස්ම ගන්න ඕන වෙද්දි අපි ඈත් උනා..... හයියෙන් හයියෙන් කටත් ඇරගෙන මම හුස්ම ගනිද්දී එයා මගේ දිහා බලාගෙන හිටියා.... එයාත් හයියෙන් හුස්ම ගන්නවා...ඒ ඇස් රතු වෙලා.....මම ඇස් වලින් හිනා වෙද්දි මගේ නලල උඩ ගොඩක් බර හාදුවක් තිබ්බ එයා මගේ පපුවට තුරුළු උනා......එයා මේජර් කිම් ටේහ්‍යොන් වෙන්න පුළුවන්... වගකීම් සහගත ලොකු හමුදා නිලධාරියෙක්... ඒත් මගේ පපුව ගාව එයා පොඩි දරුවෙක් වගේ....එයා අත් දෙකෙන් ම මාව බදාගෙන තුරුළු වෙලා මගේ හදවතේ සද්දෙ අහගෙන හිටියා....එයා ආසයි ඒකට..... එයා කිව්ව ඒක ඉස්සර ඉඳන්ම එයා ආසාවෙන් හිටපු දෙයක් ලු.....එයා ආසම සිංදුව මගේ හදවතේ ගැස්ම ලු....

" ඔයාට තව ටික කාලයක් නම් තියෙන්නෙ....මුළු ජීවිතේටම හරියන්න මතක ඒ කාලෙ ඇතුළත අපි හදාගමු..... ඔයාගෙන් මගේ අත අතෑරෙන තුරු මම අතාරින්නෙ නෑ.....ඒ නිසා ජීවත් වෙමු... අපි ජීවිතේ ජීවත් වෙමු"

මම ඒ සිනිදු කෙටි කෙස් අතරින් ඇඟිලි යනව ගමන් කතා කරා....එයා ඒකට කරේ එයාගෙ කම්මුල මගේ පපුවට තවත් තද කරපු එක..... එතනින් පස්සේ තිබුණෙ ලොකු නිහඬියාවක්... ඒක හරිම සුවපහසු නිහඬියාවක්.... ඉඳල හිටලා ඇහෙන කුරුල්ලෙක් ගෙ සද්දයක් ඇරුණම තිබුනෙ හුළඟෙ හඬ විතරයි....මම නිල් පාට අහසෙ පාවෙන වලාකුලු දිහා බලාගෙන ඉද්දී එයා තාලෙට හුස්ම ගන්න එකෙන් එයාට නින්ද ගිහින් කියලා මට තේරුණා....එයාට මහන්සියි...ඒ රාජකාරි එසේ මෙසේ දේවල් නෙවෙයි....මම තනියම කල්පනා කරන්න ගත්තා...එයාගෙයි මගෙයි ඉස්සරහ ජීවිතේ....එයාට දෙන්න ලස්සන මතක මම හිතන්න ගත්තා... හැම මොහොතක් ම ලස්සන මතකයක් කරන්න ඕන...ඒ ඇස් සතුටෙන් තියෙන්න ඕන.....මම ගොඩක් වෙලා හිතුවා......

" ටේ~.... වස්තුව නැගිටින්න......ඔයා ආයෙ යන්න ඕන "

පැය බාගයක් විතර ඉඳලා මම හිමින් එයාට කතා කරා....තව පැය බාගෙකින් එයා යන්න ඕන.. කන්ද බහිනකොට වෙලාව හරි

" ම්හ්හ්ම්...."

" මුහුක් මුහුක් නෙවෙයි... පරක්කු වෙලා දැනටම...කෝ කෝ..නැගිටපිය හොර මේජර් "

මම එයාගෙ පස්සට දෙකක් දිලා කතා කරද්දි මූනත් දෙක කරගෙන නොගිට්ට එයා ඇස් පිහදාලා මගේ දිහා බැලුවා....

" යමු...."

මම එයාගෙ ලාවට වැවිලා තිබ්බ කොන්ඩෙ අතින් හදන ගමන් කිව්ව...එහෙන්ම මගේ මූනට නැවිලා පොඩි හාදුවක් තොල් වලට තිබ්බ එයා නැගිටලා මට නැගිටින්න අත දුන්නා

" අම්මෝහ්.... යෝධයෙක් ඇඟ උඩ නැගන් ඉඳල මාව තැලිලා ගිහිං "

මම කොන්ද අල්ලගෙන බොරුවටත් එක්ක කෑ ගැහුවා...

" අනේ නිකන් හිටපන් බං... පැය ගනන් මගේ යටට වෙලා කෙඳිරි ගාද්දි නම් ඔහොම කිව්වෙ නෑ.. පොඩ්ඩක් ඔලුව තියාගත්තම තමයි සේරම රිදෙන්න ගන්නෙ "

මටත් රව රව මේ මිනිහ අමු කුනුහරප කියන්න ගත්තා නේද!!!!!! කන් දෙක රත් වේගෙන එද්දි මම මූන රතු වෙලා කියලා තේරුනේ එයා කට කොනින් හිනා උන නිසා....එයාටත් ගස්සගෙන මම වේගෙන් කන්ද බහින්න ගත්තෙ එයා හයියෙන් හිනා වෙවී මගේ පස්සෙන් එද්දි...
































____________________________________

දිග වැඩි 🥲 හොඳටම දිග වැඩි. කොටස් දෙකට කඩන්න තිබ්බා සැක්

SaraMisher 🌺

Continue Reading

You'll Also Like

26.9M 1.1M 42
she dreads to get to school because of one name. ; high school au, tsundere!taehyung lmao » under edit » #4 in fanfiction on 171222
39K 7.5K 40
__________________________________ I'm Little tae. You are my bunny hubby . ♥️ A cute mischievous boy A handsome young doctor. A small family living...
1.2M 64K 50
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...
345K 8.6K 79
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်