ROGUE | Taekook [ COMPLETED ]

By Venuka_Raveesha

7.2K 1K 233

ROGUE - රෝග් - මැරයා Taekook Completed Categories - Romantic Thriller , Comedy , Mystery & Crime උපතේ සිට... More

ROGUE INTRODUCTION - හැදින්වීම
CHAPTER 01 - The Beginning Of All
CHAPTER 02 - Nice To Meet You Stranger
CHAPTER 03 - Date With His Stranger
CHAPTER 04 - Tae Need Some Time Jk
CHAPTER 05 - What A Lustful Night 🔞
CHAPTER 06 - He Got Family Issues
CHAPTER 07 - Best People In Tae's Life
CHAPTER 08 - Betrayed By Love
CHAPTER 09 - Kidnapped By Love
CHAPTER 10 - Does he still love him?
CHAPTER 11 - Did he really love him?
CHAPTER 13 - His Saddest Secret
CHAPTER 14 - Let Us Run Away
CHAPTER 15 - The New Wonderland
CHAPTER 16 - Bad Luck For Love
CHAPTER 17 - THE END - The True Love

CHAPTER 12 - Back to the seoul

227 46 2
By Venuka_Raveesha

ටේහ්‍යන්ගේ ආදරයේ කිසිදු වෙනසක් සිදු වී නැති නිමේෂයක ජංකුක් ඉතා ගැඹුරින් කල්පනා කරමින් සිටියේ ටේහ්‍යන් තවමත් ඔහුගේ හදවතේ සිටිනා බව ඔහු දන්නවා කියූ දෙයය එහෙත් එය සත්‍යක්ද යන්න ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කරගන්නට වූවත් ඔහු එම ප්‍රශ්නයෙන් පැන යමින් වෙනත් දෑ සදහා අවධානය යොමු කරන්නට වූයේ ඔහු ඒවනවිටත් සියලුම ප්‍රශ්න වලට පිළිතුරු දැනසිටි නිසාය.

"ටේහ්‍යන් කොහෙද ගියෙ තමුසෙ මට කියල යන්න එපැයි ඒත් ඔයා එහෙම අපිට නොකියා යන්නෙ නෑ කියල අපි දන්නවා" ටේහ්‍යන්ගෙ අතුරුදහන් වීම පිළිබද ඒන්ජල් කලබල වී එසේ හැසිරෙන්නට වූයේ ටේහ්‍යන්ගෙ මවගේ දැනුම්දීමෙන් පසුවය.

ඒවන විටත් සෝල් පොලිස් ස්ථානය වීසින් රට පුරා සියලුම පොලිස් ස්ථාන වෙත දන්වා තිබුණේ ටේහ්‍යන් පිළිබදව සොයා බලනා සෙටයි ටේහ්‍යන්ගෙ මව විසින් ඔහුගෙ පියා හට මේ බව පැවසුවද ඔහු එතරම් තැකීමකින් තොරව කියා සිටියේ ටේහ්‍යන් යමෙකෙකු සමග චාරිකාවක් ගොස් ඇතිදැයි යන ලෙස මතයකි ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන කිම් ජින් ද එයට එකගවූවත් ටේහ්‍යන් පිළිබද සුලුවෙන් හෝ බැදීමක් තිබෙනා කිම් හෝ ජුන් සොහොයුරාගෙ මතය වූයේ ටේහ්‍යන් හට යම්කිසි කරදරයක් වී ඇති බවයි.

"ඔව් ටේහ්‍යන්ට කාගෙන් හරි කරදරයක් තමා ඒත් මේ ළමයා මට කිසිම දෙයක් කියන්නෙ නැතුව යන්නෙ නෑ වෙනදත්" කිම් චාවෝ මැතිණිය හඩමින් ඔවුන්ගේ නිවසේ විසිත්ත කාමරයේ ඒ මේ අත ඇවිද යන්නට විය.

"මම කිව්වා වගේ ඔය මොකෙක් හරි එක්ක ටුවර් එකක් ගිහින් ඇති අනික ඕනවට වඩා බබා කරන්න එපා ටේහ්‍යන්ව" තම සැමියාගෙ එම ප්‍රකාශයන්ගෙන් හිත් රිදවානොගෙන කෙසේ හෝ තම පුත්‍රයාව සොයාගන්නවා යන අධිෂ්ඨානයෙන් කිම් චාවෝ පසුවන්නට විය.

ජංකුක් සහ කායි එක්ව ලොරි රථයේ නැවතත් සෝල් නගරය වෙත යන්නට සූදානම් විය ඒ රාත්‍රී දහයටත් පසුවයි.

"කෝ බොස් ආයෙ උඩට ගියාද ? " කායි ජංකුක් උඩුමහලට යන දෙස බලාන එසේ අසන්නට විය.

"ඔව් සමහරවිට අරූව චෙක් කරන්න වෙන්නැති" ජේහ්‍යුන් එසේ මතයක් පැවසුවද ජංකුක් සැබැවින්ම ටේහ්‍යන් හට සමුදීමට එහි යන්නට විය රාත්‍රියේ නිසා සෙමෙන් දොරෙහි අගුළු ලිහිල් කර ඇතුල් වූ ඔහු පොළොවේ නිදාගෙන සිටිනා ටේහ්‍යන් දෙස මද වේලාවක් බලා සිටියේ ශෝකයෙන් මෙනි එහෙත් ඔහු පෙර සේම ප්‍රශ්න වලින් පැන යන්නා ලෙස එතැනින් දොර වසා දමා යන්නට විය.

"ජංකුක් ගුඩ් නයිට්" නිදිලෙස සිතුවද දෑස් වසාගෙන සිටි ටේහ්‍යන් එසේ ජංකුක් එහි පැමිණි බව දැනී එලෙස ඔහුට රාත්‍රියට සුබ පතන්නට විය එය ඇසුනු ජංකුක් නැවතත් හැරී බැලුවේ ටේහ්‍යන් හට ඔහු මෙතරම් දෙයක් සිදු කරත් ඇයි තවමත් ඔහුට ප්‍රේම කරන්නේ කියාය.

"ගුඩ් නයිට් ටේහ්‍යන්" ටේහ්‍යන් හට ඇසෙන්නට එය නොකිව්වත් ජංකුක් සැබැවින්ම එසේ පවසන්නට විය පසුව ඔහු සෝල් නගරය වෙත පිටත්ව යෑමට කායි සමග ලොරි රථය වෙත ගොඩවූ අතට ඔහු ජේහ්‍යුන්,වොන්හෝ සහ සුගා හට අවවාද කර සිටියේ නිසි ලෙස එහි කටයුතු සිදු කරනා ලෙසටයි.

"අපි එහෙ යද්දි පාන්දර වෙයි නේද බොස්" කායි ප්‍රථමයෙන් ලොරි රථය ධාවනය කරවාගෙන යන අතරතුර සංවාදයට මුල පුරන්නට විය.

"ඔව් ඔව් පැය ගාණක් යනව ඉතින් මේ වෙලාවෙ යන්නෙ අපේ සේෆ් එකට මොකෙක්ට හරි සැක හිතුනොත් පිටිපස්සෙ පෙන්වන්න බඩු තියෙන නිසා ශේප්"

"එදා අහුවුනාලු නේද බොස්"

"කවුද සුගාද කිව්වෙ "

"ඔව් ඔව් ඌ තමා"

"ඔව් එදා මම ශුවර් එකෙන් ආවෙ කොහෙද බුසාන් වලට ලං වෙද්දිම වගේ අහුවුනානේ ඒත් උන්ට වැඩේ මාට්ටු උනේ නෑ"

"කවුද ඉතින් ඕවා හිතන්නෙ බොස් අනික ඕවා අපිට වෙච්ච පලවෙනි වතාව නෙමෙයිනේ "

"ඒකනෙ බන් සුගාට ඕවා අලුත් අත්දැකීම් ආ මන් කියන්නම හිටියෙ උබ ඌ එක්ක වෛර පිරිමහන්න හදන්න එපා බන් ඌ තාම පොඩි එකා "

"අපේ ගෑනිත් බොස් කිව්ව වගේ අහිංසකියෙක් නෙමේනේ ඕකි ඔය කොල්ලව දැලේ දාගන්නැති "

"ඔව් ඔව් කොච්චර හොදට දැලේ දාගෙනද කියනවනම් ඌ සැබෑ ආදරය ගැන ලොරි ටෝක්ස් දෙනවා"

"මොනාද ඌ කියන්නෙ බොස්"

"ඌ කියනවා ඇත්තට ආදරේ කරලා රැවටුනාම දුක දන්නෙ ඇත්තට ආදරේ කරපු උන්ලු"ජංකුක් එසේ කියා සිනාසෙන්නට විය.

"හැබැයි කතාවෙ ඇත්තක් තියෙනව බොස් දැන් මම දැක්කෙ නැද්ද් ඔය සුගාගෙ සීන් එක ආරංචි උන ගමන්ම කේන්ති ගියෙ දුකකුත් එක්කමයි"

"අනේ උබලගෙ ආදර කතා"

"බොස්ටත් තිබ්බනෙ එහෙම කතා "

"ඒවා මතක් කරන්න එපා බන් මන් මේ අර කොල්ල හින්දත් විදෝනවා " ජංකුක් පිළිබද කායි ඔහුගේ අතීතයෙන් යමක් මතක් කරවන්නට වූ නිසා සහ වර්තමානයේ ටේහ්‍යන් නිසා ජංකුක්ගෙ හදවතේ වේදනාව ඉහල ගොස් තිබුණි.

ජංකුක් සහ කායි එසේ විවිධ විවිධ මාතෘකා ඔස්සේ දිවගිය සංවාදයන්හී නිරතවෙමින් ඔවුන්ගේ ගමන යන්නට විය එහෙත් ඒ සෑම මොහොතකම ජංකුක්ගේ හදවත ඔහුගේ ප්‍රශ්න කරන්නට වූයේ ඔහු ටේහ්‍යහන්ගේ ප්‍රේමයට සිදු කළ අසාධාරණය කොතෙක් දුරට සාධාරණද යන කාරණාවයි.

රෑ අහසේ දිදුලන තරු දෙස බලාන ලොරි රථයේ ජනේලයට අත තබා එහි හිස තබාගෙන ඔහු ඔහුගේ හදවතට දැනුනු දුක අහස සමග බෙදාගන්නට විය, මේ සෑම මොහොතකම කායි ඔහුගේ යම් වෙනස්කමක් නිරීක්ෂණය කරන්නට වූ අතර ඔහු දිගු කලක සිට ජංකුක් හොදින් හදුනන නිසා ඔහුට ඔහුගේ කුඩා වෙනස්ක්මක් වුවද දැනෙන්නට විය.

"ඒ අරූට රෑට කන්න දුන්නද " ජේහ්‍යුන් සුගාගෙන් අසන්නට වූයෙ ජංකුක් එම රාජකාරිය සුගා හට භාර දී ගිය නිසාය.

"අම්මටසිරි මට අමතක උනා ඉන්න මම දෙන්නම්"

"මරු වගකීම් භාර දුන්න එකා" පසුව සුගා විසින් ටේහ්‍යන් හට රාත්‍රී ආහාරය ලබා දීම සදහා ඔහුගේ කාමරය වෙත පිටත්ව ගිය අතර ජංකුක් විසින් භාර දුන් යතුරෙන් එහි අගුළු හැර ටේහ්‍යන් වෙත ආහාර කැවීමට ඇතුල් විය.

"මේ රෑ කෑම ගෙනාවා" පොළොවේ වැතිරී සිටිනා ටේහ්‍යන් හට සුගා එසේ පැවසුවේ ඔහු නිදියැයි සිතාය.

"ජංකුක් කොහෙද ? " ටේහ්‍යන් හට ආහාර වලට වඩා උවමනා වූයේ ජංකුක්ව හමුවීමයි.

"බොස් ගියා පස්සෙ එන්නෙ"

"මොකක් කොහෙද ජංකුක් ගියේ කොහෙද මාව දාලා ගියේ " ටේහ්‍යන්ගෙ අතපය ගැට ගසා තිබුණද ඔහු තම දණින් නැගිටමින් කලබල කරන්නට විය.

"උබ දගලන්න හදන්න එපා වෙඩි තියෙනවා ඔලු කට්ට කුඩුවෙන්න"

"මොකෙන්ද වෙඩි තියෙන්නෙ ඔය ප්ලේට් එකෙන්ද ? " ටේහ්‍යන් සුගාගෙන් සමච්චලයට මෙන් ඇසීය.

"ආ උබට දැන් මාව විහිලුවක්ද " සුගාහට ටේහ්‍යන්ගෙ කතාවත් සමග කෝපයට පත්වී ටේහ්‍යන්ගෙ කම්මුලට වැරෙන් පහරක් එල්ල කරන ලදී එහෙයින් ටේහ්‍යන් නැවතත් පොළොව මතට වැටුනේ ඔහුගේ හිසටද තුවාල සිදු වෙමින්ය.

"දැන් මේ කෑම ටික මම උබට කවනවා එතකොට ඔක්කොම කාපන් නැත්නම් මම දුන්නා වගේම ශොට් එකක් ආයෙ උබට දෙනවා ආයෙ ජංකුක්ව තියා මොකෙක්වවත් බලා ගන්න බැරි වෙන්න"

"මරපන් මරපන් මාව මම උබට බය නෑ " සුගාව තවත් කෝපාවිෂ්ඨ කරවූ ටේහ්‍යන් හට ඔහු පා පහරක් එල්ල කරන්නට වූයේ පසුපස ප්‍රදේශයටයි සුගා පැළදගෙන සිටි හම් සපත්තු නිසා ටේහ්‍යන් හට එම පහර මහත් වේදනාවන් ගෙනදෙන්නට විය.

"දැක්කනෙ උබ කට කියෙව්වහම වෙන දේ ආ එහෙනම් ආයෙ ඒවගේ පාරක් ඕනෙ නැත්නම් මේ ටික කාපන්" ටේහ්‍යන් ඔහුට දැනුනු අධික වේදනාව නිසාම හඩන්නට විය එහෙත් සුගාගෙන් තවත් පහර කෑමක් අනවශ්‍ය නිසා ඔහු අකමැත්තෙන් වුවද ආහාර සියල්ල අනුභව කරන්නට විය පසුව ඔහුට ජලයද පානයට අවස්ථාවක් දුන් සුගා ඔහු පානය කර ඉතිරිවූ ජලය ටේහ්‍යන්ගේ මුහුණට ගසන්නට විය.

"මම යනවා උබ ඔහොම්ම නිදාගනින් පැනලා යන්න හදන්න තියා හිතන්නවත් එපා හරිද ? " සුගා එලෙස ටේහ්‍යන් හට අනුතුරු අගවා නැවතත් එම කාමරයේ ආරක්ෂාව තර කර ඔහු පහත මාලයට යන්නට විය.

"ඔච්චර වෙලා ගියාද බන් ඕක කවාගන්න" සුගා සැබැවින්ම විශාල වේලාවකට පසු පැමිණි නිසා ජේහ්‍යුන් සහ වොන්හෝ එසේ අසන්නට විය.

"ඔව් ඌගෙ රෙස්පෙට් වැඩි"

"උබ ඌට ගැහුවද ? "

"ඔව් පාරක් දෙකක් ගැහුවා"

"යකෝ බොස් කිව්වා ගහන්න එපා කියලා ඉවරයි දැනගත්තොත්"

"පිස්සුද බන් බොස් ඒකට අවුලක් ගන්න එකක් නෑ" සුගා එසේ සිතුවද ජංකුක් ඔවුන්ට අවවාද කර තිබුණේ ටේහ්‍යන් හට කිසිදු හිංසනයක් නොකරන ලෙසටය.

තවමත් සෝල් නගරයට යන මග සිටි කායි සහ ජංකුක් ඔවුන්ගේ ජීවිත පිළිබද සිතමින් එන ගමන යන්නට විය ජංකුක් ඔහුගේ හදවතට වද දෙන ටේහ්‍යන්හේ ආදරය සම්බන්ධ කාරණාවත් කායිගෙ හදවතට වද දෙන සිය බිරිදගේ වෙනස්වීමත් පිළිබද ඔවුන් සිතන්නට විය.

"අර කොල්ලව උස්සන්න කිව්ව උන් බොස්ට අද කතා කරාද ?"

"නෑ අද උන් කතා කරේ නෑ "

"කවුද ඔය කොල්ලව උස්සන්න කියල තියෙන්නෙ කොල්ලගෙ කලින් කොල්ලවත්ද ? "

"නෑ නෑ එහෙම සීන් එකක් නෙමේ මේක වෙන සීන් එකක්"

"අහුවුනොත් ගේමක් වෙයිද අපිටත්"

"ඔව් ඉතින් අරූ එස් බී එස් චැනල් එකේ අයිතිකාරයගෙ පුතානේ "

"අඩො දැනටමත් එහෙනම් චැනල් එකේ ඔය නිව්ස් එක පුතා උනත් පට්ට ගහනවා ඇති දිගින් දිගටම"

"අපි කෝකටත් පරිස්සම් වෙන්න ඕනේ දැන් මූට හිතවත් මොකෙක්වත් පොලිස්සි ගිහින් නොතියෙන්න බැහැනෙ මේ වෙද්දිත් " ජංකුක්ගේ මතය නිවැරදි විය කිම් චාවෝ මැතිණියගේ පොලිස් පැමිණිල්ල මත පොලිස්සිය ටේහ්‍යන් යන එන සියලුම ස්ථාන පරීක්ෂා කරමින් ඔහු හා සම්බන්ධ සියලුම පුද්ගලයන්ගෙන් කට උත්තර ගනිමින් ඔහුව සොයා ගැනීම සදහා දැඩි ප්‍රයත්නයක් දරන්නට විය.

ටේහ්‍යන් අතුරුදහන් වී ඇතැයි යන පුවත රූපවාහිනී නාලිකා ගණනාවකම එස් බී එස් නාළිකාවේ හිමිකරුගෙ බාල පුත්‍රයා අතුරුදහන් වී ඇතැයි සදහන් කරමින් වාර්තා කරන්නට වූවත් එස් බී එස් නාළිකාව එවැනි පුවතත් පළ කිරීමය සූදානම් වූයේ නැත ඒ එහි හිමිකරු නොහොත් ටේහ්‍යන්ගෙ පියාගෙ තීරණය මතය.

"ආන්ටි මටනම් තේරෙන්නෙ නෑ ඇයි අංකල් මෙච්චර නරක විදිහට හැසිරෙන්නෙ කියලා" සිය හොදම මිතුරාගෙ අතුරුදහන් වීමෙන් ශෝකයට පත් ඒන්ජල් ඔහුගේ මවවද සනසමින් එසේ පවසන්නට විය.

"ඒ මනුස්සයා එහෙම තමයි ඒගැන කියලා වැඩක් නෑ "

"ඒ ගැන කියලා වැඩක් නෑ නෙමේ ආන්ටි අපි වෙන චැනල්ස් වලින් හරි ටේහ්‍යන් අතුරුදහන් කියලා කිව්ව නිසා දැන් රටේ අනිත් මිනිස්සු හරි දන්නවා අපි ආයෙ තෑගි මුදලක් දෙනවා කියලා චැනල්ස් වල දාමුද ටේහ්‍යන්ව හොයාගත්තොත්"

"ඔව් ඒක හොද අදහසක් ඒත් බොරුකාරයො පිරේවි වාසි බලාගෙන දුව"

"හම් ඒකත් ඇත්ත ඔය වගේ වෙලාවක වාසි ගන්න ඉන්න මිනිස්සුනෙ ඉන්නෙ" ඔවුන් දෙදෙනා විවිධ විවිධ වූ යෝජනා රැගෙන ආවත් පොලිස් පරීක්ෂණයන් පිළිබද තැබූ විශ්වාසය නිසා ඔවුන් එම යෝජනා කිසිවක් ක්‍රියාත්මක කිරීමට පෙලබුනේ නැත.

"මල්ලි නැති වෙලා අපි කොහොමහරි හොයන්න ඕනෙ නැද්ද අයියේ" කිම් හෝ ජුන් ජින් හට එසේ බලකරන්නට වූයේ ඔහුට ටේහ්‍යන්ගෙ අතුරුදහන් වීම පිළිබද කිසිදු තැකීමක් නොමැති නිසාය.

"මමනම් කියන්නෙ ඔය කොහෙටහරි වෙලා ඉදලා ඉක්මනටම ගෙදර එයි කියලා කොහෙද අම්මත් නිකන් ඉන්න බැරුවට ඇඩ්වටීස්මන්ට්ස් දාලා රටම කලබල ඉවරයිනේ" ජිනි කිසිදු බියක් නොදක්වමින් එසේ පවසන්නට විය.

"දැන් නම් සෝල් වලට ළගයි නේද බොස්"

"ඔව් ඔව් උබ ඇවිත් නෑ වගේනෙ බන් කියවන්නෙ"

"නෑ මේ රෑ නිසා ටිකක් අවුල් වගේ මේ පැත්ත"

"අපි ආවෙම රෑනෙ බන් අනේ මන්දා උබත්" සෝල් නගරයට කිට්ටු වෙමින් සිටි ජියෝන් සහ කායි ඉතා වේගයෙන් පැමිණි නිසා වෙනදාටත් වඩා ඉක්මනින් ගමන් කරන්නට විය.

ජංකුක්ගේ තීරණය මත ජංකුක්ගෙ තිත්පොළට ළගා වූ ලොරි රථය එහි සිටි පාතාල කල්ලි සාමාජිකයින් ඔවුන් යලි පැමිණෙන බව පැවසූ නිසා නිදි නැතිව ඔවුන්ව හමුවීමට අවදියෙන් සිටියේ ජංකුක් ඔවුන්ගේ නායකයා නිසාය.

"ජංකුක් බොස් මුන් ටික බලාගෙන ඉන්න නත්තල් සීයා ආවා වගේ නේ"

"හහ් නිදාගනිල්ලා නිදාගනිල්ලා පව් නොදී උදේට කතා කරමු කතා කරන දෙයක්" ජංකුක් එසේ අවවාද කර අනෙක් පිරිසව නැවතත් නින්දට යවන්නට විය කායි සහ ජංකුක් ඔවුන්ගේ ලොරි රථය කිසිවෙකුත් සොයාගනී යන බියෙන් ඔවුන් දන්නා ඒ ආසන්නයේ තිබි සෝල් නගරයේ පාලු පාරක නතර කර ආපිට ඔවුන්ගේ තිත්පොළට පැමිණ නින්දට යන්නට විය.
_______________________________________________

Hi My Beautiful Readers,

Thank you මේ පරිච්ඡේදය කියෙව්වට ඉතින් ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න ඒවගේම වෝට් කරලා අනිත් අය අතර ශෙයාර් කරන්න ❤

Continue Reading

You'll Also Like

294K 8.8K 95
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
464K 31.5K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
38.2K 7.6K 32
'you don't need to be best friends ryt?' 'y-yes.' 'You don't need to hang again ?' 'No i want.' 'But tell me why did you two become strangers?' 'C-ca...
11K 1.7K 28
💜️- ඒයී කොල්ලෝ කොහෙ බලාගෙනද තමුසෙ යන්නෙ මැරෙන්න ආසයි නම් අනුන්ට වදයක් නොවී ගිහින් මුහුදට පයිනවා.😡 💚- ස්...සොර්..රි..මි..ස්...ට..ර්..😥 💜️- හ්ම්ම්...